Wednesday, December 31, 2014

ග්‍රහලොව සෙන්පතිගේ පලාපල - කුජ මහ දසාව සහ එහි අතුරු දසා

නවග්‍රහයන් අතරින්, ප්‍රබල ග්‍රහයෙක් වන කුජ හෙවත් අඟහරු ග්‍රහලොව සෙන්පතියා වශයෙන් හඳුන්වයි.

මනුෂ්‍යයාගේ බලය, කායික ශක්තිය එසේම ශරීරයේ ලේ ධාතුව කුජ විසින් නියෝජනය කරයි.

ග්‍රහයා තරමක් උෂ්ණාධික ග්‍රහයෙකි. රතු ග්‍රහයා වශයෙන් හඳුන්වන්නේද මෙම ග්‍රහයාය.

* කුජ මහ දසාව වසර 7කි.
මෙම මහ දසාව තුල පුද්ගලයාට වෙනත් ග්‍රහයන් මෙන්ම දෙයාකාරයකින් ග්‍රහ දසාවේ පලාපල බලපානු ඇත.
යම්කිසි පුද්ගලයෙකුගේ කුජ, උපතේදි බලවත් නම් ඔහුට එම මහ දසාව තුලදී රාජ්‍ය බලය, භූමිලාභ, යාන-වාහන එසේම විවිධ නිලතල ලැබේ. කුජ දුර්වලව සිටියොත් නොයෙක් විදියේ ලෙඩරෝග, කරදර මෙන්ම තවත් බාධා එසේම, අනතුරු ආදිය ඇතිවිමට ඉඩ ඇත.

●  කුජගේ කුජ අතුරු දසාව
මේ කාලය තුල පුද්ගලයාගේ දියුණුව ලැබීම, භූමි ලාභ ලැබීම, නව තනතුරු තාන්න මාන්න ලැබීම සිදුවෙයි.
අයහපත් ආකාරයට පිහිටා ඇත්නම්, තුවාල - අනතුරු, ශරීරයට පීඩා ගෙනදෙන ශල්‍ය කර්ම ආදියට භාජනය වීමට ඉඩ ඇත.

●  කුජගේ රාහු අතුරු දසාව

අධික ඇවිදිලි සහිත ජීවිතය, එසේම සියලුම කටයුතු අඩපණ වීම, සතුරු කරදර සහ ව්‍යාපාර බංකොලොත් වීමද, කෝලාහල වලට හසුවීම ආදියද සිදුවිමට හැක.
දෙදෙනාම කේන්දරයේ බලවත්ව පිහිටා ඇත්නම් කලාතුරකින් දියුණුව ඇතිවේ.

●  කුජගේ ගුරු අතුරු දසාව

නව නිලතල ලැබීම, හමුදාවේ පොලිසියේ ඉහල නිලතල වලට පත්වීම, නිවාස ඉදිකරගැනීමට ලැබීම, එසේම ප්‍රබල පුද්ගලයන් සමග ආශ්‍රය ලැබීම අාදිය සිදුවේ.

●  කුජගේ ශනි අතුරු දසාව

ඉතාම අශුභය.
කුජ-ශනි එකට පිහිටා කේන්දරයේ ඇත්නම්, විවාහ ජීවිතයේ කඩාකප්පල්වීම, එක්කෙනෙකුගේ වියෝව පෙන්වීම. එසේම සියලුම ව්‍යාපාර වස්තු බංකොලොත් වී මහ මගට ඇද වැටිම, ශරීරයට පීඩා කරන අනතුරු ආදිය සිදුවීම විය හැක.

●  කුජගේ බුධ අතුරු දසාව

හොඳ කාලයකි. සූක්ෂම බුද්ධියෙන් කරන කටයුතු සාර්ථක වීම, ඉගෙනීම දියුණු වීම, එසේම ඉගෙන ගන්නා ළමයින් විභාග වලින් සමත්වීම ආදිය සිදුවේ. හොදයි.

●  කුජගේ කේතු අතුරු දසාව

ශරීරයට පීඩා කරන දුක් ආදිය, බෝවන රෝග වැළදීම, නින්දාවට පත්වීම, සතුරන්ගෙන් විපතට පත්වීම ආදිය සිදුවිය හැක.
නමුත් කේතු බලවත් නම් මිනිරන්, මැණික් ආදි පොලවෙන් ලැබෙන වස්තු සම්පත් ලැබේ.

●  කුජගේ සිකුරු අතුරු දසාව

හොද කාලයකි. ස්ත්‍රින්ට පුරුෂයන් සමගද, පුරුෂයන්ට ස්ත්‍රින් සමගද ආශ්‍රය වැඩිවිමට කාලයකි. ලිංගික කටයුතු වලට වැඩි ආශාවක් ඇතිවේ. ලිංගික ශක්තිය වැඩි වර්ධනය වේ. විවාහය සිදුවේ. කම්සැප උපරිම ලැබේ. එසේම යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම් හා සියලුම සැප සම්පත් ලැබේ.

●  කුජගේ රවි අතුරු දසාව

මෙම දෙදෙනා ප්‍රබලව සිටියොත්, විශාල දියුණුවක් ලැබේ. දේපල ඉඩකඩම් භූමිලාභ ලැබේ. ඉතාම හොදයි. හමුදාවේ පොලිසියේ සිටින අයට නිලතල ලැබේ. අයහපත්ව පිහිටා සිටියොත් උෂ්ණාධික රෝග මගින් පීඩාවට පත්වේ. හමේ රෝග ඇතිවේ. ලේ විෂ වේ.

●  කුජගේ චන්ද්‍ර අතුරු දසාව

කේන්දරයේ මෙම දෙදෙනාගේ සංයෝගය යහපත් ලෙස තිබේ නම්, උතුම් වූ පුත්‍ර සම්පත් ලැබේ. විවාහ මංගල කටයුතු සිදුවන කාලයකි. එසේම කායික ශක්තිය ඇතිවේ. කාන්තාවන්ට ප්‍රජනන ශක්තියේ හොද වෙනස්කම් ඇතිවේ. ඉතාම හොද කාලයක්.
නරකට පිහිටියොත්, අඹුසැමියන් අතර යුගදිවි ගැටළු මෙන්ම, විවිධාකාර ප්‍රශ්න උපද්‍රව මතුවිමට ඉඩ ඇත.

* පොදු කරුණු බව සලකන්න..

කේන්දර සටහන අනුව මෙන්ම, අදාල ගෝචර පල මෙන්ම තම කල්ක්‍රියාව අනුවද මෙම තත්වයන් වෙනස් විය හැක.

Monday, December 29, 2014

සතියේ ලග්න පලාපලය (දෙසැ 30 සිට)

●  මේෂ
මේ සතිය ආරම්භ වන්නේ ඉතාම ශුභදායක සතියක් වශයෙනි.
ආර්ථික තත්වය ඉතාම යහපත් වේ. විශේෂයෙන්ම තමාගේ හොඳ නම නිසාත්, තමාගේ ප්‍රියමනාප භාවය නිසාත් බොහෝ වාසි ප්‍රයෝජන අත්වීමට පටන් ගනී. පිට පලාත් වල රැකියා කරන අයට ශුභයි.
අලුත් ලාභ ප්‍රයෝජන ඇතිවේ.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතිමත්ව ගතවන අතර, නිවසට නෑදෑ පිරිවර එයි. එසේම ප්‍රීති උත්සවයන්ගෙන් නිවස අලංකෘත වේ. එසේම නිවසට අලුත් බඩුබාහිරාදිය ලබාගැනිමට හොද කාලයකි.
තත්කාල ග්‍රහචාරයේ පිහිටිමේ හැටියට, ඔබට සෙම් අමාරු හැරුණු විට වෙනත් ගැටළු සහගත තත්වයක් නොපෙන්වයි.

● වෘෂභ
ඔබට මිශ්‍රඵලයි.
සතිය 30 වනදායින් දින 2-3කට ආර්ථික තත්වයේ කිසියම් චංචල භාවයක් තිබුනද පසුව එම තත්වය පාලනය වෙයි. ඒ කාලය තුල, ඇපයට අත්සන් කිරිම, මුදල් ණයට දිම්, ගැනීම් ආදියද නොකල යුතුය. එයින් පසුව ඔබට ආර්ථික වාසි බෙහෙවින්ම සැලසේ.
ගෘහ ජිවිතයට කිසිම අයහපත් බලපෑමක් නැත. විවාහ මංගල යෝග උදාවේ. එසේම ප්‍රේම සබදතා සඵල වේ. නිවසට නෑදෑ පිරිවර පැමිණීම සිදුවෙයි. අඹුසැමි ප්‍රේමය වැඩිවෙයි. කාමාශාව බලවත් වන කාලයකි.
රෝග පීඩා සම්බන්ධව ප්‍රබල ගැටළුවක් නොමැත.

● මිථුන
ඉතාම ශුභ සතියකි.
ඒ කෙසේද කියනවා නම්, නව වසර උදාවන්නේද ඔබට ධන යෝග උදා කරමින්ය. ධන ධාන්‍ය තත්වය වැඩිවි පවතින ආදායම් මාර්ග වැඩි දියුණු වේ. දියුණුවට අතහිත ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවන අතර, තමා ජනප්‍රිය පුද්ගලයෙක් බවට සමාජයේ පත්වේ. ඔබගේ කීර්ති නාමය දසදෙස පැතිරී යයි. නව ඥාති සබදතා ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු සහගත තත්ව නොමැත.

● කටක
ඉතාම ශුභයි.
විශේෂයෙන්ම ව්‍යාපාරික ක්ෂෙත්‍රෙය් සහ ආනයන අපනයන, විදෙස් රැකියා, පුද්ගලික අංශයේ රැකියා කරන අයට ඉතා ශුභ සතියකි. කටක ලග්නයෙ දේශපාලනය කරන අයට මිලියන ගණන් මුදල් ලැබීමට නියමිතයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. නිවසට අලුත් බඩුමුට්ටු මෙන්ම විදේශ ගමන් බිමන් යෙදේ. වැඩිහිටි අයට වන්දනා ගමන් යෙදේ. දන් පින් කිරීමට හේතු ඇතිවන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැතත් පිත් සහ ආමාශ ගත රෝග ගැන සැලකිලිමත් වන්න.

● සිංහ
ඉතාම හොඳ සතියකි.
පෙර පින් බලය මතුවීම නිසා ආර්ථික වාසි ඉබේම වාගේ මතුවෙයි. එසේම මෙම සතිය ඇතුලත යහපත් ධනලාභ ඇතිවිමට බොහෝ ඉඩකඩ පවතී. එසේම වැඩිහිටියන්ගෙන්, පවුලේ අයගෙන් ආර්ථික ධන ලාභ ඇතිවේ. එසේම උරුමහරුමකම් ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත් වේ. දානාමානාදී පින්කම් කිරිමටත්, භික්ෂූන් වහන්සේලා වඩම්මා පින්කම් කිරීමටත් සිත් පහල වේ. සිත ශාන්තභාවයකින් පිරී යයි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල වෙනස්කම් නැත. උෂ්ණාධික රෝග ගැන බලන්න.

● කන්‍යා
මේ සතිය දැඩි අශුභකාරි සතියකි.
එසේම ඔබගේ සියලු ධනෝපායන මාර්ග වල දැවැන්ත බාධක මතුවේ. එසේම ඔබගේ ව්‍යාපාරික කටයුතු බිද වැටීමට ඉඩ ඇත. එසේම ඔබ ලග විශ්වාසයෙන් සිටි අය ඔබට ද්‍රෝහි විමට ඉඩ තිබේ. තවද කිසිම වැදගැම්මකට නැති දේවල් නිසා ඔබගේ අතිමහත් මුදල් වැයකිරිමට සිදුවේ. එසේම ඔබට රැකියාව අහිමිවී යාමේ පෙර නිමිති පහල වන නිසා එය රැක ගැනීමට උත්සහ ගන්න.
ගෘහ ජිවිතය තරමක අවුල්කාරි තත්වයක් ඇතිවේ. පවුලේ සාමාජිකයන් සමග වෙනදාමෙන් හිත හොද භාවයක් ඇති නොවේ. නිතරම මානසික ආතතිය ඇතිවේ. විටෙකදී දරුවන් සමග මෙන්ම සහෝදරයන් සමගද ආරවුල් ඇතිවිමට ඉඩ තිබේ.
ඔබට මේ කාලයේදී මෙම මානසික අසහනය දුරුවීමට මෛත්‍රි භාවනාව ප්‍රගුණ කිරීම හොදයි.
ලග්නයේ රාහු ගමන් කරන බැවිනුත්, චන්ද්‍රයා 8 බැවිනුත් මානසික තත්වය ගැන සැලකිලිමත් වන්න.

● තුලා
ශුභ සතියකි.
මේ සතිය තුලදී, ආර්ථික වාසි ඉහලින්ම සැලසේ. එසේම ඔබට හොද තත්වයේ ආර්ථික ගනුදෙනු සිදුවීමට නියමිතය. හවුලේ කරන අයගෙන් උදව් උපකාර මෙන්ම විවාහ සහකරු/සහකාරියගෙන් උදව් උපකාර ලැබේ. ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවේ. මංගල යෝග උදාවේ. අවිවාහක අයට මේ කාලය සුබයි. නිවසට අලුත් නෑදෑ හිත මිතුරන් පැමිණේ.
සතිය අගදී සෙම් රෝග සහ ආමාශගත රෝග ගැන සැලකිල්ලෙන් පසුවන්න.

● වෘශ්චික
සමඵලදායකයි.
සතිය මුලදී ණය ගනුදෙනු හා මුදල් ගැනීම නොකල යුතුය. සතිය මැදදි ඒ තත්වය පහව යයි. කොටස්කාර, හවුල්කාර අයගෙන් වාසි සහගත තත්ව ඇතිවේ.
ගෘහ ජිවිතය තුල නැන්දලා මාමලාගේ උදව් උපකාර නිසා දියුණු වේ. සතිය මැදදී අඹුසැමියන් අතර දැඩි ලෙංගතුකමක්, ප්‍රේමයක් වර්ධනය වේ. විවාහ වීමට හොද කාලයක් උදාවේ.
සෞඛ්‍ය තත්වය, මුලදී අයහපත් පසුව හොදයි.

● ධනු
කේන්ද්‍රයට අනුව හොද සතියකි.
සතිය මුලදී ලොතරැයි දිනුම්, හදිසි ධනලාභ ලැබේ. සතිය අගදී සතුරු කරදරයක් පැමිණීමට පුලුවන්. ධන ධාන්‍ය තත්වය විනාශ වීමට ආදියට පෙන්වයි. පරිස්සම් වන්න.
ගෘහ ජිවිතය හොදයි. දුවා දරුවන්ගේ කටයුතු නිසා සිතට සැනසිල්ල ඇතිවේ. එසේම ඔවුන් සමග ප්‍රීති වීමට ඉඩ ප්‍රස්ථාව ලැබේ.
සෞඛ්‍ය තත්වය අයහපත් නොවේ. සතිය අගදී අජීර්ණ රෝග ගැන සැලකිලිමත් වන්න.

● මකර
බෙහෙවින්ම හොද සතියකි.
තමාට ආදායම් මාර්ග උදාවන අතර, භූමි ලාභ ලැබේ. ජලාශ්‍රිත ව්‍යාපාර, රැකියා කරන අයට ඉතාම සුබයි. නව දේපල වාසි, නව ආදායම් මාර්ග ලැබේ. ගොවිතැන් කරන අයට සුබයි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවේ. අඹුසැමි ප්‍රෙමය වර්ධනය වේ. පිට පලාත් වල සංචාරයට අවස්ථාව ලැබේ. ප්‍රිය සම්භාෂණ වලට සහභාගි විමට අවස්ථාව ලැබේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත, පපුවේ සෙම රෝග ගැන සහ සෙම්ප්‍රතිශ්‍යාව ගැන සැලකිලිමත් වන්න.

● කුම්භ
ඉතාම ශුභ සතියකි.
තමාගේ උත්සහයේ උනන්දුවේ හැටියට ආදායම් තත්ව වැඩි වර්ධනය වේ. දියුණුවට සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ. තමාගේ බලය කීර්තිය වැඩිවන කාලයකි.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවේ. සහෝදර-සහෝදරියන්ගෙන් දියුණුට අතහිත ලැබෙනු ඇත. එසේම සතිය මැදදී නිවසට වටිනා කියන දේ මිලදී ගැනීමට නියමිතයි. අඹුසැමි ප්‍රේමය වර්ධනය වේ.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නම් සෙම් ආශ්‍රිත රෝගයි. පරිස්සම් වන්න.

● මීන
ඉතාම ශුභ සතියකි.
ආර්ථික තත්වය වැඩි දියුණු වේ. මෙම සතියේදී විදේශ ගතව සිටින ඔබට සුභ සතියකි. සතිය අගදී තමාගේ හොද නම නිසා කිසියම් ආකාරයක වාසි සහගත තත්වයක් මතුවිමට පුලුවන.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. දුවා දරුවන්ට සුබයි. භූමි ලාභ සහ වෙනත් ලාබ ප්‍රයෝජන මතුවිමට ඉඩ ප්‍රස්ථාව ඇතිවේ.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත. උෂ්ණාධික රෝග සහ අජීර්ණ තත්වයන් ගැන සැලකිලිමත් වන්න.

පොදුවේ ඔබට

මේෂ රැසේ සිට මීන රැස දක්වා උපන් අපගේ පාඨක ජනතාව වන දයාබර ඔබට ලග්න පලාපලය කෙසේ වෙතත් 2015 වසර ඉතාම ප්‍රීතිමත්ව ගත කිරිමට සෞභාග්‍යයෙන් සංතෘප්තව සිටිමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනය කරන්නෙමු !

තෙරුවන් සරණයි !






ලක්ෂ්මී දේවතාවිය

(
ධන ලක්ෂ්මී දේවතාවිය නොවේ )

Sunday, December 28, 2014

ඉරු සේවයේ කාර්යාලය - තලවතුගොඩ

* කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.

irusewaya@gmail.com
077 22 38041









Saturday, December 27, 2014

සරස්වතී දැහැනෙන් ජීවම් කරන ලද, යන්ත්‍රය සහ පොල් ගෙඩිය

ඉගෙන ගන්නා දුවා දරුවන් වෙනුවෙන් අප සේවයේ, ලබාදෙන සුවිශේෂී සරස්වතී යන්ත්‍රය සම්බන්ධවයි.

අද දවසේ තරගකාරි අධ්‍යාපනයෙන් හෙම්බත්වී සිටින දුවාදරුවන්ගේ යහපත සහ අභිවෘද්ධිය වෙනුවෙන් අතිසුවිශේෂි ආකාරයට ජිවම් කටයුතු කරන ලදී, නමෝ ශ්‍රී රාවණ මුඛ සිද්ධි සරස්වතී යන්ත්‍ර රාජිණිය අපගේ සේවය හරහා දැන් ඔබට ලබාගත හැක. මෙම යන්ත්‍රයත් සමග ජීවම් කරන ලද තෙල්, එසේම ජීවම් කරන ලද පොල් ගෙඩිය (ලෙල්ල පිටින්) ලබාදෙනු ඇත.

මෙයට ඔබ අඩි 3ක් දිග, සමන්පිච්ච මල් මාලයක් අප වෙත ලබාදිය යුතු වේ. එසේත් නොමැති නම් එම මල් මාලය ගෙතීමට යන මුදල වෙනමම ගෙවිය යුතුය.

මෙම යන්ත්‍රය පැළදීමෙන්, තරග විභාග වලින් සමත්වීමට අවශ්‍ය ආශිර්වාදයන් මෙන්ම ශක්තිය ලැබීම, අධ්‍යාපන කටයුතු වල කැපී පෙනෙන දියුණුව, ධාරණ ශක්තිය දියුණුවීම ආදිය සිදුවේ.

එසේම මෙම යන්ත්‍රය පැලදීමෙන්, දරුවන්ට කාලයෙන් කාලයට ඇතිවන නවග්‍රහ දෝෂ, එසේම නව ග්‍රහයන් අතරින් ලෙඩ කරන කේතු දෝෂ, මනස අවුල් කරන රාහුගේ අපල සේම සෙනසුරු මහ දසාව නිසා ඇතිවන කම්මැලිකම, කඩාකප්පල්වීම ආදිය එසේම දුර්වල සදු මහ දසාව නිසා හෝ එහි අතුරු දසා නිසා ඇතිවන රෝගාබාධ තත්ව මේ ආදි සියලුම ග්‍රහ දෝෂ නසා, අට අනූවක් රෝග, නව අනූවක් රෝග නැති කර, ඇස්වහ කටහව, හෝවහ අඩෝවැඩියා දෝෂ නැති කර, දරුවාගේ අධ්‍යාපනික පැත්තෙන් ශුභවාදි උත්තේජනයකට මෙය මග පාදයි.
තවත් දෙයක් සදහන් කල යුතුයි. රාහු අපල ඇති අයට, එම අපල දුරුවීමට නාගර්ජුන යන්ත්‍රය පැලදීම සරස්වති යන්ත්‍රය පැලදීම තවත් ශුභදායකයි.
අනිත් ග්‍රහ අපල වලටත් එසේමයි.

මේ ගැන අපගේ සේවයෙන් විමසා දැනගන්න.

අප සියලුම යන්ත්‍ර දෙනු ලබන්නේ, මනා කේන්දර පරික්ෂාවකින් යුක්තවය. විශේෂයෙන්ම ඥාන යෝග නැති. කේන්දරයේ 5 වැන්නාධිපති, 9 වැන්නාධිපති බලවත් නැති කේන්දර හිමි උපතින්ම යම් අදක්ෂ වැනි අය වෙනුවෙන් යන්ත්‍රය ගැන ඒ වෙලාවට තීරණය කරනු ඇත.

Friday, December 26, 2014

අප අපගේ ලිපි මගින්, අපගේ පාඨක ජනතාවට සඳහන් කරන්නේ පොදුවේ දැක්වෙන කරුණුය.
ග්‍රහ පිහිටිම් සම්බන්ධවත් එසේමයි. අප ඒ ඒ කාල වලට පල කරන ලිපි සම්බන්ධයෙන් අප පූර්ණ වූ වගකීම භාරගන්නේ අපගේ හෘද සාක්ෂියටත් එකඟවය.
එනම් එහි ඇති ජෝතිෂ්‍යය කරුණු සෑම ආකාරයකින්ම නිවරදි බව තහවුරු කරමින්ය.

නමුත් බහුතරයක් නොවේ, ඉතාම සුළු පිරිසක් අප කල්පනා කරන්නේ ඔවුන් ජෝතිෂ්‍යය සම්බන්ධව අපත් සමග යම්කිසි වාදයකට සැරසෙනවා යැයි කියාය.
ඉතින් මෙම පිරිස අප පල කරන්නාවු සියලුම ලිපි අනුසාරයෙන් යම්කිසි කොටසක් කොහෙන් හෝ ඇහිදගෙන ඒ ඔස්සේ විවිධාකාර ප්‍රශ්න මතු කරමින් අපට පහර ගැසීමට මෙන් අපගෙන් විවිධාකාර වූ ඊනියා ජෝතිෂ්‍යය ප්‍රශ්න ඇසීමට පටන්ගෙන ඇත.

නමුත් එයින් අංශු මාත්‍රයක ප්‍රතිඵලයක් හෝ ප්‍රයෝජනයක් අත්වන්නේද නැත. පසුගිය දිනවල අපිට මතකයි ජෝතිෂ්‍යය ගැන කිසිම දැනුමක් නැති අය 22වන දෙර්කාණාධිපතියා ගැන අපගෙන් ප්‍රශ්න කල හැටි.
මෙහි අප පල කරන ලිපි එසේ පලකරනවා නම් රෑ දවල් 2ම මෙහිම සිටිමට සිදුවිය යුතුය.

* මේ ලගදි කෙනෙක් අහල තියෙනවා, “ලග්නාධිපතියා සිකුරු වෙලා 2වැන්නේ ඉන්නවා, ඒත් එයා පොහොසත් නෑ කියල“ .
අපි පොදු කරුණක් විදියට සිකුරු 2වැන්නේ ධනවත් වීමේ ලක්ෂයක් බව ඇත්ත. නමුත් කවුද දන්නේ ජිවිත කාලෙටම එයාට සිකුරු මහ දසාවක් ගත වෙන්නෙ නැද්ද කියල.
එහෙම නැත්නම් සිකුරු ජන්ම නැකත අනුව විපත් නැකතක උපතේදි ගමන් කරල තියෙනවද කියල ??

* තව දෙයක්, සාමාන්‍ය විදියට බ්‍රහස්පති/ගුරු උච්ච වෙලා 10 හිටියොත් එයාට රජයේ රැකියාවක් ලැබෙනවා. විශේෂයෙන්ම මැනේජර් ධූර, ගුරු වෘත්තිය වැනි ඒව.
මම කේන්දරයක් බැලුව ගම්පහ පැත්තේ, 1968 වගේ ඉපදුනු කෙනෙක් මීට අවුරුදු 10කට විතර කලින් මම බැලුවේ, එයාගෙ කේන්දරයේ 10 වැන්නේ ගුරු උච්චයි. එයාගෙ ජොබ් එක මොකක්ද දන්නවද ? කසිප්පු විකුණන එක. ඒ කියන්නේ නීති විරෝධි මත්පැන් ජාවාරම.
එතකොට කෙනෙක් කේන්දරය බැලුවාම මෙයා රාජ්‍ය අංශයේ ඉහල රැකියාවක්ද කියල කියයි.  එහෙම කියන්න බෑ. තව කරුණු සාධක තියෙනව.

අපි මේ මුහුණු පොතේ ජෝතිෂ්‍යය සේවය හරහා කරන්නේ, යම්කිසි දැනුමක් ජනතාවට දීලා, ඒ හරහා සන්නිවේදනයක් කරන්නයි.
ඒක සමහරු පාවිච්චි කරන්නේ, අපිට පහරගහන්නයි. ඒක අපිට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ඒකෙන් අපිට පහර වදින්නෙත් නෑ. ඒ අයගේ කාලය තමයි නාස්ති වෙන්නෙ.
ඕනම කෙනෙකුට අභියෝග කරන්නෙ, තමන්ගේ කේන්දරය බලාගන්න උවමනා නම් ඒක කරගන්න ක්‍රමයට ඇතුලට ඇවිල්ලා බලාගන්න. ඊට පස්සේ ඒහි පස්සිකෝ කියල ඔයාට තේරෙන්න පුලුවන් කොහොමද තත්වයක කියල.. - ඇත්ත නැත්ත.

අපිට පහරගහන ඉතාම සුළු පිරිසකට කියන්න තියෙන්නෙ මෙච්චරයි, සියලුම දෙනාටම තෙරුවන් සරණයි !

Wednesday, December 24, 2014

ඔබටත් සැප සම්පත් යස ඉසුරු පිරුණු ජීවිතයක් හිමිවේද ?

මෙලොව ජීවත් වෙන සියලුම දෙනා ආශා කරන්නේ භෞතික සැප සම්පත් උපරිම ආකාරයෙන්ම වින්දනය කිරීමටය. එසේ නම්, ඒවා ගෙවල් දොරවල්, යාන-වාහන, ඉඩකඩම්, පිරිවර සැප සම්පත් එසේම පුරුෂයන්ට නම් ස්ත්‍රි සංගම්ද, ස්ත්‍රින්ට නම් පුරුෂ ආශ්‍ර ආදි එවැනි දේත් ඊට අදාල වේ.

වර්තමානයෙදි මෙම සැප සම්පත් උපරිම ආකාරයට විඳින්නේ අප රටේ දේශපාලකයන්ය. ඔවුන් කුමන තරාතිරමක කුමන පක්ෂයක සිටියත් මේවායින් අඩුවක් නම් නැත. ඔවුන් භාවිත කරන මෝටර් රථ 1කට වඩා තිබේ. ඒවායේ මිල දැක්වෙන්නෙ මිලියන ගණනිනි.
ඔවුන්ට රට පුරාම, සමහර ස්ථාන වල මහා මන්දිර ඇත. එසේම විවිධාකාරයට කම්සැප විඳිති. සමහර ව්‍යාපාරික අයටත් එවැනි විදියටම තිබේ. කෙසේ වෙතත් මෙවැනි තත්ව ඇතිවන්නේ, කිනම් ග්‍රහ බලයකින්දැයි සැකෙවින් විමසා බලමු.

* මෙම කේන්දරය දිහා බලන්න, ග්‍රහයන් බලවත් වෙලා තියෙන අයුර.

● යම්කිසි කෙනෙකුගේ ජන්ම පත්‍රයට අනුව චන්ද්‍රයා 5 සුභ දෘෂ්ඨි සහිතව සිටිම හදිසියේම ධනවත් වන පිහිටිමකි.
● ගුරු-සිකුරු යන ග්‍රහයන් ධනස්ථානයට බලවත්වීම,
එසේම ලග්නයට යෝගකාරක වී ධනස්ථානයේ බලවත්වීම ඉතාම ශුභ සෙත සලසන තත්වයකි.
● 5, 9 අධිපතියන් ශුභ ග්‍රහයන් වී කේන්ද්‍ර ගතවීම ලක්ෂ්මී යෝගය ලෙස හැදින්වේ. එවන් කේන්දර ඇති අයද ඉතාම බලවත් ආර්ථික තත්වයකට හිමිකම් කියයි.

● එසේම යම්කිසි කෙනෙකුගේ කේන්දර වල 4 වැන්නාධිපතියා, 11 වැන්නාධිපතියා සමග බලවත්වීම සුඛෝපභෝගී යාන වාහන ලැබෙන පිහිටිමකි.
එය විශේෂිතම තත්වයකි.
ඉහත කේන්දරය හිමි තැනැත්තා, එතරම් අධ්‍යාපන තත්වයක් ඇති කෙනෙකු නොවේ. ඔහුට පුද්ගලික ප්‍රවාහන ව්‍යාපාරයක් තිබුනි.

එය ඔහුට හිමිවූයේ, ඔහුගේ පියාගෙනි. එම කාලයෙදි ඉතාම අබලි වූ වාහනයක් තබාගෙන සිටිය ඔහු අද ප්‍රවාහන සමාගමක් පවත්වාගෙන යයි.
ඔහුගේ යටතේ සේවකයන් ඉතා විශාල ගණනක් සේවය කරයි. එසේ ඔහුට යාන වාහන ඉඩකඩම් සහ සියලුම භෞතික සැපසම්පත්ද වෙනත් ආර්ථික මාර්ගෝපායන්ද ඇත.
* එම කේන්දරයේ සිකුරු ග්‍රහයා, ගුරු ග්‍රහයා බලවත්වූ ආකාරය බලන්න.
එසේම කේන්දරයේ භූමි ලාභ ලබාදෙන අගහරුගේ බලවත්වීම බලන්න.

මීට අමතරව දුර්ලභවූ, වාසනාවන්ත වූ රාජ යෝග තත්වයන් ධන යෝග තත්වයන් ඇත. ඒවා ගැන අප ඉදිරියේදි සදහන් කරමු.

තෙරුවන් සරණයි !


Tuesday, December 23, 2014

කාන්තා ඔබ පමණක් ලෙඩ කරන ග්‍රහයන් ඔබ දන්නවාද ?

ආයුර්වේදයේ දැක්වෙන පරිදි ස්ත්‍රී රෝග වශයෙන් වෙන්කොට කාණ්ඩයක් ඇත.

එමගින් හඳුන්වනු ලබන්නේ, ස්ත්‍රීන්ට පමණක්ම වැළදෙන රෝග නිසාය. විශේෂයෙන්ම පුරුෂයාගේ මෙන් නොව ස්ත්‍රියගේ ශරීරය පුරුෂයාට වඩා තරමක සංකීර්ණභාවයක් උසුලන නිසාය.
විශේෂයෙන්ම කාන්තාවන්ට වැළදෙන රෝග අතර, සුලබම කාන්තා රෝගය විදියට හඳුන්වන්න පුලුවන්,

“ශ්වේත ප්‍රදරය“ හෙවත් සුදයාම.

* මෙම රෝගී තත්වය කාන්තාවන්ට එසේම නව යොවුන් වියේ දියණියන්ට ඉතාම පීඩාකාරි අත්දැකීමකි. මෙම රෝගයට ගොදුරු වූ විට මානසික ඒකාග්‍රතාවය නැතිවීම, ක්‍රමයෙන් ශරීරය කෘශවීම, ශක්තිය අඩුවීම ආදිය වෙයි.
* මෙම රෝගයේ ලක්ෂණය නම්,
ස්ත්‍රී යෝනි මාර්ගයෙන් සුදුපාටට හෝ මඳක් කහපාටට යම්කිසි ශ්‍රාවයක් නිකුත් වීමයි.
එම ශ්‍රාවය දැඩි දුර්ගන්ධයකින් යුක්ත වන අතර, විශේෂයෙන්ම මානසික අපහසුතාවයට ලක්වන ප්‍රධානම කාරණාවක්ද වෙයි.
මෙම රෝගි තත්වය නිසා, මෙම ශ්ලේෂ්ම හෙවත් ශ්‍රාවයේ ඇති බැක්ටීරියා මගින් ස්ත්‍රී යෝනි මාර්ගයේ බිත්ති වලට හානි කොට, තුවාල ඇතිකොට එයින් ආසාදන තත්වයන් ඇතිකොට කැසීමට ලක්වීම ප්‍රධාන ලක්ෂණයකි.
මෙය වැඩිහිටි කාන්තාවන්ට කෙසේ වෙතත්, නව යොවුන් වියේ දියණියන්ට මෙම තත්වය ඇතිවුවහොත් ඔවුන්ගේ ඉගෙනීමේ කටයුතු වලට දැඩි පීඩාකාරි තත්වයක් ඇතිවේ.

මෙම ලිපියේ තව කොටසක් පලකිරිමට අප සිතන්නේ, මෙහි ඇති වටිනාකම තේරුම් ගැනීමත් හුදෙක් මේ ලිපිය මගින් අපගේ දියණියන්, සොහොයුරියන් වන කාන්තා සියලුම දෙනාට ඉතාම ප්‍රයෝජනයක් වේයැයි සිතා කරන මහගු පින්කමක් ලෙසිනි.
එසේ නම් මීට අදාල ප්‍රතිකර්ම ඊලග ලිපියේ සදහන් කරන අතර, දැනට එවන් තත්වයකට පත්විමට කේන්දරයෙ ඇති ග්‍රහ තත්වය කුමක්දැයි පරික්ෂා කර බලමු.

●  යම්කිසි කාන්තාවකගේ කේන්දරයේ ලග්නයෙන් 8 වැන්නේ(8) රවි සහ ශනි පිහිටා සිටීම.
●  ලග්න භාවයේ(1වැන්නේ) රවි - බුධ පිහිටා සිටියදී සෙනසුරු 8 වැන්නේ පිහිටීම.
●  යම්කිසි කාන්තාවකගේ කේන්දරයේ සඳු/චන්ද්‍රයා නීච වීම
●  ශනි - සිකුරු යෝගය 7 වැන්නේ තිබියදී රාහුගේ දෘෂ්ඨියට පත්වීම.
●  එසේම දරුවන් වැඩිවියට පත්වන අවස්ථාවේදි කේතු මහ දසාව පැවතීම.
●  ස්ත්‍රි කේන්දරයක 1, 6, 7, 8 සහ 12 යන ස්ථාන වල කුජ - ශනි යෝගය පිහිටා සිකුරු දුර්වල වීම.

මෙවැනි කේන්දර පිහිටිම් ඇති අයට, විශේෂයෙන්ම මෙම රෝගයට ගොදුරුවීමේ වැඩි ඉඩකඩක් ඇත.

රූපයේ දැක්වෙන පරිදි  කේන්දරයක් පිහිටා තිබිය හොත් මෙම රෝග වැලදීමේ වැඩි ඉඩකඩක් ඇත. එසේ නම් අප ආයාචනා කරන්නේ, ඔබට ඔබගේ සහෝදරියට, බිරිදට මෙවන් රෝග තිබේ නම් ඒ ගැන සැලකිලිමත් වී අදාල ප්‍රතිකාර ලබාගන්නට කටයුතු කරන ලෙසයි.

ඉදිරියේදි අප තව තවත් මේ සම්බන්ධව ලිපි පල කරන්නම්. මේ ලිපිය බලා වෙනදා මෙන් නිකන් ඉන්න එපා. මේ ලිපියට ලයික් කිරීම කෙසේ වෙතත්, මේ සම්බන්ධව ඔබගේ ප්‍රතිචාර/කමෙන්ට් පල කර ඔබගේ උනන්දුව පෙන්වන්න. එය විශාල පිරිසකට සෙත සැලසෙන දෙයකි. ඉදිරියේදි තව පලකරනවා.

තෙරුවන් සරණයි !


Sunday, December 21, 2014

සතියේ ලග්න පලාපලය - දෙසැ 22 සිට

● මේෂ
ශුභ සතියකි.
ඔබට මේ සතියේදි වාසනාව ගුණ මහිමය නිසාම ඔබට ආර්ථික වශයෙන් විශාල දියුණුවක් ඇති කරගැනීමට පුලුවන්. ඒවගේම උත්සාහයෙන් ධෛර්යයෙන් කරන සියලුම කටයුතු සාර්ථක වී එමගින් ආර්ථික වාසි සැලසෙනවා ඇත.
වෙනදාට වඩා පිනට දහමට නැඹුරු වන එසේම වැඩිහිටියන් සමග ගෞරවයෙන් ආදරයෙන් ජීවත් වීමට ලැබේ. එසේම ඔබගේ සියලු කටයුතු වලට නිවසින්ද සහයෝගයක් ලැබේ.
විශේෂ සෞඛ්‍ය ගැටළු නැත. නිදන්ගත රෝග ඇති අය පාලනයට යොමුවන්න.

● වෘෂභ
ඔබට එතරම් ශුභ සතියක් නොවේ.
මන්ද ඔබගේ උත්සාහයේ තරමට දියුණුව ලැබීම අපහසුය. ඔබ ඒ පිලිබදව ප්‍රවේසම් වන්න. ආයෝජන වලදීද පරිස්සම් වන්න.
ගෘහ ජිවිතයේ කිසියම් ආකාරයකට ආර්ථික පැත්ත නරක් විම නිසා ගැටළු මතුවිය හැක. නමුත් සතිය අගදී මෙම තත්වයන් වෙනස් වී යහපතක්, සෙතක් සැලසෙනු ඇත. 
සතිය මුලදී පවතින සෞඛ්‍ය ගැටළු, ක්‍රමානුකූලව අවසන් වේ.

● මිථුන
මේ සතිය මධ්‍යස්ථවන සතියකි.
ඔබගේ ආර්ථික තත්වය දියුණු කරගැනීමට තරමක වෙහෙසක් මහන්සියක් ගත යුතු වේ. සතියේ මුල් දවස් කීපය තුල ආර්ථික පාඩු ඇතිවේ.
ඔබට ගෘහ ජිවිතයේ යම් යම් ගැටළුකාරි තත්ව මතුවීමට පුලුවන. ඒ ආර්ථික තත්වයේ දුර්වලකම් නිසාය. ඒවා මගහරවා ගැනීමට උත්සුක වන්න.
උදරාබාධ සහ එක් එක් ආකාරයේ රෝග පීඩා මතුවිය හැක. සැලකිලිමත් වන්න.

● කටක
 ශුභාශුභ මිශ්‍රපල සතියකි.
ලග්නයේ ඇති ග්‍රහ බල හා සසදා බලන කල සතිය ආරම්භයේ යම් පසුබෑම් ආර්ථික තත්වයේ තිබුනද, ඒවා ක්‍රමානුකූලව යථා තත්වයට පත්වේ. එසේම ඔබට සතිය මැදදී හවුලේ කරන ව්‍යාපාර වලින් හොද ආදායමක් ලැබේ. අතමිට සරුවේ. සතිය අවසානයේ යම් ආර්ථික ගැටළු ඇතිවිය හැකි නිසා ඒවා ඔබ පාලනය කරගත යුතුය.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගත වේ. සතිය මැදදී අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වන අතර, පෙම් සබදතා සඵල වේ. එසේම අඹුසැමි ප්‍රීතිය වැඩිවේ.
සෙම් ආශ්‍රිත සහ ජලාශ්‍රිත රෝග වලින් සතිය මැදදී සහ අගදී පරිස්සම් වීම හොදයි.

● සිංහ
මිශ්‍රඵලයි.
සතියේ මුල් දවස් කීපය ඇතුලත ආර්ථික පාඩු සිදුවේ. එසේම තමාගේ වටිනා දේවල් නැතිවීමට පවා ඉඩ ඇත. නමුත් සතිය අග වනවිට මෙම තත්වය මග හැරේ.
ගෘහ ජිවිතය සම්බන්ධව එතරම් යහපත් අයුරකින් සිතීමට නොහැක. ගෘහ ජිවිතයේ යම් යම් අර්බුදකාරි තත්ව මතුවන්නේ පවුලේ අය සමග යම් මත ගැටුම් ඇතිවන නිසාය. ඒවා වලින් පරිස්සම් වන්න. දුවාදරුවන්ට අපලයි.
එසේම මේ සතිය සෞඛ්‍ය සම්පන්න සතියක් නොවේ. ලෙඩ රෝග පහසුවෙන් වැළදීමට ඉඩ ඇත.

● කන්‍යා
හොද සතියකි.
සංචාරක ව්‍යාපාරයේ සහ වෙලදාම් කරන අයට හුගක් වාසි ඇතිවේ. වෙලහෙලදාම් කටයුතු දියුණු වේ. එසේම දියුණු වීමට අවස්ථාව ලැබේ. කලබලය වැඩි වුවත්, එය ලොකුවට ගණන් ගන්න එපා.
ගෘහ ජිවිතයද ප්‍රීතිමත්ව ගත වේ. කලකට පසු සුභ සතියකි. දරුවන්ගේ දියුණුව සහ විභාග කටයුතු ආදියෙන් ජය ලැබේ. අධ්‍යාපනයට හොදයි. ප්‍රේම සබදතා ඇති අයට ඒ කටයුතු සඵල වේ.
හතිය සහ සෙම්ප්‍රතිශ්‍යාව ඇති අය කල්පනාකාරි වන්න.

● තුලා
ඉතාම ශුභ සතියකි.
ආර්ථික දියුනුව ඇතිවන්නේ, පිටරට වැඩ කරන අයටත්, වෙලදාමේ නියුතු අයටත් පුද්ගලික ආයතන වල කටයුතු කරන අයටත්ය. ආර්ථික වාසි ඇතිවේ. විවිධ අංශ වලින් ආර්ථික වාසි අත්වන අතර ඔබට විවිධ මාර්ග වලින් මුදල් ලැබේ.
ගෙදර දොර ප්‍රීතිය ඇතිවනවා සේම, ප්‍රීති උත්සව පැවැත්වීමට ඉඩ ලැබෙනවා. ගෙදරට අලුත් බඩු මුට්ටු ගැනීමට වාසනාව ලැබෙනවා. එසේම වාහන මිලදී ගැනීමට සිතා සිටින අයට සුභ සතියකි.
සෙම් රෝග, පපුවේ සෙම ගැන සැලකිලිමත් වන්න.

● වෘශ්චික
ඉතාම ශුභ සතියක්.
කෙතරම් මානසික පීඩනය ප්‍රබලව ඇතිවුවද තමාගේ දැඩි උත්සහය සහ කැපවීම මත මුදල් හරිහම්බ කරගැනීමේ වාසනාව ඇතිවේ. මේ තත්වය විදෙස්ගත අයට ඉතාම සුබයි. ලැබීම් භාග්‍ය වැඩිවේ. ආර්ථික වාසි සැලසේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වන අතර, මේ සතියෙදි නෑදෑ හිත මිතුරන් මෙන්ම සහෝදරයන්ගේ ආගමනයද බලාපොරොත්තු විය හැක. ඔබටද ප්‍රීති උත්සව ආදියට කාලය මිඩංගු කරන සිත සතුටින් පිරෙන කාලයකි.
සෞඛ්‍ය තත්වයේ ගැටළු නැති වුවත් සෙම් අමාරු සහ සෙම් ගෙඩි වලින් පරිස්සම් වන්න.

● ධනු
සුභ සතියකි.
ඔබගේ බුද්ධියෙන් කැපවීමෙන් කටයුතු සාර්ථක කරගත හැක. සතිය අග වනවිටදී ධනෝපායන මාර්ග වල දියුණුවක් ඇතිවේ හොදයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත කිරීමට පුලුවන්. දුවාදරුවන් සමග සතුටින් සිටීමට පුලුවන්. පිට පලාත් වල සංචාරයට අවස්ථාව ලැබෙනවා.
සෙම් රෝග, උගුරේ අසනීප හා පාද වල වේදනා ඇති අය පරිස්සම් වන්න.

● මකර
ශුභ පල සතියකි.
සතියේ මුල් දවස් 2 තුල මන්දගාමි වන ආර්ථිකය සතිය මැදදී ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. එසේම ඔබගේ ආර්ථික තත්වය හවුලේ ව්‍යාපාර කරන සියලු කටයුතු මගින් දියුණු - තියුණු වෙනව. ඔබට අලුත් දේවල්, අලුත් ආදායම් මාර්ග ඇති කරගැනීමට වාසනාව ලැබෙනවා.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවේ. අවිවාහක අයට මංගල යෝග ස්ථිර වේ. සිත ප්‍රීතියෙන් පිරේ. අලුත් සබදතා නෑ හිතවත්කම් ඇතිවේ. 
සෞඛ්‍ය තත්වයේ ගැටළු නම්, මේ දිනවල පවතින වර්ෂාවට තෙමෙන්න එපා.

● කුම්භ
සතිය සමඵලයි.
ආර්ථික කටයුතු වලට අයහපත් සතියකි. ණය ගනුදෙනු වලට පැටලී දුක් විදීමට ඉඩ ඇත. කෙනෙකුට ඇපවීම සහ ඇපයට අත්සන් කිරීම ඔබට වෙසෙසින්ම හානිදායකයි. බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය තුල යම් ගැටළු ඇතිවිය හැක, විසේසයෙන් ආර්ථික ගැටළු නිසා යම් මානසික කඩාවැටිම් ඇතිවිමට ඉඩ ඇත. ඒ ගැන පරිස්සම් වන්න.
පාද වල වේදනා සහ නහරගත අමාරු ඇතිවිමට ඉඩ ඇත.

● මීන
ශුභ සතියකි.
ආර්ථික තත්වය යහපත් වෙනවා. කරන කියන කටයුතු හරියනවා. ඥාතින්ගෙන් හිතවතුන්ගෙන් දියුණුවට උදව් උපකාර ලැබෙනවා. සතිය අගදී මුදල් පරිපාලනය ගැන පරිස්සම් වන්න.
ගෘහ ජිවිතය හොදයි. දරුවන්ගේ කටයුතු නිසා සිතට ප්‍රීතිය ඇතිවෙනවා. එසේම ඔවුන් සමග විනෝද වීමට අවස්ථාව ලැබෙනවා. ප්‍රීතිමත් සතියක ආරම්භයක්.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නොමැත. සෙම ආශ්‍රිත රෝගාබාධ ගැන සැලකිලිමත් වන්න. 

Face book Ratings - 3






Thursday, December 18, 2014

පිරිමි දරුවෙකුගේ කේන්දරයේ තිබූ විවාහ නාශක යෝගයක් භංග වූ ආකාරය !

අප වෘත්තිය සහ පූර්ණ කාලීන ජෝතීර්වේදීන් හැටියට, අපට නිතර දෙවේලේ මුහුණ පාන දෙයකි, මේ විවාහ ගැලපුම් කටයුත්ත. මෙය ඉතාම බැරෑරුම් වූද අපහසු වූද කටයුත්තකි. මෙහි ලා අප විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්නේ, කේන්දරයේ ඇති විවාහ දෝෂ එනම් ප්‍රධාන වශයෙන් ගත් කල අපට ඇති විශාලම ප්‍රශ්න වන්නේ,
කුජ - ශනි යෝගය, ශනි - රාහු යෝගය සහ පාප දෘෂ්ඨි ඇති කේන්දර ගලපා දීමය.
එසේම එම තත්වයන් තේරුම් අරගෙන ඉතාම ගැඹුරින් ඒවා නිරීක්ෂණය කිරීම අප කවදත් කරන කටයුත්තකි.

* දැඩිව විවාහ නාශක යෝග තිබුනු පිරිමි කෙනෙකුගේ එම දෝෂ නැති කල පින්වත් ගැහැණු දරුවෙකුගේ කේන්දරයක් අප අද ඔබට පෙන්වා එහි ඇති ජෝතිෂ්‍යමය පදනම වටහා දීමට දරණ උත්සාහයයි මේ.

* පිරිමි ළමයා 1977 මාර්තු 7 වනදා බදාදා දිනෙක කුම්භ ලග්නයෙන් උපන් මේ පිරිමි දරුවාට රාහුට අයිති අඳ නැකත හිමිවිය. උප්පත්ති කේන්දරයට අනුව රාහු මහ දසාව වසර 16ක් ඉතිරිව තිබුනි.

* ගැහැණු ළමයා 1980 10 මස 20 වන සදුදා දිනක රාහුට හිමි සියාවස නැකතින් උපත ලබා ඇත.

මෙහි අප සදහන් කරන ආකාරයට කේන්දරයේ ඇති සුවිශේෂි කාරණා දැන් සලකා බලමු.

මෙම පිරිමි ළමයාගේ කේන්දරය විවාහයට කෙතරම් අර්බුද ඇති කේන්දරයක්දැයි කේන්දර බැලූ කල අපිට පැහැදිලි වේ.

● එනම් ලග්නයේ ඇති “රවි-කුජ-කේතු යෝගය“ එසේම, 2 වැන්නේ 8 වැන්නාධිපතියා වන “බුධ“ නීච වීම, එසේම විවාහ ස්ථානගතව “සෙනසුරු සහ රාහු“ පිහිටා එම රාහුගේ නැකතක එනම් අඳ නැකතේ උපතේදී චන්ද්‍රයා ගමන් කිරීම මෙම දෝෂ තත්වයන් හා මනාව සංකලනය වී ඇත.

●ඔබ අප දන්නා ආකාරයට අඟහරු/කුජගේ භෞම දෝෂය මෙන්ම පාප ග්‍රහයන්ගේ සංකලනය ඔබට පේනවා නේද... ?

● එසේම කුජ ලග්නයේ සිටියදී විවාහ ස්ථානයේ ඇති සෙනසුරු , සප්තම දෘෂ්ඨියෙන් දකී. එම නිසා විවාහය කඩාකප්පල් වීමට ඇති හැකියාව මනාව පෙන්නුම් කරයි.
● එසේම පාපී සෙනසුරු 7 වැන්නේ සිටියදී එහිම ප්‍රබලම පාපියෙක් වන රාහුද පිහිටා සිටී. මොහුගේ කේන්දරය අනුව මොහුට විවාහ ගැලපීම එතරම් පහසු කාරියක් නොවේ.
මේ ආකාරයෙන් කල්පනා කර බලන කල, ඉතාම දැඩි පාපකාරි කේන්දරයකි.
මෙම ළමයාගේ ප්‍රේම සබදතාද ගණනාවක් තිබී බිඳ වැටී ඇත.

* නමුත් මෙම පිරිමි ළමයාට විවාහයට ලැබුනු ගැහැණු දරුවා, අර කතා කරන භාෂාවෙන් කියූ කල 1000කින්වත් හොයාගන්න බැරි කෙනෙකි.
* එම කේ්න්දරයේ ඇති අපූර්වත්වය නම්, පුරුෂයාගේ දුර්වල ග්‍රහ බල සහ පාප ග්‍රහ බල යටපත් කරන ආකාරයට මධ්‍යස්ථව පිහිටා තිබීමයි.

* එසේම වෘෂභ ලග්නය හා කුම්භ ලග්නයන් ඉතාම දැඩිව ගැලපේ.

● ගැහැණු දරුවාගේ කේන්දරයේ ආකාරයට රාහු ග්‍රහයා බලවත්ව වික්‍රමස්ථානයේ/ 3 වැන්නේ පිහිටිම කෝටියක් දෝෂ භංග කිරීමකි.
එසේම 3 වැන්නේ රාහු පිහිටා ඇති අය, සතර වරිගයටම නායක වේ. එසේ නම් මෙම කරුණු කාරණා 2ම සැලකිල්ලට ගත්කල ඇයට කෝටියක් දෝෂ භංග වන කල, තමාගේ ස්වාමියාගේද අපල සුණු විසුණු වේ.
* එසේම තමාගේ පවුල් පදනම තුල ඉහලට ඒමට නම් තමාට යහපත් විවාහයක් වීම අත්‍යාවශ්‍යය.
මෙහිදි එයද ඉෂ්ඨ සිද්ධ වී ඇත.

● 4 වැන්නේ සිකුරු/ශුක්‍ර පිහිටිම සැප නැති තැන වුවත් සැප ඇතිවන යෝගයකි. එය ලෞකික ජිවිතයේ සැප සම්පත් අධිකව ලැබෙන යෝගයකි.

● එසේම බලන්න, අඟහරු 7 වැන්නේ සිටින අයුර - එම කුජගේ 7 වැන්නේ පිහිටීම නිසා පිරිමි ළමයාගේ කුජ දෝෂයද සියලුම දෝෂද ඉතාම ප්‍රබලව භංග කර ඇත.
එසේම, ප්‍රබල ග්‍රහ දෝෂ දුර්වල වී ඇත.

● මෙම කේන්දරයට අනුව චන්ද්‍රයාගේ බලවත්කම 10 වැන්නට පිහිටා ඇති නිසා එය කාන්තාවකට ඉතාම වැදගත් සේම, සඳු - සිකුරු සප්තම දෘෂ්ඨියද ඉතාම වැදගත්ය.

● කුජගෙන් 4 වැන්නේ චන්ද්‍ර මංගල යෝගය නිසා “විවාහ නාශක යෝග භංග“ වේ.

* ගැහැණු දරුවා උපත ලබා ඇත්තේද රාහුගේම නැකතකිනි. මෙම ගැහැණු දරුවා ඉතාම රූමත් තැනැත්තියකි. එය ස්වාමියාව ආකර්ෂණයට වටිනා යෝගයකි.

කේන්දරයේ ඇති සියලු දෝෂ භංග කල හැටි බලන්න. මෙවන් ගැහැණු දරුවෙක් විවාහ කරගත් එම තැනැත්තා වාසනාවන්ත නොවේද ???

අපට එන විවාහ දෝෂ ඇති කේන්දර වලට, මේ ආකාරයට ගැලපෙන කේන්දර ලැබෙනවා නම් අපට මහත් අස්වැසිල්ලකි.

තෙරුවන් සරණයි !

“ සඳ - හිරු සතුරු රාහු ගැන රසවත් කතාවක් “


මේ ලිපියට කලින්, රාහු කේතු යන ඡායා ග්‍රහයන් ගැන පූර්ව කථනයක් සිදුකර ඇත. එහිදී මෙම ග්‍රහයන් පෘථිවියට බලපාන අයුරු සහ පුද්ගලයාට බලපාන ආකාරයන් සදහන් කර ඇත. නමුත් ප්‍රබන්ධයක් අතින් ගත්කල හින්දු දේව පුරාණයේ මේ රාහු - කේතු සම්බන්ධව රසවත් කතාවක් ඇත.

* රාහු යනු, මහා යෝධ අසුර රාජයෙකු බව සදහන් අතර, ඔහුට යම්කිසි දේවත්වයක්ද තිබුනි. මොහුගේ නම එකල ස්වර්ණබානු වූ අතර, මෙම දෙවියා භාවනායෝගීව සෑහෙන කලක් ලෝක පාලක එසේම ලෝකය නිර්මාණය කල මහා බ්‍රහ්මයාගෙන් යම් වරයක් ඉල්ලීය. අවසානයෙදි මහා බ්‍රහ්මයාට මොහුගේ ඉල්ලීම අහක දැමිය නොහැකි තත්වයකට පත්විය.
පසුව මහා බ්‍රහ්මයා විසින් ඔහුගෙන් කැමති වරයක් ඉල්ලන ලෙස මෙම අර්ධ දේවතාවාට පැවසීය.

මොහු ඉල්ලුව කරුණ ඔබ දන්නවාද ?

* මොහු ඉල්ලූවේ සඳ-හිරු-තාරකා මෙන්ම තමාටද ග්‍රහ ලෝකයක් තිබීමට අවශ්‍ය බවයි. එම තත්වය ලබාදී මහා බ්‍රහ්මයා ඔහුගෙන් සමුගෙන ගියේය.

* ඊට පසු යම් කලක සුර-අසුර දෙකොට්ඨාශය එක්කාසු වී කිරි සයුර කැළඹීය. එහිදී නාලොව නාගයන්ගේ රජු ‘වාසුකී‘ නාග රාජයා මහාමේරු පර්වතයේ ගැට ගසා කිරි සයුරට දමා කැලඹීය.

මහා මේරු පර්වතය එසේ දැඩි ආකාරයට පැද්දෙන විට එය වැලැක්වීමට මහා විෂ්ණු දිව්‍ය රාජයාණන්වහන්සේ ඉදිබුවෙකුගේ වෙස් ගෙන තමාගේ පිට මත මහාමේරු පර්වතය රඳවා ගත්තේය. මේ අයුරින් කිරි සයුර කැළඹීමේදි “ලක්ෂ්මී දේවතාවිය“ සමග වටිනා දේවල් ලැබුනි.
එසේම අමරණීයත්වය දෙන “ අමෘතය “ ලැබුනි.

* නමුත් අසුරයන් අමරණීය වුවොත් සුරයන්ට මෙන්ම ලෝකයාට අයහපත් වේයැයි කල්පනා කල, සියලුම සුරයන් අසුරයන්ට අමෘතය නොදෙන ලෙස මහා විෂ්ණුගෙන් කන්නලව් කර සිටියහ.
එහෙත් මේ අමෘතය ලබාගැනීමේදි සමගියෙන් කටයුතු කල සුර-අසුර දෙකොට්ඨාශයටම එයින් සාධාරණව කටයුතු කිරීමට ඉටාගත් මහා විෂ්ණු දෙවියන් අලංකාර වූ කාන්තාවකගේ වෙස් ගෙන අමෘතය සම සමව බෙදීමට සුරයන්ට එක පසෙකටත්, අසුරයන්ට තව පසෙකටත් පේලි 2කට සිටීමට අණ කරන ලදි.

* අති උතුම් රූපශ්‍රීයට වශීවූ සියලුම දෙනා, වශීව බලා සිටියෝය. මෙය සැබවින්ම කූට උපක්‍රමයක් බව අසුරයන්ට වැටහී ගිය අතර, ඒ ගැන කල්තියා දැනගත් ස්වර්ණබානු හෙවත් එම අසුර දේවතාවා කාටවත් නොදැනෙන සූක්ෂම ආකාරයට සුරයන් අතරට ගොස් සිට ගත්තේය.
විෂ්ණු දෙවියන් එය දුටුවද නොදැක්කා සේ සිටියේය. ඒ මහා බ්‍රහ්මයා වරය දුන් වරය ගැන දැන සිටි බැවිනි.

* මෙම අවස්ථාවේදි ස්වර්ණබානු අමෘතය අනුභව කර තිබුනි. එම පේලියේම සිටි හිරු-සඳු දෙදෙනා මේ අවස්ථාව දැක දැඩි කලකිරිමට පත්විය.
ස්වර්ණබානුව විනාශ කරන ලෙස විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලූ විට විෂ්ණු දෙවියන් චක්‍රායුධයෙන් පහර දුන්නේය. ඔහුගේ හිස වෙන්වූ අතර එතනට නාග හිසක් සවි කරන ලද්දේ ඊට පසුවය. කෙසේ වෙතත් ග්‍රහ ලොවක් බවට පත්වූ මෙම ස්වර්ණබානු රාහු යැයි නම් විය..

තමාගේ මිත්‍රයා කේතු යැයි නම් කෙරුනි. තමාව විනාශ කරන ලද්දේ හිරු - සඳුගේ ඉල්ලීමට බැවින් එය වෛරයක්ව අද දක්වාම එදා පටන් ඔවුන්ට හිංසා කරන බව දේව පුරාණයේ සදහන්ය.

Wednesday, December 17, 2014

“ ශාන්ති කර්ම සහ යන්ත්‍ර “

මුලින්ම කිව යුත්තේ අප විසින් ශාන්ති කර්ම හෝ යන්ත්‍රයන් පැලදීමට නියම කරන්නේ මූලිකව අදාල අපල තත්වයන් හෝ දෝෂ තත්වයන් තිබෙන අයට පමණය.
එසේ නැතිනම් පවතින සුභ තත්වයන් වඩා යහපත් කරගැනීමට පමණය.
එය අපගේ සේවාව ලබාගත් අය දනිති. හොද කාලයක කෙනෙකුට දමන වැරදි යන්ත්‍රයකින් කරදර සිදුවීමට ඉඩ ඇත. ඒනිසා අප විසින් එවන් කටයුතු කියන්නේ නැත.

* අප විසින් යන්ත්‍ර ලබාදෙන්නේ අදාල කේන්දර සටහන් අනුව සූක්ෂමව පරික්ෂා කර පමණි.
එසේ පරික්ෂා කර ග්‍රහයන් සිටින අංශක සහ නැකැත් අනුව සුභ නැකැත් සාදා ඒ අනුව නිසි ලෙස ජපවාර ගණන සම්පූර්ණ කර පමණක් අප විසින් යන්ත්‍ර දෙනු ලැබේ.

* කිසිසේත්ම වෙනත් තැනකින් කේන්දර පරික්ෂා කරවාගෙන, එවුන් විසින් නියම කරන ලද යන්ත්‍රයන් අප විසින් කර දෙන්නේ නැත. කේන්දර සටහන් සූක්ෂමව පරික්ෂා කර පමණක් කියනු ලැබේ.
මක්නිසාද යත් වැරදි යන්ත්‍රයක් හෝ තොරතුරක් ලබාදී අප විසින් එම යන්ත්‍රයන් කර දීම අනවශ්‍ය ගැටළු එම යන්ත්‍රය පළදින අයට හේතුවිය හැකි බැවිනි.

* තවත් සුවිශේෂි කරුණක් නම්, වෙනත් තැන් වලින් යන්ත්‍ර දමාගෙන සිටින අයට අප සේවය විසින් එම යන්ත්‍ර තිබෙන තුරු යන්ත්‍ර ලබාදෙන්නේ නැත. එය අපට ආර්ථික වශයෙන් වාසිදායක විය හැකි වුවද එය අප විසින් කරනු නොලබයි.
වෙනත් තැනකින් වැරදියට කරගන්නා ලද යන්ත්‍රයක් පැලද සිටින කෙනෙක්( නැතිනම් ‍whole sale ක්‍රමයට එකවරකට යන්ත්‍ර 10-100 ලෙස ජප කල යන්ත්‍රයක්)ට අදාල අපේක්ෂිත සුභ පල ලැබෙන්නේ නැත.
එවිට අප විසින් ලබාදෙන යන්ත්‍රයක වුවද ඒවායේ ගුණ නියම ආකාරයෙන් ලැබෙන්නේ නැත.
මේ වනවිට මේ හරහා ලබාදුන් සේවා වල පවා සියලුම සේවා සාර්ථක වී ඇත. ඒ නිසා අප විසින් අනවශ්‍ය ගැටළු ඇතිවෙන තීරණ මූල්‍යමය වාසි මත ගනු නොලැබේ.

* එසේම අප විසින් ‘පමණක්‘ ලබාදෙන ශ්‍රී මහා රාවණ පරම්පරාවේ අති ප්‍රබල “ සර්ව කාර්ය සිද්ධි ධන සාධණීය ආකර්ෂණ යන්ත්‍රය, සිද්ධි සාධක යන්ත්‍රය, විජයරාජිණී යන්ත්‍රය“ ඇතුළු යන්ත්‍රද, පැතුම් ඉටු කිරීමට මූලික වන “ සම්‍යක් දෘෂ්ඨික දෙවියන්ට පිං පිණිස ස්වර ප්‍රස්තාර කොට ජප කරන ලද දෙහි ගෙඩිය සහ ගැට 9 නූලද“ , වෙනත් යන්ත්‍ර පැළද සිටින අයට ලබාදෙන්නේ නැත.

එය එසේ කිරීමට හේතුව, ආර්ථික වාසි නොව ලබාදෙන සේවාව 100%ක් සාර්ථක කරගැනීමට අපට ඇති මහත් අවශ්‍යතායයි.

* එසේම අපගේ යන්ත්‍රයන් සැබෑ ඒවාදැයි පරික්ෂා කරන අපගෙන් සේවා ලබාගත් අයද සිටිති. තමන්ට සාර්ථක ඵල ඇති වුවද එයින් නොනැවතී ඉන්දියාවේ ඇති යන්ත්‍රයන් නිවරදි ඒවාදැයි පරික්ෂා කරන එම අයට පවා එම පරික්ෂා කරන ලද සියලුම යන්ත්‍රයන් නිවරදි ඒවා බව ඒ තැන් වලින් තහවුරු කර ඇති බව අභිමානයෙන් සඳහන් කරමු !

Tuesday, December 16, 2014

විවාහය ගැන විග්‍රහය - 2

විවාහයකදී,

* දෙදෙනා, දෙදෙනාට කැමති වීම
* පොරොන්දම් ගැලපීම
* කේන්දර සටහන් වල ගැලපීම

යනාදියට අමතරව, අදාල ගත කරන මහ දසාවන්, අතුරු දසාවන්, විදසාවන් ආදියද සුවිශේෂිව පරික්ෂා කල යුතුය.

එනම් දෙදෙනෙක් විවාහ වන විටදී සුභ මහ දසා ගත කරමින් සිටියද වසර කීපයකින් අයහපත් කාලයන් 2ටම ගත වුවොත් නැති ගැටළු ඇතිවිමේ අවදානමක් ඇත.
එසේම විවාහ වන අවස්ථාවේ අසුභ කාලයක් ගත කරමින් සිටින්නේ නම් එවිටද ගැටළු ඇතිවිමේ ඉඩක් ඇත.
කෙසේ වෙතත් බුද්ධිමය කටයුතු සහ අදාල වත් පිලිවෙත් වලින් මෙම තත්වයන් යහපත් කරගත හැක.

විශේෂයෙන් 7 වැන්නාධිපතියා බලවත්වීම මෙහිදි වැදගත්ය.
තමන් විවාහයෙදි ගන්නා තීරණයන් වලදි එනම් තමන් හා විවාහ වන කෙනාට යහපතක් වීමට 7 වැන්නාධිපතියා බලවත්වීම වැදගත් වේ.

විශේෂයෙන් ලග්නයට ලග්නය ගැලපේ නම්, ගත කරන මහ දසා අතුරු දසා සුභ වේ නම් එවිට පොරොන්දම් පරික්ෂාවද එතරම් වැදගත් නොවන බවක් හැඟේ.

එසේම යහපත් ලෙස පොරොන්දම් ගැලපුනද අදාල ලෙස මහ දසා, අතුරු දසා අයහපත් වන්නේ නම් විවාහ ජිවිතයට බාධක, හැලහැප්පීම් ඇතිවන්නට ඉඩ තිබේ...

මෘදුකාංගයකින් පමණක්, පොරොන්දම් ගැලපීමකින් පමණක් දෙදෙනෙකු ගැලපෙන බව සහ ඉදිරිය ගැන නිවරදි අදහසක් දීමට නොහැක්කේ එබැවිනි.
ඒ සදහා අත්දැකීම් පරිපූර්ණ, මානුෂීයව සහ මෛත්‍රි සිතින් යුතුව බලා කටයුතු කරන ජෝතිර්වේදියෙකු අවශ්‍ය වන්නේමය.

Sunday, December 14, 2014

සතියේ ලග්න පලාපලය - දෙසැ. 15 සිට

●  මේෂ
මිශ්‍රඵල සතියකි.
ඔබගේ ආර්ථික තත්වය කෙරෙහි සතියේ මුල් කොටසේදි අයහපත් විදියට බලපානු ඇත. විශේෂයෙන් කරන කටයුතු වල යම්කිසි පසුබැස්මක් අැතිවිය හැක. නමුත් සතිය මැදදී මේ තත්වය පහව යයි. හවුල් ව්‍යාපාර වලට ශුභවන අතර, සතිය මැදදී හදිසි ධනලාභ වලට වාසනාව ඇත.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවේ. ප්‍රේම සබදතා එසේම අලුත් නෑදෑ සබඳතා ඇතිවේ.
සෙම් රෝග, උදරාබාධ සෞඛ්‍ය ගැටළු වශයෙන් කිව හැක.

●  වෘෂභ
මිශ්‍රපල සතියකි.
විවේකය අඩු සතියකි. ආර්ථික තත්වය කෙරෙහි නරක විදියට බලපාන්නේ නැත. මෙම සතියේ මුල් කොටසෙදි හදිසි ධනලාභ, තමන්ට නිකන් මෙන් ලැබෙන ධනය ලැබීමට ඉඩ තිබේ. තමාගේ කරන කියන කටයුතු වලට යම්කිසි වාසනාවක් ඇතිවේ. සතිය මැදදී මෙම තත්වය ව්‍යාකූල වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තරමක් අවිවේකීව ගතවේ. එසේම දරුවන්ට සහ ඉගෙන ගැනීමේ නියුතු අයට අධ්‍යාපනයට බාධා ඇතිවේ.
සෞඛ්‍ය තත්වය මානසික ආතතිය, ලෙඩ රෝග වැලදීමේ අවදානම ආදිය ගැන පරිස්සම් වන්න.

●  මිථුන
ඔබට හොඳ සතියකි. සුභයි.
යම් අාකාරයකින් දියුණු වීමට වාසි සැලසේ. පිට පලාත් වල වැඩ කරන අයට සහ ව්‍යාපාර කරන අයට සුභයි. ආර්ථික වාසි සැලසේ. තවද ඔබගේ දියුණුවට බලවත් යෝග යෙදේ. ව්‍යාපාරික කටයුතු කරන අයට හොදයි. ගෘහ ජිවිතය නරක නැති උනත්, අවිවේකී බව නිසා නිදහස අඩුවේ. නමුත් ඒ අතර මංගල යෝජනා ස්ථිර වේ. නව පෙම් සබදතා ඇතිවේ. යහපත් කාලයකි.
පපුවේ දැවිල්ල, ගෑස්ට්‍රයිටීස් ආදියෙන් පරිස්සම් වන්න.

● කටක
සුභදායක සතියකි.
විශේෂයෙන්ම රාහු සහ සදු වික්‍රමස්ථානයේ සිටින බැවින් හදිසි ධනලාභ, ලොතරැයි ආදියෙන් ඉපයීම, එමෙන්ම තමාගේ උත්සාහයට අනුව තමාගේ කටයුතු සාර්ථක වීම ආදිය ඉෂ්ඨ වේ. විදේශ රැකියා කරන අයට සුබයි.
ගෘහ ජිවිතය තුල සමහරවිට ඥාතින් සමග යම් ගැටළු ඇතිවිමට පුලුවන. එමෙන්ම සහෝදරයන් සමග ආරවුල් ඇතිවිය හැක. ප්‍රවේසම් විය යුතුයි. උරුමහරුමකම් ලැබීමට ඉඩ තිබේ.
සෞඛ්‍ය තත්වය අයහපත් නොවේ. වාසනාව සැලසේ. නිරෝගිව සිටිය හැක.

● සිංහ
ශුභඵල සතියකි.
නමුත් ආර්ථික වාසි සැලසෙන්නේ සතිය මැදයි. සතිය මුලදී ලැබෙන මුදල් වියදම් වේ. අය වැය පරතරයක් තිබේ. එසේම සතිය මැදදී මෙම තත්වයන් පහව ගොස් යහපත සිදුවේ.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවේ. නිවසේ රැදි සිටිම අපහසු වන්නේ විවේකය අඩු බැවිනි. ඔබට වෙනත් ගැටළු නොමැත.
ගැටළුවක් නැත, සෞඛ්‍යයට අදාලව නිදන්ගත රෝග ඇති අය අදාල ප්‍රතිකර්ම කරගන්න.

● කන්‍යා
එතරම් ශුභ නැත.
දැඩි අවිවේකී සතියකි. ආර්ථික තත්වය එතරම් යහපත් නොවේ. ඔබට ලැබෙන්නට තියෙන මුදල් නොලැබී යාමේ ඉඩකඩක්ද ඇත. විශේෂයෙන්ම මානසික ඒකාග්‍රතාව දුර්වල වීම සහ නිසි සැලසුමක් නොතිබිමෙන් ආර්ථික පාඩු විය හැක, ඒ මේ සතිය තුලයි. නමුත් මේ තත්වය තේරුම් ගෙන කටයුතු කලොත් පාඩු අවම කරගෙන ශුභ පල ඇතිකරගත හැක.
ගෘහ ජිවිතය තුල අවිවේකි බව නිසා ගෙදර දොරේ වැඩකටයුතු මග හැරේ. ඔබට එය ගැටළුවක් විය හැක. ඔබට මේ තත්වය පාලනය කරගන්නට නම්, සිතා මතා කටයුතු කල යුතුය.
රෝග වශයෙන් ඔබ ප්‍රවේසම් විය යුත්තේ මානසික ආතතියෙනි.

●  තුලා
අශුභ සතියකි.
කරන කියන කටයුතු වල කඩා වැටීමත්, ආර්ථික අංශයෙන් දැවැන්ත විදියට හිර වීමත් මේ සතියෙදි පෙන්නුම් කරයි. තමා ණය වීම සහ තමා ගෙවිමට ඇති මුදල් ගෙවා ගැනීමට නොහැකිව මානසික ආතතිය ඇතිවිය හැක.
එසේම තමන්ට විවිධ වූ ගැටළු තත්ව මතුවිය හැක.
ගෘහ ජිවිතය එතරම් යහපත්ව ගත නොවේ. අඹුසැමියන් අතර යම් මතභේද ඇතිවිමට ඉඩ ඇත. එසේම ඒ අංශයෙන් ගැටළු තත්ව ඇතිවිමට ඉඩ ඇත. දෙදෙනාගේ සමගියට යම් හානි සිදුවිය හැක. නමුත් සතිය මැදදි මේ තත්වය යහපත් වනු ඇත.
සෞඛ්‍ය තත්වය නම්, ප්‍රෙව්සම් සමගතව කළමනාකරණය කරගත යුතුවේ. එය අත්‍යාවශ්‍යයි.

● වෘශ්චික
ශුභ පල සතියකි.
ආර්ථික තත්වය වැඩි දියුණු කරගැනීමට පුලුවන්. හදිසි ධනලාභ සහ දියුණුවට විශේෂිත උදව් උපකාර ලැබෙයි. එමෙන්ම දියුණුවට හොදයි. ගැටළුවක් නොමැත.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. ගැටළුවක් නොමැත. හොදින් කාලය ගත කරන්නට හැක. ප්‍රීති උත්සව වලට සහභාගි වීමට ඉඩ ලැබේ. ගැටළුකාරි තත්ව නොමැත.
සෞඛ්‍ය තත්වය, යහපත් වේ. නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට යොමු වන්න.

● ධනු
ශුභ සතියකි.
ආර්ථික තත්වය මේ සතියෙදි ශුභයි. කරන කියන කටයුතු වලට හොදයි. විදෙස් රැකියා කරන අයට, වෙලදාම් කරන අයටද හොදයි. තමාගේ දියුණුව සාක්ෂාත් වේ. එසේම බොහෝ දුරට තමාගේ කටයුතු දියුණු වේ.
ගෘහ ජිවිතය තුල අවිවේකි බව ඇතිවේ. දියුණුව සම්බන්ධව යම් යම් කරුණු කාරණා නිසා ගෘහ ජිවිතය තුල රැඳී සිටීමේ කාලය අඩුයි. වෙනත් ගැටළු නොමැත.
සෞඛ්‍ය තත්වය බොහෝදුරට හොදයි. පැවතුනු රෝගාබාධ වලින් යම් සුවයක් ලැබේ. නිදන්ගත රෝග ඇති අය අදාල ප්‍රතිකර්ම කරගන්න.

● මකර
ශුභ සතියකි.
ආර්ථිකය යහපත් වේ. ආනයන, අපනයන වෙලදාම්, සංචාරක ව්‍යාපාර වල නියුතු අයට, ශුභ පල ඇතිවේ. එසේම දියුණුව සැලසේ. ඔබට ප්‍රබල ගැටළු සහගත තත්වයන් නොමැත. අලුත් ආදායම් තත්ව ලැබේ.
ගෘහ ජිවිතය තුල ඔබට කාර්යබහුලකම නිසා පිට පලාත් වලට යාමට සිදුවේ.  ඔබට බොහෝ ප්‍රතිලාභ ලැබේ.
සෞඛ්‍ය තත්වය, විශේෂයෙන්ම කලබලවීම සහ අධික රුධිර පීඩනය ඇති අය ප්‍රවේසම් වන්න.

● කුම්භ
එතරම් ශුභ නැත.
සතිය මුලදීම ආර්ථික අවාසි සිදුවේ. එසේම සතුරු කුමන්ත්‍රණයක් නිසා ආදායම් තත්වයට, ආර්ථික තත්වය මරු පහරක් වැදීමට ඉඩ තිබේ. ඔබට එම තත්වය නිසා යම් ගැටළු සහගතව ආර්ථිකය හැසිරවීමට මෙ සතිය තුල සිදුවේ. නමුත් සතිය මැදදී එම තත්වයන් පහව යයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. ඔබට යම් මානසික පීඩා නිසා අඹුසැමියන් අතර ආරවුල් ඇතිවිමට ඉඩ ඇත. බුද්ධියෙන් කටයුතු කරන්න.
ජලාශ්‍රිත බෝවන රෝග, උදරාබාධ ආදිය ඇතිවිමට හේතුයි. අවධානමත් වන්න.

● මීන
මධ්‍යස්ථ ඵල සහිත සතියකි.
සතිය මුලදී කරන කියන දේවල් වල ගැටළු සහගත තත්වයන් මතුවේ. එම තත්වය සතිය මැද වනතුරු පවතී. ආර්ථික වාසි අඩුයි. එසේම ආදායම් මාර්ග අවහිර වන ලක්ෂණ පෙනේ. ඔබට එම තත්වයන් ඇත. බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය අවිවේකි බව නිසා නිවස තුල රැදී සිටීම අඩුයි. පිට පලාත් වල අය සමග ගනුදෙනු ඇතිවේ. පිට පලාත් වල සංචාරයද සිදුවේ. විදේශ රැකියා වල නියුතු අයට මව් රටට ඒමට අවස්ථාව ලැබේ.
සෞඛ්‍ය තත්වය නම් ජලාශ්‍රිත රෝග, උදරාබාධ ආදිය ඇතිවිමට හේතුයි. පරිස්සම් වන්න.


*** සතියේ ලග්න පලාපලය සැකසීමේදී සඳු/චන්ද්‍ර - රාහු එකට සිටීම නිසා බොහෝ ලග්න වලට සමාන වූ පලාපල දක්නට ලැබේ. එම තත්වයන් සම්බන්ධව යම්කිසි දැනුවත් කිරීමක් පාඨකයන්ට මේ මගින් නිකුත් කෙරේ.



* භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය * (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364












Saturday, December 13, 2014

“ ගණ දෙවියන් “

අයියනායක දෙවියන්, පුල්ලෙයාර් දෙවියන් යනුවෙන් හඳුන්වන්නේද ගණ දෙවියන්මය.

සැබෑවටම ජනතාවට පිහිට වන්නට කටයුතු කරන, මෘදු ගති ඇති ඍජු දෙවි කෙනෙකි.

Friday, December 12, 2014

අපට අනවශ්‍ය ප්‍රශ්න යොමු කරන අයට බොහෝම කරුණාවෙන්. ඔවුන්ගේ හිත සුව පිණිස.


මුහුණු පොතේ පාඨක සහෘද බොහෝ දෙනෙක් නවාංශකයන් ගැන අපෙන් අසයි.
අපගේ මුහුණු පොතේ පාඨකයන් අපගෙන් නිතරම මේ ගැන අසයි. නමුත් නවාංශකය ගැන තේරුම් ගැනීමට ජෝතිෂ්‍ය බුද්ධියක් අවශ්‍ය වෙයි. නැත්නම් ඒ සම්බන්ධව කට වචනයෙන් අසා අනිත් කණින් පිට කිරීමෙන් පලයක් නොලැබේ.
මෑතකදී අපගේ පාඨකයන් 22 වන දෙර්කාණාධිපති ගැන බරපතල විදියට ප්‍රශ්න කලා. නමුත් මා මේ අවස්ථාවේදී අපගේ දයාබර පාඨකයන්ගෙන් සමාව අයැද මේ ප්‍රකාශය නිකුත් කරනවා.

ආවට ගියාට ඔහොම ප්‍රශ්න අහන එකෙන් වැඩක් වෙන්නෙ නැහැ. දැන් 22 වන දෙර්කාණාධිපතියා ගැන අහනවාට වැඩිය ලග්නය නිර්මාණය වෙන්නෙ කොහොමද කියල ලග්නය ගැන මූලිකව අහන එක අවශ්‍යයි.

* හරියට කොළඹ නගරය, ගල්කිස්ස පහු උනාම පටන් ගන්නව වගේ තමයි. පෑළියගොඩින් එහාට කොළඹ පටන් ගන්නවා. තවත් එක එක නගර සීමා ඉවර වෙද්දි කොළඹ නගර සීමාව පටන් ගන්නවා. ඒ උනාට කොළඹ මහ නගර සභාව කොතනද තියෙන්නෙ ?
* එතකොට සුගතදාස ස්ටේඩියම් එක කොතනද තියෙන්නෙ ? වරාය කොතනද තියෙන්නෙ ?
මෙන්න මේ තැන් පිහිටල තියෙන්නෙ එක් එක් ස්ථාන වල නේද... ? අන්න ඒ වගේ තමයි...

*ලග්නය දැන් අපි තුලා කිව්වට, තුලාවේ බලන්න ඕන මොන කොටසෙද කියල... එතකොට මේ වගේ ගැඹුරු දෙයක් තියෙනව මෙතන. එතකොට ඒක ඔය අහන ඔයාල දන්නෙ නෑ දරුවනේ...

මං තරහකට නෙමෙයි කියන්නෙ, ඔයාල උනත් කටට ආපු පලියට 22වන දෙර්කාණාධිපතියා කොහෙද, 69වන නවාංකාධිපතියා කොහෙද වගෙ ප්‍රශ්න අහන එකෙන් ඔයාලට දෙයක් වෙන්නෙ නෑ. එහෙම නම් ජෝතිෂ්‍යය ගැන මුලින් ඉගෙන ගන්න ඕන.

මට මතකයි අපි මේ සේවය පටන් ගත්තෙ බඩගෝස්තර වාදය වෙනුවෙන් නෙමෙයි. හොර ජෝතිෂ්‍යයකාරයන්ගෙනුයි එක එක ජෝතිෂ්‍යය, වාලම්පුරි, චීන රහස් කියල ගෑණු අයව ගොනාට අන්දවලා ඒ අයට අංතට්ටුව දාන අයට විරුද්ධව කරන්න තමයි මේ පටන් ගත්තෙ. ඒක අපේ Iru Astrology විඩියෝ බලද්දි ඔයාලට තේරුම් යනව ඇති.
කවුරු උනත් වරද කලා නම් වරද කියල පිලිගන්න ඕන.
දැන් ආපහු අර කාරණාවටම ආවොත්,

* ජෝතිෂ්‍යයේ මුල් කඩඉම, පිවිසුම දන්නෙ නැතිව මැදින් හොයන්න ගියාම ප්‍රශ්නයක් එනවා. තමන්ගෙ ඔළුව විකාර වෙනව.
හරියට නයාගේ බෙල්ලෙන් අල්ල ගන්න ඕන එක, වලිගෙන් අල්ල ගත්ත වගේ. කොහොමද වලිගයෙන් අල්ලලා විෂ පාර වදින කොට - අන්න ඒ වගේ තමයි. එතකොට කරදරය තමන්ටමයි.

* මේ අන්තර්ජාලයේ අපේ කටයුුතු වලට මට මතකයි පහුගිය ටිකේදිම එක එක්කෙනා අපිව එයාල අපහසුතාවට පත් කරන්න පුලුවන් කියල හිතල කටයුතු කරා. එක එක අනවශ්‍ය ප්‍රශ්න අහනව. ඒව අනවශ්‍යයි කියල දැනෙන්නෙ  එයාලට ඒක නොතේරේන නිසා.
* මොන ප්‍රශ්නය ආවත් ඒකට උත්තර දෙන්න අපි ජෝතිෂ්‍යය ඉගෙන ගෙන තියෙන්නෙ.
* අපේ දැනුම අවුරුදු 20-30කට එහා අපි තරුණ වයසේ හිටියට අපි ජෝතිෂ්‍යය ඉගෙන ගත්තේ අවුරුදු 15-16ත් කලින් ඉදල. පර්යේෂණාත්මක ජෝතිෂ්‍යයක් තියෙන්නෙ අපි ගාව.
කාර්යාලයට ඇවිල්ලා ජිවිතේ ගැන කියද්දි ගොඩක් අයට කදුළු එනවා.

අපිව චෙක් කරන්න එක එක දේවල් අහනවා. එහෙම ගොඩක් අය හිටියා. ඉතින් මම කියන්නෙ අගමුල පටල ගන්න එපා.

* අපි දන්න ශාස්ත්‍රයට අනුව අපගෙන් අදාල වැදගත් දෙයක් ගන්න. නැතිව අපිව චෙක් කරාට, අපහසුතාවයට පත් කරන්න උත්සහ ගත්තට තව කෙනෙක්ට වෙන යහපතක් නෑනේ.

වෛද්‍යවරයෙක් ගාවට ගිහින් ලෙඩකට දුකකට බෙහෙත් ගන්නකොට ලෙඩේ අග ඉදල මුලට හොයන්නවත්, වෛද්‍යවරයා සතු සියලුම දැනුම එකවරම ගන්නවත් ඔබ උත්සහ කරනවද ???

* අපේ සේවය එක්ක ලගින්ම කටයුතු කරන, ජෝතිෂ්‍යයට ගරු කරන අය පවා ජෝතිෂ්‍යය සහ තමන්ගේ කටයුතු වලට දෙන්නෙ 50-50.
* ඒකියන්නෙ ජෝතිෂ්‍යයට අනුව එන හෙට දවස අයහපත් කියල කිව්වොත්, එයාල ඒකට බය වෙන්නෙ නෑ.  ගැන හිතල බුද්ධිමත්ව කටයුතු කරනවා මුල ඉදලම. තමන්ගෙ තියෙන දුර්වලතා එදාට අඩු කරගන්න බලනවා. තිබෙන දක්ෂතා වැඩි කරගන්න බලනවා. අදාලව කරන්න තියෙනව නම් යම් ශාන්ති කර්මයක්, වත් පිලිවෙතක් ඒව කරනවා. එහෙම කරල බුද්ධියෙන් අදාල අයහපත අඩු කරගන්න බලනවා.

එහෙම නැතිව ඒ ගැන දුක් වෙලා පසුබහින්නෙ නෑ. ජෝතිෂ්‍යය මිනිසුන්ට ලබාදෙන ඍෂිවරයන්වහන්සේලා මේ ගරු කටයුතු ශාස්ත්‍රය දෙන්නෙ ඒනිසයි. ජිවිතය සැපවත් කරගන්න.

ඉතින් අපිත් කරන්න ඕන ජිවිතය යහපත් කරගන්න විතරක් ජෝතිෂ්‍යය භාවිත කරන එකයි.

බොහෝදෙනෙකුට ජෝතිෂ්‍යය යන්න ගැන නිවරදි වැටහීමක් නැත.
කොහෙන් හෝ කෑල්ලකින් අල්ලාගෙන කටයුතු කරන්නට, හොයා බලන්නට සිතති. තනිවම එය කරගන්නටද සිතති.
එය මේ දිනවල දේශපාලනයේ දැකිය හැක. ජෝතිර්වේදින් වන සමහරුද ජෝතිෂ්‍යය නොදන්න දේශපාලකයන්ගේ උවමනාවට දිනන අය ගැන අනාවැකි කියයි.

මෙතනද පෝස්ටු දැමීම ගැන දැන් ඇතිවන්නෙ වෙලාවකට කලකිරිමකි.
පොදු කරුණු බව සරල සිංහලෙන් යොදා තිබුනද එය තේරුම් ගැනීමට එක්කෝ නොහැකිය. නැත්නම් උවමනාවක් නැත.

7 වැන්නෙ සිටින ග්‍රහයා අනුව පොදුවේ කියන ලද කරුණු ගැන කමෙන්ට් සහ ඉන්බොක්සයට පැමිණි මසේජ වලින් එය පැහැදිලිය.
7 වැන්න ගැන පොදු කරුණු බව කීවද එය තේරුම් ගත් බවක් පෙනෙන්ට නැත.
7 වැන්නේ සුභ ග්‍රහයෙක් සිටියාට පමණක් ඵලක් නැත. 7 වැන්නාධිපති, 7 වැන්නට යෙදෙන දෘෂ්ඨීන්, ඇති යෝග මෙන්ම අදාල නැකැත්, සූක්ෂම කේන්දරය අනුව අංශක කලා විග්‍රහයකින් මිස විවාහය සහකරු ගැන නිවරදිවම කීමට නොහැකිය.

ඒ නිසා පොදු කරුණු යොදන්නේ වටහා ගැනීමේ පහසුව පිණිසය.
කණගාටුවට කරුණ නම් එය කියවා සිත් නරක් කරගෙන විවිධාකාර ප්‍රශ්න ඇසීමයි. පොදු කරුණු පිලිගත යුත්තේ පොදු කරුණු ලෙසය.
ගැටළුවක් තිබේ නම් කේන්දරය බලන ජෝතිර්වේදියා එය කියන අතර, එයට කල යුතු දෑද කියනු ඇත.
ඊට එහා ඒ ගැන වදවීම නොකල යුත්තකි.

#‎ඉරුසේවය‬

Thursday, December 11, 2014

නවාංශකය යනු කුමක්ද ?

නවාංශකය ගැන බලමු.

නවාංශකය ගැන අපගේ පාඨකයන් නිතරම විමස බැවින් මෙම සටහන තැබීමට තීරණය කලා.

* නවාංශකය යනු,
ලග්නයක් අංශක 9කට බෙදීමෙන් ඇතිවන කොටසයි. හිරු-සදු සහ තාරකා සියල්ලම උදාවෙමින් බැස යයි. ලග්නයද එසේය. ලග්නය මේෂ රාශියෙන් පටන්ගෙන මීන රාශියෙන් අවසන් වේ.

* ලග්න 12කි. එහි එකතුව අංශක 360ක ප්‍රමාණයක පවති. එය 12න් බෙදී කල එක් ලග්නයකට අංශක 30ක් ලැබේ.
එයින් එනම් අංශක 30ද නැවත 9කට බෙදෙයි.
9කට බෙදූකල ඉතුරු වන එක කොටසක්, අංශක 3යි කලා 20ක් වේ. මෙයින් අතීතයේ පටන් ස්ත්‍රි-පුරුෂ භාවය සොයා ගැනීමටද මෙමගින් පුලුවන.
නමුත් එයම කල්පිතයක් ලෙස සිතීම ප්‍රඥා ගෝචර නොවේ.

උදාහරණයක් විදියට, අපි මේෂ ලග්නය ගැන සිතමු.
* මේෂ ලග්නය පටන් ගන්නේ. අංශක 00 කලා 1 සිට අංශක 30 දක්වානේ.
එසේ නම් 1 වෙනි අංශකය බෙදුවාම මේෂයේ මේෂ නවාංශකයට අයිති වේ.
එය අංශක 03යි කලා 20 වූවායින් පසු අවසන් වේ.
ඊලග නවාංශකය පටන් ගනී. එය වෘෂභ නවාංශකයයි. එය ඉවර වන්නෙ අංශක 6 කලා 40නි.
ලග්නය ගෙවීමේදි ඒ ලගා වන සීමා මායිම් වශයෙන් නවාංශක සඳහන් කිරීමට පුලුවන්.
මේෂ ලග්නයේ මේෂ නවාංශකයෙන් ඉපදුනොත් ලග්නය පටන්නෙ සුළු වෙලාවක් ගත වෙලා.

* අපි හිතමු මේෂ නවාංශකයේ සිංහ නවාංශකය කියල. මේෂ ලග්නයේ මධ්‍යය කොටසේ. එනම් මේෂ ලග්නයේ මධ්‍ය කොටසට අංශක 15කට පමණ වෙලා. මෙය තනිකරම ගණිතමය දෙයකි. ලග්නයේ සිටින අය කුමන බලතල වලින් සිටිනවාද කියල අපිට බලන්න පුලුවන්. මේ සම්බන්ධව තවත් විස්තර අපිට ඉදිරියේදි බලාගන්න පුලුවනි.

තෙරුවන් සරණයි !

“ ශිව දෙවියන් සහ පාර්වතී දේව මෑණියන් “


Tuesday, December 9, 2014

ඔබටත් සුපිරි රැකියාවක් හිමිද ? - බලන්න හඳහන

රැකියාවක් යනු, අප සැමටම වුවමනාව දෙයකි. රැකියාවක් නොමැතිව අපිට ජිවත් වෙන්න බෑ. ඒ ඇයි ආර්ථික සමාජීය තත්වයන් වලට මුහුණ දෙනවිට අපිට රැකියාව ගැන සිහි වෙන්නෙ අපිට ජිවත් වෙන්න මුදල් ඕන නිසා.
සමහරු වෙහෙස මහන්සියට පත් නොවි මහා පරිමාණයෙන් මුදල් හම්බ කරයි. සමහරු ඉතාම මහන්සියෙන් වැඩ කලත් ඔවුන්ට හරි හමන් වැටුපක් නොලැබෙයි. සමහරුන්ට පඩි නොමැත. නමුත් අඩි ඇත. (අඩි යනුවෙන් කීවේ දෙමල භාෂාවෙන් ගැහිල්ලටය)
මෙම තත්වයත් එක්ක බලන කල, සමහරුන්ට ඉතාම වෙහෙස මහන්සියෙන් වැඩ කලත් සොච්චම් මුදලක් ලැබෙයි. ඒ උනත් වර්තමානයේ සියලුම දෙනා කල්පනා කරන්නේ සුව පහසුව සිට මුදල් හම්බ කිරීමටයි. එය අපි කිව්වාට බැරිය. එය හඳහන් වල එම යෝගයන් තිබිය යුතුය.

* පින්තූරයේ කේන්දරය දෙස බැලීමේදි ඒ බව පැහැදිලිව යයි.
මෙවැනි කේන්දරයක් ඔබටත් පිහිටියොත් ඉතාම සෞම්‍ය වූ රැකියාවක් ලැබේ. නමුත් රැකියාව සෞම්‍ය වුවත් වැටුප ඉතාම දැඩිය. ඉහල වැටුපක් ලැබෙයි.
මා දන්නා එක්තරා පුද්ගලයෙක් විදෙස් රටක සේවය කරයි. ඔහු කාර්ය බහුල වන්නේ දවස් 365න් මාසයකට පමණි. නමුත් ඔහුගේ පඩිය දන්නවා නම් ඔබ පුදුම වේවි. ලංකා මුදලින් ඔහුට ලක්ෂ 10කට වඩා වැඩි පඩියක් ලැබේ. ඔහු මකර ලග්න කාරයෙකි. එසේම ප්‍රමුඛ පෙලේ ධනපතියෙකි.
* එදා මෙදා තුර ඔහු හම්බ කල මුදල් නිසා අද උසස්ම ජීවන තත්වයක් ගත කරයි. ඔහුගේ හඳහනේද සිකුරු ග්‍රහයා, සඳු ඉතාම බලවත්ව පිහිටා සිටි.

● සිකුරු බලවත්ව 10 වැන්නේ, 10 වැන්නට දෘෂ්ඨි හෙලමින්, 11 වැන්නාධිපතියා බලවත්ව සිටිමෙන් අනිවාර්යේනම උසස්ම ජිවන තත්වයකට යන සුපිරිම රැකියා ලැබේ.
* ඔවුන් වැඩි මහන්සියකින් තොරව රැකියාව විනෝදයෙන් ප්‍රීතියෙන් කරගෙන යයි. මේ ග්‍රහ බල වලට පිං සිද්ධ වීමට මෙවන් තත්ව ඇතිවේ.

● පූර්ව ආත්ම භාව වලදී සේවකයන් තලා පෙලා වැඩි නොගැනීම, ඔවුන්ගේ දුක් දොම්නස් වලට කඩිනම් පිලිතුරු ලබාදීම. ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් ඉඩම් ගෙවල් ලබාදීම, ලෙඩට දුකට පිහිටවීම, දරු පවුල් වලට සැලකීම, භික්ෂූ සංඝයා වහන්සේලා වෙනුවෙන් දන් දීම, අසරණ අයට උදව් උපකාර කිරීම වැනි යහපත් කටයුතු වලින් මෙවැනි හොද රැකියා ලැබීමට හේතුයි.

මෙහි අනිත් පැත්ත ගැන ඉදිරියෙදි සාකච්ඡා කරමු.
එනම් අම්මත් ඩොක්ට, තාත්තත් ඩොක්ට... අක්කත් ඩොක්ට රුසියාවේ.. අයියා ප්‍රොෆෙසර් ඇමරිකාවේ... එහෙම පවුලක පුතා සිකුරිටි ගාඩ් ජොබ් කරන තත්ව මම ඇස් 2ට දැකල තියෙනව. ඒකත් එක අතකට බලාගෙන යනකොට ඇත්ත.

කේන්දරයේ ඇති දුර්වලකම් නිසා සහ තමන්ගේ උත්සහයේ ඇති මඳ බව සහ ගැටළු නිසා මෙසේ මෙසේ වේ. වාසනාවන්ත අයට මෙසේ නොවෙයි.

තෙරුවන් සරණයි !

Monday, December 8, 2014

ග්‍රහ ලොව මව්තුමිය වන “ සඳු මහ දසාවේ පලාපල “ - 2 වන විස්තරය

වසර 10කට සීමා වන, සදුගේ මහ දසාව තුල කෙනෙකුට බලපාන ආකාරය මෙහෙමයි.

සඳු සිතිවිලි වලට අධිපති වෙයි.

* සඳු බලවත් වන්නේ 3 වැන්නට, 4 වැන්නට, 5 වැන්නට, 7 වැන්නට, 9 වැන්නට, 10, 11 භාව වලටය.

එසේ නම් බලවත් තැනක සිටින සඳු, බලවත් දේ බලවත් ප්‍රතිඵල ඇති කරයි.

● සඳු මහ දසාවේ සඳු  අතුරු දසාව - මාස 10කි.
එම මාස 10 ඇතුලත පුද්ගලයාගේ ශරීර සෞඛ්‍ය දියුණු වේ. නැතිවුනු රැකියා, නව රැකියා ලැබේ. මුදල් යහමින් ලැබේ, ජනප්‍රිය වේ. නිවාස එසේම යාන වාහන ලැබේ.

● සඳු මහ දසාවේ  කුජ අතුරු දසාව - මාස 7
මේ මාස 7 කාලය තුල, නිවාස - භූමි ලාභ ලැබේ. එසේම නව ආදායම් මාර්ග හිමිවේ. විශේෂයෙන්ම ගත්කල, පතල් - මිනිරන් ආදි කර්මාන්ත කරන අයට වාසි සහගතයි. තමාගේ තීරණ නොපසුබටව ගනී.

● සඳු මහ දසාවේ රාහු අතුරු දසාව  - වසර 1 මාස 6
මේ කාලය තුල බලවත්ව සිටින සදු සහ රාහු ප්‍රසිද්ධ කරයි. හොද අයුරින් ප්‍රසිද්ධ කරයි. එසේම විදෙස් රැකියා ඇති කරයි. භූමිලාභ ඇති කරයි.

● සඳු මහ දසාවේ ගුරු අතුරු දසාව - අවු 1 මාස 4
ඉතාම ශුභ කාලයකි. මංගල යෝග උදාවේ. ඒවගේම දරු සම්පත් බලාපොරොත්තු වන අයට ඒ පැතුම් ඉටු කරගත හැක. තවද සැප සම්පත් නොඅඩුව ලැබෙනවා සේම සුඛෝපභෝගී ජිවිතයකට මග පෑදෙයි.

● සඳු මහ දසාවේ ශනි අතුරු දසාව - අවු 1 මාස 7
මෙම කාලයෙදි අසනීප ඇතිවේ. එසේම දුවාදරුවන්ටද අසනීප ඇතිවේ. රැකියා අහිමී වීමට පුලුවන්. සිත කරදරයෙන් පෙලේ. නරකම කාලයකි - ඒරාෂ්ඨක අපලයකට සමානයි.

● සඳු මහ දසාවේ  බුධ අතුරු දසාව - අවු 1 මාස 5
ඉගෙන ගැනීමට හොද කාලයකි. එසේම බුද්ධිය වර්ධනය වේ, තරග විභාග වලින් සමත් වේ. එසේම තමාගේ වැඩ කටයුතු සාර්ථක වේ. බුද්ධිමතුන්ගේ ඇසුර හිමිවේ. නිසි වයසේදී නම්, විවාහ මංගල යෝග ඇතිවේ.

● සඳු මහ දසාවේ  කේතු අතුරු දසාව - මාස 7
ලෙඩ රෝග වලින් කරදර ඇතිවේ. එසේම සිත දුකින් පිරේ. යම් ආකාරයකට කලකිරිම, නිවසින් බැහැරව සිටිමට සිත් පහල විම සිදුවේ. උප්පත්ති කේන්දරයේ කේතු බලවත් නම් භූමියෙන් වාසනාව මතුකර දෙයි.

● සඳු මහ දසාවේ සිකුරු අතුරු දසාව - අවු 1 මාස 8
ඉතාම ප්‍රීතියෙන් සිටිමට හැකි කාලයක්. අලංකාර යාන වාහන මෙන්ම සුවපහසු ජිවිතයට අවශ්‍ය සියලුම අංගෝපාංග ලැබේ. තමන්ගේ වැඩ කටයුතු ඉතාම යහපත්ව කෙරේ. විසේසයෙන්ම නව නිවාස ආදිය ලැබීමට හේතුය. සිත සතුටින් පිරේ, මංගල යෝග බහුල වන කාලයකි. නව පෙම් සබදතා ඇතිවේ.
විවාහ වූ අඹුසැමියන් අතර ඉතාම ප්‍රීතිය වැඩි දියුණු වන අතර, කාමාශාව වැඩියෙන් දැනෙන කාලයකි.

● සඳු මහ දසාවේ රවි අතුරු දසාව  - මාස 6
මේ කාලයෙදි සාමාන්‍ය පරිදි ගතවන අතර, තමාගේ පියාට සුභ කටයුතු ඇතිවේ. බලවත් තැනක රවි සිටියොත් එසේම වේ. තමාගේ කටයුතු සාමාන්‍ය පරිදි ගත කරගැනිමට පුලුවන් වන අතර, රවි කේන්දරස්ථානයක බලවත් නම් උසස් නිලතල ලැබේ.


Sunday, December 7, 2014

සතියේ ලග්න පලාපලය (දෙසැ. 8 සිට)

●  මේෂ
මෙම සතිය ඔබට සුභ සතියක්.
ආර්ථික තත්වය දියුණු කරගැනීමට පුලුවන්. එසේම නව ආදායම් මාර්ග ලැබීමට හැක. පිට පලාත් වල සංචාරය කිරීමෙන් ඔබට ප්‍රතිඵල ලැබේ.
ගෘහ ජිවිතය හොදයි. ප්‍රීතිමත් ගමන් බිමන් යෙදේ. දරුවන්ගේ දියුණුව සැලසේ. සංචාරය කිරීමට අවස්ථාව ලැබේ.
සෞඛ්‍ය තත්වය, උෂ්ණාධික රෝග වලින් ප්‍රවේසම් වන්න.

● වෘෂභ
  ශුභ සතියකි.
ධන-ධාන්‍ය ලැබේ. දියුණු වීමට පුලුවන් කාලයකි. අලුත් ආදායම් මාර්ග ලැබේ. හදිසි ධනලාභ ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවේ. අඹුසැමියන් අතර, සතුට සමාදානය වර්ධනය වෙයි. එසේම දරුවන්ට සුභදායක දේ සිද්ධ වෙයි.
සෙම් අමාරු ඇතිවිමට පුලුවන්, පරිස්සම් වන්න.

●  මිථුන
ශුභ සතියකි.
ආදායම් මාර්ග ලැබේ. වෙළදාම් කරන අයට ශුභයි. අලුත් රැකියා අවස්ථා ලැබේ. එසේම තමන්ගේ කටයුතු දියුණු වේ.
ගෘහ ජිවිතය හොඳයි. දරුවන්ට සුභයි.
සෙම් අමාරු වලින් ප්‍රවේසම් වන්න.

●   කටක
සමඵල සතියකි.
මුදල් හම්බ කරනවාට වඩා වියදම වැඩි සතියකි. අනවශ්‍ය දේවල් වලට වියදම් වීමට තිබේ. සතිය මැදදී මෙම තත්වය පහව යයි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවේ. දරුවන්ට අසනීප හා අධික කාර්යබහුලකම ඇතිවිය හැක.
සෞඛ්‍ය තත්වයේ ගැටළු ඇතිවිමට ඉඩ ඇත. රෝග පීඩා, බෝවන රෝග වලින් පරිස්සම් වන්න.

● සිංහ
මෙම සතිය ශුභ සතියකි.
ආදායම් මාර්ග දියුණු කරගැනීමට පුලුවන්. එසේම සහෝදරකාරකාදීන්ගෙන් උදව් ලැබීමට පුලුවන්. එසේම පිට පලාත් වල වෙලදාම් කරන අයටත්, විදෙස් රැකියා කරන අයටත් සුභ සතියකි.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවන අතර ප්‍රබල බාධක නොමැත.
සතිය අගදී ලෙඩ රෝග ආදිය ඇතිවිමට ඉඩ ඇත. පරිස්සම් වන්න.

● කන්‍යා
සුභ සතියකි.
ව්‍යාපාර කටයුතු කරන අයට, සුභ පල ලැබේ. ආදායම් මාර්ග දියුණු වේ. විදෙස් රැකියා කරන අයට සුබයි.
දරුවන්ට, බිරිඳට පිට පලාත් වල ඇවිදීමට ලැබේ.
එසේම මානසික සෞඛ්‍ය ගැන පරිස්සම් වන්න.
සෞඛ්‍ය ගැටළු ලෙස, හිස සම්බන්ධ රෝග හා සෙම් රෝග ගැන විසේස අවධානයක් දක්වන්න.

● තුලා
හොඳ සතියකි.
ආදායම් ලැබේ. වෙල හෙලදාම් දියුණු වේ. උරුමහරුමකම් ලැබේ. හදිසි ධනලාභ, ලොතරැයි වාසනා ආදියද ලැබේ.
දරුවන්ගේ කටයුතු වලට හොදයි. වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබේ. ඥාතින්ගෙන් උදව් ලැබේ.
හන්දිපත් වේදනාව, වාත වේදනාව ඇතිවිමට ඉඩ ඇත.

● වෘශ්චික
එතරම් සුභදායක නැත.
ප්‍රබල දෝෂ සහිත සතියකි. ආදායමට වඩා වියදම බබලවත් වේ. ලැබෙන මුදල් මදිවී යාමට හැක. සතිය මැදදී හොඳක් බලාපරොත්තු වන්නට පුලුවන්.
ගෘහ ජිවිතය හොදින් ගත වුනද සතිය මුලදී බාධක පැන නගී. භේද භින්නකම් මතුවේ. නමුත් සතිය අගදී ඒවා සමනය වී සෙත සැලසේ.
සෞඛ්‍ය තත්වය, ජලය ආශ්‍රිත රෝග, ජල අනතුරු සිදුවීමට ඉඩ ඇත. පරිස්සම් වන්න.

● ධනු
සුභ සතියකි.
ආදායම් මාර්ග දියුණු කරගැනීමට පුලුවන්. සියලුම දෙනාගෙන් උදව් උපකාර ලැබේ. ජලාශ්‍රිත රැකියා කරන අයට සුභයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවේ. මංගල යෝජනාවන් ස්ථිර වේ. ප්‍රේම සබදතා සඵල වේ. සතුටින් සිටීමට පුලුවන්.
සෞඛ්‍ය තත්වය - සාමාන්‍ය පරිදි වුවත් ඇඟේ පතේ වේදනාව සෙම් අමාරු ආදිය ඇතිවිමට ඉඩ ඇත.

● මකර
එතරම් ශුභදායක නැත.
ආර්ථික අවාසි පාඩු සිදුවිය හැක. අනවශ්‍ය දේවල් වලින් පාඩුවිය හැක. තමන්ගේ මහන්සියට සරිලන ප්‍රතිඵල නොලැබී යාහැක. කරදර බාධක ඇතිවිය හැක.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතකර ගැනිමට බාධක ඇතිවේ. දරුවන්ට අයහපත ලැබීමට ඉඩ ඇත. පරිස්සමෙන් කටයුතු කරන්න.
සෙම් රෝග සහ සියලුම උදරාබාධ මතුවිමට හේතුයි.

● කුම්භ
ශුභයි.
සතිය මුලදී ආර්ථික වශයෙන් දියුණු වේ. තිබුනු ගැටළු තත්ව නැතිවී යයි. හදිසි ධනලාභ ඇතිවිය හැක. එසේම සහෝදරයන්ගෙන් සමාජයෙන් දියුණුවට උදව් උපකාර ලැබේ.
ගෘහ ජිවිතය හොඳින් ගත වන අතර, දරුවන් සමග සතුටින් සිටීමට වාසනාව ලැබේ. එසේම දියුණුව සම්බන්ධව ප්‍රමුඛව සිතීමට නිවසේ අය මුල් තැන ගනී.
සතිය මැදදී සෞඛ්‍ය ගැටළු මතුවිය හැක. ජලාශ්‍රිත බෝවන රෝග ඊට ප්‍රධානම හේතුව විය හැක. පරිස්සම් වන්න. වෙනත් ගැටළු නොමැත.

● මීන
ශුභයි.
වෙළදාමේ නියුතු අයට ආර්ථික වාසි සැලසේ. ජලාශ්‍රිත රැකියා කරන අයට, විදෙස්ගත රැකියා කරන අයට සුභයි. රැකියා නොමැති අයට රැකියා ලැබීමට ඉඩකඩ ඇත.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවන අතර, දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අයට වාසනාවන්ත පිරිමි දරුවන් ලැබෙනු ඇත. එසේම ඥාතින් සමග වන්දනා ගමන් ආදියේ යෙදීමට සිත් පහල වේ.
සෞඛ්‍ය ගැටළු නොමැත. සෙම් රෝග වලින් ආරක්ෂා වන්න. උෂ්ණාධික රෝග ඇතිවිමට හේතුයි.

#ඉරුසේවය
Iru Astrology

* භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව
* අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය * (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364








Friday, December 5, 2014

විවාහය ගැන විග්‍රහය - 1


ජෝතීර්වේදියෙක් විදියට විවාහය විග්‍රහ කරන්නේ කෙසේද ?

● විවාහයකදී මූලිකව දෙදෙනා දෙදෙනාට කැමැත්තක් බැඳීමක් තිබිය යුතුය.
● ලග්නයට ලග්නය ගැලපිය යුතුය.
● දෙදෙනාගේම කේන්දර වල විවාහ ස්ථානාධිපතිවරු/ 7 වැන්න අධිපතිවරු ගැලපිය යුතුය.

Thursday, December 4, 2014

““ විවාහය ““ - 1

විවාහය යම් කෙනෙකුගේ 2වන උපත ලෙස හැඳින්වේ. ජෝතිෂ්‍යය අනුව බලන විටද සංකීර්ණතාවක් දැනේ.
විවාහයක් යනු 2ක් යම් වයසකදී අතිනත අරගෙන, එක වහලක් යටට ගිහින් ඒ අය මැරෙනතුරුම එකට සිටිනවා යන අදහසයි.

විවාහය කියන්නෙ යම් ගැලපීමක්නේ. 
ඒ විතරක් නෙමෙයි, යම් දෙදෙනකු අතර මිතුරුකමකටත් යම් ගැලපීමක් තිබිය යුතුයි - හොඳ ග්‍රහ බලයක්.
විවාහය කියන මාතෘකාවෙදි උපරිම වශයෙන් ග්‍රහ බලපෑම තිබිය යුතුයි.

● විවාහයකදී මූලිකව දෙදෙනා දෙදෙනාට කැමැත්තක් බැඳීමක් තිබිය යුතුය.
● ලග්නයට ලග්නය ගැලපිය යුතුය.
● දෙදෙනාගේම කේන්දර වල විවාහ ස්ථානාධිපතිවරු/ 7 වැන්න අධිපතිවරු ගැලපිය යුතුය.

මේවා මූලිකව ගැලපිය යුතුය.

* එක් අයෙකුගේ, සෙනසුරු 7 වැන්නාධිපතියා වී අනිත් කෙනාගේ 7 වැන්නාධිපතියා කුජ වේ නම් ගැටළුවක් එයි.
* එක් අයෙකුගේ ගුරු 7 වැන්නාධිපතියා වී අනිත් කෙනාගේ 7 වැන්නාධිපති සිකුරු වුවොත් එයද ගැටළුවක් වේ.

එහිදී සිදුවන්නේ විවාහය ඇතුලේදි ගැටළුවක් ඇතිවිමට ඉඩ ඇත. පොදු කාරණයකි.

● ස්ත්‍රි, පුරුෂ 2නාගේ ලග්නාධිපතිවරු නොගැලපීම දෙදෙනා අතර අඩ දබර ඇතිවිමට හේතුවක් වන අවස්ථාද ඇත. 
ලග්නාධිපතිවරු සතුරුවීම ගැටළු ඇති කරන්නකි.
මෙවන් අවස්ථාවලදි ඉතා කුඩාවට ප්‍රශ්න ලෙස පටන් ගෙන මහාපරිමාණයට ඇතිවිය හැක.

* නොගැලපෙන කේන්දර වලින් 90%ක්ම මේ ආකාරයට මූලිකව නොගැලපෙන ඒවා බව අපට පැහැදිලි වී ඇත.

විවාහයකදී,
ලග්නයට ලග්නය ගැලපීම.
ලග්නාධිපතින් සතුරු නොවීම.
විවාහ ස්ථානාධිපතින් හොඳ තැනක බලවත්ව සිටිය යුතුය - පාප පීඩිත නොවිය යුතුය.

● කුම්භ ලග්නය හිමි විවාහය දැඩි ලෙස අසාර්ථක කේන්දර සටහනක් හිමි කාන්තාවකගේ, ලග්නයේ සෙනසුරු සිටී. 7 වන භාවයේ කුජ සිටී.
එවිට ශනිගේ සප්තම දෘෂ්ඨිය කුජට ලැබේ. එය විවාහ හරි නොයන ගැටළුකාරි තත්වයකි.
ඇයගේ 3වන විවාහයේ සැමියාද විදෙස් රටකදී හදිසි අනතුරකින් මරණයට පත්විය.
* එය විවාහ හරි නොයන තත්වයකි. ඒ කේන්දර පරික්ෂාවෙදි අදාල කාන්තාව අපට පැවසුවේ එම කේන්දර සටහන් විවාහයෙදි ගැලපුනු බවයි. 
එහිදී එම විවාහයේ එම කරදර බාධක ඇතිවිමට කේන්දර සටහන බැලූ ජෝතිර්වේදියාගේ ලොකු ගැටළුවක් පවතී.

ජෝතිෂ්‍යෙව්දියාගෙන් නිවරදි තොරතුරු ලබාදීම සහ ජෝතිෂ්‍ය වේදියාද නිසිලෙස තම කාර්යභාරය ඉටු කල යුතුය.

*●* මෙම කරුණු පොදු කරුණු බව තරයේ මතක තබාගන්න. මේ පැවසූ දේ වෙනස් වන කේන්දර සටහනේ ඕනෑතරම් යෝග ආදිය ඇත. සූක්ෂම කේන්දර පරික්ෂාවකින් අදාල ග්‍රහයන් සිටින අංශක අනුව පලාපල කිව යුත්තේ එබැවිනි.

Iru Astrology

* භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව
* අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර,
* නාමකරණය (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න.
0711 345 364

Tuesday, December 2, 2014

මනා රූ සපුවක් ඇතිවිමට හේතු

“ කාන්තාවන්ට විශේෂයි “

උපදින හැමදෙනාම, විවිධාකාර රූප ස්වභාවයෙන් යුක්ත වෙති. කෙනෙකුගේ රූපයට යම් යම් දේහ ලක්ෂණ නිසා එයින් විවිධත්වයක් හටගනී. එසේම අප සමාජයේ දැක ඇති කාරණාව නම්, මෙම පුද්ගල පෞරුෂය, රූප ස්වභාවය තමාගෙ ජිවිතයේ සියලුම අංශ කෙරෙහි සුභවාදි ආකාරයට බලපා ඇති බවයි.
එසේ නම්, කාට උනත්, රූපය තමාගේ ජිවිතයේ තීරණය කරන ප්‍රධාන මිනුම් දණ්ඩක් බව කිව යුතුය.

එසේ නම්, උසස් රූප ශෝභාවකට පවතින ග්‍රහ බලය, එසේම පෞරුෂය කෙරෙහි බලපාන ග්‍රහ බලය කුමක්දැයි විමසා බලමු.

විශේෂයෙන්ම මේෂ රාශියෙන් ආරම්භ වී මීන රාශියෙන් අවසන් වන ලග්න වළල්ලේ ප්‍රධානතම මෙම ලග්න වලට බලපාන ග්‍රහයන් පුද්ගලයාගේ රූප ස්වභාවයට හේතුවන පෞරුෂය පෙනුම ඒ ආදියට බලපෑම් ඇති කරයි.
* ප්‍රධාන වශයෙන්ම මුහුණ පැහැපත්, අලංකාරවූත්, තත්වයක් ඇතිවිය යුතුය. ශරීරයේ ලග්න 12ට අනුව කොටස් බෙදේ. එසේ නම් හිස, මුහුණ, පපුව, දෙඅත්, නාභිය ප්‍රදේශය සහිත යටි බඩ, කලවා, කෙණ්ඩ, දෙපා මේ අනුව මුහුණ පපුව දෙඅත් නාභිය කලවා කෙණ්ඩ විශේෂයෙන්ම ස්ත්‍රියකට නම් රූප සොබාව පැත්තෙන් ගත්කල අලංකාරව පිහිටා සිටීමට අත්‍යාවශ්‍යම පෙදෙස්ය.

●  යම්කිසි ස්ත්‍රියක් මෙලොව උපදින අවස්ථාවේදී ලග්න භාවයට, සිකුරු සුවිශේෂි ග්‍රහයෙක් වී බලවත්ව පිහිටීම විශිෂ්ට රූප ස්වභාවයක් ඇතිවිමට හේතුයි.

●  එම සිකුරු, සඳුගේ දෘෂ්ඨියට ලක්වීම නිසා මුහුණ එසේම දෙඅත්, පපුව සහිත ශරීරය මනාව වටකුරුව සියුමැලිව පිහිටිමට හේතුය.

●  එසේම සිකුරු, කුජගේ දෘෂ්ඨියට හසුවීම නිසා එම ස්ත්‍රිය ඉතාම රූමත් තත්වයකට පත් වෙනවා සේම, ඇය දැකීමෙන් ඕනෑම පිරිමියෙක් ඇයගේ වසඟයට පත්වේ.
වසඟයට පත්වීම යනුවෙන් දැක්වීමේදි මා හට මතකයට එන්නේ, ක්ලියෝපැට්රා බිසවුන්වහන්සේය.
එතුමිය මුණ ගැසුනු පලවෙනි අවස්ථාවෙදි ජුලියස් සීසර් නැමති ඒ මහා අධිරාජ්‍යවාදියා ඇය පාමුල වැඳ වැටී ඇත්තේ, එම රූපයට සමාන රූපයක් කෙදිනකවත් එම අධිරාජ්‍යයා නොදැකපු බැවිනි.

එසේ නම් මා අදහස් කලේ විශිෂ්ඨ රූප සොබාව රජවරුන් පවා වසඟ වන තත්වයක් බවයි.

මේ තත්වයට හේතුව ඉහත සදහන් කාරණාය.

●  එසේම ස්ත්‍රි ජන්ම පත්‍රයක බුද ග්‍රහයා සිකුරුගේ දෘෂ්ඨියට ලක්වේ නම් ඇය, ඉතාම මිහිරි වූ වචන කියන්නාවූත්, ප්‍රියබස් තෙපලන්නාවූත් කාන්තාවකි.
ඇයගේ මිහිරි වචනය නිසා, පුරුෂයා ප්‍රමෝදයට පත්වේ. එසේම හුරුබුහුටි වයසට ගියත්, වයස නොපෙනෙන රූප සොබාවක් හිමිවේ.

● යම්කිසි ස්ත්‍රියකගේ හඳහනේ, ගුරු - සිකුරු 1ට පිහිටිම, එසේම ඔවුනොවුන් දෘෂ්ඨියට ලක්වීම නිසා කාන්තාවන් පිරිපුන් පියයුරු සහ පිරිපුන් නිතඹක් සහිත අලංකාර දේහ විලාශයකට හිමිකම් කියයි.
මෙවැනි ස්ත්‍රින් බොහෝවිට දුටු පමණින්, කාමාශාවක්, රාගාධික බවක් වෙනුවට ගරු ගාම්භීර අදහසක් පුරුෂයන්ට සිත්හි පහල වේ. මෙවැනි රූප ස්වභාවන් ඇති අය රජයේ හා වෙනත් ස්ථාන වල ඉහල පෙලේ නිලතල ධූර දරන කාන්තාවන්ය.

● එසේම යම්කිසි ස්ත්‍රි හඳහනක, සඳු ග්‍රහයාට කුජගේ බලපෑම එල්ලවීම නිසා තරමක තද ශරීරයක් හිමිවේ.
බොහෝවිට එවැනි කාන්තාවන්ගේ හිසකේ, කර්ල් වේ(කැරලි) සහිත වේ.
එසේම ශරීරයේ අත් පා වල, අලංකාර ආකාරයට රෝම වැවී තිබෙන්නට පුලුවන.
මෙැවනි ස්ත්‍රින් සමග ලිංගික ඇසුර පුරුෂයන් ඉතා ප්‍රිය කරයි.
තරමක නපුරු ගතියක් ඇතිවිමට පුලුවන. කෙසේ වෙතත්, අප ඔය සදහන් කලේ, ලග්නයට බලපාන සුභ ග්‍රහ බලය අනුව රූප ස්වභාවය වැඩිවන අයුරුයි.

ඉදිරියෙදි අප සාකච්ඡා කරමු, මෙයින් ඔබ්බට යම් දෙයක් -

ඔබගේ හදහනෙත් මෙවන් දෑ ඇත්දැයි විමසිලිමත් වන්න.

Facebook Ratings - 2

https://www.facebook.com/irusewaya?sk=reviews






Monday, December 1, 2014

ග්‍රහ ලොව මව්තුමියගේ මහ දසාව - චන්ද්‍ර මහ දසාව - 1

ග්‍රහ ලොව සූර්යයා පියා නම්, මව වන්නේ චන්ද්‍රයාය. මෙම චන්ද්‍රයා අපට පෘථවියට අාසන්නවම පිහිටා තිබේ. ස්ත්‍රීකාරක ග්‍රහයෙකි. සිතුවිලි වලට අධිපතිකම දරනවා. එසේම කිරි, හිම, සීතල, මිරිදිය ජලය, මහා සමුද්‍රයට බලපාන ප්‍රධානම ග්‍රහ තාරකාව සඳු ග්‍රහයා වේ.

* යම්කිසි කෙනෙකුගේ සඳු බලවත්ව සිටීම මනා රූප සෝබාවක් ලැබීමට හේතුයි. මෙය විශේෂයෙන්ම කාන්තාවන්ට බලවත් විය යුතුම තත්වයකි. සඳු බලවත් පුරුෂ තෙම, ආගිය තැන ගරු සැලකිලි ලබන්නා සේම සුඛෝපභෝගී ජිවිතයකට හිමිකම් කියන අතර අලංකාර නිවාස ආදියේ වාසය කරයි.

* අප මේ කිව් ආකාරයට මේ චන්ද්‍රයාගේ මහ දශාව වසර 10කි.

* සඳුට දිග්බල ස්ථානය එනම් දිශා බල ස්ථානය 4වන භාවයයි.
එනම් දකුණු දිශාවට බලවත් වේ.

සඳු මහ දසාවේ පුද්ගලයාට ලැබෙන, ප්‍රතිඵල පලාපල කෙසේද යන්න අප විමසා බලමු.

● සඳු මහ දසාව වසර 10ක් වන අතර, සඳුට දිග්බල ස්ථානය එනම් දිශා බල ස්ථානය 4වන භාවයයි.
එසේම සමාජශීලිත්වය ඇතිව සමාජයේ ජනප්‍රිය වීමට මේ කාලය හොදයි.
ඒ ශුභ පල තව එක්දෙයක් කීමට අමතක උනා, ගර්භණී මව්වරුන්ට වාසනාවන්ත දුවණිවරුන්ගේ ලාභීත්වය මේ කාලයේදි සිදුවේ.

* මේ ආදි ශුභ ඵල ප්‍රදානය කරන චන්ද්‍රයා යම්කිසි කේන්දරයක අෂ්ටම(8) හෝ 6 වැන්න හෝ 12 වැන්නේ පාපපීඩිත නම් එම දශා කාලය පුද්ගලයාට බොහෝ පීඩාකාරි වේ.
කුඩා දරුවන් නම් ජලයෙන් අනතුරු ආදියෙන් අනතුරු ඇතිකරගනි. ආහාර විෂ වීම උදරාබාධ ඇති කරයි.
* එසේ සිටියදී සෙනසුරුගේ ඒරාෂ්ඨක අපලයක් චන්ද්‍රයා සමග බලපෑවොත් ආයුෂ කෙරෙහි බලපෑමක් ඇතිවිමටත් ඉඩ ඇත.
* සඳු නීච වූ අය, සඳු බලවත් නැති අය ඉතාම රුදුරු රෝෂ ගතිගුණ ආදියෙන් හෙබි අය වේ. මෙවන් අය සමග ජීවත් වීම බොහෝම කටුකම අත්දැකීමකි.

එසේ නම් සදු මහ දසාව මේ ආකාරයෙන් ගත වන බව අපගේ පාඨකයන්ට අකුරු කර දැක්වූවෙමු.
ඊලග දිනයක සඳු මහ දසාවේ අන්තර් දශා වල පොදු පලාපල ලබාදීමට බලාපොරොත්තු වෙමු.

___________







Sunday, November 30, 2014

සතියේ ලග්න පලාපලය (දෙසැ.1 සිට)

● මේෂ
මෙම සතිය ඔබට මධ්‍යස්ථයි.
වියදම් අධික සතියකි. ලැබෙන මුදල් ඉතාම සීග්‍රගාමිව වැයවේ. ලැබීමේ බාධාවක් නොමැති වුවත්, කළමනාකරණයේ දෝෂ මගහරවා ගැනීමට කල්පනාකාරි වන්න.
ගෘහ ජිවිතයේ ගැටළුවක් නැති වුවත් ආදායමේ ප්‍රශ්න ඇති නිසා, ඒ ගැන මීට වැඩිය කල්පනා කල යුතුයි. එසේම අඹුසැමියන් අතර යම් යම් මතවාද නිසා මත ගැටුම් ඇතිවිමට හේතුයි.
තරමක කාර්යබහුල වන සතියකි.
සෞඛ්‍ය තත්වය ලෙස, පාද වල, අත්පා වල වේදනාව, හන්දිපත් රුදාව, එසේම සෙම් අසනීප බලපායි.

● වෘෂභ
ඉතාම ශුභ සතියකි.
ලැබීමේ භාග්‍යය ඇතිවේ. සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබේ. ඒ අයගෙන් ආරක්ෂණය ලැබේ. ගනුදෙනු වලට යෝග්‍ය සතියක් වන අතර, ව්‍යාපාරික ක්සෙත්‍රයේ නියුතු අයට දියුණුව ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවේ. අවිවාහක අයට මංගල යෝග උදා වෙනවා සේම, ප්‍රේම සබදතාද සඵල වනු ඇත. අඹුසැමි ප්‍රීතිය වර්ධනය වේ. කම්සැප ඕනෑ කරන සතියකි.
රෝගාබාධ නොමැති වුවත්, අජීර්ණ සම්බන්ධව පරිස්සම් වන්න.

● මිථුන
ශුභ සතියකි.
ආදායම් තත්ව ඉහල යයි. ව්‍යාපාරිකයන්ගේ ආදායම් තත්ව ඉහල යනවා සේම, පිට පලාත් වල රැකියා කරන අයටත්, විදෙස් රැකියා වල නියුතු අයටත් ආර්ථික වාසි සැලසේ. ජලාශ්‍රිත කර්මාන්ත කරන අයට සුභම සතියකි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත් වන අතර, තමාගේ සතුරන් වී සිටි අය මිතුරන් බවට පත්වේ. එයින් සිතට ප්‍රීතිය ගෙනදේ.
උදරාබාධ සහ නිදන්ගත රෝග ඇති අය පාලනය කලොත් හොදයි.

● කටක
මේ සතිය ඉතාම ශුභයි.
කටක ලග්නයේ ඔබ මේ සතියෙදි හුඟක් ආර්ථික අංශයෙන් වාසි අත් කරගනී. පෙර පිනට මෙන් යම් යම් දේ ලැබේ. එසේම වැඩිහිටියන්ගෙන් උරුහරුමකම් ලැබේ. සතිය පුරාවටම අඩුවක් පාඩුවක් නැති ගත කරන අතර, ව්‍යාපාරික අයට විවිධ මාර්ග වලින් ආදායම් ලැබේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර, අඹුසැමියන් අතර කායික ඇසුරට උනන්දුව වැඩිය. දරුවන්ගේ තරග විභාග වලින් ජය ගැනීම නිසා සිතට ප්‍රීතිය ගෙනදෙයි.  ඔබට සුභ සති අන්තයක් මෙම ග්‍රහ බලයත් සමග ලැබේ.
මුත්‍රා අමාරු සහ උෂ්ණාධික රෝග වැලදීමට ඉඩ ඇත.

● සිංහ
සමඵලයි.
සතිය මුලදී යම් යම් බාධක තිබුනද, සතිය අගදී එම තත්වය මගහැරෙනු ඇත. ඔබට විවිධ මාර්ග වලින් ආදායම ලැබේ. ඒ අනුවද හොදයි. වැඩිහිටියන්ගෙන් ආදායම් මාර්ග වලට උදව් උපකාර ලැබෙනු ඇත. සතිය මැදදි පැරණි මිතුරෙකුගේ හමුවීම නිසා ආර්ථික වාසි සැලසේ.
ගෘහ ජිවිතය තුල, තමන් නොමසුරුව වියදම් කරයි. ඒ අතර,  ඔබට යම් යම් ප්‍රීති උත්සව වලට සහභාගි විමට පුලුවන්. එයින් ප්‍රීතිය ගෙනදෙයි.  කෙසේ වෙතත් දුරබැහැර සංචාරයේ යන ඔබ, ජලාශ වල නොවිමසා නෑමෙන් වලකින්න. - සෞඛ්‍ය අංශයේ සෙම් අසනීප වැඩිවීමද ජලය නිසා බෝවන රෝගද, අමියා අජීරණද ඇතිවිමටද ඉඩ ඇත.

● කන්‍යා
ඔබට මේ සතිය නම් බලවත් අයහපතක් ඇත.
ලග්නයේ ග්‍රහයන් හැසිරෙන හැටියෙන් ඒ බව පෙන‍ේ. ආර්ථික තත්වයට බාධක එල්ල වන අතර, සතුරු කරදර නිසා ආදායම බිංදුවට බසී. එසේම සතුරන්ගේ කූඨ උපක්‍රම නිසා ආර්ථිකයේ ප්‍රබල කඩා වැටීමක් සිදුවිය හැක. ණය තුරුස් වීමද, ගත් ණය ගෙවා ගැනීමට බැරිවිමද සිදුවිය හැක.
ගෘහ ජිවිතය තුල තද අසහනකාරි භාවයක් පෙන්වයි. ලග්නයේ රාහු සිත කලබල කරන නිසාද 7 වැන්නේ සදු කේතු සමග සිටින නිසාත් සියලුම දෙනා දෙස සැකයෙන් බැලීමට සිදුවේ. තමාගේ භාර්යාව තමාට විරුද්ධව නැගිසිටිමට ඉඩ තිබේ.  මිතුරන් නිසා, මිතුරන්ගෙන් දුක් සහිත ආරංචි ලැබේ.
සෞඛ්‍ය තත්වය ගැන පරිස්සම් වන්න. අධික රුධිර පීඩනය සහ මානසික ආතතියෙන් පරිස්සම් වන්න.

● තුලා
ඔබට මෙම සතිය ඉතාම වාසනාවන්තයි.
චන්ද්‍ර චාරය අනුව යම් යම්, සතිය මැදදී ආර්ථික වාසි සිදුවේ. තුලා ලග්නයේ ඔබ කල රැකියාව වෙනුවට ඊට වඩා උසස් රැකියාවක් ලබාගැනීමට ඔබට කල පැමිණෙනවා ඇත. ඔබ තරග විභාග වලින් ජය ගැනීම නිසා උසස් පදවි වලට පත්වේ. එසේම ඔබගේ ග්‍රහචාරය දෙස බලන කල ඔබගේ බුද්ධියත් නුවණත් නිසා ආර්ථික වාසි එමට හිමිවේ. මනා සංවිධාන ශක්තිය නිසා ඔබගේ ව්‍යාපාර කටයුතු දියුණු වේ.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවන අතර අන්නෝන්‍ය විස්වාසය තහවුරු වේ. එසේම කාම ශක්තිය දියුණු වන නිසා සහකරු/සහකාරියගේ බැදීම ඉතාම ඕනෑකමක් පෙන්වයි. දුවාදරුවන්ට රසවත් ආහාර පාන අරන් දී ඔවුන්ව සතුටු කරයි.
සෞඛ්‍ය අංශයේ සෙම් රෝග ඇතිවිමට ඉඩ ඇත. එසේම තත්කාල ග්‍රහචාරයේ කේතු 6 නිසා හදි හූනියම්, කොඩිවින ආදියට ලක්වීමට පුලුවන්. නොදන්නා ස්ථාන වලින් ආහාර ගැනීමෙන් වලකින්න(මෙය සෞඛ්‍ය දෝෂයක් නොවේ)

● වෘශ්චික
මේ සතිය බලවත්ම සතියකි.
චතුර්ග්‍රහ යෝගයක් ලග්නයේ සිටියදී සදුද බලවත් බැවින් ආර්ථික අංශයේ දැවැන්ත වාසි අත්වේ. එසේම කරන කියන සියලුම කටයුතු ජයග්‍රහණය කරා යයි. එසේම භූමිය ඉඩම්, යානවාහන කටයුතු වල සහ සුළු හා මධ්‍ය පරිමාණ ස්වයං රැකියා කරන ඔබට යහපත ඉටුවේ. වැඩිපුර දෙවියන් නැමද ඉෂ්ඨ දේවතා වන්දනයේ යෙදිම ඔබගේ දියුණුවට හේතුවනවා ඇත.
ගෘහ ජිවිතය ඉතාම ප්‍රීතියෙන් ගතවන අතර, භාර්යාවට දුවාදරුවන්ට, ප්‍රේමය ඇල්ම බැල්ම වැඩිවේ. අවිවාහක අයට මංගල යෝග උදාවන අතර පෙම් සබදතා තහවුරු වී වැඩිහිටියන්ගේ කැමැත්ත ලැබේ. අධ්‍යාපනය ලබන දරුවන්ටද ඉතාම හොදයි.
විශේෂයෙන්ම ප්‍රබල සෞඛ්‍ය අසනීපයක් නැති වුවත්, හිසේ අමාරු ගැන සැලකිලිමත් වන්න. සෙම් අමාරු සහ සතිය අගදී ජලයෙන් බෝවෙන ලෙඩ ගැන පරිස්සම් වන්න.

● ධනු
මධ්‍යස්ථඵලයි.
ආදායම ලැබෙනමුත් වියදමට වැඩි කොටසක් යයි. සමහරවිට අනවශ්‍ය වියදම්ද, ඔබගේ පරණ ණයවාරික ඇරියස්වීම නිසා ඇතිවන ආර්ථික අවහිරතාද හදිසියේම මතුවේ. විශේෂයෙන්ම ඔබ ලග ඇති ෆිනෑන්ස් කල වාහන නිසා සිතට කරදර ඇතිවෙයි. වැටුප් ප්‍රමාද වීම සිතට කරදර ඇතිකරයි.
ගෘහ ජිවිතය තුල ප්‍රීතිය ඇතිවේ. නමුත් ඉදහිට අඹුසැමියන් අතර රණ්ඩු සරුවල් ඇතිවේ. කායික සබදතා වලින් තරමක් ඈත්විමට සිත් පහල වේ.  සතිය අගදී දරුවෙකුගේ කටයුත්තකින් සිතට සතුට ඇතිවේ.
රෝගාබාධ ලෙස පාද වල වේදනා, පපුවේ සෙම් අමාරු ඇතිවිය හැක.

● මකර
ජයෙන් ජය ලැබෙන සතියකි.
අති විශිෂ්ඨ ග්‍රහ බලයක් ඇති මේ කාලයේ හදිසි ධනලාභ වලින්, මිතුරන්ගෙන් ධනය ලැබේ. ලොතරැයි දිනුම් ලැබීමට උරුමහරුමකම් ලැබීමට පවා වාසනාවන්තයි. එසේම සියලුම ව්‍යාපාරික අංශයේ භවතුන්ට සුභ සතියකි. ඔබ විදෙස් රටක සේවය කරන්නේ නම් වැටුප් වර්ධක සහ බෝනස් ලැබීමට පුලුවන.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවේ. සහෝදර සහෝදරියන්ගේ ආශ්‍රය සිතට සතුට ගෙනදෙයි. උසස් අය, ඉහල පෙලේ වීඅයිපී මිතුරන් සමග ආශ්‍රය ඇතිවේ. එසේම කම්සැප වුවමනා වේ. එම අවස්ථා ලැබේ. දරුවන් සමග මුළු පවුලත් සමග සංචාරය ඇතිවේ. එයද ශුභයි.
සෞඛ්‍ය අතින් ගත්කල, ප්‍රබල ගැටළු නැත. පපුවේ සෙම ගැන සැලකිලිමත් වන්න. එයද කුඩා දරුවන්ට පමණකි.

● කුම්භ
ශුභදායක සතියකි.
මේ සතිය තුල ඇති කරන වාසනාව, ආර්ථික දියුණුව අතිවිශිෂ්ඨය. එසේම ඔබට නව රැකියා අවස්ථා, අලුත් ආදායම් මාර්ග දියුණු වේ. විදේශ රැකියා වල නියුතු ඔබටත් සුභයි. එසේම අලුත් පදවි තානාන්තර ලැබේ. වෙන අපලයක් නැත.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගතවේ. ආර්ථික වාසි සහිත නිවසට අලුත් බඩුමුට්ටු ලැබේ. එසේම යම්කිසි හේතු නිසා, සිත ප්‍රීතියෙන් යුක්තව දරුවන් බිරිඳ ස්වාමියා සමග කාලය ගතකිරීමට පුලුවන්. සමහරවිට කුම්භ ලග්නයේ ආයතන ප්‍රධානින් අනියම් කම්සැපට නැඹුරුවීමේ ඉඩකඩක් පවති. පරිස්සම් වීම මැනවි.
සෞඛ්‍ය තත්වයේ ප්‍රබල ගැටළු නැත. සෙම් අමාරු සහ සෙම් ගෙඩි ඇතිවිය හැක.

● මීන
ඉතාම ශුභ සතියකි.
පෙර පිනට මෙන් යම් යම් ආර්ථික වාසි ඇතිවේ. එසේම මිතුරන් නිසා ආර්ථික වාසි සැලසේ. ව්‍යාපාරික ක්සෙත්‍රෙය් නියුතු ඔබ කාර්යබහුලයි. එයින්ද ආර්ථික වාසි ඇතිවේ. ණයතුරුස් නිමාවන කාලයකි. ආදායම ලැබේ. පිටපලාත් වල වෙලදාමේ නියුතු අයට සහ විදෙස් රැකියා වල නියුතු අයටද යහපත්ය.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවේ. දරුවන්ගේ දියුණුව ඇතිවේ. අඹුසැමි ප්‍රේමය ඇතිවේ. වන්දනා ගමන් ඇතිවිමට ඉඩ ඇත. ඔබගේ කාලයෙන් වැඩි කොටසක් පවුලේ අය සමග ගතකිරිමට පුලුවන් නම් ඔවුන් ඉතාම සතුටු වනු ඇත. වැඩිහිටි ඥාතින්ගේ පැමිණීම අපේක්ෂා කල හැක.
විශේෂ සෞඛ්‍ය ගැටළු නොමැති අතර, සෙම් රෝග පමණක් ඇත. සමහරවිට සෙම කරවීම නිසා හිසේ කැක්කුම් හටගනී. එයත් සතිය පුරාම පැවැත්වීමට ඉඩ ඇත. ප්‍රබල උපද්‍රව නොමැති බව කියමි.