Monday, August 8, 2016

සතියේ ලග්න පලාපලය - අගෝ.08-14 (2016)

● මේෂ
මූල්‍ය ප්‍රශ්න මතු වෙන්නට ඉඩ ඇත. ව්‍යාපාර වලට බාධා, බිඳ වැටීම් සිදුවිය හැක. ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කල යුතුවේ නැත්නම් ගැටළු තවත් මතුවේ.
රැකියා ස්ථානයේ ප්‍රධානින්ගේ දෝෂාරෝපණයට ලක්විය හැක. රැකියාවේ අතපසුවීම් සිදුවිය හැක. නව රැකියා අවස්ථාද ප්‍රමාද විය හැක.
ගෘහ ජිවිතය තුල ගේ දොර වැඩ කටයුතු වෙනුවෙන් වෙහෙසිය යුතුවේ. නෑයන් සමග තිබුුනු සබදතා බිද වැටිය හැක. හිතමිතුරන් විරසක විය හැක.
අධ්‍යාපන කටයුතු වලට බාධා මතුවිය හැක.

-

● වෘෂභ
ව්‍යාපාර සඳහා සුභ කාලයකි. ආර්ථික ගැටළු විසඳෙන කාලයකි. මෙතෙක් තිබු ගැටළුකාරි තත්වය සමනය වෙයි. අලුත් ව්‍යාපාරික සබදතා ගොඩනගා ගැනිමට හැකි වෙයි.
රැකියාවේ කටයුතු වලදී උසස් වීම් තිබු බාධා ඉවත් වෙයි. නව රැකියා අවස්ථා උදා වෙයි.
තරඟ විභාග ආදියට සහභාගි වීමට ඉඩ ලැබේ. වාසි සහගත දුර ගමන් යෙදිය හැක.
ගෘහ ජිවිතය තුල ගේ දොර වැඩ කටයුතු සදහා යම් පියවරක් ගැනීමට සිදුවෙයි. මාපිය පාර්ශවයෙන්, නෑයින්ගෙන් ප්‍රශංසා හිමි වෙයි.
උසස් ඉගෙනීම් වලට වරම් ලැබෙයි.
ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමට ඉඩ ලැබෙයි.

-

● මිථුන
නව ව්‍යාපාරයක් ආරම්භ කිරිමට සුදුසු කාලයකි. ව්‍යාපාර වලින් ලාභ ලැබෙයි. ව්‍යාපාර වැඩි දියුණු වෙයි. මූල්‍යමය ගැටළු විසදා ගැනීමට හැකි වෙයි.
බලාපොරොත්තු නොවු මොහොතක හදිසි ධන වාසනාවක් උදාවිය හැක.
රැකියාවේ ව්‍යාපාරික කටයුතු කරන අයට සුභ කාලයකි. ප්‍රධානීන් සමග ගැවසීමටත්, එයින් අත්දැකීම් මෙන්ම බොහෝ වාසි අත්කර ගැනීමට හැකියාව ලැබෙයි.
ගෘහ ජිවිතය සුභ කාලයකි. ප්‍රීතියෙන් ගත කිරිමට හැකිය. ආගමික කටයුතු වලට සිත යොමුවෙයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සුබයි.
දරු සම්පත් අපේක්ෂා කරන අයට සුභදායි තත්වයක් ඇති වෙයි.

-

● කටක
ව්‍යාපාර කටයුතු සුභදායි වෙයි. එහෙත් ආර්ථික පැත්තෙන් ගැටළු සුළු වශයෙන් මතුවිය හැක. නව ව්‍යාපාරයක් ආරම්භ කිරිමට සුභ කාලයකි. ව්‍යාපාර වල තිබුනු ගැටළු විසදෙයි. ලොතරැයි ජයග්‍රහණ නොසිතූ මොහොතක හිමි කර ගැනීමේ වාසනාවද සහිතය.
රැකියාවට සුභ කාලයකි. උසස් වීම් ලැබෙයි. නව රැකියා අවස්ථා උදා වෙයි. තරඟ විභාග ආදියට මෙතෙක් තිබූ බාධා ඉවත් වෙයි.
ගෘහ ජිවිතය තුල මව්පියන්ගේ ගෞරවයට පාත්‍ර වෙයි. කාර්යබහුල විය හැක. දුර ගමන් යෙදිය හැක.
නිදන්ගත රෝග වලින් පෙලෙන අයට තරමක යහපත් සෞඛ්‍ය තත්වයක් අපේක්ෂා කල හැක.

-

● සිංහ
ව්‍යාපාර කටයුතු වැඩි දියුණු වෙයි. ව්‍යාපාර වල ලාභය දෙගුණ වෙයි. මෙතෙක් තිබූ බාධා ඉවත් වෙයි. ආර්ථික ගැටළු විසඳෙන කාලයකි. වැය පාර්ශවය වැඩි වන බැවින් එය අඩු කර ගැනීමට බුද්ධිමත්ව කටයුතු කල යුතු බව සිතේ තබාගන්න.
නව රැකියා අවස්ථා උදා වෙයි. රැකියා වල යෙදෙන අයට තනතුරු උසස් වීම්, බලතල වැඩි වීම් අපේක්ෂිතය. ශාස්ත්‍රීය අංශය සහ කලා අංශයේ යෙදෙන අයට සුභ ප්‍රතිඵල ලබාගත හැක.
ගෘහ ජිවිතය තුල ගේ දොර වැඩ කටයුතු වලට අන් අයගේ උදව් ලැබේ. පෙම්වතුන් තුල තිබූ විරසක භාවයන් දුරු වෙයි. ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමට ඉඩ ලැබේ. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සුභදායි පියවර ගත හැක.

-

● කන්‍යා
කාර්යබහුල වැඩ කටයුතු වලින් ලාභයක් ගැනීමට හැකියාව ලැබේ. ව්‍යාපාර වල මෙතෙක් තිබූ බාධා තත්වයන් ඉවත් වෙයි. ණය ලැබෙයි. පොලව ආශ්‍රිත ව්‍යාපාර කරන අයට සුභ කාලයකි.
ඉඩම් මිලදී ගැනීමට සුබ කාලයකි.
රැකියාවේ දුර ගමන් යෙදිය හැක. එම ගමන් වලින් සුභ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වෙයි. ප්‍රධානින්ගේ පැසසුමට ලක් වෙයි. විදෙස් ගමන් වලට අවස්ථාව උදා වේ.
ගෘහ ජිවිතය තුල තරමක් පීඩාකාරි තත්වයක් ඇති වන අතර, සුළු සුළු සිත් අමනාපකම් ඇතිවිමට ඉඩ ඇත. විවාහ කටයුතු වලට බාධා මතුවිය හැක.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන්ට වැඩිදුර අධ්‍යාපනයට අවස්ථාව උදා වෙයි.

-

● තුලා
ධනය තර කර ගැනීමට අවස්ථා උදා වෙයි. මෙතෙක් තිබූ බාධා ඉවත් වෙයි. කාලයක් තිස්සේ තිබු ප්‍රශ්නයකට විසදුම් ලැබේ. මූල්‍යමය අංශයෙන් ණය ලැබේ.
වෙළද ව්‍යාපාර වලට සුභ කාලයකි.
ආරක්ෂක අංශයේ රැකියා වල නියුතු අයට සුබයි, උසස් වීම් ලැබේ. නව රැකියා අවස්ථා ලැබේ. ප්‍රධානින් සමග කාලය ගත කිරිමට සිදුවේ.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. පෙම්වතුන් තුල, සුළු සුළු අමනාපකම්, සිත් තැවුල් ඇති වීමට ඉඩ ඇත.
අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන්ට තරමක් අසුබ කාලයකි.
ශරීර සෞඛ්‍ය යහපත් වේ.

-

● වෘශ්චික
ආදායම් මාර්ග ඇහිරෙන්නට ඉඩ ඇත. ආදායමට වඩා වියදම වැඩි වෙයි. ණය ගනුදනෙු වලින් ප්‍රවේසම් විය යුතුය. ව්‍යාපාරය පවත්වාගෙන යාමට යම් පියවරක් ගැනීමට සිදු වෙයි.
රැකියාව කරගෙන යාමට බාධා ඇති වෙයි. නව රැකියා අවස්ථා වලට ප්‍රමාද වීම් ඇතිවිය හැක. ප්‍රධානින් සමග මත ගැටුම් ඇතිවිය හැකි නිසා බුද්ධිමත් වන්න.
විදෙස් ගමන් වලට මෙතෙක් තිබූ බාධා ඉවත් වේ.
ගෘහ ජිවිතය තුල රෝග පීඩා ඇතිවිමට ඉඩ ඇත. නීතිමය ගැටළු මතු වීමටද ඉඩ ඇත. නෑයින් සමග ගැටුම් අැති විමේ ඉඩක් ඇත.
අධ්‍යාපනයට අසුබ කාලයක් වේ, දැඩි බාධා පැමිණිය හැක.

-

● ධනු
ව්‍යාපාර වලින් ලාභ ලැබීම ප්‍රමාද විය හැක. ණය ගනුදෙනු වලදි ප්‍රවේශම් විය යුතුය. ණය දුන්නොත් නොලැබී යාමට ඉඩ ඇත. බලාපොරොත්තු නොවූ මොහොතක ව්‍යාපාරයට කරදර පැමිණීමට ඉඩ ඇත.
රජයේ රැකියා වල නියුතු අයට රැකියා ස්ථානයන් මාරු විය හැක. නව රැකියා අවස්ථා උදා වෙයි. ආයතන ප්‍රධානීන් සමග මත ගැටුම් ඇති වේ. රැකියා ස්ථානයේ සතුරු කරදර මතුවීමේ අවදානමක්ද පවතින බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල මත ගැටුම් ඇතිවිය හැක. පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදු වෙයි.
අධ්‍යාපනයේ යෙදෙන අයට ජය ලබා ගැනීමට හැකියාව ලැබේ.
රුධිරය ආශ්‍රිත රෝග ඇති වීමට ඉඩ ඇත. ශරීර සෞඛ්‍ය පිලිබදව ඉතා සැලකිලිමත් විය යුතුය.

-

● මකර
අලුත් ව්‍යාපාරයකට අත ගැසීමට සුබ කාලයකි. ව්‍යාපාර වල ගැටළු නිරාකරණය වෙයි. ව්‍යාපාර වලින් ලාභ ලැබීමට යම් පියවරක් ගැනිමට සිදු වෙයි. සතුරු කරදර දුරු වෙයි. ව්‍යාපාරික මිත්‍ර සබදතා ගොඩනැගෙයි.
රැකියාවේ කටයුතු කරන අයට, ගුරු වෘත්තියට සුභ කාලයකි. ස්ථාන මාරු වීම් ඇතිවිය හැක. දුර බැහැර ගමන් බිමන් යෙදිය හැක. වැඩ අධික විය හැක.
ගෘහ ජිවිතය තුල මංගල යෝග උදා වෙයි. පෙම් සබදතා ගොඩ නැගෙයි. ඥාතින්ගෙන්, අසල්වැසියන්ගෙන්  ලාභ ප්‍රයෝ්ජන අත් විය හැක.
අධ්‍යාපන කටයුතු වල නියුතු දරුවන්ට සුබ කාලයකි.

-


● කුම්භ
මූල්‍ය තත්වයේ කරදර ඇතිවිය හැක. අය පාර්ශවයට වඩා වැයවීම් ඉහල යාමට ඉඩ ඇත.
මුදල් ඉතිරි කර ගැනීමට කැපවීමෙන් යම් පියවරක් ගැනීමට සිදුවෙයි. ව්‍යාපාර ගැටළු, මූල්‍යමය ගැටළු මතුවිය හැක. ලොතරැයි වාසනාව හිමි විය හැක.
රැකියාවේ සතුරු කරදර ඇතිවිය හැක. ප්‍රධානින් සමගද මත ගැටුම් ඇතිවිමේ අවදානමක් පවති. කෙසේ වුවද ඒවායින් ජය ලබා ගැනීමට හැකියාව ලැබෙයි. නව රැකියා උදා වේ.
ගෘහ ජිවිතය තුල දරුවන්ගේ ජයග්‍රහණයක් නිසා සතුටු විය හැක. මංගල යෝග උදා වේ.
උසස් අධ්‍යාපනයට වරම් ලැබෙයි.

-

● මීන
සතුරු කරදර මැඩ පවත්වා ගත හැක. ව්‍යාපාර තුල තිබූ ගැටළුකාරි තත්වයන් මග හැරෙයි. සිතට සහනයක් ගෙන දෙයි. මූල්‍යමය ප්‍රශ්න විසදෙයි.
රැකියා වල නිරත අයට ස්ථාන මාරු වීම් සිදුවිය හැක. ප්‍රධානින් සමග ගැවසීමට සිදුවිය හැක. රැකියා ලැබීම් ප්‍රමාද විය හැක. රැකියා වල අලුත් කරදර ඇතිවිමේ ඉඩක්ද පවතින බැවින් ඉවසීමෙන් බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල සුළු සුළු ගැටළු ඇතිවිය හැක. හොද හිත පළුදු විය හැක. පදිංචි ස්ථානය මාරු වීමටද ඉඩ ඇත.
අධ්‍යාපනයෙන් ජයක් ලබා ගැනීමට හැකියාව ලැබේ.

No comments:

Post a Comment