Friday, February 28, 2014

කාල සර්ප යෝගය ගැන හිතෙන දැනෙන වෙනස් අදහසක්.

රාහු, කේතු යන ග්‍රහයන් 2නාට මැදිව අනිකුත් ග්‍රහයන් පිහිටීම කාල සර්ප යෝගය වේ. මෙහිදී රාහු කේතු ග්‍රහයන් 2ට එක් පසෙකින් අනිකුත් ග්‍රහයන් සිටීම කිව හැක. එසේම එම ග්‍රහයන් 2ම සමග හෝ තනියෙන් තවත් ග්‍රහයෙකු සම්බන්ධව ඇත්නම් එය අර්ධ කාල සර්ප යෝගක් වේ.
* කාල සර්ප යෝගයක් තිබේද යන්න, එහි බල දුබලකම් නිවරදිවම කීමට භාව කේන්දරය හෝ සූක්ෂම කේන්දරය බැලිය යුතුය.

කාල සර්පය ඇතිවන්නේ බලවත් අකුසල කර්මයක ප්‍රතිඵලය නිසා යැයි පොත පතේ කියවේ. පොදුවේ කාලසර්ප යෝගයෙන් කිසිම ගුණයක් නැති කරදර පමණක්ම දෙන යෝගයකි. ඉතාම කලාතුරකින් යහපත් ඵල ලැබෙන බව කියවේ. නමුත් අප අත්දැක නැත.
කාල සර්ප යෝගයේ විසේසත්වය නම් ජිවිතයේ එක් කාලයක යහපත් වීමත් අනිත් කාලය අයහපත් වීමත්ය.

පොදුවේ විවාහය, අධ්‍යාපනය වැනි කාරණා වලදි කාලසර්ප යෝගය ඇති අය අවාසනාවන්ත වෙති.
විසේසයෙන් විවාහයේ නිසි ඵල ගැනීමට නොහැකිවිම, අධ්‍යාපනයේ තරමට දියුණුව නොලැබීම ආදිය වේ.
රැකියා දියුණුව, ධනය ආදි සියල්ල සාර්ථක වුවත් යම් යම් අතින් දුර්වල අවාසනාවන්ත තත්වයන් කාල සර්පය ඇති අයට ඇතිවේ.
එම තත්වයන්ගේ පලදීම ගැන නිවරදිවම පලාපල කිව හැක්කේ අදාල කාලයන් අනුවය.
කාල සර්පය තිබෙන කෙනෙකු තව අය රැවටීමට, වංචා කිරීමට, කරදර කිරීමට කටයුතු කර ඇත්නම් පසුව පාප දෘස්ඨි ඇතිවන කාලයකදි ඉතා දරුණු විපාක ලැබෙන බව අත් දැක ඇත.

රාහුගේ සිරිත පිස්සු වැට්ටීම හෝ නිවරදි සිහියෙන් තොරව කටයුතු කරවීම නිසා කාල සර්පය විපාක දෙන විට නොසිතු විරූ කරදර ඇති කරගැනීම දක්නට ලැබේ.

කාල සර්පය ඇති අයට රාහු මහ දසා වලදි ඉගෙනීමට අයහපත් බවද කේතු මහ දසා වලදි යහපත් බවද අත්දැකීමෙන් දනිමු.

කාලසර්ප යෝගය ඇතිනම් විසේසයෙන් කල යුත්තේ, ඉතාම ධාර්මික ජිවිතයක් ගත කිරීමයි. උපන් දේශයෙන් පිටවීමද වැදගත් වේ. එසේම විවාහයේදි ඉතාම හොඳින් පරික්ෂා කර බලා කරගත යුතුය. නොගැලපෙන විවාහයක් කරගැනීම තමාගේ කරදර තීව්ර වනවා මෙන්ම තවත් කෙනෙකුට නැති කරදර ඇති කරවීමක් බව කාලසර්ප ඇති අය හිතට ගත යුතුය.

Tuesday, February 25, 2014

සමහර අවස්ථා වල විවාහයන් කල් යෑම

සමහර ගෑණු දරුවන්ට විවාහයන් සාර්ථක නොවන්නේ කේන්දර සටහන නිසාම නොව, බොහෝවිට මලගිය ප්‍රාණකාරයෙකු, එනම් බොහෝවිට මියගිය ඥාතියෙකු ඇයගේ එම කටයුතු වලට බාධා කරන නිසාය.

ගෑණු දරුවා ප්‍රියමනාපව හැඩට සිටියත්, අදාල කටයුතු කරන අවස්ථා වලදි ඇයගේ නියමාකාර ලස්සන පිට අයට නොපෙන්වීමට එම බලවේගයන් කටයුතු කිරීමෙන් විවාහයන් කල් යන අවස්ථා අත්දැකීමෙන් දනිමු.

Sunday, February 23, 2014

ජල නන්දන යන්ත්‍රය පැලදීම සුදුසුද ?


(ඉරු සේවයේ යන්ත්‍ර පිලිබඳ කටයුතු වල මූලික්තවය දරන උක්කුං බණ්ඩා ගුරුන්නාන්සේ සමඟ කරන කතාව 3)

* ප්‍රශ්නය :- තියෙන මතයක් තමයි ජල නන්දන පිරිත ගෙදරක කියන එක සුදුසු නෑ කියල, ජල නන්දන යන්ත්‍රය පැලදීම සුදුසුද කියන එක ?
ඔබතුමා පැහැදිලි කරල දෙන්න මේ ගැන... ?

* පිලිතුරු :-
මගේ පිලිගැනීම මේකයි, ජල නන්දන පිරිත කියන්නෙ ඉතාම යහපත් වටිනා පිරිතක්. මෙයින් යම්කිසි අවැඩක් එවන් දෙයක් තිබෙනවා නම් එය විනාස වෙනවා මිසක් යහපත් දෙයක් විනාස වෙන්නේ නෑ.
පිරිතකින්, බුදු ගුණයකින් කිසිම දවසක යහපත් දෙයක් විනාස වෙන්නෙ නෑ. අයහපත් දේවල් තමයි විනාස වෙන්නෙ. බුදු ගුණය තමයි ජල නන්දන පිරිතෙත් තිබෙන්නෙ. එහෙම නම් අප කරන්නාවූ සියලුම යහපත් කටයුතු, යන්ත්‍ර මන්ත්‍ර වැනි කටයුතු ජල නන්දන පිරිත ඇසූ සැණින් විනාස වෙන්න ඕන. එහෙම දෙයක් වෙන්නෙ නෑ.

* ප්‍රශ්නය :-
පැහැදිලි කිරීමක් කරන්න, උදාහරණයක් හැටියට මම රාහුගේ අපලයට නාගර්ජුන යන්ත්‍රය දමනවා. යම් ක්‍රමයකින්නෙ ඒක කරන්නෙ. ඒ අතරම අපේ ගෙදර ඒකත් එක්කම යම්කිසි අවශ්‍යතාවයක් එනවා ජල නන්දන යන්ත්‍රය කාට හරි පලන්දන්න හෝ ඒ ගෙදර ආරක්ෂා වෙන විදියට, සිව්කොණ අටකොණ ආරක්ෂා කරන්න එහෙම.
ජල නන්දන පිරිතේ එක ගාථා රත්නයක් තියෙනවා “ යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා “ කියල.
එතකොට මෙතනදි යම් කිසි කෙනෙකුට චකිතයක් ඇති වෙන්න පුලුවන් නේද දැන් මේ යන්ත්‍රයක් මම දාගෙන තියෙනවා, දැන් ජල නන්දන පිරිත කිව්වා ඒකෙන් අර යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා කියන පාඨය නිසා අදාල එම යන්ත්‍රයේ බලය බිඳෙන්න පුලුවන්ද කියල. බොහොම වගකීමෙන් ඒ ගැන ප්‍රකාශයක් දෙන්න පුලුවන්ද ?

* පිලිතුර :-
සාමාන්‍ය ලෙස අපල උපද්‍රව තිබෙනවා නම් බුදු ගුණයෙන් එම අපල නැති වෙලා යහපත් වෙනව මිසක්, අයහපතක් වෙන්නෙ නෑ. අනිවාර්යෙන්ම ජල නන්දන පිරිතෙන් යහපත් දෙයක් විනාස වෙන්නෙ නෑ. යන්ත්‍රයක් පලදින්නෙ නව ග්‍රහයන්ගෙන් පැමිණෙන අපල උපද්‍රව දුරු කරන්නනේ. ශාන්තියක් කරගන්නයි. ජල නන්දන පිරිත කිව්ව කියල ඒකෙන් අයහපතක් සිද්ධ වෙන්නෙ නෑ.

සත්පුරුෂයෙක් !

එක්තරා කාරණාවකට මහනුවර සිට වත්තේගම නගරය බලා ගමන් කලෙමි. ඒ අතරතුර මාගේ හිතවතෙකු මුණ ගැසීමට පොල්ගොල්ල නගරයෙන් බැස ත්‍රිරෝද රථයකින් එක්තරා ස්ථානයකට යෑමට පිටත් වූයෙමි.

කිසියම් ආකාරයකින් ත්‍රිරෝද රථයෙදි මාගේ නවතම නොකියා වර්ගයේ ජංගම දුරකථනය අමතක විය. මා එය දැනගත්තේ, පැයකට පසුවය. මාගේ ඇති කාර්යබහුලතාවයත් කලබලයත් නිසා මට ඒ ගැන වැඩි අවධානයක් ගෙනදුන්නේ නැත. කෙසේ වෙතත් පැයකට පසුව දුරකථනය සොයා බැලූ කල දුරකථනය නැතිවී ඇති බව මට හැඟුනි.
මා දුරකථනය සම්බන්ද බලාපොරොත්තු අත්හැරියෙමි. එය වටිනා දුරකථනයක් බැවින් ලැබුනු කෙනෙක් නැවත දීමට උනන්දුවන්නේ නැත. නමුත් සැකයෙන් මා මාගේ දුරකථනයට අංකනය කල විට, එය නාද වී එය ලැබූ කෙනා ඇමතුම ගෙන මාගෙන් තොරතුරු ඇසුවේය. මාගේ අනන්‍යතාවය සම්බන්ධව විමසුවේය.
පසුව ඔහු පොල්ගොල්ල නගරයේ එක්තරා ස්ථානයකට පැමිණ මට කතා කලේය. එම පුද්ගලයා එම ස්ථානයේ මා එනතුරු දුරකථනයත් සමඟ සිටියේය. මා පැමිණි පසු මට දුරකථනය භාර දුන්නේය. මොහු මා කලින් ගිය ත්‍රිරෝද රථයේ රියදුරා නොවේය. මා ත්‍රිරෝද රථයෙන් බැස ගිය පසු මගදි එම රථයට ගොඩවූ පුද්ගලයෙකි. මාගේ දුරකථනය ලැබී තිබුනේ ඔහුටය.

මට ඒ වෙලාවේ හැඟුනේ ඔහුගේ තත්වයයි. ඔහු තියාගෙන සිටියේ ඉතා පරණ ජංගම දුරකථනයකි. ඔහු ඇල්කඩුව වත්තේගම පදිංචි සුසන්ත මහතාය.
වෘත්තියෙන් ඔහු පින්තාරු ශිල්පියෙකි. එතරම් මිල මුදල් යහමින් ඇත්තෙක් නොවේ. ඔහු මට කී දේ තමයි,

“ අයියේ, මට මේ ෆෝන් එක ගන්න තිබ්බා, සිම් 2 විසිකරාට පස්සෙ හොයන්නත් බෑ. ඒත් මගේ හිත දන්නවා මේක කාගෙ හරි අනුන්ගේ දෙයක් කියල. මට හිතුනා මේ ෆෝන් එක නැතිවෙලා කියල අයිතිකාරය කොච්රච පපුව පුච්චගෙන ඇත්ද කියල. මට මේක අයිති වෙනවට වැඩිය ඔයා මේක නැවත ලැබුනු නිසා ඔයාගේ ඇස් වල තියෙන සතුට, හිතට දැනුනු සතුට මට මිල මුදල් කෝටියකට වඩා වටිනවා “.

එසේ පැවසූ විට මා ඔහු ගැන පුදුම උනා. මෙවැනි උතුම් මිනිසුන් මේ ලෝකයේ හැමතැනම සිටිනවා නම් මේ ලෝකය කෙතරම් සුන්දර තැනක් වේවිද කියල මට කල්පනා උනා. මගේ හදවතින්ම ඒ උතුම් මිනිසාට හදපිරි ස්තූතිය පුද කරනවා.

මෙවැනි සත්කාරයක් සම්බන්ධව අන්තර්ජාලයේ පලකිරිමට ඉරු සේවය( Iru Sewaya/Iru Astrology) සහ අපගේ සහෝදර රිවි සඳ බ්ලොගය සහ හිතෙන දේවල්(හිතෙන දේවල් - Our Feelings) යනාදි සියලුම පේජයන් සුදුසු බව සිතුනි.
මේ උතුම් පුද්ගලයාට ජය වේවා ! මේ පුද්ගලයා පරමාදර්ශී චරිතයක්ව පිලිගෙන අන් අයත් මේ ආකාරයට තව කෙනෙකුට උදව් කිරීමට සිත් පැහැදේවා යනුවෙන් ප්‍රාර්ථනා කරනවා ! එතුමාටද එතුමාගේ පවුලේ දුවා දරුවන් සියලු දෙනාටද සුභ අනාගතයක් උදා වේවා.

යහපත කරන විට යහපතම පෙරලා ලැබෙන බව උදක්ම විශ්වාසය !

බුදු සරණයි !

ඔබගේ දෛව අංකය අනුව ඔබ කොහොමද ? (පොදු විස්තරයකි)

අංක විද්‍යාව සම්බන්ධව පූර්ණ පලාපල සහ අංක විද්‍යාවේ ඇති වැදගත්කම ගැන අපගේ සේවයේ ඔබතමුන්නාන්සේලාට විශේෂ උපදේශන අපගෙන් ලබාගත හැක. විශේෂයෙන්ම අංක 1 සිට 9 දක්වා දෛව අංක හිමි අයට හිමි පොදු ලක්ෂණ ගැන විග්‍රහයක් මෙසේය.

උදාහරණයක් ලෙස, 1976 පෙබරවාරි 18 හිමි අයට උපන් දිනය 18 බැවින් එහි එකතුව 9 හිමිවේ.
එමෙන්ම උපන් දිනය 9 වන දින උපන් අයටත්, 27 වන අයටත් අංක 9 හිමි වේ.

*** මෙය පොදු විස්තරයකි. නමුත් ඉරු සේවය සහ එහි සහෝදර රවි සඳ ජෞතිෂ්‍යය පර්යේෂණ ආයතනයේ උත්සාහයට කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයකි.

1
හිමියන් ස්වභාවයෙන්ම ආඩම්බරකාර චරිත ලක්ෂණ ඇති අය වෙති. ඍජු තීරණ ගනී. කෙලින් කතා කරයි. ඇත්ත කතා කරයි. අයුක්තිය නොඉවසයි.
ඌෂ්ණාධික රෝග, අක්ෂි ආබාධ ඇතිවීමට ඉඩ ඇත. බොහෝදුරට රාජ්‍ය අංශ වල සහ හමුදාව පොලිසිය දේශපාලනය ආදි ක්ෂෙත්‍ර වල ප්‍රකට චරිත වේ.

2
ස්වභාවයෙන්ම කාරුණික චරිත වේ. හදිසි කලබලය නිසා සමහර දේවල් අවුල් කරගනී. එමෙන්ම බොහෝ වෙලාවට ස්ථිර තීරණ නොගනි. ප්‍රකට ඉන්දියානු අංක විද්‍යාඥ බී.වී. රාමන් පඬිතුමාගේ ග්‍රන්ථයකට අනුව දෛව අංක 2 හිමියන් යම් ක්සෙත්‍රයකින් ඉහලට ගියොත් ඔහුව වැලැක්වීමට නොහැක. එමෙන්ම පහලට වැටුනත් එම තත්වයෙන් මුදවා ගැනීමට ඉතා අපහසුය.
විශේෂයෙන්ම සෙම් ආකාර රෝග මේ අයට ඇතිවේ. ජලය මාරක වේ. ඒවායින් පරිස්සම් විය යුතුය.

3
සියලුම දෙනා වාසනාවන්ත ඇති අයයි. මුහුකුරා ගිය ප්‍රඥාවක් සමග ප්‍රධානත්වයෙන් වැඩ කිරීමට පුලුවන. මේ අයගේ ජීවිත බොහෝවිට උගත්කම හා බැඳී පවතී. බුද්ධිමත්ව කටයුතු කරයි. එමෙන්ම අංක 3 හිමි කාන්තාවන් තමන්ගේ ස්වාමි පුරුෂයන් සමග විවිධාකාර මත ගැටුම් ඇති කරගන්නා බව අපගේ පර්යේෂණ වලට හසුවී ඇත.
අප අංක 3 හිමියන්ට ප්‍රකාශ කරන්නේ එවන් තත්ව මගහරවාගේන ජිවත් වන ලෙසයි. බොහෝවිට මේ අය මූල්‍ය ක්ෂෙත්‍රය සම්බන්ධ රැකියා වල නියුතු වේ.

4
කලබලකාරි චරිත හිමි අයයි. මේ අය විචාර බුද්ධියෙන් වැඩ නොකිරිම නිසා බොහෝ දේවල් අවුල් කරගනී. දේශපාලන ක්ෂෙත්‍රයේ නියුතු අයට මෙම අංකය ඉතා ශුභයි. තවද යම් යම් ක්ෂෙත්‍ර වල වැඩ කරන අයටද මෙරට පිටරට වැඩ කරන අයටද මෙම අංකය ශුභයි. ප්‍රසිද්ධ වේ. බොහෝවිට උපන් රට හැර යාමට හෝ උපන් ප්‍රදේශයෙන් ඉවත්වීමට මේ අයට සිදුවේ. විසේසයෙන් ප්‍රසිද්ධ වේ.
එය එම පුද්ගලයාගේ චරිතය අනුව හොද නරක 2න්ම විය හැක.

5
බුදට අයත් අංක 5න් උපන් අයට සුවිශේෂි වරප්‍රසාද අංකය මගින් හිමිව ඇත. මහා බුද්ධිමතුන්, චින්තකයන්, විද්‍යාඥයන් අංක 5න් උපන් අයවේ. තීක්ෂණ බුද්ධියක් සමග සිත් ඇඳ බැඳ ගන්නා කතා බහ සහ උපදෙස් දීමේ ඥානය සහ සැලැසුම් සහගත බව මෙම අංක 5න් උපන් අයගෙන් විද්‍යාමාන වේ. විශේෂයෙන්ම කථිකත්වයද හිමිව ඇත. බොහෝ ප්‍රියමනාප තමන්ගේ වචනය නිසා තමන් බුද්ධියත් වචනයත් 2 නිසා ඉහලට ආ අයගේ දෛව අංකය බොහෝවිට 5 විය හැක.
අංක 5 එකතුව එන වාහන ගැනීමටද ඉතා සුබයි.
* හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අංක 5න් උපන් අයෙකි. එතුමා අංක 5 හිමි බැවින් බුධට හිමි වන ගති ගුණ අතර කඩිසර බව සහ අනලස් බව සහ ශූර කථිකත්වය එතුමාට ලැබී තිබින.

6
සිකුරුට අයත් 6ද ඉතාම ශුභ අංකයකි. මෙම අංකයෙන් උපන් සියලුම දෙනා ප්‍රීතියෙන් කල් යවන්නෝ වෙති. බොහෝම හොඳින් තම කටයුතු ඉතාම ලෙහෙසියෙන් පහසුවෙන් කරගැනීමට වාසනාව ඇත. ධනවත් වේ. රූමත්, බුද්ධිමත් අය වේ. අංක 6 හිමි වාහන ඉතාම හොඳ තත්වයේ පවතී. කෙතරම් පරණ වුවත් අද ගත්තා මෙන් නැවුම් බවක් අලුත් බවක් පවතී. ඉතාම ශුභ අංකයකි.

7
කේතුට අයත් අංක 7න් උපන් අය සමහරවිට මන්දගාමිව කල්පනා කරන අය වුවද බුද්ධිමත් වේ. බොහෝවිට කොන්දේ සහ කකුල් වල ආබාධ ඇතිවිමට ඉඩ ඇත.
විශේෂ දෝෂ නොමැත.

8
ශනිට අයත් 8න් උපන් අයට දියුණුව හිමිවන්නේ බොහෝ සෙමිනි. එහෙත් එය ස්ථාවර දියුණුවකි. බොහෝවිට මුල් කාලයෙදි බොහෝ කරදර ඇතිවේ. නහර ආබාධ ඇතිවිය හැක. ජන්ම කේන්දරයේ ශනි අසුභව පිහිටා එම මහ දසාව ලැබුවොත් බොහෝ කරදර ඇතිවේ.
* අංක 8 හිමි ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ජීවන කතාව බැලූ කල මෙම සෙනසුරුට අයත් ගති ලක්ෂණ මෙතුමියට ප්‍රධානය කර ඇත. එතුමිය තරුණ අවධියේම තමන්ගේ ස්වාමි පුරුෂයාගේ වියෝගය දරා ගැනිමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමන් අග්‍රාමාත්‍ය ධූරයට පැමිණ විවිධ වූ බාධක සහ කුමන්ත්‍රණ මැදින් රාජ්‍ය පාලනය කර 1977 දි අන්ත පරාජයක් ලැබ, ප්‍රජා අයිතිය පවා අහෝසි විය. මෙය එතුමිය ජිවිත කාලයේ ලැබූ ඉතාම අවාසනාවන්ත සිදුවිම ලෙස දැක්විය හැක. ශනි ග්‍රහයා නැවත මතු කරන ග්‍රහයෙකු බැවින් 1994දි නැවත අගමැති ධුරයට පත්විය.

9
ඉතාම නිර්භීත අය වෙති. එමෙන්ම පරිවාර සම්පත්තිය හා ඒ හා බැඳුනු පිරිස් බලය මනා කොට සම්පාදනය වේ. මෙම අංකයෙන් උපන් අයට රාජ්‍ය ආයතන වලට සහ හමුදා පොලිසි වල සැලකිලි, අනුග්‍රහ ඇතිවේ. මේ අංකයෙන් උපන් බොහෝ දෙනා දේශපාලන ක්ෂෙත්‍රයේ හෝ එවන් ඉහල වෘත්තින් වල සේවය කරයි.
* අප රටේ රාජ්‍ය නායකයා වන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුමාණන්ටද අංකය 9 හිමිව ඇත. එතුමා 18 වන දිනක ජන්ම ලාභය ලබා ඇත. අංක 9 ඇති පෞරුෂය එතුමාට ලැබි ඇත.

_අතිශයින් පිරිමින්ට පමණයි. (01)

ඔබටත් දුටු ගැමුණු රජු, ගජබා රජු වැනි සැබෑ පිරිමියෙක් වන්නට උවමනාද ? "කාය බලය, මානසික බලය, ශක්තිය" වඩවා ගැනීමට මෙන්න උපදෙස්.

* ගහේම ඉදුනු පුල්ලි හොරණවාලු ගෙඩි 50ක්, කිතුල් හකුරු රාත්තල් 2ක්, මීපැණි බෝතල් 2ක් රැගෙන හකුරු ගා කෙසෙල් ගෙඩි හීනියට ලියා ගන්න.
* මීපැණි බෝතල් 2 ක් පෙරා එයට මිශ්‍ර කර ඒ සියල්ල බහාලූ මුට්ටිය හට්ටියකින් වසා මැටි බැඳ ලිප යට රස්නය වදින සේ වළලා තුන් මස(2) පිරුන දා ගොඩගෙන බෝතලයක දමන්න.
* දිනපතාම උදේට බුළු ගෙඩියක් තරමට වළඳනු.

** කාය බල හා දීර්ඝායුෂ ගෙන දෙන දිව්‍යමය ඖෂධයකි.

__ තවත් මෙවන් ඖෂධ ගැන විස්තර ලගදීම....

#Irusewaya

භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Document සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව, අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) තැබීම(නම් තැබීම).
නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය ඇතුළු සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

ජෞතීර්වේදින්ගෙන් නියම සේවය ඉෂ්ඨ වෙනවාද ?

( ඉරු සේවයේ ජාත්‍යන්තර උපදේශන පිලිබද ජෞතිර්වේදි රාජකරුණා මහතා විසිනි )
2 කොටස

ප්‍රශ්නය :- අපට කියන්න මහත්තයා, ජෞතිර්වේදින්ගෙන් අද එම නිවරදි සේවාව ඉෂ්ඨ වෙනවද ?
ඔබතුමත් දන්නවා අපගේ සේවයට අන්තර්ජාලය හරහා මුණ ගැසුනු සමහර අය සිටිනවා ලක්ෂ ගණන් ජෞතිෂ්‍යයට, යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වලට වියදම් කරලා කිසිම යහපතක් නොවි සිටිය තැනිනුත් පහලට වැටුනු අය...
මේ හේතු නිසා ජෞතිෂ්‍යයට අකමැති හෝ එවන් විරුද්ධතා ඇති අයට ලොකු අවියක්, උදව්වක් වෙලා තියෙනවා මේ කාරණය ජෞතිෂ්‍යයට විරුද්ධව ගන්න.
ඉතින් එහෙම අය නිසා, නක්ෂත්‍ර සූචකයන් වැනි නමක් තියෙනව අහල තියෙනවා. ඒ අය නිසා ශාස්ත්‍රයට වන හානිය ආදිය ගැන විග්‍රහයක් බලාපොරොත්තු වෙනව.

පිලිතුර :-
“ඇත්තටම මහත්මයා, සාමාන්‍යයෙන් පොතක් 2ක් කියවලා, ජෞතිෂ්‍යය පත්‍ර කියවලා ජෞතිර්වේදින් වෙන්න පුලුවන් නම් අද බොහෝ දෙනෙක් එහෙම වෙලා. මේක එහෙම බෑ. එක රැයකින් කරගන්න බෑ. මේකට සංසාරගත බැඳීමකුත් තියෙන්න ඕන. ඒවගේම එම පුද්ගලයා ප්‍රායෝගික කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නෙ යම් දෙයක් එහෙම උනා නම් ඒක වෙන්න හේතුවත් හොයන කෙනෙක් වෙන්න ඕන.
මට මතකයි මහත්තයා මම ඒකාලේ කේන්දර බලන්න පටන් ගත්ත කාලේ, ඒ කාලේ මගෙ ගාවට එන අය කේන්දර 10-15ක් දීලා ඒ අතර මියගිය කෙනෙක්ගෙත් කේන්දර සටහන දීලා අහනවා මෙයාට කොහොමද කියල..
එතකොට මම කරන්නෙ කේන්දර අතරින් ඒ කේන්දරය විසි කරනවා, මෙයා ජිවත් වෙලා ඉන්න බෑ කියල.
අද ඇත්තටම කියනව නම්, රටේ මුද්‍රිත මාධ්‍ය, ශ්‍රව්‍ය මාධ්‍ය(එෆ්එම් චැනල්), ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය(රූපවාහිනි නාලිකා) ඒවගේම ඔබතුමා කියන සමාජ වෙබ් අඩවි උනත්, ඒවට එන බොහෝ දෙනෙක් කල්පනා කරන්නෙ තමන්ගෙ බඩගෝස්තර වාදය ගැන තමයි, සේවයක් කරන්න නෙමෙයි. මාධ්‍ය සංදර්ශන තමයි තියන්නෙ. කියන්න අකමැති උනත් කියන්න ඕන කාරණයක්.
සමහරවිට වෘෂභ ලග්නයට අද ඉතාම සුභයි කියනවා, නමුත් වෘෂභ ලග්න කෙනෙක්ට කන්නවත් එදා නෑ. ඉතින් කියන්න ඕන මේක පොදු පලාපලයක් කියල.
ඇත්තටම ජෞතිර්වේදියෙක් උනාම, උතුම් වූ ජෞතිෂ්‍යය නාමයෙන් කියන්නේ, ඒ පුද්ගලයාට පක්ෂයක්, පාටක්, වර්ණයක්, කුලයක්, ආගමක් නෑ. තමන් ගාවට එන සෑම කෙනාටම සම මෙත් සිතින් කටයුතු කරන්න ඕන.
අපි දකිනවා සමහර ජෞතිර්වේදින් කියාගන්නා අය යම් යම් අයට පක්ෂපාතිව කරන ප්‍රකාශයන් නිසා හානිය සිද්ධ වෙන්නෙ ජෞතිර් විද්‍යාවටමයි. මාධ්‍ය සංදර්ශන තමයි ගොඩක් වෙලාවට තියෙන්නෙ. ඔබතුමා අහපු නිසා තමයි මේ කිව්වෙ අකමැති කාරණයක් උනත් “

Thursday, February 20, 2014

_අපගේ සේවා ලබාගන්නා අයගෙ දැනගැනීමට පිණිස,

ගරු සේවයක් ලෙස ආරම්භ කල අප සේවයේ ලැබෙන සෑම මුදලකින්ම බොහෝ සමාජ සත්කාර වලට අප විසින් ලබා දෙන්නෙමු.

එතරම් යහමින් මුදල් නැති පන්සල් වල ස්වාමින්වහන්සේලාට සිවුරු පිරිකර රැගෙන දෙන්නෙමු. සීතල පැති වල සිටින ස්වාමින්වහන්සේලාට එම සිවුරට ඔබින ලෙස අදාල වර්ණයෙන් ජර්සි ලබාදීමට කටයුතු කරමින් සිටින්නෙමු.

එසේම සත්ව අභය දාන කටයුතු වලට ආධාර කරන්නෙමු. විසේසයෙන් පැටව් ලැබීමට සිටින ගව මාතාවන් නිදහස් කරගැනීමට කටයුතු කර ඇති අතර දිගටම එම කටයුතු කරන්නෙමු.
ගව ඝාතනය පමණක් නොව සෑම සත්ව ඝාතනයක්ම මේ ධර්මද්වීපයේ නැතිවනු දැකීමට උදක්ම බලාපොරොත්තු වුවද එවන් තත්වයක් ඇති වන තුරු හැකි පමණ අප මෙම කටයුතු කරන්නෙමු.

හාල් කිලෝ 1ක් ගෙදර ගෙනවිත් එය නොඋයා කැඳ ලෙස වැඩි දෙනෙක්ට බීමට හා කෑමට සාදා ගන්නා පවුල් මේ රටේ ඇත.
එසේම එක වේලක් කෑ පසු නැවත වේලාවක් කෑමට ලැබේද නැද්ද යන්න නොදන්නා පවුල් මේ රටේ ඇත. අප විසින් වසර 10-20කට අධික කාලයක් සිට කලාසේ එවන් පවුල් වලට හාල්, පොල් ලබාදීමට දිගටම කරන්නෙමු.

මෙම සේවා පවා ලබාගන්නා විට සැබෑවටම අසරණ වී සිටින අය හැකි පමණ උපදේශන සහ සේවාවන් ලබාදී ඇත්තෙමු.

* ඒ අනුව ඔබලා ලබාගත් සේවාවන් වලින් ඔබලාට යහපත සිද්ධ වී ඇති බව විශ්වාස අතර, ඊට අමතරව ඔබලා දැන නොසිටිත් තවත් පින්කම් වලට දායක වී ඇති බව දැනුම් දෙමු.

එම පින්කම් අපගේ සේවයන් ලබාගත් සහ Iru Sewaya (Iru Astrology) සහ සහෝදර රිවි සඳ බ්ලොගයේ(http://www.rivisanda.blogspot.com/) සියලු පාඨක ජනතාවටත් අනුමෝදන් වී ඔබලාගේ ජීවිත තව තවත් යහපත් වේවා !

රත්නත්‍රයේ පිහිටයි !

Wednesday, February 19, 2014

ජය යෝගය

                                     ශනි ග්‍රහයා කුම්භ රාශියේ සිටීමෙන් ඇතිවේ.

“ඉතාම ධෛර්යවන්ත අය වෙති.
ආත්ම විශ්වාසය නිසාම ජය ලබයි.
පලාතකට තම ඥාතින්ට නායකයා වෙයි.
කෘෂිකාර්මික කටයුතු වලට ඉතා හොඳය.“

ඔබ මේෂ ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 11 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

ඔබ වෘෂභ ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 10 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

ඔබ මිථුන ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 9 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

ඔබ කටක ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 8 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

ඔබ සිංහ ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 7 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

ඔබ කන්‍යා ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 6 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

ඔබ තුලා ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 5 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

ඔබ වෘශ්චික ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 4 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

ඔබ ධනු ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 3 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

ඔබ මකර ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 2 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

ඔබ කුම්භ ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 1 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

ඔබ මීන ලග්නයේ නම්, ඔබගේ කේන්දරයේ 12 වැන්නේ ශනි පිහිටීමෙන් මේ යෝගය ඇතිවේ.

ශනි/සෙනසුරුට පලදින “ශනි මෘතුංජය යන්ත්‍රය“

ඉතාම ප්‍රබල යන්ත්‍රයකි.

ශනි හෙවත් සෙනසුරුගේ මාරක අෂ්ඨක ඒරාෂ්ඨක ඇතුළු සියලුම ශනිගේ අපල දුරු කිරීමට භාවිත වේ.

පුද පූජා ඇතුලුව පේවි මෙම යන්ත්‍රය ජීවම් කල යුතුය. 


මී පැණි ඇතුළු වටිනා ඖෂධ වර්ග මෙම යන්ත්‍රය සෑදීමට පූජාවන් වශයෙන් තැබිය යුතුය.
සියලුම ශනිගේ අපල සමනය කර සුභ පල වැඩි කරන බලසම්පන්න යන්ත්‍ර රත්නයකි.
මෙම යන්ත්‍රය වටිනා කරගැනීමට පුද පූජා බඩු සමග සියලුම වතාවත් ඉෂ්ඨ සිද්ධ කල යුතුය.

මෙම යන්ත්‍රය අපල උපද්‍රව නිමවීමෙන් පසුව යන්ත්‍රය ඉවත් කල යුතුය. 

සතියේ ලග්න පලාපලය.. (පෙබ. 18 සිට )

මේෂ
මෙම සතිය පටන් ගන්නේ ඔබට ශුභඅශුභ සමපල දායක සතියකි.
සඳු ලග්නභාවයේ 6 වැන්නට පැමිණීම නිසා සතියේ මුල් දවස් 2-3දී සතුරු කරදර පැමිණීමට ඉඩ තිබේ. ඒ ගැන අවදානමත් වන්න. ආර්ථික තත්වය හානි වන්නේ ව්‍යාපාරික තත්වයේ අයට නම් ණයතුරුස් වැඩිවීමෙනි.
ඉගෙන ගන්නා වයසේ අයට උගත් මිත්‍රයන්ගෙන් උදව් උපකාර ලැබේ.
ගෘහ ජිවිතය තරමක ආකූල ව්‍යාකූල විමට ඉඩ ඇත. අඹුසැමි සබදතා වලට යම් බාධා ඇතිවේ. මේෂ ලග්නයෙන් උපන් අලුත් මව්වරුන් තමන්ගේ දරුවනුත් තමන් ගැනත් ප්‍රවේසම් විය යුතුය. අප මෙහිදි සදහන් කරන්නෙ අලුත උපන් දරුවන් සිටින සහ ගැබිණි මව්වරුන් ගැනය.

වෘෂභ
මෙම සතිය ශුභ බව සදහන් කල යුතුය. විසේසයෙන්ම බුද්ධිමත්ව කටයුතු කර ආර්ථික වාසි ඇතිකරගැනිමට හැකියාව ඇත. එමෙන්ම සූදු ඔට්ටු ආදියෙන් ජය මෙන්ම පෙර පින පලදීමටද මේ සතිය හේතුයි.
ආර්ථික තත්වයේ ප්‍රබල වෙනසක් ඇති නොවන නිසා අනලස්ව ධනෝපායන මාර්ග වල නිරත වන්න.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් සහ ප්‍රමෝදයෙන් ගත කිරිමට හැකිවේ. දුදරුවන්ගේ දක්ෂකම් නිසා සිත සතුටු වන සතියකි.
සෞඛ්‍ය
උදාරාබාධ හටගැනිමට නියමයි. යම් යම් ශල්‍යකර්ම වලට ලක්වූ අය තුවාල පාරවා ගැනිමෙන් වැලකිය යුතුය. දියවැඩියාව හා අධි රුධිර පීඩන ඇති අය ඒවා පාලනයට කටයුතු කරන්න.

මිථුන
ඔබට මේ සතිය ඉතාම ශුභදායක බව කිව යුතුය. ප්‍රබල අපල උපද්‍රව කිසිම දෙයක් නොමැත. ආර්ථිකය යහපත් වනවා සේම ඥාතින් නිවසට පැමිණේ. ඒ අයගේ උදව් උපකාර ලැබේ. දරුවන් සම්බන්ධ යම්කිසි කරදරයක් ඇති බැවින් දරුවන් සම්බන්ධව සැලකිලිමත් වීම යහපති. විවාහ අපේක්ෂිත මිථුන ලග්නකරුවන්ටද ප්‍රේම සබදතා ඇති අයටද, විවාහක අවිවාහක සියලුම අයට තමන්ට අදාල වන කටයුතු සඵල වන කාලයකි. අධ්‍යාපන කටයුතු වල නියුතු වන අයට ඉතාම ශුභයි. විදෙස්ගතව අධ්‍යාපනය හදාරන්න බලාපොරොත්තු වන අයට මේ කාලය ඉතාම ශුභ බව කිව යුතුය.
ප්‍රබල සෞඛ්‍ය ගැටළු නොපවතින නිසා රෝග ඇති අය ඒවා පාලනයට කටයුතු කල යුතුය.

කටක
ඔබට සෑහෙන කලකට පසු සුභදායක කාලයකි. මෙම රාශියෙන් උපන් ඔබගේ මේ සතිය වාසනාවන්ත වන්නේ සමාජයෙන් ඔබට ලැබෙන ගෞරවාදරය හේතු කරගෙනය. තමන් උපන් භූමියෙන් පිටත රැකියා කරන කටක ලග්න අයට සුභදායක සතියකි. සහෝදරියන්ගෙන් විශේෂයෙන්ම උදව් ලැබේ.
ආර්ථික වාසි මේ තත්වය නිසා ඇතිවන බව කිව යුතුය. විශේෂයෙන්ම සඳුගේ මහ දශා ගත කරන අයටද, රාහු මහ දසා ගත කරන අයටද විදේශ රැකියා ලැබීම නියමයි.
රෝගාබාධ වශයෙන් බඩේ අජීරණ, ඌෂ්ණාධික රෝග, යම් යම් මානසික ආතතිය වැනි තත්ව බලපෑ හැක. මේවායෙන් පරිස්සම් වන්න.

සිංහ
මේ සතිය තරමක් අපලකාරි බව කිව යුතුය. විසේසයෙන්ම එම තත්වය බලපාන්නෙ සෞඛ්‍ය ගැටළු මතුවිම හේතුවෙනි. සතිය මැද වන විට චන්ද්‍රයා/සදු සෙනසුරු හා පාපග්‍රහයන් හා සම්බන්ධ වන නිසා සෙම වැඩිවේ. ජලයෙන් රෝගාබාධ වැඩිවිමට හේතු වන බැවින් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරිම යහපති.
තවද සිංහ ලග්න ඔබගේ දුවාදරුවන්ගේ දක්ෂතා ඉස්මතු වන කාලයකි. ආර්ථික තත්වයේ ලැබීම් ඇති බැවින් වියදම පාලනය කර ඔබ දියුණුවට කටයුතු කල යුතුය.
සෞඛ්‍ය තත්වය ගත් කල විවාහක අයට භාර්යාවගේ රෝගාබාධයකට වියදම් කිරිමට හේතු වන බවක් පෙනි යයි.

කන්‍යා
සුබ සතියකි. විසේසයෙන්ම ඔබගේ කේන්දර සටහනේ ග්‍රහයන් 3ක් හතර කේන්දරයට පැමිණ එනම් ලග්නය 1, 4 10 යන භාව වල ලග්නයේ 4 වැන්න 10 වැන්න ආදියට පැමිණ ඔබව බලවත් කරන සතියකි. මෙම තත්වය නිසා ඔබ විශේෂ ආර්ථික සහ මානසික සමාජිය තත්වයක් හිමි කරගන්නවා නොඅනුමානය.
විසේසයෙන්ම දේශපාලනයේ නියුතු කන්‍යා ලග්න හිමි අයට මේ සතිය ඉතාම වාසනාවන්ත සතියක් බව කිව යුතුය. රැකියා බලාපොරොත්තු වන කන්‍යා ලග්න හිමියන්ට රැකියා අවස්ථා උදාවේ.
ගෘහ ජිවිතය ආශ්‍රිතව ප්‍රීති උත්සව පැවැත්වීමට වාසනාව ලැබේ.
සතිය මැදදි තමන්ගේ ඉක්මන් කෝපය නිසා තමන්ගේ මිතුරෙකු/මිතුරියක තමන් හා අමනාප විමට ඉඩ ඇත. ඒ තත්වය වලක්වා ගන්න.
සෞඛ්‍ය
අමනුෂ්‍ය දෝශ හා කල් පවතින දෝෂ ඇති අය ඒ ගැන පරිස්සම් වන්න. කේතු මහ දසාව ලබා ඇති අය පරිස්සම් වන්න.

තුලා
මෙම සතිය ඔබට තරමක පීඩාකාරි සතියකි. ගිය සතියේ ඔබ කරගෙන ආ යම් කටයුත්තක් මේ සතියෙදි අතරමග නැවැත්වීමට සිදුවේ.
දුන්නා වූ ණය මුදලක් නොලැබි යාමට ඉඩ ඇත. ණය අයවිම ගැන කල්පනාවෙන් සිටිය යුතුය.
ගෘහ ජිවිතය සම්බන්ධ ගැටළු පැනනගින්නේ ආර්ථිකයේ යම් කිසි දෝලනයන් විම නිසාය. සතිය මැදදි අඹුසැමියන් අතර ආරවුල් ඇතිවිමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වය බඩේ කැක්කුම, උෂ්ණාධික රෝග, මානසික ආතතිය ආදිය ඇතිවිය හැක.

වෘශ්චික
ඔබට මේ සතිය මුල් කොටස ශුභ බව කිව යුතුය. මේ සතියේ ඔබට සුබ පල අහිමි වන තත්වයක් වන කාලයක් වේ.
ගුරු, ශනි, රාහු යන ග්‍රහයන් ප්‍රධාන ග්‍රහයන් දුර්වල ස්ථාන වල පිහිටිම නිසා එම අපල තත්වයන් ඇතිවිය හැක. නමුත් මේ අපල මර්ධනය කර කිසියම් ආකාරයක සුබ තත්වයක් සතිය මුලදි ඇති කරයි.
ගෘහ ජිවිතය කලකට පසු ප්‍රීතියෙන් ගත වේ. නිවසට අමුත්තන් පැමිණේ. ප්‍රීති උත්සව පැවැත්විමට ඉඩ ඇත. දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ ගැන සැහිමකට පත්විය හැක. රෝගාබාධ සම්බන්ධව සිතද්දි, උළුක්කුවීම්, වැටිම් හා බෝවන රෝග ගැන සැලකිලිමත් වන්න.

ධනු
ඉතාම ශුභදායක සතියකි. නමුත් තමාගේ වැඩිමහල් සහෝදරයෙක් හෝ සහෝදරියක් නිසා තම තැන්පත් ධනය විනාශ වීමට ඉඩ ඇත.
මේ අය තමන්ගෙන් මුදල් ලබාගෙන නොදී යාමට පුලුවන. මුදල් පොලු ලැබිය හැක.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ.
ප්‍රබල අපල උපද්‍රව සෞඛ්‍ය තත්වයට නොපැමිණෙන බව කිව යුතුය.

මකර
ඔබට මේ සතිය ශුභාශුභ මිශ්‍ර පල සහිතයි. ඒ අතර ලැබෙන මුදලක් තමාට අහිමිවිමට ඉඩ ඇත. එම තත්වය පවතින්නේ චන්ද්‍රයා/සදු 10 පැමිණිම හේතුවෙනි. ඒ ගැන සැලකිමත් වන්න.
මුදල් නාස්ති විය හැකි සතියකි. තමන්ගේ වචනය හා කට පරිස්සම් කරගත යුතු කාලයකි.
ගෘහ ජිවිතය තරමක් වියවුල් ඇතිවිය හැකි සතියකි. ඒ ගැන කල්පනාවෙන් වැඩ කරන්න.
සෞඛ්‍ය තත්වය ප්‍රබල බාධක නොමැත. මානසික කරදර බලපෑ හැක.

කුම්භ
ඔබට මේ සතිය ශුභයි. මුලදී යම් යම් නොසිතු කරදර ඇතිවිමට ඉඩ ඇති බැවින් පරිස්සම් වන්න. සතිය මැදදි එම කරදර පහව යයි. උසස් අයගෙන් මිතුරන්ගෙන් උදව් ලැබේ. විදේස රැකියා බලාපොරොත්තු වන අයගේ අදහස් සඵල වේ. විදෙස් රැකියා වල නියුතු අයට ආදායම සම්බන්ධව කටයුතු සඵල වේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ.දෙදෙනා එක්ව යම් දුර බැහැරකට යාමට සිත ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේද ප්‍රබල ඌණතා දකින්නට නොලැබේ. රෝග ඇති අය පාලනයට යොමුවිම යහපති.

මීන
ඔබට සතියේ මුල් දින කීපය ඉතාම ශුභයි. ආර්ථික වාසි ඇතිවේ. ග්‍රොසරි, වෙළද ව්‍යාපාර, නිමි ඇඳුම්, රූපලාවන්‍ය ආදි කටයුතු කරන අයට මේ සතිය ඉතාම ශුභ සතියක් බව කිව යුතුය. මංගල යෝජනා සඵල වන කාලයකි. එසේම නිවසට යම් යම් භාණ්ඩ මිලදී ගැනිමට වාසනාව ලැබේ.
ගෘහ ජිවිතයේ අඹුසැමි ප්‍රීතිය ඉතාම හොඳින් වේ. තෑගි බෝග හුවමාරුවට ලැබෙන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ යම් යම් ගැටළුකාරි තත්වයන් මතුවිමට ඉඩ තිබේ. ශල්‍යකර්මයන්ට හා අලුත දරුවන් ඉපදුනු මීන ලග්නයේ මව්වරුන්ට හා අනිකුත් අයට තමන්ගේ රෝගාබාධය ගැන කල්පනා කර ඒ ආකාරයෙන් විමසිලිමත්ව සිටිම යහපත් බව දන්වා සිටිමු.

__ රවි මාරුව __ - පෙබරවාරි 13 සිදුවූ(2014)

සූර්ය දිව්‍ය රාජ තෙම ලංකා කේන්දරයේ ලග්නයට පැමිණේ.

මකර රාශියේ සිට කුම්භ රාශිය දක්වා රාජ්‍ය කාරක රවි පැමිණීම නිසා රටට යම් යම් තත්ව, ආර්ථික සමාජීය සහ කාලගුණික අංශ වලින් පලාපලයක් මෙසේය.

පොදුවේ ගත් කල රටට විශාල ගැටළුවක් නොපෙන්නුවත් යම් යම් ගැටළු මතු වන්නට නියමිත බව දක්වමු. වායු රාශියක් වූ කුම්භ ලග්නයේ ලංකා කේන්දරයට පැමිණීමෙන් දැනට පවතින “වියළි කාලගුණ තත්වය මාර්තු මස දක්වාම“ පැවතීමට බොහෝදුරට ඉඩ ඇත. එමෙන්ම පලාපලයක් විදියට නොකිව්වත් “කොළඹින් ඈත ප්‍රදේශවල විශේෂයෙන්ම වන සංරක්ෂණ ප්‍රදේශ වල සිදුවන කැලෑ ගිනි ගැනීම් හා තැබීම් සිදුවන්නේ මෙම රවිගෙන් ඇතිවන බලපෑම“ හේතුවෙනි. මෙවන් පුද්ගල ක්‍රියාකාරකම් සිදුවන්නේද ගින්දරට අධිපති රවි නිසා බව කිව යුතුය.
සමහර ප්‍රදේශ වලට උග්‍ර ජල ගැටළුවක් ඇතිවිමට ඉඩ තිබේ.

* දේශපාලන ක්ෂෙත්‍රයේ ප්‍රසිද්ධ අයෙකුට යම් කිසි නරක නාමයක් ලැබීමට ඉඩ ඇත. දේශපාලනයේ නියුතු අය ප්‍රවේසම් විය යුතු කාලයකි. එවැනි තත්ව එසේ පැවතීමේදි රවි බුද යෝගව සිටීමේදි රවි සතුරුව සිටිම නිසා “විශ්ව විද්‍යාල පද්ධතියේ යම් යම් කැරලි ගැසීම්“ ඇතිවිය හැක.
ශිෂ්‍ය අරගල ඇතිවිමට බොහෝදුරට ඉඩ ඇත.

* එසේම විදේශ රැකියාවන් වලින් අප රටට ප්‍රබල ආකාරයට විදේශ විනිමය ගලාගෙන එන කාලයකි.

** මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති, ජිනිවාහී පැවැත්වීමට නියමිත මානව හිමිකම් සැසියෙදි අප රටට ප්‍රබල විරෝධතාවක් එල්ල වනු ඇත.
නමුත් ලග්නාධිපති ශනි 9 වැන්නේ බලවත්ව සිටින බැවින්ද එම බලසම්පන්න වූ අපලය තරමක් දුරට මර්ධනය කිරිමට අප රටේ කේන්දරයට හැකි වනවා ඇත.

සාමාන්‍ය ජන ජීවිතයේ යම් යම් සංකූලතා ඇතිවුවත් ඒවා ඉක්මණින් සමනය වී යයි.

පොදුවේ ගත් කල මිථුන ලග්නයට වෘෂභ ලග්නයට මේෂ ලග්නයට ධනු ලග්නයට ශුභ පල තත්ව හිමිවේ. කටක ලග්නයේ අය උෂ්ණාධික රෝගද, ලග්නය හිමි කුඩා දරුවන් ගින්දර ආශ්‍රිත කටයුතු වලින් වැලකිය යුතුය.

ජෞතිෂ්‍යය ගැන විග්‍රහයක්

- ඉරු සේවයේ ජාත්‍යන්තර උපදේශන පිලිබද ජෞතිර්වේදි රාජකරුණා මහතා විසිනි.

ජෞතිෂ්‍යය කියන්නෙ පැහැදිලිවම අඳුරේ යන්නාට එලියක් වන පහනක් වන දෙයකි. අනාදිමත් කාලයක සිට ජෞතිෂ්‍යය ජනතාවට සේවය කලේය.
ජෞතිෂ්‍යයට ආගමක් ජාතියක් නැත.විශේෂයෙන්ම පෙරදිග රටවල අතීතයේ පටන්ම පැවති මෙම ශාස්ත්‍රය අද බොහෝ දුර ගමනක් පැමිණ ඇත.
අතීතියේ සිටි ඍෂිවරුන් වහන්සේලා ජෞතිෂ්‍යයේ ආදි කතෘවරු වෙති.

ග්‍රහයන් 9 දෙනෙක්, නැකැත් තරු 27ක් සහ ලග්න 12කින් සමන්විත වී විශ්වයේ කටයුතු වලට බලපාන අපූරු දෙයකි ජෞතිෂ්‍යය..

* ජෞති යනු ආලෝකයයි. ඒ අනුව හිරු දෙවියන් හා එනම් ආලෝකය හා බැඳුනු ආලෝක ධර්මයයි.

ර්‍ ජෞතිර්වේදියාගේ කාර්යභාරය කුමක්ද ?

ජෞතිර්වේදියෙකු හුඟක් වෙලාවට මේ ශාස්ත්‍ර ධර්මය ඉගෙන ගන්නේ බොහොම කරදර බාධක මධ්‍යයේය. මම උනත් මේ ක්සෙත්‍රයට එන්නෙ කරදර බාධක තියාගෙන. කුඩාකල සිටම මට ඒ ආභාෂය තිබුනා. මට ලොකු උවමනාවක් තිබුනා ඉගෙන ගන්න. අපේ තාත්තා, මෙම කටයුතු කරපු කෙනෙක්. ඒ උතුම් වූ පියාණන් වහන්සේ අද නෑ අපි අතර.
ඉගෙනිමට දැඩි ආශාවක් ආව නිසා ඒ කාලයේ ප්‍රවීණයි කියල සිටින බොහෝ ජෞතිර්වේදින් මුණ ගැසී න්‍යායාත්මක දැනුම ගැනීමට ගියා.

එක ග්‍රහයෙක්ගෙන් බොහෝ දේවල් නියෝජනය වෙනවා. එක භාවයකින් බොහෝ නිවේදයන් කරන්න පුලුවනි.
(උදා:- සඳු/ චන්ද්‍රයා සිතිවිලි නියෝජනය කරනවා)
මම ඒ න්‍යායාත්මක දැනුම දැනගෙන හිටියා. ඒ කාලයේ එම ජෞතිර්වේදින් ජෞතිෂ්‍යයට අදාලව තිබුනු ගණිතමය තත්වයන් කියල දෙන්න මැලි උනා. ගුරු මුෂ්ටි වගේ තියාගත්තා.

ජෞතිෂ්‍යවේදියෙක් නම් පැහැදිලිවම අන් අයට උදව් කරන්නට සැදී පැහැදී සිටිය යුතුයි. මගෙන් උදව් ඉල්ලුවොත් මම ඒක කරනවා. නමුත් ඒ වෙනුවෙන් නිවරදිව කැප වෙලා හුඟාක් කැපවීමෙන් කල යුතු දෙයක් මේ ශාස්ත්‍රය.
ජෞතිෂ්‍ය වේදින් තමන්ගෙන් සේවාව ලබා ගන්නා කෙනා ගැන මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරන්න ඕන. ඒවා පෙරදැරි කරගෙන කටයුතු කල යුතුයි. කරන කටයුතු වලින් එම ලගට එන පුද්ගලයන්ගේ දියුණුව, යම් කිසි ඉහල තලයක ඉන්නවා දකින්න කැමති වෙන්න ඕන. සිල්වත් වෙන්න ඕන, අඩු තරමින් මානුෂීයත්වයට ගරු කරන කෙනෙක් වෙන්න ඕන.

තව කාරණයක් තියෙනවා මේක අදාල වෙන්නෙ සේවාව ලබාගන්න අයට. සමහර අයගේ විවාහ වලට ලක්ෂ 20ක් හෝ ඊට වැඩි මුදලක් එම උත්සවයට වැය වෙන්න පුලුවනි. ඒ තරම වියදම් කරලත් තමන්ගේ විවාහයට, නැකැත් හදන, අෂ්ඨක කියන ජෞතිර්වේදි මහත්තයට දෙන මුදල ඉතාම සොච්චම් මුදලක්.
මේ ශාස්ත්‍රයේ වටිනාකම කියල නිම කරන්න බෑ. එහෙම කරාම මේ ශාස්ත්‍රය හෑල්ලු වෙනව. මේක වානිජ අදහස් මුල් කරගෙන නෙමෙයි කියන්නෙ.
මේ වගේ ගැටළු සහගත තත්වයන් තියෙනවා, ජෞතිර්වේදින් සේවා ලබාගන්නා අයට සහ සේවා ලබාගන්නා අය ජෞතිර්වේදින්ට ගරුත්වයෙන් සැලකිය යුතුයි.

ඒවගේම මගේ හැඟීමේ හැටියට අවම වශයෙන් මාස 6කට වතාවක්වත් තමන්ගේ කේන්දර සටහන පරික්ෂා කරගත යුතුයි. එසේම වාස්තු විද්‍යානුකූලව තමන්ගේ නිවස පරික්ෂා කරවා ගත යුතුයි.

“ විෂ්ණු මණ්ඩල යන්ත්‍ර රාජයා “


විෂ්ණු මණ්ඩල යන්ත්‍රය භාවිත කරනු ලබන්නේ බුධ ග්‍රහයාගෙන් පැමිණෙන සියලුම දෝෂ සමනය කිරීමටය. බුධගේ සියලු දෝෂ සමනය කර ශුභ පල ලබාදීමට මෙම යන්ත්‍රය භාවිත වේ.
එසේම බුධගේ ශුභ පල ඇත්නම් එම ශුභ පල තව තවත් වැඩි කරගැනීමටද මෙම යන්ත්‍රය හේතු වේ.

මෙම යන්ත්‍රයද කරන තැනැත්තා සහ යන්ත්‍රය ලබාගන්නා තැනැත්තා නිසි පිලිවෙතින් සිටීම වැදගත්ය. එසේම විශේෂයෙන්ම යන්ත්‍රය ජප කරන තැනැත්තාගේ සිල්වත් බව මෙහිදි බලපානු ලබයි. වටිනා පුද පූජා භාණ්ඩ සහිතව නිසියාකාරව පේවී මෙම කටයුත්ත සිදු කල යුතුය.

Thursday, February 13, 2014

_ උක්කුං බණ්ඩා ගුරුන්නාන්සේ සමග කරන කතාව __ (අංක 1)

Q : ජෞතිර්වේදි මහතෙකු විසින් නියම කල පසු එම අදාල යන්ත්‍රය ජප කරන එම තැනැත්තාට තිබිය යුතු ගුණාංග මොනවාද ? ඒ ගැන ඔබතුමාගෙ අදහස කුමක්ද ?

A : පන්සිල් රකින, පිරිත් කියන, මනා පැවැත්මෙන් සිටිය යුතු කෙනෙක් වේ.
යන්තරයක් ජප කරන තැනැත්තා මෙන්ම යන්තරය දමා ගන්නා තැනැත්තාද පන්සිල් ආරක්ෂා කරන කෙනෙක් වීම වැදගත් වේ.
මෙහිදි යන්ත්‍රය ජප කරන තැනැත්තා ධර්මානුකූල මෛත්‍රි, කරුණාව පෙරදැරි කරගෙන කටයුතු කරන කෙනෙක් වීම මූලිකව වැදගත් වේ.
මෛත්‍රිය පෙරදැරි කරගෙන කරන කටයුතු වරදින්නේ නැත.
බෞද්ධාගමිකයන් වශයෙන් මූලික තැන දිය යුත්තේ මෛත්‍රියට හා කරුණාවටය.
අප කරන්නාවූ මේ ක්‍රියාවෙන් යන්තරය ලබාගන්නා පුද්ගලයාට යහපතක් වන ලෙස පැතුමෙන් කල යුතුය.

ඊලගට කොටසින් _

බුදු ගුණ යන්ත්‍රයන් සහ විවිධාකාර අපල වලට යොදන වෙනත් යන්ත්‍රයන් ගැන අදහස,

ජල නන්දන පිරිත ගෙවල් වල කියන්න සුදුසුද නැද්ද ?
ඒනිසා ආරක්ෂාවක් විදියට ජල නන්දන යන්ත්‍රයක් පැලදීම සුදුසුද නැද්ද ?

__නාගර්ජුන යන්ත්‍රය__

නාගර්ජුන යන්ත්‍රය යනු, රාහු අපලයට පලදින ප්‍රබලම ගණයේ යන්ත්‍රයකි. මෙම යන්ත්‍රය නම් කිලි කුණු වලින් සහ යම් යම් උපද්‍රව වලින් ආරක්ෂා කරගත යුතුය.

* රාහු මහ දසාව කෙනෙකුට ලැබුවොත් වසර 18ක් පවති. එම කාලයේදී මෙම යන්ත්‍රය පැලදවීම කල යුතුය.

* නාගර්ජුන යන්ත්‍රයේ සොලොස් ගැබකි. එම හැම ගැබකම ආතුරයාට සෙත් පතා යම් මන්තර රත්නයක් ලියා ඇත. යන්තරයේ මැද තරු සලකුණක් ඇත. එතන ජන්මියාගේ නම සහ නැකත ලියනු ලැබේ. ජීවම් කරන කල්හි පිරිමි දරුවෙකුට නම්, පාර්වති පුත්‍රාය යනුවෙන්ද, ගැහැණු දරුවෙකුට පාර්වති දුහිතෘය යනුවෙන්ද උච්චාරණය කරනු ලබයි.
දුකට පත් ආතුරයා(යන්ත්‍රය ලබන තැනැත්තාව සමාන කරනු ලබන්නේ පාර්වති දේවියගේ පුත්‍රයා ලෙස හෝ දුව ලෙසය) මෙම යන්තරයෙන් සියලුම මානසික උපද්‍රව දුරු කර ආර්ථික දියුණුව ලගාකර ගත හැක.

- මේ සමගම යෝගකාරක ග්‍රහයන්ගේ මැණික් ගල්, අදාල ආතුරයාගේ කේන්දර සටහනට අනුව සුබ ග්‍රහයන්ගේ සුබ පල වැඩිකිරීමට එම ගල්ද අනිත් අතේ මෙම රාහු අපලයට අවශ්‍ය කරන ගල්ද අල්ලා පැලදීම යහපති.

තවද රාහු අපලය නිසා ඇතිවන මානසික අවපීඩන තත්වයන්, මුදල් නාස්තිය, නිකරුනේ ඇවිදීම, කෝපාවිෂ්ඨ වෙන ගතිය, හිරේ විලංගුවේ වැටීම, මෙවැනි සියලූම උපද්‍රව, දෝෂ සමනය කිරීමට මෙම යන්ත්‍රය ඉතාම බලවත්ය.

* ජය යෝගය *

* ජය යෝගය * ඇතිවන්නේ ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා කුම්භ රාශියේ පිහිටීමෙනි.

* මෙම යෝගය ඇති අය තම උත්සහය කැපවීම නිසාම දියුණු වෙන්නට වාසනා ඇති අය වෙති. සෙනසුරු කැමති වන්නේද මහන්සියෙන් වැඩ කරන අයටය. ඒනිසා ජය යෝගය ඇති අය වැඩට කඩිසර අය වෙති. තම පවුල් වල ප්‍රධානත්වය ගැනීමද ජය යෝගය ඇති අයට ඇති ලක්ෂණයකි. එසේම පොලව සම්බන්ධව පවතින සියලුම කටයුතු වලින් නිසි ඵල ලබාගැනීමට හැකිවේ.

ඔබ මේෂ ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 11 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබ වෘෂභ ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 10 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබ මිථුන ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 9 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබ කටක ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 8 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබ සිංහ ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 7 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබ කන්‍යා ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 6 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබ තුලා ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 5 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබ වෘශ්චික ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 4 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබ ධනු ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 3 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබ මකර ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 2 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබ කුම්භ ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 1 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

ඔබ මීන ලග්නයේ නම්,
ඔබගේ කේන්දරයේ 12 වැන්නේ “ශනි“ සිටීමෙන් මෙම යෝගය ඇතිවේ.

වාස්තු විද්‍යා - පොදු කරුණු

අද කාලයේ ආර්ථික තත්වයට සහ අප සියලු දෙනාගේම ජිවිත වල දියුණුවට හෝ පිරිහිමට බලපාන වාස්තු විද්‍යා කටයුතු ගැන පොදු විස්තරයක් මෙසේය.

● විසේසයෙන්ම ඉඩමක් තෝරා ගැනීමේදි ඉඩමේ හැඩ තල ගැන සැලකිලිමත් විය යුතුය.
මෙහිදි වෘත්තාකාර, පද්මාකාර, සිංහ මුඛ, ඡත්‍ර ආදිය උදාහරණ වේ.

● නිවස, සුසාන භූමි මැදිකර ඇත්නම්, බන්ධනාගාර, පොලිසි වැනි නීතිය ක්‍රියාත්මක කරන තැන් ඇත්නම් සහ පහත් කුල වල අය සිටී නම් එම ඉඩම එතරම් වාසනාවන්ත ඉඩමක් වන්නෙ නැත.
මෙයින් නිවැසියන්ට යම්කිසි උපද්‍රවකාරි තත්වයක් ඇතිවේ.

● තවද නිවසේ ඉඩමේ අකුණු සැර වැදුනු ගස් තිබීම අසුභ බව කියමි.
ලංකාවේද සමහර පලාත් වල යම් යම් පවුල් වල අය තමාගේ පවුලේ සාමාජිකයෙක් මිය ගිය පසු තම ඉඩමේම මිහිදන් කරති.
එම ක්‍රියාව නිසා එම පරපුරේම අය පිරිහී දුකට පත්වෙන තත්වයකි. යක්ෂ, භූත, පිසාච උපද්‍රව ඇතිවේ.

● නිවස ඉදි කිරීමටද ශුභ තිථියන් ගෙහිමියන්ට අයිති නැකැත් වල ශුභ කාලයන් තෝරා ගත යුතු අතර නිවස ඉදි කිරීමට තෝරා ගන්නා දැවද යම් ආකාරයකට තෝරා බේරාගෙන කටයුතු කල යුතු බව පවසමි.

● නිවසකට ප්‍රධාන දොර ඉතාම වැදගත්ම සාධකයකි. එම දොර තැබීම සඳහා පලපුරුදු වාස්තු ජෞතිෂ්‍යය වේදින් හා කතා කර තැබීම සුදුසු වේ.
ප්‍රධාන දොර කෙලින් අංශක 90 බිත්ති, පරාල, කණු තිබීම නිවසට අසුභ ගෙනෙන වාස්තු පිහිටිම්ය.
ප්‍රධාන දොර ඉදිරිපිට කිරි නැති හර ගස් තිබීම අශුභය.

● තවද වැසිකිලි වල සහ වැසිකිලිය ගෙදරට දෝෂ ගෙනෙන ප්‍රබලම ස්ථානයකි. එම ස්ථාන ගෙදරට අයහපත් නොවන ආකාරයට ස්ථාපනය කරගැනීම කල යුතුය.
විසේසයෙන්ම නානකාමර, වැසිකිලි කැසිකිලි මුළුතැන් ගෙයට යාබද හෝ සමාන්තරව වන්දනාමාන කටයුතු කිරීම අයහපත් බව සඳහන් කරමි.
ඒවා සුභ ස්ථාන වලට දිශානුගත කල යුතුය.

● තවද බුදු රූප, දේවරූප යනාදි තමන් අදහන ආගමට අයිති සංකේත හෝ එම ශාස්තූන්වහන්සේලාගේ රූප අශුභ දිශා බලා තැබීම අයහපත්ය.

* නිවසක් ඉදි කිරීමට කලින් භූමිය පරික්ෂා කරවා ඉන්පසු වාස්තු විද්‍යානුකූලව තමාගේ නිවසේ සැලසුම පරික්ෂා කරවා ගැනීම ඔබට මහඟු ප්‍රතිඵල අත් කරගැනීමට හේතු වන කාරණයකි.

* මන්ද අපට බොහෝවිට ලැබෙන්නෙ නිවස ඉදිකල පසු වාස්තු පරික්ෂාවන්ය.
ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කර ඉදි කරන එම ඉදිකිරීම් වල ශුභ අශුභ පරික්ෂා කිරීමට අපට ආරාධනය කල පසු අප එම ස්ථාන වල දෝෂ ඉදිරිපත් කිරීමට අපට සිදුවන්නේ දැඩි මානසික කඩාවැටීමකින් පසුය.
මන්ද එපමණ මුදල් වියදම් කර තනන නිවසේ යම් යම් වෙනස්කම් කිරීමට උපදෙස් දීමේදි ප්‍රායෝගිකව එම කටයුතු කරගැනීම එම නිවැසියන් තවත් අමාරුවට වැටීමට හේතුවක් වන නිසාය.
මෙහිදී නිවැසියන්සේම අපද මහත් මානසික සහ උපදේශනාත්මක වශයෙන් අපහසුතාවයකට ලක් වන්නෙමු.
එම නිසා මුලින්ම නිවස සහ භූමිය පරික්ෂා කරගැනීම ඉතාම වැදගත් බව සඳහන් කරමු !

පෙබරවාරි 11 සිට සතියේ ලග්න පලාපලය

මේෂ

මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ආර්ථිකය යහපත් වෙන සතියකි. තමාගේ උත්සාහයේ හැටියට ධනෝපායන මාර්ග පෑදෙන සතියක් බව කිව යුතුය. විශේෂයෙන්ම තමාගේ සහෝදරකාරකාදීන්ගෙන් සහ ගමන් බිමන් වලින් මුදල් ලැබෙන බව කිව යුතුය. ආර්ථිකයට ප්‍රබල බාධක නොමැත.
ගෘහ ජීවිතය තරමක කලබලකාරි ස්වභාවයක් උසුලනු ඇත. භාර්යාවගෙන් හෝ ස්වාමියාගෙන් දරු පවුලෙන් ඈත්ව සිටීමට සිදුවන සතියක් විය හැක. ඒ මන්ද 7 වැන්න සහ 3 වැන්නෙ ග්‍රහ ගෝචර සැලකීමෙන්ය.
සෞඛ්‍ය තත්වය සම්බන්ධව වාත අමාරු හට ගනී. සෙම් අමාරුද, පපුවේ මහන්සියද හතිය වැනි රෝගාබාධ ඇති අයද ඒවාට ප්‍රතිකාර ගන්න.

වෘෂභ

ආර්ථික කටයුතු යහපත් වන සතියකි. ව්‍යාපාරික කටයුතු එමෙන්ම බ්‍රෝකර් වැඩ වලින්, නියෝජිත වැඩ වලින් ආදායම ලැබෙන බව කිව යුතුය. තැන්පත් ධනයට යම් යම් මුදල් එක්කහු වීම් විය හැකිය. ගුරු මහ දසාව ගත කරන අයට විශේෂයි.
ගෘහ ජීවිතය ප්‍රීතිමත්ව ගත කිරිමට හැකිවේ. අඹුසැමි ප්‍රීතිය ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේ යම් ගැටළුකාරි තත්වයන් මතුවිමට පුලුවන. වෘෂභ ලග්නයේ ගර්භණී මව්වරුන් සහ තරුණ දූවරුන් උදාරාබාධ වලින් පරිස්සම් වන්න. එසේම මධුමේහය/දියවැඩියාව තිබෙන අය රෝග පාලනයට උනන්දු විය යුතුය.

මිථුන

මෙම සතිය ප්‍රීතිමත්ම සතියක් වනවා නියතයි.
ආර්ථික තත්වය යහපත් වෙනව. වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබෙන අතර භූමිය සම්බන්ධව කටයුතු වලින් ලාභ ලැබේ. හදිසි ධන ලාභ ලැබිමට හේතුයි. එසේම තම නුවණ මෙහෙයවා කටයුතු කරන අයට, විශේෂ ආර්ථික වාසි සැලසේ.
ගෘහ ජීවිතය ප්‍රීතිමත්ව ගත වේ. වැඩිහිටි ඥාතියෙක්ගේ නිවසට පැමිණීම සිදුවිය හැක. දූවරු සිටින අය නම්(වැඩිවිය පැමිණෙන වයසේ) එම වැඩිවිය පැමිණීම සිදුවිය හැක. ප්‍රීති උත්සව සහිත කාලයකි.
උෂ්ණ රෝග, මුත්‍රා අමාරු වාත වේදනා ඇතිවිය හැක.

කටක

ලග්න ඔබට වෙනදා මෙන්ම මේ සතියද සාමාන්‍ය සතියකි. ඔබට සතුරු කරදර ඇතිවිය හැක. තම නෑයන් සමග විරුද්ධවාදිකම් ඇතිවේ. ප්‍රවේසම් විය යුතුය. එමෙන්ම අනවශ්‍ය දේකට මුදල් වැයවිමට නියමයි.
සෞඛ්‍ය
බඩ පපුව සම්බන්ධ උදාරාබාධ, එමෙන්ම වාත වේදනා කැක්කුම් ඇතිවිය හැක.

සිංහ

ඔබට ඉතාම ශුභ දායක සතියකි. චන්ද්‍රයාගේ ගමන අනුව හිතවතුන්ගෙන් වාසි සහගත තත්ව උදාවේ. මුදල් වාසි ඇතිවේ.
ගෘහ ජීවිතය යහපත් බව කිව යුතුයි. දූදරුවන් අපේක්ෂා කරන මව්වරුන්ට මෙම කාලයේ දරුවන් ලැබේ.
සෞඛ්‍ය තත්වය පෙර මෙන්ම ලොකු වෙනසකට මුල නුපුරයි. පපුවේ දැවිල්ල සහ ග්‍රැස්ටයිට්‍රිස්, මුත්‍රා ආබාධ වලින් පරිස්සම් වන්න.

කන්‍යා

ඔබට මෙම සතියද තරමක ඉවසිලිමත්ව ගත කල යුතු සතියකි. තමන්ගේ ඥාති වර්ගයා කරණකොටගෙන තමාට ආර්ථික අවාසි ඇතිවිය හැක. එසේම මුදල් පරිපාලනය මේ කාලයෙදි අතිශයින් දුර්වල විය හැක. ඒරාෂ්ඨක අපලයක් පවති.
ගෘහ ජිවිතය, ප්‍රීතිමත්ව ගතවේ.
සෞඛ්‍ය තත්වය වරදක් නැත. කේතු මහ දසාව ගත කරන අයට මේ කාලය තරමක් අපලයි. වාහන වල ගමන් බිමන් යන අය අනතුරු වීමට ඉඩ ඇත. මුහුණ සහ හිස අනතුරුවිය හැකි නිසා පරිස්සම් වන්න.

තුලා

ඔබට මෙම සතිය තරමක අවිවේකි සතියක් වනවා ඇත. ආර්ථික වාසි සැලසේ. නමුත් ඒ හා සමාන වියදම්ද ඔබට ඇතිවේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. නමුත් කෑම කන මේසයේදි යම් නොවැදගත් කාරණාවකට රණ්ඩු සරුවල් වීමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල දෝෂ නැත. තුලා ලග්නයෙන් උපන් සියලුම අයට මෙම පෙබරවාරි මස 1 වෙනි සතියේ සිට උපරිම අවස්ථාවන් ලැබේ.(දියුණුවට)

වෘශ්චික

ඔබට මෙම සතිය තරමක දුෂ්කර සතියකි. ආර්ථික වාසි ඇතිවන නමුදු ඔබ ලගින්ම ඉන්නා සමහරු නිසා එම වාසි අත් නොවේ. බාධක ඇතිවේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත කිරිමට පුලුවන. එහෙත් මෙවැනි තත්වයක් යටතේ වෘශ්චික ලග්න හිමි ඔබ ඉතාම තීරණාත්මකව කටයුතු කල යුතුය.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල උපද්‍රව නැත. නමුත් ලිස්සා වැටීමකට ඉඩ ඇත.

ධනු

ලග්න ඔබට මේ සතිය ප්‍රීතිමත් සතියකි.
චන්ද්‍රයා මිථුන රාශියේ බලවත් බැවින් ප්‍රබල අපල නොමැත.
විවාහ අපේක්ෂාවෙන් පසුවන අයට විවාහ අවස්ථා ලැබේ. එමෙන්ම දරු සම්පත් ඇතිවේ. ඉතාම ශුභ සතියකි. අගදි ලෙඩදුක් වලින් තරමක් පරිස්සම් වන්න.

මකර

ඔබට මේ සතිය තරමක බාධාකාරි සතියකි. එහෙත් කතෘවරු ප්‍රකාශ කරන්නේ, තමන්ගේ පදවි තානාන්තර වලට විරුද්ධව පන්දම් අල්ලන්නො බොහෝ වෙති. තමාගේ අභිමතය පරිදි වැඩ කිරිමට බාධා ඇත.
ප්‍රේම සබදතා සහ අඹුසැමියන් අතර යම් විරසක වීම් ඇතිවිය හැකිය. එහි ප්‍රබල බාධා ඇත.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු, උදරාබාධ සහ මුත්‍රා ආබාධද, කාන්තාවක් නම් විශේසයෙන්ම ආර්තව චක්‍රයේය අක්‍රමතාවක් ඇතිනම් පරික්ෂා කරවා ගන්න.

කුම්භ

ඔබට මෙම සතිය ප්‍රීතිමත් සතියකි. දරුවන්ගේ දක්ෂ පක්ෂකම් බලාගැනිමට ඉඩ ප්‍රස්තාව ලැබේ. දරුවන්ට මනා කොට ඔවුන්ව ආයෝජනයට ගැනිමට පුලුවන. එනම් ආයෝජනය වන්නෙ අධ්‍යාපනයයි. එම තත්වයත් යහපති.
ගෘහ ජිවිතය පෙරකිවාසේ ප්‍රීතිමත් වේ. වැඩිහිටි ඥාතින්ගෙන් උදව් ලැබිය හැක, නමුත් කොන්දේසි සහිතවයි.
සෞඛ්‍ය තත්වයේ වෙනසක් නොපවති.

මීන

ඔබට මෙම සතිය ප්‍රීතිමත්ව ගත කිරිමට පුලුවන. තමන්ගේ ඥාතින්ගෙන් අවදානයට ලක් වන කාලයකි. 8 අඟහරු/කුජ, සෙනසුරු/ශනි සිටින නිසා කලබලකාරි බවින් අත් මිදෙන්න. මෝඩ වැඩ කරගැනිම නිසා යම් ආර්ථික වශයෙන් තැවුල්කාරි තත්වයකට පත්විය හැක.
ගෘහ ජිවිතය පෙරකීවාක් මෙන් ප්‍රීතිමත්ව ගත වේ. මුදල් ලැබේ. නමුත් 12 වැන්න හා 2 වැන්න පාපපීඩිත නිසා තැන්පත් ධනය නැත.
සෞඛ්‍ය තත්වය එතරම් යහපත් නොවේ. කුජ මහ දසාව ගත කරන අයට මෙම කාලය තරමක අපල බව කිව යුතුය. ඒ 8ට කුජගේ පැමිණිම නිසාය. තවද උසස් පෙලේ සමාජයෙන් ආධාර උපකාර ලැබේ.

Monday, February 10, 2014

ඉපදුනු දිනය අනුව... පොදුවේ මෙහෙමයි 1-31 දක්වා



1
නායකත්වයට දක්ෂතා ඇති කෙනෙකි. අන් අය පාලනය වැනි අධිකාරි කටයුතු කල හැක. බොහෝවිට නිවරදි තීරණ ගනී. සංවේදී කෙනෙකි. එනමුත් එය පිටට නොපෙනේ. අය තම අවශ්‍යතාව පරිදි කළමනාකරණය කරයි.

2
බොහෝ හැඟීම්බර ගති ඇත. ප්‍රේමයෙදි විසේසයෙන් සංවේදීය. සමාජශීලිය. ඉක්මණින්ම මිතුරන් ඇති කරගනී. එසේ වුවත් වතාවක කලබල වේ. ඉක්මන් කේන්තිය ඇතිවේ. ඉක්මණින් දුකට පත්වීමටත් හැකියාව ඇත.

3
නිතරම අවිවේකයෙන් පහසුවෙන කෙනෙකි. වංචාකරුවන්ට හසුවීමේ ප්‍රවණතාවක් ඇත. යහපත් සිතිවිලි ඇත. කලා කටයුතු සාහිත්‍ය ආදි කටයුතු වලට බොහෝ දක්ෂතා ඇත. බොහෝ සංවේදි ලක්ෂණ ඇති නිසා අනවශ්‍ය දුක් සිතට ගැනීමටද දක්ෂය.

4
කෙලින් ගති ඇති අවංක කෙනෙකි. ඉතා අපහසු කටයුතු පවා හෙමින් කලබලයකින් තොරව කරයි. හැඟීම් මනාව පාලනය කරගනී. එසේ වුවත් ආදර කටයුතු වලදි ඉතා දැඩි වේගවත් තීරණ ගනී. සමහර අයට ඔබ දැඩි මුරණ්ඩු ගති ඇති අයෙකු ලෙසෙ පෙනේ. හොද සංවිධාන හැකියාවක් ඇත.

5
කණ්ඩායම් පිරිස් සමග සහයෝගයෙන් නිසිලෙස කටයුතු කිරීමට හැක. නිතරම නව සිතිවිලි ඇතිවේ, නව අදහස් ඇතිවේ. උපන්නාට ඔහේ වැනෙන්ට කැමති නැත. වෙනස හදුනාගෙන වැඩ කරයි. ක්‍රමිකව දියුණු වන වෙනස හා හැඩ ගැහෙන දියුණු ලක්ෂණ ඔබට ඇත. ඕනෑම දෙයක් මනාව විශ්ලේෂණයට දක්ෂය. විටෙක කලබලකාරි වන අතර එසේ වුවොත් වගකීම් ඉටු නොවිය හැකිය.

6
යහපත් ගති පැවතුම් ඇති අවංක ඍජු අදහස් සහ පැවතුම් ඇති කෙනෙකි. වගකීම් සිතට ගෙන ඒ අනුව කටයුතු කරයි. පවුල ගැන මෙන්ම හිත මිතුරු අය ගැනත් දැඩිව සිතයි. අරපරිස්සම් ලක්ෂණද දැකිය හැක.

7
තම මතයටම කටයුතු කිරීමේ ගති ඇත. ඕනෑම දෙයක් මනාව සිතා බලා කටයුතු කරයි. ඒනිසා ජය ලබයි. ඕනෑම දෙයක් කල හැකි බව සිතන කෙනෙකි. සිත හයිය කෙනෙකි. එසේ වුවත් සිතට කලකිරිම වේගයෙන් ඇතිවේ. මුරණ්ඩු ගති ඇත, අන් අය පාලනයට දක්ෂය.

8
ව්‍යාපාර වලට බොහෝ දක්ෂ අයෙකි. ඕනෑම දෙයක් ගැන තක්සේරු කල හැක. පාලන කටයුතු වලට දක්ෂය. සකසුරුවම් කෙනෙකි. සෑම කටයුත්තකටම වෙලාව ඇති කෙනෙකි. දියුණුව ලබයි.

9
අනුකම්පා සහගත ගති ඇති මනුෂ්‍යත්වයෙන් පිරි අයෙකි. සාධාරණය, යුක්ති ගරුකය, හොඳ හදවතක් ඇත. අන් අය හා සහයෝගයෙන් වැඩ කරයි. අන් අය වෙනුවෙන් කැප වන කෙනෙකි.

10
ස්වාධීන චින්තනයක් ඇත. නායක ගති ඇත. සැලසුම් මනාව කර කටයුතු කරයි. සංවේදි වුවත් හැඟීම්බර නොවි බුද්ධියෙන් වැඩ කරයි. නායකයෙක් ලෙස පිලිගැනීමට ලක්වේ.


11
අන් අය සමග ඉතා සහයෝගයෙන් වැඩ කරන කෙනෙකි. අධ්‍යාත්මය දියුණු කරගැනීමට හැකියාව ඇත. සංවේදිය. ධාරණ ශක්තිය ඇත. ව්‍යාපාර කටයුතු වලට හැකියාව ඇත, විටෙක ගැටළු ඇති කරගනී. නිර්මාණකරණයට දක්ෂය.

12
අවිවේකි බව ඇති කෙනෙකි. යහපත් සිතිවිල ඇත. ලේඛණ කටයුතු වලට දක්ෂය. කාර්යක්ෂමය. පරිකල්පන ශක්තිය ඉතා ඉහලය. ඔබගේ එම දක්ෂකම් වලට නිවරදි උනන්දුව හා කැපවීම යොමු කරන්නේ නම් බොහෝ දුර යා හැකි නමුත් නිතරම වෙනත් ඒවා ගැන සිතීම දියුණුවට බාධාවකි. ආදරෙයදි හිතෛශීය.

13
අන් අය අතර කැපී පෙනෙන කෙනෙකි. විනීත ගති පැවතුම් ඇත. අවංකය. තනියෙන් තමන්ගේ පාඩුවේ වැඩ කල හැක. කෙසේ වුවද විටෙක තම මතයටම කටයුතු කිරීමට යාමෙන් දෝෂ දර්ශනයට ලක්විය හැක. සංවිධාන කටයුතු වලට ඉතා දක්ෂය.

14
අන් අයගේ සතුට වෙනුවෙන් කටයුතු කිරීමට හැකියාව ඇත. අදහස් නිවරදිව ගලපා ඉදිරිපත් කරයි. කටයුතු මනාව සැලසුම් කර සිදු කරයි. නිතර වෙනස්වීමට කැමතිය. දේශදේශාන්තර වල සංචාරයට කැමතිය. තීරණ වේගවත්ය. බොහෝවිට අවංක වේ. විටෙක කලබලකාරිය. වගකීම් ඉටු කිරීමේදි සිතා බලා කටයුතු කල යුතුය.

15
පවුලේ අය වෙනුවේන නිබඳව බැඳී සිටී. යහපත් ගුණ ගරුක දෙමාපියන් ලබයි. තම දරුවන්ද යහපත් වේ. වගකීම් ගැනීමට හැකියාව ඇත. සහයෝගයෙන් එකමුතුව වැඩ කිරීමට කැමතිය. කලාවට දක්ෂය. මුරණ්ඩු ගතිද ඇත. ලෝභ නැත.

16
තද ස්ථිරසාර හිතක් ඇත. කල්පනාවට බරය. තනියෙන් වැඩ කිරීමට කැමති කෙනෙකි. මුරණ්ඩු ගතිද ඇත. ඒ නිසා ආදරය වැනි කටයුතු වලදි ගැටළු ඇතිවිය හැක. බොහෝවිට හොද යහපතක් කෙනෙක් ලෙස පිලිගැනීමට ලක්වේ. විද්‍යාවට ආගමට ගරු කරයි. හැඟීම්බරය.

17
ව්‍යාපාර වලට හැකියාව ඇති කෙනෙකි. අවංක ගුණගරුක කෙනෙකි. ව්‍යාපාර වලින් බොහෝ ලාභ ලබයි. මනාව සැලසුම් කර කටයුතු කරයි. මහා පරිමාණ ව්‍යාපෘති නිවරදිව හසුරවයි. ආරම්භ කරන කටයුත්ත නිවරදිව අවසන් කරයි. විටෙක අපරික්ෂාවෙන් කටයුතුද කරයි.

18
මානව හිතවදායි. පරාර්ථයට නුඹුරුය. පාලනය කිරිමට දක්ෂය. සාධාරණ කෙනෙකි. කාරුණිකය. ත්‍යාගශීලිය. හැඟීම් වැඩිය ප්‍රදර්ශනය නොකරයි. අන් අය වෙනුවෙන් පෙනී සිටී.

19
සංවේදිය. හැඟීම් විටෙක සඟවාගෙන සිටී. සමාජයේ කැපී පෙනේ. අවවාද පිලිගැනිමට වැඩි කැමැත්තක් නැත. මධ්‍යස්ථය. ඉගෙනීමට ප්‍රියයි. කලබල නොවේ. ඉක්මණ් කෝපය ඇත.

20

සමාජශීලිය. අනුකම්පා සහගත හිතක් ඇත. ආදරය වෙනුවෙන් අවංකව කටයුතු කරයි. සිත බිඳ වැටීමට පුලුවන. එසේ වීම් වලදි සිත ශක්තිමක් කරගන්න. අන් අය අනවශ්‍ය ලෙස විස්වාස නොකරන්න.
21
අවිවේකිව ජිවිතය ගත කිරීමට සිතයි. එනම් නිතරම වැඩ කිරීමට සිතයි. පහසුවෙන් රැවටීමටද ඉඩ ඇත. හොඳ යහපත් සිතිවිලි ඇත. කලා කටයුතු වලට දක්ෂය. හොඳ බුද්ධියක් ඇත. ඉතා සංවේදි ගති ඇත. සමාජයට ප්‍රියයි. වෙන අයගේ ගැටළු තමන්ගේ මෙන් සිතන නිසා තම කටයුතු අතපසු විය හැක. පවුලට මිතුරන්ට හිතෛශීය. හදිසියේම බිඳ වැටීමේ ලක්ෂණ ඇති නිසා ඒ ගැන සිතන්න.

අවිවේකිව ජිවිතය ගත කිරීමට සිතයි. එනම් නිතරම වැඩ කිරීමට සිතයි. පහසුවෙන් රැවටීමටද ඉඩ ඇත. හොඳ යහපත් සිතිවිලි ඇත. කලා කටයුතු වලට දක්ෂය. හොඳ බුද්ධියක් ඇත. ඉතා සංවේදි ගති ඇත. සමාජයට ප්‍රියයි. වෙන අයගේ ගැටළු තමන්ගේ මෙන් සිතන නිසා තම කටයුතු අතපසු විය හැක. පවුලට මිතුරන්ට හිතෛශීය. හදිසියේම බිඳ වැටීමේ ලක්ෂණ ඇති නිසා ඒ ගැන සිතන්න.

22
යුතුකම් වගකීම් නිසි ලෙස කිරිමට දක්සය. කුමන තරමේ විශාල කටයුත්තක් වුවත් කිරීමට දක්ෂය. ඕනෑම අභියෝගයක් ජය ගත හැක. විටෙක මුරණ්ඩුය. එසේ වුවත් මනාව සැලැසුම් කර සංවිධානයට දක්ෂය. චිත්‍ර වලට දක්ෂ විය හැක. සියලු යහපත අතර ඉක්මණ් කලබලයද ඇත.

23
නායකත්ව ලක්ෂණ ඇත. සුහදහීලිය. මනාව සිතා බලා තීරණ ගනී. සංවිධායට දක්ෂය. වෙනසට කැමති කෙනෙකි. ක්‍රමිකව දියුණු විය හැක. කටයුතු විශ්ලේෂණයටද දක්ෂය. අවංකය. නිතර කඩිසර නිසා විටෙක කලබලකාරිය. ඒනිසා වගකීම් හා යුතුකම් වලදි අපහසුතා ඇති කරගනි. හොඳ මිතුරන් සිටී.

24
අන් අයට උදව් කරයි. වගකීමෙන් කටයුතු කරයි. සාමයට කැමතිය. මැදිහත් කරුවෙකු වෙයි. පවුනට, මිතුරන්ට හැකි අයුරින් සලකයි. හැඟීම්බර සංවේදි ගති ඇත. ආදරය කිරීමේදිද හොඳ චරිතයකි.

25
සර්වසුභවාදි ගති ඇත. සම්ප්‍රදායට එකඟය. බුද්ධියේන කටයුතු කරයි. වගකීම් දරයි. වින්දන කටයුතු වලට කැමති මුත් එය නොපෙන්නවිය. විටෙක ගුප්ත කටයුතුද ඇත. තම මතය ගැන දැඩිව විස්වාස කරයි. තම මතය ගැනම සිතීම පාඩු ලබාදිය හැක.

26
ව්‍යාපාර වලින් දියුණු වන කෙනෙකි. හැකියාවෙන් දියුණු වේ. කළමනාකරණ කටයුතු වලට දක්ෂය. මුදල් අරපිරිමැස්මෙන් වියදම් කරයි. ඕනම තත්වයකට අනුගත විය හැකි කෙනෙකි. සතුටු වන කනෛකි.

27
මනා දැක්මක් ඇත. සාධාරණව සිතයි. ත්‍යාගශීලිය. අන් අය හා සුහදතාවයෙන් කටයුතු කරයි. විවේක වේලා වලදි බොහෝ කල්පනා කරයි. පරාර්ථකාමි ගති ඇත. මිතුරන් බොහෝ සිටී.

28
ස්වාධීන මතධාරිය. නායකත්ව ලක්ෂණ ඇත. නිවරදිව තීරණ ගනී. වැඩ පටන් ගෙන මනාව ගෙනයයි නමුත් හදිසියේ ඒවා නවතී. සැලසුම් කිරීමට දක්ෂය. නායකත්වය දැරීමට සුදුසු කෙනෙකි. හැඟීම් යටපත් කරගැනිමටද දක්ෂය.

29
ඉක්මණින් කලබල වේ. ඒනිසා ව්‍යාපාර ආදියට එතරම් සුදුසු නැත. පරික්ෂාකාරි ගති ඇත. සංවේදිය. නිර්මාණශීලි කටයුතු වලට දක්ෂය. යහපත් සිතිවිලි ඇත.

30
තම සතුට වෙනුවෙන් කටයුතු කරයි. නිර්මාණකරණයේ නියුතු විය හැක. ලේඛණ කටයුතු වලටද දක්ෂය. හොඳ අදහස් ඇත. රංගනයටද සුදුසුය. සාධාරණයට යුක්තියට කැමති කෙනෙකි.

31
ව්‍යාපාර වලින් දියුණුව අත්කරගත හැක. කැපවීමෙන් කටයුතු කරයි. ඉවසීමෙන් කටයුතු කරයි. දියුණු වේ. දැඩි තීරණද ඇත. හොඳින් සිතා බලා කටයුතු කරයි. තනිවී ජීවත් නොවි මිතුරන් පවුලේ අය සමග කටයුතු කරමින් දිවි ගෙවීමට සිතයි. විවාහය ඉක්මණ් විය හැක. දියුණු වීමට හැකියාව ඇත.

Friday, February 7, 2014

පොදු වාස්තු විද්‍යා කරුණු

අද කාලයේ ආර්ථික තත්වයට සහ අප සියලු දෙනාගේම ජිවිත වල දියුණුවට හෝ පිරිහිමට බලපාන වාස්තු විද්‍යා කටයුතු ගැන පොදු විස්තරයක් මෙසේය.

● විසේසයෙන්ම ඉඩමක් තෝරා ගැනීමේදි ඉඩමේ හැඩ තල ගැන සැලකිලිමත් විය යුතුය.
මෙහිදි වෘත්තාකාර, පද්මාකාර, සිංහ මුඛ, ඡත්‍ර ආදිය උදාහරණ වේ.

● නිවස, සුසාන භූමි මැදිකර ඇත්නම්, බන්ධනාගාර, පොලිසි වැනි නීතිය ක්‍රියාත්මක කරන තැන් ඇත්නම් සහ පහත් කුල වල අය සිටී නම් එම ඉඩම එතරම් වාසනාවන්ත ඉඩමක් වන්නෙ නැත.
මෙයින් නිවැසියන්ට යම්කිසි උපද්‍රවකාරි තත්වයක් ඇතිවේ.

● තවද නිවසේ ඉඩමේ අකුණු සැර වැදුනු ගස් තිබීම අසුභ බව කියමි.
ලංකාවේද සමහර පලාත් වල යම් යම් පවුල් වල අය තමාගේ පවුලේ සාමාජිකයෙක් මිය ගිය පසු තම ඉඩමේම මිහිදන් කරති.
එම ක්‍රියාව නිසා එම පරපුරේම අය පිරිහී දුකට පත්වෙන තත්වයකි. යක්ෂ, භූත, පිසාච උපද්‍රව ඇතිවේ.

● නිවස ඉදි කිරීමටද ශුභ තිථියන් ගෙහිමියන්ට අයිති නැකැත් වල ශුභ කාලයන් තෝරා ගත යුතු අතර නිවස ඉදි කිරීමට තෝරා ගන්නා දැවද යම් ආකාරයකට තෝරා බේරාගෙන කටයුතු කල යුතු බව පවසමි.

● නිවසකට ප්‍රධාන දොර ඉතාම වැදගත්ම සාධකයකි. එම දොර තැබීම සඳහා පලපුරුදු වාස්තු ජෞතිෂ්‍යය වේදින් හා කතා කර තැබීම සුදුසු වේ.
ප්‍රධාන දොර කෙලින් අංශක 90 බිත්ති, පරාල, කණු තිබීම නිවසට අසුභ ගෙනෙන වාස්තු පිහිටිම්ය.
ප්‍රධාන දොර ඉදිරිපිට කිරි නැති හර ගස් තිබීම අශුභය.

● තවද වැසිකිලි වල සහ වැසිකිලිය ගෙදරට දෝෂ ගෙනෙන ප්‍රබලම ස්ථානයකි. එම ස්ථාන ගෙදරට අයහපත් නොවන ආකාරයට ස්ථාපනය කරගැනීම කල යුතුය.
විසේසයෙන්ම නානකාමර, වැසිකිලි කැසිකිලි මුළුතැන් ගෙයට යාබද හෝ සමාන්තරව වන්දනාමාන කටයුතු කිරීම අයහපත් බව සඳහන් කරමි.
ඒවා සුභ ස්ථාන වලට දිශානුගත කල යුතුය.

● තවද බුදු රූප, දේවරූප යනාදි තමන් අදහන ආගමට අයිති සංකේත හෝ එම ශාස්තූන්වහන්සේලාගේ රූප අශුභ දිශා බලා තැබීම අයහපත්ය.

* නිවසක් ඉදි කිරීමට කලින් භූමිය පරික්ෂා කරවා ඉන්පසු වාස්තු විද්‍යානුකූලව තමාගේ නිවසේ සැලසුම පරික්ෂා කරවා ගැනීම ඔබට මහඟු ප්‍රතිඵල අත් කරගැනීමට හේතු වන කාරණයකි.

* මන්ද අපට බොහෝවිට ලැබෙන්නෙ නිවස ඉදිකල පසු වාස්තු පරික්ෂාවන්ය.
ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කර ඉදි කරන එම ඉදිකිරීම් වල ශුභ අශුභ පරික්ෂා කිරීමට අපට ආරාධනය කල පසු අප එම ස්ථාන වල දෝෂ ඉදිරිපත් කිරීමට අපට සිදුවන්නේ දැඩි මානසික කඩාවැටීමකින් පසුය.
මන්ද එපමණ මුදල් වියදම් කර තනන නිවසේ යම් යම් වෙනස්කම් කිරීමට උපදෙස් දීමේදි ප්‍රායෝගිකව එම කටයුතු කරගැනීම එම නිවැසියන් තවත් අමාරුවට වැටීමට හේතුවක් වන නිසාය.
මෙහිදී නිවැසියන්සේම අපද මහත් මානසික සහ උපදේශනාත්මක වශයෙන් අපහසුතාවයකට ලක් වන්නෙමු.
එම නිසා මුලින්ම නිවස සහ භූමිය පරික්ෂා කරගැනීම ඉතාම වැදගත් බව සඳහන් කරමු !

කුජ මාරුව.. ලග්නෙට කොහොමද (පෙබ.4 සිට)

මේෂ
කුජ මාරුව, තරමක් දුරට 7 වැන්නේ සිදුවන බැවින් උදරාබාධ සහ ඌෂ්ණාධික රෝග, රත්පිත් ලේ කෝපවීම යම් ආකාරයකට මුත්‍රා ගල් ඇතිවීම සහ මුත්‍රා රෝග ඇතිකිරීමට - යටි බඩ ආශ්‍රිත රෝග ඇතිකිරීමට හේතුයි.

වෘෂභ
ලග්න හිමි ඔබට, උපචය ග්‍රහයන් 3ක් 6 වැන්නට පැමිණි නිසා නඩු හබ පරාජය කිරීමට හැකිය. සතුරන් දමනය වේ. බොහෝවිට සතුරන් තමාගේ ඉදිරියට සමාව භජනය කිරීමට පැමිණේ, සමාව ඉල්ලයි. එමෙන්ම තමා ඉදිරියේ පාපෝච්ඡාරණය කරයි. තමාගේ යටත් සේවකකාරකාදීන්ට ඔබ මේ කාලයෙදි කාරුණිකව සැලකීම අවශ්‍යයි, මන්ද මේ කාලයේ ඔබට කේන්ති යන බැවිනි.
*අපත්‍ය ආහාර පාන වලින් පරිස්සම් වන්න. ඔබටද උදරාබාධ වැලදීමට හේතු ඇත.
ගැබිණි මව්වරුන් පරිස්සම් වන්න. ඒ අය බෝධි පූජා පැවැත්වීම යහපති. කතරගම දෙවියන්ට භාරවීම යහපති.

මිථුන
ලග්නයේ ඔබට තරමක ශුභ අශුභ මිශ්‍ර පල පෙන්වයි.
සිතේ අභ්‍යන්තරිකව කලකෝලාහල වලට පොළඹ වන යම් කිසි හිතුවක්කාරි ගති ඇතිවිය හැක. විද්‍යා ස්ථානය බැවින් ඔබට කිසියම් ආකාරයකට අධ්‍යාපන කටයුතු තරමක් අඩාල විය හැක. නමුත් කාර්මික ක්සෙත්‍රය, ඉංජිනේරු ශිල්පය, වෛද්‍ය ශිල්පය හදාරන ඔබට එය එතරම් බලාපන්නේ නැත. ඔබ මෙම කාලයෙදි ඉවසිලිවන්තව කටයුතු කිරීම පමණක් ප්‍රමාණවත් බව සඳහන් කරමි.

කටක
ලග්නයෙන් උපන් ඔබට පූර්ණ වශයෙන්ම මෙම ග්‍රහ සංයෝගය 4 වැන්නේ තැන්පත් වීම අශුභ බව කිව යුතුය. විසේසයෙන්ම ගෘහ ජීවිතයේදි යම් යම් ආර්ථික දුස්කරතාවයන්ද, හිතේ කනස්සලු ගතියද ඇතිවේ. ආවේගශීලි සිතිවිලි ඇතිවන බැවින් සිත පාලනය කරගැනීම වැදගත්ය. එය ඉතාම වැදගත් බව සිතේ තබාගන්න.
නිශ්චල, චංචල දේපල සම්බන්ධව ආරවුල් ඇතිවිය හැක.
උෂ්ණාධික රෝග සහ ගැස්ට්‍රයිටීස් ඇතිවිය හැක.

සිංහ
ඔබට ප්‍රබල වාසනාවන්ත කාලයක් බව කිව යුතුය.
උත්සාහයෙන් උනන්දුවෙන් සහ පෙරටුගාමි සිතිවිලි ඉදිරියට යන ඔබ දහිරිය සහ උත්සහය නිසාම සියලු බාධක ජයග්‍රහණය කරයි. ප්‍රබල ග්‍රහයන්ගේ අපල උපද්‍රව පැවතියද සමහර සිංහ ලග්න කරුවන්ට මෙම අවස්ථාව ඉතාම සුභ වන විරල අවස්ථාවක් බව කිව යුතුය.
මෙම ඉදිරි කාලයෙදි සිංහ ලග්නයේ ඔබ අධ්‍යාත්මික කටයුතු, ආගමික කටයුතු වලට නැඹුරු කරවන කාලයකි.

කන්‍යා
තම වචනය, හැසිරීම සහ ඉරියව් නිසා බොහෝ දේවල් වලින් මානසික පීඩාවක් ඇතිවිය හැක. ඔබගේ අයහපත් වචන භාවිතය නිසා සමහරවිට ඔබගේ හිතවත්ම අය අහිමිවී යා හැකිය.
යන්ත්‍ර සූත්‍ර වල වැඩ කරන අයද, යතුරුපැදි වල ගමන් කරන කන්‍යා ලග්නයේ අයද විදේශ රැකියා වල නියුතු අයද එදිනෙදා ජීවිතයේ අනතුරු වලින් තම මුහුණ, පපු ප්‍රදේශය, නළල, අත් ප්‍රවේසම් කරගන්න.
කන්‍යා ලග්න හිමි කුඩා දරුවන් ගින්දරෙන් විදුලියෙන් උණු වතුරෙන් ආරක්ෂා කරගන්න.

තුලා
විවිධ ක්ෂෙත්‍ර වල ඉහල ස්ථාන වල වැඩ කරන කාර්මික ශිල්පීන්, හමුදාවේ පොලිසියෙ වැඩ කරන අය, යන්ත්‍ර සූත්‍ර වල වැඩ කරන තුලා ලග්න අය අනතුරු වලින් ආරක්ෂා වීමට වග බලාගන්න.
හදිසි කෝපය සහ කේන්ති යාම නිසා තමන් ඉන්නාවූ වටපිටාවේ අය සමග යම් යම් අනවශ්‍ය ගැටළු වලට මැදිහත් වීමට ඉඩ ඇත. තදබල හිසේ කැක්කුම් ඇති අය ඒවාට වෛද්‍ය ප්‍රතිකාර ගන්න.

වෘශ්චික
ලග්නය හිමි සියලුම දෙනාට මෙයද කඩා වැටුනු අමුතුම ආකාරයේ අසුභ ග්‍රහ තත්වයකි. නීතිමය කරදර වලින් පරිස්සම් වන්න. දැවැන්ත වූ ණයතුරුස් වලට හසුවීමට ඉඩ ඇත. තමා සතු ධනය සොරු ගැනීමට ඉඩ ඇත.
ආයෝජන කිරීම අශුභ බව ප්‍රබලවම කිව යුතුය. බොහෝවිට ඒවාට යොදන මුදල් ගඟට කැපූ ඉනි මෙන් විය හැක.
අඹු සැමියන් විසේසයෙන්ම තමන්ගේ ප්‍රශ්න ගොඩින් බේරා ගත යුතුය. අප මෙහිදි සදහන් කරන්නේ වෘශ්චික ලග්නයේම දෙදෙනෙක් විවාහ වී ඇත්නම් පමණි.

ධනු
ගොවිතැන් කරන අය, භූමිය සම්බන්ධ වැඩ කරන අය සහ විදේස රැකියා වල නියුතු අයට මෙම ග්‍රහ මාරුව අනුව සුබයි.
නඩු හබ වලින් තමන්ට ජය අත්වේ. කාලයක් තමන්ට මඟහැරී සිටි මිතුරෙක් ලගට පැමිණ උදව් කල හැක. තවද විසේස වශයෙන්ම මැණික් කර්මාන්තයේ නියුතු අයට වාසිදායක බව කිව යුතුය. රත්නපුර සහ ඒ ආශ්‍රිත පලාත් වල මැණික් කර්මාන්තයේ යෙදෙන ඔබ තව දියුණු වන කාලයකි.

මකර
සියලුම විදේස රැකියා කරන අයට, සහ ලංකාවේ යම් යම් ක්ෂෙත්‍ර වල එනම් ඉංජිනේරු, වෙලද ප්‍රවර්ධන ක්සෙත්‍ර වල සිටින අයට ප්‍රබල ශුභ කාලයකි. ඉතාම ශුභයි.
රැකියා වල දියුණුව සහ තමන්ගේ ඇගයීම පාලනාධීකාරිය විසින් කරනු ඇත.

කුම්භ
ලග්න හිමි අයට ශුභ බව කිව යුතුය.
ශුභ කටයුතු සාර්ථක වේ. විදේස රැකියා බලාපොරොත්තු වන අයට විදෙස් රැකියා ලැබේ. සමහරුන්ට දීර්ඝ විදේස සංචාර ලැබේ.

මීන
මේ ග්‍රහ මාරුව තරමක් අයහපත් බව කිව යුතුය.
රත් පිත් දෝෂ, ලේ විෂවීම, ජීර්ණ ආබාධ සහ ශල්‍ය කර්මයක් බලාපොරොත්තුවෙන් සිටින මීන ලග්න කරුවන් මේ කාලය එම කටයුතු කිරිම යහපත්ය. අපත්‍ය ආහාර පාන වලින් පරිස්සම් වන්න.

අප මේ සදහන් කලේ මෙම කුජ මාරුවේ පොදු ශුභ අශුභ පලාපලයකි.

* කුජගේ අසුබ පල අඩු කරගැනීමට සහ සුබ පල වැඩි කරගැනීමට කුජ ග්‍රහ දෙවියාට මූලකාරක වන කතරගම දෙවිදුන් නැමදීම බොහෝ උසස් ප්‍රතිඵල ලගා කරගැනීමට හේතුවකි.

** අඟහරුවාදා දින වල බෝධි පූජා පවත්වා තරුණ මව්වරුන්ට, තරුණ භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය දෑ පූජා කර, එම පින්ද කතරගම දෙවියන්ට අනුමෝදනා කිරීමෙන් ඔබගේ අපල තත්වයන් සමනයටද, ශුභ පල වැඩිවීමටද හේතු වනු ඇත.

_ කුජ මාරුව_  (2014 පෙබ.4 සිට)



ග්‍රහ ලොව සෙන්පතියා වන කුජගේ ග්‍රහ ගෝචරය සහ මාරුව සෑම සියලු දෙනාගේම කතා බහට ලක්වෙන ග්‍රහ ගෝචරයකි.
මෙම තත්වය “දේශපාලන ක්ෂෙත්‍රයේ සිටින අයටද කාර්මික ක්ෂෙත්‍රයේ නියුතු අයටද, විදේශ රැකියා කරන අයටද“ තීරණාත්මකව බලපායි.

* සෙන්පති කුජ කන්‍යා රාශියේ සිට තුලා රාශියට මාරු වන්නේ 2014 පෙබරවාරි 4 දින සවස 2.27ටය.
එම රාශියට කන්‍යාවේ සිට තුලාවට පිවිසෙන විට නැකත වන්නේ කුජ හිමි සිත නැකත වේ.
* මෙම ග්‍රහමාරුව සුවිශේෂි ග්‍රහමාරුවක් වන්නේ, සෙනසුරුත් තුලා රාශියේම මේ අවස්ථාවේ සිටින බැවිනි. මෙම කුජ ශනිට අමතරව රාහුත් මෙම රාශියේම සිටී. මෙම ආකාරයට බලන විට මෙය කිසියම් ආකාරයකට ප්‍රබල ග්‍රහමය තත්වයකි.

මෙම තත්වය නිසා සාමාන්‍ය ජන ජීවිතයේ යම් යම් කලහකාරි සිද්ධින් විසේසයෙන්ම උද්ඝෝෂණ, පාරිසරික විපත්ති, ලොව පුරා උද්ඝෝෂණද, යම් යම් රටවල නායකයන්ගේ හිතුවක්කාරි ක්‍රියා කලාපයන් ඇතිවිමට පුලුවන.

* අප ශ්‍රී ලංකාවේද ප්‍රමුඛ පෙලේ කර්මාන්ත ශාලා වල පාලනාධිකාරියන් එම කර්මාන්ත ශාලා වල අනතුරු අවම කරගැනීමට උත්සුක වන්නේ නම් මැනවි. මන්ද කර්මාන්ත ශාලා වල බොයිලේරු, විදුලි පද්ධති යම් ආකාරයකට හානි වීමට ගිනි ගැනීමට පුලුවන.

* පොදුවේ ගත් කල ලංකා කුම්භ ලග්න කේන්දරයට නම් පෙරකී තත්ව තිබුනත් පොදුවේ ගත් කල ශ්‍රී ලංකාවට තරමක් ශුභදායක බව කිව යුතුය. ජාත්‍යන්තරව ශ්‍රී ලංකාවට එල්ල වෙන්නාවු කුමන්ත්‍රණ පැරදීමට සහ ජාතියක් වශයෙන් ජාත්‍යන්තරව අප රට පිලිගැනීමට ඇගයීමට අප රට ලක් වෙනවා ඇත. දැනට පවතින වියලි කාලගුණ තත්වය කර්කශව අප්‍රේල් මස දක්වා පැවතීමට ඉතාමත් ඉඩකඩ ඇත. පතල් වැඩ කරන අය ප්‍රවේසමින් වැඩ කිරීම යහපත්ය, නමුත් භූමි ලාභ ලැබේ.

Monday, February 3, 2014

ගව සම්පත රැක ගනිමු

“ මිනිසාට ගවයා තරම් සේවයක් කරනා සතෙකු නැත“ - බුදුරජාණන් වහන්සේ

“ ගවමස් කන්නා වසලයෙකි “ - අනගාරික ධර්මපාල තුමා...

කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ....
බත් රස දන්නෝ කෙත හඳුනන්නෝ...
කිරි සහ බත් රස දෙකම නොදන්නෝ....
මිනිසත් බව ලැබ කුමට උපන්නෝ....


කෘෂිකාර්මික දිවි පෙවෙතක් හිමි සිංහල බෞද්ධයාට වටිනාම සතා වූයේ ගවයාය. ගවයාගේ සියලු දේ ගොවිතැනටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් විය. ගවයා මැරුණු පසු ඇටකටු පවා ගොවිතැනට පොහොර විය. අද වැනි රසායනික ද්‍රව්‍ය නොව එදා භාවිත වූයේ කාබනික ක්‍රමයයි. විෂදායක නොවූ ක්‍රමයකි. පස්ගෝ රස සැදීමට ආදි සියල්ලට ගවයා මහෝපකාරි විය. අද නැවත කාබනික වගාවේ වටිනාකම් අවබෝධ වෙමින් පවතී. නැවත ඒ ක්‍රමයට ගියොත් ගවයාගේ වටිනාකම මැනවින් වැටහෙනු ඇති අතර ඒනිසාම ගව සම්පත රැකගැනීමට හැකි වෙනු ඇත...

ගෙදර සිටි ගවයාට නිවන් යාමට පැතූ ජාතියක උරුමකරුවන් වූ අප ගව ඝාතනය ඉවසීම පුදුමයට කරුණකි. එයට නීති ඇතත් ක්‍රියාත්මක නොවේ. මරා දමන ගවයින්ගෙන් 70%කටත් වඩා නියමිත සුදුසුකම් සපුරා නැත. යම් සිංහල බෞද්ධයන් කොටසක් ගව මස් භාවිත කරන අතර ඔවුන් සිංහලකමට නිගාවකි, ගම්බද ජනතාවගේ ගවයන් පැහැර ගැනීමට උදව් දීමටද ගමේම කෙනෙක් ඉදිරිපත් වීමත් ජාතියේ අවාසනාවකි. හරක් ලොරි අසු උනා කියා මාධ්‍ය වල දැනුම් දුන්නද එය ඉතා සුළු ප්‍රමාණයකි. අනික්වා ගතමනාව ලබාදී අවශ්‍ය දේ කරගනිති.

මෙය වත්මන් සමාජයේ ඇති වැරදි භාවිතයන්හි අතුරු ඵලයකි. පාලකයන්ද ජනතාවද රට ජාතිය ගැන නොසිතා තමන් ගැන සිතා වලපල්ලට යෑමට කරගන්නා පියවරකි. විවිධාකාර වූ සත්ව හිංසාවට විරුද්ධ සංවිධාන වලින් රටේ ඉහලම තැන් වලින්ද මේ පිළිබඳ නීති ගෙන ඒමට ඉල්ලා සිටියද සුළු ඡන්ද සංඛ්‍යාවක් වරදාන වරප්‍රසාද නැතිවේ කියා එයට අකමැති විය.
වෙනදාට වඩා ප්‍රබෝධයක් ඇතිවී තිබීම ගැන යහපත් බලාපොරොත්තු ඇත..