Monday, July 6, 2015

සතියේ ලග්න පලාපලය - ජුලි 6 සිට

● මේෂ
චන්ද්‍ර චාරය අනුව සමඵලයි.
මේ සතියෙදි ඔබට ලාභ-අලාභ දෙකෙන් කෙසේ වෙතත් ලාභ වැඩිපුරත් අලාභ සුළුවෙනුත් ඇතිවේ. විශේෂයෙන්ම සතියේ මුල් කොටස් වලදි ඥාතින් හිතමිතුරන්ගෙන්ද තමන් කරන ව්‍යාපාර වලින්ද ලාභ ලැබීමට පටන් ගනී. සතිය මැදදී යම්කිසි ආර්ථික පාඩුවක් ඇතිවිමට හේතුයි. නමුත් ඒ තත්වය යථා තත්වයට පත්වී ඔබගේ දියුණුව සාක්ෂාත් වේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගත වන අතර, නිවසට ඥාති හිත මිතුරන් පැමිණිමට පටන්ගනි. දානමය පින්කම් වලට සහභාගි වන අතර, සතිය අගදී පෞද්ගලිකව ඔබ සතුටුවන යම් කාරණාවක් ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැ, සෙම් අමාරු සහ අතපය වේදනාව ආදිය ඇතිවිය හැක.

● වෘෂභ
ඉතාම වාසනාවන්ත සතියකි.
විශේෂයෙන්ම වෙළදාම් කරන අයට, ලාභ වැඩිවේ. එසේම ජලය ආශ්‍රිත කටයුතු, රූපලාවන්‍ය කටයුතු, ආහාරපාන ක්සෙත්‍රයේ අයට ඉතාම හොදයි. රැකියා කරන අයට පඩි වැඩිවිම්, දියුණුවීම් අපේක්ෂිතය. ආදායම සරුවේ. අතමිට හිඟ නොවේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගත වන අතර, ආර්ථික වාසි සැලසෙන නිසා නිවසට අලුත් දේවල් මිලදී ගැනීමට පුලුවන. විශේසයෙන්ම වෘෂභ ලග්න ගෘහණියන් අතින් රසවත් ආහාරපාන සෑදෙන කාලයයි.
සෙම් ආශ්‍රිත රෝගා බාධ වලින් පරිස්සම් වන්න.

● මිථුන
ඉතාම වාසනාවන්ත සතියකි.
මේ සතිය තුල කාලාන්තරයක් බලාපොරොත්තු වූ යම්කිසි අපේක්ෂාවක් මල්ඵල ගැන්වීම නිසා ආර්ථික වාසි සැලසේ. වැඩිහිටියන්ගෙන් උරුමහරුමකම් ලැබීමට පුලුවන. එසේම ඔබගේ පිට පලාත් වල ඉන්න හිත මිත්‍රාදින්ගෙන් ඔබට මුදල් ලැබීමට වාසනාව ඇත, හදිසි ධනලාභද මෙ අතර වේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වන අතර, වන්දනා ගමන්, පිනට දහමට නැඹුරු විම මේ සතිය තුල වේ. දුවාදරුවන් සමග ප්‍රිය සම්භාෂණ වලට සහභාගි වීමට ඉඩ ඇත.
සෞඛ්‍ය තත්වයේ විශේෂිත ගැටළු නැති උණත් සතිය අගදී, දෙපා ආශ්‍රිත රෝග හිසේ කැක්කුම ආදිය ඇතිවිමට පුලුවන.

● කටක
ඔබට සමඵලයි.
සතියේ මුල් දවස් 2දී ඔබගේ ධන-ධාන්‍ය තත්වයට ප්‍රබල හානියක් සිදුවන්නට පුලුවන්. එසේම යම් යම් කරදර බාධක උපද්‍රව වලට හසුවීමට පුලුවන්. එසේම ඔබ යම් ආකාරයකට පීඩාවන් වලට ලක්වීමට පුලුවන්. එය විශේෂයෙන්ම ගැටළුවකි. බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය ඉතාම වාසනාවන්තව ගත කිරිමට පුලුවන්. ඔබගේ කේන්දරයට අනුව මෙම සතියෙදි වැඩිහිටියන් සමග වන්දනා ගමන් වලට යෙදීමටද පින් දහම් කටයුතු වලට යෙදීමටද පුලුවන්. සතිය අගදී ප්‍රිය සම්භාෂණ, රසවත් ආහාර පාන ලැබිමේ තත්වයක් පවති.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නොමැති වුවත් සතියේ මුල් කොටස් වලදී ඔබ ප්‍රවේසම් විය යුත්තේ සෙම් සහ ජලාශ්‍රිත බෝවන රෝග වලින්ය.

● සිංහ
ශුභ සතියකි.
හවුල් ව්‍යාපාරික කටයුතු වල නියුතු ඔබට ආදායම් වාසි සැලසෙනවා. ඔබගේ ව්‍යාපාර කටයුතු නව ආරකින් සහ නව්‍යකරණයකින් ඉදිරියට ගෙනයාමට පුලුවන්. විශේෂයෙන්ම සතිය අග වනවිට මේ සතියේ සාර්ථකත්වය ඔබට වැටහේවි. රැකියා කරන විදෙස් රැකියා කරන අයට ඉතාම සුභදායකයි.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගතවන අතර අඹුසැමි ප්‍රේමය වර්ධනය වේ. අවිවාහක අයට මංගල යෝගද පෙම් සබදතා ඇති අයගේ ස්ථිර වීම්ද වැඩිහිටි කැමැත්ත ලැබීම්ද සිදුවේ. ඔබ ආර්ථික සහ සමාජිය වශයෙන් ඉතා කාර්යබහුල වන මේ සතියෙදි සිතට ප්‍රීතිය ගෙනදෙන කාරණාද ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැති වුවත් සතියේ මුල් 2-3 අවසන් වූ පසු දවස් 2කට පසු සෙම් අමාරු, වර්තමානයේ පැතිර යන අක්ෂි රෝග වැළදීමට පුලුවන්. පරිස්සම් වන්න.

● කන්‍යා
සමඵලයි.
මේ සතියෙදි ආර්ථික වශයෙන් ඔළුව උස්සන්න නම් ඔබ විමසිමෙන් සිටිය යුතුයි. ආර්ථික කටයුතු වලට සතුරු කරදර නිසා බාධා ඇතිවේ. තමන්ගේ රැකියාව හෝ ධනෝපායන මාර්ග වලට මෙම ඇතිවන කරදරය සතිය පුරාම පැවතීමට ඉඩ තිබේ. බුද්ධියෙන් කටයුතු කරන්න. ණයට ගැනීම, ණය දීම මේ කාලයේ අත්හරින්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවන අතර අඟහිගකම් නිසා සිතේ කනස්සලු ස්වභාවයක් හට ගනී.
උදරාබාධ සහ ජලාශ්‍රිත බෝවන රෝග ආදියෙන් පරිස්සම් වන්න.

● තුලා
සමඵලයි.
ඔබටද ආදායම් මාර්ග වලට කරදර ඇතිවිමට ඉඩ ඇත. සතුරු කරදර මෙයින් ප්‍රධාන තැනක් ගනී. සතිය මුලදී ඔබ ප්‍රබෝධයෙන් කටයුතු කරන දේවල් සතිය මැදදී ඔබටම එපාවි කඩාකප්පල් වීමට ඉඩ ඇත. බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගත වේ. වෙනදා මෙන් සතුටු සිනා ගෙදර නැත. ඔබ මේ සතිය අවසන් වූ පසු එයින් පසු ලබන සතිය ඔබට ඉතාම සුබයි.
සෞඛ්‍ය තත්වයේ විටින් විට ඇතිවිමට ඉඩ ඇති උණ, හිසරදය ආදියෙන් පරිස්සම් වන්න.

● වෘශ්චික
මේ සතිය හොඳයි කියල කියන්නම්.
මේ සතිය ඇතුලත සඳුගේ ගමන අනුව, දේපල, ඉඩකඩම් ලැබෙන්න පුලුවන්. ඒවගෙම තමන්ට කවුරුහරි මහ පරිමාණයෙන් දීලා උදව් කරන්න පුලුවන්. ඒවගේම තමන්ගේ සැප සනීපයට ලැබෙන්න පුලුවන් බඩුමුට්ටු ගෙදරට ලැබෙන්න පුලුවන්.
ගෘහ ජිවිතය ඉතා ප්‍රීතියෙන් ගත වේ. නිවසට හා දුවාදරුවන්ට අවශ්‍ය බඩුබාහිරාදිය මිලදී ගනී. ඔබ සතුටින් ඉන්නා සතියකි මෙය.
සෞඛ්‍ය තත්වය එතරම් අයහපත් නොවේ. වින කටින අයගෙන් පරිස්සම් වන්න.

● ධනු
සුභ සතියකි.
තමාගේ මහන්සියේ හැටියට මුදල් උපයා ගැනීමට පුලුවන්. එසේම පිට පලාත් වල රැකියා කරන අයටද වෙළදාම් වල නියුතු අයටද ඔබගේ විදේශ රැකියා වල නියුතු අයටද හොදයි. මේ සතියෙදි උරුමහරුමකම් ලැබී සැප සම්පත් බුක්ති විඳින සතියකි. ඒ අතර හදිසි ධනලාභ ලැබීමේ වාසනාවද පවතී. ආර්ථික තත්වයේ දියුණුව ඇතිවේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. සහෝදර සහෝදරියන් ඥාති මිත්‍රාදින්ගේ ඇසුරද නව ඥාති මිත්‍ර සම්බන්ධතාද ඇතිවේ. නිවසට අමුත්තන් එන කාලයකි. එවගේම නිවසට අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමටද පුලුවන්.
ඔබ සතුටින් සිටින සතියකි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. පපුවේ සෙම් රෝග සම්බන්ධව පරිස්සම් වන්න.

● මකර
මේ සතිය ශුභ සතියකි.
කරන කියන කටයුතු දියුණු වෙනවා. හදිසි ධනලාභ ලැබෙනවා. ලැබීමට නියමිත මුදල්. කල්පහුවුනු ණය අය වෙනවා. විදෙස් රැකියා, රැකියා වල නියුතු අයට හොදයි. නැකැත් මේ සතියේ යෙදෙන නිසා අලුත් වැඩපල ආරම්භ කිරිමද ඔයාට හොදයි. ප්‍රීතියෙන් කටයුතු කරන්න, මානසික ශක්තිය ගන්න කාලෙකට පස්සෙ හොද සතියක්.
ගෘහ ජිවිතයත් ඒවගේමයි. අඹුසැමි ප්‍රේමය වර්ධනය වෙනවා. සහකාර බන්ධනය ශක්තිමත් වෙනව. ප්‍රේම සබදතා වල තියෙන අයගේ ඒවා ස්ථිර වීමත්, වැඩිහිටි ආශිර්වාදය ලැබීමත් මේ අතර ප්‍රධානයි. හොද සතියකි.
සෞඛ්‍ය තත්වයේ නම් ගැටළු නැහැ. දියුණු වීමට වාසනාව තියෙනවා.

● කුම්භ
ඔබට මෙම සතිය හොද සතියක්.
විශේෂයෙන්ම වාසනාව ලැබෙනවා. ඔබට හොදින් ඉන්න ඔබගේ කීර්ති නාමය ජනප්‍රියත්වය නිසා ආර්ථික වාසි සැලසෙනවා වගේම උදව් උපකාර ලැබෙනවා. වෙලදාම් කටයුතු දියුණු වෙනව. එමෙන්ම ඔබ පිටපලාත් වල කරන වෙලදාම්ද, විදේස රැකියා කරන අයගේද ආර්ථිකය සරු වෙන්න පුලුවන්.
ගෘහ ජීවිතය ඉතාම හොදයි. ඔබ සමාජයේ කැපී පේන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ අතර දුවාදරුවන්ගේ සෙනෙහසට ලැබෙනවා. භාර්යාව වෙනදාට වඩා තමාට ආදරය කරනවා. මේ සතියෙදි නිවසට අලුත් දේවල් මිලදී ගන්න පුලුවන් වෙනව වගේම. ලැබෙන්න තියෙන දේවල්, උරුමහරුමකම් ලැබෙන්න පුලුවන්.
පපුවේ සෙම් රෝග සහ හිස කැක්කුම ඒත් සෙම නිසා ඇතිවෙන්නට පුලුවන්.

● මීන
හොඳ සතියක් කියල කියන්න පුලුවන්.
සතියේ පලවෙනි දවස් 2 දී ආර්ථික තත්වය ඒ තරම්ම වර්ධනය වෙන්නෙ නැහැ. නමුත් දවස් 2ක් ගියාට පසුව ඉතිරි දවස් 5දි ලොකු දියුණුවක් ලැබෙනවා. ආදායම් මාර්ග පෑදෙනවා. උත්සහයේ උනන්දුවේ හැටියට යම් දෙයක් කරගන්න පුලුවනි. හදිසි ධනලාභ උනත් ලැබේවි.
ගෘහ ජිවිතය හොදයි. තවද ඔබට වාසනාවන්ත දරු සම්පත් මෙම සතියෙදි ලැබෙනව. දරුවන්ගේ කටයුතු වලින් සිතට ප්‍රීතිය ලැබෙනවා. එසේම සතිය අගදී සහෝදර සහෝදරියන් ඥාති මිත්‍රාදින් සමග විනෝද වීමට පුලුවනි. අලුත් නෑදෑ මිත්‍රකම් ඇතිවෙනවා. මේ සතිය මුල් දවස් 2 ඇරුනම ගෘහ ජිවිතයට ගොඩක් හොදයි.
සෞඛ්‍ය තත්වයේ පරිස්සම් වෙන්න ඕන ජලාශ්‍රිත රෝග සහ සෙම් අමාරු වලින්ද මේ දිනවල පවතින අක්ෂි රෝග ගැනද කල්පනාකාරි විය යුතුමයි.

____________________________











1 comment: