Sunday, March 22, 2015

කුජ මාරුව - මාර්තු 24 සිට

කුජ ග්‍රහයා මෙම මස 24වන දින තම ස්වක්ෂෙත්‍ර වාස භවනය වන මේෂ රාශියට පැමිණෙයි. මෙම මේෂ රාශියට පැමිණෙන්නේ ගුරුට හිමි වූ සීතල මීන රාශියේ සිටය.
මෙම 24 වන දින සිදුවන මෙම ග්‍රහ මාරුව සහ මෙපමණකල් ඉතාම සීතල ගණන් කාරයෙක් වශයෙන් සිටි කුජ හෙවත් අගහරු (මීන රාශියේ සීතලව වැඩි කලබලයක් නැතිව සිටි කුජ) මේෂයට පැමිණ චණ්ඩිකමට මොනව මොනවා කරයිද දන්නෙ නැහැ. ඒ ගැන අප සලකා බලමු.

● මේෂ
1 වැන්නට කුජ මාරුවීම ඉතාම හොදයි.
භූමි ලාභ ඉඩකඩම් ලැබෙනවා. තමාගේ ග්‍රහ බලය හොද නිසා අයිතිවාසිකම් උරුමහරුමකම් ලැබෙනවා. බොහෝම හොදයි.
අනතුරු සහිත රැකියා කරන අය හිසට සහ බාහු වලට විය හැකි අනතුරු වලින් පරිස්සම් විම හොදයි.

● වෘෂභ
12 වැන්නට පැමිණීම එතරම් හොද නැත.
නිකරුණේ නඩු හබ වලට පටලන්ට ඉඩ තිබෙනවා. තමාගේ රැකියාවේ සහ කරන කියන වෙලද ව්‍යාපාර වල පාඩු දකින්න පුලුවන්. බුද්ධියෙන් කටයුතු කරන්න.
පාද වලට අනතුරු විය හැකි නිසා පරිස්සම් වන්න.

● මිථුන
11 වැන්නට පැමිණීම හොදයි.
භූමි ලාභ ලැබේ. නිලතල ලැබේ. ගරු නම්බු ලැබේ. සමහරවිට මිතුරන් අතරේ රණ්ඩුවක් ඇතිවිමට පුලුවන්. බුද්ධියෙන් කටයුතු කරන්න.

● කටක
10 වැන්නට පැමිණීම ඉතාම හොදයි.
භූමි ලාභ ඉඩකඩම් ලැබේ. රැකියාව දියුණු වේ. තමාගේ වචනයට වෙනත් අය අවනත වෙයි.
යාන වාහන ලැබිමේ ඉඩකඩද පවති.

● සිංහ
 9 වැන්නට පැමිණීම ඉතාම හොදයි.
විශේෂයෙන්ම උරුමහරුමකම් ලැබෙනවා. එසේම වැඩිහිටියන්ගෙන් දේපල ඉඩකඩම් ලැබිමේ වාසනාව තිබෙනවා. එසේම දීර්ඝ ගමන් යෙදීමට හේතුයි.

● කන්‍යා
8 වැන්නට පැමිණීම එතරම් හොද තත්වයක් නොවෙයි.
මේ තත්වය නිසා අනිවාර්යෙන්ම හදිසි කරදර අනතුරු වලට, මුහුණ පෑමට හේතුයි. ඒනිසා බුද්ධියෙන් සහ පරිස්සමින් කටයුතු කරන්න.

● තුලා
7 වැන්නට පැමිණීම විවාහ කටයුතු වලට තරමක බාධකයක්ය.
ප්‍රේම සබදතා බිඳ වැටීමට එය හේතුවක් විය හැක. බුද්ධියෙන් කටයුතු කරන්න. එසේම විවාහ සබදතා වලටද බාධාවක් ඇතිවිය හැක.

● වෘශ්චික
6 වැන්නට පැමිණීම හොදයි.
එම පැමිණීම නිසා සතුරු කරදර නැතිවෙයි. සතුරු කරදර මර්දනය කිරිමට පුලුවන්. එසේම ඔබට සමහරවිට ආමාශගත රෝග වැළදීමටද ඉඩ ඇත. ඒ ගැන ප්‍රවේසම් විය යුතුය.

● ධනු
5 වැන්නට පැමිණීම නිසා හොදයි.
කේන්තිය ආවේගය පාලනයට විශේෂ උනන්දුවක් දක්වන්නට ඕන. නිර්මාණකරණයේ සහ ගණිත මිණිත අංශයේ දරුවන්ට හොදයි. එසේම දරුවන් ලැබීමට සිටින ධනු ලග්න මව්වරුන් පරිස්සම් විම හොදයි.

● මකර
4 වැන්නට පැමිණීම හොදයි.
භූමි ලාභ වලට තිබු බාධක දුරුවෙයි. පදිංචිය ස්ථිර වෙයි. එසේම කරන කියන කටයුතු සාර්ථක වෙයි.

● කුම්භ
3වැන්නට පැමිණීම ඉතා හොදයි.
කෙටි ගමන්, දුර ගමන් වරින්වර යෙදේ. එසේම විදේශ රැකියාවන් වලට තිබුනු බාධක දුරුවෙයි. සමාජයේ කීර්තිය සහ වික්‍රමය පැතිරෙයි.

● මීන
2 වැන්නට පැමිණීම ඉතාම හොදයි.
මේ තත්වය නිසා ධනෝපායන මාර්ග ලැබේ. එසේම සියලුම අංශ වල දියුණුව ඇති කරයි. ව්‍යාපාරික ක්සෙත්‍රයේ නියුතු අයට අලුත් ව්‍යාපාර ඇරඹීමට වාසනාව ලැබෙයි.


________

* භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* නාමකරණය  (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
 සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
irusewaya@gmail.com.
0711 345 364







1 comment: