Saturday, January 30, 2016

හදිසියේ ඇතිවන කාම රැළි, ළමා අපචාර ආදියට හේතුවන කරුණු මොනවාද ?

ග්‍රහචාරය අනුව කුජ සහ සිකුරුගේ දුබල බවද, බුධගේ සංයෝගයන් යනාදියද ඇතුලත්ව රටේ ඇතිවුනු කැළඹිලි සහගත අපරාධ ගැන ජ්‍යොතිෂ්‍යමය විවරණයක්.
2015 සැප්තැම්බර් 01 වනදා ලංකා කේන්දරයේ ග්‍රහ ගෝචරය අනුව විග්‍රහයක් ඇතුලත්ව සකසා ඇත.

Friday, January 29, 2016

රාහු - කේතු මාරුව ලග්න 12ට - (2016 ජන.30 සිට වසර 1 මාස 6කට)



* මෙය පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.

මේෂ
රාහු 5 වැන්නටද, කේතු 11 වැන්නටද පැමිණේ.
ඉතාම ශුභයි.
හදිසි ධනලාභ, හදිසි ලොතරැයි වාසනා ආදිය ඇතිවිය හැකියි. පවුලේ ඉදිරියට ඉහලම තැනකට පැමිණීමට මේෂ ලග්න කරුවන්ට පුලුවන්. ඒරාෂ්ඨක තත්වයක් පැවතියද පොදුවේ යහපත් කාලයක් ලෙස රාහු-කේතු මාරුව සමග තත්වය සලකා බැලිය හැකියි.

● වෘෂභ
රාහු 4 වැන්නටද, කේතු 10 වැන්නටද පැමිණේ.
සමඵලයි.
නිවසින් බැහැරව සිටිමට ඔබට සිදු වෙනවා, සැහෙන කාලයක්. විදේශ රැකියා වලට උනන්දු වන අයට නම් මෙය සුභ පල සහිත කාලයකි. මේ හේතුව නිසා එම කටයුතුත් සීග්‍රගාමි වෙනවා. පවුලේ හිතවතුන් ඥාතින් සමග ඉතාම ප්‍රවේසමනේ කටයුතු කල යුතු කාලයකි මේ කාලය. එසේ නොවුනොත් ඔවුන් තමන් සමග අමනාප විමට පවා ඉඩ තියෙනවා. ඒ ගැන කල්පනාකාරිව සිටිය යුතුය.


● මිථුන
රාහු 3 වැන්නටද, කේතු 9 වැන්නටද පැමිණේ.
ඉතාම හොද කාලයකි.
ඔබටද විදේශ රැකියා ලැබෙනවා. කලක් තිස්සේ බලාගෙන සිටි දෙයක් ඔබට හිමි වෙනවා. එසේම හදිසි ධනලාභ, ලොතරැයි ලාභ ලැබෙනවා. අධ්‍යාපන කටයුතු වලින් ඉහලට යෑමේ හැකියාවක්ද මේ කාලයේ ඇති වෙනවා.


● කටක
රාහු 2 වැන්නටද, කේතු 8 වැන්නටද පැමිණේ.
සමඵලයි.
ඉතාම දැඩි විදියට කැපවෙන බවක් නම් පේනවා. අනවශ්‍ය විදියට මහන්සිය, අනවශ්‍ය කලබල වීම් මේ කාලයේ ඔබගෙන් දක්නට ලැබෙන කරුණු කාරණාය. අනවශ්‍ය කලබලය නැති කරගන්න. කෝපාවිෂ්ඨ වීම, එසේම විමසා නොබලා කටයුතු කිරිම ඔබට ඇතිවන අවාසි සහගත තත්වයන්ය.



● සිංහ
රාහු 1 වැන්නටද, කේතු 7 වැන්නටද පැමිණේ.
සමඵලයි
වෙන කාල වලට වැඩිය ඔබ කාර්යබහුල වන කාලයකි. අනවශ්‍ය ආකාරයට කලබලවිම් ඇති නොකරගත යුතුයි. විදේශ රැකියා බලාපොරොත්තු වනවා නම්, ඒ අවස්ථාවන් ලැබෙනවා. එසේම රැකියා වලට කැඳවිම් ලැබෙනවා. ඔබ වෙනදාට වැඩිය ප්‍රසිද්ධ පුද්ගලයෙක් බවට පත් වෙනවා.


● කන්‍යා
රාහු 12 වැන්නටද, කේතු 6 වැන්නටද පැමිණේ.
එතරම් ශුභ නැත.
විශේෂයෙන්ම ඔබ ඉන්නා තැනින් තවත් පල්ලෙහාට වැටිමක් වැනි දෙයක් මේ කාලයෙදි සිදු වෙනවා. 12 වැන්නට පැමිණීමෙන් සමාජ තත්වය තව තවත් පිරෙිහෙන ලක්ෂන පේනවා. එසේම මේ කාලයේ කල යුත්තේ සද්ද නොකර වැඩිපුර කිසිම කෙනෙක් සමග දබර නොවි පාඩුවේ සිටිමයි. එවන් තත්වයක් ඇති කරගත්තොත් එය මානසික තත්වයට හොදයි.

● තුලා
රාහු 11 වැන්නටද, කේතු 5 වැන්නටද පැමිණේ.
ඉතාම හොඳයි.
හදිසි ධනලාභ, ධන වාසනාව, සමාජයේ තමන්ගේ නම බැබලීම, කටයුතු වල දියුණුව, ශුභ තත්වය මේ යනාදි සියලු සුබ පල ලැබේ. පවුලේ තත්වය දියුණු වේ. නව නිවාස, ඉඩකඩම් මිලදී ගැනිම කරන්නට පුලුවන්, භූමියෙන් ලැබෙන දේවල් වලට විශේෂයෙන්ම මැණික් හා ඒ අදාල දේ ලැබිමට ප්‍රබල වාසනාවක්ද මේ අතර පවතිනවා.


● වෘශ්චික
රාහු 10 වැන්නටද, කේතු 4 වැන්නටද පැමිණේ.
ඉතාම හොඳයි.
රැකියාවේ ඉහලට යෑම, ප්‍රසිද්ධ විම ඇතිවෙනවා. විදෙස් රැකියා බලාපොරොත්තු වන අයට හොදයි. විදෙස්ගත අයටද හොදයි. උපතෙදි 10 වැන්න පාප පීඩිත නොවි නම් මේ මාරුවෙන් ඉතාම විශිෂ්ඨ ප්‍රතිඵල ලැබෙන බව කිව යුතුයි. කෙසේ වෙතත් ඔබ ආයතන ප්‍රධානින් හෝ ව්‍යාපාර වල නියුතු ඔබ කොටස්කරුවන්, ගනුදෙනු කරුවන් හා ආරවුල් නොකර සිටින්නේ නම් තවත් හොදයි.


● ධනු
රාහු 9 වැන්නටද, කේතු 3 වැන්නටද පැමිණේ.
සමඵලයි.
කෙසේ වෙතත් විදේශ රැකියා බලාපෙරොත්තු වන ඔබගේ ඒ කටයුතු සාර්ථක වෙනවා. කුඩා දරුවන්ගේ දෙමාපියන්ට හොද නැහැ. රාහු 9ට පැමිණිමෙන් දරුණු අපල ඇතිවිය හැකියි. වෙනදාටත් වඩා ආගම දහමට නැඹුරුවිය යුතුයි, වෙනම ලෝකයක කරදර කලබල නැතිව කටයුතු කරන්නට ජිවන තත්වය වෙනස් කරගන්නට කටයුතු කරන්න - කෙසේ වෙතත් සියලු යහපත ඇති කරගැනිමට වාසනාවද මේ අතර තියෙනවා.


● මකර
රාහු  8 වැන්නටද, කේතු 2 වැන්නටද පැමිණේ.
එතරම් හොද නැහැ.
උෂ්ණාධික රෝග, ඇපන්ඩිටයිටිස් වැනි රෝග, බඩේ අමාරු, මුත්‍රා අමාරු ඇතිවිය හැකි. එසේම ඔබ සභ්‍ය නොවන දෙයට යොමුවිමටත් විවාහක ඔබ අනියම් සබදතා වලට පත්විමට හා ඒවායින් පීඩා විදියට කටයුතු කල යුතුයි, ආරක්ෂා වන්න.


● කුම්භ
රාහු 7 වැන්නටද, කේතු 1 වැන්නටද පැමිණේ.
සමඵලයි.
7 වැන්නෙ රාහු තැන්පත් වීම නිසා විශේෂ වශයෙන්, හවුල් ව්‍යාපාර කරන ඔබ විශේෂ අවධානයකින් සිටිය යුතුයි. ඔබගේ අතපසුවිම් වලින් අනිත් අය ඔබ ගැන අප්‍රසාදයට පත්විය හැකියි. එසේම විදේශ රටකට යාමේ හැකියාව පවතිනවා. විවාහ ජිවිත ගත කරන අය හොදින් ආරක්ෂා වන්නට කටයුතු කරගත යුතුයි, නැතහොත් ඔබට කරදර ඇතිවිය හැකියි, පවුල රැකගැනිම සහ අනියම් සබදතා ඇත්නම් ඒවා නවතා දමා පවුල දියුණු කරගැනිමටත් ඔබ උනන්දු විය යුතුය.


● මීන
රාහු 6 වැන්නටද, කේතු 12 වැන්නටද පැමිණේ.
ඉතාම හොඳයි.
සතුරු කරදර මැඩ පවත්වාගෙන, හොඳ ගමනක් ඔබට හදා ගැනීමට පුලුවන්. එසේම ඔබගේ කටයුතු සාර්ථක කරගැනිමට ඒ ඔස්සේ පුලුවන්. කිසිම කරදරයක් උපද්‍රවයක් නැහැ. මේ කාල වකවානුව ඉතාම යහපත් ඔබට. සතුරන් මිතුරු කරගැනිමටත්, මිතුරුකම් වැඩි දියුණු කරගැනිමටත් පුලුවන් කාලයකි. දේශපාලනයේ ප්‍රබල පුටු හොබවන දේශපාලකයන්ට තමන්ට විරුද්ධ මත දැරු අය තමා සමග මිතුරු වනවා.
ජයෙන් ජයයි රහු - කේතු මාරුවනේ.

Wednesday, January 27, 2016

කුම්භ ලග්නය

ලග්න රාශි වළල්ලේ 11 වන රාශියයි.

Youtube _ https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA

{ පොත් පත් වලින් අටවා දමන කරුණු නොව අපගේ පර්යේෂණ වලින් සාක්ෂාත් කරගත් කරුණුය }

මේ කුම්භ ලග්නය සම්බන්ධව සමාජය තුල විවිධ මතිමතාන්තර පවති. නමුත් සමහර ඒවා ඉතාම සාවද්‍ය සහ මිත්‍යාවන්ය. කුම්භ රාශියත්, කටක රාශියත්, මීන රාශියත් යන ත්‍රිත්වය පොදුවේ බැලූ කල දාර්ශනික එසේම ගැඹුරු දේ සොයන පුද්ගලයන්ට පිහිටන ලග්න වෙති.

* මේ කුම්භ රාශිය දුකට අධිපති ශනිගේ දිවා බල රාශියයි. එසේම වායු රාශියක් වශයෙන් නම් කල හැක. කුම්භ ලග්නයේ අධිපති ශනි බැවින්, කුම්භ ලග්නකරුවන්ගේ ඇති ප්‍රධානම ලක්ෂණය වන්නේ ඔවුන් කොතෙක් සැප සම්පත් තිබුනත් එම සැප සම්පත් වලට වහල් නොවි ගිජු නොවී, තමාගේ උත්සාහයෙන් සහ වීර්යයෙන් කටයුතු කිරිමයි. සමහරවිට මෙය සමාජයට සැපට දුක් විඳීමක් වශයෙන් පෙනීමටද පුලුවන.

● විශේෂයෙන්ම කුම්භ ලග්නයෙන් උපන් අය, බොහෝ මහන්සි වී දුක් විඳ මුදල් හදල් උපයා ගනිති.
එසේම මෙම ලග්නයෙන් උපන් අයට මනා සකසුරුවම්කමක් පවති. එසේම ලෝකයට අනුකම්පා කරන, පීඩිත පන්තිය වෙනුවෙන් නැගී සිටින අය මෙම ලග්න වලින් බිහි වේ. (වීඅයි ලෙනින් සහ කාල් මාක්ස්)
අපේ අත්දැකීම් වලට අනුව, වෘත්තිය සමිති වල අවංකවම කටයුතු කරන එම නිලධාරින්, එසේම සේවකයන්ට ඉතාම හොදින් සලකන කර්මාන්තශාලා හිමියන්, විශේෂයෙන්ම සිල්වත් බෝධිසත්ව ගුණෝපේත භික්ෂූන්වහන්සේලා මේ ලග්නයෙන් උපන්නෝ වෙති. එයට අප ලග පර්යේෂණාත්මක සාක්ෂි ඇත.

● සමාජයට ඉතාම අනුකම්පාවක් දක්වයි.
කෙතරම් මුදල් හදල් යාන වාහන තිබුනත්, අන් අයට පෙන්වන්නේ නැත. තමාගේ අල්පේශාක්‍ය ජිවිතය උසස් යැයි ඒ අය සිතයි. මොවුන් තුල වටිනා මානුෂීය ගුණාංග බොහෝ ඇත. එසේම කුම්භ ලග්නයේ උපන් අයට සාමකාමි ජිවිතයක් බොහෝදුරට හිමිවිය හැක. මන්ද 4 වැන්නාධිපතියා සිකුරු බැවින්. ඔහු 9 වැන්න සහ 4 වැන්න නියෝජනය කරයි. සිකුරු ග්‍රහයා කුම්භ ලග්නයට ඉතාම යෝගකාරක ග්‍රහයා වෙයි. සිකුරු සහ ශනි අධිමිත්‍ර ග්‍රහයන් වෙති.  සිකුරුගේ බලවත් වීම කුම්භ ලග්න කරුවන්ට උසස් ජිවිතයක් ගතවිමට බොහෝ හේතු වෙයි.
* රවි ග්‍රහයාද වැදගත් ග්‍රහයෙකි. රවිගේ බලවත් වීම මත කුම්භ ලග්න කරුවාට ලැබෙන සහකරු හෝ සහකාරිය තීරණය වෙයි.

● කුම්භ ලග්නයේ උපන් අයට විශේෂයෙන්ම අපගේ අත්දැකීම් අනුව උසස් පෙලේ රැකියා කටයුතු ලැබීමේ හොද අවස්ථාවක් පවති. අපගේ ලග්න විස්තරය මීන ලග්නයෙන් අවසන් වනවා, අප මේ සදහන් කරන සියලු කරුණු පොදු කාරණාය. කේන්දරයෙන් කේන්දරයට වෙනස් වීමට හැකියාව ඇත.
මන්ද කුම්භ ලග්නයේ 10 වැන්න නියෝජනය කරන්නේ අඟහරු/කුජ ග්‍රහයාය. එනිසා කුම්භ අයට තාක්ෂණික ශිල්පයන්, එසේම මෝටර් කාර්මික එසේම ගගන යාත්‍රා නියමුවන්, එහි කාර්මිකයන් එසේම නාවුක ශිල්පීන්, නැවියන්, හමුදාවේ ඉහල නිලධාරින් සිට පහල දක්වා, පොලිස් සේවය, බන්ධනාගාරය, නීතිඥ ධූර ආදි බොහෝ කටයුතු වල කුම්භ ලග්න කරුවන් පෙරමුණ ගෙන සිටි.
උසස් පැවිදි යතිවරුන් කුම්භ ලග්නයෙන් උපන් අය වෙති. ලෝකෝත්තර දර්ශන වැඩිමේ අනුහස් නිසා, උතුම් වූ පැවිදි දිවියද කුම්භ ලග්නකරුවන්ට ඉතාම හොදය.

● කුම්භ ලග්න හිමියන්ගේ චිත්ත ස්වභාවය සාමාන්‍යයෙන් දැඩිය.
ඔවුන් අනුකම්පාව, මානුෂීය ගති ඇතත්, එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වුවද දැඩිය.
ආදරය, ප්‍රේමය යන මාතෘකා වලදි පොඩි දරුවන් සේ හැසිරේ. එනම් ඉතාම සංවේදි, රැකවරණයක් ඔවුන් අපේක්ෂා කරයි. ඒ පිරිමි පාර්ශවයයි.
නමුත් කුම්භ ලග්න කාන්තාවන් ඉතාම රළු පරළු ලෙස ආදරය ගැන තීරණ ගනි. ඔවුන්ගේ ශරීරද පිරිමින් මෙන් දැඩි ගතියක් ගනී. කුම්භ ලග්න කරුවන්ට ආදරය කරනවා නම් ඉතාම විමසිල්ලෙන් කල යුතුයි.
● මන්ද එසේ නැති වුවොත් යම් වෙලාවක ගැටළු සහගත තත්ව ඇතිවිමට පුලුවන්. මන්ද කුම්භ ලග්නයෙන් උපන් අයට 7 වැන්නාධිපතියා වන්නේ රවි ග්‍රහයාය.
කුම්භ ලග්නකරුවන් වෙන ලග්නකරුවන් මෙන් නොව විවාහයෙදි කායික මානසික ගැලපීම සම්බන්ධව දැඩි ලෙස සොයා බැලිය යුතුය.

● කුම්භ ලග්නකරුවන්ගේ ශාරිරික අවයව අන් අයට සාපේක්ෂව වෙනස්ය. ඔවුන්ට ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයටම විශාල ලිංගික අවයව පිහිටයි.
● විශේෂයෙන්ම කාන්තාවන්ට එම තත්වයන් බලපානවා සේම, පිරිමි අයට සෙනසුරු ලග්නයේ 3 වැන්නේ 7 වැන්නේ සිට බලපෑම් කරන්නේ නම් දැඩි තරමක් විශාල පුරුෂ ලිංගයක් හිමි වේ. මේවා විවාහ ජිවිත වලදි යම් ගැටළු සහගත තත්වය මතුවිමට යම් හේතු විය හැක.
* එනිසා කායික ගැලපීම සහ මානසික ගැලපීම ඉතාම අත්‍යාවශ්‍යයි සාර්ථක විවාහ ජිවිතයකට. ්‍

● කුම්භ ලග්නයෙන් උපන් අයට පරම්පරාවෙන් එන නිදන්ගත රෝග වැලදීමේ හැකියාවක් ඇත. ඒවායින් ආරක්ෂා වන්න. විශේෂයෙන්ම පාද වල වේදනා, වළලුකර වේදනා ඇතිවිමට හේතුයි. ආරක්ෂා වන්න.
කුම්භ ලග්න කරුවන්ට ශනි උච්ච, ස්වක්ෂෙත්‍ර හෝ මිත්‍ර බලයෙන් බලවත්ව 9 වැන්නාධිපති සිකුරු සහ බුධ බලවත්ව යම් බලවත් තැනක විරාජමානව සිටි නම් ඔවුන් සැබවින්ම අවුරුදු 90 ඉක්මවා ජිවත් වෙති.

● කුම්භ ලග්නකරුවන් යම් ව්‍යසනයකට හසුවන්නේ කලාතුරකිනි. ඒත් දුර්වලම ග්‍රහචාරයක් තිබුනොත් පමණි. ඔවුන්ට දරා ගැනීමේ සහ විඳදරා ප්‍රබල හැකියාවක් ඇත.

_ දුර්වලතා _

බොහෝවිට මුළුගැන්වෙන ස්වභාවය ලග්නයට ආවේණික වූ කම්මැලිකම ඇත. එසේම බොහෝ වෙලාවට කටට එන දේ කෙලින්ම කියයි.
වුවමනාවට වඩා පරිස්සම් කිරීමට ගොස් තමන්ට දේවල් නැතිවීමට ඉඩ වැඩිය. සියලුම දත් කෙනෙකුසේ හැසිරේ.

* කුම්භ ලග්නයට ශුභ දින - බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදය, ඉරිදා දිනයද ශුභයි.

* ශුභ මාණික්‍ය - පද්මරාග, මරකත පච්ච සහ සුදු නිල්

* ශුභ දිශාව - බස්නාහිර

* ශුභ අංක - 1, 3, 5, 6

* ශුභ වර්ණ - තැඹිලි, කොළ සහ ලා නිල් යන වර්ණයන්.


පොදුවේ ගත්කල කුම්භ ලග්න කරුවන් විශිෂ්ට තත්වයට පත්වු අය බවට සාක්ෂි ඇත. ලෝක දේශපාලනයෙදි ලෙනින් සහ කාල් මාක්ස් වැනි අයද සුපිරි ක්‍රීඩකයන් අතර සනත් ජයසුරිය වැනි අයද සිටිති. ඔවුන් විටෙක අප රට ජාත්‍යන්තරයට ගෙනගොස් ඇත.
කුම්භ ලග්න අය මේ තත්ව තේරුම් ගෙන සුභ තත්වයන් වැඩි කරගෙන දියුණු වන්නට ඉල්ලා සිටිමු.

අපගේ මාතෘ භූමිය වන ශ්‍රී ලංකා ද්විපයේ ලග්නයද කුම්භ ලග්නයයි !

Tuesday, January 26, 2016

රාහු - කේතු මාරුව රටට, ජනතාවට කොහොමද ? - 2016 ජන.30 සිට වසර 1 හමාරකට

ග්‍රහ ලොව ඉතාම ප්‍රකට ග්‍රහයන් වන රාහු සහ කේතු යන ඡායා ග්‍රහයන් 2016 ජනවාරි 30 වන දින ස්වකීය උච්ච රාශි වලින් මිදි සිංහ රාශියට රාහුත්, කුම්භ රාශියට කේතුත් සංක්‍රමණය වෙයි.
ප්‍රබල න්‍යෂ්ඨික බලයක් සහිත මේ ඡායා ග්‍රහයන් දෙපල පුද්ගල ජිවිතයකට ඇති කරන්නේ සුළුපටු වෙනස්කම් නොවෙයි. වසර 1 හමාරක් තරම් කාලයක් එක රාශියක රැදි සිටි.

මෙම ග්‍රහයන්ගේ මාරුව රටට කොහොම වෙයිද ???

කුම්භ ලග්න ලංකා කේන්දරයේ 7 වැන්නට රාහු පැමිණීමෙන් ඉතාම හිතකර ප්‍රතිඵල සේම අහිතකර ප්‍රතිඵලද බුක්ති විඳිමට ලංකාවාසින්ට සිදුවේ.

● සමාජ ආර්ථික වශයෙන් ගත්කල මේ වසරේ ජුලි මස වනතුරුම යම් යම් ආර්ථික අවපාත වලට ලක්විමට හේතුයි. විශේෂයෙන්ම කොටස් වෙලද පල පහල යෑම්, යම් යම් අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල තරමක් වැඩිවිම, උද්ධමනය තරමක් දුරට හිස එසවිමට බැලීම මේ අතර කරුණු කාරණාය.

● 2016 වසරේ වැඩි කාලයක් තද අව් රශ්මියක් ලැබෙනු ඇත.
මේ වසරේ අග භාගයෙදි රජරට ප්‍රදේශ වලට නියඟයත්, ඉන් එහාට වර්ෂාවෙන් ගැටළුත් මේ තත්වය තුල මතුවිමට ඉඩ ඇත.

● එසේම රජයේ ගොඩනැගිලි වලට ගින්නෙන් අනතුරු වන්නටත්, ගිනි විපත් ඇතිවිමටත්, සිංහ රාශියේ රාහු ගමන් කරන කාලයෙදි අහස් යාත්‍රා වලට හානි ඇති වෙනවා. ගුවන් හමුදාවේ යානා නිසි පරිදි නඩත්තුව සහ විශේෂ අධීක්ෂණයකින් පසුවිම මේ අනතුරු වලක්වා ගැනිමට පුලුවන්.

● එසේම මේ වසරේදි ජ්‍යොෂ්ඨ දේශපාලකයන්ට ඉතාම අශුභ කාලයක්. මකර ලග්නයේ දේශපාලකයන්ට විශේෂයෙන්ම සෞඛ්‍ය තත්වයේ ආබාධ සහ කරදර ඇතිවිමට පුලුවන්.

● මේ වසරේ මධ්‍ය කොටසෙදි මධ්‍යම කඳුකරය ආශ්‍රිතවත්, සබරගමුවටත් අයහපත්ය - කාලගුණ තත්වය.

● මනුෂ්‍යයන්ට එරෙහිව මනුෂ්‍යයන් කරන හිරිහැර විපත්ති තුල යම් වැඩිවිමක් වසරේ මුල් කාලයේ ඇතිවිය හැක.

● මේ අතර ශ්‍රී ලංකාව සමග විරසක වී තිබු බටහිර රාජ්‍යතාන්ත්‍රික සබදතා අලුත් වන වසරකි මෙය.
පවතින රජයට ඇති හොදම වාසිය නම් රාහු කේතු මාරුව හරහා ශ්‍රී ලංකාවේ කිර්ති නාමය විදේශගතව පැතිරවිමට කටයුතු කරගැනිමට මේ කාලයෙදි පුලුවන්.
* රජය සමග රාජ්‍ය තාන්ත්‍රික සබදතා විදේශ ගත රටවලින් වෙනදාටත් වඩා ඇති කරගැනිමෙන් එයින්ද රටට වාසි තත්වයන් බලාපොරොත්තු ඇතිකරගත හැකියි.


ලග්න 12න් උපන් අයට රාහු කේතු මාරුව කෙසේ වෙයිද ඊලගට බලමු !


https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA

Monday, January 25, 2016

iru_astrology


කුමන බාධකය පැමිණියද, කුමන ආකාරයට නවත්වන්නට සිතුනද ස්ථිරව සතුටින් කරන දෙයක් නම් දිගටම ඒ වෙනුවෙන් මහන්සි වන්න...
සාර්ථකත්වය, ජයග්‍රහණය ලඟා වනවා ස්ථිරයි !
පරාජය ලැබෙන්නේ ඔබ එය නැවතුවොත් පමණි !

‪#‎ඉරු‬

https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA 


- 2016 රටට, ජනතාවට කොහොමද ?

https://www.youtube.com/watch?v=Udr5T1K3yro 


- කුජ / අඟහරු 7 වැන්නේද ?
https://www.youtube.com/watch?v=E-0XeyUYX4Y

Sunday, January 24, 2016

දුර්ගා දේව මෑණියන් !

අයහපත නසන, යහපත සලසන පින්වත් දුර්ගා දේව මෑණියන් !

Saturday, January 23, 2016

දෙවිවරු වරම් දෙනවද ... ?


ඇත්තටම දෙවිවරු වරම් දෙනවද ?

මිනිසුන්ට ආරූඪ වෙන එක දෙවිවරු කරන්නෙ නැහැ. ඒක කරන්නෙ පහත් අමනුෂ්‍ය කොටස්. ඒවගේ වරම් කියල දෙයක් දෙවිවරු දෙනවද ?

Thursday, January 21, 2016

විවාහය හා බැඳුනු ග්‍රහමය රහස් - 3

ඉරු සේවයේ පාඨක ජනතාව වෙත විවාහය සම්බන්ධව ඇති සංවේදි තත්ව, එනම් භෞතික සාධක සම්බන්ධව විග්‍රහයක් කිරිමට කල්පනා කලා.
කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමට, අප කටයුතු කරනවා.

විශේෂයෙන්ම විවාහයකදී බලන කරුණු කාරණා රාශියකි. කාන්තා පාර්ශවය විශේෂයෙන් පහත සඳහන් කරුණු ගැන සලකා බලයි.


01) තමාගේ සහකරු/සහකාරිය පෙනුම තියෙන කෙනෙක්ද ?
(https://www.facebook.com/irusewaya/photos/a.1266788206671589.1073741851.833656709984743/1266788290004914/?type=)
02) තම සහකරු/සහකාරිය උගත්, බුද්ධිමත් කෙනෙක්ද ?
https://www.facebook.com/irusewaya/photos/pb.833656709984743.-2207520000.1453298853./1270557076294702/?type=3

03 තම සහකරු/සහකාරිය මානුෂීය ගතිගුණ වලින් හෙබී කෙනෙක්ද ?
04) තම සහකරු/සහකාරිය ධනවත්ද, වත්කම්/දේපල-යාන වාහන හිමි කෙනෙක්ද  ?

ඒ අනුව තම විවාහ සහකරු/සහකාරිය යහපත් ගතිගුණ ඇති, මානුෂීය කෙනෙක්ද ... ??


( විශේෂයෙන් කිව යුත්තේ මෙම යොදන සියලු කරුණු පොදු ඒවා බවයි. මෙම තත්වයන් සැබෑවටම ඇතිවන්නට නම්, අදාල ලෙස පිහිටා තිබිය යුතු අතර, කේන්දරයේ පිහිටා ඇති අංශකයන්, ග්‍රහ දෘෂ්ටි, නැකැත්, නවාංශකය යනාදි බොහෝ කරුණු මත එය තීරණය වනු ලබයි.)
එයට බලපාන ග්‍රහමය පිහිටිම් අප විමසා බලමු.

● යම් ජන්ම පත්‍රයක ලග්නාධිපතියා ශුභයෙක් වී, ඔහු 7 වැන්නට හෙලන දෘෂ්ටි අනුවද මෙය තීරණය වේ.

● කේන්දරයක 7 වැන්නාධිපතියා ශුභයෙක් වී ඔහු නවාංශකයේද ශුභ රාශි ගතවීම - කාරුණික කෙනෙක් ලැබීමේ අවස්ථාවකි.


● එසේම 7 වැන්නේ පුර සඳු බලවත් වීම අප පෙර සඳහන් කර ඇති පරිදි, රූපශ්‍රීෙයන් අනූන කෙනෙක් ලැබෙනවා සේම, ගුණ යහපත්කමින් සහ මානුෂීය ගතිගුණ වලින් හෙබි කෙනෙක් ලැබීමේ පෙර නිමිත්තකි.

●  යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ 7 වැන්නාධිපති ග්‍රහයා 9 වැන්නේ තැන්පත් වීමද, 9 සහ 7 වැන්න පරිවර්ථනය වීමද මේ තත්වයට ඉතාම කිට්ටු නෑකම් පවත්වයි.

- ඔබගේ ජන්ම පත්‍රයේද මේ තත්වයන් විමසා බලන්න.
ඔබ වාසනාවන්තයි !



Wednesday, January 20, 2016

2016 - රටට ජනතාවට කොහොමද ?


රාහු-කේතු මාරුව සමග තත්වය කෙසේද ?
රජයට කුමක් සිදුවේද ?
ජනතාවට සතුටුදායකද ?
විදේශගත සබඳතා දියුණු වේද ?
ගුරු/බ්‍රහස්පති මාරුව සමග කෙසේ වෙයිද ?
කාලගුණය කෙසේ වේද ?

‪#‎ඉරුසේවය‬

Monday, January 18, 2016

“ මහ දෙවි පවුල “

යහපතින් දිවි ගෙවන්නාවු සියල්ලන්ට ආශිර්වාද කරන මහ බලවත් ශිව/ඊශ්වර/මෙහෙසුරාණන්, පාර්වතී දේව මෑණියන්, ස්කන්ධ කුමාර/කතරගම/මුරුගන් දෙවියන්, ගනේශ්වර/ගණ දෙවියන් !

#ඉරු

Sunday, January 17, 2016

සතියේ ලග්න පලාපලය - ජන. 18 සිට

● මේෂ
ඉතාම සුභ සතියකි.
චන්ද්‍රයා ලග්නය, 2-3-4 වැන්න තුල ගෝචර වන මේ සතිය තුල ආර්ථික වාසි ඇතිවේ. ව්‍යාපාරික කටයුතු වලින් වැඩි ලාභ ලැබිමට හැකිවනවා සේම අලුත් ආයෝජන අවස්ථා යෙදේ. දුර ගමන් වලින් ලාබ ප්‍රයෝජන ලැබේ. විශේෂයෙන්ම විදෙස් රැකියා, විදෙස්ගත අයට සුබයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවන අතර වෙනදාට වඩා ප්‍රබෝධයක් හිතට දැනේ. ඔබ වඩාත්ම ප්‍රියමනාප විනෝදශීලි කෙනෙක් වේ. පෙම් සබදතා සඵල වේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ. පවුලේ අය සමග සතුටින් සිටිය හැක.
ප්‍රබල ගැටළු නැතත්, සෞඛ්‍ය තත්වයේ ලෙඩ වලින් සුව වෙමින් සිටින අය ඒවායින් ආරක්ෂා වන්න.


● වෘෂභ
සමඵලයි.
සතියේ මුල් දින 2 තරමක ගැටළුකාරි තත්වයක් පවති. එයින් ඔබ ආරක්ෂා විය යුතුයි. එසේම ප්‍රවේසමෙන් මුදල් පරිහරණය කරන්න. ජිවිතයේ වැදගත් ව්‍යාපාරික කටයුතු ආදිය, රැකි රක්ෂා කටයුතු ආදිය මේ සතියෙදි තීරණාත්මක මට්ටමකට පැමිණෙනවා, සතිය අගදී දැවැන්ත වාසි අවස්ථාද, රැකියා කරන අයට උසස්වීම්ද ලැබීමට නියමිතයි.
ගෘහ ජිවිතය කෙසේ වෙතත් සතුටින් ගත වෙනවා. අඹුසැමි ප්‍රේමය වැඩි වෙනවා. ඔබ පවුලේ ප්‍රියමනාප පුද්ගලයෙක් බවට පත්වේ. සතිය අගදී ඥාතියෙකුගේ දුර බැහැර නිවසකට යාමට හැකි වේ. පෙම් සබදතා ඇති අයට එහි හොද ප්‍රතිඵල ලැබෙනු ඇත.
සෞඛ්‍ය තත්වයේ, ඇඟපත වේදනාව, සෙම් රෝග වලින් පරිස්සම් වන්න.


● මිථුන
සමඵලයි.
කරන කියන කටයුතු වලට හොඳ අවස්ථා ලැබෙනවා. සතියේ දින 2 හමාරකට පමණක් ආර්ථික පාඩු ඇතිවිය හැකියි. ණයට ගැනීම, ණයට දීම මුල් දින වලදි නොකරන්න. පසුව ඔබට හොදයි.
ගෘහ ජිවිතය තුල, ඔබට එතරම්ම ගැටළුකාරි තත්වයක් නැහැ. මේ අතර ඔබට ඔබගේ පවුල් පදනම වෙනුවෙන් යම්කිසි හොද දෙයක් කිරිමට අවස්ථාව උදා වෙනවා.
සෞඛ්‍ය  තත්වය, විශේෂ ගැටළු නැහැ.
සෙම් රෝග සහ ඇඟපත අමාරු වලින් ආරක්ෂා වීමම ප්‍රමාණවත්ය.


● කටක
සමඵල සතියකි.
මේ සතියේදි ඔබ අලුත් ආයෝජන අවස්ථාවන් වලට යොමු වෙනවා. ඒතුල ඔබගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරිමට පුලුවන්. ලග්නාධිපති උච්ච වන මේ සතියේදී අලුත් හිත මිතුරන් මාර්ගයෙන් ඔබගේ අනාගතය හෙලි පෙහෙලි කරගැනිමේ හැකියාවක් මේ සතියෙදි පවතිනවා.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. මේ සතියෙදි අතමිට සරු වෙන නිසා, ඔබට ගෙදර දොර වෙනුවෙන් යම්කිසි හොද දෙයක් කරගැනීමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. සෙම් රෝග ගැන විශේෂ අවධානයකින් සිටින්න.


● සිංහ
ඉතාම සුබ සතියකි.
පෙර පිනට මෙන්ම ඔබගේ ආර්ථික වර්ධනය මේ සතියෙදි සීග්‍රගාමි වනවා ඇත. ආයෝජන අවස්ථාද, පරණ ණය තුරුස් ලැබීමද මේ සතියෙදි ඔබට අත්වන සුවිශේෂි වාසි තත්වයන් වේ. එසේම සතිය මැද, අග විශාල දියුණුවක් ඔබට ලැබේ. ඒ අතර ව්‍යාපාරික කටයුතු දියුණු කිරිමේ හොද හැකියාවක් ලැබේ. දියුණුව
ගෘහ ජිවිතයහොදයි පවුලේ අය හා විනෝද ගමන් යෙදීමේ අවස්ථාව මේ සතියේදි හිමිවනනවා. වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලබාගෙන කටයුතු දියුණු කරගැනීමටත් හැකියි.
සෞඛ්‍ය තත්වයේ දණිස් අමාරු, කොන්දේ වේදනාව යනාදියෙන් පරිස්සම් වන්න.


● කන්‍යා
මේ සතිය හොද සතියකි.
සතිය මුලදි සුළු ආර්ථික අවපාත ඇතිවන නමුදු සතිය මැදට යන්ට යන්ටම ඒවා හොද විදියට නිරාකරණය වෙයි. විශේෂයෙන් කරන කියන කටයුතු වලට හිතමිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. තවද ඔබගේ ජනප්‍රියත්වය නිසා අලුත් ආයෝජන අවස්ථා උදා කරගැනිමට පුලුවන්. රැකියා - ව්‍යාපාර කරන අයට මේ සතිය ඉතා හොදයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාව වෙන සති වලට වඩා ශක්තිමත් වේ. ඔබගේ පවුල තුල ඔබට හොද ප්‍රසාදයක් හිමි වේ. පමාවු අයට මංගල යෝග ඇතිවන කාලයකි. විශේෂයෙන්ම කිව යුතුයි, ආර්ථික තත්වයේ ශුභදායක වෙනස්කම් නිසා ගෙදර දොර ජිවිතයද හොද වේ.
රෝගාබාධ ලෙස හිස කැක්කුම, අනවශ්‍ය කලබල විම් ඇතිවිය හැක.


● තුලා
සමඵලයි.
ආර්ථික වශයෙන් ගත්කල සතිය මුල් කොටසෙදි ඔබට හරියන ආර්ථික - ව්‍යාපාරික තත්වයන් එසේම සියලුම ආර්ථික වාසි සතිය මැදදී යම් ආකාරයකට නැතිවිමට පුලුවන්. ඒ ගැන ඔබ අවධානය යොමු කල යුතුයි. එසේම වෙනත් විශේෂ කරුණු නැහැ. සතිය අගදී පිට පලාත් වල සංචාරයෙන් ආර්ථික වාසි හිමිවනු ඇත.
ගෘහ ජිවිතය තුල යම් යම් විචල්‍යකාරි තත්වයක් ඇතිවිය හැක. සතිය ආරම්භයේ ඔබට පවතින සුබ තත්වයන් සතිය මැදදී නැතිවිමට පුලුවන්, අවධානයෙන් සිටින්න.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. නමුත් ආමාශගත රෝග, මුත්‍රා ආබාධ ආදියෙන් පරිස්සම් වන්න.


● වෘශ්චික
තරමක අපහසුතා ඇතිවන කාලයකි.
මේ සතියෙදි කරන කියන කටයුතු වලට බාධක මතුවිමට පුලුවන. ආර්ථිකමය වශයෙන් ඔබට එතරම් ශුභදායක නැහැ. ඔබ ප්‍රවේශම් විය යුතුයි, හවුල් ව්‍යාපාර කරනවා නම්, එසේම මුදල් ආයෝජනය කරන්නට සිතේ තියාගෙන ඉන්නවා නම් ඒ ගැන දෙවරක් සිතා බලා බුද්ධියෙන් කරන්න. ණයට ගැනීමත් දීමත් බුද්ධිමත්ව කරන්න. රැකියා කරන අයද ආයතන ප්‍රධානින් හා උරණ නොවි ඉන්න බලන්න.
ගෘහ ජිවිතය තුල විචල්‍යකාරි වෙන්න පුලුවන්. අඹුසැමියන් අතර භේද ඇතිවිය හැකියි. පවුලේ අය හෝ දීර්ඝකාලිනව ආශ්‍රය කල කෙනෙක් දුරස් විමට හෝ තරහ විමට පුලුවන්. කල්පනාවෙන් සියලු කටයුතු කරන්න.
ආමාශගත රෝගථ යටි බඩේ රෝග ජිර්ණ ආබාධ ගැන විම් ගැන අවදානමත් වන්න.


● ධනු
එතරම් ශුභ නැත.
හොද නැති භාව2කයි සතිය මුලදි සදු  හැසිරෙන්නේ. එනිසා ඔබ ව්‍යාපාර හෝ රැකියා කටයුතු කරනවා නම් ඉවසීමෙන් හා බුද්ධියෙන් කටයුතු කරන්න. ණයට දීම හා ගැනිම 2ම හොද නැහැ. ආරක්ෂාකාරි-කල්පනාකාරි වන්න.
ගෘහ ජිවිතය තුල දරුවන් ගැන නම් හොද සුභ දෙයක් අහන්න ලැබෙනවා. සමහරවිට නැන්දා මාමා කෙනෙකුගේ උදව් උපකාර ලැබිමට - ඒ වාසනාව ලැබිමට පුලුවන්. ප්‍රබල ගැටළු ඇති නොවේ.
සෞඛ්‍ය තත්වයේ සාමාන්‍ය පරිදි ගත වේ. මුත්‍රා අසනීප ඇතිවිමට පුලුවන්. සැලකිලිමත් වන්න. එසේම යම් යම් ජීර්ණ පද්ධතියේ රෝග වලින්ද ආරක්ෂා වන්න.


● මකර
හොඳ සතියකි.
අතපසුවු හුඟක් දේවල් මේ සතියේදි කරගැනිමට පුලුවන්. එසේම ඔබ මේ කාලයේදී ව්‍යාපාරික කටයුතු වලට අවශ්‍ය කරන යම් යම් පහසුකම් ඇති කරගැනිමට ඔබට හැකියාව ලැබෙනවා. හොද තත්වයකි.
ගෘහ ජිවිතය සතුට සමාදානය ඇති වෙනවා. පවුලේ අය වෙනුවෙන් ලොකු සාදයක් පැවැත්වීමට පවා ඔබට පුලුවන්. ඥාති මිතුරුකම් අලුත් වෙනවා. නිවසට අලුත් බඩුමුට්ටු ආදිය මිලදි ගැනිමේ හැකියාව මේ සතියෙදි ඇති ‍වෙනවා.
සෞඛ්‍ය තත්වය ඉතාම හොදයි. පපුවේ සෙම් ගතියෙන් ආරක්ෂා වන්න.


● කුම්භ
ඉතාම ශුභ සතියකි.
තමාගේ හැකියාව ඉතාම හොදින් ප්‍රදර්ශනය වෙනවා. ආර්ථික වාසි එමගින් ලැබෙනවා.
තමාගේ දක්ෂපක්ෂකම් ඉස්මතු විම මේ සතියෙදි වන දෙයක්. දියුණුවට අතහිත ලැබෙන මේ සතියෙදි චිත්ත ප්‍රීතිය නිසා කරන සියලුම කටයුතු සාර්ථක වීම සිදුවෙනවා. රැකියා කරන අයටද බොහෝ සුබයි.
ගෘහ ජිවිතය තුල සතුට ලැබෙනවා. මංගල යෝග ඇතිවෙනවා. නැවති තිබු ඥාති මිතුරුකම් ඇතිවෙනවා. නව ඥාති හිතවත්කම් ගොඩ නැගෙනවා. පවුලේ අය හා ඥාතින් සමග වෙනදාට වඩා සහයෝගයෙන් සහ සතුටින් ගතකිරිමට හැකියාව ලැබෙනවා
සෞඛ්‍ය තත්වෙය් ජලය ආශ්‍රිතව ගොඩනැගෙන රෝගාබාධ වලින් පරිස්සම් වන්න.


● මීන
ඉතාම හොද සතියකි.
අලුත් ආයෝජන අවස්ථා ඔබට හිමි වෙනවා. කරන කියන කටයුතු සාර්ථක වෙනවා. ව්‍යාපාරික කටයුතු වල අයට බැංකු ණය ආදි අතහිත ලැබෙනවා, මේ අනුව හොද සතියක්.
මීන ලග්නයේ ගෘහණියන්ට/කාන්තාවන්ට රන් ආභරණ, ආයිත්තම් ආදිය ලැබෙනවා. ඒ වාසනාව පවතිනව. කාන්තාවන්ට ඉතාම සුභ සතියක් මේ සතිය.
ගෘහ ජිවිතයද  ඉතාම හොදයි. ආර්ථිකය සමග ඉතා ඉහල තැනක ඔබ සිටිනවා. ඔබ ගැන සොයා නොබැලු ඥාතින් ඔබ ගැන සොයා බැලීමට පුලුවන්. මංගල යෝග උදා වෙනවා. පෙම් සබදතා සඵල වෙනවා. හොදයි.
පපුවේ සෙම, ඒ නිසා හටගන්නා ඇගපත වේදනාව ඇතිවිය හැකියි. ආරක්ෂා වන්න.


-
* කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* නාමකරණය (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
 සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
irusewaya@gmail.com.
0711 345 364

Saturday, January 16, 2016

“ සිනාවෙන් - සතුටින් ඉන්න “

" සිනාසී තරවන්න “
මේ කියමන ගොඩක් අය අහල ඇති. නිතර හිනාවෙන්, සැහැල්ලුවෙන්, සතුටින් ඉන්න අය ටිකක් මහත් වෙන්න ඉඩ වැඩියි... මහත් වෙනව කියන්නෙ පිරිපුන් වෙන්න ඉඩ වැඩියි..

● ජ්‍යොතිෂ්‍යය අනුව හිතුවත් ගුරු/බ්‍රහස්පති කියන්නෙ සෞභාග්‍යයට හේතුවෙන් ග්‍රහයෙක්... ගුරු උච්ච අය පොදුවේ නිතර හිනාවෙන් ඉන්න ප්‍රීතිමත් ජිවිත ගත කරන අය..
හිනා උනාම මහත් වෙන්නෙ කොහොමද කියල කෙනෙක්ට හිතෙන්න පුලුවන්... ?
ඒට හේතුව තමයි ධමනි හිනාවෙනකොට ප්‍රාණවත් වෙනවා, පුළුල් වෙනව..

● පොදුවේ හිතුවොත් වැඩියෙන් සතුටින් ඉන්නෙත් ටිකක්වත් මහත් අය, ලෝකෙ හොයාගත්ත පර්යේෂණ වලින්..
* ඉතින් අපි මේ කියන්න හදන්නෙ මහත් වෙන්න කියල නෙමෙයි, සතුටින් ඉන්න කියලයි...
සතුටින් ඉදිද්දි මහත් වෙනව කියන්න ලංකාවේ හොදම උදාහරණය දේශපාලනඥයො..
බලන්න ජනාධිපතිවරු උනත්, එනකොට කෙට්ටුවට එන්නෙ, ටික කාලයක් යද්දි හොදට පිරිපුන් වෙලා මහත් වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුත් විශේෂයි...

● තව දෙයක් නිතර හිනාවෙන් සතුටින් ඉන්න අයට දීර්ඝායුෂ ලැබෙනවා..
දුකක් වේදනාවක් දැනුනොත් හොදම දේ බඩ පිරෙන්න කාලා නිදාගන්න එකයි...

* දුකකදී, කරදරයකදී ඉතින් දුකෙන් හිටිය කියල වෙන හොඳක් නෑනේ... ඒකත් හිතන්න..
මේ විදියට හිනා වෙලා, දුකකදී, වේදනාවකදි ඒ තත්වයන් අඩුකරගෙන ජිවත් වෙද්දි සෞඛ්‍ය ඉබේම රැකෙනවා..
නිරෝගී වෙනවා කියන්නෙ උතුම්ම ලාභයනේ..
ඒකෙන්ම දීර්ඝායුෂ ලබතෑකි...

● ඒනිසා මනුස්සකමට වෙන අය එක්ක හිනාවෙන්න.
පොඩි සතුටකදි උනත් ඒක හොඳට විඳින්න... අනිත් අය එක්ක සතුටින් ඉන්න... ජිවිත් වෙන කාලය හරිම ටිකයි.. ඒකාලයෙදි හොදින් ඉන්න ඕන අපි හැමෝම... සංසාරෙටම බලපානව ඔය දේවල් හ්ම්...

#‎ඉරු‬

Thursday, January 14, 2016

අප සේවයට හිතවත් විදේශගතව සිටින දියණියන් දෙදෙනෙකු වෙනුවෙන් අප තලවතුගොඩ කාර්යාලයේ පවත්වන්නට යෙදුනු සම්‍යක් දෘෂ්ටික දේව පූජාවේ එක් අවස්ථාවක්.

මේ පූජාවේ අනුහසින් එම දියණියන් දෙදෙනාගේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන්නටත්, අපගෙන් සේවා ලබාගන්නා සියලු දෙනාට තම කටයුතු සාර්ථක වන්නටත්, අපට ලබැඳි පාඨක සියලුදෙනාටත් විශේෂ වශයෙන් මේ දේව පූජාව අනුව සියලු යහපත ඉෂ්ට සිද්ධ වේවායි සෙත් ප්‍රාර්ථනා කරමු !

‪#‎ඉරු‬

Monday, January 11, 2016

විවාහය හා බැඳුනු ග්‍රහමය රහස් - 02

ඉරු සේවයේ පාඨක ජනතාව වෙත විවාහය සම්බන්ධව ඇති සංවේදි තත්ව, එනම් භෞතික සාධක සම්බන්ධව විග්‍රහයක් කිරිමට කල්පනා කලා.
කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමට, අප කටයුතු කරනවා.

විශේෂයෙන්ම විවාහයකදී බලන කරුණු කාරණා රාශියකි. කාන්තා පාර්ශවය විශේෂයෙන් පහත සඳහන් කරුණු ගැන සලකා බලයි.


01) තමාගේ සහකරු/සහකාරිය පෙනුම තියෙන කෙනෙක්ද ?
(https://www.facebook.com/irusewaya/photos/a.1266788206671589.1073741851.833656709984743/1266788290004914/?type=)
02) තම සහකරු/සහකාරිය උගත්, බුද්ධිමත් කෙනෙක්ද ?
03 තම සහකරු/සහකාරිය මානුෂීය ගතිගුණ වලින් හෙබී කෙනෙක්ද ?
04) තම සහකරු/සහකාරිය ධනවත්ද, වත්කම්/දේපල-යාන වාහන හිමි කෙනෙක්ද  ?

ඒ අනුව තම විවාහ සහකරු/සහකාරිය උගත්, බුද්ධිමත් අයෙක්ද යන්න කේන්දරය අනුව අප බලමු.

( විශේෂයෙන් කිව යුත්තේ මෙම යොදන සියලු කරුණු පොදු ඒවා බවයි. මෙම තත්වයන් සැබෑවටම ඇතිවන්නට නම්, අදාල ලෙස පිහිටා තිබිය යුතු අතර, කේන්දරයේ පිහිටා ඇති අංශකයන්, ග්‍රහ දෘෂ්ටි, නැකැත්, නවාංශකය යනාදි බොහෝ කරුණු මත එය තීරණය වනු ලබයි.)

02 ) උගත් බව

● යම් ස්ත්‍රි/පුරුෂ කේන්දරයක 7 වැන්නාධිපතියා 5 වැන්නේ නම්, 7 වැන්න සහ 5 වැන්න පරිවර්ථනය වී ඇත්නම් ඔහුට හෝ ඇයට ඉතාම බුද්ධිමත් සහකරුවෙක්/සහකාරියක් ලැබේ.
නමුත් සමහර වෙලාවට එම සහකරු/සහකාරිය ඉතාම සූක්ෂම සහ තීක්ෂණ බුද්ධියකින් හෙබීය.  මෙවැනි අයට නියපොතු වලත් මොළය ඇතැයි පැරැන්නෝ කියති.

● යම් ස්ත්‍රි/පුරුෂ කේන්දරයක 7 වැන්නාධිපතියා ශුභයෙක් වී ඔහුට ගුරුගේ පූර්ණ දෘෂ්ටි වැටේ නම්, ඔහු/ඇයට සත්කලත්‍ර යෝග යෙදෙනවා මෙන්ම අධ්‍යාපන මට්ටමෙන් ඉතා අනූන, ප්‍රඥාවත් සහකරු/සහකාරියක් ලැබීමට නිසර්ඟ හේතුවකි.

● එසේම කන්‍යා - මිථුන ලග්න වල උප්පත්තිය ලබා, බුධ ග්‍රහයා ගුරු සමග සුභ දෘෂ්ටි හෙලීමද, එකට සංයෝග වී සිටිමද බුද්ධිමත් සහකරුවන්/සහකාරියන් ලැබීමට හේතුවකි.

● තවත් පර්යේෂණාත්මකව විශේෂිතව අත්දැකීමෙන් දත් කාරණාවක් නම්, විවාහ අපේක්ෂිත වයසේදී බුධ හෝ ගුරුගේ මහ දසා ගතවීම බුද්ධිමත් සහකරුවෙක්/සහකාරියක් ලැබෙන තවත් විශේෂිත අවස්ථාවකි.


- සහකරු/සහකාරිය මානුෂීය ගතිගුණ වලින් හෙබී  අයෙක්ද යන්න ඊලග ලිපියෙන් බලමු.


- විමසා බලන්න ඔබගේ ජන්ම පත්‍රයත් මෙවන් පිහිටිම් ඇත්දැයි කියා.... ඔබ වාසනාවන්තයි !

Sunday, January 10, 2016

විශ්ව පාලක විෂ්ණු දෙවිඳු


දහම රකින, යහපතට වැඩ සලසන උතුම් වූ විෂ්ණු දිව්‍ය රාජයා !

‪#‎Narayana‬ ‪#‎godvishnu‬ ‪#‎lordvishnu‬
‪#‎ඉරු‬

 ‪#‎විෂ්ණුදෙවියන්‬

Tuesday, January 5, 2016

විවාහය හා බැඳුනු ග්‍රහමය රහස් ! - 01

දිගු නිහැඬියාවකට පසු ඉරු සේවයේ පාඨක ජනතාව වෙත විවාහය සම්බන්ධව ඇති සංවේදි තත්ව, එනම් භෞතික සාධක සම්බන්ධව විග්‍රහයක් කිරිමට කල්පනා කලා.
කොටස් වශයෙන් ඉදිරිපත් කිරීමට, අප කටයුතු කරනවා.

විශේෂයෙන්ම විවාහයකදී බලන කරුණු කාරණා රාශියකි. කාන්තා පාර්ශවය විශේෂයෙන් පහත සඳහන් කරුණු ගැන සලකා බලයි.


01) තමාගේ සහකරු/සහකාරිය පෙනුම තියෙන කෙනෙක්ද ?
02) තම සහකරු/සහකාරිය උගත්, බුද්ධිමත් කෙනෙක්ද ?
03 තම සහකරු/සහකාරිය මානුෂීය ගතිගුණ වලින් හෙබී කෙනෙක්ද ?
04) තම සහකරු/සහකාරිය ධනවත්ද, වත්කම්/දේපල-යාන වාහන හිමි කෙනෙක්ද  ?

ඒ අනුව තම විවාහ සහකරු/සහකාරිය රූපසම්පන්න අයෙක්ද යන්න කේන්දරය අනුව අප බලමු.

(* විශේෂයෙන් කිව යුත්තේ මෙම යොදන සියලු කරුණු පොදු ඒවා බවයි. මෙම තත්වයන් සැබෑවටම ඇතිවන්නට නම්, අදාල ලෙස පිහිටා තිබිය යුතු අතර, කේන්දරයේ පිහිටා ඇති අංශකයන්, ග්‍රහ දෘෂ්ටි, නැකැත්, නවාංශකය යනාදි බොහෝ කරුණු මත එය තීරණය වනු ලබයි.)

● යම් ස්ත්‍රි/පුරුෂ කේන්දරයක, 7 වැන්නාධිපතියා ශුභයෙක් වී, ගුරු/බ්‍රහස්පතිගේ හෝ සිකුරු/ශුක්‍රගේ දෘෂ්ටියක් ලබයි නම්, ඔහු/ඇයගේ සහකරු/සහකාරිය මනා කඩවසම් - රූපසම්පත්තිය ඇති පුද්ගලයෙකු බව පෙන්වයි.

● යම්කිසි ස්ත්‍රි/පුරුෂ කේන්දරයක 7 වැන්නේ ශනි/සෙනසුරු තැන්පත් නම් ඔහු/ඇයට ලැබෙනුයේ, තරමක වයස් පරතරයක් ඇති ධනවත් අයෙකි. - මෙහිදී ශනිගේ බලය ඉතාම වැදගත් වන අතර, ශනි උච්ච නම් බොහෝදුරට එසේම සිදුවේ.

● ජන්ම පත්‍රයේ බුධ 7 වැන්නේ නම්, 7 වැන්නට සුභ දෘෂ්ටි වැටේ නම්, ඔහුට හෝ ඇයට ලැබෙන්නේ හුරුබුහුටි ගතිගුණ ඇති, මිහිරි තෙපුල් ඇති කෙනෙකි.

● යම් ජන්ම පත්‍රයක පුරසඳු බලවත්ව 7 වැන්නේ නම් මනා පිරුණු දේහයක් ඇති රූමත් සහකරුවෙකු හෝ සහකාරියක් ලබයි.


- සහකරු/සහකාරිය උගත්-බුද්ධිමත් අයෙක්ද යන්න ඊලග ලිපියකින් බලමු.


- විමසා බලන්න ඔබගේ ජන්ම පත්‍රයත් මෙවන් පිහිටිම් ඇත්දැයි කියා.... ඔබ වාසනාවන්තයි !