Sunday, June 14, 2015

සතියේ ලග්න පලාපලය - ජුනි 15 සිට

● මේෂ
සුබ සතියකි.
ඔබට මේ සතියෙදි ආර්ථික තත්වය දියුණු කරගැනීමට මාහැගි වාසනාව උදාවෙයි. ඒ ආකාරයට බලන කල, ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ නියුතු, විදෙස් රැකියා වල නියුතු අයට එසේම උසස් රැකියා කරන අයට බෙහෙවින් ශුභයි. එසේම භූමිය සම්බන්ධව තිබු ආරවුලක් විසදා ගැනීමටත් පුලුවන්.
ගෘහ ජිවිතය බොහෝ සතුටින් ගත කරන සතියකි. දුවාදරුවන් සහ පවුලේ සියලුම ඥාතින් සමග සතුටින් සිටිමට පුලුවන්. එසේම නිවසට නෑදෑ හිතමිතුරන් පැමිණෙන කාලයක්. දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඔවුන්ගේ වැඩ වලට කැපවීමට සිත් පහල වෙයි.
රෝගාබාධ ලෙස, සෙම් අමාරු සහ සෙම් ගෙඩි වැඩි අසනීප දක්නට ලැබේ.

● වෘෂභ
ඉතාමත්ම සුභ සතියක්.
ලග්නයේ සදු උච්ච වන මේ සතියෙදි ඔබ නිරන්තරයෙන්ම ජනප්‍රිය වීමට ඉඩකඩ වැඩියි. එසේම වාසනාවන්ත ආකාරයට ව්‍යාපාරික කටයුතු කෙරෙනවා. නව ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරිමට මේ සතියෙදි පුලුවන්. උදව් උපකාරද ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රියමනාපයි. අවිවාහක අයට මංගල යෝග උදාවෙන අතර, විවාහක අයගේ අඹුසැමි ප්‍රේමය ශක්තිමත් වන අතර, සහකාර බන්ධනයද ඉතාම දැඩිව අවශ්‍ය වන බව කිව යුතුය.
සෙම් අමාරුව ආදි අසනීප ඇතිවෙයි.

● මිථුන
මිශ්‍රඵල සතියකි.
සතියේ මුල් දවස් 2-3 තුල තරමක අවිවේකි භාවය ආර්ථික තත්වයට හානිවෙයි. සමහරවිට බලාපොරොත්තු නොවු මුදලක් ඔබ අතින් නිස්කාරණේ වැයවීමට පුලුවන්. ණයට ගැනීම හෝ ණය දීම සතියේ මුල් දින කීපයෙදි නොකරන්න. ඒ ගැන කල්පනාකාරි වන්න.
ගෘහ ජිවිතය තරමක් අවිවේකී භාවය නිසා යම් යම් ගැටළු මතුවිමට හේතුයි. නමුත් ඒවා දුරදිග යන ප්‍රශ්න නොවේ. වරදක් නැහැ.
සෞඛ්‍ය තත්වයේ නම් පාද වල ආබාධ වේදනා සදහන් කල හැක.

● කටක
හොද සතියක්.
විශේෂයෙන්ම ලග්නාධිපති උච්ච වෙන මෙම කාලයෙදි ධන සම්පත් ඉබේ මෙන් පහල වෙයි. කරන කියන වැඩ කටයුතු සාර්ථක වන අතර, හවුල් ව්‍යාපාරද සාර්ථක වෙයි. ඔබට ජයග්‍රාහී මානසිකත්වයක් සමග පෙරට යෑමේ හැකියාව ලැබේ.
ගෘහ ජිවිතය තරමක කේන්ති යෑමට පුලුවන්. ඔබට අරියාදු කල අයට, කිසි සමාවක් නොදෙන තත්වයක් පෙන්වයි. ඔබගේ දියුණුවට යම් යම් වාසනාවන්ත දෑ සිද්ධ වෙයි.
සෞඛ්‍ය තත්වය, සතිය අගදී පාද වල ආබාධ සහ නිදන්ගත රෝග ඇති අය එ ගැන කල්පනාකාරි විම මැනවි.

● සිංහ
ඔබට මේ සතිය ඉතාම ශුභ සතියකි.
විදේශ රැකියා වල නියුතු අයට, ආහාරපාන අලෙවිය සම්බන්ධව කටයුතු කරන අයට සහ සියලුම ව්‍යාපාරික භවතුන්ට ඉතාම සුභ සතියකි. ණය තුරුස් අය වන අතර තමාගේ කටයුතු දියුණු කරගැනීමට බාහිරින් උදව් උපකාර ලැබෙනවා ඇත. හොදයි.
ගෙදර දොර ජිවිතය ඉතාම ප්‍රීතිමත් වන අතර, අඹුසැමි ප්‍රේමය වර්ධනය වේ. එසේම සතිය මැදදී යාළු මිත්‍රයන් ආශ්‍රය වැඩිවෙයි. සතිය අගදී දුර බැහැර ගමනක් බිමනක් යෑමට හේතු වෙයි.
සෞඛ්‍ය ගැටළු බෙහෙවින් බල නොපායි. පාද වල වේදනාව හෝ සෙම් අමාරු ගැන කල්පනාකාරි වන්න.

● කන්‍යා
හොඳ සතියක්.
විශේෂයෙන්ම ආදායම් මාර්ග වලට හොදයි. කලබලනොවි ඉවසා සිටියොත් එයින් දියුණු වීමට පුලුවන්. සතිය මැදදී යම් යම් ව්‍යාපාරික කටයුතු නිසා ලාභ ලබාගැනීමට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගතවෙන අතර ආගමික භක්තිය වැඩිවෙයි. එසේම සතිය මැදදී දුර බැහැර ප්‍රදේශ වලට යෑමට සිදුවෙයි. මේ සතියේ ඔබට යම්කිසි දෙයක් කරගැනීමට හැකියි.
ලග්නයේ රාහු තැන්පත් වීමත්, සෙනසුරු 3 වැන්නේ සිටිමත් නිසා විටින් විට යම් රෝගාබාධ වලට ගොදුරු විය හැකි අතර එහෙයින් යම් ගැටළුවක් මතුවෙයි.

● තුලා
ඔබට මිශ්‍රපල සතියකි.
අප එසේ කියන්නේ සතිය ආරම්භයෙදි සඳු ග්‍රහයා 8 වැන්නේ තැන්පත් වීම නිසා යම් යම් මානසික චිත්ත පීඩන ඇතිවෙයි. ආර්ථිකයට එය යම් බලපෑමක් ඇති කරයි. නමුත් සතිය මැද වන විට මේ දෝෂ තත්වයන් පහවී ඔබට සෙත ශාන්තිය සතුට සලසයි. එයින් ගැටළුවක් නොමැත.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. ඔබටද ආගමික අංශයේ වැඩ කටයුතු වලින් සිතට ප්‍රීතිය ගෙනදෙයි. නැතිබැරි දුප්පත් මිනිසුන්ට උදව් උපකාර කිරිමට හැකිවේ. ගමන් බිමන් අධික ස්වභාවයක් පෙන්වයි.
සෞඛ්‍ය පැත්තෙන් සතියේ මුල් කොටසෙදි යම් යම් ගැටළුකාරි තත්ව මතු වුවත් ඒවා එතරම් බල නොපායි.

● වෘශ්චික
සුභදායක සතියකි.
විශේෂයෙන්ම හවුල් ව්‍යාපාර කරන අයට බොහෝම සුබයි. සතිය මැදදී යම් යම් පාඩු සිද්ධ විමට පුලුවන්. සතියේ මැද දවස් 2දි ණය ගැනීම හොද නැහැ. ගුප්ත අමනුෂ්‍ය කරදර වලින් ඔබගේ ව්‍යාපාරික තත්වයත්, ඔබගේ පෞරුෂයත් ආරක්ෂා කරගත යුතුයි. විශේෂ ගැටළුවක් නැහැ.
ගෘහ ජිවිතය වාසනාවන්තයි. ඉතාම හොදයි. ඔබ හිතන පතන සියලුම දේ ලබනවා. අවිවාහක අයගේ ප්‍රේම සබදතා ස්ථිර වෙනවා, වඩා වර්ධනය වෙනවා. මංගල යෝග යෙදේ.
සෞඛ්‍ය තත්වය නම් සතිය මැදදී සෙම් රෝග ජලය නිසා ඇති කරන රෝග ඇතිවෙනවා. පරිස්සම් වන්න.

● ධනු
සමඵල සතියකි.
සතිය මුල් කොටසෙදි ආර්ථික තත්වය දුර්වල වෙයි. ඔබ එක එක ණය තුරුස් සහ උපාය මාර්ගික උගුල් වලට හසුවිමේ ඉඩක් පවති - ඒවායින් ආරක්ෂා විය යුතුයි. ඔබගේ දියුණුව සැලසෙන්නේ ඒ ආකාරයට කටයුතු කිරිමෙන්.
ගෘහ ජිවිතය වාසනාවන්තව ගත කරන්නට පුලුවන්. ඔබගේ සෞඛ්‍ය ආරක්ෂා කරගත යුතුයි නැත්නම් ගෘහ ජිවිතයේ ගැටළු ඇතිවිය හැකියි. නැන්දලාගේ, මාමලාගේ හෝ නෑදැයන්ගේ කරදර වලට ඔබට මුහුණ දීමට හේතු විය හැකියි. සතිය මැදදි මංගල යෝග ඇතිවෙනවා. ස්ත්‍රි - පුරුෂ දෙපාර්ශවයටම කම්සැප විදිමේ මහගු යෝගයක් මේ කාලයෙදි ඇතිවෙනවා.
සෞඛ්‍ය තත්වයේ, යටි බඩ ආශ්‍රිත උදරාබාධ සෙම් රෝග, කකුල් කොන්දේ කැක්කුම් ඇතිවිමට හේතුයි.

● මකර
ඉතාම හොදයි.
හදිසි ධනලාභ, ස්විප් ආදියේ වාසනාවන්ත දිනුම් ලබාගැනිමට පුලුවන්. එසේම කරන කියන කටයුතු වල දියුණුව ඇතිවෙයි. හවුල්කාර ව්‍යාපාර කටයුතු ඉතා දියුණුවට පත්වන අතර, ස්වාමියා බිරිද හේතු කරගෙන මුදල් ඇතිවෙයි. විශ්වාසයෙන් කටයුතු කරන්න. හොද සතියක්.
ගෘහ ජිවිතය ඉතාම ශුභයි. දරුවන්ට ජයග්‍රහණ හිමිවන අතර, නිවස පුරාම ප්‍රීතිනාදය ඇතිවෙයි. නෑදෑයන් පැමිණෙයි. හොද සතියක්.
සෞඛ්‍ය තත්වය මධ්‍යස්ථයි. සතිය මැදදී ඔබට යම්කිසි සෞඛ්‍ය සම්බන්ධයෙන් යම් පිරිහිමක් දක්නට ලැබේ. පරිස්සම් වන්න.

● කුම්භ
ඉතාම හොද සතියක්.
ඉන්න හිටින තැන් දියුණු වෙනවා. ඔබ ඉතාම උනන්දුවෙන් උත්සහයෙන් වැඩ කලොත් මේ සතියේ බරපතල දැවැන්ත ආර්ථික දියුණුවක් හිමිකරගැනීමට පුලුවන්. භූමි ලාභ දේපල ලැබෙන සතියක්.
ගෘහ ජිවිතය හොදයි. ගෙදර පුරාම සතුට සමාදානය පැතිරෙනවා. ඔබගේ ආර්ථික තත්වය හොද නිසා දුර බැහැර ගමන් යාමට පුුලුවන්. දුවාදරුවන්ටද හොදයි. ගැටළුවක් නැහැ.
සෞඛ්‍ය තත්වය අයහපත් නොවෙන අතර, සතිය අගදි උදරාබාධයක් ගැන පරිස්සම් වන්න.

● මීන
ඉතාම ශුභ සතියක්.
තමාගේ වැඩ කටයුතු දියුණු වෙනවා. එසේම විදේශ රැකියා වල නියුතු අයටත්, සියලුම ව්‍යාපාරික කටයුතු කරන අයටත් එම කටයුතු සිදුවෙනවා, පිට පලාත් වල සංචාරය ඇතිවෙනවා. එයින් ලාභ ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම හොදයි. ඥාතින් නිවසට පැමිණෙනවා. එසේම අවිවාහක අයට මංගල යෝග උදාවෙනවා. ඉතාමත්ම සුපිරි වාසනාවන්ත සතියක්.
සෞඛ්‍ය තත්වය බොහොම හොදයි. තමන්ගේ තිබූ ආබාධ වැලකෙයි. නාසය සම්බන්ධ දේවල් වලදී ප්‍රවේසම් වන්න.

No comments:

Post a Comment