Sunday, December 14, 2014

සතියේ ලග්න පලාපලය - දෙසැ. 15 සිට

●  මේෂ
මිශ්‍රඵල සතියකි.
ඔබගේ ආර්ථික තත්වය කෙරෙහි සතියේ මුල් කොටසේදි අයහපත් විදියට බලපානු ඇත. විශේෂයෙන් කරන කටයුතු වල යම්කිසි පසුබැස්මක් අැතිවිය හැක. නමුත් සතිය මැදදී මේ තත්වය පහව යයි. හවුල් ව්‍යාපාර වලට ශුභවන අතර, සතිය මැදදී හදිසි ධනලාභ වලට වාසනාව ඇත.
ගෘහ ජිවිතය ප්‍රීතියෙන් ගතවේ. ප්‍රේම සබදතා එසේම අලුත් නෑදෑ සබඳතා ඇතිවේ.
සෙම් රෝග, උදරාබාධ සෞඛ්‍ය ගැටළු වශයෙන් කිව හැක.

●  වෘෂභ
මිශ්‍රපල සතියකි.
විවේකය අඩු සතියකි. ආර්ථික තත්වය කෙරෙහි නරක විදියට බලපාන්නේ නැත. මෙම සතියේ මුල් කොටසෙදි හදිසි ධනලාභ, තමන්ට නිකන් මෙන් ලැබෙන ධනය ලැබීමට ඉඩ තිබේ. තමාගේ කරන කියන කටයුතු වලට යම්කිසි වාසනාවක් ඇතිවේ. සතිය මැදදී මෙම තත්වය ව්‍යාකූල වීමට ඉඩ ඇත.
ගෘහ ජිවිතය තරමක් අවිවේකීව ගතවේ. එසේම දරුවන්ට සහ ඉගෙන ගැනීමේ නියුතු අයට අධ්‍යාපනයට බාධා ඇතිවේ.
සෞඛ්‍ය තත්වය මානසික ආතතිය, ලෙඩ රෝග වැලදීමේ අවදානම ආදිය ගැන පරිස්සම් වන්න.

●  මිථුන
ඔබට හොඳ සතියකි. සුභයි.
යම් අාකාරයකින් දියුණු වීමට වාසි සැලසේ. පිට පලාත් වල වැඩ කරන අයට සහ ව්‍යාපාර කරන අයට සුභයි. ආර්ථික වාසි සැලසේ. තවද ඔබගේ දියුණුවට බලවත් යෝග යෙදේ. ව්‍යාපාරික කටයුතු කරන අයට හොදයි. ගෘහ ජිවිතය නරක නැති උනත්, අවිවේකී බව නිසා නිදහස අඩුවේ. නමුත් ඒ අතර මංගල යෝජනා ස්ථිර වේ. නව පෙම් සබදතා ඇතිවේ. යහපත් කාලයකි.
පපුවේ දැවිල්ල, ගෑස්ට්‍රයිටීස් ආදියෙන් පරිස්සම් වන්න.

● කටක
සුභදායක සතියකි.
විශේෂයෙන්ම රාහු සහ සදු වික්‍රමස්ථානයේ සිටින බැවින් හදිසි ධනලාභ, ලොතරැයි ආදියෙන් ඉපයීම, එමෙන්ම තමාගේ උත්සාහයට අනුව තමාගේ කටයුතු සාර්ථක වීම ආදිය ඉෂ්ඨ වේ. විදේශ රැකියා කරන අයට සුබයි.
ගෘහ ජිවිතය තුල සමහරවිට ඥාතින් සමග යම් ගැටළු ඇතිවිමට පුලුවන. එමෙන්ම සහෝදරයන් සමග ආරවුල් ඇතිවිය හැක. ප්‍රවේසම් විය යුතුයි. උරුමහරුමකම් ලැබීමට ඉඩ තිබේ.
සෞඛ්‍ය තත්වය අයහපත් නොවේ. වාසනාව සැලසේ. නිරෝගිව සිටිය හැක.

● සිංහ
ශුභඵල සතියකි.
නමුත් ආර්ථික වාසි සැලසෙන්නේ සතිය මැදයි. සතිය මුලදී ලැබෙන මුදල් වියදම් වේ. අය වැය පරතරයක් තිබේ. එසේම සතිය මැදදී මෙම තත්වයන් පහව ගොස් යහපත සිදුවේ.
ගෘහ ජිවිතය සාමාන්‍ය පරිදි ගතවේ. නිවසේ රැදි සිටිම අපහසු වන්නේ විවේකය අඩු බැවිනි. ඔබට වෙනත් ගැටළු නොමැත.
ගැටළුවක් නැත, සෞඛ්‍යයට අදාලව නිදන්ගත රෝග ඇති අය අදාල ප්‍රතිකර්ම කරගන්න.

● කන්‍යා
එතරම් ශුභ නැත.
දැඩි අවිවේකී සතියකි. ආර්ථික තත්වය එතරම් යහපත් නොවේ. ඔබට ලැබෙන්නට තියෙන මුදල් නොලැබී යාමේ ඉඩකඩක්ද ඇත. විශේෂයෙන්ම මානසික ඒකාග්‍රතාව දුර්වල වීම සහ නිසි සැලසුමක් නොතිබිමෙන් ආර්ථික පාඩු විය හැක, ඒ මේ සතිය තුලයි. නමුත් මේ තත්වය තේරුම් ගෙන කටයුතු කලොත් පාඩු අවම කරගෙන ශුභ පල ඇතිකරගත හැක.
ගෘහ ජිවිතය තුල අවිවේකි බව නිසා ගෙදර දොරේ වැඩකටයුතු මග හැරේ. ඔබට එය ගැටළුවක් විය හැක. ඔබට මේ තත්වය පාලනය කරගන්නට නම්, සිතා මතා කටයුතු කල යුතුය.
රෝග වශයෙන් ඔබ ප්‍රවේසම් විය යුත්තේ මානසික ආතතියෙනි.

●  තුලා
අශුභ සතියකි.
කරන කියන කටයුතු වල කඩා වැටීමත්, ආර්ථික අංශයෙන් දැවැන්ත විදියට හිර වීමත් මේ සතියෙදි පෙන්නුම් කරයි. තමා ණය වීම සහ තමා ගෙවිමට ඇති මුදල් ගෙවා ගැනීමට නොහැකිව මානසික ආතතිය ඇතිවිය හැක.
එසේම තමන්ට විවිධ වූ ගැටළු තත්ව මතුවිය හැක.
ගෘහ ජිවිතය එතරම් යහපත්ව ගත නොවේ. අඹුසැමියන් අතර යම් මතභේද ඇතිවිමට ඉඩ ඇත. එසේම ඒ අංශයෙන් ගැටළු තත්ව ඇතිවිමට ඉඩ ඇත. දෙදෙනාගේ සමගියට යම් හානි සිදුවිය හැක. නමුත් සතිය මැදදි මේ තත්වය යහපත් වනු ඇත.
සෞඛ්‍ය තත්වය නම්, ප්‍රෙව්සම් සමගතව කළමනාකරණය කරගත යුතුවේ. එය අත්‍යාවශ්‍යයි.

● වෘශ්චික
ශුභ පල සතියකි.
ආර්ථික තත්වය වැඩි දියුණු කරගැනීමට පුලුවන්. හදිසි ධනලාභ සහ දියුණුවට විශේෂිත උදව් උපකාර ලැබෙයි. එමෙන්ම දියුණුවට හොදයි. ගැටළුවක් නොමැත.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. ගැටළුවක් නොමැත. හොදින් කාලය ගත කරන්නට හැක. ප්‍රීති උත්සව වලට සහභාගි වීමට ඉඩ ලැබේ. ගැටළුකාරි තත්ව නොමැත.
සෞඛ්‍ය තත්වය, යහපත් වේ. නිදන්ගත රෝග ඇති අය ඒවා පාලනයට යොමු වන්න.

● ධනු
ශුභ සතියකි.
ආර්ථික තත්වය මේ සතියෙදි ශුභයි. කරන කියන කටයුතු වලට හොදයි. විදෙස් රැකියා කරන අයට, වෙලදාම් කරන අයටද හොදයි. තමාගේ දියුණුව සාක්ෂාත් වේ. එසේම බොහෝ දුරට තමාගේ කටයුතු දියුණු වේ.
ගෘහ ජිවිතය තුල අවිවේකි බව ඇතිවේ. දියුණුව සම්බන්ධව යම් යම් කරුණු කාරණා නිසා ගෘහ ජිවිතය තුල රැඳී සිටීමේ කාලය අඩුයි. වෙනත් ගැටළු නොමැත.
සෞඛ්‍ය තත්වය බොහෝදුරට හොදයි. පැවතුනු රෝගාබාධ වලින් යම් සුවයක් ලැබේ. නිදන්ගත රෝග ඇති අය අදාල ප්‍රතිකර්ම කරගන්න.

● මකර
ශුභ සතියකි.
ආර්ථිකය යහපත් වේ. ආනයන, අපනයන වෙලදාම්, සංචාරක ව්‍යාපාර වල නියුතු අයට, ශුභ පල ඇතිවේ. එසේම දියුණුව සැලසේ. ඔබට ප්‍රබල ගැටළු සහගත තත්වයන් නොමැත. අලුත් ආදායම් තත්ව ලැබේ.
ගෘහ ජිවිතය තුල ඔබට කාර්යබහුලකම නිසා පිට පලාත් වලට යාමට සිදුවේ.  ඔබට බොහෝ ප්‍රතිලාභ ලැබේ.
සෞඛ්‍ය තත්වය, විශේෂයෙන්ම කලබලවීම සහ අධික රුධිර පීඩනය ඇති අය ප්‍රවේසම් වන්න.

● කුම්භ
එතරම් ශුභ නැත.
සතිය මුලදීම ආර්ථික අවාසි සිදුවේ. එසේම සතුරු කුමන්ත්‍රණයක් නිසා ආදායම් තත්වයට, ආර්ථික තත්වය මරු පහරක් වැදීමට ඉඩ තිබේ. ඔබට එම තත්වය නිසා යම් ගැටළු සහගතව ආර්ථිකය හැසිරවීමට මෙ සතිය තුල සිදුවේ. නමුත් සතිය මැදදී එම තත්වයන් පහව යයි.
ගෘහ ජිවිතය ප්‍රීතිමත්ව ගත වේ. ඔබට යම් මානසික පීඩා නිසා අඹුසැමියන් අතර ආරවුල් ඇතිවිමට ඉඩ ඇත. බුද්ධියෙන් කටයුතු කරන්න.
ජලාශ්‍රිත බෝවන රෝග, උදරාබාධ ආදිය ඇතිවිමට හේතුයි. අවධානමත් වන්න.

● මීන
මධ්‍යස්ථ ඵල සහිත සතියකි.
සතිය මුලදී කරන කියන දේවල් වල ගැටළු සහගත තත්වයන් මතුවේ. එම තත්වය සතිය මැද වනතුරු පවතී. ආර්ථික වාසි අඩුයි. එසේම ආදායම් මාර්ග අවහිර වන ලක්ෂණ පෙනේ. ඔබට එම තත්වයන් ඇත. බුද්ධියෙන් කටයුතු කරන්න.
ගෘහ ජිවිතය අවිවේකි බව නිසා නිවස තුල රැදී සිටීම අඩුයි. පිට පලාත් වල අය සමග ගනුදෙනු ඇතිවේ. පිට පලාත් වල සංචාරයද සිදුවේ. විදේශ රැකියා වල නියුතු අයට මව් රටට ඒමට අවස්ථාව ලැබේ.
සෞඛ්‍ය තත්වය නම් ජලාශ්‍රිත රෝග, උදරාබාධ ආදිය ඇතිවිමට හේතුයි. පරිස්සම් වන්න.


*** සතියේ ලග්න පලාපලය සැකසීමේදී සඳු/චන්ද්‍ර - රාහු එකට සිටීම නිසා බොහෝ ලග්න වලට සමාන වූ පලාපල දක්නට ලැබේ. එම තත්වයන් සම්බන්ධව යම්කිසි දැනුවත් කිරීමක් පාඨකයන්ට මේ මගින් නිකුත් කෙරේ.



* භාව කේන්දරයේ සම්පූර්ණ පලාපල විස්තරය ලබාදෙන, Word Doc. සේවාව හෝ Skype/දුරකථන මාර්ග සේවාව 
* අපල ආදියට කල යුතු ශාන්ති කර්ම, යහපත් පැවැත්ම, අපල සමනයටත්, අදාල ග්‍රහයාගේ සුභ පල ලබාදීමටත් ලබාදෙන යන්ත්‍ර, ආරක්ෂණ යන්ත්‍ර, ජීවිතයේ ජයග්‍රහණ යහපත උදාකරණ සර්වජන වශී ධන සාධන ආකර්ෂණ යන්ත්‍ර, නාමකරණය * (පුද්ගල, ව්‍යාපාර) (නම් තැබීම).
* නිවසට පැමිණ වාස්තු විද්‍යා උපදේශනය,
* කාර්යාලයට පැමිණ සේවා ලබාගැනීම ඇතුළු
සියලූම ජෞතිෂ්‍ය කටයුතු සඳහා inbox කරන්න. 
0711 345 364












No comments:

Post a Comment