Monday, May 8, 2017

සතියේ ලග්න පලාපලය - (මැයි 09-15)


-

පොදු පලාපලයක් පමණි. කේන්දරය අනුව වෙනස් විය හැක.

-
● මේෂ ලග්නය

ගේවල් ඉඩම් මිලදි ගැනිම් වලටද, ව්‍යාපාර ණය ලබා ගැනිමටද උදාවන සතිය තුල තරමක් බාධාවන් ඉස්මතු කරවනු ඇත. ආර්ථික දියුණුව උදාකර ගැනීමට බාධාවන් මතුවේ.
රැකියාවේ මෙතෙක් තිබුනු බාධා ඉවත් වේ. ප්‍රධානීන්ගෙන් ප්‍රශංසා ලැබේ.
තරඟ විභාග වලින් ජයග්‍රහණය හිමි වන සතියකි.
තම වැඩ කටයුතුවලින් යම් සාර්ථක බවක් උදාකර ගැනීමට හැකිවන  තම පවුලේ සාමාජිකයන් සමග සමගියෙන් හා සහයෝගයෙන් සිටීමට හැකිවන සතියකි.

-
● වෘෂභ ලග්නය
ව්‍යාපාර ණය ලබා ගැනීමට ආර්ථික දියණුව උදාකර ගැනීමට සුභ සතියකි. නව  ව්‍යාපාර  ආරම්භ කිරීම තරමක් ප්‍රමාද කල යුතු කාලයකි. ආදායම් තත්වය යහපත් කර ගැනීමට  යම් පියවරක් ගත යුතු වෙයි.
 රැකියාවන් සොයන අයට ඒ සදහා අවස්ථාවන් යෙදනු ඇත.
 කාර්ය බහුල වෙයි.
 අඹුසැමියන් අතර හොඳ හිත වර්ධනය වේ.
අධ්‍යාපනයෙන් ජය ලැබේ.
-

● මිථුන ලග්නය

නව ව්‍යාපාර ආරම්භ කිරිමට සුබ කාලයකි. ස්ව ව්‍යාපාර වල යෙදෙන අයට ලාභ වැඩි වන සතියකි. මුල්‍යය කලමනාකරනය කලයුතු වෙයි, නැතහොත් පාඩු සිදුවනු ඇත.
 රැකියාවන් සොයන අයට ඒ සදහා අවස්ථාවන් උදා වෙයි. ආයතන ප්‍රධානින්ගේ අවධානය තමාට යොමු වේ. ප්‍රධානින් සමග ගැවසීමට සිදුවෙයි.
 ගෘහ ජිවිතය තුල විවාහ යෝජනා ප්‍රමාද විය හැක. මිතුරු සබදතා ගොඩනගා ගත හැක.

-
● කටක ලග්නය
උදාවන සතිය  තුළ යහපත් ප්‍රතිඵල උදාකර ගැනීමට හැකිවේ. මෙතෙක් තිබුනු බාධා ඉවත් වෙයි.  නව ආදායම් මාර්ග නිසි අයුරින් කලමනාකරණය කර ගත යුතු වෙයි.
  රැකියාවෙ උසස් විම් වලට අවස්ථාවන් උදා වෙයි. නව රැකියා උදා වෙයි.
 ගෘහ ජිවිතය තුල ඥාතීන් වෙනුවෙන් වැඩිපුර කාලය වැය කිරීමට සිදුවේ. මංගල යෝග උදාවෙයි.

-
● සිංහ ලග්නය
නව ව්‍යාපාර ආරම්භ කිරිමට සුබ සතියකි. ව්‍යාපාර පරිපාලනයෙ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන සතියක් වෙයි. රැකියා මාරු විමක් හෝ උසස් විමක් පෙන්නුම් කරන සතියක් වෙයි.  කාර්යබහුල වෙයි. එදිනෙදා කටයුතු වලදී තමන්ට පැවරෙන වගකීම් වැඩි වේ.
පවුලේ අයගේ සහයෝගය අඩු තත්ව උදාවීම විය හැක. අධ්‍යාපන කටයුතු වලට යම් යම් බාධාවන් මතු විය හැක.

-
● කන්‍යා ලග්නය
 මුල්‍යය කලමනාකරන‍යේ ගැටළු මතු විය හැකි  සතියකි.  ණය ලැබීම ප්‍රමාද විය හැක. මූල්‍ය ආයතන වලින් ගැටළු මතු විය හැක.  තම ව්‍යාපාර වල ගැටළු මතු විය හැක.  මෙතෙක් තිබුනු ආදායම් මාර්ග ඇහිරේ.
රැකියාව කාර්යබහුල වේ. නව රැකියා උදා වේ. අලෙවිකරණ රැකියා වල යෙදෙන අයට සුබ සතියකි‍.
ගෘහ ජිවිතය තුල ප්‍රීති උත්සව වලට සහභාගි වීමට ඉඩ ලැබේ. දෙමාපියන්ගේ අවවාද ලැබේ. යහපත් මංගල යෝජනා ලැබේ. මංගල යෝජනා ස්ථිර වෙයි.

-
● තුලා ලග්නය
ධනය අධිකව වැය විය හැක.  කළමනාකරණයේ සුළු සුළු අඩුපාඩු පෙන්වයි. තිබු ආදායම් මාර්ග ඇහිරේ.
රැකියා වල උසස් වීම්, තරඟ විභාග ආදියෙන් ජය ලැබෙනු ඇත. එහෙත් ආයතන  ප්‍රධානින් සමග මත ගැටුම් ඇති වීමට ඉඩ ඇති සතියක් වේ. දුර පළාත් වල රැකියා අවස්ථාවන් යෙදීමට ඉඩකඩ සැලසේ.
විදෙස් ගත විම්වලදට යහපත් සතියකි.
 ගෘහ ජිවිතය තුල ඥාතින් අතර හොද හිත වර්ධනය වෙයි.   තරගකාරිව ඉදිරියට යාමට  ඉඩ ලැබෙයි.
අධ්‍යාපනය ලබන දරුවන්ට සුබ සතියකි.

-
● වෘශ්චික ලග්නය
තරමක් බාධා මතු වීම් ගෙන දේ. ආදායම් මට්ටම එතරම් අයහපතක් නොවෙයි. මුල්‍ය ආයතන වලින් ණය ලැබෙයි. මුල්‍ය කලමනාකරනයේ ගැටළු මතු විය හැකි සතියකි.  කල්පනාකාරිව කටයුතු කලයුතු වෙයි.
 රැකියාව කිරීමේදී තමන්ට පෙරදී තිබු බාධා ඉවත් වෙයි.  උසස් තරග විභාග ආදියට යොමු විමට අවස්ථාව උදා වෙයි.
 ගෘහ ජිවිතය තුල ආදර සබදතා වර්ධනය වේ. මංගල යෝග උදා වේ. තම නිවසේ වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවිය හැක.

-
● ධනු ලග්නය

ආදායම් මාර්ග වලදී තමන් තුල ඇතිවන දුර්වලතා තුලින් මුදල් නාස්ති වීම් සිදුවිය හැකි සතියකි.  අලුත් අදායම් මාර්ග වලට යොමු වීමට අවස්තාව උදා වේ.
  රැකියාවල නියුතු අයට ගැටළු විසදා ගැනීම් ආදියට ඉඩකඩ යෙදේ. තමන් සමග රාජකාරි වල නියුතු අයට යෙදෙන ගැටළු හේතුවෙන් ඔවුන්ගේ රාජකාරීන් තමන්ට ඉටු කිරීමට සිදුවන අවස්ථා උදවිය හැකිය.
ගෘහ ජීවිතය යහපත් වේ. තමන්ට ගැටළු මතු වීම අඩුය. පවුලේ සමගිය වර්ධනය වේ.

-
● මකර ලග්නය
ව්‍යාපාර ක්ෂෙත්‍රයේ ගත් පියවරක් සාර්ථක වෙයි. නව ව්‍යාපාර  ඇරඹීමට හෝ ව්‍යාපාරය වෙනස් කිරිමට සුබ කාලයකි.
නව රැකියා අවස්ථා උදාකර ගැනීමට දරන උත්සාහයන්ද සාර්ථක වේ. කලා අංශයේ රැකියා වලට සුබ කාලයකි.  ප්‍රධානින්ගේ ගෞරවයට පාත්‍ර වේ. එදිනෙදා කටයුතු වලට මතු වූ බාධාවන් අඩු වී යාම නිසා සිතට සතුටක් ඇති වේ.
මංගල යෝග උදා වෙයි.
-

● කුම්භ ලග්නය

ආර්ථික තත්වය ඉහල නැංවිමට අවස්ථානුකුල පියවර ගැනිමට හැකියාව ලැබිමට ඉඩ ඇත,  නැතහොත් මුල්‍ය ගැටලු ඇතිවිය හැකිය.
නිෂ්ඵල ගමන් බිමන් වල යෙදීමෙන් රැකියා කටයුතු අඩාල විය හැකි බැවින් ඒ පිළිබද සැලකිලිමත් විය යුතුව ඇත. ඉක්මන් තීරණ වලට යොමු වීමෙන් ගැටළු මතුවිය හැක.
  පවුලේ සමගිය වර්ධනය වේ.

-

● මීන ලග්නය

නව ව්‍යාපාරයකට යොමු වීමට උත්සාහ දරන අයට එ සදහා අවස්ථා උදාවෙයි.  මූල්‍ය ආයතන වලින් ණය ඉල්ලුම් කිරීමට සුබ සතියකි.  නව ව්‍යාපාර ඇරඹීමටද සුබයි.
 රැකියා කටයුතු වල නිරත අයට ප්‍රබල ගැටළුකාරි තත්වයන් උදා විය හැකි බැවින් කල්පනාකාරිව වැඩ කටයුතු කල යුතුය.  සතුරු කරදර නිර්මාණය විය හැක.
 ගේ දොර වැඩ නිසි පිලිවෙලින් කරගෙන යාමට හැකි වේ. උත්සව අවස්ථාවලට සම්බන්ධ වීමට අවස්ථා යෙදෙනු ඇත. රූපලාවණ්‍ය කටයුතු වලටද තමන්ගේ කාලය යොදවන සතියකි .

-

No comments:

Post a Comment