Wednesday, September 17, 2014

සිප් සතරින් ඉහලට යන ග්‍රහ යෝග

වර්තමාන කාලය දෙස බැලීමේදී, දුවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ලොකු තරඟකාරිත්වයක් ඇති බව පෙනේ.
විශේෂයෙන්ම 5 වසර ශිෂ්‍යත්වයට මව්වරුන්, දෙමාපියන් විඳින දුක ගැන බැලීමේදී අපට ඒ ගැන හැඟි යයි.
එසේ නම් ඉගෙන ගෙන ජයග්‍රහණ ලැබීමට ඉවහල් වන ග්‍රහ යෝග මොනවාද ?

අධ්‍යාපනය ලැබීමට මූලික වන ග්‍රහ යෝග මොනවාද ? සහ ඒවාට උදව් කරන ග්‍රහයන් කවුද ?

* යම්කිසි ජන්මියෙකුගේ ලග්න භාවයේ “බුධ“ ග්‍රහයා බලවත්වීම අධ්‍යාපනයේ සහජ දක්ෂතා මතුකිරිමට හේතුවකි.
ලග්නය, මිථුන හෝ කන්‍යා වී බුධ ග්‍රහයා ලග්න ගතවීම හෝ ලග්නය මිථුන වී රවි-බුධ ලග්නයේ සිටීම ජන්මියා බුද්ධිමතෙක් කිරිමට හේතු වේ.

● එසේම යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ මෙම රවි-බුධ යෝගය 3 වැන්නේ, 5 වැන්නේ සහ 11 වැන්නේ බලවත්වීම මහා දාර්ශනිකයින් බුද්ධිමතුන් බිහිවීමට ඉවහල් වේ.

● එසේම ගුරු ලග්නයේ(1) වීම බුද්ධිමතුන් බිහි කරයි.
ගුරු ග්‍රහයා බලවත්වීම නිසා මෙම බුධ ග්‍රහයාගේ බලය වැඩි දියුණු කොට සහජ දක්ෂතා ඉස්මතු කරයි. පුද්ගලයා ප්‍රඥාවන්තයෙක් කරයි.

** ගුරු-බුධ ග්‍රහයන් 2ම දැනුමට, ඥාන ශක්තියට ඉවහල්වන ආකාරය මෙයින් ඔබට වැටහෙනු ඇත.

● යම්කිසි ජන්මියෙකුගේ බුධ ග්‍රහයා බලවත්ව සිටියදී රාහු ග්‍රහයා ශුභ ස්ථානයක සිට බුධව දකින්නෙ නම්, ඔහු විදෙස්ගතව අධ්‍යාපනය ලැබීමට පවා භාග්‍යවන්තයෙක් වෙයි.
මෙහිදී රාහු ග්‍රහයා කඩාකප්පල් ආකාරයට හැසිරෙන්නේ නැත.

● තවද බුධ ග්‍රහයා, ගුරුගේ දෘෂ්ඨියට ලක්වීම ඉතාම ශුභ තත්වයකි.
එසේම බුධ ග්‍රහයා සෙනසුරුගේ දෘෂ්ඨියට ලක්විම නිසා ධර්ම මාර්ගයේ ලොකු ගමනක් යාමට, ධර්ම ප්‍රචාරණයට ලොකු හේතුවක් විය හැක.

● බුධ ග්‍රහයා සිකුරු සමග යෙදීම නිසා කලා කටයුතු වලටත්, සියලුම කලා ශිල්ප වල ප්‍රවීණත්වය ලැබෙන පිහිටිමකි.

● එසේම කුජ-බුධ යෝගය ඇති අය ඉංජිනේරු වෘත්තියට අදාල අධ්‍යාපනයක් හදාරයි.
පාපී දෘෂ්ඨියට වැටේ නම් මුළුමහත් ජන සමාජයක්ම රවටන්නෝ වෙති.

මේ ආකාරයට විමසීමෙදි සුපිරි අධ්‍යාපනයක් ලැබීමට ජන්ම පත්‍රය කෙතරම් ඉවහල් වෙනවාදැයි ඔබම කල්පනා කරන්න.

මේ අප සඳහන් කලේ එක්තරා කොටසක් පමණි. තවත් කරුණු කාරණා රාශියක් ඇත. ඒවා ඔබට අවශ්‍ය නම් අපගේ සේවයෙන් දැනගන්න.
කෙසේ වෙතත් ඔබගේ දරුවන්ගේ ජන්ම පත්‍රවල මේ යෝග ඇත්දැයි පරික්ෂා කර බලන්න.

Iru Astrology

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364 

No comments:

Post a Comment