Tuesday, December 29, 2015

2016 වසර ලග්න 12ට කොහොමද ?

● මේෂ
මෙම වසර ආරම්භ වන්නේ මෙවන් ග්‍රහචාරයක් මතය.
ගුරු 5, සඳු-රාහු 6 වැන්නේද, ලග්නාධිපති කුජ 7 වැන්නේද, ශනි-සිකුරු 8 වැන්නේද, රවි 9 වැන්නේද, බුධ 10 වැන්නේද කේතු 12 වැන්නේද සිටියදී නව වසර ඇරඹේ.
ආර්ථික තත්වය මෙම කේන්දරයට අනුව හොඳ තත්වයක පවති. ඔබට නව වසර උදාවන්නේ පරිවර්ථන යෝගයක් සමගයි. ගුරු සහ රවි පරිවර්ථන යෝගයක් සමගය. මෙනිසා ඔබ කරන කියන කටයුතු වල හොද දියුණුවක් ඇති කරගැනීමට ඔබට හැකියාව ලැබේ. ව්‍යාපාර කටයුතු වල නව්‍යකරණයක් ඒවාට එකතු කරගැනීමට ඔබට හැකියාව ලැබේ. විශේෂයෙන්ම අප්‍රේල් මාසයෙන් පසුව උසස්වීම් හිමිවෙන්නට වාසනාව තිබේ.

ගෘහ ජිවිතය අතින් ගත්කල මේ වසරේදී හොඳ සාමකාමි තත්වයක පවතින බව කිව යුතුයි. විශේෂයෙන්ම දුවාදරුවන් සමග ප්‍රීතියෙන් සිටිමට ඔවුන් වෙනුවෙන් යම්කිසි දෙයක් කිරිමට ඔබට හැකියාව ලැබේ. විශේෂයෙන්ම ඔබට සතුටින් සිටින්නට අවස්ථාව ලැබෙනවා සේම, අගෝස්තු මාසයෙන් පසු ඔබ තරමක සතුරු කරදර වලින් ආරක්ෂා විය යුතුයි. බුද්ධිමත්ව කටයුතු කිරිමෙන් ඔබට බොහෝ උපද්‍රව වලක්වා ගත හැක.

සෞඛ්‍ය තත්වයේ නිදන්ගත රෝග, මුත්‍රා අමාරු, උෂ්ණාධික රෝග ගැන විශේෂ සැලකිල්ලකින් කටයුතු කරන්න.


● වෘෂභ

ගුරු 4, සඳු-රාහු 6 වැන්නේද, කුජ 7 වැන්නේද, ශනි-සිකුරු 8 වැන්නේද, රවි 09 වැන්නේද, බුධ 10 වැන්නේද, කේතු 11ද    සිටියදී නව වසර ඇරඹේ.
වෘෂභ ලග්න හිමියන්ට 2016 නව වසර ඉතාම ශුභ බව කිව යුතුයි. 2015 වසරට වඩා ආර්ථික තත්වය ඉහල මට්ටමක පවතින බව කිව යුතුයි. විශේෂයෙන්ම වෙළද ව්‍යාපාරික කටයුතු වල නියුතු ඔබට එහි දියුණුව සහ ප්‍රගතිය ලැබේ. ඔබටද මෙම දියුණුව සමග භූමිලාභ, ඉඩකඩම් ලැබීමේ වාසනාවද පවති. රැකියා කරන ඔබ ස්ථානී්‍ය වශයෙන් හොද තත්වයකට පැමිණේ. එනම් වැටුප් ලැබීම, උසස්වීම් ආදියට ඔබට වාසනාව 2016 වසරේදී පවති. හදිසි ධනලාභ වාසනාවද මේ අතර හිමිය.

ගෘහ ජිවිතය තුල ඉවසීමෙන් කටයුතු කල යුතුයි. මන්ද මේ වසර අවසානය තෙක්ම සෙනසුරු 7 වැන්නේ සිටින බැවින්, අනිත් ග්‍රහ බලපෑම් සමග ඔබට විවාහ ජිවිතයේ යම් ආරවුල් ඉදහිට පැන නැගීමට පුලුවන්, නමුත් ඒවා කතා කර විසඳගැනීමට හැකි සුළු ඒවාය. ඉවසීමෙන් කටයුතු කරන්නට බුද්ධිමත්ව සිතාගන්න.

සෞඛ්‍ය තත්වයේ උෂ්ණාධික රෝග, හිසේ කැක්කුම සහ ආමාශගත රෝග, අජීර්ණ රෝග ආදිය වැළඳීමට හේතුයි, ඒවායෙන් ආරක්ෂා වන්න.


● මිථුන

ගුරු 3 , සඳු-රාහු 4 වැන්නේද, කුජ 5 වැන්නේද, ශනි-සිකුරු 6  වැන්නේද, රවි 7  වැන්නේද, බුධ 8 වැන්නේද, කේතු 10ද සිටියදී 2016 නව වසර ඇරඹේ
2016 වසර තරමක අවිවේකී සහ ක්‍රියාශීලි වසරක් වනවා ඇත. විශේෂයෙන්ම ව්‍යාපාරික කටයුතු නියුතු මිථුන ලග්න හිමියන්ට විදේශයන් වලට යෑමට පවා සිදුවේ. අතිශයින්ම කර්යබහුල කාලයක් වනවා ඇත. රැකියා කරන ඔබට ස්ථාන මාරුවීම් ලැබීමටද ඉඩ ඇත. බොහෝවිට එම ස්ථාන මාරු උසස්වීම් සමගම ලැබීමටත් ඔය අතර ඉඩකඩක් පවතී. කෙසේ වෙතත් උනන්දුවේ, උත්සාහයේ හැටියට ඔබට දියුණුව හිමිවන බව කිව යුතුයි.

ගෘහ ජිවිතය අතින් ගත්කල ඔබ දරු පවුලට යුතුකම් ඉෂ්ට කරන බව කිව යුතුයි, නමුත් ඔබගේ කාර්ය බහුලත්වය නිසා නිවසේ රැදී සිටිමේ ප්‍රවණතාවය බොහෝසෙයින් අඩුවිය හැක. එමෙන්ම ඔබට යම් යම් ගෘහ ජිවිතය තුල යම් බලපෑම් ඇතිවීමට පුලුවන් - සතුරු කරදර, අන් අයගේ යම් ප්‍රකාශ නිසා ගෘහ ජිවිතය තුල ආරවුල් ඇතිවිම් ආදිය) මේ තත්වයන් වසරේ මුල් කොටසේදි තදින් දැනීමට පුලුවන්. එනිසා ප්‍රශ්න පැන නැගෙද්දි බුද්ධිමත්ව මුහුණ දීමට අවවාද කරමු.

සෞඛ්‍ය තත්වය පපුවේ දැවිල්ල, ගෑස්ටික් එසේම සෙම් අමාරු, උදරාබාධ මේ ආදි අසනීප වලින් නව වසරේදී ඔබ ආරක්ෂා විය යුතුයි.



● කටක


ගුරු 2, සඳු-රාහු 3  වැන්නේද, කුජ 4 වැන්නේද, ශනි-සිකුරු 5 වැන්නේද, රවි 6  වැන්නේද, බුධ 7  වැන්නේද, කේතු 9ද සිටියදී 2016 නව වසර ඇරඹේ
පවතින ග්‍රහචාරය සමග බලන කල ආර්ථික වශයෙන් ඉතාම ඉහල දියුණුවක් ඔබට ඇතිකරගැනීමට පුලුවන්. ව්‍යාපාරික කටයුතු වල නියුතු ඔබට එම කටයුතු පුළුල් කරගැනීමට පුලුවන්. මේ අතර විදේශයන් සමග කරන ගනුදෙනු කටයුතු වලදී ඔබගේ භූමිකාව ඉතාම ශක්තිමත් වනවා ඇත. එසේම ඔබගේ කීර්ති නාමයත් හොද තත්වයක තිබෙන නිසා හොඳ නමත් සමග ඉදිරියට යෑමේ හැකියාව පවති. රැකියා කරන ඔබටද, උසස්වීම් වැටුප් වර්ධක ලැබීමේ වාසනාව පවති.

ගෘහ ජිවිතය අතින් ගත්කල අඹුසැමි ප්‍රේමය ඉතාම හොදින් පවතින කාලයකි. දරුවන් සමග වැඩි කාලයක් ගතකිරිමේ හැකියාව ඇති වෙනවා, කෙතරම් කාර්යබහුල උවත්. අවිවාහක ඔබට මංගල යෝග උදා වේ. ඒ අතරතුර ප්‍රේම සම්බන්ධතා, ස්ථිර වේ. ඒවාට වැඩිහිටියන්ගෙන් ආශිර්වාදය හිමි වේ.

සෞඛ්‍ය තත්වය සම්බන්ධව ප්‍රබල ගැටළු නැති වුවත්, නිදන්ගත රෝග ඇති ඔබ පරිස්සම් විය යුතුයි. අගෝස්තු මසින් පසු ඔබගේ පවතින රෝග ගැන වඩාත් සැලකිලිමත් වන්න. රෝග නිර්ණය ආදි කටයුතු කරගන්න.


● සිංහ

ගුරු 1වැන්නේ හෙවත් ලග්නයේද , සඳු-රාහු 2  වැන්නේද, කුජ 3 වැන්නේද, ශනි-සිකුරු 4  වැන්නේද, රවි 5 වැන්නේද, බුධ 6 වැන්නේද, කේතු8ද සිටියදී 2016 නව වසර ඇරඹේ

වසර උදාවන්නේ ඉතාම හොඳ තත්වයක් ඇති කරගෙනයි. විශේෂයෙන්ම ලග්නය සහ 5 වැන්න අතර යෙදෙන ප්‍රබලම පරිවර්ථන යෝගය එනම් රජතුමාගේ සහ පුරෝහිතයාගේ පරිවර්ථන යෝගය නිසා 2016 වසර ඒකාන්තයෙන්ම ඔබගේ ජිවිතයේ ප්‍රාර්ථනා දළුලනවා ඇත. අලුත් ආදායම් මාර්ග නිර්මාණය වීමද, නව ව්‍යාපාර කටයුතු මෙන්ම හවුල් ව්‍යාපාර කටයුතු වල දියුණුවද ඇතිවේ.
සිංහ ලග්න කරුවන්ට පවසන ඉතා විශේෂ අනාවැකියක් නම් 2016 වසරේදී මලගිය ඥාතියෙකුගේ දේපල හෝ වැඩිහිටියෙකුගේ දේපල අයත්වන්නට වාසනාව තිබෙන බවයි.

ගෘහ ජිවිතය තුල, ඔබට කෙතරම් බාධක කරදර ආවත්, වසර ආරම්භයෙදි යම් යම් සුළු ප්‍රශ්න ආවත්, විශේෂයෙන්ම මැයි, ජුනි මාස වලින් පසු ඔබගෙන් ඈතට යනු ඇත. කෙසේ වෙතත් සියලුම පැමිණෙන උපද්‍රව ඔබගේ වාසනා මහිමය නිසා ඔබගෙන් ඈත්වී යනු ඇත. මේ අතර මංගල යෝග උදාවන ඔබට උසස් පවුල් සමග සම්බන්ධතා ගොඩනැගීමට තරම් ඔබ වාසනාවන්තයෙක් වනු ඇත.

සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් ප්‍රබල ගැටළු නොපවති, නමුත් උෂ්ණාධික රෝග, ආමාශගත රෝග, සෙම් රෝග ප්‍රධානයි. අවධානයෙන් සිටින්න.


● කන්‍යා

ගුරු 12 , සඳු-රාහු 1 වැන්නේද, කුජ 2 වැන්නේද, ශනි-සිකුරු  3 වැන්නේද, රවි 4 වැන්නේද, බුධ 5 වැන්නේද, කේතු 7 ද සිටියදී 2016 නව වසර ඇරඹේ

2016 වසර ඉතාම අභියෝගාත්මක කාලයකි. පවතින ග්‍රහචාරයත්, ඉදිරියේදී සිදුවන්නට නියමිත ග්‍රහ මාරුත්, සැලකිල්ලට ගැනීමෙන් දැවැන්ත අභියෝග රාශියකට ඔබ මුහුණ පායි. විශේෂයෙන්ම වෙළද ව්‍යාපාරික කටයුතු වල නියුතු ඔබ උපාය මාර්ගිකව ආරක්ෂා විය යුතුයි. 2016 වසරේ ඔබ ආයෝජනය කිරිමට නියමිත මුදල් ගැන විශේෂ කළමනාකරණයක් ඇති කරගත යුතුයි. එසේ නොවුනොත් ඔබ බංකොලොත් විය හැක. රැකියා කරන අයද ආයතන ප්‍රධානින්ගේ ආදරය දිනාගෙන වැඩ කල යුතුය. එසේම අප ඔබට අවවාද කරනවා, ආයතන ප්‍රධානින් සමග ‘වලි‘ දාගන්න එක හොද නැහැ කියල.
දේශපාලනයේ නියුතු කන්‍යා ලග්න කරුවන් පිල්මාරු කිරිම, හිතුවක්කාර තින්දු තීරණ ගැනීම, නායකත්වයෙන් පිට කටයුතු කිරිම නොකල යුතු අතර ඒවා කලොත් ඔබ දේශපාලන අනාථයෙක් වේවි. බුද්ධිමත් වන්න.

ගෘහ ජිවිතය තුලද ඔබගේ හිතුවක්කාරි, මුරණ්ඩු ගති, ඔබගේ අදහස් උදහස්ද අනුව යම් යම් ගැටළු ඇතිවිය හැකියි. අනියම් සබදතාද ඇතිවිය හැකියි ඒ ගැනද ඔබ සැලකිලිමත් විය යුතුයි. අගෝස්තු මාසයේ සිදුවන ගුරු මාරුව වනතුරු ඉවසා සිටින්න, ඉන්පසු මීට වඩා යහපත් කාලයක් වනු ඇත. මේ අතර ඔබට විදේශ ගතවීමේ හැකියාවද පවති. බුද්ධිමත්ව කටයුතු කරන්නට තරයේ සිතට ගන්න.

සෞඛ්‍ය තත්වයේ, මානසික ආතතිය, කේන්ති යාම, එසේම අස්ථි උලුක්කු වීම්, කොන්දේ අමාරු ආදිය ඇතිවිමට පුලුවන්. ඔබට උෂ්ණාධික රෝගද වැළදීමට පුලුවන්. කාන්තාවන්ට විශේෂයෙන්ම තමන්ගේ පෞද්ගලික සනීපාරක්ෂාව ගැන සැලකිලිමත්ව සිටිය යුතුයි.


● තුලා


ගුරු 11 , සඳු-රාහු 12 වැන්නේද, කුජ 1 වැන්නේද, ශනි-සිකුරු 2  වැන්නේද, රවි 3 වැන්නේද, බුධ 4 වැන්නේද, කේතු 6 ද සිටියදී 2016 නව වසර ඇරඹේ

2016 වසර ශුභදායක බව කිව යුතුයි. ඔබ මේ වසර තුල බුද්ධිමත්ව කටයුතු කරමින් නිවරදිව සිටියොත්, වසර 1 හමාරක කාලයකට ඔබව හොල්ලන්නවත් වෙන කාටවත් බැරිය. විශේෂයෙන්ම 2015 සිදුවු සියලුම අලාභ-පාඩු මේ වසරේදි පියවේ. ප්‍රබල ග්‍රහ යෝගයක් - කෝටියක් දෝෂ භංග වන යෝගයක් සමග යෙදෙන, වසර ආරම්භයෙදි රාහු-කේතු මාරුවෙන් ව්‍යාපාරික කටයුතු දියුණු වේ. ආනයන - අපනයන ආදි ව්‍යාපාර වල නියුතු ඔබට ඒ ව්‍යාපාර ඉතාම හොදින් පුළුල් කරගැනීමට හැකියාව ලැබෙන අතර, දේශ දේශාන්තරයේ ව්‍යාපාරික කටයුතු ස්ථාපනය කිරිමට ඔබට හැකියාව ලැබෙනු ඇත. සතුරු කරදර 2015 වසරේ ඔබට විරුද්ධව ඇතිවූ යටිකූට්ටු කුමන්ත්‍රණ සහ සතුරු කරදර හිරු දුටු පිණි මෙන් මේ වසරේදි ඔබගෙන් ඉවත්ව යයි.
එසේම ආර්ථික තත්වයේ ශුභ නව්‍යකරණයක් ඇතිවේ. ඔබගේ ආකල්පමය පැත්තද හොදින් ඇතිවන නිසා රැකියා කරන ඔබටද ව්‍යාපාර සහ සියලුම වෘත්තින් සහ විදේශ රැකියා කරන ඔබටද ජයෙන් ජයයි !

ගෘහ ජිවිතය ඉතාම හොදින් ගතවේ, ස්වාමි-භාර්යා සම්බන්ධය හොදින් පවත්වාගෙන යත හැක, යුග දිවියේ යම් යම් සුළු සුළු ගැටළු ආවත්, ඒවා යම් කාලයක, යම් ප්‍රමාණයකට පමණි. සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සියලු ඥාති වර්ගයා සමග සහජීවනයෙන් වාසය කිරිම ඔබගේ අරමුණ වන අතර එම කටයුතු සාර්ථක වේ. ස්ත්‍රින්ට පුරුෂයන් සමගද, පුරුෂයන්ට ස්ත්‍රින් සමගද රිසිසේ විනෝද වීමට මේ වසරේදි හැකියාව ලැබේ.

සෞඛ්‍ය තත්වය අතින් බැලූ කල, 2016 වසර තුල ඔබගේ ගිය වසරට වඩා මානසික සෞඛ්‍ය තත්වය ඉතාම ඉහල තත්වයක පවතිනු ඇත. ඔබ වසරේ මුල් මාසයෙන් පසු මානසිකව ඉතාම ඉහල තත්වයකට පැමිණේ. එනම් ශාරිරික නිරෝගිතාවය, මානසික ඒකාග්‍රතාවය ඇතිවේ, මේ තත්වය ඔබට ඇති අනිකුත් සියලු කරදර, දෝෂ සමනය කිරිමට තරම් ප්‍රබල සාධකයකි.


● වෘශ්චික

ගුරු 10 , සඳු-රාහු 11  වැන්නේද, කුජ 12  වැන්නේද, ශනි-සිකුරු 1  වැන්නේද, රවි 2 වැන්නේද, බුධ 3 වැන්නේද, කේතු 5 ද සිටියදී 2016 නව වසර ඇරඹේ

2016 වසර ඔබට මධ්‍යස්ථ වසරකි. එසේ අප පැවසුවේ, වසර ආරම්භයේදීම ලග්නයේ සෙනසුරු ග්‍රහයා තැන්පත්ව සිටින නිසාය. ව්‍යාපාර සහ රැකියාවේ පවතින දුෂ්කරතාවයන්ට ඔබ ඍජුවම ගොදුරු වීම, එසේම අධික කාර්යබහුලත්වය මේ තත්වයන් ඔබට විශේෂයෙන්ම බලපාන කාරණාවන්ය. ඒ කෙසේ වෙතත් ඉතාම දුෂ්කර ගමන් මාර්ගයකින් පසුව ඔබට වසර අවසානයෙදි ඔබට යහපතක් වනු ඇත. රැකියා කරන ඔබ ආයතන ප්‍රධානින් සමග හොද සබදතාවක් පවත්වා ගන්න. ව්‍යාපාර කරන ඔබ ණය ගැනීම සහ දීම සම්බන්ධව සැලකිල්ලෙන් සිටිය යුතුයි.
මේ වසරේදි කිසිවිකටවත් අනුන්ගේ වාහන, දේපල ගැනීමට හෝ විකිණීමට ඇප වන්න එපා, එය ඔබටම කරදරයක් වෙන්නට ඉඩ තිබේ. අගෝස්තු මසින් පසුව ඔබගේ ආර්ථිකය වඩා යහපත් වේවි.

ගෘහ ජිවිතය තුල ඉවසීම සහ සංයමය පුරුදු පුහුණු කරගත යුතුයි. එසේ නොමැති වුවොත් ස්වාමියා බිරිද සමග වචන හුවමාරු විශාල ප්‍රශ්නයකට පෙරලී ඔබ පීඩාවට පත්වනු ඇත. ඇත්ත වශයෙන්ම කට පරිස්සම් කරගත යුතුයි. කෙසේ වෙතත් වසර මැද කොටස වනවිට අවිවාහක ඔබට මංගල යෝග උදාවන අතර, පවතින පෙම් සබදතා වලට දෙමාපිය වැඩිහිටියන්ගේ ආශිර්වාදය හිමි වේ. කෙසේ වෙතත් ඔබගේ ඉවසීම සහ සිහිබුද්ධිය අනුව ජිවිතය ප්‍රීතිමත් කරගත හැක.

විශේෂයෙන්ම හිසේ කැක්කුම්, ඇඟපත අමාරු, තුනටියේ අමාරු, බෝවන රෝග යනාදියෙන් ආරක්ෂා වන්න. කුඩා දරුවන් හිසට ඇතිවන අනතුරු වලින් විශේෂයෙන් පරිස්සම් කරගන්න.



● ධනු

ගුරු 9 , සඳු-රාහු 8  වැන්නේද, කුජ  11 වැන්නේද, ශනි-සිකුරු 12 වැන්නේද, රවි 1 වැන්නේද, බුධ 2 වැන්නේද, කේතු 4 ද සිටියදී 2016 නව වසර ඇරඹේ

2016 වසර ඔබට මිශ්‍රපල ගෙන දෙන අවුරුද්දකි. අප ඔබට සදහන් කරන්නේ ඔබගේ කළමනාකරණය හරියට කරගන්න පුලුවන් නම්, වසර පුරාම වැයස්ථානයේ සිටින සෙනසුරුගේ බලපෑමෙන් ඔබගේ මුදල් නිවරදිව භාවිත කරගන්නට හැකියාව ඇති බවයි. ඔබට ආර්ථික හානියක් 2016දි සිදු නොවන බව වගකීමෙන් කියනවා. විශේෂයෙන්ම 2016 මධ්‍ය කොටසෙන් පසු ඔබට සීග්‍රගාමි වන දියුණුවක් ඇතිවනු ඇත. ඔබ කළමනාකරණය විය යුතුයි.

ගෘහ ජිවිතය තුල ඔබට මධ්‍යස්ථ ජිවිතයක් හිමිය. ඔබ ඉවසිලිමත්ව කටයුතු කරන්න. සියලුම ප්‍රශ්න උපද්‍රව ඔබ මනසින් කළමනාකරණය කරගන්න, සෙනසුරු 12 බැවින් සුළු ප්‍රශ්න, මහා පරිමාණ ඒවා විය හැක. එසේම ඔබට 2016 වසරේදි වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබීමද, ඔවුන්ගෙන් ආධාර උපකාර ලැබීමද, ඔබට වන්දනා ගමන් බිමන් යෑමටත්, ආගමික භක්තිය ඇතිවිමටත් හේතු කාරණා යෙදෙනවා. වසර මැදින් පසු මංගල යෝග උදාවෙනව, ඒවා සාර්ථක වනවා සේම ප්‍රේම සබදතා වලටද වැඩිහිටියන්ගේ ආශිර්වාදය හිමි වෙනවා.

සෞඛ්‍ය තත්වයේ මානසික ආතතිය, හන්දිපත් වේදනා, ශාරිරික අපහසුතා, හිසේ කැක්කුම් ගැන ඔබ සැලකිල්ලෙන් සිටින්න.



● මකර

ගුරු 8 , සඳු-රාහු 9 වැන්නේද, කුජ 10 වැන්නේද, ශනි-සිකුරු 11 වැන්නේද, රවි 12 වැන්නේද, බුධ 1 වැන්නේද, කේතු 3 ද සිටියදී 2016 නව වසර ඇරඹේ.
ඔබට මේ කාලයේදී 2016දී තරමක ගැටළු සහගත තත්වයන් එන කාලයක් වේ. ආර්ථික වශයෙන් ඔබ යම් දුෂ්කරතාවයන් වලට හසුවිය හැකිය. එම තත්වය තුල විශේෂයෙන්ම ප්‍රවේසම් විය යුතුය. කරන කියන ව්‍යාපාර කටයුතු වලට බාධක-උපද්‍රව සහ කරදර එල්ල වේ. එසේ නම් ඒවාට මුහුණ දීමේදි ඔබ ඉතාම සූක්ෂමව කල්පනා කරගත යුතුය. ණය තුරුස් වලට මැදිහත් වීමද එමෙන්ම යම් යම් බැඳීම් වලට ඇප වීමද නොකර සිටිම වඩා සුදුසුය. තවත් එක්තරා විශේෂ කාරණාවක් නම් ඔබ කරන සියලුම ආර්ථික අංශයේ, රැකියා කරනවා නම් ඔබ ප්‍රවේසම් විය යුතුයි.  ආයතනයේ ප්‍රධානින් සමග ඉතාම සංයමයෙන් කටයුතු කල යුතුය.

ගෘහ ජිවිතය තුල ඉතාම ප්‍රවේසමෙන් කටයුතු කල යුතුයි. අඹුසැමියන් අතර යම් යම් ගැටළු සහ ආරවුල් ඇතිවිමට හේතුයි. සුළු ප්‍රශ්න ලොකුවට නොගෙන යාමට කල්පනා කල යුතුයි. ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න. දුවාදරුවන්ගේ කටයුතු වලදී වෙනදාට වඩා ඔවුන් ගැන විමසා බැලීම සොයා බැලීම කල යුතුය. අගෝස්තු මාසයෙන් පසුව ඔබට මෙම තිබෙන ගැටළුකාරි - පීඩාකාරි තත්වයන් යහපත් වනු ඇත.

සෞඛ්‍ය තත්වයේ, තරමක ගැටළුකාරි තත්වයක් පවති. පවතින ලෙඩ රෝග වල යම් වැඩිවිමක් විය හැකි නිසා ඒවායෙන් ආරක්ෂා වන්න. එසේම නිදන්ගත රෝග ඇති ඔබට ඒවා වල සංකූලතා ඇති නොවිමට වග බලා ගන්න.



● කුම්භ

ගුරු 7 , සඳු-රාහු 8 වැන්නේද, කුජ 9 වැන්නේද, ශනි-සිකුරු 10 වැන්නේද, රවි 11 වැන්නේද, බුධ 12 වැන්නේද, කේතු  2ද සිටියදී 2016 නව වසර ඇරඹේ

2016 වසර මධ්‍යස්ථයි. කරන කියන කටයුතු වල මධ්‍යස්ථ ප්‍රතිඵල ඔබට හිමි වනු ඇත. විශේෂයෙන්ම සෙනසුරු මහ දසාව ගතවනවා නම් ඔබගේ ආර්ථික තත්වයේ යම් පිරිහිමක් ඇතිවිය හැක. රාහු මහ දසා ගත කරන ඔබගේද ආර්ථිකය තරමක් අවුල් සහගත විය හැකියි, වඩාත් සැලකිලිමත් වීම මැනවි. ආර්ථිකය යහපත් වීමට ඔබ දැවැන්ත උත්සාහයක්, උනන්දුවක් ගත යුතුය. කෙසේ වෙතත් ඔබට අගෝස්තු වනතුරු යම් ශුභදායක තත්වයක් පැවතුනද, ඉන්පසුව ඔබ කරන කියන කටයුතු සහකරුගේ හෝ සහකාරියගේ නමින් කිරිම වඩා යහපත් ප්‍රතිඵල ලැබිමට හේතුවනු ඇත.

2016දි ගෘහ ජිවිතය තුල ආකූල-ව්‍යාකූල තත්වයක් පවතිනවා. මෙම තත්වය තුල විවාහක ඔබ ඉතාම ඉවසීමෙන් යුක්තව කටයුතු කල යුතුයි. සමහරවිට විවාහක පුරුෂයන්ද, ස්ත්‍රින්ද අනියම් සම්බන්ධතා වලට පැටලීමේ වැඩි ඉඩකඩක් පවතින බව නොකියා බැරිය. එසේම ඥාති හිතවතුන් සමග යම් ආරවුල් ගැටළු උපද්‍රව - ප්‍රශ්න මතුවිමේ වැඩි ඉඩක් පවතින නිසා බුද්ධියෙන් කටයුතු කරන්න. කේලාම්, අනුන්ගේ වචන විශ්වාස කර අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරගන්න. වෙනදා මෙන් නොව සියලුම ඥාති පාර්ශව හා ඇසුරු කිරිමෙදි මනාව කල්පනාවෙන් කටයුතු කරන්න. පූර්ණ විනිවිද භාවයකින් කටයුතු කරන්න.

සෞඛ්‍ය තත්වය මුත්‍රා අමාරු, හිසේ කැක්කුම්, යනාදි රෝගාබාධ ඇතිවිය හැක. ක්‍රීඩාවේ යෙදෙන දරුවන් අගෝස්තු මාසයෙන් පසු තමන්ගේ මෞත්‍ර ලිංගික පද්ධථිය ආරක්ෂා කරගත යුතුය.



● මීන

ගුරු 6 , සඳු-රාහු 7 වැන්නේද, කුජ 8 වැන්නේද, ශනි-සිකුරු 9 වැන්නේද, රවි 10 වැන්නේද, බුධ 11 වැන්නේද, කේතු 1 ද සිටියදී 2016 නව වසර ඇරඹේ.
2016 වසර ශුභදායක වසරකි. ඔබට ආර්ථික තත්වය ඉතාම යහපත් තත්වයකට ගෙන ඒමට හැකියාව ලැබේ. වෙනසකට භාජනය නොවු ආර්ථික තත්වය 2016දි නව්‍යකරණයකින් ඉදිරියට යයි. ව්‍යාපාර කරන්නේ නම් ඒවාට නව මුහුණුවරක් ගෙනඒමටත්, අලුත් ආරකට ගෙනයෑමටත් ඔබට සිත් පහල වේ. ආනයන-අපනයන වෙලදාම්, කාර්මික ක්සෙත්‍ර වල වෙලදාම් කරන අයට වැඩි වාසි අත් කරගත හැක. අගෝස්තු මසින් පසුව ආර්ථික තත්වයද හොද වෙනසක් බලාපොරොත්තු විය හැක. හවුල් ව්‍යාපාර කටයුතු ඉතාම හොදින් දියුණු කරගත හැක.

ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාව ඉතාම ශක්තිමත් වෙයි. හොඳ දැසි දසුන් සහ මෙහෙකරුවන්ගේ සහයෝගය ඉතාම හොදින් ලැබෙන අතර, ගෙදර දොරේ දියුණුවද ඉතාම හොදින් සිදුවේ. එසේම ඔබ කාලයක් තිස්සේ බලාපොරොත්තුව සිටි ඔබගේ මංගල අවස්ථාව, විවාහ කටයුතු සාර්ථක වීම මැයි මසින් පසු සීග්‍රගාමි වේ. එම තත්වයත් සමග පෙම් සබදතා වලට වැඩිහිටියන්ගේ ආශිර්වාදයද ඒවා තහවුරු වීමේ හැකියාවද තිබේ - මෙයම ඔබ ලබන ජයග්‍රහණයකි. වැඩිහිටියන්ගේ අනුග්‍රහය, ආශිර්වාදය අනුව ජිවිතය දියුණු කරගැනීමේ වාසනාව පවති.

සෞඛ්‍ය තත්වයේ නිදන්ගත රෝග ඇති අය මේ කාලයෙදි යම් තරමකට ප්‍රවේසම් සහගතව කටයුතු කරන්න. හිසේ කැක්කුම, ආමාශගත රෝග ආදිය ඇතිවිමට ඉඩ තිබෙනවා - ඒවා වලක්වාගත හැකියි. එතරම් සෞඛ්‍ය ගැටළු නොපායි. බුද්ධියෙන් කටයුතු කරන්න.

Monday, December 28, 2015

ජනතාව ජ්‍යොතිෂ්‍යය භාවිත කල යුත්තේ කෙසේද ???

ජ්‍යොතිෂ්‍යය බුද්ධ කාලීන භාරතයටත් එහා ගිය අතීතයක් තියෙන දෙයක්.
අද වැඩ කටයුතු එක්ක සමහර අය මේක පටලවා ගෙන.

ජ්‍යොතිෂ්‍යවේදියා කියන කෙනත්, එය භාවිතා කරන අයත් කියන අය අතිනුත් ප්‍රශ්න ඇතිවෙලා තියෙනව.

Friday, December 25, 2015

මෙම ගාථාව බොහෝ ලෙඩදුක් සහිතව සිටි අයට සැනසීමක් සහ රෝග සුවයට හේතුවක් වුනු ගාථාවක් බව අප අත්දැකීමෙන් දනිමු !

“ බුද්ධං සරණේ සිරසට සීමා 
ධම්මං සරණේ ලමැදට සීමා 
සංඝං සරණේ දෙවුරට සීමා 
මේ තුන් සරණේ සිරුරට සීමා “

ඔබද සජ්ජායන කරන්න. විශේෂ වශයෙන් ලෙඩක් දුකක් ඇති කෙනෙකුට සජ්ජායනයට දෙන්න.
සම්බුදු සරණයි !

‪#‎ඉරුධර්මදාන‬ ‪#‎පිරිත්‬ ‪#‎ආරක්ෂකපිරිත්‬ ‪#‎Pirith‬ ‪#‎Iru‬
‪#‎Buddhism‬

Thursday, December 24, 2015

විවාහය ගැන විග්‍රහය - 3


විවාහ වෙලා කාලයක් ගියාම විවාහයේ ඇතිවිය හැකි ගැටළු
පොරොන්දමක් දුන්නා කියා,

කේන්දර තිබුනා කියා දෙදෙනාගේ ජිවිත ගැන පෞද්ගලිකව සූක්ෂමව පරික්ෂා කල යුතුය.










https://www.youtube.com/watch?v=ar8jiXsng4k

Monday, December 21, 2015

සතියේ ලග්න පලාපලය - දෙසැ. 21 - 28

මේ සියලු කරුණු පොදු කරුණුය, කේන්දර සටහන අනුව වෙනස්විය හැක.

https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA
● මේෂ
ඉතාම ශුභ සතියකි.
කරන කියන කටයුතු වල දියුණුව ඇතිවේ. ආදායම් මාර්ග දියුණු වේ. ඔබගේ රැකියා තත්වය සහ ව්‍යාපාරික කටයුතු දියුනු වෙයි. නව ආයෝජන අවස්ථා උදා වේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර නිවසට, අඹුසැමියන්ට සුභ කාලයකි. විශේෂයෙන්ම මේෂ ලග්න ගෘහණියන්ට සිය ස්වාමියාගෙන් surprises ලැබේ. නිවසට නව බඩුමුට්ටු ගැනිමේ හැකියාව පවති.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නෑ, සෙම් අමාරු පමණයි.


● වෘෂභ
සමඵල සතියකි.
ආර්ථික වාසි සැලසෙනවා, නමුත් සතිය මුල් කොටසෙදි ඔබ ප්‍රවේසම් විය යුතුයි. සතිය මැදදි අලුත් ආයෝජන අවස්ථා මෙන්ම, පිට පලාත් වල වැඩ කටයුතු වලින් හොද තත්වයක් ලැබෙනවා.
ගෘහ ජිවිතය නම් සැලකිය යුතු වරදක් නැහැ. අඹුසැමියන් අතර ආදර ප්‍රේමය දළුලනවා. ඔබටත් පිට පලාත් වල ගමන් බිමන් යෑමේ හැකියාව පවතිනවා. නව හිතවත්කමක් ගොඩ නැගේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැහැ.


● මිථුන
හොඳ සතියකි.
මේ සතිය ඇතුලත, බොහෝ කටයුතු ඉෂ්ට සිද්ධ කරගැනිමට පුලුවන්. ඔබගේ ආර්ථික කටයුතු දියුනු වනවා. එසේම කරන කියන කටයුතු දියුණු වෙනවා. අලුත් ආයෝජන අවස්ථා උදා වෙනවා. මේ කාලය ඇතුලත ඔබගේ දුන් ණය මුදල් අයවිමේ හැකියාවක්ද තියෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර, අවිවාහයකයන්ට මංගල යෝග උදා වෙනවා. ඥාති මිත්‍ර හිතවත්කම් ගොඩනැගෙනවා. තවද ඔබගේ දියුණුවට වැඩිහිටියන්ගෙන් සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නෑ, සෙම් අමාරු ගැන පරිස්සම් වන්න.


● කටක
ඉතාම හොඳ සතියකි.
මේ කාලයෙදි ආර්ථික වාසි නිතැතින්ම සැලසෙනවා. ව්‍යාපාරික කටයුතු කරන අයටද, විදේශ රැකියා කරන අයටද ඉතාම හොදයි. රැකියා කරන අයට විවිධ වරප්‍රසාද ලැබෙනවා. ඒ අතර විදේශ සංචාරද හිමියි.
ගෘහ ජිවිතය ඉතාම සතුටින් ගතවන කාලයක්.
අතමිට සරුවන නිසා පවුලේ දියුණුවද මේ අතර සැලසෙනවා. පිට පලාත් වල සංචාරයට හැකියාව ලැබෙනවා. මංගල යෝග උදාවන අතර, නව හිතවත්කම් ගොඩ නැගෙන කාලයකි.
නිදන්ගත රෝග හැරුනු විට ප්‍රබල සෞඛ්‍ය ගැටළු නැහැ.

● සිංහ
ඉතාම ශුභ සතියකි.
මේ සතියේදි ඔබට පෙර පින පෑදෙනවා මෙන් ආදායම් මාර්ග හිමි වෙනවා. කරන කියන කටයුතු වල දියුණුව ලැබෙනවා. නව ආයෝජන අවස්ථා හිමි වෙනවා. කරගෙන යන ව්‍යාපාර වලට වැඩිහිටියන්ගේ පූර්ණ ආශිර්වාදය හිමි වෙනවා.
ගෘහ ජිවිතය ඉතාම සුබයි. යුග දිවි සැපත ලැබෙනවා. මංගල යෝග උදා වේ. නව නෑ හිතවත්කම් ලැබේ. මේ කාලයේ ඔබට කිව යුතුයි, කාලයකින් නොදුටු මිතුරෙකුගේ හමුවීම සතිය අගදී සිදු වේවි.
සෙම් අමාරු සහ උදාරාබාධ හැරුනු විට ප්‍රබල ග්‍රහ දෝෂ තත්වයක් නැත.

● කන්‍යා
සමඵලයි.
සතියේ ආරම්භක දින 2 හමාර පරිස්සම් වන්න. මුදල් යෙදවීම ඉතාම පරිස්සමට කල යුතුයි. පාඩු, කරදර සිදුවිමට පුලුවන්. ඒ අතරතුර කාලයේදී ඔබ අතින් අතපසුවිම්ද වීමට පුලුවන්. සතිය අග වන විට මේ තත්වය දුරුවී නැතිවු දේ නැවත ලැබේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වන්නේ සතිය අගදි. මුලදි අඩදබර ආරවුල් වලින් ඔබ ආරක්ෂා විය යුතුයි. දුවාදරුවන් සමග ඔබට විනෝද චාරිකා ආදිය යෑමට පුලුවන්, සතිය අගදි.
සෞඛ්‍ය ගැටළු නම් උදරාබාධ, ජීර්ණ පද්ධතියේ අසනීප ආදියයි - ආරක්ෂා වන්න.

● තුලා
ඉතාම විචල්‍ය වූ සතියකි.
චන්ද්‍රයා 8 වැන්නේ හැසිරෙන සතිය මැදදි ආර්ථික පාඩු සිදුවිය හැකියි. සතිය අගදි එම තත්වය දුරුවෙනවා. ආයෝජන අවස්ථා වලදි පරිස්සම් විය යුතුයි. යම් ව්‍යාපාරයකට මුදල් යට කර ඇත්නම් ඒ ගැන සොයා බලා කටයුතු කිරිම ඔබගේ යහපතට හේතුවේවි.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාවට යම් පරහක එල්ල විය හැකියි. ඥාති හිතමිතුරන් තරහවිම්, ස්වාමි - භාර්යා දෙදෙනා අතර යම් යම් අසමගිකම් ඇතිවිය හැකිය. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු, උදරාබාධ පීනස් රෝග ඇති අය ඒවා පාලනයට උත්සුක වන්න.

● වෘශ්චික
චිවල්‍ය සතියකි.
මේ සතියෙදි ලාබ-පාඩු මධ්‍ය රේඛාවේ යන්නේ. කල්පනාවෙන් කටයුතු කරන්න. ආර්ථිකය පාඩු පැත්තට බරයි, කරන කියන කටයුතු සිතා බලා කරන්න. ඒ තුලින් පාඩු අවම කරගත හැක.
ගෘහ ජිවිතයද එසේමයි. ඥාති හිතවතුන් අතර යම් අමනාපකම් ඇතිවිය හැකියි. ඔබට සතුරු කරදර ඇතිවන්නට මෙන්ම,  ස්වාමි - භාර්යා අතර විරසකයක්ද ඇතිවිය හැක. දුවාදරුවන්ගෙන් යම් තරමක් ඈත්ව සිටිම කරනවා නම් හොදයි. ඉවසිමෙන් කටයුතු කරන්න.
එතරම් යහපත් නැහැ සෞඛ්‍ය තත්වයේ, තිබෙන කුඩා අසනීපය ලොකු විය හැකියි. සැලකිලිමත්ව කටයුතු කරන්න.

● ධනු
සමඵලයි.
සතිය ආරම්භයෙදි තිබුනු ප්‍රබෝධය අගදි නැති වෙනවා. සෙනසුරුද 12 නිසා පාඩු විය හැකි. ණයට ගැනිම සහ ණය දිම නොකර සිටිනවා නම් වඩා හොදයි. ආයෝජන අවස්ථා වලදි කල්පනාකාරි වන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා.
දුවාදරුවන් සමග සතිය මුලදි සිටිමට හැක. ඉන්පසු යම් ඈත්වීමක් පෙන්වනවා. සතිය අගදී ඔබට මංගල යෝග වැනි සුබ පණිවිඩයක් ලැබීමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු, මුත්‍රා අසනීප, උෂ්ණාධික රෝග සහ මානසික ආතතිය ආදිය ඇතිවිමට හැකියාව තිබේ.


● මකර
සාමාන්‍ය සතියකි.
සතිය ආරම්භය සහ මැද ඉතාම හොදයි. එම කාලෙදි ඔබට කරන ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. එනම් සතියේ මුල් දින කීපයෙදි ඒවාට ප්‍රවේශයක් ගැනිම ඔබට හොදයි. සතිය අගදී එම කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරිම යහපත්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ම ගත වෙනවා. නිවසට අලුත් බඩුබාහිරාදිය ගැනීමට ඔබට පුලුවන්. ඒ ගැන ගැටළුවක් නැහැ. මංගල යෝග මේ අතර උදා වෙනවා. නව හිතමිතුරුකම් ගොඩනැගෙනවා.
සෞඛ්‍ය තත්වය  ඔබට ඇඟපත වේදනාව සහ ආමාශගත ගැටළු හැරුනුවිට වෙනත් ප්‍රශ්න නැහැ.


● කුම්භ
හොඳ සතියකි.
සහෝදර සහෝදරියන්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙනවා. ඔබට ඉතාම හොද කාලයක්. පිට පලාත් වල කරන රැකියා බොහෝසෙයින්ම සාර්ථක වෙනවා. එසේම ඔබට අලුත් ආයෝජන අවස්ථා හිමි වෙනවා. කරන කියන කටයුතු බාධාවකින් තොරව කරගැනිමට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගත වෙනවා. අඹුසැමි ප්‍රේමය දළුලනවා. දුවාදරුවන් සමග වැඩිපුර කාලය ගත කිරිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය පපුවේ සෙම් අමාරු තත්වයන් ඇතිවිමට පුලුවන්. ඒ ගැන කල්පනාකාරි විය යුතුයි.


● මීන
ඉතාම ශුභ සතියකි.
සතිය ආරම්භයේ සිට අවසන් වනතුරු ඉතාම සුබයි. කුමන රැකියාව, ව්‍යාපාරය කලත් ඒවායේ තත්වයේ හැටියට ඉතාම විශිෂ්ට ප්‍රතිඵල ඒ අනුව හිමි වෙනවා. සතිය මැදදී අලුත් කටයුත්තකට අතගැසීමට පුලුවන්. කරන කියන කටයුතු වල නව්‍යකරණයක් දකින්ට ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. දුවාදරුවන් සමග විනෝදයෙන් ප්‍රීතියෙන් සිටිය හැකියි.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු ගැන අවදානමත් වන්න.

Sunday, December 20, 2015

ලෝක පාලක ඊශ්වර දෙවිඳු !

(ශිව/මෙහෙසුරාණන්)
අධර්මයෙන් ලොව වනසන මිනිසුන්ට, ඉදිරි වසර කීපයේදි සිදුවන විපාක වලට මූලිකත්වය ගන්නෙ මෙම දෙවියන්ය !

Friday, December 18, 2015

පුරා වසර 30-40ක ජ්‍යොතිෂ්‍යය ගමන් ම‍ඟේ අපගෙන් සේවය ලද අහිංසක මහතෙකුගේ සංවේදී කතාව !

කොත්මලේ ප්‍රදේශයේ පදිංචි වීරසිංහ මහතා, 2007 වසරේදි දරුණු ලෙස රෝගාබාධයකට ගොදුරු උනා. එම රෝගය නම් ආඝාත/ස්ට්‍රෝක් යන තත්වයට පත්වීමයි.

එම අවස්ථාවෙදි අප ඉරු සේවයේ රාජකරුණා මහතා විසින් සිදුකල නියමාකාර ජ්‍යොතිෂ්‍යයට අනුව කේන්දර පරික්ෂාවකට අනතුරුව ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුනු ශාන්ති කර්ම නිසාත්, ඒ අතර නියම කරන ලද සිංහල ආයුර්වේද වෙදකම් නිසාත් අද ඒ මහත්මා රෝගී තත්වයෙන් 80%කට පමණ සුවයක් ලබා සිටිනවා.

* විශේෂයෙන් කිව යුත්තේ, “වෛද්‍ය ප්‍රතිකාර“ සමග ග්‍රහ දෝෂයටද අදාල ලෙස දෙහි කපා දෝෂ නාශනය කරගෙන, ඉන්පසුව නිසි ආරක්ෂා යන්ත්‍රයක් පැලදී බවයි.

පසුගිය දිනෙක, අපට එම වීරසිංහ මහත්මා ඉරු සේවයේ ප්‍රධාන ජ්‍යොතිර්වේදි රාජකරුණා මහත්මයා සහ අපගේ සේවාව ගැන කෘතඥතා පූර්වකව කල සංවේදි අදහස් දැක්වීමේ වීඩියෝව ලගදීම අපගේ යුටියුබ් නාලිකාවෙන් !
(පොදුවේ කිවයුත්තේ වෛද්‍ය ප්‍රතිකාර කෙතරම් කලත් සුව නොවන්නේ නම්, අදාල ග්‍රහ අපලයක් එනම් අකුසල කර්මයක බලපෑමක් තිබිය හැකි බවයි)

https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA

Thursday, December 17, 2015

2015 දෙසැම්බර් මස 24 හෝ ආසන්න දිනයක සුනාමි අනතුරක් ලංකාවට ???



2015 වසර අවසන් වීමට ඇත්තේ සති 2කට ආසන්න කාලයකි. සමහර ජ්‍යොතිෂ්‍යෙවේදින් එක් එක් කරුණු පදනම් කරගෙන ලංකාවට ප්‍රබල සුනාමි විපතක් සිදුවන බවට අනාවැකි පල කරමින් සිටි.
විශේෂයෙන්ම සුනාමි තත්වයක්  සිදුවේයැයි ඔවුන් මත පල කරමින් සිටිනවා.

බොහෝදෙනෙක් කල ඉල්ලීම් අනුව, මෙහි ඇත්ත නැත්ත ජ්‍යොතිෂ්‍යයට අදාලව සොයා බැලීමට සහ පාඨක සහෘදයන්ට දැනුම් දීමට අප ඉරු සේවයේ පර්යේෂණ අංශයේ අවධානය යොමු උනා.

● එනම් මුලික විමසා බැලිය යුතුයි, මේ වසරට යෙදෙන අවසාන පොහොය දිනය ගැන. එම දිනය යෙදෙන්නේ 2015 දෙසැ. මස 24 වන දිනයි.
උඳුවප්පුර, පුර තුදුස්වක තිථිය වරා, පුරපසලොස්වක තිථිය ලබන්නේ දෙසැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා දින පස්වරු 6.31ටය. මේ තිථිය ලබන විට සඳු ග්‍රහයා වෘෂභ රාශියේ උච්ච බලයෙන් මුවසිරස නැකතේ ගමන් කරමින් සිටි.
සාධ්‍යය යෝගයද, විශ්ටිකරණයද, වනිජකරණයද යෙදේ.

● මෙදින ඉර උදාව පෙරවරු 6.18ටය, ඉර බැසීම පස්වරු 6.01ටය.
මෙදින සූර්යයා ධනු රාශියේ අංශක 07යි කලා 46 ඉක්මවා සිටි.

මුලින්ම සදහන් කරන්නම් අපගේ මතය !

* ● * ශ්‍රී ලංකා ද්වීපයට කිසිදු  සුනාමි තත්වයක් සිදුවන්නේ නැත.

එදින උදෑසන 6ට උදාවන ලග්නය වන්නේ ධනු ලග්නයයි !

● ධර්මකර්මාධිපති රාජ යෝගය සමග ධනු ලග්නය ඉතාම බලවත්ව පිහිටා ඇත.
එසේම ලග්නයේ දුෂ්ට ස්ථානයක් වන 6 වැන්නේ චන්ද්‍රයා උච්ච බලයෙන් පිහිටා සිටි. විශේෂයෙන්ම ලග්නය/1 වැන්න සහ 9 වැන්න අතර ප්‍රබල පරිවර්ථන යෝගයක් යෙදී ඇත.
ගුරු ග්‍රහයා මේ පරිවර්ථනය වන අවස්ථාවෙදි, ගුරු ග්‍රහයා 9 වැන්නේ සිටිමින් ලග්නය ආරක්ෂා කරමින් ඉතාම ප්‍රබලව පිහිටා ඇත.

● 4 වැන්නාධිපති සිකුරුද ස්වක්ෂෙත්‍ර බලයෙන් 11 වැන්නේ සිටින අතර, තත්කාල ග්‍රහචාරය පොහෝදින යෙදෙන මෙදින ඉතාම ප්‍රබල තත්වයක ඇත.
එනම් මේ දිනයට ලොකු ආරක්ෂාවකි.

● එසේම 24 වන දින සිට 31 වනදා දක්වා ග්‍රහචාරය මෙආකාරව බලවත්වි ඇත.

● මෙයාකාරව බලවත්විම ලෙස අප සදහන් කරන්නේ 2015 ධනු - රවිය යෙදෙන දෙසැම්බර් 16 වන දින සිට දෙසැ 31 වනදාම දක්වා කාලය තුල රවි ග්‍රහයා ඉතාම බලගතුව ධනු රාශියේ බලවත් වන අතර, ගුරු ග්‍රහයාගෙන්ද ප්‍රබල රැකවරණයක් සූර්ය ලග්නයට එල්ල කරයි.
තත්කාල ග්‍රහචාරයේ කුම්භ ලග්නය හිමි ලංකා කේන්දරයටද ප්‍රබල රැකවරණයක් ග්‍රහයන් 3දෙනෙක්ගෙන් ලැබේ.

● ප්‍රධාන වශයෙන් බ්‍රහස්පති/ගුරු ග්‍රහයා 7 වැන්නේ බලවත් වී ලග්නයට සුභ දෘෂ්ඨි හෙලයි.
එසේම 9 වැන්නේ සිටින සිකුරු ග්‍රහයා කුම්භ ලග්න කේන්දරයට පූර්ණ සුභ දෘෂ්ටි හෙලීම නිසා පැමිණෙන ස්වභාවික අනතුරු අවම කරයි !
එසේම මෙහිදි 7 වැන්න සහ 11 වැන්න අතර ප්‍රබල පරිවර්ථන යෝගයද ලංකා කේන්දරයට ආරක්ෂාව සපයයි.

● එසේම කිව යුතුයි, 24 වනදින උදාවන විට ලංකා කේන්දරයේ සදුද බලවත් වී උච්ච බලයෙන් 4 වැන්නේ තැන්පත්ය.
මේ තත්වයත් සමග ඉතාම ගැඹුරින් අධ්‍යයන කිරිමෙදි හැඟී යන්නේ, මේ ඉදිරි දින කිහිපය තුල එනම් ජ්‍යොතිෂ්‍යය වේදින් කියන අය අනුමාන කරන පරිදි 24 වන දින කිසිදු සුනාමි අනතුරක් අප ශ්‍රිලංකා ද්වීපයට සිදු නොවන බවයි.
පලාත් වශයෙන් ගත්කල යම් පීඩාකාරි තත්වයක් දකුණු පලාතට යම් තරමකට බල පවත්වයි.

● එසේම 2015 දෙසැම්බර් 24වන දින පුරපසලොස්වක පොහොය ලබන්නේ හවස 6.31 ටය.
එම මොහොතට උදාවන්නේද මිථුන ලග්නයයි. එනම් ධනුවේ අධිමිත්‍ර රාශිය වන මිථුන ලග්නය උදාව පැවතීමද, ලංකා කේන්දරයේ කුම්භ ලග්නයට හිමිවන 5 වැන්න මිථුනයට හිමිවීමද කිසිදු අනතුරක්, ස්වභාවික අපදාවක් නොවන බව මේ අනුව නිගමනය කල හැක !!!

එසේම මෙම තත්කාල ග්‍රහචාරය විග්‍රහ කිරිමද අනවශ්‍ය බව අපගේ හැඟිමයි !


රවි මාරුව ඔබගේ ලග්නයට කොහොමද ?

● මේෂ
ශුභයි.
රවි 9 වැන්නට පැමිණේ.
 සමාජ තත්වය ඉහල යයි. සමාජයේ ගෞරවය ලැබේ. ප්‍රසිද්ධ වේ.
දියුණුවට උසස් අයගෙන් උදව් උපකාර ලැබේ.  විදේශ සංචාර ලැබේ.


● වෘෂභ
සමඵලයි.
රවි 8  වැන්නට පැමිණේ.
කලහෝලාහල වලට මැදිහත් වීම, මානසික තත්වය පිරිහීම, ධන-ධාන්‍ය තත්ව වල අඩුපාඩු සහ තැන්පත් මුදල් වැයවීම ආදියත් ශාරීරික රෝගාබාධත් වැළදිමට ඉඩ ඇත. බුද්ධියනේ කටයුතු කරන්න.


● මිථුන
ශුභයි.
රවි 7 වැන්නට පැමිණේ.
බුද්ධිමත්භාවය ඇතිවිම සිදුවේ. හවුල් ව්‍යාපාර කටයුතු දියුණුවීම, එසේම දේපල ලැබීම, සහකාරිය/සහකරුගෙන් උදව් උපකාර ලැබීමට නියමිතයි.


● කටක
ශුභයි.
රවි  6 වැන්නට පැමිණේ.
සතුරන් යටත්වීම, එදිරිවාදින් මෙල්ල වීම සිදුවන අතර, විදේශ රැකියා, විදේශ සංචාර ඇතිවිම ඇත. තමාට විරුද්ධව ඇති නඩුහබ වලට ඍජුව ඉදිරිපත් විමට හැකි කාලයකි.


● සිංහ
ඉතාම ශුභයි.
රවි 5 වැන්නට පැමිණේ.
ඉගෙනීමේ කටයුතු දියුණු වේ. දුවා-දරුවන්ගේ කටයුතු දියුණු වේ. ප්‍රතිපත්තිමය වශයෙන් තීන්දු - තීරණ ඍජුව ගන්නා මැලි නොවන ඒවායින් යහපත සිදුවන කාලයකි. හදිසි ධනලාභ ලැබිමට හේතුවකි.


● කන්‍යා
මිශ්‍රපලයි.
රවි 4 වැන්නට පැමිණේ.
දේපල සම්බන්ධව යම් යම් ප්‍රශ්න ඇතිවිමට හේතුයි. එසේම කරන කියන කටයුතු වලට යම් බාධා ඇතිවිමට හේතුයි. ප්‍රවේසම් විය යුතුයි. මේ අතරම උපතේදි රවි ග්‍රහයා සුභව සිටින අයට, දේපල ලැබීම්, නිලතල ලැබීම්, ආගිය තැන ගරු සම්මාන ලැබිමට පුලුවන්.


● තුලා
ඉතාම ශුභයි.
රවි 3 වැන්නට පැමිණේ.
බුද්ධිමත්ව කටයුතු කිරිමෙන් තමාගේ බොහෝ කටයුතු සාර්ථක කරගැනිමට පුලුවන්. ඉගෙන ගන්නා දුවාදරුවන්ගේ තරඟ විභාග ආදියෙන් ජයගැනිමට වැඩි ඉඩක් පවති. පිටපලාත් වල සංචාරයට අවස්ථාව, විදේශ ගතවිමට වාසනාව ලැබේ.


● වෘශ්චික
ශුභයි.
රවි 2 වැන්නට පැමිණේ.
තමාගේ වචනය නිසා අන් අය තමාට යටත් කරගැනිමට පුලුවන්. විශේෂයෙන්ම නීතීඥ වෘත්තියේ අයට සහ දේශකයන්ට ඉතාම සුබයි. යුගදිවියේ නම් යම් ගැටළු ඇතිවිය හැකියි. ඔබ ආවේගශීලි විය හැකියි, කේන්ති යාම පාලනය කරගන්න. උෂ්ණ රෝග වැළදීමේ ඉඩකඩක්ද පවති.


● ධනු
ඉතාම ශුභයි.
රවි 1 වැන්නට පැමිණේ.
රවි ග්‍රහයා ධනු රාශියට පැමිණෙන විට බුධද ලග්නයේ බැවින් “ධර්මකර්මාධිපති රාජ යෝගය“ යෙදෙනවා. ලග්න 12න් එයට ඉතාම හොද ධනුවයි. තරඟ විභාග වලින් ජයගත හැක. ගරු නම්බුනාම, ජන ප්‍රසාදය ලැබෙනවා. මේ කාලයේදී බුද්ධිය දියුණු වන බව කිව යුතුයි, මේ කාලයේ ධනුවෙන් උපදින දරුවන්ද ඉතාම වාසනාවන්තයි.


● මකර
සමඵලයි.
රවි 12 වැන්නට පැමිණේ.
මේ යෝගය යෙදෙන්නේද 12 වැන්නේ බැවින් කරන කියන කටයුතු වල ශුභා-ශුභ මිශ්‍රව ලැබෙනවා. අධ්‍යාපන කටයුතු කරන අයට බාධක මධ්‍යයේ එවා කල යුතුයි. ව්‍යාපාරිකයන්ට නම් බුද්ධිමත්ව කටයුතු කල යුතුයි, මන්ද තමා නොදැනුවත්ව ව්‍යාපාරික අංශයෙන් පාඩු විය හැකි නිසා.


● කුම්භ
ඉතාම ශුභයි.
රවි 11 වැන්නට පැමිණේ.
ඉතාම හොද කාලයක් වශයෙන් කිව හැකි මේ කාලයෙදි උසස් අයගේ උදව් උපකාර ලැබෙනවා. එසේම අලුත් ආයෝජන අවස්ථා ව්‍යාපාරිකයන්ට ලැබෙනවා. උසස් පෙලේ මිතුරන් ආශ්‍රය කිරිමේ වැඩි ඉඩකඩක් ලැබෙනවා.


● මීන
ඉතාම ශුභයි.
රවි 10 වැන්නට පැමිණේ.
ආදායම් තත්ව දියුණු වේ. කරන කියන කටයුතු දියුණු වේ. රැකියා කරන අයට මේ කාලයෙදි උසස් වීම ලැබීමට නියමිතයි. ඉගෙන ගන්නා දරුවන්ටද සුබයි.

Wednesday, December 16, 2015

දෙවිවරු බඳු අය පේපර් මාර්කින් යා යුතුය !

මේ පින්තුරය අන්තර්ජාලයේ සංසරණය වන පින්තූරයකි, අපගේ හිතවත් මහතෙකු විසින් අපට ලබාදෙන ලදි !

සෑමදෙයම විශ්වාසය මත පදනම් වේ. දහම ගැන විශ්වාස කිරිම යහපත් දෙයකි.
එයින් ඇතිවන මානසික සහනය අතිශයින් වටී.

● විභාගයකට සූදානම් වන දරුවෙකු වෙනුවෙන්, බෝධි පූජාවක් කිරිම යහපත් කටයුත්තකි.
එයින් දරුවාට සිතට සැනසීමක් ලැබීමට ඉඩ ඇති අතර, එයම දරුවාට විභාගයට හොඳින් මුහුණ දීමට යම් ශක්තියක් වනු ඇත.

● කෙසේ වුවද, එහි මූලික පියවර වන්නේ දරුවා විභාගයට මනාව සූදානම් වීමයි. එසේ කිරිම තුල, බෝධි පූජාවකින්, වෙනත් පූජාවකින් දරුවාට අවශ්‍ය යම් සහනයක් සිතට ලබාදීමට හැකියාව තිබේ.

● දරුවාට අපලයක් තිබේ නම්, අදාල අපලය දුරුවන්නට කියා බෝධින්වහන්සේගේ ශාඛාවක යම් කොඩියක් එල්ලීම පුරාණ සිරිතකි.
අපලයක් යනු පෙර කරන ලද අකුසලයක් වන අතර, එය සමනය වන්නට එම පිලිවෙත උදව් වනු ඇත. (බෝධින්වහන්සේලා අසලදී සිත සහනයට පත්වන බව විද්‍යාත්මක පර්යේෂණ වලින් සොයාගෙන ඇත)

● ඒ හැර මෙවන් ආකාරයට විභාගයට ජය ලැබීමට මේ කටයුත්තෙන් කිසිවක් සිදුවන්නේ නැත. අපලය දුරුවන්නට කියා හෝ යහපතක් වන්නට කියා මිස විභාග ජයගන්නට මෙසේ කටයුතු කිරිම පැහැදිලිවම අනුවණකමකි.

● එයින් සිදුවන්නේ යම් නිර්ආගමික කොටසකට දහමටත්, ජ්‍යොතිෂ්‍යයටත් පහර ගැසීමට වක්‍රාකාරව උදව් කිරීමකි.

● දෙවිවරු ගැනද සමාජයේ ඇත්තේ අමුතුම මතයකි. දෙවිවරු සහ බුදු දහම කියා 2ක් නැත. මෙතුවක් කල් දහම රැකගන්නට සෑහෙන කාර්යයක් කලේද දෙවිවරු විසිනි. බොහෝ බුදුවරයන් සමයේ සිටි බොහෝ දෙවිවරු අදද දෙව්ලොඩ වැඩ වාසය කරන අතර, දහම රැකිමට කටයුතු කරන දහමට අනුකූල අධ්‍යාත්මික දියුණුව ඇති යහපත් කොටසකි දෙවිවරු...
ඒ හැර විභාග පාස් කිරිමට දෙවිවරු කටයුතු කරන්නේ නැත.
ඒවා යම් යම් සාස්තර, කට්ටඩිකරුවන් විසින් තම වාසියට සාදාගෙන ඇති ඒවා වන අතර, ඔවුන්ගේ කටයුතු වලට පැමිණෙන්නේ පුද පඩුරුවලට කැමති, පහත් අමනුෂ්‍යය ගණයේ අය වන භූත, ප්‍රේත, පිසාච ආදින් මිස උතුම් ගුණ ඇති දෙවිවරු නොවෙති.

- විභාග පරික්ෂාව කරන පරීක්ෂකවරයා නම් දෙවි කෙනෙක් බදු යහපත් කෙනෙක් වීම විභාගය ලියු දරුවන්ට සිදුවන යහපතකි. එසේ නැතිව නිවරදිව ප්‍රශ්න පත්‍ර මානුෂීය ආකාරයෙන් නොබලන පරික්ෂකවරු ගැන අපද දනිමු. එනයින් මෙම පින්තුරය ෂෙයා වන තැන්වල දෙවිවරු පේපර් මාකින් යනවා කියා සිතාගෙන යන අර්ථයෙන් කියන ඒවායෙ යම් ගත යුත්තක් ඇත.

* සියල්ල බුද්ධිය මත තීරණය වේ ! බුද්ධිමත්ව කටයුතු කරන්න !

තෙරුවන් සරණයි !

Sunday, December 13, 2015

සතියේ ලග්න පලාපලය - දෙසැ 14 සිට

● මේෂ
ඉතාම ශුභ සතියකි.
ආර්ථික තත්වයට ඉතාම හොදයි. ඔබගේ ආදායම් තත්ව දියුණු වෙනවා. නව වෙළද ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. කරන කියන කටයුතු වල නව ගැම්මකින් කිරිමට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම හොද කාලයකි. පවුලේ අය සමග විනෝද වීමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ අතරතුර කාලයෙදි ඥාති හිතමිත්‍රාදිකම් උදා වෙනව. පෙම් සබදතා සඵල වෙනවා. අවිවාහක අයට මංගල යෝගද මේ කාලයේ උදා වෙනව.
සෞඛ්‍ය තත්වයද යහපත්ව තිබෙනවා. සෙම් අමාරු හැරුණුවිට විශේෂ අපලයක් නැහැ.

● වෘෂභ
ඉතාම ශුභ සතියකි.
මේ සතියෙදි ඔබට අතපසුවූ බොහෝදේවල් කරගැනීමට පුලුවන්. ඒ අතර අලුත් වැඩකටයුතු ආරම්භ කිරිමේ හැකියාවද තියෙනවා. එසේම කරන ව්‍යාපාර දියුණු කරගැනීමේ අවස්ථාව සැලසෙනවා. එයත් ඔබට ඉතාම වාසිසහගත විදියට වේවි.
ගෘහ ජිවිතය හොඳින් ගත වෙනවා. වැඩිහිටියන් සමග වන්දනා ගමන් විශේෂයෙන්ම යොමුවිමට පුලුවන්. අතමිට සරු නිසා ඔබට දුර ගමන් එහෙම යෙදේවි, විශේෂයෙන්ම විනෝද චාරිකා.
සෞඛ්‍ය හොද තත්වයේ පවතින අතර, නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනය කරගන්න.

● මිථුන
සමඵල සතියකි.
සතියේ මුල් දින 2 හමාර ඔබට තරමක අවාසි සහගත බවක් පෙනේ. මෙහිදි ඔබ ගිවිසුම් ප්‍රකාර වැඩකටයුතු වලින් ඈත්විය යුතුයි. මුදල් පරිහරණයෙදි පරිස්සම් වන්න. ණය ගැනීම සහ දීම යන 2න්ම ඔබ ප්‍රවේසම් විය යුතුයි. ඊට පසු මේ තත්වය හරියාවි.
ගෘහ ජිවිතය තුල අඹුසැමි ආරවුල් ඇතිවිමට පුලුවන්, ඉවසීමෙන් කටයුතු කරන්න, ඒ මුල් දින 2 හමාර තුලයි. සිත් තැවුල්, යම් භේදභින්න වීම් ඇතිවන්නට පුලුවන්, ඒවායින් ආරක්ෂා වීමට බුද්ධිමත් විය යුතුයි. ඔබට මේ තත්වය සතිය අගදී හරියනවා.
සෞඛ්‍ය තත්වය යහපත්, කල්පනාකාරිව වැඩ කටයුතු කරන්න.



● කටක
මේ සතිය සමඵලයි.
ආදායම සහ ආර්ථිකය තුල යම් යම් අඩුවැඩි වශයෙන් ශුභාශුභ 2ම තිබෙනවා. සතියේ මුල් දින 2 හමාර ඔබට ඉතාම හොදයි. හවුල් ව්‍යාපාර වලට හොදයි, ව්‍යාපාර වලට හොදයි. රැකියා කරන ඔබගේ දියුණුව නම් සතිය අගදී ලැබේවි. සතිය මැදදී ඔබට ලොකු පාඩුවක් වීමට පුලුවන්. අවධානයෙන් සිටින්න.
ගෘහ ජිවිතයෙදිත් සතිය මුලදි අඹුසැමි ප්‍රේමය, සමගිය සමාදානය වර්ධනය වන අතර යුගදිවි සැපතද ලැබෙනවා. මංගල යෝග උදාවෙනවා. සතිය මැදදී, යම් භේද භින්න වීම් ඇතිවිය හැකියි. බුද්ධියෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු සහ ආමාශගත රෝග එම අංශ වල ගැටළු ඇතිවිය හැකියි. ප්‍රවේසම් විය යුතුයි.


● සිංහ
සමඵලයි.
අභියෝගාත්මක සතියක් තුල ආර්ථික තත්වය විචල්‍යයි. බුද්ධිමත්ව කටයුතු කරන්න. මේ සතියෙදි ලාභ පාඩු 2ම තියෙනවා. සතිය අගදී විශේෂයෙන්ම ලාභයි. මුලදී පරිස්සම් වන්න.
ගෘහ ජිවිතය තුල ඔබ චිත්ත පීඩාවෙන් සිටිමට පුලුවන්, සතුරු කරදර වලින් පීඩා විඳිය යුතුයි. කාන්තා පාර්ශවයේ ඥාතින් මාර්ගයෙන් යම් යම් කරදර ඇතිවිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය බඩේ අමාරු, සෙම් රෝග උෂ්ණ රෝග ඇතිවිමට පුලුවන්.


● කන්‍යා
ඔබට එතරම් ශුභ සතියක් නොවෙයි.
බොහෝම විචල්‍යකාරි සතියක්. ආරම්භය හොද උනත් සතිය මැදදී සිට යම් ගැටළු ඇතිවිය හැකියි. ඔබගේ තරඟකාරි ජිවන රටාව තුල සතුරු කරදර ඇතිවිය හැකියි. කෙනෙක් ඔබට එදිරිවාදිකම් කරමින් ඉදිරියට යාමට පුලුවන්, ඒ ගැන සැලකිලිමත් වන්න. ඔය අතරතුර යම් යම් වාසිද සැලසෙනවා. සතිය අගදී විශේෂයෙන්ම පරිස්සම් වන්න.
ගෘහ ජිවිතය තුල දරුවන් සමග කාලය ගත කරනවා. සතිය මැදදී කාර්යබහුලත්වය නිසා යම් විදියකට ගෙයින් දුරස්විමක් පෙන්වනවා. එසේම ඔය අතර මංගල යෝගද උදා වෙනවා.
සෞඛ්‍ය තත්වය උදරාබාධ, සෙම් රෝග, මුත්‍රා අමාරු ඇතිවිමට පුලුවන්.


● තුලා
ඔබට ඉතාම හොඳ සතියක්.
සතියේ වැඩි කොටසක් ඔබට ශුභ වේවි. අලුත් ආදායම් මාර්ග, ව්‍යාපාර වලට සුබයි. භුමි ලාභ පෙන්වනවා. අලුත් ව්‍යාපාර ඇරඹීමට හොදයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ භුමිකාව බලවත් වන බව පේනවා. අලුත් බඩුමුට්ටු මිලදී ගැනීමට පුලුවන් නිවසට, ඉතාම හොදින් ගත වෙනවා.
සෞඛ්‍ය තත්වය පපුවේ සෙම් රෝග සහ උදරාබාධ විශේෂයි ආරක්ෂා වන්න.


● වෘශ්චික
ජයෙන් ජය ලැබෙන සතියකි.
ඔබගේ හැකියාවට නිසි ගෞරවය ලැබෙනවා. ඔබගේ දියුණුව සැලසෙන්නේ ඔබගේ උත්සාහයම බලවත් විම නිසයි. ආර්ථික වශයෙන් ඔබ විශාල පිබිදීමකට ලක් වෙනවා. ව්‍යාපාර කටයුතු සහ රැකියා කරන සියලුදෙනාට මේ සතිය හොදයි.
ගෘහ ජිවිතය තුල නෑදෑ හිතමිත්‍රකම් අලුත් වෙනවා. අලුත් හිතවත්කම් ඇතිවනෙවා. අවිවාහක අයට මංගල සීනු හැඬ වෙනවා. කලක සිටන් හඳුනන මිතුරෙකුගේ හමුවීමක් මේ සතියෙදි නියමයි.
සෞඛ්‍ය තත්වයේ විශේෂ තත්වයක් නැහැ. පපුවේ සෙම සහ උදරාබාධ මේ අතර තියෙනවා. අධික ප්‍රීතිමත් ඔබට ඇතිවිය හැකියි පරිස්සම් වන්න.


● ධනු
ඉතාම ශුභ සතියක්.
මේ සතියෙදි නව ආදායම් මාර්ග බිහි වෙනවා සේම, අලුත් ආදායම් මාර්ග ඔබට හිමි වෙනවා. එසේම ව්‍යාපාරික කටයුතු නව මානයක යොමු කිරිමට මෙය සුභ සතියක්.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. අතපසුවු හුඟක් දේවල් කරගැනීමට පුලුවන් සතියකි. ඔබටද ඥාතින්ගෙන් ගරු සම්මාන සැලකිලි ලැබෙනවා. එසේම නෑදෑ ගමන් බිමන් යෙදීමට පුලුවන්. පවුලේ අය සමග සතුටින් සිටිය හැකියි.
විශේෂ සෞඛ්‍ය තත්වයේ ගැටළුවක් නැහැ.

● මකර
ඉතාම ශුභ සතියකි.
මේ කාලයේදී ඔබටත් අතපසුවූ බොහෝදේවල් කරගැනීමට පුලුවන්. නව ආදායම් මාර්ග හිමි වෙනවා. ඔබට එසේම කරන කියන කටයුතු දියුණු වෙනවා. හිතවතුන්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වන අතර, නිවසට අලුත් දේ මිලදි ගැනීමේ හැකියාව පවතිනවා. තවද ඔබට මේ සතියෙදි ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමේ අවස්ථාව ලැබෙනවා. නව ඥාති මිත්‍රකම් උදාවීමට හැකියාව තියෙනවා. අවිවාහක අයට මංගල යෝග උදා වෙනව.
සෞඛ්‍ය තත්වයෙ ප්‍රබල ගැටළු නැ, සෙම් රෝග හා හිසේ බරගතිය බලපෑමට පුලුවන්.

● කුම්භ
මධ්‍යස්ථ සතියකි.
සතියේ මුල් දින 2 හමාර ඔබට අවාසියි. වගකීම් හා බැඳීම් වලින් යම්තාක් ඈත්විම හොදයි. ණය දීම, ගැනීම නොකර සිටිම හොදයි. මේ තත්වය සතිය අගදී වෙනස් වෙනවා. ඉන්පසු කරන කියන කටයුතු සාර්ථක වෙනවා.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගත වෙනවා. සමගියෙන් සමාදානයෙන් යුග දිවියේ කටයුතු කෙරෙනවා. නෑදෑ හිතමිතුරන් නිවසට එනවා. එසේම ඔබටද අලුත් හිතවත්කම් ගොඩනැගෙනවා. කලක හිටන් ආශ්‍රය කල කෙනෙක්ගේ හමුවීම මේ සතියෙදි සිදුවේවි.
සෞඛය තත්වයේ දණිස් රෝග, පාදවල වේදනා, සෙම් අමාරු යනාදියෙන් පරිස්සම් වන්න. හිසේ රදයත් ඇතිවන්නට පුලුවන්.


● මීන
සමඵල සතියකි.
සතියේ මුල් දින 2හමාරත් සතිය අගත් ඉතාම සුබයි. සතිය මැදදී ආරක්ෂා වන්න. ඔබද ණය දීම සහ ණය ගැනීම නොකල යුතුයි. සතිය අගදී දුන් ණය අයවිමට නියමිතයි. වෙනත් අලාභ නැහැ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වෙනවා. අලුත් නෑදෑ හිතවත්කම් ඇති වෙනවා. පිට පලාත් වල සංචාරයද සිදු වෙනවා. මේ සතිය කෙසේ වෙතත් ගෘහ ජිවිතය අංශයෙන් හොදයි.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු, ඇඟපත වේදනාව ආදි ගැටළු ඇත්නම් ඒවාට ප්‍රතිකාර කරගන්න.



විශ්ව පාලක විෂ්ණු දෙවියන් !





#Vishnu #God

Thursday, December 10, 2015

සතුට තියෙන්නෙ හිතේ... ඒක හරියටම දන්නෙ පොඩි දරුවො විතරයි...

ගොඩක් අය හිතනවා ලොකුවට... මහා පරිමාණයෙන් ඒව මේව කරන හැටි ගැන... මහා ගැඹුරින් දේවල් හිතනව... දර්ශනවාදිව හිතනව... එහෙම හිතල වැඩ කරනවා... ඒකෙ වරදක් නැහැ..

නමුත් ඇත්තටම ඕනම දෙයක ප්‍රායෝගික වෙන්නෙ මොකක්ද.... ?

ඒ තරම් සරල බව...

ඔබට සතුටින් සිටින්නට උවමනා නම්, මුලින්ම ඔබ කාරුණික කෙනෙක් වෙන්න...
ඒ කරුණාව, මෛත්‍රි ගුණය අනිත් අයටත් බෙදන්න...

පොඩි දෙයක් කරලා සතුටු වෙන්න, ඒ සතුට විඳින්න, අනිත් අයටත් සතුටට හේතු හදල දෙන්න...
සමහර අයට පොඩි දෙයක් කරලා සතුටු වෙන්න පුලුවන්ද කියල ඇහුවම පුදුම හිතෙනව... පොඩි දෙයක් කරලා නෙමෙයි ඕනම දෙයක් කරලා සතුටු වෙන්න පුලුවන්...
සතුට කියන්නෙ හිතේ තියෙන දෙයක්...
ඒනිසා තමයි පොඩි දරුවෝ කිසි දෙයක් නැති උනත් සතුටින් ඉන්නෙ... සතුටට, සැනසීමට දුප්පත්-පෝසත් භේදයක් නැහැ..

* පින් කරන්නත් එහෙමයි... පින කියන්නෙ පිනවීම... ඒකියන්නෙ එක්තරා සතුටක්.. ඉතින් පින් කරන්න මහ ලොකු සල්ලි ඕනද නැහැ...
කෑම කාලා, පිඟාන හෝදනකොට “ මේ ඉදුල් ස්වල්පය කුසගිනි ඇති සතෙකුට ආහාරයක් වේවා “ කියල ප්‍රාර්ථනා කරන්න ඒකම ලොකු පිනක්... (ඇත්තටම පොලවේ ඉන්න සතුන්ට ඒ ඉදුල් ආහාරයක් වෙනව)

ගෙදර අයට උදව් කරන්න, පාරෙදි කෙනෙක්ට මනුස්සකමට හිනාවෙන්න... ඒවත් හිතට සතුට ලැබෙන කාරණා... මේව ගැන එහෙම හිතල හොඳට ජිවිතේ ගත කරන්න...

* මේ විදියට කරුණාව, මෛත්‍රිය දියුණු කරගෙන ඔබ හොඳින් ජිවත් වෙද්දි නොදැනුවත්වම කුසලය/පින වගේම අධ්‍යාත්මය දියුණු වීමෙන් හිතේ සැනසීමෙන් ලොකු බලයක්, ශක්තියක් තමන්ටම දැනෙන්න ගන්නවා...
එතකොට හිතේ සැනසීම තියේවි.. කරල බලන්න....

ඒවගේ තත්වයකට හෙමිට පත්වෙනකොට, දුක කියන කාරණය එන එක එක සිද්ධි ආවත් ඒව අවබෝධ කරගෙන ජිවිතේ හොඳින් ගත කරන්න වාසනාව ලැබේවි !

තෙරුවන් සරණයි !


https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA

Tuesday, December 8, 2015

විවාහය ගැන විග්‍රහය - 2

“ හිතුමතේ බැඳපු එවුන් සොමියේ ඉන්නෙ ඇයි ?
නැකැත් බලල කරපු මඟුල් කැඩිල යන්නෙ ඇයි ?
ග්‍රහයෝ නීච වෙලාවත්ද එහෙම වෙන්නෙ ඇයි ???
ග්‍රහයො තමයි ඕව දන්නේ I don't y ...


විවාහයකදී,

* දෙදෙනා, දෙදෙනාට කැමති වීම
* පොරොන්දම් ගැලපීම
* කේන්දර සටහන් වල ගැලපීම

යනාදියට අමතරව, අදාල ගත කරන මහ දසාවන්, අතුරු දසාවන්, විදසාවන් ආදියද සුවිශේෂිව පරික්ෂා කල යුතුය.

එනම් දෙදෙනෙක් විවාහ වන විටදී සුභ මහ දසා ගත කරමින් සිටියද වසර කීපයකින් අයහපත් කාලයන් 2ටම ගත වුවොත් නැති ගැටළු ඇතිවිමේ අවදානමක් ඇත.
එසේම විවාහ වන අවස්ථාවේ අසුභ කාලයක් ගත කරමින් සිටින්නේ නම් එවිටද ගැටළු ඇතිවිමේ ඉඩක් ඇත.
කෙසේ වෙතත් බුද්ධිමය කටයුතු සහ අදාල වත් පිලිවෙත් වලින් මෙම තත්වයන් යහපත් කරගත හැක. 

Monday, December 7, 2015

සතියේ ලග්න පලාපලය - දෙසැ 7 සිට

● මේෂ
සමඵල සතියකි.
ඔයාගෙ ලග්නයට මේ සතියෙ ආර්ථික පැත්තෙන් නම් ඒ තරම් හොදයි කියන්න බැහැ. චන්ද්‍රයා 7,8,9 වැන්නේ ගත කරන මේ සතියේ මුල් කොටසෙදි ණය තුරුස් වෙන්න පුලුවන්, හිත අවුල් වෙලා කඩන් වැටෙන්න පුලුවන්. සතියේ මුල් දින කීපයෙදි ණයතුරුස් වලට අහුවෙන්න එපා. සතිය අගදි සියලුම කටයුතු සාරථක වෙනවා කියල විශ්වාසයි.
ගෘහ ජිවිතය කටයුතුද මධ්‍යස්ථයි. ඒරාෂ්ඨක අපලයකුත් තියෙන මේ සතියේ අඹුසැමි භේද ඇතිවෙන්නට පුලුවන්. දෙදෙනාම විශේෂයෙන්ම අවබෝධයකින් කටයුතු කරන්නට ඕන, ඉවසන්න ඕන. සතිය අගදී පුණ්‍ය කටයුත්තකට සහභාගි වෙන්න පුලුවන්.
සෞඛ්‍ය තත්වය ටිකක් නරකයි, ඒරාෂ්ටක අපලයකුත් තියෙන නිසා. වාහන වල යන එන අය පරිස්සම් වෙන්න ඕන. හදිසි තුවාල, අනතුරු විය හැකියි. පොඩි දරුවන්ද ආරක්ෂා කරගන්න.


● වෘෂභ
ටිකක් අසුබයි.
කාලයකට පස්සෙ වෘෂභයට ටිකක් අසුබ වෙච්ච සතියක් මේක. මේ සතියෙදි ආර්ථිකය ගැන හොදක් කියන්න අමාරුයි. තැන්පත් ධනය ආරක්ෂා කරගන්න, එක එක ඒවට අහුවෙන්නෙ නැතිව ආරක්ෂා කරගන්න, ආරක්ෂා කරගන්න කියන්නෙ ධනය. ඒ ප්‍රශ්න මොනවද කියල ඔයා දන්නවා, ආර්ථික ප්‍රශ්න.
ගෙදර දොරේ ජිවිතයෙදි ගැටළු බොහෝමයි. දෙන්න දෙමහල්ලෝ අතරේ රණ්ඩු සරුවල් ඇතිවෙන්න පුලුවන්. ඔයාල ඒ ගැන නිසි අවධානයෙන් සිටින්න. ඒවගේම තමයි රිමෝට් කන්ට්‍රෝල් බෝම්බ ගේ ඇතුලේ පිපිරෙන්න පුලුවන් - ඒකියන්නෙ පිට ඉදල කවුරුහරි ගේ ඇතුලේ ගිනි තියන්න පුලුවන්. සතිය පුරාම මේ තත්වයන් ගැන බුද්ධියෙන් සිටින්න.
සෞඛ්‍ය තත්වය එතරම් හොද නැහැ, ලෙඩ වෙලා සුවය ලබමින් සිටින අය නිසි ලෙස සෞඛ්‍ය ආරක්ෂණ පිලිවෙත් අනුගමනය කරන්න ඕන.



● මිථුන
සමඵලයි.
ඔයාටත් කියන්න තියෙන්නේ මේ සතියේ මුල් දවස් 2 සහ අග දවස් 2 තමයි හොද. සතිය මැදදි ආර්ථික පාඩු වෙන්න පුලුවන්. ව්‍යාපාරික සහ රැකියා කරන අයට තරහකාරයන් ඇතිවෙලා ස්ථාවරත්වයට, රැකියාවේ දියුණුවට බාධා එන්න පුලුවන්. මිතුරන් හතුරන් වෙන්න පුලුවන් මේ සතියෙදි එනිසා පරිස්සම් වෙන්න ඕන. බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය  තුල ලොකු වරදක් නැහැ. දරුවන් සහ බිරිඳ අතර හොඳ සහයෝගයක් ඇති කරගන්න පුලුවන්. ඒවගේම තමයි සතිය අගදි අවිවාහක ඔයාට මංගල යෝග උදා වේවි. අලුත් හිතවත්කම් ගොඩනැගේවි.
සෞඛ්‍ය තත්වයේ බඩේ අමාරු ගැන විශේෂ අවධානයෙන් ඉන්න.


● කටක
සමඵල සතියකි.
සතියේ මුල් දින කීපයේ ආර්ථික වාසි එනවා. කරන කියන කටයුතු වලට හොදයි. ඒවගේම තමයි ඔයාට අලුත් ඉඩකඩම්, ඒවගේම වාහන මිලදී ගැනීමේ වාසනාව මුල් කොටසේදි තියෙනව. සතිය අගදී කාගෙහරි සතුරු කරදරයකට ඔයාව ලක්වෙන්න පුලුවන්. විමසීමෙන් ඉන්න.
ගෘහ ජිවිතය  ගැන කියන්න තියෙන්නෙ හොදයි කියල තමයි. ඔයාට ගෙදරට අලුත් බඩුමුට්ටු ගන්න පුලුවන්. ඒවගේම සමහරවිට පිටපලාත් වල සංචාරයට අවස්ථාව ලැබෙනවා. අලුත් ඥාති මිත්‍රකම් ඔයාට ඇතිවෙනවා.
සෞඛ්‍ය තත්වයේ පපුවේ සෙම් අමාරු, බඩේ කැක්කුම් තියෙන්න පුලුවන්. ඒවායෙන් ප්‍රවේසම් වන්න.


● සිංහ
ශුභ සතියකි.
සඳුගේ ගමන අනුව ඔයාගේ කීර්ති නාමය ලොව දසදෙස පැතිරෙන කාලයක්. ඒවගේම තමයි ඔයා කොයිතරමටද උත්සහ කරන්නේ ඒ තරමටම ප්‍රතිඵල මේ සතියෙදි ඔයාට ලැබෙනවා. ඒවගේම තමයි පරණ ණයක්, දුන්නු දෙයක් ලැබෙන්න මේ සතියෙදි තියෙනව. ඒනිසා උත්සාහයෙන් උනන්දුවෙන් වැඩ කරන්න ඕන, සතිය පුරාම සුබයි.
ගෙදර දොරේ ජිවිතයද ඉතාම සාමකාමි. ඔයාට හිතවත් අය මේ සතියෙදි ගෙදර එන්න පුලුවන්. පවුල ඇතුලෙත් පිටත් ජනප්‍රිය වෙන්න පුලුවන්. සතිය අගදි දරුවන්ගේ දෙයකට කැපවෙන්න ඔයාට පුලුවන්, ඒකෙන් දරුවන් හා ඔයා අතර තියෙන බැඳිම ගොඩක් වැඩිවෙනව.
සෞඛ්‍ය තත්වයේ අවුලක් නැහැ. සෙම් අමාරු ගැන අවදානමත් වන්න.


● කන්‍යා
ශුභ සතියකි.
කාලෙකට පස්සෙ, ඔන්න ඔයාට හොඳ කාලයක් ලැබුවා. සෑහෙන කාලයක් තිබ්බ ප්‍රශ්න ඉවර වෙලා, හොඳ සතියක් මේ සතිය. හිතට එකඟව මේ සතියෙදි වැඩ කරන්න, අලුත් ආයෝජන අවස්ථා, අලුත් ආදායම් මාර්ග ඔයාට ඇතිවෙනවා. ඒවගේම තමයි හොඳ පුද්ගලයන් ආශ්‍රය කිරිම නිසා ඔයාගෙ ආර්ථික තත්වය දියුණු කරගන්න පුලුවන්. කරන ඕනම දෙයක් හරියනව.
ගෘහ ජිවිතය හොඳයි ඔයාට. කාලෙකට පස්සෙ ගෙදර නිකන් සතුටක් සමාදානයක් තියෙනව වගේ තියෙනව. ඔයාට මංගල යෝග තියෙනවා. අලුත් නෑදෑයෝ ඔයාව හොයාගෙන ඒවි. පරණ තරහ වෙච්ච අය ඔයා එක්ක යාළු වේවි. ඉතින් ඔයත් හොදින් ඉන්න ඕන.
සෙම් අමාරු තමයි හැදෙන්න තියෙන්නෙ, මේ දවස් වල වැස්සට තෙමෙන්න එපා.


● තුලා
හොඳ සතියකි.
ඔයා හොඳ මිනිහ කියල හැමතැනම ප්‍රසිද්ධ වෙනව. ඒවගේම හොඳ ධෛර්යයක් ඔයාට ලැබෙනව. ඒකම භාවිත කරලා ඔයා මේ සතියෙදි හැදෙන්න ඕන. අලුත් දේවල් අරඹන්න මේ සතිය හොද සතියක් වෙනව. ඔයාට හරියාවි සැලකිල්ලෙන් වැඩ කරන්න.
ගෙදර දොරේ ජිවිතය ඉතාම හොදයි. භාර්යාව-ස්වාමියා අතර හොද සම්බන්ධකම් ඇතිවෙනවා. ඒවගේම පවුලේ අය එක්ක වැඩිපුර කාලය ගත කරන්න හිතෙනව. සහෝදර සහෝදරියනුත් ඔයා එක්ක වෙනදට වඩා ලෙංගතු වෙනව.
උගුරේ සෙම් අමාරු, සෙම් ගෙඩි ගැන සැලකිලිමත් වන්න.


● වෘශ්චික
ශුභ සතියක්.
හැබැයි සතියේ මැදදී ඔයා පොඩ්ඩක් කලබල වෙන්න පුලුවන්, ආදායම් තත්වය හා යම් යම් දේවල් සම්බන්ධව. ඒ ගැන අවධානයෙන් ඉන්න ඕන. වෙන ගැටළුවක් නැහැ. සතිය අගදී අලුත් ආදායම් මාර්ග ලැබෙනවා. අලුත් ආයෝජන අවස්ථා හිමි වෙනව.
ගෙදර දොරේ ජිවිතය හොදයි. ප්‍රශ්න නැහැ. නමුත් ඔයා කලබල වෙන නිසා, ඔයා විසින් සමහර ලෙඩ දාගන්න පුලුවන්. ඒ ගැන කල්පනාකාරි වන්න.
හිස බරගතිය, හිසේ කැක්කුම් සෞඛ්‍ය ගැටළුය.


● ධනු
ටිකක් හොඳ නැහැ මේ සතිය.
ඔයා සතිය මුලදී හොඳයි. සතිය මැදදී පාඩුවක් ඇතිවෙන්න පුලුවන්. රැකියා කරන ඔයාගෙ අතපසුවීම් නිසා පාඩු වෙන්න පුලුවන්. ව්‍යාපාර කරන ඔයාගෙ ණය ගැනීම්, දීම් එක්ක ප්‍රශ්න වලට මැදිහත් වෙන්න පුලුවන්, ආරක්ෂා වන්න. සතිය අගදි මේ තත්වයන් හරියනව.
ගෙදර දොරේ ජිවිතයෙදි ස්වාමියා-භාර්යාව එක්ක ගැටුම් ඇතිවිය හැකියි, ඒවා සමනය කරගන්න ඕන. ඒවගේම අනවශ්‍ය දේවල් වලට ඔයාගෙ කාලය - ධනය - ශ්‍රමය වැයවෙන්න පුලුවන්. සතිය අගදි මේ තත්වයන් හරියනව.
සෞඛ්‍ය තත්වය ගත්තම ඇඟේපතේ අමාරුකම් ඇතිවෙන්න පුලුවන්. ඒ ගැන අවදානමත් වන්න.


● මකර
හොඳ සතියක්.
වෙළහෙලදාම් කරන අයගේ තත්වය දියුණු වෙනවා. සැලකිය යුතු රැකියා කරන අයට විදෙස සංචාර හිමිවෙනවා, අලුත් වගකීම් එක්ක හොද දේවල් ලැබෙනවා. අලුත් ව්‍යාපාර ආරම්භයට හොදයි. විශේෂයෙන්ම කැවිලිපෙලිවි, ජලය ආශ්‍රිත ව්‍යාපාර කරන අයට ගොඩක්ම හොදයි කියන්න පුලුවන්.
ගෙදර දොරේ ජිවිතය හොදයි. පවුලේ සමගිය ඇතිවෙනවා. භාර්යාව-ස්වාමියා ඔයාට හොදින් සලකනවා. ඒවගේම ස්වාමියාට-බිරිදට ස‘ප්‍රයිස් එකක් දීලා සතුටු කරන්න මේ සතියෙදි පුලුවන්.
සෞඛ්‍ය තත්වය ලොකු වරදක් නැහැ. නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට උනන්දු වෙන්න.


● කුම්භ
ඉතාම ශුභයි.
ඔයාගෙ ග්‍රහචාරය අනුව ඔයාට මේ සතියේ අතපසුවුනු ගොඩාක් දේවල් කරගන්න පුලුවන්. මුදල් සම්බන්ධ ප්‍රශ්න නිරාකරණය වෙනව. අලුතෙන් දෙයක් පටන් ගන්න පුලුවන්. කාලය හොද වෙනව. කරන කියන කටයුතු සාර්ථක වෙනව. ඔයාට හිතකර ගිවිසුම් වලට එළඹෙන්න පුලුවන්.
ගෙදර දොරේ ජිවිතයත් ඉතාම ප්‍රීතිමත්. වැඩිහිටි නෑදෑයො එක්ක පින් දහම් කටයුතු වල යෙදෙන්න අවස්ථාව ලැබෙනවා. දුරබැහැර සංචාර වලට අවස්ථාව ලැබෙනවා. භාර්යාව, ස්වාමියා එක්ක හොද බැඳීමක්, සම්බන්ධයක් ඇති වෙනව. ඒවගේම ප්‍රීතිමත් සතියක් මේ සතිය.
සෞඛ්‍ය තත්වයේ ප්‍රශ්න නෑ, දණිස් අමාරු තියෙනව නම් පරිස්සම් වන්න. සැප වැඩි නිසා නිදන්ගත රෝග එහෙම වැඩි වෙන්න පුලුවන්.


● මීන
සමඵල සතියකි.
සතියේ මුල් කොටස ඔයාට හොදයි කියන්න බෑ. කරන කියන කටයුතු වල යම් ප්‍රබල බාධක ඇතිවෙන්න පුලුවන්. ලැබෙන්ට තියෙන මුදල් නොලැබී යන්ට පුලුවන්. ඔයා සතුරු කරදර හෝ රැවටීම් වලට ගොදුරු වෙන්න පුලුවන්.
ගෙදර දොරේ ජිවිතය සාමාන්‍යයි. ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. භාර්යාව-ස්වාමියා අතර ගැටුම් ඇතිවෙන්න පුලුවන්, ඒවා කතා කරලා නිරාකරණය කරගන්න.
සෞඛ්‍ය තත්වයේ යම් ප්‍රශ්න තියෙනවා, හිසේ කැක්කුම, ඇඟපත අමාරුව සහ විවිධාකාර රෝගාබාධ වලින් පරිස්සම් වෙන්න. හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න.


https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA

________

Sunday, December 6, 2015

* අපොස සාමාන්‍ය පෙල විභාගය 2015 - O/L Exam

2015 දෙසැම්බර් 8 වනදාට ඇරඹෙන සාමාන්‍ය පෙල විභායෛන් බොහෝ දරුදැරියන් විශිෂ්ට ප්‍රතිඵල අත්පත් කරගන්නා බව අපගේ අනාවැකියක් අනුව අපි ප්‍රකාශ කරමු !

ලෝකායතන ජ්‍යොතිෂ්‍යය අනුව 2015 දෙසැම්බර් මස 8 වන අඟහරුවාදා/කුජ දින ඉර උදා වන්නේ උදෑසන 6.10 ඉර බසින්නේ පස්වරු 5.54ටය.

● උදෑසන 6.10ට ඉරු උදාවන විට රවි ග්‍රහයා වෘශ්චික රාශිගතව සිටින අතර, ඉල්මස අවදොලොස්වක තිථිය උදාව පවති. ශෝභන යෝගයද, තෛපිලකරණයද යෙදෙන අතර නැකැත් 27න් ශුභම නැකැතක් වන රාහු හිමි සා නැකත එදින පස්වරු 8.54 දක්වාම පවති.

● ඉහත දැක්වූ පංචාංගය සමග ග්‍රහචාරය ගැන කල්පනා කරන විට, මෙම විභාගයෙන් වැඩිම හොඳ ප්‍රතිඵල දිවයිනේ බස්නාහිර පලාතටත්, දකුණු පලාතටත් හිමි වේ.
එසේම මධ්‍යම පලාතේ මහනුවර දිස්ත්‍රික්කය ආශ්‍රිතව හොඳ ප්‍රතිඵල හිමිවනු ඇත.
එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයද පසුගිය කාල වලටත් වඩා අධ්‍යාපනික වශයෙන් යම් පිබිදීමක් ඇතිවන බව කිව යුතුය.
මෙම ප්‍රදේශවල පොදුවේද අධ්‍යාපනික ප්‍රතිඵල බොහෝ හොඳ මට්ටමක පවති.
පොදුවේ මුළු රටටම වෙනදාට වඩා ප්‍රතිඵල යහපත් වනු ඇත !

● මෙම ග්‍රහචාරයත් සමග මෙවර සාමාන්‍ය පෙල විභාගයට සියලුම ලග්න හිමි දරුවන්ට ශුභ බව කිව යුතුයි. ලග්න බොහෝමයකට ඉතාම ශුභයි.

අපගේ ශ්‍රී ලංකාද්වීපයේ අනාගතය බාරගැනීමට සිටින අපගේ ආදරණීය දරු පරම්පරාවට ශුභ ප්‍රාර්ථනා එක් කරන අතර මේ දිනයේදි ඔබ විසින් කල යුතු වතාවත් ඔබගේ අධ්‍යාපනික කටයුතු අතිසාර්ථක කල යුතු වතාවත් එක් කරමින් මේ ලිපියට අවසන් තිත තබමු !

● උදෑසන අවදි වන්න.

● කහ වතුර මිශ්‍ර වතුරෙන් නා පිරිසිදු වන්න.

● බුදුන් වැඳ, බුදු ගුණ සිහිකර සැරියුත් මහරහතන්වහන්සේගේ ගුණ මෙනෙහි කරමින්, උන්වහන්සේගේ ඥාන ගුණය සිහිපත් කරමින්, ඔබගේ ඉෂ්ට දේවතාවුන්ට යම් ප්‍රාර්ථනාවක් එක්කරන්න.
(වෙනත් ආගමක නම් තම ආගමානුකූලව එම කටයුතු කරන්න)

● එදිනට කිරිබතක් අනුභව කිරිම සුදුසුයි.
(මේ කිරිබතට, රතු කැකුළු මිශ්‍ර සුදු කැකුලුද, කඩක පරිප්පු තම්බා එයට එක්කොට එළඟි තෙල් මිශ්‍ර කර තිබිම වඩා හොදයි)

● දෙමාපියන්ට, වැඩිහිටියන්ට වැඳ ආශිර්වාද ලබාගෙන, මරුට පිටුපා එනම් නැගෙනහිර දිශාව බලා නිවසින් පිටත් වන්න.

සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින සමස්ත දරු පරම්පරාවටම සියලු යහපත ඉෂ්ට සිද්ධ වේවා !

රත්නත්‍රයේ සරණයි !

‪#‎ඉරුසේවය‬

‪#‎විභීෂණ‬ දෙවියන්

ලෝකයටම අධිපති වූ මහා රාවණ මහරජුගේ සොයුරෙක් වූ මෙම දෙවියන් රට ජාතිය ගැන තමන්ගේ සිතිවිලි අනුව යුද්ධයෙදි වෙනත් මගක් ගත්තේය.
කෙසේ වුවද එම සිතිවිලි නිවරදි නිසාම දේවත්වයට පත්විය...

මහා රාවණ මහරජුද, අද දෙවි කෙනෙකි..

අද එදා මෙන් සුර, අසුර ගැටළු නැත...

සියලුදෙනා දහමට අනුව සිටිමට කටයුතු කරනවා, දේව මණ්ඩලයේ...

‪#‎ඉරුසේවය‬

Saturday, December 5, 2015

" අපල සඵල කරගන්න “ !!!

ඔබ යහපත් දෙයක් යහපත් සිතින් කරන්නේ නම් අපල තිබුනද එහි සැලකිය යුතු සාර්ථකත්වයක් දැකිය හැක. අපල පමණක් නොව අදාල වෙනත් බාධා තිබුනද ඔබ නිසිලෙස කැපවන්නේ නම් බොහෝ සාර්ථක විය හැකි බව අපගේ පර්යේෂණ වලින් සොයාගෙන ඇත.

● අපල වලදී වැදගත් දෙයක් වන්නේ අදාල අපල තත්වය තේරුම් ගෙන කටයුතු කිරීමයි.
* එනම් අපලය කුමක්ද, විය හැක්කේ මොනවාද සහ පැවැත්ම කෙසේ විය යුතුද යන්නයි.

● එහිදී අදාල ශාන්ති කර්ම, යහපත් පැවැත්ම තිබෙන්නෙ නම් වඩා මැනවි.

● අපලය ගෙවෙන්නෙ හෙට යැයි සිතන්න. නමුත් අද ඔබ කකුලට හානි කරගත්තොත් තවත් මාස කීපයකට ඔබට එක්තැන්ව සිටින්නට විය හැක.
කේන්දර බලන්නේ, ජෝතිෂ්‍යය කටයුතු ගැන උනන්දු වන්නේ ඒ සඳහාය.
* යම් කේන්දර සටහනක් බලා අනිවාර්යෙන්ම මැරෙනවා, මේ දෙන්න හොඳින් ඉන්නේම නෑ යනාදි ලෙස කීම ජෝතිර්වේදියෙකුට තරම් නොවේ.
එනම් ජෝතිෂ්‍යය ඇත්තේ දැනගෙන අවබෝධයෙන් කටයුතු කිරීමට නිසාය.

● ඒනිසා සතියේ පලාපල, කේන්දර සටහන ගැන යනාදි ලෙස යොදන පොදු විස්තර වලින් කලබල හෝ දුක් නොවී ඒවා එසේ නම් මා මගේ කටයුතු මෙසේ කරගනිමි යනාදි ලෙස පෙර දැනගෙන කටයුතු කරන්නට පෙළඹෙන්න. - විය යුත්තේ එයයි.

‪#‎බුදුසරණයි‬ !

‪#‎ඉරුසේවය‬

irusewaya@gmail.com.
0711 345 364

Wednesday, December 2, 2015

මකර ලග්නය

*** මේ සියල්ල පොදු කරුණුය, අපගේ ජ්‍යොතිෂ්‍යමය පර්යේෂණ වලින් තහවුරු කරගත් පරිදිය.
කේන්දර සටහන් අනුව මේවා වෙනස් වනු ඇත.

ග්‍රහ ලොව දුප්පතා වන ශනිට අයත් වන මෙම රාශිය පඨවි රාශියක් වශයෙන් සදහන් වේ. නැගෙනහිර ක්ෂිතිජයේ විශාල අහස් ප්‍රදේශයක් පුරා පැතිර පවතින පියවි ඇසෙන් දෘෂ්‍යමාන වන මකරෙකුගේ හැඩය ගත් මෙම රාශිය ලග්න රාශි වළල්ලෙන් විශේෂ අනන්‍යතාවයක් ඇති ලග්නයකි.
විශේෂයෙන්ම සෙනසුරුට අප කිව යුතුයි, ලග්න 2ක උරුමය පවතිනවා. ස්ත්‍රිකාරක වන මකර රාශිය හැරුනුවිට පුරුෂ රාශිය වන කුම්භ රාශිය මේ 2යි.

* මකර ලග්නය පඨවි බල රාශියක් වන අතර මේ මකර ලග්නය හරහා චන්ද්‍රයාගේ ගමනේදි නැකැත් 3ක් මුණ ගැසේ.
එම නැකැත් නම්, උත්‍රසල, සුවණ හා දෙනට වේ.
උත්‍රසල නැකත රවිටත්, සුවණ නැකත සදුටත් දෙනට නැකත කුජටත් හිමි වේ.

මකර ලග්නයෙන් උපන් අයගේ කේන්ද්‍ර ගැන අප ඔබට කීමට ප්‍රථම මා සිතන්නේ මකර ලග්නයේ අය ගැන පාඨක ඔබද යම් කරුණු කාරණා දන්නවා ඇතැයි සිතමි.

● මකර ලග්නයෙන් උපන් අය තරමක් ආත්මාර්ථය විශේෂයෙන් කල්පනා කරති.
එය විවිධාකාර විදියට කෙනෙකුට බලපෑමට පුලුවන.
සමහරවිට ලග්නයට පාප ග්‍රහ බලයක් පිහිටා තිබුනහොත් ඉතාම ප්‍රබල ආකාරයට එම නරක ගතිගුණ ඉස්මතු විමට පුලුවන්.
කිසියම් ආකාරයකට ලග්නයට සුභයන් බලපෑම් කරනවා නම්, එම තත්වය කෙනෙකුට කරදරයක් නොවි තමන්ගේ දියුණුව උදෙසා භාවිතා කරන කෙනෙක් බවට පත්විමට පුලුවන්.

● මකර ලග්නයෙන් උපන් අයගේ විශේෂ ලක්ෂණයක් නම්,
තමාගේ කටයුතු දියුණු කරගැනීමට දිවා රෑ වෙහෙස මහන්සි වි කටයුතු කිරිමයි. අපේ පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යය කටයුතු වලදි අපිට මුණගැසුනු බොහෝ මකර ලග්න හිමියන් ව්‍යාපාර ක්ෂෙත්‍ර වල නියුතු අයයි. ඒ අයගේ කේන්දර බැලිමෙදි අප්‍රතිහත ධෛර්යය කඩා නොවැටෙන බව ව්‍යාපාරික ඥානය සහ තීක්ෂණ බුද්ධිය ඇති අය බව මනාව පැහැදිලි වේ.
* රැකියා වල නියුතු එසේම අධ්‍යාපනය ලබන මකර ලග්නයේ අය සුවිශේෂි කැපවීමක් ඒ සියලුම කටයුතු වලට යොදයි.

● මකර ලග්නයෙන් උපන් අයගේ විශේෂතාවය නම් තමා කරන දේ ඉතාම පැහැදිලිව සහ ප්‍රකටව කිරිමට උත්සහ ගැනීමයි. මොවුන් ධනාත්මකව සිතන වැට කඩොලු පවුරු කඩාගෙන පෙරට යන දක්ෂ අය වෙති.
මකර ලග්නයේ කුඩා දරුවා පවා ඉතාම ඉදිරිය කල්පනා කරන ඥානවන්ත දරුවන්ය. උපතින්ද ලග්නයට බුද්ධිය සහ ජයග්‍රහණය කිරිම ලග්නයට කාවි ඇත.

* කෙසේ වෙතත් බොහෝ දියුණු වූ අය මකර ලග්නයෙන් අපට මුණගැසි ඇත. ඕනෑම කටයුත්තකට පාඩු වෙන්නට හෝ ලාභ වෙන්නට තමාගේ ධනය, ශ්‍රමය කාලය ආයෝජනය කරයි.
ආත්මාර්ථකාමි බව ඇති මොවුන් තමාගේ ධනය රැස් කිරිම සහ බලය රැස් කිරිම උදෙසා යම් කාලයක් මිඩංගු කරයි.

● ප්‍රේම සබදතා සම්බන්ධව තරමක් විචාරශීලිව බලයි. එසේ නම් ආවට ගියාට නොවේ. යම් ආකාරයකින් ඒ සම්බන්ධව හොද තත්වයකින් බලයි.
ඍජු තීරණ ගනී. එසේම මකර ලග්නයේ අය අතර විශේෂයෙන්ම ප්‍රේම සබදතා ඇති අතර යම් යම් ගැටළු පැනනැගිමේ යම් ඉඩකුත් පවති. මන්ද සමහරවිට මේ ලග්නයට ගැලපෙන ලග්න එසේ නොමැති නම් ගැලපෙන ග්‍රහ තත්වයන් නොමැති වුවහොත් සමහරවිට ගැටුම් ඇතිවිමට ඉඩ ඇත.
මකර ලග්නකරු හුඟාක් ආශා කරනවා, තමාගේ මතයට අන් අය ගරු කරනවා නම්, එසේ නොමැති නම් තමාගේ මතයේ අනිත් අයත් පිහිටනවා නම්.

● කෙසේ වෙතත් ආදරය ප්‍රේමය නැමති හැඟීම සිතිවිලි වලට පෙරලුනහොත් තමාගේ භාර්යාවට ස්වාමියාට ආදරය කරයි.
විශේෂයෙන්ම අපි හිතමු මකර ලග්නය හිමිව ලග්නයේ සදු පිහිටා තිබියදී, එම සදු සුවණ නැකතේ ගමන් කර ඇත්නම් අවශේෂ වශයෙන් සිකුරු 4 වැන්නේ පිහිටා තිබියොත් බොහෝම ප්‍රේමණීය හදවතක් ඇති දැඩි ලෙන්ගතුකමක් ඇති බොහෝම ආදරණීය කෙනෙක් මේ තුලින් බිහිවේ. එය සුවිශේෂි තත්වයකි.

● මකර ලග්න කරුවන්ගේ සිදුවන්නේ බොහෝවිට විවාහය සිදුවන්නේ තම කැමැත්තෙනි.
මේ අයට යෝජිත විවාහයක් සිදුවුවත් ආශ්‍රය කර හදුනාගැනිමේ වැඩි ඉඩකඩක් පවති. කෙසේ වෙතත් මකර ලග්නයේ හොද විවාහයක් සිදුවීමේ වැඩි සම්භාවිතාවයක් පවති. විවාහයෙන් පසු දියුණුවීම මකර ලග්න අයගේ විශේෂත්වයකි. බොහෝවිට ශුභ ග්‍රහ තත්ව ඇත්නම් විවාහයෙන් පසු දායද වල හිමිකමද ඇතිවනු ඇත.


● මකර ලග්නකරුවන්ට රෝග වශයෙන් විශේෂයෙන්ම දණිස් ආශ්‍රිත රෝග, ආමාශ රෝග වැළදීමේ යම් ඉඩකඩක් පවති. එසේම ලග්නාධිපති සෙනසුරු නිසා සමහර වෙලාවට කල් අල්ලන රෝග එසේ නොමැති නම් කාලයක් ගොස් සුවපත් වන රෝග වැළදීමට පුලුවන්.
මකර ලග්න අයගේ කේන්ද්‍ර වල ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා බලවත් තැනක පිහිටා 8 වැන්නාධිපති රවි බලවත් නම් එසේම ලග්නයට සුභ බලපෑම් තිබේ නම් මේ අය අවුරුදු 80 ඉක්මවා ආයුෂ වින්දනය කරති.

_ දුර්වලතා _

● මේ ලග්නය බොහෝවිට ඉතාම මසුරු සහ ලෝභී බවක් පෙන්වයි.
මේ ලග්නයේ අය තමාගේ පවුලේ අයට වඩා පිට අයට බොහෝ සලකයි.

● ඇති දේ ගැන නොසිතා නැති දේ ගැන බොහෝ සිතයි. බොහෝවිට අනුන්ගේ සිත් රිදවයි. එය මෙය ලග්නයේ උපන් අයගේ ලක්ෂණයකි.


●  සුභ දින = බදාදා, සිකුරාදා, සදුදා


● ශුභ වර්ණ = ලා කොළ, ලා නිල්

● ශුභ අංක = විශේෂයෙන්ම 5 සහ 6

● ශුභ දිශාව = ඊසාන දිශාවයි.

● ශුභ මැණික් = පච්ච ගල, සුදු නිල් ගල අපල ඇත්නම් කාක නිල් ගල ශරීරයේ ස්පර්ශ නොවන සේ.


මකර ලග්නයෙන් උපන් ප්‍රවීණයෝ ජිවිතය තම ස්වෝත්සාහයෙන් ජයගත් අය බව මතක් කරමින් ලිපිය අවසන් කරමු !



සියලුදෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත මාසයක් වේවා !


Tuesday, December 1, 2015

සතියේ ලග්න පලාපලය - නොවැ 30 - දෙසැ 7

● මේෂ
ශුභ සතියකි.
ඉතාම වාසනාවන්ත මේ සතියේදි ආර්ථික තත්වය නිරායාසයෙන්ම දියුණු වේ. වෙළද ව්‍යාපාර කරන අයටත්, රැකියා වල නියුතු අයටත් චිත්ත ප්‍රීතියෙන් යුක්තව කටයුතු කරන්න පුලුවන්. එසේම දියුණුවට අතහිත මෙන්ම පිරිස් බලයද ලැබෙනවා.
ගෘහ ජිවිතය තුල පවුලේ සමාදානය විශේෂයෙන්ම රැකෙන අතර, ස්වාමියා-බිරිඳ පුදුම කිරිමට තරම් යම්කිසි සුභ සිදුවිම් සිදු වෙනවා. පවුලේ අය සමග වැඩිපුර කාලය ගත වෙනවා, නිවස ප්‍රීති උත්සව සිරියක් ගෙන දෙනවා.
සෞඛ්‍ය තත්වය හොදයි, පපුවේ සෙම ඇත්නම් පරිස්සම් වන්න.


● වෘෂභ
සමඵල සතියකි.
සතිය ආරම්භයෙදි ඔබගේ සියලු කටයුතු ඉතාම ප්‍රබෝධයකින් සිදුවනු ඇත. විශේෂයෙන්ම ඔයාගේ කටයුතු වලට යාළුවන්ගෙන් හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. ඒවගේම ව්‍යාපාර කටයුතු තියෙනව නම් ඒවට අවශ්‍ය කරන උපකරණ මිලදි ගැනිමේ හැකියාව තියෙනව. නමුත් සතිය අගදී ප්‍රවේසම් විය යුතුයි ඒරාෂ්ටකයකට අහුවෙන නිසා.
ගෙදර දොරේ ජිවිතය බොහෝම සාමකාමි. ඔබගේ භාර්යාව/ස්වාමියා එක්ක ඉතාම සාමකාමි ජිවිතයක් ගත කරන්නට හැකි බව කියන්නට ඕන. ඒවගේම ගෙදරට හිතවතුන් සහෝදරයන් එනවා. සිත ප්‍රීතියෙන් තිබෙනවා, ගැටළුවක් නැහැ.
සෞඛ්‍ය ගැටළු විදියට, පපුවේ සෙම් අමාරු ඔයාටත් තියෙනවා - පරිස්සම් වෙන්න.


● මිථුන
බොහොම හොඳ සතියක් !
ගිය සතියට වඩා හොඳ සතියක් කියන්නෙ, ඔයාගෙ හැකියාවෙන් ඉතාම හොද ප්‍රයෝජන ගන්න පුලුවන්. මේ අතර හදිසි ධනලාභ පවා ඔයාට තියෙනව. අලුත් ව්‍යාපාර ඇරඹීමට සුබයි. මුදල් ලැබෙනවා, දියුණුවට අතහිත ලැබෙනවා. සතිය පුරාම එක වගේ ශුභ තත්වයක් තමයි පෙනෙන්ට තියෙන්නෙ.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. කාලෙකට පස්සෙ අඹුසැමි ප්‍රේමය කියන දේ් ඉතාම හොද තත්වයකින් තියෙනවා. ඒකියන්නෙ ඒ තත්වය බබලනවා. අලුත විවාහ වු අයට නම් බොහෝම සුභ කටයුතු, ආරංචි ඇතිවෙන සතියක්, විශේෂ හොදක් තියෙනවා.
සෞඛ්‍ය තත්වයේ හොඳ තත්වයක් තමයි පෙනේට තියෙන්නෙ, චන්ද්‍රයා යන ගමන අනුව සෙම් අමාරු විතරයි කියන්න පුලුවන්, සමහර වෙලාවට බඩේ කැක්කුම් තියෙන්න පුලුවන් පරිස්සම් වෙන්න.


● කටක
ඉතාම ශුභ පල සතියකි.
මේ සතියේදි ඔබගේ ආර්ථික තත්වය ඉතාම ඉහලට ගැනිමට ඔබට වාසනාව ලැබෙනවා. මේ තත්වය නිසා ඔබට විශේෂ ආර්ථික වාසි ඇතිවෙනවා. කල්පනාවෙන් කටයුතු කලහොත් ඔබට ලොකු දියුණුවක් ලබාගැනිමට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. මේ සතියෙදි ඔබ ආගන්තුක සත්කාර ගැන විශේෂ උනන්දුවක් දක්වනවා. එනම් නිවසට ඔබගේ හිතවතුන් ඥාති මිත්‍රයන් ඒමට පුලුවන්. පවුලේ අය සමග විනෝදයෙන් ප්‍රීතියෙන් සිටිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය ඉතාම යහපත්, සදු ලග්න භාවයේ, 2වැන්නේ හැසිරෙන කාලයෙදි හිස බරගතිය, උගුරේ සෙම ආදිය ඇතිවන්නට පුලුවන්.



● සිංහ
සුභ සතියකි.
සතියේ මුල් දින කීපය නම්, සඳුදා සහ අඟහරුවාදා සම්පූර්ණයෙන්ම ඔබ ගිවිසුම් ප්‍රාකාර වැඩ වලින් ඉවත් වන්න, ඇපයට එහෙම යන්නට හොද නැහැ. ඉතින් සදු ලග්න භාවයේ, 2 වැන්නෙ හා 3 වැන්නේ ගතවෙන කාලය ඔයාට ඉතාම හොදයි. ඒ දවස් වල ඔයාගෙ උත්සහයට මහන්සියට නියමිත ප්‍රතිඵල ඔයාට ලැබෙනවා, ඒකෙ ගැටළුවක් නැහැ.
ගෘහ ජිවිතය ගැටළුවක් නැහැ. ගෘහ ජිවිතයේ පවුලේ අය වෙනුවෙන්, සහෝදරසහෝදරියන් එක්ක සතුටින් ඉන්න පුලුවන්, ඒ පැත්තෙන් වියදම් වැඩියි. සතිය අගදී විශේෂ ගමන් බිමන් යෙදෙන්නත් ඉඩ තියෙනවා ඔය අතර.
හිස බර ගතිය, සෙම් රෝග සෞඛ්‍ය තත්වයේ තියෙන ගැටළු.


● කන්‍යා
සමඵලයි.
සතිය ආරම්භයේ තිබුනු ආර්ථික ප්‍රබෝධය සතිය මැදදි නැති වෙන්න පුලුවන්. ඒකියන්නේ සතිය මැදදි ලොකු ආර්ථික ගැටළුවකට හසුවෙන්න පුලුවන්. ඔයාගෙ නිසි කල්පනාව සහ බුද්ධිමත් තීරණ වලින්, සැලකිල්ල නිසා සතිය අගදී මේ තත්වය නැති වෙලා යනවා.
ගෘහ ජිවිතය අතින් ගත්තම අඹුසැමි ප්‍රේමයට සහ දුවාදරුවන්ගේ කටයුතු වලදි හොදයි, නමුත් යම් කනස්සල්ලක් ගෙනදිමට ඉඩ තියෙනවා යම් යම් සිද්ධි නිසා. ඒගැන සැලකිල්ලෙන් ඉන්න.
සෞඛ්‍ය තත්වයෙ ප්‍රබල ගැටළු නැහැ. නමුත් දණිස් වල වේදනා, පාද වල වේදනා ගැන සැලකිලිමත් වන්න.


● තුලා
සමඵල සතියකි.
මේ සතියේ ඔබට වෙලද ව්‍යාපාර කටයුතු වලින් හොද ආදායමක් උපයා ගැනිමට පුලුවන්. නමුත් සතිය අගදි ඒ තත්වයන් වෙනස් විය හැකියි. ඔබ අනවශ්‍ය මැදිහත් විම නිසා ආර්ථික පාඩු ඇතිවිමට පුලුවන්. ඒවායින් ඔබ ආරක්ෂා වන්න.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. සතිය මැදදි ආගන්තුකයන්, ඥාති මිතුරන් ආදින් පැමිණිමට ඉඩ තිබෙනවා. සතිය අගදී යම් යම් මත ගැටුම් ඇතිවෙන්නට පුලුවන් ආර්ථික තත්වයේ විචල්‍යතා නිසා, ඒ ගැන සැලිකිලිමත්
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ. පාද වල වේදනා ඇගපත වේදනා


● වෘශ්චික
මේ සතිය ඉතාම හොදයි.
සියලු තත්වයන් හොදින් කළමනාකරණය කොට ආර්ථිකය ජය මාවතකට ගෙන යාමට පුලුවන්.
එසේම ඔබට මේ සතියෙදි වැඩහිටියන්ගෙන් දියුණුවට අතහිත ලැබෙන්න පුලුවන්, බැංකු ණය වැනි දේවල්ද ලැබෙන්නට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. වැඩිහිටියන් සමග සමගියෙන් සමාදානයෙන් ගතවන අතර මේ කාලය ආර්ථිකයටත් ගැටළුවක් නැති නිසා ඔබ හොදින් ඉන්නවා.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. නිදන්ගත රෝග ඇති ආරක්ෂා වන්න.


● ධනු
ශුභ සතියකි.
මේ සතියෙදි සියලු කටයුතු සාර්ථක වෙනවා. විශේෂයෙන්ම ආර්ථික වාසි සැලසේ, ලැබෙන්නට තිබු මුදලක් ලැබේ. සතිය පුරාම එකසේ සුබයි. ව්‍යාපාර ඇරඹීමට සුබයි.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගත වේ. පවුලේ අය සමගත් ඥාතින් සමගත් ඉතාම හොද සම්බන්ධකම් ඇතිවෙනවා. එසේම ඔබට ආර්ථිකය හොද නිසා සිතට සතුට ලැබෙනවා, ඥාති මිතුරන් ආදින් නිවසට එනවා.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. නිදන්ගත රෝග ඇති අය ප්‍රවේසම් වන්න.


● මකර
සමඵලයි.
ආර්ථික ප්‍රබෝධය තිබෙනවා, සතිය මැදදි එය නැතිවි යන්ට පුලුවන්. ඔබටත් යම් බාධක කරදර උපද්‍රව ඇතිවන්නට ඉඩ තියෙනවා. ඒවායින් ආරක්ෂා විය යුතුයි. කෙසේ වෙතත් සතිය මැදදි ඉතාම දරුණුවට දැනුනද අගදී මේ තත්වයන් යහපත් වනවා. ගනුදෙනු වලදි පරිස්සම් වන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා. සතිය මුලදි මංගල යෝග උදා වෙනවා. නව ඥාතින් මුණ ගැහෙනවා. සතිය අගදි සමහරවිට කෙනෙකුගේ දුකක් අහන්නට ලැබේවි. මානසික තත්වය හොදින් තබාගැනිම ඔබගේ වගකිමයි.
සෞඛ්‍ය තත්වයේ යම් යම් දුර්වලකම් පවතිනවා, ඒවායින් ආරක්ෂා වන්න. ඔබට මේ කාලයෙදි යම් යම් ගැටළු සහගත තත්වයන් මතුවිමට පුලුවන්.


● කුම්භ
සමඵල සතියකි.
ආර්ථික තත්වය ගැන නම් පොඩ්ඩක්වත් සතුටු වෙන්න බෑ. සතිය පුරා ආර්ථික ගැටළු ඇතිවිය හැකියි. චන්ද්‍රචාරය සතිය පුරා අයහපත්ව පවතින්නේ. විවිධ ආර්ථික අපහසුතාවයන් වලට ඔබ හසුවන්නට පුලුවන්. ගනුදදෙනු වලදි ඉතාම බුද්ධිමත් සහ පාරදෘශ්‍ය වීම ඉතාම වැදගත්. හවුල් ව්‍යාපාර කරන අයට යම් සහනයන් තියෙනවා
ගෘහ ජිවිතය ඔබට එතරම් ගැටළුවක් වන්නේ නැහැ. සමහරවිට පොඩි පොඩි බාධා ගැටළු ඇතිවිය හැකියි. සතිය මැදදි ඔබට මංගල යෝග උදා වේ. ඥාති මිතුරන් ගෙදරට එන්න පුලුවන්. ඔබගේ ඉවසීම මත පවුලේ සමගිය රැකේවි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ, අජීර්ණ තත්වයන්, ආමාශගත රෝග ඇතිවන්නට ඉඩ තිබෙනවා. ප්‍රවේසම් වන්න.

● මීන
එතරම් යහපත් සතියක් නොවෙයි
මේ සතිය පුරාවට ඔබට බාධක කරදර විටින් විට ඇතිවෙනවා. ඔබට ලැබෙන්නට නියමිත මුදලක් නොලැබි යාමට පුලුවන්. මේ සතිය මැදදී ගනුදෙනු හා විවිධ ගිවිසුම් ප්‍රාකාර වලට එළඹීම එතරම් සුදුසු නැහැ. සඳු කන්‍යා වේ සිටින කාලයෙදි යම් දෙයක් සාර්ථක වෙනව.
ගෘහ ජිවිතය තුල මුලදි දරුවන් සමග ගත කිරිමේ අවස්ථාව ලැබුනත් සතිය මැදදි අවිවේකි විම නිසා ඒ තත්වයන් තරමකට අයත් වෙනවා. කෙසේ වෙතත් ඔබට ඉදිරියෙදි හොදයි. අවිවේකි බව නිසා ගැටළු තිබුනත් ඉදිරියෙදි හොදයි.
සෞඛ්‍ය තත්වයේ නිදන්ගත රෝග සහ සෙම් අමාරු ඇති අය පරිස්සම් වන්න.