Friday, July 31, 2015

ධජග්ග පිරිත

01) අරඤෙඤෙ රුක්ඛමුලේවා....
      සුඤ්ඤාගාරෙව භික්ඛවෝ..,
     අනුස්සරේථ සම්බුද්ධං...
    භයං තුංහාක නො සියා....

02) නො චෙ බුද්ධං සරෙයියාථ...
      ලෝකජෙටඨං නරාසහං...,
      අථ ධම්මං සරෙයියාථ...
      නීය්‍යානිකං සුදෙසිතං....

03) නො චෙ ධම්මං සරෙයියාථ...
       නීය්‍යානිංක සුදෙසිතං ...
      අථ සංඝං සරෙයියාථ...
      පුඤ්ඤකෙඛ්ත්තං අනූත්තරං....
   
04) එවං බුද්ධං සරණතානං...
      ධම්මං සංඝඤච භික්ඛවෝ....
      භයං වා ජම්හිතත්තං වා...
     ලෝමහංසෝ න හෙස්සතී ති......


_ සරල සිංහල තේරුම _

ශක්‍ර දේවේන්ද්‍රයා යුධයට යන විට ස්වකීය සේනාවට කියනවා, ඔබ කාටහරි මේ යුද්ධය ගැන බයක්, තැති ගැනීමක් දැනුනොත් බලන්න මගේ කොඩිය දිහා... ඔබගේ භය නැති වෙලා යාවි..
එසේ අමතක උනොත්, වරුණ දෙවියන්ගෙ කොඩිය සිහියට අරගෙන ඒ දිහා බලන්න... බය නැති වේවි...
යනාදි වශයෙන්...

දෙවියන් අධ්‍යාත්මිකව දියුණු, ගුණ සම්පන්න අය වුවත් දෙවියන්ටද කෙලෙස් තියෙනවා. ඒනිසා දෙවියන් ගැන සිහි කිරීමෙන් නිවරදිවම බියකින් අත්මිදෙන්නට නොහැකියි.

අපේ ත්‍රිවිධ රත්නය, බුදුන්වහන්සේ, ශ්‍රී සද්ධර්මය සහ ආර්ය මහා සංඝරත්නය ඒ ක්ලේශ වලින් මිදුනු පිරිසක්.

ඒනිසා ඕනෑම බයකදි, සැකයදී, බිය හිතෙන තැනකදී තුනුරුවන්ගේ ගුණ සිහිකිරීමෙන් නිවරදිවම එම තත්වයන්ගෙන් මිදෙන්නට පුලුවනි...

______________________

බුදු සරණයි !

#ඉරුසේවය

Thursday, July 30, 2015

2015 මහමැතිවරණයෙදි ග්‍රහ බලපෑම එක්සත් ජාතික පක්ෂයට කුමක් කරයිද ?

මෙම කාලය තුල රටේ සියලුම කටයුතු වලට වඩා මැතිවරණය කෙරෙහි ජන අවධානය යොමුවී ඇති බව පෙනීයයි. විශේෂයෙන්ම මෙම මහ මැතිවරණයට තරඟ කරන, ප්‍රධාන පක්ෂ 2 එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණත් මේ අතර කැපී පෙනෙයි.

2015දි ජනවාරි 8 වන දින ඇති කලාවූ විප්ලවයත් සමග, අප, විප්ලවයක් ලෙස සඳහන් කලේ මෙය ග්‍රහ බලපෑම සමග වූ දෙයක් නිසාය.
විධායක ජනාධිපතිවරයෙක් පරාජය කොට එම ජයග්‍රහණය ලබාගත්තේ එම රජයේම සිටි කලින් විපක්ෂනායකවරයෙකුත් නොවූ, පක්ෂ නායකයෙක් හෝ අගමැතිධුරය නොහෙබවූ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාය. මෙය තරමක අසීරුම කටයුත්තකට එතුමා ලං වූ අවස්ථාවකි.

මේ තත්වය සමග රටේ ඇති කර ඇති සමාජ ආර්ථික පෙරලිය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීමත් සමග එජාපයට කුමක් වේදැයි බොහෝදෙනා අසන ප්‍රශ්නයකි.

එසේ නම් මෙහි ජෝතිෂ්‍යමය කතිකාවත පටන් ගැනීමට මූලික මාතෘකාව වන්නේ මෙම පක්ෂය හොබවන නායකත්වයට මෙම කාලයේ ඇති ග්‍රහ බලපෑම විමසීමෙනි.

ඔබ සියලුදෙනා දන්නා ආකාරයට 1994 සිට මේ දක්වා කාලය තුල එජාපයේ එකම නායකයා වශයෙන් නායකත්වයේ වගකීම දරන්නෙ රනිල් වික්‍රමසිංහ මහතාය.
එතුමාගේ හඳහනට අදාල ග්‍රහ බලය පක්ෂය දිනවීමට කෙසේ උදව් කරාවිද ?

* 1949 වසරේ මාර්තු 24 වන දින බ්‍රහස්පතින්දා උදෑසන කාලයේදී මීන ලග්නයෙන් තුලා නවාංශකයෙන්, උත්‍රසල නැකතේ 4වන පාදය සම්භව උප්පත්තිය ලැබූ රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහත්මාගේ කේන්ද්‍රය තුල මෙවැනි ග්‍රහ තත්වයන් ගම්‍ය වේ.
* ලග්න භාවයේ රවි-කුජ-ශුක්‍ර යෝගයක්ද, 2 වැන්නේ රාහුද, 6 වැන්නේ සෙනසුරුද, 8 වැන්නේ කේතුද, 11 වැන්නේ ගුරු-සඳුද, 12 බුධ ග්‍රහයාද පිහිටා ඇත.

මෙම තත්වය තුල රනිල් වික්‍රමසිංහ මහතාගේ කේන්දරය තුලින් ඇතිකර ඇති ගතිගුණ සහ ප්‍රතිපත්ති මෙයින් විද්‍යාමාන වන නමුත් අප මේ අවස්ථාව තුල පවසන්නේ ඉදිරි මහ මැතිවරණයේ මෙතුමාට ඇති ග්‍රහචාරය තුල එතුමාගේත් පක්ෂයේත් අනාගතයයි.

● මේ අවස්ථාව වන විට රනිල් මහතාට සෙනසුරු මහ දසාව තුල, රාහුගේ අන්තර් දශාව ගතවෙමින් පවති. මෙතුමන් 2000 වසරේ සිට ගත කරන්නේ සෙනසුරු මහ දසාවයි.
 සෙනසුරු මහ දසාව ආරම්භයේ සිට මෑතක් වනතුරු ඉතාම ප්‍රබල ප්‍රතිවිපාක එතුමන්ට ප්‍රදානය කර ඇත.
නමුත් මේ වෙලාවේ සෙනසුරු ගෙවෙන කාලයයි.
* ගමේ ගොඩේ කීමක හැටියටත්, සෙනසුරු ගෙවෙන අවස්ථාවෙදි නැති කලදේ නැවත ලබා දෙනවායැයි කියනවා මෙන්, මෙතුමාගේ නායකත්වය ස්ථිරසාර වීමද, සියලු විරුද්ධවාදිකම් කල අය නැවත වාරයක් එතුමාගේ නායකත්වය පිලිගෙන එතුමාට අවනත වීමද මෙම සෙනසුරුගේ බලපෑම නිසාම වූ දෙයකි.
මන්ද සෙනසුරු 6 වැන්නේ සිටින පුද්ගලයා සතුරන් මිතුරන් කරගන්නාවු කෙනෙකි. 

● 2015 වසරේ අගෝස්තු 17 වන දින මීන ලග්නයට තත්කාල ග්‍රහචාරය විමසා බලමු. 

* මැතිවරණ දිනයෙදි දැන් වගේම ලග්නයේ කේතු ග්‍රහයා අධි බලවත්වත්, රාහු 7 වැන්නේ එනම් සමාජය, දේශපාලනයට අවශ්‍ය කරන 7 වැන්න තුල රාහු බලවත් වීමත්, විශේෂයෙන්ම මීන ලග්නයේ 6 වැන්නාධිපති රවි, ලග්නාධිපති ගුරු සමග යෝග වී 6 වැන්න ඉතාම බලවත් වීමත් අනුව පෙනී යන්නේ ඒකාන්ත වශයෙන්ම මෙම මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මාගේ නායකත්වයෙන් යුක්ත එක්සත් ජාතික පෙරමුණ අනිවාර්ය වශයෙන්ම ජයග්‍රහණය කරන බවයි.
එසේම එතුමා නැවත වාරයක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙම මැතිවරණයෙන් පසු දිවුරුම් දෙනවා නොඅනුමානයි.

● මෙය ඉතාම වගකීමෙන්, ඉතාම මධ්‍යස්ථ කෝණයකින් බලා ඉදිරිපත් කරන ජෝතිෂ්‍යය විවරණයකි.
මීට තවත් හේතු වන්නේ 1946 සැප්. 6 වන දින දිවංගත මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමා ආරම්භ කරන ලද එක්සත් ජාතික පක්ෂයේ කේන්දරය අනුවත්ය.
 එක්සත් ජාතික පක්ෂයේ ලග්නය වන්නේ කිවි හිමි තුලා ලග්නයයි.
ලග්නයේ ඇති ග්‍රහ බලය සමග සසදන විට, 10 වැන්නෙ පොදු ජනතාව නියෝජනය වෙයි.
එම ස්ථානයේ සිටින්නේ සෙනසුරුය. එජාපය අතීතයේ සෑම අවස්ථාවකදිම පාහේ විශේෂයෙන්ම දුගී දුප්පත් අයගේ ආහාර වේල සම්බන්ධව වැඩ කටයුතු කල පක්ෂයකි. 
විශේෂයෙන්ම මෙම අවස්ථාව වන විට පක්ෂ කේන්දරයේ, ගුරු මහ දසාවේ රාහු අතුරු දසාව ගත වෙමින් පවතී.

● රාහු උච්ච බලයෙන් සිටින නිසා පක්ෂයට ඉතාම ප්‍රසිද්ධියක් සහ ජනප්‍රියත්වයක් ලබාදීමට මෙම රාහු ක්‍රියා කරයි. පක්ෂ නායකයාගේද මෙම අවස්ථාවෙදි ග්‍රහ බල හොද නිසා මෙම තත්වය තීව්ර වේ.
මේ සියලු කරුණු කාරණා සමග ඉදිරියෙදි පක්ෂයට ලබන සෙනසුරු මහ දසාව සමග විශේෂයෙන්ම මහජනතාව තුල අතිශයින්ම ජනප්‍රිය වී පක්ෂයට නව මුහුණුවරකින් ඉදිරියට යෑමේ හැකියාවද පවතින බව කිව යුතුයි. එසේ නම් 2015 මහමැතිවරණය ජයග්‍රහණය කරන්නේ නියත වශයෙන්ම එජාපය බව කිව යුතුය.

*** සැ.යු. මීට අදාල අනිකුත් පක්ෂ වල සහ අදාල පක්ෂවල ප්‍රධානින්ගේද කේන්දර සටහන් සූක්ෂමව පරික්ෂා කර තත්කාල ග්‍රහචාරයට අනුව  ලබාදෙන විග්‍රහයකි.

___________________________________________________________________

Tuesday, July 28, 2015

සතියේ ලග්න පලාපලය - ජුලි 28 සිට

● මේෂ
සුභඵල සතියකි.
කරන කියන කටයුතු ඉතාම සාර්ථක තත්වයකට පත් වෙනවා. එමෙන්ම තමාගේ ආදායම වැඩිවෙන්නේ කරන කියන දේවල් වගේම ඒවාට ඇති සුවිශේෂි වාසනා ගුණය නිසයි. වැඩිහිටියන් මාර්ගයෙන් සතිය අගදී හිතවතුන් මාර්ගයෙන් මුදල් හදල් යහමින් අතමිට ගැවසෙන ප්‍රීතිමත් සතියක් වෙනවා.
ගෘහ ජිවිතය තුලදී කොතෙකුත් ගැටළු තිබුනද සංයමයෙන් ඉතාම විමසිල්ලෙන් කටයුතු කිරිමට ඔබට හැකියාව තිබෙනවා. ආගමික කටයුතු වලට මේ සතියේ සිත නැඹුරුයි. වැඩිහිටියන්ට උපස්ථාන කිරිමටද අවශය දේ දීමටද සිත් පහල වෙනවා. සතිය අගදී මිතුරෙකුගේ සම්භාෂණය ඔබට ප්‍රිය වෙනවා.
සෞඛ්‍ය තත්වයෙ එතරම් අසනීප ඔබ කෙරෙහි බල නොපාන අතර ඔබට නිදන්ගත රෝග ඇත්නම් ප්‍රවේසම් වන්න.

● වෘෂභ
ඔබට මෙම සතිය සමඵලයි.
චන්ද්‍රයාගේ ග්‍රහ ගෝචරය අනුව, සතියේ මුල් දවස් 2 තුල ඔබට ආර්ථික හානි ඇතිවිය හැකියි. මෙම තත්වය සතිය මැදදී ඔබගෙන් බැහැර වෙනවා. කෙසේ වෙතත් ඔබ විමසීමෙන් වැඩ කටයුතු කිරීමෙන් ඔබගේ තත්වය යම් දුරකට ආරක්ෂා වෙනවා.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වුවත්, අඟහිඟකම් එසේ නොමැති නම් ඔබගේ මානසික කඩා වැටීමක් ඇති නිසා යම් සිත් තැවුල් වියවුල් ඇතිවිමට පුලුවන්. කෙසේ වෙතත් ඔබ ප්‍රවේසම් විය යුතුයි. මෙම තත්වය සතිය මැදදී හරියනවා.
සෞඛ්‍ය තත්වය සෙම් රෝග උදරාබාධ නිදන්ගත රෝග ඇත්නම් ඒවායෙ වැඩිවීමද මේ සතියෙදි දක්නට පුලුවන් කාරණා. පරිස්සම් වන්න.

● මිථුන
ඔබට මේ සතිය සමඵලයි.
විශේෂයෙන්ම හවුලේ කරන ව්‍යාපාර කටයුතු වලින් සතිය මුලදී ආදායම ලැබෙනවා. ඉන්පසු දින 2- 2හමාරකට වගේ ඔබට එතරම් හොද නැහැ. එම කාලයෙදි යම්කිසි අවුලක් වියවුල් ඇතිවීමට පුලුවන්. මතභේදාත්මක කටයුතු නිසා ඔබට අාදායම සම්බන්ධව ලොකු ගැටළු මතුවිමට පුලුවන්.
ගෘහ ජිවිතය යම්කිසි ප්‍රීතියකින් ගත කිරීමට පුලුවන්. එසේම ඔබගේ තත්වය දියුණු කරගැනීමට පුලුවන්. සමාජ තත්වය. මංගල යෝජනා එනවා. ඒවා සඵල වේවි. හොද සතියක්. ප්‍රවේසමෙන් මැද දවස් 2දි කල්පනාකාරි වන්න.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නැහැ. ගුරු මාරුවේ ප්‍රශ්න නිසා යටපත් වී තිබූ රෝගයක් නැවත මතුවිමේ අවදානමක් පවතිනවා. නමුත් එම තත්වයන් ක්‍රමානුකූලව පහව යාවි.

● කටක
මේ සතිය සමඵලයි.
සතිය ආරම්භයෙදි ආදායම් තත්ව වලට සතුරු කරදරයක් එල්ලවීමට පුලුවන්. එය වලක්වාගැනීමට විමසිලිමත් වන්න. ලැබීමට තිබෙන මුදල් නොලැබී යයි. ඔබ ණය වීමටත් ඉඩ තිබේ. සතිය මැදදී මේක හරියනවා. නමුත් සතිය අගදී නැවත ආර්ථිකය දුර්වල වීමට පටන් ගන්නවා. මේ තත්වය ඇතිවන්නේ චන්ද්‍රයාගේ ගමන
අනුවයි.
ගෘහ ජිවිතයේ යහපැවැත්මට තරමක අභියෝගතා එල්ල වෙනවා. නමුත් ක්‍රමානුකූලව විසඳගත යුතුයි මේ ප්‍රශ්න නිරාකරණය වෙනවා. ඒවගේම ප්‍රේම සබදතා, මංගල යෝජනා සඵල වීමට ඇති ඉඩකඩ වැඩියි.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නැහැ. කිසියම් ආකාරයකට ඔබට මෙම තත්වය සමනය වීමට පුලුවන්.
සමහරවිට උදරාබාධ ඇතිවිය හැකියි. සතිය අගදී කටක ලග්නයේ කුඩා දරුවන් සෙම් රෝග වලින් පරිස්සම් විය යුතුයි.

● සිංහ
මිශ්‍රඵල සතියක්.
මේ සතිය තුල ඔබට ආර්ථික වාසි හිමිවන්නේ තරමක අඩුවෙනි. එයට හේතුව වශයෙන් චන්ද්‍රයාගේ ගමන සඳහන් කල හැකියි. සතිය අගදී තත්වය වෙනස් වී කරන කියන කටයුතු දියුනු වෙනවා. හොදයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ හොද නරක 2ම මෙම සතියෙදි ඉස්මතු වෙනවා. විශේෂයෙන්ම ඔබගේ පවුල් ජිවිතය ආශ්‍රිතව දුවාදරුවන්ගේ දස්කම් නිසා බොහෝ ප්‍රීතිමත්ව සිටින්නාවූ කාලයක්. සතිය අගදී මංගල යෝජනා උදා වෙනවා.
සෞඛ්‍ය තත්වයේ තරමක අයහපත් තත්වයක් සතිය මැදදී මතුවන්නට පුලුවන්. විශේෂයෙන්ම ආහාර ජීර්ණ ක්‍රියාවලිය ආශ්‍රිතවත් සෙම් අසනීප රෝගත්, කලින් තිබුනු ලෙඩ රෝග වල යම්කිසි ප්‍රශ්නත් මතුවිමට පුලුවන්.

● කන්‍යා
එතරම් ශුභයි කියන්නට බැහැ.
පවතින ග්‍රහචාරයත් එක්ක ආදායම් තත්වය යාන්තමට පිරිමහගන්න පුලුවන්. විශේෂයෙන්ම ඔබගේ මහන්සිය අනුව යම්කිසි හිස එසවීමක් හිතන්න පුලුවන් ආර්ථිකමය වශයෙන්. ඔබට කෙතරම් මුදල් ලැබුනද අනිකුත් ග්‍රහයන්ගේ ගමනත් අනුව සලකා බලන කල ඔබට පීඩනයක් තියෙනවා.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වෙන අතර, නිවසට අවශ්‍ය කරන බඩුබාහිරාදිය මිලදී ගැනීමට හැකියාව පවතිනවා. එසේම දරුවන්ගේ කටයුතු නිසා සිත ප්‍රබෝධමත් වෙනවා කිව හැකියි.
සෞඛ්‍ය තත්වය උෂ්ණ රෝග, හිස සම්බන්ධ රෝග දැවිලි, දාහ ගති මතුවිමට පුලුවන්. නිතරම ජලය වැඩිපුර පානය කරන්න.

● තුලා
ඔබට මේ සතිය ඉතාම ප්‍රීතිමත් සතියක්.
ග්‍රහ ගෝචරය අනුව පිට පලාත් වල කරන රැකියා, වෙලහෙලදාම් සහ ආයෝජන වලින් දියුණුවට පත් වෙනවා. එසේම ආර්ථිකයට නව ජවයක් ලැබෙනවා. සතිය අගදී හදිසි ධනලාභයකට හිමිකම් කියනවා. 
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවෙන අතර, කාලයත් තිස්සේ අමනාප වී සිටි පිරිස් දැන් මිත්‍ර වීමට පටන් ගන්නවා. එසේම නෑදෑ හිතමිතුරන් නිවසට පැමිණෙන ප්‍රීතිමත් සතියක්.
සෞඛ්‍ය තත්වය පපුවේ සෙම් ගතිය, එසේම සෙම සම්බන්ධ රෝග මේ සතියෙදි වැළදීමට පුලුවන්.

● වෘශ්චික
මේ සතිය සාමාන්‍ය සතියක්.
ඔබට මේ සතියෙදි ඔබගේ අතපසුවූ ගොඩාක් වැඩ කටයුතු කරගැනීමේ හැකියාව නම් තියෙනවා. ණය අය වෙනවා. ආදායම හැටියට වියදම් තියෙන නිසා, වියදම ගැන ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල ඉතාමත්ම සන්තෝෂයෙන් ප්‍රියමනාපව සිටිය හැකියි. තමාගේ භාර්යාවට තමුන් ප්‍රිය වෙනවා. එසේම තමන් මේ කාලයෙදි සියලුදෙනාගේ හිත දිනාගන්නවා. හොද සතියක්, දුවාදරුවන් සමගත් ප්‍රීතියෙන් සිටිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය උගුරේ සෙම, හිසේ අමාරු ඇතිවිමට පුලුවන්.

● ධනු
ඉතාම ශුභ සතියකි.
ඔබගේ උත්සාහයට අනුව සියලුම කාර්ය සිද්ධිය ඇතිවෙනවා. තමාගේ වැඩකටයුතු වලට සියලුදෙනාගේ උපකාරය ලැබෙනවා. හවුල් ව්‍යාපාර වලින්ද ඉතාම හොද ලාභ ප්‍රයෝජන ලැබෙනවා.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වෙනවා. මංගල යෝග ඇති වෙනවා. මංගල යෝග ඇතිවෙනවා. විවාහක කෙනෙක් නම් තමාගේ භාර්යාවගේ, පුරුෂයාගේ ඇසුර වඩාත් ප්‍රිය කරන සතියක්, මේ සතිය. කෙසේ වෙතත්
බොහොම හොද සතියක්.
සෞඛ්‍ය තත්වය හිසේ සෙම, පපුවේ අමාරු, අතපය රිදීම් ආදිය ඇතිවිමට පුලුවන්.

● මකර
සමඵල සතියක්.
ඔබට ආදායමට වඩා වියදම සීග්‍රගාමි. මේ සතියෙදි කරන කියන කටයුතු වඩා කල්පනාවෙන් කල යුතුයි. දෛවයට අභියෝග කරන්නාක් මෙන්ම සිතා බලා මේ චන්ද්‍රයාගේ අපල දුරුකිරීමට ඔබට අධිෂ්ඨාන ශක්තිය තිබිය යුතුයි. 
ගෘහ ජිවිතය තුල යම් යම් බාධා ගැටළු පැන නැගුනත් ඒවා ඉතාම තාවකාලිකයි. සතිය මැදදී ඔබ විනෝද ගමන් ආදියේ නියැලීමට පුලුවන්. වාසනාවන්ත සතියක් යැයි කිව හැක.
සෞඛ්‍ය තත්වයේ දණිස් කැක්කුම, උරහිස් වල කැක්කුම එසේම යම් තැනකදී මානසික රෝගයක් හෝ එවන් පීඩාවක් ඇතිවිමට පුලුවන්.

● කුම්භ
මේ සතිය හොද සතියක්.
සතිය අගදී නම් ආර්ථික තත්වයට පොඩි අඩුපාඩුවක් විය හැකියි. එසේම ඔබට සතිය මුල් කාලයෙදි ඇතිවන ග්‍රහ බලය නිසා මේ තත්වය නැතිවී යයි. ණය ගනුදෙනු හා සියලුම මුදල් වලින් වැදගත් වන කටයුතු සතිය අවසානයෙදි කරන්න.
ගෘහ ජිවිතය මංගල යෝග උදාවන සතියකි. යාළු මිත්‍රාදින් බලාගෙන කටයුතු කරන්න. වෙන ගැටළු නැත.
සෞඛ්‍ය තත්වය විශේෂ ගැටළුවක් නැතත්, නිදන්ගත රෝග ඇති අය පරිස්සම් වන්න. එමෙන්ම රුධිර සංසරණ පද්ධතිය ගැන ප්‍රවේසම් වන්න.

● මීන
මේ සතිය සුබ සතියක්.
මේ සතිය තුලදි කරන කියන සියලු කටයුතු සාර්ථක විය හැකියි. ඔබට නවතාවයෙන් යුක්තව ඉදිරියට යෑමට පුලුවන්. රැකියා කරන අයට නම් මේ සතිය බැංකු ආදි කටයුතු කරන අයට උසස් වීම් වැටුප් වර්ධක ලබාගැනීමට පුලුවන්. කුමන රැකියාවක් කලත් ඔබට එයට අවශ්‍ය පහසුකම නිරන්තරයෙන්ම ලැබෙනවා.
ගෘහ ජිවිතය තුල ඔබට අභියෝග නැහැ. මේ සතියෙදි මංගල යෝග උදා වෙනවා. සතිය මැදදී මිතුරෙක් සමග දුරපලාතකට යෑමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය ගුරු ග්‍රහයාගේ ගමනත් සමග සම්මිශ්‍රණයෙන් බලන කල ඔරොත්තු දීමේ හැකියාව අඩුවිය හැක. එනිසා කුඩා රෝගයක් වුවත් එයට බෙහෙත් හේත් ගැනීම මැනවි. 

Monday, July 27, 2015

සිතන්න...

“ මිනිසාට ‪#‎ගවයා‬ තරම් සේවයක් කරනා සතෙකු නැත“ - බුදුරජාණන් වහන්සේ

“ ගවමස් කන්නා වසලයෙකි “ - අනගාරික ධර්මපාල තුමා...

කිරි රස දන්නෝ මව් හඳුනන්නෝ....
‪#‎බත්‬ රස දන්නෝ කෙත හඳුනන්නෝ...
කිරි සහ බත් රස දෙකම නොදන්නෝ....

‪#‎මිනිසත්‬ බව ලැබ කුමට උපන්නෝ....
එදා වැඩි වශයෙන් කෘෂිකාර්මික දිවි පෙවෙතක් හිමි සිංහල බෞද්ධයාට වටිනාම සතා වූයේ ගවයාය. ගවයාගේ සියලු දේ ගොවිතැනටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් විය. ගවයා මැරුණු පසු ‪#‎ඇටකටු‬ පවා ගොවිතැනට ‪#‎පොහොර‬ විය.

● අද වැනි ‪#‎රසායනික‬ ද්‍රව්‍ය නොව එදා භාවිත වූයේ කාබනික ක්‍රමයයි. විෂදායක නොවූ ක්‍රමයකි. පස්ගෝ රස සැදීමට ආදි සියල්ලට ගවයා මහෝපකාරි විය. අද නැවත කාබනික වගාවේ වටිනාකම් අවබෝධ වෙමින් පවතී. නැවත ඒ ක්‍රමයට ගියොත් ගවයාගේ වටිනාකම මැනවින් වැටහෙනු ඇති අතර ඒනිසාම ගව ‪#‎සම්පත‬ රැකගැනීමට හැකි වෙනු ඇත...

● “ගෙදර සිටි ගවයාට ‪#‎නිවන්‬ පැතූ ජාතියක“ උරුමකරුවන් වූ අප ගව ඝාතනය ඉවසීම පුදුමයට කරුණකි.
එයට නීති ඇතත් ක්‍රියාත්මක නොවේ. මරා දමන ගවයින්ගෙන් 70-80%කටත් වඩා නියමිත සුදුසුකම් සපුරා නැත. යම් සිංහල බෞද්ධයන් කොටසක් ගව මස් භාවිත කරන අතර ඔවුන් සිංහලකමට නිගාවකි, ගම්බද ජනතාවගේ ගවයන් පැහැර ගැනීමට උදව් දීමටද ගමේම කෙනෙක් ඉදිරිපත් වීමත් ජාතියේ අවාසනාවකි.
හරක් ලොරි අසු උනා කියා මාධ්‍ය වල දැනුම් දුන්නද එය ඉතා සුළු ප්‍රමාණයකි. අනික්වා ගතමනාව ලබාදී අවශ්‍ය දේ කරගනිති.
මෙය වත්මන් සමාජයේ ඇති වැරදි භාවිතයන්හි අතුරු ඵලයකි. පාලකයන්ද ජනතාවද රට ජාතිය ගැන නොසිතා තමන් ගැන සිතා වලපල්ලට යෑමට කරගන්නා පියවරකි. විවිධාකාර වූ සත්ව හිංසාවට විරුද්ධ සංවිධාන වලින් රටේ ඉහලම තැන් වලින්ද මේ පිළිබඳ නීති ගෙන ඒමට ඉල්ලා සිටියද සුළු ඡන්ද සංඛ්‍යාවක් වරදාන වරප්‍රසාද නැතිවේ කියා එයට අකමැති විය.
වෙනදාට වඩා ප්‍රබෝධයක් ඇතිවී තිබීම ගැන යහපත් බලාපොරොත්තු ඇත.

● මෙහිදී ගව මස් කෑමෙන් වැලකීමේ බොහෝ අනුසස් අප විසින් අත්දැකීමෙන් දනිමු. එසේ වුවද කුමන මසක් හෝ නොකා සිටින්නට යැයි බලකිරීමක් මෙහිදී සිදු නොවේ.

‪#‎බුදුන්වහන්සේ‬ වදාල පරිදි ත්‍රිකෝටික පාරිශුද්ධ සීලයෙන් යුතුව නම්(තමා නොමැරීම, තමා විසින් නොමැරවීම, තමා වෙනුවෙන් නොමැරීම), මාංශ අනුභවය ‪#‎අකුසල්‬ ලෙස නොදැක්වේ. එසේ වුවද එය ආශාවෙන්, තණ්හාවෙන් කෑමට ගැනීම අකුසලයකි.

* ‪#‎නිර්මාංශ‬ වීමේ වැදගත්කම වන්නේ, පව් වෙනවා යන්නෙන් වැලකීම නොව තවත් සතෙකුගේ ජීවිතය ආරක්ෂාවට ගන්නා ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස එසේ වීමයි.

● ගවමස් කන අයට ලෝක පාලක ‪#‎ඊශ්වර‬ හෙවත් ‪#‎ශිව‬ දෙවියන්ගේ ‪#‎ආශිර්වාදය‬ නොලැබේ.
බොහෝදෙනෙකු ‪#‎හින්දු‬ දේව කතා වල එන දෙවි කෙනෙකු ලෙස ඊශ්වර දෙවියන් වටහාගෙන තිබේ. එසේ වුවද ඊශ්වර හෙවත් මහේෂ්වරයාණන්ගේ දේව ශක්තිය අප රටටද විශේෂ දෙයකි. උන්වහන්සේගේ ආශිර්වාදය ඉතා වටිනා දෙයකි. පෙර අත්භවයක බලගතු ඍෂිවරයෙකුව සිටි ශිව දෙවියන් ‪#‎දහම‬ රකින්නට කටයුතු කරන දහම ගැන අවබෝධයක් ඇති දෙවි කෙනෙකි.
ඒනිසාම ස්වකීය පුතුන් 3 දෙනා වන ගණ දෙවියන්, අයියනායක බණ්ඩාර දෙවියන්, කතරගම දෙවියන්ට ලංකාව ප්‍රදේශ වශයෙන් බෙදා පාලනය කරන්නට සලසා දී ඇත.

** මේ සියලු කාරණා සිතා බලා තමන්ගේ ‪#‎දියුණුව‬ සහ ‪#‎යහපත‬ පිණිස සියලු කටයුතු කරන්නට අපගේ දයාබර පාඨක ඔබ සියලු දෙනාට වාසනාව ලැබේවා !

බුදු සරණයි !
‪#‎ඉරුසේවය‬
‪#‎රට‬ ‪#‎ජාතිය‬ ‪#‎සිංහල‬ ‪#‎අනගාරිකධර්මපාල‬
‪#‎මව‬

Friday, July 24, 2015

ෆේස්බුක් ෆැන් පේජය 30,000 පාඨක සංඛ්‍යාව ඉක්මවයි ! (24-07-2015)


✿ ෆේස්බුක් ෆැන් පේජයේ සංඛ්‍යාව 30,229කි.
(https://www.facebook.com/irusewaya)

** ෆැන් පේජයට කර ඇති රිවීව් සංඛ්‍යාව 190කි. එහි සාමාන්‍ය 4.7/5 කි.
තරු 5 රිවිව් ගණන 167කි.
https://www.facebook.com/irusewaya?sk=reviews

✿ ෆේස්බුක් ගිණුමේ සිටින මිතුරන් ගණන 1757ක් වන අතර Followersලා 5030කි.
https://www.facebook.com/iruastrology

✿ ට්විටර් Followersලා 47කි.
https://twitter.com/IruSewaya

✿ ගූගල් ප්ලස් Followersලා 67කි. එම ගිණුම බලා ඇති මුළු ගණන 383,671කි.https://plus.google.com/u/0/+IruSewaya

✿ යුටියුබ් Subscribersලා 35කි.
https://www.youtube.com/channel/UCiCfvboe_q7nz58JRj_YppA

Wednesday, July 22, 2015

ග්‍රහ සංයෝග වලින් ඔබට ලැබෙන දේ - 1


“ ග්‍රහ සංයෝග “ - #රවි ග්‍රහයා සමග ග්‍රහ සංයෝග

අප නවග්‍රහයන් සම්බන්ධව ඔබට ග්‍රහ සංයෝග ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන අතර, මුලින් බලමු රවි ග්‍රහයා සමග සංයෝගයෙන් වන ප්‍රතිඵල කවරේද කියල.

● රවි - චන්ද්‍ර

මෙම යෝගය යෙදුනු කල පුද්ගලයා තරමක කාරුණික අයෙකු බවට පත් කරයි. ඉතාමත් ධාර්මික ගතිගුණ ඇති කෙනෙක් වේ. බොහෝවිට මෙම ග්‍රහ යෝගය යෙදෙන්නේ, අමාවක තිථිය ඇති දිනවලටයි.
එවිට විශේෂයෙන්ම සමහරවිට නපුරු අදහස් ඇති කෙනෙක් බවට පත්විමට ඉඩ ඇත. මාසේ පෝය දිනක 7 වැන්නේ (වෘශ්චික රාශියේ තැන්පත් වුවොත් තමයි) (ප්‍රභාකරන්ට තිබි ඇත)
විශේෂයෙන්ම මේ යෝගය 2, 3, 11 වැන්නේ තිබේ නම් පොහොසත් වන යෝගයකි. ඔහුට කාන්තා පාර්ශවයේ ආකර්ෂණය ඉතාම හොදින් ලැබේ.

● රවි - කුජ යෝගය

මෙම ග්‍රහ තාරකාවන් 2 එකතු වීමෙන්, පුද්ගලයා වේගවත් කෙනෙක් බවට පත් කරයි. ඕනම දෙයක් කැපී පෙනෙන කරන කෙනෙක් වෙයි. මේ අයගේ ලේ ධාතුව උෂ්ණය. දේශපාලන ක්සෙත්‍රයේ ඉහලට යෑමටත්, ජනතා බලය ලබාගැනීමටත්, භූමිය සම්බන්ධ කටයුතු වල ආදායම ලබාගැනිමටත් මේ යෝගය ඉතාම වැදගත්ය.
විශේෂයෙන්ම මේ යෝගය 10 වැන්නේ ඇති අය නියත වශයෙන්ම රාජ්‍ය බලයට පත් වීමේ වැඩි ඉඩක් පවති. ඉතාම හොද පිහිටිමක් වන මෙම තත්වය දුෂ්ට ස්ථාන වල ඇත්නම්, හදිසි අනතුරු කරදර වලට භාජනය කරයි.
අධිකව කෝපාවිෂ්ඨ වන පිහිටිමකි.

● රවි - බුධ යෝගය

මෙම යෝගයෙන් ඔබ අප කවුරුත් දන්නා ඥාන යෝගයක් යෙදේ. සරස්වතී ඥාන යෝගයද මේ යෝගයෙන් යෙදේ. කීමෙහි බිණීමෙහි දක්ෂ, පොත පතට දක්ෂ, දාර්ශනිකයන් මේ යෝගයෙන් බිහිවෙයි.
ගුරුවරුන් නිවේදකයන්, දේශකයන්, විටෙක දේශපාලකයන් මේ යෝගයෙන් උපදී. ඉතාම වාසනාවන්ත ග්‍රහ යෝගයක් වන මෙය කේන්දරයේ "කොතන තිබුනත් ඵල දෙන" එකම යෝගයයි.

● රවි - ගුරු යෝගය

මෙම යෝගයද ඉතාම හොදයි. හරියට රජතුමාට පුරෝහිතයා එකතු උනා හා සමානයි. මෙම යෝගයෙන් උපන් අය අර්ථයෙන් ධර්මයෙන් අනිත් අයට අනුශාසනා කරයි. ඉතාම ප්‍රඥාවන්ත වූත් සමාජයෙන් බුහුමන් ලබන පුද්ගලයන් මෙම යෝගයෙන් උපදි. ධනවත් වේ. ජිවිතයේ කිසිම දිනක අඩුපාඩු ඇති නොවන්නට ඉඩ වැඩිය.

● රවි - ශුක්‍ර යෝගය

මෙම යෝගයෙන් උපන් අය බොහෝවිට සෙල්ලක්කාර, විනෝදයට කැමති අය වෙති. මාගේ දැනුමේ හැටියට මෙම යෝගයෙන් උපන් බොහෝ පිරිමින් කාම සේවනයට කුඩා අවදියේ සිට නැඹුරු වේ.
විනෝද වීමට සහ විනෝද අවස්ථා නිරායාසයෙන්ම අවස්ථාව ලැබේ. කෙසේ වුවද සැප විඳින පිහිටිමකි. රජෙක් හා සමානව සිටිමට ලැබේ.

● රවි - ශනි යෝගය

මේ යෝගය එතරම්ම ශුභ වශයෙන් මා දැක්කේ නැත. මේ යෝගයෙන් උපන් අය බොහෝවිට දුක්ඛිත ජිවිත ගත කරන අතර අල්පායුෂ තත්වයෙන්ද යුක්තයි. සමහරවිට 11 වැන්නේ යෙදුනු කල භූමි ලාභ, සැප සම්පත් ලැබේ.

● රවි - රාහු යෝගය

රවිගේ බලය රාහුගෙන් වැඩි කරයි. රටතොට ප්‍රසිද්ධ කරයි. කීර්තිමත් පුද්ගලයෙක් නම් එම කීර්තිය වැඩි දියුණු කරන අතර, විදේශ ගමන් තීව්ර කරයි. මධ්‍යම වයසෙන් පසු ප්‍රකටව ජිවත්වන කෙනෙකි. දේශපාලකයන්ට මෙය ඉතා වටිනා තත්වයකි.

● රවි - කේතු යෝගය

එතරම් හොද නැත. මන්ද කේතු සියලුම දේවල් සඟවා සිටින, අකුලා තබන ග්‍රහයෙක් බැවිනි. කේතු ග්‍රහයා මනුෂ්‍යයාට සලකන්නේ බුද්ධිය පමණයි. වෙනත් ග්‍රහයොත් සමග සම්බන්ධ වුවොත් මිසක ශනි සහ කේතු ග්‍රහයන් රවිට බලයක් දෙන්නේ නැත.
මෙය 7 වැන්නේ යමෙකුගේ කේන්දරයේ පිහිටියොත් ඔහුට ලිංගික ශක්තිය පවා අල්ප විය හැක.

** මෙම සියලු ග්‍රහ යෝගවල පලාපලයන් කේන්දරයේ පිහිටන තැන සහ සූක්ෂම කේන්දර සටහන් අනුව වෙනස්වීමට හැක. මෙය පොදු පලාපලයක් පමණි.

#ඉරුසේවය Iru Astrology

* භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
irusewaya@gmail.com.
0711 345 364

Monday, July 20, 2015

සතියේ ලග්න පලාපලය - ජුලි 21 සිට

● මේෂ
එතරම් ශුභ නැත.
ආර්ථික පැත්ත අඩපණ විය හැක. විශේෂයෙන්ම තමන්ගේ කරන කියන කටයුතු වලට බාධා පැමිණ වී ආදායම් මාර්ග ඇහිරී යාමට ඇති ඉඩකඩ හුඟක් වැඩිය. එසේම තමන්ගේ හවුල්කාර පාර්ශව වලින් ලැබිය යුතු ආදායම නොලැබී යා හැක.
ගෘහ ජිවිතය තුල ගැටළු මතුවේ. පවුලේ සාමාජිකයන් අතරද, විවාහ වී සිටි නම් ස්වාමි-භාර්යාව අතරද යම් ගැටළු මතුවිය හැක. මේෂ ලග්න සියලුම අය මේ සතියෙදි මංගල කටයුතු සම්බන්ධ වැඩ කටයුතු යොදාගෙන ඇත්නම් එයින් බැහැර වීම මැනවි.
සෙම් අසනීප, උදරාබාධ රෝග පීඩා වශයෙන් සඳහන් කල හැක.

● වෘෂභ
එතරම් හොඳ සතියක් නොවේ.
සතියේ මුල් දවස් 2දී යම්කිසි දියුණුවක් ලබාගත්තද එය සතිය මැද වන විට යම්කිසි අර්බුදකාරි තත්වයකට පත්විමට ඉඩ ඇත. එසේම කරගෙන ආ කටයුතු අතරමග අතහැර දැමීමට පවා සිදුවිය හැක. බුද්ධිමත්ව කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවන අතර, සතිය මැදදී යම් යම් අර්බුද මතුවිය හැක. ඒ කල්පනාකාරි වන්න.
උදරාබාධ සහ සෙම් අසනීප වලින් විශේෂයෙන් පරිස්සම් වන්න.

● මිථුන
සමඵලයි.
මේ සතිය තුල ආර්ථික තත්වයේ යම්කිසි වර්ධනයක් කරගැනීමට පුලුවන. විශේෂයෙන්ම මිථුන ලග්නයේ තමාගේම රැකියා කරන අයට මේ සතියෙදි ශුභදායක ප්‍රතිඵල ලැබෙනු ඇත.
ගෘහ ජිවිතය තුල හොඳ පරිවර්ථන සිදුවෙන සතියකි. විශේෂයෙන්ම උරුමහරුමකම් ලැබීමද, නව නිවාස වල පදිංචියට යෑමටද මේ සතියෙදි පුලුවන්. තවද දරුවන් සම්බන්ධව යම්කිසි තෘප්තිමත් භාවයකට ඔබ පැමිණෙනු ඇත.
සෞඛ්‍ය තත්වයේ පපුවේ සෙම් අමාරු, පීනස් අමාරු, හිසේ කැක්කුම ආදිය දක්නට ලැබේ. පරිස්සම් වන්න.

● කටක
හොඳ සතියකි.
ඔබට මේ සතිය මුළුල්ලේම සුභ ඵල ලැබෙන ප්‍රතිශතය ඉතාම ඉහල මට්ටමක පවතී. ඔබට ආර්ථික තත්වය අයහපත් නොවේ. සියලුම ක්ෂෙත්‍ර වල රාජකාරි කරන අයටත්, වෙළද ව්‍යාපාර කරන අයටත් මේ සතිය ඉතාම හොද බව කිව යුතුය.
ගෘහ ජිවිතය ඉතාම සතුටින් ගතවේ. දරුවන් සම්බන්ධව ඔබට සතුටු වීමට පුලුවන. එසේම ඔබට සතිය අග වන විට විනෝද වීමට ඇති ඉඩකඩද වැඩි වේ.
සෞඛ්‍ය තත්වයෙන් හිස කැක්කුම, එසේම මානසික අවිවේකතාවය බලපෑ හැක.

● සිංහ
ඉතාම ශුභයි.
චන්ද්‍රයා 2 වැන්නේ සිටිමින් ඇරඹෙන මෙම සතියේදි ඔබගේ වචනයට පවා යම් වටිනාකමක් ලැබේ. ඔබ කරන කියන කටයුතුද මේ සතියෙදි සාර්ථක වේ. එසේම දුරබැහැර සිටින යහළුවෙක්ගෙන්/හිතවතෙක්ගෙන් පවා උදව් ලැබීමට පුලුවන.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වේ. වෙනත් ගැටළු නොමැත. ගෙදර දොරේ ජිවිතය තුල තමන්ගේ බල පරාක්‍රමය පැතිර පවතිනවා ඇත.
සෞඛ්‍ය තත්වය සෙම් අමාරු, පීනස් රෝග, හිස බර ගතිය, උදරාබාධ ආදියෙන් පරිස්සම් වන්න.

● කන්‍යා
මිශ්‍රඵල සහිත සතියකි.
විශේෂයෙන්ම ඔබට මේ කාලයෙදි යම් යම් ආර්ථක තත්වයට බාධක මතුවිමට පුලුවන්. එසේම ඔබගේ දියුණුවට බාධා මතුවේ. ඔබගේ දියුණුවට ඔබගේ ආර්ථික තත්වයේ පරිහානියකට මේ කාලයෙදි යම්කිසි වැඩි ඉඩකඩක් ඇති බැවින් ප්‍රවේසමින් කටයුතු කල යුතුය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවේ. විශේෂයෙන්ම ඥාතින්ගෙන් සහෝදරයන්ගේ පැමිණීම අපේක්ෂා කල හැකියි. එසේම දුරබැහැර සිටි මිතුරෙක් ඔබ කරා පැමිණීමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වය සෙම් ආදි අසනීප රෝග ඇතිවිමට ඉඩ ඇති බැවින් ප්‍රවේසම් වීම නම් අවශ්‍යමයි.

● තුලා
සමඵල සතියකි.
සතිය මුල් දවස් 2දි ආර්ථික පාඩු මතුවේ. එසේම කරන කියන කටයුතු වල බිඳ වැටීමක් දක්නට ලැබෙන අතර, නිස්කාරණ වියදම් ඇතිවිමටද, ආර්ථික පාඩුද අපේක්ෂිතය. ඒරාෂ්ඨක අපලයක් ගතවෙන මේ සතියෙදි ඔබ ගිවිසුම් වලට අත්සන් කිරිමෙන් වැලකීම වඩා හොදය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. සතිය අගදී සහෝදරයන් සමග දුරබැහැර ගමන් බිමන් යෙදීමට පුලුවන.
සෞඛ්‍ය තත්වයේ සෙම් අමාරු සහ උදරාබාධ වැනි අසනීප වලින් පරිස්සම් වන්න.

● වෘශ්චික
කලකට පසු සමඵල ග්‍රහචාරයකි.
විශේෂයෙන්ම සමඵලත් කිව නොහැක. ඔබට ටික කලකට ඔබ කරගෙන යන කටයුතු වෙනදාට වඩා බුද්ධිමත්ව කිරිම ආර්ථිකය සුරැකීමට හේතු වෙයි. මන්ද මේ සතියේ මැද භාගය ඔබට ඉතාම අශුභ වන්නට ඉඩ වැඩි නිසාය. විශේෂයෙන්ම ඔබ ප්‍රවේසම් විය යුතුය.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. විශේෂයෙන්ම ඔබට මේ සතියෙදි දුවාදරුවන් සමග විනෝද විමට නම් කාලයක් ලැබෙනු ඇත. විනෝද ගමන් ආදිය ඒ අතර වෙයි. එයින් ඔබට තරමක මුදල් වියදම් වීමක් වීමටද ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වය සාමාන්‍ය ආකාරයට ඇත, සෙම් අමාරු ඇත්නම් ඒවායින් පරිස්සම් වන්න.

● ධනු
මේ සතිය සුභදායකයි.
විශේෂයෙන්ම ආර්ථික තත්වයේ නව මංපෙත් විවර වේ. එසේම කරන කියන කටයුතු වල ජයග්‍රහණ හිමි වෙයි. ඔබගේ දියුණුව සැලසේ.
ගෘහ ජිවිතය තුල ඔබට විනෝදයෙන් සිටිමට හැකිය. ප්‍රිය සම්භාෂණ, සංචාර, ඥාතින් නිවසට ඒම ඒ අතර වේ. ඉතාම හොදයි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නොමැති වුවත් සතිය අගදී ප්‍රවේසම් විය යුුතුයි, දණිස් සහ කොන්ද ආශ්‍රිත ඒවායින් විශේෂයෙන්ම.

● මකර
ඉතාම හොදයි.
ගැටළුවක් නැහැ. ඔබට වාසනාවන්ත ගනුදෙනු මේ කාලයෙදි සිදුකල හැකියි. විසේස වශයෙන් ඔබගේ ආර්ථිකය මේ සතියෙදි ඉහල යයි. නව මිතුරු සම්බන්ධතා මගින් ඔබගේ ආර්ථිකය ඉහලට ගැනීමට ඔබට අවස්ථාව හිමි වෙයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර, ස්වාමි-භාර්යා සම්බන්ධය ඉතාම හොදට පවතී. ඔබගේ ජිවිතයට ප්‍රීතිමත් කාලයක්ම වේ. දුවාදරුවන් සමගද ඉතා සතුටින් සිටිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. ලිස්සා වැටිම් සහ හදිසියේ වන තුවාල වලින් පරිස්සම් වන්න.

● කුම්භ
සාමාන්‍ය සතියක්.
සතියේ මුල් දවස් 2 හැරුනු විට ඉතුරු දවස් 2 තුල ආර්ථික තත්වය විශේෂයෙන්ම යහපත්ව පවති. ඔබ ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැහැ. ඉතාම හොදයි.
ගෘහ ජිවිතය තුල ඔබගේ භූමිකාව සාමාන්‍ය පරිදි පවති. දුවාදරුවන් සමග සතුටින් සිටිමට පුලුවන්. සතිය අගදී පිටපලාත් වල සංචාරයක් තියෙන්න ඉඩ වැඩියි.
සෞඛ්‍ය තත්වය සතියේ මුල් දවස් 2-3 තුල විවිධ වූ අසනීප වලින් පීඩා විඳින්න පුලුවන්. නමුත් එම තත්වයන් සතිය අගදී පහව යනවා.

● මීන
සමඵල සතියකි.
ආර්ථික තත්වය සාමාන්‍ය පරිදි ගත වෙනවා. එහෙත් සතිය මැද දවස් 2 තුල ආයෝජන කටයුතු කල යුත්තේ, ඉතාම ප්‍රවේසම් සහගතව. තවද සතියේ අග දවස් 2 තුල යම්කිසි මේ තත්වයේ අඩුවක් ඇතිවි ආර්ථික තත්වයේ දියුණුව ඇතිවිමට පුලුවන්.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. සතිය මුල් කොටසෙදි මංගල යෝග උදාවේ. පෙම් සබදතා සඵල වේ. එසේම නිවසට නෑදෑ හිතමිතුරන් පැමිණේ.
සෞඛ්‍ය තත්වය, ප්‍රබල ගැටළු නැහැ. නිදන්ගත රෝග ඇති පරිස්සම් වන්න.













Friday, July 17, 2015

ජ්‍යොතිෂ්‍යය ඇත්තේ ලෞකික ජිවිතය සැපවත් කිරීමටය.

අනාගතය සහ ගතවෙන කාලය ගැන යමක් දැනගෙන ඒ අනුව නිවරදිව තමන්ගේ ජිවිතයේ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීමට ජ්‍යොතිෂ්‍යය ඉවහල් කරගත යුතුය.
මැරෙන දවස කීමට හෝ අපල කාලයේ බංකොලොත් වෙන බව කියා අතැර දැමීම ජ්‍යොතිෂ්‍යයට අයත් නැත. එය ලබාදී ඇත්තේම මිනිසුන්ගේ ජිවිතය යහපත් කිරීමට බැවිනි.

අතීතයේ සමෘද්ධිමත්ව තිබුනු ලංකාව ගැන සිතන්න. 

වැදගත් කටයුතු වලදි ජ්‍යොතිෂ්‍යය අවශ්‍ය පමණට භාවිත විය. ලොවටම වටිනා රටක් බවට අප පත්ව තිබින.
ඒනිසා අදාල ප්‍රයෝජනය ගන්නට පොදු ජනතාව දැනගත යුතු අතර, ජ්‍යොතිර්වේදින්ද නිසි උපදේශනය දෙන්නට කටයුතු කල යුතුය.

‪#‎ඉරුසේවය‬

‪#‎ධනාත්මකචින්තනය‬ ‪#‎Iru‬

Wednesday, July 15, 2015

නාම පුවරු සම්බන්ධව ඔබ නොදත් දේ

නාම පුවරුවක් යනු,
පුද්ගල හෝ වෙනත් ව්‍යාපාරයක් මහජනයාගේ දැනගැනීම උදෙසා ප්‍රදර්ශනය කරන දෙයකි. මෙම නාමපුවරු සම්බන්ධව අප නොයෙකුත් දේ දැනගත්තත් අප ඉරු සේවයේ පාඨක ඔබට ඒ සම්බන්ධව මීට කලින් යම් සටහනක් තැබීමට නොහැකි විය.
නමුත් ඒ ගැන කතා කිරිම කාලෝචිත වන බැවින් ඒ ගැන ඔබට යම්කිසි දෙයක් ඔබගේ දැනගැනීම පිණිස ලබාදීමට අප තීරණය කලා.

විශේෂයෙන්ම ව්‍යාපාරික ස්ථාන වල ප්‍රදර්ශනය කරන සමහරක් නාම පුවරු හොද මෙන්ම අයහපත් ඒවාද ඇත. නාම පුවරුව කෙතරම් අලංකරණ ලෙස නිර්මාණය කර තිබුනද එහි ඇති ගුණාත්මක ස්වරූපය හරියන්නේ යන්නේ නැත්නම් එම නාම පුවරුවෙන් එම ව්‍යාපාරයට ලාභයක්, ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත.

* විශේෂයෙන්ම නාම පුවරුවක් තෝරා ගැනීම නාම පුවරුවක දිග පළල විශේෂයෙන්ම වැදගත් වේ.

● කුඩා පරිමාණයේ නාම පුවරු එනම් නීතිඥ මහතුන්ට, සුළු ව්‍යාපාරයක නාම පුවරුවක දිග පළල සමාන වීම සුභයි.
එනම් සම චතුරස්‍ර වීම.

●  දිග මෙන් 2 ගුණයක් පළල් වීම ඉතාම නරකයි.
මෙම තත්වය නිසා ව්‍යාපාරික කටයුතු බංකොලාත් වීම එසේම සතුරු කරදර ඇතිවිම, ව්‍යාපාරිකයාට හෝ එම සමාගමට/ආයතනයට හානි වීම මෙයින් ප්‍රධාන දේවල්ය.

● පළල මෙන් 3 ගුණයක් දිග වීම ඉතාම හොදයි.
යසස, කීර්තිය දියුණු වීම මෙයින් විද්‍යාමාන වේ. ආදායම් වැඩිවේ. ව්‍යාපාරය ඉතාම සීග්‍රයෙන් ජනප්‍රිය වේ. ලාබ ලබන තත්වයකට පත් වේ.

● පළල මෙන් 4 ගුණයක් වීම ඉතාම අශුභයි.
පෙර කීවාට වඩා හානි සිදුවේ. ව්‍යාපාරය බංකොලොත් වී ආයතනයේ කීර්තිනාමයටද හානි විය හැක. නැති කරදර, නීතිමය ගැටළු ආදිය මතුවිමට ඉඩ ඇත

● පළල මෙන් 5 ගුණයක් වීම ගොඩක් හොදයි.
දියුණුව ඇතිවේ. ව්‍යාපාරය පුළුල්ව පැතිරිම මෙයින් සිදුවේ.
එසේම තවත් කාරණාවක් ඇත. අප උපන් ලග්නයට අනුව ලග්නයට අදාල අපිට ශුභ වර්ණයක් ඇති බව ඔබ අප කවුරුත් දන්නවනේ.

විශේෂයෙන්ම මෙම නාම පුවරු නිර්මාණයෙදි වර්ණ සංයෝජනය වැදගත්. වර්ණ සංයෝජනය ගැන ලිපියෙදි අපි ඒ ගැන කියා ඇත්තෙමු.
ලග්න 12ට ශුභ වර්ණ වලින් එම පසුතල, අකුරු. නාම පුවරුව අලංකරණය කිරිම ශුභ වර්ණ වලින් කල යුතු බව අවධාරණය කරමි. මේ සම්බන්ධව වැඩිදුරට විමසා දැනගන්න.





Monday, July 13, 2015

ගුරු මාරුව - ලග්න 12ට බලපෑම (2015 ජුලි 15 සිට)

ඉතාම සෞම්‍ය ගුණෝපේත ග්‍රහයෙක් වන ගුරු හෙවත් බ්‍රහස්පතී, පුද්ගලයාගේ ප්‍රඥාව සහ ගුණ ධර්ම නීරෝගී භාවය සත්‍යවාදි බව, අවංක බව, මානුෂීය ගතිගුණ එසේම ධනවත් බව ආදි මනුෂ්‍ය ජීවිතයේ උතුම් තත්ව වලට මෙම ග්‍රහයා බොහෝ විට ශුභ බලපෑම් ඇති කරයි. අපල කරන්නේ ඉතාම කලාතුරකිනි. සුඛෝපභෝගි ජිවිතයටද ගුරුගේ විශාල බලපෑමක් ඇත.
(රටට ලෝකයට බලපෑම  https://www.facebook.com/irusewaya/photos/pb.833656709984743.-2207520000.1436710574./1160496140634130/?type=1)

නව ග්‍රහයන්ගෙන් ශුභ පල දීමේ ප්‍රමුඛයා හෙවත් සුපිරිම ග්‍රහ තාරකාව වන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහ තාරකාව 2015 වර්ෂයේ ජුලි මස 14 වන දින උදේ 6.20ට ස්වකීය උච්ච භවනය වූ කටක රාශියේ සිට සිංහ රාශියට සංක්‍රමණය වීම සිද්ධ වෙයි. සිංහයෙදි මඳක් නපුරු වන ගුරු නිසා විවිධාකර වෙනස්කම් අපේක්ෂිතය.
පොදුවේ සලකා බලන කල, ග්‍රහ මාරු වලදි අතිශයින් වැදගත් වන ග්‍රහමාරු 3 අතරින් 1කි මෙම ගුරු මාරුව.


ලග්න 12ට නිගමනයක් මෙසේ.

●  මේෂ
ගුරු මාරුව ඉතාම සුභයි.
5 වැන්නට ගුරු මාරුවේ. තමාගේ ආදර බන්ධන ස්ථිර වීමට හේතුයි. ධන ලාභ, හදිසි ධනලාභ ලැබේ. විවාහක අයට වාසනාවන්ත දරු සම්පත් හිමිවේ. එසේම අධ්‍යාපන කටයුතු කරන අයගේ අධ්‍යාපනය දියුණු වන අතර, උසස් අධ්‍යාපනයේ නියුතු අයට ඉතාම හොදින් එම කටයුතු කරගෙන යාමට පුුලුවන් වාසනාවන්ත කාලයක්ය.

●  වෘෂභ
ඉතාම හොදයි.
4 වැන්නට ගුරු පැමිණේ. භූමි ලාභ සැප සම්පත් හිමි වන අතර, තමන්ගේ භෞතික වටපිටාව දියුණු වේ. පවුල තුල තමාගේ ජනප්‍රියත්වය සහ ස්ථාවරත්වය රැකේ. අලුත් නිවාස ඉදි කිරීමට හොද කාලයකි. ගෘහණියන්ට අලුත් ගෘහ උපකරණ මිලදී ගැනීමට වාසනාව ලැබේ.

●  මිථුන
එතරම්ම ශුභ නැත.
3 වැන්නට ගුරු පැමිණේ. නමුත් සහෝදරයන්ට ශුභ තත්වයක් මේ තුලින් පෙන්වයි. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන දැඩි අවධානයෙන් පසුවන්න. මිථුන ලග්න කාන්තා පක්ෂයේ අය ඉතා රූමත් අය වෙති. නමුත් ඔවුන්ගේ ශරීර විලාසහ (පොඩි ෆිගර්), අන්ෂේප් හැඩය වෙනස් වීමට ඉඩ ඇත. පපුව උදරය මහත් වි තරමක් අවලක්ෂණ වීමට ඉඩ ඇත. ඒ ගැන සැලකීලිමත් වන්න. එතරම් ශුභයි යනුවෙන් කිව නොහැක.

●  කටක
ඉතාම ශුභයි.
2 වැන්නට ගුරු පැමිණේ. ධන - ධාන්‍ය තත්වය දියුණු වෙනවා. ව්‍යාපාරික කටයුතු කරන අයගේ ආර්ථික තත්වය ඉහල අගයකට අවතීර්ණ වෙනවා. එසේම කරන කියන කටයුතු වල දියුණුව ලැබෙනවා. ව්‍යාපාරිකයන්ට විශේෂයෙන්ම හොදයි. තමාගේ ප්‍රිය වචනය නිසා බොහෝ ජනී ජනයා ආකර්ෂණය කරගැනීමට පුලුවන්.

●  සිංහ
ඉතා ශුභ කාලයකි.
1/ලග්න භාවයට ගුරු පැමිණිම හොදයි. පසුගිය වසරක කාලයකට තිබුනු අධික වියදම්කාරි භාවය එසේම අනවශ්‍ය වියදම් ආදි කරදර සියල්ලම හිරු දුටු පිණි මෙන් ඉවත් වෙයි. ඉතාම හොද කාලයකි.
අලුත් චින්තනයකින් ජීවිතය සැලසුම් කරගැනීමට හොදම කාලයකි.

●  කන්‍යා
එතරම්ම ශුභ නැත.
12 වැන්නට ගුරු පැමිණිම එතරම්ම හොද නැත. ලග්නයට බාධක ග්‍රහයෙක් වන මෙම ගුරු ග්‍රහයා 12 වැන්නට පැමිණීම ව්‍යාපාරික කටයුතු අඩපණ වීමට හේතුවිය හැක. මානසික තත්වය පිරිහීම නිසා විවිධ පාඩු ඇති කරගනී. විශේෂයෙන්ම තමා කිට්ටුවන්තව ආශ්‍රය කල අයගේ වෙන්වීම, තරහ වීම, අත්හැර යාම මේ කාලයෙදි දක්නට ලැබේ. පන්සලක්, පන්සලක් ගානේ කෙතරම් ඇවිද්දත් ඉන් කිසිම සුගතියක් නැති විදියට දැනේ. එසේම තිබුනු රැකියාව අහිමි වීම නිසා මානසික කරදර වලට මුහුණ පෑමට ඉඩ තිබේ. තවද අලුත් රැකියාවක් සොයාගැනීම බොහෝ අසීරු විය හැක.
තත්කාල ග්‍රහචාරයේ, ලග්න භාවයේ රාහුද, 12 වැන්නට ගුරු පැමිණීමෙන් පසු එම තත්වයද, ශනි 3 වැන්නේද සිටින නිසා මෙම සියලුම ග්‍රහචාර සංසන්දනය කර බැලූවිට කන්‍යා ලග්නකරුවන්ට චිත්ත පීඩනය වැඩි කාලයකි. ඔබ ආගම දහමට නැඹුරු වී උපේක්ෂාවෙන්, මෛත්‍රිෙයන් කටයුතු කර සංහිඳියාව ඇති කරගන්න.

●  තුලා
ඔබට ඉතාම හොඳයි.
11 වැන්නට ගුරු පැමිණීම, ඉතා ශුභ කාලයක් වේ. ශක්තිමත් වූ අත් දෙක තවත් ශක්තිමත් වේ. පසුගිය කාලයේ තමාට නින්දා අපහාස කල අය, බැන්න අය තමන්ගේ කකුල් 2 පාමුලට පැමිණේ. තමාගේ යහපත් ගතිගුණ සහ මානුෂීය භාවය නිසා දේශ දේශාන්තර වල තමාගේ හොඳ නම පැතිරේ. හදවත පුරාම ඇති මෛත්‍රිය නිසා තමා යටතේ පාලනය වන අය සතුටින් සිටී. එසේම අලුත් සම්බන්ධකම් ගොඩනැගේ. විශේෂයෙන්ම මෙම කාලයෙදි තුලා ලග්න කරුවන් සංහිඳියාවට කැමතිය. එසේම ඉතාම ශුභදායක තත්වයක් තුලා ලග්න කරුවන්ට මෙම කාලයේ ලැබේ. විශේෂයෙන්ම මෙම ලග්න හිමි අයගෙන් මෛත්‍රිය පැතිරේ.
මේ මෛත්‍රිය සදහන් කරන විට, මෙලොව ඇති මිල මුදල් සහ භෞතික සැප සම්පත් වලට වඩා මෛත්‍රිය වටින බව අප කාහට වුවද හැගී යයි.

●  වෘශ්චික
ඉතාම හොඳයි.
10 වැන්නට ගුරුගේ පැමිණිම ඉතාම හොදයි. ධන - ධාන්‍ය තත්වය දියුණු වේ. අලුත් නිලතල නම්බු නාම ලැබේ. විශේෂයෙන්ම ආර්ථික වාසි හිමි වේ. වෙලහෙලදාම් දියුණු වේ. රැකියා වල නියුතු අයට උසස් වීම් ලැබේ, විදෙස් රැකියා වල නියුතු අයටද ඉතාම සුභයි.
කාන්තාවන්ගේ අැඟපත මහත් වීමට ඉඩ ඇත.

●  ධනු
ඉතාම ශුභයි.
9 වැන්නට ගුරු පැමිණිම ඉතාම හොදයි. ආගමික භක්තිය ඇතිවේ. වන්දනා ගමන් ආදිය හිමි වෙයි. දේශ දේශාන්තර වල සංචාරය නියමයි. බොහෝම පින්වන්ත කාලයකි. ඉතාම හොදයි. වැඩිහිටියන්ගේ ආශිර්වාදය, ආධාර උපකාර පූර්ණ කාලීනව ලැබේ.
දේශපාලන ක්ෂෙත්‍රයේ කටයුතු වල නියුතු අයගේ කාලාන්තරයක් තිබූ යම් යම් දෝෂ තත්ව මගහැරි යන බව කිව හැක.

●  මකර
එතරම් ශුභ නැත.
8 වැන්නට ගුරු පැමිණීම එතරම් හොඳ නැත. කිසිම හොඳක් නැත. හදිසි අනතුරු, ආබාධ, කැඩිම් බිඳීම් තුවාල ආදිය ඇතිවිමට හේතු විය හැකි නිසා ප්‍රවේසම් වන්න. තමාගේ කටයුතු ප්‍රමාද වීමට හේතු විය හැක. ලක් එක අඩු වෙන කාලයකි. කෙසේ වෙතත් දියුණු වීම ඉතාම හෙමින් සිදු වෙයි. ඔබට මුදල් අරපරිස්සමෙන් භාවිත කිරීම අනිවාර්යෙන්ම කල යුතුය. ලැබෙන දේ රැක ගන්න.

●  කුම්භ
කුම්භ ලග්න අයට ශුභයි.
7 වැන්නට පැමිණිම හොඳයි. විශේෂයෙන්ම හවුල් ව්‍යාපාර කරන අයට ශුභයි. තවද ඉඩකඩම්, යාන-වාහන මිලදී ගැනීමට හැකියි. ගෘහ ජිවිතය ගැන සිතු කල විවාහ බන්ධන ස්ථිර වෙයි. විවාහයට ඉඩ ලැබේ. ප්‍රේම සබදතා ස්ථිර වෙයි. තමා ගැන හොඳ ආකාරයට ප්‍රචාරය වෙයි.

●  මීන
එතරම්ම හොඳ නැත.
6 වැන්නට ගුරුගේ පැමිණීම ඉතාම හොඳ බව කිව නොහැක. සතුරු කරදර මතුවීමට පුලුවන්. එසේම තමාගේ යටතේ සිටි සේවකයන් තමාට මැනවින් රැකවරණය ලබාදීම නිසා අශුභකාරි තත්වය තරමක් දුරට මගහරවා ගැනීමට පුලුවන්. බන්ධන - කොඩිවින යම් යම් දුෂ්ට ක්‍රියා මාර්ග නිසා තරමක ඉදිරි ගමන බාධකයක් සමග නැවතීමට ඉඩ තිබේ. ඒවා ගැන මැනවින් සැලකිලිමත් වන්න.


:- මෙම සියලුම  පලාපල තමාගේ කේන්දරයේ හැටියට ප්‍රතිඵල එන බව කිව යුතුයි.

Saturday, July 11, 2015

“ විස්කම් දෙව්පුත් දිව්‍යරාජයාණන් වහන්සේ “



විශ්වකර්ම දෙවියන්ගේ හින්දු විශ්වාසයන්ට අනුව උපකල්පිත පින්තූරයකි.

Friday, July 10, 2015

ඉවසීමෙන් බුද්ධියෙන් හැමදේම කරන්න !


ජීවිතයේ සමහර වෙලාවට තමන් කරන දේවල් වරදින, වැරදෙන, අතපසුවෙන වෙලාවල් එනවා. ඒ වෙලාවට කරන ගොඩක් දේවල් වරදිනවා වගේ වෙනව. එතකොට මේ ජිවිතේ හොඳක් තියෙනවද කියල හිතෙනව අවස්ථා එනවා.
මේ ජිවිත කාලෙම යහපත් දේවල් කරලා, අනිත් අයට උදව් කලත් තමන්ට උදව්වක් ලැබෙන්නෙ නෑ නේද, තමන්ට හොඳක් වෙන්නෙම නෑ නේද කියල හිතෙන වෙලාවල් එනවා.

එහෙම වෙන්න හේතු ගොඩක් තියෙන්න පුලුවනි.
සමහරවිට තමන්ගෙම නොසැලකිලිමත්කම, සමහරවිට තමන්ගෙ අපලයක් නැත්නම් පෙර කල අකුසල කර්ම නිසා වෙන දෙයක් වෙන්න පුලුවන්.
මේ ආත්ම භවයේ ගොඩක් හොඳින් හිටියට සංසාරයෙ අපි මොනව කරල තියෙනවද කියල අපි දන්නෙ නෑ. ඒවට ලැබෙන විපාකද දන්නෙත් නෑ.

සමහර අයගෙ මතයක් තමයි, “ මම කාටවත් වැරදි කරල නෑ. ඒනිසා මටත් වරදක් වෙන එකක් නෑ “ කියල... ඒකත් බොහෝම වැරදි අදහසක්. වැරදි කලා නෑ කියල කරදර නොවෙන්න විදියක් නෑ.

කාට උනත් වරදින වෙලාවල් එනවා. කරදර වෙලාවල් එනව. ඒ වෙලාවට මූලිකව උවමනා වෙන දේ තමයි ඉවසීම.
ඉවසීමත් ලේසි පහසු නෑ. සමහරවිට දවස් ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ඉවසන්න වෙනව. ව්‍යාපාරික ක්ෂෙත්‍ර වල ඉහලටම ආපු සෑහෙන දෙනෙක් පුදුම තරමට ඉවසපු බව අපි කරපු පර්යේෂණ වලින් අපිට තහවුරු වෙලා තියෙනව.
ඒනිසා දුකකදී කරදරයකදි ඉවසීමෙන්, විමසීමෙන් ඒ ගැන බලන්න. ආයෙ ඒ කරදර නොවෙන තැනට වැඩ කරන්න.

කේන්දරයට අනුව අපල තිබුනත් නැතත් තමන්ගෙ ජිවිතේ සාර්ථකත්වය වෙනුවෙන් බුද්ධියෙන් යුතුව හරියට කැපවෙන්න.
දන් පින් කරන්න. පුලුවන් විදියට අනිත් අයට උදව් කරන්න. කරන පින් සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට අනුමෝදන් කරන්න.
(සියලු ඥාතින්ට අනුමෝදන් කරන්න කිව්වෙ අපිට මතක මේ ආත්ම භවයේ සීයා ආච්චිව විතරක් උනත් අපි සංසාරේ අපිට ඥාතින් උන සමහර අයට පින් උවමනා වෙලා ඉන්නව වෙන්න පුලුවනි, අපි පින් නොදුන්නට. එතකොට එයාල කරදරයෙන් ඉන්නවා වගේම, ඒ අයගේ වෛරී බැල්මක් තමයි අපිට ලැබෙන්නෙ. එයාලට පින් අනුමෝදන් කරාම එයාලගෙත් ආශිර්වාදය ලැබෙනවා.)

කර්මය උත්සහයෙන් ජයගන්න පුලුවන් කියලයි බුදුන්වහන්සේ දේශනා කලේ. ඒනිසා වැරදුනා පැරදුනා කියල අතාරින්න එපා. ජිවිතේ දිනන්න, සතුටින් සැපෙන් ඉන්න වැඩ කරන්න.
සිල් රකින්න, යහපතින් ඉන්න. ඒකම හැමදාමට සතුටින්, සංතෘප්තියෙන් ඉන්න හේතු වේවි !

බුදු සරණයි !

#ඉරුසේවය

Wednesday, July 8, 2015

මේෂ ලග්න අය මෙහෙමයි...

මේෂ ලග්නයට අදාල පර්යේෂණාත්මක ජ්‍යොතිෂ්‍යය ස්වරූපය මෙහෙමයි.

● මේෂ ලග්න අය තේජවන්ත ගති සහිත, උසස් සිතිවිලි ඇති අධිෂ්ඨානශීලි අය වෙති.
● පෞද්ගලික සැප පහසුවට බොහෝ කටයුතු කරයි, ඒ වෙනුවෙන් කැපවේ.
● ආඩම්බර ගති ඇතිවාක් මෙන්ම කාටවත් යටත් වීමට අකමැති ගතිද ඇත.

● මේෂ ලග්නයේ බොහෝ අයට ඉක්මණින් කේන්ති යයි.
මෙම තත්වය නිසා ඔවුන් සමාජයේ “කොට කේන්තිකාරයන්“ ලෙස හැඳින්වේ.

●බොහෝවිට මේෂ ලග්නයට ශුභ ග්‍රහ බලයක් ලැබුනොත් එ් අය ඉතාම දියුණුවේ හිණිපෙත්තටම ගමන් කරයි.
බොහෝවිට මේෂ ලග්න කරුවන් ධනවත් වී සිටිම ඒ තරම් පුදුමයට කාරණාවක් නොවේ.
ඔවුන්ට ඕනෑම ක්ෂෙත්‍රයක් කෙරෙහි පුළුල්ව බැලීමේ හැකියාවක් පවතී.

● විශේෂයෙන්ම මේෂ ලග්න කාන්තාවන්, නිතරම කැපි පෙනීමට කැමතිය.
බොහෝවිට ඔවුන් තමාගේ ස්වාමියාට පවා අවනත වන්නේ නැත.
ස්වාමියාව පවා යටත් කරගැනීමට මාන බලයි.
එමනිසා ඔවුන් තරමක සැර පරුෂ අය වෙති.

● අධිෂ්ඨානශීලි බව සහ පෙරට යෑමේ ලක්ෂණය මේෂ ලග්න හිමියන් සතුව ඇති ප්‍රධානම ආයුධයයි.
බොහෝවිට සාර්ථක පවුල් ජිවිත මේෂ ලග්න හිමියන් ගත කරයි.
* එසේම ආර්ථික මට්ටමින්ද ඉතා ඉහලට පැමිණීමට ඔවුන්ට පුලුවන.
* ලග්නයට ආවේණික තවත් විශේෂ දෙයක් නම් මේ අය බොහෝ වෙලාවට ආත්මාර්ථකාමි අදහස් වලින් යුක්ත අය වීමයි (මෙය කේන්දර සටහන අනුව වෙනස් වේ)

● නිතරම තරඟකාරිත්වයට කෙසේ වෙතත් දබරයට යොමුවන අයයි. ක්ෂණික කෝපය ඇත. එසේම නම්‍යශීලිතාවයද එසේය.
රාත්‍රියට පායන්නේ ඉර කියා කිව්වොත් එය අන් අය පිලිගත යුතුය. නැත්නම් අධිකව තරහ ගනී.

_ ග්‍රහ සංයෝග _ පොත් පත් වලින් අටවා දමන කරුණු නොව අපගේ පර්යේෂණ වලින් සාක්ෂාත් කරගත් කරුණුය.

** ඉතිරි ලග්න වලටද මේ ආකාරයටම විග්‍රහයක් පසුවට බලාපොරොත්තු වන්න.

Monday, July 6, 2015

සතියේ ලග්න පලාපලය - ජුලි 6 සිට

● මේෂ
චන්ද්‍ර චාරය අනුව සමඵලයි.
මේ සතියෙදි ඔබට ලාභ-අලාභ දෙකෙන් කෙසේ වෙතත් ලාභ වැඩිපුරත් අලාභ සුළුවෙනුත් ඇතිවේ. විශේෂයෙන්ම සතියේ මුල් කොටස් වලදි ඥාතින් හිතමිතුරන්ගෙන්ද තමන් කරන ව්‍යාපාර වලින්ද ලාභ ලැබීමට පටන් ගනී. සතිය මැදදී යම්කිසි ආර්ථික පාඩුවක් ඇතිවිමට හේතුයි. නමුත් ඒ තත්වය යථා තත්වයට පත්වී ඔබගේ දියුණුව සාක්ෂාත් වේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වන අතර, නිවසට ඥාති හිත මිතුරන් පැමිණිමට පටන්ගනි. දානමය පින්කම් වලට සහභාගි වන අතර, සතිය අගදී පෞද්ගලිකව ඔබ සතුටුවන යම් කාරණාවක් ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ, සෙම් අමාරු සහ අතපය වේදනාව ආදිය ඇතිවිය හැක.

● වෘෂභ
ඉතාම වාසනාවන්ත සතියකි.
විශේෂයෙන්ම වෙළදාම් කරන අයට, ලාභ වැඩිවේ. එසේම ජලය ආශ්‍රිත කටයුතු, රූපලාවන්‍ය කටයුතු, ආහාරපාන ක්සෙත්‍රයේ අයට ඉතාම හොදයි. රැකියා කරන අයට පඩි වැඩිවිම්, දියුණුවීම් අපේක්ෂිතය. ආදායම සරුවේ. අතමිට හිඟ නොවේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වන අතර, ආර්ථික වාසි සැලසෙන නිසා නිවසට අලුත් දේවල් මිලදී ගැනීමට පුලුවන. විශේසයෙන්ම වෘෂභ ලග්න ගෘහණියන් අතින් රසවත් ආහාරපාන සෑදෙන කාලයයි.
සෙම් ආශ්‍රිත රෝගා බාධ වලින් පරිස්සම් වන්න.

● මිථුන
ඉතාම වාසනාවන්ත සතියකි.
මේ සතිය තුල කාලාන්තරයක් බලාපොරොත්තු වූ යම්කිසි අපේක්ෂාවක් මල්ඵල ගැන්වීම නිසා ආර්ථික වාසි සැලසේ. වැඩිහිටියන්ගෙන් උරුමහරුමකම් ලැබීමට පුලුවන. එසේම ඔබගේ පිට පලාත් වල ඉන්න හිත මිත්‍රාදින්ගෙන් ඔබට මුදල් ලැබීමට වාසනාව ඇත, හදිසි ධනලාභද මෙ අතර වේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වන අතර, වන්දනා ගමන්, පිනට දහමට නැඹුරු විම මේ සතිය තුල වේ. දුවාදරුවන් සමග ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වයේ විශේෂිත ගැටළු නැති උණත් සතිය අගදී, දෙපා ආශ්‍රිත රෝග හිසේ කැක්කුම ආදිය ඇතිවිමට පුලුවන.

● කටක
ඔබට සමඵලයි.
සතියේ මුල් දවස් 2දී ඔබගේ ධන-ධාන්‍ය තත්වයට ප්‍රබල හානියක් සිදුවන්නට පුලුවන්. එසේම යම් යම් කරදර බාධක උපද්‍රව වලට හසුවීමට පුලුවන්. එසේම ඔබ යම් ආකාරයකට පීඩාවන් වලට ලක්වීමට පුලුවන්. එය විශේෂයෙන්ම ගැටළුවකි. බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය ඉතාම වාසනාවන්තව ගත කිරිමට පුලුවන්. ඔබගේ කේන්දරයට අනුව මෙම සතියෙදි වැඩිහිටියන් සමග වන්දනා ගමන් වලට යෙදීමටද පින් දහම් කටයුතු වලට යෙදීමටද පුලුවන්. සතිය අගදී ප්‍රිය සම්භාෂණ, රසවත් ආහාර පාන ලැබිමේ තත්වයක් පවති.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නොමැති වුවත් සතියේ මුල් කොටස් වලදී ඔබ ප්‍රවේසම් විය යුත්තේ සෙම් සහ ජලාශ්‍රිත බෝවන රෝග වලින්ය.

● සිංහ
ශුභ සතියකි.
හවුල් ව්‍යාපාරික කටයුතු වල නියුතු ඔබට ආදායම් වාසි සැලසෙනවා. ඔබගේ ව්‍යාපාර කටයුතු නව ආරකින් සහ නව්‍යකරණයකින් ඉදිරියට ගෙනයාමට පුලුවන්. විශේෂයෙන්ම සතිය අග වනවිට මේ සතියේ සාර්ථකත්වය ඔබට වැටහේවි. රැකියා කරන විදෙස් රැකියා කරන අයට ඉතාම සුභදායකයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගතවන අතර අඹුසැමි ප්‍රේමය වර්ධනය වේ. අවිවාහක අයට මංගල යෝගද පෙම් සබදතා ඇති අයගේ ස්ථිර වීම්ද වැඩිහිටි කැමැත්ත ලැබීම්ද සිදුවේ. ඔබ ආර්ථික සහ සමාජිය වශයෙන් ඉතා කාර්යබහුල වන මේ සතියෙදි සිතට ප්‍රීතිය ගෙනදෙන කාරණාද ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැති වුවත් සතියේ මුල් 2-3 අවසන් වූ පසු දවස් 2කට පසු සෙම් අමාරු, වර්තමානයේ පැතිර යන අක්ෂි රෝග වැළදීමට පුලුවන්. පරිස්සම් වන්න.

● කන්‍යා
සමඵලයි.
මේ සතියෙදි ආර්ථික වශයෙන් ඔළුව උස්සන්න නම් ඔබ විමසිමෙන් සිටිය යුතුයි. ආර්ථික කටයුතු වලට සතුරු කරදර නිසා බාධා ඇතිවේ. තමන්ගේ රැකියාව හෝ ධනෝපායන මාර්ග වලට මෙම ඇතිවන කරදරය සතිය පුරාම පැවතීමට ඉඩ තිබේ. බුද්ධියෙන් කටයුතු කරන්න. ණයට ගැනීම, ණය දීම මේ කාලයේ අත්හරින්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවන අතර අඟහිගකම් නිසා සිතේ කනස්සලු ස්වභාවයක් හට ගනී.
උදරාබාධ සහ ජලාශ්‍රිත බෝවන රෝග ආදියෙන් පරිස්සම් වන්න.

● තුලා
සමඵලයි.
ඔබටද ආදායම් මාර්ග වලට කරදර ඇතිවිමට ඉඩ ඇත. සතුරු කරදර මෙයින් ප්‍රධාන තැනක් ගනී. සතිය මුලදී ඔබ ප්‍රබෝධයෙන් කටයුතු කරන දේවල් සතිය මැදදී ඔබටම එපාවි කඩාකප්පල් වීමට ඉඩ ඇත. බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. වෙනදා මෙන් සතුටු සිනා ගෙදර නැත. ඔබ මේ සතිය අවසන් වූ පසු එයින් පසු ලබන සතිය ඔබට ඉතාම සුබයි.
සෞඛ්‍ය තත්වයේ විටින් විට ඇතිවිමට ඉඩ ඇති උණ, හිසරදය ආදියෙන් පරිස්සම් වන්න.

● වෘශ්චික
මේ සතිය හොඳයි කියල කියන්නම්.
මේ සතිය ඇතුලත සඳුගේ ගමන අනුව, දේපල, ඉඩකඩම් ලැබෙන්න පුලුවන්. ඒවගෙම තමන්ට කවුරුහරි මහ පරිමාණයෙන් දීලා උදව් කරන්න පුලුවන්. ඒවගේම තමන්ගේ සැප සනීපයට ලැබෙන්න පුලුවන් බඩුමුට්ටු ගෙදරට ලැබෙන්න පුලුවන්.
ගෘහ ජිවිතය ඉතා ප්‍රීතියෙන් ගත වේ. නිවසට හා දුවාදරුවන්ට අවශ්‍ය බඩුබාහිරාදිය මිලදී ගනී. ඔබ සතුටින් ඉන්නා සතියකි මෙය.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නොවේ. වින කටින අයගෙන් පරිස්සම් වන්න.

● ධනු
සුභ සතියකි.
තමාගේ මහන්සියේ හැටියට මුදල් උපයා ගැනීමට පුලුවන්. එසේම පිට පලාත් වල රැකියා කරන අයටද වෙළදාම් වල නියුතු අයටද ඔබගේ විදේශ රැකියා වල නියුතු අයටද හොදයි. මේ සතියෙදි උරුමහරුමකම් ලැබී සැප සම්පත් බුක්ති විඳින සතියකි. ඒ අතර හදිසි ධනලාභ ලැබීමේ වාසනාවද පවතී. ආර්ථික තත්වයේ දියුණුව ඇතිවේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. සහෝදර සහෝදරියන් ඥාති මිත්‍රාදින්ගේ ඇසුරද නව ඥාති මිත්‍ර සම්බන්ධතාද ඇතිවේ. නිවසට අමුත්තන් එන කාලයකි. එවගේම නිවසට අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමටද පුලුවන්.
ඔබ සතුටින් සිටින සතියකි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. පපුවේ සෙම් රෝග සම්බන්ධව පරිස්සම් වන්න.

● මකර
මේ සතිය ශුභ සතියකි.
කරන කියන කටයුතු දියුණු වෙනවා. හදිසි ධනලාභ ලැබෙනවා. ලැබීමට නියමිත මුදල්. කල්පහුවුනු ණය අය වෙනවා. විදෙස් රැකියා, රැකියා වල නියුතු අයට හොදයි. නැකැත් මේ සතියේ යෙදෙන නිසා අලුත් වැඩපල ආරම්භ කිරිමද ඔයාට හොදයි. ප්‍රීතියෙන් කටයුතු කරන්න, මානසික ශක්තිය ගන්න කාලෙකට පස්සෙ හොද සතියක්.
ගෘහ ජිවිතයත් ඒවගේමයි. අඹුසැමි ප්‍රේමය වර්ධනය වෙනවා. සහකාර බන්ධනය ශක්තිමත් වෙනව. ප්‍රේම සබදතා වල තියෙන අයගේ ඒවා ස්ථිර වීමත්, වැඩිහිටි ආශිර්වාදය ලැබීමත් මේ අතර ප්‍රධානයි. හොද සතියකි.
සෞඛ්‍ය තත්වයේ නම් ගැටළු නැහැ. දියුණු වීමට වාසනාව තියෙනවා.

● කුම්භ
ඔබට මෙම සතිය හොද සතියක්.
විශේෂයෙන්ම වාසනාව ලැබෙනවා. ඔබට හොදින් ඉන්න ඔබගේ කීර්ති නාමය ජනප්‍රියත්වය නිසා ආර්ථික වාසි සැලසෙනවා වගේම උදව් උපකාර ලැබෙනවා. වෙලදාම් කටයුතු දියුණු වෙනව. එමෙන්ම ඔබ පිටපලාත් වල කරන වෙලදාම්ද, විදේස රැකියා කරන අයගේද ආර්ථිකය සරු වෙන්න පුලුවන්.
ගෘහ ජීවිතය ඉතාම හොදයි. ඔබ සමාජයේ කැපී පේන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ අතර දුවාදරුවන්ගේ සෙනෙහසට ලැබෙනවා. භාර්යාව වෙනදාට වඩා තමාට ආදරය කරනවා. මේ සතියෙදි නිවසට අලුත් දේවල් මිලදී ගන්න පුලුවන් වෙනව වගේම. ලැබෙන්න තියෙන දේවල්, උරුමහරුමකම් ලැබෙන්න පුලුවන්.
පපුවේ සෙම් රෝග සහ හිස කැක්කුම ඒත් සෙම නිසා ඇතිවෙන්නට පුලුවන්.

● මීන
හොඳ සතියක් කියල කියන්න පුලුවන්.
සතියේ පලවෙනි දවස් 2 දී ආර්ථික තත්වය ඒ තරම්ම වර්ධනය වෙන්නෙ නැහැ. නමුත් දවස් 2ක් ගියාට පසුව ඉතිරි දවස් 5දි ලොකු දියුණුවක් ලැබෙනවා. ආදායම් මාර්ග පෑදෙනවා. උත්සහයේ උනන්දුවේ හැටියට යම් දෙයක් කරගන්න පුලුවනි. හදිසි ධනලාභ උනත් ලැබේවි.
ගෘහ ජිවිතය හොදයි. තවද ඔබට වාසනාවන්ත දරු සම්පත් මෙම සතියෙදි ලැබෙනව. දරුවන්ගේ කටයුතු වලින් සිතට ප්‍රීතිය ලැබෙනවා. එසේම සතිය අගදී සහෝදර සහෝදරියන් ඥාති මිත්‍රාදින් සමග විනෝද වීමට පුලුවනි. අලුත් නෑදෑ මිත්‍රකම් ඇතිවෙනවා. මේ සතිය මුල් දවස් 2 ඇරුනම ගෘහ ජිවිතයට ගොඩක් හොදයි.
සෞඛ්‍ය තත්වයේ පරිස්සම් වෙන්න ඕන ජලාශ්‍රිත රෝග සහ සෙම් අමාරු වලින්ද මේ දිනවල පවතින අක්ෂි රෝග ගැනද කල්පනාකාරි විය යුතුමයි.

____________________________











Friday, July 3, 2015

සුරගුරු මාරුවේ, පලාපල දන්නවාද ? - රටට ලෝකයට බලපෑම


නව ග්‍රහයන්ගෙන් ශුභ පල දීමේ ප්‍රමුඛයා හෙවත් සුපිරිම ග්‍රහ තාරකාව වන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහ තාරකාව 2015 වර්ෂයේ ජුලි මස 14 වන දින උදේ 6.20ට ස්වකීය උච්ච භවනය වූ කටක රාශියේ සිට සිංහ රාශියට සංක්‍රමණය වීම සිද්ධ වෙයි.
මෙම ග්‍රහ තාරකාව සිංහ රාශියට පැමිණිමෙන් අනතුරුව මෙම ග්‍රහයාගේ බලපෑම ඔබගේ ලග්නයට කෙසේ වෙයිද ?

ඒ පලාපල කථනයට පෙරාතුව ගුරු ග්‍රහයා ගැන කිසියම් ආකාරයක හැඳින්වීමක් ඔබ හමුවේ තබමි.
ඉතාම සෞම්‍ය ගුණෝපේත ග්‍රහයෙක් වන ගුරු, පුද්ගලයාගේ ප්‍රඥාව සහ ගුණ ධර්ම නීරෝගී භාවය සත්‍යවාදි බව, අවංක බව, මානුෂීය ගතිගුණ එසේම ධනවත් බව ආදි මනුෂ්‍ය ජීවිතයේ උතුම් තත්ව වලට මෙම ග්‍රහයා බොහෝ විට ශුභ බලපෑම් ඇති කරයි. අපල කරන්නේ ඉතාම කලාතුරකිනි. සුඛෝපභෝගි ජිවිතයටද ගුරුගේ විශාල බලපෑමක් ඇත.

ගුරු මාරුව හේතු කරගෙන කුම්භ ලග්න ලංකා කේන්දරයට අනුව සහ ජනරජ ලග්නය වූ සිංහ ලග්නයට අනුව, ගුරු මාරුව පැහැදිලිවම තරමක විවිධ බලපෑම් ඇති කරන බව පෙනී යයි. ඒ අතර ඉදිරි මාස කීපය තුල රාජ්‍ය තන්ත්‍රයේ මැතිවරණ ආදිය එන බවක් පෙනී යයි. එසේම දැනට අප අධ්‍යයනය කරන ආකාරයට ආණ්ඩු පක්ෂයට වැඩි වාසි සහගත තත්වයක් පෙනී යයි. එහෙයින් පාර්ලිමේන්තුවේ බහුතර ආසන හිමි කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබීමේ වැඩි ඉඩක් පවතී.
එසේම ගුරුගේ බලපෑම හේතු කරගෙන, සිංහ රාශියේදි ගුරු ටිකක් නපුරු ආකාරයට ක්‍රියා කරන බැවිනුත්, යම් යම් වැරදි තිබෙන දේශපාලන චරිත සහ පුද්ගලයන්ට පාර්ලිමේන්තු අසුන පවා අහිමි වීම නියතයි !

එසේම ආණ්ඩු පක්ෂයේ අයට සහ විපක්ෂයේ අයට විවිධ මානසික සිත් තැවුල් වන කුමන්ත්‍රණ ආදිය සිදුවීමට ඉඩ ඇත.
තවද ලංකාවේ උතුම් පඬිරුවනකට ජාත්‍යයන්තර පිලිගැනීමක් සහ ඇගයීමක් ලැබේ. එසේම පැවිදි උතුමන්ගේ උපදෙස් අනුව රජය ඉදිරි වැඩ කටයුතු මෙහෙයවන බවක්ද පෙනී යයි.
බොහෝවිට රටේ යම් යම් පලාත් වලට දැඩි වියළි කාලගුණයක් ලැබීමට ඉඩ ඇත.

ලෝකයේ, අවිගත් ම්ලේච්ඡ ත්‍රස්තවාදින්ට දැඩි ප්‍රහාරයක් එල්ල වනු ඇත. එසේම මකර ලග්න හිමි අසල්වාසි ඉන්දියානු ජනරජයේ පාලක පක්ෂයේ ජනප්‍රියත්වය ක්‍රමානුකූලව පහල බැසීමක් ඇතිවිමට පුලුවන.
චීනයද කිසියම් ආකාරයකට ලෝක බලවතුන් හමුවේ තරමක පසු බැස්මක් පෙන්නුම් කරයි.

ජපානය, යුරෝපා රටවල්, ඇමරිකාව, කැනඩාව වැනි රටවල් ඉදිරි වසරේදී දියුණු වීමට සහ ඔවුන්ගේ බලය වැඩි කරගැනීමට උපරිම උත්සහ ගනු ඇත.


Wednesday, July 1, 2015

“ විශේෂයි “

ජ්‍යොතිෂ්‍යවේදින්ගේද #දැනුම #තීරණය වන්නේ #කර්ම ශක්තිය, අත්දැකීම්, උගත්කම යනාදියෙනි.
ජ්‍යොතිෂ්‍යය කරන අයගෙන් සියලුදෙනා එක සමාන නැත. මිනිසුන්සේ ඔවුන්ද විවිධාකාරය.

ඊට හොඳම උදාහරණය පසුගිය #ජනාධිපතිවරණයෙදි ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම දිනන බවට විවිධාර හේතු මත කියන ලද ජ්‍යොතිෂ්‍යවේදින් සිටි නිසාය.
නමුත් දිනුවේ 1 අයෙකු පමණි.
එහිදී අප විසින් තීරණය කරගත යුත්තේ, ජ්‍යොතිෂ්‍යවේදින් ලෙස නම ලැබුවද, රූපවාහිනියට ආදි මාධ්‍ය වැඩසටහන් වලට පැමිණියද නිසි ලෙස කීමට සෑමදෙනාටම නොහැකි බවයි.

සමහරෙකුට අප ගැන ඇති ප්‍රශ්නයක් වන්නේ, අප විසින් ලබාදෙන දැනුම වෙන ප්‍රසිද්ධ අය ලබා නොදීමයි... එය අපගේ ගැටළුවක් නොවේ. #රූපවාහිනි නාලිකාවකට හෝ වෙනත් මාධ්‍ය ආයතනයක් මගින් ප්‍රසිද්ධිය ලබාගැනීම අපට එතරම් දෙයක් නොවේ. මෙතන අප හිතවත් අය දන්නා පරිදි වර්තමාන ජනමාධ්‍ය ඇමතිතුමාට ගිය වසරේ ඔහුගේ ෆැන් පේජයට නැකත ලබාදුන්නේ අප විසිනි.
අපට තවම එවන් ප්‍රසිද්ධියක් ගැන ලොකු උවමනාවක් දැනී නැත.
අපි අපිට හැකි ලෙස දැනුම බෙදා දෙන්නෙමු.

තවද ප්‍රසිද්ධ කියාගෙන විනාඩි 10න් #විවාහ පොරොන්දම් ආදිය බලා නොගැලපේ ලෙස කියන ලද කේන්දර සටහන් සූක්ෂමව සාදා බැලූ කල විවාහයට අදාල පූර්ණව විග්‍රහයෙදි ගැලපීම නිසා පසුගිය කාලයේ සැලකිය යුතු පිරිසකට #ප්‍රේම සබදතා තිබුනද කේන්දර හරස් වී අසරණව සිටි අතර, අප විසින් නිවරදිව කේන්දර සටහන් සෑදු පසු බොහෝ දෙනෙක් ගැලපෙන බව අනාවරණ විය.

ජ්‍යොතිර්වේදින් 10 ක් ලගට ගොස් එයින් 5-6ක් විවාහයට හොඳ බව කීවොත් විවාහය කරගන්නට සිතා සිටින මෝඩ අදහස් ඇති අයද සිටිම අපිට කණගාටුවකි.
අවශ්‍ය වන්නේ නිවරදි 1 තැනකින් බලාගැනීම පමණි.
පොදුවේ කියන්නේ නම් අතීතයේ සිට තමන්ගේ පවුලේ ජ්‍යොතිර්වේදියා බොහෝ අවස්ථාවල මීට සුදුසු වේ. සමහරවිට ඔහු එතරම් ප්‍රසිද්ධ නැති වුවද අදාල පවුල් වල කේන්දර සටහන් දැක ඇති නිසා ඔවුන් ගැන අවබෝධයෙන් එම කටයුතු කරදෙනු ඇත.

 යන්නන් වාලේ ජ්‍යොතිෂ්‍යය යැයි කියන කඩ වලට, ප්‍රසිද්ධ අයට හෝ එසේ නැත්නම් සමහර නාලිකා වල මාධ්‍ය සංදර්ශන පෙන්වමින් තමන් ජ්‍යොතිෂ්‍යය දන්නා බව කියන ප්‍රේතයන් ගෙන්වා සාස්තර කියන අයට හසු නොවන්න.
 #බුද්ධිමත්ව කටයුතු කරන්න.

#බුදු සරණයි !

#ඉරුසේවය