Monday, May 15, 2017

සතියේ ලග්න පලාපලය - මැයි 15 - 21 (2017)

මෙය පොදු පලාපලයකි. කේන්දරය අනුව වෙනස් විය හැක.

-

● මේෂ

පෙර තිබූ ණය ගනුදෙනු ලැබීමට ඉඩ ඇත. තමන්ගේ ව්‍යාපාර වල දියුණුව ලගා කර ගැනීමට හැකි වන කාලයකි. කලක් තිස්සෙ තිබුනු බලාපොරොත්තු ඉටු විය හැක.
රැකියාවේ කටයුතු ප්‍රබෝධයෙන් යුතුව කල හැකි කාලයකි. තම අපේක්ෂාවන් කරා යාමට හැකියාව ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල අඹුසැමියන් අතර සුළු ගැටුම් ඇති විය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය. වැඩිහිටියන්ගේ අවවාද පිලිපැදීම කල යුතුය. ආදර - සබදතා වැඩි දියුණු වේ.


-

● වෘෂභ

කරගෙන යන කටයුතු මදක් ප්‍රමාද විය හැක. ලැබීම් අඩු වන කාලයක් විය හැක. නිවාස හෝ ඉඩම් මිලදි ගැනිමට කටයුතු කල යුතු කාලයකි.
රැකියාවේ කටයුතු අපහසුතාවයකින් තොරව කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. නව රැකියා ලැබෙන්නට වාසනාවද තිබේ. උසස් වීම්ද අපේක්ෂා කල හැක. ප්‍රවාහන ක්ෂෙත්‍රයේ සිටින රැකියා කරන අයට වැඩි ප්‍රතිලාභ ලැබෙන කාලයක් විය හැක.
ගෘහ ජිවිතය තුල සුළු සුළු ගැටුම් ඇති වීමට ඉඩ ඇත. පදිංචිය වෙනස් වීමටද හැකියාව ලැබෙන කාලයකි. විදේශ ගත වීමටද හැකියාව ලැබෙනු ඇත.

-

● මිථුන

නව ව්‍යාපාර ඇරඹීමට සුභ කාලයකි. ආර්ථික වර්ධනයට නව පියවරක් ගැනීමට සුදුසු කාලයකි. ව්‍යාපාර සබදතා දියුණු කර ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.
රැකියාවේ තනතුරු ඉහල යාමට හැකියාව - වාසනාව ඇති කාලයකි. උසස් නිලතල - ගරු නම්බු ලාභ ලැබීමේ වාසනාව පවති. තම කටයුතු වලට අනුන්ගේ සහය ලැබේ.
ගෘහ ජිවිතය තුල තිබුනු ගැටළු ප්‍රශ්න මග හැරී යනු ඇත. හිතට සතුටුදායක පුවතක් අසන්නට ලැබෙනු ඇත. ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විය හැක. අඹුසැමි සබදතා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

-

● කටක

එදිනෙදා කරගෙන යන කටයුතු කරගෙන යාමට, බාධා ඇති විය හැක. ව්‍යාපාරික ස්ථානයේ හෝ ආදායම් මාර්ග වලට සතුරු කරදර ඇති වීමට ඉඩ ඇත.
රැකියාවේ උසස් වීම් ලැබීමටද වාසනාව පවති. ප්‍රධානින් සමග ගැවසීමට ඉඩ ලැබේ. නව රැකියා වාසනාවද තිබේ.
ගෘහ ජිවිතය තුල තම කාර්ය කටයුතු අතපසු කර ගැනීමට සිදුවිය හැක. නැදෑයින් සමග ගැටුම් ඇති වීමටද ඉඩ ඇති කාලයක් බැවින් ඉවසිලිවන්ත වන්න. මංගල යෝග උදා වේ.
මිතුරු ඇසුර වැඩි වෙයි.

-

● සිංහ

ව්‍යාපාරික සබදතා පුළුල් කර ගැනීමට ඉඩ ලැබෙනු ඇත. මෙතෙක් තිබුනු ආදායම් තත්වයේ ගැටළු නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ආදායම් තත්වය ස්ථාවර වෙයි.
රැකියා අපේක්ෂිත අයගේ රැකියාවන් ලැබේ. විදේශ රැකියා වලට යොමු වීමටත් සුභ කාලයකි. ප්‍රධානින්ගේ ගෞරවයට පාත්‍ර වේ.
ගෘහ ජිවිතය තුල මංගල යෝග ප්‍රමාද වෙයි. එහෙත් ස්ත්‍රී පක්ෂයේ ලාභ ප්‍රයෝජන ඇති වෙයි. කීර්ති ප්‍රශංසා හිමි වෙයි.

-

● කන්‍යා

මුදල් වැයවීමට කරුණු යෙදේ. ආදායම් තත්වය පහල යයි. ණය ලැබීම් ප්‍රමාද කිරිමට ඉඩ ඇත.
කරන රැකියාවේ දියුනුවකට යාමට හැකියාවක් ඇති කාලයකි. දුර බැහැර ගමන් බිමන් යෙදෙනු ඇත. මිතුරු ඇසුරටද ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. ඥාතින් - හිතමිත්‍රාදින් ඇසුරු කිරිමට ඉඩ ලැබෙන කාලයකි.
ඉගෙනීම් කටයුතු වලට වැඩිපුර සුභ ඵල දෙන කාලයකි.

-

● තුලා

තම ආදායම් මාර්ග වලට නීතිමය ගැටළු ඇතිවිය හැක. ආදායම් මාර්ග වලින් සිතු පරිදි ප්‍රතිඵල නොලැබී යා හැකි කාලයකි. තම බලාපොරොත්තු කරා යාමට ඇති ඉඩ ප්‍රමාද කෙරෙනු ඇත.
රැකියාවෙදි ප්‍රධානින් සමග මත ගැටුම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරි වන්න. නව රැකියා අවස්ථා ප්‍රමාද විය හැක.
ගෘහ ජිවිතය තුලදි දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. සිත් පීඩා ඇතිවිය හැක. මව්පියන් සහ දරුවන් අතර මත ගැටුම් ඇති වීමට ඉඩ ඇති කාලයකි.
ශරීර සෞඛ්‍ය පිලිබද ඉතා සැලකිලිමත් විය යුතු කාලයකි.

-

● වෘශ්චික

ව්‍යාපාරික ස්ථානයේ නීතිමය ගැටළු ඇති විමට ඉඩ ඇත. ණය ගනුදෙනු වලින් තමන්ට වැඩි වාසියක් අත්පත් කරගත හැකි කාලයකි. ව්‍යාපාර ඇරඹීමට හෝ සැලසුම් කිරිමට හැකියාව ලැබෙන කාලයකි.
රැකියාවෙදි ප්‍රධානින් සමග මත ගැටුම් ඇති විමට ඉඩ ඇත. නව රැකියා අවස්ථා උදා වෙයි. රැකියා මාරු වීමක් හෝ වෙනස් වීමකට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන්ගේ කටයුතු වලින් සුභ ඵල ගෙන දෙන කාලයකි. දරුවන් වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. මව්පියන්ගේ දෝෂාරෝපණ එල්ල විය හැක.

-


● ධනු

ආර්ථික ගැටළු ඇති විය හැකි බැවින් කල්පනාකාරි විය යුතුය. ව්‍යාපාර වල දියුණුව සදහා පියවරක් ගත යුතු කාලයකි. නැතහොත් ආදායම් තත්වය පහල බැසීමට කරුණු යෙදිය හැක.
රැකියාවේ උසස් වීම් ප්‍රමාද විය හැක. නව රැකියා වාසනාව තිබේ. කාර්යබහුල විය හැක.
ගෘහ ජිවිතය තුල දෙමාපියන් සමග සුළු සුළු මත ගැටුම් ඇති වීමට ඉඩ ඇති කාලයකි. මංගල යෝග උදා වෙයි.
ගුරුවරුන් - හිත්‍රමිත්‍රාදින් ඇසුරට ඉඩ ලැබේ.
විදෙස් ගත වීමට බලාපොරොත්තුව සිටින අයට ඊට අවශ්‍ය කටයුතු කරගත හැකිවනු ඇත.

-


● මකර

උපායශීලිව කටයුතු කිරීම මගින් තම ආර්ථික තත්වය වර්ධනය කර ගත හැකි වනු ඇත. අවිවේකී බව වැඩි විය හැක. ණය ලැබේ.
නව රැකියා ප්‍රමාද විය හැක. රැකියාවේ උසස් වීම්, තරඟ විභාග ආදියට යොමු වීමට ඉඩ කඩ ලැබෙනු ඇත. ආයතන ප්‍රධානින්ගේ පැසසුමට ලක් විය හැක.
ගෘහ ජිවිතය තුල උපයාගත් ධනය වැය වීමට කරුනු යෙදෙන කාලයකි. ප්‍රියසම්භාෂණ වලට යොමු වීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙයි.
අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට ඉඩ ලැබෙනු ඇත.

-


● කුම්භ

ප්‍රභූන්ගෙන් - ව්‍යාපාරික මිතුරන්ගෙන් ඇප උපකාර ලැබීමට ඉඩ ඇති කාලයකි. තම ආදායම් තත්වය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
රැකියාවෙදි ප්‍රධානින් සමග හොද හිත වර්ධනය වේ. විදේශ ගත රැකියා බලාපොරොත්තු වන අයගේ බලාපොරොත්තු ඉටු වේ. උසස් වීම් - තරග විභාග ආදියෙන් ජය ලැබේ.
දරුවන්ගේ ගැටළු සදහා මැදිහත් වීමට සිදුවන කාලයකි. මංගල යෝග උදා වෙයි.

-

● මීන

ආර්ථික තත්වය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනු කාලයකි. ණය ගනුදෙනු වලින් සුභ ඵල ගෙන දීමට ඉඩ ඇති කාලයකි. තම ව්‍යාපාර වර්ධනය කර ගැනීමට යම් පියවරක් ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
රැකියාවේදි ආයතන ප්‍රධානින් සමග මත ගැටුම් ඇති වීමට ඉඩ ඇත. දුර බැහැර ගමන් බිමන් යෙදී රැකියාවේ කාර්යබහුල බව තවත් වැඩි විමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. දරුවන් වෙනුවෙන් කැපවී වැඩ කිරිමට ඉඩ කඩ ලැබෙන කාලයකි. කීර්ති ප්‍රශංසා හිමි වනු ඇත.
ප්‍රියසම්භාෂණ වලට සහභාගි විමට ඉඩ ලැබෙයි.

-


#ඉරු

irusewaya@gmail.com
077 2238041

No comments:

Post a Comment