Thursday, January 30, 2014

සෙනසුරු - ශනි....

සෙනසුරුට බොහෝ දෙනෙක් බයයි. සෙනසුරු පීඩා දෙන ග්‍රහයෙක් ලෙස හිතනවා... සෙනසුරු තමයි අවබෝධය දෙන්නෙ. සෙනසුරු පරණ අකුසල් මතක් කරලා දෙනවා. ඒනිසාම දුක අවබෝධ කරගන්න වෙනවා.
සෙනසුරු නියෝජනය කරන්නෙත් පොදු මහ ජනතාවයි.

වසර 30ක් රට ලෙයින් නැහැවූ ප්‍රභාකරන්ට අන්තිම ගමන් සැලසුනෙත් සෙනසුරුගේ ග්‍රහ බලය නිසයි. වංචාකාරයන්ට, අපරාධකරුවන්ට යනාදි සියලුම දුෂ්චරිත වලට දරුණු දඬුවම් සෙනසුරු ලබාදෙනවා.
අද කෝටිපති තත්වයේ සිටින කෙනෙක්ව හෙට හිඟන්නෙක් කරන්නත් සෙනසුරුට පුලුවනි.

සෙනසුරුගේ කාල වලදි සමහර අයට මුලින් හොඳයි. එවිට ඒ කාලය උපයෝගි කරගෙන යහපතින් නොසිටියොත් අවසාන කාලය බොහෝම විපාක දෙන කෙනෙක් සෙනසුරු...

එසේ නම් අප සිතිය යුත්තේ සෙනසුරු “අසාධාරණ ග්‍රහයෙක්ද“ කියලායි...,
සෙනසුරු මාරු වලදි වඩාම භයබිරාන්ත වන්නෙ දේශපාලකයන්ය. අප ලගටද පැමිණෙන ඔවුන්ගේ ත්‍රස්තවුනු මුහුණ සහ කටයුතු නිසා විකෙට අපට සිනහ එන අවස්ථාද ඇත.
බිය විය යුත්තේ තමන් වරදක් කර ඇති නම්ය... සෙනසුරුට ඒ තරම බය ඒනිසා වීමටද ඉඩ ඇත.

සෙනසුරු වසර 2 හමාරක් එක රාශියක සිටී. සෙනසුරුගෙ වෙනස්වීම වසරකට පමණ පෙර සිට දැනෙන්ට ගනී.

_අධික කාමාශාව ඇති වීමට ජෞතිෂ්‍යයෙන් පෙන්වන හේතු__

උපත ලබන සෑම සත්වයෙක්ම ආහාර පාන, වාතය, ජලය ආදියෙන් යැපෙනු ලැබෙයි. ඒ මූලික අවශ්‍යතාවයන් අතර සියල්ලන්ට පොදු ධර්මතාවයකුත් ඇත.
එනම් ලිංගික ආශාවයි.
මෙහිදී අප සඳහන් කරන්නේ, ලිංගික ආශාව සමහර උදවියට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම පොදුවේ අසාමාන්‍ය ලෙස වැඩිවී තිබීමයි. මෙවැන්නකට හේතු සොයා බලමු.

යම් ජන්මියෙකුගේ කේන්දර සටහනේ, මෙවැනි ග්‍රහ යෝග ඇත්නම් එම තත්වයට පත්වීමට බොහෝ සෙයින් ඉඩ ඇත.

* කාමාශාව උද්දීපනය ප්‍රබලම ග්‍රහයන් වන්නේ, කුජ, සිකුරු හා සඳුය.

කුජ ග්‍රහයා හඳුන්වන්නේ තරුණ දාමරික කාමුක හැඟීම් මනුෂ්‍යයන්ට දනවන කෙනෙක් අයුරින්ය.
කුජ පාපි ග්‍රහයෙකි. කුජ කාමාශාවට මුල් තැනක් දෙයි.
සිකුරු ස්ත්‍රී ග්‍රහයෙක් වන අතර කාමාශාව දියුණු කිරීමට සිකුරුගෙන් උදව් උපකාර ලැබේ.
සඳු ග්‍රහයා සිතිවිලි වලට අධිපති බැවින්, මෙම ග්‍රහයාට සිකුරු හෝ කුජගේ දෘෂ්ඨි වැටීම කාමාශාව වැඩිවීමට හේතු වේ.

* කෙසේ වෙතත් මෙම කුජ සිකුරු එකට පිහිටා තිබිම ලිංගික ශක්තිය උපරිමයට වැඩි කිරීමට හේතුවක් වේ.
* තවද පුරුෂයෙකුගේ කුජ චන්ද්‍ර 7 පිහිටා තිබීම, ඉතාම ශක්තිමත් එමෙන්ම ජනක ශක්තිය වැඩි ලිංගික අවයව පද්ධතියක් ඇති කිරීමට හේතුවේ.
* මෙවැනි පිරිමින්ට අජානේය අශ්වයෙකුගේ මෙන් ශක්තිමත්ව ලිංගික කටයුතු වල යෙදීමට හේතුවේ. මෙවන් අයට කාන්තාවන් වශී කරගැනීමේ පුදුමාකර හැකියාවක්ද ඇත.

* එමෙන්ම ස්ත්‍රි කේන්දර සටහනක “කුජ චන්ද්‍ර සිකුරු“ යෝගයක් 7 වැන්නේ පිහිටා සිටියහොත් ඉතාම සුන්දර පියයුරු යුවලක් සහ විසේස හැඩයකින් යුතු සහ ශක්තිමත් යෝනි පෙදෙසක් හිමිය.
මෙවන් ග්‍රහ පිහිටිම් ඇති කාන්තාවට පිරිමින් වසඟ වේ.

මෙවන් ග්‍රහයෝග ඇතිවිට “පාප දෘෂ්ඨි වලට“ හසුවන්නේ නම්, විවාහ ජීවිත දෙදරා යාම, කාන්තාවන් අනාචාරයේ හැසිරීම, පිරිමින්ට බහු ස්ත්‍රි සේවනය ආදි සමාජීය විපර්යාස වලට බඳුන් වීමට පොදුවේ ඉඩ ඇත.

__කුජ සිකුරුගේ කේන්දර සටහනේ ස්ථානය අනුව විය හැකි පොදු ඵල ගැන විස්තරයක් පසුවට බලාපොරොත්තු වන්න..

Tuesday, January 28, 2014

ඉපදුනු සතියේ දවස අනුව ... ඔබ මෙහෙයි...

ඔබ ඉපදුනු සතියේ දිනයට අනුව සූර්යයාගේ බලපෑම, සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ආකර්ෂණය ආදි දෑ තීරණය වේ. ඒ අනුව දවසට ඇති ග්‍රහ බලයක් පවති.

* පොදු කරුණු බව අවධාරණය කරමු. මේ ලක්ෂණ අදාල කේන්දර සටහනේ තොරතුරු මත වෙනස් වේ.

ඉරිදා
මද රන් පැහැදි සිරුරක් හිමි අයයි. බුද්ධිමත්ය. ගුණවත්ය. අධිෂ්ඨානශීලි අය වෙති. අරඹන කටයුත්ත නොකඩවාම දිගටම කරගෙන යයි. එයින් ජය ලබයි. ආත්මාර්ථකාමි ගතිද ඇත. ඉරිදා ඉපදෙන කාන්තා පාර්ශවය පිරිමින්ට වඩා එඩිතර වේ. අභියෝග වලට ආසාවෙන් ඒවා ජය ගැනීමට සිතයි.

සඳුදා
සුදු වර්ණයට කැමති අය වෙති. අන් අයට අනුකම්පා කරයි. පරාර්ථකාමිය. බොහෝවිට සුගතිගාමි විය හැක. දහමට ගරු කරයි. දහම පිලි පදී. කාන්තාවන් පතිභක්තිය ඇති යහපත් අය වෙති.
එම ඉපදුනු කාල හෝරාව සහ අදාල කාලය අනුව වෙනස්කම් වේ.

අඟහරුවාදා
වයස සමග පෙනුම වෙනස් වන්නෙ අඩුවෙනි. විටෙක දුෂ්ඨ කටයුතු ඇත. අන් අයට ආඥා කිරීමට කැමති අයයි. ලේසියෙන් රැවටිල්ලට හසු නොවේ. කාන්තාවන්ද ආකර්ෂණීය අය වෙති. අන් අයගේ සහයෝගය ගනී.

බදාදා
බුද්ධිමත් කාරුණික ගති ඇත. නිතරම ප්‍රසන්න මුහුණක් ඇත. ලිවීමට දක්ෂය. අවංකය. සත්‍යම පවසයි. අන් අයට උදව් කරයි. ව්‍යාපාරික කටයුතු වලටද දක්ෂය. පරිත්‍යාගශීලිය. අන් අයව තමා වෙතට ආකර්ෂණය කරගත හැක. කතාවෙන් දක්ෂය.

බ්‍රහස්පතින්දා
නිසි ලෙස වැඩුනු දේහයකි. ධනවත් වීමේ සැපවත් දිවියක් ගත කිරිමේ වාසනාව ඇත. බුද්ධිමත්ය. සමහරවිටෙක අන් අයගේ දුක නොදකින ස්වභාවයක්ද ඇත. දහමට ගරු කරති. සාම්ප්‍රදායකත්වය අගයයි. දරුවන් වාසනාවන්ත වෙති.

සිකුරාදා
රූමත් පැහැපත් අය වෙති. දිගැටි දෙනෙත් ඇත. සෙම ඇති අය වෙති. නාට්‍යයට, චිත්‍ර, සංගීත ආදි කටයුතු වලට දක්ෂය. පරිත්‍යාගශීලිය. සතුටින් සිටි. ගුණවත්ය. සුන්දර අය වෙති.

සෙනසුරාදා
 බොහෝවිට කෙට්ටු සිරුරක් ඇතිවිය හැක. ඥාතින් සමග ගැටළු ඇති කරගැනිමට හැක. විටෙක ගැටළුද ඇතිවිය හැක. කෙසේ වුවත් වාසනාවන්ත පිහිටීම් ඇත. රෝග ආදියට හුරු වෙති. ජිවිතය ගෙන යාමට හැක. දහමට ලැදිය. ගැටළු වලදී තේරුම් ගෙන ජීවිතයට මුහුණ දෙති.

ජන.27 සිට ඉදිරියට ලග්න පලාපලය


● මේෂ
මේ සතිය මේෂ ලග්න හිමි ඔබට තරමක් සුබ අසුබ මිශ්‍ර පල ලැබෙන සතියකි.
ආර්ථිකය
ඉතාම යහපත් කිව යුතුයි. රැකියාවේ උසස්වීම් සහ දියුණුවීම ඇතිවේ. ව්‍යාපාර හවුල් ව්‍යාපාර කරන අයට නව ආදායම් මාර්ග ඇතිවීම. ගොවිතැන් කරන අයට අස්වනු වැඩිවීමත් මේ සතියෙදි නියමය. ඒ අතින් ඉතා සුබයි.
ගෘහ ජීවිතය
වෙනදා මෙන්ම ඉවසීමෙන් කටයුතු කල යුතුයි. මන්ද ග්‍රහචාරයේ ශනි රාහු 7 වැන්නේ සිටින බැවිනි. විසේස වශයෙන්ම ඉවසීමෙන් කටයුතු කිරීම මැනවි.
සෞඛ්‍ය
සෙම් බහුල රෝග, සෙම වැඩිවීම, සෙම නිසා ඇතිවිය හැකි පීඩාකාරි ගැටළු ඇතිවීමට ඉඩ ඇත.

● වෘෂභ
ආර්ථිකය
ආර්ථික තත්වය යහපත් වන සතියකි. ඉතාම ශුභයි. විවිධාකාර ආදායම් මාර්ග මෙන්ම නව ආදායම් මාර්ග ඇතිවේ. විසේසයෙන්ම බ්‍රෝකර් කටයුතු වලින්, ව්‍යාපාරික කටයුතු කරන අයට විසේසයෙන්ම වාසිදායක සතියකි.
ගෘහ ජීවිතය
මංගල යෝගද ඇතිවන කාලයකි. කම්සැප විඳීමට අවස්ථාව ඇතිවේ.
යහපත්ව ගතවේ. ගෙදරට අමුත්තන් පැමිණිය හැකි අතර ඔවුන්ගෙන් උදව් උපකාර ලැබේ. රෝගී වූ වැඩිහිටි ඥාතින් ඇතිනම් ඔවුන් රැක බලාගැනීම මේ සතිය තුල ඔබට කල හැකි මහඟු පිනකි.
සෞඛ්‍ය
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැත. සෙම් අමාරු ඇතිවේ.

● මිථුන
ඔබට මෙම සතිය ශුභ අශුභ මිශ්‍ර පල ලැබෙන සතියකි.
ආර්ථිකය
ආර්ථික තත්වයේ විසේස වාසියක් හෝ අවාසියක් සිදු නොවේ. නමුත් කාන්තා පක්ෂයේ යම් කෙනෙක් නිසා හෝ එවන් කෙනෙක් නිසා ඔබට ආර්ථික තත්වය අයහපත් වීමට ඉඩ ඇත. විසේස පාඩුවක් සිදුවිය හැක.
ගෘහ ජීවිතය
පවුල් ජීවිතය සමාදානයෙන් ගතකිරිමට වාසනාව ලැබේ. විවාහ අපේක්ෂකයන්ට මංගල යෝග උදාවේ. නමුත් ඒවා තෝරාබේරාගෙන කටයුතු කිරීම මේ සතිය ඇතුලතදී කරගත යුතු බව දන්වමු. සතිය මැදදී විවාහ මංගල යෝග ප්‍රබලව දැනෙන්ට පටන් ගනී.
සෞඛ්‍ය
බඩේ අමාරු, සෙම් රෝග එමෙන්ම බෝවෙන අසනීප වලින් ප්‍රවේසම් වන්න.

● කටක
ඔබට මේ සතිය විසේස වාසි නොපෙන්වයි. මන්ද මේ වන විට කටක ලග්නයට පොදුවේ බලපා ඇති ග්‍රහචාරය නිසාවෙනි.
ආර්ථිකය
ආර්ථික තත්වය සම්බන්ධව සැලකීමේදි කපටින්, වංචනිකයන්ට අසුවීම ආදියෙන් පරිස්සම් විය යුතුය.
ගෘහ ජීවිතය
ගෘහ ජීවිතය ඉවසීමෙන් කටයුතු කරන්න. අඹුසැමියන් අතරේ යම් යම් සිත් අමනාපකම් ඇතිවීමට ඉඩ ඇත. දරුවන් සිටින අය දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධව පරිස්සම් කරගන්න.
සෞඛ්‍ය
ඇස්වහ කටවහ දෝෂ නිසා පැමිණෙන උපද්‍රව වලින් ආරක්ෂා වන්න. නිදන් ගත රෝග ඇති අය රෝග පාලනයට යොමු වන්න.

● සිංහ
ඉතාම වාසනාවන්ත සතියක් බව කිව යුතුය.
ආර්ථිකය
ආර්ථිකය දියුණු කරගැනීමට නව මංපෙත් ඇතිවේ. ඉහල පෙලේ ප්‍රභූවරුන්, මිතුරන්ගෙන් තාන්න මාන්න තනතුරු සමග මුදල්ද ලැබේ. ගුරු සිකුරු දෘෂ්ඨිය හේතුවෙන්ද සඳු ග්‍රහයා සතිය මැදදි 5 වැන්නට පැමිණීමෙන්ද මෙම තත්වය වඩාත් තීව්ර වේ.
ගෘහ ජීවිතය
විසේසයෙන්ම ප්‍රේම සම්බන්ධතා ඇතිවිමට ඉඩ ඇත. රූමත් මිතුරියන් ඇසුරට ලැබේ. කාමාශාව ප්‍රබල වේ. පවුලේ අය සමග ප්‍රීතියෙන් වාසය කිරීමට ලැබේ.
යහපත්ව ගත කිරීමට ග්‍රහ බලය ඇත. එමෙන්ම ප්‍රීති උත්සව වලට සහභාගි වීමට අවස්ථාව ලැබේ. දරුවන් අපේක්ෂාවෙන් සිටින අයට දූවරුන් ලැබේ.
සෞඛ්‍ය
ඌෂ්ණාධික රෝග වලින් පරිස්සම් වන්න. ආසාත්මිකතා වලින් පරිස්සම් වන්න.

● කන්‍යා
ඔබටද මේ සතිය ඉතාම වාසනාවන්තය.
ආර්ථිකය
ආර්ථික තත්වය යහපත් වේ. මුදල් යොදවා කරන කටයුතු සාර්ථක වේ. රැකියා කරන අයට වැටුප් වැඩියෙන් ලැබීමට නියමයි. එමෙන්ම 2 වැන්නේ සෙනසුරුගෙන් හා රාහුගේ ගෝචරය නිසා ලැබෙන මුදල් පරිස්සම් කරගැනීමට වගබලා ගන්න.
ගෘහ ජීවිතය
පවුලේ කටයුතු ප්‍රීතිමත් වේ. ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමට සහ තම නිවස තුල ප්‍රීති උත්සව පැවැත්විමට අවස්ථාව ලැබේ. මංගල යෝග සහිත කාලයකි. විවාහ වීමට සිටින දුවා දරුවන් සිටින අයට එම දරුවන්ගෙ විවාහ කටයුතු ඉෂ්ඨ කරගැනීමට අවස්ථාව ලැබේ.
සෞඛ්‍ය
වාත කැක්කුම් වේදනා, උදරාබාධ ගැන විමසිලිමත් වන්න.

● තුලා
මෙම සතිය ඔබට බාධක සහිතව ගත කිරීමට සිදුවේ. ඉතා දුෂ්කර සතියක් වීමට ඉඩ ඇත.
ආර්ථිකය
ආර්ථික තත්වය දුර්වල විය හැක. ලැබෙන මුදල් නිස්කාරණයේ වාගේ වියදම් විය හැක. වියදමට මුදල් හිඟ විය හැක. පරිස්සමින් කටයුතු කරන්න.
ව්‍යාපාර කරන අය ඉතාම පරිස්සම් වන්න.
ගෘහ ජීවිතය
අඹුසැමි සමගියට යම් යම් බාධක පැමිණීමට පුලුවන. එමෙන්ම තමන්ගේ භාර්යාව සම්බන්ධව සහ ස්වාමිපුරුෂයා සම්බන්ධව සැලකිලිමත් වන්න ඔවුන්ට ලෙඩරෝග සෑදිමට ඉඩ ඇත. පරිස්සම් කරගන්න.
සෞඛ්‍ය
හිසේ කැක්කුම්, සෙම් අමාරු, යම් යම් අනතුරු සිදුවීමට ඉඩ ඇති නිසා පරිස්සම් වන්න.

● වෘශ්චික
මෙම සතිය ඔබට සුභාසුභ මිශ්‍ර පල ලැබේ.
ආර්ථිකය
එනම් ආර්ථික තත්වයේ විසේස වාසි නොපවතී. නමුත් කාන්තාවන් හා සමග රැකියා කරන අයට, විසේසයෙන් ව්‍යාපාර කරන අයට, රූපලාවන්‍ය කටයුතු කරන අයට මේ කාලය සුභයි. එසේම භූමිය සම්බන්ධ කටයුතු කරන අයටත් මේ සතිය වාසිදායකය.
ගෘහ ජීවිතය
පවුල් ජීවිතයේදී ඉවසීමෙන් කටයුතු කරන්න. එකිනෙකාගේ අදහස් වලට ගරු කරන්න. සතිය මැදදි දුර ගමනක් ඇතිවිය හැක. එය ප්‍රීතිමත් එකක් විය හැක.
සෞඛ්‍ය
සෙම් ගෙඩි සහ සෙම් රෝග වලින් ආරක්ෂා වන්න.

● ධනු
සුභාසුභ මිශ්‍ර පල ලැබෙන සතියකි. සතිය මැදදී මුලින් තිබූ පීඩාකාරි මානසික තත්වයන් මගහැරී යයි.
ආර්ථිකය
දේපල ඉඩකඩම්, භූමි ලාභ ලැබෙන කාලයකි. තම ආධිපත්‍යයට වැඩ කරගැනීමට පුලුවන.
ගෘහ ජීවිතය
පවුල් ජීවිතය ප්‍රීතියෙන් ගත කිරීමට වාසනාව ලැබේ.
මංගල යෝග උදාවේ. විවාහ කටයුතු වලට සුබයි. සිත ප්‍රීතියෙන් තිබෙන කාලයකි. ප්‍රීතිමත්ව සිටීමට අවස්ථාව ලැබේ.
සෞඛ්‍ය
ප්‍රබල ගැටළු නොපවතී. උදාරාබාධ ගැන සැලකිලිමත් වන්න.

● මකර
තරමක සුභාසුභ මිශ්‍ර සතියකි.
ආර්ථිකය
ආර්ථික තත්වයේ ප්‍රබල වෙනසක් නොපෙන්වයි. එමෙන්ම සති මැදදී ණයතුරුස් වලට හසුවීමට ඉඩ ඇති බව සිතේ තබාගෙන කටයුතු කරන්න. පොලී කරුවන්ගෙන් වැනි අයගෙන් මුදල් ලබාගත් මකර ලග්න හිමියන්ට ඔවුන් පන්න පන්නා කරදර කිරිමට තරම් කටයුතු විය හැකි සතියකි. විස්වාස නොකල හැකි අය සමග කටයුතු නොකර සිටීම සුදුසුය. නැතිනම් සති මැදදි අනවශ්‍ය කරදර ඇතිවිය හැක.
ගෘහ ජීවිතය
පවුල් ජීවිතය සාමාන්‍ය පරිදි ගතවේ. විසේස ගැටළු ඇති නොවේ.
සෞඛ්‍ය
උෂ්ණාධික රෝගාබාධ ඇතිවිය හැක.

● කුම්භ
මේ සතිය යහපත් බව කිව යුතුය.
ආර්ථිකය
පවතින ග්‍රහචාරය අනුව ආර්ථික වාසි සැලසීමට ඉඩ ඇත. විසේසයෙන්ම වෙලද ව්‍යාපාර වල නියුතු අයට කරන කටයුතු සාර්ථක වේ. සිල්ලර බඩු කරන අයට ග්‍රොසරි හිමියන්ට සරු වේ. විදෙස්ගත රැකියා කරන අයට මේ සතිය වාසිදායකය.
සතිය මැදදී කාන්තාවන්ගෙන් උදව් උපකාර ලැබීමට නියමයි.
ගෘහ ජීවිතය
පවුල් ජීවිතයද යහපතින් ගත වේ. නව මිතුරු මිතුරියන් ආශ්‍රයට සහ ප්‍රීති උත්සව වලට සහභාගි වීමට ඉඩ ලැබේ.
සෞඛ්‍ය
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල දෝස තත්ව නොපවතී.

● මීන
ඔබට වාසනාවන්ත සතියකි.
ආර්ථිකය
ආර්ථික තත්වයේ යම් දියුණුවක් අපේක්ෂා කල හැක. නව ආදායම් මාර්ග සහ විවිධ කටයුතු වලින් ආදායම් ලැබෙන සතියක් බව කිව යුතුය. ලැබෙන මුදල් අරපරිස්සමින් භාවිත කිරීම ඔබ සතු වගකීමක් බව කියමි. දේපල ලාභ හිමිවේ.
ගෘහ ජීවිතය
පවුල් ජීවිතයේ යම් යම් ගැටළුකාරි තත්ව ඇතිවිය හැකි නිසා ඉවසීමෙන් කටයුතු කිරීමට ඔබගේ වගකීමකි. කේන්තිය පාලනය කරගැනීමට කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වය
උෂ්ණාධික රෝග ඇතිවිය හැක. එමෙන්ම සෙම් අමාරු ගැන සැලකිලිමත් වන්න.

Monday, January 27, 2014

සනත් ජයසූරිය

1969 ජුනි 30 වනදා රාත්‍රියේ රවි මහ දශාවෙන් ඉපදුනු මේ කේන්ද්‍ර හිමියා ලෝක ක්‍රිකට් ඉතිහාසය වෙනස් කල ලංකා පුත්‍රයෙකි.

* මෙහි 10 වැන්න වන වෘශ්චික රාශියේ ස්වක්ෂෙත්‍රව ‘කුජ‘ පිහිටා ඇත. කුජ වක්‍රව පිහිටියද එය “රුචක“ (ප්‍රධාන රාජ යෝග 5න් 1වැන්න) නම් පංච මහා පුරුෂ යෝගය පිහිටීමයි. දිග් බල සහිතව කුජ පිහිටා ඇත.

* මෙම කේන්ද්‍රයේ යෝගකාරක සිකුරු 4 වැන්න වන වෘෂභයේ ස්වක්ෂෙත්‍රව දිග්බල සහිතව තැන්පත් වීමෙන් “මාලවී යෝගය“ නම් පංච මහා පුරුෂ යෝගය ලැබී ඇත.
ඒ නිසා ඉතා වාසනාවන්ත සැපවත් ජීවිතයකට උරුමකම් කියයි.

* මෙම කේන්දරයේ 4 වැන්නාධිපති වන සිකුරු 4 වැන්නේම බලවත්ව සිට, 10 වැන්නාධිපති වන කුජ 10ම තැන්පත්ව 4 වැන්න දැකීම තුලින් “කාහල යෝගය“ යෙදී ඇත.
කාහල යෝගය ලැබුවෝ “ශක්ති සම්පන්න, අන් අයෙකුට පරාජය කල නොහැකි තරම් එඩිතර අය වෙති. සතුරන් පරාජය කරන අය වෙති. එතරම් උගත් නොවූවද පාලන කටයුතු කරයි. මුරණ්ඩු ගතිද ඇතැම් විට තිබේ. අන් අය අතර ප්‍රචලිත කෙනෙක් වෙයි“

* මෙම කේන්දර සටහනේ සිකුරු ග්‍රහයා ස්වක්ෂෙත්‍රව 4 වැන්නේ සිටින අතර සිකුරු 9(තුලා රාශිය) වැන්නට අධිපති වේ.
11 වැන්නාධිපති වන ගුරු(ධනු රාශිය)ගේ සුභ දෘෂ්ඨිය සිකුරුට ලැබෙන අතර 10වැන්නාධිපති (වෘශ්චික රාශිය) වන කුජ 10 වැන්නේම සිටිමින් සිකුරු දැකීමෙන් ඉතා භාග්‍යමත් වාසනාවන්ත කෙනෙකු වීමට වාසනාව හිමිවී ඇත.
1996 ලෝක කුසලානයේ “දක්ෂතම ක්‍රීඩකයා“ වීමද, මෙතෙක් ලංකා ක්‍රිකට් පිලේ සාර්ථකම නායකයා වීමද( ලෝක කුසලාන අනුශූරයන්, මිනි ලෝක කුසලාන අනුශුරයන්) සනත් ජයසූරිය නම් වාසනාවන්ත ක්‍රිකට් ක්‍රීඩකයා ලද භාග්‍යයකි.

දන් දිය යුතු ආකාරය...

“ යෝ සීලවා සීලවන්තේසු දදාති දානං 
ධම්මේන ලද්ධං සුපසන්න චිත්තෝ 
අභිසද්ධහං කම්ම ඵලං උළාරං
තං වේ දානං විපුල ඵලංති බ්‍රෑමීති “

- දක්ඛිණ විභංග සූත්‍රයෙනි.

(යම් කෙනෙක් සිල්වත්ව හිඳිමින් දැහැමින් උපයාගත් දෙයින් සිල්වතුන්ට ප්‍රසන්න සිතකින් දන් දෙයි නම් එම දානය මහත් ඵල මහානිසංස ලබාදෙන දානයකි ) 

උපදෙසක්..


මයුරපාල යෝගය


රවි ග්‍රහයා මේෂ රාශිගතවී සිටීමයි.

“අන් අයට අධිකාරි බලයක් දක්වන, දැඩි ගති ඇති, තේජස්සම්පන්න උසස් නායකයෙකි. ආඩම්බරය. කිසිවෙකුට නැමීමට කැමති නැත.“

ඔබ මේෂ ලග්නයේ නම් ඔබේ 1වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.

ඔබ වෘෂභ ලග්නයේ නම් ඔබේ 12වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.

ඔබ මිථුන ලග්නයේ නම් ඔබේ 11වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.

ඔබ කටක ලග්නයේ නම් ඔබේ 10 වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.

ඔබ සිංහ ලග්නයේ නම් ඔබේ 9 වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.

ඔබ කන්‍ය ලග්නයේ නම් ඔබේ 8වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.

ඔබ තුලා ලග්නයේ නම් ඔබේ 7 වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.

ඔබ වෘශ්චික ලග්නයේ නම් ඔබේ 6 වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.

ඔබ ධනු ලග්නයේ නම් ඔබේ 5වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.

ඔබ මකර ලග්නයේ නම් ඔබේ 4 වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.

ඔබ කුම්භ ලග්නයේ නම් ඔබේ 3 වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.

ඔබ මීන ලග්නයේ නම් ඔබේ 2 වැනි කොටුවේ රවි ග්‍රහයා පිහිටීමෙන් මේ යෝගය හිමිවේ.

සුමන සමන් දෙව් රජගෙන් සෙත ලබාගැනීමට සෙත් කවියක්


මහානුභාවසම්පන්න “ රත්නමාලා බන්ධන ගාථා “

මහානුභාවසම්පන්න රත්නමාලා බන්ධන ගාථා සජ්ජායනය සහ ශ්‍රවණය කිරීම තුලින් මහත්වූද විවිධාකාර වූද අර්ථ සිද්ධි ඉටුකරගත හැකි බව පැවසේ.

මෙම රත්නමාලා බන්ධන ගාථා “ ශ්‍රී දළදා දැහැන“ ලෙසද හැඳින්වේ.
සිරි දළදා මන්දිරයේ රන් තඹ පතක නෙළුම් මලක් සිතුවම් කර ඒ මත ප්‍රස්ථාරයක්ව සටහන් කර ඇති මෙම අති බලවත් ගාථා රත්නයන් අප දළදා වහන්සේගේ රැකවරණයට එසේ තබා ඇති බව පැවසේ.
එසේම සේරුවිල චෛත්‍ය රාජයාණන්වහන්සේගේද රන් තඹපත් 3ක ලේඛන ගත කර ඇති බව පැවසේ.
මෙම මහානුභාවසම්පන්න ගාථාව සර්ව ජන වශීයකි. උදේ සවස සජ්ජායනය කිරීමෙන් සියලුම අභිවෘද්ධිය සමෘද්ධිය ඇති වෙන බව කියවේ.

සිංහල තේරුම දළ වශයෙන් මෙසේය.

1. අනන්ත සංසාරය නම් වූ සැඩ පහර විනීතව මැඬ පවත්වා,
සැප සහිත මනාකොට පමුණුවන ලද අති උත්තම වූ, උතුම් ප්‍රඥාව ඇති, ධෛර්ය සම්පන්න ශරීරයක් ඇති උතුම් දම් දෙසන ලොවට නෙළුම් මලක් බඳු අපගේ බුදුපියාණන්වහන්සේට නමස්කාර කරමි.

2. ප්‍රශංසා කල හැකි මගක් ඇති, මෝහය නසන, මාර යුද්ධයේ, විශේෂිත වූ, යුධ ඇඳුමක් වැනි, මනා කොට ආශ්‍රය කරන ලද, ඉෂ්ඨ වස්තු ප්‍රාර්ථනයක් වූ, උතුම් සතුටක් වූ, කෙලෙස් නසන ශ්‍රී සද්ධර්මය සැමදා සැමකල්හිම පණමෙන් වඳිමි.

3. යහපත් සේවකයෙකු මෙන් ගමනක් තිබෙන, නැසිය යුතු අකුසල් නැසූ, කෙලෙස් වලින් දුරුවුනු, සංසාරය දිගටම රඳන බැඳීමෙන් නිදහස් වූ, මනාලෙසම සසරින් එතෙර යන, ශ්‍රේෂ්ඨව වාසය කරන, නිවන් රසයට කැමති ආර්ය සංඝරත්නය දිනපතා පණමෙන් නමස්කාරය කරමි.

++ ජනප්‍රවාදය මෙසේය.

සෙංකඩගල නුවර රජතුමා දිනපතා ශ්‍රී දන්ත ධාතූන්වහන්සේට කල යුතු පුද සත්කාර නිසිලෙස කරමින් සමන් පිච්ච ඇතුළු මල් පහන් සුවඳ දුම් පූජා කරන කෙනෙකි. 
කාලයක සිට උදෑසන බලන විට මලසුන අවුල් වී ඇති බව දකින්නට ලැබී ඇත. මුරට සෙබළුන් සිටියද සොයාගත නොහැකි වුනු නිසා, දිනක් රජුම තිරයකට මුවාවි දළදා මන්දිරය තුළ රැයක් ගත කලේය. මැදියම් රැය ඉක්මවුන පසු හාත්පස ආලෝකයක්ද විහිදුවමින් යම් කෙනකු මලසුන මත දිගාවිය.
නමස්කාර ගාථා කියන්නට මෙන් සැරැසී දිවගින් බැබලෙන ගුළියක් මලසුන මත තැබූ එම පුද්ගලයා දන්ත ධාතුන්වහන්සේට වන්දනාමාන කළේය. 
බැබළෙන එම ගුළිය රජතුමා රැගෙන පසෙක තිරයකට මුවාවී සිටියේය.

ආ පුද්ගලයා සියල්ල අවසානයේ කලබලයට හා විමතියටත් භීතියටත් පත්ව හාත්පස බැලුවද බැබලෙන ගුලිය පේන්නට නැත. ඉන්පසු කෙළවරක තිරයකට මුවාවී උන් රජතුමා දැක අඬා වැලපී තමා ඉතා ඈත හිමාල වනයේ සිට දළදා වන්දනාවට යනෙන බවත් අහසින් යෑමට ඒමට එම බෙහෙත් ගුළිය අවශ්‍යම බවත් තමා සිද්ධ්‍ය විද්‍යාධරයකු හෙවත් ඍෂිවරයෙකු බවත් හෙළි කළේය.

එය අසා එම බැබලෙන බෙහෙත් ගුලිය ඍෂිවරයාට දුන් රජුට රත් නෙළුමක් පුබුදුවා පත්‍රවල ගාථා තුනක් ලියා රජතුමාට ඇසෙන සේ කියා මෙම මාහැඟි අනගිතම ගාථා පිරිවැහීමෙන් රජතුමාටත්, රටවැසි ජනතාවටත් රටටත් රත්නත්‍රයේ සරණත් දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදයත්, නවග්‍රහයන්ගේ ආශීර්වාදයත් ඒකාන්තයෙන්ම ලැබී නිදුක් නිරෝගීව ශත වර්ෂාධික කාලයක් යහතින් සකල විධ අභිමතාර්ථයන් සඵල කරගනිමින් ජීවත් වීමේ වාසනාව භාග්‍ය උදාවන්නේ යැයි පවසා සෘෂිතුමා අහසින් හිමාල වනය බලා ගියේය.

රත්නමාලා බන්ධන ගාථා සෑම කල්හිම සියලු අභිවෘද්ධිය ලගා කිරීමට හේතුවන බව අප අත්දැකීමෙන් දන්නෙමු.
ඒ ඇසුරින් ලබාදෙන රත්නමාලා බන්ධන යන්ත්‍රයද බොහෝ සුභ පල ලබා දෙන්නකි. සියලු දොස් දුරුව සියලු යහපත ඇතිවීමට හේතු වාසනා ඇති කරවයි. 

දිනපතා සජ්ජායනය කර, යහපත් පැවැත්මෙන් හිඳ යහපත උදා කරගන්න.

Sunday, January 26, 2014

දුටුගැමුණු මහ රජු භාවිත කල මහානුභාවසම්පන්න ගාථා රත්නයන් !


කාල හෝරාව


සෑම දිනකටම අධිපතියෙක් ඇත.
ඉරිදාට රවිය. සඳුදාට සඳුය, අඟහරුවාදාට කුජය, බදාදාට බුධය. බ්‍රහස්පතින්දාට ගුරුය, සිකුරාදාට සිකුරුය, සෙනසුරාදාට ශනිය.

රවි --> සිකුරු ---> බුද ---> චන්ද්‍ර --- > ශනි ---> ගුරු ---> කුජ ලෙස එහි රටාව තේරුම් ගත යුතුය.

කාල හෝරාව ඇරඹෙන්නේ උදේ 6.00 සිටය. ඒ අනුව අද ඉරිදා පලමු හෝරාව 6.00 - 7.00 දක්වා රවි හෝරාවය.
සඳුදා 6-7 සඳු හෝරාවය. 7-8 බුද හෝරාවය...

හෝරා කාලයන් ගණනය කිරීමේදි ඉරු උදාව වැදගත්ය...එනම් ඉර උදාව 6.05ට සිදුවන ඉරිදා දිනයක, රවි හෝරාව ඇරඹෙන්නේ උදේ 6.05ටය. ඒ අනුව ඉර උදාව 6.00ට වඩා අඩු වැඩි වීම් අනුව හෝරා ඇරඹීමද වෙනස් වේ.

දන්දීම සහ දන්සැල්

දන්දීම යනු මහා පුණ්‍ය කටයුත්තකි. නිවන් මඟට මහෝපකාරි වන පියවර 3 ඇරඹෙන්නෙ දන්දීමෙනි. ඉන්පසු සීලයත් ඊට පසු භාවනාවත් ලෙස දැක්වේ.

දන්දීමෙන් අදහස් කරන්නෙ තමන් සතු ධනය, ශ්‍රමය, ද්‍රව්‍ය තවත් කෙනෙකුට ලබාදී තමන් තුල ඒවාට ඇති ආශාව මඳක් හෝ අඩු කරගැනීමයි.
තව කෙනෙකුට ආහාර වේලක් පවා දීමේදි දානයක් සිදුවන අතර එය සැබවින්ම සිදුවේ දැයි තම තමන් විසින්ම සිතා බැලිය යුතුය.

දන්සැල් අද අප අතර ඉතා ජනප්‍රිය මාතෘකාවකි. නගරබද අයට නම් දන්සැල් ඉතා උපකාරි වන්නෙ දන්සැල් වලින් මූලික වේල් 2ක් පමණ පිරිමසාගෙන සතුටින් සිරි නරඹමින් සිටිය හැකි නිසාවෙනි.

බුදුන්වහන්සේ වදාරා ඇත්තේ “අවශ්‍ය තැනැත්තාට ලබාදෙන්න“ කියාය.
කෙසේ වෙතත් දන්සැල් දෙන ඒ පින සිදුකිරීමට සිතන අය විසින් සිතිය යුත්තක් නම්, දන්සැල දෙනු ලබන්නෙ අවශ්‍ය පුද්ගලයන්ට බවද යන්නයි... එසේ නොවුනා කියා අකුසල් නොව කුසල්ම සිදුවේ. එහෙත් අප ලබාදීමේදි උත්සුක විය යුත්තෙ අත්‍යාවශ්‍ය අයට වීම මානව ගුණධර්මයක් පිරීමකි.

දන්සැල් වල බෞද්ධ කොඩි භාවිත කිරීම හොඳ ලක්ෂණයකි. එසේ වුවත් බෞද්ධ කොඩි වාහන නැවැත්වීමට, බලයෙන් අන් අය ගෙන්වා ගැනීමට කටයුතු කිරීමක් කරන්නේ නම් එය පිනක් නොව පවක් බවට පත් වේ. ඒ ගැන සිතා නිවරදිව කටයුතු කරන්න.

වෘත්තියක් සේවයක් ලෙස කිරීමෙන් ලැබෙන සැනසුමෙන් බිඳක් (1)







අපල ඇත්තටම අපලද ?

අපල කාලයක් ගත කිරීම බාධා අවහිරතා සහිතව කරදරකාරී, පීඩාකාර එකකි. එම කාලය හැකි ඉක්මණින් ගෙවා දැමීමට හෝ අපල වලට කල යුතු ශාන්ති කර්ම පෙර දැන සිටියත් නොකල නිසා කරදර වැඩිවුනු බව බෙහෝ දෙනෙකු කණගාටුවෙන් පවසනු කොතෙකුත් අසා ඇත.

එය කරදරකාරි අපහසු දෙයක් වුවත් අපලය සඵලය වූ අවස්ථාද ඇත.
එක් සිදුවීමකදි තරුණයෙකුට වෛද්‍යවරයෙකු වීමේ දැඩි උවමනාවක් තිබූ අතර, ඔහුට 3ම වෛද්‍ය විද්‍යාලයට යාමට නොහැකි විය. අවසාන වාරයේ ඔහු අණුක ජීව විද්‍යාව සඳහා සුදුසුකම් ලැබීය. ඔහුගේ සෙනසුරු අපල සියල්ල ගෙවුනේ විශ්ව විද්‍යාලයට ඇතුල් වී වසර 2කට පසුය. ඒ තරුණයා උපාධිය ගත් වහාම ඔහුගේ සුදුසුකම් වලට ස්වීඩනයෙන් ඉතා ඉහල වැටුපක්(ලක්ෂ 8ක් පමණ) සහිතව රස්සාවක් ලැබුනි. අද ඔහු තමන්ගෙ පශ්චාත් උපාධියද සිදුකරමින් ඉතා ඉහලට හැම අතින්ම ගොස් සතුටුදායක පවුල් ජීවිතයක් ගත කරන කෙනෙකි.

අද ඒ සිද්ධිය සිදුවී වසර 10ක් පමණ වුවද, ඔහුගේ වෛද්‍ය විද්‍යාලයට ගොස් වෛද්‍යවරුන් වූ සියල්ලට වඩා ඉහල තැනක ඔහු සිටී. ඔහු ඒ ගැන කණගාටුවුනු අයුර අපට මතකය. ඔහුගේ මිතුරන් වෛද්‍යවරු වෙද්දි, ඔවුන්ට වඩා දක්ෂ තමාට එසේ නොහැකිවීම ගැන මහා කම්පාවකින් සිටියේය. අද එදා මතක් කරන විට ඔහුට සිනා පහල වේ.

ජීවිතයෙ හැටි එහෙමය. අද වැරදුනු කෙනාට හෙට හරියයි. එය ලෝක ධර්මතාවයකි. කරදර වලට මුහුණ පෑවේ නම් නැවත එවන් කරදර ආවද ඒවාට හුරු නිසා පහසුය. දියුණුව ස්ථිරය...
සිතන්න..

උපන් නැකත අනුව හිමි දෙවියන් කවුද.. ?

අප කාට උවත් ඉෂ්ඨ දේවතාවෙක් සිටින බව අපි විශ්වාස කරමු. උපන් නැකත අනුව ඉෂ්ඨ දේවතාවෙක් හිමිවේ.  සුභ ඕනෑම කටයුත්තක් පටන් ගැනීමට ප්‍රථමත්, දිනයේ ආගමික කටයුතු වල යෙදුනු පසුත් තම ඉෂ්ඨ දේවතාවාට පුද පූජා කිරීම, පින්දීම කිරීම මැනවි. එසේ කිරීමෙන් විශිෂ්ඨ ප්‍රතිඵල ලැබෙන බව ලැබිය හැක.

1. අස්විද - අශිමිනි                2. බෙරණ - යම

3. කැති - අග්නි                    4. රෙහෙණ - ප්‍රජාපතී

                                                                       5. මුවසිරස - සෝම

6. අද - රුද්‍රා                         7. පුනාවස - අදිති

8. පුෂ - අංගිර                      9. අස්ලිස - සර්ප

10. මා - පිතෘ                       11. පුවපල් - භර්ග්‍යීර්‍

12. උත්‍රපල් - ආයර්මා           13. හත - අර්ත

14. සිත - බ්‍රහ්ම                    15. සා - වායු

16. විසා - ඉන්ද්‍රාත්                17. අනුර - මිත්‍ර

18. දෙට - ඉන්ද්‍ර                    19. මුල - නෛරු

20. පුවසල - ජල                   21. උතුරුසල - විහ්ව

22. සුවණ - විෂ්ණු                 23. දෙනට - වාසුදේව

24. සියාවස - වරුණ              25. පුවපුටුප - අජපා

26. උත්‍රපුටුප - අභිර්බුදන        27. රේවතී - පුෂ්ණ

ශනිගෙන් ඇති වන ‘ශ්‍රී කාන්ති යෝගය‘

ශනි/සෙනසුරු ග්‍රහයා මකර රාශි ගතවීමෙන් ඇතිවන “ශ්‍රි කාන්ති යෝගය“

‘ උත්සාහය මගින් දියුණු වන කෙනෙකි.
ඉවසීමෙන් එය අත්කර ගනී.
බාධක අවහිරතා කෙතරම් පැමිණියද ඒවා මැඩගෙන කටයුතු කරයි. ‘

ඔබටත් එම යෝගය තිබේද ?

ඔබගේ ලග්නය මේෂ නම් ඔබගේ 10 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය වෘෂභ නම් ඔබගේ 9 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය මිථුන නම් ඔබගේ 8 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය කටක නම් ඔබගේ 7 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය සිංහ නම් ඔබගේ 6 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය කන්‍යා නම් ඔබගේ 5 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය තුලා නම් ඔබගේ 4 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය වෘශ්චික නම් ඔබගේ 3 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය ධනු නම් ඔබගේ 2 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය මකර නම් ඔබගේ 1 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය කුම්භ නම් ඔබගේ 12 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබගේ ලග්නය මීන නම් ඔබගේ 11 වැන්නේ ශනි ග්‍රහයා සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

රත්නමාලා බන්ධන ගාථා

මහානුභාවසම්පන්න රත්නමාලා බන්ධන ගාථා සජ්ජායනය සහ ශ්‍රවණය කිරීම තුලින් මහත්වූද විවිධාකාර වූද අර්ථ සිද්ධි ඉටුකරගත හැකි බව පැවසේ.

මෙම රත්නමාලා බන්ධන ගාථා “ ශ්‍රී දළදා දැහැන“ ලෙසද හැඳින්වේ.
සිරි දළදා මන්දිරයේ රන් තඹ පතක නෙළුම් මලක් සිතුවම් කර ඒ මත ප්‍රස්ථාරයක්ව සටහන් කර ඇති මෙම අති බලවත් ගාථා රත්නයන් අප දළදා වහන්සේගේ රැකවරණයට එසේ තබා ඇති බව පැවසේ.
එසේම සේරුවිල චෛත්‍ය රාජයාණන්වහන්සේගේද රන් තඹපත් 3ක ලේඛන ගත කර ඇති බව පැවසේ.
මෙම මහානුභාවසම්පන්න ගාථාව සර්ව ජන වශීයකි. උදේ සවස සජ්ජායනය කිරීමෙන් සියලුම අභිවෘද්ධිය සමෘද්ධිය ඇති වෙන බව කියවේ.

සිංහල තේරුම දළ වශයෙන් මෙසේය.

1. අනන්ත සංසාරය නම් වූ සැඩ පහර විනීතව මැඬ පවත්වා,
සැප සහිත මනාකොට පමුණුවන ලද අති උත්තම වූ, උතුම් ප්‍රඥාව ඇති, ධෛර්ය සම්පන්න ශරීරයක් ඇති උතුම් දම් දෙසන ලොවට නෙළුම් මලක් බඳු අපගේ බුදුපියාණන්වහන්සේට නමස්කාර කරමි.

2. ප්‍රශංසා කල හැකි මගක් ඇති, මෝහය නසන, මාර යුද්ධයේ, විශේෂිත වූ, යුධ ඇඳුමක් වැනි, මනා කොට ආශ්‍රය කරන ලද, ඉෂ්ඨ වස්තු ප්‍රාර්ථනයක් වූ, උතුම් සතුටක් වූ, කෙලෙස් නසන ශ්‍රී සද්ධර්මය සැමදා සැමකල්හිම පණමෙන් වඳිමි.

3. යහපත් සේවකයෙකු මෙන් ගමනක් තිබෙන, නැසිය යුතු අකුසල් නැසූ, කෙලෙස් වලින් දුරුවුනු, සංසාරය දිගටම රඳන බැඳීමෙන් නිදහස් වූ, මනාලෙසම සසරින් එතෙර යන, ශ්‍රේෂ්ඨව වාසය කරන, නිවන් රසයට කැමති ආර්ය සංඝරත්නය දිනපතා පණමෙන් නමස්කාරය කරමි.

++ රත්නමාලා බන්ධන ගාථා ලැබුනු නිධාන කතාව ඊලගට...

හොඳ නරක 2ම දෙන “බුධ“

ඥානයට අධිපති බුධ හොඳ තැනක සිටී නම් හොඳ වන අතර නරක තැනක සිටී නම් එතරම් සුභ නැත.
සෞම්‍ය ගුණයෙන් යුතු ග්‍රහයෙක් ලෙස බුද හැඳින්වේ. එම සෞම්‍ය ගුණය බුදගෙන් ලැබෙන්නේ කේන්දර සටහනක තනි කොටුවක බුධ සිටියොත් පමණි. නැතිනම් සිටින ග්‍රහයන් අනුව ඒ ඒ ග්‍රහයාගෙ ගති වැඩියෙන් පෙන්වයි.

බුද සුභ පල දෙන්නෙ සුභ ස්ථානයක සුභ ආකාරයෙන් සිටියොත් පමණි.
ගුරු සහ බුධ වෙනස් වන්නෙ ඒනිසාය. ගුරු පාප තැනක පාප ග්‍රහයන් හා සිටියත් යහපත් ඵල දෙන්නට කටයුතු කලත් බුද එසේ නැත.

* බුධ ග්‍රහයා උච්ච වන්නේ කන්‍යාවෙදීය. එය “විදුරවි යෝගය“ වේ.
* බුධ ග්‍රහයා ස්වක්ෂෙත්‍ර වන්නේ මිථුනයේදීය. එය “අත්පෙත් යෝගය“ වේ.
* බුධ ග්‍රහයා උච්ච වීම හෝ ස්වක්ෂෙත්‍ර වීම කේන්දරස්ථානයක එනම් 1, 4, 7, 10 ස්ථානයක යෙදෙමින් සිටියොත් පංච මහා පුරුෂ යෝගයක් වන ‘භද්‍රා යෝගය‘ නම් රාජ යෝගය උදාවේ.

* බුධ නීච වන්නේ මීනයේදී වන අතර, බුධ නීච වුවොත් කතා කිරීමේ දෝෂ එනම් ගොත ගැසීම් ආදිය ඇතිවිය හැක.
* බුධ නීච වීම 5දී වුවොත් බොහෝවිට අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති කරයි.
* බුධ සතුරු වන්නේ කටක හා සිංහ රාශි වලදීය.
* බුධට කෙලින්ම සතුරුකම් කරන ග්‍රහයා චන්ද්‍රයා වේ.
එනිසාම පොදුවේ කටක ලග්න හිමියන්ට බුදගෙන් එතරම් සුබ නැත.

කේන්දර සටහනේ තැන අනුව ‘ පොදුවේ‘

1 - බුධ ලග්නයේ බලවත්ව සිටියොත් සත්කීර්තිමත්, ධනවත්, ගෞරව ලබන සතුටින් සැපෙන් සිටින කෙනෙකි.

2 - බුධ සිටී නම් ධනවත් විය හැක.

3 - එතරම් සුබ නැත. කලකිරීම්, සතුරු බිය ඇතිවිය හැක.

4 - සිටීම දේපල වාසනාවට හොඳයි.

5 - අධ්‍යාපනයට හොදයි විටෙක මිතුරන් හා ආරවුල් ඇතිවය හැක.

6 - කැපවීමෙන් කරන කටයුතු වලින් ජය ලබාදේ

7 - යහපත් විවාහයක් ලබාදේ.

8 - සුබ නැත.

9 - ධාර්මික කෙනෙකි. දීර්ඝායුෂ ලැබේ.

10 - විදෙස්ගතවීම් වලට සුබ පිහිටීමකි.

11 - උගත් විය හැක. දරුවන් යහපත් වේ.

12 - සුබ නැත. ධන හානි ඇතිවිය හැක.

රවි-බුධ යෝගය

රවි සහ බුධ යෝගව සිටී නම් බුධ ආදිත්‍ය යෝගය ලෙස හැඳින්වේ. (භාග්‍ය යෝගය)

“ බුද්ධිය ඥානය සපිරි කෙනෙකි. කාව්‍ය ලේඛණ කටයුතු ආදියටද දක්ෂය. ගණිතමය කටයුතු ආදියද දක්ෂය. ඉතා ඉහල අධ්‍යාපනයක් ලැබීමට හැකියාව ඇත. ඉක්මණින් දේවල් වටහා ගනී. අන් අයගේ බුහුමනට ලක්වේ. තමා දන්නා දෙය පැහැදිලිව වෙනත් අයට කියා දේ. ප්‍රධාන්තවය ලබයි “.

අතිබහුතර අවස්ථා වල සුබ පල ලබාදෙන පිහිටීමකි. නිසි ලෙස සුබ දෘෂ්ඨි ලැබීම් ආදිය ඇත්නම් ලේඛනය, භාෂාව හැසිරවීම් ආදියේ පරතෙරටම යයි.
1, 4, 5, 7, 9, 10, 11 ආදි භාවයන් වල සේම දුෂ්ඨ ස්ථාන ලෙස සැලකෙන 8, 6, 12 දි පවා සුබ පල දෙන බව පෙනේ.
3 වැන්නටද සුබය. 8 වැන්නටද සුබ බව පරණ පොත පතේ කියවේ.

මහ උගතුන් බිහිවෙන යෝගයකි. මේෂ, සිංහ, ධනු ලග්නයක නම් මෙම යෝගයෙන් අසමසම බුද්ධියක් ලබාදේ.

කටක, වෘශ්චික, මකර, කුම්භ ආදියටද යහපත්ය.

තුලා, වෘෂභ, මීන ලග්න වලටද අයහපත් නැත.

වෘෂභ, සිංහ, වෘශ්චික, ධනු, කුම්භ ලග්න වල යෙදී ඇත්නම් රාජ යෝගයක් බඳුය.

මෙම යෝගය තිබුනු ප්‍රසිද්ධ අය ලෙස, ලලිත් ඇතුලත් මුදලි මහතා, ආචාර්ය වල්පොල රාහුල ස්වාමින්වහන්සේ, වලිසිංහ හරිස්චන්ද්‍රතුමා, සර් ජේම්ස් පීරිස් මහතා, පංචාංගලිතේ ආදි කතෘ අහුන්ගල්ලේ ගුරුතුමාද කිව හැක.

එසේම 3, 6, 8, 12 යන රාශි වල මෙම යෝගය යෙදී ඉතිහාසයටම නම රැන්ඳු අය ලෙස වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අතිපූජ්‍ය රේරුකානේ චන්ද විමල ස්වාමින්වහන්සේ, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා, ටී.බී ඉංගරත්න මහතා දැක්විය හැක...

Thursday, January 23, 2014

දිවි අවුල් කරන “කාම යෝග“

ලෞකික ජීවිතයේ මනුෂ්‍යයන්ට කාම සම්පත් අවශ්‍ය වේ. මෙහිදී අප සලකන්නේ සදාචාරාත්මක රාමුවක සිට එම සම්පත් වැළදීමයි. මෙහිදී විවිධාකාර අඩුපාඩුකම් නිසා වර්තමාන පවුල් ජීවිත ගත කරන බොහෝ අයට (ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයටම) අනියම් සම්බන්ධතා බොහෝ සෙයින් ඇති බව පෙනේ.

ඒවා ඇතිවන්නේ ඇයි ?
මෙයට පිලිතුරක් සොයා ගැනීමට ජෞතිෂ්‍යය සිද්ධාන්ත උපයෝගි කරගෙන යම් කිසි තබන සටහනකි මෙය.

_කේන්දර වල ලග්නයට ලග්නය ගැලපීම සහ නැකතට නැකත ගැලපීම_

ලග්නයට ලග්නයට උදාහරණයක් ලෙස, ලග්නයට ලග්නය ගැලපෙනවා කියන්නේ කන්‍යා ලග්න හිමියෙකුට මීන ලග්නයෙන්ද, මීන ලග්න කරුවෙකුට කන්‍යා ලග්නයෙන්ද, තුලා ලග්න හිමියෙකුට මේෂ ලග්නයෙන්ද වෘෂභ ලග්න හිමියෙකුට වෘශ්චික ලග්න හිමියෙක්ද යනාදි ලෙස මෙවන් ලග්න 2ක ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයකට සාර්ථකව පවුල් ජීවිත ගත කල හැකි බව පොදුවේ කිව හැක.

* එමෙන්ම කෙනෙකුගේ ජන්ම පත්‍රයේ “කුජ“ සිටින රාශියේ අනිත් අයගේ “සිකුරු“ සිටී නම් ඔවුන් දෙදෙනාගේ ‘අඹුසැමි ප්‍රිතිය‘ ඉතාම ඉහල වේ.

* තවද ලිංගික ජීවිතයේ සතුට හා ප්‍රීතිය සමතුලිත වීමට මෙම ග්‍රහ යෝග ඉතාම අවශ්‍ය වේ. මෙම ග්‍රහ පිහිටිම් නැත්නම් පවුල් ජිවිතයේ යම් යම් අඩුපාඩු මතුවී ඒවා විවාහ දෙදරා යාමට තරම් ප්‍රබලව ක්‍රියාත්මක වේ.

* තවද කාන්තාවන්ගේ ජන්ම පත්‍රයේ සඳු/චන්ද්‍ර, සිකුරු/ශුක්‍ර, කුජ ශුභ ස්ථාන වල(7, 9, 11) පිහිටා ඇත්නම් එම අයගේ ජීවිත ඉතාම යහපතින් සහ ප්‍රීතියෙන් ගත වේ.

** මෙහිදි අප සඳහන් කරන්නේ අඟහරු දෝෂ නොමැතිවයි.

: ඔබගේ හඳහනෙත් මේ යෝග ඇත්දැයි කියා...

Wednesday, January 22, 2014

රාහු කේතු ගැන යමක්..

රාහු කේතු යනු පූර්ණ ග්‍රහයන් නොව ඡායා ග්‍රහයන්ය. එනිසා බලපෑම අඩු බව සිතුවත් ජෞතිෂ්‍යයේදි රාහු කේතු ඉතා වැදගත් වේ. දෙදෙනාගේ විශේෂත්වය නම් දෙදෙනාම එකිනෙකාගෙන් 7 වැන්නෙ පිහිටීමයි. (බලන්න ඔබේ කේන්ද්‍ර සටහනේත් රාහු සහ කේතු සිටින්නේ එකිනෙකාට 7ක් දුරින් බව)

රාහු කේතු එක් පසක වෙනත් ග්‍රහයන් නොපිහිටීමෙන් “කාල සර්ප යෝගය“ නැමති බලවත් අකුසලයක් නිසා ඇතිවන යෝගයක් ඇතිවේ.
කාල සර්ප යෝගයද 6 ආකාරයකට යෙදේ. කාල සර්ප යෝගයේ රාහු කේතු, ගුරු ග්‍රහයාට නොපෙනේ නම් එහි ප්‍රතිඵල දරුණු විය හැකි බව පොදුවේ පිලිගනි.

රාහු ජෞතිෂ්‍යයේ කියවෙන්නේ නාග හිසක් සහිත මිනිස් හිසක් ඇති කෙනෙකු ලෙසය.
කේතු මිනිස් හිසක් ඇති නාග කඳක් ඇති කෙනෙකු ලෙසය.
එනිසා රාහු බලය වැඩි අය නිතර ඇවිදින බවද කේතු බලය වැඩි අයට ඉගෙනීමට හැකි බවද පොදුවේ කියයි.

පසුවට කාලසර්ප යෝගය ගැනද රාහු - කේතු කේන්දර වල සිටින කොටුව අනුව පොදු විස්තරයක් ලබාදීමට බලාපොරොත්තු වෙමු.

කතරගම දෙවියන්ගෙන් සෙත ලබාගන්න සෙත් කවියක්...


Tuesday, January 21, 2014

ශ්‍රී විෂ්ණු දෙව් රජගේ සෙත ලබාගැනීමට සෙත් කවියක්




විශ්ව පාලක ලෙස සැලකෙන ශ්‍රී විෂ්ණු දෙවියන්ගෙන් සෙත ලබාගැනීමට සෙත් කවියක්...

බුදු දහමේ සඳහන් වන පරිදි බුදු රදුන් විසින් බුදු සසුන පිළිබඳ සොයා බැලිය යුතු යැයි පවසන ලද උපුල්වන් දිව්‍ය රාජයා විෂ්ණු දෙවියන් බවට මතයක්ද පවති.

ගුරු 9 වැන්නේද ?

කුමන ලග්නයට අයිති කේන්ද්‍රයක වුවද 9 වැනි කොටුවේ “ ගුරු‘“ ග්‍රහයා සිටීම ඉතාම වාසනාවන්ත ග්‍රහ යෙදුමක් බව ඔබ දන්නවාද... ?

සියලු යස ඉසුරු ලැබෙන පිහිටීමකි. උසස් අධ්‍යාපනය ලැබීමට හැකිවීම, ආගම දහමට ගරු කරන පිළිපදින කෙනෙකු වීම, වැඩිහිටියන්ට ගරු කරන කෙනෙකු වීමට භාග්‍ය ඇතිවේ. අන් අයගෙන් ගරු බුහුමන් ලබයි. සිල්වතෙකු ලෙස සිට සිල්වතෙකුව මරණයට පත්වේ... මරණයද යහපත් එකක් වීමට හැකියාව ඇත.

සමාජයේ බැබලෙන කෙනෙකි. අන් අයට ගුරුහරුකම් ලබාදීමට හැකියාව ඇත්තෙකි. අන් අයගෙ ප්‍රශංසාවට, ගරු බුහුමනට ලක්වේ.

ශාන්ති කර්ම වලට විශාල කැපකිරීම්, වියදම් යන්නෙ ඇයි ?

ග්‍රහ අපල වලට කරන ශාන්ති කර්ම වලට විශාල කැපවීමක් මෙන්ම වියදම් දැරීමට සිදුවීම බොහෝ දෙනෙකුගේ පුදුම සහගත මෙන්ම කරදරකාරි දෙයක් වී ඇත. එසේම එක කාලයක අපලයකට ශාන්ති කර්ම සිදුකර තවත් අපලයක් පැමිණි විට එයටද ශාන්ති කර්ම කිරීමට සිදුවීමටද අකමැති බව පෙනේ.

මුලින්ම අප වටහාගත යුත්තෙ අපල ලෙස කේන්දරයේ දැක්වෙන්නෙ අප විසින් පෙර කරන ලද අකුසල වැනි දෑ බවයි. ඒවා සමනය කිරීම පහසු නැත. යම් අකුසලයක් කර ඇත්නම් එයට විපාක හිමිවේ. ශාන්ති කර්ම වලින් සිදු කරනුයෙ එම අපල වලට යම් හෝ සහනයක් සිදුකිරීමට උත්සහ ගැනීමයි.

අපල වල බාධා අඩුකිරීමට කරන විවිධාකාර ක්‍රම ඇත. දැන් කියන්නට බලාපොරොත්තු වන්නෙ ශාන්ති කර්ම ආදි වෙහෙස ගෙන කරන දේවල් ගැනයි.
එවන් ශාන්ති කර්ම වලදි යන්තර සූත්‍ර ආදිය ජපකර පැළැන්දවීම සිදු කරයි. එහිදී එම යන්ත්‍රය ජප කරන තැනැත්තා කවරෙකු වුවද ඔහු මනා පැවැත්මෙන් සිටිය යුතුය. එනම් සිල්වතෙකු විය යුතුය. ඊට අමතරව මස් මාංශ, මත් වතුර ආදියෙන් දුරුවී සිටීම අනිවාර්ය වේ. ජප කරන දිනවලදි ඔහුගේ පැවැත්ම නිවරදිවීම අතිශයින් අවශ්‍ය වන්නෙ එසේ නොවුනොත් සුභ පල අඩුවිය හැකි බැවිනි.

මෙසේ ජප කිරීමද පහසු නැත 108, 1800, 18000 පමණක් නොව ලක්ෂ වාරයක් පමණ මැතිරීමටද සිදුවේ. ඒවාට බොහෝ කාලයක් ගතවේ...
* අපල ඇති තැනැත්තාගේ අපල ජපකරන්නාට පැමිණීමක්ද මෙහිදී සිදුවේ. එවිට ජප කරන්නා එයින් ආරක්ෂාවීමට නැවත ආරක්ෂා කරගැනීම් කල යුතුය. ( එම කටයුතු කරන අය හිටි හැටියේ ලෙඩ වන්නෙ, මරණයට පත් වන්නෙ එම හේතු නිසාය)

එනිසා මේ කටයුතු සුළු පටු ඒවා නොවේ. ශාන්ති කර්ම කරන්නෙ නම් ඒවා දැනගෙන කරගැනීම මැනවි.

හිතන්න..


ඩී එම් ශාන්ත බණ්ඩාර වෙල ‘සමනල ෆුඩ් කැබින් අධිපතිතුමා

“ ඉතාම දුෂ්කරම කාලයක් ගත කරමින් සිටියදී ලබාදුන් ජෞතිෂ්‍යමය උපදේශන සහ ඊට අදාල ශාන්ති කර්ම නිසා අද මා ව්‍යාපාරික මට්ටමින් ඉහලට පැමිණෙමින් සිටිමි.

ඊට විශේෂ හේතුවක් නම් මෙම ආයතනයේ ප්‍රවීණ ජෞතිෂ්‍යයවේදී වසන්ත රාජකරුණා මහතා දුන් ධනසාධනීය ආකර්ෂණ යන්ත්‍රයත් මහා විෂ්ණු ලක්ෂ්මී යන්ත්‍රයත් හේතු කරගෙනය. 
මාගේ ව්‍යාපාර කටයුතු වැඩිදියුණු විය. 
මා ලගදීම තවත් ව්‍යාපාරික ආයතනයක් පටන් ගැනීමට අදහස් කරමි. එහිද මූලික වාස්තු පරීක්ෂණ වසන්ත රාජකරුණා මහතා විසින් කරදෙන ලදි. 
මෙතුමාගේ සේවය මෙරට පිටරට සියලු දෙනාගේ දැනගැනීම පිණිස මෙය පල කරමි. එතුමන්ට සහ මෙම ආයතනයට ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යාමට හදවතින්ම සුබ පතමි “.

ඒ ගැන මගෙන් විමසීමටඑතුමාගෙන් දිගින් දිගටම දුරකථන ඇමතුම් මගින් ඇසීම කරදරකාරි බවට අපට පවසා ඇති නිසා දුරකථන අංකය වෙනස් කරන්නට කටයුතු කර ඇත.

සතියේ ලග්න වල ඉරණම

ජන. 20 සිට ඉදිරියට

මේෂ

ඔබට මේ සතිය ශුභාශුභ මිශ්‍ර පල ලැබෙන සතියකි. එයින්.... ආර්ථිකය
ආර්ථික තත්වයේ ප්‍රබල වෙනස් වීමක් බලාපොරොත්තු විය හැක. සතියේ මුල් දවස් 2දි ආර්ථික තත්වය යහපත් වේ. ණය තුරුස් වලින් නිදහස් වේ. එමෙන්ම දී තිබූ ණය අය වේ. එමෙන්ම වැඩිහිටි ඥාතියෙක්ගෙන් පවුලේ දියුණුවට මුදල් ලැබේ.
ගුරු, බැංකු, ව්‍යාපාරික අයගේ ආර්ථිකය දියුණු වේ. මුදල් ලැබේ. ඉහත කී පරිදි සතියේ මැදදී ණය වීම ප්‍රවේශමින්.
පවුල් ජීවිතය යහපතින් ගත වේ.
තත්කාල ග්‍රහචාරයේ සිකුරු ග්‍රහයා 9 වැන්නේ වීම නිසා අඹුසැමි ප්‍රේමය වැඩි දියුණු වේ. දරුවෙක් බලාපොරොත්තු විය හැක. දුර බැහැර ගමන් යෙදේ.
බඩේ අමාරු, කාන්තාවන්ගේ ප්‍රජනන සෞඛ්‍යයේ සංකූලතා පොදුවේ මේෂයට තුන්දොස් සහ ඇස් වහ කටවහ දෝෂ නිසා යම් යම් බලපෑම් ඇතිවිය හැක.

වෘෂභ

මෙම සතිය ඉතාම ශුභදායක සතියකි. මෙය සතිය පුරාම පවතී. පෙර පින් පල දෙන කාලයකි. අගහිඟකම් අඩුවේ. සතුරන් පරාජය වේ.
ආර්ථිකය යහපත්ය. ජලය ආශ්‍රිත විදේශ රැකියා ආහාර පාන හෝටල් හා බුද්ධිය මෙහෙයවා රාජකාරි කරන අයට කාලය යහපත් වේ. ඉතාම ශුභයි. නුවණ යොදවා මුදල් සහ බලය හිමිකර ගැනීමට පුලුවන. මෙය දේශපාලනය කරන අයටද ඉතාම ශුභ කාලයකි.
පවුල් ජීවිතය ඉතාම යහපතින් ගත වේ. විශේෂයෙන්ම ගුරු චන්ද්‍ර මහ දසා ගත කරන අයට ඉතාම හොඳයි. ස්වාමි භාර්යා දෙපාර්ශවයටම සුභයි. නමුත් දරුවෙකුගේ යම් කිසි අපලකාරි තත්ව නිසා යම් සිදුවීම් සිදුවීමට පුලුවන.
වෘෂභ ලග්නයේ අයගේ දරුවන් ගැන හදහන් බලවා ගන්න.
සෞඛ්‍ය තත්වයද තරමක දුර්වල තත්වයක් පෙන්වයි. එයින් නිදන්ගත රෝග ඇති අයත් බඩේ අමාරු සහ රත්පිත් අමාරු තියෙන අයත් ප්‍රවේසම් විය යුතුය. එය පාලනය කරගන්න.

මිථුන

මෙම සතිය ඉතාම ශුභයි. චන්ද්‍රයාගේ ගමන ඔබව ශුභ ගමනකට මග පාදයි. මේ සතිය පුරාවටත් ග්‍රහ බලය අතිවිශිෂ්ඨව තිබේ.
ආර්ථිකය
තමන්ගේ නුවණ යොදවා කරන සියලුම කටයුතු ශුභ බව පෙන්වයි. එමගින් ආර්ථික තත්වය යහපත් වේ. භූමිය සම්බන්ධ දේ ඉන්ධන, ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළදාමේ නියුතු අයට යහපත්ය. විදේශගතවීමට බලාපොරොත්තුව සිටියෙ නම් මුල් දවස් 3දි එයට මග පෑදේ. ආර්ථිකය පොදුවේ යහපත්ය.
අඹුසැමි සතුට උපරිමයි. එයින් දෙදෙනා අතර ලිංගික සතුට උපරිමයට පවති. සඳුගේ දෘෂ්ඨිය සිකුරුට වැටීම නිසා තදබල කාමාශාවක් මේ සතිය පුරාම පවතී. ඉතාම බලවත් කේන්දරයක් හිමි දුවෙක් හෝ පුතෙක් පිළිසඳ ගැනීමට මිථුන ලග්නය හිමි අඹුසැමි යුවලකට පුලුවන.
සෞඛ්‍ය තත්වයද යහපත්ය. උෂ්ණාධික රෝග, බඩේ අමාරු ගැන සැලකිලිමත් වන්න.

කටක
කටක ලග්නයට මෙම සතිය එතරම් ශුභදායක තත්වයක් නොපෙන්වයි. මන්ද ලග්නය පුරාවට දුර්වල ග්‍රහචාරයක් පෙන්වන බැවිනි.
ආර්ථිකයට ප්‍රබල බාධක තිබේ. එයින් ප්‍රධාන වශයෙන් කේතු 10 වැන්නේ සිට ආදායම නවතයි. චන්ද්‍රයාගේ දෘෂ්ඨි නිසා කාන්තාවන් සමග කරන කටයුතු වලින් 100%ක්ම පාඩු සිදුවේ. පොදුවේ ආර්ථිකයට එතරම් ශුභ තත්වයක් නොපෙන්වයි. උත්සාහයෙන් කටයුතු කල යුතුය.
ගෘහ ජීවිතය
පදිංචි ස්ථාන සම්බන්ධව යම් යම් ගැටළු ඇතිවිමට පුලුවන. ස්ථාන මාරුවීමටද පුලුවන. අඹුසැමියන් අතර ඒ තරම් සුහදතාව නොපෙන්වයි. මෙම කාලයෙදි ප්‍රේම සබදතාද බිද වැටීමට ඉඩ තිබේ. වචන පාවිච්චිය ප්‍රවේශමෙන්.
සෞඛ්‍ය තත්වය පපුවේ සෙම් අමාරු කකුල් කැක්කුම ඌෂ්ණාධික රෝග ඒවා වලින් ආරක්ෂා වන්න.

සිංහ

මෙම සතිය පුරාවටම ඔබට ශුභයි. අලුත් මිත්‍රයන් මුණ ගැසේ. උසස් පෙලේ මිත්‍රයන්ය. එයින් ඔබට ලාභ ප්‍රයෝජන ලැබේ.
ආර්ථිකය
උත්සාහයෙන් උනන්දුවෙන් දියුණු විය හැක. විදේශ ගත අයගෙන් උදව් උපකාර ලැබේ. ලැබෙන මුදල් ප්‍රවේශම් කරගැනීමට ඔබට නුවණ අවශ්‍යයි. ප්‍රවේශම් වන්න. එමෙන්ම මෙම සතියේ මුල් දවස් 3දි ලොතරැයිපත් දිනුමක් ලැබීමට ඉඩ ප්‍රස්ථා වැඩිය.
පවුල් ජීවිතය
පවුල් ජීවිතය යහපත්ය. අඟහරු මහ දසා ගත කරන අයට, රාහු මහ දසා, සෙනසුරු මහ දසා ගත කරන අයද ප්‍රවේශමින් සිටීම මැනවි. වෙනත් ප්‍රබල අපල නැත.
සෞඛ්‍ය තත්වයද ලොකු අපල තත්වයක් නොපෙන්වයි. සෙම් අමාරු වලින් පරිස්සම් වන්න.

කන්‍යා

මෙම සතිය ඔබට විවිධ හැලහැප්පීම් සමග ජීවත්වීම නියමයි. එයින් ශුභාශුභ මිශ්‍රව ලැබේ.
ආර්ථිකය
ප්‍රබල වෙනසක් නොවූවත් ලැබෙන මුදල් කලමනාකරණය කරගැනීමට ඔබ අතේ පවතී. මාපියන්ගෙන් කාන්තා පක්ෂයෙන් උදව් උපකාර ලැබේ. මුදල් ලැබේ. වියදමත් ඒ හා සමානව පවතී. ඒ ගැන සැලකිලිමත් වන්න.
පවුල් ජීවිතය දෙදෙනා අතරද දරුවන් අතරද බොහෝම අවධානයෙන් කාලය ගත කල යුතු සතියකි. මන්ද සඳු 12 වැන්නේ පිහිටා කුජ ලග්නයේ සිටීම නිසා තරහ යාම සහ ඉක්මන් තීරණ ගැන දෙවරක් සිතා බැලිය යුතුය.
සෞඛ්‍ය
ලේ පිත් දෝෂ පපුවේ සෙම බඩේ දැවිල්ල හා කාන්තාවන්ගේ ලිංගික සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුය. විසේසයෙන්ම කන්‍යා ලග්නයේ ගැබිණි මව්වරුන් ප්‍රවේසම් විය යුතුය.

තුලා
තුලා ලග්නයෙ ඔබට මෙම සතිය පෙරලිකාර සතියකි. ආර්ථිකය යහපත්ය. ලැබීම ලැබේ. විසේසයෙන්ම තුලා ලග්න අයගේ වැඩිමහල් සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ. තාන්න මාන්න ලැබේ. අලුත් නිලතලද යාන වාහනද ලැබේ. පෙර පිනද ඇත. නමුත් ලග්නයේ ඇති ග්‍රහ පිහිටීමත් සමග අනවශ්‍ය කලබලය කේන්ති යාම මේවා තුලා ලග්න ඔබගේ දැවැන්ත දුර්වලකම්ය. එම තත්වය මගහරවා ගන්න.
පවුල් ජීවිතය යහපත්ය. කේතු 7 සිටින නිසාත් සිකුරුගේ හා සඳුගේ බැල්ම වැටීම නිසාත් තුලා ලග්න අයට මේ සතියෙදි අනියම් කම් සැප ලැබීමට ඉඩ ඇත. එයින් යුග දිවියට යම් අයහපත් බලපෑමක් එල්ලවීමට පුලුවන. ඒ ගැන සැලකිලිමත් වන්න.
සෞඛ්‍ය
පාද වල ආබාධ, හිසේ අමාරු, පපුවේ සෙම ප්‍රවේසම් වන්න.

වෘශ්චික
මෙම සතිය තරමක දුර්වලකම් පෙන්වයි.
ආර්ථිකය යහපත් නොවේ. විදේස රැකියා කරන අයට යහපත්ය. නාවුක වෙලද හෝටල් සංචාරක ක්ෂෙත්‍ර අලෙවි ප්‍රවර්ධන අයට මෙම සතිය සුබයි. දුර බැහැර ගමන් වලින් වාසි යෙදේ. එමෙන්ම ගොඩනැගිලි ද්‍රව්‍ය සහ භූමිය සම්බන්ධ කටයුතු කරන අයට මේ සතිය සුබයි.
පවුල් ජීවිතය විශාල සුභ තත්වයකුත් නොමැත. අසුබ තත්වයකුත් නොමැත. මධ්‍යස්ථව පවතී.
සෞඛ්‍ය තත්වය නිදන්ගත රෝග තිබෙන අය සැලකිලිමත් වන්න. ප්‍රබල අපල නොමැත.

ධනු
මෙම සතිය වාසනාවන්තම සතියකි. මෙම සතිය පුරාම සුපිරි ග්‍රහ බලයක් ඔබගේ ලග්නයෙන් විද්‍යාමාන වේ.
ආර්ථිකය යහපත්ය. පොලිසිය ත්‍රිවිධ හමුදාව විදේස රැකියා ඉංජිනේරු සහ ගොවිතැන් කරන අයට ඉතාම ශුභයි. පෙර පින් පලදෙන සතියකි. මෙම සතියෙදි හදිසි ධනලාභ ලැබීමට හේතුයි. තවද හවුල් ව්‍යාපාර කරන අය මේ කාලයෙදි යම් ශුභ ප්‍රතිඵල අත් කරගනී. ප්‍රබල දෝෂ නැත.
පවුල් ජිවිතය යහපත්ය. අඹුසැමි ප්‍රීතිය ඇතිවේ. ලිංගික ශක්තිය දියුණු වේ. වැඩිපුර අඹුසැමි සම්බන්ධකම් ඕනෑ කරන සතියකි. එහි ප්‍රීතිය දියුණු වේ. මෙය අලුත විවාහ පත් අයට නම් ඉතාම යහපත්ය. ධනු හා මිථුන නම් ඉතාමත්ම යහපත්ය. දරු සම්පත් ලැබේ.
සෞඛ්‍ය
ප්‍රබල සෞඛ්‍ය දෝෂ නොපවති.

මකර
මෙම සතිය යහපත්ය.
ආර්ථිකය ව්‍යාපාරික කටයුතු කරන අය සංචාරක ව්‍යාපාරය කරන අය සහ ඉහල වෘත්තිකයන්ට හොඳ කාලයකි. විසේසයෙන්ම සතිය මැදදී විදේශ රැකියා බලාපොරොත්තු වන අයට සාර්ථකත්වය උදාකරගත හැක. ප්‍රබල දෝෂ නොමැත.
පවුල් ජීවිතය තරමක දෙදෙනා අතර හිත් නොහොඳවීම ඇතිවිය හැක. එම නිසා දෙදෙනාම ඉවසීමෙන් කටයුතු කරන්න. සඳු මහ දසා, ගුරු මහ දසා සහ රවි මහ දසා ගත කරන අය ප්‍රවේසම් වන්න. එය අශුභ තත්වයකි.
ප්‍රබල සෞඛ්‍ය දෝෂ නැති වුවත් ජලයෙන් සහ සෙම වලින් ඇතිවන රෝග වැලදී පාදවල අපහසුතා වාපිත් සෙම් අමාරුකම් ඇතිවීමට ඉඩ ඇත.

කුම්භ
මෙම සතිය යහපත්වේ. පෙරලිකාර සතියකි.
ආර්ථිකය යහපත්ය. තමන්ට පවුලේ හිතවත් අයගෙන් උදව් උපකාර ලැබේ. එය වැඩිමහල් සහෝදරයන්ගෙන් වීමට පුලුවන. ඉතාම ශුභයි.
පවුල් ජීවිතයේ අඹුසැමි ප්‍රීතිය ඇතිවේ. විවාහ පත්වූ නව යුවලක් නම් ඔවුන්ගේ දරු සම්පත් සම්බන්ධව අලුත් බලාපොරොත්තු තබා ගැනීමට පුලුවන. යුවතිපතින්ට නව නිවාසයක සිටීමට වාසනාව ලැබේ.
සෞඛ්‍ය සම්බන්ධව නම් ගැටළුවක් පවතී. කුජ 8 වැන්නෙ නිසා හදිසි අනතුරු, පාරෙදි වන අනතුරු වලින්ද බෝවෙන රෝග වලින්ද පරිස්සම් වන්න.

මීන
මෙම සතිය තරමක අර්බුදකාරි සතියකි. මන්ද යෝගකාරක සඳු ග්‍රහයා ලග්නෙන් 6 වැන්නෙි සිටිමයි.
ආර්ථිකය යහපත් වන නමුදු ඉතුරු කිරීම ඒ තරමටම දුර්වල බව කිව යුතුය. අනවශ්‍ය වියදම් නිසා තමන් මහා පරිමාණ පීඩාවකට පත්විය හැක.
පවුල් ජීවිතය තුල යම් යම් හැලහැප්පීම් ඇත. ඒවා ඉදිරි කාලයෙදි අත්මිදේ. අඹුසැමියන් අලුත විවාපත් නම් ඒ අය වගකීමෙන් කාලය ගත කල යුතුය. සෞඛ්‍ය නම් හිසේ ආබාධ බඩේ කැක්කුම් ඒවා ගැන පරිස්සම් වන්න. වෙනත් අපල නොමැත.

සිතන්න

ඔබ සිල්වන්ත නැතිනම්, නීතියට පිටින් කටයුතු කරයි නම්, අන් අය බිඳවීම වැනි වැරදි කරයි නම් ඔබ කෙතරම් බලවන්තයෙකු වුවද යම් කාලයක එයට ප්‍රතිවිපාක ලැබෙන බව සිතේ තබාගන්න.

බුදු දහමේ සදහන් පරිදි මාර පාක්ෂික බලවේග යම් කාලයක් නපුරට වැරදි වලට අනුබල දේ.
නමුත් කර්මය විපාක වශයෙන් පල දෙන විටදී “ කරන කලට පව් මිහිරිය මීසේ විඳන කලට දුක් දැඩිවෙයි ගිනිසේ “ ලෙස ඵල දෙනු ඇත.

ජෞතිෂ්‍යය අනුවද ඉතාම අපල කාල වල සමහර පුද්ගලයන්ට මුල් කාලය සියලුම දේ සාර්ථක කර දෙයි. එයින් එම ග්‍රහයන් විසින් උත්සහ කරන්නෙ සියල්ල හොදින් දුන්විට පැවැත්ම බැලීමටයි. නමුත් වරදින් සිටියේ නම් පසුකාල වලදි බිහිසුණු ලෙස විපාක ලබාදේ...

එනිසා තම ජීවිතය යහපත් කරගෙන, ලෞකික ජීවිතය ජය ගෙන අවසානයේ උතුම් වූ නිවන සාක්ෂාත් කරගැනීමට කටයුතු කරන්න..

බුදු සරණයි !

Saturday, January 18, 2014

“ බාධක ග්‍රහයා “ කවුද ?

කේන්දර සටහනක් පිලිබදව විස්තර කිරීමේදී ගතවන මහ දසා අතුරු දසා, විදසා මෙන්ම ගෝචර පලද ප්‍රකාශ කරන අතර දශාධිපතින්ගේ වෙනස්කම් ආදිය පවසයි.
නිතර කතා නොකලද කේන්දර විස්තර පැවසීමේදී “බාධක ග්‍රහයා“ ද වැදගත් වේ.
බාධක ග්‍රහයා යනු බාධා, දුෂ්කරතා ඇති කරන්නෙකි.

රාශි 12 චර රාශි, තිර රාශි, උභය රාශි ලෙස වර්ග 3කට බෙදයි.

ඒ අනුව චර රාශි 4
මේෂ, කටක, තුලා, මකර
චර රාශි වල බාධක රාශිය වන්නෙ 11 වැන්නය.

තිර රාශි 4
වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ
තිර රාශි වල බාධක රාශිය වන්නේ 9 වැන්නය.

උභය රාශි 4
මිථුන, කන්‍යා, ධනු, මීන
උභය රාශි වල බාධක රාශිය 7 වැන්නය.

ඒ අනුව ලග්න 12ට බාධක ග්‍රහයන් මෙසේය.

මේෂ - 11වැන්නාධිපති කුම්භ = ශනි

වෘෂභ - 9 වැන්නාධිපති මකර = ශනි

මිථුන - 7 වැන්නාධිපති ධනු = ගුරු

කටක - 11 වැන්නාධිපති වෘෂභ = සිකුරු

සිංහ - 9 වැන්නාධිපති මේෂ = කුජ

කන්‍යා - 7 වැන්නාධිපති මීන = ගුරු

තුලා - 11 වැන්නාධිපති සිංහ = රවි

වෘශ්චික - 9 වැන්නාධිපති කටක = චන්ද්‍ර

ධනු - 7 වැන්නාධිපති මිථුන = බුද

මකර - 11 වැන්නාධිපති වෘශ්චික = කුජ

කුම්භ - 9 වැන්නාධිපති තුලා = සිකුරු

මීන - 7 වැන්නාධිපති කන්‍යා = බුද

අවාසනාවන්තයන් බිහිවන කේමදාම යෝගය

වසර කීපයකට පෙර ජෞතිෂ්‍ය දන්නා බව කියූ කීපදෙනෙකු සමග කතා කිරීමේදී ජෞතිෂ්‍යයේ තිබෙන්නාවු බොහෝ යෝග අතර තිබෙන එක් යෝගයක් වන “කේමදාම යෝගය“ ගැන කතා කරන ලදි.
බොහෝ පොත් කියවා සිටි ඒ අය කිව්වෙ කේමදාම යෝගය තිබේ නම් ඒ තැනැත්තා අනිවාර්යෙන්ම “ කිළිටි ඇඳුම් අදින සිතෙහි දුක පිරී ගිය අවාසනාවන්තයන්“ වන බවයි. තවද තම පරපුරට නින්දා ගෙන දෙන, රජ වංශයක ඉපදුනද දුර්ජන අවාසනාවන්තයෙක් වන බවයි.

කෙසේ වුවද අප දකිනා ලද ඉතාම වාසනාවන්ත ජීවිත ගත කරන කේන්ද්‍ර සටහන් වල කේමදාම යෝගය පැහැදිලිව ඇත. කේමදාම යෝගය ඇති වන්නෙ සඳු/චන්ද්‍රයා සිටින කොටුව දෙපස ග්‍රහයන් නොපිහිටීමෙනි. එසේ වුවද සඳුට හෝ සඳු දෙපස හිස්ව ඇති රාශින්ට සුබ ග්‍රහයන්ගේ බැල්ම ලැබේ නම් එම නරක තත්වයන් දුරුවී වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට හැකියාව ඇත.

අප විසින් ඒ ගැන පැහැදිලි කිරීමෙන් අනතුරුව බුදු දහම ජෞතිෂ්‍යය ඉවතලන බවත් එනිසා බුදු දහම ගැන කතා කිරීම සුදුසු බවත් පවසන ලදි.
කෙසේ වුවද එහිදී අපට පැහැදිලි වූයේ එම අය ජෞතිෂ්‍යයට අදාල පොත් කියවා ඇතිමුත් ප්‍රායෝගිකව ජෞතිෂ්‍යයේ සත්‍යාසත්‍යතාවයන් සොයා බලා නැති බවයි.

එනිසා ජෞතිෂ්‍යය ගැන උනන්දුවක් ඇති අයෙකු වේ නම් පොත් පත්වල තියෙන දේ සැබෑවට සිද්ධ වන්නේද යන්න සොයා බලා කටයුතු කර සාර්ථකව පලාපල ලබාදීම වටී.
ජෞතිෂ්‍යය විද්‍යාව ඇත්තෙ මිනිසුන්ට යහපත කිරීමට මිස මිනිසුන් බිය කිරීමට නොවේ.

කේමද්‍රාම යෝගය භංග වන ලක්ෂණද ජෞතිෂ්‍යයයේ දැක්වේ...

1. චන්ද්‍රයා/සඳුගෙන් කේන්දරස්ථානයක(1, 4, 7, 10) ග්‍රහයන් සිටීම.

2. ලග්නයෙන් කේන්දරස්ථාන 1ක හෝ වැඩි ගණනක ග්‍රහයන් සිටීම ( 4 වැන්න විසේසිතය)

3. චන්ද්‍ර නවාංශකයේ එක් පසෙක් හෝ දෙපසම ග්‍රහයන් සිටීම.

4. ග්‍රහයන් කීප දෙනෙකුගෙන් බලවත්වූ දෘෂ්ඨි ලැබීම.

__ අත්දැකීම් ඇසුරෙන් __

ස්ත්‍රි කේන්දර සටහනක රවි උච්ච වුවොත්, ඇගෙ විවාහ සහකරුගේද රවි උච්ච වීම වැදගත් වේ.

රවි සමග කුජත් සිටී නම් එවන් කාන්තාවන් තම මතයේ දැඩිව එල්බගෙන ඉන්නා අය වෙති.

රවි සහ කුජ/අගහරු 2, 7, 8 යන තැන් වල සිටී නම් සැමියා පාලනය කිරීමට මහන්සි ගන්නා කෙනෙකි. සැමියාගේ ඉවසීම මත විවාහය රැකෙනු ඇත.

කුජ/අගහරු 1, 4, තැනක තැන්පත් කාන්තාවන් ආදරය සෙනෙහස පෙන්නීමට අකමැති අය වෙති. කුජ 10 සිටී නම් ඒත් මුරණ්ඩු ගති ඇත. 

Thursday, January 16, 2014

* මානසික රෝගීන්, ඔත්පල වූ අය, අබ්බගාත වූ අය යනාදි අයට ඔබ විහිළු කරන කෙනෙක්ද ?

මතක තබාගන්න එවන් අසරණ වූ මානසික රෝග ඇති අයට විහිළු කිරීම නොමනා දේ කිරීම මනුෂ්‍යත්වයට නිගා දෙන්නක් සේම විශාල පවකි.

කිසිවෙකුට හෝ රාහු, ශනි යනාදි අපල තත්වයන් දුරු කරලීමේ එක් ක්‍රමයක් ලෙස මානසික රෝගීන් වැනි අසරණ අයට දන්දීම ප්‍රකාශ කරන්නකි.

අසරණ වූ එවන් අයට අසාධාරණ කටයුතු යම් කෙනෙකු කලේ නම්, රාහු, ශනි වැනි දසා අතුරු දසා ආදියේදි බොහෝ කොට දරුණු විපාක ලැබෙනු ඇත.

අපට ජෞතිෂ්‍යය ශාස්ත්‍රය ඉගැන්වීමට උත්සහ දරන අයගෙන් අඩුවක් නැත. සමහරෙක් පවසන්නේ භාව කේන්දර සටහන නොව දළ කේන්දර විග්‍රහයෙන් සෑහිමකට පත්විය යුතු බවයි.
අප විසින් එවන් සේවා ලබා නොදේ. අප විසින් භාව කේන්දර පරික්ෂාවක් හෝ එසේත් නැතිනම් කරන්නෙ සූක්ෂම කේන්දර පරික්ෂා පමණි.

පසුගිය කාලය පුරා භාව කේන්දරය භාවිත නොකිරීමෙන් ඇතිවන ගැටළු ගැන අප විසින් දැනුවත් කිරීම් කර ඇත.
අපට මේවා ඉගැන්වීමට තැත් දරන අය ඒවා නොදැනීම අපගේ වරදක් නොවේය.

ඒ ගැන පැවසීමට අප විසින් භාව කේන්දරමය විග්‍රහයක් ලබාදූන් කේන්දර සටහනක මුල් විස්තරය ..

මෙම කේන්දරයෙදි පලමුව බැලිය යුත්තේ බාලාරිෂ්ට යෝග තිබේද යන්නයි. එනම් කුඩා කාලයෙදි අසනීප හා ආබාධ වලට හේතු වන්නේද යන්නයි.

“ මෙහි 2 වැන්නෙ කේතු 8 වැන්නෙ රාහුත් ඇත. කේතු මේෂයේ 15 වෙනි අංශකයේ 22වන කලාවේ පිහිටා ඇත.
රාහු තුලාවේ 15 අංශකයේ 22 කලාවේ පිහිටා ඇත.
ශනි තුලාවේ 15 අංශකයේ 40 වන කලාවේ පිහිටා ඇත.
සිකුරු ස්වක්සෙත්‍රව 24 අංශකයේ 36 වන කලාවේත්,
බුද අංශක 3යි 26වන කලාවේත් පිහිටා ඇත.

ඒ අනුව රාහුගේ ග්‍රහණයට හසුව ඇත්තේ බුද පමණි.
ශනි 15 වෙනි අංශකයේ 40 වෙනි කලාවේත්, සිකුරු 24 අංශකයේ 36 වන කලාවේත් පිහිටා ඇති නිසා මෙම කේන්දර බැලු බැල්මට මෙම කේන්දරයේ බැලු බැල්මට කාල සර්පයක් ඇති බව ප්‍රකාශ කිරිමට ඇති වුවද භාව කේන්දරය අනුව බැලීමේදි කිසිම කාල සර්ප යෝගයක් යෙදී නැති බව ප්‍රථමයෙන් කිව යුතුය.
ඒ අනුව බාලාරිෂ්ට යෝග හෝ කාලසර්පයකට අනුව ඇතිවන රෝග ඇතිවිමක් නොපෙන්වයි. “

Wednesday, January 15, 2014

ව්‍යාපාරික ස්ථානයේ, නිවසේ සීවලී මහරහතන් වහන්සේගේ පින්තූරයක් තබාගැනීම, වැඳුම් පිදුම් කිරීම(විසේසයෙන් සීවලී පිරිත, සීවලී දැහැන සජ්ජායනය) එකී ව්‍යාපාර දියුණුවීමට, ගෙදර දියුණුවට හේතුවකි.
එසේ වුවද මස්, මාළු, බිත්තර හෝ වස විස, වැනි වෙළදාම් කරන ව්‍යාපාර වලට සීවල හිමිගේ පින්තුර තබාගත්තාට වැඳුම් පිදුම් කලාට යහපතක් නොවේ.

ගෝචර පල අනුව කෙතරම් බලසම්පන්න කේන්දර සටහනක වුවද,
12, 6, 8, 1, යන කොටුවලට සෙනසුරු, රවි, කුජ, පැමිණි අවස්ථාවක් වෙතොත් බොහෝ විපාක ලැබේ. එම ග්‍රහයන් 3 දෙනාම සිටියදී, චන්ද්‍ර/සඳු ආවොත් අතිශයින් විපාක දේ.
- පැරණි පොතකිනි.

“ කාල සර්ප යෝගය“ට කල යුතු ප්‍රතිකර්ම ඒ ගැන විවිධ කතා තියෙනවා... 

ඒකට කල යුතු හොඳම දෙයක් තමයි විදේශීය රටකට යෑම.
ආසියානු රටවල් වගේ පෙරදිග රටකට ගියොත් වැඩි අපල දුරුවීමක් නොවේ.
වැදගත් වන්නෙ අපරදිග රටවල් වන ඇමරිකාව, එංගලන්තය වැනි රටවලට යෑමයි, එසේ නැතහොත් ඕස්ට්‍රේලියාව වුවද සුබයි.

පංච ග්‍රහ පිහිටිමක් ඇති වාසනාවන්ත කේන්දරයක්

මෙම කේන්ද්‍ර සටහනේ 9 වැන්නේ ග්‍රහයන් 5 දෙනෙක් යෙදීම අතිශයින් වැදගත්ය.

රවි, කුජ, බුද, සිකුරු, ගුරු යෝගය ඉතා බලවත් යෝගයකි. සමෘද්ධිමත් බොහෝ වස්තු ලැබෙන යෝගයදි. සියලු සැප සම්පත් සහිතව සතුටින් සිටිය හැක. යහපත් දෙමාපියන් ලැබේ.
විශේෂයෙන් කේන්දර ගැලපීම අනුව විවාහ සිදුවන්නෙ නම් ඉතා වටිනා ස්වාමියෙක් හා දූ පුතුන් ලබයි. නියමිත කාල වලදි ඉගෙනීමෙන් ප්‍රතිඵල ලබා ප්‍රදේශකයට හෝ ආයතනයක නායකයෙකු වීමට ලැබෙන උසස් ග්‍රහ යෙදුමකි මෙය...

ග්‍රහයින් 5 ලෙස සිටින්නේ රවි, කුජ, බුද, සිකුරු, ගුරු සිටීම වැදගත් වන්නෙ වෙනත් ග්‍රහයෙකු 5 අතරට පැමිණියේ නම් මෙපමණ සුබ නැති බැවිනි.

ජෞතිෂ්‍යය ගැන මඳ දැනුම ඉතා භයානකය.

කේන්දර කොටු වල තිබෙන දෑ ගැන පොත් වල තිබෙන ආකාරයට බලා සහ කේන්දර කොටුවේ සිටින ග්‍රහයන්, එකී ග්‍රහයන්ට ඇති දෘෂ්ඨී වලින් පමණක් කේන්දර සටහන් නිවරදිව කිව නොහැක.
ඒවායෙන් යම් තරමක නිවරදි දෙයක් කිව හැක.

පෙරේදා බලන ලද දරුවෙකුගේ කේන්දර සටහනක බැලූ බැල්මට අර්ධ කාල සර්ප යෝගයක් පෙන්වන අතර කෙනෙකු එයට කාල සර්ප යෝගයක් ඇති මරණයට ලංව ඇති කේන්දරයක් ලෙසද තවත් කෙනෙකු විසින් එයට ඇති අර්ධ කාල සර්ප යෝගයත් ගතවන පාප දසාවනුත් නිසා අබ්බගාතවී එක්තැන්ව ජිවිතය ගත කිරීමට ඉඩ ඇති බවත් පවසා ඇත.

එම දරුවා ජීවත්ව සිටින අතර ලෙඩ රෝග තිබුනද අබ්බගාත හෝ එවන් අවාසනාවන්ත තත්වයක නැත. එම කේන්දර සටහන වාසනාවන්ත, ප්‍රබල කේන්දර සටහනකි. මුල් කාලයේ අපහසුවෙන් කටයුතු කරන එකකි. මාරක අපල නැති අතර නිවරදි ශාන්ති කර්ම වලින් සාර්ථක ජීවිතයකට ඉඩ සලසා ගත හැකි බව පෙනී ඇත.

ඕනෑම දෙයක් කල යුත්තේ නිවරදිවම දන්නා කෙනෙකු විසිනි. වෛද්‍ය ශිෂ්‍යයෙක් සම්පූර්ණ වගකීම ගෙන ශල්‍යකර්ම කරන්නේ නැත, ඉංජිනේරු ශිෂ්‍යයෙකුද සම්පූර්ණ වගකීම ගෙන ඉදිකිරීම් ආදිය කරන්නෙ නැත.
එසේ කිරීම ලොකු අවධානමක් ගැනීමකි.

ජෞතිෂ්‍ය ඉගෙන ගන්නා සහ ඉගෙනීමට බලාපොරොත්තු අය විසින් මෙය දත යුතුය. නිවරදිව ඉගෙන ගෙන සහ ‘ප්‍රායෝගිකව‘ එම තත්වයන් අත්දැක අත් විඳ, පර්යේෂණ කර පමණක් කේන්දර සටහන් ගැන විස්තර කීම කල යුතුය.
නක්ෂත්‍ර සූචක වැනි බොරුකාරව මඳ දැනුමකින් වැරදි පලාපල කියා ජනතාවට අයහපත කැන්දන අය, රෞරව නම් දුක්ඛිත නරකයට යන බව “පරාශර“ ඍෂිතුමා විසින් පවසා ඇත.

සිතා බලා කටයුතු කරන්න.
බුදු සරණයි !

කේන්දර සටහනක් බලා කරන විග්‍රහය පරිපූර්ණ වන්නේ අදාල පරිදි ශාන්තිකර්ම හෝ කල යුතු දෑ කිරීමෙනි.
සුබ ඵල වැඩි කරගැනීමටත්, අසුබ පල අඩු කරගැනීමටත් මෙවන් ශාන්ති කර්ම කරනු ලබයි.

එහිදී එම යන්ත්‍රය ජප කරන තැනැත්තා කවරෙකු වුවද ඔහු මනා පැවැත්මෙන් සිටිය යුතුය. එනම් සිල්වතෙකු විය යුතුය. ඊට අමතරව මස් මාංශ, මත් වතුර ආදියෙන් දුරුවී සිටීම අනිවාර්ය වේ. ලිංගික ජීවිතයෙන්ද ඈත්ව සිටීම වඩා වැදගත්ය.
ජප කරන දිනවලදි ඔහුගේ පැවැත්ම නිවරදිවීම අතිශයින් අවශ්‍ය වන්නෙ එසේ නොවුනොත් අපේක්ෂිත ඵල ලැබෙන්නේ නැත.

අදාල ශාන්ති කර්ම කරන පුද්ගලයා වසර 20-30ක් පමණවත් එම කාර්යයේ නිරත වන්නෙකු වන්නෙ නම් හා සිල්වන්ත නම් එය වැදගත් වේ.
එසේ නොවී අඩු ගණනට කරන්නට හෝ හිතවත්කම් අනුව සීලයේ නොපිහිටි පුද්ගලයන්ට කියා ශාන්ති කර්ම කරගැනීමෙන් පසු සිදුවන්නේ තමන්ට අයහපතක් වන අතර එයින් පසු දන්න දන්නා අයට ජෞතිෂ්‍යයද බොරුවක් බව කියමින් තමන්ගේ දැනමුතුකම පානා බොහෝ අය වෙති.

සතියේ දින 7ට සුභ දිශාවන්


ගොඩක් අය බය රාහු

රාහු ග්‍රහයා බොහොම නරක, අසුභ ග්‍රහයෙක් විදියටයි ගොඩක් අය අඳුන්වන්නෙ. කොහොම උනත් රාහු ඡායා ග්‍රහයෙක්.

රාහුව ජෞතිෂ්‍යයට අනුව අඳුන්වන්නේ, මිනිස් කකුල් තියෙන නාග හිසක් ඇති කෙනෙක් විදියට. ඒනිසා රාහු කියන්නෙ මිනිස්සු පිස්සු වට්ටන, අධ්‍යාපනය කඩාකප්පල් කරන, අනක් ගුණක් නැති කෙනෙක් බවට තව කෙනෙක් පත් කරන ග්‍රහයෙක් කියල ගොඩක් අය හිතනව. රාහු නරක විදියට පිහිටල තිබ්බොත් ඇත්තටම බොහොම නරකයි තමා.

*නාගර්ජුන යන්ත්‍රය තමයි රාහු අපලයට ප්‍රසිද්ධම යන්ත්‍රය.
* රාහු අපලය කාලෙට පිටරට යන එකත් කරන දෙයක්( ලොකු ලොක්කො ගොඩක් ඒක කරනවා)
*ගෝමෙද ගලක් එක්ක නිසි ජප සහිතව සහිතව මුද්දක් පැළඳීම.
* කැලේ බෝධියට වැටකේ මල් පූජාකර පින්දීම.
*පදිංචි ඉඩමේ නිරිත දිසාවේ වැටකේ පඳුරක් හිටවලා සාත්තු කිරීම.(වැටකේ පැලය ලග වැඩි වෙලා හිටියොත් රාහු අපලය දුරු වෙන බවත් කියවෙනව).

රාහු උච්ච, මිත්‍ර, ස්වක්ෂෙත්‍ර අවස්ථාවක සිටියදි, ලග්නාධිපති එක්ක යෝගකාරක උනොත් රාජ්‍ය සැප සම්පත්, විදේශ ගමන් ඇති වෙන බව කියවෙනවා.
රාහු නීච හෝ සතුරු අවස්ථාවක ඉදලා 6,8,12 වගෙ තැනක පාපග්‍රහයන් එක්ක සංයෝග උනොත්, පාපග්‍රහ දෘෂ්ඨිය වැටුනොත් තත්වය නරක් වෙනවා. සොර සතුරු පීඩා, අප්‍රසාදය, ආණ්ඩුවෙන් කරදර වෙන එක, ලෙඩ රෝග ඇති වෙන්න පුලුවන් කියනව. රාහු 7 පාපි විදියට හිටියොත්, ඒකත් නුසුදුසු ප්‍රේම සබඳතා වගේම විවාහය කඩාකප්පල් කරගන්නත් හේතු වෙන බව කියනවා.

*මතක තියාගන්න මේ නරක වෙන්නෙ රාහු නරකට හිටියොත් විතරයි.

රාහු මහ දසා කාලයක රවි අතුරු දසාවෙදි රවි ග්‍රහයා බලවත් නම් සැප සම්පත්, ධනය, දියුණුව, නායකත්වය, තේජස, විදේශගමන් ආදි සුබ පල ලැබෙන බව කියනවා. රවි නීච උනොත් ආණ්ඩුවෙන් පීඩා, ලෙඩ, රාජ බය ඇති වෙන බව කියනව.

රාහු මහදසාවේ කුජ, බුධ, ගුරු, සිකුරු කියන අතුරු දශාවලදිද්ත් රාහු හා ඒ ග්‍රහයන්ගෙ පිහිටීම හොඳ නම් හොඳයි නැත්නම් කරදර එනවා.
රාහු පා පග්‍රහයෙක් උනත්, කරදර ඇති කරවනව කිව්වත් සම්පූර්ණ ඇත්ත නෙමෙයි. රාහු හොඳ කරන අවස්ථාත් තියෙනවා. ජෞතිෂ්‍යය කියන්නෙ ලොකු විද්‍යාවක් ඒක ගැන හොඳ අවබෝධයකින් ඉදීම වැදගත් වෙන්නෙ ඒකයි.

Tuesday, January 14, 2014

සැනසීමෙන් ඉන්නට.. 1

* දිගටම මහන්සි වෙන ඔබ... හැකිනම් භාවනාවක් කරන්න...


* හවස් වරුවේ විනාඩි 30කට අඩු කෙටි නින්දක් ලබන්න..



* නිතර සිනාසෙන්න.



* අන් අයට උදව් කරන්න.



* ආගමට ගරු කරන්න, කටයුතු කරන්න...


බුදු සරණයි !

කලාකාමි දරුවන් ඉපදේ !

අද දිනයේ(ජන.14) රවි ග්‍රහයා මරක රාශියට පැමිණියේය. ඒ අනුව සියලු ග්‍රහයන් රාශි 6ක තැන්පත් වීමට සිදුවේ. එය ‘වරදාම යෝගය‘ වේ.
එසේම සඳුගේ ගමන වෙනස් වීම අනුව මේ සතියේ සියලු ග්‍රහයන් රාශි 7ක තැන්පත්වීමෙන් ඇතිවන ‘වීණා යෝගය‘ද යෙදේ.

ඒනිසා මෙම කාලයෙදි උපදින දරුවන් කලාවට බර දරුවන් වෙති. සංගීතය, චිත්‍ර, නැටුම් වලට දක්ෂ දරුවන් වෙති. මහ පෞරුෂයක් හිමි අය වෙති. උගත් වේ. ධනවත් වේ. අන් අය කෙරේ අනුකම්පාව දක්වන උදව් කිරීමට කැමති අය වෙති.

* මෙම ග්‍රහචාරය අනුව සියලුම ලග්න වලට ශුභයි !

● දාමිණි/වරදාම යෝගය

හොඳ බුද්ධියක් ඇති ධනවත් වෙන අය වෙති. කීර්තිය ඇත. පිනට ලැදිය. තමාට හැකි අයුරින් අන් අයට උදව් කරන අය වෙති. කෘෂිකාර්මික කටයුතු වලට සුබයි.

● වීණා යෝගය

කතාවට දක්ෂ අය වෙති. සංගීතය ආදියට කැමතිය. උගත්ය. ප්‍රසිද්ධ වේ. රටට යම් මෙහෙවරක් කිරීමට සමත්කම ඇති කෙනෙකි. ඒනිසාම අමතක නොවෙන නමක් තැබීමට හැකියාව ලබයි.
(රට ඇවිලුනු සමයක මහා පෞරුෂයකින් කටයුතු කල ඇමතිවරුයෙකු වූ, රන්ජන් විජේරත්න මහතාගේ මකර ලග්න කේන්දර සටහනේ මෙම යෝගය ඇත.)

තරිඳු ස්ටෝර්ස් අධිපතිනි බණ්ඩාරවෙල

මෙම ඉරු සේවය ජෞතිෂ්‍යය සේවාවේ ජෞතිර්වේදි රාජකරුණා මහතා අපට කරදුන් ශාන්ති කර්ම සහ එම සේවාවට පින් අයිති වේවායි පතමු.

මාගේ වැඩිමහල් පුතුගේ ග්‍රහ අපල නිවාරණයට දුන් ‘ධන සාධනීය ආකර්ෂණ යන්ත්‍රය‘ නිසා ඔහුගේ චරිතයද ගෘහ ජීවිතයද ආර්ථිකයද ඉතාම කෙටි කාලයදී ඉතාම සුභවාදි ප්‍රතිඵල ලැබුනා.

යන්ත්‍රයෙන් කල ඉල්ලීමට අනුව, සති 2ක් වැනි කාලයකදි ඔහුට විදේශ රැකියාවක් ලැබී දැනට විදේශ ගතව සිටිනවා. මෙම යන්ත්‍රය සහ සේවය සම්බන්ධව මා හට ඇත්තේ ඉතාම පැහැදිලි සතුටකි.
එම උපකාරය අපට මාහැඟි උපකාරයක් විය. එම නිවරදි උපදේශනය නිසා අපගේ කටයුතු සාර්ථක විය.
මෙම සේවාව කරගෙන යාමට ශක්තිය, ධෛර්යය එතුමන්ලාට සහ මෙම ආයතනයට ලැබේවායි ප්‍රාර්ථනය කරමු.

මගේ දුරකථන අංකය : සිය ගණනක් දුරකථන ඇමතුම් දිනපතා ලැබෙමින් පැවති නිසා එතුමියගේ ඉල්ලීම පරිදි දුරකථන අංකය ඉවත් කලෙමු.

සතියේ දිනයට අනුව සුභ වර්ණය




ඉරිදා - තැඹිලි
 


සඳුදා - සුදු



අඟහරුවාදා - රතු



බදාදා - කොළ



බ්‍රහස්පතින්දා - දම්



සිකුරාදා - ලානිල්



සෙනසුරාදා - තද නිල්

අපල වෙනස් කරගන්නට..

යම් යම් අවස්ථා වල කේන්දර සටහනේ තිබෙන තත්වයන් හා පවතින දසා අතුරු දසා විදසා යනාදිය පරික්ෂා කර ජෞතිර්වේදින් විසින් විවිධ මත ප්‍රකාශ කරනවා. 
ඒවාට මූලික හේතු වන්නේ තමන්ගේ දැනීම, උගත්කම හා අත්දැකීම්..

විටෙක මෙම අනාවැකි නිශ්චිතවම වෙන ලෙස පවනවා. උදාහරණකට, අනතුරු සිදුවීම, විවාහය දෙදරායාම ආදි අනාවැකි නිශ්චිතවම වෙන ලෙස කීම නොසන්සුන් විය හැකි කරුණකි. 

කේන්දර සටහනේ ඇත්තේ කර්ම ශක්තිය ගැනයි, කර්මය වෙනස් කල හැකි බව බුදුන්වහන්සේ පවා දේශනා කර ඇත. එනිසා අනතුරක් සිදුවන කෙනෙකුට යහපත් පැවැත්මෙන් හිඳීමෙන්, පින්කම් කිරීමෙන්, සැලකිල්ලෙන් කටයුතු කිරීමෙන් හා අදාල ශාන්ති කර්ම වල නිරත වීමෙන් එම අනතුරු වලින් මිදිය හැක.

උදාහරණයකට ඔබ කුඩයක් නැතිව ගමනක් ගිය අවස්ථාවකදි වැස්සක් කඩා හැලුනොත්, තෙමි තෙමි ගෙදර ඒම, වැස්ස අවසන් වනතුරු ඉවසා සිටීම, අඳුනන කෙනෙකුගෙන් කුඩයක් ඉල්ලා ගැනීම/කුඩයක් මිලට ගෙන ගෙදර පැමිණීම/රථයක ගැන ගෙදරට පැමිණීම ආදි බොහෝ ක්‍රම වලින් එම තත්වය මඟහැර ගැනීමට හැක.

මේෂයේ සිට මීනය දක්වා සතියේ පලාපල


(ජන. 14 සිට)

මේෂ
අන් අයගේ ගෞරවයට පාත්‍ර වේ. ඒනිසා සිතට සතුට ඇතිවුවද හිතවතුන්ගෙන් දුරස්වීමට සිදුවීම නිසා දුකද ඇතිවිය හැක. ආර්ථිකය එතරම් අයහපත් නොවේ.
රැකියාවේ කටයුතු වලට බාධා පැමිණියද කරගෙන යා හැක.
අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි වේ.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.

වෘෂභ
ඉතා සුබ සතියකි.
මංගල යෝග යෙදේ. විවාහයට සුබ කටයුතු යෙදේ.
කරන කටයුතු සාර්ථක වේ. නිර්මාණකරණයේ යෙදෙන අයට ඉතා සුබයි.
එම සුබ තත්වයන් හදිසි අනතුරු නිසා මගහැරී යාමට ඉඩ ඇති නිසා බුද්ධිමත් වන්න.

මිථුන
සුබ සතියකි.
මෙතෙක් තිබුනු ගැටළු දුරස්වී සිතට සහනයක් දැනේ. අන් අය අතර කැපී පෙනෙන කෙනෙක් වේ. අන් අය ඔබ වෙත ආකර්ෂණය වේ.‘
බලාපොරොත්තුවෙන් සිටි යමක් ලැබීමට පුලුවන. ලාබ පවති
පවුල් ජීවිතයේ සමගිය රැකේ.
දරුවන්ගෙ කටයුතු වෙනුවෙන් කැපවන්නට සිදුවේ.
හදිසි ප්‍රේම සබදතා ඇතිවිය හැක.

කටක
හදිසි ගමන් යෙදිය හැක. විනෝද අවස්ථා යෙදේ. කෙසේ වුවද එම ගමන් වලින් සිතන තරම් සිතට සතුට නොලැබිය හැක.
හදිසි ලාභයක් ඇතිවීමට ඉඩ ඇත.
විදෙස් ගතවීම් වල කටයුතු සාර්ථක වේ.
අධ්‍යාපන කටයුතු වලට සුබයි.
රැකියා නව රැකියා අවස්ථා, තරඟ විභාග ආදියෙන් ජය ලැබේ.

සිංහ
සුබ සතියකි.
ලාභ වාසි ලැබේ.
හිතමිතුරන් මුණ ගැසී සතුටු විය හැක. බලාපොරොත්තුවෙන් සිටි කටයුත්තක් සාර්ථක වේ. ව්‍යාපාර හවුල් ව්‍යාපාර දියුණු වේ.
රැකියාවේ දියුණුව ලැබේ, උසස් විම් ලැබේ. නව රැකියා පවා ලැබිය හැක.
හදිසි ධනලාභ ඇතිවිය හැක. බාධා යෙදුනද තම කැපවීමෙන් එම කටයුතු සාර්ථක කරගත හැක.

කන්‍යා
කරන කටයුතු සාර්ථක වේ.
දේපල ලාභ ලැබේ. එම කටයුතු වලට සුබයි. ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. ලැබෙන්නට තිබුනු දෙයක් ලැබිය හැක. අන් අයගේ ප්‍රසංසාවට ලක්වේ. විරුද්ධ ලිංගිකයන් හා කිට්ටු වේ.
කරන කටයුතු කැපවීමෙන් කිරීමෙන් ජය ලැබේ.
ආයෝජන වලට සුබ සතියකි.

තුලා
සිතට සැනසීමක් ඇතිවිය හැකි සතියකි. සිත ආගම දහමට නැඹුරු වේ. කරන කටයුතු සාර්ථක වේ. දෙමාපියන්ගෙන් උරුම දෑ ලැබිය හැක. විදෙස් ගත ලාභද පෙන්වයි. සුබ සතියක් නිසා තවත් සුබ කර ගැනීමට බුද්ධියෙන් කටයුතු කරන්න.

වෘශ්චික
අන් අයව අනවශ්‍ය ලෙස විස්වාස කිරීමෙන් ගැටළු ඇතිවිය හැක.
නීතිමය ගැටළු උද්ගත විය හැකි නිසා බුද්ධීයෙන් හා ඉවසීමෙන් කටයුතු කල යුතු අවධාරණය කරමු. උසස් අයගේ උපකාරද ඇතිවිය හැක.
කරන කටයුතු වලදි හොදින් සිතා කටයුතු කරන්න නැත්නම් ගැටළු ඇතිවිය හැක. ආගම දහමට සිත නැඹුරු වේ.
හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න.

ධනු
සුබ සතියකි. විනෝද අවස්ථා, සැපතින් සිටීමට අවස්ථා උදාවිය හැක. විනෝද ගමන් ඇතිවිමට ඉඩ ඇත. සතුරු බාධක ඇතිවිය හැකි නිසා බුද්ධිමත් වන්න.
පවුලේ කටයුතු වලදි ඉවසිලිවන්ත වන්න. අනවශ්‍ය ගමන් බිමන් වලින් පාඩුවිය හැක.
කෙසේ වුවද මෙම කටයුතු වලදි බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සිතට සහනය ලගා කරගත හැක. පරිත්‍යාගශීලි වේ.

මකර
විදෙස් ගත වීම් වලට සුබ සතියකි.
සතුරන්ගේ පරාජය අත් වන සතියකි. කරන කටයුතු සාර්ථක වේ. විනෝද අවස්ථා යෙදෙනු ඇත. සැපවත්ව ජීවිතය කටයුතු කරගෙන යා හැක. එසේ වුවද කරන කටයුතු බුද්ධිමත්ව සිතා බලා නොකලොත් පාඩු ඇතිවිය හැක.

කුම්භ
ගමන් බිමන් අධික විය හැක. රැකියාවේ ස්ථාන මාරුවක් ලැබීමේ අවස්ථා ඇත. සියලුම කටයුතු වලදි අවධානමත්ව බුද්ධිමත්ව කටයුතු කරන්න. නැතිනම් අනවශ්‍ය කරදර ඇතිවිය හැක.
උසස් අයගේ ඇසුරද, උපකාරද ලැබෙනු ඇත
සතුටු වීමට අවස්ථා ඇතිවිය හැකි වුවද නිසිලෙස කටයුතු නොකලොත් නැති කරදර ඇතිවිය හැක.
පෙම් සබදතා වලට සුබයි. යහපත් සතියක් වනු ඇත.

මීන
වියදම් අධික විමට ඉඩ ඇත. ඒනිසා කරන කටයුතු වලදි අරපරිස්සම් වන්න.
මනා කලමනාකරණයකින් යුතුව මුදල් වියදම් කරන්න.
පෙම් සබදතා වලට කරදර ඇතිවිය හැක. පෙම් සබදතා බිදී යාමටත් ඉඩ ඇත. කරදර බාධක ඇතිවිය හැක.
සෞඛ්‍ය තත්වය දුර්වල වේ. කෑමෙදි පරිස්සම් වන්න.

උපන් යෝගය අනුව ඔබට ( අවසාන යෝග 9)

(යෝග 18-27 දක්වා)

19) පරිඝ

වැඩිහිටියන්ට, ගුරුවරුන්ට ගරු කරයි. උපන් තත්වයටත් වඩා දියුණු වේ. කාව්‍යකරණයට දක්ෂ වේ. වචන වලින් දිනයි. බුද්ධිමත් කටයුතු ඇති කෙනෙකි. බුද්ධිමත්ය.

20) ශිව

ඉගෙනීමට දක්ෂය. ආගමට ගරු කරයි. සතුරන් ඉතා අඩුය. සතුටින් සැපෙන් දිවි ගෙවිය හැක. ප්‍රසිද්ධ වේ. තම ගෞරවය රැක ගනී.

21) සිද්ධ

ඥානය ඇති කෙනෙකි. ධාරණ ශක්තියද ඇත. ජිවිතය සැපවත් කරගනී. ස්ත්‍රි පාර්ශවයෙන් උදව් ලැබේ. බාධක මැඩගෙන ඉදිරියට යයි.

22) සාධ්‍ය

සමාජයේ ගරුත්වයට පාත්‍ර වේ. දෙමාපියන්ට ගුරුවරුන්ට ගරු කරයි. ප්‍රියමනාපය. ආර්ථිකය සවිමත්ය. උසස් මනසක් ඇත. අන් අයට පිහිට වේ. රැකියාවෙන් දියුණු වේ.

23) ශුභ

යහපත් මාර්ග වලින් ආදායම් ලබයි. උගත්ය. සමාජයේ අන් අය අතර කැපී පෙනෙන කෙනෙකි. කැපවීමෙන් ජය ලබයි.

24) ශුභ්‍ර

චින්තන ශක්තියෙන් අනූනය. රූමත්වය. කාර්යශූරය, ධනවත්ය. කුමන කටයුත්තක් වුවද කිරීමට හැක. දැනුම ඇත.

25) බ්‍රහ්ම

බොහෝ ශිල්ප දන්නා කෙනෙකි. තම හැකියාවෙන් කැපවීමෙන් දියුණු වේ. උසස් අය ඇසුරට ලැබේ. සමාජ ගෞරවයට පාත්‍ර වේ.

26) මහෙන්දා

මනස උසස්ය. උපන් තත්වයට වඩා උසස් වේ. ගුණවත්ය. සතුරන් පරාජය කරයි. සංවරය. අධ්‍යාපනයෙන් ජය ලබයි.

27) වෛධෘති

අලස ගති ඇත. නිරෝගීකම රැකගැනිමට එතරම් තැකීමක් නොකරයි. එතරම් සුබ නැත.

Monday, January 13, 2014

අපල වලට ලබාදෙන යන්ත්‍ර මුවාවෙන් කරන වංචා


මෙම පින්තූරයේ ඇති තඹ කොළය තිබුනු යන්ත්‍රය,
යන්ත්‍ර විද්‍යාවේ මූලික සිද්ධාන්ත වල එන,

* යන්ත්‍රයේ පළල මෙන් 3 ගුණයක් හෝ 5 ගුණයක් විය යුතුයි. නැතිනම් හරි හතරැස් විය යුතුයි.

* අකුරු සහ ඉරි එකට නොකැපෙන සේ ඇඳිය යුතුය.
* ආතුරයාගේ නමට නැකතට ග්‍රහ අපලයට හෝ දියුණුව වැඩි දියුණු කරගැනීමට අදාලව ජීවම් කටයුත්ත සිදු කල යුතුය.

යනාදියෙන්වත් පූර්ණ වූයේ නැත. 

අඩු තරමින් ‘මෙය පලදින කෙනාට තෙරුවන් සරණයි‘ කියා තිබුනි නම් යහපතක් වන්නට ඉඩ තිබින.
කිසිදු ගාථා රත්නයක් ලියා හෝ, යන්ත්‍රයක් ඇඳ නැත.
සාමාන්‍ය ලෙස යන්ත්‍රය විවෘත කිරීම නොකලහැකි වනසේ ගම් වර්ගයක් යොදා අලවා තිබින.

මෙවන් යන්ත්‍ර නිසා ඒවා පැලදීමෙන් සිදුවන්නෙ තිබෙන කරදර වැඩිවීමකි. අපල තීව්රවීමකි.


** මෙය ලංකාවෙ ප්‍රසිද්ධ යැයි කියා ගන්නා ඊනියා මන්තර කරුවෙකු දුන් යන්ත්‍රයකි. එහි මිලද ඉතා අධිකය. (මිල වැඩිවූ පමණින් යන්ත්‍රයේ ගුණ වැඩිවෙන බව සිතන අයට මේවා හොඳ පාඩම්ය)

Sunday, January 12, 2014

“ උපන් යෝගය “ අනුව ඔබ කොහොමද ? (9-18)



10) ගණ්ඩ

උනන්දුවෙන් කටයුතු කරයි. නිදහස අගයන කෙනෙකි. වීර්යය ඇති කෙනෙකි. අසනීප ගතිද ඇතිවේ. ගැටළු විසඳිමේ හැකියාව ඇති කෙනෙකි.

11) වෘද්ධි

යහපැවැත්මෙන් යුතු පවුලක උපදී. පිරිස අතර කැපි පෙනේ. කලා කටයුතු වලට දක්ෂය. අන් අය සමග හවුලේ කටයුතු වලට බොහෝ දක්ෂය

12) ධෘම

සැප විඳින කෙනෙකි. අන් අයට ප්‍රධාන වේ. ආත්ම ශක්තිය ඇත. ආදායම් මාර්ග ඇත. උපන් තත්වයට වඩා උසස් වේ. ශක්තිමත් සිරුරක් හිමිය.

13) ව්‍යාඝාත

නායකත්වය වෙනුවෙන් කටයුතු කරයි. බොහෝ දෑ දනී. තම ගෞරවය රැකගනී. අන් අයගේ ගෞරවයට බඳුන්වේ. තමා ගැන දැඩි ආත්ම අභිමානයකින් පසුවේ.

14) හර්ෂණ

විනෝද වීමට කැමති කෙනෙකි. ප්‍රසිද්ධ වේ. යහපත් ගතිගුණ ඇත. රජයෙන් ආදි උසස් අයගේ උදව් ලැබේ. උසස් තනතුරු ලැබිය හැක. බොහෝ දේ දන්නා කෙනෙකි.

15) වජ්‍ර

තත්වය උසස් කරගැනීමට කටයුතු කරයි. ඉගෙනීමට දක්ෂය. දියුණු වේ. අන් අය සමග සුහදව සිටිමට උත්සහ දරයි.

16) සිද්ධි

පින්වන්තය. පෙර පින්ද ඇත. අන් අය වෙනුවෙන් කැපවේ. නිර්භීතය. රෝගාබාධ තිබේ. වීර්යය ඇත.

17) ව්‍යාතිපාත

විවිධාකාර බාධා ඇතිවෙන කෙනෙකි. සිතට පීඩා ඇතිවිය හැක. කරන කටයුතු වලට බොහෝ බාධා ඇතිවේ. තීරණයන් වෙනස් කරන සුළුය.

18) වාරියන්

කවි ලිවීමට දක්ෂ වෙති. චිත්‍ර ඇඳිම, සංගීතය ආදි කලා, නිර්මාණ කටයුතු වලට දක්ෂ කෙනෙකි. ප්‍රසිද්ධ විය හැක. නීති ගරුකය. කරන කටයුත්තට දැඩි ඇල්මක් දක්වයි.