Monday, April 10, 2023

2023 අලුත් අවුරුදු නැකැත් !




2023 වසරේ, අලුත් අවුරුදු නැකැත්, ගැඹුරින් කල්පනා කර බලා නැවත සෑදිමට සිදුවිය.

කණගාටුවෙන් වුවද කිව යුත්තේ, නැකැත් කමිටුව විසින් ලබාදී ඇති නැකැත් වලට අප එකඟ නැති බවය.

* අප්‍රේල් මස 13 සහ 14 දින 2ම සුභ කාලයට ගත හැක්කේ උදෑසන 6 සහ 7 අතර කාලය පමණි. එනිසා එම කාලය ඇතුලත කටයුතු කිරීම මැනවි. එයින් පසුව එනම්, අප්‍රේල් 13 උදෑසන 7 සිට අප්‍රේල් 14 වනදා උදෑසන 6 දක්වා කාලයද,
අප්‍රේල් 14 උදෑසන 7 සිට අප්‍රේල් 15 උදෑසන 6 දක්වා කාලයද සැලකිය යුත්තේ පුණ්‍ය කාලය ලෙසයි.
** සියලුම කටයුතු වලට සුභ දිශාව දකුණු දිශාවයි ! එම දිශාවට සියලු කටයුතු සිදු කරන්න !!!
ඔබ සැමට සම්බුදු සරණයි !

#ඉරු

Friday, March 31, 2023

මාර්තු 31 බුධ මාරුව ලග්න 12ට බලපෑම


ග්‍රහලොව සුරතලා මෙන්ම බුද්ධිමතා ලෙසද සැලකෙන බුධ ග්‍රහයා මාර්තු 31 වනදා මේෂ රාශියට පැමිණේ.

කුජට අයත් මේෂ රාශියට බුධගේ පැමිණීම සහ මාස 2කට අධික කාලයක් රැදී සිටිම කාරණා කීපයකින් සුවිශේෂි වේ.


ලංකා කේන්දරයේ 3 වැන්නට බුධගේ පැමිණීම සිදුවන අතරග්‍රහලොව ගුරුවරයා වන ගුරු/බ්‍රහස්පතී සමග සටනින් ජය ගන්නා බුධ මේෂයට පැමීමද විශේෂය. 


ග්‍රහ ​​ලොව සුරතලා වන බුධ ග්‍රහයාගේ මාරුව ලග්න 12ට බලපාන්නේ මෙසේය.

-
● මේෂ
1 වැන්නට හෙවත් ලග්නයට බුධ පැමිණේ.
ඔබ කලාවට සම්බන්ධ අයෙකු නම්, ඔබට යහපත් ප්‍රතිඵල අපේක්ෂා කල හැක. නව වැඩ කටයුතු සහ ආදායම් මාර්ග උදා වනු ඇත. තම කෝපය සහ හැගීම් පාලනය සහ ඒ ගැන අවබෝධයෙන් කටයුතු කල යුතුය. රැවටීම් ගැන සැලකිලිමත් වන්න. 

-
● වෘෂභ
12 වැන්න වන වියදම් ස්ථානයට බුධ පැමිණේ.
මෙහිදි වියදම ගැන අතිශයින් කල්පනාකාරි විය යුතුය. රාහුගේ බලපෑමද තිබෙන නිසා, විදේශ ගත වන්නට කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධව සුභය. එ​සේම විදෙස්ගත ලාභ ලැබීමට ඉඩ ඇත. ආයෝජන කරීමේදිද ඉතාම සැලකිලිමත් වන්න.


-
● මිථුන
11 වැන්නට හෙවත් අයස්ථානයට බුධ පැමිණේ.
කතාව තුලින් යම් ලාභ ඇති කරගත හැකි කාලයකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසේ. ඒ අනුව යම් යම් දේට ඒවා යෙදෙවීමෙන්ද නව ආදායම් අත්පත් කරගන්නට හැකියාව තිබේ. ජිවිතය අලුතින් පටන්​ගෙන දියුණුවකට යෑමට හැකියාව ලැබෙන කාලයකි.

-
● කටක
10 වැන්න හෙවත් රැකියා ස්ථානයට බුධ පැමිණේ.
වෙනදාට වඩා ආගම දහමට, අධ්‍යාත්මිකත්වයට නැඹුරු වන කාලයකි. රැකියා සහ ව්‍යාපාර ආදිය සම්බන්ධව ගන්නා තීරණ බුද්ධිමත්ව ගත යුතුය. රැකියාව වෙනස් කරන්නටද හේතු තිබේ. නව ඉගෙනීම් කටයුතු වලටත් සුභයි.

-
● සිංහ
9 වැන්නට හෙවත් පුණ්‍යස්ථානයට බුධ පැමිණේ.
වෙනදාට වඩා හුදකලාව ප්‍රිය කරන කාලයකි. එම කාලයෙදි තමන්ගේ කටයුතු වෙනුවෙන් ඇප කැපවන්නට හැකියාව ලැබේ. ආගමානුකූල කටයුතු වලටද ඉතා සුබයි. 

-
● කන්‍යා
8 වැන්නට හෙවත් ආයුෂ ස්ථානයට බුධ පැමිණේ.
මේ අනුව තමන්ගේ සෞඛ්‍ය තත්වය ගැන විශේෂයෙන් සැලකිය යුතු වන්නේ කායික රෝග මෙන්ම ගුප්ත රෝගද ඇති වීමේ යම් ඉඩක් ඇති නිසාය. ඔබ හදි හූනියම් - ගුරුකම් කරන හෝ කරවන කෙනෙක් නම් විශේෂයෙන් පරිස්සම් විය යුතුය. රාත්‍රි කාලයේ ගමන් බිමන් යෑමද අඩු කල යුතු අතර, සෑම අවස්ථාවකදීම ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න.

-
● තුලා
7 වැන්නට හෙවත් විවාහ ස්ථානයට බුධ පැමිණේ.
​පොදුවේ සුභ තත්වයක් වුවද, රාහුගේ බලපෑම නිසා විවාහ කටයුතු වලට නොසිතු ලෙස බාධා ඇතිවිය හැක. ඔබ අන් අය සමග හවුලේ කරන කුමන කටයුත්තකදී වුවද සිත් අමනාපකම් ඇති විමට ඉඩ ඇති නිසා බුද්ධිමත් වන්න. ශරීර සෞඛ්‍ය ගැනද අවදානමත් වන්න.

-
● වෘශ්චික
6 වැන්නට හෙවත් ​​රෝග ස්ථානයට බුධ පැමිණේ.
සෞඛ්‍ය තත්වය ගැන විශේෂයෙන් පරිස්සම් වන්න. ආහාර පාන, ලෙඩ රෝග යනාදියට ගන්නා බේත්හේත් නිවරදි ඒවාද, නිසි වෙලාවට ගැනීමද යනාදිය ඉතා වැදගත්ය. ආශ්‍රය කරන අය ගැනද මනා අවබෝධයකින් කටයුතු කරන්න. 

-
● ධනු
5 වැන්නට​ හෙවත් අධ්‍යාපන ස්ථානයට බුධ පැමිණේ.
ඔබ අධ්‍යාපන හෝ උසස් අධ්‍යාපන කටයුතු වලට මහන්සි වන්නේ නම් මේ කාලය යහපත්ය. විදෙස්ගත අධ්‍යාපනයක් සිතුවේ නම් එම කටයුතු වලටද හොද කාලයකි.
මනස නිරවුල්ව තබාගැනීමට අවශ්‍ය කටයුතු කරන්න.


-
● මකර
4 වැන්නට හෙවත් දේපල ස්ථානයට බුධ පැමිණේ.
තමන්ගේ පදිංචි ස්ථානය සහ දේපල සම්බන්ධව යම් ගැටළුකාරි තත්වයක් ඇතිවීමට ඉඩ ඇත. ඒ ගැන ඉතා සැලකිලිමත් වන්න. ඇසුරු කරන අය සමගද ඕනෑවට වඩා ආශ්‍රය කිරීම ගැන මේ කාලයේ සිතිය යුතුය. රහස් සතුරන් ඇතිවන්නටද යම් ඉඩක් පවති.

-
● කුම්භ
3 වැන්නට හෙවත් වික්‍රමස්ථානයට බුධ පැමිණේ.
තමන්ගේ බුද්ධිය සහ අන් අය ආකර්ෂනය කරගැනීමේ හැකියාව සහිතව කරන කතා වලින් ලාභ සහ ජයග්‍රහණ ලබාගත හැකි කාලයකි. සියුම් බුද්ධිය මැනවින් භාවිත කරන්නේ නම් බොහෝ සතුටුදායක ප්‍රතිඵල ලබයි.

 -
● මීන
2 වැන්නට හෙවත් ධනස්ථානයට බුධ පැමිණේ.
ආර්ථිකයේ යම් උඩ පහල යෑම් සිදුවිය හැක. ගිවිසුම් කොන්දේසි, එකගතා යනාදිය සිදු කරන්නේ නම් කීපවතාවක් ඒ ගැන සිතා බලා කටයුතු කල යුතුය. සමීපතමයන්ට කාලය වෙන් කල යුතුය. 

-

බුධගේ මෙම තත්වයන්ගෙන් සුභ - අසුභ 2ම තිබේ.
එම තත්වයන් සමනය කරගන්නට, දින 3ක් එක දිගට බෝධි පුජා පවත්වමින් සති 7ක් කටයුතු කරන්නේ නම් මැනවි. 
( එම බෝධි පූජාව කරන්නට අවැසි අය අපට inbox මසේජයක් එවන්න.
එවිට අප එය ලබාදෙනු ලැබේ) 

ඔබ සැමට බුදු සරණයි !

#ඉරු

Tuesday, March 28, 2023

බුධ මාරුව ( මාර්තු 31 ~ ජුනි 07)



ග්‍රහලොව සුරතලා මෙන්ම බුද්ධිමතා ලෙසද සැලකෙන බුධ ග්‍රහයා මාර්තු 31 වනදා මේෂ රාශියට පැමිණේ.

කුජට අයත් මේෂ රාශියට බුධගේ පැමිණීම සහ මාස 2කට අධික කාලයක් රැදී සිටිම කාරණා කීපයකින් සුවිශේෂි වේ.


ලංකා කේන්දරයේ 3 වැන්නට බුධගේ පැමිණීම සිදුවන අතර, ග්‍රහලොව ගුරුවරයා වන ගුරු/බ්‍රහස්පතී සමග සටනින් ජය ගන්නා බුධ මේෂයට පැමීමද විශේෂය. 


* නීති ක්ෂෙත්‍රයේ වෙනස් වීම් මෙන්ම නීති පද්ධතියේ වෙනස් වීම්ද අපේක්ෂිතය.

* පාර්ලිමේන්තුව තුල නව නීති ඇතිවනු ඇත.


* ජනතාවට බලපාන නීති වෙනස් වීමට වැඩි ඉඩක් වන අතර, නීතිගරුක රටක් ඇතිවීමට ඉගි මෙමගින් ලැබේ. 


* මැතිවරණය තැබීම යන්න ප්‍රශ්නකාරි වන්නට ඉඩ තිබේ. අනුව මැතිවරණ නොතබන්නට හේතු ඇති කරවයි.


* ආර්ථිකය යම් දියුණුවකට ලගා වේ. 

විදේශ ආයෝජන ලැබෙනු ඇත.


රජය දූරදර්ශීව තීරණ නොගතහොත් ඒවායේ ප්‍රතිවිපාක පසුවට ලැබෙනු ඇත.

පොදුවේ රටට - ජනතාවට තරමක් යහපත් මාරුවකි.


ලග්න 12 බලපාන ආකාරය ගැන පොදු විස්තරය Iru Astrolgy පේජය තුලින් බලාපොරොත්තු වන්න.


#ඉරු