Wednesday, September 28, 2016

දෙවැන්නාධිපති ග්‍රහයා සහ සිටින තැන අනුව පලාපල - 01


සෑම කේන්දරයකම මැද ලග්නය සඳහන්ව ඇත.
ඒ අනුව 01 වැනි කොටුවේ අධිපතියා වන්නේ ලග්නාධිපතියාය.

එසේම 02 වැනි කොටුවේ අධිපති වන ග්‍රහයා දෙවැන්නාධිපතියාය.

කේන්දර සටහනක 2 වන කොටුවෙන්, බෙල්ලෙන් උඩ කොටස ගැන කියවෙයි. රූපය, කටහඬ, ධනය, ලැබීම්, පෙර ආත්ම භාවයෙන් ගෙන ආ දේවල් ගැන කියවෙයි.

* පොදුවේ 2 වැන්නාධිපති සඳු, 2 වැන්නේම සිටියොත් එවන් අය බොහෝ රූමත් අලංකාර අය වෙති. කතාවේ දක්ෂ වන අතර අන් අය කතාවෙන් වසඟ කරගන්නට පවා පුලුවන.
( 2 වැන්නාධිපති චන්ද්‍රයා වන්නේ මිථුන ලග්නයේය)

- දැන් බලමු ලග්න 12ට අනුව 2 වැන්නාධිපති කවුද ?

● ඔබ උපන්නේ මේෂ ලග්නයෙන් හෝ කන්‍යා ලග්නයෙන් නම්  2 වැන්නාධිපති වන්නේ ග්‍රහ ලොව සියුමැලි තරුණිය වන සිකුරු /ශුක්‍ර ග්‍රහයාය.
( මේෂයේ 2 වැන්න වෘෂභ රාශියයි. එහි අධිපති සිකුරුය. එසේම කන්‍යා ලග්නයේ 2 වැන්න තුලා රාශියයි. එහි අධිපති වන්නේද සිකුරුය)

-

● ඔබ උපන්නේ වෘෂභ ලග්නයෙන් හෝ සිංහ ලග්නයෙන් නම් 2 වැන්නාධිපති වන්නේ බුධ ග්‍රහයාය.

-

● ඔබ උපන්නේ මිථුන ලග්නයෙන් නම් 2 වැන්නාධිපති වන්නේ චන්ද්‍ර/ සඳු ග්‍රහයාය.

-

● ඔබ උපන්නේ කටක ලග්නයෙන් නම් 2 වැන්නාධිපති වන්නේ රවි ග්‍රහයාය.

-

● ඔබ උපන්නේ තුලා ලග්නයෙන් හෝ මීන නම් 2 වැන්නාධිපති වන්නේ කුජ/ අගහරු ග්‍රහයාය.

-

● ඔබ උපන්නේ වෘශ්චික ලග්නයෙන් හෝ කුම්භ ලග්නයෙන් නම් 2 වැන්නාධිපති වන්නේ ගුරු/ බ්‍රහස්පතී ග්‍රහයාය.

-

● ඔබ උපන්නේ ධනු ලග්නයෙන් හෝ  මකර ලග්නයෙන් නම් 2 වැන්නාධිපති වන්නේ සෙනසුරු/ ශනි ග්‍රහයාය.


- දැන් දන්නවනේ ලග්නාධිපති කවුද කියල...

ඒ අනුව 2 වැන්නානාධිපති ග්‍රහයා කේන්දරයේ සිටින කොටුව අනුව පොදු පලාපලයක් ඊලග ලිපියෙන් _

Tuesday, September 27, 2016

Make it happen by Dedication >>>

Iru Astrology Iru Sewaya

irusewaya@gmail.com


077 22 38041

Monday, September 26, 2016

සතියේ ලග්න පලාපලය - සැප්.27 සිට

- මෙය පොදු පලාපලයකි. කේන්දර සටහන අනුව වෙනස් විය හැක.



● මේෂ
මිල මුදල් සම්බන්ධ ගනුදෙනු වලදී තමන්ට ලැබෙන ප්‍රතිලාභ අඩු වේ. සතුරු කරදර වලට මුහුණ පෑමට සිදුවේ. ආදායම් ලැබුනද ඊට වඩා වියදම ඉහල යා හැක. ඉඩම් මිලදී ගැනීම් වලට සුබ කාලයකි. ව්‍යාපාර සැලසුම් සකස් කිරීමට සුභ කාලයකි.
රැකියාවේදි බාහිර බලපෑම් වලට හසුවීමට සිදුවිය හැක. එනිසාම කටයුතු නිසි පරිදි කරගෙන යාමට අපහසු විය හැක. ප්‍රධානින්ගේ දෝෂාරෝපණ එල්ල විය හැක. දේශපාලන කටයුතු කරන අයට මධ්‍යස්ථ ඵල ලැබෙන කාර්යබහුල සතියකි.
ගෘහ ජිවිතය තුල දරුවන් සම්බන්ධ කටයුතු වලදි සිත් පීඩා ඇති විය හැක. පවුලේ සමගියට තරමක් බාධා සහිතය. රැවටීම් වලට ලක්වීමට ඉඩ ඇත.

-


● වෘෂභ
ආදායම් මාර්ග වලින් මධ්‍යස්ථ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ. ව්‍යාපාර සබඳතා ඇති කරගැනීමට සුභ කාලයකි. මුදල් ගනුදෙනු වලදි තමන්ට තරමක් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබේ.
රැකියා සොයන අයට නව රැකියා අවස්ථා උදා වනු ඇත. මෙතෙක් පැවති බාධා වලට විසදුම් ලැබෙනු ඇත. පුහුණු වීම් වලට, තරඟ විභාග වලට සුභ කාලයකි. ආයතන ප්‍රධානීන්ගේ ප්‍රශංසාවට ඔබ ලක් වන්නට හැකියාව තිබෙන සතියකි.
ගෘහ ජිවිතය තුල සබදතා වලට බාධා මතු විය හැක. විවාහ කටයුතු අඩපණ විය හැක. අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන තත්වය සාර්ථක වෙයි.

-

● මිථුන
ආර්ථික වශයෙන් ගැටළු මතු නොවූවද ආදායම් මාර්ග හිර වීමට ඉඩ ඇති සතියකි. ණය මුදල් ඉල්ලුම් කිරිමට සහ ඒවා ලබා ගැනීමට හැකියාව ලැබෙන සතියකි. නව ව්‍යාපාර ආරම්භ කිරිම ප්‍රමාද කිරිම කල යුතු සතියකි.
රැකියාව තුල මධ්‍යම ප්‍රතිඵල බුක්ති විඳිමට අවස්ථාව ලැබේ. රැකියාවේ වගකීම් වැඩි වේ. රැකියා ස්ථානය මාරු වීම් වලට හෝ දුර පලාත් වල කටයුතු, දුර පලාත් වල රැකියා අවස්ථාවන් උදා විය හැක. ගුප්ත කටයුතු වල යෙදෙන අයට යහපත් ප්‍රතිඵල දෙන සතියකි.
ගෘහ ජිවිතය තුල තමාට ඇති වන ගැටළු වලට විසඳුම් ලබා ගැනීමට සුබ සතියකි. සහෝදර - සහෝදරියන් සමග සබදතා වර්ධනයට සුබ සතියකි. අන් අයගේ කටයුතු වලට සහය ලබා දීම තුලින් සිතට සහනයක් අපේක්ෂිත සතියකි.

-

● කටක
මිල මුදල් ලැබීම යහපත්ය. ධෛර්යයෙන් යුතුව කටයුතු කල හැකි සතියකි. දේපල ලාභ හෝ ණය මුදල් ආපසු ලැබීම් වලට අවස්ථාව උදා වේ. ව්‍යාපාර වලින් තරමක් පාඩු විය හැකි නිසා ඒ පිලිබදව අවදානමත්ව කටයුතු කරන්න.
රැකියා ස්ථානයේ වෙනසක් හෝ රාජකාරියේ වෙනසක් සිදුවීමට ඉඩ ඇති සතියකි. විදෙස් ගත වීම් වලට සුබ සතියකි. විදෙස් ගත අයගේ රැකියා වලට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල ඉවසීමේ ගතිය තරමක් දුරට අඩු වන්නට ඉඩ ඇති සතියකි. දරුවන් තුල ක්‍රියාශීලි ගති මෙන්ම මුරණ්ඩු ගතිද ඉස්මතු වීමට ඉඩ ඇත. ලෙඩ රෝග ඇති වීමට ඉඩ ඇති සතියකි. විවාහක අයට තරමක් බාධා ගෙන දෙයි.

-

● සිංහ
ආදායම් මාර්ග වලට යොමුවීමට අවස්ථාව සැලසෙයි. තමන්ට ලැබෙන මුදලින් ඉතිරි කරගැනීම් වලට ඉඩ සැලසේ. ණය ගනුදෙනු වලට මතු වූ ගැටළු විසදා ගැනීමට හැකි සතියකි. ආදායම් මාර්ග වල සුභ ප්‍රතිඵල පෙන්වයි.
රැකි රක්ෂා කටයුතු වලින්ද තමන්ට තරමක සාර්ථකත්වයක්  පෙන්වයි. රියදුරු රැකියා වල නියුතු අයට සුභ කාලයකි. උසස් වීම් වලට, තරඟ විභාග ආදියට සහභාගි වීමටත් ඒවායින් ජය ලැබීම් වලටත් ඉඩ ලැබෙන සතියකි.
ගෘහ ජිවිතය සතුටින් ගත කරන්නට හැකි වේ. මිතුරු ඇසුරට ඉඩ ලැබේ. පෙම් සබදතා වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන සතියකි. ඉගෙනීම් කටයුතු වල යෙදෙන දරුවන්ට සුභ ප්‍රතිඵල ලැබෙන සතියකි.

-

● කන්‍යා
මූල්‍යමය කටයුතු වලින් තමන්ට තරමක අසුභ ප්‍රතිඵල ලැබෙන සතියක් නිසා කල්පනාකාරීව කටයුතු කල යුතුය. දේපල ආදිය හිමි කර ගැනීමට අවස්ථාව උදා වේ. වාහන - ඉඩම් මිලදී ගැනීමට සුබ සතියකි.
රැකියා කටයුතු වල යෙදෙන අයට වෙනදාට වඩා උනන්දුවක් ඇති වන සතියකි. රැකියාවේ වගකීම් නිසි ලෙස ඉටු කිරීමටද හැකියාව ලැබෙන සතියකි. කාර්මික ක්ෂෙත්‍ර වල රැකියා වල නියුතු අයට වඩා යහපත් ප්‍රතිඵල අපේක්ෂිතය.
ගෘහ ජිවිතය ගේ දොර අලංකාරව පවත්වා ගැනීමට උනන්දු වන සතියකි. පවුලේ අය සමග පෙරට වඩා සමීපව කටයුතු කිරීමට අවස්ථාව උදා වේ. පවුල් ජිවිතය පහසුවෙන් ගත කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමට හැකියාව ලැබේ. ආර්ථික තත්වය සාමාන්‍ය පරිදි වේ.

-

● තුලා
මුදල් නාස්ති වීමට කටයුතු යෙදෙන බැවින්, ණය ගනුදෙනු වලදි ඉතාම ප්‍රවේසමෙන් කටයුතු කල යුතු සතියකි. ආර්ථික ගැටළු නිර්මාණය විය හැකි සතියකි. නීතීමය ගැටළු ආදිය ඇතිවන  සතියකි. ඒවායින් තමන්ට පාඩු වීමටද ඉඩ ඇති නිසා පරිස්සම් වන්න.
රැකියා දියුණු කරගැනීමට අවස්ථාව උදා වෙයි. රැකියා ප්‍රමාද වූ අයට නව රැකියා ලැබෙන සතියකි. දුර පලාත් වල රාජකාරි වලට පිටත්ව යෑම් සිදුවිය හැකි හොද සතියකි. රැකියාවේ දියුණුව සහ උසස් වීම්ද අපේක්ෂා කල හැක.
ගෘහ ජිවිතය තුල පෞද්ගලික කටයුතු තරමක් අතපසු වුවද පවුලේ සමගිය රැකේ, වැඩි දියුණු වේ. නිශ්ඵල දේ සදහා වියදම් ඇතිවිය හැක.

-

● වෘශ්චික
ආදායම් මාර්ග වලට යොමු වීමට උත්සාහ දරන අයට සාමාන්‍ය මට්ටමින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. මුදල් නිසි ලෙස කළමනාකරණය කරගත යුතු වේ. ආර්ථික දුෂ්කරතා වලට විසඳුම් ලබා ගැනීමට හැකියාව ලැබේ. දේපල උරුමයක් ලැබීමට හෝ හදිසි ධන වාසනාවක් ලබා ගැනීමට හැකියාව ලැබේ.
රැකියාවක් වෙනස් වීමට හෝ රැකියාවේ ස්ථානය වෙනස් වීමට ඉඩ ඇත. නව රැකියා ප්‍රමාද වේ. එහෙත් විදෙස් ගත වීමට උත්සාහ ගන්නා අයට ඒ සදහා සුභ ප්‍රතිඵල ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල සතුටින් සිටීමට හැකියාව ලැබේ. පවුලේ සමගිය වර්ධනය වනු ඇත. දෙමාපියන්ගේ ආශිර්වාදය ලැබේ. මංගල යෝග උදා වේ. ඉඩම් සම්බන්ධ කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.

-

● ධනු
ආර්ථික වශයෙන් ලැබෙන සුභ ප්‍රතිඵල අඩු විය හැක. තමන්ගේ දෛනික වැඩ වලට අවශ්‍ය මුදල් කෙසේ හෝ උපයා ගැනීමට හැකියාව ලැබේ. මූල්‍ය ණය ලබා ගැනීමට උත්සාහ දරන අයට ඒවා සාර්ථක වෙයි.
රැකියා කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ගැනීමට මාර්ග සැලසේ. රැකියා කටයුතු වල ගැටළුදායක තත්වයන් වලට විසදුම් ගැනීමට හැකියාව ලැබේ.
නව රැකියා අවස්ථා උදා වේ. සිත් පීඩා තරමක් දුරට ඇතිවිය හැක. ගැටළු විසදා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඉක්මණ් ගති, කඩිසර ගති තරුණ අය තුල ඉස්මතු වේ.  පෙම් සබදතා ගොඩනගා ගත හැක.
අධ්‍යාපන කටයුතු කරන දරුවන්ගේ බාහිර ක්‍රියාකාරකම් වලින් සුභ ප්‍රතිඵල ලැබෙනු ඇත.
-

● මකර
ආදායම් තත්වය යහපත් කර ගැනීමට හැකියාව උදා වනු ඇත. බලාපොරොත්තු වන ව්‍යාපාර කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත. දියුණුව උදෙසා නව ක්‍රියා මාර්ග ගැනීමට හැකි වේ. තිබුනු දුෂ්කරතා මගහරවා ගත හැක. නව ව්‍යාපාර ආරම්භයට සුබ සතියකි.
රැකියා කටයුතු තරමක් අඩපණ විය හැක. නව රැකියා උදා විය හැක. අධ්‍යාපන ක්ෂෙත්‍රයට අදාල රැකියා කරන අයට සුභ ප්‍රතිඵල ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල කටයුතු  වලදි පෙරට වඩා සැලකිලිමත්ව කටයුතු කල යුතුය. රූපය පිලිබදව වෙනදාට වඩා සැලකිලිමත් වන සතියකි. ඇඳුම් පැලදුම්, ආභරණ ආදිය මිලදි ගැනීමට සිත් වේ. පවුලේ අය අතර සමගිය වර්ධනය වෙයි.

-


● කුම්භ
නව ආදායම් මාර්ග උදා වෙයි. ආදායම් මට්ටම යහපත් කර ගැනීමට හැකියාව ඇති සතියකි. මුදල් නාස්තිය අවම කර ගැනීමට හැකියාව ලැබේ, ඒ සම්බන්ධව ගන්නා පියවර සාර්ථක වේ. මුදල් සම්බන්ධ කටයුතු වලින් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ. ණය ආදිය ලබා ගත හැක.
රැකියාවේ කටයුතු වලින් තමන්ට තරමක් ගැටළු මතු වීමට ඉඩ ඇති සතියකි. රාජකාරි කටයුතු උනන්දුවෙන් කිරිමෙන් ඒවා මඟහරවා ගත හැක. ප්‍රධානීන්ගේ උපදෙස් අනුව තම දුර්වලතා මඟහරවාගෙන කටයුතු කිරීම තුලිින් යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. රැකියා විරහිත හොඳ රැකියා ලැබේ.
පවුල් ජිවිතය තුල තමන්ට යහපත් ප්‍රතිඵල උදා කර ගැනිමට අවස්ථාව උදා වේ. ඉවසීමෙන් යුතුව කතා බහේදි කටයුතු කල යුතුය. තම දෛනික වැඩ කටයුතු වල මනාව යෙදීමට හැකියාව ලැබෙනු ඇත. විවාහ අපේක්ෂිත අයට තරමක් බාධා ඇති වේ.

-

● මීන
ආදායම් මාර්ග වලින් යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත. නව ව්‍යාපාර වලට යොමු වීමට ඉඩ ලැබේ. අලුත් ව්‍යාපාර වලට තරමක් ගැටළු මතු වීමට ඉඩ ඇත. ආර්ථික වශයෙන් තමන්ට පෙර තිබූ අපහසුකාරි තත්වයන් මඟ හරවාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
රැකියා වලට තරමක් බාධා මතුවන සතියකි. රාජකාරි කටයුතු අධික වන අතර, ප්‍රධානින් විසින් අමතර කටයුතු පවරන්නටද ඉඩ ඇති සතියකි. එනිසා නිදහස සහ විවේකය අඩුවිය හැක.
පවුල් ජිවිතයේ ගැටළුකාරි තත්වයන් වලට විසඳුම් ලබා ගැනීමට හැකියාව ලැබේ. තරුණ අයට තමන්ට මතු වූ ගැටළු වලට විසඳුම් ලැබෙනු ඇත. දෙමාපියන්ගේ සිත් දිනා ගැනීමට අවස්ථාව උදා වේ. ඉක්මණ් තීරණ වලට යොමු වීම තුලින් තමන්ට අවාසිදායක තත්වයන් ඇති වීමට ඉඩ ඇත.



@Iru Astrology

irusewaya@gmail.com
077 22 38041

Friday, September 23, 2016

රාජ යෝග තිබුනට විතරක් රජ වෙන්න පුලුවන්ද ?

සෑහෙන පිරිසකගේ ලොකු ආසාවක් තියෙනව රජ වෙන්න. අඩු තරමින් පලාත් සභාවටවත් යන්න..
ඊට පස්සේ පාර්ලිමේන්තුවට, ඇමතිකමක්, අවස්ථාව ලදහොත් රජ වෙන්නටත්...
එහෙම අය නිතර අහන දෙයක් තමයි “කේන්දරේ රජ වෙන්න නැද්ද“ කියල.

● බොහෝ රාජ්‍ය නායකයන්ට රාජ යෝග තිබුනු බව සත්‍යකි.
පංච මහා පුරුෂ කියන රාජ යෝග, නීච භංග රාජයෝග, විපරීත රාජ යෝග හෝ අනිකුත් රාජ යෝග තිබූ පමණින් රජ වීමට නොහැක.
(https://www.facebook.com/media/set/?set=a.908983269118753.1073741832.833656709984743&type=3)

-  ප්‍රේමදාස ජනාධිපතිතුමාට තිබුනු සස පංච මහා පුරුෂ යෝගයත්, චන්ද්‍රිකා ජනාධිපතිතුමියට ඇති රුචක පංච මහා පුරුෂ යෝගයත්, මහින්ද ජනාධිපතිතුමන්ට ඇති චන්ද්‍රාධියෝගයත්, වත්මන් ජනාධිපතිතුමාට තිබෙන ගජකේශරී රාජ යෝගයත් කැපී පෙනෙයි.
මීට අමතරවද තවත් රාජ යෝග හෝ ඒ ආකාරයට බලවත් වන යෝග බොහෝ ඇත.


● පොදුවේ සිතුවොත් තම කේන්දර සටහනේ (නවාංශක කේන්ද්‍රයත් වැදගත් )ග්‍රහයන් 4ක් හෝ ඊට වඩා ගණනක් උච්චව පිහිටන්නේ නම් එවන් කෙනෙකුට යම් ඉහල තත්වයක් ලැබිය හැකි බවට සිතිය හැක. කෙසේ වෙතත් අනිකුත් ග්‍රහ පිහිටීම්ද අතිශයන් වැදගත් ඒ සුභ පල දියුණු කිරීමට.
ග්‍රහයන් 4ක් හෝ වැඩි ගණනක් උච්ච වී රජ පවුලක ඉපදුනි නම් රජවීමට ඉඩ ඇති බව පොදුවේ කියන්නට කියන කාරණාවකි.

● රවි, කුජ, ගුරු ශනි යන ග්‍රහයන්ගේ උච්ච වීම මෙහිදී වැදගත් වන අතර, රාහු කේතු ඡායා ග්‍රහයන් නිසා එය එතරම් සැලකෙන්නේ නැත.

● විශේෂ කරුණක් ලෙස, අගමැති දෙපලකගේ පුත්‍රයෙකු වූ, ජනාධිපතිනියකගේ සොයුරා වූ, තමාද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු ලෙස පමණක් නොව 3වන පුරවැසියා වන විපක්ෂනායක ධූරයද හොබවා 4වෙනි පුරවැසියා වන කථානායක ධූරයද හෙබවූ දිවංගත අනුර බණ්ඩාරනායක මහතාට රජ වීමට නොහැකි වීමයි. එතුමාගේ කේන්දර සටහනේද රජ විය හැකි යෝග තිබුනා මතකය.

එම නිසා කුමන යෝග තිබුනද ඒ ඒ අවස්ථාවලදි කාල වලදි ඒවාට උචිත අන්දමින් කටයුතු කිරීමෙන්, කරදර වලින් මිදුනේ නම් පමණක් ඒවායේ අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන බව අප තේරුම් ගත යුතුය.
https://www.facebook.com/irusewaya/photos/a.912122358804844.1073741833.833656709984743/1415153281835080/?type=3&size=977%2C667&fbid=1415153281835080



irusewaya@gmail.com
077 22 38041

Wednesday, September 21, 2016

.

Dreams, Hopes, Expectaions come true only if you work smart with dedication :)


#iru #dreams #dedication #life #real
irusewaya@gmail.com
077 22 38041

Monday, September 19, 2016

Iru Astrology - 75,000 +

https://www.facebook.com/irusewaya?ref=br_rs


ඉරු සේවයේ ෆැන් පේජයේ පාඨක සංඛ්‍යාව 75,000 ඉක්මවයි !

Sunday, September 18, 2016

කුජ මාරුව - සැප්. 2016


ග්‍රහ ලොව සෙන්පතියා මෙන්ම දඩබ්බර කටයුතු වලට මූලිකත්වය ගන්නා කුජ හෙවත් අඟහරු අද(සැප්.18) වනදා තම ස්වක්ෂෙත්‍ර රාශිය වූ වෘශ්චිකයෙන් මිදී ධනු රාශියට පැමිණියේය. ඒ අනුව පුරා මාස 6කට ආසන්න කාලයක්, එනම් පෙබරවාරි මාසයේ සිට පැවති “කුජ - ශනි යෝගය“ අවසන් වෙයි.

ජ්‍යොතිෂ්‍යයට අනුව කුජ, පාපී ග්‍රහයෙකි. කුජගේ බලපෑම මිනිසාට බොහෝ තිබෙයි. විශේෂයෙන් ලේ ධාතුවට ප්‍රධාන වන්නේ කුජ ග්‍රහයාය.

සෙනසුරු දුකට අධිපතියාය, කුජ ලේ ධාතුවට සහ  කාමයට ප්‍රධාන වෙයි. එවිට දුකත්, සතුටට යන කාරණාත් යන 2ම කරන ග්‍රහයන් 2ම එකට සිටීම අශුභදායක ප්‍රතිඵල දුන්නකි. විශේෂයෙන් රටට - ජනතාවට පසුගිය කාලය අකුසල කර්ම විපාක ලැබුනු කාලයක් විය. දෙදෙනා එකතු වූ විට දැවැන්ත ගැටීමක් තිබුනි.

කෙසේ වුවද කුජගේ ඉවත්වීම අනුව මෙතෙක් පැවති දැඩි පීඩාකාරි තත්වයන්, ආබාධ, අනතුරු, යනාදිය ක්‍රමිකව අඩුවන්නට  හේතුවනු ඇත. කර්ම විපාකයක් විඳින්නට තිබෙනවා නම් හැර අනිකුත් අයට පොදුවේ යහපත් මාරුවකි.

කුම්භ ලග්න ලංකා කේන්දරයේ 11 වැන්න වන ධනුවට කුජගේ පැමිණීම කෘෂිකර්මාන්තයේ යම් දියුණුවක් ඇතිවීමට විශේෂයෙන් පොලව සම්බන්ධව කෙරෙන කටයුතු වලින් වාසි ලැබෙන කාලයකි.

ලග්න 12ට කුජ මාරුව මෙසේය.

** මෙය පොදු පලාපලයකි. තම කේන්දරය අනුව වෙනස් විය හැක.


● මේෂ
9 වැන්නට කුජ පැමිණීම යහපත්ය.
වෙනදාට වඩා තරමක් සහනදායක කාලයකි. ආර්ථික වශයෙන්ද යහපත්ය.
මංගල යෝග උදා වේ. ගමන් බිමන් වැඩි වුවද ඒවායින් වාසි ලැබේ.
නිරෝගී වේ.

-

● වෘෂභ
8 වැන්නට කුජගේ පැමිණීයේය.
ආර්ථික තත්වය දුර්වල නොවූවද වියදම් පාර්ශවය ඉහල යා හැක. විශේෂයෙන් පවුලේ කටයුතු වෙනුවෙන් වියදම් අධික විය හැක. ණය ගැනීමේදි පරිස්සම් වන්න. සිතට තරමක් පීඩා ඇතිවිය හැක.
ගෘහ ජිවිතය තුල ගැටළු ඇතිවීමට ඉඩ ඇත. මනා බුද්ධියෙන් ඒවාට කටයුතු කරන්න.
හදිසි අනතුරු සහ රෝගාබාධ ගැන අවදානමත් වන්න.

-

● මිථුන
7 වැන්නට කුජ පැමිණියේය.
ආර්ථික තත්වය සාමාන්‍ය පරිදි වේ. රැකියාවට යම් බාධා අපේක්ෂිතය.
මනා ඉවසීමකින් යුතුව කටයුතු කල යුතුය.
ගේ දොර ජිවිතයටද යම් තරමකට හෝ කරදර බාධක ඇතිවිය හැක. අඹුසැමියන් අතර සිත් නොහොඳකම් ඇතිවිය හැක. කාමාශාව බලවත් විය හැක.
උෂ්ණාධික රෝග වලින් ප්‍රවේසම් වන්න.

 -

● කටක
6 වැන්නට කුජ පැමිණියේය.
ආර්ථිකය තත්වය යහපත් වේ. කරන කටයුතු සාර්ථක වේ. තමන්ට වාසි සහගත කටයුතු වෙයි, සතුරන් මිතුරන් වන්නට හෝ පරාජය වන කාලයකි.
ගෘහ ජිවිතය සාමකාමිව ගත වේ. යෝජනා, පෙම් සබදතා ස්ථිර වේ.
හදිසි අනතුරු සහ හදිසි ලෙඩ රෝග වලින් ආරක්ෂා වන්න.

-

● සිංහ
5 වැන්නට කුජ පැමිණියේය.
ආර්ථිකය වෙනදාට වඩා යහපත් වන කාලයකි. එසේ වුවද වියදම් කිරීමේදි බුද්ධිමත් විය යුතුය.
පෙර පැවති චිත්ත පීඩනය සමනය වන සිතට සහනයක් දැනෙන කාලයකි. ප්‍රේමයට තරමක බාධා පවති. බුද්ධිමත්ව කටයුතු කරන්න.
උෂ්ණාධික රෝගාබාධ වලින් පරිස්සම් වන්න.

-


● කන්‍යා
4 වැන්නට කුජ පැමිණියේය.
ආර්ථික තත්වය අයහපත් නැත. වියදම් අධික විය හැක. හදිසි මිතුරන් ඇති වීමට පුලුවන, ඔවුන් කුමන අය දැයි තමන් විසින් තේරුම් ගත යුතුය. දේපල ලාභ සහිතය.
සිතට තරමක් හෝ කරදර බාධක පැමිණෙන කාලයකි.
පවුල් ජිවිතයට තරමක බාධා පෙන්වයි. අඹුසැමියන් අතර භේද ඇති වීමට ඉඩ ඇත.
බුද්ධියෙන් කටයුතු කල යුතුය.

-

● තුලා
3 වැන්නට කුජ පැමිණියේය.
කරන කටයුතු සාර්ථක වෙයි. සිතට තරමක සහනයක් දැනෙන කාලයකි. අන් අයගේ උදව් ලැබේ. වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කරන කාලයකි.
ගෘහ ජිවිතය යහපත් වේ. අඹුසැමියන් අතර ප්‍රේමය දළුලයි. ප්‍රේම සබදතා වලට යහපත්ය. කාමාශාව අධික වන කාලයකි. වෙනදාට වඩා අලංකරණයට සිත යොමු වෙයි.

-


● වෘශ්චික
2 වැන්නට කුජ පැමිණියේය.
ආර්ථික තත්වය අයහපත් නොවුවද හදිසි වියදම්, අනවශ්‍ය වියදම් යෙදීමට ඉඩ ඇත. අන් අය සමග කරන කටයුතු වලදි වචන භාවිතය ගැන අවදානමත් වන්න. ඉවසීමෙන් වැඩ කරන්න. නැත්නම් අනවශ්‍ය කරදර ඇතිවිය හැක.
පවුල් ජිවිතයේ කටයුතු වලට තරමක් බාධා ඇතිවිය හැක. පවුලේ අයගේ සෞඛ්‍ය තත්වය වෙනුවෙන් වියදම් ඇතිවිය හැක. කරන කටයුතු මනා සැලසුමකට අනුව කරන්න, එවිට අනවශ්‍ය කරදර ඇති වීමේ අවදානම අඩු වනු ඇත.

-

● ධනු
1 වැන්නට කුජ පැමිණියේය.
ආර්ථිකය සාමාන්‍ය පරිදි වේ. කෙසේ වුවද වෙනදාට වඩා ආවේගශීලි ගති මතුවන, එනිසාම පාඩු - හානි සිදුවීමට ඉඩ ඇති කාලයකි, බුද්ධිමත් වන්න.
පවුල් ජිවිතය තුල අඹුසැමි සමගියට බාධා සහිතයි. මනා කල්පනාවෙන් කටයුතු කරන්න. පවුලේ අය වෙනුවෙන් කැප වන්නට සිදුවන කාලයකි.
හදිසි රෝගාබාධ(විශේෂයෙන් උෂ්ණාධික රෝග, හිසේ කැක්කුම්), අනතුරු යනාදියෙන් පරිස්සම් වන්න.
-

● මකර
12 වැන්නට කුජ පැමිණියේය.
ආර්ථික තත්වය අයහපත් නොවුවද වියදම් අධික වේ. විශේෂයෙන් හදිසි වියදම්, නිශ්ඵල වියදම් යෙදෙනු ඇත. මනා කළමනාකරණයකින් කටයුතු කරන්න. සිතට තරමක් අවිවේකී බවක් සහ පීඩාකාරි ස්වභාවයක් දැනෙනු ඇත. කලකිරීම් ඇතිවිය හැක. එසේ වුවද ඒවා මනා බුද්ධියකින් යුතුව සමනය කරගත හැක.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. පවුලේ අයගේ අසනීප වෙනුවෙන් මහන්සි වීමට හේතු යෙදේ. නෑදෑ හිතමිතුරන් සමග යම් ප්‍රශ්න ඇති වීමේ ඉඩක් ඇත.
සොර සතුරු කරදර ඇතිවීමටද ඉඩ ඇත. ඒ ගැන මනා ඉවසීමකින් කටයුතු කරන්න. 

-

● කුම්භ
11 වැන්නට කුජ පැමිණියේය.
ආර්ථික තත්වය වැඩි දියුණු වෙයි. නව ආදායම් මාර්ග ලැබේ. රැකියාවේ දියුණුව සහ උසස් වීම් අපේක්ෂිතය.
දේපල ලාභ, හදිසි ලාභ ඇතිවිය හැක.
ගෘහ ජිවිතය යහපත් වෙයි. පවුලේ සමගිය රැකේ. හදිසි වියදම් පවුල වෙනුවෙන් යෙදීමට ඉඩ ඇත.
විනෝද අවස්ථා, ප්‍රිය සම්භාෂණ වල යෙදීමට අවස්ථා උදා වේ.


● මීන
10 වැන්නට කුජ පැමිණියේය.
ආර්ථික තත්වය යහපත් වේ. මෙතෙක් පැවති ආර්ථික බාධා දුරු වෙනු ඇත. ණය තුරුස් වලින් නිදහස් වන්නට හැකි කාලයකි. අනාගතය වෙනුවෙන් යම් පියවර ගන්නා කාලයකි.
රැකියාවේ කටයුතු වලට බාධා තිබුනද බුද්ධියෙන් ඒ තත්වයන් මැඩගත හැක.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. පෙම් සබදතා වලට තරමක් බාධා පවති.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.


*** මේ සියල්ල කේන්දරය අනුව වෙනස් විය හැකි අතර, අපල තත්වයන් පවතින අය අඟහරුවාදා දිනයේ විශේෂයෙන් රතු, සුදු, කහ මල් සහිතව දකුණු දිශාව බලා බෝධි පූජාවක් සිදු කර ඊශ්වර දෙවියන්ට, කතරගම දෙවියන්ට, සෙල්ලි - වල්ලි දේව මෑණිවරුන් ඇතුළු සියලු දේව මණ්ඩලයට, කුජ ග්‍රහ මණ්ඩලය ඇතුළු සියලු නවග්‍රහයන්ට, ග්‍රහ බලවේග වලට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට පින් ලැබේවායි ප්‍රාර්ථනා කරන්න.

අපල - අකුසල ජය ගත හැක්කේ කුසලයෙන්ම බැවින් හැකි තරම පින් කටයුතු වල යෙදෙන්න..

බුදු සරණයි !

#ඉරු

Saturday, September 17, 2016

විශ්ව පාලක ශ්‍රී විෂ්ණු දෙවිඳුන්

ශ්‍රී විෂ්ණු දෙවියන් දේව මණ්ඩලයේ ප්‍රබල දෙවි කෙනෙකි. පෙර ආත්ම භවයේ බොහෝ පින්කම් කල රජ කෙනෙක් නිසා පින් මහිමය වැඩිය.

ශ්‍රී ලක්ෂ්මී මෑණියන්ගේ ස්වාමියාද වෙයි. උමයංගනා දේවියගේ සහෝදරයා වෙයි(උමයංගනා දේවිය ඊශ්වර දෙවියන්ගේ දේවීන් වහන්සේ කෙනෙකි).

විෂ්ණු දෙවියන්ගේ වාහනය වන්නේ, සියලු පක්ෂීන්ට අධිපති “ගුරුලාය“..


විෂ්ණු දෙවියන් ඇතුළු බොහෝ දෙවිවරු හින්දු දෙවිවරු මිස බෞද්ධ නොවන දෙවිවරු ලෙස මතයක් තිබුනද, සියලු දේව මණ්ඩලයම දහමට අනුකූලය.
දෙවිවරුන්ගේ අවබෝධ ශක්තිය වැඩිය. දෙවිවරු අපට වඩා හොඳින් දහම දනිති.

විශේෂයෙන් දැනගත යුත්තේ දෙවියන්ගේ ආශිර්වාද ලැබීමට, ලොකු පූජා වට්ටි තැබීමෙන් ඵලක් නැති බවය.
පූජා වට්ටි, දේවාල වලට ආධාර කිරීම වරදක් නැත. ඒ තැන් පවත්වාගෙන යායුතු නිසාය.

නමුත් දෙවිවරුන් ආශිර්වාද කරන්නේ පින්වන්ත, සීලය රකින අයටය. එවන් අය කරන පින්කම් වලින් මනා කුසලයක් ලැබෙන අතර, ඒ පින් දෙවියන්ට අනුමෝදන් කල විට දෙවිවරුද සතුටු වෙති.

සෙනසුරු අපලයට, තදබල අපල දෝෂ වලට විශේෂයෙන් විෂ්ණු දෙවියන්ට භාරහාර වීම සිදු වේ.
විෂ්ණු දෙවියන් වහන්සේගේ නාමයෙන්, බෝධින්වහන්සේ නමක් අභියස නිල් මල් සහිතව බෝධි පූජාවක් පවත්වා පින් අනුමෝදන් කිරීම සෙනසුරු අපල දෝෂ දුරු වන්නට හේතුවකි.

#ඉරු

Thursday, September 15, 2016

ලග්නාධිපති සිටින තැන අනුව පොදුවේ - 02 ලිපිය

(ලග්නාධිපති හොයාගන්න
https://www.facebook.com/irusewaya/photos/a.848651011818646.1073741829.833656709984743/1389483484402060/?type=3&theater)

** මේ සියල්ල පොදු කරුණුය.

● ලග්නාධිපති 01  වන කොටුවේ

ඔබගේ ලග්නාධිපති සිටින්නේ 1 වෙනි කොටුවේ නම් එම අය අනුන්ගෙන් උදව් ගැනීමට අකමැතිය. තම හැකියාවන් ප්‍රදර්ශනයට කැමතිය. සුභ ග්‍රහයින්ගේ දෘෂ්ටි වැටීමෙන් හෝ සුභයෙක් සිටීමෙන් අධ්‍යාපනයට සහ දියුණුවට ඉතා හොඳ පිහිටීමකි.
අසුභ දෘෂ්ටි වැටීමෙන් හෝ අසුභයෙක් සිටීමෙන් ආවේගශීලි ගති වැඩි, දුකට කරදරයට පත් වන හේතු ඇති වන්නට පුලුවන.

-

● ලග්නාධිපති  02 වන කොටුවේ
ලග්නාධිපති සිටින්නේ 2 වන කොටුවේ නම් පසුනොබසින අය වේ. කාර්යශූර වේ. පවුලට හිතවත් වන අතර, පවුලේ ප්‍රධානත්වයද ලබයි. සුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටීමෙන් හෝ සුභයන් 2 වැන්නේ සිටීමෙන් ප්‍රිය වචන කතා කරන, අන් අය ප්‍රිය කරන අය වෙති.
අසුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටීමෙන් හෝ අසුභයන් සිටිමෙන් පෙර කී සුභ ඵල නැති විය හැක.

-

● ලග්නාධිපති 03 වන කොටුවේ
ලග්නාධිපතියා 3 වැන්නේ නම් එවන් අය කඩිසර ගති ඇති අය වෙති. ඉදිරියට යෑමේ ගතිය වැඩි අය වෙති. 3 වැන්න වික්‍රමස්ථානය වෙයි. නුවණක්කාර අය වෙති. සතුරු කරදර වලින් බේරීමට හැකියාව ඇති අය වෙති.
ලග්නාධිපතියා රවි හෝ කුජ වී 3 වැන්නේ සංයෝගව හෝ නැතිව සිටිමෙන් එඩිතර ගති ඇති, ඇතැම් විට අවි දරන අය වෙන්නට පුලුවන.

-

● ලග්නාධිපති  04 වන කොටුවේ

ඔබගේ ලග්නාධිපතියා 4 වැන්නේ නම්, ඉඩකඩම්, ගෙවල් දොරවල්, යාන - වාහන වාසනාව හිමිය. කුමන බාධක පැමිණියද පස්සට යන ගති නැති අය වෙති. උපක්‍රමශීලී වේ. දියුණු වීමට කැමති ඒ වෙනුවෙන් කැප වන අය වෙති. තම නුවණින් මනා ප්‍රයෝජනක් ගන්නා වාසනාවන්ත අය වෙති.

-

● ලග්නාධිපති  05 වන කොටුවේ
ලග්නාධිපතියා 5 වැන්නේ නම්, ඉගෙනීම වැඩි දියුණු කරයි. ක්‍රීඩාවට සුභ පිහිටීමක් වෙයි. කාමාශාව වැඩි පුද්ගලයන් වෙති. ධනවත් වීමේ භාග්‍යය හිමි අය වෙති. ලග්නාධිපතියාගේ දසාව ලැබීමෙන් බොහෝ දියුණුව, අභිවෘද්ධිය ලැබිය හැක.

-

● ලග්නාධිපති  06 වන කොටුවේ
ලග්නාධිපතියා 6 වැන්නේ නම්, සැපවත් ජීවිතයක් ගත කරන්නෙකු වේ. ධෛර්යවන්ත වෙයි. සතුරන් පරාජය කිරීමට සමත්කම ඇත. කැපවීමෙන් වැඩ කිරීමට හැකියාව ඇති අයයි. තම මතය ක්‍රියාවේ යෙදවීමේ සමත්කම ඇති අය වෙති.

-

● ලග්නාධිපති 07 වන කොටුවේ
ලග්නාධිපතියා 7 වැන්නේ නම් එය තම බිරිදට තරමක අපලය. කුමන ක්‍රමයකින් හෝ දියුණු වීම පරමාර්ථය කරගෙන ඇති අය වෙති. අදාල ග්‍රහයාගේ හැටියට අන් අය සමග සමගියෙන් කටයුතු කරන අය වෙති. කොයිම පැත්තකින් හෝ අන්තයට පැමිණෙන්නෙකි.

-

● ලග්නාධිපති 08 වන කොටුවේ
ලග්නාධිපතියා 8 වැන්නේ නම්, ආයුෂ ආරක්ෂා කෙරෙයි. සිකුරු වැනි සුභයෙක් නම් මරණය සුවදායක එකක් වෙයි. තරමක සොර සිතක්ද ඇති අය වෙති. චරිතය දූෂණය කර ගැනීමේ අවදානමක්ද පවති. නඩු හබ වලට පැටලීමේ අවදානමක්ද පවති. ස්ත්‍රි පක්ෂයට මෙය එතරම් හොද පිහිටිමකි. සුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි වැටීමෙන් හෝ සුභ ග්‍රහයෙක් සිටිමෙන් මේ තත්වය වෙනස් විය හැක.

-

● ලග්නාධිපති 09 වන කොටුවේ

ලග්නාධිපතියා 9 වැන්නේ නම්, පෙර පින් ඇති කෙනෙකි. පිනට කැමති අය වෙති. පන්සල, ආගමික ස්ථානය ඇසුරු කරන, ධර්මයට නැඹුරු අය වෙති. මවට, පියාට, පවුලට හිතවත් අය වෙති. ප්‍රසිද්ධ කෙනෙක් වීමේ වාසනාවද පවති. අන් අයගේ ගෞරවයට පාත්‍ර වෙයි.

-
● ලග්නාධිපති 10 වන කොටුවේ
ලග්නාධිපතියා 10 වැන්නේ නම් වාසනාවන්තයෙකි. හොඳ රැකියාවක් ලැබෙයි. ඉඩකඩම් ලාභ, දේපල ලාභ තිබේ. දෙමාපියන්ට කෙරේ ඇල්මක් භක්තියක් ඇති අය වෙති. අන් අයගේ ඇප උපකාර හිමි වන අය වෙති. පුරුෂ වීර්යය ඇති අයෙකි. මැදි වයසේ සිට සැපවත් ජිවීතයක් උරුමය වෙයි.

-

● ලග්නාධිපති 11 වන කොටුවේ

ලග්නාධිපතියා 11 වැන්නේ නම් අතමිට මුදල් ගැවසෙන්නෙකි. ව්‍යාපාර වලට යහපත් පිහිටීමකි. කුමන අංශයකින් හෝ ලාභ ලැබීමේ වාසනාව පවති. ධර්මයට ප්‍රිය අය වෙති. හසල දැනුමක් ඇති අයයි. ධනවත් වෙයි. දියුණු වෙයි.

-

● ලග්නාධිපති 12 වන කොටුවේ

ලග්නාධිපතියා 12 වැන්නේ නම්, තරමක අශුභ පිහිටිමකි. නඩු හබ යනාදියට පැටලීමට ඉඩ ඇත. කුමන ආකාරයකින් හෝ චරිතය දූෂණය විය හැක. එසේ වුවද මෙය විදේශ ගත රැකියා, විදේශ ගත ලාභ යනාදියට සුභ පිහිටිමකි. උපන් ප්‍රදේශයෙන් පිට වාසයට වැඩි කැමැත්තක් දක්වයි.

Wednesday, September 14, 2016

“ දිවා ගුහාවට වඳින ගාථාව “




ඛීණා සවේහි සහපඤ්ච සතේහි ගන්ත්වා
යස්මිං අකාසි භගවා සදිවා විහාරං
සංඵුස්ස සාල සුමණාචලපාද දේසේ
වන්දේ සුසීතල මහං භගවා ගුහන්තං

Monday, September 12, 2016

සතියේ ලග්න පලාපලය - සැප්.13 සිට

● මේෂ
ව්‍යාපාර තත්වය පෙර තිබූ පරිදි කරගෙන යාමට හැකි වෙයි. විදේශ ගමන්, විදේශ මිතුරන් ඇසුරු කිරීමට ඉඩ ලැබෙයි. සුළු සුළු අතපසු වීම් නිසා පසුතැවීමට පවා සිදුවිය හැක. නව ව්‍යාපාර ඇරඹීම් යනාදියට සුබ කාලයකි.
රැකියා ස්ථානයේ මතභේද, ගැටළු ආදියට මැදිවි කටයුතු කරගෙන යාමට සිදුවන කාලයකි. රැකියාවේ වෙනසක්ද සිදුවීමට හේතු විය හැකි කාලයකි. රැකියා ස්ථානයේ තිබුනු ගැටළු නිරාකරණය වෙයි.
ගෘහ ජිවිතය තුල විවාහ අපේක්ෂාවෙන් සිටි අයට මංගල යෝග උදා වේ. යෝජනා ස්ථිර වෙයි. ගේ දොර වැඩ කටයුතු පිලිබදව සිත යොමුවේ. ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගි වීමට ඉඩ ලැබේ.

-

● වෘෂභ
ව්‍යාපාර ණය ආදිය ඉල්ලුම් කිරීමට සුභ කාලයකි. ඉල්ලුම් කර තිබුනු ණය ලැබීමටද යහපත්ය. වාහන සම්බන්ධ කර්මාන්ත වල යෙදී සිටින අයගේ ව්‍යාපාර තත්වයන් දියුණු කරගත හැකි වේ. ධන ලාභ ලැබෙන කාලයකි.
රැකියාවේ අලෙවිකරණය, උපදේශනය ආදි රැකියා කර්මාන්ත වල යෙදෙන අයට සුබ කාලයකි. නව රැකියා උදා වේ. රාජ්‍ය අංශයේ රැකියා වලට යහපත් කාලයකි.
ගෘහ ජිවිතය තුල අඹුසැමියන් අතර හොඳ හිත තහවුරු වේ. ඉගෙන ගන්නා දරුවන්ගේ අධ්‍යාපන තත්වය වඩා යහපත් වේ, ගුරුවරුන් - විදුහල්පති ඇති සැමගේ පැසසුමට ලක්වන කාලයකි.
සෙම් රෝග ආදි රෝග පීඩාවන්ට ලක්වීමට ඉඩ ඇත.

-

● මිථුන
කරගෙන යන ව්‍යාපාර අඩපණ වීමක් හෝ නැවතීමක් පෙන්නුම් කරන සතියකි. එහෙත් කල්පනාකාරීව කටයුතු කිරීමෙන් මේ තත්වයන් මඟ හරවා ගැනීමට හැකියාව ලැබේ. නව ව්‍යාපාර ආරම්භයට සුභ කාලයකි. සුළු සුළු සිත් තැවුල් ඇතිවීමට හැකියාව ඇති කාලයකි.
රැකියා ස්ථානයේ යහළු යෙහෙලියන්ගේ ඇප උපකාර හිමි වේ. ස්වයං රැකියා වල යෙදී සිටින අයගේ දියුණුව පෙන්නුම් කරන සතියකි. නව රැකියා උදා වේ.
ගෘහ ජිවිතය තුල ගේ දොර අලංකරණයට සිත යොමුවේ. ආගන්තුකයන්ගේ ඇසුර වැඩි වේ. දරු සම්පත් බලාපොරොත්තු වන අයගේ ප්‍රාර්ථනා ඉටු වේ.

-

● කටක
රාජ්‍ය ආයතන වලින් මූල්‍යමය ඇප උපකාර ලැබෙයි. හවුල් ව්‍යාපාර වල මතභේද - මත ගැටුම් ඇතිවිය හැකි නිසා ඒ තත්වයන්ට බුද්ධිමත්ව මුහුණ දෙන්න. නව ව්‍යාපාර ආරම්භ කිරිමට සුභ කාලයකි.
රැකියා ස්ථානයේ ප්‍රධානීන් අතර මත ගැටුම් නිර්මාණය වීමට හැක. රැකියාවේ කාර්යබහුලතාවය නිසා සහ  පීඩාකාරි තත්වයන් නිසා රැකියාව ගැන කලකිරීම් ඇතිවීමට හැක. රැකියා ස්ථානය හෝ රැකියාව වෙනස් වීමටද ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල කල්පනාකාරීව කටයුතු කරගෙන යාමට ඉඩ ලැබේ. අසල්වැසියන් සමග හොඳ හිත වර්ධනය වෙයි. විවාහ යෝජනා බිඳ වැටීමට ඉඩ ඇත.
තරඟ විභාග ආදියට මුහුණ දෙන දරුවන්ට ඉන් ජය ලැබේ.

-



● සිංහ
ව්‍යාපාරික ස්ථානයේ මිතුරු ඇසුර වර්ධනය වෙයි, ව්‍යාපාරික මිතුරන් සමග සුහදතාවය වැඩි දියුණු වේ. විදෙස් ගමන්, විදේශ රටවල් වලට යාමට අවස්ථා උදා වේ. එයින් සුභ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබේ. නව ව්‍යාපාර ආරම්භයටද සුබ කාලයකි.
මව්පියන්ගෙන් දේපල උරුම යනාදිය ලැබෙයි.
රැකියා අපේක්ෂිත අයගේ රැකියා ගැටළු විසඳේ. විදෙස් ගමන් - තරඟ විභාග ආදියට යොමු වීමට සිටි අයට බාධා ඉවත් වේ. උසස් වීම් ලැබේ.
ගෘහ ජිවිතය තුල නෑයින් සහෝදරයින්ගෙන් ඇප උපකාර ලැබේ. ඥාතින් සමඟ හොඳ හිත වර්ධනය වේ. මංගල යෝග උදා වේ.
අධ්‍යාපනයට සුබ කාලයකි.

-


● කන්‍යා
ව්‍යාපාරික කටයුතු වලට තිබුණු ගැටළු වැඩි වන කාලයකි. කල්පනාකාරීව, මනා කළමනාකාරිත්වයකින් වැඩ කිරීම තුල මේ පාඩු අවම හෝ මඟ හරවා ගත හැකිවනු ඇත.
විදේශ ගමන් වලට තිබුනු බාධා අඩු වේ.
නව රැකියා අවස්ථා උදා වේ. රැකියා කරන අයට තරඟ විභාග හෝ තනතුරු උසස් වීම් වලට යොමු වීමට සුභ කාලයක් වේ. ස්වයං රැකියා කරන අයගේ රැකියා තත්වය උසස් වන කාලයකි.
ගෘහ ජිවිතය තුල අවිවාහක තරුණ - තරුණියන්ට මංගල යෝග උදා වේ. ගේ දොර අලුත්වැඩියාවට, උත්සව පැවැත්වීමට ඉඩ ලැබේ.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට, තරඟ විභාග ආදියට සුබ කාලයකි.

-

● තුලා
කලින් තිබුනු බාධක තත්වයන් තවදුරටත් මතුවිය හැක, මූල්‍යමය ආයතන වලටද බලපානු ඇත.  ව්‍යාපාරික තත්වයන් අඩපණ වීමක් හෝ නැවතීමක් පෙන්නුම් කරයි. මූල්‍යමය ආයතන වලින් ණය ලැබෙනු ඇත.
නව රැකියා අවස්ථා ප්‍රමාද වේ. ප්‍රධානින් සමග මත ගැටුම් ඇතිවීමට ඉඩ ඇත. රැකියා ස්ථානය වෙනස් වීමට හෝ රැකියාව වෙනස් වීමටද ඉඩ තිබේ. මුදල් පාඩු වැඩි වන සතියක් වේ.
ගෘහ ජිවිතය තුල තරුණ - තරුණියන් අතර මතභේද ඇතිවිය හැක. අඹුසැමියන් අතර මත ගැටුම් ඇතිවීමට ඉඩ ඇත. විවාහ යෝජනා වලට බාධා එල්ල වේ.
අධ්‍යාපන කටයුතු වල නිරත දරුවන්ට තරඟකාරීව ජය ගැනීමට හැකි වේ.

-

● වෘශ්චික
නව ව්‍යාපාර අැරඹීමට සුබ කාලයකි. මෙතෙක් තිබුනු ගැටළු නිරාකරණය වේ. ව්‍යාපාර ණය ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටි අයට ඒවා ඉටු කර ගැනීමට සුබ කාලයකි.
රැකියා ස්ථානයේ කරදර මතුවිය හැක. මිතුරන් සතුරු විය හැක. උසස් වීම් අපේක්ෂාවෙන් සිටින අයගේ උසස් වීම් කල් යාමට ඉඩ ඇත. තැරැව්කාර රැකියා කරන අයට අසුබ කාලයක් වේ.
ගේ දොර කටයුතු වලදි වෙනදාට වඩා වෙහෙසීමට සිදුවිය හැක. දුර බැහැර ගමන් බිමන් යෙදේ.  පදිංචි ස්ථානය වෙනස් විය හැක. අඹුසැමියන් අතර මතභේද ඇතිවිය හැක. කල්පනාකාරිව වැඩ කටයුතු කල යුතුමය.

-


● ධනු
ව්‍යාපාරික ණය ලැබේ. හදිසි ධන ලාභ හිමි විය හැක. ඉඩම් ගෙවල් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින අයගේ අපේක්ෂාවන් සඵල වේ.
රැකියාවේ උසස් තනතුරු දරන අය තනතුරු වලින් පහවීමට අවදානමක් පවති. ප්‍රධානින් සමග මත ගැටුම් ඇතිවීමට ඉඩ ඇත. රැකියා අපේක්ෂිත අයට යහපත් රැකියා හිමි වේ.
ගෘහ ජිවිතය තුල සතුරු කරදර - බාධක ඇති වීමට ඉඩ ඇති සතියකි. හදිසි අනතුරු නිසා ආර්ථිකය කඩා වැටෙන්නටද ඉඩ ඇත. දරුවන්ගේ අසනීපයක් හෝ වෙන් වීමක් නිසා දුකින් කාලය ගත කිරීමට සිදුවිය හැක. අධ්‍යාපන කටයුතු අවුල් විය හැක.

-


● මකර
තැන්පත් ධනය ස්ථාවර වේ. නව ආදායම් මාර්ග උදා වේ. ආදායම් මාර්ග වලට කලින් තිබුනු අසුභකාරි තත්වයන් දුරු වේ. ව්‍යාපාර වලට ණය ලැබේ. ණය සම්බන්ධ ඉල්ලුම් කිරීමට සුබ කාලයකි.
රැකියා සම්බන්ධව ප්‍රශ්න ඇති කල හැක. රැකියා අපේක්ෂිත අයගේ බලාපොරොත්තු සඵල වේ. වෙනදාට වඩා වෙහෙසීමට සිදුවිය හැක. රැකියා ස්ථානයේ ප්‍රධානින්ගේ පැසසුමට පාත්‍ර විය හැක.
ගෘහ ජිවිතය තුල අඹුසැමියන් අතර සමගිය - සාමදානය වර්ධනය වෙයි. දරු සම්පත් අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු සඵල වේ. ආදර සබදතා වැඩි දියුණු වේ.
ඉගෙනීම් කටයුතු වලටද සුබ කාලයකි.

-

● කුම්භ
ව්‍යාපාරිකයින් අතර සුහදතාවය වර්ධනය වේ. ප්‍රිය සම්භාෂණ වලට ආරාධනා ලැබේ. කොන්ත්‍රාත් සම්බන්ධ ව්‍යාපාර වල යෙදී සිටින අයට පාඩු සිදුවිය හැක. නව ව්‍යාපාර ආරම්භ කිරිමට අපේක්ෂාවෙන් සිටින අයට තරමක් අසුභ කාලයක් වේ.
විදෙස් ගමන් සාර්ථක වෙයි.
රැකියාවේ කාර්යබහුලතාවය වැඩි වේ. නව රැකියා උදා වේ.
ගෘහ ජිවිතය තුල ඉදිරි දියුණුව උදෙසා වැඩ කටයුතු කරන සතියකි. මංගල යෝජනා ස්ථිර වේ.
ගේදොර කටයුතු වලට තිබුනු ගැටළුකාරි තත්වයන් මඟ හැරේ.
දරුවන්ගේ අනාගත දියුණුවට අදාල කටයුතු වලට වැඩිපුර කාලයක් යෙදවීමට සිදුවේ.


-

● මීන
මෙතෙක් තිබුනු ගැටළුකාරි තත්වයන් සමනය වෙයි. වැඩි උනන්දුවකින් යුතුව වැඩ කටයුතු කරගෙන යාමට හැකියාව ලැබේ. ව්‍යාපාර වල බලාපොරොත්තු වූ වර්ධනයක් පෙන්නුම් කරයි. කලක් තිස්සේ තිබුනු බලාපොරොත්තුවක් සඵල වේ.
නව රැකියා උදා වේ. අලෙවිකරණය සම්බන්ධ රැකියා කරන අයගේ රැකියා වලට සුභ කාලයකි. උසස් වීම් තරඟ විභාග ආදියට ඉදිරිපත් වීමටත් ජය ලැබීමටත් හේතුයි. ප්‍රධානින්ගේ පැසසුම් ලැබේ.
ගෘහ ජිවිතය තුල ඥාතින් සමග හොඳ හිත වර්ධනය වේ. සහෝදරයින්ගේ තනතුරු උසස් වීමක් නිසා සතුටු විය හැකි සතියකි. තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු ඉටු වන, මංගල යෝග ස්ථිර වන සතියකි.
විදෙස් ගත වීමට බලාපොරොත්තු වූ අයට සුබ කාලයකි.


Saturday, September 10, 2016

මහා ලක්ෂ්මී දේව මෑණියන්

විශ්ව පාලක ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ දේවිය වන මහා ලක්ෂ්මී දේව මෑණියන් මහානුභාවසම්පන්න දේව මාතාවකි.

විශේෂයෙන් සෞභාග්‍යයට අධිපති වන්නේද එතුමියයි. එසේම ගුරු - සිකුරු ග්‍රහ මණ්ඩල වලටද එතුමියගේ බලපෑම ඇති අතර එම ග්‍රහ මණ්ඩල වල අපල - දෝෂ තත්ව වලදි එතුමියටද පින් අනුමෝදන් කිරිමෙන් ඒ අපල තත්වයන් දුරු කර ගත හැක.

බුදු සරණයි !

#ඉරු

රන්වන් පාටින් දළුලන බෝධිය
නිල්වන් පාටින් කොළලන බෝධිය
ගෞතම මුණිදුන් පිටදුන් බෝධිය
අපිත් වඳිමු ජය සිරි මහ බෝධිය ...

- ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ නොවිනි නම් බුද්ධ ශාසනයක්ද නැත..

- පින්කම් කර විශේෂයෙන් සියලු බෝධි පූජා වලදී, ජය ශ්‍රී මහ බෝධි රාජයාණන්වහන්සේ ඇතුළු ලක්දිව සියලු බෝධින්වහන්සේලා ආරක්ෂා කරන, අටමස්ථානයම සුරකින සුපින්වත් “කළු දේවතා බණ්ඩාර“ දෙවියන් ඇතුළු සියලු දේව මණ්ඩලයටද පින් අනුමෝදන් කරන්න !

සම්බුදු සරණයි !

#ඉරු Iru Sewaya

ඔබ යහපත් - සිල්වත් කෙනෙක් නම්, ඔබට අනිවාර්ය දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනු ඇත.

දෙවියන්ගේ ආශිර්වාදය නොලැබෙන්නේ නම්, එයට හේතුව අකුසල කර්මයක් විය හැක.
එවන් අවස්ථා වලදී කල යුතු හොඳම දෙය පින්කම් කර ඒ පින් දෙවිවරු ඇතුළු, සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට අනුමෝදන් වේවායි සිතින් පැතීමයි !

එවිට අකුසල කර්මයේ දෝෂ තත්වයන් අඩුවනු ඇත.

Thursday, September 8, 2016

බොහෝ දෙනෙක් අපගෙන් විමසනවා විජිතමුණි ජ්‍යොතිර්වෙිදි මහතාගේ අනාවැකි ගැන..

අප, #දේශපාලනය යන මාතෘකාවට කැමති නැත.
කෙසේ වුවද එතුමාගේ මේ ප්‍රකාශය තුල ඉදිරියේදි ජ්‍යොතිෂ්‍යය ගැන ජනතාවට නැවත ඇතිවන බරපතල අවිශ්වාසය නිසා මෙසේ සටහනක් තබමු.

“ ජනාධිපති මෛත්‍රිපාල මහතාට තිබුනු මාරකය ගෙවි අවසන්ය. එතුමා 2020 වනතුරු රටේ ජනාධිපතිය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රටේ රාජ්‍ය නායකත්වය ලැබෙන බවක් ජ්‍යොතිෂ්‍යයට පමණක් නොව ඊට එහා ගිය දැනුම අනුවද සිදුවන බවක් නොපෙනෙයි “...

මූලික අනාවැකිය වන මෛත්‍රිපාල මහතාගේ මරණය ගැන අනාවැකිය හරිද වැරදිද යන්න දැන ගැනීමට ඇත්තේ තව මාස 5කි. 
එයින් පසුව හරියට කිව්වෙ කවුද යන්න ඔබටම තීරණය කල හැක.

#ඉරු #sep2016iru

Wednesday, September 7, 2016

ධනය හා බැඳුනු පොදු කරුණු - 01


ජීවිතයේ ධනය අත්‍යාවශ්‍ය සාධකයකි.  ධනවත්වීම හෝ මුදල් තිබීම ජිවිතයේ සතුටට හේතුව  නොවේ.
ධනය තිබීම බොහෝ කටයුතු වලදී පහසුවක් වේ.

ජීවත් වන ඕනෑම කෙනෙකුට ධනවත් වීමට ක්‍රම බොහෝ තිබේ.

1. දෙමාපිය ධනයෙන්, විවාහයෙන්.
2. තම මහන්සියෙන් කැපවීමෙන්.
3. වාසනාව

කරුණු 3ම මගින් ධනවත්විය හැක. 1ක් මගින් වුවද විය හැකි අතර මිශ්‍රව වුවද විය හැක.

-

● කේන්දර සටහනක මූලිකව ධනය ගැන කියවෙන්නෙ 2 වැන්නෙනි. එය ධනස්ථානය ලෙස හැඳින්වේ.
තවදුරටත් සිතන්නේ නම් ඕනෑම කේන්දරයක 2 වැන්නාධිපතියා සිටින තැන සහ තවත් කරුණු අනුව ධනය ලැබීම් ආදි බොහෝ කරුණු කිව හැක.

-

● 4 වැන්නෙන් තමන්ගේ දේපල කියවෙයි. 4 වැන්න, හතර කේන්දරයේ වැදගත් ස්ථානයක් බැවින් ඒ ගැන විශේෂයෙන් සලකා බැලෙයි.
තවද 4 වැන්නාධිපතියා කේන්දරයේ සිටින තැන, 4 වැන්නාධිපතියාගේ බලය, 4 වැන්නාධිපතියාට ඇති ග්‍රහ දෘෂ්ටි, අංශක යනාදි බොහෝ කරුණු සලකා බැලිය හැක.

-

●  අධ්‍යාපනය සහ දරුවන් ගැන මූලිකව කියවෙන 5 වැන්නද ධනය සම්බන්ධව වැදගත් වේ.
අධ්‍යාපනයෙන් ඉහලට යෑම සහ ඒ තුලින් රැකියාවක්, ධනෝපායන මාර්ගයක් සොයා ගත හැකි බැවිනි.

-

● 10 වැන්න වන කර්මස්ථානය එනම් කරන රැකියාව ගැන කියවෙන තැනද ධනයට අදාලව වැදගත් වේ.

-
● ධනය ගැන කතා කිරීමේදී 11 වැන්න වන අයස්ථානයද ඉතා වැදගත් වේ.

-

* මීට අමතරව ධනය ගැන කතා කිරීමේදී 8 වැන්නද සුවිශේෂි වේ.
එය බොහෝ දෙනෙක් අමතක කලද 8 වැන්නේ ඇති වැදගත්කම් බොහෝය.
● 8 වැන්නේ ඇති වැදගත්කම් ලෙස 8 වැන්න විවාහයෙන් 2 වැන්න වේ. එනම් විවාහයේ ධනය ගැන කියවෙන්නේ 8 වැන්නෙනි.
උදාහරණයක් ලෙස, 8 වැන්නේ විපරීත බලයකින් සිකුරු බලවත් වීමෙන් බොහෝ ධනයට හිමිකම් කිව හැක.
 සිකුරු වැනි ග්‍රහයෙකු 8 බලවත්ව සිටීම විවාහයෙන් දායාද ලැබීම හෝ විවාහ වන කෙනා අනුව ධනවත් -  බලවත් වන පිහිටීමකි.

** විශේෂයෙන් කිව යුත්තේ තව බොහෝ කාරණා ධනයට අදාලව තිබෙන බව සහ විග්‍රහ කල හැකි බවයි. සූක්ෂමව කේන්දරයක් පරික්ෂා කල යුත්තේ එබැවිනි.
බොහෝ අය පුරුදුව සිටින්නේ එක ග්‍රහයෙකු, 2කු හෝ ග්‍රහයන් සියල්ල සිටින තැන් අනුව යම් අදහසක් සිතට ගැනීම පමණි. එවිට ග්‍රහයන් සිටින අංශක, නැකැත්, ග්‍රහ දෘෂ්ටි, නවාංශකය යනාදි බොහෝ කරුණු ගැන වැටහීමක් ඇතිවන්නේ නැත.


 කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව

irusewaya@gmail.com
077 22 38041

මහා මාතාංගේෂ්වරී යන්ත්‍රය - 03

01 ) මෙහි මුල්ම කටයුත්ත නම් කේන්දරය මනාවට පරික්ෂා කිරීමයි.
එයින් මෙම යන්ත්‍රයට අදාල පුද්ගලයා සුදුසුද යන්න සූක්ෂමව පරික්ෂා කල යුතුය.

-
02) එසේ සුදුසු වී නිර්දේශ කලේ නම්, එම යන්ත්‍රයට අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරනු ලැබේ.
කේන්දර සටහන අනුව ජප සංඛ්‍යාව තීරණය කරනු ලැබේ.
එය කේන්දරයෙන් කේන්දරයට වෙනස් වේ. ඒ අනුව අදාල කාලයද සති 1-4 යනාදි කාලයක් ඇතුලත බොහෝවිට තීරණය කරනු ලැබේ.
මුලින්ම එම යන්ත්‍රය සෑදීම කරන්නේ රනින්ද රිදියෙන්ද යන්න තීරණය කරනු ලබයි.

* නැකැත් සෑදීම
මෙහිදී අප විසින් අදාල සුරයේ කටයුතු ඇරඹීමට අදාල පුද්ගලයාගේ කේන්දරය අනුව සුභ නැකතක් ලබාදෙන ලදි.
ඉන්පසුව කේන්දර සටහන අනුව, යන්ත්‍රය ඇඳීමට සුභ නැකතක්ද, අදාල ජප කිරීම ඇරඹීමට සුභ නැකැතක්ද, යන්ත්‍රය ලබාදීමට පවා සුභ වෙලාවක්ද තීරණය කරනු ලබයි.

- සුරයේ කටයුතු ඇරඹීමද සුභ වෙලාවක කෙරුණු අතර, සුරය වෙනුවෙන් කල “සර්ව දෝෂ නිවාරණ පූජාව“ මෙම වීඩියෝවෙ ඇත.
https://www.youtube.com/watch?v=K-LoKA23ioU

-



03 ) යන්ත්‍රයේ ජප කිරීම් සිදු කරන්නේ නොඉඳුල් පැලකය. යන්ත්‍ර අසුන තනාගත යුතුය.
(එනම් මිනිස් වාසයෙන් තොර පැලක් සාදා හෝ පදිංචි නොවුනු ගෙයකය)
එම පැලට ඇතුල් වන දොරකඩ දෙපස පීදුනු කෙසෙල් ගස් 2ක් සිටුවා ගත යුතුය.
යක්ෂ - ප්‍රේත ආදි අමනුෂ්‍යයන්ට ඇතුල් නොවී ආරක්ෂා වීමට කෙසෙල් ගස් වල සිට පිරිත් ජප කර පිරිත් නූලක් යන්ත්‍ර අසුන වටා ඇද්ද යුතුය.
පුන් කලස් 4ක් මුළු 4 තැබිය යුතුය.

-

04) ජප කරන මුළු කාලය තුල කාන්තාවකගේ අතින් සාදන කිසිම කෑමක් නොකා පේවී කටයුත්ත කල යුතුය.
මෙම පූජාවට පලතුරු වර්ග 5ක්වත් අවශ්‍යය. කැවිලි වර්ග 5ක්වත් අවශ්‍යය. ලද පස් මල්, විලඳ, මී පැණි, නානු බඳුනක්, කණ්ණාඩියක්, පනාවක්

-

05) ජප කරන කාලය පුරා යන්ත්‍ර අසුනට බෙලි කොළ මාලයක් යන්ත්‍ර අසුනට පැලදිය යුතුය. දිනපතා අලුත් කිරීමද කල යුතුය.

-

*** මෙහි සඳහන් කර ඇත්තේ පොදුවේ කරන විස්තර පමණි.
පාරම්පරික ගුරු මුෂ්ටි සහිතව කරන කටයුතු මෙහි සඳහන් කර නැත.

“ යන්ත්‍රය ගැන විස්තරය “
-



* මෙම යන්ත්‍රය ඉතා බලගතු යන්ත්‍රයකි.
* විශේෂයෙන් කිව යුත්තේ අප විසින් බොහෝ තැන් වල කෙරෙන පරිදි whole sale ක්‍රමයට කිසිදු යන්ත්‍රයක් නොකරන බවයි.
මෙම යන්ත්‍රය අප කරන්නේ 1 අයෙකුට වන අතර, ඊට පෙර ඔහුගේ කේන්දර සටහන සූක්ෂමව බලා ඔහු ඊට සුදුසුද යන්න පරික්ෂා කරන ලදි.
* ඉන්පසුව ඊට අදාලව වඩා සුදුසු අයුරින් රන් සුරයක මෙම කටයුත්ත කරන්නට සූදානම් කල අතර, සුරයේ කටයුතු ඇරඹීමට පවා කේන්දරය අනුව සුභ නැකැත් බලා දෙන ලදි.
* විශේෂයෙන් සුරය ඇඳීමට මෙන්ම ජප කිරිම පටන් ගැනීමටත් අප විසින් කේන්දරයට අදාලව සුභ නැකැත් ලබාදෙන ලදි.
* කේන්දර වල ඇති කේමදාම යෝග, හතර කේන්දරයේ පාළු යෝග, කාල සර්ප යෝග, කාලකණ්ණි යෝග එසේම තව ඇති බොහෝම අසුභ යෝග මෙමගින් නාශනය කෙරේ.
එසේම මෙය පැලද යෑමෙන් කෝටියක් දෝෂ නසා තමන්ව බබලවයි.

- එසේම ජීවිතයට තමන්ව නොදුටු නොඇසූ අය තමා දැකීමෙන් පසු තමාට උදව් උපකාර කිරීමටද, අනුකම්පා කිරීමටද පෙළඹේ.

 මෙම යන්ත්‍රය මුදල් තිබුනාට පැලද ගැනීමට නොහැකිය. එයට සුවිශේෂි වාසනාව තිබිය යුතුය. විශේෂයෙන් මසකට යන්ත්‍ර 1-2ක් පමණක් සාදවා ගත හැක.

අප පෙර සඳහන් කල ආකාරයට මෙය අක්ෂරය කොට නිර්මාණයකොට පංචෝපහාර දක්වා එනම් ‘දිෂ්ඨි, සිද්ධි, පුට, ප්‍රාණ, පලිප්පු‘ යන අදාල වතාවත් කොට පැලදීමෙන් සුවිශේෂි වරප්‍රසාද හිමිවේ.

irusewaya@gmail.com
+94 77 2238041



Monday, September 5, 2016

සතියේ ලග්න පලාපලය - සැප් 6 සිට

- පොදු පලාපලයක් පමණි. සැප්. 18 සිදුවන කුජ මාරුව පසුවන තුරු වඩා අවදානයෙන් සිටිම කාට කාටත් හොඳය.

-

● මේෂ
ඉතාමත් කල්පනාකාරිව සිටිය යුතු සතියකි. ව්‍යාපාර බිඳ වැටීමේ අවදානමක් පවති. ව්‍යාපාර කටයුතු වල අවුල් සහගත තත්වයන්ට මුහුණ පෑමට සිදුවිය හැක. රාහු, කුජ මහ දසා, අතුරු දසා ගත කරන අයගේ ව්‍යාපාර කැපී පෙනෙන ලෙස පහත වැටෙන ස්වභාවයක් පෙන්නුම් කරයි.
රැකියාවේ බලාපොරොත්තු බිඳ වැටිය හැක. අවුල් සහගත තත්වයක් උද්ගත විය හැක. උසස් වීම් බලාපොරොත්තු වූ අයට බලාපොරොත්තු නොවු අයුරට පසුබෑමකට ලක්විය හැක. ප්‍රධානින් සමග මත ගැටුම් ඇතිවීමටද ඉඩ ඇත. බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය තුල මංගල යෝජනා ආදිය බිඳ වැටීමට හෝ ප්‍රමාදයන්ට ලක්වීමට සිදුවිය හැක. තරුණ - තරුණියන්ගේ සිත් කඩා වැටීමට සිදුවිය හැක. පවුල් ජිවිතය තුල මත ගැටුම් ඇතිවීමටද ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වයද පිරිහීමට ඉඩ ඇති නිසා අවදානමත් වන්න. හදිසි අනතුරු ඇතිවිමටද ඉඩක් පවතින බැවින් කල්පනාකාරි වන්න.

-

● වෘෂභ
මෙතෙක් තිබූ බාධා තත්වයන් මඟ හැරෙයි. කාලය සුභ අතට හැරෙයි. ව්‍යාපාර පෙර තිබූ යහපත් තත්වයන්ට ගෙන යාමට හැකි වේ. ව්‍යාපාර පරිපාලනය අතින් උසස් තත්වයන් ලගා කර ගැනීමට හැකි වේ. ව්‍යාපාරික මිතුරන්ගේ ඇසුරු කිරීම් නිසා ව්‍යාපාර පවත්වාගෙන යාම පහසු වේ.
නව රැකියා අවස්ථා උදා වෙයි. රැකියා ස්ථානයේ අවුල් සහගත තත්වයන් මඟ හැරී සුභ කාලයක් උදා වෙයි. ප්‍රධානින්ගේ පැසසුම් වලට ලක් වෙයි. උගතුන්ගේත් බුද්ධිමතුන්ගේත් ඇසුර නිසා රැකියා ස්ථානයේ කැපී පෙනීමට හැකියාව ලැබේ.
ගෘහ ජිවිතය තුල විවාහයන් ප්‍රමාද අයගේ ගැටළුකාරි තත්වයන් මග හැරෙයි. දෙමාපියන්ගේ ආශිර්වාද ලැබී මංගල යෝග උදා වේ. අධ්‍යාපනයෙන් ජය ලැබෙයි. තරඟ විභාග ආදියෙන් ජය මෙන්ම විදෙස් අධ්‍යාපනයට අවස්ථා උදා වේ.

-

● මිථුන
ව්‍යාපාරික තත්වය උසස් වෙයි. මූල්‍යමය ආයතන වලින් සහය ලැබෙයි. ව්‍යාපාරිකයන් අතර කැපී පෙනෙන වර්ධනයක් ලගා කරගත හැක. ව්‍යාපාරික මිත්‍ර සබදතා ගොඩ නැගෙයි.
පොලව සම්බන්ධ රැකියා කරන අයගේ තත්වය උසස් වේ.
උසස් වීම් තරඟ විභාග ආදියෙන් ජය ලැබෙයි. ආර්ථික වාසි හිමි වේ.
ගෘහ ජිවිතය තුල දරුවන්ගේ ජයග්‍රහණ නිසා දෙමාපියන්ට සතුටු වීමට ඉඩ ඇත.
ගුරුවරුන් ඇසුරු කිරීම තුලින් දරුවන්ගේ අධ්‍යාපන තත්වය වර්ධනය වෙයි. පවුල් ජිවිතයේ මත ගැටුම් නිරාකරණය කර ගැනීමට හැකි සුභ කාලයකි.

-

● කටක
දේපල වාසනාව හිමි වෙයි.
ඉඩම්, ගෙවල් - යාන - වාහන යනාදිය මිලදී ගැනීමට සුභ කාලයකි. ඔබගේ ධනය තර වෙයි. නව ව්‍යාපාරික කටයුතු ආදියෙන් ජය ලබා ගැනීමට හැකියාව ලැබේ.
රැකියාවේ උසස් වීම් - තරඟ විභාග ආදියෙන් ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව ලැබේ. රාජ්‍ය අංශයේ රැකියා කරන අයට වඩා සුබ කාලයකි. රැකියා ස්ථානයේ මිතුරු ඇසුර වැඩි වේ.
ගෘහ ජිවිතය තුල සමගිය වර්ධනය වේ. ප්‍රිය සම්භාෂණ, උත්සව ආදියටද සහභාගි වීමට ඉඩ ලැබේ. උසස් මිතුරන් ඇසුරට ඉඩ ලැබෙයි.
අධ්‍යාපනයෙන් ජය ලබා ගැනීමට හැකියාව ලැබේ. තරඟ විභාග ආදියෙන් ජය ලැබිය හැක.

-

● සිංහ
නව ව්‍යාපාර වලට සුභ කාලයක් වෙයි. ව්‍යාපාර වල මන්දගාමි ස්වභාවයක් පෙන්නුම් කරයි. නව ජීවන රටාවකට යොමු වීමට ඉඩ ලැබේ. උසස් මිතුරන් ඇසුරට ලැබෙයි.
අලෙවි ප්‍රවර්ධන ව්‍යාපාර, අලෙවිකරණය ආදියෙන් ජය ලබා ගැනීමට හැකි වේ. ආර්ථික වාසි ඇති වේ.
රැකියාවේ තත්වය උසස් වෙයි. රැකියා ස්ථානයේ උසස් මිතුරන් ඇසුරු කිරීමට හැකි වේ.
ගෘහ ජිවිතය තුල විනෝද ගමන් බිමන් යෙදෙයි. මැති - ඇමතිවරුන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබෙයි. දරුවන් අපේක්ෂා කරන අයට වාසනාවන්ත දරු උපත් අපේක්ෂිතය.
අධ්‍යාපන කටයුතු වලට සහ විදේශ ගමන් ආදියටද සුභ සතියකි.

-

● කන්‍යා
ව්‍යාපාරික සබඳතා ගොඩ නැඟෙයි. ව්‍යාපාර උසස් වේ. නව ව්‍යාපාර ආදියෙන් සුභ ඵල ලබා ගැනීමට හැකි සතියකි. නව ව්‍යාපාර ආරම්භ කිරිමටද සුබ සතියකි. මූල්‍යමය ආයතන වලින්ද ආධාර - උපකාර ලැබේ.
රැකියාවේ දුර බැහැර ගමන් බිමන් යෙදිය හැක, මහන්සිය වැඩි වන සතියකි. රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගේ බසට අවනත වීමට සිදු වේ.
විදෙස් ගමන් බිමන් තුලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ.
ගෘහ ජිවිතය තුල අසල්වැසියන් සමග සමගිය වර්ධනය වේ. ආගමික කටයුතු - සමාජ සේවා කටයුතු ආදියෙන් උසස් ඵල ලබා ගැනීමට හැකියාව ලැබේ. ප්‍රිය සම්භාෂණ ආදියට සහභාගි වීමටද ඉඩ ලැබේ.

-

● තුලා
අනාගත දියුණුව උදෙසා පියවරක් ගැනීමට සිදු වෙයි.
ව්‍යාපාර පුළුල් කර ගැනීමට හැකියාව ලැබෙන සතියකි. ආදායම් තත්වය වර්ධනය වේ. දුර බැහැර ගමන් බිමන් ආදියෙන් සුභ ඵල ලබා ගැනීමට හැක.
රැකියා ස්ථානය මාරු වීමට ඉඩ ඇත. නව රැකියා අවස්ථා උදා වේ. රැකියා කරන අයට ඉදිරියට යාමට පියවරක් ගැනිමට සිදු වෙයි.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. නෑයින් සමග, සහෝදරයින් සමග සමගිය සහ සබදතා වර්ධනය වෙයි. තරඟ විභාග ආදියෙන් ජය ලැබෙයි. සමාජයේ කැපී පෙනීමට හැකියාව ලැබේ. කාර්යබහුල බව වැඩි වන සතියකි.

-


● වෘශ්චික
කරදර වලට මුහුණ පෑමට සිදුවිය හැක.
මත ගැටුම් ඇතිවීමටද ඉඩ ඇත. සතුරු කරදර මතු විය හැක. ව්‍යාපාරික කටයුතු වල තත්වය ඇණ හිටී.
රැකියාවේ කටයුතු වලදි ප්‍රධානීන්ගේ දෝෂාරෝපණ එල්ල වීමට ඉඩ ඇත. කීර්ති නාමයට කැළැල් ඇතිවිය හැක.
ගෘහ ජිවිතය තුල හිත් පීඩා ඇති විය හැක. ආදර සබදතා බිඳී යා හැක. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බොහෝ බාධා ඇතිවිය හැකි බැවින් දෙමාපියන් ඒ ගැන අවධානය යොමු කල යුතු වේ. පාසලේ කටයුතු වලදි වැරදි වලට හසුවීමට පසුබිමක් නිර්මාණය විය හැක. බුද්ධිමත් වන්න.

-

● ධනු
ව්‍යාපාර වල තත්වය බලාපොරොත්තු වූ ලෙස ගොඩ නගා ගැනීමට නොහැකි වන නිසා සිත් පීඩා බහුල විය හැක. මිතුරු ඇසුර වැඩි වෙයි. නව ව්‍යාපාර ඇරඹීමට සුභ කාලයකි. තාක්ෂණික අංශයේ ව්‍යාපාර වලට සුභ සතියකි.
රැකියාවේ උසස් වීම් ලැබීමටත්, තරඟ විභාග ආදියෙන් ජය ලැබීම් ආදියටත් සුභ කාලයකි. රජයේ රැකියා වල නියුතු අයගේ තනතුරු ලාභ උසස් වීමේ වැඩි ඉඩක් පවති. නව රැකියා උදා වේ. නිෂ්පාදන අංශයේ රැකියා කරන අයට සුභ ප්‍රතිඵල වැඩි වේ.
ගෘහ ජිවිතය තුල දරුවන්ගේ දියුණුව උදෙසා පියවරක් ගැනීමට සිදු වෙයි. දරුවන්ගේ කැපී පෙනෙන දියුණුවක් පෙන්නුම් කරන සතියකි.
සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් විය යුතුය.

-


● මකර
දියුණුව උදෙසා පියවරක් ගැනීමට සිදු වෙයි. ව්‍යාපාරික කටයුතු වලදී සුළු සුළු ගැටළු මතුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කල යුතුය. කළමනාකරණයේ සුළු අඩුපාඩු මඟ හරවා ගන්න, නැත්නම් පාඩු ඇති විය හැක.
රැකියා ස්ථානයේ ගැටළු නිර්මාණය විය හැකි බැවින් කල්පනාකාරි වන්න. නිෂ්පාදන ක්ෂෙත්‍රයේ රැකියා වල නියුතු අයට සුභ ප්‍රතිඵල උදා කරයි. සම්මුඛ පරික්ෂණ ආදියෙන් සුභ ප්‍රතිඵල ලබා ගැනිමට හැකියාව ලැබේ. උසස් වීම් අපේක්ෂිතය.
ගෘහ ජිවිතය තුල ඥාතින් අතර මත ගැටුම් නිර්මාණය විය හැක. සහෝදර - සහෝදරියන්ගෙන් උදව් උපකාර හිමි වෙයි. විවාහ යෝජනා ස්ථිර වෙයි. ගමන් බිමන් යෙදෙයි. ලාභ ප්‍රයෝජන හිමි වෙයි.


-

● කුම්භ
ව්‍යාපාර ක්ෂෙත්‍රයේ දියුණුවක් පෙන්නුම් කරයි.
ණය ලැබෙයි, මූල්‍යමය ආයතන වල සහය ලැබෙයි. ගේ දොර මිලදී ගැනීම් ආදියට සුභ කාලයකි.
ආරක්ෂක සේවය ආශ්‍රිත රැකියා වල නියුතු අයට සුභ ඵල ගෙන දෙයි. ප්‍රධානීන්ගෙන් පැසසුම් ලැබෙයි. නව රැකියා අවස්ථා උදා වේ. රැකියා ස්ථානයේ මාරු වීමක් හෝ උසස් වීමක් අපේක්ෂිතය.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගියට බාධා පැමිණිය හැක. දරුවන්ගේ රෝගාබාධ නිසා ධනය වැය විය හැක. විවාහ අපේක්ෂාවෙන් සිටින තරුණ - තරුණියන්ගේ සහකරු - සහකාරිය හමුවීමට ඉඩ ඇත.
සෙම් රෝග ආදිය වැළදිය හැකි බැවින් ප්‍රවේසම් වන්න.

-

● මීන
ව්‍යාපාර වලට සතුරු කරදර පැමිණිය හැක. කළමනාකාරිත්වයේ දුර්වලතා නිසා ධන හානි සිදුවිය හැක. මූල්‍ය ආයතන වල පිහිට පැතීමට සිදුවිය හැක.
රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට රැකියා ප්‍රමාද කරයි. රැකියා ස්ථානයේ ගැටළු මතු විය හැක. ප්‍රධානින් සමග මත ගැටුම් නිර්මාණය විය හැක. මිතුරු ඇසුර වැඩිවීම නිසා රැකියා ස්ථානයේ ගැටුම් උග්‍ර වීමටද යම් ඉඩක් ඇත.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. මංගල යෝජනා ස්ථිර වෙයි. ඥාතින්ගේ උදව් උපකාර ලැබේ.
විදෙස් ගත වීමට අපේක්ෂාවෙන් සිටින අයට බලාපොරොත්තු සඵල විය හැක.



#Future depends on what #you #do #today >>

Iru Astrology

irusewaya@gmail.com
077 22 38041

Saturday, September 3, 2016

මහා භද්‍රකාලි දේව මෑණියන්

මහා භද්‍රකාලි දේව මෑණියන් මූලිකව හැඳින්වෙන්නේ නරකට, නපුරට දඬුවම් කරන දේවතාවියක් ලෙසය.

විශේෂයෙන් කිව යුත්තේ අධර්මය නසන ශිව දෙවියන්ගේ කටයුතු කරන්නේ එම දෙවියන් බවයි. එනම් සරලව කිව්වොත් ලේකම් කෙනෙක් වගේය.

භද්‍රකාලි මෑණියන්, අයහපත - නරක දුරු කිරීමට කරන කටයුතු වලට යනාදි සියලු කටයුතු වලට ශක්තිය ගන්නේ ලෝක පාලක මහ දෙවිඳු හෙවත් ශිව දෙවියන්ගෙනි.

(සමහර විශ්වාස අනුව, විෂ්ණු දෙවියන්ගේ සොයුරිය වන උමයංගනා දේවිය, භද්‍රකාලි මෑණියන් ලෙස කියවුනත් එය වැරදිය. භද්‍රකාලි මෑණියන් හෝ කාලි මණ්ඩලය ශිව දෙවියන්ගේ දේවීවරුන් නොවෙති)

බොහෝ අවස්ථා වල හදි හූනියම් කටයුතු වලට සොහොන් කාලි මෑණියන් යනාදි කාලි මණ්ඩලයට අයත් දෙවිවරුන්ගේ නම් කියවුනත්, අයහපත වන්නට නම් තමන් වැරදි කල තිබිය යුතුය, නැත්නම් පෙර අකුසලයක් හෝ තිබිය යුතුය.
 සියලු දෙවිවරුන්ට බොහෝ පරිවාර සේනා පවති. ඒ සේනා වල යක්ෂ, භූත යනාදි අමනුෂ්‍ය බලවේගද පවති.

ඔබ පින්වන්ත නම්, සීලය - ප්‍රතිපත්තිය රැකගෙන සිටිනවා නම් බිය වන්නට හේතුවක් නැත..

කල යුත්තේ නිවරදිව පින්කම් කිරීමයි. එම පින් සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ටද අනුමෝදන් කරන්න.

යහපත වෙනවා අනිවාර්යයි !!!

විවාහ වෙන්න හිතන් ඉන්නා අය ජෝතිෂ්‍යයෙන් දැනගත යුතු ප්‍රධානම කරුණු (2 කොටස)


( 1 කොටස
https://www.facebook.com/irusewaya/photos/a.1266788206671589.1073741851.833656709984743/1097897783560633/?type=3&theater )

** මේ සියල්ල පොදු කරුණුය.

ඉතාම කුඩා දරුවෙක්ව උපත ලබන කුමර - කුමරියන් ළමා කාලය, නව යොවුන් විය පසුකර ඉන්පසු ලබන තරුණ අවධියෙදි බොහෝ දුරට කුමරෙකු නම් සිතන්නේ සුන්දර යුවතියකගේ ආදරය ලබාගැනිමට සහ ඇයව විවාහ කරගැනීමටය.

● ගැහැණු දරුවෙකුත් එසේමයි. නමුත් විවාහ වීමට ප්‍රථම බොහෝදුරට ජෝතිෂ්‍ය කරුණු කාරණා ගැන වැටහීමක් නොමැති බව අප දන්නා කරුණකි.

● මුහුණුපොත් සංස්කෘතියේ නව මානයන් සොයායමින් අපගේ මුහුණු පොත් පිටුවට සමීප වූ අපගේ අතිමහත් පාඨක තරුණ ප්‍රජාවට මේ උතුම් වූ ශාස්ත්‍රයේ ඇති වටිනාකම තේරුම් කරදෙමින් ඔවුන්ගේ මේ විවාහය නැමති මේ සුන්දර සිහිනය වඩාත් ඵලදායි සහ සුන්දර එකක් කිරීමට අප නොගන්නා උත්සාහයක් නොමැත.

● දැනටම අප බොහෝ සමාජ සුභසාධන කටයුතු මේ මුහුණු පොතේ පිටු මගින් අපි කර ඇත්තෙමු. මේ ගැන බොහෝ කරුණු කීමට ඇතිමුත් ටිකකට නවතා අපගේ යෞවන යෞවනියන් උදෙසා මෙම විවාහය නැමති ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ සදහන් කල යුතු ආකාරය සදහන් කර දෙන්නම්.

● මේවා ගැන යෞවන යෞවනියන් දැනගැනීම ඔවුන්ගේ විවාහ ජීවිත ගැන දැනගැනිම ඔවුන්ගේ ජිවිත සාර්ථක කරගැනිමට මහත් රුකුලකි.

එසේම රත්තරන් දුවේ පුතේ, ඔබලා දැනගන්න විශේෂයෙන්ම විවාහ වන විවාහ ස්ථානය සම්බන්ධව.
විවාහ ස්ථානය වූ 7 වැන්නෙන් මේ මේ කරුණු කාරණා නිවේදනය වේ- මේවා විවාහයට අදාල වේ.

1. විවාහය
2. සහකරු සහ සහකරුවන්ගේ ආදරය
3. පිවිතුරු බව.
4. ලිංගික එක්වීම සහ දෙදෙනාට පෞද්ගලික වන ආශාවන්.
5. ශුක්‍ර ධාතුව සහ එම ධාතුවල ශක්තිය.
6. ස්වාමියාගේ භාර්යාවගේ අවශ්‍යතාවයන්.
7. රහස් ප්‍රදේශවල ප්‍රමාණය සහ එහි ශක්තිය

මේවා 7 වැන්නට අදාල කාරණාය.

අපි දැන් බලමු 7 වැන්නේ සිටින ග්‍රහයන් ඇති කරන්නාවූ ප්‍රතිඵල.

මේවා පොදු කාරණාවන්ය. කේන්දරය හා සසදන්න.

රවි 7
ආඩම්බර වීම, අහංකාර වීම, ස්වාමියාට බිරිඳට යටහත් පහත් නොවන ගතිය.

සඳු 7
සඳු පුර පක්ෂයේ නම් ඉතාම රූමත් ගුණවත් බිරිඳක් ලැබීම. අව පක්ෂයේ නම් එයට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපල ලැබීම.

කුජ 7
මනා දේහ ශක්තියක් හිමි සහකරුවෙක්/සහකාරියක් සිටිම.
පුරුෂයෙකුගේ 7 වැන්නේ කුජ 7 නම් පුන් පියයුරු ඇති බිරිඳක් ලැබේ.
ස්ත්‍රියකගේ වේනම් ශක්තිමත් පුරුෂයෙකු ලැබේ. නමුත් දබර ඇති කරගනී.

බුධ 7
උගත් බුද්ධිමත් සහකරුවෙකු සහකාරියක ලබයි.
කෙසේ වෙතත් බුද ග්‍රහයා 7 සිටිම සමස්තයක් ලෙස හොඳයි.

ගුරු 7
දේපල ඉඩකඩම් සහ ප්‍රඥාවන්ත බිරිඳක් ස්වාමියෙක් ලැබීමට හේතුයි. නමුත් ලිංගිකත්වයට ඇති ආශාව එපාවිමට ඉඩ තිබේ.

සිකුරු 7
ඉතාම ශුභයි. එයට හේතුව ඔහුට අවශ්‍ය සියලුම කරුණු කාරනා එම ස්ථානයේ ඇති බැවිනි.

ශනි 7
බොහෝ ගැටළු ඇතිවිමට හේතුවකි. නමුත් බලවත් ශනි එවන් ගැටළු ඇති නොකරයි.

රාහු 7
සුභ නැත. අනියම් භාර්යාවන් සොයා යා හැක. අධික වූ කාමාශාවක්ද වේ.

කේතු
ඉතාම ශුභ නැත. එම පුද්1ගලයාගේ අනිකුත් ග්‍රහයෝග දුර්වල නම් ලිංගික ශක්තිය බිංදුවටම බස්සවයි.

අප මේ සදහන් කලේ මෙහි ඇති ගැඹුරින් ඉතාමත්ම ස්වල්පයකි. තවත් බොහෝ කරුණු කාරණා ඇතිමුත් ඒවා සදහන් කිරීමට පවා අපහසුයි.
සාමාන්‍ය උගත් දැරිවියක් මේ මට්ටම සම්බන්ධව යම්කිසි අවබෝධයක් ලැබීම බොහෝ සාර්ථක විවාහයක් කරගැනිමට හේතුවකි.
මේ සම්බන්ධව සොයා බලන්න.

තෙරුවන් සරණයි !

Iru sewaya
#viwahaya #marriage

 කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.

irusewaya@gmail.com
077 22 38041