Showing posts with label ප්‍රසිද්ධ අය. Show all posts
Showing posts with label ප්‍රසිද්ධ අය. Show all posts

Thursday, September 17, 2015

ලාංකීය දේශපාලනය උඩුයටිකුරු කල මංගලගේ විශ්මිත ග්‍රහ බලය

ලාංකීය දේශපාලනය තුල පසුගිය කාලවකවානුවේදී ඇතිවූවා වූ වෙනස්කම් දෙස බැලීමේදී ඊට සහසම්බන්ධ වූ විප්ලවවාදි දේශපාලන චරිත අතර ජ්‍යොතිෂ්‍යයම කෝණයකින් දේශපාලඥයින් කෙරේ විමසිලිමත් වූ කල එයින් ප්‍රමුඛ ස්ථානය හිමිවන්නේ  මංගල සමරවීර මහතා කෙරෙහිය.
 ලාංකීය දේශපාලනයට කාලානුරූපිව යම් යම් වෙනස්කම් ඇතිකල ඔහු ජ්‍යොතිෂ්‍යයම කෝණයකින් බැලූ කල අප දකින්නේ රජුන් තනන්නෙක් ලෙසය.
එනම් අප එතුමන්ගේ උප්පත්ති ග්‍රහ බලය සූක්ෂම අයුරින් විමසා බැලුවෙමු.

1956 අප්‍රේල් මස 21 වන දින සඳු හිමි කටක ලග්නයෙන් හා සිකුරුට හිමි වූ පුවපල් නැකතෙන් උප්පත්තිය ලැබූ මෙතුමා අද වනවිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ප්‍රබලම අමාත්‍ය ධූරයක් වන විදේශ අමාත්‍ය ධූරය හොබවමින් සිටි.
● උප්පත්ති කේන්දරයේ ලග්න භාවයේ ගුරු/බ්‍රහස්පති ග්‍රහයා උච්ච බලයෙන් සිටි.
එය පංච මහා පුරුෂ යෝගයක් වන “ගුරු හංස යෝගය“ යි.
(https://www.facebook.com/irusewaya/photos/a.908983269118753.1073741832.833656709984743/981737555176657/?type=)
ගුරු ලග්න භාවයේ සිටින මෙතුමාට ජිවිත ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙන බව අපගේ විශ්වාසයයි.
මන්ද ගුරු 1 බලවත්ව සිටින අය පෙර ආත්ම භාව වල දිවි සුරකිමින්, ජිවිත හානි නොකරමින් පින් රැස්කල අය වෙති.
එමනිසා අපල උපද්‍රව මැඩගෙන එම කාලයෙදි තමාගේ දේශපාලනය ඉදිරියට ගෙනගොස් ඇත. දැන් හොදම හරිය පටන්ගන්නෙ මෙතනින්ය.


● 2 වැන්න වන සිංහ රාශියේ සඳු බලවත්ව තැන්පත්ය. මෙම චන්ද්‍රයා මෙතුමන් උප්පත්තිය ලබන අවස්ථාව වන විට සිකුරුට අයත් පුවපල් නැකතේ ගමන්කොට ඇත.

● සෙනසුරු සහ රාහු යන ග්‍රහයන් 2ම උප්පත්තියේදි 5 වැන්නේය.

● අඟහරු හෙවත් කුජ ග්‍රහයා උච්ච බලයෙන් 7 වන භාවයේ පිහිටා ඇත.
එය රුචක පංච මහා පුරුෂ යෝගයයි.
(https://www.facebook.com/irusewaya/photos/a.908983269118753.1073741832.833656709984743/913390735344673/?type=)

● කේන්දරයට අනුව රවි සහ බුධ ග්‍රහයන් 10 වන භාවයේ බලවත්ව සිටි.
එය භාග්‍ය යෝගය වේ.
(https://www.facebook.com/photo.php?fbid=203085916553087&set=)
10 වැන්නේ රවි බලවත්ව මයුරපාල යෝගය යෙදී ඇත.
(https://www.facebook.com/photo.php?fbid=138501226344890&set=)

● සිකුරු ග්‍රහයා ස්වක්ෂෙත්‍ර බලයෙන් 11 වැන්නේ තැන්පත්ය, කේතුද එහිම වෙති.
සිකුරු ස්වක්ෂෙත්‍ර බලයෙන් හිඳීම “විෂ්ණු යෝගය“ යි.
(https://www.facebook.com/photo.php?fbid=184723338389345&set=)


එසේ නම් මෙම කේන්දරයේ ඇති බලවත්කම බැලූ බැල්මටම ඔබට පෙනෙනවා නේද....

● ස්වක්ෂෙත්‍ර බලයෙන් සිකුරු 11 වැන්නේ වීම ඉතාම ශුභ තත්වයකි.

පුරාණ කීමට අනුව,  “අයස්ථාන ලැබුවොත් කිවි වමිනා, සියස්ථාන ලැබ සුපිරි සමානා “.

මෙම කේන්දරයේ ඇති ග්‍රහ බලය ඉතාම ප්‍රබල බව ඔබටම වැටහේ.

●● සිව්වැන්නේ පමණක් සෙනසුරු ග්‍රහයා උච්චව සිටියේ නම් මෙතුමාට චක්‍රවර්ති යෝගයද යෙදේ. එය යෙදී තිබුනේ අප සිදුහත් මහ බෝසතාණන්ට පමණි.

මෙතුමාගේ ජිවන වටපිටාවට අදාලව දේශපාලනික තත්වය මේ සමග ලඝු කර බැලීමේදි අප ටිකක් අතීතයට යමු.

● 1983 වසරේදි දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආරාධනාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත්වූ මෙතුමා මුල් වරට පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ 1989දීය.

* ඉතාම භීෂණකාරි වටපිටාවක මාතර දිස්ත්‍රික්කය තුල ශ්‍රිලනිපය ජයග්‍රහණය කරවීමටත් එහි අභිවෘද්ධියටත් තරුණ මංගලගේ දායකත්වය ඉතාම ඉහලින් තිබුනි.
ඒ හේතුව නිසාම 1989 දී දැවැන්ත වූ බාධක මැඩගෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට පිවිසිමේ භාග්‍ය මෙතුමාට ලැබුනි.


● ඔබ අප සියලුදෙනා දන්නා පරිදි 88-89 භීෂණකාරි වටපිටාව තුල එවකට රැට හැරදා ගිය හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එංගලන්තයේ සිට ලංකාවට නැවත ගෙන්වන්නට මූලිකත්වය ගත් කෙනෙකි.
චන්ද්‍රිකා මහත්මිය මහ ඇමති, අගමැති, ජනාධිපති වන්නට උදව් කරමින් මෑතක් වනතුරු ශ්‍රීලනිප ප්‍රමුඛ රජයකට මූලික අඩිතාලම දැමීමට මංගල සමරවිර මහතා කල කාර්යභාරය සුළුපුටු නැත.

* යම් කේන්දරයක ගුරු බලවත්ව සිටියදි සිකුරු 11 වැන්නේ බලවත් නම් ඔවුන්ට ඕනෑම අභියෝගයක් විසදා ගැනීමේ හැකියාව පවති. විශේෂ බුද්ධියක් සහ මනා තීරණ ගැනිමේ හැකියාවක් මේ කේන්දරය තුලින් පෙන්වයි.
* තවද අඟහරු 7 වැන්නේ සිටිමෙන් රුචක යෝග බලයද සමගම, දේශපාලනයට අවශ්‍ය වන ඍජු බව, ප්‍රතිපත්ති ගරුක බව මෙම කේන්දරයෙන් මනාව ගම්‍ය වේ.


● 2004 වසරේදී එවකට පැවතුනු රනිල් වික්‍රමසිංහ මහතාගේ එජාප රජය පෙරලා දැමීමට ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගතවූ එම කතිකාවේද ප්‍රමුඛත්වය ගත් කෙනෙකි.
ඉන්පසු 2005 දි අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාව ජනාධිපති ධූරයට පත් කිරිමට දිවා රෑ වෙහෙස වී මනාව සංවිධාන ශක්තියකින් යුක්තව කටයුතු කොට ඔහුව එම පුටුවේ වාඩි කෙරෙව්වේද මෙතුමා යැයි කිව්වොත් එය වැරදි නැත.

● 2005 වසරේදි මෙතුමාට ගුරුගේ මහ දසාව ලැබුවා.
ලග්නයේ සිටින ගුරුගේ මහ දසාව නිසා ඒ ආනුභාවයට මහින්ද රාජපක්ෂ මහතාට උදව් කල මෙතුමා, තම ග්‍රහ බලය නිසාම ජයග්‍රහණය අත්කරගැනිමට හැකිවුවා.
ඉන්පසු ගුරුගේ මහ දසාවේ සෙනසුරු අතුරු දසාව 2007 ආසන්නව ලැබීම නිසා ඉතාම ගැටළුකාරි තත්වයකට පත්වීම නිසා අමාත්‍ය ධූරයද නැතිව එක්සත් ජාතික පක්ෂයට එක්වූවා.

* 2007 සිට ඔහු නුවණින් ක්‍රියාත්මක කල යම් යම් සැලසුම් එක්සත් ජාතික පක්ෂය අද ලැබු ජයග්‍රහණයට සහ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයට හේතු සහගත වී ඇති බව පෙනියයි.

● දැන් එතුමාට ගතවන්නේ ගුරුගේ මහ දසාවේ සිකුරු අතුරු දශාවයි.
මෙතුමාගේ දේශපාලන ගමන සැබවින්ම නැවැත්විය නොහැක,,

● අප සිතන්නේ ශ්‍රී ලාංකිය දේශපාලනඥයන්ගෙන් ඉතාම වාසනාවන්තම ග්‍රහ බලයක් හිමි පුද්ගලයන් අතර මංගල සමරවිර මහතා ප්‍රමුඛ ස්ථානයේ පසුවේ. එතුමා අතගසන ඕනෑම වැඩක් ඉතාම සාර්ථක වීමේ රහස උප්පත්තියෙන් ගෙනා ග්‍රහ බලයයි.

* විශේෂ දෙයක් කිව යුතුය, ගුරු ලග්නයේ සිටින බැවින් මෙම ග්‍රහ බලය තමන්ට වඩා අන් අය වෙනුවෙන් කැප කර ඇති බව දන්වනු කැමැත්තෙමි.
*සිකුරු ග්‍රහ තාරකාව 11 වැන්නේ බලවත් වීම සාමාන්‍ය කෙනෙකුට බොහෝ මිතුරන් ඇති කරගැනීමට හේතුවකි. එසේ නම් ශ්‍රී ලංකාවේ විදේශ රාජ්‍යතාන්ත්‍රිකයා වන්නේ මංගල සමරවිර මහතා බැවින් අනාගතයෙදි බොහෝ විදේශ රටවල් අප රට සමග මිත්‍රත්වයෙන් අත්වැල් බැඳ ගැනීමට හේතුවක් වනු ඇත.
එයට ආසන්නම හේතුවක් ලෙස මෑතකදි යුරෝපය සමග නවතා තිබු ගුවන් ගමන් සම්බන්ධව සිහිපත් කල හැක.

●  උප්පත්තිය මයුරපාල යෝගයෙන් අලංකෘත වීම නිසා තීක්ෂණ බුද්ධියත්, මනාව තර්කානුකූල වාග් චාතුර්යයත් සිකුරුගේ බලවත්වීම තුල ඉංග්‍රිසි භාෂාව මැනවින් හැසිරවිමත්, චන්ද්‍රයා 2 බැවින් මුඛරි බවත් මෙතුමාට ජන්මයෙන්ම ලැබි ඇත. ගුරු හංස යෝග බලයෙන් සිටින මෙතුමා කිසිවිටෙකත් කෝපාවිෂ්ඨ වන්නේද කලාතුරකිනි.

මංගල සමරවිර මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු -  රටට කරන සේවයන්ට අදාල කටයුතුද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !

Wednesday, January 21, 2015

මහේල ජයවර්ධනගේ මාධ්‍යයට නිකුත් කර ඇති හඳහන

ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනගේ හඳහන සම්බන්ධව පලකිරීමට අපට සිදුවූයේ, මෑත කාලයේ ඔහු ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවට ඉටු කල අමිල සේවය සිහියට නැගීමෙනි. කුමාර සංගක්කාර මෙන්ම, ශ්‍රී ලංකාව ලෝකය තුල ප්‍රචලිත කිරීමට ක්‍රීඩාව තුල තමාගේ පිත්ත හැසිරවූ මෙම විශිෂ්ටයා සැබවින්ම ජාතියකට සම්පතකි.
ක්‍රිකට් ක්‍රීඩාවේ රන් අකුරින් නම ලියවෙන රටටම අභිමානයක් වන මහේල ජයවර්ධනයන් ලෝකයේ හොදම ක්‍රිකට් නායකයා ලෙසද පිලිගැනේ. එසේම අතිදක්ෂ පන්දු රකින්නෙක්ද වන අතර, ලංකාවේ පැවති අවසාන එක්දින තරඟයේදී, එංගලන්ත කණ්ඩායමේ අවසාන කඩුල්ල මහේලගේ පන්දුවකට සංගාගේ ස්ටම්ප් කිරීමකට ලක් වූයේද මෙම විශිෂ්ටයන් දෙදෙනාගේ වාසනාව සහ ඔවුන්ට ලැබිය යුතු ගෞරවය ලැබීමට බව අප සිතමු.

මහේල ගැන අපගේ ගෞරවරයක් සහ අභිමානයක් නිරන්තරයෙන්ම එයි. එසේ නම් මෙවැනි දක්ෂතා ඇතිවිමට ඔහුට බලපෑ ග්‍රහචාරය කුමක්ද.... ? ඒ ගැන අප දැන් විමසා බලමු.

* 1977 වසරේ මැයි මස 27 වන දින සිකුරාදා දිනක, සිංහ ලග්නයෙන් උපන් මහේලට ජන්ම නැකත වූයේ සිකුරුට හිමි වූ පුවපල් නැකතයි.
සිකුරු මහ දශා ශේෂය ඔහු උපත ලබන විට, මාස 6ක් පමණ වේ.

රවිට හිමි වූ සිංහ ලග්නයේ ලග්න භාවයේ එනම් 1 වැන්නේ චන්ද්‍රයා/සඳුද, 2 වැන්නේ රාහුද, 8 වැන්නේ කුජ-සිකුරු-කේතුද, 9 වැන්නේ බුධ ග්‍රහයාද, 10 වැන්නේ රවි - ගුරුද, 12 වැන්නේ සෙනසුරුද පිහිටා ඇත.

  මෙම කේන්දරය තුල මුලින්ම පරික්ෂා කල යුතු කාරණාව නම් උපන් දිනයයි. දිනය වන්නේ සිකුරාදා දිනයයි. ●  සිකුරාදා දිනයේ දින අධිපති වන සිකුරු හෙවත් ශුක්‍ර කේන්දරයේ 8 වැන්නේ විපරීතව උච්ච බලයෙන් සිටී. එය විපරීත රාජ යෝගයකි.

●  එසේම ලග්නාධිපති රවි ග්‍රහයා 10 වැන්නේ සිිටින්නේ 5 වැන්නාධිපති ගුරු සමග යෝගවය. රවි-ගුරු යෝගයද ඉතාම වටිනා යෝගයකි. මෙම යෝගයෙන් උපන් තැනැත්තා රාජ මහාමාත්‍යාදීන්ගෙන් පවා ගෞරවයට පාත්‍ර වන අතර සම්මාන ලබයි.

●  චන්ද්‍රයාගෙන් 10 වැන්නේ ගුරුගේ පිහිටිම නිසා, ඔහුට “ගජකේශරී යෝග“ බලයද උදාවී ඇත.

●  සඳු සිංහයේ සිටින අය ඉතාම ස්ථිරසාර සිත් ඇති, ප්‍රතිපත්තිගරුක, සටන්කාමි අදහස් ඇති යටත් නොවන චරිතය.

●  උප්පත්තියෙන්ම වාසනාවන්තව උපන් මහේල ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් සාර්ථක වීමට හා ලෝක පූජිත වී ඒ තුලින් ඉතාම ඉහල ධන - ධාන්‍ය තත්වයකට උසස් වීමට බලපා ඇති කාරණාව ජ්‍යෝතිෂ්‍යය තුලින් මා දකින්නේ 9 වැන්න තුල බුධගෙ පිහිටිමයි.
* මෙහිදී බුධ ග්‍රහයා පූර්ණ වශයෙන් ලග්නය දකී. යම්කිසි කෙනෙකුගේ කේන්දරයක බුධ ග්‍රහයා සහ සිකුරු ග්‍රහයා බලවත්ව පිහිටා සිටීම ක්‍රීඩා ක්ෂෙත්‍රයේ ඉහලට යෑමට ඉතාම වටිනා තත්වයකි.

ක්‍රීඩාකාරක ග්‍රහයා බුධ වන අතර, ඔහුගේ බලවත්වීම මහේලට උපරිමයෙන්ම ඇත.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයාට පැවති මහ දසා ගැන සැලකිලිමත් වීමේදී මුලික කුඩා කල එතරම්  ප්‍රීතිමත් ළමා අවධියක් නොතිබුනු බව ජෝතිෂ්‍යය අනුව සැලකිලිමත් වීමේදි පෙනියන කාරණාවකි.
* මන්ද මාස 6ක් වන විට ඔහුට ලබන්නේ රවි මහ දසාවයි. රවි මහ දසාව කුඩා දරුවෙකුට ගතවීම එතරම් හොද නැත.
අධ්‍යාපන කටයුතු මෙන්ම සියලුම කටයුතු වලට යම්කිසි බාධාකාරි තත්වයන් මතුවේ.

●  ඉන්පසු වසර 6ක කාලයේ සිට අවුරුදු 16 දක්වා කාලයද මධ්‍යස්ථ ඵල අතර, ඒ කාලයේ ගතවූයේ සඳු මහ දසාවයි. එම කාලයද ඒතරම්ම යහපත් බවක් කිව නොහැක.

● නමුත් වසර 16න් පසු උදාවන කුජගේ මහ දසාව මහේලට කිසියම් ගමනක ආරම්භයක් සනිටුහන් කරන කාලයක් වන්නට ඇත. මන්ද සිංහ ලග්නයේ අයට යෝගකාරක ග්‍රහයා වන්නේ, කුජ ය.

●  කෙසේ වෙතත් 1999 සිට 2004 වනතුරු රාහු ග්‍රහයාගේ ප්‍රබල අපල වලට හසුවී තිබීම ඔහුට බලපා තිබු ප්‍රධානම ග්‍රහ දෝෂයකි.
●  කෙසේ වෙතත් 2003 වසර විශේෂයෙන්ම සුභයි. එසේම දැනට පවතින කාලයද එනම් රාහුගේ සිකුරු අතුරු දසාවද ඉතාම හොද තත්වයකි.
●  නොබෝ කාලයකින් මහේලට ලබන ගුරුගේ මහ දසාව මීටත් වඩා ශුභ තත්වයකට ඔහුව ගෙන යන බවට විශ්වාසයක් ඇත.

එසේ නම්, මෙම කාලය හොදයි.

අපේ රට ඉහලටම ඔසවා තබන්නට දායක වූ මහේල ජයවර්ධන නොහොත් බොහෝ දෙනා ආදරෙයෙන් කතා කරන #මයියාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරමු.


*** මෙම කේන්දර සටහන, මාධ්‍යයට නිකුත් කර ඇති කේන්දර සටහනයි. අප සදහන් කරන කරුණු දළ කේන්දර ආකාරයකට විග්‍රහ කර ඇත්තේ ඔබගේ තේරුම් ගැනීමේ පහසුව පිණිසය.
එම කරුණු සූක්ෂම කේන්දර සටහනෙන්ද තහවුරු විය.
එසේම සූක්ෂම කේන්දර සටහනකින් පමණක් නිශ්චය කරගත හැකි වන පරිදි අයහපත් යෝගි තත්වයන් දුරුව ඇති බව මෙම කේන්දර සටහනින් අපට පැහැදිලි විය.











Wednesday, November 19, 2014

කුමාර් සංගක්කාරගේ කේ්න්දරය

“ ක්‍රිකට් ලොවට ලක්මවගෙන් දායාද වූ අමිල සම්පත කුමාර් සංගක්කාරගේ හඳහන “

1977 වසරේ ඔක්තෝබර් මස 27 වන දින, මාතලේ ප්‍රදේශයේදී මෙලොව ආලෝක දර්ශනය කල මෙම අපේ කාලයේ ක්‍රිකට් විරුවා වෙන කවුරුත් නොව, කුමාර් චොක්ෂනද සංගක්කාර හෙවත් සියලුම දෙනා ආදරයෙන් කතා කරන “සංගා“ය.

එදා මෙදා තුර ක්‍රිකට් වංශ කතාවේ, කතා බහට ලක්වන සර් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, මාර්ටින් ක්‍රෝ, ඉම්රාන් ඛාන්, සචින් තෙන්ඩුල්කාර්, එසේම විවියන් රිචඩ්ස්, ක්ලයිව් ලොයිඩ් යන නම් පෙලේ ශ්‍රී ලාංකීය අභිමානය පෙන්වූ මෙම වීර පුතු අද ලංකාවෙ අනන්‍යතාවයකි.
එසේ නම් ජාතියක් වශයෙන් මොහුගේ දක්ෂකම් වලට අමතරව විනයගරුක බව, එසේම මහත්මා ගුණය එසේම ජය - පැරදුම එකසේ දරාගෙන(පරාජයෙදි පරාජය පිලිගෙන ඉවසනවා සේම, ජයග්‍රහණයෙදි අති උද්දාමයට පත්වී අධි මානයෙන් නොසිතන උපෙක්ෂා සහගත) සිටින ක්‍රීඩකයෙකු වශයෙන් ලොවට දී ඇති ආදර්ශය නිසා සියලුම ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ප්‍රජාව මෙම අතිවිශිෂ්ඨ ක්‍රීඩකයාට හිස නමනවා.
එය ලාංකිකයන් වශයෙන්, ජාතියක් වශයෙන් අප ලබන ආඩම්බරයක් නේද ?

එමනිසා ඔහුගේ හඳහන ගැන විස්තරයක් කිරීමට ප්‍රථම මෙවැනි ක්‍රීඩකයෙක් ලක්මවට දායාද වශයෙන් දුන් එම දෙමව්පියන්ට ඉරු සේවය වන අපගේ භක්ති ආදරය පිරිනමනවා...

* ●  කේන්ද්‍රය දෙස බැලීමේදි බ්‍රහස්පතින්දා දිනක සෙනසුරුට අයත් මකර ලග්නයෙන් උප්පත්තිය ලබා, කිවිට හිමිවූ බෙරණ නැකතේ 1 වෙනි පාදය හිමි විය. තිථිය අවපෑල විය තිථියයි. සිද්ධි නම් යෝගයයි. එසේම බාලව නම් කරණයයි.

●  මකර ලග්න කරුවන්ගේ විශේෂත්වය නම් පඨවි රාශියක් බැවින් ඕනෑම දෙයක් දරාගෙන සිටිමේ හැකියාව තියෙනව. ඒකියන්නෙ දුක සැප ජය පරාජය දරාගත හැකියි.
දහමේ හැටියට අෂ්ඨ ලෝක ධර්මය දරාගැනිමේ සුවිශේෂි හැකියාවක් තියෙනව.

●  කේන්දරයේ කේතු 3 වැන්නේ බලවත්ව සිටි.
කේතු බලවත්ව සිටිම නිසා සහෝදරියන්ගේ ලාභය සංගාට හිමියි. කේතු 3 අයගේ 9 වැන්නේ රාහු සිටිනවා. තමන්ගේ වික්‍රමය ඒ අයට ලැබෙනවා, ඒක විශේෂිතම දෙයක්.

● උප්පත්ති කේන්දරයේ චන්ද්‍රයා/සඳු 4 වැන්නේ බලවත්ව සිටිනවා.
චන්ද්‍රයා 4 වැන්නේ බලවත්ව සිටිනවා කියල කියන්නේ, ඒ අයට ආගිය තැන ගරු සැලකිලි ලැබෙනව. ඒවගේම තමයි සුඛෝපභෝගී ජිවිත තත්ව උරුම වෙනව. යහමින් ධන ධාන්‍ය තත්ව ලැබෙනව. සමාජයේ හොදයි කියල පිලිගැනිම ලැබෙනව.

ඉතින් සංගාගෙ ජිවිතය ගත්තම ඒක අපිට පේනවා නේද.

*●* ඒවගේම තමයි ඔය මකර ලග්න කේන්දර හිමි අයට සදු කියන්නෙ විශේෂිතම ග්‍රහයෙක්. සදුගේ බලතල අනුව තමයි කෙනෙක්ගෙ විවාහය සිද්ධ වෙන්නෙ.
සංගාට හොද බිරිදක් ලැබෙන්න උප්පත්ති කේන්දරයේ තියෙනවා. එය ශක්තිමත් වෙන්න තවත් කාරණාවක් යෙදෙනවා. සමාජ ආර්ථික තත්වයන් විවාහයෙන් පස්සේ දියුණු වෙනව වගේම, පෙර නොවිරූ වාසනාවක්ද ලැබෙනවා..
හරියට රජෙකුට හරියන්න බිසවුන්වහන්සේ කෙනෙක් ලැබෙනවා වගේ තමයි, ඒක මම කිව්වෙ ඇයි දන්නවද ?

●  සංගගේ කේන්දරය දිහා හොදට බැලුවම බලන්න, 7 වැන්නාධිපති විවාහ ස්ථානාධිපති සඳු 4 සිටිනවා, 4 වැන්න අධිපති කුජ 7.. එතකොට 7 වැන්නත් 4 වැන්නත් පරිවර්ථනය වෙලා. මෙවැනි සම්පත්තියක් තියෙන අයට ශක්තිමත් විවාහයක් තිබෙනවා.
සංගත් එක්ක උරෙනුර ගැටිලා ජිවිතයේ ශක්තිමත් කරගන්න ඊටම ගැලපෙන ශක්තිමත් කාන්තා රත්නයක් ලැබෙනව කියල කේන්දරයේ තියෙනව.

●  බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහයා 6 වැන්නේ,
බ්‍රහස්පති 6 සිටින නිසා උප්පත්ති කේන්දරයේ හැටියට සංග ඉපදුනාට පසුව ගෙදර සියලුම දෙනාට මේ දරුවගෙන් හොදක් ඇතිවෙලා තියෙනව
ඒ කියන්නෙ අම්මගෙ තාත්තගේ ආදයම් තත්ව, වෘත්තිමය ජිවිතයට යහපත යනාදි යම් හොදක් වෙලා තියෙනව.

සංගගේ කේන්දරයේ හැටියට ඉදිරි අනාගතයෙදි පොඩි සෞඛ්‍යමය ගැටළු තිබෙනවා. නමුත් ක්‍රීඩකයෙක් නිසා එයා ඒව දැනගෙන නිසි ලෙස කටයුතු කරාවි කියල හිතනව.

●  7 අගහරුවා දෝෂයක් නෙමෙයි, ශක්තිමත් විවාහයකට පදනමත් ඒ නිසා හේතු වෙලා නිසා මම ඒ ගැන විග්‍රහ කලා. ස්ථිරසාර ගුණය සංගාට ඇතිවෙලා තියෙන්නේ ඒ නිසයි.

●  ලග්නාධිපති 8 වැන්නේ ඉන්නෙ, - ශනි. ලග්නාධිපතියා 8 වැන්නේ ඉන්න එක දීර්ඝායුෂ අත්වෙන පිහිටිමක්.
වයසට ගියාම සංගා ලංකාවෙ ඉදිද කියල කියන්න බෑ මේ තත්වය එක්ක. විදෙස් රටකට යෑමේ බලගතු යෝගයක් තිබෙනවා යුරෝපා රටකට වගේ. සමහරවිට ඒක එසේම වේවි, මගේ අනාවැකියක් ඒක.

●  සංගගේ කේන්දරයේ භාග්‍යස්ථානයේ 9 වැන්නේ සිකුරු-රාහුයි ඉන්නවා. සිකුරු එතනදි නීච වෙලා හිටියත් රාහුගේ බලයත් එක්ක තමයි ඉන්නෙ. සිකුරුයි රාහුයි කියන්නෙ අධිමිත්‍ර ග්‍රහයෝ..

* කුමාර සංගක්කාර කියල කියන්නෙ මෙරට පිටරට සියලුම අයගේ ලෝකයේම ජනප්‍රියම ක්‍රීඩකයෙක්. සාමාන්‍යයෙන් තරුවක් උන පුද්ගලයෙකුට කාන්තා ආකර්ෂණය බොහෝම වැඩියිනේ. මම දන්න හැටියට කුමාර සංගක්කාරටත් ගොඩාක් යුවතියෝ, ගැහැණු ළමයි හරිම කැමතියි.

* සමහරවිට එයාලගේ හිතේ ඇති සංගක්කාර වගේ කෙනෙක් කසාද බඳින්න. නැත්නම් සංග වගේ රූපය ලස්සන පෞරුෂය තියෙන කෙනෙක් බඳින්න.
නැත්නම් සංග වගේ වාග් චාතුර්යය තියෙන කෙනෙක් කසාද බඳින්න. සුද්දන්ටත් වඩා ලස්සනටනේ ඉංග්‍රිසි කතා කරන්නේ.
සිකුරු භාග්‍යස්ථානයේ සිටිම යනාදි කරුණු අනුව ඒක පැහැදිලියි.

* ඒකනේ 2011 MCC Spirit of Cricket Cowdrey Lecture දේශනයෙන් හෙල්ලිලා ගියේ ක්‍රිකට් ලෝකයම.

* ඉතින් මෙච්චර කාන්තාවන් අතර ජනප්‍රිය කෙනෙක් උනාට චරිතයේ කිසිම කැළලක් නොකරගෙන, වෙන අයට වැටෙන ලෙඩ අපේ සංගාට වැටුනෙ නෑ. ඇත්තටම කියනව නම් ඒ කේන්දරය බලවත් නිසා.

●  උප්පත්ති කේන්දරයේ 10 වැන්නේ රවි-බුධ යෝගයක් තියනෙව. රවි, බුධ කියල කියන්නෙ මකර ලග්න කෙනෙකුට සුපිරිම ඥාන යෝගයක්.
ඒ ඥාන යෝගයේ බලයෙන් ඉගෙනීම වැඩි දියුණු වෙනව. ඒවගේම ක්‍රීඩාශීලිත්වය දෙන්නෙත් බුධගෙන්. ඔය නීතියට සම්බන්ධ ග්‍රහයන්නේ රවි-බුධ කියන්නෙ.
ඉතින් සංගා කියන්නෙ නීතිය ඉගෙන ගත්ත කෙනෙක්.
වරක් එක්තරා විස්තර විචාරකයෙක් කිව්වා 'batting lawyer' කියල.

* සංගාට සිකුරුගේ මහ දසාව උපන් දින සිට වසර 19ක් සහ මාස 9ක ශේෂයක් පැවතුනි.

●  1997 වසර 19ක සිකුරු මහ දසාව අවසන් වී 2003 රවි මහ දසාව ලැබුවා. 2003 සදු මහ දසාව ලැබුව. ඒක 2013දි ඉවරයි.
●  මේ සදු මහ දසා කාලය 2003-2013 කාලය ඉතාම වාසනාවන්ත කාලයක්. නම රැව් පිලිරැව් දුන්න කාලයක්.

● එතකොට දැන් යන්නේ, කුජගෙ මහ දසාවෙ රාහු අතුරු දසාව. ඒක 2015 පෙබරවාරි ඉවර වෙනව.

●  ඉතින් සංගාගේ කේන්දරයේ හැටියට අනාගතය ක්‍රිකට් වලින් කෙසේ වෙතත් පෞද්ගලික ජිවිතයෙදි ගොඩක් වාසනාවන්ත දේවල් කිට්ටු කරගන්න තියෙනව.

● * සමහරවිට අවුරුදු 42දි සංගාට ලබනවා රාහුගේ මහ දසාව. සංගගේ කේන්දරයේ බලවත්ම ග්‍රහය වෙන්නෙත් රාහු. එයා සිකුරු එක්ක එකතු වෙලා ඉන්නෙ. රාහු කියල කියන්නේ යම්කිසි විප්ලවයක් ඇති කරන ග්‍රහයෙක්නෙ.

●  අවුරුදු 42දි නම් සංග ක්‍රිකට් ගහන්නෙ නැති වෙයි. ක්‍රිකට් ලෝකයේ යෝකර් වලට ලස්සනට ඩ්‍රයිව් කරපු සංගා දේශපාලන ක්‍රීඩා පිටියට ඇවිල්ලා, එතනදිත් ඩබල් සෙන්චරි දායිද කියන්න බැහැ.

●  සංගාට පොදුවේ ගත්තම මිනිස්සු හරි ආදරෙයිනේ. සිකුරුත් බලවත් නිසා රාහුත් ප්‍රසිද්ධිය දෙන ග්‍රහයෙක් විදියට එයත් ඒ යුතුකම කරාවි.

කවදහරි දළදා හාමුදුරුවන්ගෙ සෙවණේ හිටිය සංගා කන්ද උඩරටින් කොහොමද දේශපාලනයට ආවොත් ?

●  ඇත්තටම මහජනතාවට, ලංකාවට යම්කිසි සේවයක් මෙයාගෙන් ගන්න පුලුවන්.
ඒවගේම කවදාහරි ජනී ජනයා අතර සදාකාලිකව වැජඹෙන චරිතයක් විදියට කුමාර් සංගක්කාරව හඳුන්වන්න පුලුවනි. ඉතින් මේ කේන්දරය බලවත් කේන්දරයක් වගේම, අපි හැමෝටම අපේ කියල ආදරයෙන් වැළද ගන්න පුලුවන් චරිතයක් තමයි.

අපි ඉරු සේවයේ සහ සහෝදර පේජයන්, වෙබ් අඩවි සියල්ලගේම සුභ ප්‍රාර්ථනා සහ තුනුරුවන්ගේ ආශිර්වාදය අපේ සංගාට එකතු කරන ගමන් මේ ලිපිය අවසන් කරනවා....

Monday, November 10, 2014

විරාත් කෝලිගේ ජන්ම පත්‍රය

1988 නොවැ. මස 5වන දින, ඉන්දියාවේ දිල්ලි අගනුවරදි උපත ලද විරාට් කෝලි ලෙස හඳුන්වන මේ ක්‍රීඩකයා අද ලංකාවෙ ඉන්දියාවෙ පමණක් නොව ලෝකයේම නොදන්නා කෙනෙක් නැත.

එදා මෙදා තුර ඉන්දීය ක්‍රිකට් වංශ කතාවේ, බිහි වූ මොහොමඩ් අසාරුඩීන්, කපිල් දේව්, රවි ශාස්ත්‍රි, සුනිල් ගවස්කාර්, සචින් තෙන්ඩුල්කාර්, විරෙන්ද්‍ර ෂෙවාග් ආදි ක්‍රීඩකයන් අතර, කෝලිද එක්තරා චරිතයකි.

අපේ අසල්වාසි රටවූ ඉන්දියාවේ ඉපිද අල්ලපු ගෙදර වූ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට වචනයෙන් පවා අපහාස කල කපිල් දේව්ට වඩා මොහු එක්තරා ජාතියක අමුතුම චරිතයකි.
සචින් තෙන්ඩුල්කාර්, සුනිල් ගවස්කාර් යනු ක්‍රිකට් ක්‍රීඩාවේ නියම මහත්වරුන්ය.

කෙසේ වෙතත්, විරාට් කෝලි තරමට ලංකාවේ අපට වහකඳුරු වූ වෙනත් චරිතයක් මෑත ක්‍රිකට් ඉතිහාසයේ නැත.
පුද්ගලයෙක් කුමක් කලත්, කුමන දේ කලත් පුද්ගලයාගේ චරිතය නිරූපනය වන්නේ කේන්ද්‍රය මුල් වූ ග්‍රහ බලයෙනි.
අපි එසේ නම් කෝලිගේ හඳහන දෙස යොමුවෙමු.

* 1988 වසරේ නොවැ. 5 වන දින දිල්ලියෙදි උපත ලද මේ ක්‍රීඩකයාට ධනු ලග්නය හිමි වී ඇත. එසේම රවි හිමි උත්‍රපල් නැකතේ 2වන පාදය හිමිවිය.

● මේ කේන්දරය බැලූ බැල්මටම 1 වැන්න වන ලග්නයේ සෙනසුරු/ශනි ග්‍රහයා තැන්පත්ව සිටී.
එසේම රාහු ග්‍රහයා 3 වැන්න වන වික්‍රමස්ථානයේද, කුජ/අගහරු 4 වැන්නේද, ගුරු/බ්‍රහස්පති ග්‍රහයා 6 වැන්නේද, 7 වැන්න සහ 8 වැන්නේ ග්‍රහයන් නොමැති අතර. කේතු 9 වැන්නේද චන්ද්‍ර- සිකුරු 10 වැන්නේද රවි-බුධ 11 වැන්නේද පිහිටා ඇත.

මා මුලින්ම දෙයක් සඳහන් කරන්නම්. මෙම ක්‍රීඩකයා ඉතිහාසයේ හොඳ නම පවතින ක්‍රීඩකයෙක් නොවේ.

මහේන්ද්‍ර සිං දෝනි, තෙන්ඩුල්කාර් වැනි ක්‍රීඩකයන් දේවත්වයෙන් පුදන එම රටේදි මොහුට එම තත්වය අහිමි වෙයි.

● මෙම කේන්දරයේ හැටියට සෙනසුරු/ශනි ලග්න භාවයේ සිටිම නිසා මොහු ඉතාම රළු-පරළු, සැර පරුෂ පුද්ගලයෙක් බව කේන්දරයෙන් පෙන්වයි.
ශනි ග්‍රහයා ධනු රාශි ගත වීම නිසා හිත තද වෙනවා සේම, අන් අයගේ දුකේදී හිත උණු වන්නේ නැත.

● එසේම ලග්නයෙන් 3 වැන්නේ රාහු සිටින නිසා කෙසේ හෝ ප්‍රසිද්ධ වීමේ වාසනාව ඇත.

● අඟහරු/කුජ 4 වැන්නේ සිටිම නිසා තමාගේ වටපිටාවේ අයගේද දෝෂ දර්ශනයට ලක්විමට ඉඩ ඇත.

● ගුරු ග්‍රහයා 6 වැන්නේ සිටිනවා කියන්නේ, ලග්නාධිපති ගුරු සතුරු රාශිගතව දුර්වල වීම නිසා මෙම පුද්ලයාගේ ගුණයහපත්කමක් කියා දෙයක් බිංදුවක්වත් නැත.

● සිකුරු/ශුක්‍ර ග්‍රහයා බලවත්වීමෙන් පුද්ගලයා සෞම්‍ය, මෘදු කෙනෙක් බවට පත්වේ.
නමුත් කෝලිගේ හඳහනේ සිකුරු නීච වී 10 වැන්නේ පිහිටා සිටී.  මොහුට ඉදිරියේදි තවත් ගැහැණු ආශ්‍රයන් සම්බන්ධව නොයෙකුත් අපවාද වලට ලක්විමට ඇති ප්‍රවණතාවය වැඩිය.

● රවි - බුධ යෝගය 11 පිහිටිම නිසා කෝලි ක්‍රීඩාවට සහ අධ්‍යාපනයට සහජ දක්ෂතාවය දක්වන කෙනෙකි.
* රවි 11 සිටිම නිසා කෝටියක් දෝෂ භංග වන තත්වයක්ද උදාවී ඇත.
මොහු එක්තරා පිරිසක් පමණක් ආශ්‍රය කරන පුද්ගලයෙකි. සියලුම දෙනා සමග සමගියෙන් සිටීමට මොහු එතරම් ප්‍රියතාවයක් නොදක්වයි. එයට හේතුව මොහුගේ ඇති රවි-බුධ යෝගයේ තරමයි.

* කෝලිගේ  කේන්දරයේ හැටියට එක්තරා ආකාරයකට අනාගතයෙදි මහත් ආන්දෝලනාත්මක දේ පවා සිදුවිමට ඉඩ තිබේ.
● එයට හේතුව, කේන්දරයේ ඇති කුජ-ශනි යෝගයේ තත්වයත්, එතනින් අමතරව සිකුරු නීච වීමත් විශේෂයෙන්ම රාහු මහ දසාව ඉදිරියට යාම නිසාය.

● එසේම 2015 සිට 2018 කාලය දක්වා මොහුට සුබ නැති අතර, සමහරවිට ක්‍රීඩා ජිවිතය අවසන් වීමට සමහරවිට ඉඩ ඇත.
මන්ද ප්‍රබල පාපී ග්‍රහයෙකුගේ මහ දසාව සහ අතුරු දසාව ගතවීම නිසා පුද්ගලයෙකුගේ දක්ෂතාවය එනම්  performance අඩුවිමට ඉඩ ඇති නිසාය.

මොහු සාමාන්‍ය මනුෂ්‍යයෙක් විදියට, මනුෂ්‍ය හඳහනක් ලෙස බැලූ කල මොහු ඉතාම නරක සහ කුහක පුද්ගලයෙක් බව කේන්දරයෙන් පෙනී යයි.

** හොඳින් බලන්න කෝලිගේ 4 කේන්දරය (1, 4, 7, 10 ) පාපීන්ට හසුවී ඇති ආකාරය.
මොහු විවාහ කරගන්නා බිරිඳ පවා මොහුගේ අඩන්තේට්ටම් වලට ගොදුරු වේ.

එසේ නම් ලාංකික අපිට ලක්මවට, අමිල දායාදයක් වුන කුමාර සංගක්කාර වැනි ක්‍රීඩකයෙක් අපට කොයිතරම් සම්පතක්ද....

ක්‍රීඩා විචාරකයන් පවා සඳහන් කරන්නේ, සංගක්කාර යනු ක්‍රිකට් ලෝකයේම ඉහලම ගෞරවයට පාත්‍ර වුනු මහත්මයෙක් බවයි. ඒ ගැන අපිට හරිම සතුටුයි.
මේ වගේ කේන්දරයක් හිමිව ඉපදුනොත් ඒ පුද්ගලයා අනුකම්පා සහගත පුද්ගලයෙක් නම් නොවෙයි.

මේ ගැන ඔබලා පරික්ෂා කර බලන්න.

තෙරුවන් සරණයි !

Friday, October 10, 2014

__“ රට ජාතිය පුබුදුකල දම්පල් හඳහන “

1864 සැප්. 17 වන දින උදේ 6.52 උපන් මෙතුමන් දොන් ඩේවිඩ් හේවාවිතාරණ නම් විය.
යටත් විජිතයක්ව පැවති කාලයෙදි උපන් නිසා මෙතුමාට ඉංග්‍රිසි නමක් යෙදී තිබුනි.
මෙතුමාගේ හඳහන තුලින් ජාතියක් පුබුදුවා ගැනීමට තරම් මෙතුන්ගේ හඳහනේ තිබුනාද... ?

එය විමසීමේ අපගේ අරමුණයි. එසේම කාලෝචිතයි.

බුද්ධිමතුන් බිහිවන කන්‍යා ලග්නයෙන් උපන් මෙතුමාගේ හඳහන මෙන්න මේ ආකාරයට විචිත්‍ර වී ඇත.
● රවි-බුධ-ශනි-සිකුරු යෝගයක් ලග්නයේ චතුර් ග්‍රහ යෝගයක්ද, රාහු 2වැන්නේද, බ්‍රහස්පති/ගුරු 3 වැන්නේද, චන්ද්‍රයා 7 වැන්නේද කේතු ග්‍රහයා 8 වැන්නේද, 9 වැන්නේ කුජ ග්‍රහයාද පිහිටා ඇත.

මේ අනුව මෙතුමන්ට පසුකාලින ජිවිතයෙදි ආගම දහමට සිත යොමුවිමට හේතු වූ යෝගය කුමක්දැයි අප විමසා බලමු.

● ශනි - සිකුරු යෝගය මෙයට ප්‍රධානයි. එය ගිහිගෙය එපා කරන ශ්‍රමණ යෝගයකි. මෙයින් ලෞකික ආශාව දුර්වල කර, ලෝකෝත්තර මාර්ගයට යොමු කරයි.

● එසේම රවි-බුධ යෝගය සමග තිබුනත් නීච භංග රාජ යෝගයක් මේ අවස්ථාවෙදි යෙදෙන්නේ නැත.
කන්‍යාවෙදි රවි බුධ එකට පිහිටිමෙන් ඥාන යෝගයක් ලෙස ඥානය දැඩි ලෙස පිහිටයි. එහිදී පූර්ණ වශයෙන්ම සිකුරුගේ බලය දුර්වල වි ඇත.
එසේම එම නිසා ධර්මපාල තුමා ජිවිතයේ තරුණ අවධියේම රට ජාතිය ආගම වෙනුවෙන් දැඩිලෙස කැපවී ඇත.

* එසේම තවත් කාරණයක් මතු කිරීමට සිදුවේ, මෙතුමන් උපදින පරිසරය සුදු ජාතියකන්ට රට අයත්ව රට සුදු ජාතිකයන් අමු අමුවේ කොල්ල කන ආකාරය අපට සිහිගන්වයි.
මෙහිදි අපට මතක් වන්නේ, අපගේ සිංහල සෙනෙවියන් ඇහැලේපොල, කැප්පෙටිපොල වැනි ජාතික නායකයන් පාවාදී බිලි දී අපගේම සිංහල මිනිසුන් විසින් අපගේ රජු ඉංග්‍රිසින්ට අල්ලා දුන් වටපිටාවක ඒකාලයේ අධිරාජ්‍යවාදින්ට ගැතිකම් කොට නිවට නියාලු ජාතියක් බවට පත්වූ සිංහල ජාතිය නැවත දේශානුරාගයෙන් මත් කිරීමට මෙතුමා හොඳම භාෂාවකින් ජනතාව ඇමතීය.
* එය විටෙක අපේ සිංහල ජාතියට පමණක් නොව ඉංග්‍රිසි ජාතියටද මහත් වූ හිසරදයක් විය. අප දන්නා ආකාරයට මෙතුමාගේ වාග් ප්‍රහාරය ඉතාම දරුණුය.

● කෙනෙකුගේ දෙවැන්න/2) එම පුද්ගලයාගේ චරිත ස්වභාවය සහ වචනය ගැන පෙන්වයි.
රාහු 2 වැන්නේ සිටින නිසා මෙතුමාට මුඛරි වූ එසේම තර්කානුකූලව වූ කතා විලාසයක් තිබින. එසේම වාදිභසිංහ දම්පල් තුමා කුජ ග්‍රහයාද බලවත්ව උපන් කෙනෙකි.
එමනිසා භය කියන දෙය එතුමන්ට තිබුනේම නැත. මෙම කේන්දරය ආශ්‍රිතවද බොහෝ දේ කීමට ඇතත්, ලිපිය බොහෝ විස්තර පල කිරිමේ අපහසුතාවයක් ඇත.

● අනගාරික ධර්මපාල තුමාගේ හඳහනටම අනුව, ලෝකෝත්තර ගමන් මාර්ගය ඇති ජෝතිෂ්‍යය පදනම එනම් ලග්නයේ ඇති ශනි-සිකුරු යෝගය නිසා 1929 ආදිය කිට්ටුවදී ඉන්දියාවට ගොස් බුද්ධගයාව සහ අපගේ බෞද්ධ උරුමයන් බේරාගෙන එය අදටත් අපට හිමිකර දී මහා බෝධි සංගමය පිහිටවා සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදිව අපගේ ජාතියෙන් සමුගන්නා ලද්දේය.

එතුමන්ගේ දේශානුරාගී නායකත්වය අදටද අපගේ දේශපාලනයේ නියැලෙන අයටත් නියැලීමට සිටින අයටත් මහඟු ආදර්ශයකි.
අපගේ ප්‍රාර්ථනාව නම් එවන් නායකයන් අප රටට නැවතත් පහල විය යුතුය. ඉතින් මෙම කේන්දරය තුලින් යමක් ඉගෙන ගන්න. ග්‍රහ බලය සම්බන්ධව ..

තෙරුවන් සරණයි !

Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364 

Wednesday, September 10, 2014

Play Boy Magazine අයිතිකාරයගේ කේන්දරය


දන්නවද හග් හෙෆ්නර් Hugh Hefner

මේ ඉන්නේ එයා.

බලමු එයාගේ කේන්දර සටහන ගැන.

1926 04 07 වැනි බදාදා දවසේ ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර උපදින්නෙ ලෝක පූජිත මිනිහෙක්නෙ.

හැබැයි අපි අදහන ආගම දහම අනුව මෙයා කරන දේවල් අනුමත කරන්නෙ නෑ.
මෙයා තමයි, ලෝක ප්‍රසිද්ධ Play Boy ප්ලේ බෝයි සඟරාවේ අයිතිකාරය.

මෙයාගෙ ලග්නය කන්‍යා.

* උප්පත්ති කේන්දරයෙ 3 වන කොටුවෙ සෙනසුරුත්, 4 කොටුවේ කේතුද කුජ-ගුරු-චන්ද්‍ර 5ත්, සිකුරු 6ත්, රවි-බුද 7ත්, රාහු 10ත් පිහිටල තියෙනවා.

මේ කේන්දරය බැලූ බැල්මටම පුදුම කේන්දරයක් තියෙනවා. දැක්ක නේද අපි රාහු ගැන කියපු කලින් ලිපියෙදි කිව්ව.

* රාහු තමයි මෙයාගෙ ධනයෝග ක්‍රියාත්මක කරල තියෙන්නෙ.

මෙයාගෙ වත්කම් ඇමරිකානු ඩොලර් මිලියන 54කට වැඩියි.

• සෙනසුරු/ශනි 3 ඉන්න කෙනාට අපේ භාෂාවෙන් කියනව නම්, කට්ට කන්න පුලුවන්/ඕනම දුකක් විඳින්න පුලුවන්.

• ඒවගේම තමයි මෙයාගෙ චන්ද්‍ර-මංගල යෝගය තියෙනව.
මෙයාගේ කලින් බැන්ඳ කෙනා දික්කසාද කරල තියෙන්නෙ 1959 පමණ.
මෙයාට චන්ද්‍ර - මංගල යෝගය තියෙන නිසා මඟුල් කැඩෙනව (5 වැන්න). නමුත් කාමාශාව හරිම ප්‍රබලයි. ගොඩක් වැඩියි.
ඒවගේම තමයි ස්ථිර ගෑණු කෙනෙක් නෑ.

• 7 වැන්නාධිපති බ්‍රහස්පති/ගුරු නීච වෙලා ඉන්නෙ.
එක දෙයක් මතක තියාගන්න, කෙනෙක්ගේ ගුරු නීච නම් ඒ අය මොනව හරි අයුතු විදියට සල්ලි හොයනවා. ඒකෙන් පෝසත් වෙනව. හැබැයි දහමට අනුව මෙලොවදී විතරයි.

• කුජ-ගුරු-චන්ද්‍ර යෝගය නිසා හොඳින් හරි නරකින් හරි සල්ලි හොයලා, ඒවයෙන් තමන්ගෙ කම්සැප තාම විඳිනව.

• රවි-බුධ 7 ඉන්නෙ. රවි-බුධ 7 ඉන්න පිරිමි අයට ශක්තිමත් හුරුබුහුටි පුරුෂ ලිංගයක් හිමිවෙනව. හැබැයි කාරණාව, රවි 7 වැන්නට හොඳ නෑනේ, විවාහ ජීවිතය එක්කෙනෙක්ගෙන් සීමා වෙන්නෙ නෑ. ටික කාලයක් යනකොට මේ වගේ අයට ගෑණු කෙනාව එපා වෙනව, තව කෙනෙක්ව හොයනව.
කාමාශාව අධිකවම තියෙනවා, කේන්දරයේ හැටියට.

• ඒවගේම ආපු දසා වල හැටියට, මෙයා බලන්න ඉපදිලා තියෙන්නෙ සුවණ නැකතින්.
සුවණ නැකත කියන්නෙ බොහොම බලගතු අය උපදින නැකතක්නෙ.
උදාහරණ විදියට ශාරුක් ඛාන්, රජිනි කාන්ත් වගේ අයත් සුවණ නැකතින්.

• ඒවගේම ඒක බලගතු නැකතක්, කම් සැප විඳින නැකතක්.

• මෙයාට කොහොම හරි දසාවත් එක්ක බලනකොට 1960 තමයි ඔය ප්ලේබෝයි සඟරාව මුලින්ම නිකුත් කරල තියෙන්නෙ. ඒකාලේ ගත වෙලා තියෙන්නෙ “ ගුරු මහ දසාවෙ සිකුරු අතුරු දසාව“.
මිනිහ ප්‍රසිද්ධ උනා සෑහෙන්න.

• සිකුරු දුර්වල තැනක ඉදල කාම යෝග බලවත් විම නිසා, අධිකව කාන්තාවන් එක්ක ලිංගිකව ආශ්‍රය කරල ඒක තෘප්තිමත් නොවන විදියටම තවම පවත්වගෙන යනව.

• මෙයාගෙ පෞද්ගලික තොරතුරු දැක්ක වෙලාවක පෙනුනෙ, මෙයා වෙනුවෙන් අඩු වයසෙ ගෑණු ළමයි ඕන වෙලාවක එයාගෙ මහා මන්දිරයෙ ඉන්නව.

• බහුකාම සේවනය මේ කේන්දරයේ මූලික ලක්ෂණයක්. දැනට වයස අවුරුදු 88යි.
විවාහ වෙලා ඉන්නෙ 1986(28) ඉපදුනු කාන්තාවක් එක්ක.

• හැබැයි මනුස්සයට නම්, සසර චාරිකාව කොච්චර දුර වෙයිද කියලත් කියන්න බෑ. වැඩිය කේන්දරය ගැන කියන්න ඇත්තටම හොදක් නෑ. නරකින් හම්බ කරලා අදටත් නරක විදියට ඉන්නව.
ඒ සුද්දන්ගෙ හැටිනෙ. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඔයාලට තේරුම් ගන්නයි මේ දැම්මෙ.

#ඉරුසේවය

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364 

Sunday, June 1, 2014

Narendra Modi - Indian Prime Minister කේන්දර සටහන් විග්‍රහය

_ ලොව ශිෂ්ටාචාර අතරින් දීර්ඝතම ඉතිහාසයක් ඇති ශිෂ්ටාචාරය ලෙස ඉන්දු නිම්න හැදින්විය හැක_

එය බුද්ධ කාලින ඉතිහාසයේ සිට ඊටත් වඩා අතීතයකට දිව යයි. මෙවන් අතීතයක් ඇති ප්‍රෞඪ ඉතිහාසයක් ඇති ඉන්දියාව අපටද සබදකම් ඇති රටකි අතීතයේ සිටම.
අපගේ ගෞතම බුදු රජාණන් වහන්සේගෙ පාද ස්පර්ශය ලද භාරතය අද දේශපාලනික වශයෙන් මහා පෙරලියකට ලක්වී ඇත. ඒ කවර දෙයක් නිසාවත් නොව ප්‍රජාතාන්ත්‍රික ජනරජයක් ලෙස පත්වූ දා සිට අද දක්වාම පැවැත්වූ මැතිවරණ ඉතිහාසයේ නව පෙරලියක් සහ නව යුගයක් සනිටුහන් කරමින් නව අග්‍රාමාත්‍ය වරයෙක් භාරතයට මැතිවරණයකින් ජනිත වීමය.

ඒ කවරෙකුවත් නොව ඉන්දියාව හෙවත් භාරතයේ සුක්කානම අතට ගත් ඔහු ගරු නරේන්ද්‍ර ධර්මෝදාස් මෝඩි මැතිතුමාය.

මෝඩි මැතිතුමා මෙලොව උපදින අවස්ථාව වන විට නැගෙනහිර අහසේ ඔහුගේ කර්මයට අනුව කෝටි 121ක ජනතාව පාලනය කිරීමට සහ ප්‍රබල රාජ්‍යතාන්ත්‍රිකයෙක් වීමට හේතු වූ ග්‍රහ බලය විමසා බලමු.

● 1950 වසරේ 9 මස 17 ඉරිදා දවසේ දහවල් 11ට ඉන්දියාවේ උපත ලබා ඇති මෙතුමා කුජ හිමි වෘශ්චික ලග්නයෙන් උපත ලබා ඇත.
මෙතුමාගේ ලග්න භාවයේ කුජ චන්ද්‍ර යෝයක් ඇත. බ්‍රහස්පති හෙවත් ගුරු 4 සිටියදි රාහු 5ය. සෙනසුරු සහ සිකුරු ග්‍රහයන් 2 දස වැන්නේය. රවි බුද කේතු යන ග්‍රහයන් 11 වැන්නේය. මෙතුමාගේ ජන්ම පත්‍රයට අනුව නිසර්ග ග්‍රහ බලයක් පාලනයටම රැගෙන ආවා මෙනි.
සදහන් කල යුතු ප්‍රධානම තත්වය නම් මෙතුමන්ගේ ජන්ම පත්‍රයේ හැටියට ලග්නයේ පිහිටා ඇත කුජ චන්ද්‍ර යෝගයයි.

● එසේම 5 වැන්නාධිපතියා 4 වැන්නේ සිටිම නිසා පුද්ගලයා ස්ථාවර මනසකින් හෙබි අයෙකි. මෙතුමා අපගේ ගමේ ගොඩේ භාෂාවෙන් කියනවා නම් සුපිරි වැඩ කාරයෙකි. එයට හේතුව රුචක යෝග බලය මිශ්‍රව සිටියදි අගහරුගෙන් 10 සිකුරු සිටීමත්ය.

● කුඩා කල සිටම දුක්බර දිවියක් ගත කල මෙතුමාගේ අතීත කතා දැන් කිම එතරම් සුදුසු නොවේ. කොහේ සිටියත් කොතැන සිටියත් රන් කඳ බබලනවා කියන්නේ මෙවැනි දේවල් වලටය.
මෙතුමා රවි බුද කේතු 11 වැන්නේ සිටින විට උප්පත්තිය ලබා ඇති නිසා මෙතුමා දිල්ලි විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. ගුජරාටි විශ්ව විද්‍යාලයේද උපාධිධාරියෙකි.
එය උගත්කම පිහිටා සිටින යෝගයක් ආකාරයට ස්වක්ෂෙත්‍ර බලයෙන් සිටින බුද රාජ්‍යකාරක රවි සමග 11 පිහිටා ඇත. කෝටියක් දෝෂ භංග වී ඇත.

●රාහු 5 සිටින මෙතුමා උපතින්ම චාන්ස් කාරයෙකි. ඔට්ටු ඇල්ලීමෙන් සහ සූදු ක්‍රීඩාවෙන් දිනීමට පවා රාහු 5 සිටිම අතිශයින් වැදගත් වේ.
කෝටි 121කින් කෙනෙක් අගමැති ලෙස පත්වීම ඒ වගේ දැයි පාඨක ඔබ කල්පනා කර බලන්න. මෙතුමාගේ පෞද්ගලික ජීවිතය ගැන සලකා බැලීමෙදි මෙතුමා තැලී පෑගි පොඩිවි සිටින මිනිසුන්ට උපකාර කරයි. ඉතිහාසයේ එවන් අවස්ථා එමටයි. ඒ ශනි ග්‍රහයාගේ 10 වැනේ පිහිටිමය.
එය දේශපාලනයට පිහිටා තිබිය යුතුම යෝගයකි.
ඉන්දියාවේ පීඩිත පන්තියේ ජනතාව බහුතරයක් මෙතුමාට ඡන්දය ලබාදී ඇත. ඉන්දියාවේ සාමාන්‍ය වංශවත් නොවු කුලයක උපන් ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමා දුප්පතුන් අතරින් මතුවූ ආකාරය බලන්න.

● මෙතුමාගේ විවාහය මතභේදයට තුඩුදෙන විවාහයකි.
එය වයස අවුරුදු 18දි දෙමාපියන් උපන් වර්ෂය, කුලය වර්ගය අනුව කරදුන් විවාහයකි. එතුමා එයින් ඉවත් වන්නෙ එයින් ප්‍රයෝජනයක් නොමැති නිසා බැවිනි.
ලග්නයේ සිටින චන්ද්‍ර මංගල යෝගය විවාහ ස්ථානයට එල්ල වීමත් විවාහය ප්‍රේමය ආලිංගනය වැනි කරුණු කාරණා වලදි රාහු 5 සිට ප්‍රබල කඩා බිඳ දැමීමක් කර ඇති බව ජෝතිෂයට අනුව මනාවට පැහැදිලි වේ.

● මෙතුමා නිර්මාංශ ආහාර ගන්නා උතුමෙකි. මෙතුමා ආගම දහමට සහ බුදු දහමට ඉතාම කිට්ටුවන්තව කටයුතු කරන උතුමෙකි. උපතින්ම දෙවියන් කෙරේ අචල භක්තියක් ඇති නරේන්ද්‍ර මෝදි මැතිතුමා සියලුම ආගම් වලට සමානව සලකයි. එසේම හින්දු භක්තිකයෙක් වුවත් බුදු දහමට මනාව ගරු සරු දක්වන්නේ සහ ඒ ගැන සොයා බලන්නේ ගරු අගමැතිතුමාට ශනි - සිකුරු යෝගයක් 10 වැන්නේ පිහිටා තිබිමයි. එය පැවිදි යෝගයක් බව කිව යුතුය.

● එතුමාගේ යම් යම් ඉරියව් ලක්ෂණ බැලීමේදි එතුමා විටෙක ආගමික පැත්තෙන් ගොස් එවන් ඇඳුම් ආයිත්තම් ඇඳ ගත් ඡායාරූප අප දැක ඇත්තෙමු.
ඒවා ශ්‍රී ලංකාවේ සම ‘හරක්‘ දේශපාලනඥයන් මෙන් ජනතාව ගොනාට ඇන්දීමට ගත් උපාය මාර්ග නොවන බව අපට මේ හදහන බැලීම තුලින් නිගමනය කල හැක. එසේම ගරු මෝදි මැතිතුමා නිකන්ම නිකන් මනුෂ්‍යයෙක්ද නොවේ.
රවි බුධ කේතු බලවත්ව පිහිටා සිටින මෙතුමා හොඳ උගතෙකි. ඒ ගැන කලින් සඳහනේ දක්වා ඇත.

● විශේෂයෙන්ම දේශපාලනයෙන් ඉහලට මෙතුමා එන්නේ 1985 වසරේ සිටය.
එම මහ දසාව 2005 දක්වාම පැවතුනි. සිකුරු මහ දසාව ප්‍රබලවම බලපා ඇත. මෙහිද පෞද්ගලිකව එතුමා විඳි දේවල් එතුමාගේ ජන්ම පත්‍ර විග්‍රහයෙදි අප මුලින් සදහන් කර ඇත.

2011 වසරේ සිට මෙතුමාට ගත වන්නේ සදුගේ මහ දසාවය. උප්පත්ති කේන්දරය අනුව සෙනසුරුගෙන් පීඩා විදි මෙතුමා අනුර නැකතින් උපත ලබා ඇත. දැනට ඒරාෂ්ඨක අපලයක් ගත වෙද්දිත් මෙතුමාට රාජ්‍ය බලය ලබාදි ඇත. මෙතුමා ඒ බලය නිසා වැජඹේ. මෙතුමාගේ ඉදිරි කාලයද ඉතාම සුභ බව කිව යුතුය. මෙතුමාගේ කේන්දරයේ ඇති ජනතාවාදි බවත් උපරිම වාසනා මහිමය නිසාත් භාරතයට ඉදිරියෙදි සුභ කාලයක් ගත වනු ඇත.

** සැබවින්ම බුදු දහමත් හින්දු ආගමත් සමාන්තර රේඛාවක අදහන මෙතුමා අප ශ්‍රී ලංකාවටද ආදරය කරන රාජ්‍ය තාන්ත්‍රිකයෙක් බව කිව යුතුය. අපගේ එදිනෙදා සාමාන්‍ය විශ්වාසය අනුව භාරතයේ එදා පහල වූ පින්වත් රජතුමෙකුගේ පුනර්භවයද හැඟේ.
අප රට සමග මනා රාජ්‍යතාන්ත්‍රික සබදතා ගොඩ නගා ගනු ඇති බව අපට විශ්වාසයි. පසුගිය කාලයෙදි අපගේ ජිනිවා මානව හිමිකම් ප්‍රශ්නයෙදි අපට දිගින් දිගටම කෙනෙහිලිකම් කල කලින් තිබූ රජය බිද වැටීම අපගේ ශ්‍රී ලංකාවේ ආනුභාවයකටම සිදුවූවා දැයි සිතේ. මෙතුමාගේ හදහන ගැන කියන්න තිබෙන කරුනු බොහෝය. නමුත් මෙතුමා සම්බන්ධව බොහෝ කරුණු මේ විස්තරය තුල අන්තර්ගතවි ඇත. අප රටටද හිතවත් මෙතුමා බොහෝ කාලයක් රාජ්‍ය බලය හොබවා අසල්වැසි භාරතයද දියුණු කොට අප රටද විදේශ බලවේග වලින් ආරක්ෂා කරන උතුම් පුද්ගලයෙක් වන බව ජෝතිෂ්‍යය අනුව පැහැදිලි වේ.

ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමාට චිර ජීවනය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් එතුමාට සුභාශිංසන පුද කරමින් ඉරු සේවයේ මේ ලිපිය අවසන් කරමි.

Wednesday, March 19, 2014

_ Shah Rukh Khanගේ ජන්ම පත්‍රය _ (1965 11 02 පාන්දර නවදිල්ලි නුවරදී සිංහ ලග්නය)

ලොවක් රංගනයෙන් වශීකල මෙම අනභිවනීය කලාකරුවා භාරතයේ තවත් එක අනන්‍යතාවයකි. 1992දී සිනමාවෙන් සම්මාන හිමිකරගත් ඔහු තවමත් බොලිවුඩයේ රජු වශයෙන් කිරුළු පැළද සිටී.
මෙලෙස ඉතාම ජනප්‍රියත්වයේ හිනි පෙත්තට පැමිණීම සහ ආර්ථික තත්වය ඉතාම ඉහලට ඒමට හේතු සාධක වූ ග්‍රහ බලය පරික්ෂා කොට බලමු.

මෙම සිංහ ලග්න ජන්ම පත්‍රය අනුව මොහු උප්පත්තිය ලබන මෙවන් ග්‍රහ බලයක් සහිතව උපත ලබා ඇත.

● උප්පත්ති කේන්දරයේ ලග්නාධිපති රවි බලවත්ව වික්‍රමස්ථානගතව ඇත. මෙහිදී රවි නීච වුවත් රාජයෝගයක් උදා කරන බවට ජෞතිෂ්‍යයෙන් දී ඇති සිද්ධාන්තයට කදිම පිලිතුරක් මොහුගේ කේන්දරයෙන් විද්‍යාමාන වේ.

● උප්පත්ති කේන්දරයේ කුජ/අඟහරු, බුධ යෝගයක් 4 වැන්නේ ඇත. මෙහිදී පංච මහා පුරුෂ යෝගයක් වන රුචක යෝග බලය උප්පත්තියෙන්ම හිමිව තිබේ. මෙම නිසා මොහු ආත්ම ශක්තිය සහ ආත්ම ශක්තිය මැනවින් ඇති පුද්ගලයෙකි.

● ශෝභමාන කඩවසම් පෙනුමක් ලබාදී ඇත්තේ 5වැන්නේ සිටින සිකුරු/ශුක්‍ර ග්‍රහයාය. පූර්ණ වශයෙන්ම සිකුරුගේ දෘෂ්ඨිය ලග්නයට වැටීම නිසා සිකුරුට අයත් නළුකම වෘත්තිය වශයෙන් තෝරාගෙන ඇත.

● එසේම අප දන්නා පරිදි ශාරුක් ඛාන් යනු බොහෝ සෙයින් හිත උණුවන දුගී දුප්පතුන්ට පවා උදව් උපකාර කරන නිරහංකාර චරිතයකි. එයට හේතුව සිකුරු ග්‍රහයා 5 වැන්නේ සිටින බැවින් සිතුම් පැතුම් හා සිතිවිලි, අනුකම්පාව හිමි දයාබර මානසික තත්වයක් මොහුට හිමිය.

● තවද ශනි බලවත් නිසා මොහු තැලෙන පෑගෙන අය වෙනුවෙන් යම් හඬක් නගයි.

● උප්පත්ති කේන්දරයට අනුව රාහු ග්‍රහයා උච්ච බලයෙන් 10 වැන්නේ සිටින නිසා උපතින්ම කවදා හෝ ලෝක ප්‍රසිඬ පුද්ගලයෙකු බව ජන්ම පත්‍රයේ සඳහන්ව ඇත. තවද ශාරුක් ඛාන් නැමති මේ නළුවා සියලුම දෙනා ජනප්‍රියම නළුවෙක් ලෙස හැඳින්වුවද මොහු “අධ්‍යාපන ක්ෂෙත්‍රයෙන්ද ඉහලටම“ පැමිණියෙකු බව දන්නෙ ස්වල්ප දෙනෙකි.

* බුද්ධිකාරක බුධ ස්වක්ෂෙත්‍ර කුජ සමග 4 වැන්නේ සිට 5 වැන්නාධිපති ගුරු 11 වැන්නේ බලවත්ව සිකුරුට හෙලන සප්තම දෘෂ්ඨිය නිසා මොහු අධ්‍යාපනයෙන්ද ඉතාම සාර්ථකත්වයක් පෙන්වා ඇත.
මෙතුමාට ආර්ථික විද්‍යාව සම්බන්ධව ශාස්ත්‍රවේදී ගෞරව උපාධියක් ඇත. එසේම ජන සන්නිවේදනයට සම්බන්ධවම එම්.ඒ උපාධියක්ද ලබා ඇත.

● ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත යන වදන බොරු කල කෙනෙකි. මොහු සැබෑවටම සෑම අංශයකින්ම ඉතා වටිනා පුද්ගලයෙකු බව කිව යුතුය. තවද ජෝෘතිෂ් ශාස්ත්‍රයෙන් දැකගත හැකි අපූරුම කාරණාවක් මතක් කරමි.
අස්විදේ සිට රේවතී දක්වා නැකැත් ගැන බැලීමේදී ශුභ නැකැත් කාණ්ඩයෙන් ප්‍රමුඛවම සිටින නැකති ‘සුවණ නැකත‘.
මෙම සුවණ නැකතින් උපන් පුද්ගලයා නිරායාසයෙන්ම බැබලීමට ලක්වේ. ශාරුක් ඛාන් මහතාද එසේ වූ පුද්ගලයෙකි. එසේම මෙම සුවණ නැකතින්ම උපන් තවත් පුද්ගලයෙකු ලෙස දමිල සිනමාවේ සුපිරි තරුව ලෙස කිරුළු පලන් රජනි කාන්ත්ය.

ඔබ අප සියලු දෙනා මෙන් සාමාන්‍ය ලෙස මෙලොව එලොව දුටු මේ පුද්ගලයා මෙතරම් ලෝක පූජිත විමට තරම් හේතු සාධනීය වූ අපූර්වතම ග්‍රහ රටාව ගැන පරික්ෂා කොට බලන්න. විමසන්න ග්‍රහ බලය.
( Iru පර්යේෂණ අංශයේ විග්‍රහයකි - සෑමදෙනාටම තේරුම් ගැනීමේ පහසුව තකා විග්‍රහය ඉදිරිපත් කර ඇත)

Monday, January 27, 2014

සනත් ජයසූරිය

1969 ජුනි 30 වනදා රාත්‍රියේ රවි මහ දශාවෙන් ඉපදුනු මේ කේන්ද්‍ර හිමියා ලෝක ක්‍රිකට් ඉතිහාසය වෙනස් කල ලංකා පුත්‍රයෙකි.

* මෙහි 10 වැන්න වන වෘශ්චික රාශියේ ස්වක්ෂෙත්‍රව ‘කුජ‘ පිහිටා ඇත. කුජ වක්‍රව පිහිටියද එය “රුචක“ (ප්‍රධාන රාජ යෝග 5න් 1වැන්න) නම් පංච මහා පුරුෂ යෝගය පිහිටීමයි. දිග් බල සහිතව කුජ පිහිටා ඇත.

* මෙම කේන්ද්‍රයේ යෝගකාරක සිකුරු 4 වැන්න වන වෘෂභයේ ස්වක්ෂෙත්‍රව දිග්බල සහිතව තැන්පත් වීමෙන් “මාලවී යෝගය“ නම් පංච මහා පුරුෂ යෝගය ලැබී ඇත.
ඒ නිසා ඉතා වාසනාවන්ත සැපවත් ජීවිතයකට උරුමකම් කියයි.

* මෙම කේන්දරයේ 4 වැන්නාධිපති වන සිකුරු 4 වැන්නේම බලවත්ව සිට, 10 වැන්නාධිපති වන කුජ 10ම තැන්පත්ව 4 වැන්න දැකීම තුලින් “කාහල යෝගය“ යෙදී ඇත.
කාහල යෝගය ලැබුවෝ “ශක්ති සම්පන්න, අන් අයෙකුට පරාජය කල නොහැකි තරම් එඩිතර අය වෙති. සතුරන් පරාජය කරන අය වෙති. එතරම් උගත් නොවූවද පාලන කටයුතු කරයි. මුරණ්ඩු ගතිද ඇතැම් විට තිබේ. අන් අය අතර ප්‍රචලිත කෙනෙක් වෙයි“

* මෙම කේන්දර සටහනේ සිකුරු ග්‍රහයා ස්වක්ෂෙත්‍රව 4 වැන්නේ සිටින අතර සිකුරු 9(තුලා රාශිය) වැන්නට අධිපති වේ.
11 වැන්නාධිපති වන ගුරු(ධනු රාශිය)ගේ සුභ දෘෂ්ඨිය සිකුරුට ලැබෙන අතර 10වැන්නාධිපති (වෘශ්චික රාශිය) වන කුජ 10 වැන්නේම සිටිමින් සිකුරු දැකීමෙන් ඉතා භාග්‍යමත් වාසනාවන්ත කෙනෙකු වීමට වාසනාව හිමිවී ඇත.
1996 ලෝක කුසලානයේ “දක්ෂතම ක්‍රීඩකයා“ වීමද, මෙතෙක් ලංකා ක්‍රිකට් පිලේ සාර්ථකම නායකයා වීමද( ලෝක කුසලාන අනුශූරයන්, මිනි ලෝක කුසලාන අනුශුරයන්) සනත් ජයසූරිය නම් වාසනාවන්ත ක්‍රිකට් ක්‍රීඩකයා ලද භාග්‍යයකි.

Friday, January 3, 2014

ඒබ්‍රහම් ලින්කන් මැතිතුමාගේ කේන්දර සටහන



ඇමෙරිකාවේ 16 වන ජනාධිපති ධූරයට පත් මෙතුමා අදටත් ඉතාම ඉහලින් මතක් කෙරෙන චරිතයකි. 

එයට මූලික හේතුවක් වන්නේ, “ වහල් සේවය“ තහනම් කිරීමයි. 1861 - 1865 දක්වා සුළු කාලයක් තුල ජනාධිපති වුවද එම කාලය අදටත් ඇගයෙන්නට හේතුවන ලකුණු එතුමාගේ කේන්දර සටහනේද ඇත.

* මෙහි ප්‍රධානම සුභ ග්‍රහ පිහිටීම වන්නේ ගුරු - සිකුරු යෝගයයි. ලග්නය කුමක් වුවත් 2 වැන්නේ ගුරු හා සිකුරු බලවත්ව යෙදේ නම් එම තැනැත්තා සතුරන් පරාජය කර බලය ලබන්නෙක් බව ජෞතිෂ්‍ය සිද්ධාන්ත වල කියවේ.

මෙහි ගුරු ස්වක්ෂෙත්‍ර බලයෙන් හිඳිමින් ‘භූමිපාල යෝගය‘ උදා කරයි.
(කාරුණික ගති ඇති. අන් අයගේ ගරු බුහුමන් ලබන්නෙකි. අන් අයට උපදෙස් දීමට සුදුස්සෙකි. අන් අය අතර කැපී පෙනෙයි.)

එසේම සිකුරු උච්ච බලයෙන් හිඳිමින් ‘මහෞෂධ යෝගය‘ උදා කරයි.
(මහෞෂධ යෝගයද අන් අය අතර ජනප්‍රිය කරවන, ඉහලට යෑමට උදව් දෙන යෝගයකි)

* තවද 1 වැන්නේ රවි-බුද යෝගය එනම් බුද ආදිත්‍ය යෝගය යෙදී ඇත. මෙයද රාජ යෝගයක් ගණයේලා සැලකේ.
(බුද්ධිය ඇති, කලා කටයුතු වලට දක්ෂ, ගණිතය වැනි විෂයන් වලටද දක්ෂ අය බිහිවෙති. අධ්‍යාපනය ඉතා හොදින් කරයි. ඕනෑම දෙයක් ඉක්මණින් වටහා ගනී. තම ඥානය නිසා අන් අයගේ ප්‍රශංසාව ලබයි. හොඳ කථිකත්වයක් ඇත. කීර්තිය ලබයි)

* මීට අමතරව 10 වැන්නෙ ශනි/ සෙනසුරු පිහිටා ඇත. කුම්භ ලග්නයේ ලග්නාධිපති වන සෙනසුරු 10 වැන්නට පිහිටීම සුබයි. එසේ වුවද සෙනසුරුගේ බලපෑම නිසාම බොහෝ මහන්සියෙන්, ඉතාම දැඩි කැපවීමකින් සියල්ල ලබාගැනීමට සිදුවී ඇත. 

* භාව කේන්දර පරික්ෂාවෙන් මෙම කේන්දර සටහන ගැන බොහෝ විස්තර කල හැක. එසේ වුවද පොදු විස්තරයක් ලෙස සැලකීමේදි මෙය ප්‍රමාණවත් විය යුතුය.