Thursday, March 31, 2016

සිකුරු උච්ච වීම - අප්‍රේල් 01 (2016)

ග්‍රහ ලොව සුරූපි තරුණිය වන සිකුරු ග්‍රහ තාරකාව අප්‍රේල් 01 වනදා තම උච්ච රාශිය වන මීන රාශියට පැමිණෙයි ! මීන රාශිය ගුරුට අයත් රාශියක් වන අතර ගුරුටම අයත් නැකතක සිකුරු උච්ච වීම ශුභ තත්වයකි.
පුරා සති 3ක කාලයක් මෙය බල පැවැත්වේ.
මෙය සිදුවන්නේ වසරකට 1 වාරයක් පමණය.

“ මේ ළමයගේ සිකුරු උච්ච වෙලා යැයි “ කියන්නේ මෙවන් කාල වලදි උපදින දරුවන්ගේය. උපතේදි සිකුරු උච්ච ඕනෑම කෙනෙකුට “මහෞෂධ යෝගය“ යෙදෙන අතර, එම උච්ච වීම 1,4,7,10 තැනකදී සිදුවුනි නම් එය පංච මහා පුරුෂ යෝගයක් වන මාලවි යෝග බලයක්ද ගෙන දෙයි.


ලග්න 12ට සිකුරු මාරුව බලපාන අයුරු දැන් බලමු !

- මෙම සියලු පලාපල පොදු ඒවා වන අතර කේන්දර සටහන අනුව වෙනස් විය හැක.



● මේෂ
සමඵලයි.
වැයස්ථානය වන 12 වැන්නට සිකුරු පැමිණෙයි.
ආර්ථික තත්වය යහපත් වුවද අධික වියදම් තත්වයක් මේ කාලයේ පවතින්නට ඉඩ ඇත. එනිසා අරපරිස්සමෙන් කටයුතු කරන්න. අනවශ්‍ය වියදම් වලින් මිදෙන්න. ආගම දහමට නැඹුරුව කටයුතු කරන්න, අසරණ අයට දන් දෙන්න. සිටින තැන අනුව ස්ත්‍රි පාර්ශව වලින් කරදර වීමේ යම් ප්‍රවණතාවයක්ද පවතින නිසා බුද්ධියෙන් කටයුතු කරන්න.



● වෘෂභ
ශුභයි.
අයස්ථානය වන 11 වැන්නට ලග්නාධිපති සිකුරු පැමිණෙයි.
11 වැන්නේ රවි-සිකුරු-බුධ යෝගය නිසා බොහෝ සුබයි. විශේෂ වශයෙන් ව්‍යාපාර වලට සුබයි. සිකුරුට අයත් කර්මාන්ත වල යෙදෙන අයටද විශේෂයෙන් සුභයි. අලංකාරවත්ව සිටින්නට කටයුතු කරන කාලයකි. ශුභ තත්වයන් වැඩි දියුණු කරගැනීමට බුද්ධියෙන් කටයුතු කරන්න.



● මිථුන
ශුභයි.
රැකියාව ගැන කියවෙන 10 වැන්නට සිකුරු පැමිණෙයි.
මෙම පැමිණීම සමග කේන්දරස්ථානයක සිකුරු උච්ච වීම නිසා ‘මාලවී පංච මහා පුරුෂ යෝගය‘ මිථුන ලග්න හිමියන්ට යෙදෙයි. රැකියාවේ දියුණුව සහ ස්ථිර වීම අපේක්ෂිතය. තමන් විසින් මෙතෙක් අතපසු කල කටයුතු කරන්නට හැකියාව ලැබෙන කාලයකි. නව අයෝජන, අලුතින් පටන් ගන්නා තමන්ගේම කටයුතු වලට බොහෝ ශුභ කාලයකි. බාධා දුරු වන කාලයකි.



● කටක
සමඵලයි.
පින ගැන කියවෙන 9 වැන්නට සිකුරු පැමිණෙයි.
මෙය පොදුවේ සුභ වුවද ආදර - ප්‍රේම කටයුතු වලදි කලකිරිම් අැතිවීමට ඉඩ වැඩි කාලයකි. මෙතෙක් කරගෙන ආ කටයුතු ගැන හිතේ තිබුනු සැනසීම, සැහැල්ලුව යම් තරමක් අඩු වන කාලයකි. ප්‍රේම කටයුතු වලට යම් බාධා ගෙන දෙන කාලයක් විය හැක. විශේෂයෙන් තේරුම් ගත යුත්තේ මෙය අපලයක් ලෙස පෙනුනද සැබෑවටම බුද්ධියෙන් කටයුතු කරන්නට අවස්ථාවක් බවයි.


● සිංහ
ශුභයි.
ආයුෂය ගැන කියවෙන 8 වැන්නට සිකුරු පැමිණෙයි.
රවි-බුධ සමග සිකුරු එකතුවීම ශුභ තත්වයකි. රැකියාවේ දියුණුව අපේක්ෂිතයි. ව්‍යාපාර වලට සුබයි. අතපසු වූ කටයුතු සාර්ථක කරගැනීමට හැකියාව ඇත. දහමට අනුව කටයුතු කරන්න.
හදිසි අනතුරු වලින් විශේෂයෙන් පරිස්සම් විය යුතුයි.



● කන්‍යා
ශුභ කාලයකි.
විවාහය ගැන කියවෙන 7 වැන්නට සිකුරු පැමිණෙයි.
මෙම පැමිණිම සමග “මාලවි පංච මහා පුරුෂ යෝගය“ කන්‍යා ලග්න හිමියන්ට උදා වෙයි. ආදර-ප්‍රේමය-විවාහය ගැන 7 වැන්නට යෝගකාරක ග්‍රහයා වන සිකුරුගේ පැමිණිම මංගල යෝග උදා කරයි. අවිවාහක අයට විශේෂයෙන් ප්‍රේම සබදතා ඇතිවිමට හේතුයි. විවාහක අයට අඹුසැමි ප්‍රීතිය ඇතිවිමට අවස්ථා උදා කරයි. සිතට සතුට උදා වෙයි.


● තුලා
ශුභයි.
සතුරන් සහ රෝග ගැන කියවෙන 6 වැන්නට ලග්නාධිපති සිකුරු පැමිණෙයි.
සතුරු බලපෑම් මෙන්ම සතුරන් පරාජය කරගන්නටද හැකියාව ලැබෙන කාලයකි. වෙනදාට වඩා අන් අයගේ උදව්ද අපේක්ෂිත කාලයකි. එසේ වුවද එම උදව් සමග කරදරද පැමිණිය හැකි නිසා ඒ සියලු කටයුතු වලදි බුද්ධිමත්ව කටයුතු කරන්න.


● වෘශ්චික
ශුභයි.
අධ්‍යාපනය ගැන කියවෙන 5 වැන්නට සිකුරු පැමිණෙයි.
මේ කාලය වෙනදාට වඩා අලංකාරයට සිටින්නට කටයුතු කරන කාලයකි. ඇඳුම් - පැලඳුම් වලට වැඩියෙන් වියදම් කරන කාලයකි. ඉගෙන ගන්නා දරුවන්ට විශේෂ වශයෙන් අධ්‍යාපන කටයුතු වලට අවධානය යොමු කරන ලෙස දෙමාපියන් විසින් අවවාද දිය යුතු කාලයකි. දරුවන් වෙනුවෙන් පින් කටයුතු වල නිරත වීම විශේෂයෙන් සුභයි.


● ධනු
ශුභයි.
දේපල ගැන කියවෙන 4 වැන්නට සිකුරු පැමිණෙයි.
“මාලවි පංච මහා පුරුෂ යෝගය“ ධනු ලග්න හිමියන්ට යෙදෙයි.  දේපල ලාභ ලැබෙන කාලයකි. පැවති බාධා දුරුවන වාසි ලැබෙන කාලයකි. වාහන ලාභද, හදිසි ධනලාභ වාසනාවද ඇති කාලයකි. සිතේ සතුට රජයන ජයග්‍රහණ ලැබෙන කාලයකි.


● මකර
ශුභයි.
වික්‍රමස්ථානය වන 3 වැන්නට සිකුරු පැමිණෙයි.
වෙනදාට වඩා අන් අයගේ ප්‍රශංසාව ලැබෙන, කටයුතු වලට උදව් ලැබෙන කාලයකි. තමා සමග වෙනදාට වඩා පිරිසක් සිටින බවක් දැනෙනු ඇත. ආර්ථික වාසි, තනතුරු උසස් වීම්, රැකියාවේ දියුණුව යනාදි සියලු කටයුතු වලට බොහෝ ශුභයි. යෝගකාරකයාගේ බලය නිසා සතුට රජයන අතර ජයග්‍රහණ රැසක් ලබාගැනිමට හැකියාව ඇත.


● කුම්භ
ශුභයි.
2 වැන්න වන ධනස්ථානයට සිකුරු පැමිණෙයි.
ආර්ථික තත්වය යහපත් වෙයි. වෙනදාට වඩා ප්‍රියමනාපව සිටින, ලෝබයක් නැතිව අලංකාරයට වියදම් කරන කාලයකි. රූප ස්වභාවයද වැඩි වන කාලයකි. මේ සියලු කාරණා අතර වියදම් පාර්ශවය ඉහල යා හැකි නිසා ඒ ගැන බුද්ධිමත්ව සිතා කටයුතු කරන්න. විනෝදයට මෙන්ම දහමට අදාලව පින් දහම් කටයුතු වලට යෙදෙන්නට අමතක නොකරන්න.



● මීන
ශුභයි.
1 වැන්න වන ලග්නයට සිකුරු පැමිණ උච්ච වෙයි.
ඒ අනුව පංච මහා පුරුෂ යෝගයක් වන ‘මාලවි‘ යෝගය මීන ලග්න හිමියන්ට යෙදෙයි. අන් අය ඔබට ප්‍රශංසා කරන, ඔබට වෙනදාට වඩා ආකර්ෂණය වන කාලයකි. මෙනිසා මනාවට අලංකාරවත්ව සිටිමටත් ඒ වෙනුවෙන් වියදම් කිරිමටත් කටයුතු කරන කාලයකි. සිතට සතුට ලැබේ. විනෝදයෙන් සිටිමට කටයුතු කරන කාලයකි. කටයුතු සාර්ථක වෙයි. අවිවාහක අයට මංගල යෝග යෙදෙයි. ප්‍රේමයට තිබුනු බාධා දුරු වන යහපත් කාලයකි.

Wednesday, March 30, 2016

මව් ගුණ කවි - සුජිත් නිශාන්ත යෝගිතුමා


කේන්දර සටහන ගැන තවදුරටත් (1)


* කේන්දර සටහනක වැදගත්ම ස්ථාන 4කි.
1, 4, 7, 10 - කේන්දරස්ථාන
එම ස්ථාන අයිති වන්නේ විශ්ව පාලක ශ්‍රි විෂ්ණු දෙවියන්ටය.


* ත්‍රිකෝණ ස්ථාන 2කි. ( 5 සහ 9)
එම 5 සහ 9 අයත් වන්නේ ලක්ෂ්මි දේවතාවියටය.

- ඒ අනුව කේන්දර සටහනේ ඇති වැදගත්ම ස්ථාන ලෙස,
1, 4, 5, 7, 9, 10 හැඳින්විය හැක.

* ඊට අමතරව තවත් ත්‍රිකෝණස්ථාන 4කි.

1. ධර්ම ත්‍රිකෝණය
2. අර්ථ ත්‍රිකෝණය
3. කාම ත්‍රිකෝණය
4. මෝක්ෂ ත්‍රිකෝණය

* කේන්දර සටහනක 1,5, 9 ස්ථාන සහ 2,6,10 ස්ථානත් නැවත 3, 6, 11 ස්ථානත් එකිනෙකට ත්‍රිකෝණ් ස්ථාන වේ.


● ඕනෑම කේන්දර සටහනක, ලග්නාධිපති බලවත් වන්නේ නම් එය එම කේන්දර සටහන හිමියාට බලවත් පිහිටීමකි.
ඒ අනුව එක් එක් ලග්නයට අනුව ලග්නාධිපති මෙසේය.

මේෂ - කුජ, වෘෂභ - සිකුරු, මිථුන - බුධ, කටක - සඳු,
සිංහ - රවි, කන්‍යා - බුධ, තුලා - සිකුරු, වෘශ්චික - කුජ,
ධනු - ගුරු, මකර - ශනි, කුම්භ - ශනි, මීන - ගුරු

කේන්දර සටහනක ඇති යෝග සහ පලාපලයන් සැලකීමෙදි එක්කෙනෙක්ගේ කේන්දරයක් තව කෙනෙකුගේ කේන්දරයට වඩා සුභද යන්න කීම එතරම් සාර්ථක නැත. එක් එක් අයගේ කර්ම ඵලයන් වෙනස් බැවිනි.

- තවත් පොදු කරුණු ඉදිරියේදී

* කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව 
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
irusewaya@gmail.com.
077 22 38041

Monday, March 28, 2016

සතියේ ලග්න පලාපලය - මාර්තු 28 - අප්‍රේල් අප්‍රේල් 3


- මේ සියලු පලාපල පොදු ඒවා වන අතර කේන්දර සටහන අනුව වෙනස් විය හැක.
බුධ නීචය පවතින කාලය පොදුවේ එතරම් හොද නැත.


● මේෂ
සමඵලදායකයි.
සඳුගේ ගෝචරය අනුව සලකා බලන කල රැකියාවේ කටයුතු සහ ව්‍යාපාර ආදියේදි වෙනදාට වඩා බුද්ධියෙන් කටයුතු කල යුතුය. ආර්ථික වාසි පවති. නව ආයෝජන වලට තරමක් සුබයි. ආර්ථිකය යහපත් වුවද මනාව එය කළමනාකරණය කරගත යුතුය.
ගෘහ ජිවිතය සාමකාමිව සමාදානයෙන් පවත්වාගෙන යාමට බුද්ධියෙන් කටයුතු කරන්න. පවුලේ අය වෙනුවෙන් කැපවන කාලයකි. අවිවාහක අයට මංගල යෝග උදාවන නිසා පෙම් සබදතා ඇතිවිය හැක. තිබෙන සබදතා වලට තරමක් බාධා එල්ල විය හැක.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ, හදිසි අනතුරු වලින් පරිස්සම් වන්න.



● වෘෂභ
සමඵලයි.
රැකියාවේ කටයුතු වලට වෙනදාට වඩා බාධා ඇතිවිය හැක. ව්‍යාපාර කටයුතු වලට සුබයි. ආර්ථිකය දියුණු කරගැනිමේ හැකියාව ඇත. හවුල් ව්‍යාපාර වලටද බාධා තත්වයන් ඇතිවිය හැක.
ගෘහ ජිවිතය සාමකාමිව ගත කිරිමේ හැකියාව ඇත. ආගම දහමට නැඹුරු වන කාලයකි, වන්දනා ගමන් යෙදිය හැක. කටයුතු දියුණුවට සුබ කාලයකි. පවුලේ දියුණුව අපේක්ෂිතය.
සෞඛ්‍ය තත්වය ගැනද අවදානමත් විය යුතුයි.


● මිථුන
ශුභ සතියකි.
ආර්ථික තත්වය දියුණු වෙයි. රැකියාවට මෙන්ම ව්‍යාපාර වලට සුබ කාලයකි. හිතවතුන්ගෙන් ප්‍රශංසා හිමි විය හැක. නව ආදායම් මාර්ග උදා කරගැනීමට යහපත් කාලයකි. මේ සියලු තත්වයන් තුල බුද්ධියෙන් යුතුව කටයුතු කල යුතුය.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත කරන්නට වාසනාව ඇත. සුළු බාධා තිබුනද ඒවා ගැටළු නොවනු ඇත. තරග විභාග ආදියෙන් ජය ලැබිමට හැකියාව ඇත.
සෞඛ්‍ය තත්වය ගැනද විමසිලිමත්ව සිටිය යුතු අතර, ගමන් බිමන් වලදි විශේෂයෙන් පරිස්සමින් කටයුතු කරන්න.



● කටක
සමඵල සතියකි.
ආර්ථික තත්වය දියුණු වුවද අරපිරිමැස්මක් නැති කමින් අනවශ්‍ය වියදම් නිසා සිතට පීඩා ගෙනදිය හැකියි. හදිසි ධනලාභ වාසනාවද පවතින සතියකි. රැකියාවේ කටයුතු වලදි තම වගකීම් මැනවින් සිදු කරන්නට ඉටාගෙන කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සාමදානයෙන් ගතවනු ඇත. පවුලේ අය වෙනුවෙන් කැපවන කාලයකි.
සෙම් රෝග යනාදියෙන් පරිස්සම් වන්න.



● සිංහ
මිශ්‍රඵලයි.
ආර්ථික තත්වය යහපත් වේ. ව්‍යාපාර සහ රැකියා කටයුතු වලට සුබයි. එසේ වුවද තමන්ට ලැබෙන කටයුතු කලබලයකින් තොරව කිරිමට උත්සහ ගන්න. මැනවින් එම කටයුතු වලට අවධානය ලබාදිය යුතුයි. කටයුතු ගැන ආයතන ප්‍රධානින්ගෙන් ප්‍රශංසා හිමිවිමට හැකියාවද තිබේ.
ගෘහ ජිවිතය තුල සාමකාමි බව පවත්වාගෙන යාමට තම වචනය ගැන විමසිලිමත් වන්න. ගෙදර දොර ජිවිතයෙදි යම් යම් මානසික පීඩා ඇතිවිමට ඉඩ ඇත. පවුලේ අයගෙ කටයුතු වෙනුවෙන් කැපවී කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයෙ ප්‍රබල ගැටළු නැත.


● කන්‍යා
සමඵලයි.
ආර්ථික තත්වය යම් තරමක් යහපත් වුවද සිතට පීඩා ඇතිවිය හැක. වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කල යුතු අතර එම කටයුතු වලදි තරමක් ප්‍රමාදයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. රැකියාවේ - ව්‍යාපාරයේ දියුණුවද මෙ කාලයේ අපේක්ෂිතය.
ගෘහ ජිවිතය තුල බුද්ධියෙන් කටයුතු කරන්න. පවුලේ අය සමග ගමන් යෙදෙන කාලයකි. පවුලේ අයගේ කටයුතු වෙනුවෙන් කැපවන කාලයකි.
සෞඛ්‍ය තත්වය ගැනද අවධානමත් වන්න.



● තුලා
සමඵලදායකයි.
ආර්ථිකය යහපත් කරගැනිමට මනා කැපවීමකින් කටයුතු කල යුතුය.යම් බාධා තත්වයන්ද පෙන්වයි. වගකීම් නිසි ලෙස ඉටු කිරිමට කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සාමකාමිව ගත වේ. වෙනදාට වඩා ප්‍රීතිමත් අවස්ථා යෙදෙන කාලයකි. ආගම දහමට සිත නැඹුරු වෙයි. පවතින ගැටළු තත්වයන් වලට දහමට නැඹුරුවීම යහපත් ආකාරයට බලපාන ඇත.




● වෘශ්චික
මධ්‍යස්ථයි.
ආර්ථික වශයෙන් තරමක් සුබයි. ව්‍යාපාර කරන අයට සුබයි. රැකියාවේ කටයුතු වලදි වෙනදාට වඩා බුද්ධියෙන් කටයුතු කල යුතුමය.
ගෘහ ජිවිතය සතුටින් ගත කරන්නට නම් වචනය පාලනය කරගත යුතුමය. පවුලේ අයගේ කටයුතු වලදි ඒ වෙනුවෙන් කැපවන්න. එයද සිතට සහනයක් වනු ඇත.
සෞඛ්‍ය තත්වයේ මානසික පීඩනය ආදියෙන් පරිස්සම් වන්න.



● ධනු
ශුභයි.
රැකියාවේ කටයුතු වලදි පවතින සතුරු කරදර, බාධක යනාදිය අභිභවා කටයුතු කරන්නට හැකියාව ලැබෙන සතියකි. වෙනදාට වඩා අන් අයගේ අවධානය ලැබෙයි. ව්‍යාපාර ආදියටද සුබයි. ලාභ ලැබේ. ඒවා නිසි ලෙස කළමනාකරණය කරගත යුතුය.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. ඔබ උසස් අධ්‍යාපන කටයුතු වල යෙදෙන්නේ නම් මේ කාලයේ එම කටයුතුද සඵල කරගත හැක.
සෞඛ්‍ය තත්වයේ දණිස් අමාරු ආදියෙන් පරිස්සම් වන්න.



● මකර
ශුභ සතියකි.
රැකියාවේ - ව්‍යාපාරයේ දියුණුව අපේක්ෂිතයි. වෙනදාට වඩා ප්‍රබෝධයකින් කටයුතු කරන්නට හැකියාව ඇත. අන් අයගේ අතහිත ලැබෙන කාලයකි. ආයෝජන වලට සුබයි. එසේ වුවද එම ආර්ථික තත්වයන් මනා බුද්ධියෙන් යුතුව කල යුතුව ඇත.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. පවුලේ සමගිය රැකෙන කාලයකි. විනෝද ගමන්, ප්‍රීති ගමන් යෙදීමට ඉඩ ඇති කාලයකි.



● කුම්භ
සමඵලයි.
ආර්ථික තත්වයට පොදුවේ ගැටළු අවමයි. ආර්ථික තත්වය දියුණු වුවද වියදමද ඉහල යාම නිසා ගැටළු ඇතිවිමේ ඉඩක් පවති. නව ආදායම් මාර්ග ලැබෙන, ආයෝජන අවස්ථ ාලැබෙන සතියකි. කැපවීමෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය සතුටින් ගත කල හැක. නිවසේ අලුත්වැඩියා කටයුතු කරන්නට හැකියාව ලැබේ. ආගමානුකූල කටයුතුද කරගෙන යාමට හැකියාව ඇත.



● මීන
සමඵලදායකයි.
ආර්ථික තත්වයේ එතරම් ගැටළු නැහැ. ව්‍යාපාර කටයුතු සහ රැකියාවේ කටයුතු හොදින් කරගෙන යාමේ වාසනාව පවතිනවා. එසේ වුවද යම් බාධා තත්වයන්ද ක්‍රියාත්මක නිසා බුද්ධියෙන් කටයුතු කරන්න. වියදම් ඉහල යාමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තුල කටයුතු වලදි ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරන්න. යම් බාධා පෙන්වයි. ඔබගේ කටයුතු අනුව ඒ තත්වයන් දුරු කරගත හැක.
සෞඛ්‍ය තත්වය ගැන මනා අවධානයෙන් සිටින්න.










* කේන්දරයේ  පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව.
* සුජිත් නිශාන්ත යෝගිතුමා මුණ ගැසී කේන්දර පරික්ෂාව.
irusewaya@gmail.com
077 22 38041

Sunday, March 27, 2016

“ ගනේශ්වර දෙවියන් “




ලෝක පාලක ශිව දෙවියන්ගේ පුත්‍රයෙකු වන මෙම දෙවියන් සියලුදෙනාගේම ආදර බහුමානයට පාත්‍රව හිඳී.

අප දන්නා පරිදි මෘදු ගති ඇති දෙවි කෙනෙකු වුවද, අයුක්තිය, අසාධාරණයට එරෙහිව කටයුතු කරන පින්වන්ත දෙවි කෙනෙකි.
(මෙම පින්තුරය තුලම එය ගැබ්වී ඇත)

* ගණ දෙවියන් ගැන විශේෂ වශයෙන් කිව යුත්තේ, ඉල්ලීමකට පවා ආශිර්වාද කරන තරම් යහපත් දෙවි කෙනෙක් බවය.
ඊට අමතරව ගණ දෙවියන්ට වඳින්නට නියමිත වෙලාවක් නැත. නියමිත දිශාවක්ද නැත.
(විශේෂ පූජා කර්ම යනාදියේදි අදාල පුද්ගලයන්ගේ කර්ම ශක්තින් අනුව දිශාව සහ වෙලාවන් තීරණය වේ)

ඔබත් ගණ දෙවියන්ට ගරු කරන්නේ නම් යහපත් සිතින් පින්කම් කර එම පින් ගණ දෙවියන් ඇතුළු සියලුදෙවියන්ට අනුමෝදන් කරන්නට කටයුතු කරන්න !

#ඉරුසේවය

Iru Astrology​

irusewaya@gmail.com.
077 22 38041

Saturday, March 26, 2016

සිහින ගැන පොදුවේ කරන විග්‍රහයක් ! ( සුජිත් නිශාන්ත යෝගිතුමා)


බෝධිසත්වයන්වහන්සේ බුද්ධත්වය ලැබීමට පෙර සිහින දුටු බව පැරණි පොත පතේ සඳහන්ය. රජවරු, සිටුවරු ගැන කතා වලද මේ ගැන සඳහන්ය.

● සිහිනයෙන් ලේ දැකීම

- කලකෝලාහල, නින්දා-අපහාස, අඩ දබර, රණ්ඩු සරුවල් යනාදිය මෙන්ම සිතට චිත්ත පීඩා ඇතිවීම යනාදිය සිදුවීමට ඉඩ ඇති බවට දෙන ඉඟි ලෙස කිව හැකියි.

● සිහිනයෙන් දත් වැටීම දැකීම

- ඥාතියෙකුට මරණයක්, ගිනි ගැනීම්, මාරක අපල ගෙන ඒම, දරුණු අනතුරු තමන්ට සිදුවීමට ඉඩ ඇති බව කිව හැකියි.


● සිහිනයෙන් ගිනි ගැනීමක් දැකීම

- තමන්ගෙ ධන ධාන්‍ය සහ වස්තුව - දේපල විනාශ වී යාම යනාදිය කිව හැකියි.

● බොර ගඟක් හෝ බොර ජලය සිහිනයෙන් දැකීම

- මෙවන් සිහිනයක් තරුණ කෙනෙක් දකින්නේ නම් ප්‍රේම සබදතාවයක් බිඳ වැටීම, ආදරය කල අය තමන් හැර යාම, විවාහය දෙකඩ වීම, හිතවතුන් සමග මත ගැටුම් ඇතිවිම යනාදිය කිව හැකියි.


*  ජ්‍යොතිෂ්‍යය විද්‍යාව අනුව, රාහුගේ මහ දසා කාලය හෝ සතුරු සෙනසුරු මහ දසා කාලය තුලදී, නීච බුධගේ දසා කාලයකදි හෝ කේතුගේ දසාවකදි මෙවන් සිහින දැකිය හැකියි.
සිහිනයක් මෙවන් ආකාරයට දකින විට, සිහිනය කියන්නෙත් අනාගතයේ සිදුවිය හැකි දේ දකින්නට මාධ්‍යයක්.

මේ ආකාරයකට සිහිනයෙන් දුටුවොත්, තමන් විශ්වාස කරන ජ්‍යොතිර්වේදියෙකු ලවා තමන්ගේ කේන්දරය පරික්ෂා කරගැනීමත්, ධර්මානුකූල ප්‍රවේශයක් ලබාගෙන එම තත්වයන්ගෙන් මිදෙන්නට කටයුතු කිරීමත්. එසේම මනසේ ව්‍යාකූලත්වය නිසාත් එවන් දේවල් දකින්නට පුලුවන්.


- සිහින දැකීමේ අවස්ථා කීපයක් තියෙනවා. සිහින දැකීම තුල ශුභාශුභ දෙපැත්තම තියෙනව. මේ කිව්වෙ අශුභ දේවල් ගැන විතරයි.
මෙවන් දෙයක් දැක්කම දවස පුරාම මිනිස්සු කල්පනා කරනවා.

කියමනක් තියෙනවා, “වර්ෂාවක් වහිද්දි කුරුල්ලෝ කූඩුව කරා පියඹා යනවා. උකුස්සෝ වළාකුළු වලට ඉහලින් පියාසර කරනවා “.

මෙහි තේරුම තමයි ජිවිතයට එන ප්‍රශ්න වලට විසදුම් හොයන විදිය ක්‍රම 2ක්. ඒවා මැනවින් තෝරාගෙන ඒවාට නිසි ලෙස කටයුතු කරනවා නම් ජිවිතයේ අසුන්දර දේ සුන්දර කරගැනීමේ හැකියාව ඔබට තියෙනවා !!!

බුදු සරණයි !

#ඉරු



* කේන්දරයේ  පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව.
* සුජිත් නිශාන්ත යෝගිතුමා මුණ ගැසී කේන්දර පරික්ෂාව.
irusewaya@gmail.com
077 22 38041

Thursday, March 24, 2016

සුජිත් නිශාන්ත යෝගිතුමා විසින් පසුගිය කාලයේ පවසන ලද අනාවැකි !



- 2015 අගෝස්තු 2 යුටියුබ් එකතු කරන ලද වීඩියෝව
(https://www.youtube.com/watch?v=JuApPNyn6Uo&feature=youtu.be)

01 ) ඉරිදා ලංකාදීපය 2014 ජුලි 06

● පවතින ග්‍රහචාරය අනුව රටේ දේශපාලන මත ගැටුම් උත්සන්න වෙයි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පිල් මාරු කර රජයට පිලිතුරක් දීමට නියමිතයි.
● ඉදිරි මාස කීපය තුලදී ප්‍රසිද්ධ දේශපාලනඥයන් හිරගෙට නියම වේ.
● පාලකයාට හිතවත්ව සිටි සියලුම දෙනා ඔහුට විරුද්ධව කටයුතු කරන බව.
●  බදුල්ලේ නායයාම ගැන ඉඟියක්


02 ) ඉරිදා ලංකාදීපය 2014 සැප්තැම්බර් 14

●අඟහරු උච්ච කාන්තාවකගේ මැදිහත් වීම දේශපාලනයට
‪- චන්ද්‍රිකා මැතිණියගේ මැදිහත් වීම.
● ලෝකේ දරුණුම ත්‍රස්තවාදි සංවිධානයක් ලංකාව දෙසට ඇස ගසති. අන්තවාදි ආගමික කණ්ඩායම් මැදිහත් වේ. ආරක්ෂක අංශ සීරුවෙන් සිටිය යුතුයි.
- ISIS ත්‍රස්තවාදය ලංකාව තුල පිහිටන බව.


03) “ ජනාධිපතිවරණය ගැන පල කල අනාවැකිය “

● මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටින කාලයේ වසරකටත් පෙර, දෙරණ වාද පිටියේදීද අදහස් දක්වා ඇත.


04 ) මහමැතිවරණ අනාවැකිය

● එජාපය ජය ගන්නා බව
- අගමැති වීමේ වැඩි අවස්ථා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට බව
ගෝචරව සහ තත්කාල කේන්දරය අනුවද ලංකා කේන්දරය අනුවද
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති වීමේ හැකියාව නැති වුවද සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන පාර්ලිමේන්තු යාමේ හැකියාව පවතින බව.
- එජාපයේ ආසන සංඛ්‍යාව බහුතර විශාල බලයක් නොවුනත් එජාපය ජය ගන්නා බව.

- ජවිපෙ පෙරට සාපේක්ෂව ආසන සංඛ්‍යාව වැඩි වන බව, ඔවුන්ගේ ස්ථාවරය යම් දුරකට ශක්තිමත් වන බව.

- සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලනය ආපස්සට හැරෙන ඡන්ද ප්‍රතිඵලයක් ලැබෙන බව( පලාත් සභා ඡන්දයට සාපේක්ෂව)

●● වෘශ්චික රාශියේ සෙනසුරු සතුරුව පවතින නිසා කුමන පක්ෂයක කුමන පාලකයෙකු බලයට පත්වුවදඉතාම සාර්ථකව ගමනක් යෑමට හැකියාවක් ලැබෙන්නෙ නැහැ.  වරින්වර වරින්වර ප්‍රශ්න ඇති වෙනවා. අලුතින් පත්වෙන ආණ්ඩුව දෙස් විදෙස් අයගේ සහයෝගය සමග රටේ යම් දුරකට සාර්ථකත්වයක් සංවර්ධනයක් සිදුකරන්නට උත්සහ ගන්නවා.
සෙනසුරු 10 සතුරුව සිටිම තුල ස්ථිර සහනයක් ලාංකීය ජන සමාජය තුල දකින්නට ලැබෙන්නෙ නැහැ.


(● මා අනාවැකි කියන්නේ ජ්‍යොතිෂ්‍යමය දැනුම පදනම්ව සහ අධ්‍යාත්මික ශක්තියක් තුලිනි.
 මා ඡන්දය පාවිච්චි කරන්නේ නැත. - නිර්පාක්ෂිකයි. කිසිදිනක මම ඡන්දය භාවිත කර නැත. ඡන්දය පාවිච්චි කරන දිනක මම දේශපාලන අනාවැකි කියන්නෙ නැහැ)



Tuesday, March 22, 2016

සතියේ ලග්න පලාපලය - මාර්තු 22 සිට

- මේ සියලු පලාපල පොදු ඒවාය.
(කේන්දර සටහන අනුව වෙනස් විය හැක)



● මේෂ
සමඵලයි.
ආර්ථික කටයුතු දියුණු කරගැනීමේ වාසනා පවතින සතියකි. නව ආදායම් මාර්ග උදාකරගැනීම හෝ තිබෙන ආදායම් මාර්ග ශක්තිමත් කරගැනීමෙ හැකියාව පැවතුනත් යම් බාධා තත්වයන්ද පෙන්වයි. එනිසා බුද්ධියෙන් කටයුතු කල යුතුයි. අධික කාර්යබහුල වීමක් අපේක්ෂිතයි. නව රැකියා ලැබිමේ ඉඩකඩක්ද පවතී.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවනු ඇත.
වෙනදාට වඩා කාර්යබහුල නිසා සිතට යම් පීඩාද ඇතිවිය හැකියි. පවුලේ අය වෙනුවෙන් බොහෝ කැපවිය යුතු කාලයකි. පවුලේ අය සමග විනෝද වීමේ අවස්ථාද මේ අතර හිමියි. හිතවතුන්, ඥාතින් සමග කටයුතු කරන්නටද ඉඩක් ලැබෙනු ඇත.


● වෘෂභ
ශුභ සතියකි.
ආර්ථික තත්වය දියුණු වන්නට අවස්ථා යෙදේ. රැකියාවේ දියුණුවද අපේක්ෂිතයි, එසේ වුවද තමන්ගේ කටයුතු නිසි ලෙස ඉටු කිරීම ගැන අනිවාර්යෙන්ම කටයුතු කල යුතු කාලයකි. මෙතෙක් පැවති බාධා තත්වයන් දුරුවන කාලයකි. හවුල් ව්‍යාපාර වලටද සුබයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. තම දරුවන්, පවුල වෙනුවෙන් වෙනදාට වඩා මහන්සි විය යුතු කාලයක් උදා වෙයි. බොහෝ කටයුතු කරගන්නා කාලයක් නිසා නිසි ලෙස එම කටයුතු වලට අවධානය ලබාදිය යුතුය. දරුවන් ගැන සතුටු විය හැක.



● මිථුන
මිශ්‍රඵල සතියකි.
ආර්ථිකය දියුණු වෙයි. භූමි ලාභ, දේපල ලාභ වලට වාසනාව තිබේ. රැකියාව හොදින් කරගෙන යාමට හැකිය. රැකියා කරන ස්ථාන වල ප්‍රධානින් සමග සුහදව සිටිමට හැකියාව ඇත. මේ සියලු යහපත සමග ණය දීම, ණය ගැනීම ආදිය ගැන වඩාත් බුද්ධිමත්ව සිතා කටයුතු කරන්න.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වෙයි. ඥාති - හිතමිතුරුකම් වැඩි වර්ධනය වන සතියකි. ගෙදර දොරේ කටයුතු වලදි තම වචනය පාලනය කරගත යුතුය. මනා සංයමයකින් සිටිය යුතුයි. ශරීර සුවතාවය වර්ධනය වෙයි. තරඟ විභාග ආදියෙන් ජය අපේක්ෂිතය.



● කටක
සුභ සතියකි.
ආර්ථික තත්වය යහපත් වන අතර වෙනදාට වඩා සකසුරුවම්කමකින් යුතුව ස්වකීය කටයුතු කරගැනීමේ හැකියාව ඇත. ආයෝජන වලට යහපත් වන අතර බුද්ධිමත්ව ඒ කටයුතු කල යුතුය. රැකියාවේ කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකියාව ඇත.
ගෘහ ජිවිතය තුල යම් යම් හිත් නොහොඳකම් ඇතිවිමට ඉඩ ඇති නිසා බුද්ධියෙන් ඒ තත්වයන් සමනය කරගත යුතුය. ඉගෙනීම් කටයුතු වලට සුබ කාලයකි. හිතවතුන්ගේ පැමිණීම සහ සංගමය අපේක්ෂිතයි. කාර්යබහුල වුවද පවුලේ අය ගැන සිතා කටයුතු කරන්න.



● සිංහ
සමඵලයි.
ආර්ථිකයේ විශාල දියුණුවක් නොවුනද වියදම් අධික වන්නට ඉඩ ඇති කාලයකි. මේ අතර හදිසි ධනලාභ, දේපල ලාභ යනාදියටද වාසනාව පවති. රැකියාවල කටයුතු සාර්ථකව කරගෙන යා හැක. නව රැකියා අවස්ථා උදා වෙයි. මෙතෙක් පැවති බාධා දුරු වෙයි. හවුල් ව්‍යාපාර වලට සුබයි.
ගෘහ ජිවිතය යහපතින් ගත කිරිමට හැකියාව ඇත. සිතට සතුට ලැබේ. කාර්යබහුල නොවි පවුලේ අය ගැන සිතා ඒ වෙනුවෙන් කාලය මිඩංගු කල යුතු වෙයි. කරදරකාරි තත්වයන් එළඹිය හැකි වුවද බුද්ධියෙන් ඒ සියලු කරදර වලකා ගත හැකිය.


● කන්‍යා
ශුභ සතියකි.
ආර්ථික තත්වය යහපත් වෙයි. ව්‍යාපාර වලට සුබයි. මෙතෙක් පැවති යම් බාධා තත්වයන් දුරුවන කාලයකි. නව රැකියා උදා විය හැක. විදේශ ගත විමට සිතා සිටි අයට ඒ බලාපොරොත්තු ඉටුවිමට ඉඩ ඇත. සියලු යහපත් තත්වයන් මධ්‍යයේ දියුණුව පිණිස ස්වකීය බුද්ධිය භාවිත කරන්න.
ගෘහ ජිවිතය තුල යම් බාධා තත්වයන්, සිතට පීඩා ඇතිවිය හැකියි. එවන් අවස්ථා වල මගහැර සිටිම හෝ නිහඩව සිටිම ප්‍රඥාගෝචරයි. කෙසේ වුවද පවුලේ කටයුතු වලට ඥාති - හිතවතුන්ගෙන් ආශිර්වාද ලබාගැනිමේ හැකියාව පවති. සෞඛ්‍ය තත්වය ගැනද අවධානයෙන් කටයුතු කරන්න.



● තුලා
ශුභාශුභ මිශ්‍රඵලයි.
ආර්ථික තත්වයේ යම් බාධා පෙන්වයි. කැපවීමෙන් කරන කටයුතු වලදි අපේක්ෂිත දියුණුව නොලැබීම නිසා සිත කලකිරවිය හැකියි. නමුත් ඒ ගැන නොසිතා කටයුතු කරන්න, පසුවට එම තත්වයන් සාර්ථක වනු ඇත. වියදම්ද අධික විය හැක. රැකියාවේ දියුණුව අපේක්ෂිතය. රැකියාවේ උසස්වීම් පවා හිමි විය හැක.
ගෘහ ජිවිතය තුල ඉවසීමෙන් කටයුතු කල යුතු කාලයකි. තම මතයම ප්‍රකට කරන්නට නොව පවුලේම සුභ සිද්ධිය වෙනුවෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න. පෙම් සබදතා වලට යම් බාධා පෙන්වයි. නිදහසේ කටයුතු කරන්නට ඉටා ගන්න.


● වෘශ්චික
සමඵල සතියකි.
වියදම් අධික වීම නිසා ආදායමේ තරමට කටයුතු කරගැනීමේ යම් දුෂ්කරතා ඇතිවිය හැක. ව්‍යාපාර කටයුතු වලට යම් බාධා පෙන්වයි. රැකියාවේ කටයුතු දියුණු වේ. වෙනදාට වඩා බොහෝ කැපවීමෙන් කටයුතු කල යුතු කාලයකි. ආයතනයේ ප්‍රධානින්ගෙන් ප්‍රශංසා ලැබිය හැක. මේ තත්වයන් හමුවේ තම බුද්ධිය නිසි භාවිතයෙන් කටයුතු සාර්ථක කරගත යුතුයි.
ගෘහ ජිවිතය තුල වෙනදාට වඩා පවුලේ අය සමග සතුටින් ගත කරන්නට කටයුතු කරන කාලයකි. පවුලේ අය සමග විනෝද ගමන්, වන්දනා ගමන් වල යෙදිමේ හැකියාව පවති. මංගල යෝග උදා වන බැවින් විවාහ අපේක්ෂිත අයට පෙම් සබදතා ස්ථිර වීමත්, වැඩිහිටියන්ගේ ආශිර්වාද ලැබීමත් සිදුවිය හැක.



● ධනු
මිශ්‍රඵල සතියකි.
ආර්ථික දුර්වලතා පෙන්වන කාලයකි. ව්‍යාපාර කටයුතු වලින් යම් පසුබැසිම් සිදුවිය හැක. මෙම තත්වයන් හමුවේ නොපසුබා කටයුතු කල යුතුය. රැකියාව සාමාන්‍ය පරිදි කරගෙන යා හැක. යම් බාධා මතුවන්නට ඉඩ ඇති අතර ඒ තත්වයන් වලදි බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල පවුලේ සමගිය රැකගත යුතුයි. කාර්යබහුල වුවද පවුලේ අය වෙනුවෙන් කාලය කැප කරන්නට සිතාගන්න. ඉගෙනීම් කටයුතු වලට සුබයි. දුර ගමන් යෙදිය හැක. අවිවාහක අයට මංගල යෝග උදා වෙයි. ප්‍රේම සබදතා ස්ථිර විමද අපේක්ෂිතයි.



● මකර
මිශ්‍රඵලයි.
වෙනදාට වඩා තම දියුණුව ගැන සිතන, බොහෝ කැප වන කාලයකි. පොලව සම්බන්ධ කටයුතු, කෘෂිකාර්මික කටයුතු කරන අයට ශුභ පල අපේක්ෂිතයි. රැකියාවේ කටයුතු සාර්ථක වේ. විදෙස් රැකියා, දුරබැහැර රැකියා කරන අයටද සුබයි. නව රැකියා අවස්ථා උදා වනු ඇත.
ගෘහ ජිවිතය තුල පවුලේ අය සමග සතුටින් සාමදානයෙන් ගත කරන්නට හැකියාව ලැබෙන කාලයකි. දරුවන්ගේ ජයග්‍රහණ වලදි සතුටු වන්නට හැකියාව ඇත. ඥාති හිතමිතුරන් සමග කාලය ගත කරන්නටද අවස්ථාව ලැබෙනු ඇත.



● කුම්භ
සමඵල සතියකි.
ආර්ථික තත්වය මධ්‍යස්ථ ස්වභාවයෙන් පැවතිය හැක. රැකියාවෙ කටයුතු වලට සුබයි. රැකියාවට මෙතෙක් පැවති බාධා තත්වයන් දුරු වන්නට ඉඩ වැඩි කාලයකි. නව රැකියා අවස්ථාද ලැබිමට හැකියාව ඇත. ලැබෙන මුදල් අරපිරිමැස්මෙන් භාවිත කල යුතුයි. දේපල ලාභ වාසනාව පවති.
ගෙදර දොරේ ජිවිතය සහනදායි අයුරින් ගත කල හැක. නිවසට නව බඩු මුට්ටු ගෙන ඒමට හැක. පවුලේ අය සමග විනෝද වීමට අවස්ථා ලැබේ. අවිවාහක අයට මංගල යෝග උදා වෙයි.



● මීන
මිශ්‍රඵල සතියකි.
ආර්ථික තත්වය යහපත් වෙයි. ව්‍යාපාර කටයුතු සාර්ථක වෙයි. රැකියාවේ කටයුතුද හොඳින් කරගෙන යාමේ හැකියාව ලැබෙනු ඇත. රැකියාවේ පැවති ගැටළු සමනය වෙයි. හදිසි ධන ලාභ වාසනාව උදාවීමේ වාසනාව පවති. හවුල් ව්‍යාපාර වලට හොඳයි.
ගෘහ ජිවිතය සතුටින් ගත කරන්නට හැකි වන්නේ තමන්ගේ ඉවසීම අනුවය. අන් අය පාලනයට නොව පවුලේ සමගිය වෙනුවෙන් කටයුතු කරන්න. කෙසේ වුවද පවුලේ අය සමග සතුටින් සිටිමට හැකියාව ඇත. පවුලේ අය සමග විනෝද වන්නට අවස්ථාව ලැබෙයි. ශුභ සතියක් කරගැනිමේ හැකියාව පවති.

Sunday, March 20, 2016

“ බුධ මාරුව “

(2016 - මාර්තු 19)

ග්‍රහ ලොව සුරතලා වන බුධ ග්‍රහයා අද (මාර්තු 19) උදෑසන ස්වකීය
නීච රාශිය වූ මීන රාශියට පිවිසියා. එතන රවි ග්‍රහයා සිටින නිසා
රවි-බුධ යෝගයක් එනම් බුධ ආදිත්‍ය/භාග්‍ය යෝගයක්ද යෙදෙනවා.
කෙසේ වුවද බුධ නීච වීම පොදුවේ අශුභයි.
පවත්නා කාලය සති 2කට රටටම එතරම් ශුභ නැත.

* මැයි-ජුනි සිට රටටම ශුභ කාලයක් ක්‍රමිකව උදා වනු ඇත.
පුරා සති 2ක පමණ කාලයක් මේ ගෝචරය පැවැත් වේ.

ලග්න 12ට ඉතා කෙටියෙන් මෙසේ දක්වමු.
- මේ සියල්ල පොදු කරුනුය. කේන්දර සටහන අනුව වෙනස් විය
හැක.

● මේෂ
12 වැන්න වන වැයස්ථානයට බුධ පැමිණියේය.
මෙම මාරුව සමඵලයි. වියදම් කිරිමේදි බුද්ධිමත් වන්න.

● වෘෂභ
11 වැන්න වන අයස්ථානයට බුධ පැමිණියේය.
ශුභදායකයි. ආදායම් මාර්ග දියුණු කරගැනීමේ වාසනාව පවති.

● මිථුන
10 වැන්න වන රැකියා ස්ථානයට බුධ පැමිණීයේය.
ශුභයි. වාසනාවන්ත කාලයකි.

● කටක
9 වැන්න වන පෙර පින ගැන කියවෙන ස්ථානයට බුධ පැමිණියේය.
ශුභයි. පෙර පින් බලය මතුවන තරමක වාසනාවන්ත කාලයකි.

● සිංහ
8 වැන්න වන ආයුෂස්ථානයට බුධ පැමිණියේය.
ශුභදායකයි. රවි-බුධ යෝගය යෙදිම උසස් අයගේ අවධානය ඔබට
හිමි වන කාලයකි.

● කන්‍යා
7 වැන්න වන විවාහ ස්ථානයට බුධ පැමිණියේය.
සමඵලදායකයි. කටයුතු වල වෙනදාට වඩා ප්‍රගතියක් දකින්නට
ලැබෙනු ඇත.

● තුලා
6 වැන්න වන රෝගස්ථානයට බුධ පැමිණියේය.
ශුභයි. හදිසි ලාභ ලැබෙන්නට වාසනාව පවති.

● වෘශ්චික
5 වැන්න වන විද්‍යාස්ථානයට බුධ පැමිණියේය.
සමඵලදායකයි. අධ්‍යාපන කටයුතු වලට වෙනදාට වඩා කැපවන්න.

● ධනු
4 වැන්න වන දේපල ගැන කියවෙන ස්ථානයට බුධ පැමිණියේය.
ශුභයි. ආර්ථික මාර්ග දියුනු කරගැනිමේ වාසනාව පවති.

● මකර
3 වැන්න වන වික්‍රමස්ථානයට බුධ පැමිණියේය.
මිශ්‍රපලදායකයි. පොදුවේ සාමාන්‍ය පරිදි ගත කරන්නට හැක.

● කුම්භ
2 වැන්න වන ධනස්ථානයට බුධ පැමිණියේය.
ශුභපලදායකයි. නව ආදායම් අවස්ථා ඇතිවිමේ වාසනාව පවති.

● මීන
1 වැන්න වන ලග්නයට බුධ පැමිණියේය.
ශුභයි. නව කටයුතු ඇරඹීමට සුභයි.

#ඉරුසේවය Iru Astrology

Saturday, March 19, 2016

දුර්ගා දේව මෑණියන් !

දුර්ගා මෑණියන් යනු පාර්වතී දේව මෑණියන්මය.

මහ දෙවියන් ලෙස සැලකෙන ලෝක පාලක ශිව/ඊශ්වර දෙවියන්ගේ දේවිය වන්නේ මෙතුමියයි.

තවද ස්කන්ධකුමාර/කතරගම දෙවියන් සහ ගණ/ගනේශ්වර දෙවියන්ගේ මවද වේ.

විශේෂ වශයෙන් යුක්තියට සම්බන්ධ කටයුතු වලට මූලිකත්වයක් ගන්නා මෙම දේව මෑණියන්ට නිවරදි පින්කම් තුලින් පින් අනුමෝදන් කිරිම කල යුතුය. සිල්වත් ගුණවත් අයට ආශිර්වාද ඒ අයුරින් ලබාගත හැකිය.

බුදු ගුණ කවි 01 - යෝගි සුජිත් නිශාන්ත


Thursday, March 10, 2016

බොහෝදේ අහිමි වුවද ජිවිතය ජයගත හැක !



ඔබට ජිවිතයේ බොහෝ දේ අහිමි වී උනාද... ?

අද ඔබ සිටින තත්වය සමග සිතන විට, ඔබ සිටින්නෙ හොඳ තැනකද, නරක තැනකද... ?
සිතා බලන්න...

බොහෝ දේ අහිමි වුවද ජිවිතය ජය ගත හැකි බව ඔබ විශ්වාස කරනවාද ??

එසේ කල බොහෝ අය ලෝකයේ සිටින බව ඔබ දන්නවාද ?

● ලෝකයේම ප්‍රසිද්ධියට පත්, බොහෝ විද්‍යාත්මක සොයා ගැනීම් කල, තෝමස් අල්වා එඩිසන්ව කුඩා කාලයේ මනස විකල් ළමයෙක් ලෙස පාසලෙන් නෙරපූ බව දන්නවාද ?

●  ලොව විශිෂ්ටම විද්‍යාඥයා ලෙස සැලකෙන ඇල්බට් අයින්ස්ටයින්ටද ඉගෙනීමට නොහැකි කෙනෙක් ලෙස මූලික අධ්‍යාපනයද අහිමි වූ බව දන්නවාද  ?

●  ලොව හොදම වාහන නාමයක් වන “ෆෝර්ඩ්“ නිර්මාතෘ හෙන්රි ෆෝඩ් විධිමත් අධ්‍යාපනයක් නොලද අයෙක් බව දන්නවාද  ?

●  ලෝකයේ විශිෂ්ටම සමාජ ආර්ථික විද්‍යාඥයෙකු ලෙස සැලකෙන නැපෝලියන් හිල්ගේ මව ඔහු කුඩා කාලයේම මිය ගිය අතර, කිසිවක් කල නොහැකි කරදරකාරි කෙනෙකු ලෙස පවුල් වල අය විසින්ම හැඳින් වූ බව දන්නවාද  ?

මෙවන් අය බොහෝ සිටිති.

● එවන් සියලුදෙනාගේ සිත් වල තිබි ඇත්තේ සැහැල්ලුවෙන් තම ජිවිතය සහ කටයුතු ඉදිරියට ගෙන යාමේ උවමනාවයි.

එසේම අපගේ අත්දැකීමද පරිදි සෑම කෙනෙකුටම කිසියම් වූ දවසක තමාගේ කටයුතු සාර්ථක කරගැනීමට අවස්ථාවක් පහල වෙයි. එය නිසි ලෙස භාවිත කල යුතුය.
- දක්ෂතාවයක් ඇත්නම් එය දියුණු කරගැනීමටත්, එයින් අවස්ථා ලබාගැනිමටත් කටයුතු කල යුතුය.

- එසේ කරන්නේ නම් දේවල් අහිමි වුවද නැති වුවද යන්න මත නොව, තමන්ගේ ජිවිතය තමන්ට උවමනා පරිදි ජයග්‍රහණය කරා ගෙන යාමට අවස්ථාව ලැබෙනු ඇත !!!

● සිතන්න  කටයුතු කරන්න.. ජිවිතය ජය ගන්න !

Tuesday, March 8, 2016

සතියේ ලග්න පලාපලය - මාර්තු 8 සිට

● මේෂ
සමඵලයි.
මේ සතිය තුල ඔබගේ කටයුතු ප්‍රවේසම් සහගතව කල යුතුයි. අය වැය පාලනය කරගන්න. හදිසි ධන හානි ඇතිවිය හැක. සතිය අගදි ඒවා මග හැරේ.
ගෘහ ජිවිතය ගැටළුවක් නැහැ. යුග දිවි සැපත හිමියි. පවුලේ අය සමග සතුටින් සිටිය හැකියි.
සෞඛ්‍ය තත්වයේ වාත අමාරු, සෙම් රෝග, හිසේ කැක්කුම යනාදිය ගැන අවධානයෙන් සිටින්න.


● වෘෂභ
ඉතාම ශුභයි.
සතියේ මුල් දින කීපයෙදි නොසිතු විරු විදියට දියුණුව ලැබේ, ධන ලාභ, උදව් උපකාර ලැබෙයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර, නෑදෑයන්ගේ ආගමනය ඇති වෙනවා. වැඩිහිටි සහෝදරයෙක්ගෙන් උදව් ලැබෙන්නටද වාසනාව පවති.
සෞඛ්‍ය තත්වය සතිය අගදි අතපය වේදනා ආදියෙන් ප්‍රවේසම් වන්න.


● මිථුන
ඉතාම විශිෂ්ඨ සතියකි.
කරන කියන කටයුතු සාර්ථක වේ. දියුණුව ලැබේ. එසේම වැඩිහිටියන්ගේ උදව් උපකාර ආර්ථික වාසි වලට හිමියි. නව ව්‍යාපාර ඇරඹීමට හොදයි. සතිය අග දුර ගමන් ව්‍යාපාර
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්. සතුටින් සිටිමට වාසනාව තියෙනවා.
සෞඛ්‍ය ගැටළු නෑ. නිදන්ගත රෝග ඇති අය ආරක්ෂා වන්න


● කටක
හොද සතියකි.
සතිය මුලදි යම් බාධක තිබුනද සතිය අගට වන්ට වන්ටම ඔබට ඉතාම හොදයි. මෙනිසා වෙළද ව්‍යාපාර කටයුතු දියුණු වේ. ආයෝජනයට මුදල් හදල් ලැබේ.
ගෘහ ජිවිතය තුල අඹුසැමි භේද සතිය මුලදි ඇති වුවද, සතිය අගට යන්ට යන්ට ඒවා නැති වෙනවා. පිනට දහමට සිත නැඹුරු වනවා. වන්දනා ගමන් යෑමටත් ඔබට හැකියාව ලැබේ.
සතියේ මුල් දින කීපයෙදි සෙම් අමාරු, ඇඟපත වේදනාව ආදිය ඇතිවිමට පුලුවන්.


● සිංහ
සමඵලයි.
සතිය මුලදී ආර්ථික වාසි ඇති වුවද, සතියේ මැද කොටසේදී ආර්ථික පාඩු ඇතිවිය හැකියි. කරන කියන කටයුතු අසාර්ථක විය හැක. සතිය අගදි ඒවා හරියනව.
ගෘහ ජිවිතය තුල අඹු සැමි භේද ඇතිවිය හැකි. පවුලේ අය සමග ආරවුල්, සිත් තැවුල් ආදිය සතිය මුල සහ වැදදී ඇතිවිය හැකියි. බුද්ධිමත්ව කටයුතු කරන්න. සතිය අගදි මෙම තත්වයන් පහව යයි.
සෙම් රෝග, ඇඟපත වේදනාව යනාදිය ඇතිවිය හැකියි.


● කන්‍යා
සමඵල සතියකි.
ආර්ථික අවාසි ප්‍රබලව ඇති වෙන මේ කාලයෙදි හවුල් ව්‍යාපාර බිද වැටිය හැකියි. කරන කියන කටයුතු වලට බාධක ඇති වෙනවා. ඒ ගැන ප්‍රවේසම් වන්න, බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුලද අඹුසැමි භේද ඇතිවිමට, පවුල් ආරවුල් ඇතිවිමට ඉඩ තිබෙනවා.  කට පරිස්සම් කරගැනීම විශේෂයෙන් කල යුතුයි. දේශපාලනේ නියුතඅ අයට විශේෂයි. දුවාදරුවන්ගේ සෞඛ්‍ය තත්වය ගැනද අවධානයෙන් සිටිනන්.
සෞඛ්‍ය තත්වයේ, බඩේ අමාරු, සෙම්රෝග, ඇඟපත වේදනාව යනාදිය ඇතිවන්නට ඉඩ තිබෙන බැවින් බුද්ධියෙන් කටයුතු කරන්න.


● තුලා
 සාමාන්‍ය සතියකි.
ආර්ථික වාසි සතිය මුල් දින කීපයෙදි ලැබුනත් සතිය මැද අග ඉතාම නරක බව කිව යුතුයි. පාඩු ඇතිවිය හැකියි. තත්කාලයේ සෙනසුරුද ධනස්ථානයේ නිසා ගැටළු ඇතිවිමේ වැඩි ඉඩකඩක් පවති. එනිසා කරන කටයුතු බුද්ධියට මුල් තැනදී කරන්න.
ගෘහ ජිවිතය තුලද සුබයි කියන්න බැහැ. දුවාදරුවන් සහ ඥාතින් සමග හිත් නොහොඳකම් ඇතිවීමට ඉඩ තිබෙනව. ස්වාමි - භාර්යා ගැටළුද උද්ගත විය හැකි නිසා ඒවා  අවම වන ලෙස කටයුතු කරන්න.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු ඇතිවිමේ හැකියාව පවති.
සෙම් රෝග සහ ඇඟපත වේදනාව ආදියෙන් පරිස්සම් වන්න.


● වෘශ්චික
සාමාන්‍ය සතියක්.
සතියේ මුල් දින කීපය තුල ව්‍යාපාර දියුනු වෙනවා. නිවසේ සාමාජිකයන් ඥාතින්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙයි. ඉතාම හොදින් තමන්ට වාසනාව සැලසෙනවා. සතිය මැද සහ අගදි වෙනස් විය හැක.
ගෘහ ජිවිතය තුල තමන්ගේ ස්ථාවරත්වය හිමි වන අතර දුවාදරුවන්ටද ඉතාම හොදයි. දරුවන්ගේගේ ජයග්‍රහණ අපේක්ෂිතයි.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නම් සෙම් රෝග සහ ජලයෙන් ඇති වෙන රෝගයි.



● ධනු
ඉතාම හොද සතියකි.
පිට පලාත් වල කරන රැකියා දියුණු වන අතර, තමාගේ වැඩ කටයුතු වලට අන් අයගෙන් ප්‍රබල සහයෝගයක් ලැබෙනවා. ඥාතින්ගෙන් හිතවතුන් සමග කරන කියන කටයුතු ඇත්ත වශයෙන්ම දියුණු වෙනවා. විදේශගත අයට හොදයි.
ගෘහ ජිවිතය තුල සතුට සමාදානය රජ වෙනවා. අළුත් ඥාති හිතවත්කම් ගොඩ නැගෙනවා. සිතේ ප්‍රීතිය රජයන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. සෙම් රෝග වලින් ආරක්ෂා වන්න.


● මකර
ඉතාම ශුභ සතියකි.
අතපසු වූ සියලුම වැඩ කටයුතු කරගැනීමට පුලුවන්. අලුත් ව්‍යාපාර කරන අයට හොදයි. විදේසගත අයටද ඉතාම හොදයි. වාසනාව ලැබෙනවා. තමාගේ ජනප්‍රියත්වය උපයෝගී කරගෙන දියුණු විමට පුලුවන් කාලයක් බැවින් මේ කාලයේ එම වාසනාව මැනවින් භාවිත කරන්න.
ගෘහ ජිවිතය ඉතාම හොදින් ගත වෙනවා. තමාගේ කටයුතු ලෙහෙසියෙන් පහසුවෙන් කරගැනීමට පුලුවන්. හොද කාලයක් උදා වෙනවා.
සෞඛ්‍ය තත්වයේ අයහපත් නැහැ. ඉතාම හොදයි.



● කුම්භ
ඉතාම හොද සතියකි.
දියුණු වීමට හොදයි. දියුණුව ලැබෙනවා. ආර්ථික තත්වයේ දියුණුව, රැකියා-ව්‍යාපාර දියුණුව යනාදිය ඇතිවිමට ඉඩ වැඩියි. වාසනාවන්තයි.
ගෘහ ජිවිතය තුල තමාට ඉතාම හොද තත්වයක් ලැබෙනවා. ගෙදර දොරේ දියුණුවට තමන්ගෙන් යම් දායකත්වයක් ලබාදිමට පුලුවන්.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැහැ. සෙම් රෝග, නිදිමත ගතිය යනාදිය ගැන සැලකිලිමත්ව තම කටයුතු කරන්න.


● මීන
සතිය ශුභයි.
සතියේ මුල් දින 2 හොද නැහැ. ඉන්පසු හොදයි. කරන කියන කටයුතු දියුණු වෙනවා. රැකියා කරන අයට උසස් වීම් ලැබෙන්නට වාසනාව තිබෙනවා. විදේසගත අයට සහ පිට පලාත් වල රැකියා කරන අය, ව්‍යාපාර කරන අයට දියුණුව සැලසෙනවා.
ගෘහ ජිවිතය තුල සතුට සමාදානය ඇති වෙන අතර යුගදිවි සැපත ලැබෙනවා. දරුවන් අපේක්ෂා කරන අයට හොඳකාලයක්, එම වාසනාව පවතිනවා. ගැබිණි මව්වරුන්ටත් හොදයි.
සෞඛ්‍ය තත්වයේ සෙම් රෝග, අතේ පයේ කැක්කුම් යනාදිය ඇතිවිය හැකියි.


@Iru Astrology


* කේන්දරයේ  පලාපල විස්තරය ලබාදෙන,
Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව
 inbox කරන්න.

irusewaya@gmail.com.
0711 345 364

Sunday, March 6, 2016

සිකුරු මාරුව - මාර්තු 7, 2016 (අප්‍රේල් 1 වනදා තෙක්)

ග්‍රහලොව හැඩකාර තරුණිය වන සිකුරු ග්‍රහ තාරකාව 2016 මාර්තු 7 වනදා රාත්‍රියේ කුම්භ රාශියට පැමිණේ. මෙම මාරුව ලබන අප්‍රේල් 01 වනදා දක්වා පවති.

(මේ සියලු පලාපලයන් කේන්දර සටහන අනුව වෙනස් විය හැක.)



● මේෂ
ඉතා ශුභයි.
11 වැන්න වන අයස්ථානයට සිකුරු පැමිණේ.
ආර්ථිකය දියුණු වෙයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසේ. එසේම වියදම්ද ලෝබ නැතිව කිරිමට සිතන කාලයකි. හදිසි ධනලාභ, භූමි ලාභ වාසනාව පවති. සිතේ සතුට රජයන කාලයකි. විනෝදයෙන් සිටිමට හැකියාව ලැබේ.


● වෘෂභ
ශුභයි.
10 වැන්න වන කර්මස්ථානයට  සිකුරු පැමිණේ.
ආර්ථික තත්වය දියුණු වුවද අනවශ්‍ය වියදම්ද කිරිමට සිත් දෙන බැවින් ඒ ගැන අවධානයෙන් සිටිය යුතුය. නව රැකියා අවස්ථා හිමිවිය හැකියි. නව ව්‍යාපාර ඇරඹීමටද සුභ කාලයකි. සුභ පල අතර තමන් හා කරට කර තරඟ කරන්නන්, සතුරන් ආදින්ගෙන් යම් යම් බාධා ඇතිවිය හැක, බුද්ධියෙන් ඒ තත්වයන් ජය ගන්න.



● මිථුන
ඉතා ශුභයි.
9 වැන්න වන පුණ්‍යස්ථානයට සිකුරු පැමිණේ.
නව රැකියා අවස්ථා සහ කරන රැකියාවේ දියුණුව ලැබීමට හැකියාව ඇති කාලයකි. අන් අයගේ උදව් උපකාර ලැබේ. වෙනදාට වඩා කැපවීමෙන් කටයුතු කරන කාලයකි. නව ව්‍යාපාර වලට සුබයි. ආර්ථිකය දියුණු කරගත හැක. ගෙදර දොර ජිවිතයද හොදින් ගත වේ.
පින්කම් යනාදි කටයුතු වලට වෙනදාට වඩා සිත යොමුවේ. එයම සිත සැනසීමට හේතුවක් වේ.


● කටක
ශුභයි.
8 වැන්න වන ආයුෂස්ථානයට සිකුරු පැමිණේ.
මෙය පොදුවේ ශුභ ග්‍රහ මාරුවකි. හදිසි ධනලාභ ලැබිමට වාසනාව පවති. කටක ලග්න අයට ලොතරැයි වාසනා වලට උත්සහ කිරිමට හොද කාලයකි. කැපවීමෙන් කරන සියලු කටයුතු වලින් ජය අත්විය හැක. රැකියාවේ දියුණුව මෙන්ම උසස්වීම්ද අපේක්ෂා කල හැක. ගෙදර දොරේ අලුත් වැඩියා කටයුතු, දියුණු කිරිම් කරගැනිමට වාසනාව ඇත.


● සිංහ
සමඵලයි.
7 වැන්න වන  විවාහ ස්ථානයට සිකුරු පැමිණේ.
සිකුරුගේ පැමිණිම සමග ස්ත්‍රි පාර්ශවයේ ඇල්ම බැල්ම වෙනදාට වඩා ලැබිය හැක. ආර්ථික තත්වයට යහපත් වන අතර, හවුලේ කරන කටයුතු වලට යහපත් වුවද බුද්ධිමත්ව කටයුතු කල යුතු කාලයකි. වියදම්ද අධික වන්නට ඉඩ ඇත. පවුලේ කටයුතු වලදි වෙනදාට වඩා ඉවසීම ප්‍රගුණ කල යුතුය.


● කන්‍යා
එතරම් ශුභ නැත.
6 වැන්න වන සතුරු ස්ථානයට සිකුරු පැමිණේ.
සිකුරු 6 වැන්නට පැමිණීම අයහපත්ය. සතුරන්ගෙන් කරදර ඇතිවන්නට ඉඩ ඇත. එසේම ලෙඩ රෝග යනාදිය වැළදීමටද යම් ඉඩක් පවති. මේ කාලයේ ඉවසීමෙන් කටයුතු කල යුතුය. පවුලේ අයට ලෙඩ රෝග වැළදීමටද යම් ඉඩක් පවති. මේ සියලු තත්වයන් ඔබගේ කටයුතු මත වෙනස් කරගැනිමට හැකියාව ඇති බව සිතේ තබාගන්න.


● තුලා
බෙහෙවින් ශුභයි.
5 වැන්න වන විද්‍යා ස්ථානයට සිකුරු පැමිණේ.
පැවති කාලයට වඩා ශුභදායක කාලයකි. තමාගේ හොද නම අන් අය අතර පැතිරෙන, ප්‍රශංසා හිමි වෙන කාලයකි. ව්‍යාපාර කටයුතු කරන අයට විශේෂයෙන් සුබයි. ඔවුන්ගේ ආර්ථිකය දියුණු වෙයි. රැකියා කරන අයටද යහපත්ය. ආදායම් මාර්ග දියුණු වෙයි. ආයෝජනයට හොද කාලයකි. හදිසි ධනලාභ වාසනාව පවති. පවුලේ අය සමග සතුටින් විනෝද විය හැකි කාලයකි.


● වෘශ්චික
ඉතා ශුභයි.
ගෙදර, දේපල සම්බන්ධව කියවෙන 4 වැන්න වන ස්ථානයට සිකුරු පැමිණේ.
ආර්ථිකය සරු වන කාලයකි. වෙනදාට වඩා සතුටින් සිටිය හැකි කායකි. සියලු වියදම් කරමින් මුදල් ඉතිරි කරන්නටද වාසනාව පවතින කාලයකි. රැකියාවේ සහ ව්‍යාපාර වල කටයුතු දියුණු වේ. නව වරප්‍රසාද ලැබෙන්නට වාසනාව පවති. විනෝදයෙන්, ප්‍රීතියෙන් සිටිය හැක. පවුලේ දියුණුව ඇතිවේ.
ලෙඩ ‍රෝග තිබුනු අයට නිරෝගී සුවය ලැබෙන කාලයකි.


● ධනු
ශුභයි.
වික්‍රමස්ථානය වන 3 වැන්නට  සිකුරු පැමිණේ.
ආර්ථිකය සරු වන අතර, තම සහෝදර සහෝදරියන්, හිතවතුන්, ඥාතින් සමග සතුටින් සිටිමට හැකියාව ඇති කාලයකි. යම් බාධක තත්වයන්ව තිබු දෑ ඔබගෙන් ඉවත්ව යනු ඇත. සියලු කටයුතු වල දියුණුවක් අපේක්ෂිතය. පවුලේ සතුට, සමාදානය රජයන කාලයකි.


● මකර
ශුභයි.
2 වැන්න වන ධනස්ථානයට  සිකුරු පැමිණේ.
නව ආර්ථික මාර්ග උදා වේ. ව්‍යාපාර කටයුතු දියුණු වෙයි. රැකියාවේ කටයුතු මනාව කරගැනීමට හැකියාව ලැබේ. වෙනදාට වඩා හිතවතුන් ඇසුරු කරන්නට ලැබෙන කාලයකි. වෙනත් අයගේ ආධාර උපකාර ලැබෙන කාලයකි.
ගෘහ ජිවිතය සතුටින් ගත වේ. ප්‍රේම සබදතා ශක්තිමත් වේ. නිරෝගීභාවය ආරක්ෂා වේ.


● කුම්භ
ඉතා ශුභයි.
1 වැන්න වන ලග්නයට සිකුරු පැමිණේ.
රැකියාව දියුණු වේ. උස්සවීම් අපේක්ෂා කල හැක. ව්‍යාපාර කටයුතු දියුණු වෙයි. පොලව සම්බන්ධවද වාසනා ගුණය පවති. වාසි ලැබෙන කාලයකි. නව ආර්ථික මාර්ග ලැබෙයි. වෙනදාට වඩා විරුද්ධ ලිංගිකයන් සමග ආශ්‍රය, අල්ලාප සල්ලාප ඇතිවන කාලයකි. සිතේ සතුට රජයන කාලයකි. මේ සියලු කටයුතු වලදි බුද්ධිමත්ව කටයුතු කරන්නටද සිතට ගන්න.


● මීන
සමඵලයි.
12 වැන්න වන වැයස්ථානයට සිකුරු පැමිණේ.
12 වැන්න දුෂ්ට ස්ථානයක් වුවද සිකුරුගේ පැමිණීම එතරම් අයහපත් නැත. ගෙදර දොරේ දියුණුව, පවුලේ දියුණුව වෙනුවෙන් වෙනදාට වඩා කැපවෙන කාලයක් වන අතර එම කටයුතු සාර්ථක වෙයි. ඒවාට වියදම්ද අධික විය හැක. ආර්ථික වාසි සිදුවන තරමටම වියදමටද කරුණු කාරණා එකතු වන කාලයකි. සමාජයේ කැපී පෙනෙන කාලයකි. අනියම් කම් සැප, අනියම් සබදතා ආදිය ඇතිවිමටද යම් ඉඩක් පවති. විනෝදයෙන් සිටින කාලයකි.


Saturday, March 5, 2016

අයියනායක බණ්ඩාර දෙවියන් !

ලෝක පාලක ශිව හෙවත් ඊශ්වර දෙවියන්ගේ පුතකු වන මෙම දෙවියන්ගේ සහෝදරයන් වන්නේ කතරගම/ස්කන්ධකුමාර දෙවියන් යන ගනේශ්වර/ගණ දෙවියන්ය.

ශිව දෙවියන්ගේ අතින් මැවුනු බව පුරාණ කතා වල කිය වේ.

ශිව දෙවියන් මෙන්ම අයියනායක බණ්ඩාර දෙවියන්ද පෙර ආත්ම භවයේ ඍෂිවරයෙකු බැවින් අධ්‍යාත්මික ගුණය අතින් ප්‍රබලය.
කැලේ දෙවියන් ලෙසද හැඳින්වෙන අයියනායක බණ්ඩාර දෙවියන්ට ලංකාවේ ප්‍රදේශයක් ඊශ්වර දෙවියන් විසින් භාරදී ඇති බව කියවේ.

විශේෂ වශයෙන් මෙම දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමට නම් තමන් විසින් මනා පැවැත්මෙන් ජිවත් වීමද, සීලය-ප්‍රතිපත්තිය රැක ගැනීමද අනිවාර්ය කල යුතුය.

(පුද පූජා වට්ටිය ලොකු වීමෙන් හෝ මුදල් ආධාර වැඩියෙන් කිරීමෙන් දෙවියන්ගේ ආශිර්වාද නොලැබෙන බවද, කිසිවෙකුගේ කර්ම ශක්තිය වෙනස් කිරීමට දෙවියන් කටයුතු නොකරන බවද මතකයේ තබාගන්න)

#ඉරුසේවය

Tuesday, March 1, 2016

හදිසි ධනලාභ  ලැබීම !

( මෙය පොදු පලාපලයක් පමණි. පොදු කරුණු පල කරන්නේ තේරුම් ගැනීමේ පහසුවටය. මේ කාරණා සූක්ෂමව කේන්දරය බලා තහවුරු විය යුතු කාරණාය)



● නව ග්‍රහයන් අතරින්, හදිසි ධනලාභ දීමේ ප්‍රමුඛයා වෙන්නේ “රාහු“ ග්‍රහයාය.
යම් කෙනෙකුගේ කේන්දරයේ රාහුගෙ දෘෂ්ඨිය සුභ තැනක ඉන්න සිකුරුට, ගුරුට වැටෙනවා නම් එම පුද්ගලයා හදිසි ධනලාභ ලබනව.

යම් කෙනෙකුගේ කේන්දරයේ රාහු 11 වැන්නේ සිට, 11 සිටින මේ රාහුට 7 වැන්නෙ හෝ 3 වැන්නේ සිටින ග්‍රහයන්ගේ දෘෂ්ඨිය ලැබෙනවා නම් පොදුවෙ ධනලාභ ලැබිමේ වාසනාව පවති.

● යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ රාහු ශුභයෙක් වන ලග්න තියෙනවා. එම රාහුගේ දෘෂ්ඨියට සිකුරු පාත්‍ර වෙනවා නම් අනිවාර්යෙන්ම හදිසි ධනලාභ ලැබෙනවා.

● සමහර අයගෙ කේන්දර තියෙනවා, ඉතාම නරක කාල පසුකරන, උදාහරණයක් විදියට කාන්තාරයක ජලය, ආහාරපාන තියෙන තැනක්/ක්ෂෙම භූමියක් හම්බවීම, එහෙම නරක කාලයක වුවත් පොඩි විදශාවක්, අන්තර් දශාවක් ලැබුවොත් යහපත් ඒ කාලේ හදිසි ධනලාභ ලැබෙන්න පුලුවනි.
( සෙනසුරු මහ දසාවේ, සෙනසුරු අතුරු දසාවේ, රාහු විදසාවේ, සූක්ෂම සිකුරු දසාවක් යනවවිට බොහෝවිට මේ කාලය සතියක් වැනි කාලයක් පවතින්නෙ, නමුත් ඒකාලෙම ලැබෙන්න පුලුවන් හදිසි ධනලාභ)

● භූමි ලාභ පවා හදිසි ධනලාභයක් තමයි. සදු-සිකුරු යෝගයක් තියෙන කෙනෙක්ටත් හදිසි ධනලාභ ලැබෙන්න පුලුවන්.
විශේෂයෙන්ම සිකුරු-රාහු සංයෝග වී දෘෂ්ටි ලැබෙනවා නම් එවන් අයට හදිසි ධනලාභ ලැබෙන්න පුලුවන්.

ධන ලාභ තිබුනු පමණින්ම හරියන්නෙ නැහැ.

● අපි කියනවා ලොතරැයි වාසනාව තියෙනවා කියල, ඉතින් එහෙම කිව්වට ලොතරැයි ගන්නෙ නැත්නම් ඒ වාසනාව ලැබෙන්න ඉඩ නැති වෙනවා. ඒනිසා ඒ වෙනුවෙන් යම් උත්සහයක් කල යුතුයි. ඒකත් තේරුම් ගත යුතුයි.

උගත් ජ්‍යෝතීර්වේදියෙක්ගෙන් කේන්දරය පරික්ෂා කරගෙන, මේවා දැනගෙන ඒ අනුව බුද්ධිමත්ව කටයුතු කිරීම වඩා සුදුසුයි.

#ඉරුසේවය


* කේන්දරයේ  පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව
* නාමකරණය (නම් තැබීම).
* වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම
 inbox කරන්න.
irusewaya@gmail.com.
0711 345 364