Tuesday, January 21, 2014

සතියේ ලග්න වල ඉරණම

ජන. 20 සිට ඉදිරියට

මේෂ

ඔබට මේ සතිය ශුභාශුභ මිශ්‍ර පල ලැබෙන සතියකි. එයින්.... ආර්ථිකය
ආර්ථික තත්වයේ ප්‍රබල වෙනස් වීමක් බලාපොරොත්තු විය හැක. සතියේ මුල් දවස් 2දි ආර්ථික තත්වය යහපත් වේ. ණය තුරුස් වලින් නිදහස් වේ. එමෙන්ම දී තිබූ ණය අය වේ. එමෙන්ම වැඩිහිටි ඥාතියෙක්ගෙන් පවුලේ දියුණුවට මුදල් ලැබේ.
ගුරු, බැංකු, ව්‍යාපාරික අයගේ ආර්ථිකය දියුණු වේ. මුදල් ලැබේ. ඉහත කී පරිදි සතියේ මැදදී ණය වීම ප්‍රවේශමින්.
පවුල් ජීවිතය යහපතින් ගත වේ.
තත්කාල ග්‍රහචාරයේ සිකුරු ග්‍රහයා 9 වැන්නේ වීම නිසා අඹුසැමි ප්‍රේමය වැඩි දියුණු වේ. දරුවෙක් බලාපොරොත්තු විය හැක. දුර බැහැර ගමන් යෙදේ.
බඩේ අමාරු, කාන්තාවන්ගේ ප්‍රජනන සෞඛ්‍යයේ සංකූලතා පොදුවේ මේෂයට තුන්දොස් සහ ඇස් වහ කටවහ දෝෂ නිසා යම් යම් බලපෑම් ඇතිවිය හැක.

වෘෂභ

මෙම සතිය ඉතාම ශුභදායක සතියකි. මෙය සතිය පුරාම පවතී. පෙර පින් පල දෙන කාලයකි. අගහිඟකම් අඩුවේ. සතුරන් පරාජය වේ.
ආර්ථිකය යහපත්ය. ජලය ආශ්‍රිත විදේශ රැකියා ආහාර පාන හෝටල් හා බුද්ධිය මෙහෙයවා රාජකාරි කරන අයට කාලය යහපත් වේ. ඉතාම ශුභයි. නුවණ යොදවා මුදල් සහ බලය හිමිකර ගැනීමට පුලුවන. මෙය දේශපාලනය කරන අයටද ඉතාම ශුභ කාලයකි.
පවුල් ජීවිතය ඉතාම යහපතින් ගත වේ. විශේෂයෙන්ම ගුරු චන්ද්‍ර මහ දසා ගත කරන අයට ඉතාම හොඳයි. ස්වාමි භාර්යා දෙපාර්ශවයටම සුභයි. නමුත් දරුවෙකුගේ යම් කිසි අපලකාරි තත්ව නිසා යම් සිදුවීම් සිදුවීමට පුලුවන.
වෘෂභ ලග්නයේ අයගේ දරුවන් ගැන හදහන් බලවා ගන්න.
සෞඛ්‍ය තත්වයද තරමක දුර්වල තත්වයක් පෙන්වයි. එයින් නිදන්ගත රෝග ඇති අයත් බඩේ අමාරු සහ රත්පිත් අමාරු තියෙන අයත් ප්‍රවේසම් විය යුතුය. එය පාලනය කරගන්න.

මිථුන

මෙම සතිය ඉතාම ශුභයි. චන්ද්‍රයාගේ ගමන ඔබව ශුභ ගමනකට මග පාදයි. මේ සතිය පුරාවටත් ග්‍රහ බලය අතිවිශිෂ්ඨව තිබේ.
ආර්ථිකය
තමන්ගේ නුවණ යොදවා කරන සියලුම කටයුතු ශුභ බව පෙන්වයි. එමගින් ආර්ථික තත්වය යහපත් වේ. භූමිය සම්බන්ධ දේ ඉන්ධන, ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළදාමේ නියුතු අයට යහපත්ය. විදේශගතවීමට බලාපොරොත්තුව සිටියෙ නම් මුල් දවස් 3දි එයට මග පෑදේ. ආර්ථිකය පොදුවේ යහපත්ය.
අඹුසැමි සතුට උපරිමයි. එයින් දෙදෙනා අතර ලිංගික සතුට උපරිමයට පවති. සඳුගේ දෘෂ්ඨිය සිකුරුට වැටීම නිසා තදබල කාමාශාවක් මේ සතිය පුරාම පවතී. ඉතාම බලවත් කේන්දරයක් හිමි දුවෙක් හෝ පුතෙක් පිළිසඳ ගැනීමට මිථුන ලග්නය හිමි අඹුසැමි යුවලකට පුලුවන.
සෞඛ්‍ය තත්වයද යහපත්ය. උෂ්ණාධික රෝග, බඩේ අමාරු ගැන සැලකිලිමත් වන්න.

කටක
කටක ලග්නයට මෙම සතිය එතරම් ශුභදායක තත්වයක් නොපෙන්වයි. මන්ද ලග්නය පුරාවට දුර්වල ග්‍රහචාරයක් පෙන්වන බැවිනි.
ආර්ථිකයට ප්‍රබල බාධක තිබේ. එයින් ප්‍රධාන වශයෙන් කේතු 10 වැන්නේ සිට ආදායම නවතයි. චන්ද්‍රයාගේ දෘෂ්ඨි නිසා කාන්තාවන් සමග කරන කටයුතු වලින් 100%ක්ම පාඩු සිදුවේ. පොදුවේ ආර්ථිකයට එතරම් ශුභ තත්වයක් නොපෙන්වයි. උත්සාහයෙන් කටයුතු කල යුතුය.
ගෘහ ජීවිතය
පදිංචි ස්ථාන සම්බන්ධව යම් යම් ගැටළු ඇතිවිමට පුලුවන. ස්ථාන මාරුවීමටද පුලුවන. අඹුසැමියන් අතර ඒ තරම් සුහදතාව නොපෙන්වයි. මෙම කාලයෙදි ප්‍රේම සබදතාද බිද වැටීමට ඉඩ තිබේ. වචන පාවිච්චිය ප්‍රවේශමෙන්.
සෞඛ්‍ය තත්වය පපුවේ සෙම් අමාරු කකුල් කැක්කුම ඌෂ්ණාධික රෝග ඒවා වලින් ආරක්ෂා වන්න.

සිංහ

මෙම සතිය පුරාවටම ඔබට ශුභයි. අලුත් මිත්‍රයන් මුණ ගැසේ. උසස් පෙලේ මිත්‍රයන්ය. එයින් ඔබට ලාභ ප්‍රයෝජන ලැබේ.
ආර්ථිකය
උත්සාහයෙන් උනන්දුවෙන් දියුණු විය හැක. විදේශ ගත අයගෙන් උදව් උපකාර ලැබේ. ලැබෙන මුදල් ප්‍රවේශම් කරගැනීමට ඔබට නුවණ අවශ්‍යයි. ප්‍රවේශම් වන්න. එමෙන්ම මෙම සතියේ මුල් දවස් 3දි ලොතරැයිපත් දිනුමක් ලැබීමට ඉඩ ප්‍රස්ථා වැඩිය.
පවුල් ජීවිතය
පවුල් ජීවිතය යහපත්ය. අඟහරු මහ දසා ගත කරන අයට, රාහු මහ දසා, සෙනසුරු මහ දසා ගත කරන අයද ප්‍රවේශමින් සිටීම මැනවි. වෙනත් ප්‍රබල අපල නැත.
සෞඛ්‍ය තත්වයද ලොකු අපල තත්වයක් නොපෙන්වයි. සෙම් අමාරු වලින් පරිස්සම් වන්න.

කන්‍යා

මෙම සතිය ඔබට විවිධ හැලහැප්පීම් සමග ජීවත්වීම නියමයි. එයින් ශුභාශුභ මිශ්‍රව ලැබේ.
ආර්ථිකය
ප්‍රබල වෙනසක් නොවූවත් ලැබෙන මුදල් කලමනාකරණය කරගැනීමට ඔබ අතේ පවතී. මාපියන්ගෙන් කාන්තා පක්ෂයෙන් උදව් උපකාර ලැබේ. මුදල් ලැබේ. වියදමත් ඒ හා සමානව පවතී. ඒ ගැන සැලකිලිමත් වන්න.
පවුල් ජීවිතය දෙදෙනා අතරද දරුවන් අතරද බොහෝම අවධානයෙන් කාලය ගත කල යුතු සතියකි. මන්ද සඳු 12 වැන්නේ පිහිටා කුජ ලග්නයේ සිටීම නිසා තරහ යාම සහ ඉක්මන් තීරණ ගැන දෙවරක් සිතා බැලිය යුතුය.
සෞඛ්‍ය
ලේ පිත් දෝෂ පපුවේ සෙම බඩේ දැවිල්ල හා කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුය. විසේසයෙන්ම කන්‍යා ලග්නයේ ගැබිණි මව්වරුන් ප්‍රවේසම් විය යුතුය.

තුලා
තුලා ලග්නයෙ ඔබට මෙම සතිය පෙරලිකාර සතියකි. ආර්ථිකය යහපත්ය. ලැබීම ලැබේ. විසේසයෙන්ම තුලා ලග්න අයගේ වැඩිමහල් සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ. තාන්න මාන්න ලැබේ. අලුත් නිලතලද යාන වාහනද ලැබේ. පෙර පිනද ඇත. නමුත් ලග්නයේ ඇති ග්‍රහ පිහිටීමත් සමග අනවශ්‍ය කලබලය කේන්ති යාම මේවා තුලා ලග්න ඔබගේ දැවැන්ත දුර්වලකම්ය. එම තත්වය මගහරවා ගන්න.
පවුල් ජීවිතය යහපත්ය. කේතු 7 සිටින නිසාත් සිකුරුගේ හා සඳුගේ බැල්ම වැටීම නිසාත් තුලා ලග්න අයට මේ සතියෙදි අනියම් කම් සැප ලැබීමට ඉඩ ඇත. එයින් යුග දිවියට යම් අයහපත් බලපෑමක් එල්ලවීමට පුලුවන. ඒ ගැන සැලකිලිමත් වන්න.
සෞඛ්‍ය
පාද වල ආබාධ, හිසේ අමාරු, පපුවේ සෙම ප්‍රවේසම් වන්න.

වෘශ්චික
මෙම සතිය තරමක දුර්වලකම් පෙන්වයි.
ආර්ථිකය යහපත් නොවේ. විදේස රැකියා කරන අයට යහපත්ය. නාවුක වෙලද හෝටල් සංචාරක ක්ෂෙත්‍ර අලෙවි ප්‍රවර්ධන අයට මෙම සතිය සුබයි. දුර බැහැර ගමන් වලින් වාසි යෙදේ. එමෙන්ම ගොඩනැගිලි ද්‍රව්‍ය සහ භූමිය සම්බන්ධ කටයුතු කරන අයට මේ සතිය සුබයි.
පවුල් ජීවිතය විශාල සුභ තත්වයකුත් නොමැත. අසුබ තත්වයකුත් නොමැත. මධ්‍යස්ථව පවතී.
සෞඛ්‍ය තත්වය නිදන්ගත රෝග තිබෙන අය සැලකිලිමත් වන්න. ප්‍රබල අපල නොමැත.

ධනු
මෙම සතිය වාසනාවන්තම සතියකි. මෙම සතිය පුරාම සුපිරි ග්‍රහ බලයක් ඔබගේ ලග්නයෙන් විද්‍යාමාන වේ.
ආර්ථිකය යහපත්ය. පොලිසිය ත්‍රිවිධ හමුදාව විදේස රැකියා ඉංජිනේරු සහ ගොවිතැන් කරන අයට ඉතාම ශුභයි. පෙර පින් පලදෙන සතියකි. මෙම සතියෙදි හදිසි ධනලාභ ලැබීමට හේතුයි. තවද හවුල් ව්‍යාපාර කරන අය මේ කාලයෙදි යම් ශුභ ප්‍රතිඵල අත් කරගනී. ප්‍රබල දෝෂ නැත.
පවුල් ජිවිතය යහපත්ය. අඹුසැමි ප්‍රීතිය ඇතිවේ. ලිංගික ශක්තිය දියුණු වේ. වැඩිපුර අඹුසැමි සම්බන්ධකම් ඕනෑ කරන සතියකි. එහි ප්‍රීතිය දියුණු වේ. මෙය අලුත විවාහ පත් අයට නම් ඉතාම යහපත්ය. ධනු හා මිථුන නම් ඉතාමත්ම යහපත්ය. දරු සම්පත් ලැබේ.
සෞඛ්‍ය
ප්‍රබල සෞඛ්‍ය දෝෂ නොපවති.

මකර
මෙම සතිය යහපත්ය.
ආර්ථිකය ව්‍යාපාරික කටයුතු කරන අය සංචාරක ව්‍යාපාරය කරන අය සහ ඉහල වෘත්තිකයන්ට හොඳ කාලයකි. විසේසයෙන්ම සතිය මැදදී විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සාර්ථකත්වය උදාකරගත හැක. ප්‍රබල දෝෂ නොමැත.
පවුල් ජීවිතය තරමක දෙදෙනා අතර හිත් නොහොඳවීම ඇතිවිය හැක. එම නිසා දෙදෙනාම ඉවසීමෙන් කටයුතු කරන්න. සඳු මහ දසා, ගුරු මහ දසා සහ රවි මහ දසා ගත කරන අය ප්‍රවේසම් වන්න. එය අශුභ තත්වයකි.
ප්‍රබල සෞඛ්‍ය දෝෂ නැති වුවත් ජලයෙන් සහ සෙම වලින් ඇතිවන රෝග වැලදී පාදවල අපහසුතා වාපිත් සෙම් අමාරුකම් ඇතිවීමට ඉඩ ඇත.

කුම්භ
මෙම සතිය යහපත්වේ. පෙරලිකාර සතියකි.
ආර්ථිකය යහපත්ය. තමන්ට පවුලේ හිතවත් අයගෙන් උදව් උපකාර ලැබේ. එය වැඩිමහල් සහෝදරයන්ගෙන් වීමට පුලුවන. ඉතාම ශුභයි.
පවුල් ජීවිතයේ අඹුසැමි ප්‍රීතිය ඇතිවේ. විවාහ පත්වූ නව යුවලක් නම් ඔවුන්ගේ දරු සම්පත් සම්බන්ධව අලුත් බලාපොරොත්තු තබා ගැනීමට පුලුවන. යුවතිපතින්ට නව නිවාසයක සිටීමට වාසනාව ලැබේ.
සෞඛ්‍ය සම්බන්ධව නම් ගැටළුවක් පවතී. කුජ 8 වැන්නෙ නිසා හදිසි අනතුරු, පාරෙදි වන අනතුරු වලින්ද බෝවෙන රෝග වලින්ද පරිස්සම් වන්න.

මීන
මෙම සතිය තරමක අර්බුදකාරි සතියකි. මන්ද යෝගකාරක සඳු ග්‍රහයා ලග්නෙන් 6 වැන්නෙි සිටිමයි.
ආර්ථිකය යහපත් වන නමුදු ඉතුරු කිරීම ඒ තරමටම දුර්වල බව කිව යුතුය. අනවශ්‍ය වියදම් නිසා තමන් මහා පරිමාණ පීඩාවකට පත්විය හැක.
පවුල් ජීවිතය තුල යම් යම් හැලහැප්පීම් ඇත. ඒවා ඉදිරි කාලයෙදි අත්මිදේ. අඹුසැමියන් අලුත විවාපත් නම් ඒ අය වගකීමෙන් කාලය ගත කල යුතුය. සෞඛ්‍ය නම් හිසේ ආබාධ බඩේ කැක්කුම් ඒවා ගැන පරිස්සම් වන්න. වෙනත් අපල නොමැත.

No comments:

Post a Comment