Wednesday, June 5, 2019

සැලකිය යුතු කොටසකගේ #වැරදි මත බොහෝය.

1. නිතරම එක එක දෙවිවරුන්ට, පින් දෙන්නට ගාථා ඉල්ලීම
- පින් දෙන්නට ගාථා කියා වෙනම අවශ්‍ය නැත. කුමන හෝ පිනක් කර මේ පින අදාල දෙවියන්ට අනුමෝදන් වේවා ! ආශිර්වාද ලැබේවා කියා ප්‍රාර්ථනා කිරීම හොදටම ඇතිය.
( බුදුන්වහන්සේ වැඩ සිටි සමයේ බොහෝමයක් අධිෂ්ඨානය මත සිදුවිය)

2. ලගදි කෙනෙකු විසින් ඊශ්වර,විෂ්ණු, කතරගම දෙවිවරු අසුර ලෝකයට අයත් කෙලෙස් සහිත දෙවිවරු බව කමෙන්ට් කර තිබුනි. (ඊශ්වර දෙවියන් මේ අවස්ථාවේ යාම දිව්‍ය ලෝකයේ අධිපති දෙවියන්ය)
- එය සම්පූර්ණ වැරදි මෙන්ම, මිථ්‍යාදෘෂ්ටික අදහසකි. එසේම කුසල් සහිත දෙවිවරුන්, අසුර ගණයට ලා පැහැදිලිවම අකුසල් සිදු කරගන්නා අදහස්ය.
( එවන් මුග්ධ අදහස් ඇති අයට එය පැහැදිලි කිරීමටත් කාලය ගැනීම නිෂ්ඵල කාරණයක් සේ අප දකිමු)

* අසුර ලෝකය අයත් වන්නේ, සතර අපායෙන් 1කටය. සතර අපායට දෙවිවරු අයත් නැත.
* එසේම සියලු දිව්‍ය ලෝක වලට ප්‍රධාන සක් දෙවියන්ට පවා කෙලෙස් ඇත. සියලු දෙවිවරුන්ට කෙලෙස් යම් ප්‍රමාණයක් හෝ ඇත. කෙලෙස් ප්‍රහීන වන්නට දෙවිවරු කුසල් දම් වඩති.
⭕ සියලු දෙවිවරු දහමට ගරු කරති. විෂ්ණු, ඊශ්වර, කතරගම, පත්තිනි යන දෙවිවරුන් මතු බුදු වන්නට පෙරුම් පුරන අය වෙති.

- මිනිසුන් වැරදි මතවාද වල ඇලි ගැලී සිටියාට දෙවිවරු අතිබහුතරය එසේ නැත. එයට හේතුව පරණ බුදුවරුන්ගේ කාලයේ පවා වැඩ සිටි අදටත් සිටින මාර්ගඵලලාභී දෙවිවරු පවා දෙව්ලොව සිටිමයි. මිනිසුන්ට වඩා කුසලය, අවබෝධය ඉහල දෙවිවරු, අනිත් දෙවිවරුන්ට උදව් කරති. දහම කියා දෙති. ධර්මාවබෝධයට පියවරෙන් පියවර ගෙනියති.

* භූත - ප්‍රේත - අසුර - කුම්භාණ්ඩ - පිසාච වැනි පහත් අමනුෂ්‍ය තත්වයේ ලා සිටින සම්‍යක්දෘෂ්ටික නොවන බලවේග වල සිතුම් අනුව යමින් වැරදි මත වල සිටීම, සසර දික් කරගන්නා කටයුත්තකි..

#ඉරු

No comments:

Post a Comment