Wednesday, May 24, 2017

අපි බොහෝ අවස්ථා වල ශාන්ති කර්ම කටයුතු, විශේෂයෙන් රටටම සෙත් පතන බෝධි පූජා කටයුතු කරමු. ඒ අතර අපගෙන් සේවා ලබා ගන්නා පාඨකයන්ට තමන්ට ඒ වෙනුවෙන් කැපවිය නොහැකි නම් එම කටයුතුද අප කරමු. මේ එවන් අවස්ථාය. විශේෂයෙන් විදේශගතව සිටින නමුත් සමහර ශාන්ති කර්ම කටයුතු කිරිමට අපහසු අපගෙ සහෘද සේවා ලබාගන්නා පාඨකයන් වෙනුවෙන් විශේෂයෙන් කරන ශාන්ති කර්ම කටයුතුද වෙයි.

 irusewaya@gmail.com
+94 77 2238041

Monday, May 22, 2017

සතියේ ලග්න පලාපලය - මැයි 22 - 28

පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.

-

● මේෂ ලග්නය

ඔන්න ඔබට ‍මේ සතිය තුල ආදායම පහල බහින්න පුලුවන්. ණයක් එහෙම ගන්න හිතන් ඉන්නව නම් මේ සතිය තමා එකට හොදම සතිය.
ඔන්න ඉතින් රැකියාවකට ඉල්ලුම් පත් දාල ඉන්නව නම් එ සම්බන්ධව සුබ ප්‍රතිඵලයක් ලැබෙන්න ඉඩ තියන සතියක් වේවි.
 කලක් තිස්සේ හිත් තියන් ඉදල ඔයාගේ පෙම්වතියගෙන්- පෙම්වතාගෙන් ආදරේද කියල අහන්න හොද සතියක් තමයි මේ සතිය.
-

 වෘෂභ ලග්නය

ඔයාග් සාක්කුව පිරෙන සතියක්. තවත් කෙනෙක්ගෙන් උදව් ගන්න හිතන් ඉන්නව නම් අන්න එකට හොද කාලයක් තමයි මේ කාලය.
ඔයත් හොද රැකියාවක් කරන ගමන්, තවත් හොද රැකියාවකට, ඔයාගේ රැකියාව මාරු කරන්න හිතන් ඉන්නව නම් එ සදහා පාර කැපෙන සතියක් වේවි මේ සතිය.
 අම්මගෙන් තාත්තගෙන් කණ පිරෙන්න අවවාද ලැබෙන කාලයකුත් වෙනවා..

-
-
 මිථුන ලග්නය

මෙ සතියේ තරමක් අවධානෙන් ඉන්න ඕන සතියක්. නැත්නම් මේ සතියේ කරදර ගොඩකට ඔයාට මුහුණ දෙන්න ඉඩ තියෙනවා.
රැකියා ආයතනයේ නම් තිබුන ගැටලු නම් තරමක් අඩු වෙන සතියක්. රැකියාවට සම්බන්ධව  සුබ ආරංචියක් අහන්නත් ලැබෙනව.
 ඔයා ඔයාගෝ පෙම්වතා එක්ක, පෙම්වතිය එක්ක පොඩ්ඩක් රණ්ඩුවට බරවන සතියක් වෙන්න ඉඩ තියනව,  කල්පනාවෙන් ඉන්න.

-

● 
කටක ලග්නය

බලාගෙන, ඔයාටත් නොදැනිම ඔයාගේ සල්ලි ටික වියදම් වෙන්න ඉඩ තියෙනව. එනිසා ඔයාගේ වියදම් නම් පාලනය කරගන්නම වෙනව.
තව එකක් තමයි ඔයාගේ රැකියාවේ ඇතිවෙන ප්‍රශ්න නිසා රැකියාව දාල ගෙදර යන්න හිතෙන්න පුලුවන්, ඒත් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඕන.
 සැප පහසුවට ඉන්න හිතන අතරම ගෙදර කටයුතු වලට මහන්සි වෙන සතියක් මේක...

-

● සිංහ ලග්නය

ඔයාගේ බැංකුව් තියෙන සල්ලිත් වියදම් වෙන්න පුලුවන් මේ දවස් වල. එනිසා කල්පනාවෙන් තමන්ගේ බාහිර කටයුතු කලා නම් හොදයි. මේ සතිය  ඔබට , බාහිර කටයුතු නිසා ප්‍රශ්න ඇතිවන්න පුලුවන්.
 ආයතන පාලකවරය එක්ක බහින්බස්‍ වෙන්නත් ඉඩ ඇති සතියක්.
අම්මගෙ තාත්තගේ ඔයාට ආදරේ වැඩි වෙනවා. පවුලේ සමගිය වර්ධනය වෙන සතියක්.


-

● 
කන්‍යා ලග්නය
කලින් තිබුන ප්‍රශ්න වලට විසදුම් ලැබිල ඔයාගේ ආදායම සරු වෙන්න පුලුවන් සතියක් තමා මේ කාලේ.
ඔයාගේ රැකියාව කරන තැන කලින් තිබුන ප්‍රශ්නයකට විසදුම් ලැබේවි. රැකියා වලට ඉල්ලුම්පත් දාපු අයටත් සුබ පණිවිඩ අහන්න ලැබෙනව.
 පෙම්වතෙක් පෙම්වතියක් හොයාගන්න පුලුවන් සතියක් වෙනව මේ සතිය.

-

● තුලා

ආදායම් මාර්ග තරමක් හිර වෙන්න පුලුවන්. ඒ කරදර බාධක නවත්ත ගන්න මේ සතියේ ඔයා පියවරක් ගන්න ඕන. නිෂ්ඵල දේට මුදල් වැය වෙන සතියක් වෙන්න පුලුවන් මේ සතිය.
රැකියා කටයුතු වල අවිවේකී බව වැඩි වෙන්නත් පුලුවන්. කාර්යබහුල බව නිසා වැඩ අතපසු වෙන සතියක් වෙන්නත් පුලුවනි.
ගෘහ ජිවිතයෙදි ඉක්මණ් තීරණ ගනිද්දි පරිස්සම් වෙන්න ඕන, මොකද ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙන නිසා.

-

● වෘශ්චික

කලින් තිබුනු ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට පුලුවන් වෙන සතියක් ඔබට උදා වෙලා. ආර්ථික වශයෙන් නව පියවරක් ගන්න පුලුවන් වේවි.
රැකියාව කරද්දි ආයතන ප්‍රධානින්ගේ අවධානෙට ඔන්න මේ සතියෙදි ඔබව වැඩිය ලක් වෙනවා. නව රැකියා ලැබෙන්නත් වාසනාව තියෙනවා.
ගෘහ ජිවිතයෙදි වෙනදට වඩා ගොඩාක් තමන්ගේ පවුල වෙනුවෙන් කැප වෙන්න, මහන්සි වෙන්න ඉඩ තියෙන සතියක්. ඔන්න අවිවාහක අයට මංගල යෝග උදා වෙන කාලයක්..

-

● ධනු

අතමිට මුදල් ගැවසෙනවා, ආර්ථික තත්වය හොදයි. පෙර පැවති කරදරකාරි තත්වයන් වලින් නිදහස ලැබෙන සතියක් ඔන්න.
රැකියාවෙ දියුණුව ගන්න වැඩ කරන්න සිදු වේවි, තරඟ විභාග වගේ දේවල් වලටත් මුහුණ දෙන්න, ජය ගන්න ඉඩ ලැබෙන්න පුලුවන් සතියක්.
ගෘහ ජිවිතය සම්බන්ධව යහපත් තීන්දු තීරණ වලට එළඹීමට ඉඩ ලැබෙන්න පුලුවන් සතියක් මේක.
ඔන්න මේ කාලේ විවාහයට දෙමාපියන්ගෙ ආශිර්වාද ලැබෙනවා, ඒ සම්බන්ධ කටයුතු වලට ගොඩක් සුභ කාලයක් මේක.

-

● මකර

ආදායම් මාර්ග ටිකක් පහත වැටෙන්න ඉඩ තියෙන කාලයක් නිසා හිතල වැඩ කරන්න. ඒවගේම නව ආදායම් මාර්ග වලට යොමු විමෙදි සෑහෙන්න පරිස්සම් වෙන්න. ණය ගන්න හිතාගෙන හිටිය නම් ඒ වෙනුවෙන් හොද ප්‍රතිඵල ලැබෙන්න පුලුවන්.
රැකියාවෙදි තරමක ගැටළු ඇති වෙන්න ඉඩ තියෙනවා. ලොක්කා එක්ක බහින්බස් නොවි ඉවසීමෙන් ඉන්න පුලුවන් නම් වඩා හොදයි.
ගෘහ ජිවිතයෙදි වෙනදාට වඩා සමගියෙන් - සහයෝගයෙන් වැඩ කරන්න පුලුවන් වේවි. මිතුරු ඇසුර වර්ධනය වේවි - සතුට දැනේවි.

-

● කුම්භ

පෙර තිබුනු ගැටළු - ප්‍රශ්න විසදිලා සාක්කුව පිරෙන්න ඉඩ වැඩි සතියක්. ණය ගැනීමට - ව්‍යාපාර පටන් ගන්නත් මේ සතියෙදි හොදයි.
රැකියාවෙ කලින් තිබුනු අවුල් මග ඇරෙනවා. ලොක්කා ඔගේ ගුණ කියාවි. නව රැකියා ලැබෙන්නත් වාසනාව මේ කාලේ තියෙනවා.
ගෘහ ජිවිතයෙදි ප්‍රේම කරන අයට සෑහෙන්න හොදයි මොකද ආදර ප්‍රේමය උතුරා යනවා. ඔය අතර මව්පියන්ගෙන් අවවාදත් ලැබෙනවා.

-

● මීන

බාහිර දේට ගොඩක් සල්ලි වියදම් වෙන්න පුලුවනි, ඒ අතර ආදායම වර්ධනය කර ගන්න පියවරක් ගන්නත් පුලුවනි.
රාජකාරි කරන තැන, තිබුනු ප්‍රශ්න මේ සතියෙදි හරි යාවි. නව රැකියා බලාපොරොත්තුවෙන් හිටිය නම් ඒව ටිකක් ප්‍රමාද වෙන්න ඉඩ තියෙනවා.
ගෘහ ජිවිතයෙදි ගොඩක් මහන්සිය වැඩි වේවි. දෙමාපියන්ගෙන් දෝෂාරෝපණ එන්නත් පුලුවනි. දරුවන්ගේ ප්‍රශ්න වලට විසදුම් සොයන්නත් පුලුවන් වේවි.


-



Sunday, May 21, 2017

“ සිද්ධ සූනියම් දෙවියන් “

ගම්භාර අප්පච්චි, ගම්භාර දෙවියන්, ගොපල්ලා යන නාම වලින්ද හැඳින්වෙන අතර, මේ දෙවියන්ගේ සේනාවේ තව දෙවිවරු සිටිති. උදාහරණයකට සතර වරම් දෙවිවරුන්ගේ ලේකම්වරු ලෙස ක්‍රියාකරන දෙවිවරු 4න් කෙනෙකි “ඔඩ්ඩිස“ දෙවියන්. එම දෙවියන්ද සිටින්නේ සූනියම් දෙවියන්ගේ සේනාවේය.

සියලු දෙවිවරු පරිද්දෙන් කුසලයට ආශිර්වාද කරන, යහපත් සුපින්වත් දෙවි කෙනෙකි.

නරකට - වරදට - අකුසලයට දඩුවම් දෙන්නට තවත් දෙවිවරු බොහෝ මේ දෙවියන් ඇතුළු යක්ෂ - භූත - ප්‍රේත යනාදි අය පවා සේනාවේ සිටිති.
ඔබද නිසි පැවැත්මෙන් හිඳ, සීලය රැක, පින්කම් කර මෙම දෙවියන් ඇතුළු සේනාවටම අනුමෝදන් කරන්න.
ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය.

#ඉරු

077 2238041
irusewaya@gmail.com

Monday, May 15, 2017

රවි මාරුව - මැයි 14 - ජුනි 15


අලුත් අවුරුද්දට පස්සේ වෙන පලවෙනි රවි මාරුවේදී ග්‍රහ ලොව රජතුමා වන ඉරු, තම උච්ච රාශිය වූ මේෂයෙන් මිදී වෘෂභ රාශියට 2017 මැයි 14 වනදා පැමිණියේය. ආයෙ රවි මාරු වෙන්නේ ජුනි 15
මෙම මාරුව නිසා රටට වැසි සහිත කාලගුණයක් තියෙන්න පුලුවන්. ඒවගේම රවි සතුරු රාශි ගත වුනු හින්දා ආණ්ඩුව තරමක් කැළඹෙන්නත් ඉඩ තියෙනවා..

ලග්න 12ට මෙහෙමයි..

(පොදු පලාපලයක් පමණි)

-

● මේෂ

වියදම අධික වන කාලයකි.
ඔබ ප්‍රේමය කරන කෙනෙක්ද... ? එහෙම නම් ප්‍රේම සබදතා වලට ගැටළු - ප්‍රශ්න ඇති වෙන්නට පුලුවන් හින්දා වෙනදාට වඩා ඉවසිලිවන්ත වෙන්න ඕන..
ඉගෙන ගන්න දරුවො දැනටත් වඩා අධ්‍යාපනයට උනන්දු වෙන්න ඕන..

-

● වෘෂභ

මෙච්චරකල් කම්මැලිකමෙන් හිටිය නම්, එන්න වෘෂභ ලග්න අයට වෙනදට වඩා ක්‍රියාශීලිව, කැපවෙලා වැඩ කරන්න පුලුවන් වෙනවා, තමන්ගේ දියුණුවට.
ඔයාගෙ මංගල යෝග, යෝජනා තරමක් විතර කල් යන්න ඉඩ තියෙනවා. ඒ උනාට කමක් නෑ ඒ ගැන කලබල වෙන්න එපා..
ගේ දොර ඉඩකඩම් සම්බන්ධ වැඩ වලදි ගොඩක් උනන්දුවෙන් වැඩ කරලා, ඒ ගැන සතුටක් ලබන්න පුලුවන්..

-

● මිථුන

ඔයාගේ මුදල් තත්වය හොද අතට ගන්න නම් ඔයා ගොඩක් උත්සාවන්ත වෙන්න ඕන.
ඔයා පිටරට යන්න හිතාගෙන හිටිය නම්, ඒවට අදාල දේවල් වලදී හුගක් පරිස්සම් වෙන්න ඕන.
අයියා - මල්ලි, අක්කා - නංගි එක්ක සුළුවෙන් උනත් තරහ ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන හිතල එයාල එක්ක වැඩ කරද්දි පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න..

-

● කටක

ඔන්න කටක ලග්න හිමියන්ගේ පර්ස් එකේ බර වැඩි වෙන කාලයක්, ඒකියන්නෙ වෙනදට වඩා හොදට අතේ මිටේ මුදල් ගැවසෙනවා.. එතකොට හිතත් සතුටු වෙනව.
ඔයයි - එයයි ටිකක් හරි රණ්ඩු කරාද පහුගිය කාලේ ? ඔන්න දැන් ඒව යට ගිහින් ඔයාලගේ ආදරය - ප්‍රේමය උතුරා ගලා යන කාලයක්.. නිදහසේ ආදරේ කරන්න පුලුවන්..
ඉගෙන ගන්න වයසේ දරුවෙක් නම් වෙනදට වඩා ගොඩක් උනන්දුවෙන් ඒ කටයුතු කරන කාලයක් තමයි මේ කාලය.

-

● සිංහ

සිංහේ අයට උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කරනවා නම්,  අතමිට මුදල් ගැවසෙන එක වෙනදට වඩා හොදට තියෙන නිසා වැඩි සල්ලි බැංකුවේ දාගන්නත් පුලුවන් කාලයක්..
කැපී පේන්න වැඩ කරන්න කැමති අයට ඔන්න දැන් කාලය ඇවිල්ල තියෙන්නෙ, ඒ තත්ව වලට එන්න.
කලින්ට වඩා ආදර හැඟීම් පහල වෙන, ඒව හරි යන්න ඉඩ වැඩි සුභ කාලයක් තමයි මේ කාලය..

-

● කන්‍යා

වියදම පොඩ්ඩක් අඩු වෙලා ආර්ථිකේ සරු වෙන කාලයක් තමයි මේ.
රට රැකියාවකට යන්න හිතාගෙන හිටියද ? ඔන්න කලින් තිබ්බ බාධා අඩු වෙලා, ඒවට හොද කාලයක් ඉදිරියට ඇති වෙනව.
ආදරේ කරන අය අතර පොඩි පොඩි රණ්ඩු - හිත් අමනාපකම් ඇති වෙන්න ඉඩ තියෙනවා, කල්පනාකාරි වෙන්ඩ හොදයි..

-

● තුලා

ගොඩක් වියදම් මේ කාලයේ ඇති වෙන්න පුලුවන්, අතට ගන්න සල්ලියට වඩා සල්ලියක් වියදම් වෙන්න එක එක හේතු ඇති වෙන්න පුලුවන් නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.
ආදර - ප්‍රේමය හිතද්දි ටිකක් හරි බාධා ඇති වෙන්න ඉඩ තියෙනව,
මොන දේ කලත් මේ කාලයේ ගොඩක් වැඩ වැඩි වෙලා, ඔයා බිසි වෙන්න ඉඩ වැඩියි.

-

● වෘශ්චික

වියදම ටිකක් හරි වැඩි වෙන්න ඉඩ තියෙනවා මේ කාලයේ, පර්ස් එක හරියට පාවිච්චි කරන්න.
කරන රස්සාව වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා, ලංකාවෙ බැරි නම් රට රැකියාවකට හරි යන්න හැකියාවත් මේ කාලයේ තියෙනවා.
ආදරවන්තයට නම් ටිකක් කරදර - බාධා තියේවි, ඒව තේරුම් අරගෙන, අමතක කරලා බුද්ධියෙන් වැඩ කරන්න..

-

● ධනු

ඔයා කරගෙන යන වැඩ වලට බාධා එන්න ඉඩ තියෙනවා. සතුරන්ගෙන් කරදර පවා ඇති වෙන්න ඉඩ වැඩි.
කකුල් ආශ්‍රිතව තරමක් හරි රෝග - පීඩා - කැක්කුම් ඇති වෙන්නත් තරමක ඉඩක් තියෙනවා, ඒ ගැන හිතල බලන්න.
මේ කාලයේ නම් ආදරය ගැන හැඟීම් යටපත් වෙන්න පුලුවන්, ඒ නිසාම ප්‍රේම සබදතා වලට බාධා එන්නත් පුලුවන් - අවධානයෙන් වැඩ කරන්න.

-


● මකර

මේ කාලයේ සෞඛ්‍ය තත්වය ගැන අවධානමත් වෙන්න උවමනයි, ඒනිසාම වියදම් පැත්ත වැඩි වෙන්නත් ඉඩ තියෙනවා.
ආදර ප්‍රේමය ගැන හිතන අයට මේ කාලයේ හොද සහකරුවෙක් හෝ සහකාරියක් ලැබෙන්න පුලුවන්.
ඉගෙන ගන්න වයසේ දරුවන්ට මේ කාලයේ අධ්‍යාපනය ගැන උනන්දුව අඩු වෙන්නත් ඉඩ තියෙනවා, ඒ නිසා දෙමාපියෝ ඒ ගැන සැලකිල්ලෙන් ඉන්න ඕන.

-

● කුම්භ

අත මිට මුදල් වැඩියෙන් ගැවසේවි. වැඩිපුර සල්ලි බැංකුවෙ දාගන්න හොදද ..
ඔන්න කුම්භ අයට දෑවැදි එක්ක බඳින්න වාසනාව මේ කාලයේ තියෙනවා. ඒ සම්බන්ධ කටයුතු වලිනුත් වාසි ලැබෙන්න පුලුවන්.
නෑදෑයන් එක්ක එකතු වෙලා වැඩ කටයුතු සහයෝගව කරන්නත්, ඒ අයගෙ උදව් උපකාර ලබාගන්නත් හැකියාව තියෙනවා මේ කාලයේ.

-

● මීන

මේ කාලයේ ඔබ කම්මැලියෙක් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දාම ආර්ථික තත්වයේ අඩුපාඩුකම් ඇති වෙන්න ඉඩ තියෙනවා.
බලාපොරොත්තු නොවන අවස්ථාවල් වලදී සිත් තැවුල් කරදර ඇති වෙන්න ඉඩ තියෙනවා.
රෝග පීඩා ඇති වෙන්න ඉඩ තියෙන නිසා ඒවා ගැන හොද අවබෝධයකින් ඉන්න එක හොදයි.

සතියේ ලග්න පලාපලය - මැයි 15 - 21 (2017)

මෙය පොදු පලාපලයකි. කේන්දරය අනුව වෙනස් විය හැක.

-

● මේෂ

පෙර තිබූ ණය ගනුදෙනු ලැබීමට ඉඩ ඇත. තමන්ගේ ව්‍යාපාර වල දියුණුව ලගා කර ගැනීමට හැකි වන කාලයකි. කලක් තිස්සෙ තිබුනු බලාපොරොත්තු ඉටු විය හැක.
රැකියාවේ කටයුතු ප්‍රබෝධයෙන් යුතුව කල හැකි කාලයකි. තම අපේක්ෂාවන් කරා යාමට හැකියාව ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල අඹුසැමියන් අතර සුළු ගැටුම් ඇති විය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය. වැඩිහිටියන්ගේ අවවාද පිලිපැදීම කල යුතුය. ආදර - සබදතා වැඩි දියුණු වේ.


-

● වෘෂභ

කරගෙන යන කටයුතු මදක් ප්‍රමාද විය හැක. ලැබීම් අඩු වන කාලයක් විය හැක. නිවාස හෝ ඉඩම් මිලදි ගැනිමට කටයුතු කල යුතු කාලයකි.
රැකියාවේ කටයුතු අපහසුතාවයකින් තොරව කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. නව රැකියා ලැබෙන්නට වාසනාවද තිබේ. උසස් වීම්ද අපේක්ෂා කල හැක. ප්‍රවාහන ක්ෂෙත්‍රයේ සිටින රැකියා කරන අයට වැඩි ප්‍රතිලාභ ලැබෙන කාලයක් විය හැක.
ගෘහ ජිවිතය තුල සුළු සුළු ගැටුම් ඇති වීමට ඉඩ ඇත. පදිංචිය වෙනස් වීමටද හැකියාව ලැබෙන කාලයකි. විදේශ ගත වීමටද හැකියාව ලැබෙනු ඇත.

-

● මිථුන

නව ව්‍යාපාර ඇරඹීමට සුභ කාලයකි. ආර්ථික වර්ධනයට නව පියවරක් ගැනීමට සුදුසු කාලයකි. ව්‍යාපාර සබදතා දියුණු කර ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.
රැකියාවේ තනතුරු ඉහල යාමට හැකියාව - වාසනාව ඇති කාලයකි. උසස් නිලතල - ගරු නම්බු ලාභ ලැබීමේ වාසනාව පවති. තම කටයුතු වලට අනුන්ගේ සහය ලැබේ.
ගෘහ ජිවිතය තුල තිබුනු ගැටළු ප්‍රශ්න මග හැරී යනු ඇත. හිතට සතුටුදායක පුවතක් අසන්නට ලැබෙනු ඇත. ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක. අඹුසැමි සබදතා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

-

● කටක

එදිනෙදා කරගෙන යන කටයුතු කරගෙන යාමට, බාධා ඇති විය හැක. ව්‍යාපාරික ස්ථානයේ හෝ ආදායම් මාර්ග වලට සතුරු කරදර ඇති වීමට ඉඩ ඇත.
රැකියාවේ උසස් වීම් ලැබීමටද වාසනාව පවති. ප්‍රධානින් සමග ගැවසීමට ඉඩ ලැබේ. නව රැකියා වාසනාවද තිබේ.
ගෘහ ජිවිතය තුල තම කාර්ය කටයුතු අතපසු කර ගැනීමට සිදුවිය හැක. නැදෑයින් සමග ගැටුම් ඇති වීමටද ඉඩ ඇති කාලයක් බැවින් ඉවසිලිවන්ත වන්න. මංගල යෝග උදා වේ.
මිතුරු ඇසුර වැඩි වෙයි.

-

● සිංහ

ව්‍යාපාරික සබදතා පුළුල් කර ගැනීමට ඉඩ ලැබෙනු ඇත. මෙතෙක් තිබුනු ආදායම් තත්වයේ ගැටළු නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ආදායම් තත්වය ස්ථාවර වෙයි.
රැකියා අපේක්ෂිත අයගේ රැකියාවන් ලැබේ. විදේශ රැකියා වලට යොමු වීමටත් සුභ කාලයකි. ප්‍රධානින්ගේ ගෞරවයට පාත්‍ර වේ.
ගෘහ ජිවිතය තුල මංගල යෝග ප්‍රමාද වෙයි. එහෙත් ස්ත්‍රී පක්ෂයේ ලාභ ප්‍රයෝජන ඇති වෙයි. කීර්ති ප්‍රශංසා හිමි වෙයි.

-

● කන්‍යා

මුදල් වැයවීමට කරුණු යෙදේ. ආදායම් තත්වය පහල යයි. ණය ලැබීම් ප්‍රමාද කිරිමට ඉඩ ඇත.
කරන රැකියාවේ දියුනුවකට යාමට හැකියාවක් ඇති කාලයකි. දුර බැහැර ගමන් බිමන් යෙදෙනු ඇත. මිතුරු ඇසුරටද ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. ඥාතින් - හිතමිත්‍රාදින් ඇසුරු කිරිමට ඉඩ ලැබෙන කාලයකි.
ඉගෙනීම් කටයුතු වලට වැඩිපුර සුභ ඵල දෙන කාලයකි.

-

● තුලා

තම ආදායම් මාර්ග වලට නීතිමය ගැටළු ඇතිවිය හැක. ආදායම් මාර්ග වලින් සිතු පරිදි ප්‍රතිඵල නොලැබී යා හැකි කාලයකි. තම බලාපොරොත්තු කරා යාමට ඇති ඉඩ ප්‍රමාද කෙරෙනු ඇත.
රැකියාවෙදි ප්‍රධානින් සමග මත ගැටුම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරි වන්න. නව රැකියා අවස්ථා ප්‍රමාද විය හැක.
ගෘහ ජිවිතය තුලදි දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. සිත් පීඩා ඇතිවිය හැක. මව්පියන් සහ දරුවන් අතර මත ගැටුම් ඇති වීමට ඉඩ ඇති කාලයකි.
ශරීර සෞඛ්‍ය පිලිබද ඉතා සැලකිලිමත් විය යුතු කාලයකි.

-

● වෘශ්චික

ව්‍යාපාරික ස්ථානයේ නීතිමය ගැටළු ඇති විමට ඉඩ ඇත. ණය ගනුදෙනු වලින් තමන්ට වැඩි වාසියක් අත්පත් කරගත හැකි කාලයකි. ව්‍යාපාර ඇරඹීමට හෝ සැලසුම් කිරිමට හැකියාව ලැබෙන කාලයකි.
රැකියාවෙදි ප්‍රධානින් සමග මත ගැටුම් ඇති විමට ඉඩ ඇත. නව රැකියා අවස්ථා උදා වෙයි. රැකියා මාරු වීමක් හෝ වෙනස් වීමකට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන්ගේ කටයුතු වලින් සුභ ඵල ගෙන දෙන කාලයකි. දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. මව්පියන්ගේ දෝෂාරෝපණ එල්ල විය හැක.

-


● ධනු

ආර්ථික ගැටළු ඇති විය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය. ව්‍යාපාර වල දියුණුව සදහා පියවරක් ගත යුතු කාලයකි. නැතහොත් ආදායම් තත්වය පහල බැසීමට කරුණු යෙදිය හැක.
රැකියාවේ උසස් වීම් ප්‍රමාද විය හැක. නව රැකියා වාසනාව තිබේ. කාර්යබහුල විය හැක.
ගෘහ ජිවිතය තුල දෙමාපියන් සමග සුළු සුළු මත ගැටුම් ඇති වීමට ඉඩ ඇති කාලයකි. මංගල යෝග උදා වෙයි.
ගුරුවරුන් - හිත්‍රමිත්‍රාදින් ඇසුරට ඉඩ ලැබේ.
විදෙස් ගත වීමට බලාපොරොත්තුව සිටින අයට ඊට අවශ්‍ය කටයුතු කරගත හැකිවනු ඇත.

-


● මකර

උපායශීලිව කටයුතු කිරීම මගින් තම ආර්ථික තත්වය වර්ධනය කර ගත හැකි වනු ඇත. අවිවේකී බව වැඩි විය හැක. ණය ලැබේ.
නව රැකියා ප්‍රමාද විය හැක. රැකියාවේ උසස් වීම්, තරඟ විභාග ආදියට යොමු වීමට ඉඩ කඩ ලැබෙනු ඇත. ආයතන ප්‍රධානින්ගේ පැසසුමට ලක් විය හැක.
ගෘහ ජිවිතය තුල උපයාගත් ධනය වැය වීමට කරුනු යෙදෙන කාලයකි. ප්‍රියසම්භාෂණ වලට යොමු වීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙයි.
අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට ඉඩ ලැබෙනු ඇත.

-


● කුම්භ

ප්‍රභූන්ගෙන් - ව්‍යාපාරික මිතුරන්ගෙන් ඇප උපකාර ලැබීමට ඉඩ ඇති කාලයකි. තම ආදායම් තත්වය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
රැකියාවෙදි ප්‍රධානින් සමග හොද හිත වර්ධනය වේ. විදේශ ගත රැකියා බලාපොරොත්තු වන අයගේ බලාපොරොත්තු ඉටු වේ. උසස් වීම් - තරග විභාග ආදියෙන් ජය ලැබේ.
දරුවන්ගේ ගැටළු සදහා මැදිහත් වීමට සිදුවන කාලයකි. මංගල යෝග උදා වෙයි.

-

● මීන

ආර්ථික තත්වය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනු කාලයකි. ණය ගනුදෙනු වලින් සුභ ඵල ගෙන දීමට ඉඩ ඇති කාලයකි. තම ව්‍යාපාර වර්ධනය කර ගැනීමට යම් පියවරක් ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
රැකියාවේදි ආයතන ප්‍රධානින් සමග මත ගැටුම් ඇති වීමට ඉඩ ඇත. දුර බැහැර ගමන් බිමන් යෙදී රැකියාවේ කාර්යබහුල බව තවත් වැඩි විමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. දරුවන් වෙනුවෙන් කැපවී වැඩ කිරිමට ඉඩ කඩ ලැබෙන කාලයකි. කීර්ති ප්‍රශංසා හිමි වනු ඇත.
ප්‍රියසම්භාෂණ වලට සහභාගි විමට ඉඩ ලැබෙයි.

-


#ඉරු

irusewaya@gmail.com
077 2238041

Saturday, May 13, 2017

හිතන්න..

ජීවිතයේ සමහර වෙලාවට තමන් කරන දේවල් වරදින, වැරදෙන, අතපසුවෙන වෙලාවල් එනවා.
ඒ වෙලාවට කරන ගොඩක් දේවල් වරදිනවා වගේ වෙනව. එතකොට මේ ජිවිතේ හොඳක් තියෙනවද කියල හිතෙනව අවස්ථා එනවා.

මේ ජිවිත කාලෙම යහපත් දේවල් කරලා, අනිත් අයට උදව් කලත් තමන්ට උදව්වක් ලැබෙන්නෙ නෑ නේද, තමන්ට හොඳක් වෙන්නෙම නෑ නේද කියල හිතෙන වෙලාවල් එනවා.

එහෙම වෙන්න හේතු ගොඩක් තියෙන්න පුලුවනි.

● සමහරවිට තමන්ගෙම නොසැලකිලිමත්කම, සමහරවිට තමන්ගෙ අපලයක් නැත්නම් පෙර කල අකුසල කර්ම නිසා වෙන දෙයක් වෙන්න පුලුවන්.
● මේ ආත්ම භවයේ ගොඩක් හොඳින් හිටියට සංසාරයෙ අපි මොනව කරල තියෙනවද කියල අපි දන්නෙ නෑ. ඒවට ලැබෙන විපාකද දන්නෙත් නෑ.

● සමහර අයගෙ මතයක් තමයි,
“ මම කාටවත් වැරදි කරල නෑ. ඒනිසා මටත් වරදක් වෙන එකක් නෑ “ කියල... ඒකත් බොහෝම වැරදි අදහසක්. වැරදි කලා නෑ කියල කරදර නොවෙන්න විදියක් නෑ.

● කාට උනත් වරදින වෙලාවල් එනවා. කරදර වෙලාවල් එනව. ඒ වෙලාවට මූලිකව උවමනා වෙන දේ තමයි ඉවසීම.
● ඉවසීමත් ලේසි පහසු නෑ. සමහරවිට දවස් ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ඉවසන්න වෙනව. ව්‍යාපාරික ක්ෂෙත්‍ර වල ඉහලටම ආපු සෑහෙන දෙනෙක් පුදුම තරමට ඉවසපු බව අපි කරපු පර්යේෂණ වලින් අපිට තහවුරු වෙලා තියෙනව.
ඒනිසා දුකකදී කරදරයකදි ඉවසීමෙන්, විමසීමෙන් ඒ ගැන බලන්න. ආයෙ ඒ කරදර නොවෙන තැනට වැඩ කරන්න.

කේන්දරයට අනුව අපල තිබුනත් නැතත් තමන්ගෙ ජිවිතේ සාර්ථකත්වය වෙනුවෙන් බුද්ධියෙන් යුතුව හරියට කැපවෙන්න.
● දන් පින් කරන්න. පුලුවන් විදියට අනිත් අයට උදව් කරන්න. කරන පින් සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට අනුමෝදන් කරන්න.
(සියලු ඥාතින්ට අනුමෝදන් කරන්න කිව්වෙ අපිට මතක මේ ආත්ම භවයේ සීයා ආච්චිව විතරක් උනත් අපි සංසාරේ අපිට ඥාතින් උන සමහර අයට පින් උවමනා වෙලා ඉන්නව වෙන්න පුලුවනි, අපි පින් නොදුන්නට. එතකොට එයාල කරදරයෙන් ඉන්නවා වගේම, ඒ අයගේ වෛරී බැල්මක් තමයි අපිට ලැබෙන්නෙ. එයාලට පින් අනුමෝදන් කරාම එයාලගෙත් ආශිර්වාදය ලැබෙනවා.)

● කර්මය උත්සහයෙන් ජයගන්න පුලුවන් කියලයි බුදුන්වහන්සේ දේශනා කලේ. ඒනිසා වැරදුනා පැරදුනා කියල අතාරින්න එපා. ජිවිතේ දිනන්න, සතුටින් සැපෙන් ඉන්න වැඩ කරන්න.
සිල් රකින්න, යහපතින් ඉන්න. ඒකම හැමදාමට සතුටින්, සංතෘප්තියෙන් ඉන්න හේතු වේවි !

බුදු සරණයි !

ඉරු සේවය - Iru Astrology Service
Iru Astrology

077 2238041
irusewaya@gmail.com

Monday, May 8, 2017

සතියේ ලග්න පලාපලය - (මැයි 09-15)


-

පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.

-
● මේෂ ලග්නය

ගේවල් ඉඩම් මිලදි ගැනිම් වලටද, ව්‍යාපාර ණය ලබා ගැනිමටද උදාවන සතිය තුල තරමක් බාධාවන් ඉස්මතු කරවනු ඇත. ආර්ථික දියුණුව උදාකර ගැනීමට බාධාවන් මතුවේ.
රැකියාවේ මෙතෙක් තිබුනු බාධා ඉවත් වේ. ප්‍රධානීන්ගෙන් ප්‍රශංසා ලැබේ.
තරඟ විභාග වලින් ජයග්‍රහණය හිමි වන සතියකි.
තම වැඩ කටයුතුවලින් යම් සාර්ථක බවක් උදාකර ගැනීමට හැකිවන  තම පවුලේ සාමාජිකයන් සමග සමගියෙන් හා සහයෝගයෙන් සිටීමට හැකිවන සතියකි.

-
● වෘෂභ ලග්නය
ව්‍යාපාර ණය ලබා ගැනීමට ආර්ථික දියණුව උදාකර ගැනීමට සුභ සතියකි. නව  ව්‍යාපාර  ආරම්භ කිරීම තරමක් ප්‍රමාද කල යුතු කාලයකි. ආදායම් තත්වය යහපත් කර ගැනීමට  යම් පියවරක් ගත යුතු වෙයි.
 රැකියාවන් සොයන අයට ඒ සදහා අවස්ථාවන් යෙදනු ඇත.
 කාර්ය බහුල වෙයි.
 අඹුසැමියන් අතර හොඳ හිත වර්ධනය වේ.
අධ්‍යාපනයෙන් ජය ලැබේ.
-

● මිථුන ලග්නය

නව ව්‍යාපාර ආරම්භ කිරිමට සුබ කාලයකි. ස්ව ව්‍යාපාර වල යෙදෙන අයට ලාභ වැඩි වන සතියකි. මුල්‍යය කලමනාකරනය කලයුතු වෙයි, නැතහොත් පාඩු සිදුවනු ඇත.
 රැකියාවන් සොයන අයට ඒ සදහා අවස්ථාවන් උදා වෙයි. ආයතන ප්‍රධානින්ගේ අවධානය තමාට යොමු වේ. ප්‍රධානින් සමග ගැවසීමට සිදුවෙයි.
 ගෘහ ජිවිතය තුල විවාහ යෝජනා ප්‍රමාද විය හැක. මිතුරු සබදතා ගොඩනගා ගත හැක.

-
● කටක ලග්නය
උදාවන සතිය  තුළ යහපත් ප්‍රතිඵල උදාකර ගැනීමට හැකිවේ. මෙතෙක් තිබුනු බාධා ඉවත් වෙයි.  නව ආදායම් මාර්ග නිසි අයුරින් කලමනාකරණය කර ගත යුතු වෙයි.
  රැකියාවෙ උසස් විම් වලට අවස්ථාවන් උදා වෙයි. නව රැකියා උදා වෙයි.
 ගෘහ ජිවිතය තුල ඥාතීන් වෙනුවෙන් වැඩිපුර කාලය වැය කිරීමට සිදුවේ. මංගල යෝග උදාවෙයි.

-
● සිංහ ලග්නය
නව ව්‍යාපාර ආරම්භ කිරිමට සුබ සතියකි. ව්‍යාපාර පරිපාලනයෙ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන සතියක් වෙයි. රැකියා මාරු විමක් හෝ උසස් විමක් පෙන්නුම් කරන සතියක් වෙයි.  කාර්යබහුල වෙයි. එදිනෙදා කටයුතු වලදී තමන්ට පැවරෙන වගකීම් වැඩි වේ.
පවුලේ අයගේ සහයෝගය අඩු තත්ව උදාවීම විය හැක. අධ්‍යාපන කටයුතු වලට යම් යම් බාධාවන් මතු විය හැක.

-
● කන්‍යා ලග්නය
 මුල්‍යය කලමනාකරන‍යේ ගැටළු මතු විය හැකි  සතියකි.  ණය ලැබීම ප්‍රමාද විය හැක. මූල්‍ය ආයතන වලින් ගැටළු මතු විය හැක.  තම ව්‍යාපාර වල ගැටළු මතු විය හැක.  මෙතෙක් තිබුනු ආදායම් මාර්ග ඇහිරේ.
රැකියාව කාර්යබහුල වේ. නව රැකියා උදා වේ. අලෙවිකරණ රැකියා වල යෙදෙන අයට සුබ සතියකි‍.
ගෘහ ජිවිතය තුල ප්‍රීති උත්සව වලට සහභාගි වීමට ඉඩ ලැබේ. දෙමාපියන්ගේ අවවාද ලැබේ. යහපත් මංගල යෝජනා ලැබේ. මංගල යෝජනා ස්ථිර වෙයි.

-
● තුලා ලග්නය
ධනය අධිකව වැය විය හැක.  කළමනාකරණයේ සුළු සුළු අඩුපාඩු පෙන්වයි. තිබු ආදායම් මාර්ග ඇහිරේ.
රැකියා වල උසස් වීම්, තරඟ විභාග ආදියෙන් ජය ලැබෙනු ඇත. එහෙත් ආයතන  ප්‍රධානින් සමග මත ගැටුම් ඇති වීමට ඉඩ ඇති සතියක් වේ. දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසේ.
විදෙස් ගත විම්වලදට යහපත් සතියකි.
 ගෘහ ජිවිතය තුල ඥාතින් අතර හොද හිත වර්ධනය වෙයි.   තරගකාරිව ඉදිරියට යාමට  ඉඩ ලැබෙයි.
අධ්‍යාපනය ලබන දරුවන්ට සුබ සතියකි.

-
● වෘශ්චික ලග්නය
තරමක් බාධා මතු වීම් ගෙන දේ. ආදායම් මට්ටම එතරම් අයහපතක් නොවෙයි. මුල්‍ය ආයතන වලින් ණය ලැබෙයි. මුල්‍ය කලමනාකරනයේ ගැටළු මතු විය හැකි සතියකි.  කල්පනාකාරිව කටයුතු කලයුතු වෙයි.
 රැකියාව කිරීමේදී තමන්ට පෙරදී තිබු බාධා ඉවත් වෙයි.  උසස් තරග විභාග ආදියට යොමු විමට අවස්ථාව උදා වෙයි.
 ගෘහ ජිවිතය තුල ආදර සබදතා වර්ධනය වේ. මංගල යෝග උදා වේ. තම නිවසේ වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවිය හැක.

-
● ධනු ලග්නය

ආදායම් මාර්ග වලදී තමන් තුල ඇතිවන දුර්වලතා තුලින් මුදල් නාස්ති වීම් සිදුවිය හැකි සතියකි.  අලුත් අදායම් මාර්ග වලට යොමු වීමට අවස්තාව උදා වේ.
  රැකියාවල නියුතු අයට ගැටළු විසදා ගැනීම් ආදියට ඉඩකඩ යෙදේ. තමන් සමග රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් ඔවුන්ගේ රාජකාරීන් තමන්ට ඉටු කිරීමට සිදුවන අවස්ථා උදවිය හැකිය.
ගෘහ ජීවිතය යහපත් වේ. තමන්ට ගැටළු මතු වීම අඩුය. පවුලේ සමගිය වර්ධනය වේ.

-
● මකර ලග්නය
ව්‍යාපාර ක්ෂෙත්‍රයේ ගත් පියවරක් සාර්ථක වෙයි. නව ව්‍යාපාර  ඇරඹීමට හෝ ව්‍යාපාරය වෙනස් කිරිමට සුබ කාලයකි.
නව රැකියා අවස්ථා උදාකර ගැනීමට දරන උත්සාහයන්ද සාර්ථක වේ. කලා අංශයේ රැකියා වලට සුබ කාලයකි.  ප්‍රධානින්ගේ ගෞරවයට පාත්‍ර වේ. එදිනෙදා කටයුතු වලට මතු වූ බාධාවන් අඩු වී යාම නිසා සිතට සතුටක් ඇති වේ.
මංගල යෝග උදා වෙයි.
-

● කුම්භ ලග්නය

ආර්ථික තත්වය ඉහල නැංවිමට අවස්ථානුකුල පියවර ගැනිමට හැකියාව ලැබිමට ඉඩ ඇත,  නැතහොත් මුල්‍ය ගැටලු ඇතිවිය හැකිය.
නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් විය යුතුව ඇත. ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතුවිය හැක.
  පවුලේ සමගිය වර්ධනය වේ.

-

● මීන ලග්නය

නව ව්‍යාපාරයකට යොමු වීමට උත්සාහ දරන අයට එ සදහා අවස්ථා උදාවෙයි.  මූල්‍ය ආයතන වලින් ණය ඉල්ලුම් කිරීමට සුබ සතියකි.  නව ව්‍යාපාර ඇරඹීමටද සුබයි.
 රැකියා කටයුතු වල නිරත අයට ප්‍රබල ගැටළුකාරි තත්වයන් උදා විය හැකි බැවින් කල්පනාකාරිව වැඩ කටයුතු කල යුතුය.  සතුරු කරදර නිර්මාණය විය හැක.
 ගේ දොර වැඩ නිසි පිලිවෙලින් කරගෙන යාමට හැකි වේ. උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට අවස්ථා යෙදෙනු ඇත. රූපලාවණ්‍ය කටයුතු වලටද තමන්ගේ කාලය යොදවන සතියකි .

-

Sunday, May 7, 2017

“ කතරගම දෙවියන් “

ලෝක පාලක ඊශ්වර හෙවත් ශිව දෙවියන්ගේ පුතෙකු වන කතරගම දෙවියන් මතු බුදු වීමට පෙරුම් පුරන දෙවි කෙනෙකි.
දැනට විශ්වාස කරන පරිදි වැඩිහිටි කන්දේ භාවනානුයෝගිව කල් යවයි.

ඉන්දියාවේ “කාර්තිකේ, මුරුගන්“ යනුවෙන් හඳුන්වන බලසම්පන්න දේවතාවාද කතරගම දෙවියන්මය...

සිල්වත් ගුණවත් පින් ඇති අයට ආශිර්වාද කරන කතරගම දෙවියන් වටා බැඳුනු ජනප්‍රවාද බොහෝය..

#ඉරුසේවය
Iru Sewaya

irusewaya@gmail.com.
077 22 38041

Thursday, May 4, 2017

ජීවිතය පුදුමාකාර එකකි. එය තේරෙන්නට නම් ජිවිතය විඳිය යුතුමය. කරදර - බාධක සමග දැඩි දුෂ්කරතා සහිතව ජිවිතය ගෙන ගිය අයට ඒ ගැන මනාව වැටහෙයි.

අපල කාලයක් ගත කිරීම බාධා අවහිරතා සහිතව කරදරකාරී, පීඩාකාර එකකි. එම කාලය හැකි ඉක්මණින් ගෙවා දැමීමට හෝ අපල වලට කල යුතු ශාන්ති කර්ම පෙර දැන සිටියත් නොකල නිසා කරදර වැඩිවුනු බව බෙහෝ දෙනෙකු කණගාටුවෙන් පවසනු කොතෙකුත් අසා ඇත.
එය කරදරකාරි අපහසු දෙයක් වුවත් අපලය සඵලය වූ අවස්ථාද ඇත.

● එක් සිදුවීමකදි තරුණයෙකුට වෛද්‍යවරයෙකු වීමේ දැඩි උවමනාවක් තිබූ අතර, ඔහුට අවස්ථා 3දීම වෛද්‍ය විද්‍යාලයට යාමට නොහැකි විය. අවසාන වාරයේ ඔහු ක්ෂුද්‍ර ජීව විද්‍යාව සඳහා සුදුසුකම් ලැබීය. ඔහුගේ සෙනසුරු අපල සියල්ල ගෙවුනේ විශ්ව විද්‍යාලයට ඇතුල් වී වසර 2කට පසුය.

● එම තරුණයාට උපාධිය ගත් වහාම ඔහුගේ සුදුසුකම් වලට ස්වීඩනයෙන් ඉතා ඉහල වැටුපක්(ලක්ෂ 8ක් පමණ) සහිතව රස්සාවක් ලැබුනි. අද ඔහු තමන්ගෙ පශ්චාත් උපාධියද සිදුකරමින් ඉතා ඉහලට හැම අතින්ම ගොස් සතුටුදායක පවුල් ජීවිතයක් ගත කරන කෙනෙකි.
අද ඒ සිද්ධිය සිදුවී වසර 10-15ක් පමණ වුවද,  වෛද්‍ය විද්‍යාලයට ගොස් වෛද්‍යවරුන් වූ මිතුරන් සියල්ලට වඩා ඉහල තැනක ඔහු අද සිටී. ඔහු ඒ ගැන කණගාටු වූ අයුර අපට මතකය. ඔහුගේ මිතුරන් වෛද්‍යවරු වෙද්දි, ඔවුන්ට වඩා දක්ෂ තමාට එසේ නොහැකිවීම ගැන මහා කම්පාවකින් සිටියේය. අද එදා මතක් කරන විට ඔහුට සිනා පහල වේ.

● ජීවිතයෙ හැටි එහෙමය. අද වැරදුනු කෙනාට හෙට හරියයි. එය ලෝක ධර්මතාවයකි. කරදර වලට මුහුණ පෑවේ නම් නැවත එවන් කරදර ආවද ඒවාට හුරු නිසා පහසුය. දියුණුව ස්ථිරය...

සිතන්න - වැඩ කරන්න - ජයගන්න !


#සත්හටසෙත්පතනඉරු

irusewaya@gmail.com


077 22 38041

Tuesday, May 2, 2017

කේතු සමග සංයෝග

ඡායා ග්‍රහයෙක් වුවද රාහු - කේතුගේ බලපෑම ජ්‍යොතිෂ්‍යයට අනුව වැදගත් වෙයි.

කේතු පොදුවේ කෙට්ටු සිරුරක් හිමි කෙනෙකි. ඉනෙන් ඉහල මිනිස් සිරුරකුත්, පහල නාග කොටසකුත් සහිත බව කියවේ.
රහස් ගති ඇති, හකුළුවන කෙනෙකි. ඉගෙනීමට යහපත්ය.

පොදුවේ 5, 9 ස්ථාන වලට සුභයි. වෙන ග්‍රහයන්ට සුබ නැති 12 වැන්න කේතුට සුබයි.
12 කේතු සිටීමෙන් මේරුනු පෙනුමක් ඇතිවිය හැකි වුවද ධනය ලැබිමට හේතුවේ.

රාහු ප්‍රසිද්ධිය මෙන්ම කේතු අප්‍රසිද්ධ කරයි.
කේතු සමග අනිකුත් ග්‍රහයන් සිටීමෙදි තත්වයන් පොදුවේ මෙසේය.
( මේ සියල්ල පොදු කරුණු වන අතර, කේන්දරය අනුව වෙනස් විය හැක)

-

* කේතු - රවි

ඉ‍ගෙනීමට සුභයි. ආදායම් ලැබුවද වියදම් අධික වේ. ධනවත් වීම ගැන අදහස් අඩුය. හකුළුවන ගති නිසා අන් අය අතර කැපී නොපෙනිය හැක.
සෙම ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.

* කේතු - සඳු/චන්ද්‍රයා

බොහෝ සිතන යෝගයකි. සිත චංචල විය හැක. මෙය හොඳ ඥාන යෝගයකි. මෙය ඉගෙනීමට යහපත් පිහිටීමකි. බොහෝ දැනුම ගන්නා පිහිටීමකි. විරුද්ධ ලිංගික අයට ලැදිය. රැවටීම් වලට අසුවීමටද ඉඩ ඇත. එසේ වුවද උපායශීලිය.

* කේතු - කුජ/අගහරු

දුර්වල ශරීරයක් හිමිවිමට ඉඩ ඇත. විවාහයට බාධා වන තත්වයක් කේතු නිසා ඇතිවෙයි. විවාහයෙදි පරිස්සම් වීම වැදගත්ය.
රුධිරය සම්බන්ධ රෝග හා ශක්තිය අඩුවිමේ රෝග ගැන සැලකිලිමත් වන්න.

* කේතු - බුධ

මෙයද ඥාන යෝගයකි. මෙම යෝගය ඇති අය ඉගෙනීමට දක්ෂය. විසේසයෙන් ගණිත මිණිත කටයුතු, කලාවට බර අය වෙති. බුධගේ ලක්ෂණ යෙදීම නිසා මෙසේ වෙයි.
සමහරවිටක සම ආශ්‍රිත රෝගි තත්වයන් ඇතිවිමට ඉඩ ඇත.

* කේතු - ගුරු/බ්‍රහස්පති

ධනය ලැබෙන පිහිටීමකි. අධ්‍යාපනයට යහපත්ය. එක තැනක හිදිමින් කටයුතු කරයි. කාර්යශූර වේ. දේපල ආදිය ලැබේ. විසේසයෙන් ගුරුගේ මහ දසා, අතුරු දසා මෙන්ම, කේතුගේ මහ දසා අතුරු දසා වලදී සුබයි.
පිත ආශ්‍රිත රෝග ගැන සැලකිලිමත් වන්න.

කේතු - සිකුරු/ශුක්‍ර

ධනවත් විය හැක. ධන ලාභ තිබේ. එසේ වුවද දරුවන් අඩුවීමට හෝ නැතිවිමට ඉඩ තිබේ. විටෙක තමාට නුසුදුසු අය හා සම්බන්ධ වී කරදර පවා ඇති කරගනී.
සෙම් රෝග, ශුක්‍ර ධාතුව සහ ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය සම්බන්ධ රෝග ගැන සැලකිලිමත් වන්න.

කේතු - ශනි/සෙනසුරු

මෙය නිසා රෝගි තත්ව විශේෂයෙන් කඩිසර සහ ධෛර්යවන්ත නොවිමට ඉඩ ඇත. මතකය අඩුවිමට ඉඩ ඇත. සෙම් ආබාධ, ස්නායු රෝග වලට ඉඩ ඇත. කල්පවතින රෝග පවා ඇතිවිය හැක.

-

Iru sewaya

 කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර,
නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.

077 2238041
irusewaya@gmail.com