Wednesday, December 16, 2015

දෙවිවරු බඳු අය පේපර් මාර්කින් යා යුතුය !

මේ පින්තුරය අන්තර්ජාලයේ සංසරණය වන පින්තූරයකි, අපගේ හිතවත් මහතෙකු විසින් අපට ලබාදෙන ලදි !

සෑමදෙයම විශ්වාසය මත පදනම් වේ. දහම ගැන විශ්වාස කිරිම යහපත් දෙයකි.
එයින් ඇතිවන මානසික සහනය අතිශයින් වටී.

● විභාගයකට සූදානම් වන දරුවෙකු වෙනුවෙන්, බෝධි පූජාවක් කිරිම යහපත් කටයුත්තකි.
එයින් දරුවාට සිතට සැනසීමක් ලැබීමට ඉඩ ඇති අතර, එයම දරුවාට විභාගයට හොඳින් මුහුණ දීමට යම් ශක්තියක් වනු ඇත.

● කෙසේ වුවද, එහි මූලික පියවර වන්නේ දරුවා විභාගයට මනාව සූදානම් වීමයි. එසේ කිරිම තුල, බෝධි පූජාවකින්, වෙනත් පූජාවකින් දරුවාට අවශ්‍ය යම් සහනයක් සිතට ලබාදීමට හැකියාව තිබේ.

● දරුවාට අපලයක් තිබේ නම්, අදාල අපලය දුරුවන්නට කියා බෝධින්වහන්සේගේ ශාඛාවක යම් කොඩියක් එල්ලීම පුරාණ සිරිතකි.
අපලයක් යනු පෙර කරන ලද අකුසලයක් වන අතර, එය සමනය වන්නට එම පිලිවෙත උදව් වනු ඇත. (බෝධින්වහන්සේලා අසලදී සිත සහනයට පත්වන බව විද්‍යාත්මක පර්යේෂණ වලින් සොයාගෙන ඇත)

● ඒ හැර මෙවන් ආකාරයට විභාගයට ජය ලැබීමට මේ කටයුත්තෙන් කිසිවක් සිදුවන්නේ නැත. අපලය දුරුවන්නට කියා හෝ යහපතක් වන්නට කියා මිස විභාග ජයගන්නට මෙසේ කටයුතු කිරිම පැහැදිලිවම අනුවණකමකි.

● එයින් සිදුවන්නේ යම් නිර්ආගමික කොටසකට දහමටත්, ජ්‍යොතිෂ්‍යයටත් පහර ගැසීමට වක්‍රාකාරව උදව් කිරීමකි.

● දෙවිවරු ගැනද සමාජයේ ඇත්තේ අමුතුම මතයකි. දෙවිවරු සහ බුදු දහම කියා 2ක් නැත. මෙතුවක් කල් දහම රැකගන්නට සෑහෙන කාර්යයක් කලේද දෙවිවරු විසිනි. බොහෝ බුදුවරයන් සමයේ සිටි බොහෝ දෙවිවරු අදද දෙව්ලොඩ වැඩ වාසය කරන අතර, දහම රැකිමට කටයුතු කරන දහමට අනුකූල අධ්‍යාත්මික දියුණුව ඇති යහපත් කොටසකි දෙවිවරු...
ඒ හැර විභාග පාස් කිරිමට දෙවිවරු කටයුතු කරන්නේ නැත.
ඒවා යම් යම් සාස්තර, කට්ටඩිකරුවන් විසින් තම වාසියට සාදාගෙන ඇති ඒවා වන අතර, ඔවුන්ගේ කටයුතු වලට පැමිණෙන්නේ පුද පඩුරුවලට කැමති, පහත් අමනුෂ්‍යය ගණයේ අය වන භූත, ප්‍රේත, පිසාච ආදින් මිස උතුම් ගුණ ඇති දෙවිවරු නොවෙති.

- විභාග පරික්ෂාව කරන පරීක්ෂකවරයා නම් දෙවි කෙනෙක් බදු යහපත් කෙනෙක් වීම විභාගය ලියු දරුවන්ට සිදුවන යහපතකි. එසේ නැතිව නිවරදිව ප්‍රශ්න පත්‍ර මානුෂීය ආකාරයෙන් නොබලන පරික්ෂකවරු ගැන අපද දනිමු. එනයින් මෙම පින්තුරය ෂෙයා වන තැන්වල දෙවිවරු පේපර් මාකින් යනවා කියා සිතාගෙන යන අර්ථයෙන් කියන ඒවායෙ යම් ගත යුත්තක් ඇත.

* සියල්ල බුද්ධිය මත තීරණය වේ ! බුද්ධිමත්ව කටයුතු කරන්න !

තෙරුවන් සරණයි !

No comments:

Post a Comment