Tuesday, June 30, 2015

සෙනසුරු මහ දසාවේ හැටි - 2

සෙනසුරු මහ දසාව ආරම්භ වන්නේ, ගුරු මහ දසාව අවසන් වූවායින් පසුවයි. එසේ නම්, එම මහ දසාව සුභදායකව සිටි ජිවන තත්වයකින් මිදී කටුක තත්වයට පැමිණීම ගැන නිරන්තරයෙන්ම ඔබට සිහියට නැගෙනු ඇත.
සෙනසුරු මහ දසාව වසර 19ක් තිස්සේ පවති. මෙම මහ දසාව පුද්ගලයාගේ පූර්ව ආත්ම වල අකුසල් පඩිසන් දීමේ යම් කාලයක් ලෙස ජ්‍යොතිෂ්‍යෙදිය හඳුන්වයි.
නමුත් සෙනසුරු මහ දසාව පුද්ගලයෙකුගේ ධෛර්යය, පෙරට යාමේ ගතිය, නොසැලෙන ගතිය ගැන යම්කිසි ප්‍රක්ෂේපණයක් ගැනීමට පුලුවන් කරයි.

සෙනසුරුගේ සෙනසුරු අතුරු දසාව.
අවු 03, මාස 0 දවස් 03
ඉතාම දුක්සහිත කාලයකි. කරන කියන කටයුතු අඩපණ වෙයි. ව්‍යාපාර කරන අයගේ ඒවා බංකොලොත් වෙයි. විවාහක අයගේ යුග දිවියට අයහපත් බලපෑම් ඇති කරයි. තවද නිශ්චල චංචල දේපල නැතිවිමට මේ කාලය බලපෑ හැක. එසේම සෙනසුරු නරක තැනක සිටිනවා නම් අතපය කඩා බිඳ දැමීමට පවා මේ ග්‍රහයා පසුබට නොවේ.

සෙනසුරුගේ බුධ අතුරු දසාව
අවු 02 මාස 08 දින 09
ඉතාම හොද කාලයකි. තිබුන අපල වල තරමටම තමාට යම් සහනයක් හිමිවෙයි. තමාගේ කටයුතු වලට යම් අස්වැසිල්ලක් ලැබෙයි. නවතා දැමූ ඉගෙනීම ආයෙත් ආරම්භ කරන කාලයකි. එසේම නවතා දැමූ ව්‍යාපාරික කටයුතු නැවත කරගෙන යාමට හැකියාව ලැබෙයි.

සෙනසුරුගේ කේතු අතුරු දසාව
අවු 01 මාස 01 දින 09
ඉතාම අයහපත්ය. බොහෝසෙයින්ම පීඩිතයි. මානසික ව්‍යාකූල භාවය ඇතිවෙයි. ශාරිරික දුබලතා ඇතිවෙයි. කායික බෙලහීනතාවය ඇතිවෙයි. ලිංගික රෝගද, බඩවැල් ආශ්‍රිතව ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවිය හැක. නින්දා ලැබේ. මහා මූසල කාලයකි.
රටතොට ජනප්‍රියව ප්‍රසිද්ධව සිටි අය පවා මේ කාලයෙදි ආගිය අතක් සොයාගැනිමට බැරිව සැගවි යයි.

සෙනසුරුගේ සිකුරු අතුරු දසාව.
අවු 03 මාස 02
මේ කාලය තිබුනාට වඩා එක් ආකාරයකට හොද කාලයකි. යම් අස්වැසිල්ලක් ලැබේ. පෙම් සබදතා නැවත ගොඩ නැගේ. එසේම විවාහ වීමට යම් අවස්ථාවක් ලැබෙයි. ප්‍රේම බන්ධන නැවත ඇතිවෙයි. නැතිවු ජනප්‍රියත්වය ක්‍රමානුකූලව නැවත ඇතිවෙයි . එසේම දියුණුව සම්බන්ධව යම්කිසි තීරණයකට එළඹීමට පුලුවන් කාලයකි.

සෙනසුරුගේ රවි අතුරු දසාව.
මාස 11 දින 12
තරමක අයහපත් කාලයක්. පියා සමග ගැටළු ඇතිවෙයි. සෞඛ්‍ය තත්වය අයහපත් වේ. ඇවිදිලි අධික වෙයි. පදිංචි ස්ථාන අතැර යාමට සිදුවේ. මුදල් අගහිගකම් මෙන්ම ණයතුරුස් නිසා නින්දා ඇතිවිය හැක. මානසික ආතතිය තදින්ම බලපායි.

සෙනසුරුගේ සදු අතුරු දසාව
අවු 01 මාස 07
ඉතාම කෙටි කාලයක් ලෙස ගත වෙන මේ කාලයේ මව්ට යම්කිසි අපල උපද්‍රව සිදුවේ. ඒරාෂ්ඨකයකට සමානයි. එසේම තමාගේ කටයුතු වලට යම් බලපැමක් ඇතිවෙයි. ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.
හදිසි අනතුරු වලින් පරිස්සම් විය යුතුයි. විශේෂයෙන්ම තරුණ වයසෙදි මේ දසාව යනවා නම් විශේෂයෙන්ම පිරිමි දරුවන් ඔවුන්ගේ කේන්දරයන් පරික්ෂා කල යුතුයි. නොදන්නා ස්ථාන වල දියනෑමෙදි මිය යෑමේ අවදානමක් පවති.

සෙනසුරුගේ කුජ අතුරු දසාව
අවු 01 මාස 01 දින 09
ශරීරයට තද වේදනා ගෙන දෙන තුවාල ඇතිවෙන කාලයකි. ලේ කෝප වෙයි. අසාත්මිකතා ඇතිවෙයි. සිතට කේන්තිය පාලනය කරගැනීමට ඉතාම අමාරු කාලයකි. ඔබගේ විවාහ කටයුතු වලදී අයහපත් විදියට බලපායි. දෙදෙනා අතර සමගියට බාධා ඇතිවේ. ප්‍රබල බලපෑම් ඇත.

සෙනසුරුගේ රාහු අතුරු දසාව
අවු 02 මාස 10 දින 06
තදබලව ඇවිද්දවන කාලයකි. සමහරවිට විදේශ රටවල ඇවිද්දවයි. නමුත් මෙහි හොද නම් සෙනසුරු ගෙවෙන කාලයක් නිසා දියුණුවට යම් මංපෙත් විවර විමයි. නිවසේ නම් සිටිමට ඒ තරම් කාලයක් හිමි නොවෙයි. බුද්ධිමත්ව කටයුතු කලොත් මේ කාලය ඇතුලත යම්කිසි ජිවිතයේ විශාල දියුණුවකට හිමිකම් කිව හැක. තවද විශේෂිත පුද්ගලයන් මුණ ගස්වයි.

සෙනසුරුගේ ගුරු අතුරු දසාව
අවු 02 මාස 06 දින 12
මෙම කාලය ඉතාම හොදයි. මේ කාලය පටන් ගත්තා කියන්නේ සෙනසුරු මහ දසාව අවසන් වූවා හා සමානයි. මෙම කාලයෙදි නැවත නැගිටිමට පුලුවන්. එසේම මිල මුදල් තත්වය ගැන සුභදායක බලාපොරොත්තු ලැබෙයි. එසේම බොහෝසෙයින්ම තමන්ගේ අනාගතයට යම් හොද බලාපොරොත්තු ඇතිවී ඒ තුලින් වාසනාව ලැබෙයි.

** අප මේ මහ දසාව තුලින් සදහන් කරන්නේ සෙනසුරු මහ දසාවෙදි පුද්ගලයෙකුට බලපාන පොදු පලාපල විස්තරයකි. පුද්ගලයාගෙන් පුද්ගලයාට කේන්දර වල ඇති ශනිගේ සහ අන් ග්‍රහයන්ගේ විචල්‍යභාවය නිසා මෙම තත්ව යම්කිසි වෙනස් ආකාරයකට ප්‍රතිඵල දීමේ හැකියාවක් ඇත. එසේ හෙයින් ගතානුගතිකව මේවායේම එල්වාගෙන නොසිට කේන්දර පරික්ෂා කරවාගෙන මේ ගැන තීරණ ගැනිම පාඨක ඔබට භාරයි.
මන්ද අපගේ ලිපි කියවන සමහරක් අය, අපට කේන්ද්‍ර උගන්වීමට පටන් ගනී - ගොන් තර්ක ගෙනෙයි. ඔවුන්ගේ කාලයද අපගේ කාලයද විනාශ කරගනී. නමුත් බුද්ධිමත්ව යම්කිසි කටයුත්තකට කතා කරන්නේ නම් යම් දෙයක් කියාදීමටද අප පසුබට වන්නේද නැත. බුද්ධියෙන් විමසා කටයුතු කරන්න.

Monday, June 29, 2015

සතියේ ලග්න පලාපලය - ජුනි 29 සිට

● මේෂ
සමඵල සතියකි.
ආර්ථික තත්වය සතියේ මුල් දින කීපය තුල දැවැන්ත ආකාරයට බිද වැටෙන්න ඉඩ ඇත. කරන කියන කටයුතු වලට දැවැන්ත බාධාවක් එල්ල වේ. ණය ගනුදෙනු සහ ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරිම සතියේ මුල් දිනවල බැහැර කල යුතු කාරණාවක්ය. සතිය මැද සහ අගදි ආර්ථිකය යහපත් වේ. ලාබ ලැබේ.
ගෘහ ජිවිතය තුල අඹුසැමි භේද මතුවන්නේ සතියේ මුල් දින 2දීය. ඉන්පසු ක්‍රමානුකූලව තත්වය පහව ගොස් සමගිය සමාදානය රජයයි. දරුවන් සමග විනෝද විය හැක. පිටපලාත් වල යෑමට හැක. වන්දනා ගමන් යෑමට හැක.
සෞඛ්‍ය තත්වයේ සෙම් සහ උදරාබාධ ගැන විසේස අවධානයෙන් සිටින්න.

● වෘෂභ
සමඵලයි.
ඒරාෂ්ඨක අපලයක් සමග උදාවන මෙම සතියෙදි බොහෝවිට හවුල් ව්‍යාපාර බිඳ වැටෙන්නට හැක. ගනුදෙනු කරුවන් සමග ආරවුල් නිසා පාඩු ඇතිවිය හැක. එසේම වෙළද ව්‍යාපාරික කටයුතු වලට දැවැන්ත වූ අලාභ හානි සිදුවේ. ඔබට මේ තත්වය සතියේ මැද දක්වාම පවති. ඉන්පසු යහපත්.
ගෘහ ජිවිතය ආරවුල් සහිත කාලයක් වීමට ඉඩ ඇත. බුද්ධියෙන් කටයුතු කරන්න. විසේසයෙන්ම අඹුසැමි ප්‍රේමයට ප්‍රබල බාධක පවති. අනවශ්‍ය කරදර වලින් ඔබ හෙම්බත් වීමට පුලුවන්.
එසේම ඔබ අසල්වැසියන් සහ හිතමිතුරන් ආශ්‍රයෙදි පරිස්සම් වන්න.
සෞඛ්‍ය තත්වය නම් යහපත් වන්නේ නැත. අවධානයෙන් කටයුතු කරන්න. මන්ද සෙම් අමාරු උදරාබාධ ඇතිවිය හැක.

● මිථුන
ඉතාම ව්‍යාකූල සතියකි.
සතිය ආරම්භයෙදිම නොයෙකුත් සතුරු කරදර ඇති බැවින් ආදායම් මාර්ග වලට මරු පහරක් වැදීමට පුලුවන. එසේම බලාපොරොත්තු නොවුනු වියදම් ඔබ පීඩාවට පත් කල හැක. ඔබ යටතේ සිටින කෙනෙක්ගෙන් හෝ ඔබගේ විරුද්ධවාදියෙකුගෙන් ඔබට යම් ධන හානි වීමට ඉඩ ඇත. ප්‍රවේසම් වන්න.
ගෘහ ජිවිතය තුල යම් විචල්‍යකාරි වටපිටාවක් නිර්මාණය වේ. එසේම අඹුසැමි ප්‍රේමයට සහ ගෘහ ජිවිතයේ සතුටට යම් යම් බාධා කරදර ඇතිවිය හැක.
බෝවන උණ රෝග සහ වසංගත ආදියෙන් පරිස්සම් වන්න - සෞඛ්‍ය ගැටළු

● කටක
ඉතා අශුභය.
ලග්නාධිපති සඳු නීචව යෙදෙන නිසා මේ සතිය ඉතා අයහපත් විය හැක. ආර්ථිකයට ඒතරම් වාසිදායක නොවේ. වාසනාවට ලැබෙන්නට තියෙන මුදල් නොලැබී යයි. ගනුදෙනු කිරිම ඉතාම පරිස්සමට කල යුතුය. ඔබව උපායමාර්ගිකව ප්‍රයෝග වලට හසුවීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල දුවාදරුවන්ට යම් කරදර ඇතිවිය හැක. එසේම තමන්ට යම් නෑදැ හිතමිතුරන්ගෙන් විරුද්ධවාදිකම් ඇතිවිමට ඉඩ ඇත. පාරදෘෂ්‍ය භාවයකින් ආශ්‍රය කිරිම හොදයි.
සතිය පුරා කොන්දේ අමාරු, ඇඟපත වේදනා ආදිය පැවතිමට හැක.

● සිංහ
තරමක සුභ තත්වයක් පවති.
ආර්ථික තත්වයට ප්‍රබල ගැටළු මතු නොවේ. මන්ද 4 වැන්නේ 5 වැන්නේ සතියේ බාගයකට වඩා ගත වෙන බැවිනි. ආදායම් තත්වය දියුණු කරගැනිමට අවස්ථාව මෙන්ම හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබෙන සතියකි. එසේම උසස් අයගෙන් උදව් උපකාරද හිමි වේ.
ගෘහ ජිවිතය යම් ගැටළු සහිතව පැවතියද ඒවා නිරාකරණය කරගැනිමට වාසනාව පවති. සතිය මැදදී දරුවන් සමග ප්‍රීති වීමට, ප්‍රිය සම්භාෂණ වලට සහභාගි විමට හැක. අවිවාහක අයට මංගල යෝග සතිය මැදදී ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත, නිදන් ගත රෝග ඇති අය ආරක්ෂා වන්න.

●කන්‍යා
එතරම් නරක නැහැ.
ඔබගේ මහන්සියේ හැටියට ප්‍රතිඵල ලබාගැනිමට පුලුවන්. නව වෙලද ව්‍යාපාර සහ ඔබගේ කැපවීම මත කරන සියලුම කටයුතු සාර්ථක වෙනවා. භූමි ලාභ සහ පිටපලාත් වල ආයෝජන ව්‍යාපාර කරන අයට දියුණු විය හැක. විදෙස් රැකියා කරන අයටත් හොදයි.
ගෘහ ජිවිතයේ ප්‍රබල බාධක නැහැ. නිවසට අවශ්‍ය බඩු භාණ්ඩ ආදිය ගැනීමට අවස්ථාව ලැබෙනවා මෙන්ම, කලකට පසු ප්‍රීතිමත්ව සිටිමට සදුගේ ග්‍රහචාරය හේතු වෙනව.
සෞඛ්‍ය ගැටළු ලෙස, පපුවේ සෙම් රෝග වලින් ආරක්ෂා වන්න.

● තුලා
මේ සතිය නරක නැහැ.
ඔබ සතියේ මුල් දවස් 2-3දි මිල මුදල් පරිපාලනයෙදි යම් ආරක්ෂාකාරි පිලිවෙතක් අනුගමනය කිරිම යහපත් වෙනවා. එසේම ඔබට ඉන්පසු ඉතාම හොද බව කිව යුතුයි. නව ආයෝජන අවස්ථා ලැබේ. ව්‍යාපාරික කටයුතු වල නියුතු අයට ධනලාභ, භූමි ලාභ ලැබේ. උරුමහරුමකම් ලැබේ.
ගෘහ ජිවිතයේ ප්‍රබල ගැටළුවක් නැති වුවද, සතිය මුලදී ආර්ථික ගැටළු නිසා යම් ගැටුම් ඇතිවිමට ඉඩ ඇත. නමුත් සතිය මැද සහ අග ඉතාම ප්‍රිතියෙන් ගත වෙනවා. ඔබට බොහෝ ප්‍රීතිමත්ව සිටිමට අවස්ථාව ලැබෙන බව නම් සිකුරුයි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ. සෙම් සහ උගුරේ අමාරු නිසා ඔබ පීඩාවට පත් විය හැක.

● වෘශ්චික
මේ සතිය සමඵලයි.
ලග්න ඒරාෂ්ඨකයක් පවතින මේ අවස්ථාවෙදි මුල් කොටසේ දවස් 2 ආදායම යම් ප්‍රමාණයකට අඩුවිය හැක. එමගින් ඔබට වෙන හානිය නම් අප දකින විදියට ආකූල ව්‍යාකූල තත්වයට පත්විමයි. එනිසා ඔබ පරිස්සම් විය යුතුය. තවද ඔබට යම් ප්‍රමාණයකට චිත්ත පීඩා නිසා ආර්ථිකයට යම් හානියක් වන්නට පුලුවන්. නමුත් සතිය මැද සහ අගදී මෙම ත්තවය බොහෝදුරට පාලනය වේ.
ගෘහ ජිවිතය පෙර කීවාක් මෙන්ම කනස්සලු ස්වභායක් දක්නට ලැබෙන්නේ සතියේ මුල් දවස් 2දීය. මෙම තත්වය පහව යයි.
සෞඛ්‍ය තත්වය හිසේ අමාරු සහ හිස සම්බන්ධ රෝග වලින් පරිස්සම් වන්න.

● ධනු
තරමක ව්‍යාකූල සතියකි.
ආර්ථික තත්වය කෙසේ වෙතත් ඔබ උපයා සපයාගත් ධනය අනවශ්‍ය ආකාරයට වැයවීමට පුලුවන්. ඒ ගැන අවධානමත් වන්න. එසේම ධන හානි සහ අනවශ්‍ය දෙයට මුදල් හානි වීම මේ අතර ප්‍රධානයි.
ගෘහ ජිවිතයෙදි ඔබ අඹුසැමි සම්බන්ධතා ගැන පරිස්සම් විය යුතුයි. එමෙන්ම දෙදෙනාගේ සමගියට බාධා වන්නේ අන් අයගේ කේලම් ඇසීම නිසාය, ඒ ගැන ප්‍රවේසම් විය යුතුය. මේ තත්වයන් සතිය අගදී පහව යයි. නිවසට අමුත්තන් නෑදෑයන් පැමිණීමට පටන් ගනී.
සෞඛ්‍ය තත්වය පාද වල ආබාධ, හිසේ කැක්කුම්, සෙම් අමාරු, ආදිය ඇතිවිය හැක. නිදන්ගත රෝග ඇති අය ඉතාම පරිස්සම් විය යුතුය.

● මකර
එතරම් හොද සතියක් නොවේ.
විශේෂයෙන්ම ආර්ථික වශයෙන් විශාල වශයෙන් අලාභ හානි පාඩු සිදුවිය හැකි සතියකි. ඔබ අැසුරු කරන අය නිසා ඔබට ධන හානි සිදුවේ. හවුල්කාරයන්ගේ කටයුතු නිසා ලැබිය යුතු මුදල් නොලැබී යාමට හැක. ඔබ රැවටිම් සහ විවිධ උපක්‍රම වලට හසුවි සවුත්තු වීමට ඉඩ ඇත. ඔබ වාහන ඇති කෙනෙක් නම් වාහන වලට දඩ වැදීමට ඉඩ ඇත. නීතිමය ගැටළු ආදිය ඇතිවිමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත නොවේ. ප්‍රබල ග්‍රහ දසාවක් නැත්නම්, මේ සතිය ඇතුලතදී අඹුසැමි ගැටළු, ආරවුල් දික්කසාදය දක්වා පවා දුර යෑමට පුලුවන. මකර ලග්නයේ ඔබ වෙන කිසිවක් එපා දහම අනුව කටයුතු කරමින් දහමට නැඹුරු වී සිටින්න.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු සහ වාත රෝග ආදියෙන් ප්‍රවේසම් වෙන්න.

● කුම්භ
මේ සතිය සමඵලයි.
ආර්ථික වශයෙන් ඔබ යම් දුෂ්කරතාවයන් වලට පත්වෙන බව පේනවා. විශේෂයෙන්ම ව්‍යාපාරික ඔබට පොලු වැටිමට ඇති ඉඩකඩ වැඩියි. ඔබද ණය තුරුස් වලට අහුවීමට පුලුවන්. බුද්ධිමත්ව කටයුතු කර මේ තත්වයන් පිටුදකින්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. සතිය මැදදී ඥාති මිතුරෙකුගේ ගමනක් නිවසට අපේක්ෂා කල හැකි අතර, සතිය මැද සිට ඔබට ප්‍රීතියෙන් සිටිමට අවශ්‍ය වටපිටාව නිර්මාණය වේ.
පාද වල ආබාධ, සෙම් රෝග, ඇඟපත වේදනාව යනාදිය සෞඛ්‍ය තත්වයෙන් අවදානමත්ව සිටිය යුතු ඒවාය.

● මීන
අශුභම නැති සුභ සතියකි.
ඒරාෂ්ඨක අපලය යෙදෙන්නේ 9 වැන්නේ බැවින් එතරම් මහා පරිමාණ අපලයක් ඇති නොකර අතර ආර්ථික අංශයෙන් ඔබව ශක්තිමත්ව තැබීමට රුකුලක් සපයයි. මේ සතියෙදි ආදායම් මාර්ග පුළුල් වන අතර ලැබීම හොදයි. එසේම අලුත් ආදායම් මාර්ග විවර කරගැනිමට ඔබට අවස්ථාව හිමි වේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත කල හැක. පිනට දහමට යොමුවේ. මේ සතිය තුල දුර බැහැර ගමන් අවස්ථා යෙදෙනු ඇත. එසේම ඥාති හිත මිතුරන්ගේ පැමිණීම, මුණ ගැසීම අපේක්ෂා කල හැක.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. නිදන්ගත රෝග ඇති අය ආරක්ෂා වීම හොදයි.








Sunday, June 28, 2015

“ විශ්ව පාලක විෂ්ණු දෙවියන් “


ස්වකීය වාහනය වූ සියලු පක්ෂීන්ට අධිපති වූ ගරුඬ රජු සමග පියාසර කරන අවස්ථාවක්.

‪#‎ඉරුසේවය‬

Wednesday, June 24, 2015

සෙනසුරු මහ දසාවේ හැටි - 1

සෙනසුරු මහ දසාව ආරම්භ වන්නේ, ගුරු මහ දසාව අවසන් වූවායින් පසුවයි. එසේ නම්, එම මහ දසාව සුභදායකව සිටි ජිවන තත්වයකින් මිදී කටුක තත්වයට පැමිණීම ගැන නිරන්තරයෙන්ම ඔබට සිහියට නැගෙනු ඇත.
සෙනසුරු මහ දසාව වසර 19ක් තිස්සේ පවති. මෙම මහ දසාව පුද්ගලයාගේ පූර්ව ආත්ම වල අකුසල් පඩිසන් දීමේ යම් කාලයක් ලෙස ජ්‍යොතිෂ්‍යෙදිය හඳුන්වයි.
නමුත් සෙනසුරු මහ දසාව පුද්ගලයෙකුගේ ධෛර්යය, පෙරට යාමේ ගතිය, නොසැලෙන ගතිය ගැන යම්කිසි ප්‍රක්ෂේපණයක් ගැනීමට පුලුවන් කරයි.

සෙනසුරු දුකට සහ එම අවබෝධයට අධිපති ග්‍රහයාය. පුද්ගලයාගේ කටුක ජිවන රටාව, දුක, කඳුල, අධිෂ්ඨානශීලි බව, ඔරොත්තු දීම යන ගුණාංග පෙන්වන්නෙ සෙනසුරුය.
සෙනසුරුට අයත් දිශාව දකුණු දිශාවයි. ශනිට අයත් පාට තද නිල් පාටයි. සෙනසුරුගේ වාහනය කපුටා වෙයි.

මහ දසා කාලය තුලදී බෝධි පූජා පැවැත්වීම, විෂ්ණු දෙවියන්ට භාරහාර වීම, යාචකයන්ට සංග්‍රහ කිරිම, එසේම ශනි දින නිරාහාරව සිට/උපවාසයෙන් යාචකයන්ට දානය දීම අපල දුරුවීමට ප්‍රධාන හෙතුවකි.
නීල මණ්ඩල යන්ත්‍රය මහ දසාවටත්, සෙනසුරු ඒරාෂ්ඨක සමග යෙදුනු කල ශනි මාතුංජයක් කරගැනිමට හේතුයි. එයින් අසුබ පල අඩුවි සුඵ පල වැඩිවේ. එසේම මරණයට කැපවූ ගවයන් නිදහස් කිරීමත් ඉතාම හොදයි.
විිශේෂ තත්වයක් නම් බොහෝදෙනා උනන්දු වන මාතෘකාවක් වන දේශපාලන කටයුතු වලදි සෙනසුරුගෙන් ලැබෙන බලය ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. මන්ද මහජනතාව නියෝජනය කරන්නේද සෙනසුරු ග්‍රහයාය.
යම්කිසි කේන්දරයක සෙනසුරු උච්ච ස්වක්ෂෙත්‍රව යහපත්ව තැන්පත් වුවොත් ඔහුට මහජන බලය ලැබෙන්නෙ නිරායාසයෙනි.
රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාද එවන් කෙනෙකි. ඔබත් පරික්ෂා කරගෙන බලන්න.

මෙම දසාව තුලදී බොහෝ දේවල් අසාර්ථක වීම මෙන්ම සමහරවිට ගුරු මහ දසාවට වඩා හොඳින් දියුණු වීමටද අවස්ථාව ඇති.
සෙනසුරු ග්‍රහයා කල් අල්ලන රෝග සාදයි. සුව වන්නේ ඉතාම හෙමිනි. සෙනසුරු මහ දසාවේ මුල් කාලයේ ප්‍රවේසම් වුවහොත් ඔහුට දියුණු විමේ හැකියාව ඇත.











Monday, June 22, 2015

* සතියේ ලග්න පලාපලය - ජුනි 22 සිට

● මේෂ
ඔබට මේ සතිය සමඵලයි.
ඉතාම උද්යෝගයකින් ආරම්භ වන මේ සතියෙදි ආර්ථික තත්වය සාර්ථකව ඉදිරියට ගෙනයාමේ වගකීම ඔබ සතුව පවති. මන්ද සතිය පුරාම ශුභාශුභ විචල්‍යව පවතින නිසාය. ණය තුරුස් ගැනීමෙන් සහ ණයට දීමෙන් පරිස්සම් වන්න.
ගෘහ ජිවිතයත් විචල්‍ය ආකාරව ගත වේ. ඔබට මෙම කාලයත් එක්ක ගෘහ ජිවිතයේ ආර්ථික සමාජීය යම් යම් පෙරලි ඇතිවේ. සතුරු කරදරද ඒ අතර වේ. සතිය අගට දවස් 2කට කලින් මංගල යෝජනා ස්ථිර වීමටත් අලුත් ප්‍රේම සබදතා ඇතිවිමටත් එය හේතුවක් වේ.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නැතත්, උදරාබාධ සහ සෙම් අසනීප ගැන කල්පනාකාරි වන්න.

● වෘෂභ
මේ සතිය ඔබට තරමක් සුභයි.
ආර්ථික තත්වය දියුණු කරගැනීමට සතියේ මුල් දින කිහිපය ඔබට උදව් කරයි. සුවිශේෂි ග්‍රහ බලයක් සමග ආරම්භ වන මේ සතිය ඔබගේ භූමි ලාභ කරන කියන ව්‍යාපාරික කටයුතු සාර්ථක වීම සහ ලැබීම් භාග්‍ය ඇති කරයි.
ගෘහ ජිවිතය වාසනාවන්තව ගත කරගැනිමට ඔබට හැකියාව ඇත. නව භූමි ලාභ ලැබීම හෝ දුවාදරුවන්ගේ දියුණුවට යම් දෙයක් කිරිම, නිවසට නව උපකරණ මිලදී ගැනීම මේ ආදි කටයුතු ඔබගේ සාර්ථකත්වයට මංපෙත් විවර කරවයි.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නැහැ. නමුත් උදරාබාධ සහ ආමාශගත වේදනා ඇතිවිමට පුලුවන් බැවින් ඒ ගැන කල්පනාකාරිව සිටින්න.

● මිථුන
ඔබට ශුභ පල සතියකි.
සතිය ආරම්භයෙදිම ඔබගේ කැපවීම මත ඔබට සතිය ආර්ථික වශයෙන් හොද ගමනක් යෑමට පුලුවන. විශේෂයෙන්ම වෙළහෙලදාම් වල නියුතු අයටත් විදෙස් රැකියා වල නියුතු අයටත් මේ කාලය ඉතාම වටිනා බව කිව යුතුය.
ගෘහ ජිවිතය හොදම තත්වයේ පවතී. එසේම ඥාතින් මිත්‍රයන් ගෙදරට එන සහෝදර සහෝදරියන් ගෙදරට එන තත්වයක් පෙන්වයි.
සෞඛ්‍ය තත්වය යහපත්ය. ඔබගේ පපුවේ සෙම් අමාරු ඇත්නම් ඒ ගැන කල්පනාකාරි වීම යහපත්ය.

● කටක
මේ සතිය ඔබට ශුභයි.
අතපසු වූ ගොඩාක් දේවල් ඔබට කරගැනීමට පුලුවන්. ඔබට මෙම සතියෙදි බොහෝ ආදායම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ. තවද භූමි ලාභ සහ දේපල ලාභ හිමි වෙයි. උරුමහරුමකම් වලට යම්කිසි සහයෝගයක් ග්‍රහ තත්වය මගින් ලැබේ.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. ඔබට එම වාසනාවන්ත ග්‍රහචාරයක් මේ අවස්ථාව වනවිට උදා වේ. තවද ඥාතින් මිත්‍රයන් නිතරම නිවසට එන යන සතියකි. සිතට සතුට ලැබේ.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු සහ ආමාශගත රෝග ඇතිවීමට පුලුවන්.

● සිංහ
ශුභදායක සතියකි.
මේ සතියෙදි අතපසුවූ බොහෝමයක් වැඩ කටයුතු ඔබ විසින් පූරණය කරගැනීමට පුලුවන. එසේම ආදායම් මාර්ග වලට ඇතිව තිබූ බාධක දුරු වෙන බවක් පෙනෙයි. එසේම පිට පලාත් වල වැඩ කරන අයටත් විදෙස් රැකියා වල නියුතු අයටත් බොහෝවිට වෙලද ව්‍යාපාර වලට සම්බන්ධ අයට තමාගේ හැකියාවේ හැටියට ධන ධාන්‍ය තත්වය දියුණු කරගැනීමට පුලුවන.
ගෘහ ජිවිතය අතින් ගත්කල ඉතාම වාසනාවන්ත සතියක් වන මෙම සතියෙදි, තමන් සමාජයේ ජනප්‍රිය විමට ඇති හැකියාව වැඩිය. ඔබට මෙම කාලයේදී විශේෂයෙන්ම ප්‍රිය සම්භාෂණ, ප්‍රීති උත්සව ආදියට සහභාගි විමට හැකියාව ලැබේ.
සෞඛ්‍ය තත්වය විශේෂයෙන්ම ගැටළුවක් නැති වුවත් සෙම් අමාරු සහ හිසේ කැක්කුම ගැන කල්පනාකාරි විය යුතුයි. සතිය අගදී පපුවේ සෙම හැදෙන්න පුලුවන්. තෙමෙන එක හොද නැහැ.

● කන්‍යා
මිශ්‍රපලයි.
සතිය ආරම්භයෙදි ඔබගේ වැඩකටයුතු වලට එතරම් උද්යෝගයක් නොතිබුනද සතිය මැදදී මෙම තත්වය පහව යයි. විශේෂයෙන්ම ආර්ථික තත්වය දියුණු කරගැනීමට යම්කිසි ධනාත්මක චින්තනයකින් ඉදිරියට යාමට සිතයි. කෙසේ වුවද සතිය මැද, අග වනවිට ඔබගේ ආර්ථික තත්වය දියුණුවීමට ඇති හැකියාව වර්ධනය වේ.
ගෘහ ජිවිතය අතින් ගත්කලද එතරම් අයහපත් නොවන සතියකි. විශේෂයෙන්ම පවුලේ අය සමග ප්‍රීතියෙන් සිටීමට සිත් පහල වෙයි. එසේම ඔබගේ කාලයෙන් වැඩි කොටසක් දුවාදරුවන් සමග සිටීමට සිතෙයි. එසේම ඔබ ගැන යහපත් ආරංචි සමාජයේ පැතිරෙයි.
සෞඛ්‍ය තත්වය විශේෂ ගැටළුවක් නැහැ. ඔබ සෙම් රෝග වලින් ආරක්ෂා වන්න.

● තුලා
සමඵල සතියකි.
විශේෂයෙන්ම සතිය මුලදි තිබුනු ප්‍රබෝධය සතිය 3-4 වන දින වල තරමක පසුබසී. එනම් ආදායමට වඩා වියදම, අනවශ්‍ය දේට මුදල් වැයවීම එසේම නුවුමනා දේවල් වලට මුදල් වැයකිරිම මේ ආදිය වෙයි. විශේෂයෙන්ම ණය ගැනීම සහ ණයට දීම ගැන දෙවරක් සිතන්න. නමුත් සතිය අග වනවිට මේ තත්වය ඔබගෙන් පහව යයි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙන අතර, අඹුසැමි ප්‍රේමය දළුලයි. විශේෂයෙන්ම සහකාර සම්බන්ධය ඉතාම තදින් දැනෙන තත්වයක් බවට පත්වෙයි.
සෞඛ්‍ය තත්වය එතරම් ගැටළුවක් නොවේ. සෙම් ගෙඩි වලින් පරිස්සම් වන්න. එසේම පාද වල යම් වේදනා ඇතිවිය හැක.

● වෘශ්චික
මේ සතිය ඔබට හොදයි.
විශේෂයෙන්ම වෙලද ව්‍යාපාරික කටයුතු වල නිරත ඔබට ඉතාම හොදයි. තවද ආර්ථික වශයෙන් ඔබ ඉහලට ගැනීමේ යම්කිසි හැකියාවක් මෙම ග්‍රහ තත්වයට පවතී. ඔබ වාසනාවන්ත තත්වයක් ගොඩනගා ගනී.
ගෘහ ජිවිතය ඔබට අලුත් යාළු මිත්‍රයන් අඳුනා ගැනීමට හැකිය. එසේම ඔබ පිට පලාත් වල යෑමෙන් අලුත් සම්බන්ධකම් ඔබට ඇතිවෙයි.
සෞඛ්‍ය තත්වය අයහපත් නොවේ.

● ධනු
ඉතාමත්ම සුභ සතියකි.
ආර්ථික අංශයෙන් කිසිම ගැටළුවක් නොමැත. ඔබ ව්‍යාපාරික කටයුතු කරන්නේ නම් මූල්‍ය ආයතන වලින් හෝ තමන්ගේ වැඩිහිටියන්ගෙන් හෝ දියුණුවට ආධාර උපකාර ලැබෙන සතියකි. විශේෂයෙන්ම මේ සතියෙදි තමන්ගේ ආර්ථික තත්වය ගොඩනගා ගැනීමට ඔබ උනන්දු වන්න. ව්‍යාපාරික කටයුතු වල නියුතු අයට ඔබගේ භාණ්ඩ අලෙවි කරගැනීමට මහගුම අවස්ථාවක් ඔබට ලැබෙන්නේ මේ දවස් වල.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. ඔබගේ දුවාදරුවන් සමග ප්‍රීතිමත්ව සිටීමට ඔබට අවස්ථාව හිමිවනු ඇත. පිටපලාත් වල සංචාරද යහළු යෙහෙලි ඇසුරද මේ සතියෙදි සිදුවේ. සිත ප්‍රීතියෙන් පිරේ.  දේශපාලන කටයුතු වල නියුතු අයට කාන්තා ආකර්ෂණයද හිමි වෙයි.
සෞඛ්‍ය තත්වය අයහපත් නොවෙයි. සතිය අගදි වැටීම සහ තුවාල වීම් වලින් ආරක්ෂා වන්න.

● මකර
ඔබට සාමාන්‍ය සතියකි.
සතිය මුලදී ඔබට යම් යම් දුෂ්කරතාවයන් වලට මුහුණ දීමට සිදුවෙයි. ඔබ ආර්ථික වශයෙන් පාඩු විඳ ගැනීමට සූදානම්ව සිටිය යුතුය. නමුත් සතියේ මධ්‍ය කොටසෙදි එය ක්ෂණිකව වෙනස් වෙයි. එසේ නම් ඔබ මෙම සතියෙදි ආරම්භ කිරිමට නියමිත යම් යම් සුභ කටයුතු සතිය අග තෙක් ප්‍රමාද කිරිම හොදයි. එමෙන්ම ඔබගේ වාසනාවන්ත කාලය ඊටපසු උදා වෙයි.
ගෘහ ජිවිතය සතියේ මැද වන විට ඉතාම ප්‍රීතිමත් වේ. ගමන් බිමන්, සංචාර, ප්‍රිය සම්භාෂණ ආදි දේවල් වලින් අලංකෘත වේ. විශේෂයෙන්ම වැඩිහිටි මකර ලග්න හිමියන්ට වන්දනා ගමන් වල යාමට හැකියාව ලැබේ. එය හොදයි නේද....?
සෞඛ්‍ය තත්වයද ඉතාම යහපත් වේ.

● කුම්භ
මේ සතිය මධ්‍යඵලයි.
සතිය මුල මෙන්ම අගදී හොද ප්‍රතිඵල ඔබට ලැබේ. විසේස වශයෙන් හවුල් ව්‍යාපාර වල නියුතු ඔබගේ ආර්ථික තත්වය යහපත් වේ. වෙළද ව්‍යාපාර, රැකියා දියුණු වේ. සතිය අගදී ආර්ථික දියුනුවක් උදෙසා ඔබට පිටපලාතකට යෑමට සිදුවේ.
ගෘහ ජිවිතය තුල අඹුසැමි ප්‍රේමය දළුලන අතර, දෙදෙනාගෙන් දෙදෙනාට තෑගි බෝග හුවමාරු කරගැනීමට
අවස්ථාව ලැබේ. එසේම දුවාදරුවන් සමග ප්‍රීතියෙන් ගත කිරීමට ඔබ උත්සුක වන අතර පවුලේ යම්කිසි ප්‍රිය සම්භාෂණයක් වෙනුවෙන් ඔබ පවුල පිටින් යයි.
සෞඛ්‍ය තත්වය ප්‍රශ්නයක් නැහැ. කුම්භ ලග්නයේ කුඩා ළමුන්, ජලාශ්‍රිත ක්‍රියාකාරකම් වලින් ඈත් වී සිටිම හොදයි.

● මීන
සතිය එතරම් ශුභ නැත.
මන්ද සතුරු රාශිගතව චන්ද්‍රයා සිටිම පසුව 8 වැන්නේ චන්ද්‍රයා ගෝචරය වීම මෙයට ප්‍රධාන හේතුවයි. මේ සතිය තුලදී ඔබ විශේෂයෙන්ම ප්‍රවේසමෙන් සිටිය යුතුය. ආදායම පහල යෑමටත් විශේෂයෙන්ම සතුරු කරදර ඇතිවිමටත් හේතුවෙයි. ණය ගැනීම, ණය දීම ආදි කටයුතු වලින් වලකින්න. ඔබ අත යම් මුදලක් හදලක් තියෙනවා නම් එය ආරක්ෂා කරගැනීමට උනන්දු වන්න.
ගෘහ ජිවිතයෙදි ඉවසීමෙන් කටයුතු කරන්න, සතිය මැදදී ඇතිවන ග්‍රහමය නිදහසෙදි පවුලේ සාමාජිකයන් සමග ප්‍රීතිමත්ව සිටින්න. නිවසෙන් පිටව සිටිම මේ සතියෙදි හොදයි.
සෞඛ්‍ය තත්වය ගත්විට සෙම් අමාරු සහ උදරාබාධ මූලිකයි. ග්‍රැස්ට්‍රයිටීස් වර්ධනය වීමට පුලුවන්.




Thursday, June 18, 2015

කුජ මාරුව ලග්න වලට බලපාන අයුරු

_ කුජ මාරුව ලග්න 12ට බලපාන ආකාරය _
ග්‍රහලොව සෙන්පති අඟහරු ඊයේ සිට මිථුන රාශි ගතවු අතර, එය පුරා මාස 1 හමාරකට ආසන්න කාලයක් පවති.

● මේෂ
3 වැන්නට කුජ පැමිණීම සමඵලයි.
ආර්ථිකය දියුණු වේ. ව්‍යාපාර කරන අයට වෙනදාට වඩා ලාභ ලැබේ. වෙනත් අයගේ උදව් ලැබේ. අධ්‍යාපන කටයුතු වලට සුබයි. හවුල් ව්‍යාපාර වලට සුබයි. නව මිතුරන් ඇතිවේ. රැකියාවේ දියුණුව, උසස්වීම් අපේක්ෂිතය.
ගෘහ ජිවිතයේ කටයුතු වලදී ඔබ දෙපලගේ සංහිඳියාව වැදගත් වේ. විනෝද උත්සව ආදිය ඇතිවන්නට හේතුයි. විදෙස් ගතවන්නටද සුබයි. තරමක කාර්යබහුලතාවයක් ඇතිවන්නට පුලුවන.
සෙම් ආශ්‍රිත රෝග වලින් පරිස්සම් වන්න.

● වෘෂභ
2 වැන්නට කුජ පැමිණිම එතරම්ම යහපත් නැත.
අවශ්‍යව තිබු මුදල් ලැබීමට ඉඩ ඇත. එසේ වුවද අනවශ්‍ය වියදම් සහ ගමන් බිමන් ආදිය යෙදෙන්නට ඉඩ වැඩි නිසා ඒ ගැන සැලකිලිමත් වන්න. ආර්ථිකය යහපත්ය.
නව මිතුරන් ලැබෙන කාලයකි. සහෝදර සහෝදරියන්ට සුබයි. ගමන් බිමන් අධික වේ. විදෙස් ගමන් වලට සුබයි.
හදිසි අනතුරු ආදියෙන් පරිස්සම් වන්න, නිදන්ගත රෝග ඇති අය පාලනයට යොමුවන්න.

● මිථුන
1 වැන්නට කුජ පැමිණිම මිශ්‍රපලයි.
රැකියාවේ දියුණුව අපේක්ෂා කල හැක. ආර්ථිකය යහපත් වේ. එසේ වුවද තම හොඳ නම රැකගැනීමට කටයුතු කරන්නට සිදුවිය හැක. හවුල් ව්‍යාපාර ආදියෙදි බාධා, ගැටළු ඇතිවිය හැක. නව ව්‍යාපාර සහ දේපල ඉඩකඩම් ආදිය ගැනීමේදි මනාව සිතා බලා ඒවා කරන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. ප්‍රේම සබදතා ස්ථිර වෙයි. දරුවන් වෙනුවෙන් සතුටු වීමට කැපවීමට ලැබෙන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ ගැටළු එතරම් නැත. නිදන්ගත රෝග ඇති අය පාලනයට යොමුවන්න.

● කටක
12 වැන්නට කුජ පැමිණීම අයහපත්ය.
ණය දීම, ගැනීම, යාන-වාහන මිලට ගැනීම, දේපල මිලදී ගැනීම් ආදි කටයුතු වල මේ කාලයේ නිරත නොවීම වඩා යහපත්ය. නිතර වන්නෙ නම් කේන්දර සටහන මනාව පරික්ෂා කර බලා කල යුතුය.
රැකියාවේ දියුණුව අපේක්ෂා කල හැක. යම් තරමකට බාධා දුරුවේ. එසේ වුවද සෞඛ්‍ය තත්වය ගැන අවදානයෙන් සිටින්න.
ගෘහ ජිවිතය යහපත්ව ගත කරන්නටද යම් බාධා ඇතිවිය හැක. පෙම් සබදතා වලට සුබයි. මංගල යෝජනා ලැබේ. දරුවන්ට සුබ තත්වයක් පෙන්වයි. අධ්‍යාපනයට සුබයි.
හදිසි අනතුරු වලින් සහ අසනීප තත්වයන්ගෙන් පරිස්සම් වන්න.

● සිංහ
11 වැන්නට කුජ පැමිනීම යහපත්ය.
රැකියාව දියුණු කරගන්ටන පුලුවන්, එය ඔබේ කැපවීම මත තීරණය වෙයි. උසස් වීම් ලැබිය හැක. තම වාසනාවට ධනය හිමිවිය හැක. හදිසි ධනලාභ වලටද ඉඩ පවතී. නව කටයුතු ආරම්භ කල හැක. ගමන් අධික විය හැක.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත කල හැක. යම් බාධා තත්වයන්ද පෙන්වයි. ගමන් අධික වීමෙන් ශරිරයට අවශ්‍ය සුවතාවය අවම විය හැක.
සෞඛ්‍ය තත්වය සාමාන්‍ය පරිදි වුවද නිදන්ගත රෝග ඇති අය ඒ ගැන උනන්දුවීම වැදගත්ය.

● කන්‍යා
10 වැන්නට කුජ පැමිණීම සුභයි.
ආර්ථික වාසි අපේක්ෂිතයි. තම කටයුතු සාර්ථක කරගත හැක. නිවාස වල යම් අලුත්වැඩියා හෝ නව නිවාස වලට යෑමටත් හැකිය. රැකියාවේ කටයුතු දියුණු වේ. හවුල් ව්‍යාපාර වලට සුබයි. හදිසි ධනලාභ උදාවිය හැක.
ගෘහ ජිවිතයේ කටයුතු සතුටින් කෙරෙනු ඇත. මංගල යෝග උදාවන කාලයකි. දරු සම්පත් බලාපොරොත්තු වූ අයට වාසනාවන්ත දරු උපත් හිමි විය හැක.
සෞඛ්‍ය තත්වයේ බඩේ අමාරු, උදරගත වේදනා ආදියෙන් ප්‍රවේසම් වන්න.

● තුලා
9 වැන්නට කුජ වැයවීම මිශ්‍රඵලයි.
ආර්ථික තත්වය දුර්වල නොවුවද වියදම් අධික වීමට ඉඩ ඇත. අරපරිස්සමෙන් කටයුතු කරන්න. වෙනදාට වඩා ක්‍රියාශීලි වන කාලයකි. ලැබෙන්නට තිබු මුදල් ලැබීමට ඉඩ ඇත. රැකියාවේ දියුණුව සහ උසස්වීම් ලැබිමට ඉඩ ඇත. අන් අය අතර පිලිගැනීමට ලක්වන කාලයකි.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. මංගල යෝජනා ලැබෙන කාලයකි. අද්‍යෘපන කටයුතු සාර්ථක වේ. දරුවන්ගේ දියුණුව නිසා සතුටු විමට හැකියාව ලැබේ. අන් අය සමග කරන කටයුතු වලදි ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු සහ ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ වලින් පරිස්සම් වන්න.

● වෘශ්චික
8 වැන්නට කුජ පැමිණිම සුබ නැත.
ආර්ථික තත්වය දුර්වල වීමට ඉඩ ඇති නිසා බුද්ධිමත් වන්න. රැකියාවට යම් යම් බාධා ඇතිවීමේ ඉඩක්ද පවති. වෙනදාට වඩා සිත ආගම දහමට යොමුවන සහ එසේ කිරිමෙන් යම් සැනසීමක් ලැබෙන කාලයකි. තම සැපයට හේතුවන කරුණු වලින් යම්තාක් දුරකට දුරස් විමට සිදුවිය හැක.
ගෙදර දොරේ ජිවිතයට ලොකු ගැටළු නැති වුවද බුද්ධියනේ කටයුතු කිරිම මැනවි, ආර්ථිකයේ වෙන අවාසි පවුලේ කටයුතු වලටද බලපෑමට ඉඩ ඇත. ලග්න ඒරාෂ්ඨක අපලය ගත වෙන නිසා බුද්ධියෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ ලේ සම්බන්ධ රෝග, උෂ්ණාධික රෝග ආදියෙන්ද බෝවන රෝග යනාදියෙන්ද විශේෂයෙන් පරිස්සම් වීම මැනවි.

● ධනු
7 වැන්නට කුජ පැමිණීම සමඵලයි.
සිතට යම් පීඩා ඇතිවන කාලයකි. අධික කාර්යබහුලතාවයක්ද ඇතිවිමට ඉඩ ඇත. ආර්ථික තත්වය සාමාන්‍ය පරිදි ගතවුවද වියදම් අධික විමේ ඉඩක් පවති. රැකියාවටද යම් බාධා එල්ල විය හැක. ඒවා මැඩගත හැක. ව්‍යාපාර වලට යම් පාඩු වීමේ අවදානමක් ඇත. කැපවීමෙන් සහ බුද්ධියෙන් කරන කටයුතු වලින් ජය ලැබිය හැක.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. විවාහපේක්ෂක අයට මංගල යෝජනා පැමිණේ. කරන කටයුතු බුද්ධියෙන් කිරිම වටී.
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් විය යුතු කාලයකි. විශේෂයෙන් මුත්‍රා ආබාධ සහ ඇස් රෝග යනාදියෙන් ප්‍ර
වේසම් විය යුතුය.

● මකර
6 වැන්නට කුජ  පැමිණිම සාමාන්‍ය ලෙස සුබයි.
ආර්ථික වාසි මෙන්ම තමන්ට තිබු යම් යම් බාධක දුරුවන කාලයක් කිව හැක. තමන්ගේම රැකියා, ව්‍යාපාර කරන අයට සුබයි. රැකියාවේ උසස්විමක් බලාපොරොත්තු විය හැක. කෙසේ වුවද බාධා පවති.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වනු ඇත. අවිවාහක අයට මංගල යෝග පැමිණෙන, පෙම් සබදතාව සතුටින් ගත කල හැකි කාලයකි. අද්‍යාපන කටයුතු වලට සුබයි.
සෞඛ්‍ය තත්වයේ වාත අමාරු, පිත ආශ්‍රිත රෝග ආදියෙන් පරිස්සම් වන්න.

● කුම්භ
5 වැන්නට කුජ පැමිණිම මිශ්‍රඵලයි.
ව්‍යාපාර වලට සුබයි. ලාභ ලැබේ. රැකියාවේ දියුණුව ඇතිවිමට ඉඩ ඇති වුවද යම් සිද්ධින් නිසා රැකියාව ගැන කණගාටුවක් ඇතිවන්ටද පුලුවන. ඒවා තාවකාලික බව සිතා කටයුතු කිරිම වටි.
ගෘහ ජිවිතය සතුටින් ගත කරන්නට හැකියාව ලැබේ. අධයාපන කටයුතු වලට සුබයි. නව දේපල ලාභ ලැබිමට හැකියාව ඇති සතියකි. පවුලේ සමගිය සහ දියුණුව වෙනුවෙන් බොහෝසේ කැපවන්නට සහ එයින් සුබ පල නෙලාගන්නට හැකි කාලයකි.
සෞඛ්‍ය තත්වයේ, දෙපා සම්බන්ධව අවදානමත් වන්න.

● මීන
4 වැන්නට කුජ පැමිණිම සමඵලයි.
රැකියාවෙ කටයුතු සාර්ථකව කරගෙන යන කාලයකි. වෙනදාට වඩා අරපරිස්සම් වීමෙන් මුදල් ඉතිරි කරගැනීමේ හැකියාව ලැබෙන කාලයකි. අන් අය අතර ගෞරවයට පාත්‍ර වෙයි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදිද ගත කල හැක. ඥාතින් හා අමනාපකම් ඇතිවමට ඉඩ ඇත. දේපල ලාභද ලැබෙනු ඇත.
සෞඛ්‍ය තත්වය යහපත් වේ. මෙතෙක් පැවති රෝගි තත්වයන් දුරුවන කාලයකි.

Wednesday, June 17, 2015

ග්‍රහලොව සෙන්පති කුජ හෙවත් අඟහරු, ඊයේ(16) වෘෂභ රාශියේ සිට මිථුන රාශියට සංක්‍රමණය විය.

මිථුන රාශියේ ඊයේ සිට ග්‍රහලොව පියාවන රවි ග්‍රහයාද සිටියි. ඒ අනුව රවි - කුජ යෝගය ඇතිවේ.

මෙම මාරුව පොදුවේ සුභ පල ලෙස අපේක්ෂිත වන්නේ,  3වැන්නට කුජ පැමිණෙන මේෂ ලග්නයට, 6 වැන්නට පැමිණෙන මකර ලග්නයට, 10 වැන්නට පැමිණෙන කන්‍යා ලග්නයට සහ 11 වැන්නට පැමිණෙන සිංහ ලග්න හිමියන්ටයි.

* මේ කාලයේ ඇස් රෝග සහ උණ රෝග ආදිය පැතිර යාමේ අවදානමක් පවති. එනිසා සැමදෙනා විසින් සිය සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වීම මැනවි.
* හදිසි අනතුරු, රිය අනතුරු ආදියද වීමේ අවදානමක් පවති.

* මැතිවරණ උණුසුම දැඩි වන මේ කාලයේ අලුත් දේශපාලන පක්ෂ ඇතිවන්නටද හැකියාව පවති.
වෙනදාට වඩා සන්නිවේදන කටයුතු වැඩිවනු ඇත.
*දේශපාලනේ ගැටළු, වියවුල් ආදිය ඇතිවිමට හේතුයි.

* පවතින රජයේ ඇතැම් කටයුතු යහපත් සිතින් කලත් විවේචනයට ලක්වීමට ඉඩ ඇත. එසේ වුවද කුජ මාරුව පවතින රජයට වාසිදායක බව කල්පනා කිරීමේදි අපට සිතේ.
* රජය විසුරුවන තෙක් පාර්ලිමේන්තුවේ දැන් පරිදිම උණුසුම් තත්ව ඇතිවනු ඇත. විපක්ෂයේ බලය යම්තාක් දුරකට ගිලිහෙන්නට ඉඩ වැඩිය.

*සිදුවුනු රවි මාරුව සහ ඉදිරියේදි සිදුවන ගුරු මාරුව සමග සංසන්දනාත්මකව විශ්ලේෂණය කිරිමේදි ක්‍රමිකව රටට වෙනදාට වඩා යහපත් කාලයක් උදාවනු ඇති බව අපගේ හැඟීමයි.

ඒනිසා යහපත්ව තම කටයුතු කිරීම මැනවි !










Tuesday, June 16, 2015

රවි මාරුව - ජුනි 15 සිට

සෞරග්‍රහ මණ්ඩලයේ පියා හෙවත් රවි ග්‍රහයා ජුනි 15 වන දින වෘෂභ රාශියෙන් ඉවත්ව මිථුන රාශිගත වෙයි.  ඒ සම්බන්ධව ලග්න වලට බලපාන ආකාරය ගැන විස්තරයක් මෙසේය.


● මේෂ
3 වැන්නට රවි පැමිණීම සියලුම මේෂ ලග්න අයට හොදයි.
ඉගෙනීමේ කටයුතු වර්ධනය වීමටත්, අලුත් දේවල් සම්බන්ධව ඉගෙන ගැනීමටත් සිත පහල වෙයි. රසායන විද්‍යාව ගැන කටයුතු කරන අයට හොදයි. වරදක් නැහැ.

● වෘෂභ
2 වැන්නට රවි පැමිණීම ඉතාම හොද ග්‍රහමාරුවකි.
තමාගේ එදිනෙදා කටයුතු දියුණු තියුණු වෙයි. පිටරටක මුදල් ආයෝජනය කිරිමට පුලුවන්. එසේම කේන්ති යෑම පාලනය කරගත යුතුයි. භූමි ලාභ සම්බන්ධව ශුභදායක තත්වයක් ඇති කරනු ලබයි.

● මිථුන
1 වැන්නට/ ලග්නයට පැමිණීම යහපත්ය.
ලග්නයට පැමිණෙන රවි ඔබගේ ආර්ථිකය කෙසේ වෙතත් අධ්‍යාපනික කටයුතු හොඳ මාවතකට ගනියි. එසේම වාසනාව දියුණුව ඇතිවෙයි. ඇස් රෝග වලින් පරිස්සම් වන්න.

● කටක
12 වැන්නට රවි පැමීණිම එතරම් යහපත් නැත.
විය පැහැදම් අධික වනු ඇත. නිස්කාරණ ගමන් බිමන් වලින් ආර්ථික කටයුතු අඩාල වීමට ඉඩ ඇත. එසේම ඔබගේ දියුණුව සම්බන්ධයෙන් කැපවී වැඩ කරන්න. නීතිමය ගැටළු මතුවීමේ අවධානමක්ද ඇත.

● සිංහ
රවි 11ට පැමිණීම ඉතා හොදයි.
කෝටියක් දෝෂ භංග වෙයි. ආදායම් තත්ව වල දියුණුව ඇතිවේ. විශේෂයෙන්ම ඔබගේ උසස් පෙලේ මිත්‍රයන් නිසා ඔබගේ දියුණුවට යම් උදව් උපකාර ලැබෙයි. වාසනාවන්ත සතියකි. ග්‍රහමය පැත්තෙන් හොද රැකවරණයක් ලැබෙයි.

● කන්‍යා
10 වැන්නට රවි පැමිණීම සුභයි.
රැකියාව දියුණු වෙයි. ඔබට උසස් වීම් ලැබේ. වෙලද ව්‍යාපාරික කටයුතු වලදි බුද්ධියෙන් කටයුතු කලහොත් යහපත් ලෙස තවත් දියුණු වීමට පුලුවන්. විදේශ ගතවීමේ හැකියාවක්ද පවති.

● තුලා
9 වැන්නට රවි පැමිණීම සුබයි.
ඔබට විදෙස් ගමන් ඇතිවෙයි. පිටපලාත් වල කරන ගනුදෙනු හේතුවෙන් දියුණුව ඇතිවෙයි. ඔබගේ යහළු මිත්‍රයන් නිසා ඔබට වාසනාවන්ත කාලයක් ඇතිවෙයි. ඉගෙන ගන්නා දුවාදරුවන්ට බොහෝම හොදයි. ඔබට කෙසේ වෙතත් ජයග්‍රහණ හිමි වෙයි.

● වෘශ්චික
8 වැන්නට රවි පැමිණීම එතරම් යහපත් නැත.
රවිගේ මාරුව එතරම් හොද නැහැ. උෂ්ණාධික රෝගාබාධ වලට හේතුයි. සමහරවිට යම් යම් අනතුරු කරදර වලට මුහුණ පෑමට පුලුවන්. වෘශ්චික ලග්න කුඩා දරුවන් එවන් අනතුරු වලින් පරිස්සම් කරගැනීම හොදයි (ගින්නෙන්, විදුලියෙන්), උෂ්ණාධික රෝගාබාධ, බඩේ අමාරු, අක්ෂි රෝග ආදියෙන් පරිස්සම් වන්න.

● ධනු
7 වැන්නට රවි පැමිණීම සමඵලයි.
මෙම ග්‍රහ මාරුව සමග ඥාන ශක්තිය දියුණු වෙයි. නමුත් විවාහ ජිවිත ගත කරන අයට එය එතරම් හොද නැහැ. අඹුසැමියන් අතර යම් යම් මතභේදාත්මක දේවල් මතුවිමට පුලුවන්. එසේම හවුල්කාරයන් අතර යම් යම් ප්‍රශ්න ඇතිවීමට පුලුවන්. ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.

● මකර
6 වැන්නට රවි පැමිණීම සතුරන් පරාජය කරයි.
සතුරු කරදර රවි 6ට පැමිණිමෙන් ධූරිභූත වෙයි. එසේම බාධක කරදර අවම වෙයි. සතුරන් පරාජය වෙයි. ආර්ථික තත්වයේ මෙතෙක් තිබුනු බාධක වෙයි. ඔබට විරුද්ධව කටයුතු කල සියලුම දෙනාගේ උත්සහයන් ව්‍යර්ථ වෙයි.

●  කුම්භ
5 වැන්නට රවි පැමිණිම හොදයි.
රවි මාරුවෙන් ඥාන ශක්තිය දියුණු වෙයි. ඉගෙන ගන්නා දරුවන්ට හොදයි. ගරු සම්මාන ලැබෙයි. තරඟ විභාග ආදියෙන් ජය ලැබෙයි. බොහෝසෙයින්ම වාසනාවන්ත තත්ව ඇතිවෙයි. ගැටළු සහගත තත්වයන් එන්නේ නැහැ.

●  මීන
4 වැන්නට රවි පැමිණීම හොදයි.
හොදයි. ඥාන ශක්තිය දියුණු වෙයි. කරන කියන කටයුතු වලට අවහිරදා මතුවන්නේ නැහැ. ඉගෙන ගන්නා දරුවන්ට හොදයි. ඔවුන්ටද තරග විභාග ආදිය ජයග්‍රහණයට මෙන්ම අලුත් දේවල් ඉගෙන ගැනීමටද මෙමගින් හැකිවෙයි. එසේම විදේශ ශිෂ්‍යත්ව පවා ලැබිමට හැකියාව වැඩියි. හොද කාලයකි.

Sunday, June 14, 2015

සතියේ ලග්න පලාපලය - ජුනි 15 සිට

● මේෂ
සුබ සතියකි.
ඔබට මේ සතියෙදි ආර්ථික තත්වය දියුණු කරගැනීමට මාහැගි වාසනාව උදාවෙයි. ඒ ආකාරයට බලන කල, ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ නියුතු, විදෙස් රැකියා වල නියුතු අයට එසේම උසස් රැකියා කරන අයට බෙහෙවින් ශුභයි. එසේම භූමිය සම්බන්ධව තිබු ආරවුලක් විසදා ගැනීමටත් පුලුවන්.
ගෘහ ජිවිතය බොහෝ සතුටින් ගත කරන සතියකි. දුවාදරුවන් සහ පවුලේ සියලුම ඥාතින් සමග සතුටින් සිටිමට පුලුවන්. එසේම නිවසට නෑදෑ හිතමිතුරන් පැමිණෙන කාලයක්. දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඔවුන්ගේ වැඩ වලට කැපවීමට සිත් පහල වෙයි.
රෝගාබාධ ලෙස, සෙම් අමාරු සහ සෙම් ගෙඩි වැඩි අසනීප දක්නට ලැබේ.

● වෘෂභ
ඉතාමත්ම සුභ සතියක්.
ලග්නයේ සදු උච්ච වන මේ සතියෙදි ඔබ නිරන්තරයෙන්ම ජනප්‍රිය වීමට ඉඩකඩ වැඩියි. එසේම වාසනාවන්ත ආකාරයට ව්‍යාපාරික කටයුතු කෙරෙනවා. නව ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරිමට මේ සතියෙදි පුලුවන්. උදව් උපකාරද ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රියමනාපයි. අවිවාහක අයට මංගල යෝග උදාවෙන අතර, විවාහක අයගේ අඹුසැමි ප්‍රේමය ශක්තිමත් වන අතර, සහකාර බන්ධනයද ඉතාම දැඩිව අවශ්‍ය වන බව කිව යුතුය.
සෙම් අමාරුව ආදි අසනීප ඇතිවෙයි.

● මිථුන
මිශ්‍රඵල සතියකි.
සතියේ මුල් දවස් 2-3 තුල තරමක අවිවේකි භාවය ආර්ථික තත්වයට හානිවෙයි. සමහරවිට බලාපොරොත්තු නොවු මුදලක් ඔබ අතින් නිස්කාරණේ වැයවීමට පුලුවන්. ණයට ගැනීම හෝ ණය දීම සතියේ මුල් දින කීපයෙදි නොකරන්න. ඒ ගැන කල්පනාකාරි වන්න.
ගෘහ ජිවිතය තරමක් අවිවේකී භාවය නිසා යම් යම් ගැටළු මතුවිමට හේතුයි. නමුත් ඒවා දුරදිග යන ප්‍රශ්න නොවේ. වරදක් නැහැ.
සෞඛ්‍ය තත්වයේ නම් පාද වල ආබාධ වේදනා සදහන් කල හැක.

● කටක
හොද සතියක්.
විශේෂයෙන්ම ලග්නාධිපති උච්ච වෙන මෙම කාලයෙදි ධන සම්පත් ඉබේ මෙන් පහල වෙයි. කරන කියන වැඩ කටයුතු සාර්ථක වන අතර, හවුල් ව්‍යාපාරද සාර්ථක වෙයි. ඔබට ජයග්‍රාහී මානසිකත්වයක් සමග පෙරට යෑමේ හැකියාව ලැබේ.
ගෘහ ජිවිතය තරමක කේන්ති යෑමට පුලුවන්. ඔබට අරියාදු කල අයට, කිසි සමාවක් නොදෙන තත්වයක් පෙන්වයි. ඔබගේ දියුණුවට යම් යම් වාසනාවන්ත දෑ සිද්ධ වෙයි.
සෞඛ්‍ය තත්වය, සතිය අගදී පාද වල ආබාධ සහ නිදන්ගත රෝග ඇති අය එ ගැන කල්පනාකාරි විම මැනවි.

● සිංහ
ඔබට මේ සතිය ඉතාම ශුභ සතියකි.
විදේශ රැකියා වල නියුතු අයට, ආහාරපාන අලෙවිය සම්බන්ධව කටයුතු කරන අයට සහ සියලුම ව්‍යාපාරික භවතුන්ට ඉතාම සුභ සතියකි. ණය තුරුස් අය වන අතර තමාගේ කටයුතු දියුණු කරගැනීමට බාහිරින් උදව් උපකාර ලැබෙනවා ඇත. හොදයි.
ගෙදර දොර ජිවිතය ඉතාම ප්‍රීතිමත් වන අතර, අඹුසැමි ප්‍රේමය වර්ධනය වේ. එසේම සතිය මැදදී යාළු මිත්‍රයන් ආශ්‍රය වැඩිවෙයි. සතිය අගදී දුර බැහැර ගමනක් බිමනක් යෑමට හේතු වෙයි.
සෞඛ්‍ය ගැටළු බෙහෙවින් බල නොපායි. පාද වල වේදනාව හෝ සෙම් අමාරු ගැන කල්පනාකාරි වන්න.

● කන්‍යා
හොඳ සතියක්.
විශේෂයෙන්ම ආදායම් මාර්ග වලට හොදයි. කලබලනොවි ඉවසා සිටියොත් එයින් දියුණු වීමට පුලුවන්. සතිය මැදදී යම් යම් ව්‍යාපාරික කටයුතු නිසා ලාභ ලබාගැනීමට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගතවෙන අතර ආගමික භක්තිය වැඩිවෙයි. එසේම සතිය මැදදී දුර බැහැර ප්‍රදේශ වලට යෑමට සිදුවෙයි. මේ සතියේ ඔබට යම්කිසි දෙයක් කරගැනීමට හැකියි.
ලග්නයේ රාහු තැන්පත් වීමත්, සෙනසුරු 3 වැන්නේ සිටිමත් නිසා විටින් විට යම් රෝගාබාධ වලට ගොදුරු විය හැකි අතර එහෙයින් යම් ගැටළුවක් මතුවෙයි.

● තුලා
ඔබට මිශ්‍රපල සතියකි.
අප එසේ කියන්නේ සතිය ආරම්භයෙදි සඳු ග්‍රහයා 8 වැන්නේ තැන්පත් වීම නිසා යම් යම් මානසික චිත්ත පීඩන ඇතිවෙයි. ආර්ථිකයට එය යම් බලපෑමක් ඇති කරයි. නමුත් සතිය මැද වන විට මේ දෝෂ තත්වයන් පහවී ඔබට සෙත ශාන්තිය සතුට සලසයි. එයින් ගැටළුවක් නොමැත.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. ඔබටද ආගමික අංශයේ වැඩ කටයුතු වලින් සිතට ප්‍රීතිය ගෙනදෙයි. නැතිබැරි දුප්පත් මිනිසුන්ට උදව් උපකාර කිරිමට හැකිවේ. ගමන් බිමන් අධික ස්වභාවයක් පෙන්වයි.
සෞඛ්‍ය පැත්තෙන් සතියේ මුල් කොටසෙදි යම් යම් ගැටළුකාරි තත්ව මතු වුවත් ඒවා එතරම් බල නොපායි.

● වෘශ්චික
සුභදායක සතියකි.
විශේෂයෙන්ම හවුල් ව්‍යාපාර කරන අයට බොහෝම සුබයි. සතිය මැදදී යම් යම් පාඩු සිද්ධ විමට පුලුවන්. සතියේ මැද දවස් 2දි ණය ගැනීම හොද නැහැ. ගුප්ත අමනුෂ්‍ය කරදර වලින් ඔබගේ ව්‍යාපාරික තත්වයත්, ඔබගේ පෞරුෂයත් ආරක්ෂා කරගත යුතුයි. විශේෂ ගැටළුවක් නැහැ.
ගෘහ ජිවිතය වාසනාවන්තයි. ඉතාම හොදයි. ඔබ හිතන පතන සියලුම දේ ලබනවා. අවිවාහක අයගේ ප්‍රේම සබදතා ස්ථිර වෙනවා, වඩා වර්ධනය වෙනවා. මංගල යෝග යෙදේ.
සෞඛ්‍ය තත්වය නම් සතිය මැදදී සෙම් රෝග ජලය නිසා ඇති කරන රෝග ඇතිවෙනවා. පරිස්සම් වන්න.

● ධනු
සමඵල සතියකි.
සතිය මුල් කොටසෙදි ආර්ථික තත්වය දුර්වල වෙයි. ඔබ එක එක ණය තුරුස් සහ උපාය මාර්ගික උගුල් වලට හසුවිමේ ඉඩක් පවති - ඒවායින් ආරක්ෂා විය යුතුයි. ඔබගේ දියුණුව සැලසෙන්නේ ඒ ආකාරයට කටයුතු කිරිමෙන්.
ගෘහ ජිවිතය වාසනාවන්තව ගත කරන්නට පුලුවන්. ඔබගේ සෞඛ්‍ය ආරක්ෂා කරගත යුතුයි නැත්නම් ගෘහ ජිවිතයේ ගැටළු ඇතිවිය හැකියි. නැන්දලාගේ, මාමලාගේ හෝ නෑදැයන්ගේ කරදර වලට ඔබට මුහුණ දීමට හේතු විය හැකියි. සතිය මැදදි මංගල යෝග ඇතිවෙනවා. ස්ත්‍රි - පුරුෂ දෙපාර්ශවයටම කම්සැප විදිමේ මහගු යෝගයක් මේ කාලයෙදි ඇතිවෙනවා.
සෞඛ්‍ය තත්වයේ, යටි බඩ ආශ්‍රිත උදරාබාධ සෙම් රෝග, කකුල් කොන්දේ කැක්කුම් ඇතිවිමට හේතුයි.

● මකර
ඉතාම හොදයි.
හදිසි ධනලාභ, ස්විප් ආදියේ වාසනාවන්ත දිනුම් ලබාගැනිමට පුලුවන්. එසේම කරන කියන කටයුතු වල දියුණුව ඇතිවෙයි. හවුල්කාර ව්‍යාපාර කටයුතු ඉතා දියුණුවට පත්වන අතර, ස්වාමියා බිරිද හේතු කරගෙන මුදල් ඇතිවෙයි. විශ්වාසයෙන් කටයුතු කරන්න. හොද සතියක්.
ගෘහ ජිවිතය ඉතාම ශුභයි. දරුවන්ට ජයග්‍රහණ හිමිවන අතර, නිවස පුරාම ප්‍රීතිනාදය ඇතිවෙයි. නෑදෑයන් පැමිණෙයි. හොද සතියක්.
සෞඛ්‍ය තත්වය මධ්‍යස්ථයි. සතිය මැදදී ඔබට යම්කිසි සෞඛ්‍ය සම්බන්ධයෙන් යම් පිරිහිමක් දක්නට ලැබේ. පරිස්සම් වන්න.

● කුම්භ
ඉතාම හොද සතියක්.
ඉන්න හිටින තැන් දියුණු වෙනවා. ඔබ ඉතාම උනන්දුවෙන් උත්සහයෙන් වැඩ කලොත් මේ සතියේ බරපතල දැවැන්ත ආර්ථික දියුණුවක් හිමිකරගැනීමට පුලුවන්. භූමි ලාභ දේපල ලැබෙන සතියක්.
ගෘහ ජිවිතය හොදයි. ගෙදර පුරාම සතුට සමාදානය පැතිරෙනවා. ඔබගේ ආර්ථික තත්වය හොද නිසා දුර බැහැර ගමන් යාමට පුුලුවන්. දුවාදරුවන්ටද හොදයි. ගැටළුවක් නැහැ.
සෞඛ්‍ය තත්වය අයහපත් නොවෙන අතර, සතිය අගදි උදරාබාධයක් ගැන පරිස්සම් වන්න.

● මීන
ඉතාම ශුභ සතියක්.
තමාගේ වැඩ කටයුතු දියුණු වෙනවා. එසේම විදේශ රැකියා වල නියුතු අයටත්, සියලුම ව්‍යාපාරික කටයුතු කරන අයටත් එම කටයුතු සිදුවෙනවා, පිට පලාත් වල සංචාරය ඇතිවෙනවා. එයින් ලාභ ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. ඥාතින් නිවසට පැමිණෙනවා. එසේම අවිවාහක අයට මංගල යෝග උදාවෙනවා. ඉතාමත්ම සුපිරි වාසනාවන්ත සතියක්.
සෞඛ්‍ය තත්වය බොහොම හොදයි. තමන්ගේ තිබූ ආබාධ වැලකෙයි. නාසය සම්බන්ධ දේවල් වලදී ප්‍රවේසම් වන්න.

“ විස්කම් දෙව් පුත් “

විශ්වකර්ම දිව්‍ය රාජයා
( උපකල්පිත පින්තුරයකි)

Friday, June 12, 2015

ඉරු සේවය Face book Fan Page - 26 000 +

Iru Astrology/ඉරු සේවයට 26,000ක පාඨක පිරිසක් !

ස්තූතියි ඔබ සැමට !

‪#‎ඉරුසේවය‬


_________________

* භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
irusewaya@gmail.com.
0711 345 364

Tuesday, June 9, 2015

“ ගණ දෙවියන් “

ගනේශ්වර, ගණ දෙවියන්, ගණපති යනාදි බොහෝ නම් වලින් හඳුන්වන ගණ දෙවියන් ලෝක පාලක ඊශ්වර/ශිව හෙවත් මෙහෙසුරාණන්ගේ පුත්‍රයෙකි.

සියුම් බුද්ධියට අධිපතිකම කරන මෙම දෙවිදුන් අයුක්තියට අසාධාරණයට විරුද්ධව උදව් කරන දෙවි කෙනෙකි.

* මෙම දෙවිඳුන්ගේ ඇති විශේෂත්වයක් නම් මෙම දෙවියන්ගෙන් ආශිර්වාද ගැනීමට පහනක් හෝ සිතිවිල්ලකින් හෝ වන්දනාමාන කිරීමට නිසි වේලාවක් නොමැති වීමයි - එනම් ඕනෑම මොහොතක පිහිට ඉල්ලා සිටිය හැක. බොහෝ අවස්ථාවල දිශාවක්ද නැත.

* ඊශ්වර දෙවියන් විසින් ලංකාව 3ට බෙදා පුතුන් 3නාට භාරදී ඇති බව දේව පුරාණයේ සඳහන් වන අතර ගණ දෙවියන්ට උතුරු ප්‍රදේශය භාර වී ඇත.

*** යම් යම් පිරිස් ගණ දෙවියන්ගේ නිර්මිත රූප, පිළිම යනාදිය භාවිත කරමින් වෙනම ව්‍යාපාර වල නිරත වී සිටින අතර, ඒවා හුදෙක් මඩි තර කරගන්නා ව්‍යාපාර බව අවධාරණය කරමු.
ඒවායින් ලැබෙන පිහිටක්ද නැත.
ගණ දෙවිඳුන්ට අවශ්‍ය වන්නේ කරන පින්කම් අනුමෝදන් කිරීමය.
(මෙහිදි දෙවියන් අප පින් දෙන තුරු බලාගෙන සිටිනවා කියා වැරදි අවබෝධ ඇතිකර නොගන්න. දේවත්වයට පත්වන්නේ අදාල කර්ම ශක්තිය නිසාය, අප ලබාදෙන පින් නිසා එම තත්වය තවත් දියුණු වන්නට පුලුවන)

ගණ දෙවියන් මාකටින් කරන අය ගැන අපෙන් අසන බොහෝදෙනෙක්ගේ ගැටළුව වන්නේ එවන් වංචාකාරයින්ට දෙවියන් දඬුවම් නොකරන්නේ ඇයි කියලාය..
දෙවියන් කිසිවෙකුගේ කර්ම ශක්තිය වෙනස් කරන්නට උත්සහ ගන්නේ නැත.

වංචා සහගතව එම ක්‍රියාව කරන අය අද මහ ධනවතුන් වී සිටියද යම් කාලයකදී පෙර කල පින් අවසන් වූ විට විපාක විඳිනු ඇත.

හරි කාලයෙදි හොඳින් සිටිමෙන් නරක කාල වලදි ඇතින කරදර වලදි දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබෙන බව ඔබ අසා ඇතිවාට සැක නැත.
පව් කල අයට දෙවියන්ගේ ආශිර්වාදය නොලැබේ.

* දෙවිවරුන් පූජා වට්ටියෙන්, පඬුරු වලින් මහා පරිමාණ මුදල් වියදම් කිරීමෙන් රැවටීමට නොහැක. දෙවිවරුන්ගේ අධ්‍යාත්මික ගුණය ඉහලය.

එනිසා දහමට අනුව නිසිලෙස කටයුතු කරමින් ජිවිතය සතුටින් සංතෘප්තියෙන් විඳිමින් යහපත්ව සිටීම මැනවි !

තෙරුවන් සරණයි !

Saturday, June 6, 2015

පසුගිය සතිය පුරා සූක්ෂමව පරික්ෂා කල සියලුම පෙරොන්දම් ගැලපීම් සාර්ථකයි

අපගේ පොරොන්දම් බැලීම, 20 පොරොන්දමට සීමා නොවී විවාහයට අදාලව තවත් බොහෝ කරුණු වලට අදාලව එනම් කේන්දර ගැලපීම, දෙදෙනාගේ දැන් ගත වන ග්‍රහ දසා, ගෝචරයන්, ඉදිරියේදි ඇතිවන තත්වයන් යනාදිය මෙන්ම, දෙදෙනාගේ සබදතාවය ගැන මානුෂීය කරුණුද සහිතව කරන්නකි.

එමනිසා කේන්දර පරික්ෂා වලටත් වඩා අපට ලැබී ඇත්තේ පොරොන්දම් සහ විවාහයට අදාලව පරික්ෂාය.
අපට ලැබෙන සෑම පොරොන්දමක්ම සියල්ල ගැලපෙන්නේ නම් එය ඉතා වටිනා බව සිතමින් අප කටයුතු කරමු.
වෙනත් තැන් 10කට පමණ ගොස් එම සෑම තැනින්ම නොගැලපෙන බවද, මේ තරම් අපල තිබෙන අතර ඒවාට ශාන්ති කර්ම කල යුතු බවද නිර්දේශ කර තිබූ පොරොන්දම් විශාල සංඛ්‍යාවක් නිසි ලෙස කේන්දර සටහන් සාදා සූක්ෂමව පරික්ෂා කල කල සුළු දෝෂ මිස වෙනත් දෝෂ නැති බව අපට තහවුරු විය.

එසේම විවාහයකදී අප විශ්වාස කරන අන්දමට, පොරොන්දම් ගැලපීමට වඩා අත්‍යාවශ්‍ය වන්නේ දෙදෙනාගේ බැඳීමයි. එය සාර්ථකව සූක්ෂම පරික්ෂාවකින් විවාහයට සුදුසුදැයි නිවරදිවම කිව හැක.
සැබෑවට සතුට ලැබෙන්නෙ නිසි ලෙස කේන්දර සටහන් පරික්ෂා කර ඉන්පසු විවාහයට සුදුසු බව කියන්නට ලැබුනොත් පමණකි.....

‪#‎ඉරුසේවය‬

Tuesday, June 2, 2015

සතියේ ලග්න පලාපලය - ජුනි 2 සිට

●  මේෂ
සමඵලයි.
සතිය ආරම්භයෙදි ආර්ථික පැත්ත ගොඩක් වැටෙනවා. කරන කියන කටයුතු වලට බාධාව සහ ගැටළුව උපරිම ආකාරයට එනවා. ඒවගේම තමයි විශේෂයෙන්ම ඔයාගේ හවුල් ව්‍යාපාර වලට ප්‍රබල බාධක එනවා. මේ තත්වය හරියන්නේ සතිය මැදදී තමයි. සතිය අගදී ඉතාම හොද තත්වයකට පත් කරගන්න පුලුවනි මේ තත්වය. ප්‍රවේසමින් වැඩ කරන්න ඕන.
ගෘහ ජිවිතය හොදින් ගත කරන්න පුලුවන් වෙන්නෙ සතිය මැදින් පසුවයි. සතිය මුලදී දෙදෙනා අතර ආරවුල් ඇතිවෙන්න පුලුවන්. කල්පනාකාරිව කටයුතු කරන්න. සතිය අගදී පිටපලාතක සංචාරයක් තියෙනවා.
සෞඛ්‍ය තත්වය සතිය මුලදි පිරිහෙන්න පුලුවන්. සෙම් රෝග, ජලාශ්‍රිත රෝග ඒවගේම නිදන්ගත රෝග ඇති අයට ඒ සංකූලතා වැඩිවෙන්න පුලුවනි.

●  වෘෂභ
එතරම් සුබ නැහැ.
සතිය මුල පටන් ගන්නේ කරදර රාශියක් එක්කයි. එනිසා ප්‍රවේසම් වෙන්න ඕන. ඒවගේම තමයි හවුල් ව්‍යාපාර කරන අය ගොඩාක් කරදර වලට මුහුණ පාන්න පුලුවන්. ඒවගේම කරන කියන කටයුතු ආරවුල් ඇතිවෙන්න පුලුවන්.
ගෘහ ජිවිතයෙදි පරිස්සම් වෙන්න ඕනෙ. අඹුසැමි ගැටුම් ඇතිවෙන්න පුලුවන්. සතිය අගදී මේ තත්ව නැති වී යනවා.
සෞඛ්‍ය තත්වය, මානසික කායික සෞඛ්‍ය පිරිහෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන බලාගන්න.

●  මිථුන
සමඵලයි.
සතිය පටන් ගන්නේ සතුරු කරදර රාශියක් එක්කයි. විශේෂයෙන්ම සතුරු කරදර තියෙන අය ප්‍රවේසම් වෙන්න ඕනෙ. නැත්නම් තමන් නැති කරදර වලට මුහුණ පාන්ට පුුලුවන්. ඒවගේම විශේෂිත වශයෙන් ප්‍රශ්න ඇතිවෙන්නත් පුලුවන්. ඒ ගැන කල්පනා කරන්ට.
ගෘහ ජිවිතය ශුභාශුභ මධ්‍ය තත්වයේ යන්නෙ, සතිය මුල අග නරක නිසා අඹුසැමියන් අතර, දුවාදරුවන් අතරත් ගැටුම් ඇතිවෙන්ට පුලුවන්. ඒ ගැන විශේෂ අවධානයෙන් සිටින්න.
සෞඛ්‍ය ගැටළු බඩේ අමාරු ඇතිවෙන්න පුලුවන්.

●  කටක
සමඵලයි.
ලග්නාධිපති නීචව පටන් ගන්න මේ සතිය තුල ආර්ථික දියුණු කරගන්න එක හරි අමාරුයි. ඒකත් එක්කම නැති සතුරු කරදරයක් මතු වෙන්න පුලුවන්. විශේෂයෙන්ම වෙලහෙලදාමේ නියුතු අයටත්, විදෙස් රැකියා වල නියුතු අයටත් ප්‍රශ්න උපද්‍රව මතුවෙන්ට පුලුවන්. ඒ ගැන කල්පනා කරන්න.
ගෘහ ජිවිතය ටිකක් අවුල් වියවුල් ඇතිවෙන්න පුලුවන්. කරදර බාධක මැදින් තමයි යන්නෙ. දරුවන්ට පවුලේ අයට ලෙඩ රෝග ඇතිවෙන්න පුලුවන්. තමන්ටත් එහෙමයි. ඒ ගැන කල්පනා කල යුතුයි.
සෞඛ්‍ය තත්වය, බඩේ අමාරු සහ සෙම් කෝප වීම නිසා හටගන්නා රෝග තත්වත්, උණත් ප්‍රශ්න විය හැකියි.

●  සිංහ
සමඵලයි.
සතිය පටන් ගන්නේ ඒරාෂ්ඨක අපලයක් සිව් වැන්නෙ යෙදීමෙනි. එනිසා ආදායම් තත්ව වලට ගෙදරින්ම පොලු වැටෙනවා. ඒවගේම පවුලේ සාමාජිකයන් අතර රණ්ඩු දබර ඇතිවෙන්න පුලුවන්. සතියේ මුල් දවස් 2-3 තුල මේ තත්වය බලපානවා. ඉන්පසු මේවා නැති වෙනව.
ගෘහ ජිවිතය සාමාන්‍යයෙන් ගැටළුකාරියි. ප්‍රවේසම් වන්න. හැම කරදරයකින්ම පරිස්සම් වෙන්න ඕන.
සෞඛ්‍ය තත්වය සතිය අගදී උදරාබාධායක්, ස්නායු රෝග, හන්දිපත් කැක්කුම් ඇතිවෙන්න පුලුවන්.

●  කන්‍යා
සුභයි.
තමාගේ අප්‍රතිහත කැපවීම සහ උත්සහය නිසා මෙම සතිය තමාගේ වැඩ කටයුතු වලට හොදයි. ඒවගේම සතිය මැද සහ අග වෙනකොට ගොඩක් තමන්ගේ උත්සහයට ප්‍රතිඵල ලැබෙනවා. මුදල් ලැබෙනවා. අලුත් හවුල්කාරයෝ එනවා. කරන කියන කටයුතු දියුණු වෙනවා.
ගෙදර දොරේ ජිවිතය සතියේ මුල් දවස් 2 ප්‍රශ්න තිබුනත් ඒවා සතිය මැදදී පහවෙලා යනවා. ඒවගේම තමන්ට ප්‍රීතිය ගෙන දෙන දරුවන්ගෙ ජයග්‍රහණ සහ ගෙදර දොරේ යම්කිසි සිද්ධි නිසා ප්‍රමෝදයට පත් වෙනවා.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ, පපුවේ සෙම ඇති අය පරිස්සම් වන්න.

●   තුලා
ශුභයි.
දැඩි කැපවීමෙන් මහන්සියෙන් කටයුතු කලොත්, මෙම සතිය වාසනාවන්ත වේවි. පිටපලාත් වල රැකියා කරන අයට, විදෙස් රැකියා කරන අයට ඉතාම හොදයි.
ගෙදර දොරේ ජිවිතය ඉතාම යහපත්ව ගත වෙනවා. තමන් ගැන සමාජයේ හොද කතා වෙනවා. සතියේ අගදී ඥාති හිතවතෙකු නිවසට පැමිණීමක් හෝ ඔබ එහි යාමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.
සෞඛ්‍ය තත්වය නරක නැහැ. උගුරේ සෙම ආදියෙන් පරිස්සම් වන්න.

●  වෘශ්චික
සමඵලයි.
ලග්න ඒරාෂ්ඨකයක් සමග ඇරඹුනත්, තමාගේ උත්සහයෙන් මේ හැමදේම වලක්වන්න පුලුවන්. කරදර බාධක දුරු වෙනවා. ඒවගේම ආරක්ෂාව සෙත සැලසෙනවා. කරදරයක් නැහැ.
ගෘහ ජිවිතය බොහොමත් ප්‍රීතියෙන් යුක්තව ගත වෙනවා. තමාගේ කටයුතු වලට නෑදෑයන්ගෙන් අතහිත ලැබෙනවා.
සෞඛ්‍ය තත්වය, නරක නැහැ. හිසේ කැක්කුම සහ මානසික ආතතියෙන් පරිස්සම් වන්න.

●   ධනු
සමඵලයි.
සතිය මුලදී ධන හානි, ණය තුරුස් වීම් ඒවා වලට පැටලී කරදරයේ වැටීම් ආදිය සිද්ධ වෙන්න පුලුවන්. සතිය මැදදී මෙම තත්වය පහ වෙනවා. කරන කියන කටයුතු වලට බාධක නැහැ. මුදල් ලාභ ඇතිවෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත කරන්න පුලුවන් වෙන්නෙ, සතිය මැදදී. පිට පලාත් වලට යෑම, දුවාදරුවන් සමග සතුටින් සිටිමට අවස්ථාව ලැබෙනවා.
සෞඛ්‍ය තත්වයේ සෙම් කෝප වීම සහ ඇඟපත අමාරු මේ අතර ප්‍රධානයි.

●   මකර
සමඵල සතියකි.
මේ සතියේදි දැවැන්ත ආකාරයෙන් ආර්ථික පාඩු වීමට පුලුවන්. තමන් ඇසුරු කරන අය නිසා තමන්ට පාඩු වෙන්න පුලුවන්. විශේෂයෙන්ම ඥාතින්ගෙන් ප්‍රවේසම් විය යුතුයි. ඔවුන් ගෙදරට ආවොත් ආර්ථික හානියක් අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. වෙළද ව්‍යාපාර පාඩු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
ගෘහ ජිවිතය ස්වාමි භාර්යා අතර ගැටළුකාරි තත්ව මතු වෙන්න පුලුවන්. අඹුසැමි සමගියට බාධක ඇතිවෙන්න පුලුවන්.
සෞඛ්‍ය තත්වය අයහපත් විය හැකියි. විශේෂයෙන්ම රෝග පීඩා ඇති අය ප්‍රවේසම් විය යුතුයි. නිදන්ගත රෝග ඇති අයත් එහෙමයි.

●   කුම්භ
මේ සතිය හොදයි.
ඔබට විශේෂයෙන්ම සතියේ මුල් දවස් 2-3 පාඩු සිද්ධ වෙන්න පුලුවනි. සමහරවිට උපතේදි සෙනසුරු බලවත් නම් මහා පරිමාණයෙන් ලාභ ප්‍රයෝජනත් ලැබෙන්න ඉඩ තියෙනවා. එසේම සතිය මැදදී හිතවතෙක්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙනවා. කෙසේ වෙතත් භාග්‍යවන්තව සිටිමට වාසනාව ලැබෙනවා. ගෙදරට අමුත්තෙක් එන්න පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ලොකු ගැටළුවක් නැහැ. හන්දිපත් වේදනාව ගැන කල්පනාකාරි වන්න.

●  මීන
සමඵලයි.
සතිය මුල යම් බාධක තිබුනත් සතිය මැදදී යහපත් දේ බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඔබට රැකියාව වෙනුවෙන් කැපවීම් කරන්ට වෙනවා. පිට පලාත් වල යෑමට ඉඩ තියෙනවා. විදෙස් රැකියා කරන අයට හොදයි. පඩි වැඩිවීම් බලාපොරොත්තු විය හැකිය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙනවා. ලොකු වරදකුත් නැහැ. නරකකුත් නැහැ. සතිය අගදී සංචාරයක් යන්න පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ, ප්‍රබල ගැටළු නැහැ. සෙම් අමාරු සහ මානසික පීඩාවන් පාලනය කරගන්න.












Monday, June 1, 2015

මතු බුදු බව පතන ‪‎සුමනසමන්‬ දෙව් මහ රජ !

විවිධාකාර ජනප්‍රවාද කතා මෙම දෙවියන් ගැනද ලියැවී ඇත.
සිල්වතු ගුණවත් යහපත් අයට උදව් කරන සුපින්වත් දෙවි කෙනෙකි.

‪#‎ඉරුසේවය‬