Tuesday, December 14, 2021

වැඩිය කතා කරන්න බය, “ 6 වන කොටුව“



කේන්දරයක් ගත්තාම, මූලිකව දුෂ්ට ස්ථාන 6ක් ගැන කියනව.
ඒ 6, 8, 12. මේ නිසාම මේ තැන් වල ග්‍රහයන් නැත්නම් හොදයි කියල පවා සමහර ජෞතිර්වේදියො කියනව. කොහොම උනත් ඒක එහෙම නෑ. සමහර වෙලාවට විපරීත රාජ යෝග, නීච භංග රාජ යෝග පවා සතුරු ස්ථාන වල ග්‍රහයන් පිහිටලා ලැබෙනවා.

6 වැන්න කියන කොටුවේ මූලිකව කියවෙන්නේ,
ලෙඩ රෝග, සතුරු කරදර සහ විවාහයෙන් පසුව ලැබෙන නැන්දම්මා, මාමණ්ඩිය ගැන. ඒවගේම 6 වැන්න, කාන්තා පාර්ශවයට අදාලව විශේෂ වෙනවා. එතනදි මූලික සාධකයක් විදියට, කුජ/ අගහරු 6 වැන්නේ හිටියොත්, ඒක දරු ඵල නැති වෙන යෝගයක් විදියට මූලික සිද්ධාන්ත වල ඉගැන්වෙන නිසා. කොහොම උනත් 6 වැන්නේ කුජ නැති උනත්, කුජගේ දෘෂ්ටිය හරි, කුජ 6 වැන්නාධිපතියා වෙලා දුර්වලව හරි ඉන්නව නම් ඒකත් ග්‍රහමය වශයෙන් දරුඵල වලට බලපෑමක් කියල කියැවෙනව. තව ඒවගේම ප්‍රශ්නයක් එනවා, 6 වැන්නට 12 වැන්න සප්තම ( 7 වැන්න) නිසා පේනවා. එතකොට 12 වැන්නේ කුජ තියෙන එකත් පොදුවේ හොද නෑ. ඒකියන්නෙ 12 වැන්නට කුජගේ දෘෂ්ටිය එතරම් හොද නෑ. විශේෂයෙන් කාන්තා පාර්ශවයට හොද නෑ. ඒක එහෙම උනත් නිවරදිව ඒව කියන්න නම් ඒ සියලු ග්‍රහමය පදනම ගැඹුරින් කේන්දරය ඇසුරින් බලන්න ඕන.

6 වැන්න ගැන කියැවෙන ලිපි මාලාවේ 1 වෙනි ලිපිය විදියට,
ලග්න 12ට, 6 වැන්නාධිපති කවුද කියල අපි මුලින් හොයාගෙන ඉමු.

● මේෂ
6 වැන්නාධිපති වෙන්නේ “ බුධ“.

-
● වෘෂභ
6 වැන්නාධිපති වෙන්නේ “ සිකුරු“

-
● මිථුන
6 වැන්නාධිපති වෙන්නේ “ කුජ“

-
● කටක
6 වැන්නාධිපති වෙන්නේ “ ගුරු “

-
● සිංහ
6 වැන්නාධිපති වෙන්නේ “ ශනි “

-
● කන්‍යා
 6 වැන්නාධිපති වෙන්නේ “ ශනි“

-
● තුලා
 6 වැන්නාධිපති වෙන්නේ “ ගුරු “

-
● වෘශ්චික
6 වැන්නාධිපති වෙන්නේ “ කුජ “

-
● ධනු
 6 වැන්නාධිපති වෙන්නේ “ සිකුරු “

-
● මකර
6 වැන්නාධිපති වෙන්නේ “ බුධ “

-
● කුම්භ
 6 වැන්නාධිපති වෙන්නේ “ චන්ද්‍ර “

-
● මීන
6 වැන්නාධිපති වෙන්නේ “ රවි “

ඊලග ලිපියකින් අපි බලමු, 6 වැන්නේ සිටින ග්‍රහයා සහ 6 වැන්නාධිපතියා සිටින තැන අනුව පොදු පලාපල.

#ඉරු