Monday, August 29, 2016

සතියේ ලග්න පලාපලය - අගෝ.30 සිට සැප්.05

පොදු පලාපලයක් පමණි !
-

● මේෂ
අලුත් ව්‍යාපාර වලට කරදර මතුවිය හැකි සතියකි. ඉවසීමෙන් යුතුව කටයුතු කල යුතුය. නැත්නම් කරදර දෙගුණ විය හැක. ව්‍යාපාර ණයක් හෝ ආධාර ලැබිය හැකි මධ්‍යම ප්‍රතිඵල ගෙන දෙන සතියකි.
රැකියා ලැබීම් ප්‍රමාද විය හැක. කරගෙන යන රැකියා වලටද බාධා ඇතිවීමට ඉඩ ඇත. රැකියා ස්ථානයේ සතුරු කරදර ඇතිවීමටද ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කල යුතුමය. මූල්‍ය කළමනාකරණයට සම්බන්ධ රැකියා කරන අයට සුභ ඵල ලැබෙන සතියකි.
ගෘහ ජිවිතය තුල කල්පනාකාරිව කටයුතු කල යුතුමය, නැත්නම් ගැටළු ඇතිවිය හැක.
දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලටද සුළු බාධා මතුවිය හැක. දරුවන් වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙසීමට සිදු වේ.
මංගල යෝග උදා වෙයි, නමුත් ප්‍රශ්න ඇතිවයෙි.

-

● වෘෂභ
නව ව්‍යාපාර ආරම්භ කිරීමට සුභ සතියකි. කරගෙන යන ව්‍යාපාර තමන්ට රිසි සේ කරගෙන යාමට හැකියාව ලැබෙයි. ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම තුලින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි වනු ඇත.
රැකියාවේ උසස් වීම්, තරඟ විභාග ආදියට මුහුණ දීමට සහ ඒවායින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නට වැඩි ඉඩක් ඇත. ප්‍රධානීන්ගේ පැසසුම් ලැබේ. නව රැකියා උදා වේ.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය වෙනුවෙන් යම් කටයුත්තක් කිරීමට සිදුවෙයි. මංගල යෝග උදා වෙයි. සහකාරිය/සහකරු තමන්ට වඩා නුවණින්, ධනයෙන් වැඩි කෙනෙකු වීමටද ඉඩ ඇත.
පවුලේ දියුණුව උදෙසා කටයුතු කිරීමට සිදු වෙයි. කැපවීමෙන් වැඩ කල යුතු වේ.

-

● මිථුන
ව්‍යාපාර වල ගැටළු නිරාකරණය වෙයි.
කලක් තිස්සේ වදදුන් ගැටළුවක් විසඳෙයි. අන් අයගේ සහයෝගය, සේවකයින්ගේ සහයෝගය වැඩියෙන් ලැබෙයි. කළමනාකරණය රිසි පරිදි කරගෙන යාමට හැකිවේ.
රැකියාව අවංකව යහපත් සිතින් කරගෙන යාමට හැකියාව ලැබේ. නව රැකියා ලැබේ. රජයේ රැකියා වල නිරත අයට සුභ ඵල වැඩියෙන් අපේක්ෂිතය. උසස් වීම්, ස්ථාන මාරු විම්ද සිදුවිය හැකි සතියකි.
ගෘහ ජිවිතය තුල දරුවන්ගේ ආදරය වැඩි වන සතියකි. දරුවන් නොමැති අයට ඒ සම්බන්ධව ප්‍රශ්න විසඳා ගත හැකි සතියකි. මංගල යෝග උදා වෙයි.

-

● කටක
ව්‍යාපාර වල තිබුනු ගැටළු විසඳා ගත හැකි සතියකි. නව ව්‍යාපාර, නව ආදායම් මාර්ග උදෙසා ගනු ලබන පියවරක් සාර්ථක වෙයි. කලක් තිස්සේ වද දුන් ප්‍රශ්න නිරාකරණය වීමේ වාසනාවද තිබේ. කාර්යබහුල බව වැඩි වේ.
රැකියාවේ ප්‍රධානින්ගෙන් පැසසුම් ලැබීමට හැකි වන සතියකි. රැකියා ස්ථානයේ සුළු සුළු ගැටළුකාරි තත්වයන් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරිව කටයුතු කරන්න. රැකියා ස්ථානයේ මිතුරු ඇසුර වැඩිවීම නිසා ගැටළුකාරි තත්වයක් ඇතිවීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල දරුවන්ගේ අනාගතය යහපත් කිරීමට පියවරක් ගැනීමට සිදු වෙයි. ප්‍රිය සම්භාෂණ, උත්සව ආදියට සහභාගි වීමට ඉඩ ලැබේ.
විදෙස් ගත වීමට බලාපොරොත්තුව සිටින අයට සුභ ඵල අපේක්ෂිතය.
නිදන්ගත රෝග වලින් පීඩා විඳින අයට යහපත් නිරෝගී තත්වයක් අපේක්ෂා කල හැකි සතියකි.

-

● සිංහ
ඉක්මණ් තීරණ ගැනීමෙන් පාඩු සිදුවීමට හැකි බැවින් කල්පනාකාරිව ව්‍යාපාරික ස්ථානයේ කටයුතු කල යුතුය. මුදල් තත්වය තර වන සතියකි. නව ව්‍යාපාර ආදිය ඇරඹීමට සුභ සතියකි. ව්‍යාපාර වල තිබුනු ගැටළු - ප්‍රශ්න විසඳෙයි.
10 වැන්නාධිපති සිකුරු, 2 වැන්නේ සිටිමෙන් රැකියා ලාභ ලබා ගැනීමට සම්මුඛ පරික්ෂණ වලට යාමටත් එයින් සුභ ඵල ලැබීමටත් හේතුයි. කලා ක්ෂෙත්‍රයේ සහ අලෙවිකරණ ක්ෂෙත්‍ර වල අයට සුබ සතියකි. ආයතන ප්‍රධානීන්ගෙන් පැසසුම් ලැබේ.
ගෘහ ජිවිතය තුල ගේ දොර නවතාවයෙන් යුතුව කටයුතු කරගෙන යාමට හැකියාව ලැබේ. සහෝදර-සහෝදරියන්ගෙන් සහයෝගය තමාට ලැබෙයි. සහෝදරකාරකයෙකුගේ ජයග්‍රහණයක් උදෙසා සතුටු වීමට ඉඩ ලැබේ. අසල්වාසින්ගෙන් සහයෝගය ලැබේ.

-

● කන්‍යා
ව්‍යාපාර වලට යහපත් ප්‍රතිඵල ලැබිය හැකි සතියක් වේ. නව ව්‍යාපාරයකට, නව ආදායම් මාර්ගයකට යාමට සුභ සතියකි. මුල්‍යමය ආයතන වලින් ණය, ආධාර ලැබේ. විදෙස්ගත මිතුරන්ගෙන් සහ විදෙස්ගත සමාගම් ආදියෙන් ඉල්ලුම් කර තිබුනු සහයෝගයන් ලැබීම කඩිනම් වේ.
රැකියාවේ මනා කළමනාකාරිත්වයකින් කටයුතු කිරීමට හැකියාව ලැබේ. රැකියා ස්ථානය මාරු විමටද ඉඩ ඇත. නව රැකියා අවස්ථා උදා වේ. වෙනදාට වඩා වැඩ කිරීමට සිදුවේ.
ගෘහ ජිවිතය තුල තරුණ - තරුණියන් ආගමික කටයුතු වලට නැඹුරු වන සතියකි. පවුලේ කටයුතු සහ සමගිය ස්ථාවර වෙයි. දරු ඵල අපේක්ෂාවෙන් සිටින අයට බුද්ධිමත් දරු ඵල ලැබෙන සතියකි. බුද්ධියෙන් කටයුතු නොකලොත් අසල්වාසින් සමග සුළු සුළු සිත් අමනාපකම් ඇතිවිමට ඉඩ ඇති සතියකි.

-

● තුලා
ආදායම් මාර්ග ඇහිරෙන්නට ඉඩ ඇත. ව්‍යාපාර කළමනාකාරිත්වයන් අවුල් වීමටද ඉඩ ඇත. හවුල් ව්‍යාපාර වලදී සිත් අමනාපකම්, මුදල් ප්‍රශ්න ඇතිවිමට ඉඩ ඇත. බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වූ සතියක් වෙයි.
රැකියා ස්ථානයේ මාරුවීමක් හෝ රැකියාව අහිමි වී යාමේ අවදානමක් පවති. රැකියා ස්ථානයේ ප්‍රධානීන් සමග මත ගැටුම් නිර්මාණය විය හැකි බැවින් කල්පනාවෙන් - බුද්ධියෙන් කටයුතු කිරීම ඥාන ගෝචර වේ. නැත්නම් තමා වැරදිකරු වීමටත් රැකියාව නැතිවීමටත් ඉඩ ඇත.විදේශ ගමන් බලාපොරොත්තුව සිටින අයට බලාපොරොත්තු කඩවීම්, සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල පෙම් සබදතා පළුදු විය හැක. මිත්‍ර සබදතා වලට බාධා ඇතිවිය හැක. පවුල් ජිවිතය තුල තාවකාලික ප්‍රශ්න ඇතිවිමට ඉඩ ඇත. පදිංචි ස්ථාන මාරු වීමට ඉඩ ඇත.

-

● වෘශ්චික
ව්‍යාපාර වලදි බලාපොරොත්තු වූ ජය ලබා ගැනීමට හැකියාව නොලැබීමට ඉඩ ඇත. හදිසි තීරණ ගැනීම නිසා ඉදිරියේදි ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇත. මූල්‍ය ආයතන වලින් මූල්‍යමය ගැටළු නිර්මාණය වීමට හැක. නව ව්‍යාපාර ආරම්භ කිරීමට සිතා සිටින අය ඒ සඳහා බුද්ධිමත්ව සිතා බැලිය යුතු සතියකි.
වෙළද ව්‍යාපාර වලට තරමක් සුභ ඵල ලැබිය හැක.
රැකියා ස්ථානයේ ප්‍රධානින් සමග මත ගැටුම් නිර්මාණය විය හැක. නව රැකියා ප්‍රමාද විය හැක. රැකියා ස්ථානය මාරු වීමටද ඉඩ ඇත.
ගෙදර දොර ජිවිතය වෙනුවෙන් තම කාලය කැපකිරීමට සිදුවේ. අඹුසැමියන් අතර සුළු සුළු සිත් අමනාපකම් ඇතිවිය හැක, එනිසා කල්පනාකාරිව කටයුතු කරන්න. පවුල් ජිවිතය තුල ගැටළු නිර්මාණය විය හැක.
අධ්‍යාපනයේ නිරත දරුවන්ට වෙනදාට වඩා කැපවීමට සිදුවන සතියකි.

-

● ධනු
ව්‍යාපාර වලින් ගැටළු නිර්මාණය විය හැක. කළමනාකාරිත්වයේ දුර්වලතා ඇතිවීමට ඉඩ ඇත, ඒවා මඟහරවා ගත යුතුය. නැත්නම් ප්‍රශ්න දෙගුණ විය හැක.
හවුල් ව්‍යාපාර වලටද අසුභ ඵල ගෙන දෙන සතියකි.
රැකියා ස්ථානයේ ගැටළු නිර්මාණය වීමට ඉඩ ඇත. අධිකව වෙහෙසීමට, කැපවීමට සිදුවනු ඇත. වගකීම් වැඩි වෙයි.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. විවාහය ප්‍රමාද වී සිටි අයට විවාහ යෝජනා ඉදිරිපත් විය හැක. දරුවන් පිලිබද උනන්දුව වැඩි වෙයි. පවුල් ජිවිතය සාර්ථක කරගැනීමට පියවරක් ගැනීමට සිදු වෙයි.

-

● මකර
වෙළද සහ මූල්‍යමය ව්‍යාපාර වලට සුභ ඵල ගෙන දෙන සතියකි. ව්‍යාපාරික සබඳතා ගොඩනැඟෙයි. ප්‍රභූවරුන්ගේ උපකාර ලැබේ. ව්‍යාපාර කටයුතු ආරම්භ කිරිමට සුබ සතියක් වේ.
රැකියාවේ ප්‍රධානින්ගේ පැසසුම් ලැබෙයි. විදෙස් රැකියා සඳහා යන ගමන් සාර්ථක වේ. මූල්‍යමය ආයතන වල රැකියා කරන අයට සුබ සතියකි.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වේ. විවාහ යෝජනා ඉදිරිපත් වේ.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. පවුල් ජිවිතයේ ගැටළු නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙයි.

-


● කුම්භ
කරගෙන යන ව්‍යාපාර වල ගැටළු නිර්මාණය විය හැක. කළමනාකාරිත්වයේ දුර්වලතා මඟ හරවා ගත යුතුය. හවුල් ව්‍යාපාර වල  ගැටළු නිර්මාණය වෙයි. පාඩු සිදුවිය හැක.
රැකියාවේ ආයතන ප්‍රධානීන් ගැටුම් ඇති වීමට ඉඩ ඇත. රැකියා අපේක්ෂිත අයගේ රැකියා ප්‍රමාද විය හැක. රැකියාවේ ගමන් බිමන් යෙදෙයි. වෙහෙසකාරි බව වැඩි වන සතියකි.
ගේ දොර සමගියට යම් බාධා ඇතිවිය හැක. යුග දිවිය තුල මත ගැටුම් නිර්මාණය වීමට ඉඩ ඇත.
අධ්‍යාපනයේ ගැටළු මතු වීමට ඉඩ ඇත. පදිංචි ස්ථානය මාරු වීමට ඉඩ ඇත.

-

● මීන
වෙළද ව්‍යාපාර වලින් සුභ ප්‍රතිඵල ලබාගැනීමට හැකි සතියකි. හවුල් ව්‍යාපාර වලටද සුබ සතියකි. නව ආදායම් මාර්ග උදා වෙයි, ඒවායින් සුභ ඵල ලබා ගැනීමට හැකියාව ලැබේ. මුල්‍යමය ආධාර - උපකාර ලැබෙන සතියකි.
නව රැකියා අවස්ථා උදා වෙයි. රැකියාව දියුණු කර ගැනීමට පියවරක් ගැනීමට සිදු වෙයි. තරඟ විභාග වලට මුහුණ දීමටත් උසස් වීම් ලැබිමටත් හැකියාව ඇත.
ගෘහ ජිවිතය තුල අඹුසැමි ගැටළු වලට විසඳුම් ලැබෙන සතියකි. දරු ඵල සම්බන්ධ තිබුනු අයගේ ප්‍රශ්න විසඳෙන සතියකි. අනාගත දියුණුව වෙනුවෙන් යම් කටයුත්තක් කිරීමට සිදුවන සතියකි.
අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට වෙනදාට වඩා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි. ‍පරිගණක අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට සුබ සතියකි.



No comments:

Post a Comment