Monday, January 27, 2014

සනත් ජයසූරිය

1969 ජුනි 30 වනදා රාත්‍රියේ රවි මහ දශාවෙන් ඉපදුනු මේ කේන්ද්‍ර හිමියා ලෝක ක්‍රිකට් ඉතිහාසය වෙනස් කල ලංකා පුත්‍රයෙකි.

* මෙහි 10 වැන්න වන වෘශ්චික රාශියේ ස්වක්ෂෙත්‍රව ‘කුජ‘ පිහිටා ඇත. කුජ වක්‍රව පිහිටියද එය “රුචක“ (ප්‍රධාන රාජ යෝග 5න් 1වැන්න) නම් පංච මහා පුරුෂ යෝගය පිහිටීමයි. දිග් බල සහිතව කුජ පිහිටා ඇත.

* මෙම කේන්ද්‍රයේ යෝගකාරක සිකුරු 4 වැන්න වන වෘෂභයේ ස්වක්ෂෙත්‍රව දිග්බල සහිතව තැන්පත් වීමෙන් “මාලවී යෝගය“ නම් පංච මහා පුරුෂ යෝගය ලැබී ඇත.
ඒ නිසා ඉතා වාසනාවන්ත සැපවත් ජීවිතයකට උරුමකම් කියයි.

* මෙම කේන්දරයේ 4 වැන්නාධිපති වන සිකුරු 4 වැන්නේම බලවත්ව සිට, 10 වැන්නාධිපති වන කුජ 10ම තැන්පත්ව 4 වැන්න දැකීම තුලින් “කාහල යෝගය“ යෙදී ඇත.
කාහල යෝගය ලැබුවෝ “ශක්ති සම්පන්න, අන් අයෙකුට පරාජය කල නොහැකි තරම් එඩිතර අය වෙති. සතුරන් පරාජය කරන අය වෙති. එතරම් උගත් නොවූවද පාලන කටයුතු කරයි. මුරණ්ඩු ගතිද ඇතැම් විට තිබේ. අන් අය අතර ප්‍රචලිත කෙනෙක් වෙයි“

* මෙම කේන්දර සටහනේ සිකුරු ග්‍රහයා ස්වක්ෂෙත්‍රව 4 වැන්නේ සිටින අතර සිකුරු 9(තුලා රාශිය) වැන්නට අධිපති වේ.
11 වැන්නාධිපති වන ගුරු(ධනු රාශිය)ගේ සුභ දෘෂ්ඨිය සිකුරුට ලැබෙන අතර 10වැන්නාධිපති (වෘශ්චික රාශිය) වන කුජ 10 වැන්නේම සිටිමින් සිකුරු දැකීමෙන් ඉතා භාග්‍යමත් වාසනාවන්ත කෙනෙකු වීමට වාසනාව හිමිවී ඇත.
1996 ලෝක කුසලානයේ “දක්ෂතම ක්‍රීඩකයා“ වීමද, මෙතෙක් ලංකා ක්‍රිකට් පිලේ සාර්ථකම නායකයා වීමද( ලෝක කුසලාන අනුශූරයන්, මිනි ලෝක කුසලාන අනුශුරයන්) සනත් ජයසූරිය නම් වාසනාවන්ත ක්‍රිකට් ක්‍රීඩකයා ලද භාග්‍යයකි.

No comments:

Post a Comment