Showing posts with label දහමට අදාලව - පිරිත් සහ ... Show all posts
Showing posts with label දහමට අදාලව - පිරිත් සහ ... Show all posts

Saturday, August 1, 2020

වැසි සළු පූජාව - 2020


මේ වසර තුළ උතුම් වස්සාන කාලය තව සතියකින් උදාවෙනවා.
සෑම වසරකම උදාවෙන වස් කාලය බෞද්ධ ඔබට ඉතාමත්ම පින්බර කාලවකවානුවක් වෙනවා.

● වස් කාලයේ ආරම්භය සනිටුහන් වන්නේ ගිහි අප විසින් මහා සංඝරත්නය උදෙසා පෙර වස් සමාදන්වීමට සිදුකරනා ආරාධනාවත් සමඟින්.මෙහිදි ගිහි අප විසින් මහා සංඝරත්නයට වැසි සළුවක් පූජා කිරීම සිදුකරමින් වස් සමාදන්ව අදාල ස්ථානයේ වස් තුන් මාසය වැඩ වසන මෙන් ආරාධනා කිරීම සිරිතයි.

මොකක්ද මේ වැසි සළු පූජාව....?

● වස් වසන භික්ෂූන්වහන්සේලාට ජලස්නාන කරන අවස්ථාවල දී භාවිතා කිරීම සදහා වස්ත්‍රයක් පූජා කිරීම, වැසි සළු පූජාව නමින් හැඳින්වේ. එය ආරම්භ වී ඇත්තේ විසාඛාවගේ ඉල්ලීමක් නිසාය.
'ඉච්ඡාමහo භන්තේ සoඝස්ස යාවජීවo වස්සික සාටිකo දාතුo' ,
ස්වාමිනි,මම දිවි ඇති තාක් භික්ෂූන්ට වැසි සළු පූජා කරන්න කැමැත්තෙමි යයි විසාඛාව විසින් කරන ලද ඉල්ලීම, බුදුරජාණන් වහන්සේ විසින්,
'අනුජානාමි භික්ඛවේ වස්සික සාටිකo' යයි අනුමත කළහ. ඒ අනුව දායකයන් විසින් භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කරන අවස්ථාවේදි ජල ස්නානය සදහා භාවිතා කළහැකි වස්ත්‍රයක්(නානකඩයක්) වැසි සළුවක් වශයෙන් පූජා කරනු ලබයි.එය පූජා කෙරෙන්නේ බුලත්වලින් සකස්කරන ලද දැහැත් ගොටුවක් සමගය.

● භික්ෂූන් වහන්සේලාට වස් තුන්මාසයක්, චීවර මාසයත් යන මාස හතරක් සදහා වැසි සළුව අධිට්ඨාන කළ හැකිය. එනම්,
'ඉමo වස්සිකසාටික චීවරo වස්සානo චතුමාසo අධිට්ඨාමි' යනුවෙනි.

● ඇසළ මස පුරපසළොස්වක දින පෝය කිරිමෙන් පසුව (මෙවර නම් නිකිණි පුරපසළොස්වක දින), භික්ෂූන් වහන්සේලාට දායකයෝ වැසිසළු පූජාකර වස් ආරාධනා කරති..වස් ආරාධනා කරන අවස්ථාවේ දි සංඝයා ඉදිරියට පැමිණි දායකයෙක් වැසි සළුව අතැතිව,
'ස්වාමින්වහන්ස, මේ වස් කාලයේ අපගේ ආරණ්‍යයේ වස් වසන ලෙස අපි ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු. වස් කාලයේදි ඔබ වහන්සේලාට චීවර, පිණ්ඩපාත, සේනාසන සහ ගිලන්පස යන සිවුපසයෙන් උපස්ථාන කරන්නෙමු. අපටත් දාන, සීල, භාවනාදි පින්කම් කරගැනීමට අනුග්‍රහ පිණිසත් මෙහි වස් වසන ලෙස සියලුදෙනා වෙනුවෙන් ආරාධනා කරන්නෙමු' යැයි කියා වැසිසළු භික්ෂූන් වහන්සේලාට පූජා කරනු ඇත.

● ඉතින් ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේ මාර්ගඵල නිවන් අවබෝධය උදෙසා වීර්ය වඩන ආරණ්‍යවාසි, ඒකවිහාරිය සහ ග්‍රාමවාසි මහා සංඝරත්නය ඇසුරින් බොහෝ පින් රැස් කර ගැනීමට ඔබටද අවස්ථාව මෙලෙසින් උදා වෙනවා.ඒ නිසා ඔබගේ සාංසාරික දුක් පිපාසාව සංසිදවා ගැනීම වෙනුවෙන්, ආර්ය අෂ්ඨාංගික මාර්ගය පෝෂණය කර ගැනීම උදෙසාම මේ උතුම් වස් කාලය ප්‍රයෝජනයට ගන්න. එසේනම් අප්‍රමාදිව මේ උත්කෘෂ්ට අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් උතුම් ශීලයක් අඛණ්ඩවම ආරක්ෂා කරගනිමින්, උපරිම අයුරින් සංඝෝපස්ථානයේ නිරතවන්න.

තෙරුවන් සරණයි....!!!

උපුටා ගැනීම - @Hiniduma Sarada හාමුදුරුවන්ගෙනි.

Friday, February 21, 2020

බෝධි පූජා කරන්නට පන්සලට ගිය විට සාමාන්‍ය ලෙස කරන දෙයකි බෝමළුව ඇමදීම. එය මහත්ඵල මහානිසංස පින්කමක් ලෙස කුඩා කල සිට ඔබ අසා ඇතිවාට සැක නැත. මෙහිදී වැදගත් වන්නේ, ඔබගේ සිත සන්සුන් වීමය. පන්සලක තිබෙන පරිසරය සැනසිලිදායකය. ඒතුල ඔබ විසින් යහපතක් ජිවිතයට එක්කර ගැනීමට ගොස් සිටින විටෙක, බෝමළුව ඇමදීම ඉතා වටිනා කටයුත්තකි.
- බෝමළුව ඇමදීම, බෝධි පූජා කටයුතු වලට පෙර පැයක පමණ කාලයක් ගෙන ඉවසීමෙන් කිරීම ඉතා වැදගත්ය.

●  බෝධියකට බොහෝ අය පැමිණෙති. බොහෝ අය බෝධියට පූජා පවත්වති. එනම් බෝධිය පොදු තැනකි. පොදුවේ භාවිත වන තැනක් පිරිසිදු කිරීම ඉතා වටිනා පින්කමකි. වෙරළ පිරිසිදු කිරීම, බස් ස්ටෑන්ඩ් පිරිසිදු කිරීමද, අවට පරිසරය පිරිසිදු කිරීමද එවන් වැදගත් කටයුතු වේ.
සක්දෙව් රජ පදවිය ලැබූ මාඝ ගැන කතාවෙන් පොදු ජනතාව වෙනුවෙන් සේවා කිරීමේ වටිනාකම අපට පෙන්වා දී ඇත.
ඉතින් හිත සනසාගෙන, බුදුන්වහන්සේට බුද්ධත්වය ලැබෙන්නට උදව් කල බෝධින්වහන්සේ අවට පිරිසිදු කිරීම ඉතා හොද පින්කමකි !

තවද බෝධි පූජාව අවසානයේ, සියලු බෝධින්වහන්සේලා රැක බලාගන්නා “ කළු දේවතා බණ්ඩාර දෙවියන්ට“ පින් අනුමෝදන් කිරීමද වැදගත්ය.

බෝමළුව ඇමදීමේ ආනිසංස මෙසේය.
(අපදාන පාලි 421 වන අපදානය)


01) සමාධිගත සිත් ඇත්තෙකු වේ.
02) නිර්මල පුද්ගලයෙක් වේ.
03) ශෝක නො දැනේ.
04) චිත්ත පීඩා දැවිලි ඇති නොවේ.
05) කුෂ්ඨ රෝග, ගෙඩි රෝග, කැසිලි රෝග නොසෑදේ.
 06) මී මැස්මොර යනාදි ලෙඩ නොසෑදේ.
07) වැලපීම් නැත්තෙක් වේ.
08) තැති නොගන්නා සිතක් ඇති වේ.
09) සෘජු සිත් - පැහැදිලි සිත් ඇත්තෙක් වේ.
10) කැමති සමාධීන් ලැබීමේ ශක්තිය ලැබේ.


#ඉරු

Monday, November 4, 2019

“ නිවන් පිණිස හේතුවන ධාතු කරඬු පූජාව “




අපද යම් යම් අපල දෝෂ තත්වයන් වලදී ධාතු කරඬු පූජාව කල යුතු බව නිර්දේශ කරමු ! එහි සැබෑ අරමුණ නම් සර්වඥ හෝ අරහත් ධාතුවක් දරන්නට හැකියාව ඇති දෙයක් පරිත්‍යාගයයි. මෙම පූජාවේ මූලික ආනිසංසය නම් එය “ නිවන් පිණිස“ වන කුසලයක් වීමය.

මෙම පූජාවේ අනුසස් ලෙස පතපොතේ,

● දද - කුෂ්ඨ යනාදිය සිරුරේ ඇති නොවීම.
● මනුෂ්‍ය ලොවේ ඉහලම තත්වය වන, සක්විති රජ වීමද, දිව්‍ය - බ්‍රහ්ම ආදී ලෝකයන්හි ඉහලම තත්වය වන “ සක් දෙව් රජ “ වීමටද මෙම කුසලය හේතු වාසනා ගෙන එයි.
● මනුෂ්‍ය - දිව්‍ය ලෝකයන්හි ඉපදෙන්නට වාසනාව ඇති වේ.
● නිරෝගීමත් වේ.
● කළණ මිතුරු ඇසුර ලැබීම

 යනාදිය කියැවේ.

මෙම පින්කමද, පැහැදුනු සිතින් යුතුව, මනා සිහියෙන් යුතුව නිවන්ගාමි පිනක් වනු පිණිසම විශ්වයටම පූජාවක් වේවා ! ලෙස ප්‍රාර්ථනා කර සිදු කරන්න. පින මහත්ඵල මහානිසංස වනවා නොඅනුමානය !!!

#ඉරු
irusewaya@gmail.com

Monday, August 26, 2019

“ පෙරහන්කඩ පූජාව “



⭕ පෙරහන්කඩ පූජාවේ මූලිකම ආනිසංසය නම් නිරෝගීභාවය ලැබීමයි !
එනම් සෑම ආකාරයටම නිරෝගී භාවයද, ආරක්ෂාවද පෙරහන්කඩ පූජාව තුලින් ලැබෙයි !

තවද, පොතපතේ සදහන් ආකාරයට,

බුදුන් වහන්සේ ප්‍රමුඛ වූ මහා සංඝයාවහන්සේට පෙරහරන්කඩ පූජා කිරීමේ අනුසසින් කර්මයට අනුරූප වූ අනුසස් 5ක් වේ.


● සෑම දෙනාම ඉක්ම වූ දිව්‍යායුෂය ලැබීම.
●සොර සතුරු බියක් ඇත්තෙක් නොවීම.
● අවි ආයුධයෙන් හිංසාවක් නොවීම.
● වස විෂ ආදියෙන් පීඩාවක් නොවීම.
● පෙරහන්කඩ පිදීමේ අනුහසින් සසර වාසය කළ සැමදා අතුරු මරණයක් නැත්තෙක් වීම.

- පෙරහන්කඩ පූජාවේදී මෙන්ම, ඕනෑම පිනකදී - කුසලයකදී සිත පහදවාගෙන, තමන්ගෙන් යම් දෙයක් වැය වෙනවා, නැති වෙනවා බව තේරුම් ගෙන, එයම මසුරු බව අඩු වීමටත්, නිවන්ගාමී වීමටත් හේතු වන බව අවබෝධයෙන් යුතුව කිරීම මැනවි !
ඒ ආකාරයට සිත පහදවාගත් විට පිනේ ප්‍රමාණයක් නැත. මහත් ඵල මහානිසංස වෙයි !

තවද අනන්ත සංසාරයේ ඕනෑතරම් ඥාතින් අපගෙන් පින් බලාපොරොත්තුවෙන් සිටින නිසා, “ මේ පින් සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට අනුමෝදන් වේවායි “ සිතින් ප්‍රාර්ථනා කරන්න !


#ඉරු #ඉරුඅගෝ2019 #iru #srilanka #dhamma

Tuesday, May 29, 2018

කැළණි රජමහා විහාරය


" සම්බුද්ධ පාදස්පර්ශෙයන් පූජනීය වූ කැළණි රජමහා විහාරය "

_ වන්දනා ගාථාව _

ආයාචනාය මණිඅක්ඛිමහෝරගස්ස
යස්මිං නිසීදි භගවා මණිමණ්ඩපස්මිං
තත්ථෙව කාරිතමිදං මණිපීඨයුත්තං
කල්‍යාණී චෙතියමහං සිරසා නමාමි
-
කැළණි රජමහා විහාරයට පැමිණි විට මුලින් චෛත්‍ය සහ බෝධිරාජයාද වැඳ ආගමික වතාවත් සිහි කර ඊටපසුව විභීෂණ දේවාලයට ගොස් දෙවියන්ටද පින් අනුමෝදන් කරන්න !


#ඉරු
#කැළණිය #කැළණිරජමහාවිහාරයට #ලංකාව
#kelaniya #kelanirajamahaviharaya #lka
srilanka

Sunday, October 23, 2016

තුනුරුවන්ගේ අනන්ත ගුණ බෙලෙන්, ඔබට - රටට - ලෝකයට සියලු යහපත, වාසනාව උදා වේවා !
අකුසල්, පාප කර්ම, ග්‍රහ දෝෂ, ග්‍රහ බලවේග දුරු වේවා !


කුසල්, පින් බලය ඉස්මතු වේවා ! වැඩි දියුණු වේවා !

#ඉරු Iru Sewaya - Iru Astrology


irusewaya@gmail.com.
077 22 38041

Saturday, October 15, 2016

මාර පරාජය පිරිත

පඨවි බල සුන්දරී - සබ්බඤ්ඤූ බෝධි මණ්ඩලං
අසංඛෙයියං මාර සේනං - ජයෝ ජයතු මංගලම් !

කකුසන්ධෝ කෝණාගමණො
කස්සපෝ ගෝතමෝ මුණි
මෙත්තය්‍යා පඤ්ඤ බුද්ධාතෝ
සීසේ මේ සෙන්තු සබ්බදා

ඒතෙසං ආනුභාවේන - යක්ඛා දේව මහිද්ධිකා
සබ්බේපි සුඛිතා හොන්තු - මම මිත්තා සහායකා
සම්බුද්ධේ අට්ඨ විසංච - ද්වාදසංඛ සහස්සතේ
පංච සත සහස්සානි - නමාමි සිරසා දරං

තේසං ධම්මංච සංඝංච - ආදරේන නමාමහං
නාමක්කරානු භාවේන - සබ්බේ භය උපද්දවා
සුවණ්ණ භූමි ගන්ත්වාන - සෝනුත්තර මහිද්ධිකෝ
පිසාචේ නිධභිත්වාන - බ්‍රහ්මජාල මදේසයි
ඒතේන සච්ච වජ්ජේන
සොත්ථි මේ හෝතු සබ්බදා .....


- දිනපතා උදේ - සවස සජ්ජායන කල හැකි නම් වඩා යහපති.
එක් වතාවක් සජ්ජායන කලත් ගුණ ඇති, ශ්‍රවණය කලද ගුණ ඇති මහානුභාවසම්පන්න පිරිතකි.

සජ්ජායනය කරන්න, අවසානයේ සියලු පින් සියලු දෙවියන්ට, සියලු සත්වයන්ට, සියලු ඥාතින්ට අනුමෝදන් කරන්න !

#සත්හටසෙත්පතනඉරු


irusewaya@gmail.com.
077 22 38041

Sunday, October 9, 2016

සෝමාවතී චෛත්‍යරාජයාණන්වහන්සේ

බුදුන්වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩ සිටින සෝමාවතිය චෛත්‍යයද බෞද්ධයන්ට ඉතා වැදගත් පුණ්‍ය භූමියකි.

● චෛත්‍යරාජයාණන්වහන්සේ සෑදීමේ ගරුත්වය ලැබෙන්නේ කාවන්තිස්ස රජු දවස, ගිරිනුවර අභය නම් වූ පාලකයාටය. කාවන්තිස්ස රජුගේ සොයුරිය වූ සෝමාවතී කුමරිය, අභය කුමරාගේ බිරිඳ විය. එනිසා එතුමියගේ නමින් චෛත්‍ය නම් කෙරින.

● අද චෛත්‍යරාජයාණන්වහන්සේ රකිනු ලබන්නේ තාරා දේව මෑණියන් විසිනි.
තාරා දේව මෑණියන් යනු, වලගම්බා රජු දවස රට වෙනුවෙන් සොලීන්ට බිලිවී රජු බේරාගත් වීර “සෝමා දේවිය“යි.

( චෛත්‍ය කරවූ සෝමාවතී දේවිය සහ වලගම්බා රජු දවස සෝමා දේවිය යනු 2කි).

● බුදු රැස් ලෙස සැමදෙනා විශ්වාස කරන රැස් මාලා විහිදවමින් ශ්‍රද්ධාව වැඩි දියුණු කරන්නට කටයුතු කරන්නේ තාරා දේව මෑණියන් විසින් වන අතර, ඒවා බුදු රැස් නොව දේව රශ්මි මාලා බව දත යුතුය.

● ඔබද නිවසේ සිට වන්දනාමාන කලද, සෝමාවතී චෛත්‍ය රාජයාණන්වහන්සේට වන්දනා කරන්න.
දිශාව ඊසාන දිශාවයි. පොදුවේ සුදු - කහ මල් වර්ග 2 පූජාවට සුදුසුය.

- සෝමාවතී චෛත්‍යයට වඳින ගාථාව -

“ සම්බුද්ධ රාජ මුඛපංකජධම්මරේණු
ඵස්සං මනුඤ්ඤසිතරංසි විරෝචමානං
බ්‍රහ්මාමරාසුරනිරේහි සුපූජිතං තං
වන්දාමහං සුගත දක්ඛිණ දන්තධාතුං “

( සම්බුදු රජාණන්වහන්සේගේ මුව පියුමේ ධර්මය නැමති රේණුවෙන් ස්පර්ශය ලත්, මනෝඥ වූ, සුදු පැහැ රශ්මියෙන් බබලන්නාවූ, බ්‍රහ්ම, දිව්‍ය, අසුර, මනුෂ්‍යයන් විසින් මනාව පුදන ලද, ඒ සුගතයන්වහන්සේගේ දකුණු දළදා වහන්සේ මම නමදිමි )

- ඔබ සැමට තෙරුවන් සරණයි -

#ඉරු

irusewaya@gmail.com
+94 77 2238041

Wednesday, September 14, 2016

“ දිවා ගුහාවට වඳින ගාථාව “




ඛීණා සවේහි සහපඤ්ච සතේහි ගන්ත්වා
යස්මිං අකාසි භගවා සදිවා විහාරං
සංඵුස්ස සාල සුමණාචලපාද දේසේ
වන්දේ සුසීතල මහං භගවා ගුහන්තං

Saturday, September 10, 2016

රන්වන් පාටින් දළුලන බෝධිය
නිල්වන් පාටින් කොළලන බෝධිය
ගෞතම මුණිදුන් පිටදුන් බෝධිය
අපිත් වඳිමු ජය සිරි මහ බෝධිය ...

- ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ නොවිනි නම් බුද්ධ ශාසනයක්ද නැත..

- පින්කම් කර විශේෂයෙන් සියලු බෝධි පූජා වලදී, ජය ශ්‍රී මහ බෝධි රාජයාණන්වහන්සේ ඇතුළු ලක්දිව සියලු බෝධින්වහන්සේලා ආරක්ෂා කරන, අටමස්ථානයම සුරකින සුපින්වත් “කළු දේවතා බණ්ඩාර“ දෙවියන් ඇතුළු සියලු දේව මණ්ඩලයටද පින් අනුමෝදන් කරන්න !

සම්බුදු සරණයි !

#ඉරු Iru Sewaya

ඔබ යහපත් - සිල්වත් කෙනෙක් නම්, ඔබට අනිවාර්ය දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනු ඇත.

දෙවියන්ගේ ආශිර්වාදය නොලැබෙන්නේ නම්, එයට හේතුව අකුසල කර්මයක් විය හැක.
එවන් අවස්ථා වලදී කල යුතු හොඳම දෙය පින්කම් කර ඒ පින් දෙවිවරු ඇතුළු, සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට අනුමෝදන් වේවායි සිතින් පැතීමයි !

එවිට අකුසල කර්මයේ දෝෂ තත්වයන් අඩුවනු ඇත.