Wednesday, August 26, 2015

ග්‍රහලොව සුරතලා ඔහුගේම වාසභවනයට - ලග්න 12ට පලාපල කෙසේ වෙයිද ?



ග්‍රහලොව සුරතලා යනුවෙන් හඳුන්වන බුධ පසුගිය අගෝස්තු 23 වන දින උදයේ 8.23ට කන්‍යා රාශියට පැමිණ ඇත.

● මේෂ
6 වැන්නට බුධ පැමිණියේය.
කන්‍යා රාශිගත වීම එතරම් සුභ නැත.
බුද්ධිමත් කපටි මිතුරන්ගෙන් හානි විය හැක. එසේම උදරාබාධ, ජීර්ණ ආශ්‍රිත රෝග පහසුවෙන් වැළදිය හැක.
තරඟ විභාග ආදියෙන් අසමත් වීමට හේතු යෙදේ. මනා කැපවීමෙන් බුද්ධියෙන් ඒවා කරන්න.


● වෘෂභ
5 වැන්නට බුධ පැමිණියේය.
ඉතා ශුභයි.
තරඟ විභාග ආදියෙන් සමත් විමේ වාසනාව ඇතිවේ. ගැහැණු දරුවන්ට හොඳයි. බුද්ධිමත්, ක්‍රියාශීලි බවක් එක් කරයි. ආදායම් ලැබීමද හොඳ තත්වයක පවති.
වෘෂභ ලග්නයේ ඔබට බුද්ධිමතුන් ආශ්‍රය කිරිමේ හැකියාවද පවති.


● මිථුන
4 වැන්නට බුධ පැමිණියේය.
ඉතාම හොඳයි.
භද්‍රා යෝගය උදා වෙයි. මිථුන ලග්නයෙන් උපන් ඔබට අධ්‍යාපනික කටයුතුද, උසස් අධ්‍යාපනික කටයුතුද ඉතාම සාර්ථක ලෙස ඉගෙනීමට හැකියාව ලැබෙයි.
මංගල යෝගද උදා වෙන මෙම කාලයේ අලුත් මිතුරු-මිතුරියන්ගේ ඇසුරද හිමිකර දෙයි.
ශුභ කාලයකි.


● කටක
3 වැන්නට බුධ පැමිණියේය.
ශුභයි.
තමාගේ හැකියාවන් ඉදිරිපත් කරගැනීමට බොහෝ අවස්ථාවන් හිමිවේ. තමාට ඥාති හිතමිත්‍ර සම්බන්ධකම් බොහෝවිට හිමිවෙයි. තමාගේ කීර්තිය දස දෙස පැතිරෙන කාලයකි. විදේශ අධ්‍යාපන කටයුතු වලට ඉතාම හොඳ කාලයකි.


● සිංහ
2 වැන්නට බුධ පැමිණියේය.
ඉතාම හොඳයි.
විශේෂයෙන්ම කලා ක්ෂෙත්‍රයේ සියලු අයට සහ දේශපාලන ක්ෂෙත්‍ර වල සිටින සිංහ ලග්න අයට හොදයි. ආනයන අපනයන වෙළදාම් වල නියුතු අයටත් මේ කාලය ඉතාම හොදයි. ඒ අතරම වචනය ඉතාම ප්‍රවේශමෙන් හැසිරවිය යුතු බව මතක් කර දෙමි. මන්ද නොදැනුවත්ම තමන්ගේ රහස් එළියට යෑමේ යම් ප්‍රවණතාවයක්ද ඒ අතර පවතී.


● කන්‍යා
1 වැන්නට/ලග්නයට බුධ පැමිණියේය.
ශුභයි.
භද්‍රා යෝගය උදා වේ. අධ්‍යාපන ක්ෂෙත්‍රයේ සිටින අයට සියලුම තරග විභාගයන් සමත්වීමේ හැකියාවද පවති. මෙම කාලයෙදි තමන් ඉතාම ජනප්‍රියත්වයට පත්වෙන බවත් විශේෂයෙන්ම කිව යුතුය. බොහෝවිට තමන්ගේ රූප ස්භාවයද වෙනස් වේ. එනම් අලංකාර වේ.


● තුලා
12 වැන්නට බුධ පැමිණියේය.
එතරම් ශුභ නැත.
පාඩු සිදුවීමට ඉඩ ඇත. රැවටිලි වලින්ද තමන්ට අලාභහානි හිමි කර ගැනීමට හේතු ඇතිවිය හැක. තවද ගිවිසුම් වලට, බැඳුම්කර වලට එළඹීම මෙම කාලයේ නොකල යුතුයි. ප්‍රවේශමෙන් සිටිය යුතුයි. කපටි මිතුරන්ගෙන් ආරක්ෂා විය යුතුයි.


● වෘශ්චික
11 වැන්නට බුධ පැමිණියේය.
ශුභයි.
මෙම නිසා විශාල සමාජයක් ආශ්‍රය කිරිමේ හැකියාව ඔබට පවති. තවද ඔබ සමාජයේ කැපී පෙනෙයි. ජනප්‍රිය වේ. ආදායම් මාර්ග සුලබ වන අතර ලේඛකයන්ට, සියුම් රැකියා කරන අයට මේ කාලය ඉතාම හොදයි.


● ධනු
10 වැන්නට බුධ පැමිණියේය.
ඉතාම ශුභයි.
භද්‍රා යෝග බලය ධනු ලග්න හිමියන්ට ලැබේ.
හවුල් ව්‍යාපාර ආදිය කරයි නම් මෙම කාලය ඉතාම ශුභයි. තවද ඔබගේ සියලුම කටයුතු වලට ඔබට මනා සේ දියුණුවක් ලබාගත හැක. ධනු ලග්නයේ ඔබට විවාහ මංගල යෝග උදාවන සුබ කාලයකි.


● මකර
9 වැන්නට බුධ පැමිණියේය.
ඉතාම ශුභයි.
මෙම කාලයෙදි තීක්ෂණ බුද්ධියකින් ඉදිරිය දැක්මේ හැකියාව මේ කාලයේ ඇති වේ. ඔබට මෙම කාලයෙදි උසස් වැඩිහිටියන්ගෙන් අවවාද අනුශාසනා සේම දියුණුවට උපදෙස් ලැබේ. මානසික චිත්ත විවේකය දියුණු වන අතර අධ්‍යාපනය ලබන වයසේ අයට විදෙස්ගත අධ්‍යාපනය පවා ලබාගැනීමට වාසනාව පවති.


● කුම්භ
8 වැන්නට බුධ පැමිණියේය.
එතරම් ශුභදායක නැත.
විශේෂයෙන්ම ගෘහ ජිවිතය තුල යම් ආරවුල් වියවුල් ඇතිවිමේ හැකියාව පවති, බුද්ධියෙන් ඉවසීමෙන් කටයුතු කරන්න. එසේම ඔබට නහරගත රෝග එසේම හිසේ කැක්කුම් ආදී රෝග ඇතිවිමේ ඉඩක් පවති. විමසිලිමත් වන්න. එයද තරමක අශුභකාරිය.


● මීන
7 වැන්නට බුධ පැමිණියේය.
ශුභයි.
භද්‍රා යෝග බලය මීන ලග්න හිමියන්ට ලැබේ.
වෙළද ව්‍යාපාර දියුණු වේ. අලුත් අය ඇසුරට ලැබේ. විශේෂයෙන්ම උනන්දු වී උත්සාහයෙන් කටයුතු කලහොත් ඔබට ඉතාම උසස් දියුණුවක් හිමිකර ගැනීමට පුලුවන. මීන ලග්නයේ ඔබට මංගල යෝග උදා වන අතර ඔබගේ කටයුතු සාර්ථක කරගැනීමේ හොඳ අඩිතාලමක් වැටෙනු ඇත.












No comments:

Post a Comment