Showing posts with label අප සේවාව ගැන පැහැදුනු අය. Show all posts
Showing posts with label අප සේවාව ගැන පැහැදුනු අය. Show all posts

Friday, December 18, 2015

පුරා වසර 30-40ක ජ්‍යොතිෂ්‍යය ගමන් ම‍ඟේ අපගෙන් සේවය ලද අහිංසක මහතෙකුගේ සංවේදී කතාව !

කොත්මලේ ප්‍රදේශයේ පදිංචි වීරසිංහ මහතා, 2007 වසරේදි දරුණු ලෙස රෝගාබාධයකට ගොදුරු උනා. එම රෝගය නම් ආඝාත/ස්ට්‍රෝක් යන තත්වයට පත්වීමයි.

එම අවස්ථාවෙදි අප ඉරු සේවයේ රාජකරුණා මහතා විසින් සිදුකල නියමාකාර ජ්‍යොතිෂ්‍යයට අනුව කේන්දර පරික්ෂාවකට අනතුරුව ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුනු ශාන්ති කර්ම නිසාත්, ඒ අතර නියම කරන ලද සිංහල ආයුර්වේද වෙදකම් නිසාත් අද ඒ මහත්මා රෝගී තත්වයෙන් 80%කට පමණ සුවයක් ලබා සිටිනවා.

* විශේෂයෙන් කිව යුත්තේ, “වෛද්‍ය ප්‍රතිකාර“ සමග ග්‍රහ දෝෂයටද අදාල ලෙස දෙහි කපා දෝෂ නාශනය කරගෙන, ඉන්පසුව නිසි ආරක්ෂා යන්ත්‍රයක් පැලදී බවයි.

පසුගිය දිනෙක, අපට එම වීරසිංහ මහත්මා ඉරු සේවයේ ප්‍රධාන ජ්‍යොතිර්වේදි රාජකරුණා මහත්මයා සහ අපගේ සේවාව ගැන කෘතඥතා පූර්වකව කල සංවේදි අදහස් දැක්වීමේ වීඩියෝව ලගදීම අපගේ යුටියුබ් නාලිකාවෙන් !
(පොදුවේ කිවයුත්තේ වෛද්‍ය ප්‍රතිකාර කෙතරම් කලත් සුව නොවන්නේ නම්, අදාල ග්‍රහ අපලයක් එනම් අකුසල කර්මයක බලපෑමක් තිබිය හැකි බවයි)

https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA

Monday, November 2, 2015

Facebook Fan පේජය 40,000 ඉක්මවයි !

සමාජ ජාල වෙබ් අඩවි අතර වැඩියනේම අපගේ දෑ තිබෙන්නේ, ෆේස්බුක්හිය. වසර ගණනාවක එම අත්දැකීම සමග ගිණුමක් සහ ෆැන් පේජයක් යන 2ක්ම පවතී.
ඊයේ දිනයේදි ෆැන් පේජයේ පාඨක සංඛ්‍යාව 40,000 ඉක්මවීය !

* ‍Facebook Account 

* Blog

* Twitter

* YouTube

* Skype
- Iru.Sewaya

* email 
- irusewaya@gmail.com

* Google + 

* LinkedIn
(Iru Sewaya)

* Instagram

Saturday, October 3, 2015

* ජ්‍යොතිර්වේදියෙක් විසින් තවත් ජ්‍යොතිර්වේදියෙකු පැසසු දුර්ලභ අවස්ථාවක් !

ශ්‍රී ලංකාවේ, ජ්‍යොතිෂ්‍යයවේදින් අතර තමාගේ මතය අවංකව සහ නිර්භීතව ප්‍රකාශ කරන K AU සරත් චන්ද්‍ර මැතිතුමා අප ඉරු සේවය හරහා මුහුණු පොත් සාමාජිකයන්ට සහ සියලුම දෙනාට ඉටු කරන සේවය පැසසුමට ලක් කර ඇත.
විශේෂයෙන්ම එතුමා අප සේවය මගින් සතිපතා පල කරනු ලබන, ලග්න පලාපලය අගය කොට පසසා ඇත.
උගත් බුද්ධිමත් ජ්‍යොතිෂ්‍යයවේදියෙක් වන එතුමාට අපගේ සේවය සම්බන්ධව පල කල ශුභවාදි අදහසට එතුමාට ස්තුති වන්ත වෙමු !

එතුමා කරගෙන යන සේවයද ඉතාම හොඳින් කරගෙන යෑමට එතුමාට ධෛර්යය ශක්තිය ප්‍රාර්ථනා කරමු.

ස්තූතියි !

Sunday, August 23, 2015

විවෘත මනසකින් අනාවැකිය දෙස බැලූ පාඨකයන්ට අපගේ ප්‍රණාමය



අප සේවය හරහා සේවය ලබාගන්නා අය අතර ප්‍රධාන පක්ෂ 2ම අය සිටිති. සෑහෙන කාලයක සිට එය සිදුවන්නකි.
අපගේ අනාවැකිය හුදෙක් ජ්‍යොතිෂ්‍යය ශාස්ත්‍රය හරහා අනාවැකි කියන්නට හැකියාව ඇති බව පසක් කරන්නටය.
https://www.facebook.com/irusewaya/photos/a.1177395292277548.1073741849.833656709984743/1189831971033880/?type=1

* මේ ආකාරයට එම විග්‍රහයන් දැකීම ගැන අපට ඇතිවන්නේ සතුටකි, සැනසීමකි.
මක්නිසාද යත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එතුමාගේ ලගම ඥාතින්ට අප සේවය ලබාදී ඇති බැවින් පෞද්ගලිකව කිසිදු එදිරිවාදිකමක් අපට එතුමා සමග නැත.
අප විසින් මෙම විග්‍රහය කල බව පවා මහින්ද රාජපක්ෂ මහතා දනී.
විවෘත මනසකින්, සංහිඳියාවෙන් යුතුව මැතිවරණ අනාවැකිය දෙස බැලූ මෙවන් පාඨකයන්ට අපගේ ප්‍රණාමය !





Sunday, June 8, 2014

සිතිය යුතු දෙයක්.

ලෝකයේ එකම වෙලාවට උපන් දෙදෙනෙකු එක හා සමාන නොවන්නා සේකේන්දර සටහන් සහ අදාල පලාපලයද එයට අදාල ශාන්ති කර්මද කේන්දර සටහනෙන් කේන්දර සටහනට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

විශේෂයෙන් කල යුතු ශාන්ති කර්ම වලදී මේ තත්වයන් බලපායි. අය අපටද නැවත ප්‍රත්‍යක්ෂ වූයේ අප සේවයෙන් නිතර සේවා ලබාගන්නා ව්‍යාපාර කරන මහතෙකුට මේ ලගදී සිදුවූ අත්දැකීම් හේතුවෙනි.

රාහු මහ දසාව ගත කරන ඔහුට අප විසින් කේන්දර සටහනට අනුව නාගර්ජුන යන්ත්‍රයක් කර දුන්නේ අපල සම්පූර්ණයෙන් දුරු නොවී සුභ පල වැඩි කරදෙන ලෙසය. එයට හේතුව රාහුගෙන් ඔහුට ලැබීම තිබෙන බැවිනි, රාහු නිසා ප්‍රසිද්ධියද ධනයද ඔහුට ලැබින. එය ඔහු විසින් නාගර්ජුනය පැලද මාසයක් ඇතුලතම අපට ප්‍රකාශ කලේය. 

මෑතකදී ඔහු විසින් හිතවත් වෙනත් ගුරුන්නාන්සේ කෙනෙක්ට පවසා ව්‍යාපාර දියුණුව පිණිසයම “සූර්ය මණ්ඩලය, භුවනාධිපති සහ අති විශේෂ සර්ව ජන වශි යන්ත්‍රයක්“ද “ අභිසම්පිධාන යන්ත්‍රයක්ද“ පැළද ඇත. 
ඒවා පැලද ගතවූ මාස 1 හමාර තුල ව්‍යාපාර කටයුතු සහ ආදායම් මාර්ග වල සැලකිය යුතු වෙනසක් සිදුවී ඇත. එනම් ඔහු පාඩු ලබා ඇත. 
ලගදී අපට මුණ ගැසි සිදුවූ දෙය පැවසූ අතර අප විසින් ඔහුට සිදුවුනු දෙය පැහැදිලි කලෙමු.

එම අනිකුත් යන්ත්‍ර නිසා සිදුවී ඇත්තේ රාහුගේ සියලු බලපෑම සෑහෙන්න දුරුවීමයි. එනිසාම ඔහුගේ ධනෝපායන මාර්ග වලට බලපෑම් ඇතිවීම ඇත. යන්ත්‍රයන් යහපත් වන්නට හැකි වුවද ඔහුගේ කටයුතු අඩාල වීම මත එම යන්ත්‍ර ඔහුට නුසුදුසු බව නිර්දේශ කලෙමු. 

* එනිසා එක් එක් පුද්ගලයාට විශේෂයෙන් විශේෂ වන යන්ත්‍රයන් අදාල කේන්දර සටහන සූක්ෂමව බලා එම පුද්ගලයාට සුභ නැකතකින් අරඹා ජප කිරීම් කල යුතුය. 
බොහෝ තැන් වල කරන්නාසේ එක වර්ගයේ යන්ත්‍ර ගණනාවක් එක්වරම ජප කිරීම කිසිසේත්ම අනුමත කල නොහැක.