Monday, December 7, 2020

 




 සමහර ජ්‍යොතිර්වේදින් කියන අය විසින්, ගැහැණු දරුවෙකුට ලග්නය සහ නවාංශකය 2ම පිරිමි වූ විට, අදාල උපන් වෙලාව වෙනස් කරමින් ඊලගට ගැහැණු නවාංශකයක් එන අවස්ථාවට කේන්දරය හදති. ලග්නයටද මෙසේමය. මෙය පිරිමි දරුවාටද අදාලය, ගැහැණු නවාංශකයක් ආවොත් පිරිමි නවාංශකයකට වෙනස් කරති.
තර්කය වන්නේ, ගැහැණු දරුවන්ට පිරිමි නවාංශකද, පිරිමි දරුවන්ට ගැහැණු නවාංශකද තිබිය නොහැකි බවයි.

- මෙය බරපතල වරදකි. දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන අකුසලයකි.


 ඔබට මතක ඇති “ ඉසුරු යෝගය“ කියල ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යයක් විකාශනය උනා වසර ගණනාවකට පෙර ජාතික රූපවාහිනියෙ..

● ඉසුරුයෝගය ටෙලි නාට්‍යයේ “මුතුමිණ“ ජ්‍යොතිර්වේදියාද කිව්වේ,  ගැහැණු දරුවෙකුට පුරුෂ ලග්නයක් සහ පුරුෂ නවාංශකයක් යන 2ම පැමිණිය නොහැකි බවය.

නමුත් එය වැරදිය.

● පුරුෂ ලග්නයක් සහ පුරුෂ නවාංශකයක් හිමිව ගැහැණු දරුවන් උප්පත්තිය ලබති.
එසේම ස්ත්‍රි ලග්නයකින් සහ ස්ත්‍රි නවාංශකයකින් පිරිමි දරුවන්ද උප්පත්තිය ලබති.
මෙහිදි ගැහැණු දරුවෙකුට ලග්නය සහ නවාංශකය 2ම පුරුෂ වූවිට එම දරුවා පිරිමි ලක්ෂණ යම් තරමක් පෙන්වයි.
* එනම් පිරිමි මෙන් ශක්තිමත් ධෛර්යවන්ත කැපවීමෙන් කටයුතු කරන අය වෙති. ඔවුන්ගේ සියුමැලි ගතිය මඳක් අඩුය.. විටෙක දරදඬුය..
* මෙවන් කාරණා තේරුම් ගැනිමට පෙර ඉගෙනීමෙන් පමණක් බැරිය.
● ඉගෙනීම යනු න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික යන කාරණා 2ම සපිරි 1කි.
ප්‍රායෝගික දැනුම නැතිව න්‍යායාත්මක දැනුමෙන් ඵලක් නැත.