Sunday, August 16, 2015

“ රවි මාරුවෙන් “ (අගෝ. 17 - 2015)


ග්‍රහලොව රජු වන රවි හෙවත් සූර්යයා 2015 අගෝස්තු 17 වනදා  තම වාස භවනය සහ සියලු බලතල හිමි තැනක් වන “සිංහ“ රාශියට පැමිණෙයි.
පුරා වසරකට පසු තම රාජ භවනයට එන රජතුමාට එම පිහිටීම නිසා “උපෙන්ද්‍රා යෝගය“ උදා වෙයි. මෙය බලවත් යෝගයකි.

මෙම නිසා රවිගේ බලය දියුණු තියුණු වෙයි. රවි සම්බන්ධ සියලු කාරණා වෙනදාට වඩා ජනප්‍රිය වෙයි.

● මෙම ග්‍රහ පිහිටිම නිසා රජුට බල පරාක්‍රමයක් ලැබේ. පරාජය කල නොහැකි තත්වයකට පත් කරයි.
දිදුලන ස්වභාවයක් රජුගේ ඇති වන අතර, තම මතයට කටයුතු කිරීමට රජු තීරණය කරනු ඇත. ස්ථිරව කටයුතු දැඩි පියවරල් මේ කාලයේ ගැනීම සාමාන්‍ය දෙයකි.

● මෙහි විශේෂත්වය නම් ඡන්දය පැවැත්වෙන දින මෙම ග්‍රහ මාරුව සිදුවීමය.
කුම්භ ලග්න ලංකා කේන්දරයේ 7 වැන්නටරවිගේ පැමිණීම රටේ පාලකයාගේ බලය වැඩි දියුණු කරවයි.
* ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තුලා ලග්න කේන්දර සටහනේ 11 වැන්නේ රවි ස්වක්ෂෙත්‍ර බලයෙන් සිටින අතර, මෙම ග්‍රහ ගෝචරය නම සිදුවන්නේද උපතේදි සිටි තැනට රවි පැමිණීමයි.

● ඒ අනුව කෝටියක් දෝෂ භංග වීමද, ජනාධිපතිතුමාගේ බලය තහවුරු වී එතුමා ස්ථිරසාරව නායකත්වයේ ගුණ ප්‍රදර්ශනයද අපට විශේෂයෙන් බලාගත හැක. උපතේදීම “උපේන්ද්‍රා යෝගය“ හිමි ජනාධිපතිතුමාට අන් අයගේ සහය ලැබීමද මේ කාලයේ දැක ගැනීමට හැකියාව ඇත.
පුරා මාසයක් පමණ මෙම ග්‍රහමාරුව පවතිනු ඇත.

No comments:

Post a Comment