Tuesday, September 30, 2014

* ශිෂ්‍යත්වයෙන් ගොඩ එන්නේ කොහොමද ?

සාමාන්‍ය පෙල උසස් පෙල වැනි රජයේ විභාග හැරුණු කොට අද රටේ බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ 5 වසර ශිෂ්‍යත්වය ගැනයි.
බොහෝ කුඩා දරුවන්ගේ මව්වරු මේ විභාගයට බොහෝසෙයින් කැපවන නිසා මෙය “අම්මලාගේ විභාගය “ ලෙසද හැඳින්වේ.

හොඳ නරක, දෙපැත්තක් ඇති මෙම විභාගයේ හොඳ පැත්ත නම් දරුවා ඉහලින් සමත් වී දරුවාට අධ්‍යාපනය හොඳට කරගෙන යාමට ශිෂ්‍යාධාර සහ ජාතික පාසලක් ලැබීමයි !

නරක තත්වය නම්, දරුවාට ළමා කාලයේ ඇති සුන්දරත්වය විඳීමට හැකියාව නොලැබීමයි.
දරුවා මානසික පීඩනයකට ලක්වී කඩාවැටීමට පවා ලක්විය හැකි වීමයි.

දක්ෂ දරුවෙකු ලකුණකින් 2කින් අසමත් වී ඒ දරුවාට වන මානසික අගතියයි. මේ ආකාරයෙන් බැලූ කල බහුතරයක් හොඳ පැත්තට වඩා නරක පැත්ත වැඩි බව සාමාන්‍යයෙන් හිතාගත හැක.
මන්ද පසුගිය දින වලදී කුඩා දරු දැරියන්ගේ මානසිකත්වය බිඳ වැටෙන්නට ඇත.
මෙම තත්වය එම දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වලට අයහපත් අයුරට බලපෑ හැක.

මෙහිදී දෙමාපියන් හා වැඩිහිටියන් වශයෙන් ඔබලා බුද්ධිමත් විය යුතුය. ජයග්‍රහණ වලට බලපාන ග්‍රහයයෝග ගැන අප දැන් සලකා බලමු.

● යම්කිසි දරුවෙකුගේ ජන්ම පත්‍රයට අනුව,
බුධ ග්‍රහයා බලවත් වීම - අධ්‍යාපනික තත්වයෙන් ඉහලට යාමට හේතුවකි.

● එසේම මෙම බුධ ග්‍රහයා භද්‍රා යෝග බලය සහිතව එසේ නොමැති නම් බුධ ග්‍රහයා කේන්දරයේ 6, 8, 12 පීඩා නොවේ නම් එම දරුවාට අධ්‍යාපනික ජයග්‍රහණ ලබාගැනීමට පුලුවන.

* එසේම බුධ ග්‍රහයාගේ මහ දසාවන් එම කාලයෙදි එනම්, ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන කාලයේ ගත වේ නම් විශේෂ වාසියකි. එය හරියට ඡන්දයකින් දිනනවා වැනි වැඩකි.
* කෙතරම් දක්ෂ දරුවෙකුට උවත් එම දරුවාගේ උප්පත්ති ග්‍රහචාරය විභාග පවත්වන දින තිබෙන නැකත හා නොගැලපේ නම් කෙතරම් දක්ෂ දරුවෙකු වුවද අසමත් වීමට ඉඩ වැඩිය.

● රවි-බුධ යෝගය ගුරු-බුධ යෝගය, ගුරු - බුධ පරිවර්ථන යෝග, ආදිය දරුවන්ට විශේෂිත දක්ෂතා ඇති කරන යෝගයි.
එසේම මෑතකදී හඳහන පරික්ෂා කල දරුවෙක් මෙවර ශිෂ්‍යත්වයට ඉදිරිපත් වී තිබුනි. එම දරුවා සැබවින්ම දක්ෂ දරුවෙකි.
බොහෝ දෙනා මේ දරුවා ශිෂ්‍යත්ව විභාගය සමත් වේයැයි සිතා තිබුනත්, එම දරුවාට සමත්වීමට නොහැකි වීම උදා කලේ ඒ දරුවාගේ සිකුරු මහ දසාවයි.
ග්‍රහචාරයට අනුව, සිකුරුගේ මහ දසාවේ රාහු අතුරු දසාව ගත කරමින් තිබුනි. ( නියම කර තිබු, ශාන්ති කර්ම පැත්තෙන් බොහෝ දේවල් කර තිබුනේ නැත)

* තවත් බොහෝ කාරණාවක් ඇත, එනම් බොහෝ මව්වරුන්ට ඇති කැත පුරුද්දක් නම් තම දරුවාගේ දක්ෂතා විවෘත සමාජයේ පුරසාරම් බෑමයි. එයින්ද දැඩි අසීරුතාවයකට ලක්වන්නේ එම දරුවන්ය. එවිට එම දරුවන්ට විශේෂ අවධානය ඇතිව ඇස්වහ කටවහ දෝෂ එල්ල වේ.

* මෙම අපලකාරි තත්වය සමනය කරගතම යුතු තත්වයකි. එසේම මා තරයේ කීමට උත්සහ කරන්නේ මෙය සමත් වෙනවා කියන්නේ ලොතරැයියක් ඇදෙනවා වගේ වැඩක්ය. ඡන්දයකින් දිනනවා වැනිය. පවතින දිනයේ ග්‍රහචාරය, දරුවාගේ ග්‍රහචාරය මේ සියල්ලම ගැලපිය යුතුය.

බොහෝ දරුවන්ට අසමත්වීමට මේ හරහා සිදුවේ. අප දෙන අවවාදය නම් මෙවන් විභාග වලින් දක්ෂ දරුවන් අසමත්වූ විට එම දරුවන් මානසිකව වට්ටන්නේ නැතිව කේන්දරයට අනුව යම් යම් ශාන්ති කර්ම සහ උපදේශන මගින් දරුවා නැවත අධ්‍යාපන මාවතේ ජය ටැඹ කරා මෙහෙය විය යුතුය. එයට දරුවාගේ හඳහන නිවැරදිව ප්‍රවීණ ජෝතිර්වේදියෙක් ලවා පරික්ෂා කරගැනිම වටී.
සෑම විටම දරුවාගේ මානසිකත්වය ඉහලින් තැබීම හැම අතින්ම වටී !

තෙරුවන් සරණයි !

Monday, September 29, 2014

“ විශේෂයි “

අප විසින් සේවා ලබාදෙන්නෙ අප විසින් ප්‍රතිපත්තිමය ලෙසට ගන්නා ලැබූ තීරණ අනුවයි.
එය කිසිවෙකුට අවශ්‍ය විදියට වෙනස් වන්නෙ නැත.

සාමාන්‍ය කෙනෙකු තබා මැති ඇමතිවරයෙකුටවත්, වෙනත් ජනප්‍රිය පුද්ගලයෙකුටවත් අනුව වෙනස් කරන්නෙ නැත. කුමන ආකාරයේ බාධක ආවද ඒවාට මුහුණ දීමටත් ඊට අදාල පුද්ගල වශයෙනුත් හැකියාව, ශක්තියද අප සතුව ඇත.
රටේ ඉහලම තැන් වලට ඉතාම සමීප අය අප සේවය ලබාගෙන ඇත.

එවන් අනවශ්‍ය කාරණා පැවසූ කීපදෙනෙක් ගිනුමෙන් ඉවත් කර ඇති අතර, එසේ කිරීම කල යුතු නම් අප කරමු.
තමන්ට ඕනෑ හැටියට කරගන්නට වෙනත් මෙවන් සේවා සපයන අයගෙනු පුලුවන් වනු ඇත.

අප මෙතන කටයුතු කරන්නේ වෙනත් අය කරන අන්දමට නොව පොදුවේ ඕනෑම කෙනෙකුට යම් දැනුමක් සමග යම් දෙයක් දීමටය.

සේවා ලබාගත් අය සේවයේ තරම දනිති. කිසිදිනෙක දැක නැතිව, විශ්වාසයට සේවය ගෙන පැහැදුනු අය ඇති තරම් සිටිති.
අනවශ්‍ය ලෙස බලපෑම් ආදිය කිරීමට පැමිණි කීපදෙනෙකුට අදාල නීතිමය ක්‍රියාමාර්ග පෙර ගත් ලෙසම නැවත ගැනීමට අපට හැකියාවද ඇත.

+ සතියේ ලග්න පලාපලය (සැප්.29 සිට)

● මේෂ
ශුභාශුභ මිශ්‍ර පල සතියකි.
ආර්ථික තත්වය යහපත් කරගැනිමට ඔබ සතිය මුලදී දැඩි වෙහෙසක් දැරිය යුතුය.
එය කිරීමට ඔබට තරමක අපහසුතා මතුවීමට පුලුවන. කෙසේ වෙතත් සතිය මැද වන විට මේ තත්වය සමනය වනවා ඇත.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත කිරිමට හැක.
එසේම සැමියා, බිරිදට, දරුවන්ට අසනිප ඇතිවිමට පුලුවන. නමුත් ඒ තත්වය සතිය අගදි පවහ යනු ඇත.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු සහ ශල්‍යකර්ම වලට භාජනය වි ඇති අය පරිස්සම් වන්න.

● වෘෂභ
ශුභාශුභ මිශ්‍රපලයි.
ආර්ථික තත්වය එතරම් අයහපත් නොවන අතර, හවුල් ව්‍යාපාරික කටයුතු කරන අයට කිසියම් ආකාරයකට ගැටළු පැන නැගීමට ඉඩ ඇත, හවුල් පාර්ශව සමග. ඒ ගැන තේරුම් ගෙන ඉවසීමෙන් කටයුතු කිරිම නුවණට හුරුයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත කිරිමට වාසනාව ලැබේ. ඔවුනොවුන්ට තෑගිබෝග දීමට සහ විවාහ අපේක්ෂකයන්ට මංගල යෝග සඵල වීමටද කාලයයි.
සතිය අගදී කිසියම් ආකාරයකට පසුබැස්මක් ඇතිවිමට පුලුවන. නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න, ප්‍රබල රෝග නැතත් ලේ විෂවීම්, ආසාත්මිකතා ඇතිවිය හැක.

● මිථුන
ඔබට එතරම් ශුභදායකයැයි කීමට නොහැක.
තත්කාල ග්‍රහචාරයේ, සිකුරු ග්‍රහයා නීචව සිටින අතර රාහුට මැදිවි සිටි. මෙම නිසා ඔබට ආදායම් මාර්ග ඇහිරිමට ඉඩ ඇති අතර ලැබීමට නියමිත මුදල් නොලැබි යාමට ඉඩ ඇත. මේ කාලයෙදි වෙලද කටයුතු කරන අය පරිස්සමින් කරන්න.
ගෘහ ජිවිතය තුල ආර්ථික තත්වයේ අපහසුතා ආර්ථික කරදර ඇතිවේ. ණයතුරුස් විය හැක. එසේම තමන් මිලදි ගත් දේකට වාරි මුදල් ගෙවිමට නොහැකි විය හැක.
උදරාබාධ, සෙම් අමාරු ගැන පරිස්සම් වන්න.
නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.

● කටක
ශුභ සතියක් වන්නේ නැත.
නිතර දෙවේලේ ආර්ථික පාඩු ඇතිවන සතියකි. වෙලහෙලදාම් වලින් පාඩු විය හැක. රැවටිම් වලට හසුවිය හැක. ලාභ ලැබෙන්නේ නැත.
ගෘහ ජිවිතයද එතරම් සතුටින් ගත කිරිමට අවස්ථාව නොලැබේ. දුවා දරුවන්ට ලෙඩ රෝග හෝ වෙනත් කනස්සලු දේ නිසා කරදර ඇතිවේ. දරුවන් රැකබලාගෙන සිටිම මැනවි.
ස්වාමියා හෝ බිරිද සමග රණ්ඩු සරුවල් විමට නිතර සිත යෙදේ.
පපුවේ සෙම හා උදරාබාධ, හන්දිපත් වේදනා, ආදිය දකින්නට පුලුවන.

● සිංහ
ශුභදායක සතියකි.
දැවැන්ත වූ දුෂ්කරතා මධ්‍යයේ තමාගේ ආර්ථික තත්වය එක ලෙස ස්ථාවරව පවත්වාගෙන යයි.
එසේම තමාට බලවත් චිත්ත ශක්තිය නිසා ආර්ථිකය වැටෙන්නේ නැත.
ගෘහ ජිවිතයේ කේන්ති යාම නිසා ඇතිවන ගැටළු මිසක් වෙනයම් කරදරයක් නොමැත. වචනය ප්‍රවේසම් කරගන්න.
තම නිවසේ, එදිනෙදා කටයුතු වලදී මවට හා සහෝදරියන්ට දෝෂාරෝපණය කිරිමෙන් වැලකිය යුතුය. ඒ අතරම දන්පින් කටයුතු කිරීමටද සිත් පහල වේ.
සිකුරු නීච විම නිසා සෙම් රෝග, හිසේ කැක්කුම් හන්දිපත් අමාරු ආදියෙන් පරිස්සම් වන්න.

● කන්‍යා
සමඵල දායක සතියකි.
ලග්නයේ ඇති ප්‍රබල පාපි ග්‍රහ බලය මැඩගෙන යම් කිසි දෙයක් කරගැනිමට පුලුවන. ආදායම රැකගෙන, වියදම කලමනාකරණය කරගෙන යහපතක් කරගත හැක. තැන්පත් ධනය ආරක්ෂා කරගන්න.
ගෘහ ජිවිතය බාධක මැඩ යම්කිසි සතුටික්න ගත කිරිමට හැක. අනවශ්‍ය කලබලකාරි තත්වය මගහරවාගෙන කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නම්, මානසික ආතතිය, හිසේ කැක්කුම ආදි තත්වයන්ය.

● තුලා
මේ සතිය මධ්‍යස්ථ සතියකි.
ලග්නයට බලපාන පාපි ගතියක් චන්ද්‍රයාගේ ගමනේ හැටියටත් ඔබට යම් යම් වශයෙන් ආර්ථික තත්වයට යම් බලපෑමක් එල්ලවිමට පුලුවන.
ඒවා නිවරදිව කළමනාකරණය කිරිමට ඔබ සතු වගකීමයි.
ගෘහ ජිවිතය අඹුසැමියන් අතර වාද විවාද ඇතිවිමට ඉඩ ඇත. ඒවා කල්පනාවෙන් විසඳාගත යුතුය.
සෞඛ්‍ය ගැටළු නම්, හිසේ අමාරුව, නහරගත හන්දිපත් වේදනා ආදියයි.

● වෘශ්චික
සුබ සතියකි.
ලග්නයේ ඇති රුචක යෝග බලයෙන් ඔබට මේ සතියෙදි උත්සාහයෙන් උනන්දුවෙන් කරන කටයුතු වලින් ආදායම ලැබේ. දේපල වෙලදාම් සහ ව්‍යාපාරික අංශයේ අයට ගොඩ නැගිලි ද්‍රව්‍ය, ඉදිකිරිම් කටයුතු වල නියුතු අයට වාසි ඇතිවේ.
ගෘහ ජිවිතයේ සතුටු සමාදානය ඇති නමුත්, සමහරවිට කේන්තිය පාලනය කර නොගැනිමෙන් ආරවුල් ඇතිවිමට ඉඩ ඇත. බුද්ධිමත් වන්න. ප්‍රේම සබදතා ඇති අය ඒවා රැකගැනිමට මහන්සි විය යුතුය.
සෙම් අමාරු සහ හිසේ කැක්කුම් ප්‍රධානයි.

● ධනු
එතරම් සුබ නොමැත.
චන්ද්‍රයා නීචව වෘශ්චික රාශියේ ඇරඹෙන අපලයකින් ඇරඹෙන මේ සතියෙදි ආදායම් තත්ව පිරිහේ. තමන් ණය වේ. ණය තුරුස් ඇති අය ඒවා ගෙවා ගැනිමට බැරිව ලත වේ. වාහන ෆිනෑන්ස් ඇරියස් විමට ඉඩ ඇත.
ගෘහ ජිවිතයේ දෙදෙනා මනා අවබෝධයකින් කටයුතු කල යුතු වේ. එය වැදගත්ම කාරණාවකි.
සෞඛ්‍ය ගැටළු නම්, නහරගත ගැටගැසීම්, උළුක්කුවීම් සහ මෝටර් සයිකල්, වාහන භාවිත කරන අය ප්‍රවේසමින් පැදවිය යුතුය.

● මකර
මිශ්‍රපලදායකයි.
සතිය පුරාවටම ණයතුරුස් වලින් පෙලිමට ඉඩ ඇත. ඒ ගැන සැලකිල්ලෙන් කටයුතු කරන්න. ඉවසිමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සම්බන්ධව ගැටළු නැත. අඹු සැමියන් සමග ප්‍රිතියෙන් සිටිය හැක.
දරුවනගේ ජයග්‍රහණ ගැන ප්‍රීතිවිමට හැකිවේ.
සෞඛ්‍ය තත්වය, එතරම් අයහපත් නොවන අතර නිදන්ගත රෝග ඇති පරිස්සම් විය යුතුය.

● කුම්භ
මිශ්‍රපලයි !
සතිය මුලදි ආදායම් තත්වය අයහපත් වේ. නමුත් පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම තත්වය වෙනස් වේ. සතිය අගදී ණය තුරුස් වලින් නිදහස් වීමටද අලුත් ආදායම් ලැබිමටද නියමයි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වන අතර, සුළු සුළු අමනාපකම් ඇතිවිමට ඉඩ ඇත. මංගල කටයුතු වලට යම් ආකාරයකට බාධා වීමට පුලුවන. ඒ ගැන සැලකිලිමත් වන්න.
සෞඛ්‍ය තත්වය අනුව, යක්ෂ ප්‍රේත උපද්‍රව, ඇස්වහ කටවහ දෝෂ ආදිය ඇතිවිය හැක.

● මීන
යහපත් සතියකි.
ආදායම් තත්ව දියුණු කරගැනිමට සහ නව ආදායම් මාර්ග ඇති කරගැනිමට උත්සහයේ සහ උනන්දුවේ හැටියට පුලුවන. නමුත් සෙනසුරු මහ දසාව සහ බුධ මහ දසා යන අයට දැනට අපලයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. එසේම දරුවන්ගේ ජයග්‍රහණ ගැන සතුටුවිමට කාලයක් උදාවේ. ප්‍රබල බාධක නොමැත.
සෞඛ්‍ය ගැටළු නැත. නිදන් ගත රෝග ඇති අය පරිස්සම් වන්න.

Sunday, September 28, 2014

_ පොරොන්දම් පරික්ෂාව _


* 20 පොරොන්දම් වලට පමණක් සීමා නොවී, එහි ගැලපීම සියයට ප්‍රමාණයට සීමා නොවී (%) ඉන් ඔබ්බට ගිය, 
කේන්දර 2 සම්බන්ධව වඩාත් ගැඹුරු ආකාරයෙන් දැක්මකින් අතිසුවිශේෂි පරික්ෂාවකින් අනතුරුව ගැලපෙනවාද නැද්ද යන වග ප්‍රකාශ කර, 

“මානුෂීය කාරණා සම්බන්ධව “ වඩාත් අවධානය යොමු කර එම තත්වයන් වඩාත් නිවරදිව ඉටු කිරීමට උපදෙස් දීමට අපගේ සේවය ඉදිරිපත් වී සිටී.


අප සිතන ආකාරයට මෙවන් විශේෂඥ පොරොන්දම් පරික්ෂාවක් දිවයිනේ කිසිම තැනකින් කරගත නොහැක. කේන්දර 10ක් බැලුවොත් 10 විදියකට කියන ජෝතිෂ්‍යය වේදින් අද හතු පිපෙන්නාක් මෙන් බිහිවි ඇත. 

සමහර අය මාධ්‍ය ඉදිරියට විත් රටේ නැති නළුවන් මෙන් ජෝතිෂ්‍ය ගැන කියයි. නමුත් ඒවායේ අගක් මුලක් නැත. ඔබේ අවධානය යොමු කරන්න.

එවන් විශේෂඥ පොරොන්දම් පරික්ෂාවක් අප සේවය සතුය.




භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
077 2238041

Friday, September 26, 2014

මෙත් බෝසත් මහ දෙවියන් !

දෙව් ලොව වැඩ සිටිමින් සම්බුද්ධ ශාසනය රකින මෙත් බෝසත් මහ දෙවිඳු


කේන්දරය අනුව, “ ධන යෝග “

* ලග්නය කුමක් වුවත්, ලග්නය අධිපති ග්‍රහයා ශුභ ස්ථානයක සිටිය යුතුයි.
ලග්නාධිපතියා 1 වැන්නේ, 9 වැන්නේ හෝ 10 වැන්නේ බලවත් වීම වැදගත් වේ.
එසේ නැතිනම් ලග්නාධිපතියා 2 වැන්නේ බලවත් වීමද ආර්ථික පැත්ත ඉහලට ගැනීමට ප්‍රධාන හේතුවකි.

* ධනය සම්බන්ධව ජෝතිෂ්‍යෙයදි මූලිකම වෙන ස්ථාන වන්නේ,
1, 2, 5, 9, 10, 11 වැන්න.

ලග්නාධිපතියා 10 වැන්නේ බලවත් උනොත් ඒ අය උසස් පෙලේ රැකියා කරනවා(විධායක ශ්‍රේණියේ රැකියා, ඉහල වැටුප් ඇති රැකියා).
උදා, ලග්නාධිපතියා ශුභ ග්‍රහයෙකු වී රාහුගේ දෘෂ්ඨි ලැබුවොත්, අධි සංවර්ධිත රටක ඉහල වැටුප් ඇති රැකියාවක් කල හැක.

* ලග්නාධිපතියා 2 වැන්නේ නම්,
ඒ පුද්ගලයා කුඩා කාලයේ සිටම මුදල් හම්බ කරන්න හරි දක්ෂයි.

* ලග්නාධිපතියා 4 වැන්නේ බලවත් වීමත් වටිනවා.
4 වැන්නට දිග් බල සඳු-සිකුරු ග්‍රහයන් 4 වැන්නේ බලවත් නම් ඒ අය දියුණු වෙන්නේ ප්‍රවේණියෙන්/උරුමහරුමකම් වලින්.
(සමහර වෙලාවට අපි දකිනවා පුද්ගලයන් ඉන්නවා විශේෂ දක්ෂතාවයක් හැකියාවක් නෑ, නමුත් එයාලට පරම්පරාවෙන් දේවල් ලැබෙනවා)

* යම් කෙනෙකුගේ කේන්දර සටහනේ රාහු 5 වැන්නේ නම්,
එම කෙනෙක්ට හදිසි ධනලාභ වාසනා තිබෙනවා. බොහෝදුරට මෙහෙම අයට ලොතරැයි වාසනා ඇදෙන්නට ඉඩ තියෙනවා. ඒ වාසනාව දීලා තියෙන්නෙ රාහු.

* රාහුට ශුභ දෘෂ්ඨි වැටීම වැදගත් වන්නේ ඒකයි.

* කේතු ග්‍රහයා 5 වැන්නේ නම් රාහු ස්වයංක්‍රීයව 11 වැන්නේය.
එතකොට කේතු 5 වැන්නේ අය හොඳට ඉගෙන ගන්නවා.

* ඊලග දේ තමයි 5 වැන්නේ ගුරු-කේතු බලවත් නම් පැහැදිලි හොඳ අධ්‍යාපනයක් ලබනවා. තරඟ විභාග වලින් දිනලා ඉහලට ගිහින් සුපිරි ගණයේ රැකියාවක් ලැබෙනවා.

* ඒවගේම යමෙකුගේ 7 වැන්නේ බලවත් බවද වැදගත්ය.
ලග්නාධිපතියා ශුභයෙක් වී (සිකුරු, ගුරු, බුධ, පුරසඳු), 7 වැන්න අධිපතියාට ශුභ දෘෂ්ඨි හෙලයි නම්, ශුභ තැනක සිටී නම් එවන් අය දියුණු වන්නේ විවාහයෙන් පසුය.
එනම් දෑවෑද්ද මගින් හෝ සහකරු/සහකාරියගේ වාසනාවන්ත ආකර්ෂණ කිරණ නිසා.

* 9 වැන්න බලවත් නම්, පෙර පිං බලය තියෙනවා. ඒ අයට ධනය ලැබෙන්නේ, වැඩිහිටියෙක්ගෙ යම්කිසි උරුමහරුමකින්.

* 11 වැන්න බලවත් වෙනව කියන්නෙ, ශුභ ග්‍රහයන් ඉන්නවා කියන්නෙ කොච්චර සල්ලි නාස්ති කරත්, උල්පත වගේ සල්ලි එනව.

* 8 වැන්න වැඩිපුර කතා කරන්න අකමැති තැනක්නෙ.
8 වැන්නෙත් ධන යෝග යෙදෙනවා.
එනම් උරුමහරුමකම් ගැන කීමයි.
ලග්නාධිපතියා ශුභ දෘෂ්ඨි එක්ක බලවත්ව සිටියදී, 8 වැන්න අධිපතියා ශුභ දෘෂ්ඨි සමග 8 වැන්නේම තැන්පත් නම්,
ඒ පුද්ගලයාට හදිසියේ ලැබෙන මහා ධනස්කන්ධ ලැබෙන්න ඉඩ තිබෙනවා.

‪#‎ඉරුසේවය‬ - පොදු කරුණු

Iru Astrology


භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).

නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

Thursday, September 25, 2014

“ වාසනාවන්ත දියණියකගේ හඳහන “

2002 වසරේ දෙසැම්බර් මාසයේ බුධ දිනක කැනේඩියානු දේශයේ ඔටාවා නගරයෙදි ශ්‍රී ලාංකික දෙමාපියන් යුවලකට බිහිවුනු වාසනාවන්ත දරුවෙකුගේ හඳහනයි මේ.

ප්‍රථමයෙන් අප කිව යුතු කාරණාවක් නම්, මෙම දියණියගේ මව සහ පියා බොහෝමත්ම ආගම දහමට සමීපව කටයුතු කරන නිහතමානි ගතිගුණ වලින් හෙබී ගුණ යහපත් දෙමාපියන්වීම අපට සතුටක්ය.
එවැනි දෙමාපියන්ට ලැබෙන්නේද මෙවන් වාසනාවන්ත දරුවන්ය.

මෙම කේන්දරය ගැන විමසා බැලීමේදී ලග්න 12න් ප්‍රබලම ලග්නයක් වන කටක ලග්නයෙන් උප්පත්තිය ලබා ඇත.
එසේම ග්‍රහ - බලද ඊට සමානුරූපිව පිහිටා ඇත.
මෙම කේන්දරය දෙස බලන්න.

● කටක ලග්නයේ ලග්නභාවයෙ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා උච්චව සිටී.
● එසේම ලග්නාධිපති සඳු/චන්ද්‍රයා 2 වැන්න වන සිංහ රාශියේ බලවත්ව සිටී.
● ලග්නයට යෝගකාරක අඟහරු/කුජ 4 වැන්නේ බලවත්ව ස්වක්ෂෙත්‍ර බලයෙන් සිටින සිකුරු සමග සංයෝගව සිටී.
● කේතු ග්‍රහයා උච්චව 5 වැන්නේ සිටී.
● උපචය ස්ථානයක් වූ 6 වැන්න වූ ධනු රාශියේ රවි ග්‍රහයා බලවත්ව පිහිටා ඇත.
● 7 වැන්න වන විවාහ ස්ථානයේ බුධ ග්‍රහයා බලවත්ව පිහිටා ඇත.
● රාහු ග්‍රහයා 11 වැන්නේ කෝටියක් දෝෂ භංග කරමින් උච්ච බලයෙන් පිහිටා සිටි.
● 12 වන භාවයේ සෙනසුරු/ශනි ග්‍රහයා ඇත.

●● මෙම දරුවාට පංච පුරුෂ යෝග වලින් 1ක් වන ගුරු හංස යෝගය උප්පත්තියෙන්ම ලැබී ඇත.
මෙම යෝගයෙන් උපදින අය බොහෝ සෙයින් ඇසූ පිරූ තැන් ඇති, ආගම දහමට නැඹුරු, ආධ්‍යාත්මික බලයක් ඇති, අනුකම්පා සහගත, ලෝකෝපකාර චෛතසිකයන් ඇති අය වෙති.
මෙවැනි හඳහන් ඇති අය උපදින්නේ කලාතුරකිනි.

එසේම දරුවා ඉන්න සිටින ස්ථානයට වාසනාව, ශ්‍රියා කාන්තාව, පැමිණෙන්නේ නිරායාසයෙනි.

● සිකුරු/ශුක්‍ර ග්‍රහයා බලවත්ව මාලවී නම් පංච මහා පුරුෂ යෝග බලයෙන්ද දිශානුගත බලයෙන්ද යුතුය.
යාන-වාහන, පදවි තානාන්තර මෙන්ම යම් යම් දේ ලැබීමේ ලාභීත්වයද මෙම දරුවාගේ හඳහනෙන් පෙන්වයි.
මෙම දරුවා අනාගතයේ අධ්‍යාපනික මට්ටමෙන් ඉතා ඉහල මට්ටමට යන කෙනෙකි.

* කේතු ග්‍රහයාගේ බලවත් වීම දරුවා විශිෂ්ඨ බුද්ධියකට හිමිකම් කියනු ඇත.

● එසේම බුධ ග්‍රහයා ගුරුගේ දෘෂ්ඨියට ලක්වීම වාග් චාතුර්යය ඇති, එසේම බොහෝ නුවණ ඇති, ප්‍රඥාවන්තයෙක් මෙන් ක්‍රියා කිරීමට වාසනාව ලැබේ. බොහෝ අයට අවවාද අනුශාසනා දීමේ වාසනාව දරුවාට ලැබී ඇත්තේ සහජයෙනි.

එසේම මෙම දරුවාගේ දෙමාපියන්ගේ එනම් මවගේ පාර්ශවයෙන්ද, පියාගේ පාර්ශවයෙන්ද දරුවන් කී දෙනෙකු සිටිනවාදැයි අප නොදනිමු.
නමුත් මෙම දරුවා එම පවුල් පදනම තුල හතර වරිගයට නායක වන යෝගයක් ඇත.
එසේම දරුවා තැලෙන පෑගෙන සියලුම දෙනා වෙනුවෙන් දරුවා අනාගතයෙදි ඔවුන්ගේ සුභ සාධනය වෙනුවෙන් වැඩ කරනු ඇත.

● දරුවාට දැනට ගත වන්නේ චන්ද්‍රයාගේ මහ දසාවයි.
එසේම පිලිවෙලින් අඟහරු/කුජ සහ රාහු මහ දසා ගතවීමෙදි මේ දරුවා තමාගෙ හැකියාවන් තුලින් ඉතාම බලවත් සහ ප්‍රසිද්ධියට පත්වේ.

* අනාගතයෙදි තානාපති ධූර, මහා වගකීම් ඇති රැකියා මේ දරුවාට හෙබවීමට වාසානාව ඇත.
* මෙම දරුවාගේ සියලුම කරුණු කාරණා වාසනාවන්තම ආකාරයට ජිවිතයේ ඉෂ්ඨ සිද්ධ වේ.
එයට මේ දරුවා සංසාරිකව පෙරුම්පුරාගෙන මෙන් ඉපිද ඇති බවක් අපට පෙනේ.
දරුවාට මෙම වාසනාවන්ත ආකාරයට උප්පත්තිය ලැබීමට මෙම දරුවාගේ මව සහ පියා විශේෂයෙන්ම වාසනාවන්ත වී ඇත - මෙවන් දරුවෙක්ගේ ලාභීත්වයට.
මෙවන් දරුවන් උපදින පවුල් ක්‍රමානුකූලව ඉදිරියට පැමිණේ.

දැනටද යුරෝපීය රටක ජිවත් වුවද මේ දියණිය ආගම දහමට ලැදිව කටයුතු කරන දරුවෙකි, කේන්දරය අනුව ඔබටද තේරුම් ගත හැක.
යම් කෙනෙකුගේ අනාගත ඉරණම තීන්දු කරන ප්‍රබලම සාධකය හඳහන නම්, ඔබගේ හඳහනේද මෙවන් යෝග ඇත්දැයි විමසා බලන්න.
එසේම මෙවන් යෝග බල තුලින්, ඔබගේ වාසනාව ගැන විමසා බලන්න.
මේ පින්වත් දියණියගේ අනාගත සියලුම කරුණු කාරණාවන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !
‪#‎ඉරුසේවය‬

Wednesday, September 24, 2014

* ඔබ අත්සන් කරන්නෙ කොයි විදියටද ?

අත්සන් කිරීම යනු, ලේසි පටු කාර්යයක් නොවේ. මෙය පුද්ගලයෙකුගේ ජිවිතයේ තීරණාත්මක අවස්ථාවන් වලදී යොදාගන්නා වූත්, වැදගත්වූත් දෙයකි. පුද්ගලයාගේ අනන්‍යතාවය අත්සන තුලින් ගම්‍ය වේ.
මෙය අප අවස්ථාමය වශයෙන් බැලුවොත්,

විවාහය, අයදුම් පත්‍ර අත්සන් කිරීම, බැංකු වල අත්සන් කිරීම, මූල්‍ය කටයුතු වලට අත්සන් කිරිම, ගිවිසුම් වලට අත්සන් කිරිම ආදියට බලපායි.

පෞද්ගලික ජිවිතයෙදි මෙන්ම රාජකාරි ජිවිතයෙදිත් මෙය එක ආකාරයට වැදගත්ය.
රටක ජනාධිපතිවරු 2ක් යැයි සිතමු.
ඔවුන් දෙදෙනාගේ අත්සන කෝටි ගණනකගේ ජිවිත වලට බලපෑම් කිරීමට හේතුවේ.
එසෙ නම් අප කවුරුත් දන්නා අත්සන යෙදිය යුත්තේ කෙසේද ?

*** ඔබ දන්නවාද ... මෙහිද රහසක් ඇත...
එම රහස සම්බන්ධව මා ඔබට පවසන්නම්.

* නිවරදි ශාස්ත්‍රානුකූල අත්සනක් යෙදීමට පුරුදු වුවහොත් එය ඔබගේ දියුණුවට හේතු වනවා ඇත.
නිවරදිව වාසනාවන්ත ජිවිතයක් ගත කිරීමට අත්සන යෙදිය යුතු ආකාරය, මා පෙන්වන්නම් එකින් එක.
එසේම ජිවිතයේ පහත වැටෙන්නෝ, ජිවිතය අසාර්ථ කරගන්නෝ, ව්‍යාපාර වස්තු බංකොලොත් කරගන්නෝ යන අයගේ අත්සන් කෙසේද යන්නත් මා ඔබට පෙන්වන්නම්.
පහත ඡායාරූප දෙස බලන්න.

1) අංකය 1
අත්සන යටින් ආරම්භ වී ඉහලට ගෙනගොස් යටින් ගහන ඉරත්, ඉහලින්ම නවත්වා තිත් 2ක් හෝ 3ක් තැබීම ශුභයි !
එසේම එයින් ජනප්‍රිය වේ. ධන ධාන්‍ය තත්වය, සමාජ තත්වය උසස්වේ.

2) අංකය 2
එසේම කෙටි අත්සන් යොදා හෝ දික් අත්සන් යොදා, එම ඉහලට ගත් ඉර නැවත පහලට ඇදීමෙන් අයහපත ඇතිවේ.
* ඔබගේ අත්සන් යොදන ආකාරය ගැන ඔබම කල්පනා කරන්න.

* එසේම වර්තමාන මුදල් නෝට්ටු වල අප රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කර ඇති ආකාරය බලන්න.
* එතුමන්ගේ දිවිය ක්‍රමානුකූලව ඉහලට ගෙන ඒමට එතුමන්ගේ සුපුරුදු අත්සන එතුමන්ට ආශිර්වාදයක් වී ඇත.
* එසේම ජනප්‍රිය ක්‍රීඩකයන්ගේ, ජනප්‍රිය නළු - නිළියන්ගේ, ව්‍යාපාරිකයන්ගේ අත්සන් දෙස ඔබගේ අවධානය යොමු කරන්න.
* මාගේ ප්‍රියතම අත්සන ඇත්තේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත්, සනත් ජයසූරිය මහතාටත්ය.
එතුමන්ලාගේ අත්සන් එතුමන්ලාගේ පෞරුෂය හැකියාව දක්ෂකම, ජන බලය පෙන්වයි !

තෙරුවන් සරණයි !

Iru Astrology = ‪#‎ඉරුසේවය‬

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

සොෆ්ට්වෙයා එකෙන් පලාපල නොකියමු !

අප විසින් කේන්දර සටහන් පරික්ෂාවේදී සොෆ්ට්වෙයා ආශ්‍රිතව පලාපලය දෙන බවට යම් පිරිසක් සිතන බව දැනේ.
ඒ ගැන දැනුවත් කල මහතාට ස්තූති කරමින් මේ ගැන සටහනක් තබමු.

මේ ගැන කීපවතාවක් අප විසින් පවසා ඇත.
විශේෂයෙන් කිව යුත්තේ, මෘදුකාංගයක් එනම්, සොෆ්ට් වෙයා එකක් යනු ගණනය කිරීමට සෑදුවක් යන්නය.
එනම් කැල්කියුලේටරයක් වැනිය.

අදාල දත්ත වලට අනුව ප්‍රතිඵල ලබාදේ. එනම් න්‍යායට අනුව තර්කනය කිරීමකි.

නමුත් ජිවිතයේ තර්ක හැකියාව මද පදනම් වූ න්‍යාය පමණක් නොව ප්‍රායෝගිකත්වයද අතිශයින් අවශ්‍යය.
2ම නැතිව නිසි ප්‍රතිඵල නොලැබිමට ඉඩ ඇත.

එනම් පලාපලය කීමට අත්දැකිම් ඇති ජෝතිර්වේදිතුමෙක් අවශ්‍ය වන්නේ එබැවිනි. පුරාණ පොත් පත් වල කුමක් තිබුනද එය තමාගේ ජිවිත අත්දැකීම් වලින් කේන්දර සටහන් පරික්ෂාවෙන් තහවුරු කරගැනීම ජෝතිර්වේදියෙකු සතු යුතුකමකි.

* අප පොදුවේ කේන්දර සටහන භාව කේන්දරයට මෙන්ම සූක්ෂම කේන්දරයට අදාලව සාදන අතර, 2 වතාවක් අතින් සහ මෘදුකාංග 2කින් සාදා සාර්ථකම ප්‍රතිඵලය ලබාගනු ලැබේ.
අපගේ සේවයේ ජෝතිර්වේදිතුමන්ලාට කේන්දර දුටු සැණින් ඒවායේ වරදක් තිබුනොත් පැවසිය හැකි නිසා කේන්දරයක වරදක් වීමේ සම්භාවිතාවය බොහෝ අඩුය.

බුදු සරණයි !

Tuesday, September 23, 2014

අප මෘදුකාංග මගින් පලාපල කියන්නෙ නැත

අප විසින් කේන්දර සටහන් පරික්ෂාවේදී සොෆ්ට්වෙයා ආශ්‍රිතව පලාපලය දෙන බවට යම් පිරිසක් සිතන බව දැනේ.
ඒ ගැන දැනුවත් කල මහතාට ස්තූති කරමින් මේ ගැන සටහනක් තබමු.

මේ ගැන කීපවතාවක් අප විසින් පවසා ඇත.
විශේෂයෙන් කිව යුත්තේ, මෘදුකාංගයක් එනම්, සොෆ්ට් වෙයා එකක් යනු ගණනය කිරීමට සෑදුවක් යන්නය.
එනම් කැල්කියුලේටරයක් වැනිය.

අදාල දත්ත වලට අනුව ප්‍රතිඵල ලබාදේ. එනම් න්‍යායට අනුව තර්කනය කිරීමකි.

නමුත් ජිවිතයේ තර්ක හැකියාව මද පදනම් වූ න්‍යාය පමණක් නොව ප්‍රායෝගිකත්වයද අතිශයින් අවශ්‍යය.
2ම නැතිව නිසි ප්‍රතිඵල නොලැබිමට ඉඩ ඇත.

එනම් පලාපලය කීමට අත්දැකිම් ඇති ජෝතිර්වේදිතුමෙක් අවශ්‍ය වන්නේ එබැවිනි. පුරාණ පොත් පත් වල කුමක් තිබුනද එය තමාගේ ජිවිත අත්දැකීම් වලින් කේන්දර සටහන් පරික්ෂාවෙන් තහවුරු කරගැනීම ජෝතිර්වේදියෙකු සතු යුතුකමකි.

* අප පොදුවේ කේන්දර සටහන භාව කේන්දරයට මෙන්ම සූක්ෂම කේන්දරයට අදාලව සාදන අතර, 2 වතාවක් අතින් සහ මෘදුකාංග 2කින් සාදා සාර්ථකම ප්‍රතිඵලය ලබාගනු ලැබේ.
අපගේ සේවයේ ජෝතිර්වේදිතුමන්ලාට කේන්දර දුටු සැණින් ඒවායේ වරදක් තිබුනොත් පැවසිය හැකි නිසා කේන්දරයක වරදක් වීමේ සම්භාවිතාවය බොහෝ අඩුය.

බුදු සරණයි !

ධනය ලැබීම, ධන- ධාන්‍ය තත්වය

 ඉරු සේවයේ ජාත්‍යන්තර ජෝතිෂ්‍ය කටයුතු පිළිබද උපදේශක වසන්ත රාජකරුණා මහතා විස්තර කරයි !




ධනය මූලික වශයෙන් කොටස් 2කි....
1. නිශ්චල, චංචල ධනය
2. මූල්‍ය ශක්තිය

ධනය ලැබෙන්න මූලික වන කරුණු මොනවාද ?

Monday, September 22, 2014

“ විජයරාජිණි හස්ත බන්ධකය “



අපගේ අධිබලගතු සර්ව කාර්ය සිද්ධ ධනසාධණීය ආකර්ෂණ යන්ත්‍රය (
https://www.facebook.com/photo.php?fbid=221683094693369&set), අධි බලගතු “සිද්ධි සාධක යන්ත්‍රය“ ට පසුව මහා රාවණා පරම්පරාවේ ගුරු මුෂ්ටි සහිතව සාදනු ලබන සුවිශේෂි යන්ත්‍රයකි. 

මෙම යන්ත්‍රය, අතිසුවිශේෂි වරම් සහිතව බලගතු පුද පූජා පවත්වා දින 21ක් එක දිගට ජීවම් කොට, බලගන්වන ලද තෙල් අඩංගු කුඩා ප්‍රමාණයේ යන්ත්‍ර රත්නයකි.

● මෙම යන්ත්‍රය තවත් රන්සුරයකට දමා අතේ පැළදීමෙන්,
" ශ්‍රියාව, දේව ආකර්ෂණය, පෞද්ගලික ජීවිතයේ ආරක්ෂාව මෙන්ම, දස දෙස බලපාන කීර්ති නාමය" ඇතිවේ.
දෙවියන්ගේ ආශිර්වාදය සහ ආකර්ෂණය ප්‍රධාන වේ. 

● ව්‍යාපාරිකයන්ට මෙන්ම මුදල් ආර්ථික තත්වය දියුණු කරගැනීමට බලාපොරොත්තු වන සෑම සියලු දෙනාටම මෙම යන්ත්‍රය ඉතාම වටිනා යන්ත්‍ර රත්නයකි.

● විශේෂම දෙයක් නම්, මෙම යන්ත්‍රය තවත් යන්ත්‍රයක හිර කර, අතේ බාහුවේ උඩ කොටසේ හෝ පිරිත් නූල් ගැට ගසන කොටසේ පිරිත් නූලක පැළදීම මැනවි.
නමුත් ඉණේ පැළදිය නොහැක.

● *● කිලි කුණු නැත.
නමුත් ගවමස්, සූකර මස් වැළදීමෙන් ඉවත්වීම හොඳයි.

* මෙය ලබාදෙන්නේ රත්තරන් සුරයක පමණි. 

● *● කල් ඉකුත් වීමක්ද මෙම යන්ත්‍රයට නැත.

මෙම යන්ත්‍රය අපගේ ධන සාධනීය සර්ව කාර්ය සිද්ධි යන්ත්‍රය මෙන් නොව ඕනෑම වෘත්තියක් කරන අයෙකුට අප සේවය මගින් දෙනු ලැබේ.

* නමුත් ප්‍රතිපත්තියක් වශයෙන් මස් මාංශ අලෙවිසැල් හිමියන්(ෆාම් ෂොප්), මත්වතුර තැබෑරුම් හල් හිමියන්(බාර්), එහි සේවකයන්, යම් සැක සහිත වෘත්තින් කරන අයට මෙම යන්ත්‍රය ලබාදීම නොකරනු ඇත.

මෙම යන්ත්‍රයත් කේන්දර සටහන සම්පූර්ණ පරික්ෂාවක් පමණක් කර ලබාදීමට අපගේ සේවය කටයුතු කරනු ඇත.

සතියේ ලග්න පලාපලය (සැප්. 22 සිට)

● මේෂ
මේ සතිය වාසනාවන්තයි.
සිතුම් පැතුම් ඉටුවන ආර්ථික තත්වය යහපත් වන සතියකි.
පසුගිය සතියේ මෙන්ම ධනධාන්‍ය තත්වයට බාධාවක් වන්නෙ නැත. සතිය අගදී යම් යම් අවහිරතා ධනය පැත්තෙන් ඇති වුවත් ඒවා පාලනයට ඔබට හැකියාව ලැබේ. වැඩිය කලබල විය යුතු නැත.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත වේ. නිවසට අලුත්දේද මිලදී ගැනීමට පුලුවන්. දරුවන්ගේ ජයග්‍රහණ ගැන සතුටුවීමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය, උදරාබාධ ඇතිවිමට හේතුයි.

● වෘෂභ
ඉතාම ශුභයි.
ආර්ථිකය යහපත් වේ. තමාගේ උනන්දුවෙන් උත්සාහයෙන් මුදල් හරිහම්බ කිරීමට පුලුවන්. එසේම තමාගේ ගෘහ ජිවිතය ආශ්‍රිතවම ඒ අයගේ සහයෝගයෙන් ආශිර්වාදයෙන් මුදල්, ධනෝපායන මාර්ග පෑදේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වන්නෙ ආර්ථිකයත් ශක්තිමත් වන නිසාය. එසේම තමාගේ උත්සාහය සහ භූමියෙන් ලැබෙන වාසනාව හේතු කරගෙන, ගොවිතැන් වැඩ, පොලව ආශ්‍රිත කර්මාන්ත කරන අයටත් හොඳයි.
උදරාබාධ සහ ස්නායු රෝග වාත අමාරු කෝන්දේ කැක්කුම් ඇතිවිමට හේතුවේ.

● මිථුන
ඉතාම ශුභ සතියකි.
ධන ධාන්‍ය පැත්තෙන් බොහෝසෙයින්ම වාසනාව ලැබේ. එසේම ආර්ථික තත්වය දියුණු වේ. උත්සහයෙන් උනන්දුවෙන් කරන කටයුතු සඵල වේ. එසේම කෙටි ගමන්, දුර ගමන් 2න්ම ආර්ථික තත්වය යහපත් කරගැනිමට හැකිය.
සමස්තයක් වශයෙන් ඉතාම වාසනාවන්ත සතියකි.
තරඟකාරි සමාජයේ ඔබ ඉස්මතුව පෙනේ. එසේම සහෝදර සහෝදරියන් මෙන්ම ඥාතින් සමග සහජීවනයෙන් ආශ්‍රය ඇතිවිමට හේතුයි. නිවසෙන් පිට සිටියත් නිවසේ අය සමග වචනයෙන් හදවතින් ලගින් සිටිමට ඔබට පුලුවන්.
6 වැන්න ආශ්‍රිතව කුජගේ පිහිටිම නිසා මුත්‍රා ආබාධ, යටි බඩේ වේදනාව, ආහාර අජීර්ණ දෝෂ ඇතිවිමට හේතුයි. පාදවල දැවිල්ලක්ද සමහරවිට ඒමට පුලුවන්.

● කටක
ශුභ සතියකි.
ආර්ථික තත්වය යහපත් කරගැනිමට වාසනාව ලැබේ. තමාගේ වචනයේ ඇති මුදුසුමුදු බව නිසා තමන්ට ආදායම් මාර්ග ඉබේම පහල වේ. බොහෝසෙයින්ම සුබයි. ව්‍යාපාරික කටයුතු වල නියුතු අයටත් සංචාරක ක්ෂෙත්‍රයේ සිටින අයටත් විදෙස්ගත අයටත් මේ කාලය ඉතාම ශුභයි.
ගෘහ ජිවිතය තරමක ව්‍යාකූල තත්වයකට පත්විමට ඉඩ ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව ඔබගේ ඇති කාර්යබහුලකම නිසාය. ඒනිසා මා දෙන උපදේශය කෙතරම් කාර්යබහුල වුවත් නිවස හා සම්බන්ධීකරණයෙන් සිටින්න.
සෞඛ්‍ය තත්වය ගැන සම්බන්දව විශේෂ දෙයක් නැති වුවත් සෙම් රෝග වලින් පරිස්සම් විම මැනවි.

● සිංහ
බොහෝසෙයින්ම ශුභදායක සතියකි.
කලබලකාරි බවක් සතිය මුළුල්ලේ පැවතියත් ඔබට ආර්ථිකය යහපත් කරගැනිමට වාසනාව ලැබේ. එසේම භූමිලාභ, උත්සාහයෙන් උන්නදුවෙන් කරන කටයුතු වලින් ධනෝපායන මාර්ග පෑදේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගතවේ. නිවසේ අය සමග ප්‍රීති උත්සව වලට යාමට සිත්වේ. එසේම යාන වාහන මිලදී ගැනීමට මේ කාලයේ ඉතාම බලවත් ග්‍රහ යෝගයක් යෙදී ඇත. එසේ නොමැති නම් නිවසට අලුත් බඩුමුට්ටුවක් මිලදී ගැනීමටද කාලයයි.
විශේෂ දෙයක් නැතත්, සෙම් කෝපවීමේ රෝග, එසේම යම් යම් පපුවේ දැවිල්ලේ රෝග ඇතිවිමට හේතුයි.

● කන්‍යා
පෙර මෙන්ම කන්‍යා ලග්නයට එතරම් සුභදායක නොවන බව පෙනේ.
කලබලකාරි බව සහ නොසන්සුන් භාවය නිසා බොහෝ කටයුතු අතපසු කරගැනිමේ අවදානමක් පවතී. එසේම කලබලකාරිත්වය ඔබගේ ප්‍රධාන සතුරාය. එය නැති කරගතහොත් සිහි බුද්ධියෙන් කටයුතු කරගත්තොත් ඔබගේ ධනෝපායන මාර්ග පමණක් නොව ඔබගේ සියලුම කාරණා ඉෂ්ඨ සිද්ධ වනු ඇත.
ගෘහ ජිවිතයටද කිසියම් ආකාරයක බලපෑමක් පවතී. අඹුසැමියන් අතර යම් අසමගිකමක් බලපෑමට ඉඩ ඇත. මන්ද පවතින්නාවූ ග්‍රහචාරය අඹුසැමි සබදතාවලට පවා දැවැන්ත වූ පහරකි. ඒ ගැන සැලකිලිමත් විය යුතුය.
සෞඛ්‍ය තත්වය, හිසරදය, මානසික ආතතිය ආදි ගැටළුය.

● තුලා
ඇත්තටම මෙලෝ රහක් නැති සතියකි.
ග්‍රහචාරය බැලූවිට එය මනාව පැහැදිලිය. බුධ-ශනි යෝගය නිසා දැවැන්ත වූ මානසික පසුබෑමක් ඇතිවේ. ලග්නය පාපකර්ති වීම නිසා කරන සියලුම කටයුතු අවුල්වීමට ඉඩ ඇත. කන්‍යා ලග්නයට දෙන අවවාදය මෙන්ම තුලාවටද දෙන අවවාදය සලකන්න.
ආර්ථික තත්වය යහපත් වීමට මනස නිරවුල්වීම ඉතා වැදගත්ය. තමාගේ කට හා වැඩ නිසා බොහෝ ආදායම් මාර්ග අහිමි විය හැක.
ගෘහ ජිවිතයද ඉතාම සිහිබුද්ධියෙන් ගත කල යුතුය, සුළු සුළු දේවල් නිසා මහාපරිමාණ හිත් අමනාපකම් ඇතිවිමට හේතුයි. මුදල් ලැබුනත් ඒවා වියදම් කිරීමේදි 2වරක් කල්පනා කරන්න. බොහෝ සෙයින්ම මේ කාලයෙදි ආගම දහමට නැඹුරුවී ඉවසීමෙන් සංයමයෙන් සිටිම ඔබට වාසිදායක වනවා ඇත.
සෞඛ්‍ය තත්වය යහපත් නොවේ. හිසේ කැක්කුම, කල්පවතින රෝග ඇති අය පරිස්සම් වීම මැනවි.
යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ බිය ඇතිවිමට ඉඩ තිබේ. රාත්‍රි කාලයේ පිට ඉන්නා අය පරිස්සම් වීම හොදයි.

● වෘශ්චික
බැලූ බැල්මටම හොද සතියකි.
ලග්නාධිපතියා රුචක යෝගයෙන් ලග්නයේ සිටින මේ සතිය, උත්සහය උනන්දුව අනුව දියුණුවට පාර පෙන්වයි. ගොඩනැගිලි ද්‍රව්‍ය, ආහාර පාන, හෝටල් ග්‍රොසරි, විදෙස් රැකියා කරන සියලුම දෙනාගේ ආදායම තත්වය දියුණු වේ. ලොකු ගැටළු නැත.
ගෘහ ජිවිතයද ප්‍රීතියෙන් ගත වේ. වැඩිහිටියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම හිමිවන අතර දුවා දරුවන් සමග ප්‍රීතියෙන් කාලය ගත කරයි. වැඩිහිටි අයට වන්දනා ගමන් යෙදේ. තරුණ අයගේ මංගල යෝග ස්ථිර වනවා ඇත. සතුටින් සිටිමට පුලුවන් වාසනාවන්ත සතියකි.
ප්‍රබල දෝෂ නැත. හිසේ කැක්කුම, ලේ විෂවීම්, ආහාර අපත්‍ය වීම් ගැන විමසිල්ලෙන් සිටින්න.

● ධනු
මේ සතිය තරමක ශුභයි.
ආර්ථික තත්වය දියුණු කරගැනිමට ඔබගේ මහන්සියෙන් පුලුවන්. එසේම යම් යම් ක්ෂෙත්‍ර වල වැඩ කරන අයට කාර්යබහුල වුවත් ඒ හා සමාන ප්‍රතිලාභ හිමිවේ. මේ කාලයෙදි ඇප හා පොරොන්දු ගිවිසුම් වලට අත්සන් කිරීමෙන් වලකින්න, එයින් ඔබට යම්කිසි පශ්චාත් උපද්‍රව ඇතිවිමට පුලුවන.
ප්‍රීතිමත්ව ගෘහ ජිවිතය ගත කරගැනිමට පුලුවන්. සමහරවිට දුවාදරුවන් සමග යම් යම් පලාත් වල සංචාරයට වාසනාව ලැබේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැති වුවත්, නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.

● මකර
ඔබට මේ සතියේ මුල් කොටස අශුභයි.
ආර්ථික තත්වයේ යම් බිඳ වැටීම් සතිය මුලදි අපේක්ෂා කල හැක. කරන කියන කටයුතු පාඩුවේ. හවුලේ කරන වෙළදාම් කටයුතු අඩපණ වේ. හොඳහිත පළුදුවීමට ඉඩ ඇත. නමුත් සතිය අගදී ක්‍රමානුකූලව ඒ තත්ව වල වෙනස්කම් ඇතිවේ.
ගෘහ ජිවිතය තරමක අවුල්කාරි වන්නේ සතිය මුලයි. පසුව ඉතාම යහපත් වේ. ඔබගේ වැඩකටයුතු දියුණු කරගැනිමට එය මහත් පිටුවහලකි. සතිය අගදී ඔබටද ප්‍රීති උත්සව වලට සහභාගිවිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු සහ නිදන්ගත රෝග පාලනය ගැන අවදානය යොමු කරන්න.

● කුම්භ
මේ සතිය ඔබට හොඳයි.
සතියේ මුල් කොටසෙදි ඉතාම ශුභ පල ඇතිවේ. හවුලේ කරන කටයුතු වලටද සුබයි. ආනයන අපනයන වෙලදාම් සහ සියලුම රැකියා කරන කටයුතු අයට සුබයි. මුදල් ලැබෙන්නෙ තමන්ගෙ වාසනාවටය.
ගෘහ ජිවිතයද ඉතාම ප්‍රීතියෙන් ගත වේ. අඹුසැමි ප්‍රේමය ලියලයි. මංගල යෝග ඇතිවන සතියයි, ප්‍රේම බන්ධන තහවුරු වේ. සතිය අගදී යම් යම් මානසික කඩාවැටිම් ඇති බැවින් දැන්ම ඒවා පාලනයෙන් යුක්තව සිටිම මැනවි.
සෞඛ්‍ය තත්වය උෂ්ණාධික රෝග, නහරගත වේදනා සහ නිදන්ගත රෝග මේ ආදියෙන් පරිස්සම් වීම යහපත්ය.

● මීන
මේ සතිය එතරම් යහපත් යැයි කිව නොහැක.
ආදායම් තත්ව වලට දැවැන්ත පහරක් වදී. එසේම ග්‍රහ ගෝචරය අනුව, සතුරු කරදර නිසා ආදායම් මාර්ග අවහිරවීමට පුලුවන්. විශේෂයෙන්ම මේ සතියෙදි කාන්තාවන් නිසා මුදල් හානි විමට හේතුයි.
ගෘහ ජිවිතය සාමාන්‍යයි. සතිය මුළුල්ලේම යම් යම් මානසික බිඳ වැටිම් ඇතිවිමට හේතුයි. සතිය අගදී අඹුසැමියන් අතර යම් යම් වචන හුවමාරු නිසා සිත් රිදවීම් වලට ගොදුරුවිමට ඉඩ ඇත. ඒ ගැන අවධානය යොමු කිරිම හොදයි.
සෞඛ්‍ය තත්වය දෙස බැලිමෙදි, නිදන්ගත රෝග ඇති අයත් උෂ්ණාධික රෝග ඇති අයත් පරිස්සම් වන්න.
මීන ලග්න කුඩා දරුවන් වැව්, පොකුණු, තටාක ආශ්‍රිතව සිටිම අනතුරු බව පෙන්වා දෙමි.

#ඉරුසේවය

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364 

Thursday, September 18, 2014

වාසනාවන්තයන් ඇතිවන “ අධියෝග “

අධියෝගයක් යනු,
ලග්නයෙන්(1වැන්නෙන්) හෝ චන්ද්‍රයා/සඳුගෙන් 6,7,8 වැන්නේ නෛසර්ගික සුභ ග්‍රහයන් සිටීමයි.
(නෛසර්ගික සුභ ග්‍රහයන් නම්, ගුරු, සිකුරු, චන්ද්‍ර, බුධ)

* මෙහිදී ලග්නයෙන් 6,7,8 වැන්නේ සුභ ග්‍රහයන් සිටීමෙන් ‘ලග්න අධි යෝගය‘ද,
* චන්ද්‍රයාගෙන් 6, 7, 8 යන ස්ථාන වල සුභයන් සිටීමෙන් ‘චන්ද්‍රාධියෝගයද‘ යෙදේ.

“ අධි යෝගය වාසාවන්ත අයට පිහිටන යෝගයකි. විශේෂයෙන් සතුටු සිතින් සිටීමට හැකියාව ඇති යෝගයකි. සතුරන් පරාජය කරන්නකි. නිරෝගීකම රැකගනී. පොදුවේ අනතුරු අඩුය. දීර්ඝායුෂ ලැබේ. ආචාරශීලී, සමාජශීලි කෙනෙකි. විශ්වාසවන්තය. අන් අයගේ කරුණාවට, ගෞරවයට ලක්වේ.
පාලන බලය ගැනීමට සුභ පිහිටීමකි. මනා දැන උගත්කමක්ද ඇත“.

٠ මෙම සුභ ග්‍රහයන්ගේ තත්වය අනුව එනම්, බලවත්වීම මත යෝගයේ සුභ ඵල අඩුවැඩි වනු ඇත.
٠ මෙහිදී එම ග්‍රහයන් පාපී ග්‍රහ දෘෂ්ඨ ි නොලැබීමද වැදගත්ය.
මෙම යෝගය ඇතිව උපන් අයට ඉදිරියට යාමෙ මනා හැකියාවක් ඇත. පොත පතට ආදරය කරන අය වෙති.

٠ අපගේ අත්දැකීම් අනුව මහා ධනවතුන්, බලවත් දේශපාලකයන්, මහා බුද්ධිමතුන් මෙම යෝගයෙන් උපත ලබා ඇත.

٠ පින්තූරයේ දැක්වෙන්නේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්දර සටහනයි. එහි 8 වැන්නේ චන්ද්‍ර/සඳුද සඳුගෙන් 6 වැන්නේ ගුරුද, 7 වැන්නේ සිකුරුද, 8 වැන්නේ බුධද පිහිටා ඇත.

යෝග ගැන තවත් තොරතුරු.. අපි කියන්නම් ලගදීම 

#ඉරුසේවය

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

>> ඔබට ලැබෙන බිරිඳ කොයි වගේද ?

විවාහය, බිරිඳ ගැන කතා කරන විට මූලික වන්නේ 7 වැන්නයි. එය විවාහය ගැන මූලිකව කියවෙන ස්ථානයයි.

විවාහයෙන් ලැබෙන බිරිඳ ගැන අනාදිමත් කාලයක සිට “ ස්වාමි භාර්යා, චෝර භාර්යා , වධක භාර්යා, මාතෘ භාර්යා, භගිනි භාර්යා, දාසි භාර්යා, සකී භාර්යා“ ලෙස වර්ග කර ඇත.

කේන්දර සටහනේ “පොදු පිහිටිම්“ අනුව ලැබෙන බිරිඳ ගැන යම් ඉඟියකි මේ.

● "ස්වාමි භාර්යා" කියූ සැණින් තම සැමියාව පාලනය කරන බිරිඳක් ගැන කියවේ. අප දන්නා පරිදි සමහර ගෙවල් වල පිරිමියා ගෘහ මූලික වන්නේ නමට පමණි, සැබෑ බලය ඇත්තේ බිරිඳටය.
කේන්දර සටහනක 7 වැන්නේ රවි තැන්පත් වීම සහ එම රවි සුභ ග්‍රහයන්ගේ දෘෂ්ඨි(ගුරු, සිකුරු) වලට ලක්වීම නිසා නොදැනුවත්ම සිය බිරිඳට යටත් වීමට සිදුවිය හැක. යම් ලෙසකින් අශුභ දෘෂ්ඨි වැටේ නම් දැඩිව තම සැමියාව යටත් කරගන්නා බිරිඳක් ලැබේ.

● "චෝර භාර්යාවක්" ලැබෙන පිහිටීම් ලෙස පර්යේෂණ වලින් අත්දැක ඇත්තේ තුලා, වෘෂභ ලග්න හිමියන්ගේ 7 වැන්නේ කුජ සිටීමෙනි.
මෙවන් බිරිදෑවරුන් සිය ස්වාමියාට රහසින් කටයුතු කරන බව පැවසේ.

● එසේම යම් කෙනෙකුගේ 7 වැන්න අධිපති ග්‍රහයා සෙනසුරු/ශනි වේ නම් එසෙ වී සෙනසුරුම 7 වැන්නේ සිටීම හෝ 7 වැන්න දැකීම තුලින්,
“ වධක භාර්යාවක්“ ලැබීමේ වැඩි ඉඩක් පවතී.
විටෙක එය වඳ දීමක් ලෙස පෙනෙන්නේ සැමියා පහත් කරමින් කතා කිරීම් ආදියෙනි.

● තවද යමෙකු “මකර ලග්නයෙන්“ උපත ලබා 7 වැන්න අධිපති වන චන්ද්‍රයා/සඳු 7 වැන්නේම සිටී නම්, හෝ 7 වැන්න දකී නම්(විශේෂයෙන් පුර සඳු) එම පිරිමියාට ලැබෙන්නේ ඉතාම ගුණ ගරුක බිරිඳකි. තම සැමියාට මවක් මෙන් මෛත්‍රිය දක්වන ගරු කරන,
“ මාතෘ භාර්යාවක් “ වන්නෙ මෙවන් පිහිටිම් වලිනි.
* පුර සඳු නොවී අවසඳූ වීම ගුණයෙන් අඩු නොවුනද මඳක් අයපත්ය.

● බුධ ග්‍රහයා හුරුබුහුටි ග්‍රහයෙකි. බුධ 7 වැන්නේ සිටින කෙනේකට ලැබෙන්නේ බොහෝවිට තමන්ට සහෝදරියක් මෙන් සලකන බිරිඳකි.
“ භගිනි භාර්යා “
විශේෂයෙන් ධනු, මීන ලග්න වල 7 වැන්නේ බුධ සිටිමෙන් මේ තත්වය ඇතිවන බව අප අත්දැක ඇත.
එසේම මෙම පිහිටිම නිසා විශේෂ වාසනාවන්ත සමෘද්ධිමත් ජිවිතයක් ගත කිරිමට වාසනාව ලැබෙන බව කිවයේව.

● එසේම 7 වැන්නේ සිකුරු සිටීම බොහෝවිට,
“දාසි භාර්යාවක් “ ලැබෙන පිහිටිමක් වනු අප දැක ඇත. එසේ වුවද මෙය බොහෝවිට සාර්ථක වී ඇත්තේ මේෂ සහ වෘශ්චික ලග්න හිමියන්ටය. එයට හේතු වන්නේ මේෂ, වෘශ්චික අයගේ 7 වැන්නාධිපති සිකුරු නිසාය.
සියලු දේට සැමියාට උදව් කරන යහපත් මෘදු ගති ඇති භාර්යාවක් ලෙස කියවේ.

● ගුරු 7 වැන්නේ සිටිම තම විවාහයෙන් තමාට වාසනාව ගෙනෙන පිහිටිමකි.
එනම් එම භාර්යාව “ සකී භාර්යාවකි“.
විශේෂයෙන් ගුරු 7 වැන්නාධිපති වන ධනු සහ මීන ලග්න හිමියන්ගේ 7 වැන්නේ ගුරු සිටිමෙන් මේ තත්වය ඇතිවේ.
සියලු වාසනාව ඇතිවන සමෘද්ධිමත් වන පිහිටිමකි.

*** මේවා පොදු විස්තරයන්ය. කේන්දර සටහන් අනුව මෙහි තත්වයන් වෙනස් වනු ඇත.

Wednesday, September 17, 2014

සිප් සතරින් ඉහලට යන ග්‍රහ යෝග

වර්තමාන කාලය දෙස බැලීමේදී, දුවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ලොකු තරඟකාරිත්වයක් ඇති බව පෙනේ.
විශේෂයෙන්ම 5 වසර ශිෂ්‍යත්වයට මව්වරුන්, දෙමාපියන් විඳින දුක ගැන බැලීමේදී අපට ඒ ගැන හැඟි යයි.
එසේ නම් ඉගෙන ගෙන ජයග්‍රහණ ලැබීමට ඉවහල් වන ග්‍රහ යෝග මොනවාද ?

අධ්‍යාපනය ලැබීමට මූලික වන ග්‍රහ යෝග මොනවාද ? සහ ඒවාට උදව් කරන ග්‍රහයන් කවුද ?

* යම්කිසි ජන්මියෙකුගේ ලග්න භාවයේ “බුධ“ ග්‍රහයා බලවත්වීම අධ්‍යාපනයේ සහජ දක්ෂතා මතුකිරිමට හේතුවකි.
ලග්නය, මිථුන හෝ කන්‍යා වී බුධ ග්‍රහයා ලග්න ගතවීම හෝ ලග්නය මිථුන වී රවි-බුධ ලග්නයේ සිටීම ජන්මියා බුද්ධිමතෙක් කිරිමට හේතු වේ.

● එසේම යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ මෙම රවි-බුධ යෝගය 3 වැන්නේ, 5 වැන්නේ සහ 11 වැන්නේ බලවත්වීම මහා දාර්ශනිකයින් බුද්ධිමතුන් බිහිවීමට ඉවහල් වේ.

● එසේම ගුරු ලග්නයේ(1) වීම බුද්ධිමතුන් බිහි කරයි.
ගුරු ග්‍රහයා බලවත්වීම නිසා මෙම බුධ ග්‍රහයාගේ බලය වැඩි දියුණු කොට සහජ දක්ෂතා ඉස්මතු කරයි. පුද්ගලයා ප්‍රඥාවන්තයෙක් කරයි.

** ගුරු-බුධ ග්‍රහයන් 2ම දැනුමට, ඥාන ශක්තියට ඉවහල්වන ආකාරය මෙයින් ඔබට වැටහෙනු ඇත.

● යම්කිසි ජන්මියෙකුගේ බුධ ග්‍රහයා බලවත්ව සිටියදී රාහු ග්‍රහයා ශුභ ස්ථානයක සිට බුධව දකින්නෙ නම්, ඔහු විදෙස්ගතව අධ්‍යාපනය ලැබීමට පවා භාග්‍යවන්තයෙක් වෙයි.
මෙහිදී රාහු ග්‍රහයා කඩාකප්පල් ආකාරයට හැසිරෙන්නේ නැත.

● තවද බුධ ග්‍රහයා, ගුරුගේ දෘෂ්ඨියට ලක්වීම ඉතාම ශුභ තත්වයකි.
එසේම බුධ ග්‍රහයා සෙනසුරුගේ දෘෂ්ඨියට ලක්විම නිසා ධර්ම මාර්ගයේ ලොකු ගමනක් යාමට, ධර්ම ප්‍රචාරණයට ලොකු හේතුවක් විය හැක.

● බුධ ග්‍රහයා සිකුරු සමග යෙදීම නිසා කලා කටයුතු වලටත්, සියලුම කලා ශිල්ප වල ප්‍රවීණත්වය ලැබෙන පිහිටිමකි.

● එසේම කුජ-බුධ යෝගය ඇති අය ඉංජිනේරු වෘත්තියට අදාල අධ්‍යාපනයක් හදාරයි.
පාපී දෘෂ්ඨියට වැටේ නම් මුළුමහත් ජන සමාජයක්ම රවටන්නෝ වෙති.

මේ ආකාරයට විමසීමෙදි සුපිරි අධ්‍යාපනයක් ලැබීමට ජන්ම පත්‍රය කෙතරම් ඉවහල් වෙනවාදැයි ඔබම කල්පනා කරන්න.

මේ අප සඳහන් කලේ එක්තරා කොටසක් පමණි. තවත් කරුණු කාරණා රාශියක් ඇත. ඒවා ඔබට අවශ්‍ය නම් අපගේ සේවයෙන් දැනගන්න.
කෙසේ වෙතත් ඔබගේ දරුවන්ගේ ජන්ම පත්‍රවල මේ යෝග ඇත්දැයි පරික්ෂා කර බලන්න.

Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364 

Tuesday, September 16, 2014

අපගේ විශේෂඥ වාස්තු විද්‍යානුකූල පරික්ෂාවක් ගැන විස්තරයක්...

* මේ ඡායාරූප පෙල දෙස බලන්න.
ඔබට කල්පනා වේවි කෙතරම්, අප්‍රසන්න ආකාරයට නිවස ඉදිකර ඇද්ද කියල.
මන්ද අප්‍රසන්න ආකාරය කියල අපි කියන්නේ, මෙහි ඇති විශේෂ දෝෂ ගැන අවධානය යොමු කරලයි.

මේ ගෙදරට වියදම් කරල තියෙන මුළු මුදල් ඇස්තමේන්තුව අපට පෙන්නුවා. මෙම නිවසට වැයකර ඇති මුදල 21ක් ලක්ෂ 68 දහසකි, දැනට(21,68,000.00).

ඉදිකිරිමට පටන්ගෙන ඇත්තේ මීට අවුරුදු 4කට පමණ පෙර සිටය.

මෙම නිවස පිහිටා තිබෙන්නේ බණ්ඩාරවෙල ආසන්න එක්තරා ගමකය. මෙහි අයිතිකරුවා වන්නේ, රජයේ එක්තරා සන්නද්ධ සේවාවක නිලධාරියෙකි. ඔහුට ඔහුගේ කේන්දරය අනුවවත්, නක්ෂත්‍ර තාරකා අනුව ශුභ මුහුර්තයකවත් නිවාසය ඉදිකර නොමැත. මෙහි ඇති දෝෂ ගැන අපි දැන් ඇස් යොමු කරමු.

1. මෙම නිවසේ ද්වාරවේධ දෝෂය පලවෙනි ඡායාරූපයෙන් බලන්න. 
අනෙක, ඡායා, නන්දා, රික්තා, පූර්ණා යන කලාප වලින් නිවැරදි ස්ථානයක උළුවහුව ප්‍රතිෂ්ඨාපනය කර නොමැත. මෙම නිසා නිවැසියන්ට දෝෂ මෙන්ම නිවැසියන්ට විවිධාකාරවූ කරදර ඇතිවී ඇත.
එසේම දොරවල් 2 දෝෂය නිසා ගෙදර ආර්ථික තත්වය බිංදුවට බසිනවා ඇත. 
අප එසේ කියන්නේ මෙම නිලදරුවාට සැලකිය යුතු වැටුපක් සහ යම්කිසි ආර්ථික තත්වයෙන්ද, පිරිස් බලයෙන්ද උසස් තත්වයක සිටින බැවිනි. 

2) දෙවන ඡායාරූපය දෙස අවධානය යොමු කරන්න.
ලාභ-පාඩු චක්‍රයේ ප්‍රධාන දොර කෙලින් එක පඩියක් තිබීම. 
මෙනිසා ගෙදරට ඇතුළු වීම පාඩු චක්‍රයට වැටේ. එය අයහපත්ය. තවද මෙහි ඉදිරිපස කණු පිහිටා ඇති ආකාරය ගැනද සෑහීමකට පත්විය නොහැක. 


3) තුන්වන ඡායාරූපය
වාස්තු විද්‍යාව නොදන්නා මෝඩයෙක් පවා උළුවස්සට උඩින් පරාලයක් තියන්නේ නැත. 
මෙය බරපතලම තත්වයකි. මෙම නිවාසය ඉදිකිරීමෙන් පසු මෙම නිලදරුවාගේ පියාණන්වහන්සේ මෙලොව හැරගියේ අනපේක්ෂිත අයුරිනි. 

මෙම නිවසට තාවකාලිකව පදිංචියට ආ සියලුම දෙනාම අද අන්ත දුකකට වැටී සිටී.
මෙම නිවසේ අයගේ පෞද්ගලික ජිවිත දෙස සිතා බැලීමෙදි කණගාටුදායක තත්වයක පවතී. 
එම තත්වයන්ට හේතුව එම අයගේ කේන්දර වල බලපෑමත් සමග මේ නිවසේ වාස්තු වල දෝෂ තත්වයන් බව නිසැකවම කිව හැක.

4) ඡායාරූපය (බල්බ්)
මේ නිවස ඉදිකරන ලද බාසුන්නැහේලාගේ තරම තේරෙන්නේ මෙය හොඳින් බලන විටය. මහා ගොං අපත වැඩක් කර ඇත. එය ගැටළුවකි. 
මෙම නිසා විවිධ වූ, ගැටළු ඇතිවී තිබේ. 


5) 
මෙම නිවසේ වම්පස කොනෙන් පිය බිත්තය හෙවත් අයිනේ බිත්තිය මුල් කොටගෙන මේ අය තවත් එක්තරා වහලක් නිර්මාණය කර ඇත. එයද ඉතාම ගැටළු සහගතයි. නිවසේ ධනහානියට මේ තත්වයම ප්‍රමාණවත්ය. 


මෙම නිවසේ, දෙමාපියන් - දරුවන් භේද බින්න වී සිටී.
එයට හේතුවත් මෙම වාස්තු දෝෂ වල ප්‍රශ්නයි. 

නිවසක් ඉදිකිරීමේදී, මිලදී ගැනීමේදී ලක්ෂ ගණන් වියදම් කලද වාස්තු විද්‍යා කටයුතු ගැන නොසිතීම බරපතල ගැටළුවක් බව තේරෙන්නේ කල්ගත වූ පසුය.

ඔබත් නිවාස ඉදිකිරිමේදි කොටු 4ක නිවසක් තැනීමට වඩා බුද්ධියෙන් සිතා ඔබට ගැලපෙන, යහපත ඉටුවන ආකරයට කර ගැනීමට කටයුතු කරන්න.

නිවරදි නැකත් වලින් පටන් ගන්නා නිවාස නිසි කලට ගැටළු වලින් තොරව ඉදිකෙරෙන බව අපගේ අත්දැකීමයි.
වතාවක් වැඩි ආදායමක් නොලබන මහතෙකු නිසි ලෙස නැකැත් වලට නිවස ඉදිකිරීම ඇරඹූ අතර නිවස මාස කීපයක් තුලදී ඉදිකරගත හැකි වූ අතර ඇස්තමේන්තුවටත් වඩා හොදින් අලංකාර නිවාසයක් ඉදිකරගත්තේ අදාල ශුභ නැකතේ බලවත්කම නිසාය.

වාස්තු විද්‍යා කටයුතු ගැන තවත් ලිපි ඉදිරියට...

#ඉරුසේවය පර්යේෂණ අංශයේ වැඩක්..

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364 






Monday, September 15, 2014

සතියේ ලග්න පලාපලය (සැප්.15 සිට)

මේෂ
සුභ සතියකි.
සතිය මුලදී ආර්ථික තත්වය නම් ටිකක් චංචල තමයි. නමුත් සතිය මැද වෙද්දි ඒ ගතිය හරියනව.
සමහරවිට තමන්ගේ එක වචනයකින් ආදායම් මාර්ග 10ක් පෑදෙන්න පුලුවන්. උත්සහයේ තරමට යම්කිසි දෙයක් කරගන්න බැරි කමකුත් නෑ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනව. දරුවන් එක්ක එහෙ මෙහේ යන්න චාරිකාවල යෙදෙන්න අවස්ථාව ලැබෙනවා.
සතිය අගදී තමන්ගේ සහෝදරයෙක් ගෙදරට පැමිණීම නිසා ප්‍රීතියෙන් සිටින්නට පුලුවන්.
සෞඛ්‍ය තත්වය ගැන කල්පනා කරනකොට චන්ද්‍රයා 2 සිටින නිසා සෙම් රෝග, සෙම් ගෙඩි සහ බුධ රාහු 6 නිසා උදරාබාධ ඇතිවෙන්න පුලුවන්, ඒ ගැන පරිස්සම් වෙන්න.

වෘෂභ
ඉතාම ශුභ සතියකි.
සතිය පුරාම හොද ආර්ථික තත්වයක් පවත්වාගෙන යන්නත් අලුත් ධනෝපායන මාර්ග හදාගන්නත් ඔයාට වාසනාව ලැබෙනවා. හවුල් ව්‍යාපාර සහ වෙලදාම් කරන අයට හොදයි කියල වගේ තමයි පේන්නේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වෙනව. ඒවගේම නිතරම සිත සතුටින් තියාගන්න පුලුවන්. ප්‍රේම සම්බන්ධතා ඇති අය ඒවා ප්‍රවේසම් කරගැනිමට වගබලා ගන්න. මොකද දෙදෙනා අතර මත ගැටුම් ඇතිවෙලා ප්‍රශ්න හටගන්න පුලුවන්. ඒ අඟහරු/කුජ 7 නිසා. ටිකක් කාමාශාව අධික කාලයක් වගේ පේනවා.
වෘෂභ ලග්නයේ ඔයාලට සෙම් රෝග හා සෙම් කෝපවීම නිසා ඇතිවිය හැකි යම් යම් අසනීප තත්ව සහ ඒ ආශ්‍රිත යම් යම් කරදර ඇතිවෙන්න පුලුවන් පරිස්සම් වන්න.

මිථුන
ශුභාශුභ මිශ්‍රපලයි !
සතිය මුලදී යම්කිසි ගැටළුවක් ආර්ථික පැත්තෙන් ඇතිවෙන්න පුලුවන්. ඒ ආර්ථික ප්‍රශ්න සතිය පුරාම පවතින්නෙ නෑ. සතිය මැදදී ලිහිල් වෙනව. වගකීම් තියෙන අය පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕන, තමන්ගෙ අතින් නොදැනුවත්ව අලාභහානි වෙන්න පුලුවන්. ඒ වලින් තමන්ට ගැටළු ඇතිවෙන්න පුලුවන්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනව. සතිය මැදදී ගමනක් බිමනක් යන්න ප්‍රීති උත්සව පවත්වන්න අවස්ථාව ලැබෙනවා.
ඒවගේම නිතරම සිත සතුටින් තියෙන සතියක්. අර කලින් මිශ්‍රපල තියෙනව කියල කිව්වේ, සතියේ මුල් දවස් 2ම මුදල් ප්‍රශ්නයකට අහුවෙන්න පුලුවන් කියල හිතල. එහෙම වෙන්න පුලුවන් ඒ ගැනත් පරිස්සම් වන්න.
සෞඛ්‍ය තත්වය, උදරාබාධ ඇතිවෙන්න පුලුවන්. ඒවගේම ආහාර අජීර්ණයක් ඇතිවෙන්න පුලුවන්. ගැබිණි මව්වරු ප්‍රවේසම් වෙන්න ඕන කාලයක් මේක.


කටක
ශුභපලයි.
තමාට හොද ආර්ථික තත්වයක් හදාගන්න පුලුවන්. ඒ ගැන වැඩිපුර අවධානය යොමු කරන්න ඕන.
ඒවගේම පිටපලාත් වල යම් යම් ව්‍යාපාර කටයුතු කරන එකෙන් වාසි ලැබෙනවා. ඒ වගේම තමන්ගේ හිතවත් ජන සමාජයෙන් උදව් උපකාර ලැබෙනවා. ඒව ගන්න ඔයාට මොලේ තියෙන්න ඕන.
ගෘහ ජිවිතයත් ප්‍රීතියෙන් ගත වෙනව. ඒවගේම නිතර දෙවේලේ සතිය පුරාම සිත සතුටින් තියෙනවා. ඒවගේම සහෝදරකාරකාදීන්ගෙන් වැඩිමල් සහෝදරයෙන්ගෙන් වැඩියනේ උදව් උපකාර ලැබෙන්න පුලුවන්. මේ අයගේ හිත දිනාගන්න ඔයාට හැකිවෙන්න ඕන.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල වෙනසක් නෑ, නිදන්ගත රෝග ඇති අය ඒවයෙන් ආරක්ෂා වීම හොදයි.

සිංහ
ශුභ සතියකි.
ලග්නයේ බලගතු ග්‍රහ යෝග තිබෙන අතරේ, තමන්ගේ උත්සාහයෙන් උනන්දුවෙන් ආදායම් මාර්ග වැඩි දියුණු කරගන්න පුලුවන් සතියක්.
විශේෂයෙන්ම වෙලද ව්‍යාපාර, හෝටල්, ආහාර පාන, නිෂ්පාදන, ජලය ආශ්‍රිත කටයුතු, තැරැව්කාර කටයුතු කරන අයට සුභයි, උනන්දු වන්න.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත වෙනව. දරුවන්, බිරිඳ සමග ප්‍රීති උත්සව වලට සහභාගි වෙන්න ලැබෙනව. විවාහ වෙන්න ඉන්න අයට මංගල යෝග උදා වෙනව වගේම, අවිවාහක අයගේ මංගල යෝජනා ස්ථිර වීමට නියමිතයි.
ඒවගේම තමයි සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළුවක් නෑ නමුත් ඇස් දැවිල්ල, ඌෂ්ණ රෝග වලින් පරිස්සම් වන්න.

කන්‍යා
හොඳයි කියන්න බෑ.
චන්ද්‍රයා 9 හිටියාට ‘බුධ‘ ලග්නයේ ඉන්නේ ලග්නාධිපති පීඩා වෙලා. වැරදි තීන්දු තීරණ නිසා ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්. ආර්ථිකයේ ගැටළු ඇතිවෙන්න, කලබලය නිසා මුදල් පාඩු ඇතිවෙන්න පුලුවන්. ඒ ගැන සැලකිලිමත් වන්න.
ගෘහ ජිවිතයත් මේ වගේම තමයි. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරල වැඩ කලේ නැත්නම් අඹුසැමි ප්‍රීතියට බාධා ඇතිවේවි.
සෞඛ්‍ය තත්වයේ නම් ප්‍රබල ගැටළු නැතත්, ඔළුවේ හිස් අමාරු, මානසික ප්‍රශ්න, අනියත බිය වගේ දේවල් ගැටළු වෙන්න පුලුවන්.

තුලා
චන්ද්‍රයා 8න් ඇරඹෙන සතිය, එතරම්ම හොඳ නෑ.
මේ සතියේ මුල් කොටස තමන්ට අවාසි සහගත දේවල් සිද්ධ වෙන්න පුලුවන්. ණය තුරුස් වලට අහු වෙන්න පුලුවන්. එහෙම නැත්නම් මුදල් තත්වයක් නිසා තමන්ගේ නම්බුවට හානි වෙන්න පුලුවන්. මේ කිව්ව දේ තේරුම් අරගෙන, සතිය මුල් කොටසේ පරිස්සම් වන්න.
ගෘහ ජිවිතය ප්‍රීතිමත් වෙන්න පුලුවන්, ඒත් ඒකට බාධා තියෙන්නේ ලග්නයේ ඉන්න සෙනසුරුත්, චන්ද්‍රයාගේ ගමනත් ප්‍රශ්න පිට තියෙන නිසා.  ඒගැන බලාගන්න වෙනව.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නම් නහර අමාරු, හන්දිපත් වේදනාව, ඒවගේම යම් යම් ලෙඩ රෝග වලට ගොදුරු වූ අය සුවය ලබමින් ඉන්නව නම්, නැවත වාරයක් පරිස්සම් වෙන්න කියල ඉල්ලීමක් කරනවා.

වෘශ්චික
කලින් වගේම හොඳ සතියක් තමයි.
ඒක ඉතාම හොඳයි.
ආදායම් මාර්ග පෑදෙනවා. මේ කාලයේ ගොඩක්ම හොදයි ඔය සංචාරක ව්‍යාපාරය කරන අයට.
ඒවගේම කාන්තාවන්ට අවශ්‍ය දේවල් විකුණන අයට, ග්‍රොසරි කරන අයට හොදයි. තමන්ට ආධාර උපකාර බැංකු වලින් එහෙමත් ලැබෙන්න පුලුවන්.
ගෘහ ජිවිතයත් ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනව කියල මම කියනවා. ඒක නියතයක්. තමන්ගේ දරුවන් එක්ක ඉතාම සතුටින් විනෝදයෙන් ඉන්න වගේම, ඥාතින් ගෙදරට එන්නත් මේ කාලෙ ඉඩ තියෙනවා. ගොඩක්ම හොද නිසා, අතේ මිටේ මිල මුදලුත් තියෙන නිසාත් හොදයි.
සෞඛ්‍ය තත්වය ගත්තම ඉතාම හොද සෞඛ්‍ය තත්වයක් තියෙනවා. ඒනිසා නිදන්ගත රෝග ඇති අය පාලනයට උනන්දු වෙන්න. ඒක වැදගත්.

ධනු
ගොඩක් හොදයි කියන්න බෑ.
ඇයි දන්නවද ? තමන්ට යම්කිසි ගැටළුකාරි තත්වයක් මේ කාලයේ මේ සතිය මුලදී ඇතිවෙන්න පුලුවන්. ඒවගේම තමයි ආර්ථික තත්වය, සතිය මුලදි ගොඩක්ම ප්‍රශ්නයක් වෙනව. ඒක හොද නෑ. තමන් ණයතුරුස් වෙන්න පුලුවන් කාටහරි. ඒවගේම තමයි තමන්ගේ නම්බුවට යම්කිසි හානියක් වෙන්න පුලුවන් මුදල් ප්‍රශ්නයක් නිසා. තව දෙයක් කියන්නද ?
ලොකුකමට වැඩ කරන්න ගිහින් පස්ස ඇනගන්නේ මේ කාලේ තමා, ඒනිසා ඒව වලින් ආරක්ෂා වෙන්න.
ගෘහ ජිවිතයේ ලොකු විපර්යාසයක් නොවුනත් වැඩිහිටියන්ගේ උදව්වෙන් උපකාරයෙන් තමන්ගේ දෙයක් කරගන්න හැකියාව තියෙනවා. ඒ අයගේ ආශිර්වාදය නිසා තමන්ට යම් දෙයක් කරගන්න පුලුවන්.
ධනු ලග්නයේ ඔබට සෞඛ්‍ය ගැටළු වශයෙන් උදාරාබාධ, අජීර්ණ, අමියා රෝග ඇතිවෙන්න පුලුවන්, සෙම් අමාරු වලිනුත් පරිස්සම් වන්න.

මකර
ශුභ සතියකි.
සතිය මුලදී සතියටම හරියන්න ශුභ පල එකතු කරගන්න ඔන්න ඔයාට අවස්ථාව තියෙනවා. ස්විප් දිනුම්- හදිසි ධනලාභ මේ සතියෙදි ලැබෙන්න පුලුවන්. ඒවගේම උත්සහයෙන් උනන්දුවෙන් කරන දේවල් වලත් සාර්ථකත්වයක් තියෙනවා.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත වන අතර, තමන්ගේ හොද නම හැමතැනම පැතිරෙනවා. ඒවගේම තමයි විවාහ වෙන්න හිතාගෙන ඉන්න අයගේ, මංගල යෝග ස්ථිර වෙනව වගේම පෙම්වතුන්ට හොද කාලයක්. තෑගි බෝග හුවමාරු කරගන්න මේ කාලයේ ලියවිලා තියෙනවා.
ඒවගේම මකර ලග්නයේ දරුවන් ඉන්න දෙමාපියන්ට තමන්ගේ දරුවන්ගේ දක්ෂතා නිසා හිත සතුටින් පිරෙනව.
සෞඛ්‍ය නම්, ලොකු ප්‍රශ්නයක් නෑ, ඔය සල්ලිකාර ලෙඩ කියල ජාතියක් තියෙනවනේ, සැප වැඩි වෙන නිසා ඒව වැඩිවෙන්න පුලුවන්. ඒ ගැන සැලකිලිමත් වන්න.

කුම්භ
ජයෙන් ජයයි !
පවතින ග්‍රහචාරය හොදට පිහිටල තියෙනව. ඔය ආනයන-අපනයන වෙලදාම් කරන අයටත්, රෙදි පිලි නිමි ඇදුම් ආදියේ කටයුතු කරන අයටත්, සුපිරි රැකියා කරන අයටත් හොදයි. ඒවගේම තමයි කාන්තා පාර්ශවය සමග හවුලේ ව්‍යාපාර කටයුතු කරන අයට ඒ අයගේ උදව් උපකාරය වගේම කරුණාවත් ලැබෙනවා. ගෘහ ජිවිතයද ඉතාම ප්‍රීතියෙන් ගත වන අතර සහකාර බන්ධනය දෙදෙනාටම ගොඩාක් අවශ්‍ය වෙනව.
ඔය කුම්භ ලග්නයේ අලුත බැඳපු ජෝඩු වලට නම් ඉතාම හොද කාලයක්. අනාගතයෙදි හොද දරුවන් ලැබෙන්න වාසනාව තියෙනවා.
සෞඛ්‍ය තත්වයේ ලොකු අවුලක් නෑ, නමුත් වාත අමාරු, හන්දිපත් එහෙම තියෙනව නම් පරිස්සම් වෙන්න.

මීන
හොද සතියක් කියල තමයි කියන්න තියෙන්නෙ.
දියුණුවට හැකියාව වගේම තමන්ගේ උත්සහය නිසා දියුණුවට එන්න පුලුවන්. ඒවගේම තමයි පිට පලාත් වල සංචාරය කිරිමෙන් ආදායම ලැබෙනව. කරදරයක් නැතිව තමන්ගේ වැඩ කරගන්න පුලුවන් සතියක් නිසා උනන්දු වෙන්න.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනව. සහෝදර සහෝදරියන්ගෙන් මෙන්ම, ඥාතින්ගෙන් උදව් උපකාර ලැබෙනව. ඒවගේම තමයි, තමන්ට ප්‍රීති උත්සව වලට සහභාගි වෙන්න වගේම, යම් යම් වාසනාවන්ත දේවල් මේ සතියෙදි සිද්ධ වෙනව.
සෞඛ්‍ය තත්වයේ නම් ප්‍රබල ගැටළුවක් නෑ. නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න. ඒවගේම සෙම අමාරු ඇති අයත් පොඩ්ඩක් පරිස්සම් වන්න.

Sunday, September 14, 2014

විවාහය “ඉක්මන් වන“, “කල්ගත වන“, “සාර්ථක“ සහ “අසාර්ථක“ වන පිහිටීම් - 2 ලිපිය

තරුණ වියට එළඹෙන සියලුම දෙනාගේ බලාපොරොත්තුවක් වන විවාහයට අදාලව තබන සටහනකි මේ.

විවාහය ඉක්මන් වන සහ කල්යන පිහිටීම් ගැන විස්තර කෙරුනු 1 වන ලිපිය
(https://www.facebook.com/photo.php?fbid=284821061712905&set)

“ විවාහ සාර්ථක වන යෝග “

තරුණ වියට එළඹෙන සියලුම දෙනාගේ බලාපොරොත්තුවක් වන්නේ සාර්ථක විවාහයක් කරගැනීමයි. එම විවාහය යහපත් සාර්ථක එකක් වීම ප්‍රාර්ථනයකි.
එය සමහර අයට කේන්දර සටහන් වල පිහිටා ඇති අතර, සමහර අයට යම් බාධක පෙන්වයි.
එවන් අය කල යුත්තේ, නිසි ලෙස කේන්දරය පරික්ෂා කරවාගෙන, එවන් බාධක, දෝෂ වලට පිලියම් කරගැනීම මිස බිය වීම නොවේ.
විවාහ සාර්ථක වන පිහිටීම් ගැන බලමු.

● යම්කිසි ජන්මියෙකුගේ විවාහ ස්ථානාධිපති වන 7 වැන්න අධිපතියා බලවත්ව පිහිටීමෙන් සාර්ථක වන විවාහයක් වීමට හේතු කාරණා යෙදේ.

● එසේම 7 වැන්නාධිපතියා ශුභ දෘෂ්ඨි වැටීම විවාහ සාර්ථක වීමට තවත් හේතුවකි.

● එසේම විවාහ වූ කාලයෙදි ශුභ දශා දිගටම පැවතීම ආර්ථික වශයෙන් ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයම දියුණු වන කාරණයකි.

● එසේම කෙනෙකුගේ කේන්දරයේ ශුභ සිකුරු, චන්ද්‍ර යන ග්‍රහයන් බලවත්ව පිහිටීම විවාහයෙන් පසු ධනධාන්‍ය, සම්පත් ලැබෙන යෝගයකි.

_ විවාහය අසාර්ථක වන පිහිටීම් _

● යම්කිසි කෙනෙකුගේ විවාහ ජීවිතය අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඔහුගේ හෝ ඇයගේ කේන්දර සටහනේ ඇති ග්‍රහ බලයයි.
මෙනිසා විශේෂ උපද්‍රව කාලානුරූපව පුද්ගලයාට එල්ල වේ.

● එසේම යම් කෙනෙකුගේ ජන්ම පත්‍රයේ විවාහ ස්ථානාධිපති දුර්වල වීමද, 7 වැන්නට අශුභ දෘෂ්ඨි ලැබීමද විවාහ කඩාකප්පල් වීමට හේතුවකි.

● අප අත්දැක ඇති ආකාරයට විවාහ වූවාට පසු ශුභ ග්‍රහ දසා නොලැබීම විවාහ ජිවිත වල ආර්ථික තත්වය දුර්වල වීමට හේතුවකි.
උදා, විවාහ වූ අලුත දෙපලකට කෙනෙකුට සෙනසුරුත්, රාහුත් මහ දසා ගතවීම ඒ අය කිසියම් ආකාරයකට ආර්ථික අංශයෙන් පහත හෙලන තත්වයකි.

* ජෝතීර්වේදීන් පොරොන්දම් පරික්ෂණයට පමණක් මුල් තැන නොදී මේ සම්බන්ධවද සලකා බැලිය යුතුය. මන්ද වාසනාවන්ත කාලයක් ගතවනවාදැයි නැද්දැයි කේන්දරයක් අතට ගත් සැණින් පැවසීමට පුලුවන් නිසාය.

ඔබගේ හඳහනත් මේ ආකාරයට පරික්ෂා කරවා ගන්න.

#ඉරුසේවය

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364 

Friday, September 12, 2014

++ දේශ දේශාන්තරයන්හි සිදුවන අනතුරු කේන්දරයෙන් පෙනෙන හැටි ++ - 2වන ලිපිය

මුහුණු පොතේ අපගේ විශාල සහෘදයින් ලොව විවිධ රටවල් වල සේවය කරනු ලබයි. එම රටවල් වලදී වන අනතුරු නිසා අපගේ දයාබර සහෘදයන්ට එයින් යම්කිසි ආරක්ෂාවක් ගෙනදීමට මේ ලිපිය වැදගත් ලිපියක් වනු ඇතැයි සිතමු.

විශේෂයෙන්ම පසුගිය කාල වකවානු වලදී විදේශයන්හිදී වන අනතුරු සම්බන්ධව අප පුවත්පත් වලින් සහ අන්තර්ජාලයෙන් අනන්තව දැක ඇත්තෙමු. මෙවන් තත්ව ඇතිවන්නේ, කුමන ග්‍රහමය පදනමක් නිසාද ?

1 ලිපිය
(https://www.facebook.com/photo.php?fbid=285126468349031&set)

● යම් ජන්මියෙකුගේ ශනි බලවත්ව සිටියදි රවි හෝ සඳු දුටුවොත් ඔහු විදේශගත නොවිය යුතුය.

● පාපීන් 9 වන භාවයේ පිහිටිම, චන්ද්‍රයා සහ සූර්යයා අසුභ පාපීන්ගේ දෘෂ්ඨියට ලක්වීම විදෙස් රටවලදී අනතුරට ලක්වීමට ප්‍රධාන හේතුවයි.

● එසේම රත්තරන් දුවේ පුතේ,
කුම්භ සහ තුලා මිථුන මේ කියන වායු රාශි වල පාපියෝ සිට 9 වැනි කොටුවේ සූර්යයා හෝ චන්ද්‍රයා පාප දෘෂ්ඨියෙන් පීඩා විඳිනවා නම්, ඔහු හෝ ඇය විදෙස් රටකදී මුහුණ පාන්නේ මෙවන් අනතුරු වලටයි.
එනම්, ඉහල මාලයකින් බිමට වැටීම, එසේත් නොමැති නම් මෑතකදී වුනු මැලේසියානු යානය වගේ අනතුරකට ලක්වීම, ගින්දර ආශ්‍රිත අනතුරු සිදුවීම වැනි මේ වගේ අනතුරක් වෙන්නට පුලුවන්.

● ඒවගේම තද රාශියක් වන,
කන්‍යා, මකර, වෘෂභ රාශි වල පාප ග්‍රහයන් පිහිටා චන්ද්‍ර, සූර්ය දෙදෙනා භාග්‍යස්ථානයේ (9) පාප දෘෂ්ඨි ලැබෙනවා නම් ග්‍රවුන්ඩ් එක හෝ භූමියේ එහෙම නැත්නම් භූමි කම්පාවක අනතුරකට ලක් වෙනව.

● ඒවගෙම ගිනි රාශි වන,
මේෂ, සිංහ, ධනු, පාප ග්‍රහයන් පිහිටා 9 වැන්නේ පාප ග්‍රහයන්ගේ දෘෂ්ඨියට ලක්වේ නම්, විශේෂයෙන්ම ගින්දර සහ විදුලිය බරපතල තුවාල ඒවා වලින් අනතුරු විය හැක.

● ඔජ රාශි වන,
කටක, වෘශ්චික, මීන රාශි වල පාප ග්‍රහයන් සිට චන්ද්‍ර, සූර්ය දෙදෙනා 9 වැන්නේ සිටි නම් ජලය ආශ්‍රිත අනතුරු වලින් අනතුරට හෝ ජීවිතක්ෂයට පත්විමේ පවා අනතුරක් ඇත.

ඉතින් මම මෙහෙම කිව්වට මෙහෙම යෝග වලින් බේරෙන ක්‍රමත් තිබෙනවා. මෙවන් යෝග තිබ්බාම කියල එහෙම වෙන්නෙත් නෑ.

● මේවගේ යෝග භංග වෙන්නේ ලග්නාධිපති ග්‍රහයා බලවත් වීමෙනුයි, 8 වැන්නාධිපති ග්‍රහයා බලවත් වීමෙනුයි තමයි.

අපේ ගොඩක් විදෙස්ගත සහෘදයන්ට මෙම යෝග බල ඇති.
එහෙම තියෙන අය මේ ලිපිය බලා පින් අතේ වැඩ කරන්න. එහෙම අය සිටී නම් මේ භවයේ කරන කුසල් කර්ම හේතු කරගෙන අනවශ්‍ය අනතුරු සිදු නොවි යහපතින් ඉන්න ලැබේවා කියල අපි මේ වෙලාවෙදි ප්‍රාර්ථනාවක් එකතු කරනව.

ඔබට තෙරුවන් සරණයි !

( #ඉරු පර්යේෂණ අංශයේ වැඩක් )

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364 

කීපයක්.. ලගදී ලැබුනු.









Wednesday, September 10, 2014

Play Boy Magazine අයිතිකාරයගේ කේන්දරය


දන්නවද හග් හෙෆ්නර් Hugh Hefner

මේ ඉන්නේ එයා.

බලමු එයාගේ කේන්දර සටහන ගැන.

1926 04 07 වැනි බදාදා දවසේ ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර උපදින්නෙ ලෝක පූජිත මිනිහෙක්නෙ.

හැබැයි අපි අදහන ආගම දහම අනුව මෙයා කරන දේවල් අනුමත කරන්නෙ නෑ.
මෙයා තමයි, ලෝක ප්‍රසිද්ධ Play Boy ප්ලේ බෝයි සඟරාවේ අයිතිකාරය.

මෙයාගෙ ලග්නය කන්‍යා.

* උප්පත්ති කේන්දරයෙ 3 වන කොටුවෙ සෙනසුරුත්, 4 කොටුවේ කේතුද කුජ-ගුරු-චන්ද්‍ර 5ත්, සිකුරු 6ත්, රවි-බුද 7ත්, රාහු 10ත් පිහිටල තියෙනවා.

මේ කේන්දරය බැලූ බැල්මටම පුදුම කේන්දරයක් තියෙනවා. දැක්ක නේද අපි රාහු ගැන කියපු කලින් ලිපියෙදි කිව්ව.

* රාහු තමයි මෙයාගෙ ධනයෝග ක්‍රියාත්මක කරල තියෙන්නෙ.

මෙයාගෙ වත්කම් ඇමරිකානු ඩොලර් මිලියන 54කට වැඩියි.

• සෙනසුරු/ශනි 3 ඉන්න කෙනාට අපේ භාෂාවෙන් කියනව නම්, කට්ට කන්න පුලුවන්/ඕනම දුකක් විඳින්න පුලුවන්.

• ඒවගේම තමයි මෙයාගෙ චන්ද්‍ර-මංගල යෝගය තියෙනව.
මෙයාගේ කලින් බැන්ඳ කෙනා දික්කසාද කරල තියෙන්නෙ 1959 පමණ.
මෙයාට චන්ද්‍ර - මංගල යෝගය තියෙන නිසා මඟුල් කැඩෙනව (5 වැන්න). නමුත් කාමාශාව හරිම ප්‍රබලයි. ගොඩක් වැඩියි.
ඒවගේම තමයි ස්ථිර ගෑණු කෙනෙක් නෑ.

• 7 වැන්නාධිපති බ්‍රහස්පති/ගුරු නීච වෙලා ඉන්නෙ.
එක දෙයක් මතක තියාගන්න, කෙනෙක්ගේ ගුරු නීච නම් ඒ අය මොනව හරි අයුතු විදියට සල්ලි හොයනවා. ඒකෙන් පෝසත් වෙනව. හැබැයි දහමට අනුව මෙලොවදී විතරයි.

• කුජ-ගුරු-චන්ද්‍ර යෝගය නිසා හොඳින් හරි නරකින් හරි සල්ලි හොයලා, ඒවයෙන් තමන්ගෙ කම්සැප තාම විඳිනව.

• රවි-බුධ 7 ඉන්නෙ. රවි-බුධ 7 ඉන්න පිරිමි අයට ශක්තිමත් හුරුබුහුටි පුරුෂ ලිංගයක් හිමිවෙනව. හැබැයි කාරණාව, රවි 7 වැන්නට හොඳ නෑනේ, විවාහ ජීවිතය එක්කෙනෙක්ගෙන් සීමා වෙන්නෙ නෑ. ටික කාලයක් යනකොට මේ වගේ අයට ගෑණු කෙනාව එපා වෙනව, තව කෙනෙක්ව හොයනව.
කාමාශාව අධිකවම තියෙනවා, කේන්දරයේ හැටියට.

• ඒවගේම ආපු දසා වල හැටියට, මෙයා බලන්න ඉපදිලා තියෙන්නෙ සුවණ නැකතින්.
සුවණ නැකත කියන්නෙ බොහොම බලගතු අය උපදින නැකතක්නෙ.
උදාහරණ විදියට ශාරුක් ඛාන්, රජිනි කාන්ත් වගේ අයත් සුවණ නැකතින්.

• ඒවගේම ඒක බලගතු නැකතක්, කම් සැප විඳින නැකතක්.

• මෙයාට කොහොම හරි දසාවත් එක්ක බලනකොට 1960 තමයි ඔය ප්ලේබෝයි සඟරාව මුලින්ම නිකුත් කරල තියෙන්නෙ. ඒකාලේ ගත වෙලා තියෙන්නෙ “ ගුරු මහ දසාවෙ සිකුරු අතුරු දසාව“.
මිනිහ ප්‍රසිද්ධ උනා සෑහෙන්න.

• සිකුරු දුර්වල තැනක ඉදල කාම යෝග බලවත් විම නිසා, අධිකව කාන්තාවන් එක්ක ලිංගිකව ආශ්‍රය කරල ඒක තෘප්තිමත් නොවන විදියටම තවම පවත්වගෙන යනව.

• මෙයාගෙ පෞද්ගලික තොරතුරු දැක්ක වෙලාවක පෙනුනෙ, මෙයා වෙනුවෙන් අඩු වයසෙ ගෑණු ළමයි ඕන වෙලාවක එයාගෙ මහා මන්දිරයෙ ඉන්නව.

• බහුකාම සේවනය මේ කේන්දරයේ මූලික ලක්ෂණයක්. දැනට වයස අවුරුදු 88යි.
විවාහ වෙලා ඉන්නෙ 1986(28) ඉපදුනු කාන්තාවක් එක්ක.

• හැබැයි මනුස්සයට නම්, සසර චාරිකාව කොච්චර දුර වෙයිද කියලත් කියන්න බෑ. වැඩිය කේන්දරය ගැන කියන්න ඇත්තටම හොදක් නෑ. නරකින් හම්බ කරලා අදටත් නරක විදියට ඉන්නව.
ඒ සුද්දන්ගෙ හැටිනෙ. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඔයාලට තේරුම් ගන්නයි මේ දැම්මෙ.

#ඉරුසේවය

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364 

Tuesday, September 9, 2014

_ ජය ගෙනෙන විජයරාජිණී යන්ත්‍රය _


අපගේ අධිබලගතු සර්ව කාර්ය සිද්ධ ධනසාධණීය ආකර්ෂණ යන්ත්‍රය (https://www.facebook.com/photo.php?fbid=221683094693369&set=), අධි බලගතු “සිද්ධි සාධක යන්ත්‍රය“ ට පසුව අප සේවය මගින් සුවිශේෂී ආකාරයකට අදාල කටයුතු කර ලබාදෙන විශේෂ යන්ත්‍රයකි.

මෙම යන්ත්‍රය, අතිසුවිශේෂි වරම් සහිතව බලගතු පුද පූජා පවත්වා දින 21ක් එක දිගට ජීවම් කොට, බලගන්වන ලද තෙල් අඩංගු කුඩා ප්‍රමාණයේ යන්ත්‍ර රත්නයකි.

●  මෙම යන්ත්‍රය තවත් රන්, රිදී හෝ සුරයකට දමා කර පැළදීමෙන් ශ්‍රියාව, දේව ආකර්ෂණය, පෞද්ගලික ජීවිතයේ ආරක්ෂාව මෙන්ම, දස දෙස බලපාන කීර්ති නාමය ඇතිවේ.

●  ව්‍යාපාරිකයන්ට මෙන්ම මුදල් ආර්ථික තත්වය දියුණු කරගැනීමට බලාපොරොත්තු වන සෑම සියලු දෙනාටම මෙම යන්ත්‍රය ඉතාම වටිනා යන්ත්‍ර රත්නයකි.

●  විශේෂම දෙයක් නම්, මෙම යන්ත්‍රය තවත් යන්ත්‍රයක හිර කර, අතේ බාහුවේ උඩ කොටසේ හෝ පිරිත් නූල් ගැට ගසන කොටසේ කැමති නම් කරේ වුවද පළදා ගැනීමට හැක.
නමුත් ඉණේ පැළදිය නොහැක.

● *●  කිලි කුණු නැත.
නමුත් ගවමස්, සූකර මස් වැළදීමෙන් ඉවත්වීම හොඳයි.

● *●  කල් ඉකුත් වීමක්ද මෙම යන්ත්‍රයට නැත. මෙම යන්ත්‍රය ගන්නා අපගේ සහෘදයන්ට යම් උපදේශන මාලාවක්ද යන්ත්‍රයට යම් හානියක් වුවොත් එහි සොයා බැලීමක්ද කරදීමට අපගේ සේවය කටයුතු කරනු ලැබේ.

මෙම යන්ත්‍රය අපගේ ධන සාධනීය සර්ව කාර්ය සිද්ධි යන්ත්‍රය මෙන් නොව ඕනෑම වෘත්තියක් කරන අයෙකුට අප සේවය මගින් දෙනු ලැබේ.
නමුත් ප්‍රතිපත්තියක් වශයෙන් මස් මාංශ අලෙවිසැල් හිමියන්(ෆාම් ෂොප්), මත්වතුර තැබෑරුම් හල් හිමියන්(බාර්), එහි සේවකයන්, යම් සැක සහිත වෘත්තින් කරන අයට මෙම යන්ත්‍රය ලබාදීම නොකරනු ඇත.

මෙම යන්ත්‍රයත් කේන්දර සටහන සම්පූර්ණ පරික්ෂාවක් පමණක් කර ලබාදීමට අපගේ සේවය කටයුතු කරනු ඇත.

#ඉරුසේවය 

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364

√ හදිසියෙන් පොහොසත් වන්නෝ √

අද සමාජයේ විවිධ වූ, තරඟ, ලොතරැයි, විවිධ නාලිකා වල රියැලිටි තරඟ එසේම විවිධාකාරවූ මාර්ග වලින් හදිසියේ පොහොසත් වන අය ඔබ අනන්තවත් දැක ඇති.
එක් එක් නාලිකා වල රියැලිටි තරඟ වලට එන සමහර තරඟකරුවන් ඔවුන්ගේ ආරම්භය නැවත ආවර්ජනය කරන එම නාලිකා වලින් අපට දකින්නට ලැබෙන්නෙ අන්ත දුප්පත් චරිතය. නමුත් ඔවුන් එම තරඟ වලින් දිනූ පසු එක් රැයෙන් කෝටිපතියන් වේ.

මෙය ජෝතිෂ්‍යය ඇසින් බැලීමේදී අපට පෙනී යන්නේ, ඔවුන් සසර පුරුදු ගෙන ආ වාසනාව මේ ආත්ම භවයෙදි ඵල දීමයි. එයට ජෝතිෂ්‍යය ඇසින් යම් යම් ග්‍රහ බල ඉවහල් වේ. ඒ ගැන දැන් පොඩි සටහනක් තියන්නම්.
ඔයාලගෙ හඳහන් වලත් එම තත්ව තියෙනවද බලන්න.

●  යම් ජන්මියෙකු උපදින වෙලාවේ රාහු 5 වැන්නේ ඉදල, 10 වැන්නාධිපති, 11 වැන්නාධිපති ශුභයෙක් වී එම රාහුට බැල්මක්, දෘෂ්ඨියක් වැටේ නම්, ඔහු මහා ධනස්කන්දයකට ජීවිතයෙදි හිමිකම් කියනව.

●  එසේම යම්කිසි කෙනෙක්ගේ සිකුරු/ශුක්‍ර ලග්නාධිපතියා වෙලා 2 වැන්නේ, 7 වැන්නේ, 11 වැන්නේ සිටියොත් එයා විවාහය නිසා මහා ධනස්කන්ධයකට හිමිකම් කියනව.
ඔයාල දැකල ඇති දුප්පත් පිරිමි දරුවො කෝටිපති පවුල් වල ගෑණු දරුවො දැකල ඒ අයගෙ කැමැත්තෙන් විවාහ වෙලා ඒ අය සැප විඳිනව.
ඒවගේම දුප්පත් ගැහැණු දරුවන් මහා කෝටිපති අය සමග විවාහ වෙලා සැප සම්පත් විඳිනව, යාන වාහන වල යනව.
මේවාට තව කරුණු කාරණාත් තියෙනවා මේ වගේ දේවල් වලට, ග්‍රහ බලය පැත්තෙන් යම් යම් දේවල්.

●  ඒවගේම යම් ජන්මියෙකු උපදින වෙලාවෙ, ශනි බලවත්ව 11 වැන්නේ, 9 වැන්නේ ඉදල ගුරු බලවත් නම් ඒ අය පොහොසත් වන්නේ හුඟාක් වෙලාවට වයසක සීයල ආච්චිලා උරුමහරුමකම් ලියල දීල.
මීට අවුරුදු 10කට වගේ උඩදී මේ කොළඹට ආසන්න එක්තරා ප්‍රදේශයක වෙච්ච සිද්ධියක් මට මතක් වෙනව, මම එයාගෙ කේන්දරය බැලුව.
ඒ පිරිමි ළමයා අරන් හදාගත්ත ළමයෙක්. එයාලට වත්කම් තිබ්බෙ නෑ. එයාව ඔය අරන් හදාගත්ත අම්මල තාත්තලත් හරි වයසයි.
නමුත් ඒ අම්ම තාත්තගෙ දෙමාපියන්ගෙ දේපල ආසන්න වශයෙන් කෝටි 8ක වගේ දේපල, අර අරන් හදාගත්ත දරුවට අයිති උනා. මට මතකයි, තුලා ලග්නයේ ඒ පිරිමි ළමයට ධන යෝගය තිබ්බ.

** ඔයාල දන්නවද මේ හදිසි ධනලාභ දීමේ මහා පොදු සාධකය වන්නේ කවුද කියල ?
ඒ වෙන කවුරුවත් නෙමෙයි, ඔයාල නම කිව්ව ගමන්ම අන්දමන්ද වෙන ග්‍රහයෙක්.

“ රාහු අසුරේන්ද්‍රයන් වහන්සේ “ තමයි ඒක කරන්නේ.
මෙයාගේ දෘෂ්ඨි හරි ප්‍රබලයි. විශේෂයෙන්ම ගුරුට, සිකුරුට දෘෂ්ඨි වැටෙන එකෙන් ක්ෂණිකව පොහොසත් වෙනව.
හැබැයි පොඩි දෙයක් තියෙනවා කියන්න, රාහු-සිකුරු දෘෂ්ඨිය හොඳයි තමයි, හැබැයි පුතේ ලග්නාධිපතියා ශුභයෙක් වෙලා විශේෂයෙන්ම ගුරු වගේ වෙලා චන්ද්‍රයා හොඳ තැනක හිටියොත් හරි. නැත්නම් ඒ පුද්ගලයා තෘප්තිමත් නොවන කාමාශාවක් ඇති කරන්න පුලුවන්. ඔයාල අහයිනෙ ඒකත්.
රාහු - සිකුරු දෘෂ්ඨියෙන් වැරදි වැඩ වලට යොමුවෙන්නෙ නැද්ද කියල, ඒකයි මම එහෙම කිව්වෙ.

●  එතකොට සියලුම ධනයෝග ක්‍රියාත්මක කරන ප්‍රබල ග්‍රහයෙක් තමයි ‘රාහු‘ කියන්නෙ.

●  අපි යන්ත්‍ර දාන්නෙත් සමහර අයට රාහු අපල වලට හොදට කේන්දරය බලල. මොකද සමහර අයට රාහුගේ බලපෑම 100%ක් නැති කරන්න හොඳ නෑ. එහෙම උනොත් එයාට ඒක හානියක් වෙන්න පුලුවන්.
අපි හිතමු නළුවෙක් ඉන්නව කියල. එයාට රාහු අපලය ලබනව අවුරුදු 30දි.
කවුරුහරි කියනව, මෙයාට රාහු අපල, මෙයාට ඒ අපලය නැති වෙන්න යන්ත්‍රයක් දාන්න ඕන කියල.
ඒකෙන් මොනවද දන්නවද වෙන්නෙ ඒ මනුස්සයගෙ ප්‍රසිද්ධිය නැති වෙලා යනව. ඔයාල දන්නවද ඒ මනුස්සය දියුණු වෙන්න නම් ප්‍රසිද්ධ වෙන්න ඕන නම් රාහු අපලයේ යම් දෙයක් අවශ්‍යමයි.
( සමහර රංගන ශිල්පීන් හදිසියේම ඒ ක්ෂෙත්‍රයේ දකින්න නැති වෙන්නේ, මේ රාහු ලැබුවම ඒ රාහුගේ බලපෑම 100%ක්ම ඉවත් කරාමයි. අපි අත්දැකීමෙන් එවන් සිද්ධි දන්නවා - ඉදිරියට කියන්නම්.)

* ඒක හැම ක්ෂෙත්‍රයකටම පොදුයි කියලයි මම කියන්නෙ.
සනත් ජයසූරියට වැඩිය 6 පාරවල් ගහන්න පුලුවන් කොල්ලො ගමේ ගොඩේ ඉන්නව.
මාලිංගට වැඩිය බෝලේ වෙඩිල්ල වගේ එවන්න පුලුවන් තව කොල්ලො  ඉන්නවා.
 නමුත් දෙයිහාමුදුරුවනේ, කෝ උන්ට ප්‍රසිද්ධිය... ? කෝ උන් මතු වෙනව.. ?
ඒක නිකන් වෙන්නෙ නෑ. පින/වාසනාව තියෙන්න ඕන...
ඒ එකෙකුට හරි රාහු අපලය තියෙනව නම් මිනිහා ප්‍රසිද්ධ වෙනව, ආයෙ 2ක් නෑ.
ඒ වගේ කෙනෙකුට රාහු අපලයේ threat එක, ඒවගේම ඒ අපලයේ පීඩනය සහමුලින්ම නැති කරන්න හොඳ නෑ. රාහුට පින් දෙන්න ඕන. ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලා වන්දනා කරන්න ඕන.  ඕකයි ඇත්ත තත්වය...

හොඳට කල්පනා කරන්න. මේ පොඩි ලිපියෙන් ඔයාලට ගොඩක් දේවල් දුන්නයි කියලයි මට හිතෙන්නෙ.
පැටලිල්ලක් තියෙනව නම් අපෙන් අහන්නකො.

තෙරුවන් සරණයි !

Monday, September 8, 2014

සතියේ ලග්න පලාපලය (8 සිට)


● මේෂ
ඔබට සුභ සතියකි.
11 වැන්නේ සඳු සිටින විට සතිය ආරම්භවන ඔබට ආර්ථික තත්වය යහපත් වන තත්වයක් පෙන්වයි. වෙලද ව්‍යාපාර වලින් සහ නිකන්ම ඉදගෙන වගේ මුදල් හම්බ කරන සමහරුන්ට මෙම සතිය ඉතාම ශුභය. තවද ඔබට වැඩිමහල් සහෝදරයෙක්ගෙන්, සහෝදරියකගෙන් උදව් උපකාර ආර්ථික වශයෙන් ලැබේ.
ගෘහ ජීවිතය ඉතාම වාසනාවන්තව ගතවනු ඇත. සමහරවිට පවුලේ අය සිට දුරබැහැර චාරිකා යාමට හැක. එමෙන්ම උත්සව අවස්ථා වලටද යෑමට හැක. විවාහ වන මේෂ ලග්න අයට එනම්, ස්ත්‍රි-පුරුෂ දෙපක්ෂයටම කම්සැප විඳීමේ බලගතු යෝගයක් පිහිටයි. එමනිසා විවාහ වී ඉක්මණින්ම දරු සම්පත් ලැබීමටද ඉඩ ඇත. 
විශේෂයෙන්ම ලේ ධාතුව කෝප වන දේද, උදරාබාධද මතුවිට ඉඩ ඇත. අඟහරු/කුජ මහ දසාව යන අයද, බුද හා රාහු මහ දසා ගත කරන අයද යම් යම් රෝගාබාධ වලින් පරිස්සම් වන්න.

● වෘෂභ
ඔබට මෙම සතිය ශුභයි. 
එය මනාව පැහැදිලි වේ. මන්ද චන්ද්‍රයාගේ ග්‍රහ ගෝචරයත් අනෙකුත් ග්‍රහ බලත් සැලකීමේදි ඔබගේ බඹරය වැල්ලේ වුවද කැරකෙනු ඇත. ඔබගේ උත්සාහය අනුව ආර්ථිකය සරු කරගැනීමේ හැකියාව ඇත. රැකියා කරන අයට, ජලය ආශ්‍රිත අයට, කෑම බීම ආශ්‍රිත වෙලදාම් කරන අයට ඉතාම ශුභයි. 
ගෘහ ජිවිතයේ සියලුම දෑ ඉතාම තෘප්තිමත්ව ගත කිරීමට පුලුවන්. අඹුසැමි ප්‍රේමය දළුලයි. දරුවන් සමග විනෝද වීමට පුලුවන්. කාමාශාව ප්‍රබල වේ. ඔබ ගැන හොඳ නම හෝ ජනප්‍රිය වීම නියමයි.
සෞඛ්‍ය තත්වය, උදරාබාධ, මුත්‍රා දැවිල්ල ආදියයි.

● මිථුන
පෙර කී මෙන්ම ශුභයි. 
බලගතු ධනයෝගය, පංච පුරුෂ භද්‍රා යෝගය ගත වන මේ සතිය, සල්ලි උඩ පිනුම් ගැසීම පුලුවන. ඒ ගුරු, සිකුරු මහ දසා ගත කරන අයටය. ඒ සම්බන්ධව ප්‍රශ්නයක් නැත, උත්සහවන්තව හිතේ සතුටින් සියලු කටයුතු අරඹන්න. ඔබට ඒ හැකියාව තිබෙනවා. නව ආදායම් මාර්ග සකසවා ගැනිමට පෙර වාසනාව මතුවේ.
ගෘහ ජිවිතයද ඉතාම ප්‍රීතියෙන් ගත කිරිමට වාසනාව තිබේ. ගෙදර දොරට අලුත් බඩු මුට්ටුද දරුවන්ට බිරිඳට ස්වාමියාට යම් යම් දේ තෑගි දීමට, දරුවන්ට යම් යම් දේ අරන් දීමට වාසනාව ලැබේ. අවිවාහක අයට මංගල යෝග උදාවේ. පෙම් සබදතා ඇති අයගේ ප්‍රේම බන්ධන ස්ථිර වේ. අධ්‍යාපන ලබන අය ටිකක් උත්සහවන්ත වන්න. සෙල්ලම විනෝදය වැඩි නිසා ඒ අංශය යම්කිසි විදියකින් අතපසුවීමට පුලුවන්. 
උදරාබාධ, ශල්‍යකර්ම වලට භාජනය වූ අය ඒ සම්බන්ධව නිසි ලෙස තුවාල පරිස්සම් කරගන්න.

● කටක
ඔබට සතිය මුල නම් ඒ තරම්ම ශුභ නැත.
ඒ ඇයි දන්නවද, ලග්නාධිපති සඳු මාරකස්ථානයේ ඉන්න නිසා. සතිය අවසානය වන විට මෙයා භාග්‍ය ස්ථානයට ගියාට පස්සේ ආදායම, වාසනාව ලැබෙනවා. එතකල් ඉවසන්න වෙනව.
ගෘහ ජිවිතය සතිය මුලදී ගෙදර දොරේ දේවල් වලට ණය තුරුස් වෙන්න පුලුවන්. මේ පීඩාවත් නැති වෙන්නේ සතිය අග වෙනකොටයි. 
සෞඛ්‍ය තත්වය, සෙම් අමාරු, ජලය ආශ්‍රිත බෝවන රෝග වලින් පරිස්සම් වන්න, ඒතරම් ඒවා කරදර වෙන්නෙ නෑ නමුත් පරිස්සම හොදයි.

● සිංහ
ඔබට නම් මේ සතිය ඉතාම ශුභ සතියකි.හැමෝටම ප්‍රිය මනාපව, හැමෝගෙන්ම උදව් උපකාර ලබාගෙන ජනප්‍රියව සිටින්නට හැක. ඒනිසා ආදායම් ගලන්නේ නිරායාසයෙනි. ඒවගේම බොහෝ දෙනා තමුන්ව විශ්වාස කරයි. තමන්ගෙන් උදව් බලාපොරොත්තු වන අයට ඉතාම යහපත්ව ඒ සේවය ලබාදී ඔවුන්ගෙන් තුටු පඩුරු ලබාගැනීමට හැකියාව ඇත. සුපිරිම සුපිරිය මේ සතිය. 
ගෘහ ජිවිතයද ඉතාම ප්‍රීතිමත්ව ගත වේ. ඒවගේම මේ කාලයෙදි කාමාශාව බලවත් වීම නිසා යම් යම් අපහසුතා ඇතිවේ. විවාහක අයටද ස්වාමි භාර්යා සම්බන්ධය ඉතාම බලවත්ව උවමනා වේ. එයද එක්තරා කාරණාවකි. නමුත් ප්‍රීතිමත්ව සිටී. ඔබට ප්‍රශ්නයකට සිටින්නේ ඔබගේ වචනය පාලනය කරගැනීමයි. වචනයට අධිපති බුධත් කේන්තිකාර රාහුත් එකට සංයෝගව 2වැන්නේ සිටිම ඔබගේ වචනය වේගවත් කිරිමට ඉඩ ඇත.
සෙම් අමාරු, එමෙන්ම යම් යම්, අවස්ථා වලදී බඩේ දැවිල්ල ආදිය ඇතිවේ. සැප වැඩිවීම නිසා නිදන්ගත රෝග ඉස්මතු විමට හේතුවේ.

● කන්‍යා
ඒ තරම්ම සුභයි කියා කිව නොහැක.
කන්‍යා ලග්න කරුවන් මේ කාලයේ පිස්සන් මෙන් සිටි. නිවරදි තීන්දු තීරණ නොගනී. ආර්ථිකය හකුළුවා ගනී. සමහරවිට බීමට ඇබ්බැහි විය හැක. ඔබටත් කන්‍යාෙව් නම් මේ කාලයේ බුද්ධියෙන් කටයුතු කරන්න. ග්‍රහචාරය දැක්කමම බය හිතෙනවා ඇත්තමයි. 
ගෘහ ජිවිතයද එතරම් හොදයි කියල කියන්න බැහැ. අඹු සැමියන් නිතරම රණ්ඩු සරුවල් වෙන්න පුලුවන්. ගෙදර අයත් එක්ක කිසිම සමගියක් නැති වෙන්න පුලුවන්. ඉවසන්න.
බීමට ඇබ්බැහි වෙලා ඒ අය හැදෙන්න පුලුවන්, මානසික රෝග ඇති අයගේ ප්‍රශ්න වැඩි වෙන්න පුලුවන්. සිහි කල්පනාවේ අඩුකම කේන්ති යාම, ඕව තමයි ප්‍රශ්න.

● තුලා 
සෑහෙන කාලයක් බලපාපු යම් යම් ග්‍රහ අපල දැන් දැන් අඩු වෙනව වගේ පේනවා. දැන් අර ඉස්සර තිබ්බ වගේ නරක නෑ. ඒවගේම මේ සතිය උදව් උපකාර ලැබෙන, වැඩිහිටියන්ගෙන් යාළුවන්ගෙන් උදව් උපකාර ලබල දියුණු වෙන්න පුලුවන්. රැකියාවේ දියුනුව වෙන්න පුලුවන්.
ගෘහ ජීවිතය කිව්ව වගේ වාසනාවන්තයි. ගෙදර දොරට ඥාති හිතමිතුරන්ගේ පැමිණිම අපේක්ෂා කරන්න පුලුවන්. ඒවගේම ගෙදර දොරට අලුත් බඩු මුට්ටු ලැබෙන්න හේතුයි.
හිසේ කැක්කුම, දන්තාබාධ, පාද වල යම් යම් වේදනාකාරි තත්ව ඇතිවෙන්න පුලුවනි.

● වෘශ්චික
ධෛර්යමත් සතියකි. 
ඔබට අතට පයට හිතට ශක්තිය ලැබෙන සතියකි. රජ වෙනව වගේ තමයි. 10 වැන්නේ රාජ යෝගයක් එක්ක රවි - සිකුරුද, ලග්නයේ රුචක යෝගයද ඔබගේ තත්වය ආරක්ෂා කරනව. ආදායම ගැන කතා කරල වැඩක් නෑ, නිකන්ම ආර්ථකය හොද වෙනව. රැකියා ස්ථානයෙදි විරුද්ධ ලිංගිකයන් රිසිසේ ආශ්‍රය කිරිමේ භාග්‍ය ලැබෙනවා. රැකියාව උසස් වෙනවා.
ප්‍රිතිමත්ව ජිවත් වෙතෑකි.
මවගෙන් පියාගෙන් ඥාතින්ගෙන් උරුමහරුමකම් ලැබෙනව. සමහරවිට මලගිය ඥාතින්ගේ උරුමහරුමකම්ද තමන්ට ලැබෙන්න පුලුවනි. 
උදරාබාධ, හිසේ කැක්කුම්, යම් යම් ලෙඩ තත්ව තිබෙන අය පරිස්සම් වන්න.

● ධනු
ඔබට ශුභාශුභ මිශ්‍රපලයි.
ඔබ ගණිත මිණිත අංශය, ව්‍යාපාරික ක්ෂෙත්‍රය, උපදේශක වෘත්තියක සිටී නම් ඔබට ගොඩක් හොදයි. බුධ බලවත්ව ඔබට එක එක කොමිස් ආදායම් ලැබෙන්න පුලුවනි. එවගෙම නිකන් හිටියත් මොනව මොනවමහරි සල්ලි ලැබෙන්න පුලුවනි.
ඉතාම වාසනාවන්තව ගත වෙනව. තමන්ගෙ පියා මේ දවස් වල ඉතාම සෙල්ලමෙන් විනෝදයෙන් ඉන්න පුලුවන්. ඒ අයගෙත් ආදරය ලැබිලා උරුමහරුමකම් ලැබෙන්න පුලුවන්. අම්මත් ආදරය වෙනව ගොඩක්. ගෙදර හැමෝම සාමාජිකයන් එක්ක සතුටින් බොහොම හොදින් ඉන්න පුලුවන් කාලයක්.
සැප වැඩිවීම නිසා ඇතිවන රෝග, සෙම් රෝග ආදිය ඇතිවෙන්න පුලුවනි. 

● මකර
ඔබට සාමාන්‍ය සතියකි. 
ඔබට උනන්දුවෙන් කටයුතු කරගතහොත් ඔබට යම් දෙයක් කරගන්නට පුලුවන්. ආර්ථික තත්වය දියුණු කරගන්න පුලුවන්. 
මොකද ලැබෙන ආදායම ඉතුරු කරගැනීමට යම්කිසි අපහසුතාවක් තත්කාල ග්‍රහචාරයෙන් පෙන්වනවා. 
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනව. අඹුසැමි ප්‍රීතිය වර්ධනය වෙනව. දරුවන් එක්ක ගත කරන්නෙ හොද කාලයක්. විදේශ රටවල ඉන්න අයටත් හොදයි. විදෙස් රටවල යන්න ඉන්න අයටත් යන්න ලැබෙනවා. මංගල යෝජනා ස්ථිර වෙන්න පුලුවන්. 
සෙම් අමාරු, හිසේ කැක්කුම් සහ ස්නායු රෝග වලට පොඩි පොඩි සම්බන්ධ තියෙන අය පරිස්සම් වන්න. තරුණ වයසේ මකර ලග්න විශේෂයෙන්ම පිරිමි දරුවන්, මෝහිනී බැල්ම වැටේ. ඇත්තටම මෝහිනී බැල්ම කියන්නේ සිහිනෙන් ධාතු පිටවීම. ඒ ගැන පොඩ්ඩක් සෙවිල්ලෙන් හිටියොත් හොදයි ඒ ගැන පරිස්සම් වන්න. යෞවනියන්ටද කළු කුමාර දෝෂ ඇතිවන්නට පුලුවන්, ඒ වලින් ආරක්ෂා වන්න.

● කුම්භ
ඉතාම වාසනාවන්ත කාලයක් ගොඩක් කාලයකට පස්සේ.
මේ සතියේ ඔබ හරි ප්‍රීතිමත්ව සිටිනව. ආදායම් මාර්ග ලැබෙනවා. හවුලේ කරන ව්‍යාපාර සාර්ථක වෙනව. ඒවගේම ගොවිතැන් වැඩ, ගොඩනැගිලි ඉදිකිරීම් හාඩ් වෙයාර් කරන අය දියුණු වෙනව. උරුමහරුමකම් ලැබෙනවා. 
ගෘහ ජීවිතය නම් ඉතාම ප්‍රීතිමත්. දෙදෙනා අතර අඹුසැමි සම්බන්ධය නිසා, ලොකු ආශ්වාදයක් ලැබෙනවා. ලිංගික ශක්තිය වර්ධනය වෙනව. ඒවගේම හරියට ගෙදරම මගුල් ගෙයක් වගේ තියේවි. කලාතුරකින් මේ තත්වය ආවේ, ඉතින් හොදින් ඉන්න.
සෞඛ්‍ය තත්වය, ඔය කේන්ති ගැනීම නිසා හතිය, මහන්සිය, ප්‍රෙෂර් වැඩිවීම හිතන්න පුලුවනි. ඉවසීම ප්‍රගුණ කරන්න.

● මීන
එතරම් ශුභයි කියල කියන්න බෑ.
නිස්කාරණයේ මුදල් වියදම් වෙනව. ගුරු හින්දා පොඩ්ඩක් ෂේප්. ගුරු හින්දම යහපත වෙනව. උත්සාහයෙන් වැඩ කරන්න. ආදායම විවිධාකාර විදියට ලැබෙන්න පුලුවන්. විදෙස්ගතව සිටින මීන ලග්න කරුවන්ට හොදයි. 
ගෘහ ජිවිතය හොදයි. දරුවන්ගේ දියුණුව දැකල සතුටු වෙන්න පුලුවන්. නැන්දල මාමලට ඒවගේම හොදයි. ඒ රවි සිකුරු යෝගය නිසා. 
දරුවන් සමග විවිධ ස්ථාන වලට යන්න වාසනාව ලැබෙනව(චාරිකා ආදිය), නමුත් නිවාඩුව ඉවරයිනෙ. 
සිහිනෙන් ධාතු පහවීම, ගෑණු දරුවන්ට මාස් ශුද්ධිය දවස් ගානක් තිබීම වගේම, නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න. ඕව තමයි විශේෂ.

#ඉරුසේවය
Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364