Showing posts with label වංචාකාරි වැඩ. Show all posts
Showing posts with label වංචාකාරි වැඩ. Show all posts

Thursday, October 29, 2015

“ වාලම්පුරි කතාව “ -2

විශේෂයෙන්ම සඳහන් කල යුතු කාරණාවක් නම්, අප මීට කලින් අවස්ථාවක අප ඉදිරිපත් කලා වාලම්පුරි සම්බන්ධව විශේෂ කතිකාවක්.
(https://www.facebook.com/photo.php?fbid=296403773887967&set=)
එනම් එම කතිකාව අනුව සඳහන් කල යුතුයි, අද කාලයේ වාලම්පුරි ගැන කතා කරන කාලයක් නොතිබුනු තරම්ය.

එසේම රූපවාහිනි චැනල වල වාලම්පුරි සම්බන්ධව පලවන දැන්වීම් සම්බන්ධව යම් අවස්ථාවක කල්පනාකර බලන විට, එම දැන්වීම් දමන පුද්ගලයන් වැඩසටහන් වලට පැමිණ පවසන්නේ සිතූ පැතූ දේ දෙන, දේවල් දෙන ඇලඩින්ගේ පුදුම පහන මෙන් දෙයක් කියාය.

● වාලම්පුරියක් යනු, බෙල්ලෙකුගෙන් හට ගන්නා යම්කිසි කැල්සියම් ප්‍රධාන සංඝටකය ප්‍රතිඵලයකි.
එම සත්වයා ගැඹුරු මුහුදේ ජිවත් වේ. එම සත්වයා කිසියම් ආකායරයකට මිය ගියහොත්, එම තත්වයෙන්(කට්ටෙන්) ගැලවුනොත් වාලම්පුරියක් නැමති එම දේ වෙරළට ගොඩ බැසීමට ඉඩ ඇත. එය කිසියම් ආකාරයකට කලාතුරකින් සිද්ධ වන දෙයකි.
එහි වාසනාවක් ඇති බවත්, සත්‍යතාවයක් ඇති බවත් පිලිගැනිමට තරමක් දුරට පුලුවන.
මේ අයුරට කල්පනා කර බලන කල, විශේෂයෙන්ම කිව යුතුයි, වාලම්පුරි වර්ග අද කාලයේ වශයෙන් ගත්කල සොයාගැනීමත් ඉතා දුර්ලභ කටයුත්තකි.

●  අප දකින වාලම්පුරි අලෙවිකරණ අයගේ හැකියාවන් සහ ශිල්පීය ඥානය සම්බන්ධව කිසිම ගැටළුවක් නැත.
ඔවුන්ට ඒ සම්බන්ධව ඉතා හොද දැනුමක් හැකියාවක් තිබේ. එම අයට ඇති දක්ෂතාවය, හැකියාව සහ අත්දැකීමෙන් කියන කරන දේ ගැන නම් එතරම් ගැටළුවක් නැත්තේ අපට ඒ ගැන අවබෝධයක් ඇති නිසාය.

නමුත් මේවා දෙන්නට ලේසියෙන් බැරිය. උදාහරණයක් විදියට අප පල කල පින්තූරයේ ඇති වාලම්පුරිය දෙස බලන්න.

* මෙම වාලම්පුරිය ව්‍යාජ එකක් බව බැලු බැල්මට ඔබට පසක් වෙනවාද ?

●  මෙය අච්චුවක දමා සෑදු කෘතිම වාලම්පුරියකි. එක එක ප්‍රමාණ වලට වාලම්පුරි තිබෙනවා යැයි පැවසිමද ජනතාව මුලා කරන පව්කාර වැඩකි. එනම් පොඩි වාලම්පුරි එක ගණනකටත්, ලොකු වාලම්පුරි ඊට වඩා වැඩි ගණනකටත් යනාදි වශයෙනි.
මෙම වාලම්පුරිය තනිකරම වාලම්පුරියේ ඇති සංඝකට වලට සමාන ද්‍රව්‍ය උණු කර අච්චුවකට දමා සෑදු කෘතිම වාලම්පුරියකි.

● නියම වාලම්පුරියකට, නියමිත බරක්, හැඩයක් සහ ස්වභාවිකත්වයක් ඇත.
නියම වාලම්පුරියක් දැනගැනීමටත් සාමාන්‍යයෙන් ලේසි වන්නේ නැත. එනිසා එයට නිසියාකාර දැනීමක් ඇති එම විෂය ගැන අවබෝධයක් ඇති අයෙක් සිටිය යුතුය.

● බොහෝදෙනෙකු අපෙන් විමසනවා නිවරදිව වාලම්පුරියක් තනිවම අඳුනා ගන්නා ක්‍රමය ගැන.

* ඔබ වෛද්‍යවරයෙක් ලගට ගිය විට බෙහෙත් දෙන ක්‍රමය අසනවාද  ? - එසේ සිතන්න.

● අපගේ තහවුරු දැනුම අනුව, කන්ටේනර ගණන් දෙන්නට තරම් වාලම්පුරි සොයාගැනීම අතිශයින් දුෂ්කර බවයි.
අද විකිණෙන බොහෝ වාලම්පුරි ව්‍යාජව සකස් කරන ලද ඒවා බව අපට අනාවරණය වී ඇත.

● පසුගිය කාලයේ ලංකාවෙ රාජකීය දෛවඥයා ලෙස කියාගෙන සිටි එක්තරා මහත්තයෙක් අපගෙන් සේවා ලබාගන්න මහතෙකුට නියම වාලම්පුරියක් කියා, ලබාදී තිබුනේ චීනයෙන් සාදවා ගෙන්වාගන්නා ලද විශේෂ ප්ලාස්ටික් වලින් තැනු ව්‍යාජ එකකි.
රාජකීය දෛවඥයා යන නම කෙසේ වෙතත් එයින් කරදර නොවි බේරුනේ බොහෝ අපහසුවෙන් වන්නේ අපගෙන් සේවා ගත් මහතාද සම්භාවනීය මහතෙකු නිසාය.

● එවන් පට්ටම් කියාගත් රටටම තමන් මෙවන් කෙනෙකු බව කියාපාමින්, රූපවාහිනි චැනල, පත්තර වල පවා නම රැන්ඳූ අයත් වාලම්පුරි කියා වංචා කලා නම් තවත් කවර කතාද...

වාලම්පුරියක් ලග තබාගැනීමේ වරදක් නැත. එය යම් වාසනාවක් ලැබෙන දෙයක් ලෙස කිව හැක.
● ඊට වඩා වාසනාවක් ආශිර්වාදයක් ප්‍රතිපත්ති රැකගෙන, සීලවන්තව සිටින අයට දහම විසින් ලබාදෙන බවද කිව යුතුය.

බුදු සරණයි !

#ඉරුසේවය

Saturday, September 19, 2015

ජ්‍යෝතිෂ්‍යය ගණිකා වෘත්තියේ යෙදවූවන්ට හසු නොවන්න !

පසුගිය කාලයේ ජෝතීර්වේදින් කියාගත් බොහෝ අය පොතක් 2ක් කියවා ජ්‍යෝතිෂ්‍යය දන්නා බව, ප්‍රේත - භූතයන්ගෙන් පේන අසමින් කතා කල අය බොහෝ වෙති.

ජනතාව තේරුම් ගත යුත්තේ, ලංකාවෙ වෛද්‍යවරු 14,000ක් සිටින අතර, හොර වෛද්‍යවරු 40,000කට වඩා සිටින බවය...
බොරු දොස්තරට ජනතාව කියන්නේ - “හොර වෙදා“ කියාය.. දොස්තර මහත්තයා කියා නොවේය..

ශාසනය රකින උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා සිටින අතර, ශාසනය වනසන සිවුර දරන ශ්‍රමණ වේෂක ප්‍රතිරූපක පිරිස් සිටිති.
ඔවුන්ට අපි ස්වාමින්වහන්සේලා කියන්නෙ නැත. ඔවුන්ට කියන්නේ “චීවරධාරියා“ කියාය.

ඒ ආකාරයට ජ්‍යෝතිෂ්‍යය ශාස්ත්‍රය විනාශ කරමින් ජනතාවට වටිනා සේවයක් වෙනුවට කරදර හෝ මුලා කිරීම් කරන අයට, කියන්නේ “නක්ෂත්‍ර සූචකයා“ කියාය.
බොරු කේන්දර කාරයා කියාද කියයි. කෙප්ප යන්නට ඉදිරියට ඈදාද කිව හැක.

* මතක තබාගන්න...
බුදුන් වැඩ සිටි සමයේ දෙව්දතුන්ද වැඩ සිටියා.

දෙව්දතුන් ඒ කාලයේ ඍද්ධි බලයක් හිමිව සිටි නිසා විවිධාකාර මැජික් වර්ග ජනතාවට පෙන්වූ අතර, වැඩියෙන් අය ගියේ බුදුන් වහන්සේගෙන් බණ අසන්නට නොව දෙව්දත්ගේ මැජික් බලන්නටය..

ඒ මිනිසුන්ගේ හැටිය.. මුලාවට පත්වෙන්නට හරි දක්ෂ අය වෙති.

ඔබ තීරණය කරන්න... ඔබ කොතනද කියා... ?

Wednesday, October 8, 2014

“ නව රැල්ලේ අළුත්ම වාලම්පුරි මාෆියාව “

අද පුවත්පත් දැන්වීම් වලත්, විද්‍යුත් මාධ්‍ය වල දැන්වීම් වලත් අපට පෙනී යන්නේ “වාලම්පුරි“ ගැන රැල්ලක් ගොඩ නැගී ඇති බවයි.
එක එක කාල වලට එක එක රැලි පැමිණේ.
කාලයක් ගණ දෙයියන්ව කෙට්ටු කර කණ් ලොකුකර පිළිම පිටින් විකිණීම සිදුවිය. දැනුදු යම් තරමකින් එය සිදුවේ.
එසේම ජය මංගල ගාථා විකෘති කර ගායනා කර එම සීඩි පට විකුණන ලදි.

දැන් යන අලුත්ම මාෆියාව නම් වාලම්පුරි මාෆියාවයි.

* වාලම්පුරියක් යනු, බෙල්ලෙකුගෙන් හට ගන්නා යම්කිසි කැල්සියම් ප්‍රධාන සංඝටකය ප්‍රතිඵලයකි.
එම සත්වයා ගැඹුරු මුහුදේ ජිවත් වේ. එම සත්වයා කිසියම් ආකායරයකට මිය ගියහොත්, එම තත්වයෙන්(කට්ටෙන්) ගැලවුනොත් වාලම්පුරියක් නැමති එම දේ වෙරළට ගොඩ බැසීමට ඉඩ ඇත. එය කිසියම් ආකාරයකට කලාතුරකින් සිද්ධ වන දෙයකි.
එහි වාසනාවක් ඇති බවත්, සත්‍යතාවයක් ඇති බවත් පිලිගැනිමට තරමක් දුරට පුලුවන.

නමුත් ප්‍රශ්නය එය නොවේ. මේ තරමටම මෙයාල වාලම්පුරි ලබාදෙන්නෙ කොහෙන්ද යන ප්‍රශ්නයයි.
වාලම්පුරි හට ගැනීම දුර්ලභ කාරණයකි.

* අපට දැනගැනීමට ඇති ආකාරයට මෙම වාලම්පුරි කෘතිමව නිෂ්පාදනය කරනු ලබයි.
5000 කොලේ හොරට අච්චු ගහන රටේ, එසේම මාධ්‍ය මගින් අපිට දකින්නට ලැබෙන එක එක වැදගත් පුද්ගලයන්ගේ අත්සන් භාවිත කර කරනු ලබන වංචා, හොර සල්ලි අච්චු ගැසීම් ආදිය සිදුවන මේ රටේ මෙවන් වාලම්පුරි නිපදවීම එතරම් කජ්ජක් නොවේ.

අප පුවත්පත් දැන්වීමක් ඔස්සේ ඇමතුමක් දුන් විටදී අප ඇසූ ප්‍රශ්නය නම් ඕනෑ තරම් ගන්න පුලුවන් කියාද ?
එවිට ලැබුනු පිලිතුර වූයේ “ මහත්තයට කන්ටේනරයක්ද ඕනේ... ඒත් දෙන්නම් “ කියාය.

මෙවන් දුර්ලභ දෙයක් මෙවන් ආකාරයට විකිණිය හැකිද යන්න සිතා බැලිය හැක.
මෙවන් කටයුතු වලින් කෙරෙන්නේ ජනතාව සූරා කෑමයි.

* නියමානුකූල වාලම්පුරියක කොරපොතු ඇත. නියමිත බරක් ඇත. එසේම ඒ සම්බන්ධව අතට ගත්විට අපට ව්‍යාජද, අව්‍යාජද යන්න තේරේ.
එසේම ලේ රතු පැහැය ඇතුලෙන් දිස්වේ (එය නම් දැන් මනාවට එන ලෙස ව්‍යාජව සකස් කරයි)
(එය පරික්ෂා කරන නිසි ක්‍රමවේදයක් ඇත)

මෙය බොහෝ දැනුම් තේරුම් ඇති අයෙක් ලවා පරික්ෂා කරවා මිස වෙන ආකාරයකට මිලදී ගැනීම ඔබ මුලාවට අසුවීමට ඉඩ වැඩි කරනු ඇත.

මේ ගැන සිතා බලා කටයුතු කිරීම පාඨක ඔබට භාරයි !

ඉරු සේවයේ විශේෂ හෙලිදරව්වකි.

තෙරුවන් සරණයි !

Monday, September 8, 2014

කේන්දර බැලීම සහ සාස්තර කීම 2කි.

මේ කේන්දර සටහන, අපගේ ඉරු සේවයේ වසන්ත රාජකරුණා මහත්මා සෑදු එකකි.

* මේ ජන්මියා උප්පත්තිය ලබන්නේ වෘශ්චික ලග්නයෙනි.
* වෘශ්චික ලග්නයේ ජන්මියා උප්පත්තිය ලබන අවස්ථාවෙදි අංශක 09 කලා 46ක් ගතව ඇත. එයද රතු අකුරින් සඳහන් කර ඇත.
* වෘශ්චික ලග්නයට නවාංශක පටන් ගන්නේ කටකයෙනි.
* නවාංශකය අවසන් වන්නේ මීනයෙනි.
* එවිට අංශක 06 කලා 40න් පටන් ගන්නා වෘශ්චික ලග්නයේ තෙවන කොටස අවසන් වන්නේ අංශක 10නි.
*නක්ෂත්‍ර ගණිත ක්‍රමය අනුව එවිට උදා වන්නේ කන්‍යා නවාංශකයයි.
* එවිට ලග්න ස්ඵුටය අනුර නැකතේ 2වන පාදයේ පිහිටයි.

මෙය ඉතාම පැහැදිලිව සදහන් කොට තිබියදී දැනට එක්තරා නාලිකාවක මහා පට්ටම් සහිතව කතා කරන සුප්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදියෙකු තුලා නවාංශකය විය යුතුයි යන්න යටින් සදහන් කොට ඇත.
මෙපමණක් ගණිත ක්‍රමයෙන් කේන්දරය බැලූ විට ලග්නයයි නවාංශකයයි පැටලීමක් නැත.
නමුත් පෙරකී නාලිකාවට පැමිණ මාධ්‍ය සංදර්ශන කරන එම ජෝතිර්වේදියා කියාගන්නා අනාවැකි පවසන මහතා මෙය වැරදි යැයි කියා ඇත.

අප සිතන්නෙ ඔහුට සියල්ලටම පෙර කේන්දරයක් හැදීමට උගන්වන එක හොඳයි කියාය.

සමහර නාලිකා වල පුද්ගල චරිත පුම්බයි. ඔවුන් නාලිකාවේ වැඩසටහන පටන්ගත් පසු ඔවුන්ගේ අය අර අනාවැකිය හරි ගියා මේ අනාවැකිය හරිගියා කියමින් හඬා වැටෙයි.
එසේ නොමැති නම් මහා ලියුම් කන්දක් පෙන්වයි.

දයාබර සහෘදයිනි, මෙතන ඇත්තේ ජෝතිර්වේදය නොව සමහරුන්ගේ ඇති ඥාති ප්‍රේත බලවේග වලින් හඳහන් බලා කීමයි. එය සාස්තර කීමක් වැනිය.
ඥාති ප්‍රේත බලවේග වල බලය තිබෙන්නේ එක්තරා කාල සීමාවකට පමණය.

ජෝතීර්වේදය යනු සාස්තර බැලීම නොවේ.

මුහුණු පොතේ සහෘදයන් ඇතුළු සියලුම දෙනාට මේ සම්බන්ධව තීරණය කරගැනිමට බාර කරමු.

Thursday, July 24, 2014

“ ගුබ්බෑයම් වල ගුරුකම් “

* මෙම දිනවල පුවත්පත් බැලීමේදී විශේෂයෙන්ම ඒ අතර ඇති ජෝතිෂ්‍ය ගුරුකම් දැන්වීම් දැන බලන කල මහත් හාස්‍යයක් උපදී. එයට ආසන්න කරුණක් ලෙස මහනුවරට, මැණික් හින්නට සමීපව අඩු කුලයේ කියාගන්නා ගමක් ගැන කියයි.

* එම ගමේ උදවිය පවුල් පිටින් රොඩී රැහැට ලියාපදිංචි වී සිටී.
මෙහි ඇති හාස්‍යයට දනවන කාරණාවක් නම්, උඩරට හොඳ ගොවිගම කුලයේ ඇත්තන් පවා මුදල් හම්බ කිරීම පිණිස රොඩී කුලයේ අය වී සිටි.

* එකම ගමේ ගෑණු පිරිමි දෙගොල්ලම සංකර වල්ලියා, සිරිබිරි විල්ලි, විල්ලියා යනුවෙන් පිරිමින්ද හරි වල්ලි යනුවෙන් ගැහැණුන්ද හඳුන්වා ගනිමින් මේ කූට ජාවාරමේ යෙදී සිටි.

* ඔවුන් සඳහන් කරන්නේ පුවත්පත් වල ආනන්ද හිමියන් වශී කල චණ්ඩාල ගුරුකම් ඔවුන් අතේ ඇතැයි කියාය. උනුත් බෞද්ධය. අපත් බෞද්ධය. නමුත් තමන්ගේ හුදු කාම සම්භෝගය පිණිස භික්ෂූන්වහන්සේ නමක් වශී කරගැනීම කොතරම් පහත් ක්‍රියාවක්ද එය සම්බන්ධව දැන්වීම් දැමීම හිතා ගැනීමට පවා ජුගුප්සාජනකය...

කෙසේ වෙතත් ධර්ම භාණ්ඩාගාරික අප ආර්ය උතුම් රහතන් වහන්සේ නමක් වූ උතුම් වූ ආනන්ද මහ රහතන් වහන්සේ එම සිද්ධිය වන කාලයෙදි මාර්ග ඵල වලට පැමිණ නොසිටියේය.
එයට හේතුව නම් අප භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට ඇප උපස්ථාන කිරීම නිසා උන්වහන්සේ ඒ ගැන නොසිතුවා විය හැක.
බුදු රජාණන්වහන්සේට අතිමහත් භක්ති ආදරයක් දැක්වූ උන්වහන්සේ සම්බන්ධ කොට දැන්වීම් දැමීම මහත් පාප ක්‍රියාවක් මෙන්ම කණගාටුවටද කරුණකි.
මග පල ලබා සිටියා නම් උන්වහන්සේ වශී කිරීමට නොහැක. මොවුන් එහෙම කෙරුමන් සහ වැඩ්ඩන් බව දැන් ඇඩ්වටයිසින් කරමින් කියා සිටී.

* මොවුන් සඳහන් කරන්නේ නියම ගුරුකම් ඇත්තේ අප ගුබ්බෑයමේ බැවින් අප ගුබ්බෑයමට පැමිණෙන ලෙසය.
මාගේ මිතුරෙක් එය පරික්ෂා කිරීමට ගුබ්බෑයමට ගිය විට තිබුනේ එතන තෙමහල් ප්‍රාසාදයකි. ගණන්ද අශ්ප ගණන්ය. නමුත් එවෙලට ගෙනා සුදු නූල් බෝලයක් කරකවා ගැන විශාල මුදලක් ගසාකන මාෆියාවක් විනා වෙන දෙයක් එතන නැත.

ගැහැණු පිරිමි පුදුම චණ්ඩිය. තැරැව්කාරයන්ද ඇත. ත්‍රිවිල් රියැදුරන් මෙන්ම බොහෝ අය ඔවුන්ගේ ඔත්තුකරුවන්ය. ඔවුන් ගැන රට වැසියාද අපගේ මුහුණු පොතේ ප්‍රේක්ෂක සහෘදයන්ද දැනගැනීම
යහපත්ය.
අවශ්‍යම නම් ගිහින් මුණ ගැසී බලන්න..

Monday, January 13, 2014

අපල වලට ලබාදෙන යන්ත්‍ර මුවාවෙන් කරන වංචා


මෙම පින්තූරයේ ඇති තඹ කොළය තිබුනු යන්ත්‍රය,
යන්ත්‍ර විද්‍යාවේ මූලික සිද්ධාන්ත වල එන,

* යන්ත්‍රයේ පළල මෙන් 3 ගුණයක් හෝ 5 ගුණයක් විය යුතුයි. නැතිනම් හරි හතරැස් විය යුතුයි.

* අකුරු සහ ඉරි එකට නොකැපෙන සේ ඇඳිය යුතුය.
* ආතුරයාගේ නමට නැකතට ග්‍රහ අපලයට හෝ දියුණුව වැඩි දියුණු කරගැනීමට අදාලව ජීවම් කටයුත්ත සිදු කල යුතුය.

යනාදියෙන්වත් පූර්ණ වූයේ නැත. 

අඩු තරමින් ‘මෙය පලදින කෙනාට තෙරුවන් සරණයි‘ කියා තිබුනි නම් යහපතක් වන්නට ඉඩ තිබින.
කිසිදු ගාථා රත්නයක් ලියා හෝ, යන්ත්‍රයක් ඇඳ නැත.
සාමාන්‍ය ලෙස යන්ත්‍රය විවෘත කිරීම නොකලහැකි වනසේ ගම් වර්ගයක් යොදා අලවා තිබින.

මෙවන් යන්ත්‍ර නිසා ඒවා පැලදීමෙන් සිදුවන්නෙ තිබෙන කරදර වැඩිවීමකි. අපල තීව්රවීමකි.


** මෙය ලංකාවෙ ප්‍රසිද්ධ යැයි කියා ගන්නා ඊනියා මන්තර කරුවෙකු දුන් යන්ත්‍රයකි. එහි මිලද ඉතා අධිකය. (මිල වැඩිවූ පමණින් යන්ත්‍රයේ ගුණ වැඩිවෙන බව සිතන අයට මේවා හොඳ පාඩම්ය)