Tuesday, June 25, 2019

යම් පිරිසක් සිතන්නේ අපගේ දේශපාලන අනාවැකි එජාපයට හිතවාදී බවයි.

- අප විසින් 2015 ජනාධිපතිවරණයෙදි, ලබාදුන් සියුම් ඉගියද, 2015 මහමැතිවරණයෙදි රනිල් වික්‍රමසිංහ අගැමතිවරයාගේ සහ එජාපයේ කේන්ද්‍ර සටහන අනුව අනිවාර්ය එජාපයට වැඩි බලයක් ලැබෙන බව කීමද යනාදිය මෙහිදී ප්‍රමුඛ වන අතර, ඊයෙ සහ පෙර දින වල පල කල යම් යම් අනාවැකිද හේතු පාදක වී ඇත.

- කෙසේ වුවද, 2005 ජනාධිපතිවරණයෙදි අප මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වන බව කියා ඇත. ඒ කාලේ අප ෆේස්බුක් නොසිටි නිසා එය ඔප්පු කිරීමට අපට හැකියාවක් නැතත්, ඒ බව කියූ පුද්ගලයින් අප ගිණුමේ සිටිති.
- අප පමණක් නොව, ජ්‍යොතිෂ්‍යය දන්නා ජ්‍යොතිර්වේදීන් 2005දි එම අනාවැකිය පල කල අතර, ගාල්ලේ සුප්‍රසිද්ධ රාජකීය දෛවඥයා වූ සුමනදාස මහතා නම් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල බවක් අපට මතක නැත. ඔහු, මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන් බව ඇත්තකි. නමුත් එවිටත් යාපනයේ ඡන්ද සමග රනිල් දිනන බව අන් අයට කියා ඇත. ඒ බව මාතර සිටි ඩැනී හිත්තැටිය මහතාද ඉදිරියේ ප්‍රකාශ කලා අපට මතකය.

● එක් එක්කෙනාගේ “ලෞකික වාසනාවේ“ තරම තේරෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුය.
සුමනදාස මහතාට ඒ සමග දිනක ජනාධිපති ආර්යාව වූ ශිරන්ති මහත්මිය මුණගැසෙන්නේය. ඔහු, ශිරන්ති මහත්මියට පවසන්නේ,
“ මහින්ද මහත්තයා ජනාධිපති වන බවට අනාවැකි කී එකම පුද්ගලයා මම “ බවය.
- ඒ සමග ලංකාවේ පුවත්පත් රැසක මේ බව පල කෙරෙන අතර, සුමනදාස මහතා රාජකීය දෛවඥ නාමයෙන් මෙන්ම, මහින්ද මහතා ජනාධිපති වන බව කියූ 1ම කෙනා බව රටම කතා කරන ලදි.

●  උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමග අයිටීඑන්හී සුප්‍රකට “සත්‍යාගාරයට“ පැමිණ ජ්‍යොතිෂ්‍යය ශාස්ත්‍රයම නිගරුවට ලක් වන ලෙස සුමනදාස මහතා පිලිතුරු දුන්නාද අපට මතකය..

#ඉරු #ඉරුජුනි2019

Sunday, June 23, 2019

“ සෙනසුරු ග්‍රහයා “


                                    
සෙනසුරු ග්‍රහයෙක් මිස දෙවියෙක්ද ?

ඇත්තටම නම් සෙනසුරු ග්‍රහ මණ්ඩලයකි. සෙනසුරුගේ බලපෑම මෙසේ කිව හැක.
(https://www.facebook.com/…/a.11773952922…/1353999854617090/…)

* සෙනසුරු ග්‍රහ මණ්ඩලයට අරක්ගත් දෙවියන්, සෙනසුරු දෙවියන් ලෙස හැඳින්වේ.
* එසේ වුවද සෙනසුරුගේ අධිපතිත්වය හිමිවන්නේ නවග්‍රහ මණ්ඩලයටම අධිපති ශ්‍රී විෂ්ණු දෙවියන්ටය..

● දෙවි කෙනෙකු නොවන ග්‍රහයෙකු වුවද, සෙනසුරුගේ බලපෑම දෙවියන්ටද පීඩා කල බව පරණ දේව කතා වල කියැවේ. සෙනසුරු පීඩා කරන්නේ පෙර ආත්ම භවයන්හි ජනතාවට වැරදි කල, අසාධාරණ කල, පීඩන කල අයටය.
( සෙනසුරු දුර්වල අයට කෙතරම් ධනය තිබුනද සැප විඳීමට අපහසුය. රස කෑමක්, රසවත්ව බුක්ති විඳීම අපහසුය)
- සෙනසුරු මාරු වීම් වලදි දේශපාලකයන් රට ටික දවසකට හෝ හැර යන්නේද, විවිධාකාර පුද පූජා සිදු කරන්නේද සෙනසුරුට එතරම්ම බය නිසාය.
● ජ්‍යොතිෂ්‍යය අනුව විග්‍රහ කරන විටදී, පෙර ජනාධිපතිවරයාට බලපෑ චන්ද්‍රඅෂ්ටම ඒරාෂ්ටකය බලයෙන් පහ වීමට හේතු විනි යැයි කිව හැක.

● කෙසේ වුවද, සෙනසුරු නරක ග්‍රහයෙකු නොවේය. සෙනසුරු අවබෝධය ලබාදෙන්නාය.
සෙනසුරු - බුද්ධිය ලබාදෙන්නාය. සෙනසුරු ඉවසිලිවන්ත, ධෛර්යය ලබාදෙන කෙනෙකි.

● සෙනසුරු අපල තිබෙන විට, මුහුණේ තැන් තැන් කළුවීම තුලින් ඒ බව දැනගත හැක. කායික විද්‍යාත්මකව මුහුණේ සෑම අංශයක්ම ශරීරයට සම්බන්ධ නිසා, කළු වෙන තැන් ගැන අවයවයට අදාලව පරික්ෂා කලොත් ලෙඩක් තිබෙන තැනද සොයා ගැනීමට හැකියාව ඇත !

● සෙනසුරුගේ අපල, අකුසල විපාක තිබේ නම් කල යුත්තේ, දහමට අනුකූලවද, සීලය රැකගෙනද ජීවත් වීමය.
තවද බෝධි පූජා සෙනසුරු අපලයට ඉතා ගුණදායක දේ වෙති. සෙනසුරු අපලයට ශ්‍රී විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කර ආශිර්වාද ඉල්ලීමද හොදයි !!!

#ඉරු #ඉරුජුනි2019 #senasuru #iru #astrology #shani

සෙනසුරු යනු ග්‍රහ මණ්ඩලයේ අකීකරු පුතාය. ලෙඩාය. කම්කරු පන්තිය - මහජනතාව - පීඩිතයන් නියෝජනය කරන්නාය.

Saturday, June 22, 2019

අපද සිටින ක්‍රීඩාවට සම්බන්ධ සමූහයක අදහස් දැක්කා.

ඒ තුලම අපි මුළු රටේම විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල වල දකින දේ සහ ඒ අනුව තමන්ටත් අත් කරගන්නා ඉරණම ගැන කණගාටුවෙන් උවත් මෙසේ ලියමු.

● වෙන රටක ක්‍රිකට් දක්ෂතාවයකට අපේ අය ලේසියට හොද කියන්නේ නැත.
ඒ ආකාරයටම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මිනිසුන්ට අපහාස කරන ආකාරය අතිශයින්ම කණගාටුදායකය.

● පාර්ලිමේන්තුවේ 225 හොද නැතිව ඇත. ඉතිරි දේශපාලකයන් සියල්ලද හොද නැතිව ඇත. නමුත් තමන්ම එවන් අයව පත් කර කිසිවක් නොදන්නවා සේ එවන් අයට අපහාස කරන අය, හෙණ පමණක් නොව මැරේවා කියමින් පතන අය ගැනද ඇතිවන්නේ කලකිරීමකි.
- දේශපාලකයන් වැරදි බව ඇත්තය. නමුත් එවන් අයට වුවද ඔය විදියට අපහාස, පලි ගැසීම් වැනි දේ කිරීමෙන් සිදුවන්නේ තමන්ගේ අධ්‍යාත්මය දුර්වල වීමය. තමන් වෙනම අකුසල් සිදු කරගැනීමය.
- කෙනෙක් වරදක් කර ඇත්නම් පවතින නීතියේ හැටියට දඩුවමකට ලක්විය යුතුය. එයට නීති ප්‍රතිපාදන ඇති අතර එසේ නම් ඒවා කල යුතුය. එසේ නොකර වීර කතා මෙන් තමන් හිතන දේ කරමින් හැසිරෙන අය සැබවින්ම කරගන්නේ තමන්ටම වරදකි.

- අනුන්ගේ වැරදි දැන හෝ නොදැන අපහාස කරන්නට, සාප කරන්නට දගලන එවන් අය සැබවින්ම හොද චරිතද ?
- “පාපයෙන් දූෂිත නොවූ තැනැත්තා පලමු ගල ගසන්න“ ලෙස ජේසුතුමා කියූවා සේ, අන් අයට මෙසේ අපහාස කරන අය ඇත්තටම නිර්දෝෂි යහපත් අයද ???

#සිතන්න #ඉරුජුනි2019

Friday, June 14, 2019

සිංහලයන් 71-72%

යම් පිරිසක් ඉතා බියවී ඇත්තේ ලංකාවේ බහුතරය මුස්ලිම් අය වනු ඇත කියාය. සමහර ස්වාමින්වහන්සේලා විසින් කරන ලද ප්‍රකාශද මේවා මෙසේ සිතන්නට තුඩු දී ඇත.

- මේ රට ඊලග කල්පාන්තය තෙක්ම සිංහල බෞද්ධයන් මූලිකව සිටින රටකි ( දැන් සිට)
- අප දන්නාදේ අනුව, භාවනානුයෝගී උතුම් අධ්‍යාත්මික ගුණ සහිත අයගේ දැනුම අනුව එය වෙනස් වන්නේ නැත. යම් පිරිසක් එසේ කරන්නට උත්සාහ කරන්නේ නම් ඔවුන්ටද විශ්වය විසින්ම දඩුවම් දෙනු නියතය.

● මේ කාරණා අපගේ අංශයෙන් හැරුණුකොට දැනගැනීමට, අප විසින් මෑතකදී ජන සංඛ්‍යාලේඛන සම්බන්ධව සොයන ලදි. ඒ අනුව, සිංහලයන් 71-72% අතර ප්‍රමාණයක් සිටිති.
* යුද්ධයෙන් පසු එනම් 2009ට පසුව සිංහල ජන ප්‍රමාණය වැඩි වීමද සිදුවී ඇත. ළමයින් 1-2 හැදුවද සිංහල ජාතිය අඩු වී නැත ( ළමයි 1-2 ප්‍රමාණවත් නැත). යම් ප්‍රමාණයක් වැඩිවී ඇත.
● 9.7-10.1% සිටින ජනවර්ගයකට ලංකාවේ ප්‍රධාන ජන කොටස වන්නට නම්, එයට ඔවුන්ගේ වර්තමාන වේගය අනුවද 2200ටත් එහා කාලයක් ගත වනු ඇත. මුස්ලිම් ජනයා වැඩිම ජන සංඛ්‍යාව බවට පත්වූ රටවල් බොහෝමයක් එසේ කර ඇත්තේ යුද්ධයන් මුල් කරගෙනය. දරු උපත් ප්‍රමාණයෙන් නොවේය.
- නැති භංග වෙමින් පවතින ISIS බෝම්බ පිපිරෙව්වේද ඔවුන්ට අවශ්‍ය පරිදි මුස්ලිම් ජනතාවට අනිකුත් ජනතාව විසින් ප්‍රහාරයන් එල්ල කර ඉන්පසුව මේ රට තුල ත්‍රස්තවාදි කටයුතු සිදු කරගෙන යෑම මුල් කරගෙන විය යුතුය.

- නමුත් 30 වසරක යුද්ධය ගැන දන්නා ලංකාවේ ජනතාව එසේ මෝඩ වූයේ නැත. දේශපාලුවන්ට වාසි ලැබෙන්නට, ජනතාවට කරදර වන්නට නැවත ජාතිවාදි ගිනි ඇවිලෙව්වේ නැත.
එනිසා දැනටද පවතින පරිදි ISIS ඉතාම පසුබෑමක සිටින අතර ඉදිරි වසර වල නැත්තටම නැතිවනු ඇත.

● මුස්ලිම් ජනතාව පසුගිය වසර 10-20 කාලයෙදි, ඇඳුමින්, ආහාර වලින්, බැංකු, විවාහ නීතියෙන් සහ තවත් යම් යම් දෑ වලින් ශ්‍රී ලාංකේය ජනතාවගෙන් ඈත් විය.
- තවමත් ඔවුන් නියම ශ්‍රී ලාංකේය මුස්ලිම් වරුන් වන්නට නිසි සූදානමක් ඇති බවක් අපට පෙනෙන්නේ නැත. එසේ වන්නේ නම් ගැටළු අවම වනු ඇත.

* වසර යම් ගණනාවකට පසුව, ලෝකයම ජනශූන්‍ය තත්වයට පත්වෙයි. එදාට වැඩිම ජන සංඛ්‍යාව සිටින්නේ කාටද යන්න කාටවත් ප්‍රශ්නයක් නොවනු ඇත බව අපගේ විශ්වාසයයි !!!

#ඉරු #ඉරුජුනි

Saturday, June 8, 2019

පසුගිය කාලයේ අධ්‍යයනය කල කේන්දර සටහන් වල බොහෝ සුබ පිහිටීම් තිබුනි.
රාජ යෝග, නීච භංග රාජයෝග පමණක් නොව පරිවර්ථන යෝග ආදියද තිබුනි.

● කේන්දර සටහනේ කුමන සුභ පිහිටීම් තිබුනද ඒවා පලදීම සිදුවන්නේ නිවරදිව ඒ ගැන දැන හදුනාගෙන කටයුතු කිරීමෙනි.
ඔබට සුප්‍රසිද්ධ කතාවක් වූ “ ඉසුරු යෝගයේ“ මුතුමිණ මහතාව මතක ඇතැයි සිතමු. ඔහු කියූ පරිදි රාජ යෝග තිබුනද ඒවා පලදුන්නේ නැත. ඒවා පලදීමද විය යුතුය නැත්නම් වැඩක් නැත.

● සමහර අයට යහපත් කේන්දරයක් තිබුනට වෙනත් බලපෑම් නිසා ඒවා අහිමි කරගෙන ඇත.
●ඒවා අතර මූලික දෙයක් වන්නේ තමාගේ කටයුතුය.
●ඊට අමතරව තමන්ට කරන හදි හූනියම් ආදියද බලපෑමට ඉඩ ඇත.
●සමාජීය වටපිටාවේ ඇසුරු කරන අය නිසා තමන්ගේ දියුණුව ඇතිනොවීමට ඉඩ ඇත.
● එසේම තව සමහරක් වාසනාවන්ත කේන්දර සටහන් ඇති අයට ජිවිතයේ වටිනාම කාල වලදි ගතවන්නේ අයහපත් දසාවන්ය. එවිටද කටයුතු වලට බාධා සිදුවිය හැක. අදාල පැවැත්මෙන් සහ ශාන්ති කර්ම කිරීමෙන් එම අපල තත්වයන් දුරුකර ගත යුත්තේ එබැවිනි.

● හෙටින් අපල කාලය ඉවර නම් අද අපලය උග්‍රව තිබීමට ඉඩ ඇති අතර අද දිනයේ හදිසි අනතුරකින් අතක් පයක් කඩාගත්තොත් එය තව මාස 3ක් එක්තැන්වී සිටීමට හේතුවනු ඇත.
ඒනිසා කේන්දරය කුමක් වුවද ජය ලැබෙන්නේ නිසි කටයුතු නිසි ලෙස කිරීමෙනි. කළමනාකරණය යන වචනයේ තේරුමද නිසි කලට නිසි දේ කිරීමයි. z

#iru

Wednesday, June 5, 2019

සැලකිය යුතු කොටසකගේ #වැරදි මත බොහෝය.

1. නිතරම එක එක දෙවිවරුන්ට, පින් දෙන්නට ගාථා ඉල්ලීම
- පින් දෙන්නට ගාථා කියා වෙනම අවශ්‍ය නැත. කුමන හෝ පිනක් කර මේ පින අදාල දෙවියන්ට අනුමෝදන් වේවා ! ආශිර්වාද ලැබේවා කියා ප්‍රාර්ථනා කිරීම හොදටම ඇතිය.
( බුදුන්වහන්සේ වැඩ සිටි සමයේ බොහෝමයක් අධිෂ්ඨානය මත සිදුවිය)

2. ලගදි කෙනෙකු විසින් ඊශ්වර,විෂ්ණු, කතරගම දෙවිවරු අසුර ලෝකයට අයත් කෙලෙස් සහිත දෙවිවරු බව කමෙන්ට් කර තිබුනි. (ඊශ්වර දෙවියන් මේ අවස්ථාවේ යාම දිව්‍ය ලෝකයේ අධිපති දෙවියන්ය)
- එය සම්පූර්ණ වැරදි මෙන්ම, මිථ්‍යාදෘෂ්ටික අදහසකි. එසේම කුසල් සහිත දෙවිවරුන්, අසුර ගණයට ලා පැහැදිලිවම අකුසල් සිදු කරගන්නා අදහස්ය.
( එවන් මුග්ධ අදහස් ඇති අයට එය පැහැදිලි කිරීමටත් කාලය ගැනීම නිෂ්ඵල කාරණයක් සේ අප දකිමු)

* අසුර ලෝකය අයත් වන්නේ, සතර අපායෙන් 1කටය. සතර අපායට දෙවිවරු අයත් නැත.
* එසේම සියලු දිව්‍ය ලෝක වලට ප්‍රධාන සක් දෙවියන්ට පවා කෙලෙස් ඇත. සියලු දෙවිවරුන්ට කෙලෙස් යම් ප්‍රමාණයක් හෝ ඇත. කෙලෙස් ප්‍රහීන වන්නට දෙවිවරු කුසල් දම් වඩති.
⭕ සියලු දෙවිවරු දහමට ගරු කරති. විෂ්ණු, ඊශ්වර, කතරගම, පත්තිනි යන දෙවිවරුන් මතු බුදු වන්නට පෙරුම් පුරන අය වෙති.

- මිනිසුන් වැරදි මතවාද වල ඇලි ගැලී සිටියාට දෙවිවරු අතිබහුතරය එසේ නැත. එයට හේතුව පරණ බුදුවරුන්ගේ කාලයේ පවා වැඩ සිටි අදටත් සිටින මාර්ගඵලලාභී දෙවිවරු පවා දෙව්ලොව සිටිමයි. මිනිසුන්ට වඩා කුසලය, අවබෝධය ඉහල දෙවිවරු, අනිත් දෙවිවරුන්ට උදව් කරති. දහම කියා දෙති. ධර්මාවබෝධයට පියවරෙන් පියවර ගෙනියති.

* භූත - ප්‍රේත - අසුර - කුම්භාණ්ඩ - පිසාච වැනි පහත් අමනුෂ්‍ය තත්වයේ ලා සිටින සම්‍යක්දෘෂ්ටික නොවන බලවේග වල සිතුම් අනුව යමින් වැරදි මත වල සිටීම, සසර දික් කරගන්නා කටයුත්තකි..

#ඉරු