Wednesday, January 30, 2019

“ දෑස නොපෙනුනාට හොද අනාගතයක් හිමි බව“ - වසර 5කට පෙර අප ඉන්දික තොටවත්ත ගැන කියූ දේ !

අද ලංකාවේ ප්‍රසිද්ධම ජ්‍යොතිර්වේදියෙකු වන, ඉන්දික තොටවත්ත මහතා ගැන, වසර 5කට පෙර ස්වර්ණවාහිනිය ප්‍රවෘත්ති අනුව බලා අප පල කල අනාවැකිය,
“ දෑස නොපෙනුනාට හොද අනාගතයක් හිමි බවයි“ ..

-අම්බලන්ගොඩ වතුපිටිවල සිට කේන්දර පරික්ෂා කල ඉන්දික තොටවත්ත මහතා දැන් කොළඹ ප්‍රදේශයේ බොහෝ දෙනෙක්ට සේවය ලබාදෙනවා.
- ඔහුට ජ්‍යොතිෂ්‍යයට අමතරව, පෙර ආත්මගත සම්බන්ධ විඥානයකද සහය තිබෙන බව අපට කිව හැකිය.


* අප කියා ඇත්තේ, ඉන්දික තොටවත්ත මහතාගෙ අනාවැකි හරියනවාද වරදිනවාද ගැන නොව, ඔහුගේ අනාගතය හොද බැවින් ඔහු ප්‍රසිද්ධ වන බවයි. එය දැන් සිදුවී ඇත.

Monday, January 28, 2019

කතා මැද කතා.

අප දන්නා,  නෝනා කෙනෙක් සිටිනවා මාලදිවයිනෙ. ඇය එහි තම සැමියා සමග දූපතක පවත්වාගෙන යනවා ඉහල ගණයේ අවන්හලක්. එය එහි ප්‍රසිද්ධ ස්ථානයක්. ඇය එම අවන්හල අරඹන සියලු කටයුතු පාහේ කලේ අපගේ උපදෙස් මතයි. සියලු ජ්‍යොතිෂ්‍යය සහ වාස්තු උපදේශ අප විසින් ලබාදුන්නා එය අරඹන අවස්ථාවේ.
පසුකාලීනව ව්‍යාපාරය බොහෝ දියුණු උනා. ඇය වතාවන් කීපයක් ලංකාවට ආවත්, අපට කතා කලේවත් නැහැ.
●  ටිකෙන් ටික ඇය ජ්‍යොතිෂ්‍ය යනාදි සේවාවන් දුරකථනයෙන් පමණක් කරගන්නට කටයුතු කලා. පෙර පැවති සබැදියාව දුරස්ව ඇය වෙනම ආගන්තුක කෙනෙක් පමණක් උනා. අප කරන්නේ සේවයන් ලබාදිම නිසා ගැටළුවක් උනේ නැහැ. පසුව ඇය ලංකාවට පැමිණ කල යුතු එක්තරා ශාන්ති කර්මයක් මාලදිවයිනේ සිට කල යුතු බව අපට දැන්වූවා. අප විසින් දන්වා සිටියේ ඇය උපන් භූමියේ එය කල යුතු බවයි. එසේ නොකර එහි ඵල නැති බවද අප පැවසුවා. ඇය පැවසුවේ ඇයට ඕන පරිදි කල යුතු බවයි. අප කිසිවෙකුට උවමනා පරිදි ශාන්ති කර්ම යෝජනා කරන්නේ නැහැ, අප කරන්නේ කල යුතු පරිදි බව අප ප්‍රකාශ කලා.

● ඇය එයින් අප හා අමනාප වූවා. ඉන්පසුව අප සේවය ගත්තේ නැහැ. මාස 8කට පමණ පෙර ලංකාවෙ එකතරා ප්‍රසිද්ධ වෙමින් පවතින ජ්‍යොතිර්වේදියෙකුව ඇය විසින් සියලු පිරිවැය දරා ඇයගෙ මාලදිවයිනේ අවන්හලට ගෙන්වාගෙන තිබුනා. අපට ආරංචි පරිදි එම තැනැත්තාට මිලියන කීපයක් එම කටයුතු වෙනුවෙන් ලබාදි තිබෙනවා. මාස 2-3ක් යනවිට ඇයගේ ව්‍යාපාර බොහොම පාඩු ලබන තත්වයට පැමිණ ඇත. අර තරම මුදලක් ගෙවලත් එම කටයුතු නිසියාකාරව කරගෙන නැහැ. ඇයගෙ සහෝදරයා මේ ලගදි කතා කර එම විස්තරය සහ නැවත අයට අපගේ සේවය අවශ්‍ය බව කියූවත්, අප කිසිවක් කීවේ නැහැ. පෙර කී ජ්‍යොතිර්වේදියාගේ ඇඩ් එකක් ෆේස්බුක් හරහා දර්ශනය වූ නිසාද අපට මේවා මතක් උනා. ඔහු පින්තුර පවා ගෙන ඇත්තේ තමන්ගේ මහානීය තත්වයන් පෙන්වන්නටයි. නමුත් කරන්නේ වෙන දෙයකි.

●  ලංකාවෙ බහුතර මිනිසුන් කැමති, වැඩියෙන් ප්‍රදර්ශනය කරන Show එකට කරන වැඩටය. යම් දේශපාලකයෙක්, පෝසතෙක් පන්සල්, දේවාල, පල්ලි යනාදියට යනවා නම් ඔහු හොද කෙනෙක් කියා හිතනවා. ඒ විතරක් නෙමෙයි දෙවිවරු, ධර්මය පවා එහෙම අයට ආශිර්වාද කරන බව හිතනවා. ඒත් ඇත්තම කතාව එවන් චරිත වැජඹෙන්නේ තමන්ගේ පින සහ කැපවීම ( උපක්‍රමශීලිව) මතයි. බොහෝවිට කිසිදු දෙවි කෙනෙකු එවන් චරිත වලට ආශිර්වාද කරන්නේ නැහැ. නමුත් යම් යම් දේවල් දීලා භූත, ප්‍රේත, අසුර/යක්ෂ වගේ අයගේ සහය ගන්න පුලුවන්. පහත් අමනුෂ්‍ය ආත්ම රැවටෙනවා වගේම, ඒවා ස්ථිර නැහැ. දෝෂ බොහෝමයි.

- ලංකාවෙ බහුතරය කැමති ආකාරය කෙසේ වුවද, ඉදිරියේදි බොහෝමයක් දේවාල වලට සෙනග යෑම අඩු වෙන තත්වයක් ඇති වෙනවා. එය එසේ වන්නේ සැබෑ තත්වයන් ජනතාවට අවබෝධ වීමෙන්. නැතිව දෙවියන්ට අඩුවක් වීමෙන් නෙමෙයි. දෙවිවරු දේවාල වල නැහැ. එන්නෙත් කලාතුරකින්. දේවාල වලට අරක්ගෙන ඉන්නේ, විවිධාකාර භූත - ප්‍රේත - අසුර/ යක්ෂ සහ දේවාල වල කපු මහතුන්. බොහෝමයක් කපු මහතුන්ද දැන් සීලයක් රකින්නේ නැහැ. එයම ඔවුන්ගේ විනාශයට හේතු වෙනවා.

Saturday, January 26, 2019

“ කුජ බලවත් වීම දේශපාලනයට “

 යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ #අගහරු හෙවත් කුජ ග්‍රහයා බලවත් වීම නිසා ඔහු කුඩා කල සිටම පරිවාර සම්පත්තිය ලබන, #පිරිස් පාලනය ඇති, සංවිධාන ශක්තිය ඇති කෙනෙක් බවට පත් කරයි. යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයේ කුජ ග්‍රහයා වික්‍රමස්ථානයේ හෝ 10 වැන්නේ #බලවත් වීම දේශපාලනයට ඉතාම සුදුසු පිහිටීමකි.

*උදාහරණක් වශයෙන් මහ ඇමති තරඟයෙන් දේශපාලන කරළියට ආ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිණියගේ #ජන්ම පත්‍රයේ අගහරු/කුජ බලවත්ව සිටි ආකාරය විමසන්න. #එතුමිය කිසි දිනෙක පරාජය වී නැත. එය #රුචක යෝගයයි.

* මීට අමතරව හිටපු #හමුදාපති ජෙනරල් #සරත් #ෆොන්සේකා මහතාගේද, ජර්මනියේ අඥාදායක හිට්ලර්ගෙ කේන්දර සටහනේද, #දිඹුලාගල නාහිමියන්ගේ කේන්දර සටහනේද, සුපිරි ක්‍රීඩක #සනත් ජයසුරියගේ කේන්දර සටහනේද බලවත් වූ කුජ ඇති කරන රුචක යෝගය දක්නට ලැබේ.

පොදු කරුණු පමණි !

කේන්දරයේ බැලූ බැල්මට කුජ බලවත්වීම ප්‍රමාණවත් නැත. සූක්ෂමව බලද්දීද නියමාකාරයෙන් බලවත් විය යුතුමය.

irusewaya@gmail.com   
                                                   https://goo.gl/GwM2g9



Friday, January 25, 2019

නවරත්න මුදුව



නවරත්න මුදු අද යම් පිරිසක් පලදිනු දැකිය හැක. එසේ වුවද එම මුද්ද පැළදීමට විශේෂිත ක්‍රමවේදයක් ඇත.
දකින බොහෝ නවරත්න මුදුවල සියලුම ගල් එකම ආකාරයකට ඔබ්බවා ඇත. එසේම අදාල ගලට අනුව ජපකිරීමද කර නැත. එවන් මුද්දකින් ඇතිවන්නේ සුබ ඵල ඇතිවේද සැක සහිතය.

නිසියාකාරව නවරත්න මුද්දක් පළදින්නේ නම් එහි තමන්ට අපල දෙන ග්‍රහයන්ගේ ගල් ඔබ්බවන සුවිශේෂි ක්‍රමයක් සහ අපල සමනය වීමට හා තවත් සුවිශේෂි ක්‍රමයකට ජප කල යුතුය.

සුභ පල දෙන ග්‍රහයන්ට අදාල ගල්ද විශේෂිත ක්‍රමයකට මුද්දේ එබ්බ විය යුතුය. සුභ පල වැඩිදියුණු වීමටත් තවත් සුවිශේෂි ක්‍රමයකටද ජප කල යුතුය.

irusewaya@gmail.com
https://goo.gl/36bYsq

Wednesday, January 23, 2019

“ මතු බුදු වන නාථ දෙවියන් “

නාථ දෙවියන් මේ අවස්ථාවේ දළදා මාලිගාවේ වැඩ වසන ශ්‍රී දන්ත ධාතුන්වහන්සේ ආරක්ෂා කරලීමේ කටයුත්තේ මූලිකවද, නිවන් පිණිස මනස දියුණු කරගැනීමේ කටයුතු වලද නියැලී සිටියි.

* සමහර තැනෙක මෛත්‍රී බෝධිසත්වයන් නමින් නාථ දෙවියන් හැඳින්වෙයි. එය වැරදිය. මෛත්‍රී බෝධිසත්වයන් ඊලගට බුදු වන්නට සිටින උත්තමයාණන්වහන්සේය. තව්තිසා දෙව්ලොවේ ප්‍රධානත්වය දරයි. මෛත්‍රී බෝධිසත්වයන් සහ නාථ දෙවියන් යන දෙදෙනාම බැලූ බැල්මට එක සමාන රූපකායකින් යුක්ත වෙති. භාවනා කරන සමහර අයද දැක ඇත්තේ සහ ජනතාව අතරට දෙදෙනාම එක් අයෙක් යන මතය පැමිණ ඇත්තේ එබැවින් විය යුතුය. කෙසේ වුවද නිසි කුසල ශක්තියකින් සහ සීලයකින් යුතුව, අධිෂ්ඨානයෙන් භාවනා කර දෙවිවරුන්ගේ සැබෑ විස්තර දැන ගැනීමට හැකියාව ඇත.

● මෛත්‍රී බෝධිසත්වයන්ගේ දෙව් ලොව නම “අජිත දෙවියන්ය“.
නාථ දෙවියන් සහ මෛත්‍රී බෝධිසත්වයන් වෙන්කර හඳුනාගත හැක්කේ, මෛත්‍රී බෝධිසත්වයන් අත තිබෙන නෙළුම රතු නෙළුමක් වන නිසාත්, නාථ දෙවියන් අත තිබෙන්නේ සුදු නෙළුමක් වන නිසාත්ය. ඒ හැර ඇඳුම, රූපකාය බොහෝදුරට එක සමානය. මෛත්‍රී බෝධිසත්වයන්ගේ සිරුර හරහා වැටී ඇති නූල මහතින් වැඩි අතර, නාථ දෙවියන්ගේ එය තරමක් සිහින්ය.
‘මෛත්‍රී බෝධිසත්වයන් බුදු වූ පසු, ඊලගට බුද්ධත්වයට පත් වීමට අධිෂ්ඨාන බල සපුරා ඇත්තේ නාථ දෙවියන්ය.
* නාථ දෙවියන්ට වන්දනය පිණිස විශේෂයෙන් “ වරා මල“ භාවිත වෙයි. නියමිත දිශාවක් නැතත් බොහෝවිට දෙවිවරුන්ට පොදු දිශාව වන ඊසාන දිශාව යොදා ගැනේ.

- සමහර තැනෙක, දේශපාලකයන්ට උදව් කරන බවක්ද නාථ දෙවියන්ගේ නාමය සදහන් කර කියවෙනු දකින්නට ඇත. නාථ දෙවියන් පමණක් නොව කිසිදු දෙවි කෙනෙක් එවන් කටයුතු සිදු කරන්නේ නැත. පූජා වට්ටියට, මුදලට රැවටෙන්නේද, කැමැත්ත ඇත්තේද බුද්ධිය මිනිසුන්ටද වඩා අඩු පහත් අසුර, ප්‍රේත, භූත වැනි ආත්ම භාවයන්ය. දෙවිවරු වැනි උසස් කුසල ශක්තියක් ඇති, උසස් මනසක් ඇති අය එවන් දේට යොමුවන්නේ නැත. දෙවිවරු ආශිර්වාද කරන්නේද පින් ඇති - සීලවන්තටය. එයද අදාල කෙනාගේ කර්ම ශක්තිය මත වෙනස් වෙයි. අදාල අවස්ථාවේ කර්ම ශක්තිය යහපත් නම් පමණක් ආශිර්වාදය ලැබේ. නැත්නම් ඉෂ්ට දෙවි කෙනෙකුගේ වුවද ආශිර්වාදය නොලැබෙයි.

නාථ දෙවියන් මහායානයේ එන අවලෝකිතේශ්වර බෝධිසත්වයන් බවටද මතයක් පවති. කෝට්ටේ යුගය - මහනුවර යුගය යන කාලයන්හිදී නාථ දෙවියන් ගැන විශේෂයෙන් කියවෙන කරුණු තිබේ. සෙංකඩගල ලෙස මහනුවර රාජධානිය ඇතිවීමටද එහි පිහිටි ශ්‍රී නාථ දේවාලය හේතු වන බව කියැවේ.

නාථ දෙවියන් විශේෂයෙන් ජනතාවගේ කරදර දුරු කරන්නට උදව් කරන බව කියැවේ. එසේ කීවිට ධනය දෙන බව නොසිතන්න. බුදු බව පතන උතුමෙකු නිසා කුසලයෙන් ඉහලය. එනිසාම ආශිර්වාදය බොහෝ වටින දෙයකි. නිසි පින්කම් කර නාථ දෙවියන්ටද අනුමෝදන් කරන්න. වෙනම ගාථා සජ්ජායනය හෝ යාඥා කරමින් උදව් ඉල්ලීම අවශ්‍ය නැත. ඔබ සිල්වන්ත - කුසලවන්තයෙක් නම්, කර්ම ශක්තිය නිසි නම් ආශිර්වාද ලැබෙනවා නොඅනුමානය.

-

#ඉරු
irusewaya@gmail.com

Thursday, January 3, 2019

2019 වසර ලග්න 12ට කොහොමද ?

පොදු පලාපලයකි !

* පොදුවේ 2019 වසර සියලුදෙනාටම යහපත් වන අතර, රටට - ජනතාවට වඩා සුභදායි කාලයක ඇරඹුම සනිටුහන් කරන කාලයක් වනු ඇත. විශේෂයෙන් මේතාක් කාලයක් යහපත්ව, සිලවත්ව අන් අයට උදව් කරමින් ජිවිතය ගත කල බොහෝදෙනාට වඩා හොඳ කාලයක් උදාවන අතර, අයහපත්ව - වැරදි - අපරාධ කරමින් ජිවත් වූ බොහෝදෙනෙක්ට අකුසල විපාක විඳීමට සිදුවන වර්ෂයක්ද වනු ඇත. බොහෝ දේශපාලකයන්ටද තම අකුසල කර්ම විපාක ඵල දෙන වසරකි.
මේ සියල්ල තමන්ගේ කේන්දරය - කර්ම ශක්තිය අනුව වෙනස් අනුව තීරණය වෙයි.

ලග්න 12ට පොදුවේ !


-
● මේෂ
පොදුවේ යහපත් වසරකි.
ආර්ථික තත්වය යහපත් වන්නටත් කරන කටයුතු වඩා හොදින් කරගෙන යාමටත් හැකියාව ලැබෙන කාලයකි. ඉගෙනීම් කටයුතු වලට තරමක බාධා තිබෙන නිසා ඒවා මගහැරගෙන ජිවිතය ගනෙ ආ යුතුය. ආර්ථිකය සම්බන්ධ කටයුතු වලදි වඩා විමසිලිමත් වන්න.
පෙම් සබදතා වලටද සුබ නමුත් තරමක් බාධා, රැවටීම් ආදිය සිදුවිය හැකි නිසා බුද්ධිමත් වන්න.

-
● වෘෂභ
පොදුවේ ශුභාශුභ 2ම තිබෙන වසරකි.
අෂ්ටම ඒරාෂ්ටකයද ගත වන බැවින් තරමක් බුද්ධිමත්ව කටයුතු කල යුතුය. ආර්ථික තත්වය අයහපත් නොවුනද වියදම් අධික විය හැකි නිසා සැලකිලිමත් වන්න. විශේෂයෙන් අධ්‍යාපන කටයුතු වලට වඩාත් කැපවීමෙන් යොමුවන්න.
අනවශ්‍ය මත ගැටුම් ආදිය පෙම සම්බන්ධව නොයෙදීමට වග බලා ගන්න. වෙනදාට වඩා යහපත් කාලයක් පවුල් ජිවිතයේ ඇතිවනු ඇත.

-
● මිථුන
පොදුවේ ශුභාශුභ 2ම සහිතය.
දැඩි කැපවීමකින් උත්සහයකින් කටයුතු කිරීම තුල ජය ගැනීමට හැකියාව ලැබෙන කාලයකි. ඒ ගැන සිතා කටයුතු කරන්න. හදිසි ලාභ, ව්‍යාපාර වල ජය යනාදියටත් වාසනාව තිබෙන කාලයකි. රැකියා සම්බන්ධයනේද තරමක් යහපත්ය. ඉගෙනීම් කටයුතු වලට සුභ කාලයකි. දරුවන්ට වඩා හොදයි.
හොද අවබෝධයකින් යුතුව කටයුතු කර ප්‍රේමය - ආදරය - පවුල් ජිවිතය යන දෑ වල දියුණුවක් අපේක්ෂා කල හැක. කෙසේ වුවද මනා ඉවසීමකුත් අත්‍යාවශ්‍ය වෙයි.

-
● කටක
පොදුවේ වැඩියෙන් ශුභ ඵල අපේක්ෂා කල හැක.
යහපත් කාලයක් ගත වන්නට හේතු කාරණා පහල වෙයි, විශේෂයෙන් අන් අයගේ උදව් උපකාර ලැබෙන්නට වාසනාව පවති. රැකියා - ව්‍යාපාර දියුණුව අපේක්ෂා කල හැක. අධ්‍යාපන කටයුතු වලට සුබයි, නමුත් ඒරාෂ්ටක අපල ගත වන අය ඒවාට නිසි පිලියම් කල යුතුමය. ආර්ථිකය තරමක් යහපත් වෙයි.
ප්‍රේමය - ආදරය සම්බන්ධව යහපත් කාලයකි. ඉවසිලිවන්තව - අවබෝධයෙන් යුතුව කරන ආදර සබදතා වලට හොදයි. කටක අයට පොදුවේ යහපත් වන්නෙ තමන්ට වඩා වයසින් වැඩි, බොහෝ පරිණත, ඉතා සෙනෙහෙවන්තව තමන්ව රැක බලා ගන්නා කෙනෙකු වන අතර, එවන් අය සමග බුද්ධියෙන් සහ නිසි ඉවසීමෙන් කටයුතු කරන්නට වග බලා ගන්න.

-
● සිංහ
ශුභාශුභ 2ම පොදුවේ තිබෙන කාලයකි.
සතුරු කරදර බාධක ජයගෙන ඉදිරියට යාමට හැකියාව ලැබෙන කාලයකි. ආර්ථිකය දියුණු කරගැනීමටත්, ව්‍යාපාර වල ජය මෙන්ම දේපල - ඉඩකඩම් යනාදියේ උරුමයන් ලැබීමටත් වාසනාව පවති. තමන් ඇසුරු කරන අය ගැන සැලකිලිමත් වන්න. බාධක පැවතියද ඒවා අකාමකා කටයුතු කලොත් ඒවා තුලින්ද ජයග්‍රහණ හිමිවනු ඇත.
වඩා යහපත් මංගල යෝජනා ඇතිවන්නට හේතු තිබේ. වසර මැද සිට එම කටයුතු වලට වඩා හොදයි. පොදුවේ සිංහ ලග්න අයගේ ස්ථිරසාර ගති නිසා ආදරයන් සුරැකේ. එම කටයුතු සතුටින් කරන්නට හැකියාව ලැබෙන කාලයකි.


-
● කන්‍යා
පොදුවේ ශුභදායි වසරකි.
ආර්ථිකය මෙන්ම රැකියා සහ ව්‍යාපාර කටයුතුද දියුණු වන කාලයකි. මනා කැපවීමෙන් කටයුතු කිරීම තුල වසර අවසානයෙදි බොහෝ දියුණුවක් අපේක්ෂා කල හැක. වියදම් අධික වන්නට හේතු ඇති නිසා ඒ ගැනද සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතු වලට හොද කාලයකි. වෙනදාට වඩා ඒ ගැන සිත් පහල වෙයි. අතමිට සරු වෙයි, තරමක ලාභද ලැබෙනු ඇත.
ආදරය - ප්‍රේමය සම්බන්ධ කටයුතු වලටද සුබයි. විනෝදයෙන් සතුටින් කාලය ගෙවන්නට හැකියාව ඇති වන කාලයකි. වඩා යහපත් කාලයකි.

-
● තුලා
වැඩියෙන් සුභ ඵල අපේක්ෂා කල හැක.
කරන කටයුතු සාර්ථක කරගැනීමටද, අතපසු වූ කටයුතු මුල සිට පිලිවෙලට කිරීමටද හැකියාව ලැබෙන කාලයකි. ආර්ථිකය වඩා යහපත් වන්නට හේතු වන්නේ, අනුමානයට කරන කටයුතු වලනි. විශේෂයෙන් තුලා ලග්න බොහෝ දෙනෙක් ව්‍යාපාර කරන බැවින් ව්‍යාපාර වලින්ද දියුනුවක් අපේක්ෂිතය.  ඉගෙනීම් කටයුතු වලටද යහපත් කාලයකි. වෙනදාට වඩා බුද්ධිමත් කටයුතු කිරීමටත්, ඉවසිලිවන්වත කටයුතු කිරීමටත් හැකියාව ලැබෙන කාලයකි.
තරමක බාධාකාරි තත්වයක් පවුල් ජිවිතයට මෙන්ම ආදර - ප්‍රේමයට අදාලව මුල් කාලයේ තිබෙනු ඇත. පසුව එය ක්‍රමිකව සහනදායි තත්වයකට එළඹෙනු ඇත.

-
● වෘශ්චික
පොදුවේ වඩා ශුභදායි වසරකි.
කරන කියන කටයුතු සිතන පතන අයුරින් සාර්ථක කරගැනීමට බොහෝ ඉඩ තිබෙන කාලයකි. ආර්ථික තත්වය වැඩි දියුණු වෙයි. රැකියා - ව්‍යාපාර යනාදිය හොදින් කරගෙන යාමටත්, උසස් වීම්, දියුණුව යනාදියත් අපේක්ෂා කරන්නට හැකිවනු ඇත.
අධ්‍යාපන කටයුතු වලදීද වඩාත් හොද ප්‍රතිඵල අපේක්ෂා කල හැක. ඈලි මැලි ගති නැතිවි ඒ ගැන සිත පිහිටුවා ගෙන අධ්‍යාපන කටයුතු කරන්නට හැකියාව ලැබෙන කාලයකි.
පරණ ආදර සබදතාවයන් යලි ඇති වීමට හෝ තිබෙන සබදතාවයක් තහවුරු වන්නටත් හේතු පවති. කෙසේ කොහොමට උවද වඩාත් හොද වාසනාවන්ත කාලයක් මේ සම්බන්ධව ඇතිවන කාලයකි.

-
● ධනු
පොදුවේ සුභ ඵල වැඩියෙන් ලැබේ.
බාධා තිබුනද තමන්ගේ කටයුතු මනාව කරගෙන යාමට හැකියාව ලැබෙන කාලයකි. බොහෝ කාර්යයන් කිරීමටද, ඒවා නිසි ලෙස කිරීම තුලින් අන් අයගේ ප්‍රශංසාවට බදුන් වීමටද, ඒ තුල දියුණුව  අපේක්ෂා කිරීමටද හැකියාව ඇත. ආර්ථිකය යහපත් වෙයි. අතමිට සරු වුවද වියදම ගැනද ඉතාම සැලකිලිමත් විය යුතු බව අවධාරණය කල යුතුමය.
අධ්‍යාපනයටද සුබ කාලයකි. වෙනදාට වඩා බුද්ධිමත්ව එම කටයුතු කරන්නට හැකියාව ලැබෙනු ඇත. ඒවායේ ජයග්‍රහණ ලැබෙන්නටද හේතු වාසනාව පවති.
ආදරය ප්‍රේමය යනාදියටද හොද කාලයකි. වෙනදාට වඩා මිතුරු - මිතුරියන් ඇසුරු කරන්නටද හැකියාව ලැබෙනු ඇත.

-
● මකර
පොදුවේ ශුභාශුභ මිශ්‍රඵලයි.
කටයුතු කිරීමේදි තරමක බාධාකාරි සිදුවිම් සිදු වුවද ඒවා ගැන අවබෝධයෙන් කටයුතු කර ජිවිතය දියුණු කරගන්නට කයුතු කරන්න. අන් අය සමග කරන කටයුතු වලදී විමසිලිමත් වන්න.
රැකියා ව්‍යාපාර යනාදියේ දියුණුව අපේක්ෂා කල හැක. මිල මුදල් ලැබේ, නොසිතු ධනය ලැබෙන්නටද තරමක ඉඩක් පවති. ලැබෙන මුදල් ගැන අවබෝධයෙන් යුතුව වියදම් පාර්ශවය ගැනද හොද අවබෝධයකින් කටයුතු කරන්න.
ඉගෙනීමට හොද කාලයකි. නව මාර්ග ඔස්සේ එම කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.
ආදරය - ප්‍රේමය යනාදියට හොද කාලයකි. වෙනදාට වඩා ආදරය ලැබෙන්නට, විඳින්නට වාසනාව ලැබෙන කාලයකි. කෙසේ වුවද ඉවසිලි වන්ත වීම මකර ලග්න අයට අනිවාර්ය වෙයි.

-
● කුම්භ
ශුභ ඵල වැඩි වසරකි.
තමන් සිතූ පැතූ ජයග්‍රහණ හෝ ලාභ ලැබෙන්නට හැකියාව පවතින කාලයකි. විශේෂයෙන් රැකියාවේ උසස් වීම් ආදියට හේතු කාරනා යෙදෙනු ඇත. වෙනදාට වඩා කැපවීම තුල සිත සතුටින් තම කාර්යයන් කිරීම තුලද වෙනදාට වඩා ජවයක් තිබෙන කාලයකි.
රැකියාව - ව්‍යාපාරය දියුණු වෙයි. බාධක තිබුනද ඒවා මැඩගෙන ඉදිරියට යාමට හැකියාව ලැබෙන කාලයකි. ව්‍යාපාර - හවුල් ව්‍යාපාර යනාදියට හොදයි.
ඉගෙනීම් කටයුතු වලටද වඩා හොද කාලයකි. ඒවායේ දියුණුව අපේක්ෂා කරන්නට හැකියාව ඇත.
ආදර - ප්‍රේමය යනාදි කටයුතු වලදී සිත සතුටින් කුල්මත් වන්නට අවස්ථා යෙදන්නට ඉඩ තිබේ. මංගල යෝග උදාවෙයි. සබදතාවයන් තහවුරු වෙයි.

-
● මීන
ශුභදායි වසරකි.
අන් අයගේ ගරුත්වයට පාත්‍ර වන වසරකි. විශේසයෙන් මෙතෙක් කල හොද වැඩ වලට යහපත් විපාක ලැබෙන කාලයකි. තම ගරුත්වය රැකගත් මීන ලග්න දේශපාලකයන්ට දසතින් යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇත. අරඹන කටයුතු වල දියුණුව ලැබේ. කරගෙන ආ කටයුතු මනාව කරගෙන යන්නට හැකියාව ලැබෙනු ඇත.
රැකියාව - ව්‍යාපාරය දියුණු කරග්නනට හැකියාව ඇත. හදිසි ලාභ, හදිසි ධනලාභ මෙන්ම අතමිටට මුදල් ලැබෙන්නට බොහෝ කාරණා ඇති වෙයි. මුදල් වියදම් කලත් යමක් ඉතිරි වෙයි.
ඉගෙනීමේ කටයුතු වලටද හොද කාලයකි. තම කාලය මනා ඵලදායිව එම කටයුතු වලට යොදවන්නට හැකියාව ලැබෙනු ඇත. ඒවායේ ජයග්‍රහණ අපේක්ෂා කල හැක.
ආදර - ප්‍රේමය සමබන්ධවද යහපත් කාලයකි. මෙතෙක් පැවති බාධා දුරු වනු ඇත. සිතට සහනය ලැබෙන කාලයකි. මංගල යෝග උදා වෙයි.

--

#ඉරු

irusewaya@gmail.com


-