Thursday, August 11, 2016

ගුරු මාරුව (2016 -08- 11 ~ 2017 -09- 12)


ග්‍රහ ලොව සුරගුරු, සෞභාග්‍යයට අධිපති ගුරු හෙවත් බ්‍රහස්පතී ග්‍රහයා අගෝස්තු 11 වනදා රාත්‍රියේ සිංහ රාශියේ සිට කන්‍යා රාශියට පැමිණෙයි.
2015 ජුලි 14 සිට පුරා වසරකට වැඩි කාලයක් ගුරු, සිංහයේ සිටියේය.

කුම්භ ලග්න හිමි ලංකා කේන්දරයේ 2(ධනස්ථානය) සහ 11(අයස්ථානය) අධිපති වන්නේ ගුරු ග්‍රහයාය.
ලංකා කේන්දරයේ 7 වැන්නේ සිටි ගුරු ග්‍රහයා 8 වැන්නට පැමිණෙයි.
- 2017 සැප්තැම්බර් 12 වනදා දක්වාම ගුරු කන්‍යා රාශිය වන 8 වැන්නේ සිටි.

ලග්න 12ට මෙම මාරුවේ පලාපලය මෙසේය.

( පොදු පලාපලයක් පමණී - කේන්දර සටහන අනුව වෙනස් විය හැක)

-

● මේෂ
සමඵයි.
ගුරු එන්නේ 6 වැන්නටය. 6 වැන්න කේන්දරයේ සතුරු ස්ථානයයි.
තමන්ගේ ආර්ථික තත්වයේ යම් දුර්වලතා, බිඳ වැටීම් සිදුවිමට ඉඩ ඇත. කෙසේ වුවද එතරම්ම ලොකු බාධාවක් ආර්ථිකයට කෙරෙන්නේ නැත.
එනිසා එවන් කටයුතු වලදී බුද්ධියෙන් කටයුතු කල යුතුමය. මූල්‍ය කළමනාකරණය අනිවාර්යයෙන්ම කල යුත්තකි.
විශේෂයෙන් ඔබට සිටින සතුරන්ගෙන් බාධා, කරදර ඇතිවන්නටද ඉඩ ඇති කාලයකි.
ගෘහ ජිවිතය තුලද ඉවසීම මද විම තුල ගැටළු ඇතිවිමටත්, ඥාතින් සමග ගැටළු ප්‍රශ්න ඇතිවිමටත් ඉඩ තිබේ.
මේ සියලු ගැටළු වලදී ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු නොකිරීම, නීතිමය ගැටළු දක්වා දුරදිග යාමේ හේතුද විය හැකියි.
ලබන ජනවාරියේ අවසානයේ සෙනසුරු ඒරාෂ්ටකය අවසන් වීමත් සමග තත්වය වඩා යහපත් වනු ඇත.
සෞඛ්‍ය තත්වය ගැනද විශේෂයෙන් අවදානමත්ව ගත කල යුතු කාලයකි.
- ගුරු මහ දසා ගත කරන අයට සහ කේන්දරයේ ගුරුගේ බල දුබල බව, චන්ද්‍රයාගේ ස්වභාවය යනාදි තත්වයන් මත මේ පලාපලයේ වෙනස් වීම් ඇතිවිය හැක.

-

● වෘෂභ
ශුභයි.
ගුරු එන්නේ 5 වැන්නටය. 5 වැන්න වන්නේ අධ්‍යාපන ස්ථානයයි.
මෙතෙක් පැවති බලාපොරොත්තු ඉටු වීමද, කැපවීමෙන් කටයුතු කිරීමේ හැකියාවට අවශ්‍ය කඩිසර බවද ඇති වෙයි. ව්‍යාපාර වලින් මනාව ලාබ ලබා ගැනීමට බුද්ධිමත්ව කටයුතු කල යුතුමය. අනාගතයේ දියුණුව වෙනුවෙන් යම් වටිනා පියවර රාශියක් ගැනීමට හැකියාව ලැබෙන කාලයකි.
නව දැනුම ලබා ගැනීමට සහ අධ්‍යාපන කටයුතු වලට සුභයි.  රැකියාවේ කටයුතු වලින් දියුණුව සහ අන් අයගේ ප්‍රශංසාවට බදුන් වීමට හැකියාව ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල වාසනාව මතුවෙයි. අඹු සැමියන් අතර සමගිය තහවුරු වෙයි. ප්‍රේම සබදතා වලට පැවති බාධක දුරු වන්නට මෙන්ම වැඩිහිටි ආශිර්වාදය පවා ලැබිය හැක. විනෝද අවස්ථා මෙන්ම ආගම දහමට නැඹුරුව කටයුතු කරන්නටත් අවස්ථාව උදා වෙයි.
වාසනාවන්ත දරු උපත් අපේක්ෂා කල හැක.
සෞඛ්‍ය තත්වයේ යහපත් තත්වයක්ද ඇතිවිය හැක.

-

● මිථුන
තරමක් ශුභයි.
ගුරු එන්නේ 4 වැන්නටය.
මේ කාලයේ සතුටින් ගත කරන්නට හැකියාව ඇත.
ව්‍යාපාර වල දියුණුව ඇතිවේ. තැන්පත් ධනය ඉහල යා හැක. භූමි ලාභ අපේක්ෂිතය. ගේ දොර ඉඩකඩම් වාසනාව මෙන්ම, ඒවා මිලදි ගැනීම්, අලුත්වැඩියා කිරීම්, යනාදියටත් හොඳ කාලයකි.
වෙනදාට වඩා කැපවීමකින් කටයුතු කරන්නට හැකියාව ලැබෙන අතර බොහෝවිට එයින් ජය ලබා ගැනීමේ හැකියාවද පවති. මේ සුභ තත්වයන් වලට බුද්ධිමත්ව කටයුතු කිරීමද ඉතා වැදගත් බව සිතේ තබාගන්න.
රැකියාවේ දියුණුව, උසස් වීම් ලබන්නට වාසනාව ඇත.
විදේශ ගතවීමට සිතා සිටියා නම් ඒ පැතුම්ද ඉටු වීමට වැඩි ඉඩක් පවති.
අධ්‍යාපන කටයුතු වලට සුබයි.
ගෘහ ජිවිතයද සතුටින් සාමකාමිව ගත කිරිමට හැකියාව ලැබෙනු ඇත.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග යනාදිය ගැන වැඩි වශයෙන් අවදානමත් වන්න.

-

● කටක
තරමක් ශුභයි.
ගුරු එන්නේ 3 වැන්නටය.
සහෝදරකාරකාදීන්ට සුභ කාලයකි. පැතුම් ඉටු කරගැනීමට තරමක් කැපවිය යුතුය. මනාව සැලසුම් සහිතව කටයුතු කරන්නට තරයේ සිතට ගන්න.
අනාගතයේ දියුණුව වෙනුවෙන් නිසි පියවරක් ගැනීමට හැකියාව ලැබෙයි. නමුත් සතුරු කරදර සහ රැවටිලිකාර අය නිසා යම් තරමක් හෝ බුද්ධිමත්ව කටයුතු කල යුතුමය. රැකියාවේ කටයුතුද මනා බුද්ධියෙන් යුතුව කරන්නේ නම් යහපත් ප්‍රතිඵල ලැබිය හැක.
ආර්ථික තත්වය යහපත් වුවද වියදමද ඉහල යා හැක. අනවශ්‍ය වියදම් වලින් පරිස්සම් වන්න. හදිසි ධනලාභ වාසනාවද ඔය අතර පවති.
විදෙස් ගතවීම් වලට සුභයි.
ගෘහ ජිවිතය යහපත්ව ගත කිරිමේ හැකියාව ඇත. ඇසුරු කරන අය සමග යම් භේද, හිත් නොහොදකම් ඇතිවිමට හේතු ඇති වෙයි. කෙසේ වුවද පවුල් වල අයගේ උදව් - උපකාරද හිමිය.  මංගල යෝග උදා වෙයි. අවිවාහක අයට පෙම් සබදතා ඇතිවිමේ වැඩි ඉඩක් පවති.
අධ්‍යාපන කටයුතු වලට ඇති උනන්දුව අඩුවිය හැකි නිසා දෙමාපියන්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන වෙනදාට වඩා අවදානමත් වන්න.
නිදන්ගත රෝග ඇති අය ප්‍රවේසම් විය යුතුය.

-

● සිංහ
ශුභයි.
ගුරු එන්නේ 2 වැන්න වන ධනස්ථානයටය.
කටයුතු සාර්ථක වෙයි. උදව් ලැබේ. ආර්ථික තත්වය වඩා යහපත් වෙයි. ආදායම දියුණු වෙයි. බුද්ධිමත් භාවය විශේෂයෙන් වැඩි වන මේ කාලයේ අධ්‍යාපන කටයුතු වලටත් සුභයි. ව්‍යාපාර - හවුල් ව්‍යාපාර වලට සුබයි.
දේපල ලාභ ලැබෙයි.
සතුරු බාධක දුරු වෙන, සතුරන් නැති වෙන කාලයකි.
සමාජශීලි කටයුතු, අන් අයට උදව් උපකාර කටයුතු කරන්නේ නම් වෙනදාට වඩා සමාජයේ කැපී පෙනෙන, ඔබගේ ගුණ ඇගයීමට ලක්වන කාලයකි.
මේ සියලු සුභ තත්වයන් සමග ඉවසීමෙන් - බුද්ධියෙන් කටයුතු කල යුතුමය. කලබලයෙන් කටයුතු නොකරන්නට වැඩ බලාගත යුතුය.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැකියි. නව නිවාස සෑදිමට හෝ නව නිවාස වල පදිංචියට යෑමට සුබ කාලයකි.
අවිවාහක අයට මංගල යෝග උදා වෙයි. පෙම් සබදතා වලට සුබයි.
සෞඛ්‍ය තත්වය වඩා යහපත් වෙයි.

-


● කන්‍යා
සමඵලයි.
ගුරු එන්නේ 1 වැන්න වන ලග්නයටය.
ගුරු පවතින්නේ සතුරුව නිසාද කන්‍යාවට බාධක ග්‍රහයා වන ගුරු වීමද තරමක් අසුබ ඵල ලැබෙයි. බුද්ධියෙන් ඉවසීමෙන් කටයුතු නොකිරීම තමන්ගේ කටයුතු වලට බාධා, අන් අයගේ නොසැලකිල්ලට මෙන්ම අන් අය සමග හිත් නොහොඳකම් ඇතිවීමටත් හේතුකාරක විය හැකියි. විශේෂයෙන් මනාව සිතා බලා, සැලසුම් කර කටයුතු සාර්ථක  කරගන්නට සිතන්න.
ලබන්නට තිබුනු දියුණුව අඩාල වීමටද හේතුවක් විය හැක. තමන්ගේ හැකියාව, වටිනාකම් වෙනත් අය ඔවුන්ගේ වාසියට පමණක් භාවිත කරන්නටද ඉඩ ඇත.
රැකියාවේ දියුණුව අපේක්ෂිතයි. එහෙත් බාධා සහිතය.
කෙසේ වුවද අධ්‍යාපන කටයුතු වලට සුභ කාලයකි.
සෞඛ්‍ය තත්වයේ දියුණුවක් ඇතිවිය හැක. රෝගාබාධ ගැන සැලකිලිමත් වීමද වටී.


-


● තුලා
ශුභයි.
ගුරු එන්නේ 12 වැන්නටය. එය විපරීත වශයෙන් සුභ තත්වයක් ඇති කරයි. මනාව සිතා බලා කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
මෙය ශුභ - අශුභ බව චන්ද්‍රයාගේ පිහිටිම අනුව තීරණය වෙයි. පොදුවේ සුභයි.
රැකියාවේ හෝ පදිංචියේ වෙනසක් අපේක්ෂිතයි. ආදායම තත්වය යහපත් වුවද වියදම්ද අධික වන්නට ඉඩ ඇත. විශේෂයෙන් පින් කටයුතු උදෙසා, සමාජ සේවා කටයුතු වෙනුවෙන් වියදම් අධික වන්නට ඉඩ ඇත.
සතුරු කරදර බාධක ඇතිවන්නටද යම් ඉඩක් ඇති වුවද ඒවා පරාජය කල හැක.
ගෙදර දොර ජිවිතය යහපත්ව ගත වේ. මංගල යෝග ඇති වෙයි. ප්‍රේම සබදතා දියුණු වෙයි.
වෙනදාට වඩා ආගම දහමට කටයුතු කරයි.  දරුවන්ට සුබයි. පින්වත් දරු සම්පත් අපේක්ෂා කල හැකි කාලයකි.
සෙම් රෝග යනාදියෙන් පරිස්සම් වන්නට වග බලාගන්න.


-


● වෘශ්චික
ශුභයි.
ගුරු එන්නේ 11 වැන්නටය.
ආදායම වර්ධනය වෙයි. ආර්ථික තත්වය සතුටුදායක වෙයි. තැන්පත් ධනය ඉහල යයි. නව මිතුරන් ඇසුර මෙන්ම, මිතුරන්ගේ උදව් ලැබේ. දේපල ලාභ හිමි වේ. යාන - වාහන වාසනාවද හිමිය. හදිසි ධනලාභ අපේක්ෂා කල හැක. වෙනදාට වඩා ජයග්‍රහණ අපේක්ෂිතය.
රැකියාවේ දියුණුව සහ උසස් වීම්ද අපේක්ෂිතය. උසස් අයගේ ඇසුර ලැබෙයි.
ගෘහ ජිවිතය යහපත්ව ගත කිරිමේ හැකියාව ඇත. මංගල යෝග උදා වෙයි. පෙම් සබදතා වලටද සුබයි.
සමාජයේ ඔබේ හොඳ නම පැතිරෙන කාලයකි. සමාජ සේවා කටයුතු වලට සුබයි.
දරුවන්ට සුභ කාලයකි.
අධ්‍යාපන කටයුතු වල නිරත වන සියලුදෙනාට යහපත්ය.
සෞඛ්‍ය තත්වයද වඩා යහපත් වනු ඇත.
- ලබන ජනවාරියේ අවසානයේ ඒරාෂ්ටක අපල දෝෂ දුරු වූ පසු වඩාත් යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.

-


● ධනු
තරමක් ශුභයි.
ලග්නාධිපති ගුරු එන්නේ 10 වැන්නටය.
වෙනදාට වඩා යහපත් කාලයක් බව කිව හැක. ඉවසීම ප්‍රගුණ කරගත යුතුය. දියුණුව ලැබෙන කාලයකි. ජයග්‍රහණ ලැබෙන කාලයකි. තැන්පත් ධනය ඉහල යනු ඇත. හදිසි ධනලාභ වාසනාවද පවති.
විදේශ ගමන් වලට තරමක බාධා ඇත.
යාන - වාහන, දේපල ලාභ අපේක්ෂිතය.
රැකියාවේ දියුණුව සහ උසස් වීම අපේක්ෂිතය. රැකියාවේ කටයුතු වලදි මනා බුද්ධියකින් කටයුතු නොකලොත් නීතිමය ගැටළු ඇතිවීමේ ඉඩක්ද පවති.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැක. පවුලේ අයගේ උදව් උපකාර ලැබෙන කාලයකි. එනිසාම සතුටක් ලැබිය හැක.
අධ්‍යාපන කටයුතු වලට සුබයි. තරඟ විභාග වලින් ජය ලැබේ. උසස් අධ්‍යාපන කටයුතු වලට තරමක බාධා පෙන්වයි.
සෞඛ්‍ය තත්වය  වෙනදාට වඩා යහපත් වනු ඇත. කෙසේ වුවද සෙම් ආශ්‍රිත රෝග සහ උෂ්ණාධික රෝග ගැන සැලකිලිමත් වන්න.
ලබන ජනවාරියේ අවසානයේ ඒරාෂ්ටක අපලයේ මුල් කොටස අවසන් වූ වඩාත් යහපත් ප්‍රතිඵල ලැබෙනු ඇත.

-


● මකර
ශුභයි.
ගුරු එන්නේ 9 වැන්නටය.
සිතට සතුට ලැබෙන, අධිෂ්ඨානයෙන් කටයුතු කල හැකි කාලයකි. ව්‍යාපාර වලට සුබයි.
අධ්‍යාපන කටයුතු වලට, තරඟ විභාග ආදියෙන් ජය ලැබෙයි. ගමන් අධික වන කාලයකි.
වෙනදාට වඩා ධාර්මික වීමටත්, දහමට නැඹුරුව කටයුතු කරන්නට සිත් දෙන කාලයකි.
විදේශ ගමන් වලට සුභ කාලයකි. එම කටයුතු සඵල කරගැනීමට හැකියාව ලැබෙයි. අන් අතර කැපී පෙනෙයි, සමාජය වෙනුවෙන් කරන කටයුතු වලදී සාර්ථක ප්‍රතිඵල ලැබෙයි. අන් අයගේ ප්‍රශංසාවට බඳුන් වෙයි. සිතට සතුට ලැබේ.
නව යාන වාහන මිලදී ගැනීම් වලට සුභයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙයි. මංගල යෝග යෙදෙයි. ප්‍රේම සබදතා ස්ථිර වෙයි.
අධ්‍යාපන කටයුතු වලට සෑම අතින්ම සුභයි.
වාසනාවන්ත දරු උපත් අපේක්ෂා කල හැක.
සෞඛ්‍ය තත්වයටද පොදුවේ සුබ කාලයකි.

-

● කුම්භ
ශුභයි.
ගුරු එන්නේ 8 වැන්නටය.
ව්‍යාපාර කටයුතු වලට වඩා සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ මනා බුද්ධියෙන් යුතුව ඒ කටයුතු කිරීම සහ මනා කළමනාකාරිත්වයෙන් කලොත්ය. යම් යම් ගැටළු බාධක මෙන්ම වංචාකාරි අයට රැවටීම් වලට ලක් වීමේ යම් අවදානමක්ද පවති.
අනවශ්‍ය ලෙස අන් අයව විශ්වාස කිරිමෙන් වලකින්න.
බුද්ධියට මුල් තැනදී තමන්ගේ විශ්වාසවන්ත අය සමග පමණක් ව්‍යාපාර කටයුතු සහ එම කටයුතු වලට මුහුණ දීම් ආදිය කල යුතුය. මේ තත්වයන් අවබෝධයෙන් කටයුතු කිරීම තුලින් ව්‍යාපාර වලින් ජය ලැබෙයි.
හදිසි ධනලාභ වාසනාව පවති. උසස් අයගේ ඇසුර මෙන්ම උදව් උපකාරද හිමිය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙයි. දරුවන්ගේ තත්වය වැඩි දියුණු වේ. දරුවන්ට සුබයි. අධ්‍යාපනයට සුබයි එසේ වුවද බාධා පවතියි.
සෞඛ්‍ය තත්වය යහපත් වුවද, සෞඛ්‍ය තත්වය ගැන අවදානමත්ව සිටිය  යුතුය.


-


● මීන
ශුභයි.
ලග්නාධිපති ගුරු එන්නේ 7 වැන්නටය.
ආදායම් තත්වය යහපත් වෙයි. ව්‍යාපාර වලට සුබයි. කටයුතු සාර්ථක වෙයි.  අන් අය අතර කැපී පෙනෙන, ජනප්‍රියත්වය ඉහල යන කාලයකි.  කඩිසර වන කාලයකි. දේපල ලාභ, භූමි වාසනාව යනාදියද සියලු දියුණුවට, පවුලේ දියුණුවට වාසනාව ගෙනෙයි.
රැකියාවේ දියුණුව සහ උසස් වීම් අපේක්ෂිත කාලයකි.
තරමක හදිසි අනතුරු ඇතිවීමේ අවදානමක්ද පවති.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. පවුලේ අය වෙනුවෙන් කැප වන කාලයකි. මංගල යෝග උදා වන කාලයකි. ප්‍රේම සබදතා සාර්ථක වෙයි. සතුරන් පරාජය වෙයි. ධන ලාභ ලැබේ. තමන්ගේ තත්වය උසස් වේ. අන් අයගේ ප්‍රශංසාවට ලක් වෙයි. සතුටින් සිටින කාලයකි. විනෝද අවස්ථා, ප්‍රිය සම්භාෂණ වලට අවස්ථා ලැබෙයි.
අධ්‍යාපන කටයුතු වලට සුබයි. ජයග්‍රහණ ලැබේ.
මීන ලග්න දේශපාලකයන්ට විශේෂයෙන් සුභයි.
සෞඛ්‍ය තත්වයට සුබයි. නිදන්ගත රෝග ඇති අය ප්‍රවේසම් විය යුතුයි.

No comments:

Post a Comment