Sunday, April 22, 2018

සතියේ ලග්න පලාපලය - අප්‍රේල් 23 සිට

සඳු ග්‍රහයා මෙම සතිය තුළ මිථුන - කටක - සිංහ යන රාශි වල ගෝචර වෙයි.
-
● මේෂ
දියුණුව සම්බන්ධව කරන කටයුතු වලින් සාර්ථක ඵල ලැබෙන්නට ඉඩ ඇත. භූමිය සම්බන්ධ කටයුතු වලදී යහපත් ඵල ලබාගැනීමට ඉඩ ඇත.
නව රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට රැකියා ලැබිමට ඉඩ ඇත. රැකියා වෙනස් වීම්, තරග විභාග ආදියට ඉඩ සැලසෙනු ඇත. දුර බැහැර ගමන් යෙදීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතය තුල ප්‍රීති උත්සවවලට සහභාගි වීමට ඉඩ ලැබේ. පින් කටයුතු වලට සිත යොමු වීමට ඉඩ  ඇත.
_

● වෘෂභ
ආදායම් මාර්ග වලින් සාර්ථක  ඵල ලබන්නට හැකියාව ඇත. හවුල් ව්‍යාපාර වලින් මතු වන බාධා අවම කර ගැනීමට ඉඩ සලසා ගැනීමට හැකි වීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ප්‍රතිඵල ලැබිමට ඉඩ ඇත.  නව රැකියා ඉල්ලුම් කරන අයට ඒ සදහා අවස්ථාවක් උදා විය හැක.
ගෘහ ජීවිතය තුල සිතට සහනදායී කාලයක් උදා වනු ඇත. පෙර තිබුණු ගැටලුකාරී තත්වයන් මඟ හැරී යයි. උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කර වඩා දියුණුව ඇති කර ගත හැක.
_

● මිථුන
ආර්ථිකය  ගොඩ නගා ගැනීමට අවස්ථාවක් උදා විය හැක. ඉඩම් මිල දී ගැනීමේ දී  මුදල් සම්බන්ධ ප්‍රශ්න   ඇති විය හැක.
රැකියා කටයුතු වලදී තමන්ගේ රාජකාරි ස්ථානයේ වෙනදාට වඩා ප්‍රධානීන් සමග ගැවසීමට ඉඩ වැඩි අතර එයින් සුළු ප්‍රශ්න ඇති වීමට ද ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ පවුලේ සහෝදර සහෝදරියන් සමග තරමක් ගැටලුකාරී තත්වයන් පැන නැගීමට ඉඩ ඇති සතියකි.

_
● කටක
ආදායම් මට්ටම තරමක් යහපත් වන්නට හේතු පවති. පෙරට වඩා ඉවසීමෙන් කටයුතු කිරීමෙන් දියුණුව මනාව සලසා ගැනීමට හැකියාව ඇත.
රැකියා කටයුතු සාමාන්‍ය පරිදි  කර ගෙන යා හැක. තමන්ගෙ රාජකාරියට අමතරව පැවරුණු කටයුතු කිරිමටද සිදුවිය හැක.
ගෘහ ජීවිතය තුල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි කර ගෙන යා හැක. ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න.
කටයුතු යාමේදී  කලකිරීම් ඇති වීමට ඉඩ ඇත.
_

● සිංහ
ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට නව පියවරක් ගැනීමට සිදු වන කාලයක් වීමට ඉඩ ඇත. තමන්ගේ ආදායම් මාර්ගය සංවර්ධනයට අවශ්‍ය කටයුතු සලසා ගැනීමට ඉඩකඩ ලැබෙන්නට ඉඩ ඇති සතියකි.
රැකියා දියුණුව ඇති කර ගැනීමට අවස්ථාවක් උදා විය හැක.  තමන්ට කිරීමට අපහසු රාජකාරි පවා කිරීමට සිදු විය හැක.
ගෘහ ජීවිතයේ  තුල ආත්ම විශ්වාසයෙන් යුතුව තම දෛනික කටයුතු වල යෙදීමට හැකියාව ලැබෙනු ඇත. පවුල් ජීවිතයේ අන් අය සමග පැවති සබඳකම් දුරස් වීමට ඉඩ ඇත. සුළු අනතුරු බාධා ඇති විමට ඉඩ ඇත.
_

● කන්‍යා
තමා ආදායම් මාර්ග වල වර්ධනයක් පෙන්නුම් කරන කාලයක් වීමට ඉඩ ඇත. මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීමට ලබා ගැනීමට හැකි කාලයක් වීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලින් තමන්ට යහපත් ඵල ලැබීම අඩු විය හැක. දුර ගමන් වලින් පාඩු සිදුවීමට හේතු ඇත. සුදුසුකම් වලට සරිලන රැකියා ලැබීමේ වාසනාව පවති.
ගෘහ ජීවිතය තුල පෙම් සබඳතා වලින් තමන්ට ගැට‍ළු ප්‍රශ්න මතු වීමට ඉඩ ඇත. ඒවා විසඳා ගැනීමට බුද්ධිමත්ව කටයුතු කල යුතුය. සෞඛ්‍ය තත්වය දුර්වල වීමට ඉඩ ඇත.
_

● තුලා
ව්‍යාපාර කරන අයට සුබ කාලයක් වීමට ඉඩ ඇත. නිෂ්පාදන භාණ්ඩ ආශ්‍රිතව ව්‍යාපාර කරන අයට සුබ ඵල ලැබෙන කාලයක් විය හැක.
රැකියා කටයුතු වලදී තමන්ට නිදහස අඩු වී යාම සිදු විය හැක. කාර්මික ක්ෂේත්‍ර වල කටයුතු කරන අයට සුබ ඵල ලැබිය හැක.
ගෘහ ජීවිතයේ අසල්වැසියන්  සමග කටයුතු කිරීමට අවස්ථා උදා වන්නට ඉඩ ඇත. මංගල යෝග උදා වෙයි.
_

● වෘශ්චික
ආදායම් තත්වය යහපත් කර ගැනීමට ඉඩ අති කාලයකි. නව ව්‍යාපාර වලට යොමු වීමට උත්සාහ දරන්නේ නම් ඒ සදහා අවස්ථාවක් උදා වීමට ඉඩ ඇත.
රැකියා කටයුතු වලදී ඇති වන බාධා තත්වයන් අවම කර ගැනීමට ඉඩ ලැබිමට හැකි කාලයකි. නව රැකියා ප්‍රමාද වීමට ඉඩ ඇත.
ගෘහ ජීවිතයේ තම අරමුණු කරා යාමට  බාධා ඇති වන්නට ඉඩක් පවති. සතුරු කරදර ඇතිවීමට ඉඩ ඇත. ඒවා ජය ගැනීමට බුද්ධිමත් වන්න.
_

● ධනු
ආදායම් තත්වය වර්ධනය වීමට ඉඩ ඇත. ඉඩකඩම් සම්බන්ධ ව්‍යාපාර කරන අයට යහපත් ප්‍රතිඵල ලබාගැනීමට හැකි කාලයක්  විය හැක.
රැකියා සොයන අයට නව රැකියා උදා වීමට ඉඩ ඇත. රැකියා කටයුතු වලට තිබෙන බාධාවන් ඉවත් වී යාමට ඉඩ ඇත.
පෙම් සබඳතා ඇති විය හැක. විනෝදයෙන් කාලය ගත වනු ඇත. දරුවන් සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරී විය යුතුය.

_
● මකර
නව ආදායම් මාර්ග වලට උත්සාහ කරන අයට ඒ සදහා ඉඩ කඩ වැඩි කාලයකි. ආර්ථික දියුණුව උදෙසා වැඩ කටයුතු කිරීමට ඉඩ ලැබේ.
රැකියා සොයන අයට සුදුසුකම්වලට සරිලන රැකියා ලැබීමට ඉඩ ඇත. රැකියා කරන අයට දුර බැහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇත
ගෘහ ජීවිතයේ සමගිය ඇති වේ. තරුණ අයගේ  විවාහ කටයුතු වලට ඇති උද්යෝගය වැඩි වේ. මංගල යෝග  උදා වේ.
_

● කුම්භ
මුදල් අවහිරතා යෙදීමට ඉඩ ඇති අතර, එයින් තමන්ට පාඩු සිදු විය හැක. ණය ආදිය ගෙවා ගැනීමට යම් පියවරක් ගැනීමට සිදු විය හැක.
රැකියා කටයුතු මධ්‍යම ඵල සහිත විය හැක. රැකියා සොයන අයට සුදුසු මට්ටමේ රැකියා අවස්ථා උදා විය හැක.
ගෘහ ජීවිතය තුල ඉවසීම අඩු වී ඉක්මන් තීරණ ගත්තොත් තමන්ට අවාසි සහගත දේ වීමට ඉඩ ඇත. තරුණ අයට ගැළපෙන මංගල යෝග  උදා විය හැක.
_

● මීන
නව ආදායම් මාර්ග වල ගැටලු ඇතිවීමට ඉඩ ඇත. සේවක ගැටලු විසඳීමට  වැඩි  කාලයක් වැය කිරීමට සිදු විය හැක.
රැකියා විරහිත අයට නව රැකියා අවස්ථා උදා විමට හේතු ඇත. රැකියා කරන අයට වෙනස් වීම් අපේක්ෂා කල හැක.
ගෘහ ජීවිතයට පැවති බාධාකාරී තත්වයන් මග හැරිය හැක. තමන්ට විරුද්ධව සතුරු බලවේග මතු විය හැක. බුද්ධිමත් වන්න.

-

#ඉරු

077 2238041
irusewaya@gmail.com

#srilanka #lka