Sunday, September 14, 2014

විවාහය “ඉක්මන් වන“, “කල්ගත වන“, “සාර්ථක“ සහ “අසාර්ථක“ වන පිහිටීම් - 2 ලිපිය

තරුණ වියට එළඹෙන සියලුම දෙනාගේ බලාපොරොත්තුවක් වන විවාහයට අදාලව තබන සටහනකි මේ.

විවාහය ඉක්මන් වන සහ කල්යන පිහිටීම් ගැන විස්තර කෙරුනු 1 වන ලිපිය
(https://www.facebook.com/photo.php?fbid=284821061712905&set)

“ විවාහ සාර්ථක වන යෝග “

තරුණ වියට එළඹෙන සියලුම දෙනාගේ බලාපොරොත්තුවක් වන්නේ සාර්ථක විවාහයක් කරගැනීමයි. එම විවාහය යහපත් සාර්ථක එකක් වීම ප්‍රාර්ථනයකි.
එය සමහර අයට කේන්දර සටහන් වල පිහිටා ඇති අතර, සමහර අයට යම් බාධක පෙන්වයි.
එවන් අය කල යුත්තේ, නිසි ලෙස කේන්දරය පරික්ෂා කරවාගෙන, එවන් බාධක, දෝෂ වලට පිලියම් කරගැනීම මිස බිය වීම නොවේ.
විවාහ සාර්ථක වන පිහිටීම් ගැන බලමු.

● යම්කිසි ජන්මියෙකුගේ විවාහ ස්ථානාධිපති වන 7 වැන්න අධිපතියා බලවත්ව පිහිටීමෙන් සාර්ථක වන විවාහයක් වීමට හේතු කාරණා යෙදේ.

● එසේම 7 වැන්නාධිපතියා ශුභ දෘෂ්ඨි වැටීම විවාහ සාර්ථක වීමට තවත් හේතුවකි.

● එසේම විවාහ වූ කාලයෙදි ශුභ දශා දිගටම පැවතීම ආර්ථික වශයෙන් ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂයම දියුණු වන කාරණයකි.

● එසේම කෙනෙකුගේ කේන්දරයේ ශුභ සිකුරු, චන්ද්‍ර යන ග්‍රහයන් බලවත්ව පිහිටීම විවාහයෙන් පසු ධනධාන්‍ය, සම්පත් ලැබෙන යෝගයකි.

_ විවාහය අසාර්ථක වන පිහිටීම් _

● යම්කිසි කෙනෙකුගේ විවාහ ජීවිතය අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඔහුගේ හෝ ඇයගේ කේන්දර සටහනේ ඇති ග්‍රහ බලයයි.
මෙනිසා විශේෂ උපද්‍රව කාලානුරූපව පුද්ගලයාට එල්ල වේ.

● එසේම යම් කෙනෙකුගේ ජන්ම පත්‍රයේ විවාහ ස්ථානාධිපති දුර්වල වීමද, 7 වැන්නට අශුභ දෘෂ්ඨි ලැබීමද විවාහ කඩාකප්පල් වීමට හේතුවකි.

● අප අත්දැක ඇති ආකාරයට විවාහ වූවාට පසු ශුභ ග්‍රහ දසා නොලැබීම විවාහ ජිවිත වල ආර්ථික තත්වය දුර්වල වීමට හේතුවකි.
උදා, විවාහ වූ අලුත දෙපලකට කෙනෙකුට සෙනසුරුත්, රාහුත් මහ දසා ගතවීම ඒ අය කිසියම් ආකාරයකට ආර්ථික අංශයෙන් පහත හෙලන තත්වයකි.

* ජෝතීර්වේදීන් පොරොන්දම් පරික්ෂණයට පමණක් මුල් තැන නොදී මේ සම්බන්ධවද සලකා බැලිය යුතුය. මන්ද වාසනාවන්ත කාලයක් ගතවනවාදැයි නැද්දැයි කේන්දරයක් අතට ගත් සැණින් පැවසීමට පුලුවන් නිසාය.

ඔබගේ හඳහනත් මේ ආකාරයට පරික්ෂා කරවා ගන්න.

#ඉරුසේවය

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364 

No comments:

Post a Comment