Friday, February 26, 2016

ජිවිතය දිනන්න, තමන් ගැන විශ්වාසයෙන් කටයුතු කරන්න !

තමන්ගෙ ජීවිතයේ කුමන දෙයක් කේන්ද්‍ර සටහනේ තිබුනද, සියල්ල තමාට වාසියට හෝ අවාසියට හරවා ගත හැකි බව සිතන්න.

කේන්දරයේ අධ්‍යාපනයට කෙතරම් හොඳයි කීවද අදාල කාල වලදි අවශ්‍ය ලෙස පාඩම් නොකරන ලද ළමයින් ඉහලට නොගිය බව අපි දන්නෙමු.

එසේම ජීවිතයෙ කිසිදු හොඳක් නොකරයි කියා සිතනා අය ඉහලට ගොස් සතුටින් ජීවත්වනු දැක ඇත්තෙමු. කර්මය ජීවිතයේ බොහෝ දේවල් වලට බලපෑවද සෑහෙන ඇත්තක් තම ක්‍රියාමත පවතිනු ඇත.

ඔබට යමක් ලබාගැනීමට උවමනා නම් හෝ ප්‍රාර්ථනාවක් ඇත්නම් ඒ වෙනුවෙන් කැපවිය යුතුය.
එය තමාට කරගැනීමට අපහසු දෙයක් නම් ඒ ඒ අවශ්‍ය තත්වයන් ලබාගැනීමට කැපවිය යුතුය. එසේ නැතිව එය කල නොහැකි දෙයක් ලෙස අතහරින්නෙ නම් පරාජයකි.
තමාට එය කල හැකි මාර්ග ඒ අරමුණට යා හැකි මාර්ග සිතා ඒ වෙනුවෙන් කටයුතු කල යුතුය.

ඒ හැරුණු කොට පවතින රජය හෝ විපක්ෂය හෝ වෙනත් තත්වයන් හෝ ගැන නොසිතා තම දියුණුව ගැනම සිතා අන් අයට හානි නොවන ලෙස කටයුතු කරන්න. ජීවිතය ජය ගැනීම පහසු වන අතර එවන් අය අප දැක ඇත්තෙමු...

#Iru

irusewaya@gmail.com

පිය ආශිර්වාදය

ගනේෂ්වර දෙවියන්ට තම පියාණන් වූ ශිව හෙවත් ඊශ්වර දෙවියන් ආශිර්වාද කරනු ලබන අවස්ථාවක් !

ගණ දෙවියන්ට සහ කතරගම දෙවියන්ට වන්දනාමාන කරන, පින් අනුමෝදන් කරන අයට ‪#‎ශිව‬ දෙවියන්ගේද ආශිර්වාදය ලැබේ !

මනා පැවැත්මෙන් හිඳ, ගරුත්වය රැකගෙන පින්කම් කරගන්න, ඉන්පසුව එම පින් දෙවියන්ටද අනුමෝදන් කරන්න.
එතුලින් දෙවියන්ගෙන්ද ආශිර්වාද ලබාගැනීමට ඔබට හැකියාව ඇත.

‪#‎ඉරු‬ Iru Astrology

Tuesday, February 23, 2016

නියම ජ්‍යෝතීර්වේදියා හඳුනා ගන්නේ කෙසේද ... ?

පාඨමාලා හෝ යම් ඉගෙනීමක් කල සැණින්ම තමන් ජ්‍යොතිෂ්‍යවේදියෙක් කියල පුද්ගලයෙක්ගෙ කේන්දරය නිවරදිව කියන්න අපහසුයි.

Monday, February 22, 2016

“ දස දිසා පිරිත “



- සියලු යහපත ගෙනදෙන මෙම දස දිසා පිරිත විශේෂ වශයෙන්, වාස්තු දෝෂ දුරලීමට භාවිතා කල හැක. භූත දොස් දුරුවීමටද, ගෙදර ආරක්ෂාව සහ ඇස්වහ කටහව දෝෂ දුරු කිරීම්, කුඩා දරුවන්ගේ රෝගී තත්වයන් වලටද විශේෂ වශයෙන් ගුණදායක මහානුභාවසම්පන්න පිරිතකි.

- පිරිත සහ එහි දළ තේරුම පහතින් _

දීසාසු දසභාගෙසු
ඨිතා බුද්ධානුභාවතෝ
වේරාදි අන්තරායාපි
විනස්සන්තු අසේසතෝ

ඒවමාදි ගුණෝපේතං
පරිත්තංතං භණාමහේ

පදුමුත්තරෝ පුරස්ථිමායං
අග්ගිමහිචෙච  රේවතෝ
දක්ඛිණො කස්සපෝ බුද්ධෝ
නිරිතේච සුමංගලෝ

පච්චිමේච සිඛීබුද්ධෝ
වායව්‍යාමේධං කරෝ
උත්තරේ පියදස්සීච
ඊසානේ දීපංකරෝ

පඨවියං කකුසංධෝච
ආකාසේ සරණංකරෝ
එවං දස දිසාචෙච
සබ්බෙ බුද්ධා පතිට්ඨිතා

අච්චංතරායා සබ්බේ මෙ
සෝක රෝග භයාපිච
විනස්සන්තු සදා මයිහං
සබ්බීරියා පථෙසුච

යක්ඛාදිදේවතා හීච
රාජ චොරාරි අග්ගිහි
අමනුස්සේහි සබ්බේහි
තිරච්ඡානගතෙපිච

ජාතා උපද්දවා සබ්බේ
විනස්සන්තු අසේසතෝ
සිරස්මිං තෙ බුද්ධ සෙට්ඨෝ
සාරිපුත්තෝච දක්ඛිණෝ
වාමංසේ මොග්ගල්ලානො
පුරතොපිටකත්තයං

පච්චිමේ මම ආනන්දෝ
චතුස්දිසා ඛීණාසවා
සමන්තා ලෝක පාලාච
ඉන්ද්‍රදේවෝච බ්‍රාහ්මච

ඒතේසං ආනුභාවේන
සබ්බුපද්දවපද්දවා
අනේකා අන්තරායාපී
විනස්සන්තු අසේසතෝ

- මෙම පිරිත වතාවක් බුදුන්වහන්සේ රෝගී වූ අවස්ථාවක නිරෝගී භාවය උදෙසා චුල්ල මහරහතන්වහන්සේ විසින් දේශනා කරන ලද්දකි. බුදුවරුන් 10ක් විවිධ දිශා අනුව සිටිමින් ඒ බුදුවරයන්වහන්සේලාගේ ආනුභාවයෙන් මේ බුද්ධ ශාසනයේ බුදුන්වහන්සේ මෙන්ම උන්වහන්සේගේ දකුණු අත මෙන් සැරියුත් මහරහතන්වහන්සේද, උන්වහස්නේගේ වමත මෙන් මුගල් මහරහතන් වහනසේද, ඉදිරියට ත්‍රිපිටකයද, පිටුපසින් ආනන්ද මහතෙරුන්ද, සතර දිශාවටම රහතන් වහන්සේලාද,  ලෝක පාලක ඉන්ද්‍ර දෙවියන් සහ මහා බ්‍රහ්මයාද යන සියලු උතුමන්ලාගේ ආනුභාවයෙන් සියලු දෝෂ, සියලු දුක, සියලු බය දුරුවී සහනය ලැබේවා  යන්න පතයි !

විශේෂ වශයෙන් නිවසේ, ගොඩනැගිල්ලේ පවතින අමනුෂ්‍ය දෝෂ, වාස්තු දෝෂ, හදි හූනියම්, කොඩිවින, ඇස්වහ කටවහ හෝවහ මෙන්ම සතුරු කරදර පවා දුරු කර සියලු යහපත උදා කරදෙන පිරිතකි !

ඔබත් සීලය, ප්‍රතිපත්තිය රැකගෙන නිසි ලෙස පිලිවෙතින් සිට පිරිත කියා ආශිර්වාද ලබාගන්න !

තෙරුවන් සරණයි !

#ඉරුසේවය #පිරිත් #බුදුදහම #ධර්මය #දහම

Saturday, February 20, 2016

කුජ මාරුව ලග්න 12ට - පෙබ.20 සිට

කුජ හෙවත් ග්‍රහ ලොව සෙන්පති, තුලා රාශියෙන් මිදී තමන්ගේ වාසස්ථානය වන වෘශ්චික රාශියට අද(පෙබ.20) පැමිණියේය. මාස 7ක් පමණ කාලයක් මෙම රාශියේ අඟහරු සිටිනු ඇත. රටට විශේෂ වශයෙන් කාලගුණික විපර්යාස සහ වෙනදාට වඩා ක්‍රියාශීලි වීමද පොදුවේ කිව හැක. විප්ලවකාරි ගුණ ඉස්මතු වන කාලයකි.

අඟහරු වෘශ්චික රාශියට බලවත්ය. එනම් ස්වක්ෂෙත්‍රය. වෘශ්චිකයේ සෙනසුරු/ශනි ග්‍රහයාද මේ අවස්ථාවේ තැන්පත්ව සිටි. මෙනිසා ශනි - මංගල යෝගයක් යෙදෙයි. මෙම යෝගයේ පලාපලයන් එක් එක් තැනට වෙනස් වුවද, පොදුවේ විවාහය, ආදර- ප්‍රේමය යනාදි කටයුතු වලදි යම් බාධක ගෙනදෙන යෝගයකි. ශනි දුකට අධිපති වන අතර, කුජ කාමයට අධිපති වීම පොදු හේතුවක් ලෙස කිව හැක.


ලග්න 12ට පොදුවේ මෙහෙමයි.
( පොදු පලාපලයක් පමණි, කේන්දරය අනුව වෙනස් විය හැක)

● මේෂ
ආයුෂස්ථානය වන 8 වැන්නට කුජ පැමිණේ.
මෙම කාලය පොදුවේ සුබ කාලයකි. වෙනදාට වඩා කඩිසරව වැඩ කල හැකි කාලයකි. පවුලේ සමගිය වෙනුවෙන් කැපවිය යුතු කාලයකි. මංගල කටයුතු වලට යම් බාධාවන් පෙන්වන නිසා එම කටයුතු වලදි ඉවසිලිවන්ත විය යුතුය. බුද්ධිමත්ව කටයුතු කරන්න.


● වෘෂභ
විවාහස්ථානය වන 7 වැන්නට කුජ පැමිණේ.
රුචක යෝග බලයද කේන්දරස්ථානයක පිහිටිමෙන් යෙදෙන බැවින් සුභ තත්වයක් අපේක්ෂිතය. අධ්‍යාපන කටයුතු වලට බොහෝ සුබයි. තරඟ වලින් ජයග්‍රහණ හිමිි වේ.
පවුලේ අය සමග කරන කටයුතු වලදි, ප්‍රේම සබදතා වලදි ඉවසිලිවන්ත විය යුතුය. බුද්ධියෙන් කටයුතු කරන්න.


● මිථුන
රෝගස්ථානය වන 6 වැන්නට කුජ පැමිණේ.
රෝගස්ථානය වුවද නරක ස්ථානයක පාප ග්‍රහයන් යෙදීමද සුබ තත්වයක් ලෙස කිව හැක. කරන කටයුතු විශේෂ වශයෙන් බුද්ධිමත් වුවොත් අන් අයගේ උදව් උපකාර විශේෂ වශයෙන් ලබාගත හැකි කාලයකි. සතුරු කරදරද යම් තරමකට හෝ යෙදීමද, සතුරන් පරාජය හෝ තම මතයට නම්මවා ගැනිමට හැකියාව ඇත.  ව්‍යාපාර කටයුතු දියුනු කරගැනිමේ වාසනාව පවති.


● කටක
විද්‍යාස්ථානය වන 5 වැන්නට කුජ පැමිණේ.
කුජගේ බලය, කටක ලග්න හිමියන්ට විශේෂයෙන් වැදගත් බැවින් සුබ කාලයකි. අධ්‍යාපන කටයුතු වලට වඩාත් යහපත් කාලයකි. ඔබගේ හැකියාවට නිසි පිලිගැනිම ලැබෙන කාලයකි. ජයග්‍රහණ ලැබෙන කාලයකි. මෙම සුබ තත්වයන් සමග හදිසි අනතුරු වලින්ද ප්‍රවේශම් වන්න.


● සිංහ
දේපල, මව් ගැන කියවෙන 4 වැන්නට කුජ පැමිණේ.
රුචක යෝගයේ බලයද ඇතිවන නිසා සුභදායකයි. විශේෂ වශයෙන් භූමිය සම්බන්ධ වාසනාව ලැබෙන කාලයකි. දේපල වාසනාවද පවති. මැණික්, මිනිරන් ව්‍යාපාර කටයුතු වලට විශේෂයෙන් සුබයි.
පවුලේ සමගිය වෙනුවෙන් ඇප කැපවි කටයුතු කල යුතු කාලයකි. විශේෂ වශයෙන් අනවශ්‍ය ලෙස මත ගැටුම් ඇති නොකරගෙන බුද්ධියෙන් කටයුතු කරන්න.


● කන්‍යා
වික්‍රමස්ථානය වන 3 වැන්නට කුජ පැමිණේ.
ගෝචරයෙ තිබෙන අපලදායක තත්වයන් දුරුවන්නට හේතුවන ග්‍රහමාරුවකි. රැකියාවේ දියුණුව, උසස්වීම් ලැබීම්ද, ව්‍යාපාර ආදියේ දියුණුවද අපේක්ෂිතයි. සමාජයේ හොඳ නම පැතිරෙන කාලයකි. දේශපාලකයන්ටද සුබයි. සිතට අභිමානය ලැබෙන කාලයක් නිසා, කරන කටයුතු නිසි ලෙස බුද්ධියට අනුව වැඩ කටයුතු කරන සුබ තත්වයන් වර්ධනය කරගන්න.


● තුලා
ධනස්ථානය වන 2 වැන්නට කුජ පැමිණේ.
ආර්ථික වාසි ලැබෙන කාලයකි. හදිසි ධනලාභ වාසනාවද පවති. ඉතිරි කිරිමේ හැකියාව ලැබෙන කාලයකි. එම මුදල් නිසි ලෙස කළමනාකරණයටද යොමුවිය යුතු කාලයකි.
පවුලේ සමගිය, යුග දිවියේ සමගිය වෙනුවෙන් ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න.


● වෘශ්චික
ලග්නය වන 1 වැන්නට කුජ පැමිණේ.
 ලග්නාධිපති කුජගේ පැමිණීම රුචක යෝග බලය ගෙන දෙයි. සමාජ සේවා ධූරයන්, උපදේශන කටයුතු යනාදි වෘත්තින් කරන අයට විශේෂයෙන් සුබයි. ව්‍යාපාර කටයුතු වලටද සුබයි.
ගෙදර දොර ජිවිතය ගැන වැඩි අවධානයක් ලබාදිය යුතු කාලයි. සමගිය වෙනුවෙන් ඉවසිමෙන් කටයුතු කල යුතු කාලයකි.


● ධනු
වැයස්ථානය වන 12 වැන්නට කුජ පැමිණේ.
කුජගේ මේ පැමිණිම පොදුවේ අයහපත්ය. පවතින ඒරාෂ්ටක තත්වයද අනුව විශේෂ වශයෙන් ගිවිසුම් අත්සන් කිරීම් යනාදියෙදි පරිස්සම් විය යුතුයි. වංචාකාරින්ගෙන් ප්‍රවේසම් වන්න. සියලුම කටයුතු වලදි බුද්ධිමත්ව කටයුතු කරන්නට තරයේ සිතට ගන්න.
ජන්ම පත්‍රය පවුලේ ජ්‍යොතිර්වේදියා ලවා පරික්ෂා කරගෙන, ගතවන ගෝචරය, මහ දසා යනාදියේ අපල තත්වයන්ද පවති නම් නිසි ප්‍රතිකර්ම/පින්කම් කිරිම වඩා යහපත්.


● මකර
අයස්ථානය වන 11 වැන්නට කුජ පැමිණේ.
ඉතා ශුභ ග්‍රහ මාරුවකි. සිතට සැනසීම ලැබෙන කාලයකි. ආර්ථික වාසි සැලසේ. මෙතෙක් කල් කරගැනිමට නොහැකිව තිබුනු කටයුතු ආදිය සාර්ථක කරගැනිමේ වාසනාව පවතින කාලයකි. මනා බුද්ධියෙන් කරන කටයුතු වලින් ජයග්‍රහණ ලැබෙන කාලයකි.
හදිසි අනතුරු, ලෙඩ රෝග තත්වයන්ද අත්විය හැකි බැවින් අවධානමත් වන්න.



● කුම්භ
රැකියාස්ථානය වන 10 වැන්නට කුජ පැමිණේ.
ශුභදායකයි. නව රැකියා අවස්ථා ලැබෙන කාලයකි. රුචක යෝග බලයද සහිතව කුජගේ දිග් බලයද නිසා බොහෝ සුභපල අපේක්ෂිතයි. රැකියාවේ දියුණුවද ඇතිවිය හැක. කරන කටයුතු සාර්ථක වන කාලයකි. මේ සියලු සුබ තත්වයන් සමග ඔබට ඉරිසියා කරන යම් පාර්ශව වලින් බාධක ගෙන ඒමටද හේතු ඇතිවිය හැක, ඒ තත්වයන් බුද්ධියෙන් කළමනාකරණය කරගන්න.


● මීන
පුණ්‍යස්ථානය වන 9 වැන්නට කුජ පැමිණේ.
ශුභයි. සිතට සතුට, සැනසීම ඇතිවන කාලයකි. ජයග්‍රහණ ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතයට සුබයි. එසේම විවාහ කටයුතු වලටද සුභ කාලයකි. ප්‍රේම සබදතාවයන් ස්ථිර වීමද වැඩිහිටියන්ගේ ආශිර්වාද ලැබීමද මේ කාලයේ සිදුවන්නට හැකියාව ඇත.
සෞඛ්‍ය තත්වයේ අජීර්ණ තත්වයන් වලින් ප්‍රවේසම් වන්න.


#ඉරු #කුජමාරුව #කුජ #අඟහරු

කුජ 7
https://www.youtube.com/watch?v=E-0XeyUYX4Y

* කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව
* නාමකරණය (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
 සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
irusewaya@gmail.com.
0711 345 364

Friday, February 19, 2016

“ පත්තිනි දේව මෑණියන් “



ස්වකීය පතිවෘතතාවයේ බලයෙන් බොහෝ හාස්කම් පෑ මෙතුමිය විශේෂ වශයෙන් ප්‍රසිද්ධව ඇත්තේ ගැහැණු දරුවන් රකින දේවතාවියක් ලෙසයි.

එය සත්‍යයක් වන අතර, මෙතුමියගේ පිහිටාරක්ෂාව සෑමදෙනාටම ලබාගැනීමට හැකියාව ඇත.

මතු බුද්ධත්වය පතන මෙතුමියගේ බුදු වන ආත්ම භවයෙදි, එනම් එම ශාසනයෙදි විශේෂ වශයෙන් ලොව ප්‍රසිද්ධ එක් ආගමක බොහෝමයක් නිවන් සාක්ෂාත් කරගන්නට හේතු වාසනා ඇති කරගනී.
ලංකාවේද වෙනත් නම් වලින් ඇති දේවස්ථාන වලද සැබෑවට වන්දනාව කරන්නේ මෙම දේව මෑණියන්ටය.

නාග පත්තිනි, මල් පත්තිනි යනාදි ලෙස දේව මෑණිවරුන්ගෙන් පත්තිනි මණ්ඩලය සමන්විත වෙයි.

- සීලය රැකගෙන, ප්‍රතිපත්තිය මත ජිවත්වන අතර කරන කුසලකර්ම පත්තිනි දේව මෑණියන්ට, පත්තිනි දේව මණ්ඩලයට අනුමෝදන් කරන්න.

ඔබටද ආශිර්වාද ලබාගත හැක !

#ඉරුසේවය

Tuesday, February 16, 2016

දරුසම්පත් ජීවිතයෙන් ඈත් කරන යෝග ගැන දන්නවාද ?

විවාහ දිවියට එළඹෙන සියලුම දෙනාගේ ඊලග බලාපොරොත්තුව වනුයේ, දරු සුරතල් බැලීමයි.

නමුත් අද කාලයේ තරුණ-තරුණියන්ගේ ජන්ම පත්‍ර බැලූකල, කේන්දරයේ ඇති ග්‍රහ පිහිටිම් දරු සම්පත් වලට ප්‍රබල බාධාවක් බව පෙනෙන්ට තිබේ.

සාමාන්‍ය ලෙස අප ජ්‍යොතිෂ්‍යයේදී 5 වැන්න පුත්‍රස්ථානය ලෙස හඳුන්වමු.
* එසේ නම් යහපත් පින්වත් දූ කුමාරියක් හෝ පුත් කුමරෙක් ලැබීමට,

• කේන්දරයේ 5 වැන්නේ සිටින ග්‍රහයා,
• 5 වැන්නට ලැබෙන ග්‍රහ දෘෂ්ඨි,
• 5 වැන්නාධිපතියා ලැබෙන ස්ථානයේ බල තත්වය,
• 5 වැන්නාධිපතියා උපතේදි නවාංශකයේ සිටින ආකාරය,
• විවාහ වී දරු සම්පත් බලාපොරොත්තු වෙන අවස්ථාවේදී, එම කාලයේදි ඔබ ගත කරන, මහ දසා, අතුරු දසා, විදසා සහ
• ග්‍රහ ගෝචරය
පොදුවේ මේවාට බෙහෙවින්ම බලපෑමක් ඇති කරන බව පෙනීයයි.

● එසේම යම්කිසි කෙනෙකුගේ 5 වැන්නේ කුජ/අඟහරු සිටිම දරුඵල වලට හානිකර බව ජ්‍යොතිෂ්‍යෙය් දැක්වේ.

● එසේම පුත්‍රකාරක ගුරු/බ්‍රහස්පතී ග්‍රහයා දුර්වල වීම එම තත්වය තීව්ර කරයි.
විශේෂයෙන්ම එවන් තත්වක් තිබියදී, පලමුව පිරිමි දරුවෙක් උප්පත්තිය ලැබීමේදි එම පවුලට සෑහෙන කරදර බාධක ඇතිවෙයි.
එසේම එවිට අප එම යුවලට උපදෙස් දෙනුයේ, ප්‍රථමයෙන් ගැහැණු දරුවෙක් ලබාගැනීමට ඇති ජ්‍යොතිෂ්‍යය පදනම ගැන දැනුවත් කිරීමෙනි.
එසේම ඉහත කේන්දරය මැනවින් පරික්ෂා කිරිමේදි පෙනී යන කරුණු රාශියක්ම වෙයි.
ඒ ගැන මා මේ කරන විග්‍රහයට මනාව අවධානය යොමු කරන්න.

● මෙම කේන්දරයේ 5 වැන්න වූ පුත්‍රස්ථානයේ ශනි-රාහුගේ පිහිටිම නිසා, එම ස්ථානය පාප බලයන්ගෙන් සන්නද්ධව ඇත.

● තිර රාශියක් වන වෘශ්චික රාශියට 9 වැන්න බාධක ස්ථාන යයි.
එම බාධක ග්‍රහයා, වන සදුගෙන් සහ කේතුගෙන් පාප දෘෂ්ඨි එල්ල වීම නිසා 5 වැන්න පීඩාවී ඇත.

● එසේම පුත්‍රකාරක වන ගුරු ග්‍රහයා, කේතු හිමි මා නැකතේ වීමද 5 වැන්නේ සිටින සෙනසුරු සහ රාහු මෙම කේන්දරයට අනුව 22වන දෙර්කාණාධිපතියා මෙන්ම අෂ්ඨමාධාපති බුදහුගේ නක්ෂත්‍රයක පිහිටිමත් සෙනසුරු ග්‍රහයා සදුගෙන් 8 වැන්නාධිපතියා වීමද ප්‍රබල දෝෂ තත්වයකි.
( ග්‍රහ පිහිටිම පමණක් දැනුවත් කර ඇත්තේ, තේරුම් ගැනීමේ පහසුවටය. සූක්ෂමව බැලිය යුත්තකි.)
එවිට අපිට පෙනී යන්නේ, මෙවැනි පාප පීඩිත හඳහනකින් දරුඵල බලාපොරොත්තු වීම ඉතාම දුෂ්කර දෙයක් බවයි.

* මෙම දෝෂ භංග වීමට නම් වාසනාවන්ත හඳහනක් ඇති අයෙක් සමග විවාහ වීම කල යුතුය.
* එසේම අද කාලයේ විවාහ නැකැත් පන්තිය, මනාව වැඩකටයුතු කරන ජ්‍යොතිෂ්‍යය වේදියෙක් ලවා ඉටු කරවා ගැනීමට කටයුතු කල යුතුය.

- එම තත්වයන් නිසාද මෙම දරුඵල සම්බන්ධවත්, විවාහ ජිවිතයේ චිරස්ථිතිය සහ දියුණුව සම්බන්ධවත් ගැටළු පැන නොනගින්නට විවාහ ජිවිතය ගත කරන දෙදෙනාම කටයුතු කල යුතුය.
එසේ නම් බුද්ධිමත් ඔබලා මේ සම්බන්ධව තීරණයක් ගනු ඇතැයි. එසේම ඉදිරියේදි මේ ගැන කටයුතු වලදි තීරණ ගනු ඇතැයි අපගේ විශ්වාසයයි.

- මේ ගැන තව දැනුම ගැනීමට අපගේ “රට-ජාතිය“ ගැන ඇල්බමය බලන්න.

‪#‎ඉරුසේවය‬ Iru Astrology

‪#‎විවාහය‬ ‪#‎දරුවන්‬ ‪#‎ජිවිතය‬ ‪#‎දරුසම්පත්‬ ‪#‎ලංකාව‬

* කේන්දරයේ සම්පූර්ණ විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
irusewaya@gmail.com
0711 345 364

Monday, February 15, 2016


“ හොඳ කරන්න...
යහපත ඔබ වෙත පැමිණේවි... “
අදම නොවුනත්... නිසැකවම පැමිණේවි..

Sunday, February 14, 2016

“ මහ දෙවි පවුල “

#‎ශිව‬ දෙවිඳු, ‪#‎පාර්වතී‬ මෑණියන්, ‪#‎ගනේෂ්වර‬ දෙවියන් සහ ‪#‎කතරගම‬ දෙවියන්.

- දෙවියන්ගේ ආශිර්වාද ලබාගැනීමට කල යුත්තේ, සීලය රැකගෙන ප්‍රතිපත්තියට අනුව කටයුතු කිරීමත්, නිවරදිව පින්කම් කර ඒවායේ පින් දෙවියන්ට අනුමෝදන් කිරීමත්ය.
( පූජා වට්ටිය ලොකු වූවා කියා දෙවියන්ගේ ආශිර්වාද නොලැබෙන බව මතක තබාගන්න)

‪#‎ඉරු‬ - Iru Astrology

Friday, February 12, 2016

“ සබඳතා - ඔබ සහ සැලකිල්ල “

ඔබගේ  සම්බන්ධතා ඔබ පවත්වාගෙන යන්නෙ කෙසේද ?

මෙම සබඳතා වලදී මූලිකව, ආදරය, ප්‍රේමය සම්බන්ධ ඒවා පවුලේ අය, මිතුරන්-හිතවතුන් සහ අනිකුත් සියලු ගණයේ සබදතා අදාල වෙයි.

සබඳතාවයක් පවත්වාගෙන යායුත්තේ එයට නිසි ගරුත්වය සහ අවධානය-සැලකිල්ල ලබාදෙමිනි.
එය විශේෂ වශයෙන් ප්‍රේමය හා බැඳුනු සබඳතා වලදී අතිශයින් වැදගත් වනු ඇත.

● ඔබ, ඔබගේ ප්‍රේම සබදතාවයට නිසි අවධානය නොදීමට පටන් ගත්තොත්, ප්‍රේමය කරන තැනැත්තා/තැනැත්තියව බැරෑරුම් ආකාරයෙන් නොසිතුවොත්, එම සබදතාවය මිය යාම පටන් ගන්නේ එතනිනි.
එය සමහරවිට නවතින්නෙ තව කාලයකට පසුව වුවද දිනෙන් දින එය මිය යනු ඇත. ටිකෙන් ටික සිදුවන නිසා ප්‍රේමය සම්පූර්ණ මරණයට පත්වන තුරු ඔබට එතරම් නොදැනෙනු ඇත.
මුලදී පැවති ආදරය, ක්‍රමිකව වියැකෙනු ඇත. වෙනත් අයට ලංවීමටද ප්‍රේමය කඩාකප්පල් වීමටද මූලිකව හේතු වන්නේ මෙම නිසි අවධානය ලබා නොදීමේ ගැටළුව නිසාය. 

● යම් ලෙසකින් ඔබ, ප්‍රේමයට ලබාදිය යුතු අවධානය අඩු කරන්නේ නම් එය ප්‍රේම කරන කෙනාට යම් තරමකට දැනෙන්ට පටන් ගනු ඇත. එයම අවසානයේ ආරම්භය වන්නට ඉඩ ඇත.
ඔබ කරන රැකියාව මහන්සියෙන් කල යුතු බව සැබෑය.
නමුත් වැඩියෙන් වැඩ කරන්නට යෑම ආර්ථික පැත්තෙන් හොඳ වුවද සබදතාවය දුරස් විමට හේතු විය හැක. එනිසා ලග සිටින වෙලාවෙ මෙන්ම දුරින් සිටින වෙලාවේද ඔබට අවශ්‍ය විවේකය නිදහස බුක්ති විඳින අතරම ප්‍රේමය වෙනුවෙන් කැපවන්න.
මක්නිසාද යත් මුදල් තව ඉපයීය හැක. එය කවදා කෙසේ හෝ විය හැක. ප්‍රේමයක් නැති වුවොත් එය නැවත ලැබීමේ ප්‍රවණතාවය  අඩුය.

● තමන් සමග සිටින සියලුදෙනාට, මේ වෙලාවේ තමන් සමග සිටින සියලු දෙනාට ඉතා සැලකිල්ලක් දැක්විය යුත්තේ එබැවිනි. එනම් මේ මොහොතේ ඔවුන් ගැන සැලකිලිමත් වන්න. කල හැකි සියලු දේ කරන්න. එවිට පසුවට දුක් වීමට හේතු අවම වනු ඇත.

● මේ කාරණය ආදර-ප්‍රේමයට අදාලව පමණක් නොව පවුලේ අය සමග සම්බන්ධයටද අදාලය.
අප අත්දැක ඇති බොහෝ අවස්ථා වල රැවටිල්ලට හසුවන දරුවන්, වැරදීම් වලට ලක්වෙන දරුවන්ගේ තම පවුල සමග තිබෙන සම්බන්ධතාවය දුර්වලය.
ඔවුන්ගේ ආර්ථිකය දියුණු තත්වයක වන්නට ඇත.
* එහෙත් තමන්ගේ අම්මට, තාත්තාට දෙයක් කියන්නට ඔවුන් බියක් දක්වයි. නැත්නම් කැමති නැත.
ඔවුන්ට නොදන්නා කරුණ නම් දෙමාපියන් ඒ වයස පසුකර පැමිණ ජිවිතයේ බොහෝ අත්දැකීම් ඇති අය බවයි. දෙමාපියන් තම දරුවන්ට වරදක් කරන්නට සිතන්නේද නැත. එනිසා ප්‍රශ්නයක් ඇසුවොත් ලබාදිය හැකි හොදම පිලිතුර දෙනවා නොඅනුමානය.

 තමන් සමග සිටින සියලුදෙනාට හොදින් සලකන්න. ගරුත්වය දෙන්න. ප්‍රේමය නිසි ලෙස රැකගන්න. තම ගරුත්වය රැකගන්න. දෙමාපියන්ට, පවුලේ අයට සලකන්න. සතුටින් ඉන්න.
ජීවිතය යහපත්ව ගත කරන්න !

Tuesday, February 9, 2016

මින ලග්නය

{ පොත් පත් වලින් අටවා දමන කරුණු නොව අපගේ පර්යේෂණ වලින් සාක්ෂාත් කරගත් කරුණුය }

* ලග්න 12 පොදු විස්තර ඇල්බමය
(https://www.facebook.com/media/set/?set=a.1163510676999343.1073741846.833656709984743&type=3)

ලග්න රාශි වළල්ලේ 12වෙනියට හෙවත් අවසානයට වැටෙන රාශිය මීන රාශියයි.
උඩු අතට සහ යටි අතට මාළුවන්ගේ වරල් ගසා පිහිනන මාළුවන් 2කුගේ හැඩය ලැබෙන නිසා මීන ලග්නය නමින් හඳුන්වයි.
මීන රාශිය ගුරුට අයත් වන රාත්‍රි බල රාශියකි. මීන ලග්නය උභය රාශියකි.
මීන රාශියේ සූර්යයා ගමන් කරන්නේ සාමාන්‍යයෙන් මාර්තු 15 වන දින සිට අප්‍රේල් 14 වනතෙක් දින 30කි. මීන රාශියේ සඳු ගමන් කරන විට නැකැත් 3ක් හමුවේ. පුවපුටුප, උත්‍රපුටුප සහ රේවතී නැකැත්ය.

- මෙම සියලු කරුණු තම කේන්දර සටහන අනුව වෙනස් විය හැක.

●  ස්වභාවයෙන්ම අනුකම්පාසහගත, සංවේදි  සිතිවිලි ඇති අයවලුන් වෙති.
ඕනෑම මීන ලග්න කරුවෙකු කෙරෙන් මේ තත්ව ගම්‍ය වේ.
එසේම මීන ලග්නයෙන් උපන් අය අවිහිංසාව සහ අනුකම්පාව, කරුණාව, දයාව උප්පත්ති උරුමයන් කොට උපත ලැබූවන් වේ. එසේම මේ අය ගසකින් කොළයක් පවා කැඩීමට අකමැතිය.

● ගැඹුරු දේ සෙවීමේ සහ ඉගෙන ගැනීමේ මහත් ආශාවක් දක්වයි. විශේෂයෙන්ම ගුප්ත ශාස්ත්‍රිය කටයුතු වලටත්, ජ්‍යොතිර්වේදය ඉගෙන ගැනීමටත් මොවුන් සමර්ථකම් දක්වයි. අනාගතය, වර්තමානය, අතීතය තුන්කල් දකින සංකලනය කරන ඒ සම්බන්ධව අනුමානය කරන නුවණක් මොවුන් සතුය.
* විශේෂ වශයෙන් මීන ලග්නයේ පිරිමි අය සේම ගැහැණු අයද ඉතාම කරුණාවන්තය. මීන ලග්නකරුවාගෙන් ඉවසිලිවන්ත භාවය මනාව ප්‍රකට වේ.
අප රටේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මීන ලග්නයෙන් උපන් කෙනෙකි.

●  මීන ලග්නකරුවන්ට බොහෝදුරට ගැලපෙන්නේ නාවුක, ගුවන් කටයුතු, සන්නිවේදන අංශ, ගුරු වෘත්තිය, උපදේශකයින්, බැංකු ක්ෂෙත්‍රය ආදි රැකියාය. මෙම ක්ෂෙත්‍ර වල රැකියා කිරිම ඔවුන්ට ආර්ථික සමාජිය සහ අනිකුත් වාසි සැලසෙන අතර, නාවික හමුදාව සහ ගුවන් හමුදාවද ගැලපේ. ජලය ආශ්‍රිතව කරන රැකියා, ආහාර පාන ගැලපේ. අප උදාහරණයකට ගත්තොත් මීන ලග්නයේ සිකුරු උච්චව බලවත්ව සිටි නම් කලා ක්ෂෙත්‍රය තුලද ඔවුන් කිසිදා නොමැකෙන සටහන් තබයි.
* ව්‍යාපාරික කටයුතු වලින් ඉහලට එනවා නම්, ජලය ආශ්‍රිත රැකියා, ආහාර පාන, මුහුදු ගමන් ආශ්‍රිත රැකියා, ආනයන අපනයන, කාන්තාවන්ට අවශ්‍ය දෑ නිපදවීම සහ අලෙවිය මේ ආදි ව්‍යාපාර කටයුතු මීන ලග්න අයට මනාව ගැලපේ.
** වියත් පණ්ඩිත අතිපූජ්‍ය මහා සංඝරත්නයේ යතිවරයන් වහන්සේලාද මීන ලග්නය සම්භව බොහෝවිට උපත ලබා ඇති බව පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යය කටයුතු වලදි අපට හමුවී ඇත.


● මීන ලග්න කරුවාගේ ආදර-ප්‍රේමය සහ විවාහය ගැන සැලකීමේදී, ස්වභාවයෙන්ම අහිංසක සහ අනුකම්පාසහගත හදවතක් මින ලග්න හිමියන් බලාපොරොත්තු වන්නේද ගුණ යහපත්කමෙන් අගතැන්පත් ස්වාමියෙක් හෝ බිරිදක්ය. මීන ලග්න හිමියන්, තම ස්වාමියාට හෝ බිරිදට ඉතාම යහපත්ව සලකයි. තම සහකරුට, සහකාරියට ඉතාම ප්‍රිය වචනයෙන් කතා කරන අතර, ඔවුන් බලාපොරොත්තු වන්නේද එවැනිම සංකලනයක් ඇති අයයි.
* ආදරය සහ ප්‍රේමයෙදි බොහෝ සංවේදී චරිතයක් වන මොවුන්, ඉතාම මධ්‍යස්ථ මානසික තත්වයකින් හැසිරිය යුතුයි. මන්ද යම් ගැටළුවක් ප්‍රශ්නයක් ඇතිවුවොත් ඒවා විඳදරා ගැනිමේ මානසික ශක්තියද මොවුන් තුල ඇත්තේ ඉතාම අල්පවය.
- විවාහ ජිවිතය බොහෝවිට සාර්ථක විවාහ ජිවිතයක් ඇතිවන අතර, අඟහරු/කුජ, සෙනසුරු/ශනි කේතු, යන ග්‍රහයන් මේ ලග්න හිමි අයට බාධා නොකලේ නම් ඉතාම සාර්ථක සහ සුන්දර විවාහ ජිවිතයක් මේ අයට හිමි වෙයි.
* මීන ලග්න කරුවන්ට විවාහයට ඉතාම ශුභ ලග්නය කන්‍යා ලග්නයයි (මෙය පොදු කරුණක් පමණි)

● මීන ලග්නකරුවන් බොහෝවිට දීර්ඝායුෂ විඳින බව අපගේ පර්යේෂණාත්මක කටයුතු වලදි හෙලිවි ඇත.
8 වැන්නාධිපති සිකුරු සහ 7 වැන්නාධිපති බුධ පාප පීඩිත නොවි සිටින විට  ලග්නාධිපති ගුරු ග්‍රහයා කේන්දරස්ථානයක හෝ ලග්නයේ බලවත්ව ශුභ දෘෂ්ටි ලබයි නම් අවු 80 ඉක්මවා ආයුෂ වින්දනය කරන බව අපට පෙනී ඇත.

● සෞඛ්‍ය තත්වයේ, මොවුන්ට විශේෂයෙන්ම සෙම් ආශ්‍රිත රෝග, ඇඟ පත වේදනා, කකුල් වල වේදනා යනාදිය විශේෂයෙන්ම දක්නට ලැබෙන රෝග හෝ එවන් දෑ වෙයි.

_ දුර්වලතා _

* ඕනෑවට වඩා අනුකම්පාව සහ ස්නේහවන්ත ගතිය අවාසියක් වනු ඇත.
* විශේෂයෙන්ම අන් අයගේ දුක තමාගේ සැපතට හරවා ගැනීමට බලයි.
* අන් අය පමණට වඩා විශ්වාස කරයි. නැති ලෙඩදුක් ගැන බය වේ, දුක්වේ.


● ශුභ දින - සදුදා, අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනයි.

● ශුභ වර්ණ - රතු, කහ සහ තැඹිලි වර්ණයි.

●  ශුභ අංක - 1,2,3,9


Youtube _ https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA

#ඉරු #හඳහන #කේන්දර #පලාපල #ජිවිතය #ලංකාව #ලග්න #අනාවැකි

* කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව
* නාමකරණය (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
 සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
irusewaya@gmail.com.
0711 345 364

සතියේ ලග්න පලාපලය - පෙබ. 8 සිට

● මේෂ
ඉතාම හොද සතියක්.
ආර්ථිකය ඉතාම ඉහල තත්වයක පවති. අලුත් ආදායම් මාර්ග ලැබෙනවා.
ගෘහ ජිවිතය තුල සමගිය සමාදානය රැකෙනවා, එය වැඩි දියුණු වෙනවා. නිවසින් බැහැර වීමට අවස්ථාව ලැබෙනවා එම අවස්ථා ආර්ථික කටයුතු දියුණු කිරිමට විය හැකියි.
සෙම් අමාරු සහ දණිස් වල යම් අමාරු ඇතිවිමට පුලුවන්. අවධානයෙන් කටයුතු කරන්න.


● වෘෂභ
ඉතාම හොඳ සතියක්.
වැඩිහිටියන්ගෙන් ආධාර උපකාර ලැබෙනවා, ඔබේ දියුණුවට. අලුත් ආදායම් මාර්ග ලැබෙනවා, ඒවා දියුණු කරගැනිමේ වාසනාවද ලැබෙනවා.
ගෘහ ජිවිතයම ඉතාම ප්‍රීතිමත්ව ගතවෙන මේ සතියෙදි වැඩිහිටියන් සමග ගමන් බිමන් යෑමට අවස්ථාව ලැබෙනවා. එසේම කරන කියන කටයුතු වල දියුණුවක් ලැබෙනවා.
සෞඛ්‍ය තත්වය හොදින් පවතිනවා. නිදන්ගත රෝග ඇති අය ආරක්ෂා වන්න.


● මිථුන
සමඵලයි.
සතියේ මුල් දවස් 2දි යම් ආර්ථික පාඩු ඇති උනත්, සතිය මැදදි ඒවා යථා තත්වයට පත් වෙනවා. කරන කියන කටයුතු වලට වැඩිහිටියන්ගේ උදව් සහ ආශිර්වාදයන් සතිය මැදදි ලැබෙනවා.
ගෘහ ජිවිතය තුල යම් ආරවුල් ඇතිවිය හැකියි, සතිය මැදදි ඒවා සමාදානයට පත් වෙනවා. නෑදෑ හිතවතුන්ගේ සමාගමය මේ සතියෙදි නියමයි. අලුත් ඥාති හිතවත්කම් ගොඩ නැගෙනවා.
සෙම් අමාරු සහ ජලයෙන් බෝවන රෝග වලින් ආරක්ෂා වන්න.


● කටක
මේ සතිය ශුභාශුභ මිශ්‍රපලයි.
සතියේ මුල් දින 2 ඔබට ඉතාම හොදයි. හවුල් ව්‍යාපාර කරන අයට සහ වෙලහෙලදාම් කරන අයටත් වාසි සහගත තත්වයක් උදා වෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනවා. අවිවාහක අයට මංගල යෝග උදා වෙනවා. අඹුසැමි සබදතා ඉතා හොද තත්වයක පැවතුනත් සතිය මැදදි යම් ගැටළු ඇතිවිය හැකියි, ආරක්ෂා වන්න. වැඩිහිටියන් සහ දුවාදරුවන් සමග ප්‍රීතියෙන් සිටින මේ සතිය ඔබට හොදයි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. උෂ්ණාධික රෝග, අක්ෂි රෝග, සෙම් රෝග, ඇඟපත අමාරු ආදිය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න.


● සිංහ
එතරම් ප්‍රතිඵලදායක සතියක් නොවේ.
ආර්ථික වාසි ඇතිවිම කඩාකප්පල් වී යයි. එසේම කලින් යොදාගෙන තිබු වැඩකටයුතු අඩාල වීම නිසා සිතේ සහනයද අඩුවි යයි. තමාට දෙන්ට තිබු ණය මුදල් නොලැබෙන මේ සතියෙදි තමා ණය වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය මේ කාලය තුලදි ඉවසීමෙන් කටයුතු කල යුතුය. ඔබ මෙම සතියෙදි සහෝදරයන්ට සහ මවට දෝෂාරෝපණ එල්ල කිරිමට ඉඩ ඇත. එසේම ඔවුන් සමග මුදල් ගනුදෙනු නොකිරිම ඇඟට ගුණය. එසේ කලොත් ඔවුන් ඔබගෙන් නිස්කාරණයේ බැනුම් ඇසිමට ඉඩ ඇත. සතිය අගදි ඔබට විශේෂ වරප්‍රසාද ලැබෙන හෙයින් ඔබ මේ සතිය තුලදි මනා සංයමයෙන් සහ ඉවසීමකින් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ තිබෙන අසනීප වැඩිවිය හැකියි, සෙම් රෝග, අම්ලා අජීර්ණ රෝග, රහස් ලෙඩ යනාදිය.
මේවායින් ආරක්ෂා වන්න.


● කන්‍යා
සමඵලයි.
සතිය ආරම්භය ප්‍රබෝධමත්, ඒ තිබු මානසික ප්‍රබෝධය සතිය මැදට යන්ට යන්ට අඩු වෙනවා. ආර්ථික තත්වයට හානි වන්නේ ඔබගේ කටයුතු වලට ලගින් සිටිය අය ඔබව අත්හැරිම හෝ විශ්වාසය බිඳීම නිසා ඔබගේ  කටයුතු වලින් ඔවුන් ඈතට යාමට පුලුවන්. බුද්ධිමත්ව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල යම් විචල්‍ය තත්වයක් ඇතිවිමට පුලුවන්. එම කටයුතු වල බාධක ඔබට එල්ලවිමට පුලුවන්. එනිසා ඒවායින් ආරක්ෂා වීම ඔබට වැදගත් වනු ඇති.
සෞඛ්‍ය තත්වය තරමකට අයහපත්. ඔබ පවතින ලෙඩ රෝග සහ බෝවන ලෙඩ රෝග වලින්ද ආරක්ෂා විය යුතුයි.


● තුලා
සාමාන්‍ය සතියකි.
සතියේ මුල් දින කීපය ඔබට ඉතාම හොදයි. ආර්ථික වාසි සැලසේ, මුදල් යොදවා කරන කටයුතු වලින් ලාභ ප්‍ර
යෝජන ලැබෙනවා. නව ව්‍යාපාර ඇරඹීමට හැක.
ගෘහ ජිවිතය තුල සතුට ලැබෙනවා. දුවාදරුවන් සමග බිරිද සමග සැමියා සමග සතුටින් සිටිමට හැකියාව ලැබෙනවා. අලුත් නෑදෑ හිතමිතුරුකම් ලැබෙනවා.
සෞඛ්‍ය තත්වය අයහපත් නැහැ. පපුවේ සෙම් රෝග ඇති අය, හිස කැක්කුම් ඇති අය පරිස්සම් වන්න.



● වෘශ්චික
ඉතාම සුබ සතියක්.
ආර්ථික තත්වය ඉතාම යහපත් වනවා. තමාගේ පවුලේ හිතවතුන්, ඥාතින් ආර්ථිකයට මුදල් අතින් උදව් කරනවා. ව්‍යාපාර කටයුතු වලට යටිතල පහසුකම් ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම ශුභයි. නෑදෑ හිතමිතුරන් නිවසට පැමිණීම. අලුත් හිතමිතුරුකම් ඇතිවිම ඔබට මේ සතියෙදි සිදුවේ. මංගල යෝගද යෙදේ. දුරබැහැර ගමන් යෙදිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටලු නැ. හිස කැක්කුම්, පපුවේ සෙම යනාදියෙන් ආරක්ෂා වන්න.


● ධනු
ඉතාම ධන යෝග සතිය කාලයක්.
ඔබගේ උත්සහයෙන් මහන්සියෙන් සහ හැකියාවෙන් ප්‍රයෝජන ගැනිමට පුලුවන්. නව රැකියා අවස්ථා සහ ව්‍යාපාර ආයෝජන අවස්ථා ලැබෙනවා. විදේශ රැකියා කරන අයට දක්ෂතා අනුව වැටුප් වර්ධක හිමිවිය හැකියි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වෙනවා. ඔබටද අලුත් ඥාති මිතුරු සංගම් ඇතිවෙනවා. අවිවාහක අයට මංගල යෝග උදා වේ. සිත ප්‍රීතියෙන් පිරේ.
සෞඛ්‍ය තත්වයේ ඔබ සැලකිය යුත්තේ, ආරක්ෂා විය යුත්තේ සෙම් සහ ඇඟපත වේදනා වලින්ය.


● මකර
ඉතාම ශුභ බව කිව යුතුයි.
ආර්ථික වාසි සැලසෙන්නේ ඔබගේ ප්‍රියමනාප විලාශයටමයි. කතා විලාශයට, ඔබගේ රූප ශ්‍රීයට මේ සතියෙදි බොහෝ වාසි ලැබෙනවා. හවුල් ව්‍යාපාර, නව ව්‍යාපාර අවස්ථාවන් ලැබෙනවා. ඔබ බොහෝසෙයින්ම ඉහලට ඒමට මේ සතිය තුල හැකියාව ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතා ප්‍රීතිමත් වන මේ කාලයේ, අඹුසැමි ප්‍රේමය ඉතාම දළුලා වැඩෙනවා. ඔබ බිරිදට/ස්වාමියාට මේ සතියෙදි තෑගිබෝග අරන් දීමට සිත් පහල වෙනවා. ඒ අතර පෙම්වතුන්ගේ දිනයද පැමිණෙනවා. අඹුසැමි ප්‍රේමයට ඉතාම හොදයි.
ප්‍රබල ගැටළු නෑ, සෞඛ්‍ය තත්වයේ, සදු 1-2-3 හැසිරෙන නිසා සෙම් රෝග සැලකිලිමත් වන්න.



● කුම්භ
ඉතාම ශුභපලදායක සතියකි.
සතිය මුල් කොටසෙදි ආර්ථික තත්වයේ පොඩි පසුබෑමක් තිබුනද, සතිය මැදදී මේ තත්වයන් අවසන් වේ. එසේම ඔබට සියලු ආර්ථික තත්වයන් ඉෂ්ට සිද්ධ වෙනවා. ඔබට බොහෝ කටයුතු සාර්ථක වීමට මේ සතියෙදි වාසනාව තිබෙනවා.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාව ඉතාම හොදයි. අඹුසැමි ප්‍රේමය ඇති වෙනවා. දුවාදරුවන් සමග සතුටින් සිටිමට පුලුවන්. ඔබව කලකින් නොදුටු යාළුවෙක්, මිතුරෙක් ඔබව සොයාගෙන ඒමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය ඉතාම යහපත්. සෙම් රෝග වලින් ආරක්ෂා වන්න.


● මීන
මේ සතිය සාමාන්‍ය සතියකි.
ඔබගේ කටයුතු කිරිමට බාධක ඇති වෙනවා, සතිය මැදදී. ඒවායින් ආරක්ෂා විය යුතුයි. නැතිනම් ඔබට යම් ගැටළුවකට මුහුණ පෑමට සිදු වේවි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා. දුරබැහැර ගමන් බිමන් යෙදීමට පුලුවන්. එසේම කරන කියන කටයුතු වලට ගෙදරින් සහයෝගය නොලැබී යාමේ අවදානමක්ද පවතිනවා. බුද්ධියෙන් කටයුතු කරන්න.
සෙම් රෝග සහ ඇඟපත වේදනාව යනාදියෙන් පරිස්සම් වන්න.

_____

මැණික් පැලදීම
https://www.youtube.com/watch?v=4V2Y-unhhlk






Wednesday, February 3, 2016

විවාහය හා බැඳුනු ග්‍රහමය රහස් ! - 04



නිහැඬියාවකට පසු ඉරු සේවයේ පාඨක ජනතාව වෙත විවාහය සම්බන්ධව ඇති සංවේදි තත්ව, එනම් භෞතික සාධක සම්බන්ධව විග්‍රහයක් කිරිමට කල්පනා කලා.
කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමට, අප කටයුතු කරනවා.

විශේෂයෙන්ම විවාහයකදී බලන කරුණු කාරණා රාශියකි. කාන්තා පාර්ශවය විශේෂයෙන් පහත සඳහන් කරුණු ගැන සලකා බලයි.

01) තමාගේ සහකරු/සහකාරිය පෙනුම තියෙන කෙනෙක්ද ?
https://www.facebook.com/irusewaya/photos/a.1266788206671589.1073741851.833656709984743/1266788290004914/?type=

02) තම සහකරු/සහකාරිය උගත්, බුද්ධිමත් කෙනෙක්ද ?
https://www.facebook.com/irusewaya/photos/a.1266788206671589.1073741851.833656709984743/1270557076294702/?type=

03 තම සහකරු/සහකාරිය මානුෂීය ගතිගුණ වලින් හෙබී කෙනෙක්ද ?
https://www.facebook.com/irusewaya/photos/a.1266788206671589.1073741851.833656709984743/1275794702437606/?type=

04) තම සහකරු/සහකාරිය ධනවත්ද, වත්කම්/දේපල-යාන වාහන හිමි කෙනෙක්ද ?

ඒ අනුව තම විවාහ සහකරු/සහකාරිය ධනවත් කෙනෙක්ද ? දේපල, ඉඩකඩම්, යාන-වාහන හිමි අයෙක්ද යන්න දැන් බලමු.

ඔබට ලැබෙන සහකරු/සහකාරිය ආර්ථික වශයෙන් ඉහල තත්වයක කෙනෙක්ද ?

  ස්ත්‍රි-පුරුෂ කේන්දරයක අෂ්ටම භාවය හෙවත් 8 වැන්න, තමාගේ සහකරුවා හෝ සහකාරියගේ ධනස්ථානයයි. එසේම 7 වැන්නෙන් 2වැන්නයි.
ඔහුගේ හෝ ඇයගේ අයස්ථානය වනුයේ තමාගේ 5 වන ස්ථානයයි.
අෂ්ටමාධිපතියා/8 අධිපතියා සහ පූර්ව පුණ්‍යස්ථානය වූ 5 වැන්නාධිපතියා බලයෙන් යහපත් දෘෂ්ටි ලැබ සිටීමෙන් තමාගේ සහකරුවා හෝ සහකාරිය ධනවත් වීමේ ප්‍රබල ඉඟියකි.

  සහකරුවාගේ හෝ සහකාරියගේ ධනය, නිශ්චල චංචල දේපල සහ එහි අයිතිය, කතාවේ ශුභ මාධූර්යය බව සහ විවාහයෙන් පසු ඇති කරන සීග්‍රගාමි දියුණුව මේ සියලු කරුණු කාරණා පරික්ෂා කල යුත්තේ,
ස්ත්‍රි-පුරුෂ කේන්දරයක 8 වන භාවයෙන් බව ඔබට වැටහෙනවා නේද... ?

  එසේම යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ 7 වැන්නාධිපතියා අයස්ථාන/11 ගතවී සිටිම, එම අයස්ථානයට සුභ දෘෂ්ටි ලැබීම, 7 වැන්නාධිපතියා 10 වැන්නේ සිටිම, 10 වැන්න සහ 7 වැන්න පරිවර්ථන වී සිටිම විවාහ වන අවස්ථාව වන විට/විවාහ අපේක්ෂිත වයසෙදි බලවත් ගුරුගේ හෝ සිකුරුගේ මහ දසා ගතවීම, හදිසි ධනලාභ මෙන්ම පොහොසත් වන ග්‍රහ පිහිටිම්ය.

- විමසා බලන්න ඔබගේ ජන්ම පත්‍රයත් මෙවන් පිහිටිම් ඇත්දැයි කියා.... ඔබ වාසනාවන්තයි !

Monday, February 1, 2016

සූර්ය දිව්‍ය රාජයා

- දිනපතා හිරු දෙවියන්ට වන්දනා කරන අය, මුලින් ඊශ්වර දෙවියන්ට වන්දනා කර ඉන්පසුව හිරු දෙවියන්ට වන්දනා කිරිම යහපති.

‪#‎ඉරු‬