එය කරදරකාරි අපහසු දෙයක් වුවත් අපලය සඵලය වූ අවස්ථාද ඇත.
එක් සිදුවීමකදි තරුණයෙකුට වෛද්‍යවරයෙකු වීමේ දැඩි උවමනාවක් තිබූ අතර, ඔහුට 3ම වෛද්‍ය විද්‍යාලයට යාමට නොහැකි විය. අවසාන වාරයේ ඔහු අණුක ජීව විද්‍යාව සඳහා සුදුසුකම් ලැබීය. ඔහුගේ සෙනසුරු අපල සියල්ල ගෙවුනේ විශ්ව විද්‍යාලයට ඇතුල් වී වසර 2කට පසුය. ඒ තරුණයා උපාධිය ගත් වහාම ඔහුගේ සුදුසුකම් වලට ස්වීඩනයෙන් ඉතා ඉහල වැටුපක්(ලක්ෂ 8ක් පමණ) සහිතව රස්සාවක් ලැබුනි. අද ඔහු තමන්ගෙ පශ්චාත් උපාධියද සිදුකරමින් ඉතා ඉහලට හැම අතින්ම ගොස් සතුටුදායක පවුල් ජීවිතයක් ගත කරන කෙනෙකි.
අද ඒ සිද්ධිය සිදුවී වසර 10ක් පමණ වුවද, ඔහුගේ වෛද්‍ය විද්‍යාලයට ගොස් වෛද්‍යවරුන් වූ සියල්ලට වඩා ඉහල තැනක ඔහු සිටී. ඔහු ඒ ගැන කණගාටුවුනු අයුර අපට මතකය. ඔහුගේ මිතුරන් වෛද්‍යවරු වෙද්දි, ඔවුන්ට වඩා දක්ෂ තමාට එසේ නොහැකිවීම ගැන මහා කම්පාවකින් සිටියේය. අද එදා මතක් කරන විට ඔහුට සිනා පහල වේ.
ජීවිතයෙ හැටි එහෙමය. අද වැරදුනු කෙනාට හෙට හරියයි. එය ලෝක ධර්මතාවයකි. කරදර වලට මුහුණ පෑවේ නම් නැවත එවන් කරදර ආවද ඒවාට හුරු නිසා පහසුය. දියුණුව ස්ථිරය...
සිතන්න..
No comments:
Post a Comment