Wednesday, August 17, 2016

රුවන්වැලි මහා සෑය

දුටු ගැමුණු මහ රජතුමන් විසින් කරවූ මෙම මහා සෑයට ස්වර්ණමාලි නම තබා ඇත්තේ,
එම භූමියෙහි තිබුනු වෘක්ෂයක් ඉවත් කර නිසා, එයට ඉඩ සලසා ඉවත්වුනු ඒ වෘක්ෂයට අධිගෘහිතව සිටි ස්වර්ණමාලි දේවතාවියට කරන සැලකීමක් වශයෙනි.

බෞද්ධ අපගේ ඉහලම ගරුත්වයට පාත්‍ර වන මෙම සෑරදුන් මනාවට නිරීක්ෂණය කරන කෙනෙකුට, දුටු ගැමුණු මහ රජතුමා විසින් වන්දනා කරන්නට නිම කල තැන පවා සොයාගත හැක.
අනුහස්, හාස්කම් සහිත මෙම භූමිය දෙවියන්ගේ ආකර්ෂණයට සහ ආරක්ෂාවට බඳුන් වන තැනකි.

ඔබ සැබෑ ශ්‍රද්ධාවක් සිතේ තබාගෙන වන්දනාවේ යෙදුනේ නම් එම භූමිය සහ ඒ අවට භූමියෙදි ඔබේ සිතට වෙනදා නොදැනෙන සැහැල්ලුවක්, සැනසිලිදායක ස්වභාවයක් දැනෙනු ඇත.


“ රුවන්වැලි මහා සෑයට වන්දනා කරන ගාථාව “
අ‍ට්ඨංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
තං ගාමිණී රාජ කතං නමාමි
සුවණ්ණමාලී වරථූපරාජං෴

No comments:

Post a Comment