Wednesday, March 25, 2015

ගුරු මහ දසාව - අතුරු දසා වල පලාපල - 2




නවග්‍රහයන් අතරේ, ශුභ පල දෙන හා විශ්වාසයෙන් යුතු හා විශ්වාස කල හැකි එකම එක සුභ ග්‍රහයා වන ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා සම්බන්ධව අද විමසා බලමු.

* මෙම මහ දසාව වසර 16ක් පුරාවට පවතී.
පුද්ගලයෙකුට අවශ්‍ය මනා පෞරුෂය සහ සත්‍යවාදි බව, සිල්වත් ගුණවත් බව සහ අනුකම්පා සහගත බව එසේම ලෞකික ජිවිතයේ අවශ්‍ය කරන සකලවිධ සැප සම්පත්, උසස් පිලිගැනීම් සහිත ජිවිතය ලබාදෙන්නේ ගුරු ග්‍රහයාය. 
ප්‍රසිද්ධ පැවිදි උතුමන්ද, විවිධ පූජකවරුන්ද, උපදේශකවරුන්ද ගුරු බලවත් වූවෝ වෙති.

මෙම මහ දසාව ගත වෙන අයුර අප දැන් සලකා බලමු.

● ගුරුගේ ගුරු අතුරු දසාව - වසර 2 මාස 1 දින 18

ඉතාම ශුභ කාලයකි.
සැප සම්පත් ලැබෙන අතර සමාජයේ ඉහල පිලිගැනීමක් ලැබෙයි. සියලුම කරදර නිමාවෙන කාලයකි. සුඛෝපභෝගි ජිවිතයක් හිමිවෙයි. ශරීර සෞඛ්‍ය යහපත් වෙයි. පුත්‍ර ලාභ බලාපොරොත්තු වන අයට එම පැතුම් ඉටු වෙයි. ඉගෙනීමේ කටයුතු වැඩි වර්ධනය වෙයි. 

● ගුරුගේ ශනි අතුරු දසාව - වසර 2 මාස 6 දින 12

මේ කාලය තරමක ශුභපල වල පොඩි අඩුවීමක් පෙන්නුම් කරයි.
නමුත් ග්‍රහයන් 2ම කේන්දරයේ බලවත් නම් එම දෝෂය මගහැරේ. කෙසේ වෙතත් හොද දේ නම් ඉගෙනීමට හිත යොමුවීම, භූමිය සම්බන්ධ කටයුතු කිරිම එසේම මුලදි මහන්සියෙන් අමාරුවෙන් පටන් අරන් ඉදිරියට දියුණු වන දේවල් වලට ආයෝජන කිරිම සහ ශාරිරිකව මානසිකව ඒ වෙනුවෙන් කැපවීමේ මේ කාලයෙදි හොදයි.

● ගුරුගේ බුධ අතුරු දසාව - වසර 2 මාස 3 දින 06

මේ කාලයෙදි විශේෂයෙන්ම ඉගෙනීමේ කටයුතු වලට දියුණුවක් ලැබෙයි. ඥානය සහ බුද්ධිය මෙහෙයවා කරන සියලුම කටයුතු සාර්ථක වෙයි. එසේම ආර්ථික තත්වය යහපත් වෙයි.
ඉගෙන ගන්නා වයසේ සියලුම දුවාදරුවන්ට හොද කාලයක්. නැන්දලා මාමලාගෙන් දියුණුවට අති විශේෂ සහයෝගයක් ලැබෙයි.

● ගුරුගේ කේතු අතුරු දසාව - මාස 11 දින 06

තරමක ශුභාශුභ මිශ්‍ර කාලයකි.
පතල් කැණීම්, පොලව සම්බන්ධ දේ කිරිමෙන් ධනවත් විමට පුලුවන්. ගුප්ත ශාස්ත්‍රිය කටයුතු වලින් දියුණුවක් ලැබිය හැක. එම කටයුතු ඉගෙනීමටද හැකියාවක් ලැබෙයි.
ගුරු සහ කේතු කේන්දරේ අයහපත් නම් කලාතුරකින් ශල්‍යකර්ම වලට භාජනය වීමට හැක - විශේෂයෙන්ම එය කාන්තාවන්ට බලපායි.

● ගුරුගේ සිකුරු අතුරු දසාව - වර්ෂ 2 මාස 8

තවත් එක වාසනාවන්ත අතුරු දසාවකි.
ගුරු මහ දසාවේ මධ්‍ය කොටසෙදි පටන් ගන්නා මේ කාලය හේතුවෙන් පුද්ගලයා අතිශයින්ම දියුණුවට පත්වෙයි. එසේම දියුණුවෙන් දියුණුවටම පත්වෙයි.
සුඛෝපභෝගි වාහන ලාභයද උසස් විවාහයද මෙම කාලයෙදි සිදුවෙයි.

● ගුරුගේ රවි අතුරු දසාව - මාස 09 දින 18

පියාගේ උරුමහරුමකම් ලබන අතර, සමාජයේ පිලිගැනීමට ලක්වී ඉහල තත්ව වලට ලක්වෙයි.
දේශපාලන ක්ෂෙත්‍ර වල සිටින අයට මෙය හොදයි - රවි උච්චව සිටියොත් එසේම වේවි. නරක කාලයක් නොවෙයි.

● ගුරුගේ සදු අතුරු දසාව - අවු 1 මාස 4

විශේෂයෙන්ම මේ කාලයෙදි ජනප්‍රියත්වය ඇතිවෙයි.
මංගල යෝග ක්‍රියාත්මක වෙයි. දූවරුන් බලාපොරොත්තු වෙනවා නම් පින්වත් දූවරුන් ලැබෙයි. හොද කාලයකි. කරදරයක් නොමැත. 

● ගුරුගේ කුජ අතුරු දසාව - මාස 11 දින 06

මේ කාලය දේශපාලන ක්සෙත්‍රයේ අයට හොදයි.
බලය සහ කීර්ති නාමය දිගටම ලැබෙයි. මෙම දෙදෙනාම බලවත් බැවින් ලෞකික දියුණුව දිගටම ලැබේ. භූමි ලාභ සහ වාහන ලාභ ලැබේ. නව වෙලද ව්‍යාපාර ඇරඹීමට සුභ කාලයකි.
යහපත් කාලයකි.

● ගුරුගේ රාහු අතුරු දසාව - වසර 2 මාස 4 දින 24

මේ කාලයෙදි දියුණුව උදෙසා විදෙස් ගතවිම සිදුවේ.
එසේම දුරබැහැර ගමන් බිමන් යෙදෙන අතර වන්දනා ගමන්ද යෙදේ. ආගම දහම දැඩිව සිත නැඹුරු වන අතර ඒවා වෙනුවෙන් දුරබැහැරට යාමටද සිදුවෙයි. ස්වාමින් වහන්සේලාට මේ කාලයෙදි ධර්ම ප්‍රචාරක කටයුුතු වලට සහභාගි විමට පුලුවන. 

_______


No comments:

Post a Comment