Saturday, January 11, 2014

බුධ මාරුව

ග්‍රහ ලොවේ බුද්ධිමතා වන ‘බුද‘ ස්වාධීන වෙමින් මකරයට පැමිණීම වෙනස්කම් ඇතිකිරීමට හේතුවක් විය හැක.

මේෂ

මේෂ ලග්නයේ 10 වැන්නට බුද පැමිණේ. ඒ රැකියා ස්ථානයයි.
ඒ අනුව නව රැකියා ලැබිය හැක. රැකියා වල බලාපොරොත්තු ඉටුවනු ඇත. 
සතුරු බාධා එල්ල වුවද සතුරන් පරාජය වනු ඇත. හදිසි ධනලාභ ලැබීමට හිමිය. මංගල යෝගද උදාවිය හැක. 
සෞඛ්‍ය තත්වය ගැන අවදානමත් වන්න.(උදරගත රෝග)

වෘෂභ

වෘෂභ ලග්න හිමියන්ගේ 9 වැන්නට බුද පැමිණේ. 
අවස්ථා ලැබුනද ඒ ගැන නිවරදිව නොසිතිම හා සැලැසුම් නොකිරීම නිසා එම අවස්ථා ගිලිහී යාමට හැක. 
පවුල් ජීවිතයේ කටයුතු හා පෙම් සබදතා ආදියට බාධා ඇතිවේ. කරන කටයුතු බුද්ධියෙන් නොකලොත් ආර්ථිකය අයහපත් විය හැක. 
යහපත් පැවැත්මෙන් ආගමානුකූලව කටයුතු කිරීම යහපත්ය.

මිථුන

මිථුන ලග්න හිමියන්ගේ 8 වැන්නට බුද පැමිණේ. 
රැකියාවේ කටයුතු වලට විවිධාකාර බාධා ඇතිවිය හැක. වෙනත් අය පමණට වඩා විශ්වාස නොකරන්න. තමන්ගේ කටයුතු බුද්ධියෙන් කරන්න. 
සෞඛ්‍ය තත්වය ගැන විසේසයෙන් උරහිස් ගැන අවදානමත් වන්න. 
ආගම දහමට අනුව කටයුතු කරන්න. 

කටක

කටක ලග්න හිමියන්ගෙ 7 වැන්නට බුද පැමිණේ.
කරන කටයුතු වලට බාධා පැමිණියද එම බාධා මැඩ පවත්වාගෙන ජය ලැබිය හැක. කෙසේ වුවද අන් අය විශ්වාස කිරීම අඩු කරන්න. පෙබරවාරි මස මුල් කාලය වනතෙක් කරන කටයුතු වලදි බොහෝ බුද්ධිමත් වන්න. 
මුදල් ගනුදෙනු ආදියෙදි නිවරදිව කලට වේලාවට කරන්න. ලගම සිටින අයගේ යම් යම් වැරදි අඩුපාඩු සොයාගත හැකිවනු ඇත. 
එසේ තත්වයන් ඇතිවුවද සුබ තත්වයන් උදාවේ.

සිංහ

සිංහ ලග්න හිමියන්ගේ 6 වැන්නට බුද පැමිණේ.
අනාගතය ගැන සිතා ගන්නා තීරණ සාර්ථක වේ. නව ආදායම් මාර්ග කීපයක් විවර විය හැක. කරන කටයුතු සිතට එකගව කිරීමෙන් සාර්ථකත්වය උදාවේ. 
ඉඩකඩම් දේපල ආදිය ගැන කටයුතු වලින් පරිස්සම් වන්න. ජලය සම්බන්ධ කටයුතු සුරතල් සතුන් සම්බන්ධ කටයුතු වලින් වෙනදාට වඩා ඈත් වන්න.

කන්‍යා

කන්‍යා ලග්න හිමියන්ගේ 5 වැන්නට බුද පැමිණේ. 
කරන කටයුතු වලදි ඉවසිලිවන්ත වන්න. නමුත් කරන කටයුතු වලින් ජය ලැබේ. හදිසි දේපල ලාභ ඇතිවිය හැක. සතුරු බාදාද ඇතිවිය හැක. සතුරන් සතුරන්ගේ වැඩ නිසාම පරාජය වනු ඇත. 
රැකියා ලැබීමට හැක. කෙසේ වුවද කේන්දරයේ බල දුබලකම් අනුව මෙම ප්‍රතිඵල විය හැක.

තුලා

තුලා ලග්න හිමියන්ගේ 4 වැන්නට බුද පැමිණේ.
කලා කටයුතු වල අයට අයහපත්ය. අනවශ්‍ය ගැටළු නීතිමය ගැටළු පවා ඇතිවිමට ඉඩ ඇත. නිෂ්පාදන කටයුතු වලට අසුබය. රැකියාවේ කටයුතු වලටද බාධා ඇතිවිය හැකි නිසා බුද්ධියෙන්ම කටයුතු කරන්න.

වෘශ්චික

වෘශ්චික ලග්න හිමියන්ගේ 3 වැන්නට බුද පැමිණේ.
විදෙස්ගත වන්නට සිටියා නම් කටයුතු සඵල විය හැක. ආර්ථික වාසි සැලසෙ. ආදායම් මෙන්ම වියදම්ද යෙදේ. දියුණුව ලැබේ. 
රැකියාවේ කටයුතු දියුණු වේ. උසස්වීම් පවා ලැබිය හැක. 
විවාහ යෝග යෙදේ. කරන කටයුතු වලදි බුද්ධිමත් වන්න.

ධනු

ධනු ලග්න හිමියන්ගේ 2 වැන්නට බුද පැමිණේ.
රැකියාවේ කටයුතු දියුණු වේ. විසේසයෙන් ගුරු වෘත්තිය ආශ්‍රිත එවන් උපදේශකාත්මක සේවා කරන ධනු ලග්න හිමියනට බොහේ සුබයි. කරන කටයුතු සාර්ථක වේ.
දෙමාපියන්ගෙන්ද දේපල ලාබ ආදිය ඇතිවිය හැක. විසේසයෙන් මවගෙන් සෙනෙහස ලැබේ. 
හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න. ගත කරන දසාව අනුව මෙම සුබ පල වෙනස් විය හැක.

මකර

මකර ලග්න හිමියන්ගේ 1 වැන්නට බුද පැමිණේ.
සතුරන් ඇතිවිය හැක. සතුරන්ගෙන් පීඩාද ඇතිවිය හැක. එසේ වුවද එම සතුරු බාධක පරාජය වනු ඇත. කෙසේ වුවද කරන කටයුතු වලදි බුද්ධිමත් වන්න. ප්‍රයෝග වලට රැවටීමට අවස්ථාව ඇත. අන් අයගේ කටයුතු ගැන අවදානමත් වන්න.
සතුරන් විසින් රැකියාව ආදියට අනවශ්‍ය කරදර ඇති කල හැක. යම් යම් බාධා ඇතිවිමට ඉඩ ඇත. ඒනිසා කටයුතු වලදි බුද්ධිමත් වීම වඩා සුදුසුය.

කුම්භ

කුම්භ ලග්න හිමියන්ගේ 12 වැන්නට බුද පැමිණේ. 
අනවශ්‍ය ලෙස සිතන්නට නොයන්න. කරන කටයුතු අසාර්ථක විය හැකි නිසා නැවත එම කටයුතු කරන්නට උත්සහ ගන්න. වංචා වලටද හසුවිමට ඉඩ ඇති නිසා බුද්ධිමත් වන්න. ලැබෙන වරප්‍රසාදයක් නැති කරගැනීමටත් ඉඩ ඇති නිසා ඒ ගැනද සිතන්න.
හදිසි රෝගාබාධ ඇතිවිමට ඉඩ ඇත. ඒ ගැන දැඩිලෙස සැලකිලිමත් වන්න.

මීන

මීන ලග්න හිමියන්ගේ 11 වැන්නට බුද පැමිණේ.
රැකියාවේ කටයුතු සාමාන්‍ය පරිදි වේ. මිතුරන්ගෙන් උදව් ලැබෙනු ඇත. එය සිතට සතුටක් වේ. අන් අය සමග කරන කටයුතු වලදි බොහෝ බුද්ධිමත් වන්න. 

හදිසි රෝගාබාධ ඇතිවිය හැක. සෞඛ්‍ය තත්වය ගැන දැඩි ලෙස අවදානමත් වන්න. 

No comments:

Post a Comment