මේ ගත වන කාලය ඉතා බුද්ධියෙන් - ඉවසීමෙන් - පරිස්සම් සහගතව කටයුතු කල යුතුය.
සමහර අය සිතන්නේ මෙම මාරුව ලංකාවට පමණක් බලපාන බවකි. ඇමරිකාව වැනි රට වලට බල නොපාන බවකි. ( ඒ රටවල වැදගත්ම කටයුතු කරන බොහෝ අය මේවා සියල්ල ගැන මනා අවබෝධයකින් සිටින බව අප අත්දැකීමෙන් දනිමු)
සෙනසුරු මාරුව ලෝකයටම බලපාන්නකි. එසේම මේ පවතින කාලයේ බොහෝ අයට කරදර බාධක තරමක් හෝ ඇති වන නිසා මේ දිනයන් වල අවධානයෙන් සිටිම වටි.
- මෙහි අදහස බියවී කටයුතු නැවැත්වීම ගැන නොව කරන සියල්ලේදී වෙනදාට වඩා සුපරික්ෂාකාරි විය යුතු බවයි.
ලංකාවට පමණක් නොව විදේශීය රටවල අයට පවා මේ කාලයේ කරදර බාධක වැඩිය. විශේෂයෙන් හදිසි අනතුරු සිදු වෙයි. එය සෙනසුරු මාරුවට පෙර අපේක්ෂා කල හැකි තත්වයකි.
- රටට ජනතාවට සුවිශාල යහපතක් වන්නේ සෙනසුරු මාරුවෙන් පසු ක්‍රමක්‍රමයෙනි..
#ඉරු
Showing posts with label පසු සටහන. Show all posts

Saturday, January 7, 2017
Monday, December 12, 2016
කේන්දරය ඇත්තේ එය බලා කියා තමන්ගේ ජිවිතය යහපත් කරගැනීමටය.
ඒ හැර ජිවිතය කේන්දරය නිසා වෙනස් කරගෙන, දුකින් කල් ගෙවීමට නොවේය.
අප විසින් විවිධාකාර අනාවැකි, හදිසි අනතුරු ආදිය ගැන කියන්නට අකමැති වන්නේද, ජෝතිෂ්‍යය ඇත්තේ වැරදි හදාගෙන, අපල දුරු කරගෙන ජිවිතය සැපවත් කරගැනීමට විනා වෙන දේකට නොවන බැවිනි.
“ අර අනතුරේ පලාපලය මම කලින් කිව්වා“ වැනි ප්‍රකාශයන් අපට පෙනෙන්නේ ජෝතිර්වේදින්ට නොමනා කතා බවය.
“ අර අනතුරු ගැන මම කියලා ඒ වෙන්න තියෙන හානිය වැළකුණා“ කියා කියන්නේ නම් අප එවන් දේකට කැමතිය.
අනිත් කාරණය, ඔබ වෛද්‍යවරයෙක් මුණ ගැසීමට ගොස් අදාල බෙහෙත් දුන්විට ඔබට ඇති අසනීපය ගැන දීර්ඝව සොයා බලා එයට තනියම බෙහෙත් කරගන්නට සිතනවාද ?
ඒ ආකාරයට ජෝතිෂ්‍ය ගැනද සිතා බලන්න..
බුදු සරණයි !
#ඉරුසේවය

Sunday, November 6, 2016
#facebook ව්‍යාජ තොරතුරු වලට මූලික වන තැනක් බව පහුගිය කාලය පුරා බොහෝ රටවල කල සමීක්ෂණ වලින් වාර්තා විය.
එවන් දේ අප රටේද සිදුවන බව අප දනිමු.
අද අප දුටු දෙයක් ලෙස, දිවංගත පණ්ඩිත් අමරදේව අපගේ ගුරු පියාණන්ගේ මරණය සහ එහි කටයුතු වූ ආකාරය ගැන පල කර ඇති සමහර පෝස්ටු දේශපාලනික ඒවාය.
අප අත්දැකීමෙන් දන්නා පරිදි අමරදේවයන් කිසි කලෙක පක්ෂ දේශපාලනය කලේ නැත. එනිසා සහ තිබුනු යහපත් ගුණාංග නිසාම සියලුදෙනාගේම ගරුත්වයට පාත්‍ර විය.
එය පැහැදිලි වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද එතුමා ඇසුරු කරමින්, සහයෝගය ලබාදෙමින්, අවවාද ලබමින් කටයුතු කිරීමයි.
අද මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටියේ නම් සියලු රාජ්‍ය ගෞරව සහිතව මේ රජය කලා මෙන් අමරදේවයන්ට ගරුත්වය ලබාදෙනු ඇත.
එනිසා කුමන රජයද, කුමන පුද්ගලයාද යන්න නොව අමරදේවයන් වැනි ශ්‍රේෂ්ඨයෙක්ට සියල්ලෝම ගරු කරති.
කරුණාකර දේශපාලනික අරමුණු වලට මෙවන් දේ භාවිත නොකරන්න.
(ආණ්ඩුවේ හා විපක්ෂයේ වැරදි විවේචනයට ඕනෑ තරම් ඇත.

Monday, September 19, 2016
Tuesday, May 24, 2016
අප සේවයේ සියලුමදෙනා පාහේ හැකි පමණින් උදව් කරන්නට කටයුතු කල අතර, ඒවායේදී පින්තූර ගැනීම් ආදිය නොකිරිමට තීරණය කරන ලදි.
උදව් කල පින්තූර පලකිරිමේ වරදක්ද අප දකින්නේ නැත. ඉරු සේවයේ සමස්ත අදහස අනුව එම කටයුතු වලදි පින්තූර-වීඩියෝ කිසිවක් කලේ නැත.
එම කටයුතු වලට විරාමයක් ලබා තම තමන්ගේ කටයුතු වලට අප පැමිණියේ අදයි...

Sunday, May 15, 2016
Facebook ෆැන් පේජය 60,000 +
පසුගිය වසර කීපය තුල ෆැන් පේජයක් විශාල පාඨක සමූහයක් මෙන්ම වැඩියෙන්ම නරඹන ජ්‍යොතිෂ්‍යයට අදාල ෆේස්බුක් ෆැන් පේජය වීමට හැකිවීමද අපගේ භාග්‍යයකි.
Iru Astrology
Iru Sewaya
https://plus.google.com/u/0/+IruSewaya/posts
https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA
https://www.instagram.com/iru_astrology/
https://twitter.com/IruAstro
http://rivisanda.blogspot.com/
irusewaya@gmail.com.
077 22 38041

Saturday, April 30, 2016
“ සුජිත් නිශාන්ත යෝගිතුමාගේ තනතුර ගැන “
Wednesday, October 14, 2015
මුහුණු පොතේ අප හා බැඳි සියලුම සහෘද පාඨක ජනතාව සහ පාඨක නොවන ජනතාවට, අති විශේෂ නිවේදනයයි.
දයාබර පාඨකයිනි, අන්තර්ජාලයේ අංක 1 ජ්‍යෝතිෂ්‍යය සේවා සපයන්නා වශයෙන් අප මේ අවස්ථාවේදී ඉහලින්ම සිටින්නෙ පාඨක ඔබට සාරවත් දේ දීමට පැය 24ම බැඳී සිටින බැවිනි.
අපගේ සේවය රැඳි පවතින්නේ දක්ෂම වාස්තු සහ ගුප්ත විද්‍යා ජ්‍යොතිර්වේදින්ගෙන් මෙන්ම ඊට එහා ගිය භාවනානුයෝගී මහතුන්ගෙනි.
* අප විශේෂයෙන්ම සඳහන් කල යුත්තේ, අන්තර් ජාලයේ සේවා සපයනවා යැයි පිරිසක් පවසාගෙන යන අතර අපගේ “ ශ්‍රී රාවණමුඛ ධන යන්තරී සිද්ධි ආකර්ෂණ යන්ත්‍රය “ සහ අනිකුත් යන්ත්‍ර ඉතාම අවම අගයකට හෝ නොමිලේ දෙන බව පවසමින් මේ දිනවල රාවයක් පැතිර යවමින් පවති.
• අපගේ සියලුම කටයුතු ගුප්ත විද්‍යා අංශයෙන් ඉෂ්ට සිද්ධ කරනු ලබන්නේ, මූලිකත්වය දරන්නේද අපගේ ගෞරවනීය හෙල පරම්පරා ගුරු උක්කුං බණ්ඩා ගුරුන්නාන්සේ මැතිතුමාය.
සමහරවිට අපට පැමිණිලි ලැබී තිබෙනවා, අපගේ යන්ත්‍ර වලට සමාන යන්ත්‍ර විවිධාකාර පුද්ගලයන් බෙදා හරින බව. පාඨක ඔබට හෝ පාඨක නොවන ඔබට ඕනෑම තැනකින් ඕනෑම වැඩක් කරගැනිමේ අයිතිය පවතින බවත්, එම අයිතියට අප නොපිරිහෙලාම ගරු කරන බවත් ප්‍රකාශ කරමු !
• පිටින් කරගන්නා දේවල් වලට, අප ආයතනය සම්බන්ධ නොකරගන්නා ලෙසද, අප ඒවාට වග නොකියන බවද සඳහන් කරනු කැමැත්තෙමු.
• අප ආයතනය මෙපමණ කලක් පැවත ඇත්තේ හරි දේ හරියට සහ නිසි ප්‍රමිතියට කර ඇති නිසාය.
අප යන්ත්‍ර කටයුතු කරන්නේ, අදාල එක් පුද්ගලයෙකුට එක් අවස්ථාවක පමණි.
එසේම එම යන්ත්‍රය කරනු ලබන්නේ කේන්දර සටහන සූක්ෂමව පරික්ෂා කර අදාල ග්‍රහයන්ගේ හැසිරීම් අංශක ආදියෙන් පවා බලා ඊට අනුකූලව සුභ නැකැත් සාදා ජප අරඹා නිසි ජප සංඛ්‍යාව පූර්ණය කෙරෙන පරිද්දෙනි.
(බොහෝ තැන් වල මෙන් එක ජාතියේ යන්තර 100ක් පමණ ජප කරන කටයුතු අපගේ නැත)
• මේ සම්බන්ධව අප +Iru Astrology , ඉරු සේවයේ ගුප්ත ශාස්ත්‍රීය කටයුතු වල මූලිකත්වය ගන්නා මහා හෙලගුරු ගෞරවනීය උක්කුං බණ්ඩා ගුරුන්නාන්සේ මහතා ඉදිරියේදි ප්‍රකාශයක් කිරීමට නියමිතයි.
Saturday, October 10, 2015
මිනිසුන්ගේ හැටි සෑමදෙයම අමතක කිරීමය.
එය ලංකාවෙ වෙන රටවලටත් වඩා ඇත. අකෘතඥකම් මිනිසුන්ගේ තරම් තිරිසන් සතුන්ගේවත් නැත.
අපගෙන් සේවාගෙන බොහෝ කරදර බාධක තිබියදී ජිවිතය සාර්ථක කරගත් අය, වෙනත් අයට ආවැඩිම දැකීම සිතට ඇති කරන්නේ කලකිරිමකි.
ආර්ථික අපහසුකම් කියූ අයට අප විසින් නොමිලේ සේවා ලබාදී ඇත. එය කල විට අප බලාපොරොත්තු වන්නේ ඉන්පසු තම ජිවිතය යහපත් කරගැනිමය. එසේ නොකර තව තවත් අපගෙන්ම දේවල් කරගන්නට කටයුතු කරන්නේ වෙනත් ව්‍යාජ අයටම වියදම් කර තමන්ගේ සේසතම නැති කරගත් සමහරුය. ටිකක් හරි ගිය පසු, වියදම් දීම කෙසේ වෙතත් තවත් දේ බලෙන් වාගේ කරගැනීමට තැත් කිරීම් ආදිය නිසා අපට ඇතිවු කලකිරිම් වලින් අප විසින් ඔවුන්ව ඉවත් කර ඇත.
ඒවායින් අප කෙනෙකුට කරන උදව් නතර නොකලද, ඒවායෙන් ලැබෙන අත්දැකීම් තුලින් යම් තීරණ වලට අප එළඹී ඇත.
අප සේවයේ සියලුදෙනා මෙතන බලාගන්නා අය ඇතුලුව, වෙනත් රැකියා සහ ව්‍යාපාර වල යෙදීම නිසා මෙම සේවාව හරහා පමණක් යැපෙන තත්වයක කිසිවෙකු නැතිවීම අපට ඇති ශක්තියයි.
ඉරු සේවය මෙතන කරන්නෙ සේවයකි. පවත්වාගෙන යන්නේද ඒ ආකාරයෙන්ය.
තවද එක් එක් දේශපාලඥනයන් හෝ වෙනත් ඉහල තනතුරු දරණ කිසිවෙකුට හෝ ඔවුන්ගේ හෙංචයියන්ට, බත් බැලයන් ගැන අප සැලකීමක් කරන්නේද නැත.
හිටපු ජනාධිපතුමන් මෙන්ම දැන් ජනාධිපතිතුමන් ගැනද අප දන්නා අතර, ඒ සියලු අය සමග සබදතා අපට ඇත.
ඒ කාට වුවද සේවා සපයන්නෙ එකම ආකාරයකටය.
ස්තූතියි !

Wednesday, September 2, 2015
හිත කලකිරෙන අවස්ථාවන් !
සමාජ වෙබ් අඩවි ප්‍රවර්ධනය කරන අයට අනුව, ෆේස්බුක් වල පොදුවේ Like වැටෙන අවම අගයට ආසන්න සම්භාවිතාවය 10%කි.
එනම් 100 දෙනෙක් බැලුවොත්, එය 10කි. 1000ක් නම් 100කි යනාදි වශයෙනි.
නමුත් අපගේ පෝස්ටු වලට විශේෂයෙන් පේජයේ පෝස්ටු වලට 10% තියා බොහෝමයකට 1%ක්වත් ප්‍රතිචාර නැත.
එය කණගාටුවට කාරණාවකි..
Thursday, August 20, 2015
මහමැතිවරණ අනාවැකිය - 2015
මුලින්ම කිව යුත්තේ, මෙම අනාවැකිය ඉදිරිපත් කිරිමට අපගේ සහෘද පාඨකයන්ගෙන් අපට බොහෝ ඉල්ලීම් ලැබුනු බවය.
“ ඡන්දෙට මොකද වෙන්නේ... ? කවුද දිනන්නේ.. ? රනිල්ද... මහින්දද ??? යනාදි ලෙස බොහෝදෙනෙක් විවිධාකාර තැන් වලදී කරන ලද ඉල්ලීම්, ප්‍රශ්න හමුවේ සියලුදෙනාට එක්වර පිලිතුරු දෙන්නට අප විසින් සිතා ගත්තෙමු.
තවද ප්‍රේතයන්ගෙන් පේන අසා පසුගිය දශකයටම ජනතාව රැවටූ පුද්ගලයන් විසින් අනවශ්‍ය බිය ඇති කරමින් කරන ප්‍රකාශ වලටද නිවරදි දැනුවත් කිරීමක් කල යුතු බව අපගේ සිතේ විය.
● අපගේ මූලික අවශ්‍යතාවය නම් ජ්‍යොතිෂ්‍යය තුලින්, තමන්ගේ බුද්ධියේ, අවබෝධයේ, අත්දැකීමේ තරමට අනාවැකි සාර්ථකව කියන්නට හැකියාව ඇති බව ප්‍රකාශ කිරීමය.
● ඒ අනුව ලෝකායතන ජ්‍යොතිෂ්‍යයද අදාල කරගනිමින් පූර්ණ සූක්ෂම පරික්ෂා කල අතර එයින් පසු නිගමනයට එළඹියෙමු. එහිදී සියලුම ප්‍රධාන පක්ෂ වලද අදාල අපේක්ෂකයන්ගේද කේන්දර සටහන් පරික්ෂා කලෙමු. ඒ අනුව අප විසින් 2015 ජුලි 29 වන දින ඒ ගැන ලිපියක් පල කරන ලදි.
https://www.facebook.com/irusewaya/photos/pb.833656709984743.-2207520000.1439821714./1177395312277546/?type=
එහිදී මූලිකව කිව යුත්තේ, මෙම අවස්ථාවේ එජාපයෙන් ඡන්දය මෙහෙයවු රනිල් වික්‍රමසිංහගේ සහ සන්ධානයෙන් ඡන්දය මෙහෙයවූ මහින්ද රාජපක්ෂගේ කේන්දර වලට ප්‍රමුඛතාවය හිමිවූ බවය. ඊට අමතරව එජාපයේ කේන්දර සටහනද, සන්ධානයේ කේන්දර සටහනටද මූලික තැනක් හිමිවිය.
* අපගේ දැනුම, බුද්ධිය සහ අත්දැකීම් අනුව එජාපය ජයගන්නා බව පැහැදිලි විය. ඒ බව ලිපියේ සඳහන් කර ඇත.
● ජුලි 17 වනදා සිදුවූ රවි හෙවත් රජුගේ මාරුව නිසා රටේ ජනාධිපතිවරයාගේ බලය ස්ථාවර වන බවද උපෙන්ද්‍ර යෝගය බලවත් වීම තුල ඒ තත්වය ගැනද අප විසින් විග්‍රහයක් ලබාදී ඇත.
(https://www.facebook.com/irusewaya/photos/pb.833656709984743.-2207520000.1439824484./1186245691392508/?type=)
* ● * තවද නැවත රටේ යුද ගිනි බියක් කිසිකලෙකවත් ඇති නොවන බවද, අනවශ්‍ය ප්‍රශ්න ගැටළු ක්‍රමිකව දුරලමින් රටට යහපත් කාලයක් උදාවන බවද අප විසින් වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු.
තම සීලය රැකගනිමින් යහපත්ව ජිවිතය ගෙවූ අයට යහපත් කාලයක් ඉදිරියට උදා වනු ඇත. හොඳ අයට හොඳ වෙන විට නරක කල අයට, පව්කාරයන්ට ස්වකීය පව් ඵල දෙන කාලයක් ඉදිරියට උදාවේ.
ඒ ගැන විග්‍රහයක් මෙසේය.
(https://www.facebook.com/irusewaya/photos/a.1177395292277548.1073741849.833656709984743/1184022371614840/?type=1)
තවද කිවයුතු දෙයක් නම්, මෙම අනාවැකි ආදියට විවිධ අය විවිධාකාර විවේචන ආදිය කරයි. එහි ගැටළුවක් නැත. තමන්ගේ මතය කීමට හැකියාව ලැබිය යුතුය. නමුත් එම විවේචනයේ තරම තමන් විසින් ස්වයං හික්මීමකින් කරගත යුතුය. විවාද අාදියට අකමැති නිසා අප ඒවාට කතා කරන්නට යන්නේ නැත.
මේ කියන කරුණු හෝ ඇසට නොපෙනන බලවේග ආදිය ගැන ඕනෑම කෙනෙකුට පිහිටක් හෝ ගැනීමට අවශ්‍ය වන්නේ තමන්ට හෝ කිට්ටු කෙනෙකුට කරදරයක් වූ විට පමණි.
තමන් දන්නේ නෑ තමන්ට ගෝචර නොවූවා කියා ඒවා ගැන අවිශ්වාසයෙන් කල්ගත කිරිම බුද්ධිමත් අයගේ ක්‍රමයක් නොවේය.
යම් දිනෙක යම් කලෙක ඒ ගැන අවබෝධයක් කාටත් එනු ඇත.

Wednesday, April 1, 2015
ධනසාධනීය සර්වජන වශී කාර්ය සිද්ධි යන්තරය
අපගේ #ධනසාධනීය සර්වජන වශී කාර්ය සිද්ධි යන්තරයට ඇති ඉල්ලුම් බොහෝය.
https://www.facebook.com/photo.php?fbid=221683094693369&set=
කතා කරන සමහර අය එකවරම මුදල ගෙවා ගැනීමට කැමැත්ත පලකරමින් කතා කරති.
කෙසේ වුවද මෙතෙක් අප විසින් ලබාදෙන ලද්දෙ එක්තරා ක්‍රමවේදයකට වන අතර එයින් බාහිරව කිසිසේත්ම එම යන්ත්‍රය කිසිවෙකුට අප විසින් ලබාදෙන්නෙ නැත.
ඒ ගැන දුරකථනයෙන් කතා කර වාද කලාට, වැඩියෙන් දෙන්නම් කිව්වාට අප දෙන්නේ නැත.
එම යන්ත්‍රය ශ්‍රී රාවණ මූඛ පරම්පරාවේ අතිසුවිශේෂි යන්ත්‍රයකි.
එයට අදාල ක්‍රමවේදයෙන් මිස වෙන ක්‍රමයකට ලබාදීම අපගේ ප්‍රතිපත්ති වලට පටහැනිය.
ඒනිසා එසේ වන්නේ නැත.
කේන්දර සටහන බලා, තොරතුරුද දැනගෙන සුදුසු බව ස්ථිර කරගත් පසු පමණක් ලබාදෙනු ලැබේ.
#ඉරුසේවය
ධනසාධණීය සර්වජන වශී කාර්ය සිද්ධි යන්ත්‍රය

Tuesday, March 17, 2015
පසුගිය දිනෙක විකාශය කෙරුනු සත්‍යාගාරය හා සම්බන්ධව ජ්‍යොතිෂ්‍යයට අදාලව අපගේ අදහස
ජ්‍යොතිෂ්‍යයත් විද්‍යාවත් අතර, මත 2ක් නොමැත. පුරාතන දේව සංකල්ප මෙයට ඈදාගෙන සමහරු ඒවාට නව අර්ථකතන දීමට උත්සහ කරන නමුත් එහි න්‍යායාත්මක සහ ප්‍රායෝගිකවන හරයක් නොමැත. මෙහිදි අප දැඩි ලෙසම පාඨක සියලුම ජනතාවට කියා සිටින්නේ, ජ්‍යොතිෂ්‍යයත් විද්‍යාවත් අතර මත 2ක් නොව 1 මතයක තිබෙන බවයි.
* ග්‍රහ තාරකා සහ සියලුම නක්ෂත්‍ර තාරකා ගමන් කරන්නේ ඉලිප්සාකාර ගමන් මාර්ගයකය. මෙම නැකැත් තාරකා නිර්මාණය වී ඇත්තේ තාරකා සියදහස් ගණනක් ඒකරාශී වීමෙනි.
( උපුල් ශාන්ත සන්නස්ගල මහතා සහ සුමනදාස අබේගුණවර්ධන මහතා අතර සංවාදයෙදි වැරදියට ප්‍රකාශ කෙරින)
උදාහරණයක් වශයෙන්, අස්විද නැකත සහ මේෂ රාශිය ගැන සඳහන් කිරිමේදි එම නැකැත් තාරකා වලට එම නම ලැබී ඇත්තේ එළුවෙකුගේ පෙනුම එම තාරකා පන්තියේ හැඩය නිසාද තවද අස්විද නැකත වූ කල අස්ව හිසක් ඇති නිසාත්ද වේ.
* ජ්‍යොතිෂ්‍යයට අදාලව මිනිසුන්ට බලපාන බව අප සදහන් කරන්නේ චුම්බක බලයක් නොවේ. ග්‍රහ කිරණය.
ග්‍රහ කිරණ ගස්වැල් වලට සතා සීපාවාට මෙන්ම පුද්ගලයාගේ එක් එක් අංශ වලට බලපානවා.

ග්‍රහ කිරණ (cosmic power)
* සියලුම දේවල් වලට මෙම ග්‍රහ කිරණ බලපානවා, භූමියටත්. සතුන්ටත් බලපානවා.
හොදම උදාහරණය චන්ද්‍රයා පොලවට ලංවූ විට වඩදිය ඇතිවිම. සහ සීතල වැඩිවීම.

* තවද එහිදී සඳහන් වුනු තවත් කරුණක් නම් යම් දිනෙක හඳේ ජනාවාස ඇතිවී එහි උපදින දරුවෙකුට කේන්දර සෑදිය හැකිද යන්නය...
සුමනදාස මහතා නිසි පිලිතුරක් නොදුන්නෙ මන්ද යන්න අප දන්නේ නැත.
සඳු හෙවත් චන්ද්‍රයා සිටින්නේද එකම සූර්ය ග්‍රහ මණ්ඩලයක සිටින අතර, සූර්යයාගේ බලපෑම අනුව කේන්දර සටහන් සෑදීමට හැකියාව ඇත.

* සතුන්ටත් කේන්දර සෑදිය හැකියි. නමුත් එය කරන්නේ කවුද... වැඩක් නැති දේවල් පස්සේ ගිහින් කාලය නාස්ති කරන්න කිසි කෙනෙක් කැමතිද...
භෞතික ලෝකයේ හැම අංශයක්ම ප්‍රයෝජනයට ගන්නේ මිනිසාගේ සුබ සිද්ධියට නේද ?
එහි ඔබලා සිතන්ට යමක් තියෙනවා... අපි හැමදෙයක්ම කරන්නේ මනුෂ්‍යාගේ දියුණුව අභිවෘද්ධිය මිස ජ්‍යොතිෂ්‍යය බලා තිරිසන් කොට්ඨාස වලට යමක් කරන්නේ නැහැ.
* තවද එහිදී සන්නස්ගල මහතා ඇසූ ප්‍රශ්නයක් වූයේ වාහනයක බොහෝ පිරිසක් යද්දි අනතුරක් වුවොත් එක දරුවෙක් බේරුනොත්, ඒක ඒ දරුවාගේ වාසනාව ලෙසද, එලවලු රැගෙන යන රථයකට අනතුර වී එක එලවලුවක් පමණක් බේරුනොත් එයද එහි වාසනාව ලෙසද යනුවෙනි.
එයට පිලිතුර දීමේදි දරුවාට විඥානයක් ඇති බවද, එලවලුවට එසේ නැති නිසා එවන් වාසනාවක් ගැන නොසිතිය යුතු බවද පැහැදිලි කරගැනීමට බුද්ධිය ඔබට ඇතැයි සිතමු.

* බොහෝදෙනා මෙම උතුම් ශාස්ත්‍රයට පහර ගැසීමට බුදු දහම ඈදා ගනී.
නමුත් බුදු දහමේ ඇති ඍතු නියාම, කර්ම නියාම, බීජ නියාම, ධම්ම නියාම, චිත්ත නියාම ඔය ආදි නියාම ධර්ම වලට ගලපා බැලූ කල ඍතු නියාම සම්බන්ධව දීර්ඝව කල්පනා කලොත් මෙහිදි ජ්‍යොතිෂ්‍යයට යම්කිසි සබදතාවක් පෙන්වයි.
බුදු දහමේ ඇත්තේ මධ්‍යම ප්‍රතිපදාව මූලික කරගත් උතුම් වූ සුහාසූ දහසක් ධර්ම ස්කන්ධයයි.
* බුදුන්වහන්සේ ජ්‍යොතිෂ්‍යය ගුප්ත විද්‍යා ගණයට එකතු කලේ බුුදු දහම මූලිකව දේශනා කරන්නේ ලෝකෝත්තර දියුණුවට අදාල කරුණු වන බැවිනි. එහිදී අප්‍රමාදය මූලික වෙයි.
නැකතකට අද වෙනුවට හෙට වෙනුවෙන් ඉවසන්නට සිදුවුවොත් බුදු දහමේ පරිදි එය ප්‍රමාදයකි..
අප්‍රමාණ සංසාරයේ ප්‍රමාදය නිසා සියලු ලෝ වැසියන් විඳින දුක් කරදර මැනවින් අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාව නියම නැකත බව පවසන්නට ඇත්තේ එබැවිනි.
* ජ්‍යොතිෂ්‍යය මූලිකත්වය දෙන්නෙ ලෞකික දියුණුවටය. ලෞකික දියුණුව සාර්ථක වූ කල ලෝකෝත්තර දියුණුවද සාර්ථක වන බව ජ්‍යොතිෂ්‍යයේ විශ්වාසයයි.
* ජ්‍යොතිෂ්‍යය ලංකාවෙ සංස්කෘතිකමය වටිනාකමක් වසර දහස් ගණනක් පැවති දෙයකි...
● ලෝකයටම අධිරාජ්‍යයා වූ රාවණ මහ රජතුමන් ජ්‍යොතිෂ්‍යය දැන සිටි අතර නිසි ඵල නෙලාගත්තේය.
● රට එක්සේසත් කර යම් දිනෙක මෛත්‍රි බුද්ධ ශාසනයේ වමත් අගසව් වන දුටු ගැමුණු මහරජතුමා ජ්‍යොතිෂ්‍යයෙන් ප්‍රයෝජන ගත් බව ඉතිහාසයේ දැක්වේ.
● * අදටද... උතුම් වූ ශ්‍රී දන්ත ධාතූන්වහන්සේ වඩම්මවන්නේ නිසි වෙලා බලා නැකතට අනුව බව ඔබ දන්නවාද ?
* බෝධීන් වහන්සේ නමක් රෝපණයේදී, චෛත්‍ය රාජයාණන්වහන්සේ කෙනෙක් සෑදීමේදි නැකැත් වලට අනුව කටයුතු කරන බව ඔබ දන්නවාද ?
* වසර දහස් ගණනක් පැවති උතුම් ශාස්ත්‍රයක් ලෙස ජ්‍යොතිෂ්‍යයද සැලකේ. අපේ මුතුන්මිත්තන් නිසි ඵල නෙලාගත්තා සේම අද ඉතා දියුණු රටවල් වල ඇමරිකාව ආදි රටවල් අපටද වඩා මෙහි නිසි ඵල නෙලා ගනිති.

* ජ්‍යොතිෂ්‍යය සහ බුදු දහම පටලවාගෙන වැඩ කිරිම දහමටද කරන නිග්‍රහයක් මෙන්ම එය අනවශ්‍ය ක්‍රියාවකි.
*●* නමුත් තමුන්ට ජ්‍යොතිෂ්‍යයෙන් උවමනාවක් නැත්නම් එය අතහැරලා දැම්මාට කමක් නැත.
එමෙන්ම මෙයට කදිම පිලිතුරක් අපගේ ඉරු සේවයේ ලිපි අතර අප පලකල කර්මය වෙනස් කල හැකිද ලිපිය මගින් පැහැදිලි කර ඇත.
(https://www.facebook.com/irusewaya/photos/a.1013509575332788.1073741842.833656709984743/1073847562632322/?type=)
* බොහෝදෙනෙකුගේ ඉල්ලීම පරිදි සකසන ලද ලිපියකි.

Thursday, January 15, 2015
රට අස්ථාවර නොකරනු.... වස්
එසේම මෙහිදී ජ්‍යොතිෂ්‍යය ශාස්ත්‍රයට කුමක්වත් සිදුවී නොමැත. පරාජය වූයේ ඔවුන්ගේ පෞද්ගලික මතවාදයයි. අප සුවහසක් පාඨකයන්ට සේවය කරන ජ්‍යොතිෂ්‍යය සේවයක් වශයෙන් අප සැමවිටම උත්සහ කරන්නේ අපක්ෂපාති වූත්, මධ්‍යස්ථ වූත් පලාපලයක් සියලුම අංශ වලට ගෙන ඒමටය.
* මෛත්‍රිපාල සිරිසේන මහතා ජය ගන්නා බව අප දැන සිටියෙමු.
එතුමා පොදු අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා දෙන්නට බොහෝ පෙර සිටම අප විසින් එතුමාගෙ කේන්දර සටහන දැන සිටියෙමු.
* හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම පත්‍රය හා සැසදීමේදී එසේම මහින්ද සහ මෛත්‍රි උපන් දින වල චන්ද්‍ර රාශි පිරික්සීමේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මෙම මැතිවරණයෙදි පරාජය වන බව පැහැදිලි විය. එතුමන් සැබෑවටම පරාජයට පත් වූයේ නොවැ 2 දිනය.
එසේම මෙහිදී යම් මතවාදයක් ඉදිරිපත් කිරීමේදී දේශපාලනයට ප්‍රසිද්ධියේ ජ්‍යොතිෂ්‍යය ඈදාගැනීමෙන් ජ්‍යොතිෂ්‍යයට සිදුවේ.
* එයින් පුද්ගලයාට නොව ජ්‍යොතිෂ්‍යයට හානියක් වන බව අපගේ මතයයි.
එසේම අප හා බැඳි සිටින පක්ෂ විපක්ෂ සියලුම සහෘද පාඨකයන් අතර, විශේෂයෙන්ම එවකට පැවති ආණ්ඩුව සමග හිතවත් අයගේ සිත් නොරිදවනු පිණිස පල නොකිරීමට වග බලාගත්තෙමු.
● මේ මෑතකදී සුප්‍රසිද්ධ ජ්‍යොතිෂ්‍යවේදි මංජුල පීරිස් මහතා නාලිකාවකට පැමිණ, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අත්සන් කල වෙලාවක් ගැන ඔහුගේ මතයක් ඉදිරිපත් කර ඇත.
● නව ජනාධිපතිතුමා අත්සන් කොට ඇත්තේ ජනවාරි 9 වනදා සවස 6.17ටය.
* රවිගේ කාල හෝරාවේ, බුද පංචම කාල හෝරාවේ දිව්රුම් දී ඇත. එය වාසනාවන්ත තත්වයකි.
* එම අවස්ථාවේ පැවතියේ මුල නැකත බව මංජුල පීරිස් නම් ජ්‍යොතිෂ්‍යය දන්නා බව කියූවද, එම අවස්ථාවේ පැවත ඇත්තේ “මා නැකතය“
මුල නැකතේ නම් චන්ද්‍රයා/සඳු සිටිය යුත්තේ ධනුවේය. මා නැකතේ නිසා සිටින්නේ සිංහ රාශියේය...
(ඒ තරම් සරල දෙයක්වත් දන්නේ නැති කෙනෙක් ජ්‍යොතීර්වේදියෙකු වන්නේ කෙසේදැයි අපට සිතාගත නොහැක....)
* තවද ජනාධිපතිතුමාට දැනට ගත වන්නේ සෙනසුරු මහ දසාවේ රවි අතුරු දසාවයි. එයද ඉතාම බලවත් අවස්ථාවකි,
* එතුමන් මේ වන විට ඒරාෂ්ඨක අපලයක වසර 7 හමාරක් ගතකොට ඇත.
●පංච පක්ෂී ශාස්ත්‍රය අනුව බැලුවද ගරු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා උත්‍රපල් නැකතේ බැවින් කාක පක්ෂියා හිමිවේ.
* එසේ නම්, ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා දිව්රුම් දුන් අවස්ථාවේදී කාක පක්ෂියා “ ගමන “ අවස්ථාවේ පැවතිය.
* පංච පක්ෂි ශාස්ත්‍රය අනුව, “ ගමන “ අවස්ථාව ඉහලින්ම හොද බව ශාස්ත්‍ර නියමයයි..
● නාම ස්වර අතින් පංච පක්ෂි ශාස්ත්‍රය බැලුවත්, මෛත්‍රිපාල යනු නාම ස්වරය “අ“ ස්වරයට අයිති වේ.
● “අ“ ස්වරය “භේරුඩ“ පක්ෂියාට හෙවත් “රාජාලියාට“ හිමිවෙයි.
● මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා 9 වෙනිදා දිවුරුම් දෙන විට, දුරුතු මස අව තියවක තිථිය අවසන් වී අව ජලවක තිථිය ලබා තිබුනි. අව ජලවක තිථිය අවසන් වීමට තිබුනේ 9වන සිකුරාදා දින සවස 6.34ටය.
● භේරුඩ පක්ෂියාට අශුභ වන්නේ. කුජ හෙවත් අගහරුවාදා දිනයයි. එසේ නම්, ජන්ම නැකතේ කාක පක්ෂියා ගමන අවස්ථාවේදී සිටියදී මෛත්‍රිපාල නමේ භේරුඩ පක්ෂියා එදින, “ රජ අවස්ථාවේ“ සිට ඇත.
එසේ නම් මංජුල පීරිස් මහතාගේ ඔලමොට්ටල කතාව කවුරුන් උදෙසාද ???
ඕනම කෙරුමෙකුට අපි අභියෝග කරනවා අපිත් සමග ජ්‍යොතිෂ්‍යයෙන් සටන් කරන්නට...
මිනිසුන්ව ජ්‍යොතිෂ්‍යය මගින් දේශපාලන ගැතිකමට පෙළඹවූ යුගය අවසන් විය...
මංජුල පීරිස් මහතා දන්නා ජ්‍යොතිෂ්‍යයක් නොමැත. ඔහු දන්නේ කර්ණමුණ්ඩයො සහ සුමන ප්‍රේතයන්ගෙන් ඔත්තු බැලීමට පමණි.
පසුගිය කාලයේදි දිගටම ආණ්ඩුවට ගැතිකරමින් අමාත්‍යංශ කීපයක උපදේශක තනතුරුද හොබවා ඒ වරදාන වරප්‍රසාද දැන් නැති නිසා මෛත්‍රිපාල ජනාධිපතිතුමා අත්සන් කල වෙලාව වැරදී කියමින් රට අස්ථාවර කිරීමේ වෑයමක නියත වෙන බවක් පෙනී යයි.
“ දෙරණ නාලිකාවේදි පවසා ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා පරාජය වන බව තමන් ප්‍රකාශ කලා නම් එය මහින්ද රාජපක්ෂ මහතාට අවාසියක් සිදුවන බවත්, තමන්ට අල්පෙනෙති තුඩක හෝ උදව්වක් කල කෙනෙක්ට අවාසි කිරීමට අකමැති බවයි.
එසේ වුවද, දෙරණ නාලිකාවේ පසුගිය සදුදා දින පැමිණ කීවේ, මෛත්‍රිපාල මහතා අත්සන් කල වෙලාව වැරදි බවත් ඒ අනුව එය බොහෝ විපාක ගෙන දෙන වෙලාවක් බවත්ය.
එසේ නම් යම් පිරිසක් ගෙන යන රට අස්ථාවර කිරීමේ ක්‍රියාවලියකට වක්‍රාකාරව උදව් කරන බවක් අපිට දැනේ. “
භූතයන්, ප්‍රේතයන් ගෙනැවිත් මොනවා කිව්වද... ඒවා නොවි රටට යහපතක් වන බව අප අවධාරණය කරමු...
මෙතෙක් කල රැවටීම් වැනි දෑ දැන් අවසන් කල යුතු කාලය බව අප මතක් කර දෙමු.
ජනතාව මුලාවෙන් රැවටූ යුගය දැන් නිමවී ඇත.
Sunday, January 11, 2015
වත්මන් දේශපාලන භූමිකාව සහ ඒ ආශ්‍රිත බැඳි ජ්‍යොතිෂ්‍යය
අපගේ මුහුණු පොතේ ලබැඳි අප දයාබර පාඨකයන් කොපමණ පිරිසක් සිටිනවාදැයි අපවත් නොදනිමු. මේ සියලුම අයගනේ අතිබහුතරය අපගෙන් විමසා සිටියේ මැතිවරණය සම්බන්ධයෙන් අනාවැකි පල කරන ලෙසයි.
ඉරු සේවයේ අනිකුත් ජ්‍යොතීර්වේදි මහතුන්ද, එහි ජාත්‍යන්තර ජ්‍යොතිෂ්‍යය උපදේශක වන වසන්ත රාජකරුණා මහතාත්, කරුණු දක්වමින් කියා සිටියේ, ඉරු සේවයේ එකල පැවති රජයට හිතවත් සහ විරුද්ධ දෙකොට්ඨාශයටම අපගේ සේවය සමග බද්ධ වී ලෙංගතුව සිටි නිසා මේ සම්බන්ධව අනාවැකි ඵල නොකර සිටිම කාලෝචිත බවයි.
* නමුත් අපද ඔබ සියලු දෙනා මෙන්ම, යම්කිසි ප්‍රතිපත්තියකින් හෙබි දේශපාලන මතවාදයක් සිත්හි ඇති පුද්ගලයන්ය. නමුත් අපගේ දේශපාලන වුවමනාවන්, ජ්‍යොතිෂ්‍යය හරහා පුද්ගලයන්ගේ ඔළු වලට බලහත්කාරයෙන් හෝ යාප්පුවෙන් රිංග වීමට අපි උත්සහ නොගත්තෙමු. අද මාධ්‍යය සහ ලංකාවේ ප්‍රබලම මාධ්‍යයක් වන ෆේස්බුක් හරහා දක්නට ලැබෙන්නෙ ජ්‍යොතිෂ්‍යය ඉතාම බරපතල ආකාරයට හෑල්ලු වී ඇති බවයි. එයට ප්‍රධානම හේතුව විශේෂයෙන්ම බඩගෝස්තරවාදි ජ්‍යොතිෂ්‍යය වේදින්ය. ඔවුන් කවුද ඔබ හොදටම දන්නවාය.
සමහරු ජ්‍යොතිෂ්‍යය වෘත්තිය වෙනුවට පවතින රජයට ආවඩන්නන් වී සිටි අතර, තවත් සමහරු තනතුරු තාන්න මාන්න අරන් ආණ්ඩුවට ඔල්වරසන් දෙනව.
සමහරු වෙඩි තියාගන්නවලු... මම දැක්කා ෆේස්බුක් එකෙන් තුවක්කු රාශියක් පෙන්නලා තියෙනවා කැමති එකක් අරගෙන වෙඩි තියාගන්න කියල. මොවුන් එහෙම මැරෙන්නෙ නැහැ.
නමුත් මොවුන් අතින් මැරෙන්නේ.... අවංකව ජ්‍යොතිෂ්‍යය අනාවැකි පල කරන බුද්ධිමත් ජ්‍යොතිෂ්‍යය වේදින්ය. ඔවුන් අමාරුවේ වැටෙන්නේ ජ්‍යොතිෂ්‍යය විශ්වාස කරන පොදු ජනතාවය.
නමුත් අනාදිමත් කාලයක සිට, වරාමිහිර, පරාශර, ක්‍රිෂ්ණ මූර්ති, ජයමිණි වැනි පඬිවරුන් රැකගෙන ආ මෙම උතුම් ශාස්ත්‍රය කිසිම වැඩකට නැති නිර්ලජ්ජිත වන්දි භට්ටකම් කරන නිවට නියාලු ජ්‍යොතිෂ්‍යය වේදීන් යැයි කියාගන්නා මානසික රෝගින් නිසා බරපතල විදියට හෑල්ලු වි ඇත.
● අපත් දැනගෙන සිටියා, ජනවාරි 8න් පසු ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපතිතුමා පරාජය වන බව. මන්ද එතුමන්ගේ උපන් දිනය අනුව, චන්ද්‍රයා මේෂ රාශියේ සිටියදී අස්විද නැකතින් උප්පත්තිය ලැබූ අතර,
2014 නොවැ මස 2වෙනිදා වූ සෙනසුරු මාරුවෙන් එනම් සෙනසුරු වෘශ්චික රාශි ගතවීමෙන් එතුමාට බරපතල අපලයක් උදා වූවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුනේ ජනවාරි 8 නොව, නොවැ. 2වෙනිදාය.
එදා දින, එතුමාට චන්ද්‍ර - අෂ්ටම ඒරාෂ්ටක අපලය ලැබුවා.
අපල අතරින් ඉතාම ප්‍රබල අපලයක් වන මෙය ලැබුවොත් කෙනෙකුට ඉතාම දැවැන්ත ආකාරයට අපල කරනවා. තනතුරු - පදවි නැති වෙනවා.
* ඔබට මතක ඇති අප මීට සති 2-3ක සිට කන්‍යා ලග්නයට පල කරන සතියේ ලග්න පලාපලයෙදි මේ තත්වය තරමක් දුරට පලකිරිමට අප උනන්දු උනා.
● එසේම අභිනව ජනාධිපති අතිගරු මෛත්‍රිපාල සිරිසේන මහතා තුලා ලග්නයට සම්බන්ධව උප්පත්තිය ලබා, කන්‍යා චන්ද්‍ර රාශියෙන් උත්‍රපල් නැකතින් උපත ලැබූ කෙනෙක්.
එතුමන්ගේ කේන්දරයට අනුව නොවැ 2 එතුමාගේ වසර 7 හමාරක ජන්ම ඒරාෂ්ටක අපලය අවසන් වූවා. එතුමාගේම වචනයෙන් සදහන් කරන පරිදි නොවැ 2ට කලින් වසර 2 හමාරක කාලය තුල එතුමා දැඩි පීඩාවෙන් සහ දැඩි කම්පනයකින් සිටි බව පැහැදිලි විය.
සුදුසු තැන නොලැබීම, පක්ෂයට කල සේවයට නිසි ගෞරවය නොලැබීම ආදිය ඉන් ටිකක්.
* නොවැ 2 සෙනසුරු අපලය අවසන් වීමත් සමග එතුමා මුල් පුරවැසියා වීමේ අඩිතාලම වැටුනා. ජ්‍යොතිෂ්‍යයේ ආශ්චර්යය මෙයයි.
තවද කෝටියක් දෝෂ භංග වෙන ආකාරයට සිංහයේ රවි පිහිටා තිබෙන එතුමාගේ කේන්දර සටහන බලවත් කේන්දරයක්.
නමුත් පැවති රජයට මලු නැතුව කඩේ ගිය ප්‍රවීණ ජ්‍යොතීර්වේදී යැයි කියා ගන්නා පුද්ගලයන්ට මෙම ඥානය නොපෙනුනේ ඔවුන්ගේ ආණ්ඩු ගැති භාවය නිසාය.
මොවුන්ගේ ක්‍රියාවන් ජ්‍යොතිෂ්‍යයට මරු පහරකි.
එසේ නොමැති වන්නට,
“ පරිපාලන ක්ෂෙත්‍රයේ පහල නිලයක් වන ග්‍රාමසේවක ධූරයක රැකියාව කර, පක්ෂයක නායකයෙක්ව නොසිට අගමැති ලෙස පත් නොවී, ලංකා දේශපාලන ඉතිහාසයේ විධායක ජනාධිපති පුටුවේ වාඩි වුනු ඔහුට සැබැවින්ම ග්‍රහ බලයක් පිහිටා නොතිබෙන්ට ඇද්ද.....“
ඔබම කල්පනා කර බලන්න.
අප මේවා දන්නවා. නමුත් අපටත් තිබුනා එක එක මාධ්‍යය ඉස්සරහට ගොස් මේවා කතා කරන්ට. නමුත් ජ්‍යොතිෂ්‍යය වේදියාගේ කාර්ය භාරය අදටත් හෙටටත් මෙය නොවෙයි.
තමා කර අරින පුද්ගලයන්ට හරි වැරද්ද කියා දී ඔවුන්ට කුසල් සිත් උපදවා ඔවුන් ධාර්මික කිරීමයි. බඩ වඩා ගන්නාවූ ජ්‍යොතිෂ්‍යය වේදීන් මින්පසුවවවත් මේවා තේරුම් ගැනීමට ජන විඥානය පහල වේවායි ප්‍රාර්ථනා කරන අතර ජ්‍යොතිෂ්‍යය නැමති පුරසඳ සැමදාමත් ජන හදවත් වල බැබලේවා !
තෙරුවන් සරණයි !

Friday, December 12, 2014
බොහෝදෙනෙකුට ජෝතිෂ්‍යය යන්න ගැන නිවරදි වැටහීමක් නැත.
කොහෙන් හෝ කෑල්ලකින් අල්ලාගෙන කටයුතු කරන්නට, හොයා බලන්නට සිතති. තනිවම එය කරගන්නටද සිතති.
එය මේ දිනවල දේශපාලනයේ දැකිය හැක. ජෝතිර්වේදින් වන සමහරුද ජෝතිෂ්‍යය නොදන්න දේශපාලකයන්ගේ උවමනාවට දිනන අය ගැන අනාවැකි කියයි.
මෙතනද පෝස්ටු දැමීම ගැන දැන් ඇතිවන්නෙ වෙලාවකට කලකිරිමකි.
පොදු කරුණු බව සරල සිංහලෙන් යොදා තිබුනද එය තේරුම් ගැනීමට එක්කෝ නොහැකිය. නැත්නම් උවමනාවක් නැත.
7 වැන්නෙ සිටින ග්‍රහයා අනුව පොදුවේ කියන ලද කරුණු ගැන කමෙන්ට් සහ ඉන්බොක්සයට පැමිණි මසේජ වලින් එය පැහැදිලිය.
7 වැන්න ගැන පොදු කරුණු බව කීවද එය තේරුම් ගත් බවක් පෙනෙන්ට නැත.
7 වැන්නේ සුභ ග්‍රහයෙක් සිටියාට පමණක් ඵලක් නැත. 7 වැන්නාධිපති, 7 වැන්නට යෙදෙන දෘෂ්ඨීන්, ඇති යෝග මෙන්ම අදාල නැකැත්, සූක්ෂම කේන්දරය අනුව අංශක කලා විග්‍රහයකින් මිස විවාහය සහකරු ගැන නිවරදිවම කීමට නොහැකිය.
ඒ නිසා පොදු කරුණු යොදන්නේ වටහා ගැනීමේ පහසුව පිණිසය.
කණගාටුවට කරුණ නම් එය කියවා සිත් නරක් කරගෙන විවිධාකාර ප්‍රශ්න ඇසීමයි. පොදු කරුණු පිලිගත යුත්තේ පොදු කරුණු ලෙසය.
ගැටළුවක් තිබේ නම් කේන්දරය බලන ජෝතිර්වේදියා එය කියන අතර, එයට කල යුතු දෑද කියනු ඇත.
ඊට එහා ඒ ගැන වදවීම නොකල යුත්තකි.

Friday, October 31, 2014
__ කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ, සිදුවූ නායයෑම සම්බන්ධවයි __
මේ දිනවල වැඩියෙන්ම කතාබහට බඳුන් වී ඇති මෙම ශෝකාන්තය ගැන, ආයතනයක් වශයෙන්ද එම ජනතාවට අපගේ දැඩි සංවේගය පල කරන අතර, මෙවන් විපතක් ජාති ජාතිවත් නොවේවායි ප්‍රාර්ථනා කරමු !
එසේම, මේ සම්බන්ධ විස්තරය අලලා විවිධ මාධ්‍ය වලින් එක් එක් වර්ගයේ ජෝතිෂ්‍යයවේදීන් දැන් ඇවිත් විස්තර ප්‍රකාශ කරන්නට පටන්ගෙන ඇත. අප ජෝතිෂ්‍යය සේවයක් වශයෙන් මේ සම්බන්ධව කීමට සහ යම් විස්තරයක් ප්‍රකාශ කිරීමට තරම්වත් වේලාවක්ම නොතිබුනි. මන්ද පහුගිය මාස 1 හමාර 2ක ඇතුලත කාලය තුලදී පුද්ගලයින් වෙනුවෙන් කරදීම නිසා හෙම්බත්වී සිටියෙමු.
ලෝකායතන ජෝතීර්විද්‍යාව අනුව(රටක් ගැන, විශාල ජන සමාජයක් ගැන, භූමිය ගැන අදාල ජෝතිෂ්‍යය නිගමන), මෙම කාලය තරමක කලබගෑනි සහ යම් භෞතික විපර්යාස සිදුවන කාලයකි. මන්ද ශනි/සෙනසුරු ග්‍රහයා වසර 2 හමාරකට පසු තමාගේ උච්ච රාශිය වූ තුලාවෙන් වෘශ්චිකයට සංක්‍රමණය වීම හේතුවෙනි.
ශනි සමහරවිට තුලාවෙන් වෘශ්චිකයට යන්නේ තරහින්ද කියාත් සිතේ. උච්ච භවනය අතහැර, සතුරු භවනයකට යන ශනි, යන යකා කොරහත් බිඳගෙන යනවා යැයි කීමට අදාලව යම් දරුණු විපත් ඇති කරයි. එයද ප්‍රස්තුතයක් වශයෙන් බැලූ කල ශනිගේ අණසක පවතින අප්‍රිකාවේ කොටස් වලටත්, දකුණු ආසියාවේ ඉන්දියාව, ශ්‍රීලංකාව සහ පකිස්ථානයේ, මාලදිවයිනේ කොටසකටත්, බංග්ලා දේශයේ කොටසටකත් දැඩි වූ ව්‍යසන ඇති කරයි.
සෙනසුරුගේ මේ තත්වය ගැන සමහර අය කතා කරන්නේ, මේ ඊයේ පෙරේදා සිටය. එනම් කොස්ලන්දේ ශෝකාන්තය වූ දා සිටය. නමුත් ප්‍රෙක්ෂක ඔබට මතක ඇති, හුඩ් - හුඩ් සුළි කුණාටුව, නිලෝෆා සුළි කුණාටුව, එසේම චීනයේ පහල කොටස් වල ගංවතුර, බංග්ලා දේශයට තද වැසි සහ ජීවිත හානි එසේම අප්‍රිකාවේ කොටසකට ඉබෝලා වෛරසය පැතිරීම - මේ සියලුම දේවල් ශනිගේ ක්‍රියාදාමයන් ඔස්සේ සිදුවෙන බව පැහැදිලිය.
නමුත් කණගාටුවට කාරණාව අප පුද්ගලයන්ට මෙවැනි දේ සම්බන්ද පුද්ගලිකව කියාදී ඇත. ඔවුන්ගේ ජිවිතය සමග සෙනසුරු මාරුවට අදාලව සිදුවන විපත්ති සම්බන්ධව කියාදී ඇත. මොළයටම මේ සම්බන්ධව චින්තනය ඔබ්බවා ඇත. එය අපගෙන් සේවය ලබාගත් සියලුම දෙනා දනිති.
නමුත් මධ්‍යස්ථ වූ කෝණයකිනුත් බලන කල කරුමය උරුමයක් කරගත්විට කුමන ගැලවීමක්ද ?
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් සහ භූවිද්‍යා සහ පතල් කැණීම් කාර්යංශයෙන් 2005 වසරේදී සහ 2011 වසරේදී අවස්ථා 2ක 3කදී ඔවුන්ට ඉවත්වන මෙන් ඉල්ලීම් කර ඇත.
නමුත් එම ජනයා එම ස්ථානයට විකල්පව ලබාදුන් ඉඩම් වල පදිංචි වීත් නායගිය ස්ථානයේ ඉඩම් වලද පදිංචිව සිට ඇත.
හරියට හාමුදුරුනමකට විහාරස්ථාන 2ක් තිබෙනවා වගේය.
එසේම තවත් විශේෂ කාරණාවක් වන්නේ, නාය ගිය දිනට පෙරදින 28 වන දින පෙරවරුවේ සහ හවස් වරුවේ එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි තැන විසින් ඔවුන්ට අනතුරු ඇඟවූවත් ඔවුන් නොවෙයි ගියේ එතන අතහැරලා.
මේවා අප විසින් එම ප්‍රදේශ වල වගකීමක් සහිත ජනතාවගෙන් දැනගත්ත කාරණා. එසේ නම්, ඔවුන් දෙවරක්ම රජයෙන් අනතුරු අඟවද්දී ගියේ නැතුව එතනම සිටිය නිසා මේ විපත සිදු උනා. එදා ඔතනින් ඉවත් වෙලා තිබ්බ නම් කයිවාරු ගහන ජෝතිෂ්‍යය වේදීන්ගේ කටවහල් වැහෙනවා නේද ? එහෙනම් ඒක බොරු වෙනවනේ ?
මම තවත් ලස්සන කතාවක් කියන්නම්. ඔබලාට මතකනේ 2004 සුනාමි ව්‍යසනය. මහ මුහුද ගොඩ ගැලුවා. ඒකියන්නේ ගුරු/බ්‍රහස්පති සිංහ රාශියේ සිට කන්‍යාවට මාරු වුන අලුත. එතකොට සෙනසුරු හිටියෙත් කටකයේ. එතකොට මහ මුහුදේ යක්ෂයා හිටිය. ඕක අපිට ජෝතිෂ්‍යයෙදි යම්කිසි නිගමනයකට ගන්න පුලුවන්. ඒක එහෙම වෙලා ජිවිත මහ රාශියක් බිලි ගත්තා.
තමන්ගේ ජාති වර්ගයා රළ පහරට බිලිවෙලත් ඉතුරු වෙච්ච මිනිස්සු ආයෙත් ගිහිල්ලා පදිංචි වෙලා තියෙන්නෙ මුහුද අයිනෙමනේ.
එතකොට මේ අයට කියල හදන්න බෑ. සමහරවිට ඒ අපේ ජාතියේ හැටිද දන්නෙත් නෑ. එතකොට කරුමය මෙයාල උරුමයක් කරගෙන. කොස්ලන්ද ඛේදවාචකයත් ඒවගේ දෙයක් තමයි. ඒ අය ඔය තත්වයට මුහුණ දුන්නේ එයාලගෙම වරදින්.
ඉතින් මේ සම්බන්ධව දැඩි ශෝකයක් අපිට තියෙනව වගේම, හිතන්න යමකුත් ඉතිරි කරලයි මේ ඛේදවාචකයට ගොදුරු උන සියලුම දෙනාට දැඩි ශෝකය ප්‍රකාශ කරන අතරම ඔවුන්ට නිර්වාණ සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනව.

Friday, October 10, 2014
ඊයේ (ඔක් 5) මව්බිම පත්‍රයේ ඉන්දීය අගමැති මෝඩි විසින් කරන ලද නවරාත්‍රි පූජාව ගැන විවරණයේදි මෝඩි අගමැතිතුමාගේ කේන්දර සටහන ලෙස ඉදිරිපත් කර ඇත්තේ අප විසින් ඉදිරිපත් කල කේන්දර සටහනයි.
අගමැති මෝදිගේ කේන්දර සටහන ගැන නැවත කියවන්න...
https://www.facebook.com/photo.php?fbid=240171692844509&set
( ඉන්දියාවේ අපගේ සබදතා ඇති ජෝතිෂ්‍යය ගුරුතුමන්ලාද මෝදි මැතිතුමාගේ කේන්දරය ගැන අපගේ විස්තරයට බෙහෙවින් පැහැදින)
සොයාදුන් අපගේ සේවයේ අන්තර්ජාල සේවා සැපයුම් භාර Sukumal Harischandraට සහ ඔහුගේ මිතුරාට ස්තූති වන්ත වෙමු.

Monday, September 29, 2014
“ විශේෂයි “
අප විසින් සේවා ලබාදෙන්නෙ අප විසින් ප්‍රතිපත්තිමය ලෙසට ගන්නා ලැබූ තීරණ අනුවයි.
එය කිසිවෙකුට අවශ්‍ය විදියට වෙනස් වන්නෙ නැත.
සාමාන්‍ය කෙනෙකු තබා මැති ඇමතිවරයෙකුටවත්, වෙනත් ජනප්‍රිය පුද්ගලයෙකුටවත් අනුව වෙනස් කරන්නෙ නැත. කුමන ආකාරයේ බාධක ආවද ඒවාට මුහුණ දීමටත් ඊට අදාල පුද්ගල වශයෙනුත් හැකියාව, ශක්තියද අප සතුව ඇත.
රටේ ඉහලම තැන් වලට ඉතාම සමීප අය අප සේවය ලබාගෙන ඇත.
එවන් අනවශ්‍ය කාරණා පැවසූ කීපදෙනෙක් ගිනුමෙන් ඉවත් කර ඇති අතර, එසේ කිරීම කල යුතු නම් අප කරමු.
තමන්ට ඕනෑ හැටියට කරගන්නට වෙනත් මෙවන් සේවා සපයන අයගෙනු පුලුවන් වනු ඇත.
අප මෙතන කටයුතු කරන්නේ වෙනත් අය කරන අන්දමට නොව පොදුවේ ඕනෑම කෙනෙකුට යම් දැනුමක් සමග යම් දෙයක් දීමටය.
සේවා ලබාගත් අය සේවයේ තරම දනිති. කිසිදිනෙක දැක නැතිව, විශ්වාසයට සේවය ගෙන පැහැදුනු අය ඇති තරම් සිටිති.
අනවශ්‍ය ලෙස බලපෑම් ආදිය කිරීමට පැමිණි කීපදෙනෙකුට අදාල නීතිමය ක්‍රියාමාර්ග පෙර ගත් ලෙසම නැවත ගැනීමට අපට හැකියාවද ඇත.

Sunday, June 15, 2014
අපගේ අදහස් !
* අන්තර්ජාලයේ මුහුණු පොත් සංස්කෘතියේ නව මානයන් විවර කර දෙමින් තරුණ තරුණියන් සියදිවි නසා ගැනීමට මෙය තුන්ඩුවක්ව භාවිත කරන යුගයකදී මුහුණු පොත සැබෑවටම සියලුම ජනී ජනයා අතර, විශේෂයෙන් තරුණ පරපුර අතරට මාහැඟි ඔවදන් වලින්ද සාරගර්භ ජෝතිෂය සංයුතියකින්ද සන්නද්ධව වටිනා මිලකල නොහැකි සේවයක් කරුණු වස් දිවා රෑ 2දී Iru සේවය සහ අපගේ සහෝදර wwww.rivisanda.blogspot.com, Iru Astrology ආයතනය සහ හිතෙන දේවල් - Our Feelings , අනුබද්ධිත පේජයන් හා එක්ව දූෂිත වූ යම් මුහුණු පොතේ යම් යම් තැන් නිවරදි කිරීමට උත්සහ කරමින් සිටින්නෙමු.
අප මෙම කාර්යයන්ද කරන්නේ බොහොම අසීරු තත්ව වල ඉදගෙනය.
මන්ද දිනෙන් දින මුහුණු පොතට එකතු වන වංචාකාරි, ද්වේෂකාරි සහ සමාජ විරෝධි පුද්ගලයන්ගෙන් එල්ල වන අතිමහත් කටුක ප්‍රතිරෝධතා ඉවසාගෙන මේ ගමන යන්නෙමු.
සැබෑවටම අප ආයතනයන්ට අවශ්‍ය වන්නේ පන්සිල් සුරකින සමාජයක් හා ආගම දහමට නැඹුරු වන සමාජයක්ද රටට ජාතියට ආගමට සහ අපගේ සංස්කෘතියට හිතෛශී මතු පරපුරක් මුහුණු පොත් සංස්කෘතියෙන් හෝ ප්‍රතිනිර්මාණය කිරීමටය.
එය යථාර්ථයක් කරගැනිමට අපගේ සියලුම පාඨක ජනතාව වෙත ඉතාම ගෞරවාදරයෙන් යුක්තව ඇරයුම් කරන්නෙමු.
මන්ද අද දින මෙම ලිපිය පල කිරීමට ප්‍රධානම හේතුව වන්නේ බහුතර තැනක ජෝතිෂ්‍යය නමින් බොරු වංචා ඇති බැවිනි. එසේම ජෝතිෂ්‍යය පුවත්පත් වලද වැරදි සහගත ජෝතිෂ්‍යය කරුණු අඩංගු වේ. ලංකාවේ නමගිය ජෝතිෂය පුවත්පත් වල සමහර කරුණු කාරණා විග්‍රහ කිරීමේදි බොහොමයක් වැරදි බව තේරුම් යයි.
* මා එක්තරා වැරදි ජෝතිෂ්‍යය කරුණක් සම්බන්ධව එම පත්‍රයට ලියූ ජෝතිෂ්‍යවේදියාට ඇමතුමක් ගත් අතර එම පුවත්පතේ සඳහන් වූ දෙය නම් සඳු උච්ච වූ විට ‘සස යෝගය‘ යෙදෙන බවය. මා එය එම ජෝතිෂ්‍යවේදියාගෙන් ඇසූ විට එතුමා කීවේ අනේ මහත්තයා මම ඒක කිව්වෙ ‘යස යෝගය‘ කියල. නමුත් මෙයාල වැරදියට කරලා ප්‍රින්ටින් මිස්ටේක් එකක් නිසා සස කියල ඇවිල්ල කියල.
මා වැඩිදුර සාකච්ඡා කල විට ඔහු දුන් පිලිතුර මෙයයි,
“ අනේ මහත්තයා අපි ඒ තරම ප්‍රසිද්ධ අය නෙමෙයි. ඒත් අපි කේන්දර බලන්න දන්නවා. ඒත් ඔය පත්තරයේ සිටින කතෘවරුන් තැන ගන්න දෙන්නේ 2ක් 3ක්ට විතරයි. ආධුනික කෙනෙක් හෝ ප්‍රවීණ කෙනෙක් යම් ලිපියක් දැම්මොත් එයාල ඒක උවමනාවෙන්ම වරද්දනවා. මෙයාල මේක කරන්නේ අපිව පත්තරයෙන් කොන් කරල දාන්න. එයාලගේ ඒව හරියට ලියනව“.
මා සැබවින්ම බොහෝ කම්පා වුනෙමි.
තවත් ජෝතිෂශාස්ත්‍රඥයෙක්ට ජනමාධ්‍ය වලින්ම මෙසේ කෙනෙහිලිකම් කරන්නේ නම් අපගේ ජනතාවට කුමක් සිදුවේද ?
එය මට හැගුනු බොහෝ සංවේදි කාරණාවකි. එසේම අන්තර්ජාලයේ මුහුණු පොත තුලද නොයෙක් ආකාරයේ විශේෂයෙන්ම මෑතක සිට දේශීයව සහ ඉන්දියානු ව්‍යාජ සාමිලා ලංකාවේ අපගෙන් ලයික් හිඟා කෑමට පටන් අරගෙන ඇත.
ඔවුන්ට මුදල් ගෙවිය යුත්තේ ක්‍රෙඩිට් කාඩ් වලිනි.
විවිධ නම් වලින් පෙනී සිටින ඊනියා ජෝතිෂවේදින් කිසිම සංවරකමක් නැතිව කාන්තා පාර්ශව වලින් ආදරය ඉල්ලීමට ව්‍යංගයෙන් කටයුතු කරයි. ඒ සම්බන්ධයෙන් කල්පනා කරන විටද ඇතිවන්නේ මහත් සංවේගයකි.
මේ සමාජ දූෂණ රැල්ල නැති කිරීමට අප ගන්නා උත්සාහයට ඔබගේ ආශිර්වාදය ලබාදෙනුඇතැයි අපි අපගේ වටිනා පාඨකයන්ගෙන් බලාපොරොත්තු වෙමු.
තවද මේ සියල්ලම සඳහන් කිරීමේදී පුරාණ අතීතයේ කවි පද 4ක් මට සිතුනේ නිතැත්තෙනි.
“ බළලා නැති ගෙදර මීයා තනිමතයා ...
දිවියා නැති වනේ ගවයා හිතුමතයා...
සැමියා නැති ගෙදර අනෙකෙක් රතිමතයා...
ලූලා නැති වලට කනයා පණ්ඩිතයා....
_ කිසිවෙකුට යෙදූ ඇනුම් පදයක් නොවන බව විශේෂයෙන් සඳහන් කරමු_

Subscribe to:
Posts (Atom)