Thursday, January 9, 2014

“ කුජ-ශනි “ එකට සිටීද ?

“ කුජ-ශනි “ කේන්දරේ එක කොටුවක කිව්වම බොහෝ දෙනෙක් බය වෙනවා. ජෞතිර්වේදින් පවා බිය වෙන බව දනිමු. 
කුජ-ශනි 1ට සිටිම මෙන්ම එක් ග්‍රහයෙක්ට තවකෙක්ගේ 7 වැන්න පෙනෙන නිසා(සමසප්තම වීම) කුජ හා ශනි එකිනෙකාගෙන් 7 වැන්නේ පිහිටිම ‘ශනි-මංගල‘ යෝගය ලෙස හැඳීන්වේ.

අප අද කියන්නේ කුජ-ශනි 1ට සිටීම ගැන පමණක් නිසා ශනි මංගල යෝගය ලෙස නොකියමු.


* පොදුවේ 7 වැනි කොටුවේ කුජ-ශනි සිටීම නම් එතරම් සුබ නෑ.

පොදුවේ කුජ ශනි එකට සිටීම විවාහයට බාධකයක් ලෙස සලකනවා. එනම් ගිහිගෙයින් ඈත් වීමට සිත් දෙන යෝගයකි. විවාහ වුවෝත විවාහය එපා වන යෝගයක් ලෙස සැලකේ. එසේ වුවද එය එසේම නොවන අවස්ථාද අපි අත්දැක ඇත. 

කුජ ලිංගික ශක්තිය, කාමය ආදියට අධිපතිත්වය දරයි. එනිසාම එය එතරම් සුබ නැති ලෙස හැඳීන්වේ. කුජ 1, 2, 4, 7, 8, 12 යන රාශියක සිටීම විවාහයේදි දෝෂ ඇති කරවන්නක් ලෙස ජෞතිෂ්‍යය පොත් වල දැක්වේ. 

ශනි දුකට, අවබෝධ ශක්තියට අධිපති වේ. ලිංගික ශක්තිය, කාමය ආදියෙන් දුරස්වීමට, කලකිරීමට අනුබල දීමට ශනි ක්‍රියා කරයි. 

කුජ-ශනි එකට සිටිම අනියම් සබදතා ඇති කරවන යෝගයක් ලෙසද සැලකේ. කුජ-ශනි ඇති කරන භෞම දෝෂයද ප්‍රබල එකකි. 

ඒ නිසා මේ දෙදෙනා එකට සිටීම අසුබ ලෙස සලකනු ලබයි. එසේ වුවත් කුජ-ශනි සුභ භාව වල පිහිටියොත් එය සුබ කරුණක් සේ සලකයි. කුජ-ශනි යෝගය භංග වන අවස්ථාද ස්ත්‍රි කේන්දර සටහනේ මෙන්ම පුරුෂ කේන්දර සටහනේද ඇත. ඒවා භාව කේන්දරමය විග්‍රහයකින් බැලීම උචිතය. 

කුජ-ශනි එකට සිටීම අයහපත්ම වන්නෙ 7 වැන්නෙ පිහිටියොත්ය. 

කුජ-ශනි සිටින කොටුව අනුව පොදු විස්තරයක් පසුවට බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment