Monday, January 13, 2014

අපල වලට ලබාදෙන යන්ත්‍ර මුවාවෙන් කරන වංචා


මෙම පින්තූරයේ ඇති තඹ කොළය තිබුනු යන්ත්‍රය,
යන්ත්‍ර විද්‍යාවේ මූලික සිද්ධාන්ත වල එන,

* යන්ත්‍රයේ පළල මෙන් 3 ගුණයක් හෝ 5 ගුණයක් විය යුතුයි. නැතිනම් හරි හතරැස් විය යුතුයි.

* අකුරු සහ ඉරි එකට නොකැපෙන සේ ඇඳිය යුතුය.
* ආතුරයාගේ නමට නැකතට ග්‍රහ අපලයට හෝ දියුණුව වැඩි දියුණු කරගැනීමට අදාලව ජීවම් කටයුත්ත සිදු කල යුතුය.

යනාදියෙන්වත් පූර්ණ වූයේ නැත. 

අඩු තරමින් ‘මෙය පලදින කෙනාට තෙරුවන් සරණයි‘ කියා තිබුනි නම් යහපතක් වන්නට ඉඩ තිබින.
කිසිදු ගාථා රත්නයක් ලියා හෝ, යන්ත්‍රයක් ඇඳ නැත.
සාමාන්‍ය ලෙස යන්ත්‍රය විවෘත කිරීම නොකලහැකි වනසේ ගම් වර්ගයක් යොදා අලවා තිබින.

මෙවන් යන්ත්‍ර නිසා ඒවා පැලදීමෙන් සිදුවන්නෙ තිබෙන කරදර වැඩිවීමකි. අපල තීව්රවීමකි.


** මෙය ලංකාවෙ ප්‍රසිද්ධ යැයි කියා ගන්නා ඊනියා මන්තර කරුවෙකු දුන් යන්ත්‍රයකි. එහි මිලද ඉතා අධිකය. (මිල වැඩිවූ පමණින් යන්ත්‍රයේ ගුණ වැඩිවෙන බව සිතන අයට මේවා හොඳ පාඩම්ය)

No comments:

Post a Comment