Sunday, August 30, 2015

සතියේ ලග්න පලාපලය - අගෝ. 31 සිට

● මේෂ
ශුභ සතියකි.
ශුභ සතියක් වශයෙන් නම් කලද සතියේ මුල් දවස් 2දී ඔබගේ කටයුතු වල තරමක පසුබැස්මක් බලාපොරොත්තු විය හැක. නමුත් මේ තත්වය ඉතාම ඉක්මණින් අවසන් වී සතිය මැද, අග වනවිට ඔබ හොඳ දියුණුවක් ගෙන දේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතකිරිමට පුලුවන්. එසේම ඉතාම ප්‍රියමනාපව සිටීමත්, සියලුම දෙනාට ඔබ ප්‍රියමනාප චරිතයක් වීමටත් මේ සතියෙදි සැලසෙනවා. ඔබගේ පවුලේ දියුණුව සැලසෙනවා. දුවාදරුවන් සමග සතුටින් සිටිමේ හැකියාව ලැබෙනවා.
සෙම අමාරු සහ වාත අමාරු ප්‍රධානයි. පරිස්සම් වන්න.


● වෘෂභ
සමඵල සතියකි.
මෙම සතියෙදි ඔබගේ ආදායම් මාර්ග දියුණු වෙන අතර ලැබීම් භාග්‍යය ඉහල යයි. ඔබගේ දියුණුව සම්බන්ධව හොඳ තත්වයක් ඇතිවේ. සතිය මැදදී ණය තුරුස් වලට හසුවීමට ඉඩ ඇති නිසා ඒ සම්බන්ධව ඔබ කල්පනාකාරි වන්න. ගිවිසුම් ප්‍රකාර අත්සන් කිරිම්, ඇපවීම් ඔබට මේ සතියේ එතරම් සුදුසු නෑ. විමසිලිමත් වන්න.
ගෘහ ජිවිතය තුල එතරම් ගැටළු නැහැ. ඔබට හොදින් කටයුතු කල හැකියි. විශේෂයෙන්ම ඥාතින්ගේ හිතවතුන්ගේ පැමිණීම අපේක්ෂා කල හැකියි. දුවාදරුවන් සමග පිටපලාත් වල සංචාරයට ඔබට හැකියාව තියෙනවා.
සෞඛ්‍ය තත්වය යහපත් වන අතර, චන්ද්‍ර චාරය අනුව සෙම අමාරු, උදරාබාධ, ජලය ආශ්‍රිත බෝවන රෝග වලින් පරිස්සම් විය යුතුය.


● මිථුන
ඉතාම ශුභ සතියකි.
බොහෝදේවල් ඔබට සාක්ෂාත් කරගැනීමට පුලුවන් සතියකි. ආදායම් තත්වය සම්බන්ධව බොහොම හොද ප්‍රවණතාවයක් ඇති වෙනවා. විශේෂයෙන්ම ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ නියුතු අයට මේ සතිය හොදයි. පිටරට රැකියා කරන අයට සුබයි. අතමිට මුදල් ගැවසෙන සතියකි.
ගෘහ ජිවිතය තුල සතුට, සමාදානය සහ ප්‍රීතිය ඇතිවෙන සතියක්. විශේෂයෙන්ම ප්‍රීති උත්සව සදහා සහභාගි වීමට පුලුවන්. නිවසට බොහෝ ඥාති මිත්‍රාදින්, හිතවතුන් පැමිණෙන කාලයක් නිසා සිත සතුටින් පිරෙනවා වාගේම නව ඥාති මිත්‍ර සබදතා මෙන්ම ප්‍රේම සබදතා පවා ඇතිවෙන්නට ඉඩ තියෙනව.
සෞඛ්‍ය තත්වය ප්‍රබල ගැටළු නැහැ. නිදන්ගත රෝග ඇති අය ඒවායින් ආරක්ෂා වීම ගැන විමසිලිමත් විය යුතුය.


● කටක
ඉතාම ශුභ සතියකි.
තමාගේ පෙර පින පෑදෙන සතියකි. විශේෂයෙන්ම තමන්ගේ වැඩිහිටියන්ගෙන් උරුමහරුමකම් වලින් යම් යම් දේවල් හිමිවන කාලයකි. එමනිසා උත්සාහයෙන් කටයුතු කිරීම වටිනවා. ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ නියුතු අයටත්, රැකියා කරන අයටත් ඉතාම හොදයි, විදෙස් රැකියා කරන අයටද හොදයි.
ගෘහ ජිවිතය ඉතාම හොඳින් ගත වේ. දරුවන්ගේ දියුණුව, පවුලේ දියුණුව ඇතිවන මෙම සතියෙදි වන්දනා ගමන් ආදියද යෙදීමට පුලුවන්. පවුලේ වැඩිහිටි ඥාතින් සමග ඉතාම ප්‍රීතියෙන් සිටින මෙම සතිය බොහෝම හොද සතියකි.
සෞඛ්‍ය තත්වය ඉතාම යහපත් වන අතර, සදුගේ ගමන අනුව ප්‍රබල අපලයක් සෞඛ්‍ය තත්වයට එල්ල වන්නේ නැහැ. සෙම අමාරු සහ පාදවල වේදනා තිබේ නම් සැලකිලිමත් විය යුතුයි.


● සිංහ
සමඵලයි.
සතියේ මුල් දවස් 2 තුල චන්ද්‍රයා 8 වැන්නෙ සිටින බැවින් තමාගේ ලැබීම් භාග්‍යයේ යම්කිසි දුර්වලකම් ඇතිකරන්නට පුලුවන්. නමුත් එම තත්වයන් ක්‍රමානුකූලව නැතිවෙන බව කිව යුතුයි. ඔබට සතිය මැද, අග ඉතාම හොද කිව යුතුයි.
ගෘහ ජිවිතය තුල ප්‍රීතිමත්ව සිටිමේ හැකියාව ඇති කරනවා. සතියේ මුල් දවස් 2 තුල යම් ගැටළු අඩුපාඩු ඇති උනත් ඒවා තාවකාලිකයි. සතිය අගදී සියල්ල හොද අතට හැරෙනවා.
සෞඛ්‍ය තත්වය සතියේ මුල දවස් 2-3 තුල සෙම සම්බන්ධ රෝග වැඩිවෙන්න පුලුවන්. ඒ ගැන විමසිලිමත් වන්න.


● කන්‍යා
මෙම සතිය සමඵල සතියකි.
ආදායම් තත්ව වලට සතිය මැදදී යම් බාධාවන් ඇතිවන්නට පුලුවන්. ව්‍යාපාරික ක්ෂෙත්‍රයේ නියුතු අය මේක හොදින් තේරුම් ගත යුතුයි. සතිය මැදදී මේ කඩාවැටිම අපේක්ෂා කල හැකියි. බුද්ධිමත්ව කටයුතු කරන්න. සතිය අග වන විට මෙම තත්වය පහවී ඔබට හොද දේ වීමේ ප්‍රවණතාවය මතුවේ.
ගෘහ ජිවිතය දැනට කෙසේ වෙතත් කන්‍යා ලග්නකරුවන්ගේ ආකූල ව්‍යාකූල තත්වයක් පවතිනවා. එය බුද්ධියෙන් තේරුම් අරගෙන, ඒ අනුව අවබෝධයෙන් ජිවත් වීමෙන් එම තත්වය නැති කරගැනීමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය ඔබට අයහපත් වන්නේ උදරාබාධ, උෂ්ණ රෝග සහ අක්ෂි අමාරු ආදියෙන්ය. ඒ ගැන විශේෂ සැලකීමෙන් සිටින්න.


● තුලා
එතරම් වාසිදායක සතියක් නොවේ.
සතුරු උපක්‍රම සහ සතුරු කරදර නිසා ලැබෙන ආදායම් තත්ව වල දැවැන්ත වූ කඩාවැටීමක් අපේක්ෂා කල හැකියි. එසේම කරන කියන දේ අසාර්ථක වන්නේ තමන්ගේ අවාසනාවටදැයි සමහර වෙලාවකට හිතෙන්නට පුලුවන්. මෙම සතිය කෙසේ වෙතත් එතරම් වාසනාව ගෙන දෙන සතියක් නොවන බව කිව යුතුය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වුවත් අඩුපාඩුකම්, ආර්ථික වශයෙන් එසේම වෙනත් ඔබගේ මානසික තත්වයද අනුව යම් යම් උපද්‍රවකාරි තත්ව වලට පත්වීමට පුලුවන්. මේවා බුද්ධිමත්ව කටයුතු කර එම තත්ව වලින් අතමිදෙන්න.
සෞඛ්‍ය තත්වය අයහපත් තත්වයක් පෙන්වයි. විශේෂයෙන්ම නිදන්ගත රෝග ඇති අය ඒවායින් පරිස්සම් වනවා සේම ඔබ කල්පනාකාරි විය යුතුයි උදරාබාධ, මුත්‍රා අමාරු හා ඒ හා බැදුනු වෙනත් අසනීපකම් ගැන. සතිය අගදී මෙම තත්වයන් වැඩිවන්නට පුලුවන්.


● වෘශ්චික
සමඵල සතියකි.
සතිය මුලදී තිබූ ප්‍රබෝධමත් ආරම්භය සතිය අග වන විට ක්‍රමානුකූලව ගිලිහෙනවා. තමාගේ කටයුතු ගැන ඉතාම විමසිල්ලෙන් සොයා බැලිය යුතුයි. හවුල්කාර පාර්ශව සම්බන්ධව ආරවුල් හටගැනිමෙන් ව්‍යාපාර බිඳවැටෙන්න පුලුවන්. ඔබටද සතුරු කරදර නිසා ආදායම් තත්ව අඩුවිමේ යම්කිසි හැකියාවක් පවතින බැවින් බුද්ධිමත් වන්න.
ගෘහ ජිවිතය තුල සතිය මුලදී දුවාදරුවන් සම්බන්ධව හොද දේවල් ආරංචි වෙනවා, අහන්ට ලැබෙනවා. සතිය මැදදී ආර්ථික තත්වයේ අඩුපාඩු නිසා ඔබ යම් ආතතියකට ගොදුරුවීමට පුලුවන්. ඒ සම්බන්ධව විමසිය යුතුයි.
සෞඛ්‍ය තත්වය සෙම් රෝග, අසනීප ඇතිවිමට හේතුයි. පරිස්සම් වන්න.


● ධනු
තරමක් හොඳ සතියකි.
තමාගේ උරුමහරුමකම් ලැබීම නිසා තමාට ඒ ඔස්සේ යම්කිසි ආර්ථික වශයෙන් නැගිටීමට පුලුවන්. එසේම තමන්ට කරන කියන ව්‍යාපාරික කටයුතු දියුණු කරගැනීමේ හැකියාව තියෙනවා. සතිය අගදී දියුණුවට යම්කිසි පාර්ශවයකින් හෝ මිතුරෙකුගෙන් උදව් උපකාර ලැබීමට නියමිතයි.
ගෘහ ජිවිතය ඉතාම හොඳින් ගත කල හැකියි. නිවසට අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමට හැකි වෙනවා. එසේම දුවාදරුවන්ට යුුතුකම් ඉෂ්ට කිරිමට හැකි වෙනවා. ඒ අතරතුර ඔබට යම් යම් දේවල් හිමිකරගැනීමේ හැකියාවද පවතිනවා.
සෞඛ්‍ය තත්වය සම්බන්ධව ගැටළුවක් නැහැ, පපුවේ සෙම තියෙන අය ප්‍රවේශමෙන් සිටින්න.


● මකර
ඉතාම හොඳ සතියකි.
මෙම සතියේදි ඔබගේ හැකියාවන් අනුව ඔබට වාසි සහගත තත්ව ඇතිවෙනවා. ඔබ සම්බන්ධව හොද විදියට නම ප්‍රචාරය වීම නිසා ඔබට ඒ ඔස්සේ ඔබ කරන කියන කටයුතු දියුණු වෙනවා. සඳු ගමන් කරන රාශින් අනුව ඔබට සෑහෙන කාලෙකට පසු හොඳයි කියා කියන්ට පුලුවන්.
ගෘහ ජිවිතය අවිවාහක අයට මංගල යෝජනාද, ප්‍රේම සම්බන්ධතා ඇති අයගේ ඒවා ස්ථිරසාර වීමද සිදුවන මෙම සතියෙදි මකර ලග්න හිමි ඔබට පිරිවර සම්පත් ඉහල යන අතර, නව මිත්‍රත්ව ගොඩනැගෙනවා. ප්‍රීතියෙන් සිටින සතියකි.
සෞඛ්‍ය තත්වය ගැන කිව යුත්තේ චන්ද්‍රයාගේ ගමන අනුව සෙම් රෝග සහ උදරාබාධ සම්බන්ධව පරිස්සම් වෙන්න කියල තමයි.


● කුම්භ
ඉතා ශුභ සතියකි.
මෙම සතිය තුල ඉතාම දියුණු තත්වයකට ඔබට ස්ථානගත කිරීමට පුලුවන්. ඔබ වෙළද ව්‍යාපාරිකයෙක් නම් එසේ නැතිව ඔබ යම්කිසි වෘත්තියක වෘත්තිකයෙක් නම් එම සියලු කටයුතු වල සාර්ථකත්වය ඔබ ලග තිබෙනවා. වාසනාවන්තයි.
ගෘහ ජිවිතය තුල අඹුසැමි ප්‍රේමය ලියලන අතර, විවාහක අයට විවාහයේ උතුම්ම වටිනාකම වන  දරු සම්පත් මේ කාලයේ හිමි වීමට පුලුවන්. ප්‍රේම සබදතා ස්ථිර වන කාලයකි.
සෞඛ්‍ය තත්වය, උගුරේ සෙම, පපුවේ සෙම ආදියෙන් පරිස්සම් වන්න.


● මීන
ඉතාම ශුභ සතියකි.
ඔබගේ ව්‍යපාරික කටයුතු සාර්ථක වෙනවා. විදේස රැකියා වල නියුතු අයට ඉතාම හොදයි. විශේෂයෙන්ම පිටපලාත් වල කරන කටයුතු සාර්ථක වීමේ හැකියාව පවතිනවා.
ගෘහ ජිවිතයද ඉඉතාම හොදයි. අලුත් ඥාති මිත්‍ර සම්බන්ධතා ගොඩනැගෙන අතර ප්‍රේම සබදතා සඵල වෙනවා. මංගල යෝග සහිත කාලයක් වන මෙය ඔබගේ සිතේ සතුට රජයන කාලයක්ද වෙනවා. වෙන ගැටළුවක් නැහැ ගෘහ ජිවිතය ගැන.
සෞඛ්‍ය ගැටළු නම් පීනස් තත්වය ඇති අය පරිස්සම් විය යුතුයි. සෙම් අමාරු ගැන සැලකිලිමත් විය යුතුයි. ජලය ආශ්‍රිත බෝවන රෝග ගැන විමසීමෙන් සිටිය යුතුයි.

Wednesday, August 26, 2015

ග්‍රහලොව සුරතලා ඔහුගේම වාසභවනයට - ලග්න 12ට පලාපල කෙසේ වෙයිද ?



ග්‍රහලොව සුරතලා යනුවෙන් හඳුන්වන බුධ පසුගිය අගෝස්තු 23 වන දින උදයේ 8.23ට කන්‍යා රාශියට පැමිණ ඇත.

● මේෂ
6 වැන්නට බුධ පැමිණියේය.
කන්‍යා රාශිගත වීම එතරම් සුභ නැත.
බුද්ධිමත් කපටි මිතුරන්ගෙන් හානි විය හැක. එසේම උදරාබාධ, ජීර්ණ ආශ්‍රිත රෝග පහසුවෙන් වැළදිය හැක.
තරඟ විභාග ආදියෙන් අසමත් වීමට හේතු යෙදේ. මනා කැපවීමෙන් බුද්ධියෙන් ඒවා කරන්න.


● වෘෂභ
5 වැන්නට බුධ පැමිණියේය.
ඉතා ශුභයි.
තරඟ විභාග ආදියෙන් සමත් විමේ වාසනාව ඇතිවේ. ගැහැණු දරුවන්ට හොඳයි. බුද්ධිමත්, ක්‍රියාශීලි බවක් එක් කරයි. ආදායම් ලැබීමද හොඳ තත්වයක පවති.
වෘෂභ ලග්නයේ ඔබට බුද්ධිමතුන් ආශ්‍රය කිරිමේ හැකියාවද පවති.


● මිථුන
4 වැන්නට බුධ පැමිණියේය.
ඉතාම හොඳයි.
භද්‍රා යෝගය උදා වෙයි. මිථුන ලග්නයෙන් උපන් ඔබට අධ්‍යාපනික කටයුතුද, උසස් අධ්‍යාපනික කටයුතුද ඉතාම සාර්ථක ලෙස ඉගෙනීමට හැකියාව ලැබෙයි.
මංගල යෝගද උදා වෙන මෙම කාලයේ අලුත් මිතුරු-මිතුරියන්ගේ ඇසුරද හිමිකර දෙයි.
ශුභ කාලයකි.


● කටක
3 වැන්නට බුධ පැමිණියේය.
ශුභයි.
තමාගේ හැකියාවන් ඉදිරිපත් කරගැනීමට බොහෝ අවස්ථාවන් හිමිවේ. තමාට ඥාති හිතමිත්‍ර සම්බන්ධකම් බොහෝවිට හිමිවෙයි. තමාගේ කීර්තිය දස දෙස පැතිරෙන කාලයකි. විදේශ අධ්‍යාපන කටයුතු වලට ඉතාම හොඳ කාලයකි.


● සිංහ
2 වැන්නට බුධ පැමිණියේය.
ඉතාම හොඳයි.
විශේෂයෙන්ම කලා ක්ෂෙත්‍රයේ සියලු අයට සහ දේශපාලන ක්ෂෙත්‍ර වල සිටින සිංහ ලග්න අයට හොදයි. ආනයන අපනයන වෙළදාම් වල නියුතු අයටත් මේ කාලය ඉතාම හොදයි. ඒ අතරම වචනය ඉතාම ප්‍රවේශමෙන් හැසිරවිය යුතු බව මතක් කර දෙමි. මන්ද නොදැනුවත්ම තමන්ගේ රහස් එළියට යෑමේ යම් ප්‍රවණතාවයක්ද ඒ අතර පවතී.


● කන්‍යා
1 වැන්නට/ලග්නයට බුධ පැමිණියේය.
ශුභයි.
භද්‍රා යෝගය උදා වේ. අධ්‍යාපන ක්ෂෙත්‍රයේ සිටින අයට සියලුම තරග විභාගයන් සමත්වීමේ හැකියාවද පවති. මෙම කාලයෙදි තමන් ඉතාම ජනප්‍රියත්වයට පත්වෙන බවත් විශේෂයෙන්ම කිව යුතුය. බොහෝවිට තමන්ගේ රූප ස්භාවයද වෙනස් වේ. එනම් අලංකාර වේ.


● තුලා
12 වැන්නට බුධ පැමිණියේය.
එතරම් ශුභ නැත.
පාඩු සිදුවීමට ඉඩ ඇත. රැවටිලි වලින්ද තමන්ට අලාභහානි හිමි කර ගැනීමට හේතු ඇතිවිය හැක. තවද ගිවිසුම් වලට, බැඳුම්කර වලට එළඹීම මෙම කාලයේ නොකල යුතුයි. ප්‍රවේශමෙන් සිටිය යුතුයි. කපටි මිතුරන්ගෙන් ආරක්ෂා විය යුතුයි.


● වෘශ්චික
11 වැන්නට බුධ පැමිණියේය.
ශුභයි.
මෙම නිසා විශාල සමාජයක් ආශ්‍රය කිරිමේ හැකියාව ඔබට පවති. තවද ඔබ සමාජයේ කැපී පෙනෙයි. ජනප්‍රිය වේ. ආදායම් මාර්ග සුලබ වන අතර ලේඛකයන්ට, සියුම් රැකියා කරන අයට මේ කාලය ඉතාම හොදයි.


● ධනු
10 වැන්නට බුධ පැමිණියේය.
ඉතාම ශුභයි.
භද්‍රා යෝග බලය ධනු ලග්න හිමියන්ට ලැබේ.
හවුල් ව්‍යාපාර ආදිය කරයි නම් මෙම කාලය ඉතාම ශුභයි. තවද ඔබගේ සියලුම කටයුතු වලට ඔබට මනා සේ දියුණුවක් ලබාගත හැක. ධනු ලග්නයේ ඔබට විවාහ මංගල යෝග උදාවන සුබ කාලයකි.


● මකර
9 වැන්නට බුධ පැමිණියේය.
ඉතාම ශුභයි.
මෙම කාලයෙදි තීක්ෂණ බුද්ධියකින් ඉදිරිය දැක්මේ හැකියාව මේ කාලයේ ඇති වේ. ඔබට මෙම කාලයෙදි උසස් වැඩිහිටියන්ගෙන් අවවාද අනුශාසනා සේම දියුණුවට උපදෙස් ලැබේ. මානසික චිත්ත විවේකය දියුණු වන අතර අධ්‍යාපනය ලබන වයසේ අයට විදෙස්ගත අධ්‍යාපනය පවා ලබාගැනීමට වාසනාව පවති.


● කුම්භ
8 වැන්නට බුධ පැමිණියේය.
එතරම් ශුභදායක නැත.
විශේෂයෙන්ම ගෘහ ජිවිතය තුල යම් ආරවුල් වියවුල් ඇතිවිමේ හැකියාව පවති, බුද්ධියෙන් ඉවසීමෙන් කටයුතු කරන්න. එසේම ඔබට නහරගත රෝග එසේම හිසේ කැක්කුම් ආදී රෝග ඇතිවිමේ ඉඩක් පවති. විමසිලිමත් වන්න. එයද තරමක අශුභකාරිය.


● මීන
7 වැන්නට බුධ පැමිණියේය.
ශුභයි.
භද්‍රා යෝග බලය මීන ලග්න හිමියන්ට ලැබේ.
වෙළද ව්‍යාපාර දියුණු වේ. අලුත් අය ඇසුරට ලැබේ. විශේෂයෙන්ම උනන්දු වී උත්සාහයෙන් කටයුතු කලහොත් ඔබට ඉතාම උසස් දියුණුවක් හිමිකර ගැනීමට පුලුවන. මීන ලග්නයේ ඔබට මංගල යෝග උදා වන අතර ඔබගේ කටයුතු සාර්ථක කරගැනීමේ හොඳ අඩිතාලමක් වැටෙනු ඇත.












Sunday, August 23, 2015

විවෘත මනසකින් අනාවැකිය දෙස බැලූ පාඨකයන්ට අපගේ ප්‍රණාමය



අප සේවය හරහා සේවය ලබාගන්නා අය අතර ප්‍රධාන පක්ෂ 2ම අය සිටිති. සෑහෙන කාලයක සිට එය සිදුවන්නකි.
අපගේ අනාවැකිය හුදෙක් ජ්‍යොතිෂ්‍යය ශාස්ත්‍රය හරහා අනාවැකි කියන්නට හැකියාව ඇති බව පසක් කරන්නටය.
https://www.facebook.com/irusewaya/photos/a.1177395292277548.1073741849.833656709984743/1189831971033880/?type=1

* මේ ආකාරයට එම විග්‍රහයන් දැකීම ගැන අපට ඇතිවන්නේ සතුටකි, සැනසීමකි.
මක්නිසාද යත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එතුමාගේ ලගම ඥාතින්ට අප සේවය ලබාදී ඇති බැවින් පෞද්ගලිකව කිසිදු එදිරිවාදිකමක් අපට එතුමා සමග නැත.
අප විසින් මෙම විග්‍රහය කල බව පවා මහින්ද රාජපක්ෂ මහතා දනී.
විවෘත මනසකින්, සංහිඳියාවෙන් යුතුව මැතිවරණ අනාවැකිය දෙස බැලූ මෙවන් පාඨකයන්ට අපගේ ප්‍රණාමය !





Friday, August 21, 2015

රවි මාරුව - 2015 අගෝ.17 (පුරා මාසයක කාලයකට වලංගුය)

* ලග්න 12ට කොහොමද ?

● මේෂ
රවි 5 වැන්නට පැමිණියේය.
ආර්ථිකය යහපත් වේ. රැකියාව, ව්‍යාපාර දියුණු වේ.
ගෘහ ජිවිතය යහපත්ව ගත කරන්නට වාසනාව ලැබේ.
හදිසි අනතුරු, කරදර බාධක ආදියෙන් පරිස්සම් වන්න.

● වෘෂභ
රවි 4 වැන්නට පැමිණියේය.
ආර්ථික කටයුතු වලට සුබයි. ව්‍යාපාරය කටයුතු, හවුල් ව්‍යපාර කටයුතු, රැකියාවේ දියුණුව අපේක්ෂිතය. හදිසි ධනලාභ ලැබිය හැක.
කෙසේ වුවද මෙම යහපත් තත්වයන් යටතේ බුද්ධියෙන් යුතුව කටයුතු කරන්න.

● මිථුන
රවි 3 වැන්නට පැමිණියේය.
යහපත් කාලයකි. සිතට සතුට ලැබේ. ව්‍යාපාර, රැකියාව දියුණු වේ. රැකියාවේදි බොහෝ දියුණුව අපේක්ෂිතය. අන් අයගේ ප්‍රශංසාවට ලක් වේ. මෙතෙක් කල් තමා අසමග අමනාපයෙන් සිටි අය මිතුරු වේ.

● කටක
රවි 2 වැන්නට පැමිණියේය.
සුබයි. දුර ගමන් යෙදේ. කෙටි ගමන්ද අධික විය හැක. ආර්ථිකයට හොදයි. උසස් අයගේ උදව් උපකාර ලැබේ. බොහෝදෙනාගේ ප්‍රශංසාවට ලක් වේ.
රජයේ රැකියා කරන අයට විශේෂයෙන් සුබයි.
දරුවන්ට සුබයි. දරුවන් ගැන සතුටු විය හැක.

● සිංහ
රවි 1 වැන්නට පැමිණියේය.
ආර්ථික තත්වය යහපත් වේ. රැකියාවේ දියුණුව අපේක්ෂිතය. ව්‍යාපාර දියුණු වේ. වෙනදාට වඩා උද්යෝගයකින් කටයුතු කල හැක. හදිසි මුදල් ලාභ වලට වාසනාව පවති.
කැපවීමෙන් කටයුතු කල හැක. මේ යහපත් තත්වයන් වලදි බුද්ධියෙන් කටයුතු කල යුතුය.

● කන්‍යා
රවි 12 වැන්නට පැමිණියේය.
පොදුවේ අයහපත්ය. සිතට දුක, කණගාටුව ඇතිවිය හැක. අන් අයගේ වංචා වලට හසුවිය හැක. අන් අයගේ උදව් උපකාර අහිමි විය හැක. තමාගේ හොඳ නමට කැළලක් වීමට ඉඩ ඇති බැවින් බුද්ධියෙන් කටයුතු කරන්න.
ආර්ථික තත්වය සාමාන්‍ය පරිදි තබා ගැනීමටද කැපවිය යුතුය.

● තුලා
රවි 11 වැන්නට පැමිණියේය.
ආර්ථිකය ස්ථාවර වේ. සියලු කටයුතු වෙනදාට වඩා සාර්ථකව සිදුවන බවක් දැනෙනු ඇත. ධන ලාභ වාසනාව පවති. රැකියාවේ දියුණුව මෙන්ම උසස් වීම්ද අපේක්ෂිතයි. තමාගේ තත්වය බලය තහවුරු වන කාලයකි.
මෙම සුබ තත්වයන් බුද්ධියෙන් භාවිත කරන්න.
ර්‍~ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තුලා ලග්න හිමියෙකි.

● වෘශ්චික
රවි 10 වැන්නට පැමිණියේය.
ආර්ථිකය දියුණු වේ. සියලු යහපත ගැන අවබෝධයක් විශ්වාසයක් ඇතිවේ. රැකියාව දියුණු වේ. ව්‍යාපාර වලට බොහෝ සුබයි. පැතුම් ඉටු වේ. බොහෝ පාර්ශව වලින් උදව් ලැබේ. රැකියා අවශ්‍යව සිටි අයට රැකියා ලැබේ.
දේපල ලාභ පවති. සුබයි.

● ධනු
රවි 9 වැන්නට පැමිණියේය.
ආර්ථිකය ශක්තිමත් වෙයි. ආදායම් මාර්ග කීපයක් ඇතිවේ. බොහෝ සතුටින් සිටිය හැක. ධනු ලග්න දේශපාලකයන් විශේෂයෙන් සුබයි. මැතිවරණයෙන් ජය ලැබූ අය අතර ධනු ලග්න දේශපාලකයන්ද වැඩියෙන් සිටි. ඒ සියලු සුබ ඵල අතර ආගම දහමට සිත නැඹුරු වෙයි. යහපත් කාලයකි.
ර්‍~ හිටපු ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා ධනු ලග්න හිමියෙකි.

● මකර
8 වැන්නට රවි පැමිණියේය.
ආර්ථිකය සාමාන්‍ය පරිදි වේ. එසේ වුවද ව්‍යාපාර, රැකියා කටයුතු වලට බොහෝ සුබයි. මෙතෙක් විරුද්ධවාදින්ගෙන් වූ පීඩා දුරුවී යයි. කරන කියන කටයුතු සාර්ථක වේ. සිතට ප්‍රීතිය ඇතිවේ.
යහපත් තත්වයන් රැකගන්නට කටයුතු කරන්න.

● කුම්භ
7 වැන්නට රවි පැමිණියේය.
ආර්ථිකය දියුණු වේ. මෙතෙක් ආර්ථික තත්වයට පැවති බාධා දුරු වේ. හදිසි ධනලාභ වාසනාව පවති. රැකියාවේ දියුණුව අපේක්ෂිතයි.
පවුලේ අය සමග විනෝදයෙන් සතුටින් සිටිය හැකි කාලයකි. වෙනදාට වඩා වාසනාව ඔබ සමග සිටි. ප්‍රීතියෙන් සිටිය හැක.

● මීන
රවි 6 වැන්නට පැමිණියේය.
පොදුවේ සුබයි. ආර්ථිකය දියුණු කරගත හැක. ඔබ මෙතෙක් කල් චරිතය රැකගත් පුද්ගලයෙක් නම් නිවරදිව කටයුතු කලේ නම් බොහෝදෙනාගේ ප්‍රශංසාවට ලක් වේ. මේ කාලයේ ජනප්‍රියතාවය වැඩි වේ. මෙතෙක් කල් සිටි විරුද්ධවාදින් පරාජය වීමෙන් ඔබගේ ජය තහවුරු වේ.
සුබ තත්වයන් රැකගැනීමට බුද්ධියෙන් කටයුතු කරන්න.
ර්‍~ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීන ලග්න හිමියෙකි.

Thursday, August 20, 2015

මහමැතිවරණ අනාවැකිය - 2015

මුලින්ම කිව යුත්තේ, මෙම අනාවැකිය ඉදිරිපත් කිරිමට අපගේ සහෘද පාඨකයන්ගෙන් අපට බොහෝ ඉල්ලීම් ලැබුනු බවය.
“ ඡන්දෙට මොකද වෙන්නේ... ? කවුද දිනන්නේ.. ? රනිල්ද... මහින්දද ???  යනාදි ලෙස බොහෝදෙනෙක් විවිධාකාර තැන් වලදී කරන ලද ඉල්ලීම්, ප්‍රශ්න හමුවේ සියලුදෙනාට එක්වර පිලිතුරු දෙන්නට අප විසින් සිතා ගත්තෙමු.
තවද ප්‍රේතයන්ගෙන් පේන අසා පසුගිය දශකයටම ජනතාව රැවටූ පුද්ගලයන් විසින් අනවශ්‍ය බිය ඇති කරමින් කරන ප්‍රකාශ වලටද නිවරදි දැනුවත් කිරීමක් කල යුතු බව අපගේ සිතේ විය.

● අපගේ මූලික අවශ්‍යතාවය නම් ජ්‍යොතිෂ්‍යය තුලින්, තමන්ගේ බුද්ධියේ, අවබෝධයේ, අත්දැකීමේ තරමට අනාවැකි සාර්ථකව කියන්නට හැකියාව ඇති බව ප්‍රකාශ කිරීමය.

● ඒ අනුව ලෝකායතන ජ්‍යොතිෂ්‍යයද අදාල කරගනිමින් පූර්ණ සූක්ෂම පරික්ෂා කල අතර එයින් පසු නිගමනයට එළඹියෙමු. එහිදී සියලුම ප්‍රධාන පක්ෂ වලද අදාල අපේක්ෂකයන්ගේද කේන්දර සටහන් පරික්ෂා කලෙමු. ඒ අනුව අප විසින් 2015 ජුලි 29 වන දින ඒ ගැන ලිපියක් පල කරන ලදි.
https://www.facebook.com/irusewaya/photos/pb.833656709984743.-2207520000.1439821714./1177395312277546/?type=

එහිදී මූලිකව කිව යුත්තේ, මෙම අවස්ථාවේ එජාපයෙන් ඡන්දය මෙහෙයවු රනිල් වික්‍රමසිංහගේ සහ සන්ධානයෙන් ඡන්දය මෙහෙයවූ මහින්ද රාජපක්ෂගේ කේන්දර වලට ප්‍රමුඛතාවය හිමිවූ බවය. ඊට අමතරව එජාපයේ කේන්දර සටහනද, සන්ධානයේ කේන්දර සටහනටද මූලික තැනක් හිමිවිය.
* අපගේ දැනුම, බුද්ධිය සහ අත්දැකීම් අනුව එජාපය ජයගන්නා බව පැහැදිලි විය. ඒ බව ලිපියේ සඳහන් කර ඇත.

● ජුලි 17 වනදා සිදුවූ රවි හෙවත් රජුගේ මාරුව නිසා රටේ ජනාධිපතිවරයාගේ බලය ස්ථාවර වන බවද උපෙන්ද්‍ර යෝගය බලවත් වීම තුල ඒ තත්වය ගැනද අප විසින් විග්‍රහයක් ලබාදී ඇත.
(https://www.facebook.com/irusewaya/photos/pb.833656709984743.-2207520000.1439824484./1186245691392508/?type=)

* ● * තවද නැවත රටේ යුද ගිනි බියක් කිසිකලෙකවත් ඇති නොවන බවද, අනවශ්‍ය ප්‍රශ්න ගැටළු ක්‍රමිකව දුරලමින් රටට යහපත් කාලයක් උදාවන බවද අප විසින් වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු.

තම සීලය රැකගනිමින් යහපත්ව ජිවිතය ගෙවූ අයට යහපත් කාලයක් ඉදිරියට උදා වනු ඇත. හොඳ අයට හොඳ වෙන විට නරක කල අයට, පව්කාරයන්ට ස්වකීය පව් ඵල දෙන කාලයක් ඉදිරියට උදාවේ.
ඒ ගැන විග්‍රහයක් මෙසේය.
(https://www.facebook.com/irusewaya/photos/a.1177395292277548.1073741849.833656709984743/1184022371614840/?type=1)

තවද කිවයුතු දෙයක් නම්, මෙම අනාවැකි ආදියට විවිධ අය විවිධාකාර විවේචන ආදිය කරයි. එහි ගැටළුවක් නැත. තමන්ගේ මතය කීමට හැකියාව ලැබිය යුතුය. නමුත් එම විවේචනයේ තරම තමන් විසින් ස්වයං හික්මීමකින් කරගත යුතුය. විවාද අාදියට අකමැති නිසා අප ඒවාට කතා කරන්නට යන්නේ නැත.
මේ කියන කරුණු හෝ ඇසට නොපෙනන බලවේග ආදිය ගැන ඕනෑම කෙනෙකුට පිහිටක් හෝ ගැනීමට අවශ්‍ය වන්නේ තමන්ට හෝ කිට්ටු කෙනෙකුට කරදරයක් වූ විට පමණි.
තමන් දන්නේ නෑ තමන්ට ගෝචර නොවූවා කියා ඒවා ගැන අවිශ්වාසයෙන් කල්ගත කිරිම බුද්ධිමත් අයගේ ක්‍රමයක් නොවේය.
යම් දිනෙක යම් කලෙක ඒ ගැන අවබෝධයක් කාටත් එනු ඇත.

Wednesday, August 19, 2015

“ ගුණ ධර්ම නොරකින මිනිසුන් අතර, ඔබ ගුණ ධර්ම රකින කෙනෙක් වෙන්න.. “

(අද ඔබට එහි යහපත් ප්‍රතිඵල නොලැබෙන්නට පුලුවන... නමුත්  පසුකාලයකදී වුවද ඔබගේ යහපත් හැසිරීමට ඔබට යහපත සිදුවනු ඇත )

අද සමාජයේ තියෙන ගැටළුවක් තමයි “ ගුණ ධර්ම “ තිබුනත් ඒවා සැබෑවටම රකින අය සමාජයේ අඩුවීම..

● ඕන කෙනෙකුට එන සරල ප්‍රශ්නයක් තමයි... ඇයි වෙන අය යහපත් නොවී ඉද්දි මම එසේ විය යුත්තේ..
එසේ නැත්නම්... ඇයි අයහපත්, සිල්වත් නැති අය සැප විඳිනකොට අපි සිල්වත් වෙලත් යහපත් වෙලත් කරදර විඳින්නට වෙන්නෙ කියල..

● මෙහිදී අප තේරුම්ගත යුතු දෙයක් තියෙනව. ඒ තමයි හැමකෙනාටම කර්ම ශක්තියක් තියෙනව. අද අයහපත්ව සිටින අයගේ කර්ම ශක්තිය හොද වෙන්න පුලුවනි. නමුත් ඒක හැමදාටම හොද වෙලා තියෙන්න විදියක් නැහැ.
එසේ අයහපත්ව සිටියත් පසුකාලීනව ජිවිතයේ බොහෝ දුක් විඳ ජිවිතය නැතිවුනු චරිත ඔබ දන්නවා නේද ..... ?

● ඔබ යහපත් වුවත්, දැන් ඔබගේ කර්ම ශක්තිය දුර්වල ඇති... නමුත් හැමදාටම එසේ වන්නෙ නැහැ.
ඔබගේ යහපත් ගුණ වලට යහපත් විපාක කවදම හරි ලැබෙනවා.
ඒනිසා ජිවිතයේ කිසියම් වෙලාවක ඔබට ඒවායින් යහපත් ප්‍රතිඵල ලබන්නට පුලුවන් සේම, මරණින් මතු ඔබ ජිවිතයද යහපත් වෙනවා..

* අපගේ අත්දැකීම් අනුව පාදක කරගෙන ලියූ ලිපියකි.

ඉදිරිය කොහොම වේවිද
(https://www.facebook.com/irusewaya/photos/pb.833656709984743.-2207520000.1439736160./1184022371614840/?type)

Monday, August 17, 2015

* විශේෂයි

අප හරහාම පමණක් ලබාගත හැකි සුවිශේෂි යන්ත්‍ර වන මහා රාවණ පරම්පරාවේ ධන සාධණීය සර්ව ජන වශී ආකර්ෂණ යන්ත්‍රයත්, විජයරාජිණී යන්ත්‍රයත්, ඊට අමතරව අති සුවිශේෂි ක්‍රමයකට පුරාණ ගුරු මුෂ්ටි සහිතව සාදනු ලබන නවරත්න මුදුවත් ගැන ලැබෙන ඇමතුම් බොහෝය. ඒවා බොහෝමයකින් අදාල ඒවා ලබාගැනීමට විමසති.

* විශේෂයෙන් කිව යුත්තේ, අප සියලුදෙනාට යම් කර්ම ශක්තියක් ඇති බවයි. එනිසා එයින් පිටව කටයුතු කිරීම සාර්ථක වන්නේ නැත. අප විසින් අදාල යන්ත්‍ර හෝ ශාන්ති කර්ම ඕනෑම දෙයක් කියන්නේ කේන්දරය සූක්ෂමව පරික්ෂා කිරිමෙන් පසු පමණි.
බොහෝදෙනාට අවශ්‍ය හැකි ඉක්මණින් සතියෙන් පමණ එම කටයුතු කරගන්නටය.
විශේෂයෙන් නවරත්න මුදුව ගැන විමසන අය එහෙමය.

* ආර්ථික විද්‍යාව අනුව ලාභය වැඩි වන්නේ නිෂ්පාදනය වැඩි කරන සහ වේගවත් කරන තරමටය.
අපගේ සේවාව, විශේෂඥ සේවාවක් පමණි.
කෙතරම් වේගයෙන් ඉල්ලුවද නවරත්න මුදුවට සති 2-3කට වඩා කාලයක් ගතවේ. එයට හේතුව එහි මැණික් 9 ඇල්ලීමටම පාරම්පරික ගුරුමුෂ්ටි සහිතව දින 7කට වඩා ගතවේ. අදාල දිනයක සුබ නැකතකට පමණක් එක මැණිකක් ඔබ්බවයි.
ඊට අමතරව විශේෂ පූජාවක්ද, සියලු මැණික් අදාල කවචයෙන් ජප කිරිමද කල යුතුය.
එයට කාලය ගත වේ.

අපටද ජ්‍යොතිර්වේදින් බොහෝමයකගේ ආභරණ මුදු සාදවනවා කියන තැන් වලින් ඇති ඇමතුම් බොහෝය. ඔවුන් කියන්නේ දින 1-2න් මුදු ආභරණ 50-100 දිය හැකි බවය.
ඒ තරම වේගයෙන් කිරීම ලාභයට හොද ඇති නමුත්, ලබාගන්නා ජනතාවට එයින් සැබෑ සෙතක් වේදැයි යන්න සැක සහිතය.
අප කරන්නේ විශේෂඥ කේන්දර පරික්ෂාවකින් සහ අදාල ලෙස කටයුතු කරමින් පමණි.

‪#‎ඉරුසේවය‬

Sunday, August 16, 2015

“ රවි මාරුවෙන් “ (අගෝ. 17 - 2015)


ග්‍රහලොව රජු වන රවි හෙවත් සූර්යයා 2015 අගෝස්තු 17 වනදා  තම වාස භවනය සහ සියලු බලතල හිමි තැනක් වන “සිංහ“ රාශියට පැමිණෙයි.
පුරා වසරකට පසු තම රාජ භවනයට එන රජතුමාට එම පිහිටීම නිසා “උපෙන්ද්‍රා යෝගය“ උදා වෙයි. මෙය බලවත් යෝගයකි.

මෙම නිසා රවිගේ බලය දියුණු තියුණු වෙයි. රවි සම්බන්ධ සියලු කාරණා වෙනදාට වඩා ජනප්‍රිය වෙයි.

● මෙම ග්‍රහ පිහිටිම නිසා රජුට බල පරාක්‍රමයක් ලැබේ. පරාජය කල නොහැකි තත්වයකට පත් කරයි.
දිදුලන ස්වභාවයක් රජුගේ ඇති වන අතර, තම මතයට කටයුතු කිරීමට රජු තීරණය කරනු ඇත. ස්ථිරව කටයුතු දැඩි පියවරල් මේ කාලයේ ගැනීම සාමාන්‍ය දෙයකි.

● මෙහි විශේෂත්වය නම් ඡන්දය පැවැත්වෙන දින මෙම ග්‍රහ මාරුව සිදුවීමය.
කුම්භ ලග්න ලංකා කේන්දරයේ 7 වැන්නටරවිගේ පැමිණීම රටේ පාලකයාගේ බලය වැඩි දියුණු කරවයි.
* ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තුලා ලග්න කේන්දර සටහනේ 11 වැන්නේ රවි ස්වක්ෂෙත්‍ර බලයෙන් සිටින අතර, මෙම ග්‍රහ ගෝචරය නම සිදුවන්නේද උපතේදි සිටි තැනට රවි පැමිණීමයි.

● ඒ අනුව කෝටියක් දෝෂ භංග වීමද, ජනාධිපතිතුමාගේ බලය තහවුරු වී එතුමා ස්ථිරසාරව නායකත්වයේ ගුණ ප්‍රදර්ශනයද අපට විශේෂයෙන් බලාගත හැක. උපතේදීම “උපේන්ද්‍රා යෝගය“ හිමි ජනාධිපතිතුමාට අන් අයගේ සහය ලැබීමද මේ කාලයේ දැක ගැනීමට හැකියාව ඇත.
පුරා මාසයක් පමණ මෙම ග්‍රහමාරුව පවතිනු ඇත.

Thursday, August 13, 2015

ඔබ මිථුන ලග්නයේද ?

ලග්න රාශි වළල්ලේ 3වන රාශියයි.
බුධට අයත් වන මෙම රාශිය වායෝ ගුණයෙන් යුක්තයි. මෙම රාශියෙන් උපන් බොහෝදෙනාට විවිධ හැකියාවන් ඇත. අධ්‍යාපන කටයුතු වලට දක්ෂය. එසේම වාද විවාද කිරිමටත්, තර්කානුකූලව වැඩ කිරිමටත් හැකිය.

● පොදුවේ මිථුන ලග්න හිමියන්, ජීවිතය ගැන අවබෝධයෙන් පිරුණු අනුකම්පාව ඇති අය වෙනව. තැනට අනුව හැසිරීමේ හැකියාවක් ඇත. බුද්ධිය තිබේ. වැඩ කීපයක් උවත් එකවර කිරීමට හැකියාව ඇති අයයි.
අලුත් නුපුරුදු දෙයක් වුවත් බියක් සැකයක් නැතිව කිරීමට පෙළඹේ.
එක වැඩක එක දිගටම අවදානයෙන් සිටීමට නොහැකියාවද යම් තරමකට ඇත. උගත් බුද්ධිමතෙක් ලෙස කතාවේදි කටයුතු කරයි. ධෛර්යවන්ත ගතිගුණ ඇති මානුෂික දයාවෙන් පිරුණු චරිත වෙති.

● මිථුන ලග්න අයගේ රැකියාව, ඉතාම වැදගත් රැකියාව වේ බොහෝදුරට. මහා චින්තකයන්, බුද්ධිමතුන් ව්‍යාපාරිකයන් මෙම ලග්නයෙන් බිහි වේ. කරන කියන දේ කැපී පෙනෙන්ට කරන්නට මේ අය දක්ෂයි.
*  රවි-බුධ යෝගයක් තිබේ නම් හොඳින් අධ්‍යාපන කටයුතු කරයි.
විශේෂයෙන්ම ලග්නයේ(1), 3,  4, 5, 7,  8,  9,  10, 11 වැන්නේ තිබේ නම් බොහෝ හොදයි.
ඒ අතරිනුත් 4 වැන්නේ හෝ 11 වැන්නේ තිබිම විශේෂයි.
* කුජ - ගුරු යෝගයක් ඇත්නම් දේශපාලනයට පැමිණ එහි උසස්ම තත්වයට පත්විමේ වාසනාව පවා හිමි අය වෙති.

* මිථුන ලග්න හිමියන් පිරිසිදුවට, පිලිවෙලට  සිටිමට කැමතිය.

● ප්‍රේමය, ආදරය සහ පුද්ගල සම්බන්ධතා සම්බන්ධව වඩාත් හිත යයි. ඒවාට කැපවේ. එසේම තමන්ගේ ස්වාමියාට, බිරිදට, පෙම්වතියට දැඩි ලෙස ආදරය කරයි.
මිථුන ලග්නයේ අයට ලිංගික ආශාවද සාපේක්ෂව වැඩිය. හොඳ ලිංගික ප්‍රබෝධයක් ඇති අය වෙති. ලිංගික රසයට බොහෝ කැමති අය වෙති. මෙම ලග්නයේ අය  අනියම් ඇසුරට පත්වීමේ හැකියාවද වැඩි අය වෙති.

* ග්‍රහ බල හොදයි නම් මේ ලග්නයේ අය පොදුවේ අවුරුදු 75-80ක් ආයුෂ වළදයි.

● බොහෝවිට මිථුන අයට ඇතිවන රෝග නම් පපුවේ අමාරුව, ශ්වසනා බාධ සහ නහර ආශ්‍රිතව ඇති කරන රෝගයි.

● බදාදා සහ සිකුරාදා දින ශුභ දින වේ.
●  5 සහ 6 අංක ජය අංක ලෙස හොඳයි.
● මිථුන ලග්න අයට පච්චගල සහ පුෂ්පරාග පැලදීම හොඳ බව කිව යුතුයි.


___ *** මෙම සියලු කරුණු පොදු කරුණුය. කේන්දර සටහන අනුව මෙම පලාපලය වෙනස් විය හැක. ___


Tuesday, August 11, 2015

බොරු අනාවැකි වලින් රට නොමග නොඅරිනු !

‪#‎මංජුලපීරිස්‬ කණ්ණ මුණ්ඩක සහ සුමන ප්‍රේත යන ප්‍රේත කොටස් වලින් පේන අසන්නෙක් මිස ජ්‍යොතිර්වේදියෙකු නොවේය.
එම ප්‍රේත කොටස් වලට අවශ්‍ය වන්නෙ පින්ය. මොහු මහා ධනවතෙක් වුවද ඇති තරම් පින් එම ප්‍රේත කොටස් වලට ලැබී නැත. මොහුව දැන් නොමග අරී.

රටේ අනාගතය ඉදිරියෙදි දැනටත් වඩා යහපත් වෙන්නේය. මොහු කියනාකාරයට වරදක් රටට වන්නෙ නැත. ත්‍රස්තවාදය ලෝකයෙන්ම අතුගෑවි යන කාලයක් ඉදිරියට ඇතිවන්නේය.
පව් පල දෙන්නෙ මෙවන් මිනිසුන්ටය.

මොහු විසින් මෙවන් කතා කියන්නෙ යම් යම් අයගෙ මුදල් වලට බව අපට වැටහේ.

* දෙරණ නාලිකාව විසින් ජනතාව මෙවන් ආකාරයට නොමග යැවීම ගැන අපගේ බලවත් විරෝධය අප විසින් දක්වා සිටිමු.
https://www.facebook.com/irusewaya/photos/a.1177395292277548.1073741849.833656709984743/1184022371614840/?type=

Sunday, August 9, 2015

ඉදිරිය සහ රටට කුමක් වෙයිද ?

රටට ඉදිරියේදී යහපත් කාලයක් ඇති වේ.
ශක්තිමත් ස්ථාවර ආණ්ඩු ඉදිරියට රට කරනු ඇත.

* පොදුවේ සියලුදෙනාට යහපත් කාලයක් උදාවනු ඇත.
හිතන්නෙවත් නැති විදියට ඊට අදාල පසුබිම සකස් වේ.

● පසුගිය කාල වල අපරාධ කල අය, පව් කල අය බොහෝදෙනාට විපාක ලැබෙනු ඇත. එවන් වැරදිකරුවන් රැකීමට කටයුතු කල පක්ෂ සිටියේ නම් එම පක්ෂ සෝදා පාලු වනු ඇත.
පසුගිය කාලයේ සිල්වත් ගුණවත්කමට සිටි අයට, “අපි හොඳට හිටියට වැඩක් ඇද්ද“ යන මතය ඇතිවෙන තරමට කරදර බාධක තිබුනු කාලයකි. සීලයක් නැති, අයහපත් මිනිසුන් උඩින් වැජඹීගෙන හිටි සමයකි.

“බල්ලො මරල හරි සල්ලි හෙව්වට කමක් නෑ“, “ සල්ලි තියෙනව නම්, බලේ තියෙනව නම් ඕන දෙයක් කරන්න පුලුවනි. නීතියෙන් උනත් ගැලවෙන්න පුලුවනි “

● මෙහෙම සිතිවිල්ලක් පසුගිය කාලය පුරා බොහෝදෙනකුට ඇතිවන්නට ඇත. නමුත් එම තත්වය තවදුරටත් වලංගු නොවේ. ලෝක පාලක දේව මණ්ඩලය ඒ සම්බන්ධව ස්ථිරසාරය.
තරාතිරම බැලීමකින් තොරව පව්කාරයන්ට විපාක ලැබෙන කාලයකි. විශ්වය විසින් එය කරනු ඇත.
අන්තවාදි ප්‍රශ්න, ජාතිවාදි යනාදි සාමාන්‍ය ලෙස අනවශ්‍ය කරදර ඇතිවන්නේ නැත.

● අන්තවාදයට උඩගෙඩි දීගෙන සිටි යම් රටවල් වලට, එම ත්‍රස්තවාදයන් වලට ආධාර දුන් රටවල් වලට විශ්වය විසින්ම දඬුවම් ලබාදෙන කාලයකි. ස්වභාවික විපත් එම රටවල් වලට අධික වනු ඇත.

● කුමන රටකට, ජාතියකට, ජනවර්ගයකට අයත් වුවද යහපත්ව සිටි අය පමණක් රැකෙන, ඔවුන්ට හරියන කාලයක් ඉදිරියට උදාවේ. මේ අනාවැකි වල සත්‍යතාවය ගැන අද නොව 2016 මේ කාලයේ සිතා බලන්න...

“ ධන ලක්ෂ්මී මෑණියන් “

සත් ලක්ෂ්මී මෑණිවරුන්ගෙන් ‘ධනය‘ට අධිපතිත්වය දරන මෑණියන් වහන්සේ..

Friday, August 7, 2015

“ අපලයකට යන්ත්‍ර පැලදීම “

*** අපලයකට යන්ත්‍රයක් පැලදීම යනු එම කර්ම ශක්තියට විරුද්ධව කරන දෙයකි. එනම් බුදුන්වහන්සේ පැවසූ අයුරට කර්මය උත්සහයෙන් ජයගත හැක.
ඒ ආකාරයට අපලයක් දුරු කිරීමේදී එම අපලය දුරු කරන්නට උත්සහ කරන අයටද අපලයෙන් කොටසක් පැමිණේ. එනම් අදාල යන්ත්‍ර සකසන අයට, විශේෂයෙන් අදාල ජප සංඛ්‍යාව පූර්ණය කරන තැනැත්තාට එම අපල වලින් කොටසක් විඳින්නට සිදුවේ.
එවිට එම යන්ත්‍රය කරන තැනැත්තා සිල්වත් ගුණවත් කෙනෙක් වීම යන්ත්‍රය පලදින කෙනාට යහපත වීමට මෙන්ම විපාක පැමිණීමේදි දරා ගැනීමටද හැකියාව හොඳින් ලැබේ.

* අද බොහෝ තැන්වල කරන්නේ whole sale ක්‍රමයට යන්ත්‍ර 10-100ක් වැනි ප්‍රමාණයක් එක්වර ජප කිරිමයි. එනම් ඔබට රාහු අපලය ඇත්නම්, එයට පලදින නාගර්ජුන යන්ත්‍රය එක්වරම ඔබට පමණක් නොව තවත් බොහෝ අයට ජප කරනු ලබයි.
නමුත් ගැටළුව වන්නේ කේන්දර සටහන අනුව ඔබට තිබෙන කර්ම ශක්තිය වෙන අයට නැත. එනිසා එම අපලයන් දුරු වීම නිවරදිව සිදුවන්නේ නැත. කර්ම ශක්තිය ජයගැනීමට නිසි අවශ්‍ය දේ සිදු නොවේ.

● අප සේවය මගින්, කිසිදු යන්ත්‍රයක් හෝ ශාන්ති කර්මයක් පූර්ණ කේන්දර පරික්ෂාවක් නොකර නිර්දේශ කරන්නේ නැත.
එසේ නිර්දේශ කල පසු, අදාල යන්ත්‍රයක් අවශ්‍ය නම් ඒ අදාල කේන්දර සටහනට අනුව සුභ නැකැත් සාදා, යහපත් වේලාවකට යන්ත්‍ර ජප කිරිම ආරම්භ කරනු ලබයි.
අප සේවයේ යන්ත්‍ර ජප කරන මහත්වරු නිර්මාංශික අය වෙති. සියලුදෙනාම පාහේ ජිවිත කාලයම නිර්මාංශිකව සිටි පන්සිල් පද 5 සුරකින අය වෙති.
එසේම නිසි ජප සංඛ්‍යාව නිසි වෙලාවට පූර්ණය කරනු ලබයි.
පොදුවේ යන්ත්‍රයන් කර පලදවන්නේද සුභ නැකතට වන අතර, ඊට පෙර දෙහි කපා දෝෂ නාශනය කර පලදවනු ලැබේ.

_________________________
* භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව
* නාමකරණය  (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
 සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
irusewaya@gmail.com.
0711 345 364

Thursday, August 6, 2015

ඔබ වෘෂභ ලග්නයේද ?


වෘෂභ ලග්නයට ආවේණික විශේෂ කාරණා නම්, වෘෂභ ලග්න හිමියන් තද හිත් ඇති කිසියම් ආකාරයකට තනි මතයේම එල්බගෙන සිටින අයයි. හිතුවොත් හිතුවාමයි.

● චිත්ත වේග ඉතාම ප්‍රබලයි.
නමුත් වෘෂභ ලග්නය කියන්නේ, සිතිවිලි වල අධිපතිකම් කරන ග්‍රහයා උච්ච වෙන ඔහුගේම වාස භවනයයි. එම අවස්ථාවෙදි නම් මෙම තත්වය තරමකට පාලනය වෙයි.
* වෘෂභ ලග්න හිමියන් බොහෝ මහන්සි වී බොහෝ කැපවීම් කොට දියුණු වීමට කැමති අයවලුන් වෙති. මොවුන්ගේ රැකියාවන්, බොහෝවිට වෙළදාම, ආහාරපාන ආශ්‍රිත කටයුතු, විශේෂයෙන්ම කුජ ග්‍රහයා බලවත් නම් ගොඩනැගිලි ද්‍රව්‍ය ආදිය විකිණීම, විදේශ රැකියා ආදියෙන් සමන්විතය.
* අනුන්ගේ කතාවට යටත් නොවේ. තම කටයුත්ත කෙසේ හෝ කරගෙන යාමේ දැඩි අධිෂ්ඨානශීලි ගුණයක්ද ඇත. එනිසාම ජය ලබයි. සතුරන්ට නොනැමෙන ලක්ෂණ ඇත.
* ආශාවන් හඹා යාමට දක්ෂය. තම සැප පහසුව නැති වුවත් ඉලක්කයට යාමට කටයුතු කරයි.
තම අංලකාරය ගැන දැඩිව සිතන, තමාගේ දේ වලට වියදමට ලෝබ නැති අය වෙති.

● වෘෂභ ලග්න හිමියන් ආදරය, ප්‍රේමය සම්බන්ධව විශේෂයෙන්ම සැලකිල්ලක් දක්වයි.
ඔවුන් ඒ මානසිකත්වය තුලදී තරමක තදින්ම ආදරය කරන අයයි. ලිංගිකත්වය කෙරෙහි දැඩි ලෙස රුචිකත්වය දක්වන ඔවුන් එයට විශේෂ තැනක් දී කටයුතු කරයි. මන්ද කුජ සහ සිකුරුගේ ඇති සහසම්බන්ධතාවය නිසාය.
* ලිංගික ශක්තිය අතින්ද ඉතාම ප්‍රබල පුරුෂයන්, කාන්තාවන් වෘෂභ ලග්නයෙන් උපදී.
විවාහ බන්ධනයද ඉතා ප්‍රවේශමෙන් රැක බලා ගනී. ආදරය සහ තමාගේ ලෞකික ජිවිතයේ සමහරක් දේවල් ගැන ඉතාම ආත්මාර්ථකාමිව කල්පනා කරන්නේ මොවුන්ය.
* ආශාවන් සහිත අය වෙති. පහසුවෙන් ජීවත් වීමට සිතන අය වෙති. ධෛර්යවන්තය.

ග්‍රහ බලය හොදින් පැවතුනොත් අවුරුදු 75-80 ආදියේ වයසකට මොවුන් හිමිකම් කියයි.

● සෞඛ්‍ය තත්වය සිතූ කල බොහෝවිට හොද තත්වයක පවතින අතර, මේවා ග්‍රහ බල අනුව වෙනස්කම් වලට භාජනය විය හැක. විශේෂයෙන්ම අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල සුවතාවය ගැන මොවුන් කල්පනාකාරි විය යුතුය. දියවැඩියාව සහ ආදි රෝග සහ නිදන්ගත රෝග, ප්‍රවේණිගතව එන රෝග පහසුවෙන් වැලදිය හැක. 

_ වෘෂභ ලග්න අයගේ දුර්වලතා _

● බොහෝවිට තමාගේ තනි මතයට වැඩ කරගැනිමටද තම මතයට අන් අය පොළඹවා ගැනීමටද උත්සහ කරයි. කිසිවෙකුගේ උපදේශන පිලිගැනීමට අකමැති දැඩි මතයක් දරයි. එසේම ලෞකික සැප සම්පත් වලට අධික ගිජුකමක් හා මසුරුකමක් දක්වයි.
තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අධිකව වියදම් කරන වෘෂභ ලග්න අය අන් අයට උදව් කිරීමට තරමකට මැලිකමක් දක්වයි.

* පොදුවේ වෘෂභ ලග්නයට අපල කරන ග්‍රහයන් වන්නේ, “චන්ද්‍ර, ගුරු, සිකුරුය“
* මෙම ලග්නයට ශුභ දවස් වන්නේ බදාදා සහ සිකුරාදා දිනයි.
* ඉරිදා දින වලදි භූමියෙ කටයුතු වල නියැලීම සුදුසුයි.
* සුභ අංක වන්නේ 5 සහ 6.
* ශුභ වර්ණ, ලා නිල් පාට, ලා කොළ පාට වර්ණයි. එම වර්ණ 2ට අමතරව තැඹිලි පාට වර්ණයද හොද බව කිව යුතුයි.

*** පොත් පත් වලින් අටවා දමන කරුණු නොව අපගේ පර්යේෂණ වලින් සාක්ෂාත් කරගත් කරුණුය.

Wednesday, August 5, 2015

අගෝස්තු මාසය - ලග්න 12ට කොහොමද ?

● මේෂ
ලග්නාධිපති අඟහරු/කුජගේ දුර්වල භාවය නිසා රැකියාවේ සහ ආර්ථික කටයුතු වල යම් පසුබෑමක් ඇතිවන මාසයකි. එසේ වුවද එයින් ඔබ පන්නරය ලබනු ඇත. ව්‍යාපාර කටයුතු කරන අයට යම් තරමක් සුබයි. එසේ වුවද යම් පාඩු සහ රැවටීම් වලට ලක්වීමේ ඉඩක් පවතින නිසා බුද්ධියෙන් කටයුතු කරන්න.
මෙම ගැටළු තත්වයන් මාසය අග වන විට දුරුවී සැනසීම ඇතිවනු ඇත.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවේ. ආර්ථික තත්වයේ ඇතිවන ගැටළු ගෘහ ජිවිතයටද බලපෑමට යම් ඉඩක් ඇත. දරුවන් සමග සතුටින් සිටිය හැකි කාලයකි. ජිවිතයේ ජයග්‍රහණ වෙනුවෙන් බොහෝ කැපවන්නේ නම් ඒවා සැබෑ කරගත හැක.
සෞඛ්‍ය තත්වය, සෙම් රෝග, මානසික පීඩනය ආදියෙන් ඇතිවන කරදර තත්වයන් වලින් මිදීමට කටයුතු කරගන්න.

● වෘෂභ
පොදුවේ සුභදායක ලෙස ගත කරගත හැකි කාලයකි. රැකියාවේ දියුණුව මෙන්ම වෙනස් වීම්ද ඇති කරගැනීමේ හැකියාව ඇත. ග්‍රහචාරයේ බලපෑම මත සිතට යම් පීඩනයක් ඇතිවිය හැකි කාලයකි. වෘෂභ ලග්න දේශපාලකයන්ට මේ තත්වය විශේෂයි. මාසයේ මැද සිට කටයුතු වල වෙනදාට වඩා දියුණුවක් ඇතිවේ. ව්‍යාපාර කරන අයට සුබයි. බුද්ධියෙන් කරන කටයුතු වලින් ජය ලබාගැනීමේ වාසනාව මේ කාලයේ වෘෂභ ලග්න හිමියන්ට ඇත.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැක්කේ ඔබගේ ඉවසීම සහ මනා අවබෝධයෙන් කටයුතු කිරීමෙනි. මංගල යෝග ආදි සුබ කටයුතු වලට යහපත් කාලයක් වන බැවින් සිතට සතුටද ඇතිවන කාලයකි. දරුවන් ගැන සතුටු වීමට හැකිවන ආරංචි ලැබේ.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග වලින් ආරක්ෂා වීමට කටයුතු කරන්න. නිදන්ගත රෝග ඇති අය ඒවායින් පරිස්සම් වන්න.

● මිථුන
මෙතෙක් පැවති යම් යම් බාධා දුරු වන කාලයකි. ගුරුගේ ගෝචරය එතරම්ම යහපත් නොවුවද අනිකුත් ග්‍රහ තත්වයන් සමග සතුටින් සිටිය හැකි කාලයකි. රැකියාවේ දියුණුව ඇතිවේ. මෙතෙක් රැකියාවට තිබුන බාධා දුරුවන කාලයකි. විදේශ ගතවීම් වලට සුබයි. මාසයේ මැද සිට රැකියාව මෙන්ම ව්‍යාපාර වලටද දියුණුව අපේක්ෂිතය.
ගෘහ ජිවිතය සතුටින් ගත කිරීමට හැකියාව පවති. එසේ වුවද ඔබගේ ඉවසීම එහිදී මූලික වන බව මතකයේ තබා ගන්න. අන් අය සමග කරන කටයුතු වලදී ඉවසීමෙන් කටයුතු කරන්න. මංගල යෝග උදාවන, පවතින ප්‍රේම සබදතාවය ස්ථිර වන කාලයක් බවට පත්වන්නේ මාසයේ අග කාලයේදීය. දරුවන්ට සුබයි, දරුවන් ගැන සතුටු විය හැකි කාලයකි.
සෞඛ්‍ය තත්වයේ, උදරාබාධ සහ උෂ්ණාධික රෝග වලින් පරිස්සම් වන්න.

● කටක
කටක ලග්න හිමියන්ට මාසය පුරාවට පොදුවේ සුබයි. කුජ/අගහරු ලග්නයේ සිටියද කටයුතු සාර්ථක කරගත හැක. රැකියාවේ දියුණුව ඇතිවිය හැක. මෙතෙක් කල් ඔබගේ තිබුනු දක්ෂතා සහ කැපවීම් වලට ප්‍රතිඵල ලැබෙන කාලයකි. කලා කටයුතු වල නිරත අයට, භූමිය සම්බන්ධ කටයුතු, පොලව සම්බන්ධ කටයුතු කරන අයට සුභයි. මාසයේ අවසාන දින වල යම් අයහපත් තත්වයක් උද්ගත විය හැක. බුද්ධියෙන් විමසා ඒ කටයුතු සාර්ථක කරගන්න.
ගෘහ ජිවිතය සාර්ථකව ගත කල හැක. විවාහ අපේක්ෂිත අයගේ පැතුම් ඉටුවන කාලයකි. භූමි ලාභ ලැබෙන්නට ඉඩ ඇත. වාසනාවන්ත දරු උපත් අපේක්ෂිතය. කරන කටයුතු සාර්ථක වේ.
පොදුවේ එතරම් අයහපතක් සෞඛ්‍ය තත්වයේ නොපෙන්වයි. එසේ වුවද හදිසි අනතුරු, ලිස්සා වැටීම් ආදියෙන් පරිස්සම් වීමට කටයුතු කරන්න.

● සිංහ
ලග්නාධිපතිගේ ගමන අනුව සුභ කාලයක් වේ. රැකියාවේ දියුණුව ඇතිවුවද තමන්ගේ ඉහල නිලධාරින් සමග සමගියෙන් සාමදානයෙන් කටයුතු කරන්නට සිතා ගන්න. සිංහ ලග්න හිමියන්ට ව්‍යාපාර විශේෂයෙන් සුබ බැවින් මේ කාලයේ නව ආයෝජන වලට යොමුවිමට අවස්ථා ඇතිවිය හැක. ඒවා සාර්ථක කරගැනීමටද වාසනාව ඇත. මාසයේ අවසාන දිනවල බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැක. විශේෂයෙන් තනි මතයට කටයුතු නොකර, බුද්ධියෙන් ඉවසීමෙන් කටයුතු කරන්නට ඔබට හැකිවිය යුුතුය. භූමි ලාභ, වාහන ලාභ පවතින කාලයකි. ගෙදර දොර අලුත් වැඩියා කටයුතුද කරගන්නට හැකියාව ඇතිවන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග වලින් පරිස්සම් වන්න. යම් මානසික පීඩනයක්ද පවතින බැවින් ආගමික කටයුතු වලට නැඹුරු වීමද හොඳයි.

● කන්‍යා
ලග්නාධිපතිගේ බලවත් වීම සුභදායක තත්වයක් වුවද තත්කාල ග්‍රහචාරයේ අනිකුත් ග්‍රහයන් හා සසදන කල යම් බාධා තත්වයන් පවති.
රැකියාවේ දියුණුව ලැබෙන්නට වාසනාව තිබුනද කොහේවත් නැති බාධා එල්ල වීමට ඉඩ ඇත. අපරික්ෂාකාරි කටයුතු නිසා පාඩු සිදුවිමටද හැකියාව ඇත. මාසයේ මැදදි ඇතිවන යම් බාධාවන්ට බුද්ධියෙන් ඉවසීමෙන් මුහුණ දෙන්න. මේ කාලයේ මුදල් ගනුදෙනු ආදියෙදි පරිස්සම් වීම වැදගත් වේ.
ගෘහ ජිවිතය තුලද යම් ගැටළු පැන නැගීම නිසා අඹුසැමි ප්‍රේමයට බාධා ඇතිවන්නට ඉඩ ඇත. එවන් අවස්ථා මගහැරීමට කටයුතු කරන්න. ආවේශීලි නොවන්න. මංගල යෝග වලටද යම් බාධා එල්ල වුවද නිසි ගැලපීම් සහිත විවාහ කටයුතු කරගන්නටද වාසනාව මේ කාලයේ පවති.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග, අධි රුධිර පීඩනය සහ චිත්ත පීඩනය නිසා ඇතිවිය හැකි ගැටළු වලින් පරිස්සම් වන්න.

● තුලා
ලග්නාධිපතියා සතුරු වුවද තත්කාල ග්‍රහචාරයේ සුභ පල පෙන්වයි.
ආර්ථික තත්වය දියුණු කරගත හැකි කාලයකි. නව රැකියා ලැබීම මෙන්ම පවතින රැකියාවේ දියුණුව ලැබෙන කාලයකි. ජයග්‍රහණ ලබාගත හැක. විදෙස්ගත රැකියා බලාපොරොත්තු වන අයටද සුබයි. එසේ වුවද මාසය මැදදී යම් අසුභ පල තත්වයක් පෙන්වයි. ව්‍යාපාර කටයුතු කරන අයට වෙසෙසින්ම සුබදායක කාලයකි. නිසි කැපවීමෙන් කරන කටයුතු වලින් ජය ලැබේ.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. මංගල යෝග වලට බාධා තත්වයන් පෙන්වයි, ප්‍රේම සබදතා අස්ථිර වීමක් ගැන සිතට දැනිය හැක. වාහන ලාභ, භූමි ලාභ පවති, එසේ වුවද එම කටයුතු වලදි ස්වකීය බුද්ධිය මත පිහිටාම කටයුතු කල යුතු බව අවධාරණය කරමු.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග වලින් පරිස්සම් වන්න.

● වෘශ්චික
ලග්නාධිපති කුජ යම් බල දුබල භාවයක් පෙන්නුවද තත්කාල ග්‍රහචාරයෙන් සුභ තත්වයක් අපේක්ෂිතය.
රැකියා වලට සුබයි. ව්‍යාපාර කරන අයට විශේෂයෙන් සුබයි. හවුල් ව්‍යාපාර කරන අයටද වෙනදාට වඩා වාසි ලැබෙන කාලයකි. ස්වකිය කැපවීම මත එම වාසි ඇතිකරගත හැක. කලා කටයුතු වල යෙදෙන අයට සුබයි. පොලව සම්බන්ධ කටයුතු කරන අයටද විශේෂ සුභ පල අත්කරගත හැක.
ගෘහ ජිවිතය සතුටින් ගත වුවද යම් අවස්ථාවල තනි මතයට කටයුතු කරන්නට යෑම ගැටළු සහගත විය හැක. දරුවන් නිසා සතුටු විය හැකි මෙන්ම දරුවන් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්නට අවස්ථාවන් උදාවනු ඇත. ඥාති හිතමිත්‍රාදින් සමග සතුටුවීමටද අවස්ථා යෙදේ.
සෞඛ්‍ය තත්වයේ මානසික පීඩා ආදියෙන් සැලකිල්ලෙන් කටයුතු කරන්න. මෞත්‍ර ලිංගික පද්ධතියේ සුරක්ෂිත තාවය ගැන සැලකිලිමත් වන්න.

● ධනු
ලග්නාධිපතිගේ බලවත් වීම අනුව සුභ කාලයකි.
රැකියා කටයුතු වලින් ජය ලැබෙන, රැකියාවේ උසස්වීම් පවා අපේක්ෂිත කාලයකි. වෙනදාට වඩා දියුණුව ඇතිවන නිසා සමාජයේ අවධානය යොමුවීමට ඉඩ වැඩිය. නව ව්‍යාපාර කටයුතු ඇරඹීමටද සුභ කාලයකි. ඒවායින් ලාභ ඉපයිය හැක. විදෙස් ගත රැකියා කරන අයටද සුබයි, විදෙස්ගත වීමට අපේක්ෂා කරන අයටද එම වාසනාව උදා වේ.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැක. දරුවන්ගේ ජයග්‍රහණ ගැන සතුටුවිය හැකි කාලයකි. දුර බැහැර ගමන් සහ කෙටි ගමන් බිමන් අධික වන්නට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වයේ උදරාබාධ සහ දණිස් ආශ්‍රිත රෝග වලින් පරිස්සම් වන්න. නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට යොමුවන්න.

● මකර
ලග්නාධිපතිගේ ස්ථාන බලය සමග සුබ තත්වයක් ඇතිවේ.
ව්‍යාපාර කරන අයට විශේෂයෙන් සුබ කාලයකි. නව ආයෝජන වලට අවස්ථා උදා වේ. ඒවා බුද්ධියෙන් යුතුව කිරිමෙන් වැඩි වාසි අත්කරගත හැක. මාසයේ මධ්‍ය කොටසේ සිට කලින්ටද වඩා ආර්ථික තත්වය සාර්ථක කරගැනිමට හැකියාව ඇත. රැකියා කරන අයටද සුබයි. ස්වකීය ඥානය මෙහෙයවා කටයුතු කරන රැකියා සහ ව්‍යාපාර කරන අයට විශේෂ සුභ කාලයකි.
ගෘහ ජිවිතයට යම් බාධා තත්වයන් පෙන්වයි. ආදර සබදතාවකට නොසිතු විරු බාධා පැමිණීමට ඉඩ මෙන්ම ඒවා බිඳවැටීමේ අවධානමක් පවති. බුද්ධියෙන් කටයුතු කරන්න. ඥාති හිතමිතුරන් සමග විනෝද අවස්ථා යෙදෙන කාලයකි. හදිසි ධනලාභ වාසනාවක්ද පෙන්වයි.
උදරාබාධ සහ සෙම් රෝග ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. එසේම පාර තොටේදී විමසීමෙන් කටයුතු කරන්න. එසේ නොවිම අනතුරු ඇති කරන්නට ඉඩ ඇත.

● කුම්භ
ලග්නාධිපති සහ ගෝචර බලයන් වල යහපත් තත්වයක් පෙන්වයි.
රැකියාවෙ කටයුතු වල දියුණුව ඇතිකරගත හැකියි, නමුත් ඔබගේ යම් අතපසුවීමක් නිසා අනවශ්‍ය කරදර ඇතිවිමේ හෝ සතුරු කරදර ඇතිවිමට යම් හේතුවක් ඇතිවිය හැක. රැකියා කටයුතු වල යම් වෙනසක්ද අපේක්ෂිතය. බුද්ධියෙන් විමසීමෙන් කරන නව ආයෝජන අවස්ථා වලටද සුබයි.
ගෘහ ජිවිතය තුල ගැටළුකාරි තත්වයක් පෙන්වයි. එහිදී ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කිරීම මැනවි. විවාහ අපේක්ෂක අයට මාසයේ අවසාන දින වල සුභ තත්වයක් පෙන්වයි. යම් ජයග්‍රහණ ආදිය මේ කාලයේ ලබාගැනීමට වාසනාව පවති.
සෙම් රෝග ආදියෙන් පරිස්සම් විය යුතුය. හදිසි අනතුරු ආදියෙන්ද ප්‍රවේශම් වන්නට කටයුුතු කරන්න.

● මීන
ලග්නාධිපතිගේ ගමන සහ අනිකුත් තත්කාල ග්‍රහචාරය සමග විමසා බැලීමේදි තරමක යහපත් තත්වයක් පෙන්වයි.
රැකියාවේ දියුණුවක් සහ වෙනස් තත්වයන් ඇතිකර ගැනීමට වාසනාව පවති. ව්‍යාපාර කරන අයටද සුභ කාලයකි. මාසයේ අවසාන කාලයේ යම් අවබෝධයකින් කටයුතු කල යුතුයි, විශේෂයෙන් රැකියා කරන අයට යම් අවදානම් තත්ව පෙන්වයි. භූමිය සම්බන්ධව කටයුතු කරන අයට සුබයි. කලා ශිල්පීන්ට සුභ කාලයකි, ස්වකීය නිර්මාණ වලට ඇගයුම් ලැබේ.
ගෘහ ජිවිතයේ සතුට රඳා පවතින්නේ ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කිරීමෙනි. යම් යම් බාධා තත්වයන් ඇතිවිමට ඉඩ ඇත. ඉවසීමෙන් කටයුතු කල යුතුය. මංගල යෝග තත්වයන් උදා වේ. යාන වාහන, ඉඩකඩම් සම්බන්ධව සුභදායක තත්වයක් පෙන්වයි.
සෙම් රෝග, උගුර, පෙනහල්ල ආශ්‍රිත රෝග තත්වයන්ගෙන් ප්‍රවේසම් වන්න. ආහාර ජීර්ණ පද්ධතියෙද යම් අක්‍රමිකතාවයන් ඇතිවිය හැක.




Sunday, August 2, 2015

සතියේ ලග්න පලාපලය - ජුලි 3 සිට

● මේෂ
ඔබට සමඵල සතියකි.
ආර්ථික තත්වයේ විචල්‍යතා ඇතිවන සතියකි. එසේ නම් සතියේ මුල් දවස් 2තුල ඔබට පාඩු අලාභ සිදුවිය හැක. ණය ගනුදෙනු ආදිය සහ මුදල් හුවමාරුව සම්බන්ධව. එනමුත් සතිය මැදදී මේ තත්වයන් පහවී ඔබට වාසනාව සෞභාග්‍යය ඇතිවේ. ආදායම ඇතිවේ. වෙලදාම් කරන අයට නව ආදායම් තත්වය ඇතිවේ.
ගෘහ ජිවිතය තුල ඔබගේ සතුට, සමාදානය රජ කරයි. ඔබ සමාජයට ප්‍රියමනාප අයෙකු බවට පත්වෙයි. තවද ඔබගේ ඥාති මිත්‍රාදීන් නිවසට එන කාලයකි. අලුත් හිතවත්කම්ද ගොඩ නැගේ.
සෞඛ්‍ය තත්වය නහරගත පාද වල වේදනා, එමෙන්ම සෙම් අමාරු, උගුරේ සෙම් ගතිය ආදිය ඇතිවෙන්නට හැකියාව ඇත.

● වෘෂභ
මේ සතිය සමඵලයි.
සතියේ මුල ඔබට හොදයි. ආර්ථික වාසි, එසේම ඔබගේ ධන-ධාන්‍ය තත්වයේ වර්ධනයන් ඇතිවේ. තවද මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. නමුත් සතිය මධ්‍ය කොටසේ පාඩු, ආර්ථික අවහිරතා මතු කරනු ඇත. විශේෂයෙන්ම ණය ගනුදෙනු වලදි පරිස්සම් විය යුතුය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවන අතර ඥාති මිත්‍රාදින් ආශ්‍රයට සහ පවුලේ අයගෙන් ගරු නම්බු ලැබෙන කාලයකි. විශේෂයෙන් ඔබට ජිවිතයේ ජයග්‍රාහි මාවතකට පියමැන්න හැක. සතිය අග හොදයි.
සෞඛ්‍ය තත්වය ඔබට හොදින් ඇත. සතිය අගදි යම් වා පිත් සෙම් ආදි රෝග වලට නතු වීමක් පෙන්වයි. ඒවායින් ප්‍රවේසම් වන්න.

● මිථුන
මේ සතිය ඉතාම හොදයි.
කරන කියන රැකි රක්ෂා ව්‍යාපාර ආදිය දියුණු වේ. එසේම ඔබට තිබුනු ප්‍රබල බාධක ගැටළුවක්, කරදරයක් ඔබගෙන් ඉවත්ව යයි. තවද නෑදෑ හිතමිතුරන්ගෙන් දියුණුවට උපකාර ලැබේ. තවද ඔබගේ අලුත් ව්‍යාපාර ආදිය මෙම කාලයෙදි ආරම්භයට සුදුසු බවත් කියමු.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. තවද ඔබගේ ජිවිතයට වැඩිහිටියන්ගෙන් ආශිර්වාද ලැබේ. අතමිට සරුවන කාලයක් නිසා ප්‍රිය සම්භාෂණ, විනෝද ගමන් ආදිය යෙදෙන බවත් කිව යුතුය.
සෞඛ්‍ය තත්වයට ප්‍රබල ගැටළුවක් නොමැති අතර, නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට යොමු වන්න.

● කටක
ඔබටද ඉතාම ප්‍රීතිමත් සතියකි.
දෙමාපිය, වැඩිහිටියන්ගේ ඔබට ආර්ථික තත්වය ගොඩනගා ගැනීමට උපකාරය ලැබේ. එසේම කරන කියන කටයුතු සතිය මුළුල්ලේම සාර්ථක තත්වයක් පෙන්වයි. එසේ නම් ඔබ උනන්දු වන්න මේ තත්වය දිගටම පවත්වාගෙන, මේ සතිය තුල ආර්ථික වර්ධනය දිගටම පවත්වාගන්න. ලග්නාධිපති උච්ච වෙන මේ සති අන්තයේ ඔබට හදිසි ධනලාභද හිමිවන බව පෙන්වයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ ප්‍රීතිය, සමාදානය, අඹුසැමි ප්‍රේමය දළුලන කාලයකි. වැඩිහිටියන්ට කරන උපහාරයක් වශයෙන් ඔවුන්ව වන්දනා ගමන් වලට සම්බන්ධ කරගැනිමට ඔබට හැකියාව ඇත.
අයපත් නැත නිදන්ගත0

● සිංහ
සමඵල සතියකි.
ආර්ථික තත්වය සාමාන්‍ය ආකාරයට පවති. සතියේ මුල් දවස් 2තුල එතරම් ශුභ නොවනු ඇත. ආර්ථික අවාසි, ලැබෙන්නට තියෙන දෑ නොලැබී යාම සහ ණය තුරුස් අැතිවීම මේ අතර ප්‍රධාන වේ. නමුත් සතිය අගදී මේ තත්වය අවසන් වේ. කරන කියන කටයුතු දියුනු වනවාක් මෙන්ම සතිය අගදි යම්කිසි දෙයකින් අධික ලාභයක් උපයාගැනිමට ඔබට පුලුවන් වේ.
ගෘහ ජිවිතය තුල සමාදානය, ප්‍රීතිය ඇතිවේ.  සතිය අගදී විනෝද ගමන්, ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමද, කලක් දන්නා හඳුනන කෙනෙක් නිවසට පැමිනීමද සිදුවිය හැක.
සෞඛ්‍ය තත්වය උදරාබාධ, මුත්‍රා ආබාධ, උෂ්ණාධික රෝග වැලදිමට පුලුවන.

● කන්‍යා
මේ සතිය එතරම් ශුභ නොවේ.
ආර්ථික තත්වය මේ සතියෙදි වර්ධනය කරගැනිම කෙසේ වෙතත් මුදලක් හදලක් තිබේ නම් එය ආරක්ෂිතව රැක බලා ගැනීම ඔබගේ වගකීමයි. සතිය පුරාම අයහපත් තත්වයක් පෙන්වයි. එසේ නම් කළමනාකාරිත්වය ඔබට බෙහෙවින් උපකාරි වන්නේ ඔබගේ ආර්ථික ස්ථාවරත්වයටය.
ගෘහ ජිවිතය එතරම් සතුටින් ගත නොවන බවක් නම් පෙනී යයි. එයට ප්‍රධානම සාධකය වන්නේ දැනට මේ බලපාන ග්‍රහ ගෝචරයයි. දරුවන්ට අසනීප, භාර්යාවට අසනීප, එසේම අනවශ්‍ය ධන හානි, මිල මුදල් නාස්ති වීම් ගෘහ ජිවිතය තුල ඔබට සංවේදි වන කාරණාය. නමුත් ඉවසීමෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ මානසික ආතතිය නැති ප්‍රශ්න ඔළුවට වැටි හිතින් වැටීම, විවිධ රෝග වලට මග පෑදෙන යම් යම් කරුණු කාරණා ඒම, මේ සතියෙදි වන්නට පුලුවන් උපද්‍රවයන්ය.

● තුලා
ඔබට මේ සතිය එතරම් යහපත් නොවේ.
සතිය මුලදී තිබුනු ආර්ථික ප්‍රබෝධය සතිය මැදට වන්නට අඩු වන්නට පුලුවන්, විචල්‍යයි. කරන කියන කටයුතු අසාර්ථක විමට ඉඩ ඇති නිසා විමසීමෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය එතරම් සතුටින් ගත නොවේ. අඹුසැමියන් අතර යම් මත ගැටුම් ඇතිවි ඒවා ලොකුවට නිර්මාණය වීමට පුලුවන්. තමන්ගේ ඥාති මිත්‍රාදින් හා යම් අඩදබර ඇතිවිය හැක. හිතේ සමගිය සමාදානය දුරස් වීමට හේතු ඇතිවන නිසා මේවාට හරියන විදියට ඔබගේ මානසිකත්වය ඇතිකරගත යුතුය.
සෞඛ්‍ය තත්වයේ උදරාබාධ, උෂ්ණ රෝග, තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග වලින් පරිස්සම් වන්නට කටයුතු කරන්න.

● වෘශ්චික
මේ සතිය සමඵලයි.
විශේෂයෙන්ම සතියේ මුල් දවස් 2-3 ඔබට එතරම් ආර්ථික අවාසි සිදු නොවේ. නමුත් චන්ද්‍රයා 6 වැන්නේ ගමන් කරන දවස් වල ඔබ යම් ආයෝජන ආදියේ යම්කිසි බාධක කරදර හිමිකරගනී. එසේම මෙම සතියෙදි ආර්ථික තත්වයන් සම්බන්ධව ඔබ තීන්දු තීරණ ගත යුත්තේ විශේෂ කල්පනාවකින් අනතුරුවයි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. විවාහක අයට දරු සම්පත් ලැබීමේ වාසනාවක් ඇත. නිවස තුල ප්‍රශ්න තිබුනත් යම්කිසි ප්‍රීතිමත් ගතියක් විද්‍යාමාන වේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. උදරාබාධ, එසේම ආහාර අසාත්මික වීම්, හමේ රෝග ඇති කරන්නට පුලුවන්.

● ධනු
ශුභ සතියකි.
කරන කියන කටයුතු සාර්ථක වනවා. ආර්ථික ලාභ මෙන්ම භුමි ලාභ ඇතිවෙනවා. දේපල වෙලදාම් කරන අයට මේ කාලය හොදයි. එසේම රථ වාහන ව්‍යාපාරයට සම්බන්ධ අයටත් ඉතාම හොදයි. මේ කාලයෙදි උසස් අයගෙන් උදව් උපකාර ගැනීමට ඔබට පුලුවනි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. නිවසට අලුත් බඩුමුට්ටු ලැබෙන කාලයකි. නිවසට අමුත්තන් පැමිණේ. කාන්තා පක්ෂයේ මිතුරියන් අධික වේ. තමන් පමණක් නොව දරුවන්ද සතුටින් සිටින වාසනාවන්ත සතියකි, මේ සතිය.
සෞඛ්‍ය තත්වය යහපත්ව පවත්වා ගැනීමට පුලුවන්. නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න.

● මකර
ඉතාම ශුභයි.
ආර්ථික වාසි හිමි වේ. ඔබට යන තැන පිලිගැනීම ඇතිවේ. ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් වෙළද ව්‍යාපාර සම්බන්ධව තිබෙන දැනුමත් සමග මා කියන්නේ ඔබට ඉතාම ඉහල තත්වයකට මේ සතියෙදි පියමැන්න හැකි බවයි. පාඩු නොමැති නිසා ඔබගේ කළමනාකරණයෙන් හොඳ ගමනක් යෑමට පුලුවන්.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වේ. කිසිදු බාධාවක් නැත. දරුවන් සහ බිරිද සහ පවුලේ අනෙක් සාමාජිකයන් සමගද ප්‍රිතිමත්ව ගතකිරිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නොවේ. ඔබ නිදන්ගත රෝග ඇති අයෙක් නම් ඒ සම්බන්ධව පිලිවෙතක් අනුගමනය කරන්න. වෙනත් ගැටළු නොමැත.

● කුම්භ
ඔබට ඉතාම හොද සතියක්.
විශේෂයෙන්ම ඔබගේ චිත්ත විවේකය හා ඔබගේ ගුණයහපත්කම නිසා ඔබ ජනප්‍රිය වේ. එය ආර්ථිකයට ඉතාම ශුභ තත්වයකි. ඔබ වෙළද ව්‍යාපාරිකයෙක් නම් ඔබට එය ඉතාම හොදයි. විදෙස් රැකියා කරන අයටද ඉතාම හොදයි. සතිය මැදට යන්ට යන්ටම හොදයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. අවිවාහක අයට මංගල යෝග උදාවෙන අතර, අලුත් ප්‍රේම සබදතා ගොඩනැගෙන අතර සිත ප්‍රීතියෙන් ගතවන අතර දුවාදරුවන් සමග ප්‍රීතියෙන් ගතවන්නටද මේ සතිය හේතු වෙන බව කිව හැකියි.
සෞඛ්‍ය තත්වය හොදයි. සෙම් රෝග ආශ්‍රිතව සැලකිලිමත් වන්න.

● මීන
ඔබට මේ සතිය හොදයි.
ආර්ථික වාසි ඇති කරයි. ඔබගේ කරන කියන කටයුතු සාර්ථක වන අතර, දියුණුවට අදාල සියලුම දේ ඉදිරියෙදි ඉෂ්ට වේ. විදේශ රැකියා වල නියුතු අයටත් මෙරට රැකියා කරන අයගේත් දියුණුවක් ඇතිවන්නේ, වැටුප් වර්ධක ආදිය ඔබට ලැබෙන බැවිනි. නමුත් පොදුවේ ගත්කල මේ සතියම හොද බව කිව යුතුය.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. එසේම නිවසට අමුත්තන් එන කාලයකි. සතිය අගදී නිවසේ ප්‍රිය සම්භාෂණයක් ඇතිවේ. අමනාප වී සිටි අය යළි, මිතුරු වීමද පෙන්වයි. ඉතාම ශුභ සතියකි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත. මේ දවස් වලට ඒ ඒ පලාතට ඇති කර තිබෙන කාලගුණ විපර්යාසයන් නිසා ඇති කරන රෝගාබාධ ඔබට ඇතිවිය හැකි බව පෙන්වයි. ප්‍රවේසම් වන්න.

“ සෝමාවතිය රකින තාරා දේව මෑණියන් “

සෝමාවතිය චෛත්‍ය රාජයාණන්වහන්සේ, බුදුන්වහන්සේගේ දකුණු දන්ත ධාතුන්වහන්සේ, ලලාට ධාතුන්වහන්සේ රකින්නෙ මූලිකව තාරා දේව මෑණියන් විසින්ය.

පසුගිය කාලයටත් වඩා කුසල බලය වැඩි බැවින් දැන් සිටින්නෙ ඉහල ආකාශ තලයේය.

* තාරා දේව මෑණියන් යනු, වලගම්බා රජ සමයේ සිටි සෝමා දේවියයි.
රට ජාතිය පර සතුරන් අතින් විනාශ වන්නට ගිය අවස්ථාවේ, රජතුමා බේරාගැනීමට සතුරන්ට බිලි වී රටම රැකගත්තේ සෝමා දේවිය විසිනි.
ස්වකීය කුසල් බලය නිසා සෝමාවතිය පුදබිම ආරක්ෂා කරන්නට එතුමියට හැකියාව ලැබී තිබේ.

ඉතිහාසයෙන්,

(සෝමාවති චෛත්‍යරාජයා ඇතුළු පුදබිම මුලින්ම ඇති කර ඇත්තේ දුටු ගැමුණු මහරජුගේ පියා වූ කාවන්තිස්ස රජතුමා විසිනි. එකල එම ප්‍රදේශය පාලනය කර අභය රජුට තම සොයුරිය වූ සෝමාවති කුමරිය විවාහ කරදුන් කාවන්තිස්ස රජතුමා, ස්වකීය රාජ්‍යත්වය තහවුරු කරගැනීමටත්, රට ආරක්ෂා කරගැනීමටත් මෙම චෛත්‍යරාජයාණන්වහන්සේ කරවූ බව පිලිගැනේ)
තවද ඉතිහාසය ගැන සිතන්නේ නම්, සෝමා දේවිය යනු වලගම්බා රජතුමාගේ දේවියකි.
වලගම්බා රජු යනු, දුටු ගැමුණු රජුගේ සොයුරු සද්ධාතිස්ස රජුගේ පුතාය.

ඉතිහාස කතාව සහ සෝමාවතිය පුදබිම රකින තාරා මෑණියන් ගැන අදහස වරදවා වටහා නොගන්න. කතා 2කි. චරිත 2 සහ අවස්ථා සිද්ධි 2ක් ගැන විස්තර වේ.

* තාරා මෑණියන් විසින් විහිදුවන දේව රශ්මි මාලා බොහෝදෙනා දැක ඇති බව සිතමු..

මෙම පුදබිම අනුහස් සහිත සුවිශේෂි පුදබිමකි.

‪#‎ඉරුසේවය‬