Friday, July 3, 2015

සුරගුරු මාරුවේ, පලාපල දන්නවාද ? - රටට ලෝකයට බලපෑම


නව ග්‍රහයන්ගෙන් ශුභ පල දීමේ ප්‍රමුඛයා හෙවත් සුපිරිම ග්‍රහ තාරකාව වන බ්‍රහස්පති හෙවත් ගුරු ග්‍රහ තාරකාව 2015 වර්ෂයේ ජුලි මස 14 වන දින උදේ 6.20ට ස්වකීය උච්ච භවනය වූ කටක රාශියේ සිට සිංහ රාශියට සංක්‍රමණය වීම සිද්ධ වෙයි.
මෙම ග්‍රහ තාරකාව සිංහ රාශියට පැමිණිමෙන් අනතුරුව මෙම ග්‍රහයාගේ බලපෑම ඔබගේ ලග්නයට කෙසේ වෙයිද ?

ඒ පලාපල කථනයට පෙරාතුව ගුරු ග්‍රහයා ගැන කිසියම් ආකාරයක හැඳින්වීමක් ඔබ හමුවේ තබමි.
ඉතාම සෞම්‍ය ගුණෝපේත ග්‍රහයෙක් වන ගුරු, පුද්ගලයාගේ ප්‍රඥාව සහ ගුණ ධර්ම නීරෝගී භාවය සත්‍යවාදි බව, අවංක බව, මානුෂීය ගතිගුණ එසේම ධනවත් බව ආදි මනුෂ්‍ය ජීවිතයේ උතුම් තත්ව වලට මෙම ග්‍රහයා බොහෝ විට ශුභ බලපෑම් ඇති කරයි. අපල කරන්නේ ඉතාම කලාතුරකිනි. සුඛෝපභෝගි ජිවිතයටද ගුරුගේ විශාල බලපෑමක් ඇත.

ගුරු මාරුව හේතු කරගෙන කුම්භ ලග්න ලංකා කේන්දරයට අනුව සහ ජනරජ ලග්නය වූ සිංහ ලග්නයට අනුව, ගුරු මාරුව පැහැදිලිවම තරමක විවිධ බලපෑම් ඇති කරන බව පෙනී යයි. ඒ අතර ඉදිරි මාස කීපය තුල රාජ්‍ය තන්ත්‍රයේ මැතිවරණ ආදිය එන බවක් පෙනී යයි. එසේම දැනට අප අධ්‍යයනය කරන ආකාරයට ආණ්ඩු පක්ෂයට වැඩි වාසි සහගත තත්වයක් පෙනී යයි. එහෙයින් පාර්ලිමේන්තුවේ බහුතර ආසන හිමි කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබීමේ වැඩි ඉඩක් පවතී.
එසේම ගුරුගේ බලපෑම හේතු කරගෙන, සිංහ රාශියේදි ගුරු ටිකක් නපුරු ආකාරයට ක්‍රියා කරන බැවිනුත්, යම් යම් වැරදි තිබෙන දේශපාලන චරිත සහ පුද්ගලයන්ට පාර්ලිමේන්තු අසුන පවා අහිමි වීම නියතයි !

එසේම ආණ්ඩු පක්ෂයේ අයට සහ විපක්ෂයේ අයට විවිධ මානසික සිත් තැවුල් වන කුමන්ත්‍රණ ආදිය සිදුවීමට ඉඩ ඇත.
තවද ලංකාවේ උතුම් පඬිරුවනකට ජාත්‍යයන්තර පිලිගැනීමක් සහ ඇගයීමක් ලැබේ. එසේම පැවිදි උතුමන්ගේ උපදෙස් අනුව රජය ඉදිරි වැඩ කටයුතු මෙහෙයවන බවක්ද පෙනී යයි.
බොහෝවිට රටේ යම් යම් පලාත් වලට දැඩි වියළි කාලගුණයක් ලැබීමට ඉඩ ඇත.

ලෝකයේ, අවිගත් ම්ලේච්ඡ ත්‍රස්තවාදින්ට දැඩි ප්‍රහාරයක් එල්ල වනු ඇත. එසේම මකර ලග්න හිමි අසල්වාසි ඉන්දියානු ජනරජයේ පාලක පක්ෂයේ ජනප්‍රියත්වය ක්‍රමානුකූලව පහල බැසීමක් ඇතිවිමට පුලුවන.
චීනයද කිසියම් ආකාරයකට ලෝක බලවතුන් හමුවේ තරමක පසු බැස්මක් පෙන්නුම් කරයි.

ජපානය, යුරෝපා රටවල්, ඇමරිකාව, කැනඩාව වැනි රටවල් ඉදිරි වසරේදී දියුණු වීමට සහ ඔවුන්ගේ බලය වැඩි කරගැනීමට උපරිම උත්සහ ගනු ඇත.


No comments:

Post a Comment