Showing posts with label මහානුභාවසම්පන්න පිරිත්. Show all posts
Showing posts with label මහානුභාවසම්පන්න පිරිත්. Show all posts

Sunday, February 19, 2017

ශ්‍රී දළදා දැහැන/රත්න මාලා බන්ධන ගාථා

මහානුභාවසම්පන්න රත්නමාලා බන්ධන ගාථා සජ්ජායනය සහ ශ්‍රවණය කිරීම තුලින් මහත්වූද විවිධාකාර වූද අර්ථ සිද්ධි ඉටුකරගත හැකි බව පැවසේ.

මෙම රත්නමාලා බන්ධන ගාථා “ ශ්‍රී දළදා දැහැන“ ලෙසද හැඳින්වේ.
සිරි දළදා මන්දිරයේ රන් තඹ පතක නෙළුම් මලක් සිතුවම් කර ඒ මත ප්‍රස්ථාරයක්ව සටහන් කර ඇති මෙම අති බලවත් ගාථා රත්නයන් අප දළදා වහන්සේගේ රැකවරණයට එසේ තබා ඇති බව පැවසේ.
එසේම සේරුවිල චෛත්‍ය රාජයාණන්වහන්සේගේද රන් තඹපත් 3ක ලේඛන ගත කර ඇති බව පැවසේ.
මෙම මහානුභාවසම්පන්න ගාථාව සර්ව ජන වශීයකි. උදේ සවස සජ්ජායනය කිරීමෙන් සියලුම අභිවෘද්ධිය සමෘද්ධිය ඇති වෙන බව කියවේ.

සිංහල තේරුම දළ වශයෙන් මෙසේය.

1. අනන්ත සංසාරය නම් වූ සැඩ පහර විනීතව මැඬ පවත්වා,
සැප සහිත මනාකොට පමුණුවන ලද අති උත්තම වූ, උතුම් ප්‍රඥාව ඇති, ධෛර්ය සම්පන්න ශරීරයක් ඇති උතුම් දම් දෙසන ලොවට නෙළුම් මලක් බඳු අපගේ බුදුපියාණන්වහන්සේට නමස්කාර කරමි.

2. ප්‍රශංසා කල හැකි මගක් ඇති, මෝහය නසන, මාර යුද්ධයේ, විශේෂිත වූ, යුධ ඇඳුමක් වැනි, මනා කොට ආශ්‍රය කරන ලද, ඉෂ්ඨ වස්තු ප්‍රාර්ථනයක් වූ, උතුම් සතුටක් වූ, කෙලෙස් නසන ශ්‍රී සද්ධර්මය සැමදා සැමකල්හිම පණමෙන් වඳිමි.

3. යහපත් සේවකයෙකු මෙන් ගමනක් තිබෙන, නැසිය යුතු අකුසල් නැසූ, කෙලෙස් වලින් දුරුවුනු, සංසාරය දිගටම රඳන බැඳීමෙන් නිදහස් වූ, මනාලෙසම සසරින් එතෙර යන, ශ්‍රේෂ්ඨව වාසය කරන, නිවන් රසයට කැමති ආර්ය සංඝරත්නය දිනපතා පණමෙන් නමස්කාරය කරමි.


-
Iru Sewaya #Pirith

-

irusewaya@gmail.com.
077 22 38041

Monday, November 14, 2016

නවග්‍රහ සෙත් ජයමංගලම් කවි



* නිතර සජ්ජායනයෙන් යහපත, ශාන්තිය ලැබෙයි.


● අරුණ වේලෙහි බුදුව මුණිරජ දහම් දෙසු ජය   මංගලම්
  දරුණු වසවත් දහම් බලයෙන් පැරදු පින්සිරි   මංගලම්
  සොබන පරසතු මදාරා මල් අටමිටක් පිදු     මංගලම්
  ඉරුගෙ අපලේ එමුණි බලයෙන් දුරුවෙවා ජය මංගලම්

●  පිදුව දෙගුරුන් දෙඅත් බැඳ බමුණාට වෙසතුරු   මංගලම්
   සඳුගෙ විමනෙහි එමුණි ගුණකින් ඇන්ද සඳ මැද  මංගලම්
  හිඳුව යහනෙක යශෝදර සැම පැවිදිවුන ජය     මංගලම්
  සඳුගෙ අපලේ එමුණි බලයෙන් දුරු වෙවා ජය   මංගලම්

●  දරණ ලා සිටි නාරජුන් පිට වැඩ සිටිය ජය   මංගලම්
  දෙඅගසව්වන් සහිත සඟගව පිරිවැරූ ජය    මංගලම්
 සඟුන් දෙදෙනා රහත් පන්සිය සමග වැඩ සිටි මංගලම්
අඟහරුගෙ දොස් එමුණි බලයෙන් දුරුවෙවා ජය මංගලම්

● නොහැර ඔත්පල දෙනෙත් නැති මව්පියන් රැකි ජය මංගලම්
 අදහසින් දැඩි කරන මව්පිය නොවිඳ කී ජය    මංගලම්
 බුදුහු ගිරිමේඛලා ඇතු දැක දැපන කල ජය මංගලම්
 බුධහුගෙන් වන අපල උවදුරු දුරු වෙවා ජය මංගලම්

● රහස් උමගය කැපෙව් මහඔසු පඬිතුමා ජය මංගලම්
 දහස් සියයක් දනෝ එනුව යුදෙන් ගැලවුන මංගලම්
 දහස් සාවක පාලි ධර්මය නිපුණ කල ජය  මංගලම්
 බ්‍රහස්පතිගෙන් පැමිණි උවදුරු දුරු වෙවා ජය මංගලම්

● එකුරු දහමය ලොවට පූජිත කරපු ජයසිරි මංගලම්
අකුරු නිපුනව එසිව් සැට සිල්පයක් දැරු ජය මංගලම්
අකුරු පළමුව නිපැඳු මුනිඳුගෙ බෙලෙන් වේ ජය මංගලම්
සිකුරුගෙන් වන අපල උවදුරු දුරු වෙවා ජය මංගලම්

●  වෙන අයෙක් නැත යුද කරන්නට පුත්‍ර ලෙලදුන් මංගලම්
වෙන කෙනෙක් මට නැතැයි සිතමින් දස පෙරුම් පිරු මංගලම්
සෙන හඬින් හඬ තලා මරසෙන් දසත එසවූ  මංගලම්
සෙනසුරාගෙන් පැමිණි උවදුරු දුරුවෙවා ජය මංගලම්

● පාදවත් නැවතත් නොගත් සිරිපාද විහිදෙව් මංගලම්
රාහු අසුරිඳු එබල රජු මේ ලොවට වැඩමෙව් මංගලම්
රාහුලත් කුමරුන් කෙනෙක්වත් නැතැයි සිතු ඒ මංගලම්
රාහුගෙන් වන අපල උවදුරු දුරුවෙවා ජය මංගලම්

● ධාතු දාගැබ් වෙහෙර මහියංගනේ පිහිටවේ මංගලම්
දාතු නා ලෝ නා රජුන්ගේ බෙලෙන් වේවා මංගලම්
දාතු දළදා තුණුරුවන්ගේ බෙලෙන් වේවා මංගලම්
කේතුගෙන් වන අපල උවදුරු දුරුවෙවා ජය මංගලම්











Wednesday, August 17, 2016

රුවන්වැලි මහා සෑය

දුටු ගැමුණු මහ රජතුමන් විසින් කරවූ මෙම මහා සෑයට ස්වර්ණමාලි නම තබා ඇත්තේ,
එම භූමියෙහි තිබුනු වෘක්ෂයක් ඉවත් කර නිසා, එයට ඉඩ සලසා ඉවත්වුනු ඒ වෘක්ෂයට අධිගෘහිතව සිටි ස්වර්ණමාලි දේවතාවියට කරන සැලකීමක් වශයෙනි.

බෞද්ධ අපගේ ඉහලම ගරුත්වයට පාත්‍ර වන මෙම සෑරදුන් මනාවට නිරීක්ෂණය කරන කෙනෙකුට, දුටු ගැමුණු මහ රජතුමා විසින් වන්දනා කරන්නට නිම කල තැන පවා සොයාගත හැක.
අනුහස්, හාස්කම් සහිත මෙම භූමිය දෙවියන්ගේ ආකර්ෂණයට සහ ආරක්ෂාවට බඳුන් වන තැනකි.

ඔබ සැබෑ ශ්‍රද්ධාවක් සිතේ තබාගෙන වන්දනාවේ යෙදුනේ නම් එම භූමිය සහ ඒ අවට භූමියෙදි ඔබේ සිතට වෙනදා නොදැනෙන සැහැල්ලුවක්, සැනසිලිදායක ස්වභාවයක් දැනෙනු ඇත.


“ රුවන්වැලි මහා සෑයට වන්දනා කරන ගාථාව “
අ‍ට්ඨංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
තං ගාමිණී රාජ කතං නමාමි
සුවණ්ණමාලී වරථූපරාජං෴

Wednesday, August 10, 2016

ශ්‍රී පාද පද්මයට වඳින ගාථාව



යං නම්මදාය නදියා පුලිනෙ ච තීරෙ
යං සච්චබද්ධ ගිරිකෙ සුමනාචලගේග
යං තත්ථ යොනකපුරෙ මුනිනොච පාදං
තං පාදලාඤ්ජනමහං සිරසා නමාමි 



මෙම ගාථාව කියා වන්දනා කරන විට ශ්‍රී පාද පද්මය ඇතුළු ශ්‍රීපාදස්ථානය සුරකින සකෘදාගාමි තත්වයට පත්ව ඇති සුමන සමන් දිව්‍යරාජයාණන්වහන්සේටද පින් අනුමෝදන් කරන්න.
විශේෂ වශයෙන් “ඉෂ්ට දෙවිවරු ඇතුළු සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට මේ පින් ලැබේවා“ යි පතන්න.

Wednesday, July 20, 2016

පාපං චේ පුරිසෝ කයිරා 
නතං කයිරා පුනපපුනං
නතම්හි ඡන්දං කයිරාථ
දුකොඛා පාපස්ස උච්චයෝ

- පවක් සිදුකලේ නම්,
නැවත එය නොකරන්නේය,
එයට ආශා නොකල යුතුය.
පව් රැස් කිරීම දුකට හේතු වේ.

#ධම්මපදය - පාප වර්ගය

Iru Astrology​

irusewaya@gmail.com.
077 22 38041

Saturday, June 11, 2016

බොහෝ අපල, දෝෂ, ඇස්වහ කටවහ නැති වී යහපත උදාකරවීමට ගාථාවක්.

“ දස බල මුණි නාතං දේසිතං යං පරිත්තං - 
ජනපත රෝගා නේක දුක්ඛං අන්තරායං 
සකල භය විනාසං - 
යංපරිත්තාණු භවේන - 
ධරණීතල භගවා සෝ සබ්බ භූතා සුනන්තු...“

බුදුන් වඳින විට කීමෙන් වඩා යහපත උදාකරගත හැක.


irusewaya@gmail.com
077 22 38041

Thursday, April 21, 2016

_ මහා මංගල සූත්‍රය _



01 )
බහූ දේවා මනුස්සාච
මංගලානි අචින්තයුං
ආකංඛමානා සොත්ථානං
බ්‍රෑහි මංගල මුත්තමං

- දෙලොව යහපත කැමති දෙවියෝ ද මනුෂ්‍යයෝද මංගල කරුණු සිතූහ.  දෙව්මිනිසුනට අනුකම්පාවෙන් හිතසුව පිණිස මංගල කරුණු  දේශනා කළ මැනවි.

02 )
අසෙවනාච බාලානං
පණ්ඩිතානඤ්ච සෙවනා
පූජා ච පූජනීයානං
එතං මංගල මුත්තමං

- අනුවණ බාලයන් සේවනය නොකිරීමද, බුද්ධිමතුන් සේවනය කිරීම ද,  පිදිය යුත්තන්පිදීමද දෙලොවම දියුණුව ගෙන දෙයි.


03)
පතිරූප දේස වාසොච
පුබ්බේච කත පුඤ්ඤතා
අත්ත සම්මා පණීධි ච
එතං මංගල මුත්තමං

- සුදුසු පෙදෙසක වාසයද, පෙර කල පින් ඇති බවද, සිත මනාව පිහිටුවීමද, උතුම් මංගල කරුණු ය.

04)
බාහු සච්චංච සිප්පංච
  විනයො ච සුසික්ඛිතො
   සුභාසිතාච යා වාචා
 එතං මංගල මුත්තමං

- බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවද, මනා හික්මවීම ද, යහපත් වචන කතා කිරීමද,  යන මේ කාරණා උතුම් මංගල කරුණු ය.

05)
මාතා පිතු උපට්ඨානං
පුත්තදාරස්ස සංගහො
අනාකුලාච කම්මන්තා
එතං මංගල මුත්තමං

- දෙමාපියන්ට සැලකීමද, අඹුදරුවනට සංග්‍රහ කිරීමද, යහපත් කර්මාන්ත කිරීමද යන මේ කාරණා උතුම් මඟුල් කරුණුය.


06)
දානං ච ධම්මචරියා ච
ඤාතකානඤ්ච සංගහො
අනවජ්ජානි කම්මානි
එතං මංගල මුත්තමං

- දන්දීම පින්කම් කිරීමද,  නෑයනට සංග්‍රහ කිරීමද නිරවුල් කර්මාන්තද යන මේ කාරාණා උතුම් මඟුල් කරුණුය.


07)
ආරති විරති පාපා
මජ්ජපානා ච සඤ්ඤමො
අප්පමාදො ච ධම්මෙසු
එතං මංගල මුත්තමං

- පාපයෙහි නොඇලීමද, මත්වන දෑ වලින් වැළකීම ද,  කුසල් දහම්හි පමා නොවීමද උතුම් මඟුල් කරුණුය.

08)
ගාරවොච නිවාතො ච
සන්තුට්ඨි ච කතඤ්ඤුතා
කාලේන ධම්ම සවනං
එතං මංගල මුත්තමං

- ගරුකළ යුත්තන්ට ගරු කිරීමද, ලද දෙයින් සතුටු වීමද,  සුදුසු කල්හි දහම් ඇසීම ද උතුම් මඟුල් කරුණුය.

09)
ඛන්තී ච සොවචස්සතා
සමණානං ච දස්සනං
කාලෙන ධම්ම සාකච්ඡා
එතං මංගල මුත්තමං

- ඉවසීම සහ කීකරු බව ද, මහණ බමුණන් දැකීම ද, සුදුසු කල ධර්ම සාකච්ඡාවද උතුම් මඟුල් කරුණුය.

10)
තපො ච බ්‍රහ්ම චරියඤ්ච
අරියසච්චාන දස්සනං
නිබ්බාණ සච්ඡි කිරියා ච
එතං මංගල මුත්තමං

- තපසද, උතුම් ආර්ය හැසිරීම ද, සිවුසස් දැකීම ද, නිවන් අවබෝධකර ගැනීම ද උතුම් මඟුල් කරුණුය.

11)
ඵුට්ඨස්ස ලෝක ධම්මෙහි
චිත්තං යස්ස න කම්පති
අසොකං විරජං ඛෙමං
එතං මංගල මුත්තමං

- අටලෝ දහමින් සිත කම්පා නොවීමද, ශෝක රහිතද, රාගාදී කෙලෙස්  නැත්ද, බිය රහිතද මේ උතුම් මඟුල් කරුණුය.


12)
ඵතාදිසානි කත්වාන
සබ්බත්ථම පරාජිතා
සබ්බත්‍ථ සොත්ථිං ගච්ඡන්ති
තං තෙසං මංගල මුත්තමන්ති.

- මෙම මංගල කරුණු කොට සියලු තන්හි නො පැරදුනාහු සියලු තැන සැපතට යෙති. ඔවුන්ට මෙම කරුණු 38 උතුම් මඟුල් කරුණුවේ. මෙලොව පරලොව දෙලොවටම වැඩ සාදන කරුණු වේ !


#ඉරු


Monday, February 22, 2016

“ දස දිසා පිරිත “



- සියලු යහපත ගෙනදෙන මෙම දස දිසා පිරිත විශේෂ වශයෙන්, වාස්තු දෝෂ දුරලීමට භාවිතා කල හැක. භූත දොස් දුරුවීමටද, ගෙදර ආරක්ෂාව සහ ඇස්වහ කටහව දෝෂ දුරු කිරීම්, කුඩා දරුවන්ගේ රෝගී තත්වයන් වලටද විශේෂ වශයෙන් ගුණදායක මහානුභාවසම්පන්න පිරිතකි.

- පිරිත සහ එහි දළ තේරුම පහතින් _

දීසාසු දසභාගෙසු
ඨිතා බුද්ධානුභාවතෝ
වේරාදි අන්තරායාපි
විනස්සන්තු අසේසතෝ

ඒවමාදි ගුණෝපේතං
පරිත්තංතං භණාමහේ

පදුමුත්තරෝ පුරස්ථිමායං
අග්ගිමහිචෙච  රේවතෝ
දක්ඛිණො කස්සපෝ බුද්ධෝ
නිරිතේච සුමංගලෝ

පච්චිමේච සිඛීබුද්ධෝ
වායව්‍යාමේධං කරෝ
උත්තරේ පියදස්සීච
ඊසානේ දීපංකරෝ

පඨවියං කකුසංධෝච
ආකාසේ සරණංකරෝ
එවං දස දිසාචෙච
සබ්බෙ බුද්ධා පතිට්ඨිතා

අච්චංතරායා සබ්බේ මෙ
සෝක රෝග භයාපිච
විනස්සන්තු සදා මයිහං
සබ්බීරියා පථෙසුච

යක්ඛාදිදේවතා හීච
රාජ චොරාරි අග්ගිහි
අමනුස්සේහි සබ්බේහි
තිරච්ඡානගතෙපිච

ජාතා උපද්දවා සබ්බේ
විනස්සන්තු අසේසතෝ
සිරස්මිං තෙ බුද්ධ සෙට්ඨෝ
සාරිපුත්තෝච දක්ඛිණෝ
වාමංසේ මොග්ගල්ලානො
පුරතොපිටකත්තයං

පච්චිමේ මම ආනන්දෝ
චතුස්දිසා ඛීණාසවා
සමන්තා ලෝක පාලාච
ඉන්ද්‍රදේවෝච බ්‍රාහ්මච

ඒතේසං ආනුභාවේන
සබ්බුපද්දවපද්දවා
අනේකා අන්තරායාපී
විනස්සන්තු අසේසතෝ

- මෙම පිරිත වතාවක් බුදුන්වහන්සේ රෝගී වූ අවස්ථාවක නිරෝගී භාවය උදෙසා චුල්ල මහරහතන්වහන්සේ විසින් දේශනා කරන ලද්දකි. බුදුවරුන් 10ක් විවිධ දිශා අනුව සිටිමින් ඒ බුදුවරයන්වහන්සේලාගේ ආනුභාවයෙන් මේ බුද්ධ ශාසනයේ බුදුන්වහන්සේ මෙන්ම උන්වහන්සේගේ දකුණු අත මෙන් සැරියුත් මහරහතන්වහන්සේද, උන්වහස්නේගේ වමත මෙන් මුගල් මහරහතන් වහනසේද, ඉදිරියට ත්‍රිපිටකයද, පිටුපසින් ආනන්ද මහතෙරුන්ද, සතර දිශාවටම රහතන් වහන්සේලාද,  ලෝක පාලක ඉන්ද්‍ර දෙවියන් සහ මහා බ්‍රහ්මයාද යන සියලු උතුමන්ලාගේ ආනුභාවයෙන් සියලු දෝෂ, සියලු දුක, සියලු බය දුරුවී සහනය ලැබේවා  යන්න පතයි !

විශේෂ වශයෙන් නිවසේ, ගොඩනැගිල්ලේ පවතින අමනුෂ්‍ය දෝෂ, වාස්තු දෝෂ, හදි හූනියම්, කොඩිවින, ඇස්වහ කටවහ හෝවහ මෙන්ම සතුරු කරදර පවා දුරු කර සියලු යහපත උදා කරදෙන පිරිතකි !

ඔබත් සීලය, ප්‍රතිපත්තිය රැකගෙන නිසි ලෙස පිලිවෙතින් සිට පිරිත කියා ආශිර්වාද ලබාගන්න !

තෙරුවන් සරණයි !

#ඉරුසේවය #පිරිත් #බුදුදහම #ධර්මය #දහම

Friday, December 25, 2015

මෙම ගාථාව බොහෝ ලෙඩදුක් සහිතව සිටි අයට සැනසීමක් සහ රෝග සුවයට හේතුවක් වුනු ගාථාවක් බව අප අත්දැකීමෙන් දනිමු !

“ බුද්ධං සරණේ සිරසට සීමා 
ධම්මං සරණේ ලමැදට සීමා 
සංඝං සරණේ දෙවුරට සීමා 
මේ තුන් සරණේ සිරුරට සීමා “

ඔබද සජ්ජායන කරන්න. විශේෂ වශයෙන් ලෙඩක් දුකක් ඇති කෙනෙකුට සජ්ජායනයට දෙන්න.
සම්බුදු සරණයි !

‪#‎ඉරුධර්මදාන‬ ‪#‎පිරිත්‬ ‪#‎ආරක්ෂකපිරිත්‬ ‪#‎Pirith‬ ‪#‎Iru‬
‪#‎Buddhism‬

Wednesday, October 28, 2015

“ දස දහසක් සක්වලට ගුණ ඇති සූරිය පිරිත “



“නමෝ තේ බුද්ධ වීරත්ථු
විප්ප මුත්තෝසි සබ්බධී
සම්බාධපටිපනෝන්ස්මි
තස්ස මේ සරණං භවාති

තථාගතං අරහන්තං
සූරියෝ සරණං ගතෝ
රාහු සූරියං පමුච්චස්සු
බුද්ධා ලෝකානුකම්පකාති

යෝ අන්ධකාරේ තමසී පභංකරේ
වෙරෝචනෝ මණ්ඩලී උග්ගතෙජො,
මා රාහු ගිලිං චරං අන්තලික්ඛෙ
පජං මම රාහු පමුඤච සූරියන්ති.

කින්නු සන්තරමානෝව
රාහු චන්දං පමුච්චසී
සවිග්ගරූපො ආගම්ම
කින්නු භීතො තිට්ටසීති

සත්තධා මේ ඵලේ බුද්ධා
ජීවන්තොන සුඛං ලභෙ
බුද්ධා ගාථාභිගී තොමහි
නොචෙ මුඤෙචය්‍ය චන්දිමයන්ති “

දළ විස්තරය

“සූර්ය දිව්‍ය පුත්‍රයව රාහු අසුරයා විසින් ගිලගත්ත අවස්ථාවේ, සූරිය දිව්‍ය පුත්‍රයා බුදුන්වහන්සේගෙන් අසරණකම කියා උදව් ඉල්ලයි.
ඉන්පසු බුදුන්වහන්සේ රාහු අසුරයාට කියා සිටින්නෙ සූරිය දිව්‍ය රාජයා ලෝතුරා බුදුන්වහන්සේ සරණ ගිහින් සිටින්නේ, බුදුවරු තුන්ලෝකයටම අනුකම්පා කරනවා කියල.
බුදුන්වහන්සේගෙ වචනයට පිටුපාන්න බැරිව රාහු අසුරයා සූරිය දිව්‍ය පුත්‍රයව නිදහස් කරන අතර වේපචිත්ති නම් අසුර නායක විමසූ විට පිලිතුරු දෙන්නේ, බුදු හිමියන්ගේ වචනයක් පිලි නොගත්තේ නම් තමාගේ හිස සත් කඩකට පැලී මිය යාමට හෝ කිසිදා සැනසීමක් නොලැබීමට ඉඩ තිබුනු බවයි.“

සියලු අපල උපද්‍රව දුරු කරන මහානුභාවසම්පන්න පිරිත් රත්නයකි. විසේසයෙන් රාහු අපල වලට සජ්ජායනය වැදගත් වේ.

බුදු සරණයි !

https://www.facebook.com/irusewaya/photos/a.962468447103568.1073741837.833656709984743/1227618810588529/?type=3

Sunday, October 25, 2015

“ සෝමාවතී චෛත්‍යරාජයාණන්වහන්සේ

“ සෝමාවතී චෛත්‍යරාජයාණන්වහන්සේට වඳින ගාථාව “

“ සම්බුද්ධ රාජ මුඛපංකජධම්මරේණු
ඵස්සං මනුඤ්ඤසිතරංසි විරෝචමානං
බ්‍රහ්මාමරාසුරනිරේහි සුපූජිතං තං
වන්දාමහං සුගත දක්ඛිණ දන්තධාතුං “


තාරා මෑණියන් වහන්සේ රකින සෝමාවති ඓතිහාසික පුදබිම !

Monday, September 28, 2015

මෙත් වැඩීමේ වටිනාකම කියාදෙන “කරණීය මෙත්ත සූත්‍රය “

බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කළේ සියලු සත්වයන්ට මෛත්‍රී වැඩීමේ වටිනාකම පහදා දීමටයි. මෙම සූත්‍රය ආරක්‌ෂාවට කියන පිරිතක්‌ මෙන්ම භාවනා කර්මස්‌ථානයක්‌ වශයෙනුත් හැඳින්විය හැකියි.
සියලු කල්හි ආරක්ෂාව සැලසෙන බැවින් බෞද්ධ-අබෞද්ධ සියලුදෙනාට භාවිත කල හැකි පිරිත් රත්නයකි.
1) කරණීය මෙත්ත කුසලෙන
යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කො උජූ ච සූජූ ච
සුවචො චස්ස මුදු අනතිමානි
(ශාන්ත තත්වයට පැමිණීමට කැමති කෙනා කල යුත්තේ කුමක්ද ?
දක්ෂයා එය කටයුතු කලයුතුය. සමර්ථ විය යුතු අතර, අවංක, කීකරු, මුදු, නිහතමානි ගතිගුණ වලින් යුක්ත විය යුතුය.)

2)
සන්තුස්සකො ච සුභරො ච
අප්පකිච්චො ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියො ච නිපකො ච
අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො

(සිතේ සතුට ඇත්තෙක් වන්නෙය. පහසුවෙන් පෝෂණය කල හැකි කෙනෙක් වේ. කටයුතු ස්වල්පයක් ඇති අයෙක් වේ. සැහැල්ලු ගති ඇති, සන්සුන් ඉඳුරන් ඇත්තෙක් වේ. ප්‍රඥාවන්ත වේ. හැඩි දැඩි නොවේ, කුලයන්හි නොඇලේ)

3)
නච ඛුද්ධං සමාචරේ කිඤ්චි
යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං
සුඛිනො වා ඛෙමිනො හොන්තු
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

(නුවණ ඇති අය විසින් නින්දා කරන කුඩා වරදක් පවා නොකරන්නෙය. සියලු සත්වයන් භය නැත්තෝ වේවා. සියලු සත්වයන් සුවයෙන් පිරුණු සිත් ඇති අය වේවා)

4)
යෙ කෙචි පාණ භූතත්ථි
තසා වා ථාවරා වා අනවසෙසා
දීඝා වා යෙ මහන්තා වා
මජ්ඣිමා රස්සඛාණුකථූලා

(කෙලෙස් සහිත සත්වයෝද, කෙලෙස් රහිත සත්වයෝද යන සියලු ප්‍රාණ භූත සත්ව කෙනෙක් වෙ දික්වූ හෝ මහත්වු හෝ මධ්‍යම හෝ කුඩා සිරුරක් අත්තාවූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වූ සත්වයෝ වෙත්ද)

5)
දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා
යෙච දූරෙ වසන්ති අවිදූරෙ
භූතා වා සම්භවෙසීවා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

(ඇසට පේන්නාවු හෝ නොපෙන්නාවු සත්වයෝ වෙත්ද, සත්ව කෙනෙක් දුර හෝ ලග සිටිද, උපන්නාවු සත්ව කෙනෙක් වෙත්ද, ඉපදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත්ද)

6)
නපරො පරං නිකුබ්බේථ
නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි
ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා
නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය

(වෙන කෙනෙක් නොරවටන්නේය. කිසිතැනක අන්අයට අවමන් නොකරන්නේය. කය-වචනය 2න් කරන දෝෂාරෝපණ, සිතින් කරන ක්‍රෝධයෙන්ද ඇතිවන දුක් නොකැමති වන්නේය.)

7)
මාතා යථා නියං පුත්තං
ආයුසා එක පුත්ත මනුරක්ඛෙ
එවම්පි සබ්බභූතෙසු
මානසං භාවයෙ අපරිමානං

(මවක් තම පුතා රකින්නා සේ සියලු සතුන් කෙරේ මෛත්‍රි සිත වඩන්නේය.)

8)
මෙත්තං ච සබ්බලොකස්මිං
මානසං භාවයෙ අපරිමානං
උද්ධං අධො ච තිරියඤ්ච
අසම්බාධං අවෙරං අසපත්තං

( පමණ රහිත, පීඩා රහිත වෛර චේතනා රහිත වූ, සතුරන්ට රහිත වූ මෛත්‍රියද උඩ යට සරස යන සියලු ලෝකයෙහි වඩන්නේ්ය.)

9)
තිට්ඨං චරං නිසින්නෝ වා
සයානො වා යාවතස්ස විගතමිද්ධො
එතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු

(මෛත්‍රිය සිටගෙන සිටින විට, ගමන් යන විට, හිඳගෙන සිටින විට හෝ නිදමින් සිටින විට නොනිදා සිටිනතාක්කල් වඩන්නේය.)

10)
දිට්ඨිං ච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නො
කාමෙසු විනෙය්‍ය ගෙධං
නහිජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති

( මිථ්‍යාදෘෂ්ටියට පත් නොවි, සේවාන් මාර්ග ඥාන දර්ශනයෙන් යුතුවී වස්තු වලට ගිජුබව/ක්ලේශකාමය, සකෘදාගාමි, අනාගාමි මාර්ග 2න් ප්‍රහීන කොට ඒකාන්තයෙන් මව්කුස පිලිසිද ගැනිමට නැවත නොපැමිනෙන්ය)

Iru Astrology

Friday, July 31, 2015

ධජග්ග පිරිත

01) අරඤෙඤෙ රුක්ඛමුලේවා....
      සුඤ්ඤාගාරෙව භික්ඛවෝ..,
     අනුස්සරේථ සම්බුද්ධං...
    භයං තුංහාක නො සියා....

02) නො චෙ බුද්ධං සරෙයියාථ...
      ලෝකජෙටඨං නරාසහං...,
      අථ ධම්මං සරෙයියාථ...
      නීය්‍යානිකං සුදෙසිතං....

03) නො චෙ ධම්මං සරෙයියාථ...
       නීය්‍යානිංක සුදෙසිතං ...
      අථ සංඝං සරෙයියාථ...
      පුඤ්ඤකෙඛ්ත්තං අනූත්තරං....
   
04) එවං බුද්ධං සරණතානං...
      ධම්මං සංඝඤච භික්ඛවෝ....
      භයං වා ජම්හිතත්තං වා...
     ලෝමහංසෝ න හෙස්සතී ති......


_ සරල සිංහල තේරුම _

ශක්‍ර දේවේන්ද්‍රයා යුධයට යන විට ස්වකීය සේනාවට කියනවා, ඔබ කාටහරි මේ යුද්ධය ගැන බයක්, තැති ගැනීමක් දැනුනොත් බලන්න මගේ කොඩිය දිහා... ඔබගේ භය නැති වෙලා යාවි..
එසේ අමතක උනොත්, වරුණ දෙවියන්ගෙ කොඩිය සිහියට අරගෙන ඒ දිහා බලන්න... බය නැති වේවි...
යනාදි වශයෙන්...

දෙවියන් අධ්‍යාත්මිකව දියුණු, ගුණ සම්පන්න අය වුවත් දෙවියන්ටද කෙලෙස් තියෙනවා. ඒනිසා දෙවියන් ගැන සිහි කිරීමෙන් නිවරදිවම බියකින් අත්මිදෙන්නට නොහැකියි.

අපේ ත්‍රිවිධ රත්නය, බුදුන්වහන්සේ, ශ්‍රී සද්ධර්මය සහ ආර්ය මහා සංඝරත්නය ඒ ක්ලේශ වලින් මිදුනු පිරිසක්.

ඒනිසා ඕනෑම බයකදි, සැකයදී, බිය හිතෙන තැනකදී තුනුරුවන්ගේ ගුණ සිහිකිරීමෙන් නිවරදිවම එම තත්වයන්ගෙන් මිදෙන්නට පුලුවනි...

______________________

බුදු සරණයි !

#ඉරුසේවය

Sunday, June 15, 2014

මාර පරාජය පිරිත


මහානුභාවසම්පන්න පිරිත් රත්නයකි. 
සජ්ජායනය කරන්න.
දිනපතා උදේ - හවස භාවිත කරන්න. 
නොකඩවා 3 මාසයක් භාවිත කර ලැබෙන උසස් ඵල අත්විඳින්න. 

Wednesday, March 19, 2014

__ චන්ද පිරිත __

“නමෝ තේ බුද්ධ වීරත්ථු
විප්ප මුත්තෝසි සබ්බධී
සම්බාධපටිපනෝන්ස්මි
තස්ස මේ සරණං භවාති

තථාගතං අරහන්තං
චන්දිමා සරණං ගතෝ
රාහු චන්දනං පමුච්චස්සු
බුද්ධා ලෝකානුකම්පකි

කින්නු සන්තරමානෝව
රාහු චන්දං පමුච්චසී
සවිග්ගරූපො ආගම්ම
කින්නු භීතො තිට්ටසීති

සත්තධා මේ ඵලේ බුද්ධා
ජීවන්තොන සුඛං ලභෙ
බුද්ධා ගාථාභිගී තොමහි
නොචෙ මුඤෙචය්‍ය චන්දිමයන්ති “

අදහස ඇතුලත් සිද්ධිය...

චන්ද්‍ර දිව්‍ය පුත්‍රයව රාහු අසුරයා ගිලගත්ත වෙලාවෙ, සඳ දිව්‍ය පුත්‍රයා බුදුන්වහන්සේ ගෙන් උදව් ඉල්ලනවා. සම්බුදු වීරයාණෙනි මම කරදරේ වැටිලා මාව මුදවා ගන්න කියල....
එතකොට බුදුන් වහන්සේ රාහු අසුරයට කියනවා, රාහු අසුරින්දය සඳ දෙව්පුතු සරණ ගිහිල්ලා තියෙන්නෙ තථාගතයන්වහන්සේය, බුදුවරු ලොවට අනුකම්පා කරනව කියල.
බුදුන්වහන්සේගේ වචනයකට පිටුපාන්න බැරි නිසා රාහු සඳ දෙව්පුතුව අතෑරලා, යනවා.
ඊට පස්සෙ අසුරයන්ගෙ නායක වේපචිත්තිට රාහුව මුණ ගැහෙනවා. වේපචිත්ති අහනවා ඇයි සඳ දෙව්පුතාව අතෑරියේ, ඇයි මේ භයෙන් වගෙ ඉන්නෙ කියල.
එතකොට රාහු අසුරයා කියනවා, බුදුන්වහන්සේ කිව්වා සඳ දෙව් පුතුව අතාරින්න කියල, මම නොකල නම් මගේ හිස සත් කඩකට පැලිලා මැරෙන්න තිබුනා, නොමැරුනත් මට සැනසීමක් නොලැබේවි බුදුන්වහන්සේගෙ වචනෙට පිටුපෑව නම් කියල, එනිසා මම සඳ දෙව් පුතුව නිදහස් කලා කියල.

තෙරුවන් සරණයි !

Sunday, March 2, 2014

___ මහානුභාවසම්පන්න "මොර පිරිත “ ___

මොර පිරිතේ අනුහසින් සියලුම ඇස්වහ කටවහ දෝෂ දුරුවී සියලු යහපත ඉෂ්ඨ සිද්ධ වෙන බව කියවේ.

* 1.2 ගාථා රත්නයන් උදේටත්, 3 ගාථාව රාත්‍රියටත් සජ්ජායනය කල යුතුය.

Monday, January 27, 2014

මහානුභාවසම්පන්න “ රත්නමාලා බන්ධන ගාථා “

මහානුභාවසම්පන්න රත්නමාලා බන්ධන ගාථා සජ්ජායනය සහ ශ්‍රවණය කිරීම තුලින් මහත්වූද විවිධාකාර වූද අර්ථ සිද්ධි ඉටුකරගත හැකි බව පැවසේ.

මෙම රත්නමාලා බන්ධන ගාථා “ ශ්‍රී දළදා දැහැන“ ලෙසද හැඳින්වේ.
සිරි දළදා මන්දිරයේ රන් තඹ පතක නෙළුම් මලක් සිතුවම් කර ඒ මත ප්‍රස්ථාරයක්ව සටහන් කර ඇති මෙම අති බලවත් ගාථා රත්නයන් අප දළදා වහන්සේගේ රැකවරණයට එසේ තබා ඇති බව පැවසේ.
එසේම සේරුවිල චෛත්‍ය රාජයාණන්වහන්සේගේද රන් තඹපත් 3ක ලේඛන ගත කර ඇති බව පැවසේ.
මෙම මහානුභාවසම්පන්න ගාථාව සර්ව ජන වශීයකි. උදේ සවස සජ්ජායනය කිරීමෙන් සියලුම අභිවෘද්ධිය සමෘද්ධිය ඇති වෙන බව කියවේ.

සිංහල තේරුම දළ වශයෙන් මෙසේය.

1. අනන්ත සංසාරය නම් වූ සැඩ පහර විනීතව මැඬ පවත්වා,
සැප සහිත මනාකොට පමුණුවන ලද අති උත්තම වූ, උතුම් ප්‍රඥාව ඇති, ධෛර්ය සම්පන්න ශරීරයක් ඇති උතුම් දම් දෙසන ලොවට නෙළුම් මලක් බඳු අපගේ බුදුපියාණන්වහන්සේට නමස්කාර කරමි.

2. ප්‍රශංසා කල හැකි මගක් ඇති, මෝහය නසන, මාර යුද්ධයේ, විශේෂිත වූ, යුධ ඇඳුමක් වැනි, මනා කොට ආශ්‍රය කරන ලද, ඉෂ්ඨ වස්තු ප්‍රාර්ථනයක් වූ, උතුම් සතුටක් වූ, කෙලෙස් නසන ශ්‍රී සද්ධර්මය සැමදා සැමකල්හිම පණමෙන් වඳිමි.

3. යහපත් සේවකයෙකු මෙන් ගමනක් තිබෙන, නැසිය යුතු අකුසල් නැසූ, කෙලෙස් වලින් දුරුවුනු, සංසාරය දිගටම රඳන බැඳීමෙන් නිදහස් වූ, මනාලෙසම සසරින් එතෙර යන, ශ්‍රේෂ්ඨව වාසය කරන, නිවන් රසයට කැමති ආර්ය සංඝරත්නය දිනපතා පණමෙන් නමස්කාරය කරමි.

++ ජනප්‍රවාදය මෙසේය.

සෙංකඩගල නුවර රජතුමා දිනපතා ශ්‍රී දන්ත ධාතූන්වහන්සේට කල යුතු පුද සත්කාර නිසිලෙස කරමින් සමන් පිච්ච ඇතුළු මල් පහන් සුවඳ දුම් පූජා කරන කෙනෙකි. 
කාලයක සිට උදෑසන බලන විට මලසුන අවුල් වී ඇති බව දකින්නට ලැබී ඇත. මුරට සෙබළුන් සිටියද සොයාගත නොහැකි වුනු නිසා, දිනක් රජුම තිරයකට මුවාවි දළදා මන්දිරය තුළ රැයක් ගත කලේය. මැදියම් රැය ඉක්මවුන පසු හාත්පස ආලෝකයක්ද විහිදුවමින් යම් කෙනකු මලසුන මත දිගාවිය.
නමස්කාර ගාථා කියන්නට මෙන් සැරැසී දිවගින් බැබලෙන ගුළියක් මලසුන මත තැබූ එම පුද්ගලයා දන්ත ධාතුන්වහන්සේට වන්දනාමාන කළේය. 
බැබළෙන එම ගුළිය රජතුමා රැගෙන පසෙක තිරයකට මුවාවී සිටියේය.

ආ පුද්ගලයා සියල්ල අවසානයේ කලබලයට හා විමතියටත් භීතියටත් පත්ව හාත්පස බැලුවද බැබලෙන ගුලිය පේන්නට නැත. ඉන්පසු කෙළවරක තිරයකට මුවාවී උන් රජතුමා දැක අඬා වැලපී තමා ඉතා ඈත හිමාල වනයේ සිට දළදා වන්දනාවට යනෙන බවත් අහසින් යෑමට ඒමට එම බෙහෙත් ගුළිය අවශ්‍යම බවත් තමා සිද්ධ්‍ය විද්‍යාධරයකු හෙවත් ඍෂිවරයෙකු බවත් හෙළි කළේය.

එය අසා එම බැබලෙන බෙහෙත් ගුලිය ඍෂිවරයාට දුන් රජුට රත් නෙළුමක් පුබුදුවා පත්‍රවල ගාථා තුනක් ලියා රජතුමාට ඇසෙන සේ කියා මෙම මාහැඟි අනගිතම ගාථා පිරිවැහීමෙන් රජතුමාටත්, රටවැසි ජනතාවටත් රටටත් රත්නත්‍රයේ සරණත් දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදයත්, නවග්‍රහයන්ගේ ආශීර්වාදයත් ඒකාන්තයෙන්ම ලැබී නිදුක් නිරෝගීව ශත වර්ෂාධික කාලයක් යහතින් සකල විධ අභිමතාර්ථයන් සඵල කරගනිමින් ජීවත් වීමේ වාසනාව භාග්‍ය උදාවන්නේ යැයි පවසා සෘෂිතුමා අහසින් හිමාල වනය බලා ගියේය.

රත්නමාලා බන්ධන ගාථා සෑම කල්හිම සියලු අභිවෘද්ධිය ලගා කිරීමට හේතුවන බව අප අත්දැකීමෙන් දන්නෙමු.
ඒ ඇසුරින් ලබාදෙන රත්නමාලා බන්ධන යන්ත්‍රයද බොහෝ සුභ පල ලබා දෙන්නකි. සියලු දොස් දුරුව සියලු යහපත ඇතිවීමට හේතු වාසනා ඇති කරවයි. 

දිනපතා සජ්ජායනය කර, යහපත් පැවැත්මෙන් හිඳ යහපත උදා කරගන්න.

Sunday, January 26, 2014

රත්නමාලා බන්ධන ගාථා

මහානුභාවසම්පන්න රත්නමාලා බන්ධන ගාථා සජ්ජායනය සහ ශ්‍රවණය කිරීම තුලින් මහත්වූද විවිධාකාර වූද අර්ථ සිද්ධි ඉටුකරගත හැකි බව පැවසේ.

මෙම රත්නමාලා බන්ධන ගාථා “ ශ්‍රී දළදා දැහැන“ ලෙසද හැඳින්වේ.
සිරි දළදා මන්දිරයේ රන් තඹ පතක නෙළුම් මලක් සිතුවම් කර ඒ මත ප්‍රස්ථාරයක්ව සටහන් කර ඇති මෙම අති බලවත් ගාථා රත්නයන් අප දළදා වහන්සේගේ රැකවරණයට එසේ තබා ඇති බව පැවසේ.
එසේම සේරුවිල චෛත්‍ය රාජයාණන්වහන්සේගේද රන් තඹපත් 3ක ලේඛන ගත කර ඇති බව පැවසේ.
මෙම මහානුභාවසම්පන්න ගාථාව සර්ව ජන වශීයකි. උදේ සවස සජ්ජායනය කිරීමෙන් සියලුම අභිවෘද්ධිය සමෘද්ධිය ඇති වෙන බව කියවේ.

සිංහල තේරුම දළ වශයෙන් මෙසේය.

1. අනන්ත සංසාරය නම් වූ සැඩ පහර විනීතව මැඬ පවත්වා,
සැප සහිත මනාකොට පමුණුවන ලද අති උත්තම වූ, උතුම් ප්‍රඥාව ඇති, ධෛර්ය සම්පන්න ශරීරයක් ඇති උතුම් දම් දෙසන ලොවට නෙළුම් මලක් බඳු අපගේ බුදුපියාණන්වහන්සේට නමස්කාර කරමි.

2. ප්‍රශංසා කල හැකි මගක් ඇති, මෝහය නසන, මාර යුද්ධයේ, විශේෂිත වූ, යුධ ඇඳුමක් වැනි, මනා කොට ආශ්‍රය කරන ලද, ඉෂ්ඨ වස්තු ප්‍රාර්ථනයක් වූ, උතුම් සතුටක් වූ, කෙලෙස් නසන ශ්‍රී සද්ධර්මය සැමදා සැමකල්හිම පණමෙන් වඳිමි.

3. යහපත් සේවකයෙකු මෙන් ගමනක් තිබෙන, නැසිය යුතු අකුසල් නැසූ, කෙලෙස් වලින් දුරුවුනු, සංසාරය දිගටම රඳන බැඳීමෙන් නිදහස් වූ, මනාලෙසම සසරින් එතෙර යන, ශ්‍රේෂ්ඨව වාසය කරන, නිවන් රසයට කැමති ආර්ය සංඝරත්නය දිනපතා පණමෙන් නමස්කාරය කරමි.

++ රත්නමාලා බන්ධන ගාථා ලැබුනු නිධාන කතාව ඊලගට...