Tuesday, September 9, 2014

√ හදිසියෙන් පොහොසත් වන්නෝ √

අද සමාජයේ විවිධ වූ, තරඟ, ලොතරැයි, විවිධ නාලිකා වල රියැලිටි තරඟ එසේම විවිධාකාරවූ මාර්ග වලින් හදිසියේ පොහොසත් වන අය ඔබ අනන්තවත් දැක ඇති.
එක් එක් නාලිකා වල රියැලිටි තරඟ වලට එන සමහර තරඟකරුවන් ඔවුන්ගේ ආරම්භය නැවත ආවර්ජනය කරන එම නාලිකා වලින් අපට දකින්නට ලැබෙන්නෙ අන්ත දුප්පත් චරිතය. නමුත් ඔවුන් එම තරඟ වලින් දිනූ පසු එක් රැයෙන් කෝටිපතියන් වේ.

මෙය ජෝතිෂ්‍යය ඇසින් බැලීමේදී අපට පෙනී යන්නේ, ඔවුන් සසර පුරුදු ගෙන ආ වාසනාව මේ ආත්ම භවයෙදි ඵල දීමයි. එයට ජෝතිෂ්‍යය ඇසින් යම් යම් ග්‍රහ බල ඉවහල් වේ. ඒ ගැන දැන් පොඩි සටහනක් තියන්නම්.
ඔයාලගෙ හඳහන් වලත් එම තත්ව තියෙනවද බලන්න.

●  යම් ජන්මියෙකු උපදින වෙලාවේ රාහු 5 වැන්නේ ඉදල, 10 වැන්නාධිපති, 11 වැන්නාධිපති ශුභයෙක් වී එම රාහුට බැල්මක්, දෘෂ්ඨියක් වැටේ නම්, ඔහු මහා ධනස්කන්දයකට ජීවිතයෙදි හිමිකම් කියනව.

●  එසේම යම්කිසි කෙනෙක්ගේ සිකුරු/ශුක්‍ර ලග්නාධිපතියා වෙලා 2 වැන්නේ, 7 වැන්නේ, 11 වැන්නේ සිටියොත් එයා විවාහය නිසා මහා ධනස්කන්ධයකට හිමිකම් කියනව.
ඔයාල දැකල ඇති දුප්පත් පිරිමි දරුවො කෝටිපති පවුල් වල ගෑණු දරුවො දැකල ඒ අයගෙ කැමැත්තෙන් විවාහ වෙලා ඒ අය සැප විඳිනව.
ඒවගේම දුප්පත් ගැහැණු දරුවන් මහා කෝටිපති අය සමග විවාහ වෙලා සැප සම්පත් විඳිනව, යාන වාහන වල යනව.
මේවාට තව කරුණු කාරණාත් තියෙනවා මේ වගේ දේවල් වලට, ග්‍රහ බලය පැත්තෙන් යම් යම් දේවල්.

●  ඒවගේම යම් ජන්මියෙකු උපදින වෙලාවෙ, ශනි බලවත්ව 11 වැන්නේ, 9 වැන්නේ ඉදල ගුරු බලවත් නම් ඒ අය පොහොසත් වන්නේ හුඟාක් වෙලාවට වයසක සීයල ආච්චිලා උරුමහරුමකම් ලියල දීල.
මීට අවුරුදු 10කට වගේ උඩදී මේ කොළඹට ආසන්න එක්තරා ප්‍රදේශයක වෙච්ච සිද්ධියක් මට මතක් වෙනව, මම එයාගෙ කේන්දරය බැලුව.
ඒ පිරිමි ළමයා අරන් හදාගත්ත ළමයෙක්. එයාලට වත්කම් තිබ්බෙ නෑ. එයාව ඔය අරන් හදාගත්ත අම්මල තාත්තලත් හරි වයසයි.
නමුත් ඒ අම්ම තාත්තගෙ දෙමාපියන්ගෙ දේපල ආසන්න වශයෙන් කෝටි 8ක වගේ දේපල, අර අරන් හදාගත්ත දරුවට අයිති උනා. මට මතකයි, තුලා ලග්නයේ ඒ පිරිමි ළමයට ධන යෝගය තිබ්බ.

** ඔයාල දන්නවද මේ හදිසි ධනලාභ දීමේ මහා පොදු සාධකය වන්නේ කවුද කියල ?
ඒ වෙන කවුරුවත් නෙමෙයි, ඔයාල නම කිව්ව ගමන්ම අන්දමන්ද වෙන ග්‍රහයෙක්.

“ රාහු අසුරේන්ද්‍රයන් වහන්සේ “ තමයි ඒක කරන්නේ.
මෙයාගේ දෘෂ්ඨි හරි ප්‍රබලයි. විශේෂයෙන්ම ගුරුට, සිකුරුට දෘෂ්ඨි වැටෙන එකෙන් ක්ෂණිකව පොහොසත් වෙනව.
හැබැයි පොඩි දෙයක් තියෙනවා කියන්න, රාහු-සිකුරු දෘෂ්ඨිය හොඳයි තමයි, හැබැයි පුතේ ලග්නාධිපතියා ශුභයෙක් වෙලා විශේෂයෙන්ම ගුරු වගේ වෙලා චන්ද්‍රයා හොඳ තැනක හිටියොත් හරි. නැත්නම් ඒ පුද්ගලයා තෘප්තිමත් නොවන කාමාශාවක් ඇති කරන්න පුලුවන්. ඔයාල අහයිනෙ ඒකත්.
රාහු - සිකුරු දෘෂ්ඨියෙන් වැරදි වැඩ වලට යොමුවෙන්නෙ නැද්ද කියල, ඒකයි මම එහෙම කිව්වෙ.

●  එතකොට සියලුම ධනයෝග ක්‍රියාත්මක කරන ප්‍රබල ග්‍රහයෙක් තමයි ‘රාහු‘ කියන්නෙ.

●  අපි යන්ත්‍ර දාන්නෙත් සමහර අයට රාහු අපල වලට හොදට කේන්දරය බලල. මොකද සමහර අයට රාහුගේ බලපෑම 100%ක් නැති කරන්න හොඳ නෑ. එහෙම උනොත් එයාට ඒක හානියක් වෙන්න පුලුවන්.
අපි හිතමු නළුවෙක් ඉන්නව කියල. එයාට රාහු අපලය ලබනව අවුරුදු 30දි.
කවුරුහරි කියනව, මෙයාට රාහු අපල, මෙයාට ඒ අපලය නැති වෙන්න යන්ත්‍රයක් දාන්න ඕන කියල.
ඒකෙන් මොනවද දන්නවද වෙන්නෙ ඒ මනුස්සයගෙ ප්‍රසිද්ධිය නැති වෙලා යනව. ඔයාල දන්නවද ඒ මනුස්සය දියුණු වෙන්න නම් ප්‍රසිද්ධ වෙන්න ඕන නම් රාහු අපලයේ යම් දෙයක් අවශ්‍යමයි.
( සමහර රංගන ශිල්පීන් හදිසියේම ඒ ක්ෂෙත්‍රයේ දකින්න නැති වෙන්නේ, මේ රාහු ලැබුවම ඒ රාහුගේ බලපෑම 100%ක්ම ඉවත් කරාමයි. අපි අත්දැකීමෙන් එවන් සිද්ධි දන්නවා - ඉදිරියට කියන්නම්.)

* ඒක හැම ක්ෂෙත්‍රයකටම පොදුයි කියලයි මම කියන්නෙ.
සනත් ජයසූරියට වැඩිය 6 පාරවල් ගහන්න පුලුවන් කොල්ලො ගමේ ගොඩේ ඉන්නව.
මාලිංගට වැඩිය බෝලේ වෙඩිල්ල වගේ එවන්න පුලුවන් තව කොල්ලො  ඉන්නවා.
 නමුත් දෙයිහාමුදුරුවනේ, කෝ උන්ට ප්‍රසිද්ධිය... ? කෝ උන් මතු වෙනව.. ?
ඒක නිකන් වෙන්නෙ නෑ. පින/වාසනාව තියෙන්න ඕන...
ඒ එකෙකුට හරි රාහු අපලය තියෙනව නම් මිනිහා ප්‍රසිද්ධ වෙනව, ආයෙ 2ක් නෑ.
ඒ වගේ කෙනෙකුට රාහු අපලයේ threat එක, ඒවගේම ඒ අපලයේ පීඩනය සහමුලින්ම නැති කරන්න හොඳ නෑ. රාහුට පින් දෙන්න ඕන. ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලා වන්දනා කරන්න ඕන.  ඕකයි ඇත්ත තත්වය...

හොඳට කල්පනා කරන්න. මේ පොඩි ලිපියෙන් ඔයාලට ගොඩක් දේවල් දුන්නයි කියලයි මට හිතෙන්නෙ.
පැටලිල්ලක් තියෙනව නම් අපෙන් අහන්නකො.

තෙරුවන් සරණයි !

No comments:

Post a Comment